Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"කෙහෙළිය පාර්ලිමේන්තු නොඑයි"
"බාල ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින සෞඛ්‍ය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 05 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බව ඔහු පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.අසනීප තත්වයෙන් පසුවන හෙයින් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බවද එමගින් දන්වා ඇත...
"සෞඛ්‍ය අතිරේක ලේකම් අධිකරණයට ඉදිරිපත් කරයි"
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා අද මාළිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.සමන් රත්නායක මහතා, ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණු අතර, පැය 09කට අධික කාලයක් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරු ව ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි."
"විදුලි බිල අඩු කිරීමේ බාලගිරි දෝෂය"
"ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජිත විදුලි ගාස්තු අඩුකිරීමට අදාළව මහජන උපයෝගිතා කොමිසම සමඟ පැවති සාකච්ඡා ඊයේ දෙවැනි දිනටත් විසඳුමකින් තොරව අවසන්වී තිබේ. මණ්ඩලය ඊට අදාළ දත්ත ප්‍රමාණවත් පරිදි ලබා නොදීම හේතුවෙන් මේ තත්ත්වය නිර්මාණය වූ බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.මෙලෙස කල්යමින් තිබෙන්නේ මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්ම...
"විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්"
"2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි 6 වැනිදා සිට මැයි 15 දක්වා පැවැත්වේ. 2024 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරිදා පැවැත්ව...
"වැටුප් වැඩිකිරීම ගැන අහන්න මහ බැංකු නිලධාරීන් පක්ෂ නායක රැස්වීමට කැඳවයි"
"ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධ කරුණු විමසීම සඳහා එහි නිලධාරීන් ලබන 05 වැනිදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කැඳවීමට තීරණය කර ඇත. අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එය තීරණය කර තිබේ.05 වැනිදා පෙරවරු 10.30ට පක්ෂ නායක රැස්වීම පැවැත්වේ."
"ගෑස් මිල වෙනස් නොවේ"
"මාර්තු මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවන බවලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ලාෆ්ස් ගෑස් සමාගම ද පාරිභෝගිකයන්ට දැනුම්දෙන්නේ මාර්තු මාසයට අදාළව ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බවය."
"මාර්තු ඉන්ධන මිල ගණන්"
"මාර්තු මාසයේ දී ද දැනට පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇත.මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ සිට අදාළ මිල ගණන් සංශෝධනය විය යුතු විය. නමුත් මිල ගණන් සංශෝධනයකින් තොරව, පවතින මිල ගණන් යටතේම ඉන්ධන අලෙවිය සිදුකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත."
"අද කාලගුණය"
"නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.උතුරු, උතුරු-මැද, වයඹ, ඌව ...
"දකුණට හෙට ශෝක දිනයක්"
"අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය රොනීද මැල් මහතාගේ අවසන් කටයුතු සිදුකිරීම හේතුවෙන් හෙට (01) දකුණු පළාත සඳහා ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර ඇතැයි දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා පවසයි.ඒ අනුව දකුණු පළාත තුළ පිහිටි සියලුම රාජ්‍ය ආයතනවල හෙට දිනයේ ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසට ඉල්ලීමක් ද කරයි."
"කෙහෙළිය වන්දි ඉල්ලයි"
"ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලීන් නැමැති ප්‍රතිජීවක එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනඑනු ලැබීය. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත ...
"සඳුදා සිට RMV යන හැටි"
"මාර්තු මස 04 වනදා සිට දිවයිනේ පිහිටි ඕනෑම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලකින් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි. ඒ සඳහා ස්වයංක්‍රීය දුරකථන අංකයක් හා වෙබ් අඩවියක් හඳුන්වා දි ඇති බවද සඳහන් කරයි.එම දුරකථන අ...
"සුමන්දිරන්ගේ පෙත්සම ඉවතට"
" මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ ආකාරය නීතියට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන ම...
"නාගානන්දගේ නීතිඥධුරය අහෝසි කරයි"
"නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතීඥභාවය අහෝසිකරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කර ඇත.ඒ අනුව ඒ මහතාට මින් ඉදිරියට නීති වෘත්තියේ යෙදීම නොහැකිය."
"පොලිස්පති රාජකාරි අරඹයි"
"ශ්‍රී ලංකා පොලිසියේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා අද උදෑසන පොලිස් මූලස්ථානයේ දී සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය."
"අද කාලගුණය"
"නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.මධ්‍යම කඳුකරයේ නැගෙනහිර...
"ශ්‍රීලනිපයත් ඩලස්ලාත් කතානායක ගැන තීරණයක් ගනී"
"සමගි ජන බලවේගය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ගෙඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ සැලකිල්ලට නොගනිමින් සමාජ මාධ්‍ය නියාමන පනත සම්මත කරගැනීමට කටයුතු කර ඇති බව විපක්ෂය කථානායකවරයාට චෝදනා කර සිටී. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථ...
"රොනීගේ අවසන් කටයුතු මාතරදී"
"අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතාගේ දේහය අද (28) සවස 2 සිට හෙට (29) සවස 2 දක්වා කොල්ලුපිටිය, චාර්ල්ස් ඩ්‍රයිව්, අංක 5 දරණ එ් මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.පසුව දේහය හෙට සවස 2 ට රුහුණු විශ්ව විද්‍යාලයට රැගෙන ගොස් හවස 04 ට අවසන් කටයුතු විශ්ව විද්‍යාල භූමියේදීම සිදු කරන බවත් සම්බන්ධීකරණ ලේකම් විල්ප්‍රඩ් මහතා...
"ස්ථානාධිපති හිඟයෙන් ගම්පහ පෝලිම්"
" මගීන් විශාල ප්‍රමාණයක් භාවිතා කරන ගම්පහ දුම්රිය ස්ථානයේ කවුළු දෙකක් අද (28දා) දින වසා දැමීමට කටයුතු සිදුව ඇත. මේ හේතුවෙන් ගම්පහ දුම්රිය ස්ථානයේ දුම්රිය භාවිතා කරනු ලබන මහ ජනතාව දිගු කාලයක් ප්‍රවේශපත් ලබා ගැනීම සඳහා දිගු පෝලීම් වල රැදී සිටිමට සිදුවිය."
"ඇල්පිටිය ප්‍රා සභාව සුනේ සුන්"
"ඇල්පිටිය ප්‍රාදේහීය සභාවේ අයවැය මෙවරද පරාජයට පත් වීම හේතුවෙන් අද(28දා) සිට එම පාලනය ශූන්‍ය විය."
"පාසල් දරුවන්ට අව්වේ යන්න එපා කියයි"
" දැනට පවතින අධික උණුසුම තවදුරටත් ඉහළ යා හැකි බැවින් අද (28) හෙට (29)සහ අනිද්දා (01) යන දිනවල පාසල් සිසුන් එළිමහනේ රැඳවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටී. ඒ අනුව කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්වය ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු හෝ ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකමකට හෝ යෙදවීම...
"මහරගම බිත්තියක් කඩා වැටී පුදගලයකු මරුට"
"මහරගම හයිලෙවල් මාර්ගය ආසන්නයේ ගොඩනැගිල්ලක් කඩා ඉවත් කරමින් සිටි සේවකයින් දෙදෙනෙකුගේ ඇඟ මතට බිත්තියක් කඩා වැටී එක් පුදගලයකු (45) ජීවිතක්ෂයට පත්ව තිබේ. එම බිත්තියට යටවීමෙන් අදාළ සේවකයින් දෙදෙනා තුවලා ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර එලෙස ඇතුළත් කිරීමේදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත. මෘත ශරීරය මේ වනවිට කළුබෝවිල රෝහ...
"මෛත්‍රීගේ පවුල් සෞඛ්‍යය සජිත් ගනී"
" සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ ජාතික පවුල් සෞඛ්‍ය සේවා ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සහ රෝග නිවාරණ ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ විධායක සාමාජික ධුරය සඳහා එම්. ජී. දේවිකා කොඩිතුවක්කු මහත්මියව පත් කිරිමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ. ඇය රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ධුරය දරන අතර ද...
"විදුලි සැර අඩුවෙන හැටි අද කියයි"
"විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ අද (28) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා කියා සිටියේ නව ගාස්තු සංශෝධනයට අනුව සියයට 18කින් පමණ විදුලි ගාස්තු අඩුවීමක් සිදුවනු ඇති බවය.කෙසේවෙතත් එම අමාත්‍යංශ අධීක්ෂණ කාරක සභාවේ මතය වූයේ ...
"රජීව් ඝාතක ශාන්තන් ගාන්ධි රෝහලේදීම මරුට"
"හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා ඝාතන සිද්ධියට වරදකරුවකු වී පසුව නිදහස ලැබු යාපනයේ ශාන්තන් නැමැත්තා ඊයේ (27දා) ඉන්දියාවේ රජිව් ගාන්ධි රෝහලේදී මියගොස් තිබේ. ඔහු වසර 32 කට පසුව සිය මව බැලීමට යාපනයට පැමිණීමට නියමිතව සිටියදී ඔහුට හදිසියේ වැළදුණු අක්මා රෝගයක් හේතුවෙන් ඔහුව රෝහල් ගත කොට සිටි අතර ඔහු ප්‍රතිකාර ලබම...
"අද උණුසුම වැඩියි"
"දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.මෙහිදි ප්‍රමාණවත්...
"රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි"
"හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මැල් අභාවප්‍රාප්ත වී තිබේ.මියයනවිට ඒ මහතා 99 හැවිරිදි වියේ පසුවිය.ඒ මහතා 1978 වර්ෂයේදී ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය."
"පොලිස් නිලධාරියෙක් වෙඩි තබා ගනී"
"මාතර කොටවිල අධිකරණ සංකීර්ණය අසළදී පොලිස් නිලධාරියෙකු වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇත.මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ කොටවිල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි සැරයන්වරයෙක් බව පොලිසිය පවසයි.ඔහු දීර්ඝ කලක් තිස්සේ ලෙඩ නිවාඩු වාර්තා කර සිට නැවත සේවයට පැමිණ මෙලෙස අද කොටවිල අධිකරණ සංකීර්ණයේ පොලිස...
"නව පොලිස්පති අධිකරණයට වූ පොරොන්දුව"
"යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව,ඇති චෝදනා පැමිණිල්ල කළ පුද්ගලයා ගැන විස්තර අත්අඩංගුවට ගන්නා අයට දැනුම්දීම සම්බන්ධයෙන් උපදෙස් හා මාර්ගෝප දේශ මාලාවක් සකස් කර සියලු පොලිස් ස්ථානවලට බෙදාහරින බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණයට අද පොරොන්දු විය.ෆේස් බුක් සටහනක් සම්බන්ධයෙන් අත්අ...
"දක්ෂිණ අධිවේගයේ මාරක රිය අනතුරක්"
" දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. අධිවේගී මාර්ගයේ කම්කරු සේවකයින් දෙදෙනෙකු එලෙස මියගොස් තිබේ. කොළඹ දෙස සිට පානීය ජලය ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් රාත්‍රියට විනිවිඳ පෙනෙන පුවරු සෝදමින් සිටි කම්කරුවන් දෙදෙනෙක් වෙතට කඩා වැදී මෙම අනතුර සිදුව ...
"ශ්‍රී ලංකන් ගුවන් ගමන් හයක් අවලංගු කරයි"
"කටුනායක ගුවන් තොටුපොළෙන් අද පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් ගමන් වාර 06ක් අවලංගු කර ඇතැයි කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. ඉන්දියාව , මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා මෙලෙස සිය ගුවන් ගමන් අවලංගු කර තිබේ."
"උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙයි"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත භාරදී ඇත.ඔහු ජාතික නිදහස් පෙරමුණ පක්ෂය යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් 2020 වසරේදී මහ මැතිවරණයට තරග කළ පාර්ලිමේන්තුවට තේරීපත් විය."
"ගාසා හි ළමා අරමුදලට කැබිනට් අනුමැතිය"
" ගාසා හි ප්‍රචණ්ඩත්වයට ගොඳුරුවූවන්ට සහන සැලසීම සඳහා ගාසා හි ළමා අරමුදලක් නිර්මාණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි. මෙම යෝජනාවට අනුව සියලුම අමාත්‍යාංශ සහ රජය ආයතන විසින් ඉෆ්තාර් සැමරුම් අත්හැර මෙම අරමුදලට දායක වීමට ද...
"විශ්වාසභංගයට උත්තර ලංකා සහාය"
"කථානායකවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා සහාය ලබාදීමට උත්තර ලංකා සභාගය තීරණය කර ඇත.මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත කිරීමේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් විපක්ෂය විසින් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර තිබේ.ඒ සඳහා උත්තර ලංකා සභාග...
"යතුරුපැදියකින් ඇවිත් අහසට වෙඩි තබයි"
"වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයට අද උදෑසන පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර පළා ගොස් ඇත.පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අදාළ පුද්ගලයින් යතුරුපැදියකින් පැමිණ ටී 56 වර්ගයේ ගිනිඅවියකින් අහසට වෙඩි තබා පළා ගොස් ඇති බවය."
"අද කාලගුණය"
"නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අද (27) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් සවස් කා...
"පරාටේ නීතිය තාවකාලිකව නවතී"
"පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට අද සවස පැවති කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.ඒ අනුව 2024 දෙසැම්බර් මස 15 වනදා දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවනු ලබයි.අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් කළ ඉල්ලීමකට අනුව මුදල් ඇමති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසි...
"නව පොලිස්පති දේශබන්ධු"
"මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර තිබේ. ඊට අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අද සවස ලබාදී තිබේ."
"මාර්තු 12 දක්වා ග්‍රහලෝකාගාරය වැසේ"
"ග්‍රහලෝකාගාරය හෙට (27) සිට දින මාර්තු 12 දක්වා කිහිපයක් වසා දැමීමට තීරණය කර ඇත. ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ග්‍රහලෝකාගාරය වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි."
"උෂ්ණත්වයෙන් දරුවන්ගේ ආරක්ෂාවට මාර්ගෝපදේශ"
"අධික උෂ්ණත්වය හමුවේ ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් දැනුවත් කරන ලෙස සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුම්දී ඇති බවය. ඊට අදාළ මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ."
"අයිස් සමග අනුරාධපුර කොස්තාපල් මාට්ටු"
"අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව පරිගණක පණිවිඩ ක්‍රියාකරුවකු ලෙස රාජකාරී කල කොස්තාපල්වරයෙකු ඊයේ (26දා) අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පෝයස්ථාන පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිට දැනට මිහින්තලය රුවන්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින 30වන වියේ පසුවන කොස්තාපල්වරයෙකි...
"තෙල් විකුණනන්න ඕස්ට්‍රේලියාවත් එයි"
"මෙරට තුළ ඉන්ධන ව්‍යාපාර කිරීම සඳහා ඕස්ට්‍රේලියානු සමාගමක් වන යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමට අවසරය හිමිව තිබේ. ඊට අදාල ගිවිසුම එම සමාගම සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය අතර ගිවිසුම පසුගිය 22 වැනිදා අස්සන් කළේය. මෙරට ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් 150 ක් එම සමාගම ට පැවරීමට සහ නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදිකිරීමට අවස්ථාව ...
"කතරගම මස් වැද්දා ගිණි බටය එක්කම අල්ලයි"
"කතරගම හා අවට හෝටල් සදහා දඩ මස් තොග වශයෙන් බෙදා හැරීමේ නිරත 37 හැවිරිදි පුද්ගලයෙකු මෙරට නිශ්පාදිත ගිණි අවියක් සමග කතරගම පොලිසිය විසින් 25 සවස අත්අඩංගුවට ගෙන තිබේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම ගෝතමිගම පදිංචි 37 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.සැකකරු සම්බන්ධයෙන් කතරගම පොලිස් නිළධාරීන්ට ලද පුද්ගලික තොරතුරක් මත නිළධාරීන් කණ්...
"පාඨලී සජබය හමුවේ"
" එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු .දේශය වෙනුවෙන් එක්වන පියවරක්. ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂල සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සමග මින් පෙර සාකච්ඡා කරන ලදි. එහි තවත් පියවරක් ලෙස සමගි ජන බලවේගය සහ එක්සත් ජනරජ පෙර...
"උරුමය ඔප්පු ඉල්ලුම් කිරීමට ක්ෂණික අංකයක්"
"උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන සඳහා ඉල්ලුම් කිරීමට ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබාදුන් බව ජනාධිපති කාර්යාලය කියයි. ඒ අනුව දිනපතා පෙරවරු  8.30 සිට රාත්‍රී 8.30 දක්වා 1908  ක්ෂණික ඇමතුම් අංකය සහ 0114 354600/ 0114 354601 දුරකථන අංක ඔස්සේ ජනාධිපති කාර්යාලයේ, උරුමය ජාතික මෙහෙයුම් කාර්යාලය සමඟ සම්බන්ධ වීමෙන් ජනත...
"කතානායකට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්"
" මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තීන් එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දු හා තීරණවලට පටහැනිව සම්මත කර ගන්නා බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් ඉදිරිපත් කර සිටියදී එම විරෝධතා නොසලකා හරිමින් එකී ශ්‍...
"හැනිබල්ට ටොක්කක්"
"නිපන්දු සිදුවීමට අදාළව ලින්ඩන් හැනිබල් හට අයිසීසී යෙන් දඬුවමක් පනවා ඇත. ඒ ඔහුගේ ලකුණු අඩු කරමිනි. ඒ සමඟම ඔහු විනිසුරු ශ්‍රේණිගත කිරීම් හි පහල තත්වයකට පත්වන අතර ඔහුට ලැබෙන ජාත්‍යන්තර තරඟ ගණනද අඩු වෙනු ඇත."
"කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයකු කටුනායකදී දැලේ"
"කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු කැලුම් මුදන්නායකව අපරාධ පරීක්ෂණ විසින් අත්අඩංගුවට ගෙන ඇත. විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවු නවක වධය සිදුවීමක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. කැලුම් මුදන්නායක පොලීසිය මඟහැර සිටි අයෙකු වන අතර ඔහු කටුනායක ගුවන්තොටුපොළින් විද...
"ඇල්පිටියේ PHI වෙඩි තබා මරයි"
"ඇල්පිටිය, පතිරාජ මාවතේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 51 හැවිරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු බවය."
"අද කාලගුණය"
"අද සිට නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේ.නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව සඳහන් වේ.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ...
"ජම්පටාවීදිය වෙඩි තැබීමට හේතු හෙළිවෙයි"
"කොළඹ ජම්පටාවීදිය පොලිස් මුරපොළ ආසන්නයේ ඊයේ දහවල් සිදුකළ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ 55 හැවිරිදි මොහොමඩ් රිල්වාන් නමැති පුද්ගලයෙකි.ඔහු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පූකුඩුකන්නාගේ සමීපතයෙකු බව හෙළිවී ඇත.ඔහු හේනමුල්ල මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකි.කලක පටන් පූකුඩුකන්නා සහ කුඩු සෙල්විගේ පුතාවන රිමෝෂන් නැමැත...
"තිලකරත්න ඩිල්ෂාන්ට ඕස්ට්‍රේලියානු පුරවැසි බව"
"ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් හට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිව තිබේ.එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජේසන් වුඩ් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.එසේම ඉදිරියේදී ඩිල්ශාන් විසින් එරට ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී මෙහෙයක් සිදුකරනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඒ මහතා තැබ...
"ජම්පටාවීදියේ වෙඩි තැබීමක්"
"කොළඹ ජම්පටාවීදිය ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබේ.වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත."
"මහ බැංකු සේවක වැටුප් වැඩිවූ හැටි"
"ශ්‍රී ලංකා මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පසුගිය පාර්ලිමේන්තු සැසිවාරවල දී මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සිදුකළ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් සිය අවධානය යොමුවූ බව නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසයි.එම වැටුප් වැඩි කිරීම ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව වෘත්තිය සමිති හා එළැඹ ඇති එකඟතා ගිවි...
"ශ්‍රීලන්කන් වෙතින් නිවේදනයක්"
"අද උදෑසන සිදු වූ ගුවන් ගමන් ප්‍රමාදය පිළිබඳ ශ්‍රීලන්කන් ගුවන් සේවය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.එම ප්‍රමාදයන්, තාවකාලික සහ සැලසුම් නොකළ මෙහෙයුම් තත්ත්වයක් නිසා සිදු වූවක් බව ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කර ඇත.එය කිසිදු ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා සිදු වූවක් නොවන බව ද එම සමාගම දක්වා තිබේ.එසේම, ප්‍රමාදය...
"චීන කතක් අත්අඩංගුවට"
"රුපියල් ලක්ෂ 84කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකාර කාන්තාව ඊයේ (24) කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.මෙම කාන්තාව ව්‍යාපාර කටයුත්කත් සඳහා රුපියල් ලක්ෂ 84කට අධික මුලක් ලබාගෙන නැවත ලබා නොදී වංචා කිරීමක් සම්බන්ධ ව පසුගිය ජනවාරි 31 වැනි දා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට ...
"ශ්‍රීලන්කන් ප්‍රමාදයක්"
"ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 04ක් අද (25) උදෑසන සිට ප්‍රමාද වී තිබේ.භූමි කාර්‍ය මණ්ඩලය (ground staff) සිය රාජකාරි කිහිපයක් ඉටු කිරීමෙන් වැළකී සිටීම නිසා මෙම ප්‍රමාදය සිදු වී ඇත."
"අද කාලගුණය"
"බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (25) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය.සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථා...
"සජිත් හෙළි කළ රහස"
"තමා දැන් දියණියක සිටින පියෙකු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මහනුවර මහයියාව ප්‍රදේශයේ දී පැවැති සමගි ජනබලවේගය පක්ෂයේ කාන්තා සමුළුවේදී පැවසීය.තමාට ද දැන් වෙනදාට වඩා දරුවන් ගැන දැනෙන බවත් එනිසා රටේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා උපරිම අයුරින් කැප වෙන බවත් කීවේය."
"නව සන්ධානයේ දෙවැනි රැළිය ඇරඹේ"
"ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගනිමින් නව සන්ධානයේ දෙවන ජන රැළිය කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී අද (24) පස්වරු 2.30 ට ඇරඹිනි.නව සන්ධානයේ මහජන රැළි මාලාවේ දෙවන රැළිය සදහා රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක, බස්නාහිර පළාත් හිටපු ප...
"පාඨලී ජනපති හමුවේ"
"දේශය වෙනුවෙන් එක් පෙරමුණක් මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය එම පෙරමුණ නායක පාඨලී චම්පික රණවක මහතා විසින් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතදී පිලිගන්නවා ඇත. අද පෙරවරුවේ දී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් ජනාධිපතිවරයා හමුවී සාක...
"මහබාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු යුද හමුදාවේ"
"මහබාගේ ප්‍රදේශයේ දී ඉකුත් 21 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අවශ්‍ය ව සිටි ප්‍රධාන සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින, යුද හමුදා චෙංකලඩි කඳවුරේ හතර වැනි ගැමුණු හේවා බලඇණියේ සේවය කරන කෝප්‍රල්වරයෙකි.සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්...
"මහ බැංකු ලොක්කෝ මුදල් කමිටුව හමුවට"
"රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 කින් වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන කාරණය සම්බන්ධයෙන් එම බැංකුවේ ප්‍රධානීන් ළගදීම කැඳවා ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව ඇතුළු කමිටු කිහිපයක් තීරණය කර ඇත. මේ ආකාරයට වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන...
"මියන්මාරයේ තානාපතිගෙන් හෙළිදරව්වක්"
"මියන්මාරයේ ත්‍රස්තවාදීන් යටතේ පාලනය වන සයිබර් අපරාධ කඳවුර වෙත තවත් ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් දෙකක් පැමිණිමට නියමිතව ඇති බවට තමාට වාර්තා වූ බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසයි. තානාපතිවරයා පවසන්නේ එම කඳවුරේ දැනට රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීමට නොහැකි පසුබිමක තවත් කණ්ඩායමක් එම කඳවුරට පැමිණීමෙන...
"වනිදුට තරග තහනමක්"
"ඇෆ්ගනිස්තානයට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉකුත් 21දා පැවැති විස්සයි20 තරගයෙන් පසුව විනය විරෝධීව හැසුරුණේ යැයි ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක වනිඳු හසරංගට තරග දෙකක තහනම් සහ තරග මුදලින් සියයට 50 ක දඩයක් පනවා ඇත.එම දඩුවමට අමතරව වනිඳුට දඩුවම් ලකුණු ද එකතු කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය ...
"සිනමාහල්වලින් කෝටි 37ක පොල්ලක්"
"ජාතික චිත්‍රපට සංස්ථාව දිවයින පුරා සිනමාහල්වලින් රුපියල් කෝටි 37 ක මුදලක් අය කර ගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.වසා දමන ලද සිනමාහල්වලින් රුපියල් කෝටි දාහතරක මුදලක්ද සිනමා ප්‍රදර්ශන මණ්ඩලවලට අයත්ව ක්‍රියාත්මක වන සිනමා ශාලාවලින් කෝටි විසිහතරක මුදලක්ද මෙසේ අය කරගෙන නැතැයි එම ...
"ගෞරව සම්මාන වලටත් නීතිය ක්‍රියාත්මක කරයි"
"නීත්‍යනුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම හා එලෙස ගෞරව නාම ලබාගැනීමට එරෙහිව නීත්‍යනුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරින්ට උපදෙස් දී තිබේ.එක් එක් නිශ්චිත නිර්නායක පදනම් කරගනිමින් විධිමත් ක්‍රමවේදයකට අනුව තෝරාගනු ලබන සුවිශේෂ ශ්‍රී ලා...
"සඳ මතුපිටට මූර්ති රැගෙන යයි"
"නාසා ආයතනය සහ ඇමෙරිකාවේ ඉන්ටුයිටිව් මැෂීන්ස් පෞද්ගලික තාක්ෂණික සමාගම එක්ව සදට යැවූ ඔඩ්සියස් නැමැති රොබෝ යානය සදේ දක්ෂිණ ධ්‍රැවයේ මැලපර්ට් නැමැති ආවාටයට අද සාර්ථකව ගොඩ බස්සවා ඇත. ඔඩ්සියස් යානය සද වෙත රැගෙන යාමට පෘථිවි කක්ෂයට රැගෙන ගියේ ඇමෙරිකානු බිලියනපති ව්‍යාපාරිකයෙක් වන ඉලෝන් මස්ක්ට අයත් ස්පේස් එක්ස් සමාගමේ ෆෝල්කන් ...
"මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය සජබට"
"හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සමගි ජන බලවේගය හා එක්විය.ඔහු අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගයට සහයෝගය පළකර ඇත.සමගි ජන බලවේගයට එක් වූ ඒ මහතා ‘දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ ප්‍රධානියා’ ලෙස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දූෂණ විර...
"ජනපති සහ රිචඩ් වර්මා අතර හමුවක්"
"මෙරට නිල සංචාරයක නිරතව සිටින කළමනාකරණය සහ සම්පත් සඳහා වූ ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආර්.වර්මා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව සිදුවූ බවය."
"UGC වෙනුවට අලුත් එකක්"
"විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට උසස් අධ්‍යාපන සංවර්ධන කොමිෂන් සභාව නම්වූ නව ආයතනය කඩිනමින් සක්‍රීය කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊට අදාළ කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමෙන් අනතුරුව...
"කන්දකින් වැටී තරුණයෙක් මරුට"
"ඇල්ලේ කඳු තරණයට ගිය විසි දෙක හැවිරිදි තරුණයකු ඇල්ල ගම්මානයට ඉහළ කන්ද තරණය කරද්දී කඳු මුදුනේ සිට ප්‍රපාතයකට ඇද වැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්වී ඇතැයි ඇල්ල පොලීසිය පැවසීය.මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ මොරගොල්ල, බේරුවල පදිංචිව සිටි විසි දෙක හැවිරිදි තරුණයෙකි.මිතුරකු සමග ඇල්ලවැල්ලවාය මාර්ගයේ පහළ ඇල්...
"දෙහිවල රිය අනතුර මනුෂ්‍ය ඝාතනයක් බව හෙළිවේ"
"දෙහිවල කඩවත පාර ප්‍රදේශයේදී ඊයේ පෙරවරුවේ සිදුවූ රිය අනතුරේදී දී මෝටර් රථකරු යතුරු පැදිකරුව හිතාමතා අනතුරට ලක්කර ඇතැයි සිදුකළ මූලික විමර්ශන වලදී හෙළිවී ඇත.ඒ අනුව මනුෂ්‍ය ඝාතන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු මාර්තු මස 07 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. දෙහිවල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් 30 හැවිරිදි වියේ පස...
"බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ ජංගම දුරකථන"
"බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු රඳවා සිටි සිරමැදිරිවලින් ජංගම දුරකථන සහ උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බළකාය සිය භාරයට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ තාරකගේ සහෝදරයා රැඳීසිටින සිරමැද...
"ගෝල්ෆේස් අරගල බිම ගැන ඇමැති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්"
"ගෝල්ෆේස් අරගල භූමිය කිසිදු ආයෝජකයෙකුට ලබා දී නොමැති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. එම ප්‍රදේශය කැසිනෝ ව්‍යාපාරයකට බදු දීමට සූදානම් වන බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශය සාවද්‍ය පදනම් විරහිත හා ජනත...
"ලංවිම මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි"
"ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. නොයෙල් ප්‍රියන්ත මහතා පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයක් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ අතර ඒ සම්බන්ධයෙන් ඔහු පසුව සිය කනගාටුව ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් ...
"කිරිඇල්ලගේ ඉල්ලීම"
" කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධුර විපක්ෂයට ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය. මෙම ධුර විපක්ෂයට ලබා දෙන බවට ගත වූ අරගල සමයේ දී කථානායකවරයා විපක්ෂයට ලිඛිත ව පොරොන්දු වූ බව ද ඒ මහතා සඳහන් කළේ ය. ඒ අනු...
"දිස්ත්‍රික් කිහිපයක් අද උණුසුම්"
"පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.වයඹ පළාත සහ ගම්පහ, කොළඹ, හම්බන්තොට, මොණරාගල යන දිස්ත්‍රික්කවල අද (22) දිනයේ උණුසුම් දර්ශකය ඉහළ අගයක් ගනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මේ සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කළ ...
"ඇෆ්ගනිස්තානයට ලකුණු 03ක ජයක්"
"ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ පැවැති තෙවැනි සහ අවසන් 20යි 20 තරගයෙන් ඇෆ්ගනිස්තානය ලකුණු 03ක ජයක් වාර්තා කිරීමට සමත් විය.කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව ඔවුහු පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 209ක් රැස් කළ හ.රහමනුල්...
"බාලදක්ෂ ජම්බෝරිය ජනපති විවෘත කරයි"
"10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ත්‍රිකුණාමලය කෝනේෂ්වරා හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී විවෘත කළේ ය.මෙරට ප්‍රධාන බාලදක්ෂයා ලෙස ජනාධිපතිවරයා ඊට සහභාගී විය .ශ්‍රී ලංකාව සහ තවත් රටවල් 28ක බාලදක්ෂයන් 11,500කගේ සහභාගිත්වයෙන් ජාතික බාලදක්ෂ ජම්බෝරිය 26වැනිදා දක්වා පැවැත්වේ."
"වෘත්තීය සමිති 10කට අධිකරණ නියෝගයක්"
"වෘත්තීය සමිති 10කට ස්ථාන කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කර තිබේ.ඒ අනුව මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව සහ ජනාධිපති මන්දිරයට ඇතුළුවීම වළක්වමින් එම තහනම් නියෝගය නිකුත් කර ඇත.වරාය, විදුලි බල ඇතුළු ඒකාබද්ධ වෘත්තීය සමිති 10ක් සදහා මෙම නියෝගය නිකුත් කර තිබේ...
"විදුලි බිල අඩු වන හැටි"
"ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ හෙට දිනයේ අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට නියමිත බවය.ඒ අනුව ගෘහස්ථ ...
"පළාත් සභා පොලිස් බලතල ඉවත් කරන්නැයි යෝජනාවක්"
"පළාත් සභා වලින් පොලිස් බලතල ඉවත් කළ යුතු බවට යෝජනා කරමින් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනා කෙටුම්පතක් සභාගත කළේය.22 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා එය සිදු කළ යුතු බව ද සදහන් කළේය."
"මල්වානේ නිවස බලන්න අධිකරණ ඇමැති යයි"
"හිමිකරුවෙකු නොමැති වීම නිසා අධිකරණය විසින් අධිකරණ අමාත්‍යාංශය වෙත පවරනු ලැබූ මල්වානේ පිහිටි නිවස සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද එම නිවස පිහිටි ස්ථානය නිරීක්ෂණය කිරීමට යාමට තීරණය කර ඇත. මෙම නිවස හිටපු අමාත්‍යවරයකු වන බැසිල් රාජපක්...
"වෙඩි වැදුණු මස් මුදලාලි මරුට"
"අද උදෑසන මහබාගේ පොලිස් වසමේ ඇලපිටිවල හන්දිය ආසන්නයේ මස් වෙළෙඳසැලක හිමිකරුවෙකුට වෙඩිතබා ඝාතනය කර තිබිණි.යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.එලෙස මියගොස් ඇත්තේ කඳාන ප්‍...
"සෞඛ්‍ය සේවා ගැටලු විසදන්න කමිටුවක්"
"සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ අදහස් හා යෝජනා පිළිබඳ අමාත්‍යාංශ අවසන් යෝජනාවලිය ලබන 28 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සලකා බැලීමට පත්කළ විශේෂ කමිටුව ඊයේ (20) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වුණි.ඒ අනුව එම යෝජනාවලිය ද එළැඹෙ...
"පොහොට්ටු මන්ත්‍රීවරයෙක් තාවකාලික පැවිදි දිවියට"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තාවකාලික පැවිදි භාවය ලබා තිබේ.ඒ්, ඉන්දියාවේ බරණැස, ඉසිපතනාරාම මූල ගන්ධකුටි විහාරස්ථානයේදී ය.ගුණතිලක රාජපක්ෂ මහතා මෙලෙස තාවකාලික පැවිදි වීම සඳහා ඉන්දියාව බලා ගොස් තිබුණි.බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව සිදුකළ ඉසිපතනාරාමයේ මූල ග...
"තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි"
"පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසු එම අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පවරාගනු ලැබීය."
"බෙල්ලන විශ්‍රාම යන්න හදයි"
"ඕනෑම අවස්ථාවක විශ්‍රාම යෑමට සුදානමින් පසුවන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සදහන් කරයි.අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා ඒ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා පවසා මෙසේද පැවසීය. මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේත් සෞඛ්‍ය අංශයේත් ඉන්න උසස් නිලධාරීන් කටහඩේ බලයට ප...
"විදුලි බිල ගැන ඇමැති කියන කතා"
"විදුලි ගාස්තු අඩු කිරීම ගැන මීට පෙර සඳහන් කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.එම යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔවුන් ඒ සඳහා තීරණය ගනු...
"ත්‍රස්ත විරෝධී පනත නීතියක් වන හැටි"
"ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත ලබා දී තිබේ.අද (20) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය කථානායකවරයා විසින් එම තීන්දුව පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළේය.ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව පමණක් සරල බහුතරයකින් නීතියක් බවට පත් ක...
"ගුරු විදුහල්පති උද්ඝෝෂණයක්"
"වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබේ.එහි පළමු අදියර ලෙස අද (20) පස්වරුවේ මහනුවර නගරයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිත බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය."
"බොරැල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල"
"බොරැල්ල මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට මහල් නිවාස සංකීර්ණයක් අසල ඊයේ (19) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත .බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.වෙඩි ...
"අද කාලගුණය"
"නැගෙනහිර සහ ඌව පළාත්වල අද උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එසේම සබරගමුව පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද සදහන් කරයි. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක...
"ශ්‍රී ලංකාවට සුපිරි ජයක්"
"ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර ඊයේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72ක සුපිරි ජයක් හිමි කරගැනීමට සමත් විය. කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.ඒ අනුව පන්දුවට පහරදුන් ශ්‍රී ල...
"සිඳු ටෙලි නාට්‍යයේ සෝරත පොඩි හාමුදුරුවෝ සැබෑවටම සසුන්ගත වෙති"
"සිඳු ටෙලි නාට්‍යයේ පුංචි සෝරත හාමුදුරුවෝ චරිතයට පණ පෙවූ කවීෂ් විහග අද උදෑසන යෙදුනු සුභ මොහොතින් සැබෑවටම සසුන් ගත වී ඇත.පිළියන්දල සමිද්ධිරතන පොඩි පොඩි හාමුදුරුවෝ නමින් මාතලේ මාවතුපොල පෙතිගෙපිටිය රාජමහා විහාරස්ථානයේ දී මෙලෙස සසුන් ගත වී තිබේ.මීට මාස තුනකට පෙර කවීෂ්කගේ එකම සොහොයුරා ද සසුන්ගතවී ඇත."
"වෛද්‍ය බෙල්ලනට පරීක්ෂණයක්"
"ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.සෞඛ්‍ය සුළු සේවකයින් සම්බන්ධයෙන් වෛද්‍ය බෙල්ලන කළ ප්‍රකාශයක් ගැන මෙලෙස පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව අදාළ පරීක්ෂණය පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත ...
"වතු ජනතාවට නිවාස හදන සිව්වැනි අදියර ඇරඹේ"
"වතුකරයේ කම්කරු ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියරේ ඉදිකිරීම් කටයුතු අද ආරම්භ විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරු මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊට සම්බන්ධ වූහ.මෙම අදියර ය...
"සරත් ෆොන්සේකාට සති දෙකක රැකවරණයක්"
"සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ තනතුරු අත්හිටුවීම සහ තනතුරුවලින් පහකිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් අද නිකුත් කර ඇත.සරත් ෆොන්සේකා මහතා ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.එම වාරණ නියෝගය දින 14ක් දක්වා බලපැවැත් වේ. සමගි ජන බලවේගයේ නායක සජිත්...
"විස්සයි විස්ස දෙවැනි තරගය අද"
"සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද (19) පැවැත්වේ.තරගය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ දී පස්වරු 7ට ආරම්භ වීමට නියමිතය."
"උඩරට මැණිකේ පීලි පනී"
"අද පෙරවරුවේ බදුල්ල සිට නොවන බලා ධාවනය වූ උඩරට මැණිකේ සීග්‍රගාමී දුම්රිය රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව ඇත. මෙම දුම්රිය පීලි පැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි."