Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"කථානායකට එරෙහි විශ්වාසභංගය විවාදයට" | "කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදී ඇති විශ්වාසභංග යෝජනාව මෙම මස 19 වැනිදා සහ 20 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.එහි ඡන්ද විමසීම 20 වැනිදා සවස 4.30ට පැවැත්වේ." |
"ළහිරු තිරිමාන්න රිය අනතුරකට ලක්වේ" | "අනුරාධපුරය තිරප්පනේ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න තුවාල ලබා ඇත.ප්‍රතිකාර සඳහා ඔහු අනුරාධපුරය මහ රෝහලට ඇතුලත් කර තිබේ." |
"අද අලුයමත් දකුණේ වෙඩි ප්‍රහාරයක්" | " අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩන්තොට පොනදුව ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ නිරත පාතාල සාමාජික අගම්පොඩි සජිත් සමන් පියන්ත නොහොත් සමන් කොල්ලා නැමැත්තාගේ නිවසට අද අලුයම වෙඩි ප්‍රහරයක් එල්ල වී ඇත. වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි. තාප්පයට හා නිවසේ දොරට වෙඩි උණ්ඩ කිහිපයක් එල්ල වී ඇති අතරල අදා... |
"බංග්දේශයට කඩුලු 06ක ජයක්" | "ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය කණ්ඩායම අතර අද පැවැති පන්දුවාර 50 එක් දින ක්‍රිකට් තරගය කඩුලු 06කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 255ක් ලබා ගත්තේය.බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 44.4කදී කඩුලු 04ක් දැවී ලකුණු 257ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය. ... |
"වෛද්‍ය තුසිත සුදර්ශන අත්අඩංගුවට" | "ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා ව අත්අඩංගුවට ගෙන තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු මෙරටට පැමිණෙන විට අද කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබුණි." |
"ශ්‍රී ලංකාව 255 න් නවතී" | " සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිළ සියළු දෙනා දැවී ලකුණු 255ක් ලබා ගත්තේය.එහිදී ජනිත් ලියනගේ ලකුණු 67ක්ද නායක කුසල් මෙන්ඩිස් ලකුණු 59ක්ද ලබා ගන්නා ලදි." |
"මහ බැංකු පඩියට එරෙහිව මන්ත්‍රී යෝජනාවක් එයි" | "2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා විසින් ගෙනඑනු ලබන පෞද්ගලික මන්ත්‍රී යෝජනාව අද (13) පාර්ලිමේන්තු වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා වෙත භාරදී ඇත. මහ බැංකුවේ අත්තනෝමතික වැටුප් වැඩි කරගැනීම අවලංගු කිරීම සහ මහ බැංකුවේ සේවක වැටුප් වැඩි කිරීමේදී මුදල් අමාත්‍යව... |
"චීන කත දියණිය ලංකාවට දී පනී" | "කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී චීන කාන්තාවක් ඇයගේ කුඩා දියණිය මෙතෙක් කළ් බලාගත් ලාංකික සේවිකාවට භාර දී ආපසු පළා යමින් සිටියදී ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් විසින් ඇය ගුවන් යානයට ඇතුළුවීමට සූදානම් වෙමින් සිටියදී ඊයේ (12) දින රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ. ඇය 35 හැවිරිදි චීන ජාතික කාන්තාවකි. ඇය 58 හැවිරිදි ස... |
"ශ්‍රී ලංකාව පන්දුවට පහරදීම තෝරා ගනී" | "සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.ඒ අනුව ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය. තරඟය තව සුළු වේලාවකින් චිතගොංහිදී ආරම්භවීමට නියමිතය.අද තරගයට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය- අවිශ්ක ප්‍රනාන්දුපැතුම් නිස්සංකකුස... |
"ස්පා සැප සෙවූ සැරයන් පොලිසියට මාට්ටු" | "නිල ඇඳුමින් මහාධිකරණයට යන අතරවාරයේ සම්බාහන මධ්‍යස්ථානයකට ගිය පොලිස් සැරයන්වරයෙකු යක්කල පොලිස් පොලිස් ස්ථානය වෙත රැගෙන විත් නිල ඇඳුම පොලිස් භාරයට ගෙන ප්‍රකාශ ලබාගෙන මුදා හැර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කර සිටී, මෙලෙස මුදා හැර ඇත්තේ දොම්පෙ පොලීසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි. සැරයන්වරයා මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ... |
"ලක්ෂ 15 ක මදන ගුලි පුත්තලමේ" | "ලක්ෂ 15 ක මදන ගුලි පුත්තලමේරුපියල් ලක්ෂ 15 කට අධික වටිනාකමකින් යුත් මදන මෝදක ගුලි 4225 ක් සමග ගුලි බෙදාහැරිමේ නිරතවු ජාවාරම්කරුවෙකු මදුරන්කුලිය පොලිසිය මගින් අත්අඩංගුව ගැනීමට සමත් වී ඇත.මදුරන්කුලිය කනමුල්ල ප්‍රදේශයේ නිවසක සූක්ෂම ලෙස සගවා තිබියදී ඊයේ (12) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී තිබේ.පුත්තලම පොලිස් කොට්ඨාසය තුල... |
"පාස්කු ප්‍රහාරය ගැන ගෝඨා රහසක් කියයි" | "පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසීයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය විය යුතුව තිබුණේ ප්‍රහාරය සිදුව පැය 24 ක් ඇතුළත මහෙස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ බී වාර්තාවක් ගොනු කිරීම වුව ද එවැනි පියවරක් ඔවුන් ගෙන නොතිබු බැවින් ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට පොලිස්පතිවරයා, නීතිපතිවරයා සහ පොලිස් මුලස්ථානයේ පොලිස් ප... |
"දුම්රිය ආසන වෙන්කිරීම් වේලාවේ වෙනසක්" | "දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය මඟින් ඉදිරි ආසන වෙන් කිරීම් සඳහා විවෘත කරන වේලාව සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව කලින් ආසන වෙන් කිරීමේ ප්‍රවේශ පත්‍ර පද්ධතිය මගින් මෙතෙක් දින 30කට පෙර ආසන වෙන් කිරීම දිනපතා පෙරවරු 10 ආරම්භ වූ නමුත් නමුත් හෙට (14 දින) සිට ක්‍රියාත්මක වන පරිදි එය දිනපතා පස්වරු 07... |
"බංගලියන්ට එරෙහි පළමු තරඟය අද" | "සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය චිතගොංහිදී අද (13දා) පැවැත්වෙනු ඇත. තරඟය මෙරට වේලාවෙන් අද පස්වරු 02ට ආරම්භ වීමට නියමිතය" |
"කාලගුණයේ අලුත්ම තත්ත්වය" | "බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13දා) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඊට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී." |
"බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය" | "බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.එම සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත් ය.කුසල් මෙන්ඩිස් (නායක)චරිත් අසලංකපැතුම්, නිස්සංක,අවිශ්ක ප්‍රනාන්දු,සදීර සමරවික්‍රම,ජනිත් ලියනගේ,කමිදු මෙන්ඩිස් සහන් ආරච්චි,වනිඳු හසරංගම,හීෂ් තීක්ෂණ,දුනිත් වෙල්ලාලගේ,අකිල ධනංජය,චාමික කරුණ... |
"පරාටේ නීතිය සංශෝධන පනත් පාර්ලිමේන්තුවට" | "පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා අවශ්‍ය ණය අයකරගැනීමේ සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි මේ පිළිබඳ කරුණු පැහැදිලි කෙරුණි. ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණ... |
"කුළුබඩු ප්‍රතිඅපනයන ගැසට්ටුවේ වෙනසක්" | "ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ , ඉඟුරු , හා කරදමුංගු ආදි ශ්‍රී ලංකාවේ වැවෙන කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රති අපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දෙමින් රජය විසින් පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය කැබිනට් මණ්ඩලය විසින් අත්හිටුවා ඇත.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 11 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල සාක... |
"වෙඩි තැබීම් දෙකකින් හයක් මරුට" | "පිටිගල ගුරුවල හා අම්බලන්ගොඩ ගලගොඩ යන ප්‍ර දෙශවල දි ඊයේ රාත්‍රි වෙඩි තැබිම් දෙකකින් හය දෙනෙකු මියගොස් ඇති බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.පිටිගල ගුරුවල හොරංගල්ල ප්‍ර දේශයේ දි වු වෙඩි තැබිමෙන් මියගොස් ඇත්තේ වෙළදසැලට භාණ්ඩ මිලදි ගැනිම සදහා පැමිණි පිරිමි පුද්ගලයින් තිදෙනෙකි. වෙළදසැලේහිමිකරු ඉ... |
"මල්වතුහිරිපිටිය හිමි නම ඝාතකයා මරුට" | "ගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.සැකකරු අත්තනගල්ල යටවක ප්‍රදේශයේ සැඟවූ ආයුද සොයාගැනීම සඳහා ගොස් සිටියදී පළායාමට උත්සාහ දරා ඇති අතර එහිදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකාර වෙඩික්කරු මියගොස් ඇත.ගම්පහ මල්වතුහිරිපි... |
"උඩරට වෙස් කට්ටලය ලෝක උරුමයක්" | " උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරිමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.උරුමය උඩරට නර්තන පුහුණු පර්යේෂණ කේන්ද්‍රයේ ‘උරුමයක අස්වැද්දුම’ජනගත කිරීමේ මාතලේ බෞද්ධ මන්දිරයේ දී පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව කීය.උඩුගං බලා යන සංස්කෘතික උරුමය මතු පරපුරට දා... |
"මැරතන් දිවූ පාසල් සිසුවා මරුට" | "අම්පාර තිරුකෝවිල් ප්‍රදේශයේ පාසලක අද (11) පැවැති ක්‍රීඩා උත්සවයක මැරතන් ධාවන තරගයකට සහභාගි වූ පාසල් සිසුවකු හදිසියේ රෝගාතුරුවී මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ තිරුකොවිල් මෙතෝදිස්ත මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි වියේ පසුවූ සිසුවෙකි. තරගය අතරතුරදී අසනීප වූ සිසුවා ප්‍රතිකාර සඳහා තිරුකෝවිල් රෝහල වෙත ඇ... |
"තාප්පයක් නිසා කොම්පඤ්ඤවීදිය නොසන්සුන්" | "කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයට අයත් දුම්රිය නිල නිවාස පිහිටි ස්ථානයේ ඉදිකොට තිබු තාප්පයක් එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට විසින් බලහත්කාරයෙන් කඩා ඉවත් කිරීමේ කටයුතු දින දෙකකට ආසන්න කාලයක සිට සිදු කරමින් සිට ඇත. මේ සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති විසින් කොම්පඤ්ඤවීදිය පොලීසය වෙත පැමිණිලි කොට ඇත... |
"මුලතිව් කතගේ අත කිඹුලා ඩැහැ ගනී" | "එලුවන්ට බීමට ජලය රැගෙන ඒම සදහා අසල පිහිටි වැවකට ගිය මුලතිව් පුදුකුඩීඉරිප්පු වසන්තපුරම් ප්‍රදේශයේ කාන්තාවකගේ අත කිඹුලකු විසින් සපා කැම නිසා ඇයට සිය දකුණු අත අහිමි වී ඇත. වසන්තපුරම් ගම්මානයේ පදිංචි 47 හැවිරිදි සාමිනාදන් විසාලක්ෂි නමැති කාන්තාව එලු පට්ටියක් නඩත්තු කරගෙන සිය ජීවිකාව ගෙන යන අතර ඇය එලුවන්ට පානය කිරීම සදහා ම... |
""දඹාන,සොනුත්තර විහාරයට වෙඩි ප්‍රහාරයක්"" | "මහියංගණය දඹාන, කුකුලාපොල සොනුත්තර මහා විහාරයට ඊයේ 10දා රාත්‍රී 12.30ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත. එම වෙඩි ප්‍රහාරයෙන් විහාරස්ථානයේ කිසිවෙකුට හානි සිදුව නොමැති අතර විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සැතපී සිටි කාමරයට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් එම කාමරයේ ජනේලයේ වීදුරු බිදී ඇත. කුකුලාපොල ගම්මානයේ සිදුවන ජාවාරම් සම්බන... |
"කුඩු සළිඳුත් රිමාන්ඩ්" | "රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටි සෙල්ලපෙරුමගේ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් පානදුර සලිඳු නැමැත්තා ලබන මාර්තු 25 දින තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා අද (11දා) නියෝග කළේය. සැකකරු ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වමින් රට තුළ මනුෂ්... |
"හරක් කටා අප්‍රේල් 26 තෙක් රිමාන්ඩ්" | "කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ නඳුන් චින්තක නොහොත් හරක් කටා ලබන අප්‍රේල් 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අදාළ නියෝගය නිකුත් කළ අතර පසුව හරක් කටා තංගල්ලේ පැරණි බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ" |
"ජලය භාවිතය ප්‍රවේසමෙන්" | "පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී. පවතින වියළි කාලගුණ තත්ත්වය මාස දෙකකට අධික කාලයක් පවතින්නේ නම් ජලය මුර ක්‍රමයට ලබා දීමට සිදුවන බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුවාරච්චි මහත්මිය ප්‍රකාශ කළාය. කෙසේ වුවත් මේ වනවිට පවතින ජල... |
"විද්‍යුත් දුම්වැටි ගමටත් රිංගයි" | "ග්‍රාමීය ප්‍රදේශවල මේ වන විට ඉතා සීඝ්‍රයෙන් විද්‍යුත් දුම්වැටි උවදුරක් ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එම්.ජී.ගුණසිරි මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසූවේ ගම්පහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජා – ඇළ විශේෂ සුරාබදු වැටලීම් ඒකකය මගින් සිදු කර තිබූ වැටලීමකින් පසුව අත් අඩංගුවට ගත් ර... |
""රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතරට වැසි"" | " නැගෙනහිර සහ හම්බන්තොට අද (11) දින වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊට අමතරව රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේනතුව කියා සිටී. එහෙත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙ... |
"ඕපන්හයිමර් ඔස්කාර් ආධිපත්‍යය පතුරවයි" | "2024 ඔස්කාර් සම්මාන රාත්‍රිය එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී මේ වන විට පැවැත්වෙමින් පවතී. එහිදී සම්මාන 07ක් දිනා ගනිමින් තම ආධිපත්‍යය පැතිරවීමට ක්‍රිස්ටෝෆර් නෝලන් අධ්‍යක්ෂණය කළ ඕපන්හයිමර් චිත්‍රපටය සමත් විය. ඕපන්හයිමර් මෙවර සම්මාන 13ක් සඳහා නිර්දේශ විණ. පරමාණු බෝම්බය නිර්මාණය කිරීමේදී ප්‍රමුඛ කාර්යභාරය... |
"මල්වතුහිරිපිටිය හිමිනමට වෙඩි තැබූ වෙඩික්කරු අල්ලයි" | "මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පන්සලක දී බෞද්ධ භික්ෂුවකට වෙඩිතැබීමේ සිදුවීමේ වෙඩික්කරු ලෙස සැක පුද්ගලයාව මොනරාගල, හම්බේගම දී අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය ජනවාරි 23 මෙම වෙඩි තැබීම සිදු වී තිබුණි." |
"යුක්තියට අද සිට ත්‍රිවිධ හමුදාව කැඳවයි" | " යුක්තිය මෙහෙයුම් සඳහා අද (11) සිට හමුදාවේ සහාය ලබාගැනීමට පොලීසිය තීරණය කර ඇත. ඒ සම්බන්ධයෙන් සියලුම පොලිස් ස්ථාන මේ වන විට දැනුවත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය. දරුණු ගණයේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වුණොත් යුද හමුදාව ඒ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති... |
"ඇල්පිටිය තරුණිය ඝාතනයේ සුලමුල" | "ඇල්පිටිය පොලිස් වසමේ දී සිදුකළ 17 හැවිරිදි තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.එම තරුණිය තම දෙමව්පියන් සමග තල්ගහවත්ත, කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඇයගේ වැඩිමහල් සහෝදරියගේ ස්වාමි පුරුෂයා සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති බව පොලීසිය පවසයි.මරණකාරිය සහ සැකකරු දැනට මාස කිහිපයකට පෙ... |
"ලෝක රූ රැජිණ චෙක් රාජ්‍යයට" | "මෙවර ලෝක රූ රැජින කිරුළ චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් හිමිකරගෙන තිබේ.71 වෙනි ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවේ මුම්බායිහිදී ඊයේ (09) රාත්‍රී පවත්වනු ලැබීය.එම තරගාවලිය සඳහා රටවල් 115ක තරගකාරිනියන් සහභාගී වූ අතර චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා එහිදී ලෝක රූ රැජින කිරුළ හිමිකර ගැනීමට සමත් වූවාය.අනුශූරිය ලෙස ලෙබනනයේ ... |
"ශ්‍රී ලංකාවට ලකුණු 28ක ජයක්" | "ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවැති තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 28ක ජයක් හිමි විය.ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19.4කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 146කි.රිෂාඩ් හුසේන් 53යි.පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුලු ත්‍රිත්වයක් සහිතව ලකුණු 20කඩුලු 05ක් ලබා ගැ... |
"ශ්‍රී ලංකාව 174/7" | "ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවැත්වෙන තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තේය.කුසල් මෙන්ඩිස් 86යි." |
"කාසියේ වාසිය බංග්ලාදේශයට" | "ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දීමටය.තරග 3කින් සමන්විත T20 තරගාවලියේ එක් තරගය බැගින් දෙපිලම ජයගෙන මේ වනවිට සම තත්ත්වයේ පසුවෙයි." |
"කැබ් රථයක ගැටී තිදෙනෙක් මරුට" | "අනුරාධපුරය, රඹෑවේ අද අලුයම සිදුවූ බිහිසුණු අනතුරකින් තිදෙනෙකුට දිවි අහිමි වී තිබේ.පොලීසිය පැවසුවේ අනුරාධපුර, රඹෑව මාර්ගයේ අද අළුයම කැබ් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.සංගීත සංදර්ශනයකින් අනතුරුව නිවෙස් බලා ගමන් කරමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.අනතුරින් මියගොස් ඇත්තේ ... |
"අද කාලගුණය" | "බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී." |
"ගාලු පාරේ ගිලා බැස්මක්" | "ගාලු පාර වැල්ලවත්ත දුම්රියපොළ පාර ප්‍රදේශයෙන් ගිලා බැස්මකට ලක්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි. මේ හේතුවෙන් වැල්ලවත්ත ප්‍රදේශයෙන් මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා කර ඇතැයිද පොලිසිය පවසයි. ඒ අනුව ගාල්ලේ සිට කොළඹ බලා ගමන් කරන රියදුරන් ලිලී ඇවනිව් අතුරු මාර්ගයෙන් මුහුදුබඩ මාර්ගයට ඇතුළු වී කොළඹ දෙසට ධාවනය කළ යුතු බව දැනුම්දී සිට... |
"පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වේ" | "පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වී ඇත. වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ශාන්ත නිරිඇල්ල මහතා ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලය මෙලෙස ඉල්ලා අස් වී ඇති බවය. අමාත්‍යවරයා විසින් සිදුකළ දැනුම්දීමක් අනුව ඔවුන් මෙම පියවර ගෙන තිබේ." |
"ප්‍රවීන මාධ්‍යවේදිනී රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වෙයි" | "ප්‍රවීන මාධ්‍යවේදිනී සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක මෙන්ම වේදිකා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක වූ රම්‍යා වනිගසේකර මහත්මිය අද උදෑසන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.මියයන විට ඇය 73 වැනි වියේ පසුවිය. රාජ්‍ය සම්මාන දිනූ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු වූ ආර්.ආර් සමරකෝන් මහතාගේ බිරිඳ වූ ඇය... |
"අද කාලගුණය" | "අද (08) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් එලෙස වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි.දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගු... |
"කැනඩා ඝාතනයේ සැකකරු අත්අඩංගුවට" | "කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු කැනඩා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු කැනඩාවේ අධ්‍යාපනය ලබන 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නැමැති ශ්‍රී ලාංකිකයෙකි. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. විදෙස් වාර්තා සඳහන් කළේ, මව සහ ඇයගේ දරුවන් සිව් දෙනෙකු මෙන්ම එම නිවසේ... |
"කැනඩාවේ වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකිකයන් 06ක් මරුට" | "කැනඩාවේ අගනුවර වන ඔටාවා හි නිවසක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් ශ්‍රී ලාංකිකයින් බවට හඳුනාගත් පවුලක 6 දෙනෙක් මියගොස් තිබේ.එහිදී එම පවුලේ මව සහ දරුවන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පියා බරපතළ තුවාල සහිතව රෝහලේ ගත කර ඇත.ඔටාවා පොලීසිය පැවසුවේ මෙම අපරාධය සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවයි." |
"අම්බානිගේ මගුලට අපෙන් ගිය සූපවේදීන්ට වෙච්චදේ" | "ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි මහතාගේ බාල පුත් ආනත් අම්බානි මහතාගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සදහා ශ්‍රී ලංකාවෙන් සූපවේදීන් 13 දෙනෙකු තෝරා ගෙන රැගෙන ගොස් තිබූ අතර ඔවුන් අද උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ .මෙම පිරිසට සූපවේදීන් 12 දෙනෙකු සහ එක් සූපවේදිනියක් ද ඇතුළත් වී සිටියහ .... |
"IMF සහතිකයක්" | " ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට තුළ ක්‍රියාත්මක කර ඇති වැඩසටහනේ ප්‍රතිඵල ලැබෙමින් පවතින බව මෙරට සාකච්ඡාවක් සඳහා පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම් ප්‍රධානී පීටර් බෘෘවර් මහතා අද උදෑසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම අතර මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවේදී පවසා ඇත. එම වැ... |
"අන්තරේ කැඳවුම්කරුට ඇප" | "ඊයේ බොරැල්ලේදී පැවති විරෝධතාවක් අතරතුරදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් අද ඇපමත මුදාහැර තිබේ. ඔහු සහ ඊයේ විරෝධතාව අතරතුරදී අත්අඩංගුවට ගනු ලැබූ තවත් අයෙකු අද අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ... |
"අයිස් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට" | " අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 27 සහ 31 හැවිරිදි වියේ පසුවන සේදවත්ත සහ මට්ටකුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇතග වත්තල පොලිස් වසමේ හැඳල ඇළ... |
"කෝප් සහ කෝපාට නව සභාපතිවරු" | "රජයේ ගිණුම් කාරක සභාවේ (කෝපා) සභාපති ධුරයට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා තේරී පත්ව තිබේ." |
"දඩාවතේ යන බල්ලන් ගැන පාර්ලිමේන්තුවේ අවධානය" | "දඩාවතේ යන බල්ලන් ලක්ෂ 62ක් ලංකාවේ සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. සංචාරක පෙදෙස්වල මේ තත්ත්වය ඉතා බරපතල තත්ත්වයක් බවට පත්ව තිබෙන බව කී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් විසඳුමක් සෙවිය යුතුව තිබෙන බව සඳහන් කළේය. සතුන්ගෙන් සිදුවන හානි සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය නව පනතක්... |
"රියැදුරු රෝගීවීමෙන් සිදුවූ රිය අනතුර" | "අද උදෑසන පුද්ගලික බස් රථයක රියදුරුට හටගත් හදීසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ධාවනය කරමින් තිබූ එම බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මැදවච්චිය නගරයේ දී නිවසක් සහිත ගරාජයක් තුළට කඩා වැදී දරුණු රිය අනතුරකට ලක්ව ඇත.මෙම පුද්ගලික බස් රථය වවුනියාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික අඟලුම් හලකට සේවකයින් රැගෙන යමින් සිට ඇත. එහිදී 40 කට ආසන්න... |
"හරක්කටාට උදවු කළ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට" | "රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට ඉන් පලා යාම සඳහා ආධාර අනුබල දුන් බව කියන පොලිස් සැරයන්වරයකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්... |
"හූති ප්‍රහාරයකින් නාවික සේවා තිදෙනෙක් මරුට" | "දකුණු යේමනයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් එම නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.ඒඩ්න් බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී බාබඩෝස් ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉලක්ක කරගනිමින් කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.එහිද... |
"අද කාලගුණය" | "වයඹ හා දකුණු පළාත් සහ රත්නපුර හා මන්නාරම දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.ඒ අනුව අද දින අදාළ ප්‍රදේශවල උණුසුම් දර්ශකය හෙවත් එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බැවින් විමසිලිමත් වන ලෙස ජනතාවට දැනුම්දෙයි.... |
"බංග්ලාදේශයට කඩුලු 08ක ජයක්" | "සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය කණ්ඩායම අතර අද පැවැති දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු 165 හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 18.1කදී කඩුලු 02ක් දැවී ලකුණු 170ක් ලබා ගැනීමට සමත් විය.නජිමුල් ශාන්තො නොදැවී 53යි." |
"ශ්‍රී ලංකාව 165/5" | "සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය සිලට් හිදී මේ වනවිට පැවැත්වෙයි. කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු සංඛ්‍යාව 165ක් රැස් කර ගනු ලැබීය.කමිදු මෙන්ඩිස් 37, කුසල් මෙන්ඩිස් 36,... |
"කාසියේ වාසිය බංග්ලාදේශයට" | "සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන 20-20 තරගය සිලට් හිදී අද (06) පැවැත්වෙයි.එහි කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටය. තරගය අද පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතය." |
"අන්තරේට ජල ප්‍රහාරයක්" | "බොරැල්ල මංසන්ධියේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමනකට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ. මෙහිදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත." |
"ගෝඨා ලියූ පොත හෙට එළියට" | ",ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය, නමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත කෘතිය හෙට එළිදැක්වීමට නියමිතය. 2022 වසරේදී තමන්ට මුහුණදීමට සිදුවූ අභියෝගය පිළිබඳව එම කෘතියේ සඳහන් කර ඇති බව හිටපු ජනපති පවසයි. ,මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වූ ජනාධිපතිවරයෙකු විදේශීය පාර්ශ්වයන්ගේ මැදිහත... |
"මන්නා රමේෂ් අත්අඩංගුවට ගැනීම තහවුරු කරයි" | " පාතාල කල්ලි සාමාජිකයෙකු වන ,මන්නා රමේෂ්, නැමැත්තාව ඩුබායීහීදී අත්අඩංගුවට ගෙන ඇති බවට මෙරට ආරක්ෂක අංශ වෙත නිල වශයෙන් දැනුම්දී ඇත. ඒ අනුව ඔහුව මෙරටට ගෙන ඒම සඳහා ඉදිරියේදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එරටට යෑමට නියමිත බව වාර්තා වෙයි. අවිස්සාවේල්ල සහ ඒ ආසන්න ප්‍රදේශවල සිදුවූ මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මෙරට ප... |
"යුක්තියෙන් අහිමිවූ මත්ද්‍ර්‍ය වෙනුවට අයුක්තියෙන් අධිවේදනා නාශක මිලට අරන්" | "ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ නිල මුද්‍රා වලට සමාන නිල මුද්‍රා ව්‍යාජ ලෙස සාදා එම නිල මුද්‍රා භාවිතා කර ඖෂධ සල් වලින් අධි වේදනා නාශක ඖෂධ මිලදීගෙන මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් බෙම්මුල්ල පොලිසිය විසින් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිණි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙමුල ප... |
"දමිතා සහ සැමියා 20 වැනිදා යළි අධිකරණයට" | "කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි කියමින් ප්‍රසිද්ධ රංගන ශිල්පිණීයක් වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහිව පැවරූ පැමිණීල්ල මෙම මස 20 වැනිදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියම කළේය. සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය මෙම පැමිණීල්ල යළි කැඳවන 20 වැනිදා අධිකරණය... |
"රොනීගේ නිවසකට හොරු පනී" | "හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාට අයත් දෙවිනුවර 103 කණුව ඉදිරිපිට පිහිටා තිබූ නිවසට ඊයේ රාත්‍රියේදී ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් එහි වටිනා භාණ්ඩ හා දේපළ රැසක් සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. මේ සම්බන්ධයෙන් දෙවිනුවර නිවසේ මුරකරු විසින් ගන්දර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇත." |
"පාසල් සිසුවියක් ක්ලාන්තය හැදී බිම වැටී මරුට" | "කලවාන මීපාගම පාසල් ශිෂ්‍යාවක් ක්ලාන්තය සෑදී බිම ඇද වැටීමෙන් අද මියගොස් ඇති බව කලවාන පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කලවාන පදිංචි ඉමල්කා සත්සරණි නැමැති 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි .ඇය පාසලේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින ශිෂ්‍යාවකි. රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය ." |
"ජනපති හා ජවිපෙ ඩීල් එකක් තියෙනවාලු" | "රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ජනතා විමුත්ති පෙරමුණ එකට ගණුදෙනු කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි. ඒ අනුව ජනතා විමුත්ති පෙරමුණ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සහ ජනතා විමුත්ති පෙරමුණ අතර පැහැදිලි දේශපාලන ඩීල් එකක් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන්... |
"අලි සබ්රි රහිම්ට මාසයක් පාර්ලිමේන්තු ඒම තහනම්" | "පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් මහතාට පාර්ලිමේන්තුවේ පැමිණීම අද සිට මාසයක කාලයකට අත්හිටුවා තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද මේ බව දැනුම් දුන්නේය. විදේශක සිට නීති විරෝධී ලෙස මෙරටට රත‍්‍රන් ගෙන ඒමේ සිදුවීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳව කාරක සභාව ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර... |
"වැට් බදු අඩු කරන බව ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි" | "ඉදිරියේ දී වැට් බදු ප්‍රතිශතය තවත් පහළ දැමීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.පාර්ලිමේන්තුවේ දී අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.ඒ අනුව පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ යන ආදිය ද වැට් බද්දෙන් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.හැකිළී... |
"අද කාලගුණය" | "දකුණු පළාත සහ රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව ද සදහන් කරයි." |
"දුම්රිය සේවකයින් තිදෙනෙකුගේ වැඩ තහනම්" | "කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ අංක 5 පොඩිමැණිකේ දුම්රියේ ගමන්ගත් විදෙස් සංචාරකයන් දෙදෙනකුට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ තිදෙනකුගේ වැඩ තහනම් කළ බව දුම්රිය දෙපර්තමේන්තුව පවසයි. නාවලපිටිය දුම්රිය ස්ථානයේ සේවකයන් පිරිසක් ඊයේ පෙරවරුවේ දී එම දුම්රිය ස්ථානයේදී පහර දුන්නයි නැගෙන චෝදනාවක් සම... |
"බිඳවැටුනු සමාජ මාධ්‍ය ජාල යළි වැඩ" | "හදිසි බිඳවැටීමකට ලක්වූ ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල අතර ඉදිරියෙන් ඇති Facebook, Instagram සහ Messenger යන සමාජ මාධ්‍ය ජාල යයි යථාතත්වයට පත්ව ඇති බව වාර්තාවේ.මෙම සමාජ මාධ්‍ය ජාල ඊයේ රාත්‍රියේ හදිසි බිඳවැටීමකට ලක්විය.එම තත්ත්වය ලොව රටවල් රැසකින් වාර්තා වී තිබුණි. රතු මුහුදේ ඇති මෙම සමාජ මාධ්‍යවලට අදාල සබ්මැරීන් කේබල් අ... |
"සරසවි සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්" | " කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් අද පස්වරුවේ පැවැති ශිෂ්‍ය සංගම් විරෝධතාව විසුරුවාහැරීමට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබේ. කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටදී මෙලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර ඇත." |
"කථානායකට එරෙහි විශ්වාසභංගය භාරදෙයි" | "කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මන්ත්‍රීවරුන් 44 දෙනකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා වෙත විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් අද භාරදී ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,මෛත්‍රීපාල සිරිසේන,දයාසිරි ජයසේකර,මහාචාර්ය ජීඑල් පීරිස් ,විජිත හේරත් ඇතුළු මන්ත්‍රීවරු 44... |
"දුම්රිය වර්ජනයක්" | " තම වැටුප් අඩු කිරීමට රජය ගෙන ඇති කැබිනට් තීරණයට විරෝධය පළකරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය පවසයි.මෙම දුම්රිය වර්ජනයට දුම්රිය රියදුරු සංගමය දුම්රිය නියාමක සංගමය සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය ද එක්වන බව ලොකොමොටිව් ඔපරේටින්ග්... |
"බැසිල් අනාගත දේශපාලනය ගැන පවසයි" | "තමා නැවත වතාවක් පාර්ලිමේන්තු ඒමට කිසිදු අදහසක් නොමැති බවත් කුමන මැතිවරණයක් පැමිණියක් එහි සංවිධාන කටයුතු තමා විසින් සිදුකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. අද උදෑසන දිවයිනට පැමිණි ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය. වෙනසක් අවශ්‍ය තැන්වලදි එය සිදුකිරීමට බලාපොරොත්තු වන බ... |
"ශ්‍රීලංකන් ලංසු කැඳවීම කල් යයි" | " ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ලංසු කැඳවීමේ කාලය තවත් දින 45කින් දීර්ඝ කර තිබේ. ඒ අනුව එය අද දින සිදුකිරීම නියමිතව තිබූ ලංසු කැඳවීම දින 45කින් කල්දැමීමට සිදුවන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. මේ අතර ශ්‍රීලංකන් ගුවන්... |
"නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි" | "උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එස්. සී. මුතුකුමාරණ මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ නව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය." |
"ඉන්ධන තුනක මිල පහළට" | "ඉන්ධන වර්ග තුනක මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 9 කින්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කර ඇත.එම මිල පහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 447 ක්, ලංක... |
"ශ්‍රී ලංකාවට ලකුණු 03ක ජයක්" | "ශ්‍රී ලංකා කණ්ඩායම බංගලිදේශ කණ්ඩායම සමග ඊයේ පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී ලකුණු 03ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය.ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස තුළදී කඩුලු 03 ක් දැවී ලබාගත් ලකුණු 206 හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට සිය පන්දු වාර 20 අවසානයේ දී ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 08ක් දැවී ලකුණු 203ක් පමණි.පන්දු ය... |
"විදුලි ගාස්තු අඩු වන හැටි" | "අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී ඇත.ඒ අනුව ඒකක 30ට අඩු කාණ්ඩයේ පාරිභෝගිකයින්ගේ විදුලි ඒකක මිල සියයට 33කින් අඩු කෙරේ • ඒකක 31ත් 60ත් අතර පාරිභෝගිකයින්ගේ බිල්පත සියයට 28කින් ද ඒකක 60ත් 90ත් අතර පාරිභෝගිකයින්ගේ බිල්පත සියයට 30කින් ද ඒකක 90ත්... |
"ශ්‍රී ලංකාව 206/3" | "ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු 20යි 20 ජාත්‍යන්තර තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 206ක් ලබාගත්තේය.ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 36කදී ලකුණු 59ක් රැස්කළ අතර සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 61ක් රැස්කළේය. නායක චරිත් අසලංක පන්දු 21කදී නොදැවී ලකුණු 4... |
"කාසියේ වාසිය බංග්ලාදේශයට" | "සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිල්හෙට්හිදී දැන් පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය ලැබූ බංග්ලාදේශ පිලේ නායක නජුමුල් හොසේන් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.ශ්‍රී ලංකා කණ්ඩායම:අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් ... |
"ඊශ්‍රායල හමුදා තරුණිය පතුරමක් සමග කටුනායකදී දැලේ" | "ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී ආපසු ඊශ්‍රායලය බලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඊශ්‍රායල ජාතික තරුණියකගේ ගමන් මල්ලේ තිබූ මිලි මීටර් 5.56 සජීවී පතුරමක් කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සොයා ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත අද (04 දින) අලුයම භාර දී තිබේ.ඇය 22 හැවිරිදි ඊශ්‍රායල යුධ හමුදාවේ සේවය කළ තරු... |
"මියන්මාරයේ රඳවාගෙන සිටි ලාංකික 08ක් මුදාගනී" | "මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ ර`දවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුදාගත් බව එරට ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා කියා සිටී. ශ්‍රී ලාංකිකයින් 56 දෙනාගෙන් 08 දෙනෙකු මෙලෙස මියන්මාර ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් අද (04දා) පෙරවරුවේ මුදාගෙන ඇත. එම පිරිස මේ වනවිට මියාවඩි පොලිස් භාරයේ ආරක්ෂිතව රඳවා ඇති අනෙකුත් පිරිස මුදා ... |
"රත්තරන් කිලෝ 9ක් කටුනායකදී අල්ලයි" | "ඉන්දියාවේ සිට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු රත්තරන් තොගයක් සමග රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් සතුව තිබී රත්තරන් කිලෝ 9ක් සොයාගත් බව කටුනායක ගුවන් තොටුපොළේ රේගු නිලධාරීන් සඳහන් කළේය." |
"මන්නා රොෂාන්ගේ සොයුරාට හංවැල්ලේදී වෙඩි" | " මන්නා රොෂාන්ගේ සහෝදරයා සහ ඔහුගේ ගෝලයෙකු ගමන් කරමින් සිටි කැබ් රථයකට හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ අද (04දා) දහවල් සිදුවු වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔවුන් දෙදෙනා ගමන් කරමින් සිටි කැබ් රථයකට එලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතරවෙඩිවැදීමෙන් රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා රෝහල්ගත කර ඇත. එහිදී එක් අයෙක් මි... |
"ඉන්ධන මිළ සංශෝධනයක් අද" | "ඉන්ධන මිල සංශෝධනයක් අද (04) රාත්‍රී කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග කියා සිටී. මෙම මිල සංශෝධනයේදී ඉන්ධන මිල සුළු වශයෙන් අඩු කිරීමක් බලාපොරොත්තු විය හැකි බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය." |
"පියාගේ වේවැල් සංග්‍රහයෙන් පුතා රෝහලේ" | "පියා විසින් හිසට සහ දෙපාවලට වේවැලකින් පහරදීමෙන් තුවාල ලැබූ වයස අවුරුදු 13ක දරුවෙකුට අද (04දා) උදෑසන මීගහකිවුල දිසාරෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අරාව දික්යාය ගුරුපංවල පදිංචි වයස අවුරුදු 13ක පාසල් සිසුවෙකි. පාසල් නිමවා පැමිණි වහාම සිය ගෙවත්ත ආසන්නයේ පිහිටි කැලෑවක් හෙළි පෙහෙළි කරන ලෙස පියා ව... |
"අතිරේක ලේකම් සමන් රත්නායක අධිකරණයට රැගෙන එයි" | "ප්‍රමිතියෙන් තොර එන්නත් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක අධිකරණය හමුවේ අද (04දා) දින ප්‍රකාශයක් ලබා දීමට නියමිතය. ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙස සිය නීතිඥයා මගින් පසුගිය සිකුරාදා දින එම ඉල්ලීම කර තිබිණ. අධිකරණය ඉදිරියේ කිසියම් ප්‍රක... |
"ශ්‍රී ලංකා බංග්ලාදේශ විස්සයි 20 තරගය අද" | "ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි 20 තරගය අද (04) ආරම්භ වීමට නියමිතය. තරගය සිල්හෙට් හිදී මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ කිරීමට නියමිතව ඇත. 20යි 20 නායක වනිඳු හසරංගට තරග තහනමක් පනවා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම චරිත් අසලංක විසින් අද මෙහෙයවනු ලබයි." |
"අද කාලගුණය" | "කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී.කළුතර සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පය... |
"රසකැවිලි අස්සේ කෝටි දහයක අයිස් මත් ද්‍රව්‍ය" | "කාලයක් තිස්සේ චොකලට් තුළ සඟවා කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ආ ජාවාරමක් පොලිස් විශේෂ කාර්ය බලකාය අනාවරණය කරගෙන ඇත.පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වැටලීමකදී අනාවරණය වූ තොරතුරු මත සිදුකළ වැඩි දුර විමර්ශනවලදී මෙම ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. ප්‍රථමයෙන් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී සුඛ... |
"ප්‍රශ්න පත්‍ර පිටවීම CID යයි" | "පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යය ඔස්සේ නිකුත් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.බස්නාහිර පළාත් පාසල්හි හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිතව තිබූ 10 සහ 11 ශ්‍රේණිවල විද්‍යාව සහ ඉතිහාසය විෂය ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යය වෙත මුදාහැර ඇතැයි පසුගිය සතියේ අනාවරණය විය.සබරගමුව පළාතේ පාස... |
"කෑම මිල වැඩිකිරීමට විරෝධය" | "කිසිදු පදනමකින් තොරව ආපනශාලාවල කෑම මිල වැඩිකිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය ගත් තීරණයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කිරීමට තීරණය කර ඇතැයි පාරිභෝගිකයින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි .ඒ අනුව මෙම මස 06 වැනිදා අදාල පැමිණිල්ල සිදුකරන බව එම ව්‍යාපාරයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේය.මේ අතර ආපනශා... |
"බස්නාහිර පාසල් වාරය විභාග අත්හිටුවයි" | "බස්නාහිර පළාතේ රජයේ පාසල්වල වාර විභාගය අත්හිටුවීමට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.එම විභාගය ඉංග්‍රීසි සහ ගණිතය ප්‍රශ්න පත්‍ර පැවැත්වීමට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පිටවීම හේතුවෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ පියවර ගෙන ඇත." |
"අද කාලගුණය" | "කළුතර, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවය." |
"කෑම මිල වැඩි කරයි" | "ආපනශාලා ආහාරපානවල මිල ගණන් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේ ආහාරවල නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළයෑම නිසා සියලුම ආහාරපානවල මිල ගණන් මෙලෙස වැඩි කිරීමට තීරණය කර ඇති බවය. ඒ අනුව, ප්ලේන්ටි එකක මිල රුපියල් 5කින්, කිරි තේ එකක මි... |
"සෞඛ්‍ය අතිරේක ලේකම් රිමාන්ඩ්" | "ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා මෙම මස 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද නියෝග කළේය." |
"බිත්තර මිල ගැන යළි තීරණයක්" | "බිත්තර සඳහා උපරිම සිල්ලර මිල ලබන සතියේ දී පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 30ක් වන අතර බිත්තර නිෂ්පාදකයින් හා වෙළෙඳ මාෆියාව විසින් මහජනතාව අනිසි ලෙස ගසා කෑම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර උපරිම සිල්ලර මිලක් පනවන්නැයි සත්ව නිෂ්පාදන හා... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.