Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"දේපළ බදු ගහන්න කලින් තාක්‍ෂණික වාර්තා මැතිසබයට දෙන්න – විපක්‍ෂ නායක සජිත්" | "දේපළ බද්ද වැනි නව බදු ජනතාවගේ කරපිට පැටවීමට පෙර ඊට අදාළ තාක්ෂණ වාර්තා මෙන්ම බදු පැනවීමට හේතු සභාවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) ප්‍රකාශ කළේය. ආරෝපිත කුලී ආදායම් බද්ද ගැන ලොකු ආන්දෝලනයක් සමාජයේ ඇති බවත් මෙරට බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරද්දී එයට පදනම් වූ මූල්‍ය දත්ත හා... |
"ඉන්දීය විදේශ ඇමැති ආවේ බලහත්කාරකමකට – විමල් මැතිසබයේ දී කියයි" | "ඉන්දීය විදේශ ඇමැති එස්. ජෙයිශංකර් මහතා ඊයේ (20) දින උදෑසන පැය කිහිපයකට පමණක් දිවයිනට පැමිණියේ ජීව දත්ත ඇතුළත් විශේෂ හැඳුනුම්පතට අදාළ කොන්ත්‍රාත්තුව, අදානිට විදුලි බල කොන්ත්‍රත් ලබා දීම ඇතුළු ව්‍යාපෘති 10ක් හෝ 12ක් සඳහා බලකොට ශ්‍රී ලංකාව එකඟ කරවාගන්න යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ... |
"පොහොට්ටුවේ මනමාලයා ජූලි මැද එළියට – එදිරිමාන කියයි" | "ලබන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද යන්න ලබන ජූලි මාසයේ මැද භාගයේදී රටට නිවේදනය කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන මහතා ඊයේ (20දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකත්වය සුදුසු නම... |
"1 ශ්‍රේණියට සිසුන් ගන්නා චක්‍රලේඛය වෙනස් වෙයි" | "පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම සඳහා දැනට ක්‍රියාත්මක චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව 2025 වසර සහ ඉන් ඉදිරි වර්ෂ සඳහා පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම සංශෝධිත චක්‍රලේඛය අනුව සිදුකිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනු... |
"පොහොට්ටුව ද විකල්පය ද ඉක්මනට තෝර ගන්න – විකල්ප කණ්ඩායම් ජනපතිට කියලා" | "ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වන්නේද නැතිනම් විකල්ප කණ්ඩායම් සමග එක්වන්නේ ද යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වහාම තීරණයක් ගත යුතු යැයි එම විකල්ප කණ්ඩායම් ජනාධිපතිවරයා වෙත පවසා ඇත. මැතිවරණ සඳහා සූදානම් වීමට පසුගිය දිනෙක ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා ති... |
"යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ" | "යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ මහතාව පත්කර තිබේ. යුද හමුදාපතිවරයා විසින් ඊයේ (20) සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත." |
"හිරකරුවන්ටත් පොසොන් සහනයක්" | "අදට යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉඩ සලසා ඇත. ඒ අනුව අද (21 දා) රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී ඇත. සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුක... |
"ජපන් බැක්ටීරියාව කොවිඩ් වගේ පැතිරෙන්නේ නැහැ – සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනී සීතා අරඹේපොළ" | "ජපානයෙන් හඳුනාගෙන ඇති මාරාන්තික බැක්ටීරියා ආසාදන තත්ත්වය කොවිඩ් මෙන් ගෝලීය තත්ත්වයක් දක්වා වර්ධනය නොවනු ඇතැයි සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනී සීතා අරඹේපොළ මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) පැවසුවාය. එම තත්ත්වය වයිරස් තත්ත්වයක් නොව බැක්ටීරියා තත්ත්වයක් බැවින් බොහෝ දුරට ප්‍රතිජීවක ඖෂධ මගින් එය එම රට තුළදීම පාලනය කර ගත හැකි වෙනු... |
"විධායක නිලධාරීහු ලබන සතියේ සටන දැඩි කරති" | "සිය වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බවත් ඒ නිසා ලබන සතියේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට තම සංගමය තීරණය කළ බවත් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි. රජයේ විධායක නිලධාරීන්ගේ වැටුප් විෂමතාව ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදීම රජය විසින් තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් ජුනි 24 ද... |
"රණාලේ අනතුර – බස් දෙක ඉගිලෙයි – සිසුහු 22ක් – ගුරුවරු 6ක් තුවාල ලැබූවන් අතර" | "“සිසු සැරිය බස් රථය වේගයෙන් ධාවනය වුණා. රණාල හන්දියේදී දඩාස් ගාලා විශාල සද්දයක් ආවා. ඒ එක්කම හිටගෙන හිටපු දරුවෝ ටික විසිවෙලා එකා පිට එකා ඇදගෙන වැටුණා. ඉදිරියේ තිබූ සීට් එකේ මගේ නළල වැදිලා තුවාල වුණා” යැයි රණාල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් හා පාසල් සිසු දරුවන් ගමන් ගත් සිසුසැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුව... |
"මහ බැංකු වැඩි වැටුප් අත්හිටුවන්න – මහ බැංකුවේ ඊ.පී.එෆ්. වැඩි පොලිය නතර කරන්නත් නිර්දේශ – හර්ෂ කියයි" | "මහ බැංකුවේ සියයට හැත්තෑවකින් වැටුප් වැඩි කර ගැනීම ලබන වසර (2025) දක්වා අත්හිටුවීමට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව නිර්දේශ කර තිබෙන බව මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19 වැනිදා) පැවසීය. එමෙන් ම සේවක අර්ථසාධක අරමුදලින් මහ බැංකු සේවකයන්ට වැඩි පොලියක් ලබා දීම නතර කළ යුතු බ... |
"හැම දේටම උසාවි ගිහින් රට සංවර්ධනය කරන්න බෑ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන ඉන්ටනැෂනල් ඉන්ඩස්ටි්‍ර එක්ස්පෝ 2024 (International Industry Expo 2024) ප්‍රදර්ශනය ඊයේ (19 දා) ප... |
"ජන අරගල සන්ධානය සෑම මැතිවරණයකටම තරග කරනවා – දුමින්ද නාගමුව" | "ජන අරගල සන්ධානය ඉදිරි සෑම මැතිවරණයකටම තරග කරන බවත් අරගලයේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින බවත් ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව මහතා පැවසීය. වාමාංශික දේශපාලන පක්ෂ ගණනාවක් සහ 2022 අරගලයේ ප්‍රමුඛ ක්‍රියාකාරීන් ගණනාවක් එක්ව ගොඩ නැඟූ ජන අරගල සන්ධානය නම් නව දේශපාලන සන්ධානය එළිදැක්වීම ඊයේ (19 දා) උදේ කොළඹ 07, විජේර... |
"අධිකරණ තීන්දු නිසා එජාපය ශ්‍රීලනිපය බිමටම සමතලා වුණා" | "අධිකරණ තීන්දු නිසා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දැවැන්තම… දේශපාලන පක්ෂ දෙකක් බිමට සමතලා වූ බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19 දා) වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් සඳහන් කළේය. ජනාධිපති විසින් අභියාචනාධිකරණයේ විනිසුරු බන්ධුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ වින... |
"ඡන්ද කටේ ගේන මිලියන 8750ක පරිපූරක ඇස්තමේන්තුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් – කිරිඇල්ල" | "ජනාධිපතිවරණයට ඉතාමත් ආසන්න කාල සීමාවකදී සංවර්ධන කටයුතු කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් මගින් මිලියන 8750ක් වෙන් කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවත් එබැවින් එම මුදල් වියදම් කිරීම වහාම නවත්වන්නැයි ඉල්ලන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් මෙස... |
"සිරිපාලට ඉල්ලූ වාරණය නොලැබෙයි" | "ඊයේ (19දා) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා කැඳවා තිබූ පක්ෂ විධායක සභා රැස්වීම පැවැත්වීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයකු වන හෙක්ටර් බෙත්මගේ ඇතුළු පස්දෙනකු කළ ඉල්ලීමක් කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා විසින් ප්... |
"මෛත්‍රිට එරෙහි වාරණය තවත් දීර්ඝ වෙයි" | "හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරීම වළක්වමින් තම අධිකරණය විසින් නිකුත් කොට තිබූ වාරණ නියෝගය ලබන අගෝස්තු පළමුවැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් සඳුන් විතාන මහතා ඊයේ (19දා) නියෝග කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග බණ්ඩාරනායක මහත්මිය විසින්... |
"බාර් ලයිසන් දීම නවත්වන්න – මල්වතු – අස්ගිරි මහ නාහිමිවරු ජනපතිට ලියති" | "සුරාසල් විවෘත කිරීමට අලුතින් බලපත්‍ර ලබාදීමෙන් සිදුවන සමාජ පරිහානිය සැලකිල්ලට ගෙන සමාජ කැළඹීමක් ඇතිවීමට පෙර එම ක්‍රියාවලිය නවතා දමන ලෙස මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම ජනපතිවරයා වෙත ඊයේ (19 දා) ලිපියක් යොමුකර තිබේ. මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හ... |
"සිරිපාලට ඉල්ලූ වාරණය නොලැබෙයි" | "ඊයේ (19දා) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා කැඳවා තිබූ පක්ෂ විධායක සභා රැස්වීම පැවැත්වීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයකු වන හෙක්ටර් බෙත්මගේ ඇතුළු පස්දෙනකු කළ ඉල්ලීමක් කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා විසින් ප්... |
"ආණ්ඩුව නැත්නම් රට ඉවරයි කියලා අයිඑම්එෆ් එක කවදාවත් කියලා නෑ" | "නිසි නියාමනයකින් යුතුව කටයුතු කිරීම නිසා කැසිනෝ ව්‍යාපාරයේ වැඩිම ආදායමක් උපයා ගැනීමට වත්මන් ආණ්ඩුවට හැකිවූ බව මුදල් රාජ්‍ය අමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. මුදල් අමාත්‍යාංශයේ රෙගුලාසි නීති පනත් හා පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව පැවති විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ,... |
"මිහින්තලේට යළි ආරක්‍ෂාව දෙන්න" | "මිහින්තලා රජමහා විහාරස්ථානයට සපයා තිබූ ආරක්ෂාව නැවත ලබා දී එහි පවතින අඩුපාඩු වහා සකසා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19 දා) ආණ්ඩුවෙන් විශේෂ ඉල්ලීමක් කළේය. විහාරස්ථානයේ විවිධ ක්‍රියාකාරකම් වෙනුවෙන් වෙන් කර තිබූ ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීම නිසා එහි ක්‍රියාදාමයන් අඩපණ වී ඇති බැවින් පුදබිමේ... |
"තරුණයකු පැහැරගැනීම: හිරුණිකා ගැන තීන්දුව 28දා" | "දෙමටගොඩ වෙළෙඳසලක් තුළ සේවය කරමින් සිටි තරණයකු බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ තීන්දුව ලබන 28 වැනිදා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (19දා) දින නියම... |
"තැපැල් මුද්දරය රු.100 කරන්න අවසර ඉල්ලයි" | "දැනට රුපියල් 50ක්ව පවතින අවම තැපැල් මුද්දර ගාස්තුව රුපියල් 100ක් දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා ‘දිවයින’ට පැවසීය. තැපැල් දෙපාර්තමේන්තුව වාර්ෂිකව රුපියල් කෝටි 700ක් පාඩු ලබන බවත් ඒ අනුව එම පාඩුව පියවා ගැනීම සඳහා මෙලෙස තැපැල් මුද්දර ගාස්තු වැඩි කිරීමට අවසර ඉල්ලා ඇති බවත් ල... |
"වර්ජනයට දින 50යි! – සරසවි 17ක් ඉදිරිපිට අනධ්‍යයන සේවකයෝ සත්‍යග්‍රහ අරඹති" | "වැටුප් ප්‍රශ්නයක් මුල්කර ගනිමින් 50 වැනි දිනයටත් අද (20දා) වැඩ වර්ජනයේ නිරත වන සරසවි අනධ්‍යයන සේවකයෝ ඊයේ (19දා) සිට දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාල 17 ඉදිරිපිට අට්ටාල ගසා සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ද ආරම්භ කළහ. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ, සෞන්දර්ය කලා, ශ්‍රී ලංකා විවෘත, කැලණිය, රුහුණු, සබරගමුව, රජරට, වයඹ, ඌව වෙල්ලස්ස,... |
"වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා රටේම ගුරුවරු 26 දා කොළඹට – ස්ටාලිං කියයි" | "අසනීප නිවාඩු වාර්තා කරමින් ජුනි 26 වැනිදා පෙරවරු 11ට සමස්ත ගුරුවරුන් හා විදුහල්පතිවරුන් කොළඹට පැමිණෙන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිත ජෝෂප් ස්ටාලිං මහතා “දිවයින” ට ඊයේ (19දා) පැවැසීය. ගුරු වැටුප් විෂමතාවය විසඳීමට බලධාරීන් පියවර නොගැනීම නිසා එදින සියලු ගුරුවරුන්, විදුහල්පතිවරුන් කොළඹට පැමිණෙන බවද හෙ... |
"වවුනියාවේ භූ කම්පනය ශක්තිය මුදා හැරීමේ සාමාන්‍ය තත්ත්වයක්" | "වවුනියාව ප්‍රදේශයේ පෙරේදා (18 දා) රාත්‍රියේ ඇතිවූ භූ කම්පන තත්තවය එකතු වී තිබෙන ශක්තිය මුදා හැරීමේ සාමාන්‍ය තත්ත්වයක් බවත් මෙය සාමාන්‍යයෙන් පොළොවෙහි භූගත මට්ටම්වල ශක්තිය මුදා හැරීමක් ලෙස නිරීක්ෂණය වන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා හා භූගර්භ දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. මෙවැනි ... |
"පොලිස්පතිවරයාගේ පත්වීම බලරහිත කරන්නැයි අගරදගුරු ඇතුළු පාර්ශ්ව හතකගේ ඉල්ලීම සලකා බැලීම ලබන මස 8 දා" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත්කිරීම සඳහා නිර්දේශ කිරීම, එකී නිර්දේශය අනුව ඔහුව පොලිස්පති ධුරයට පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබාදුන්නේ යැයි කියන නිර්දේශය අභියෝගයට ලක්කරමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව හතක් ගොනුකර ඇති මූලික අයිති... |
"ශ්‍රීලනිප සභාපති නිමල් සිරිපාල" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (19දා) පත්කර ඇත. නිමල් සිරිපාල මහතාගේ පාර්ශ්වයේ විධායක සභාව ශ්‍රීලනිප මූලස්ථානයේදී රැස්වී ඒකමතිකව මේ තීරණය ගෙන ඇත. ඊට අමතරව විධායක සභාව විසින් ශ්‍රීලනිප මහ ලේකම් ලෙස රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක ද පත්කර තිබේ.අරුණ බෝගහවත්ත" |
"කම්කරු වැටුප රු. 1700 ගැසට්ටුව බල රහිත කරන්නැයි වතු හිමියන්ගෙන් රීට් ආඥා පෙත්සමක්" | "වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දැමියයුතු බවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා පසුගිය මැයි 21 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් වතු හිමියන්ගේ සංගමය විසින් ගොනු කළ පෙත්සම සලකා... |
"ඔන්ලයින් ණය මගඩියට එරෙහිව නව ජනතා පෙරමුණ සී.අයි.ඩී.යට" | "සංචාරක වීසා මත ලංකාවේ රැඳී සිටිමින් විදෙස් ජාතිකයන් විසින් කිසිදු නියාමනයකට ලක්නොවී මෙරට පවත්වාගෙන යනු ලබන මාර්ගගත ණය ලබාදීමේ ආයතන පිළිබඳ වහා පරීක්ෂණයක් සිදුකොට රටට අනාවරණය කරන්නැයි ඉල්ලා නව ජනතා පෙරමුණ ඊයේ (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාර දුන්නේය. මාර්ගගත ක්‍රම ඔස්සේ ණය ලබා දෙන විදෙස් ජාතිකයන්ට අයත්... |
""නීතිපතිගේ සේවා දිගුව ඡන්දයෙන් පරදී – පක්‍ෂව 3යි, විපක්‍ෂව 5යි"" | "වත්මන් නීතිපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය මාස 06 කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කර තිබූ නිර්දේශය ඊයේ (18දා) දින එම සභාව විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ සවස එහි සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී ඇති අතර එහිදී නීතිපති සම්බන්ධයෙන් වූ ... |
"ජනපතිගේ කතාවෙන් මැතිසබය රත් වෙයි – උසාවි තීන්දුවට තේරීම් කාරක සභාවක් ඉල්ලයි" | "ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව පාර්ලිමේන්තුවේ දී ඊයේ (18 දා) අභියෝගයට ලක්කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව පැවසීය. එලෙස පත් කරනු ලබන තේරීම් කාරක සභාව සඳ... |
"ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අභියෝග කිරීම වැරැදියි" | "ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දු අභියෝගයට ලක් කිරීම නුසුදුසු යැයි විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) දින සඳහන් කළහ. එහිදී ප්‍රකාශ වූ අදහස් පහත පරිදිය. මන්ත්‍රී විමල් වීරවංශ මහතා- ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අභියෝග කිරීම වැරැදියි. එහෙම අභියෝග කර... |
"ජනාධිපතිවරණයට ඡන්දදායකයන් ලක්ෂ 2ක වැඩිවීමක්" | "ඉදිරි ජනාධිපතිවරණය 2024 නව ඡන්ද හිමි නාමලේඛනය යටතේ පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. ඒ අනුව නව ඡන්ද නාමලේඛනය සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින අතර, ලබන ජූලි 15 වැනිදා වනවිට අවසන් ලේඛනයට අත්සන් කිරීමට කොමිසම කටයුතු කරමින් සිටී. 2023 වසරේ ඡන්ද නාමලේඛනයට සාපේක්ෂව මෙවර නව ඡන්දදායකයන් ලක්ෂ දෙකකින් පමණ ව... |
"කෝටිය ඉක්මවූ බදු පැහැර හැරි පිරිස 4200ක්: – බිස්නස්කාරයන්ට කෝටි ලක්‍ෂයක බදු සහන දීලා" | "මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්ට පසුගිය වසරේදී (2023) කෝටි ලක්ෂයකට අධික බදු සහන ලබා දී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18 දා) ප්‍රකාශ කළේය. එම ව්‍යාපාරිකයන්ට එලෙස බදු සහන ලබා දුන්නේ කුමන පදනමකින්ද යන වග පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතු බවත් කී ඔහු විපක්ෂය බදු පරිපාලනය කාර්යක්ෂම කිරීමේ තදබල... |
"රැකියා විරහිත උපාධිධාරීන්ට බත්තරමුල්ලේදී ජල ප්‍රහාර" | "බත්තරමුල්ල, පොල්දුව මංසන්ධියේදී රැකියා විරහිත උපාධිධාරීන් ඊයේ (18දා) පැවැත්වූ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගැනිණි. ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ඔවුන් විරෝධතාවයේ නිරත වූ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි පොලිස් ජල ප්‍රහාරක රථයෙන් පිරිස විසුරුවා හැරීමට ජල ප්... |
"මිනිකූපර් අධිචෝදනා අස්කර ගන්නෑ – අල්ලස් කොමිසම උසාවියට දන්වයි" | "පරිගණක දත්ත වෙනස් කර ත්‍රීරෝද රථයක අංකය යටතේ රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගි මිනිකූපර් වර්ගයේ මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනු කළ අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට තම කොමිෂන් සභ... |
"අනුරපුරේ ආරක්ෂාවට පොලිසියේ 4500ක්" | "පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ඇඳුමින් හා පොලිස් නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් 4500කට අධික පිරිසක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා ‘දිවයින’ ට පැවැසීය. මීට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ හා බුද්ධි අංශයේ නිලධාරීන්ගේ ද සහයෝගය ලැබෙන බවද ... |
"අලුත් පනතෙන් සුදු අලි ආයතන 5ක්" | "ආර්ථික පරිවර්තන පනත හරහා සුදු අලි ආයතන 5 ක් බිහිවන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෘත්තිය සමිති සන්ධානය පවසයි. ඒ අනුව එම පනත මගින් ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ආයෝජන කලාප, ජාත්‍යන්තර වෙළෙදාම සඳහා වූ කාර්යාලය, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය යන ආයතන පහ බිහිව... |
"පාර්ලිමේන්තුව – ක්‍රිකට් අර්බුදය ඔළුගෙඩි මාරුවලින් විසඳන්න බැහැ – ඇමැති අලි සබි්‍ර" | "ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතිවී තිබෙන අර්බුදය පරිපාලනයේ ඔළුගෙඩි මාරුවකින් විසඳිය නොහැකි බවත් ඒ සඳහා සිස්ටම් චේන්ජ් එකක් විය යුතුම බවත් විදේශ ඇමැති අලි සබි්‍ර මහතා ඊයේ (18දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. සංචාරක කටයුතු පනත යටතේ පළ කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍ර කිහිපයක් හා තවත් නියෝගයන් කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ පැවැති ... |
"බත් බුලත් කන එවුන් නම් මේ සැරේ රැවටෙන්න එපා" | "දේශපාලඥයෝ කරන්නේ මැතිවරණ කාලයට මිනිස්සු රවට්ටන එක. මම ජනතාවගෙන් ඉල්ලනවා මේ සැරේ බත් බුලත් කන එවුන් නම් රැවටෙන්න එපා යැයි වනවාසී රාහුල හිමියෝ පැවසූහ. රාහුල හිමියන් මේ බව ප්‍රකාශ කර සිටියේ 18දා පෙරවරුවේ ජාතික නාමල් උයනේදී පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසූහ. දැන් ඡන්දය කිට... |
"රහස් ප්‍රකාශයට තාඹුගලට අවසර ලැබේ" | "සිය සේවාදායකයාට එරෙහිව එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකු රුපියල් කෝටි 30ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක මුදලක් ලබාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාට ලබන 24 වැනිදා මහෙස්ත්‍රාත්වරයා හමුවේ රහස්... |
"අරගලයෙන් සන්ධානයක් එළිදැක්වීම අද" | "ජන අරගලයට එක්වූ පාර්ශ්ව ගණනාවක් සහ වාමාංශික දේශපාලන පක්ෂ එක්ව ගොඩනඟන නව සන්ධානය අද (19දා) එළිදැක්වීමට නියමිතය. මෙම නව සන්ධානය ඉදිරියේදී පැවැත්වෙන සියලුම මැතිවරණවලට ඉදිරිපත් වන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය. එම නව සන්ධානය අද උදෑසන 10.00ට කොළඹ 07, විජේරාම මාවතේ සිංහ සමාජ ශාලාවේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. සමාජවාදී ජනතා... |
"සෞදි අරාබි රජය විසින් 2024 හජ් සමය සාර්ථකව නිම කිරීම ලොව පුරා සිටින මුස්ලිම්වරුන්ට ආඩම්බරයක්" | "ශුද්ධ වූ මුස්ලිම් පල්ලි දෙකේ භාරකරු වන සල්මාන් බින් අබ්දුල් අසීස් අල් සවුද් රජුට මෙන්ම ඔහුගේ රාජකීය මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුල් අසීස් අල් සවුද් කුමරුට සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අබ්දුල් අසීස් බින් නයිෆ් අල් සවුද් කුමරුට සහ සෞදි අරාබියේ සියලුම ගෞරවනීය බලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන්ට, 2024 දී හජ් වන්දනා කටයුතු සාර්... |
"වගන්ති කීපයක් ව්‍යවස්ථාවට නොගැළපේ: – විදුලි සංදේශ පනතට 2/3ක් ඕනෑ" | "ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පතෙහි වගන්ති නවයක් (08,09,12,13,18(5),18(7),20,33,35) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොගැළපෙන බවත් ඒවා ව්‍යවස්ථාවට ගැළපෙන පරිදි සංශෝධනය කළහොත් එකී නොගැළපෙනභාවය ඉවත්වන බවත් එසේ සංශෝධනය නොකරන්නේ නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි ... |
"පැය 48 න් මරු කැඳවන මාරාන්තික බැක්ටීරියාවක් ජපානයේ පැතිරෙයි" | "මාරාන්තික ‘මස් අනුභව කරන බැක්ටීරියාවක් ’ ජපානයේ පැතිර යමින් පවතී. මෙම බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් දහසක් වාර්තා වී ඇති බව එරට මාධ්‍ය කියයි. මෙම රෝගය Streptococcal toxic shock syndrome යනුවෙන් හැඳින්වේ. මෙම වසරේ ජුනි 2 වන විට බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් 977 ක් වාර්තා වී ඇති අතර පසුගිය වසරේ වාර්තා වූ මුළු රෝගීන් ගණන 94... |
"විදෙස් ණයක් ගෙවන්න ඩොලරය රු.524 ට අරන් – මිලියන 53.7 ක මුල්‍ය අපරාධයක් විගණනය හෙළි කරයි" | "රජය විසින් ලබාගෙන තිබු ඇමරිකානු ඩොලර් 332,704ක විදේශීය ණය මුදලක් ආපසු ගෙවීමේදී එම ණය මුදල දේශීය මුදල් බවට පරිවර්තනය කිරිම සදහා ඉකුත් වසරේ (2023) ඇමරිකානු ඩොලර් 01ක් රුපියල් 524.6050ක් ලෙස අසාමාන්‍ය විදේශ විනිමය අනුපාතයක් යොදාගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ. විදේශීය සම්පත් දෙ... |
"අතුරුදහන් වූවන්ගේ සහ වන්දි ගෙවීමේ කාර්යාල නැවත සක්‍රීය කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න" | "අතුරුදහන් වූවන් පිළිබඳව සෙවීමේ කාර්යාලය සහ උතුරේ අලාභ හානි සඳහා වන්දි ගෙවීමට ස්ථාපිත කාර්යාලය නැවත සක්‍රීය කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් උතුරේ දේශපාලන නායකයින් සහ සිවිල් වැසියන් ඉල්ලා සිටි බවත් ඒ අනුව එම කාර්යාල සමගි ජනබලවේගය රජයක් තුළින් නැවත සක්‍රීය කරන බව විපක්ෂ නායකවරයා පැවැසූ බවත් සමගි ජන බල... |
"ආර්ථික අහේනියෙන් 29% ක් දුප්පත්කමේ අගාධයේ" | "ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ගෙන් සියයට 29.5ක් ඉකුත් වර්ෂයේ (2023) දරිද්‍රතා රේඛාවෙන් පහළින් ජීවත් වූ බව ලෝක බැංකුවේ නවතම තොරතුරු මගින් අනාවරණය වී ඇතැයි මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මගින් 2023 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම මෙරට පුද්ගලයින් දස දෙනකුගෙන... |
"රටට බත සපයන ගොවි ජනතාවට උරුමය ඔප්පු දී රජය කෘතගුණ දක්වනවා" | "භූමියේ අයිතිය නොමැතිව රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන මඟින් රජය කටයුතු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය තුළින් දැනුම බෙදා දුන් සේම වත්මන් ආණ්ඩුව දැනුම සහ අයිතිය යන දෙකම ජනතාවට ලබා දීමට කටය... |
"ගාලු මුවදොර හජ් සැමරුම…." | "ලොව පුරා ඉස්ලාම් ආගමික බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරන හජ් උත්සවය ඊයේට (17දාට) යෙදී තිබිණි. කොළඹ ගාලුමුවදොර පිටියේදී උදෑසන ඉස්ලාම් ආගමික බැතිමතුන් පිරිසක් හජ් සැමරුමට එක්ව සිටි අයුරු. නිමල් දයාරත්න" |
"ඉදිරි වසර පහේ ආර්ථික ප්‍රතිපත්තිය මත රටේ අනාගතය තීරණය වෙනවා" | "ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මන්නාරම දිස්ත්‍රික් “තරුණ සමුළුවට” සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ හමුවකට පෙරේදා (16) එක් වෙමිනි. මන්නාරම නගර ශාලාවේ “දීප්තිමත් අනාගතයක් සඳහා වූ ගමනක්” මැයෙන... |
"අලි මාලිමා ඩීල් එක අයිටීඑන් නාඩගමින් ඔප්පු වුණා" | "සමගි ජන බලවේගයට ජනාධිපති එක්ක සාකච්ඡාවක් ඇති බවට කයිය නායකයා ලන්ඩන් ගිහින් පවසන බවත් එය අමූලික බොරුවක් බවත් අද රටේ ඇති ලොකුම ඩීල් එක ඇත්තේ මාලිමාවේ සහ අලියාගේ බවත් එය පසුගියදා ස්වාධීන රූපවාහිනියේ නටපු නාඩගමින් ඔප්පු වූ බවත් ඒ ප්‍රශ්න කිරීම් කළ නිවේදකයාට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ නීති ක්‍රියාමාර්ග ගෙන ඇති මොහොතක ඒ ... |
"අධික වේගය වතුර නවතයි" | "අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ඊයේ (17දා) අලුයම ගොඩගමදී මාර්ගයෙන් ඉවතට පැන කලටුවාවේ සිට මහරගම දක්වා ජලය ගෙනයන නළයක ගැටීම හේතුවෙන් ඒ අවට ප්‍රදේශ කීපයක ජල සැපයුම අඩාල වී තිබිණි. අනතුරින් නළය පුපුරා යෑමෙන් ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්‍රදේශවල ජල සැපැයුම අත්හිටුවා තිබූ අතර හානියට පත... |
"මේ වසරේ පළමු කාර්තුවේ ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක්" | "2024 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 5.3% ක ධනාත්මක වර්ධනයක් අත්පත් කරගෙන තිබේ. 2024 වර්ෂයේ පළමු කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි. 2023 වර්ෂයේ පළමු කාර්තුවේ ස්ථාවර මිල ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 3,161,963 ක් ලෙස ... |
"නව විදුලි පනතින් ජනතාවට කිසිදු සෙතක් නොවන බව කලින්ම කියූ අප ත්‍රස්තවාදීන් ලෙස නම් කිරීම කනගාටුවක්" | "පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් නව විදුලි පනත මගින් රටට සහ ජනතාවට කිසිදු සහනයක් අත් නොවන බව කල්තියා පෙන්වා දුන් තමන්ව ‘ත්‍රස්තවාදීන්’ ලෙස නම් කර තිබීම කනගාටුවක් බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි. අදාළ පනත රටටත් ජනතාවටත් විනාශකාරී එකක් වනු ඇති බව අධිකරණය විසින් ද පෙන්වා දී තිබීම ජනතාවගේ සැබෑ ජයග්‍රහණයක් බව... |
"පොල්තෙල් මිල නහුතෙට නැගලා" | "වෙළෙඳපොළේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150කින් පමණ ඉහළ ගොස් තිබේ. පාරම්පරික පොල්තෙල් හිමියන්ගේ සංගමය චෝදනා කරන්නේ එළැඹෙන උත්සව සමය මුල්කරගෙන පොල්තෙල් ආනයනකරුවන් තොග සඟවාගෙන සිටීම නිසා මෙලෙස පොල්තෙල් මිල ඉහළ ගොස් ඇති බවයි. මේ පිළිබඳව අදහස් දැක්වූ සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සි... |
"සර්වජන බලය ප්‍රථම රැලිය අද නුගේගොඩදී" | "‘සර්වජන බලය’ දේශපාලන එකමුතුව අද (18දා) සවස 2.00ට නුගේගොඩදී සිය ප්‍රථම රැලිය පවත්වයි. 69 ලක්ෂයේ ජනවරමට සම්මාදම් වූ සහ අද වනවිට යම් යම් හේතු මත අපේක්ෂාභංගත්වයට පත්ව සිටින සියලු ජනතාවට එම ජනවරමින් අපේක්ෂා කළ සැබෑ අරමුණු ජයග්‍රහණය කිරීමෙහි මූලාරම්භක අවස්ථාව සේ සලකා අද සවස 2:00ට නුගේගොඩදී ඇරඹෙන සර්වජන බලය දේශපාලන එකමුතුවේ ... |
"තාත්තලා දුම්බොනවා නම් දරුවන්ට හතිය ශ්වසන රෝග වැළඳීමේ අවදානමක්!" | "වැඩිහිටියන් දුම්පානයට ඇබ්බැහි වී ඇති නිවාසවල දරුවන්ට හතිය ඇතුළු ශ්වසන රෝග වැළඳීමේ දැඩි ප්‍රවණතාවක් පවතින බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (17දා) පැවසීය. ශ්වසන රෝග සඳහා ප්‍රතිකාර ලෙස ‘ඉන්හේලර්’ භාවිතය වෛද්‍යවරුන් විසින් නිර්දේශ කළත් ඇතැම් දෙමාපියන් දරුවන් එයට ඇබ්බ... |
"කලාපයේ සෙසු රටවල් අතරින් ප්‍රතිකාර පතා වැඩිපුරම රෝහල් එන්නේ මෙරට ජනතාවයි" | "කලාපයේ රටවල් සමග සැසඳීමේදී රජයේ රෝහල් සහ බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ලබාගැනීමට වැඩිපුරම පැමිණෙන්නේ මෙරට ජනතාව බවත් ඒ අනුව වසරකට එක් පුරවැසියකු හයවතාවක් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත පැමිණෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. දඹුල්ල සහ මාතලේ රෝහල්වල නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව ... |
"මොන ඡන්ද කල් දැම්මත් ජනපතිවරණය තිතටම පැවැත්විය යුතුයි" | "අනුප්‍රාප්තිකයකු වන වත්මන් ජනාධිපතිවරයාට නියමිත කාලයට වඩා එක් දිනක්වත් ධුරයේ රැඳී සිටිය නොහැකි බැවින් කුමන මැතිවරණ කල් දැම්මත් ජනාධිපතිවරණය නිසි දිනට පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (17දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කීවේය. ඡන්දබලය ඇතුළු මහජන පරමාධිපත්‍යය කිසිවකුට උදුරාගත නොහැකි ... |
"දේපළ බද්දෙන් වැඩි අවධානය ඉහළ වත්කම් ඇති අය දෙස මුදල් අමාත්‍යාංශය කියයි" | "2025 වසරේ අප්‍රේල් සිට බලාත්මක කිරීමට නියමිත දේපළ බද්ද තුළින් අවධානය යොමු කරනුයේ සාමාන්‍ය ආදායම් ලබන්නන් නොව ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බව මුදල් අමාත්‍යාංශය ඊයේ (17දා) නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ. 2025 වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.2%ක සහ 2026 සමස්ත වර්ෂයට දළ දේශීය නිෂ්පාදිතයන් 0.4%ක ආදායමක් මෙම බද්ද පැන... |
"බහුදින යාත්‍රාවේ බඳෙන් කෝටි 325 ක මත්කුඩු එළියට" | "රුපියල් කෝටි 325ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 131 ක් හා ග්‍රෑම් 354 ක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින යාත්‍රාවක් සමඟ පුද්ගලයින් හයදෙනකු දෙවුන්දර සිට දකුණු දෙසට නාවික සැතපුම් 356 ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය මස 11 වැනිදා හය දෙනකු සමග දෙවි... |
"උද්දික හා ඒ. එස්. පී. සංජීව සැලසුම් සහගතව බොරු වෙඩි තැබීමක් රඟලා – සී.අයි.ඩී. ය අධිකරණයට දන්වයි" | "හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, රංගන ශිල්පි උද්දික ප්‍රේමරත්න මහතා ගමන්ගත් මෝටර් රථයට වෙඩි තැබීමට යොදාගත් බව කියන පිස්තෝලය, රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. මහෙස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ අපර... |
"කිරුළ අතහැර පැවිදි දිවියට පත් වියට්නාමයේ රූ රැජන" | "මෙවර ද රාජ්‍ය අනුග්‍රහය ලබා නොගෙන පැවැත්වීමට තීරණය කර ඇති මිහින්තලේ 2332 වන පොසොන් පිංකම සඳහා ජනතා දායකත්වය ලබාගැනීමට මිහින්තලේ නායක හිමියන්, ලෝක රූ රැජනකව සිට පැවිදි දිවියට පත් එලිසබෙත් සුජාතා භික්ෂුණිය ඇතුළු මහා සංඝරත්නය පෙරේදා (15දා) පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළහ. මෙම පිණ්ඩපාත චාරිකාව සඳහා එක් වූ ආචාර්ය එලිසබෙත් භික්ෂ... |
"2025 අප්‍රේල් 1 සිට පදිංචි සහ හිස් දේපළවලට කුලී ආදායම් බද්දක්" | "2025 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පදිංචිව සිටින සහ හිස්ව තිබෙන දේපළ සඳහා ආරෝපිත කුලී ආදායම් බද්දක් හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර තිබේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ පියවරක් වශයෙන් මෙය හඳුන්වාදීමට යෝජනා කර ඇති බව එම අරමුදල සඳහන් කරයි. රජයේ ආදායම ඉහළ දැමීම සඳහා මෙවැනි බද්දක් හඳුන්ව... |
"පොසොන් සතිය හෙට සිට" | "පොසොන් සතිය හෙට (18දා) සිට 24 දා දක්වා පැවැත්වෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්, පොසොන් කමිටු සභාපති ජනක ජයසුන්දර මහතා පවසයි. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් අටමස්ථාන විහාරස්ථානවල විශේෂ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. මෙවරද අටමස්ථානය, ඓතිහාසික මිහින්තලාව සහ තන්තිරිමලය පුදබිම් කේන්ද... |
"හජ් උත්සවය අද" | "මුස්ලිම් බැතිමතුන්ගේ වාර්ෂික හජ් උත්සවය අදට (17දා) යෙදී ඇත. ඊද්-උල්-අල්හා උත්සවය නමින්ද හඳුන්වනු ලබන මෙම උත්සවය, මුස්ලිම් බැතිමතුන් මක්කම වන්දනාවේ යෙදීමත් නැදෑ හිතමිතුරන් හා දුප්පතුන් අතර තෑගි බෝග බෙදාදීමත් සිදුවේ. අල්ලාහ් දෙවියන්ගේ ත්‍යාගවන්තකමට ප්‍රණාම ඉටු කිරීමට මස්ජිදයට යෑම ද හජ් උත්සවයේදී සිදු කිරීම ද විශේෂත්වයකි... |
"මන්නාරමේ ඉදිරි සංවර්ධන සැලසුම් ජනපති මන්නාරම රදගුරුතුමන්ට පහදයි" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අතිඋතුම් ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු මන්නාරම රදගුරුතුමන් අතර හමුවක් ඊයේ (16දා) පෙරවරුවේ මන්නාරම රදගුරු නිල නිවසේදී පැවැත්විණි. රට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට ජනාධිපතිවරයා සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙහිදී අගය කළ මන්නාරම රදගුරුතුමන් මන්නාරම දිස්ත්‍රික්ක... |
"ඉන්දියානු හමුදාව ලංකාවට ගේන්න ජේ.ආර්. රජීව්ට කිව් රහස මනිශංකර් අයියර් හෙළිකරයි" | "ඉන්දීය සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට එවීම හිටපු අගමැති රජිව් ගාන්ධිගේ නරකම තීරණය බව ඉන්දීය රජයේ හිටපු ඇමැති මනිශංකර් අයියර් විසින් රචනා කළ The Rajiv I Knew ග්‍රන්ථයේ සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවට සාම සාධක හමුදාවක් යැවීමට ඉන්දියාව එකඟ වූ ආකාරය ගැන මනිශංකර් අයියර් මේ කෘතිය හරහා නව තොරතුරු රැසක් හෙළි කරයි. “රජීව් – ජයවර්ධන ගි... |
"අනාගතයට ගැළපෙන ලෙසින් දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය නිර්මාණය කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ හලාවතදී කියයි" | "අනාගතයට ගැළපෙන දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේබව සඳහන් කළේ හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැඟිල්ලේ පළමු අදියර සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට ඉකුත් 14දා පස්වරුවේ එක්වෙමිනි. ජනාධිපති... |
"රටේ දේශපාලන වෙනසකට අනුර කුමාර ලන්ඩනයේදී සහාය ඉල්ලයි" | "පවතින ආර්ථික තත්ත්වය හමුවේ රටේ දේශපාලන ගමන්මඟ වෙනස් කළ යුතු බවත් ඒ සඳහා ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ලන්ඩන් නුවර පැවැති මහජන හමුවකට එක්වෙමින් පැවසීය. එරට ශ්‍රී ලාංකිකයන් විසින් ඒ මහතා ඉතා උණුසුම් අන්දමින් පිළිගත් අතර තවදුරටත් කතා කළ අනුර කුමාර ද... |
"අනුප්‍රාප්තික ජනපතිට ධුර කාලය දික්කර ගැනීමට බැහැ – පැෆරල් විධායක අධ්‍යක්ෂ" | "රටේ පවතින නීතිය යටතේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට ධුර කාලය දීර්ඝ කර ගැනීමට කිසිම හැකියාවක් නැති බවත්, නීතියට පටහැනිව තවදුරටත් බලය දීර්ඝ කර ගැනීමට උත්සාහ කළහොත් තම සංවිධානය අධිකරණය හමුවේ ඊට අභියෝග කරන බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ට පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තියට අ... |
"ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල දරාගන්න බෑ – ජාතික ඉදිකිරීම් සේවා සංගමයේ ලේකම්" | "සිමෙන්ති, කළුගල්, වැලි ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල තවමත් දරාගත හැකි මට්ටමට පහළ දමා නොමැති බව ජාතික ඉදිකිරීම් සේවා සංගමයේ ලේකම් සුපුන් අබේසේකර මහතා ‘දිවයින’ට ඊයේ (16දා) පැවැසීය. වැඩි ලාභයක් තබා ගනිමින් එම අමුද්‍රව්‍ය අලෙවි කිරීම නිසා ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් අමුද්‍රව්‍ය වෙළෙඳපොළට පැමිණ ඇති බව පැවසූ සුපුන් අබේසේකර... |
"පාතාලය හා මත් රකුසා ඉක්මනින් තුරන් කරනවා – ඇමැති ටිරාන් අලස්" | "පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා ඉක්මනින් මෙරටින් ඉවත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය. කුමන බාධක පැමිණිය ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවනට එරෙහිව මෙහෙයුම් කිසිවිටෙකත් නතර නොකරන බවද අමාත්‍යවරයා කීය. සුවසාර කැදැල්ල ප්‍රජාපාදක පුනරුත්ථාපන වැඩසටහනේ බස්නාහිර පළාතේ දකුණු දිසාවේ සමාප්ති උත්සවයට ... |
"ඉතිහාසයේ නොවූ විරූ ලෙසින් මාලිමාවට බලය මාරු වීම හමුවේ පාලකයා ඡන්දෙට බය වෙලා – ජාජබ නායක අනුර කුමාර දිසානායක ලන්ඩන් ජනහමුවකදී කියයි" | "පාලකයා ඡන්දෙ පිළිබඳ දෙගිඩියාවකට පත්ව තිබෙන්නේ අන් කවරක්වත් නිසා නොව ඉතිහාසයේ මෙතෙක් බලය මාරු වුණු ආකාරය වෙනස් වෙමින් පොදු ජනතාවගේ ව්‍යාපාරයක් වන ජාතික ජන බලවේගයට බලය මාරු වෙමින් තිබෙන නිසා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ලන්ඩන් නුවර ඉකුත් 15 වැනිදා පැවති ජනහමුවේදී පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්... |
"IMF නැතිව පුළුවන් කියා කවුරුන් හෝ මෝඩ වීර ප්‍රකාශ කරනවා නම් එය ලෝක විහිළුවක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දිවුලපිටියේදී කියයි" | "මේ දිනවල සමහර දේශපාලන පක්ෂ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැතිව වැඩ කරන බව පවසන බවත් එම මෝඩ කතාවට නොරැවටෙන ලෙස ලක්ෂ 220ක් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ලෝක ආර්ථික රටාව හා වෙළෙඳ රටාව පදනම් වී ඇත්තේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු නිර්මාණය වූ ජාත්‍යන්තර මූල්‍ය නීති පද්ධතිය තුළ බවත් අයි.එම්.එෆ් එක ලෝක බැංකුවල GAT එක WTO එක ආදිය හරහා ... |
"ලක්‍ෂයකට අධික පිරිසක් මියන්මාරයේ සයිබර් කඳවුරුවල රඳවා සිටිනවා – රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය කියයි" | "මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ ලෝකයේ විවිධ රටවල තරුණ තරුණියන් ලක්ෂයකට අධික පිරිසක් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින බව තමන්ට මියන්මාර සංචාරයේ දී දැන ගැනීමට ලැබුණු බවත් ඒ අතරින් 53,000ක් චීන ජාතිකයන් බවත් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පෙරේදා (15 දා) සවස කටුනායක ගුවන්තොටුපළේ දී පැවසීය. ඒ මහතා එසේ පැවසුව... |
"යුද්ධයට යැවූ ශ්‍රී ලාංකිකයන්ට වැටුප් හා වන්දි ලබාගැනීමට රුසියාව සමග සාකච්ඡා කරනවා – ඇමැති අලි සබ්‍රි" | "යුක්‍රේන – රුසියා යුද්ධයේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සේවය කරන හිටපු ශ්‍රී ලාංකික හමුදා සෙබළුන්ට මෙන්ම තුවාල ලබා සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසට වැටුප් සහ වන්දි මුදල් ලබාදීම සම්බන්ධයෙන් රුසියාව සමග සාකච්ඡා කෙරෙන බව විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි මහතා ‘දිවයින’ට පැවසීය. යුද්ධයෙන් තුවාල ලබා සිටින ශ්‍රී ලාංකිකයන් රෝහල්ගත කිරීමට පියවර... |
"යුද්ධයට යැවූ ශ්‍රී ලාංකිකයන්ට වැටුප් හා වන්දි ලබාගැනීමට රුසියාව සමග සාකච්ඡා කරනවා – ඇමැති අලි සබ්‍රි" | "යුක්‍රේන – රුසියා යුද්ධයේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සේවය කරන හිටපු ශ්‍රී ලාංකික හමුදා සෙබළුන්ට මෙන්ම තුවාල ලබා සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසට වැටුප් සහ වන්දි මුදල් ලබාදීම සම්බන්ධයෙන් රුසියාව සමග සාකච්ඡා කෙරෙන බව විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි මහතා ‘දිවයින’ට පැවසීය. යුද්ධයෙන් තුවාල ලබා සිටින ශ්‍රී ලාංකිකයන් රෝහල්ගත කිරීමට පියවර... |
"ජංගම දුරකථන අත්‍යවශ්‍ය භාණ්ඩ ගොඩට දාන්න – කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති" | "වෙළෙඳපොළේ ජංගම දුරකථන මිල දරාගත නොහැකි අන්දමින් ඉහළ නැඟ ඇති බවත් ජංගම දුරකථන අත්‍යවශ්‍ය භාණ්ඩ ගොඩට දමන ලෙසත් සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (16දා) පැවසීය. ජංගම දුරකථන මිල සියයට 300කින් සියයට 400කින් වැඩිවුණු නමුත් අඩු වී ඇත්තේ සියයට 30කින් 35%කින් බවද හෙතෙම කී... |
"චිරං ජයතු නාහිමියනි…!" | "අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක, අනුරාධපුර මහ විහාර පිරිවෙන් කෘත්‍යාධිකාරී, ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතන නාහිමිපාණන්ගේ හැත්තෑ වැනි ජන්ම දිනය ඊයේට (15) යෙදී තිබිණි. එහෙයින්ම, නාහිමියන් විසින්ම රචනා කරන ලදුව අප වෙත යොමු කළ මේ කවි පද උන්වහන්සේට උපහාර පිණිස මෙසේ පළ කරමු. පොරණ සිරිත... |
"ක්‍රිකට් හේදෙයි…" | "පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයට පිවිසීමට තිබූ අවස්ථාවද ගිලිහී යෑමෙන් පසු පුහුණු උපදේශක, හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනකු අපේක්ෂාභංගත්වයට පත්ව සිටි ආකාරය. ඡායාරූපය – සමීර පීරිස් (අන්තර් ජාලයෙනි)" |
"ඡන්ද බලාගෙන පාස්කු කතා එපා" | "පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරනවා යැයි කියමින් ඉදිරි මැතිවරණවලදී ජනතාවගේ ඡන්දය ලබාගැනීමට දේශපාලන පක්ෂ සැලසුම් කරන්නේ යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසීය. වඩුමුල්ල යහපත් අනුශාසනාදායක දේවමාතා දෙව්මැඳුරේ 75 වැනි ජයන්ති උත්සවයේදී පැවති විශේෂ දේව මෙහෙයේදී කාදිනල් තුමා මේ බව පැවසීය. නෝමන් ප... |
"උතුරෙන් සජිත්ට විකල්පයක්" | "උතුරේ ගැටලු විසඳීමට සාධනීය මැදිහත්වීමක් නොකරන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයේ දී විකල්පයක් ලෙස පොදු අපේක්ෂකයකු පිළිබඳ යෝජනාවක් ද උතුරේ දෙමළ පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පවසා ඇත. සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතියේ උතුරේ කළ සංච... |
"13 අතකොළුවක් නොවේ" | "දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යයනයක් කළ යුතු බවත් 13 වැනි සංශෝධනය මැතිවරණ සමයේදී දේශපාලන අතකොළුවක් ලෙස භාවිතා නොකරන ලෙස සියලු දේශපාලන පක්‍ෂවලින් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. 13 වැනි සංශෝධනය... |
"ෆයිසර් පාඩුව බිලියන 1.4ක්" | "කොවිඩ් වසංගත සමයේ මෙරටට ගෙන්වනු ලැබූ ‘ෆයිසර්’ එන්නත් ලක්ෂ 75ක තොගයක් කල්ඉකුත්වීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 1.4ක පාඩුවක් සිදුව ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ. එම එන්නත් තොගය නිසි කළමනාකරණයකින් තොරව සහ සීමාව ඉක්මවා මිලදී ගැනීමට පියවර ගෙන තිබීම හේතුවෙන් මෙලෙස මහජන මුදල් අවභාවිතයක් සිදුව ඇතැයි ද වෛද්‍ය හා සිවිල් අයිතිවා... |
"සජබ 4ක් ලංසලාට?" | "සමගි ජන බලවේගයේ ප්‍රබල මන්ත්‍රීවරුන් සිව්දෙනකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ නිමල් ලන්සා ඇතුළු නව සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර ඉතාම රහසිගත හමුවක් පසුගියදා බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයක පවත්වා ඇත. මෙම හමුව සඳහා පැමිණි සජබ මන්ත්‍රීවරුන් ඔවුන්ගේ ආරක්ෂකයින් පවා ඒ සඳහා සහභාගි නොකරගෙන සාකච්ඡාව සඳහා ... |
"විජයදාස නව සන්ධානයකින්" | "අධිකරණයෙන් විසඳුමක් නොලැබුණහොත් නව සන්ධානයක් යටතේ නව ලකුණකින් ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. දිගින් දිගටම වාරණ පැනවූවත් කරුණු ඉදිරිපත් කළ අධිකරණය තදින්ම ... |
"රනිල්ට කල් දෙන්න පොහොට්ටුව කැමැති නෑ" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය දීර්ඝ කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් පැමිණයහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊට කිසිසේත්ම සහයෝගය ලබා නොදෙන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිපත්තියක් ලෙස මැතිවරණ කල් දැමීමට ... |
"බම්බලපිටියේ ඥාණාලෝක ස්වාමීන් වහන්සේ යුරෝපා සංචාරයක" | "අතිපූජ්‍ය බම්බලපිටියේ ඥාණාලෝක ස්වාමින් වහන්සේ යුරෝපා සංචාරයක් සඳහා පසුගිය ජූනි දෙවන ඉරිදා ශ්‍රී ලන්කන් යූ.එල්. 503 දරන ගුවන් යානයෙන් ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළට වැඩම කළහ. උන්වහන්සේ පිළිගැනීම සඳහා එංගලන්තයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් ගාල්ලගේ මහතා ඇතුළු සංවිධායක මණ්ඩලයේ සැදැහැවත් පිරිසක් පැමිණ සිටියහ. එංගලන්තයට ඒමට පෙ... |
"දුම් සහතිකේ දෙන තැනින්ම ආදායම් බලපත්‍රත්" | "රථවාහන සඳහා දුම් සහතික නිකුත් කරන ස්ථානවලදීම වාහනයේ රක්ෂණ සහතිකය සහ ආදායම් බලපත්‍රය ද ලබා ගත හැකි වැඩසටහනක් සකස් කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවසීය. වාර්ෂික බලපත්‍ර ලබා ගැනීමේදී වාහන හිමිකරුවන් මුහුණ දෙන අසීරුතා අවම කිරීම සඳහා මෙසේ එකම ස්ථානයකින් සහතික තුනම ලබාගැනීමේ පහසුකම් ඇති කරන බව ඇමැතිවරයා ... |
"හෝටල් ලක්‍ෂයක් වැහිලා" | "සංචාරක හෝටල් මේ වනවිට ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වැසීගොස් ඇති බවත්, සංචාරක හෝටල් කර්මාන්තය දියුණු කිරීමට රජය මැදිහත් විය යුතු බවත් ශ්‍රී ලංකා සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ උප සභාපති ප්‍රියන්ත තිලකරත්න මහතා “දිවයින ඉරිදා සංග්‍රහය” ට පැවසීය. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් හා කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සංචාරක හෝටල් කර්මාන්තය කඩා... |
"කෞතුක භාණ්ඩ 7157ක් අස්ථානගත වෙලා" | "මෙරටට නිදහස ලැබීමටත් පෙර සිට (1877 සිට 1957) ඉකුත් වසර අසූවක කාලයේ දී කෞතුක භාණ්ඩ වර්ග 07කට අයත් භාණ්ඩ 7157ක් මෙරට කෞතුකාගාරවලින් අස්ථානගත වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. 2022 වර්ෂයට අදාළව සිදුකරනු ලැබූ කෞතුක භාණ්ඩ සමීක්ෂණ වාර්තාවට අනුව 1877 සිට 1957 දක්වා කාලයේ දී මෙකී කෞතුක භාණ්ඩ අස්ථානගත වී ඇති බව විගණනය මග... |
"ග්‍රාම නිලධාරි අඛණ්ඩ වර්ජනයක්" | "ලබන 24 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන සාකච්ඡාවලදී සිය ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් ග්‍රාම නිලධාරීන් 14,000ම අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවැසීය. දැනට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවද හෙතෙම කීය.... |
"රණවිරු දඩයමට ස්විස් කාර්යාලයක්" | "එල්ටීටීඊ යුද්ධයේ සටන් පෙරමුණේ සිටි රණවිරුවන් විසින් යුද අපරාධ සිදු කරන ලදැයි චෝදනා කර එම විරුවන්ට සහ දේශපාලන නායකත්වයට එරෙහිව යුද අපරාධ සම්බන්ධව සාක්ෂි එකතු කිරීම සඳහා බාහිර යාන්ත්‍රණයක් අවුරුදු 02ක සිට ස්විට්සර්ලන්තයේ ජිනීවාහි 46/1 යෝජනාව අනුව පිහිටුවා ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති ආචාර්ය ... |
"මුද්‍රණාලයට කෝටි 8ක පොලු" | "රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත රාජ්‍ය හා පෞද්ගලික ආයතන 21කින් අයවිය යුතු රුපියල් අටකෝටි දහතුන් ලක්ෂ හතළිස් අටදහස් තුන්සිය හැට පහක (81,348,365) මුදලක් 2023 වර්ෂයේ දී අය කර ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙකී සෑම රාජ්‍ය ආයතනයකින් ම රුපියල් මිලියනයකට වඩා වැඩි මුදලක් මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත අය වීමට තිබූ බව ... |
""අනධ්‍යයන සේවකයෝ 13,000ක් කොළඹට"" | "මාසික හිලව් දීමනාව වැඩි කිරීම, 2016 වැටුප් විෂමතාවය නිවැරදි කිරීම යන ඉල්ලීම්වලට රජය පාර්ශ්වයෙන් ප්‍රතිචාර නොදක්වමින් කල්මැරීම හේතුවෙන් අනිද්දා (18දා) දහවල් විශ්වවිද්‍යාල දාහතේම අනධ්‍යයන සේවකයන් දහතුන් දහසක පිරිසක් කොළඹට කැඳවා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ භාණ්ඩා... |
"අපේ අය ගැන හොයන්න විදෙස් අමාත්‍යාංශය ලබන සතියේ රුසියාවට" | "රුසියානු සහ යුක්‍රේන යුද්ධයේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සේවය කිරීමට ගොස් අතුරුදන් වූ ශ්‍රී ලාංකික හමුදා භටයන් පිළිබඳව තොරතුරු නිල වශයෙන් අනාවරණය කර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඉදිරි සතිය ඇතුළත රුසියාවට යෑමට නියමිතව ඇත. මේ අතර මෙම යුද්ධයේදී මියගිය හිටපු හමුදා භටයන්ගේ සහ තුවාල ලබා සිටින පිරිස හඳුනා... |
"කොලිටි නැති බෙහෙත් වර්ග 421ක් භාවිතයෙන් ඉවතට" | "ඖෂධවල ගුණත්වය පිළිබඳ ගැටලු හේතුවෙන් ඉකුත් වසර 09 ක කාලයේ දී (2015-2023.10.31) මෙරටට ආනයනය කරනු ලැබූ ඖෂධ වර්ග 421 ක් භාවිතයෙන් ඉවත් කිරීම හා භාවිතය තාවකාලිකව අත්හිටුවීම කර ඇත. ඒ වන විට එම ඖෂධවලින් සැලකිය යුතු ප්‍රමාණයක් රෝගීන් විසින් භාවිතා කර ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විශේෂ විගණන වාර්තාවක සඳහන් ව... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.