Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"රටේ සිස්ටම් එක හැමදාම හොරු රජ වීමයි මෙය වෙනස් කළ යුතුයි" | "අද මේ රටට දේශපාලන වෙනසක් අවශ්‍යයි. මේ තියෙන සිස්ටම් එකේ හොරු ටික තමා රජ වෙන්නේ. මොන පක්ෂය බලයට ආවත් හොරු ටික එකතු වෙලා ඇමැතිකම් ගන්නවා. අපි මෙම ක්‍රමය වෙනස් කරන්න උත්සහා ගන්නවා. නමුත් මෙම ක්‍රමය වෙනස් කරන්න සමහරුන්ට වේදිකාවක් නෑ. අපි ඒ වේදිකාව හදනවා. වසර ගණනාවක් අපි මේක දැකලා තමා දෙවන පරපුර ව්‍යාපාරය හැදුවේ. අපි දෙවන ... |
"නාවික හමුදා සෙබළාගේ මරණය සම්බන්ධයෙන් සැක ඉන්දීය ධීවරයන් නිදහස් කරන්න ලිපි භාර දේ" | "යාපනයේ ඩෙල්ෆ්ට් දූපත ආසන්නයේ මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයන්ගේ පහර කෑමකට ලක්ව මියගිය නාවික හමුදා සෙබළාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයන් දසදෙනාට සමාව ලබාදී ඔවුන්ව නිදහස්කොට දෙන ලෙස ධීවරයන්ගේ ඥාතීන් රාමේශ්වරන් දේශපානඥයන්ට ලිපි භාර දෙමින් (30 දා) ඉල්ලීම්කොට තිබේ. එම ලිපිවල සඳහන් කරුණු ගැන සලකා බලා ශ්... |
"මහින්දානන්දලාට එරෙහි දාම් – කැරම් බෝඩ් නඩුව:" | "2015 ජනාධිපතිවරණ සමයේදී පාසල් අතර බෙදාදීම සඳහා ලංකා සතොස හරහා ආනයනය කරන ලද රුපියල් කෝටි හයකට ආසන්න වටිනාකමක් ඇති දාම් හා කැරම් ක්‍රීඩා උපකරණ වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීමේ චෝදනා යටතේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට හා වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුව, විත්තියේ සාක්ෂි ... |
"මහින්දානන්දලාට එරෙහි දාම් – කැරම් බෝඩ් නඩුව:" | "2015 ජනාධිපතිවරණ සමයේදී පාසල් අතර බෙදාදීම සඳහා ලංකා සතොස හරහා ආනයනය කරන ලද රුපියල් කෝටි හයකට ආසන්න වටිනාකමක් ඇති දාම් හා කැරම් ක්‍රීඩා උපකරණ වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීමේ චෝදනා යටතේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට හා වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුව, විත්තියේ සාක්ෂි ... |
"වැල්පාලමෙන් ගොඩගියේ ලංකාව නොවේ ජනපතියි – ජී.එල්. පීරිස්" | "ජනාධිපතිවරයා පවසන ආකාරයට ලංකා මාතාව වැල්පාලමෙන් එගොඩ කළා යැයි පැවසීම මිථ්‍යාවක් බවත්, එම වැල්පාලමෙන් ගොඩගියේ ජනාධිපතිවරයා බවත් නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. රජය මොන පම්පෝරි ගැසුවත් ෂඵත් නියෝජිතයන් පවා ප්‍රකාශ කර ඇත්තේ ලංකා ආර්ථිකය තවමත් පිහිතුඩක පවතින බව යැයි ද, ක... |
"නාවුලදී එක්දරු පියා ඝාතනය: – පොලිසියේ දෙදෙනා ගැන නීතිපති ස්ථාවරය ඉදිරියේදී" | "සිය මව හා තවත් පුද්ගලයකු සමග තම සුනඛයාට ප්‍රතිකාර ලබාදීම සඳහා සිය රථයෙන් මාතලේ නගරයට යමින් සිටියදී ඇඳ සිටි ඇඳුම් සම්පූර්ණයෙන්ම ගලවා පරීක්ෂා කිරීමට විරෝධය දැක්වූ 28 හැවිරිදි එක්දරු පියකු වෙඩි තබා ඝාතනය කළේ යැයි චෝදනා එල්ලවී ඇති පොලිස් සැරයන්වරුන් දෙදෙනා සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය ඉදිරි නඩු දිනයේදී අධිකරණයට දැනුම... |
"දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ 88 වැනි සංවත්සරය 03දා" | "දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ 88 වැනි සංවත්සරය ලබන 03දා උත්කර්ෂවත් අයුරින් සැමරීමට කාර්ය මණ්ඩලය සැලසුම්කර තිබේ. වර්ෂ 1926 දී “ලංකා සත්ව උද්‍යාන සමාගම” නමින් ආරම්භ කළ දෙහිවල සත්ව උද්‍යානය 1936 ජූලි මස 03 දින රජයේ පාලනයට නතු විය. එතැන් සිට විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් පැවත ආ මෙම ආයතනය ලබන 03 වැනි දින සිය අභිමානවත් 88 ව... |
"මහනුවර පොත් දැක්ම ඇරැඹේ" | "ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරනු ලබන මහනුවර පොත් දැක්ම 2024 මහනුවර සිටි සෙන්ටර්හීදී ඊයේ (01දා) පෙරුවරුවේ දී ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකාවේ දැවැන්තම ප්‍රදර්ශනය වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පමණක් දෙවැනි වන මෙම පොත් ප්‍රදර්ශනය සඳහා දිවයිනේ ප්‍රධානතම පොත් ප්‍රකාශකයන් ඇතුළුව ප්‍රකාශකයන් පනහක පමණ පිරිසකග... |
"මාරක බෝතලයකින් කඳුළු සාගරයක් – 5ක් මරුට – බේරුණු අයටත් අසාධ්‍යයි" | "තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ධීවරයන් 6 දෙනකු රැගත් Devon – 05 නමැති යාත්‍රාවේ සිටි ධීවරයන් මුහුදේ පාවී ආ බෝතලයක ද්‍රාවණයක් විදෙස් මත්පැන් යැයි සිතා පානය කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයට පත් 05 දෙනකු ඊයේ සවස වන විිට මියගොස් තිබිණි. මුහුදේ පාවී ආ ලීටර් 05ක බෝතලය පානය කළ Devon – 05 යාත්‍රාවේ ස්කීපර්... |
"විජයදාසගේ ඉල්ලීම ගැන ඉදිරි පියවර සාකච්ඡාවට අධිකරණ සේවා සංගමය රැස්වෙයි" | "සිය සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පාර්ලිමේන්තු ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවන ලෙසට පසුගිය 25 වැනිදා අධිකරණ අමාත්‍යවරයා විසින් කථානායකවරයාගෙන් ලිඛිතව කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට කැඳවා තිබූ ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ මහ සභා රැස්වීමක් ඊයේ (30දා) පෙරවරුවේ කො... |
"බස් ගාස්තු බස්සයි: අවම ගාස්තුව 28යි" | "ඊයේ (30දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව අඩු කළ බව පෞද්ගලික බස් සංගම් නියෝජිතයෝ “දිවයින” ට පැවසූහ. ඒ අනුව රුපියල් 30ක් වන අවම බස් ගාස්තුව රුපියල් 28ක් වන බවත්, එසේම අනෙකුත් ගමන් වාර සඳහා අදාළ බස් ගාස්තු ද අඩුවන බවත් සමස්ත ලංකා අන්තර් බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා “දිවයින” ට පැවැසීය. හෙතෙම මෙසේද ... |
"පොහොට්ටුවේ කංචනගේ මාතර රැලියට ජනපති එක්වෙයි" | "විදුලිබල හා බලශක්ති ඇමැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කංචන විජේසේකර මහතාගේ මෙහෙයවීමෙන් ඊයේ (30දා) මාතර කොටුව ක්‍රීඩාංගණයේ, ‘එක්ව ජයගමු අපි’ තේමාවෙන් පැවැති ජන රැලියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණි අවස්ථාව හා ඊට එක්වූ විශාල ජනකායෙන් කොටසක්. ප්‍රසන්න රණතුංග, අලි සබි්‍ර, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, කනක හේරත්, මහින්දාන... |
"වැඩ බලන නීතිපති අද දිවුරුම් දෙයි" | "පුරප්පාඩුව පවතින නීතිපති ධුරයේ වැඩබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් කේ. ඒ. පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතා අද (01දා) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතය. රජයේ නීතිඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව වසර 30කට ආසන්න කාලයක් එම දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු දර... |
"ජාතික ජන බලවේගයේ සැලැස්ම සම්පත් ගොඩනැගීමයි" | "රනිල් වික්‍රමසිංහගේ සැලැස්ම තිබෙන්නේ සම්පත් විකිණිම බවත් ජාතික ජන බලවේගයේ සැලැස්ම තිබෙන්නේ සම්පත් විද්‍යාත්මකව පර්යේෂණ කර ගොඩනගා අපේ ආර්ථිකය දියුණු කිරීම බවත් එනිසා අපේ රටේ සම්පත් ඉතා හොඳින් උපයෝජනය කරමින් නව කර්මාන්ත බිහිකිරීම සඳහා නව ගමනකට අපේ රට පරිවර්තනය කරන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය. අ... |
"පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ – ජනපතිගෙන් ගැසට්ටුවක්" | "පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එසේම, මෙම ගැසට් නිවේදනය මගින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින්, සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන මෙකී සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑ... |
"ඉන්දීය විදේශ අමාත්‍යාංශයට රජය කනස්සල්ල පළ කරයි – නාවික හමුදා නිලධාරියාගේ මරණය:" | "නීති විරෝධීව මසුන් මැරීමේ කටයුතුවල යෙදී සිටි ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණයේ නිලධාරියකු මියයෑම ගැන ශ්‍රී ලංකා රජය ඉන්දීය විදේශ අමාත්‍යාංශය හමුවේ සිය කනස්සල්ල පළ කර ඇත. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍ෂෙණුකා සෙනෙවිරත්න මහත්මිය, ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිෂන්කර් මහතා හ... |
"යුද පිටියේ වුවත් දේශපාලනයේ වුවත් සරත් ෆොන්සේකා සටන අතහරින්නේ නැහැ" | "තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 28දා පස්වරුවේ කොළඹ ... |
"රටේ සම්පත් කුණු කොල්ලයට අලෙවි කිරීම සජබ රජයකින් අවලංගු කරනවා" | "රටේ දේපල රටේ සම්පත් කුණු කොල්ලයට තරගකාරී ක්‍රමයක් නොමැතිව අලෙවි කරන බවත් බියර් පර්මිට් බාර් පර්මිට් ලබාදෙන බවත් මෙවර ජනාධිපතිවරණ ජයෙන් පසුව සමගි ජන බලවේගය මේ සියලු අනීතික ක්‍රියා අවලංගු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගිය 28දා රත්නපුරයේ පැව... |
"පාසල් දස දහසක් ඉදිරිපිට අද කළු කොඩි – ස්ටාලින් කියයි" | "ගුරු – විදුහල්පතිවරුන්ට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරමින් කළ ප්‍රහාරය, ආණ්ඩුව ගෙනයන මර්දන ක්‍රියාපිළිවෙත හා දෙමාපියන්ට බර පටවමින් ආණ්ඩුව කරන හිරිහැර හා ගුරු-විදුහල්පති ගැටලු නොවිසඳීම යන කාරණාවලට විරෝධය පා අද (01දා) දිවයිනේ පාසල් දසදහසකට අධික ප්‍රමාණයක් ඉදිරිපිට කළු කොඩි ප්‍රදර්ශනය කරන බව ලංකා ගුරු සංගමයේ ප්... |
"ජනපතිවරණය කල් දමයිදැයි ජනතාවට සැකයි- ජී. එල්. පීරිස්" | "ජනාධිපතිවරණය සැප්තැම්බර් 16ත් ඔක්තෝබර් 16ත් අතර අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවත්, එසේ වුවත් ජනමත විචාරණයකින් හා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ සම්මතයකින් ජනාධිපතිවරණය කල් දමයිදැයි ජනතාව තුළ සාධාරණ සැකයක් පවතින බව නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය. නිසි කාලයට මැතිවරණ පැවැත... |
"අයාලේ යන පළාත් පාලන ආයතනවලට – දකුණේ ආණ්ඩුකාර ලිපියෙන් ගෝලබාලයන් පත් කරන සූදුවක්- සජිත් ප්‍රේමදාස" | "අද වන විට රටේ රුපියල් හා ඩොලර් හිඟයක් ඇති තත්ත්වයක මෙරට සියලු දෙනා දේශපාලනීකරණයෙන් තොරව කටයුතු කළ යුතු වුවත් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අනීතික දේශපාලන පත්වීම් දෙමින් යන බවත් මැතිවරණ නොපවත්වා අයාලේ යන පළාත් පාලන ආයතනවලට ආණ්ඩුකාරවරුන්ගේ ලිපියෙන් ගෝල බාලයන් පත් කරන සූදුවක් දකුණු පළාතේ ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායක සජිත් ... |
"අපි බිලියන 18 ක් සොරකම් කළා කියපු අය දැන් කියනවා ප්‍රතිව්‍යහගත කිරීමට තිබෙන්නේ බිලියන 10යි කියලා" | "රාජපක්ෂලා බිලියන 18 ක් සොරකම් කර ඇති බව ප්‍රකාශ කළ පුද්ගලයන්ම දැන් ප්‍රතිව්‍යහගත කිරීමට ඇත්තේ බිලියන 10 ක ණය පමණක් බව ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. මන්ත්‍රීවරයා ඒ පිළිබදව සදහන් කළේ පසුගිය29දා අගලවත්ත නගරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගල... |
"පක්ෂ පාට භේදවලින් තොර වේදිකාවක් ශ්‍රීලනිප නව සන්ධානය තුළ හැදිලා – ශ්‍රීලනිප වැ.බ.සභාපති නිමල් සිරිපාල සිල්වා" | "පක්ෂ පාට භේදවලින් තොර වේදිකාවක් අද ශ්‍රීලනිපය ප්‍රමුඛ නව සන්ධානයකට හදන්න පුළුවන් වී තිබෙනවා. එකමුතුභාවය පිළිබඳව නව අදහසක් අද ඉදිරිපත් කර තිබෙනවා’ යයි ශ්‍රීලනිප වැඩබලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නව සන්ධාන පාර්ශවය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන ජන රැලි මාලාවේ දෙවන ජන රැලිය පෙරේදා (29දා) ම... |
"NSBM හරිත සරසවියට ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී රන් සම්මාන…" | "පාරිසරික තිරසරභාවය උදෙසා විශාල මෙහෙවරක යෙදෙන මෙරට විශ්වවිද්‍යාලයක් වන NSBM හරිත සරසවිය 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී “පරිසරයට දායක වන හොඳම රාජ්‍ය ආයතනය” ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීය. NSBM හරිත සරසවියේ පරිසර සංරක්ෂණය සහ තිරසරත්වය සඳහා වන සුවිශේෂී කැපවීම අගයමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් මෙම සම්ම... |
""සජිත්ගේ ‘සැමට සෙවණ’ අතරමඟ නතර වුණු නිවාස 45,117ක වැඩ නිම කිරීමට කැබිනට් අනුමැතිය"" | "විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2015-1019 වකවානුවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ‘සැමට සෙවණ’ නිවාස වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් වැඩ ආරම්භ කර අතරමඟ නවතා දමා තිබූ නිවාස 45,117ක වැඩ අවසන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එවක ව්‍යාපෘති 07ක් යටතේ නිවාස ඉදිකිරීම් ආර... |
"විජයදාසගේ උසාවි කතාවට අධිකරණ සේවා කොමිසමෙන් කථානායකට පිළිතුරු ලිපියක්" | "අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා විසින් අධිකරණ පද්ධතිය පිළිබඳව පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය මගින් එල්ල කළ චෝදනාවන්ට අධිකරණ සේවා කොමිෂන් සභාව ස්වකීය නිරීක්ෂණ සටහන් ඇතුළත් කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පිළිතුරු ලිපියක් යොමු කර තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය... |
"රට කඩා වැටුණු මොහොතේ පැන ගිය විපක්ෂය රට යළි කඩා වැටෙන තුරු බලා සිටිනවා" | "රට කඩා වැටුණු මොහොතේ දුවන සපත්තු සොයා පැන ගිය විපක්ෂය රට වෙනුවෙන් අභියෝග භාරගෙන කටයුතු කරන එකම පුද්ගලයාගේද කකුලෙන් අදිමින් රට යළි කඩා වැටෙන තුරු බලා සිටින බවත්, රට බංකොළොත්භාවයෙන් නිදහස් වන සුභාරංචියක් එන බව පවසන විට එම පාර්ශ්ව වැඩවර්ජන, උද්ඝෝෂණ ආරම්භ කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පසුගිය... |
"පොහොට්ටුවෙන් ජනපතිට වංගුවක්" | "සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එකතු වෙනවා යැයි කියූ විසිපස්දෙනා ජූලි මස 15 වැනිදාට ප්‍රථම එසේ ආණ්ඩුවට එක්කර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත සිහිකැඳවීමක් සිදු කර ඇත. එබැවින් සමගි ජන බලවේගයෙන් පැමිණෙනවා යැයි කියූ පිරිස කඩිනමින් එක කර ගන්න ලෙස මෙලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරය... |
"මගේ දුවේ…" | "දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව බරපතළ වැඩ සහිතව වසර තුනක සිරදඬුවමක් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්‍ද්‍ර මහත්මිය බන්ධනාගාරය වෙත රැගෙන ගිය අයුරු සහ ඇගේ මව සුමනා ප්‍රේමචන්‍ද්‍ර මහත්මිය අදහාගත නොහැකි වේදනාවෙන් ඒ දෙස බලා සිටි අයුරු. ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත" |
"පාර්ලිමේන්තු වර්ජනයකට විපක්‍ෂය සැරසෙයි" | "ඇති කර ගනු ලැබූ ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා පිළිබඳව ජූලි 02 සහ 03 යන දිනවලදී පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය විපක්ෂය වර්ජනය කළ යුතු බවට යෝජනා ඉදිරිපත්ව ඇතැයි විපක්ෂයේ ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ජනතාවට සහන නොදෙන ගිවිසුමක් පිළිබඳ කතා කිරීම විහිළුවක් බැවින් එදින පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් ... |
"ඡන්දයේ මුද්‍රණ වියදම් ඇස්තමේන්තු කෙරේ" | "ඉදිරි මැතිවරණය සඳහා මුද්‍රණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් ඇස්තමේන්තු කිරීම සඳහා මූලික වැඩකටයුතු ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසුවාය. එක් මැතිවරණයක් සඳහා නොව මැතිවරණ කීපයකට හෝ අවශ්‍ය මුද්‍රණ කටයුතු සඳහා රජයේ මුද්‍රණාලය සූදානමින් සිටින බවද ඇය කීවාය. මැතිවරණ... |
"පොහොට්ටුවේ 10ක් සජබට" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් 10 දෙනකු ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එක්වන බව සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර එම මන්ත්‍රීවරුන් කඩින් කඩ සජබය සමග එක්වන බවත් එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සන්... |
"අගවිනිසුරු පුතෙක් වැඩ බලන නීතිපති" | "හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා පසුගිය 26 වැනිදා විශ්‍රාම යෑමෙන් අනතුරුව පුරා දින තුනක් තිස්සේ පුරප්පාඩුව පැවැති නීතිපති ධුරයේ වැඩබැලීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු වන පාරින්ද රණසිංහ මහතා (කනිෂ්ඨ) පසුගිය 28 වැනිදා පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත... |
"සෞඛ්‍යයට අවදානමක්" | "සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන කටයුතුවල පවතින ප්‍රමාදයන් හේතුවෙන් වෛද්‍ය සේවාවන් සැපයීම බිඳ වැටීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරති. තීරණ ගැනීමේ ප්‍රමාදය, සුදුසුකම් සහිත නිලධාරීන්ට අදාළ වගකීම් භාර නොදීම සහ එකම නිලධාරියා තනතුරු කීපයක් දැරීම ඇතුළු ගැටලු රැසක් නිර්මාණය වීමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි සෞඛ්... |
"ඊ-ග්‍රාම නිලධාරියේ කෝටි 146ක් ඉතිරි වෙලා" | "ඊ-ග්‍රාම නිලධාරි ව්‍යාපෘතිය සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් රුපියල් එකසිය හතලිස් හය කෝටි විසිහයලක්ෂ පන්දහස් එකසියදොළහක (1,462,605,112) මුදලක් ඉකුත් වර්ෂය (2023) වන විට ඉතිරිව පවතින බව අනාවරණය වී ඇත. මෙකී ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි එකසිය පනහක මුදලක් (1,500,000,000,) වෙන් කර තිබුණි. මෙකී ව්‍යාපෘතිය සැලසු... |
"විදෙස් ණය ගැනීම් නොකළොත් ගොඩලු" | "ශ්‍රී ලංකාවේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක කර ගැනීමට නම් ඉදිරියේ දී විදේශයන්ගෙන් ණය ගැනීම නවතා දැමිය යුතුව ඇති බැව් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි. විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ණය ගෙවීම සඳහා රජයට 2028 වසර වන තෙක් සහන කාලයක් ලැබී ඇති... |
"දේශගුණික විපර්යාස හමුවේ රටට සිදුවන බලපෑම් පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින්…" | "දේශගුණික විපර්යාස හමුවේ රටට සිදුවන අහිතකර බලපෑම් සම්බන්ධ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දේශගුණික විපර්යාස කාර්යාලයේදී පසුගිය දා පැවැත්විණි. බොහෝ කාලයක් පුරා පරිසරයේ ආරක්ෂාව පිළිබඳව විවිධ පැතිකඩ ඔස්සේ කතා... |
"පාසල් ළඟ කළු බැනර්" | "කොළඹදී පැවැත්වූ ගුරු – විදුහල්පති විරෝධතාවයට පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයට, එරෙහිව හෙට (සඳුදා) සියලු පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. එසේම එම පොලිස් ප්‍රහාරයට එරෙහිව ජුලි 02 වැනිදා (අඟහරුවාදා) පස්වරු 2.00... |
"මිලියන 600ක බෙහෙත් අත ඇරලාම දාලා" | "රුපියල් මිලියන 600ක් ඉක්මවූ වටිනාකමක් ඇති ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ තොගයක් වෛද්‍ය සැපයුම් ඒකකයේ ගබඩා තුළ භාවිතයට නොගෙන ගොඩ ගසා ඇතැයි ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ වාර්තා වෙයි. පසුගිය සමයේදී මෙරටට ගෙන්වන ලද මෙම ඖෂධ බහාලුම් අංගණය තුළ දැඩි අව් රශ්මිය යටතේ අනාරක්ෂිතව පැවැතීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව කරන ලද හෙළිදරව් අනුව එම ප්‍රති... |
"අලුත්ම ඡන්ද ලක්ෂ 10ක්" | "ඉකුත් ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අලුතෙන් ඡන්ද දායකයන් දස ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් එක්වනු ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි. 2019 ජනාධිපතිවරණයේදී ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයකි. 2023 ඡන්ද නාමලේඛණයේ ඡන්ද දායක සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ ල... |
"අනුන්ගේ යුද්ධයට අපේ 476ක් එහේ" | "රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධයේ ඉදිරි ආරක්ෂක කලාපයේ සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිට රුසියාවට ගිය පිරිස 476ක් වන බවට තැනැත්තන් වෙළෙඳාම් ජාවාරම් සහ සමුද්‍ර අපරාධ පිළිබඳව විමර්ශන ඒකකයට නිල වශයෙන් තොරතුරු ලැබී තිබේ. මෙම පිරිස අතර හිටපු හමුදා භටයන් වැඩි ප්‍රමාණයක් සිටින බව දැනගැනීමට ලැබී ඇතැයි එම විමර්ශන ඒකකයේ ප්‍රක... |
"රජයේ ඉඩම් හොයන්න ගිය කෝටි 19ක් බොල් වෙලා" | "ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් රජයේ ඉඩම් කළමනාකරණ පද්ධතිය (E-slim) සඳහා ඉකුත් වසර දහයක කාලයේ දී රුපියල් දහනම කෝටි තිස්ලක්ෂ අසූහය දහස් පන්සිය විස්සක මුදලක් (193,086,520) වැයකොට ඇතත් පළාත්, දිස්ත්‍රික්ක හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සමස්ත රජයේ ඉඩම් ප්‍රමාණය හා ඉන් බැහැර කර ඇති හෝ නොමැති ප්‍රමාණය නිශ්... |
"බිත්තර නිපැයුම පහළට" | "මෙරට බිත්තර නිෂ්පාදනය ඉකුත් වසරේ දී (2023) බිත්තර මිලියන 1,604 දක්වා සියයට 13.2කින් අඩු වී ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ. 2022 වර්ෂයේ දී මෙරට බිත්තර නිෂ්පාදනය මිලියන 1,849කි. 2022 වර්ෂයට සාපේක්ෂ 2023 වර්ෂයේ දී බිත්තර නිෂ්පාදනය මිලියන 245කින් අඩු වී ... |
"කොමිස් අස්සෙන් විදුලි ටෙන්ඩර්" | "අඩු මුදලට ලබාගත හැකි විදුලිය රුපියල් බිලියන ගණනක කොමිස් ලබාගනිමින් වැඩි මුදලට සමාගම් වෙතින් මිලදී ගෙන එම බරපැන ජනතාව පිටපැටවීමේ මහා පරිමාණ මගඩියකට නව විදුලි පනත හරහා පිඹුරුපත් සැකසී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති චෝදනා කරයි. ලොව බොහෝ රටවල සහ අසල්වැසි ඉන්දියාවේ ද විදුලි ඒකකයක විකුණුම් මිල ඩොලර් ශත 04ට අඩු බව ප... |
"ඖෂධ නියාමන ලොක්කන් ගැන අල්ලස් පැමිණිලි" | "බාල ඖෂධ වංචාවලට සම්බන්ධ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ විජිත් ගුණසේකර මහතා සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජනය කළ මහාචාර්ය එස්. ඩී. ජයරත්න, නීතිඥ මනොජ් ගමගේ ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ගේ වත්කම් සම්බන්ධව පුළුල් විමර්ශනයක් කොට තමන් විසින් ලබා දෙන තොරතුරු මත පදනම්ව ඔවුන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල... |
"ඩිෆෙන්ඩරයෙන් තරුණයකු පැහැරගැනීමේ සිද්ධිය: හිරුණිකා හිරේ" | "මෙයට වසර නමයකට පමණ පෙර එනම් 2015.12.21 වැනිදා දෙමටගොඩදී තරුණයකු පැහැරගෙන යෑම සඳහා අයුතු ජනරාශියක නිරත වූ සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 18කට වැරදිකාරිය කරනු ලැබූ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (28දා) ... |
"ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානය" | "2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (28 දා) පැවැත්විණි. පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් සිදු කළ කර්මාන්ත, ව්‍යාපාර ආයතන හා පුද්ගලයන් අගයමින් රාජ්‍ය ගෞරව ලබාදීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජනාධිපති පරිසර සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර කර්මාන්ත, ... |
"ගුරුවරුන්ට තර්ජන නොකර ප්‍රශ්නය විසඳන්න – සජබ මහ ලේකම්" | "ගුරු විදුහල්පති විරෝධතාවට විසඳුම ලෙස මර්දනය භාවිතා කිරීම හා තර්ජනාත්මක ප්‍රකාශ සිදු කිරීමෙන් තොරව ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුව වහා ක්‍රියා කළ යුතු බව සමගි ජනබලවේගය මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ නිකුත් කළ නිවේදනයකින් ඉල්ලීමක් කර සිටියේය. රට බංකොළොත් බවින් මිදුනා යැයි බිලියන ගණන් වැය කරන ප්‍රචා... |
"කොළඹ අද ජලය කැපෙන හැටි" | "කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (29දා) පෙරවරු 9.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 15ක කාල සීමාවකට ජල සැපැයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත, මුල්ලේරියාව, ප්‍රාදේශ... |
"බස් ගාස්තු 5%කින් අඩුවෙයි! අවම ගාස්තුව රු.28ලු – ගැමුණුගෙන් හෙළිදරව්වක්" | "බස් ගාස්තු සියයට 5කින් ජූලි 01වැනිදා සිට පහත දමන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට පැවැසීය. අවම බස් ගාස්තුව වන රුපියල් 30ක ගාස්තුව රුපියල් 2කින් පහළ යන බවත් ඒ අනුව එහි නව ගාස්තුව රුපියල් 28ක් වන බවත් ඔහු කීවේය. වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව බස් සංගම් සහ අමාත්‍ය බන්දුල ගුණව... |
"ආර්ථිකය ගොඩනඟමින් රට ඉදිරියට ගෙනයා හැකි එකම නායකයා රනිල් – අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමි" | "ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනඟමින් රට ඉදිරියට ගෙන යෑමට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත්, එතුමාගේ වැඩපිළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ... |
"ජනපති මහානායක පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දකියි" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (27 දා) බලංගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙණ වෙත පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ රාස්සගල පර්ශ්වයේ මහානායක පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. ශ්‍රී ලංකාව මේ වන විට අත්කරගෙන සිටින ආර... |
"ණය ගිවිසුම් විවාදය 2-3 දිනවල" | "විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ විවාදය ජූලි 2 සහ 3 දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28 දා... |
"හෙලිකොප්ටරය ගෙනයෑමට ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන යානයක් එයි" | "මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීවල නිරත වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා ඔවුන් සතු ‘එම්.අයි. – 17’ වර්ගයේ හෙලිකොප්ටර් යානයක් රැගෙන යෑම සඳහා, ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන ‘ඇන්ටනෝව් – 124’ (Antonov – 124) ගුවන් යානයක් ඊයේ (28 දා) පස්වරු 02.45 ට කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත ගොඩබෑවේය. ශ්‍රී ලං... |
"කථානායක විදුලිබල පනත් කෙටුම්පතට අත්සන් තබයි" | "ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (27 දා) පාර්ලිමේන්තුවේ දී සිය අත්සන යොදා සහතික කළ අයුරු. පනත් කෙටුම්පත පසුගිය 06 වැනිදා වැඩි ඡන්ද 44කින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය." |
"මගෙන් රටට සභාපති සංජය මහවත්ත 5දා තෙක් රිමාන්ඩ්" | "නීතිය ක්‍රියාත්මක කරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මහජන අප්‍රසාදයක් ඇති වන පරිදි හා වෛරයක් ඇති වන පරිදි අසත්‍ය චෝදනා එල්ල කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා ලබන 5වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා... |
"මානව සම්පත දියුණු කරන්නේ නැතිව අපේ රටට අනාගතයක් නැහැ – ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක" | "ගුරු වෘත්තිය රටේ ප්‍රධාන වෘත්තීය දහයෙන් එකක් බවට පත්කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය පසුගියදා පැවතිමඩකලපුව දිස්ත්‍රික් ගුරු සමුළුව අමතමින් වැඩි දුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය අපේ ගුරුවරුන්ට තෘප්තිමත්භාවයක් නැහැ. ඔවුන්ට ලැබෙන වැටුප, අනෙකුත් පහසුකම කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඔබ මාස කිහිපය... |
"අයිඑම්එෆ් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැටලු සහගතයි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "අයිඑම්එෆ් වැඩසටහන හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් ගැන කරුණු කිහිපයක් හෙළිදරව් වූ බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමය තුළ රටට සෙතක් සැලසෙනවා නම් එයට සහයෝගය දෙන නමුත් පෙරේදා (27 දා) හෙළිදරව් වූ කරුණු කාරණා ගැන ගැටලු සහගත තත්ත්වයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 2028 වන තුරු ණය ගෙවීමේ විරාමය... |
"ජීප් රියෙන් හප්පා මරන්න හැදුවාට ගණකාධිකාරි අවුරුදු 6ක් හිරේට" | "පුද්ගලයකු සිය ජීප් රථයේ හප්පා මරණයට පත් කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ ගණකාධිකාරිවරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (28දා) බරපතළ වැඩ සහිත වසර හයක සිරදඬුවම් නියම කළේය. එයට අමතරව අගතියට පත් පාර්ශ්වයට රුපියල් එක් ලක්‍ෂ පනස්දහසක වන්දියක් ගෙවන ලෙසටද නියම කළ විනිසුරුවරයා රුපියල් 25,000ක දඩයක්... |
"රනිල් යළි ජනපති කරවන්න උ/නැ ජනයා පෙළගස්වනවා – කරුණා අම්මාන්" | "රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් උතුරු-නැගෙනහිර ජනතාව පෙළගස්වන බවත්, ඔහු වෙනුවෙන් තම සහාය නිරන්තරයෙන්ම ලබාදෙමින් දිරිගන්වන බවත් හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් “දිවයින”ට පැවැසීය. දැනටමත් තමන් උතුරු-නැගෙනහිර ජනතාව දැනුවත් කරමින් සිටින බවත්, පානදුර ප්‍රදේශයේ... |
"පොහොට්ටුවෙන් ජනපතිවරණයට එන්නේ රටේ සම්පත් විකුණන්නේ නැති අපේකම හඳුනන නායකයෙක් – පොහොට්ටුවේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්" | "මේ රටේ සම්පත් විකුණන්නේ නැති, රට බෙදන්නේ නැති, අපේකම හඳුනන, රටට ආදරය කරන නායකයෙක් ඊළඟ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත්කරන බව එම පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා (27 දා) පොලොන්නරුවේදී පැවැසීය. අපේ පක්‍ෂය ජනාධිපතිවරු බිහිකරන්නේ එක එක්කෙනාට ඇමතිකම් ගන්න, තනතුරු, තාන්න මාන්න, වරදාන, වරප්... |
"දවසකට රෝගීහු 120ක්: ඩෙංගු වැඩිවීමක්" | "පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව ගතවූ සතියක කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 870 දෙනකු වාර්තා වී ඇති බවත්, දිනකට රෝගීන් 120 දෙනකු පමණ වාර්තා වන බවත් එම ඒකකය කියයි. වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වනුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව ද එම ඒකකය කියයි. මේ අ... |
"අදත් වැසි" | "බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28දා) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි. ප... |
"වෙඩිතලතිව් රක්‍ෂිතයේ කොටසක් වෙන් කර දුන් පවිත්‍රාගේ ගැසැට්ටුවට තහනමක්" | "විල්පත්තුව රක්‍ෂිතය ආශ්‍රිතව පිහිටි වෙඩිතලතිව් රක්‍ෂිත කලාපයේ කොටසක් ඉස්සන් වගාව සඳහා වෙන්කර දෙමින් වනජීවී ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිකුත් කර තිබූ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. පරිසර ආරක්‍ෂණ පදනම් ආයතනය ඇතුළු පරිසර ආරක්‍ෂණ සංවිධාන ද... |
"ජනපති පාලනය හෝ ව්‍යවස්ථාව අත්හිටුවීම අරමුණ නොවේ – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි" | "ජනාධිපතිවරයා පාලනය කිරීම හෝ ව්‍යවස්ථාව අත්හිටුවීම ශ්‍රේෂ්ඨාධිකරණයේ අරමුණ නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න, ඒ.එච්.එම්.ඩී නවාස් යන විනිසුරුවරු ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසූහ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබා දී ඇති පෙත්සමට මැදිහත් වී... |
""අලුත් පනතට විරෝධය: දේශීය ආදායම්, රේගු, සුරාබදු දෙදින වර්ජනයකට!"" | "දේශීය ආදායම්, ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කර පිහිටුවීමට යන ශ්‍රී ලංකා ආදායම් අධිකාරි පනතට විරෝධය පළ කරමින් ලබන ජූලි 04 සහ 05 දින වැඩවර්ජනයක නිරත වීමට රේගු, දේශීය ආදායම් සහ සුරාබදු වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත. ආදායම් ඉලක්ක සපුරා ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ මෙම දෙපාර්තමේන්තු ත්... |
"ජනපති මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකියි" | "මහනුවරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. එහිදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික සහ මූල්‍ය ප්‍රගතිය පිළ... |
"පාසල් දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වන්නේනම් ගුරු හා විදුහල්පති සේවය අත්‍යවශ්‍ය සේවයක් කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු බවත්, ඉදිරියේදී යම් හෙයකින් එය සිදු නොවන්නේ නම් සහ පාසල් දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වන්නේ නම් ගුරු හා විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපත... |
"අයිඑම්එෆ්-ජනපති අත්සන් කළ ගිවිසුම සමග සජබ කටයුතු කරන්න සූදානම් නෑ – ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ)" | "ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අත්‍යාවශ්‍ය බව රජයට මුල සිටම සමගි ජනබලවේගය පෙන්වා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (27 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. ආර්ථික අර්බුදයට විසඳුම්... |
"ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න අපිට ශක්තිය තියෙනවා – ශ්‍රීලපොපෙ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ" | "රටේ මැතිවරණ සිතියම අකුලන්න කිසිවෙකුට අපි ඉඩ දෙන්නේ නෑ. ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්නත් ජයග්‍රහණය කරන්නත් අපිට ශක්තිය තියෙනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පෙරේදා (26 දා) මැදවච්චියේදී පැවසීය. ඉදිරිදියේදි පැවැත්වෙන මැතිවරණ ඉලක්කර ගනිමින් ශ්‍රී ලංකා පොදු පෙරමුණ රට පුරා ආසන මට... |
"අජිත් නිවාඩ් කබ්රාල් සහ ලලිත් වීරතුංගට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් ලබාදුන් නියෝගයට එරෙහිව තිනියාවල පාලිත හිමියන් කළ පැමිණිල්ල දෙවැනි වරටත් ඉවතට" | "හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ට එරෙහිව තමන් ගොනු කළ පෞද්ගලික පැමිණිල්ල නිෂ්ප්‍රභ කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා තීනියාවල පාලිත හිමියන් ගොනුකර තිබූ ප්‍රතිශෝධන අයැදුම්පත කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහත... |
"සුරාබදු බිලියන 6ක් අයකර ගන්න වසර 15ක සිට නඩු" | "සුරාබදු දෙපාර්තමේන්තුවට මත්පැන් නිෂ්පාදකයන්ගෙන් 2023 දී අයවිය යුතු හිඟ බදු රුපියල් බිලියන හතයි දශම දෙකෙන් (7.2) බිලියන 06ක් පමණ අයකර ගැනීමට වසර 15ක පමණ කාලයක සිට නඩු කියන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසයි. එසේ අයවිය යුතු මුදල්වලින් 2024 වර්ෂයේ මත්පැන් නිෂ්පාදකයන් යම් මුදල් ප්‍රමාණයක් ගෙවීම නිසා ගෙ... |
"සිඟාකෑම නීතියෙන් තහනම්" | "සිඟාකෑම නීතියෙන් තහනම් බැවින් යාචක සංගම් බිහිකිරීමට කිසිසේත් ඉඩක් නොමැති බව නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුභසිංහ මහතා පවසයි. 1941 අංක හතර පාදඩ ආඥා පනතේ තුන හතර වගන්ති මත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 288 වගන්තිය යටතේ සිඟා කෑම තහනම් ක්‍රියාවක් බවත් මහමග සිට සිරුරේ විකෘතිතා හෝ තුවාල පෙන්වමින් සිඟා කෑම පුණ්‍ය කටයුතුවලට හෝ රෝගී තත්... |
"විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ගාල්ල බස් නැවතුම ළඟ විරෝධතාවක" | "විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඊයේ දහවල් ගාල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට පවත්වන ලදී. මෙම උද්ඝෝෂණයට රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨ අටේම සියලුම අනධ්‍යයන කාර්යමණ්ඩල සේවක පිරිස සහභාගි වී සිටියහ. උද්ඝෝෂකයන් කියා සිටියේ අධ්‍යයන දීමනාවට සාපේක්‍ෂව ගෙවන තමන්ගේ මාසික හිලව් දීමනාව සියයට විසි... |
"හංසමාලිගේ කුරියර් වැඩ කළ 4කගෙන් සීඅයිඩීය ප්‍රකාශ ගනී" | "නිරූපණ ශිල්පනි පියුමි හංසමාලිට අයත් පෞද්ගලික ආයතනයේ කුරියර් සේවයේ සේවය කළ පුද්ගලයන් සිවු දෙනෙක්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27 දා) ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත. මෙම කුරියර් සමාගමේ ප්‍රධානියා ඇතුළු සිවු දෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙරේදා (26 දා) අවසර ලබාදුන්නේය... |
"ග්‍රාමනිලධාරි වර්ජනය සඳුදා තෙක් ඇදෙයි" | "සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමටත්, දීමනා වැඩි කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබිය දී ඒවා මෙතෙක් ලබා නොදීමට විරෝධය පළ කරමින් දිවයින පුරා ග්‍රාම නිලධාරීන් ඊයේ ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත්ව සිටීම සඳුදා තෙක් ක්‍රියාත්මක කරන බවත් විසඳුමක් නොලැබුණහොත් සඳුදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යන බවත් සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරි සංගමය... |
"ගුරු සටනට ස්ටාලින්ලා අදත් සාකච්ඡා" | "ගුරු – විදුහල්පතිවරුන් සඳහා රජය එකඟ වී ඇති වැටුප් වර්ධක දෙක ලබාගැනීම සඳහා ඉදිරියේදී ගනු ලබන තීරණය පිළිබඳව අද (28දා) ගුරු – විදුහල්පති එකමුතුව එක්ව සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ‘දිවයින’ට ඊයේ (27දා) පැවසීය. ගුරු – විදුහල්පතිවරුන් සඳහා රජය ලබාදීමට එකඟ වී තිබූ වැටුප් වර්ධක... |
"ශල්‍ය ගෝස් පොල්ල මිලියන 300 ක්" | "මාස හයකට වැඩි කාලයක සිට රෝහල්වලට ශල්‍ය ගෝස් සපයන නිෂ්පාදකයන් සඳහා රුපියල් මිලියන 300 ක පමණ මුදල් ගෙවීම ප්‍රමාදවීම නිසා ශල්‍ය ගෝස් රෝහල්වලට සැපයීමේ හිඟයක් ඇතිවිය හැකි යැයි ශල්‍ය ගෝස් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. මෙය හදිසි මිලදී ගැනීම් සඳහා යෑමට දරන උත්සාහයක්ද යන්න සැක කරන බවද ඔවුහු කියා සිටිති. රෝහල්වලට සැපයීම් සිදුකරන න... |
"පාසල් ඉදිරිපිට අද සිට කළු කොඩි" | "ගුරු විරෝධතාවට පෙරේදා එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරවලට එරෙහිව අද දින සිට සියලුම පාසල් ඉදිරිපිට කළු කොඩි ඔසවා සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවය පළ කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ඊයේ (27දා) පැවසීය. විරෝධතාවට එක් වූ පරිවාස කාලයේ සිටින ගුරුවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවට පාර්ලිමේන්තු ... |
"අනතුරුදායක වැල් පාලමෙන් ලංකා මාතාව ඉදිරියට ගෙනාවා – ජනපති ජාතිය අමතයි" | "ශ්‍රී ලංකා මාතාව කියන දරුවා අනතුරුදායක වැල්පාලමේ මෙතෙක් ආරක්ෂිතව ඉදරියට ගෙනආ බවත් හුණුවටයේ කතාවේ මෙන් දරුවා රැකගන්න කිසිදු සහයෝගයක් නුදුන් කණ්ඩායම් අද දරුවාගේ අයිතිය ගන්න සටන් කරනවා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26 දා) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. මෑත ඉතිහාසයේ ලෝකයේ කිසිදු රටක් කෙටි කාලයක් තුළ මෙවැනි සු... |
"පොලිසිය සමග උණුසුම් තත්ත්වයක් : ගුරු උද්ඝෝෂණයට කඳුළු ගෑස් – ජල ප්‍රහාර" | "ගුරු විදුහල්පතිවරුන් සඳහා ලැබිය යුතු වැටුප් වර්ධක දෙක ඉල්ලා ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව අසනීප නිවාඩු වාර්තා කර කොටුව දුම්රියපළ ඉදිරිපිට ඊයේ (26 දා) ආරම්භ කළ විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවාහැරීමට පොලිසිය කටයුතු කළේය. විරෝධතාකරුවන් කොටුව දුම්රිය පළ ඉදිරිපිටින් විරෝධතාව ආරම්භ කර චෛත්‍ය පාර ඔස්සේ ... |
"1 ශ්‍රේණියට සිසුන් ගන්න චක්‍රලේඛය එයි" | "2025 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (26දා) නිකුත් කෙරිණ ආකෘති පත්‍රයට අනුව සකස් කළ අයදුම් පත්‍රය පුරවා සියලු ලේඛන සමග තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත ජූලි 31ට ප්‍රථම ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතුය. සියලුම සුදුසුකම් සපුරාලිය යුත්තේ 2024 ජුනි 30 දිනට ව... |
"ග්‍රාම නිලධාරීහු අද-හෙට වර්ජනයේ" | "සේවා ව්‍යවස්ථාව ග්‍රාම නිලධාරි සේවාවලට අවශ්‍ය විදිහට ලබානොදීම සහ දීමනා වර්තමානයට ගැළපෙන පරිදි ලබානොදීම යන ගැටලුවලට රජය මැදිහත් නොවීම නිසා අද (27දා) සහ හෙට (28දා) සියලු සේවාවලින් ඉවත්ව ග්‍රාම නිලධාරීන් වැඩවර්ජනයේ නිරත වන බව ශ්‍රි ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා “දිවයින”ට පැවැසීය. අද සහ හෙට ජන... |
"ඊ ක්‍රමය මග එයි: ජූලි 1 කල් පනින පාස්පෝට්වලට වසරක දිගුවක්" | "ජූලි 01 වැනිදා සිට කල් ඉකුත් වන ගුවන් ගමන් බලපත්‍ර කාලය වසරකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත. ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ, ඊ පාස්පෝට් ලබා දීමේ අරමුණින් එම තීරණය ගත් බවත් ගුවන්ගමන් බලපත්‍රයක් වලංගු වසර 10ක කාලසීමාව ඉක්මවීමෙන් පසුව ඊට තවත් වසරක කාලයක් ලබා දෙන්නේ ඊ පාස්පෝර්ට් නිකුත් කරන තුරු පමණක් බ... |
"සජිත් සංවිධායකලාට කොළඹ එන්න කියයි" | "විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සමගි ජන බලවේගයේ සියලුම ආසන සංවිධායකයන් කොළඹට කැඳවා ඇත. එම සංවිධායකයන් පසුගිය 24 දා සිට සජබ ප්‍රධාන කාර්යාලයට දිස්ත්‍රික්ක වශයෙන් වෙන වෙනම කැඳවා තිබේ. මෙම සතිය පුරාම එම සංවිධායකයන් කැඳවා විවිධ දැනුවත් කිරීම් සිදු කෙරෙන බව සජබ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට සඳහන් කළේය.අකිත පෙරේරා" |
"අරලියගහ මැඳුර උඩින් ඩ්‍රෝනා යැවූ ඉන්දියානුවෝ දෙදෙනා අත්අඩංගුවට" | "අරලියගහ මන්දිරයට ඉහළින් ඩ්‍රෝන කැමරාවට සමාන ආලෝකය සහිත උපකරණයක් ගුවන්ගත කළ ඉන්දියන් ජාතිකයන් දෙදෙනකු කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම දෙදෙනා පවසා ඇත්තේ ඉන්දියාවේ සිටින තම දරුවන්ට රැගෙනයෑම සඳහා මෙම උපකරණය කොළඹින් මිලට ගෙන එය අත්හදා බැලූ බවය. කොල්ලුපිටිය පොලිසිය වැඩිදුරටත් ප්‍රශ්න කරගෙන යයි.නෝමන් පලිහවඩන... |
"ජනතාව පතන සුබ ආරංචිය මේ ‘සෙට් එක’ එළෙව්වා කියන එක" | "කිරිබත් කටේ හිර කරලා ජනතාවගේ කට වහන්න නම් ආණ්ඩුව හදන්නේ ඒක හරියන්නේ නෑ. ජනතාවට අහන්න තියෙන හොඳම සුබ ආරංචිය වෙන්නේ මේ හැත්ත බුරුත්තම එළෙව්වා කියන ආරංචිය. මේ ජනතාව මත බර පටවන, ණය උගුලක අපව හිර කරන, ඉනේ තියෙන රෙද්දේ ඉඳලා ඔක්කොම විකුණන ප්‍රතිපත්තිය පරාජය කළා කියන ආරංචිය. ඒ ආරංචිය නිකම් එන්නේ නෑ. ඒක කරන්න ඕන. ඒ සඳහා ජන අරග... |
"හිටපු ජනපතිවරු නඩත්තුවට වෙන් කර ඇති මුදල් මාලිමා රජයක් යටතේ කපා දමනවා – සමන්ත විද්‍යාරත්න" | "2024 අයවැයෙන් හිටපු ජනාධිපතිවරු 4කට හා හිටපු ජනපති බිරිඳකට වෙන් කර ඇති සියලු මුදල් වියදම් ප්‍රතිපාදන නිල නිවාස ඇතුළු සියලු වරප්‍රසාද කපා දමන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. මාලිමාවේ රජයක් යටතේ පළමු කැබිනට් තීන්දුව ලෙස එම පියවර ගන්නා බව ද දෙහිඅත්තකණ්ඩියේ ගොවි රැළිය අමතා ඔහු කීය. ජනතා... |
"උසාවි නියෝගය නොතැකු ජෙරොම්ට නොතිසි" | "ප්‍රසිද්ධ ආගමික වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයක් මගින් අන්‍ය ආගම්වලට අපහාස කළේ යැයි කියන ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයාට ලබන මස 26 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යැවීමට කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ (26දා) නියෝග කළේය. එකී සැකකරුට ඇප ලබාගත් වහාම රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් ව... |
"ප්‍රසන්නගේ පෙත්සමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්" | "බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ව්‍යාපාරිකයකු බියකර රුපියල් මිලියන 64ක මුදලක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කර මහාධිකරණය විසින් නියම කළ අත්හිටවූ සිරදඬුවම්, දඩ හා වන්දි නියෝග බලරහිත කරන ලෙස ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගොනු කර තිබූ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන මස 4 වැනිදා පංච පුද්ගල වි... |
"බ්‍රිතාන්‍ය මැතිවරණයට යාපනයේ කාන්තාවක්" | "යාපනයෙන් ලන්ඩනයට ගිය දෙමළ කාන්තාවක් මෙවර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වී සිටියි. ක්‍රිෂ්ණා රිෂිකරන් නමැති ඇය සිය දෙමව්පියන් අහිමි වීමෙන් පසුව ඥාතියකු සමග ලන්ඩනයට ගොස් එහි ජීවත් වී ඇත්තේ ළමා නිවාසයකය. කටුක අත්දැකීම් සම්භාරයක් මැද තමන් මේ ගමන පැමිණි බව කියන ඇය දැනට ලන්ඩනයේ පුණ්‍යායතනයක හා තවත් ... |
"ඩයනාගේ නඩුවෙන් විනිසුරුවරු දෙදෙනෙක් ඉවත් වෙති" | "හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් කළ බවට චෝදනා කරමින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් ඊයේ ඉවත් වූහ. ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම ඊයේ කැඳවිණි. ඉන් කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ... |
"ෆොන්සේකාගේ පොත රනිල්ගේ ප්‍රධානත්වයෙන්" | "පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී හෙට (28 දා) සවස 4.00 සිදු කෙරේ. මෙම අවස්ථාවට මැති ඇමැතිවරුන් ඇතුළු ආරාධිතයන් සඳහා ආරාධනා කර ඇත.චමින්ද සිල්වා" |
"කෝටි 500 මත්කුඩු තොගයේ මහ මොළකරු රටින් පනින්න හදලා" | "නාවික හමුදාව මගින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 500කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගය මෙරටට රැගෙන ඒමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජාවාරම්කරු හොර රහසේම මාලදිවයිනට පලා යෑමට උත්සාහ කරද්දී කටුනායක ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (25දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත. අයිස් සහ හෙරොයින් ... |
"විධායක නිලධාරි වර්ජනය අත්හිටුවයි" | "ඉල්ලීම් දෙකක් මුල්කරගෙන රජයේ විධායක නිලධාරි සංගමය ආරම්භ කර තිබූ දෙදින වැඩ වර්ජනය ඊයේ (26දා) තාවකාලිකව අවසන් කළ ද සිය ඉල්ලීම් දිනාගැනීම සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සංගමයේ සාමාජිකයන් එක්වී තීරණය කරන බව එම සංගමයේ කැඳවුම්කරු එච්.ඒ.එල්. උදයසිරි මහතා ‘දිවයින’ට ඊයේ (26දා) පැවසීය. වැඩ වර්ජනය අවසන් කළත් රජයේ විධායක න... |
"අද විටින් විට වැසි" | "බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි අද (27දා) ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේත්, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි. මාතලේ සහ හම්බන්තොට දිස්ත... |
"ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් ඡන්දය ඉල්ලන අයට දෙන ප්‍රශ්න මාලාවක්" | "ජාතික න්‍යාය පත්‍රයක් මත සමස්ත ජාතියම පෙළගැස්වීමේ අරමුණින් ගෝලීය ශ්‍රී ලංකා සංසදය මගින් මහජනයා විසින් ජනපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන් හා පක්ෂ වෙත ඉදිරිපත් කරමින් සම්මුතියක් ඇතිකර ගැනීමට යොමු කළ යුතු ප්‍රශ්න මාලාවක් ඊයේ ප්‍රකාශයට පත් කරන ලදී. දේශීය කාර්මිකයන් නිෂ්පාදනය නවෝත්පාදනය දිරි... |
"ජොන්ස්ටන්ට එරෙහි නඩුවේ සාක්‍ෂි විභාගය ඔක්තෝබරයට කල් යයි" | "සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එනම් 2014.01.01 සිට 2014.12.31 දක්වා වූ කාලය අතරතුරදී සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කොට වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීමෙන් රජයට රුපියල් එක්කෝටි විසිඅට ලක්‍ෂයකට අධික මුදලක් පාඩු සිදුකිරීමේ චෝදනාව යටතේ හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්... |
"එළවළු මිල අහස උසට" | "පවතින අධික වර්ෂාව හේතුවෙන් එළවළු වගාවන්ට සිදුවූ හානිය හේතු කොටගෙන කොළඹ මැණිං වෙළෙඳපොළේ එළවළු වල මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව මැණිං වෙළෙඳපොළේ සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා ඊයේ (26දා) දිවයිනට පැවසීය. ඒ අනුව ඊයේ (26දා) ගෝවා කිලෝව රුපියල් 180-200, කැරට් 500-600, ලීක්ස් 600-700, මාළු මිරිස් 700, තක්කාලි 500-600, දෙහි 120... |
"ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානය 28 දා" | "ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතතාව සුරැකීමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය සංවිධාන කරන “ජනාධිපති පරිසර සම්මාන – 2024” සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 28 වැනිදා පෙරවරු 10 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි. මෙම අවස්ථාවට පරිසර රාජ්‍ය ඇමැති ජානක වක... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.