Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ශ්‍රී මහා බෝධියේ රාජකාරියට පොලිසියට නව නිල ඇඳුමක්" | " අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියේ ඇතුල් මළුවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් තිස් දෙනෙකු හට සුදු පැහැති නව පොලිස් නිල ඇඳුමක් හඳුන්වා දීම අද (25දා) සිදු කෙරිණි. අටමස්ථානාධිපති නාහිමිපාණන් විසින් මීට පෙර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් කල ඉල්ලීමකට... |
"කුවේටයෙන් ශ්‍රී ලාංකිකයන්ට සහනයක්" | "කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් නේවාසික වීසා කාළය උල්ලංඝනය කරමින් එරට රැදී සිටින සහ සේවා ස්ථාන වලින් පළා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ට, දඩ ගෙවීමකින් සහ නීතිමය බාධා වලින් තොරව එරටින් පිට වී යාම සදහා පොදු සමා කාළයක් කුවේට් හි එමීර් ෂෙයික් මෙෂාල් අල් – අහමඩ් අල් – ජාබර් විසින් ප්‍රකාශයට පත් කර ඇති බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී... |
"බාර් එක කඩා එක බෝතලයක් උස්සයි" | "මස්කෙළිය නඟරයේ ප්‍රධාන වීදියේ පිහිටි විදේශිය මත්පැන් හලක් ඊයේ (24) අළුයම කඩා එහි තිබූ මුදල් රුපියල් එක්ලක්ෂ තිස්එක්දාස් හයසීයක් හා දේශිය මත්පැන් බෝතලයක් සොරාගෙන ඇති බවට මත්පැන්හලේ කළමණාකරු විසින් මස්කෙළිය පොලීසියට පැමිණිළි කර ඇත. පොලීසිය මගින් නගරයේ ආවේක්ෂණ කැමරා (CCTV) පරීක්ෂා කිරීමේදී එක් පුද්ගලයෙක් ඊයේ අළුයම 03.30 ... |
"සිංහයෝ පළමු ටෙස්ට් තරඟය උඩින්ම දිනයි" | "ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා කිහිපයක් අලුත් කරමින් බංග්ලාදේශය සමඟ පැවැති පළමු ටෙස්ට් තරඟය ලකුණු 328 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මීට සුළු වේලාවකට පෙර හැකියාව ලැබුණි. ඒ තරගයේ හතරවැනි දිනය වූ අද (25දා) දිනයේ බංග්ලාදේශ කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 182කට සීමා කරමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා සියල... |
"කිරි තේ රුපියල් 10කින් බසී" | "කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කිරීමටද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පියවර ගෙන ඇත. ආනයනික කිරිපිටිවල මිල ගණන් ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට රජය කටයුතු කිරීම හේතුවෙන් එම තීරණය ගෙන තිබේ." |
"කැලණිය සරසවි සිසුවකු මිය යයි" | "කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ සිටි සිව්වන වසරේ සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේහදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සමාජීය විද්‍යා පීඨයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ සිව්වන වසරේ ඉගෙනුම ලැබූ නිරෝෂණ ලක්මාල් නමැති සිසුවෙකිඔහු මොනරාගල ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් වන අතර ඔහුට ඊයේ (24) රාත්‍ර... |
"මෛත්‍රී සීඅයිඩී එයි" | "හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ" |
"අදත් හවසට වැස්ස" | "බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී. ඊට අමතරව නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුව පවසන අතර මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්... |
"කැලණිය සරසවි සිසු විරෝධයක්" | "කැලණිය විශ්විවිද්‍යාලයේ සිසුන් පිරිසක් එහි පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඊයේ (24) රාත්‍රි ඇතිවු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්ය.කෙසේවෙතත් අදාළ සිසුවා රෝහලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ගිලන්රථ පහසුකම් හෝ... |
"ශ්‍රී ලංකාවෙන් ලකුණු 510ක ඉලක්කයක්" | "ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සිල්හෙට් හිදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 418ක් ලබා ගත්තේය.ධනංජය ද සිල්වා 108ක් සහ කමිදු මෙන්ඩිස් 164ක් ලබාගත්හ. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 280ක් ද බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී... |
"පාසල් ළමුන්ට හෙට සිට ආහාර" | "පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා දිවයිනේ සියලු පාසල් දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙල හෙට සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. පෝෂණවේදීන්ගේ නිර්දේශ සැළකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරතවීමට පෙර මෙම ආහාරවේල ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.රජයේ පාසල් 9,134ක ප්‍රාථමික ශ්‍රේණ... |
"ලිංගික සේවන පනත ඉවතට" | "බාලවයස්කාර ගැහැණු දරුවකුට සිය කැමැත්තෙන් ලිංගික සේවනයේ යෙදීමට හැකි වයස 16 සිට 14 දක්වා අඩු කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පත ඉවත් කර ගැනීමට රජය තීරණය කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. සමාජ සිවිල් ක්‍රියාකාරීන්ගේ ඉල්ලීම අනුව පනත මෙසේ... |
"කිරිපිටි මිල අඩුවේ" | "අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව කිලෝ 1ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150 කින් ද ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින් පහළ දැමීමට ද තීරණය කර ඇත." |
"මෛත්‍රීගෙන් හෙට ප්‍රකාශයක් ගනී" | "පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඒ අනුව පොලිස්පතිවරයා සඳහන් කළේ ඊට අදාළ ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙට ලබාගන්නා බවය." |
"ලොකු ලූනු මිලට බලපෑමක්" | "ලොකු ලූනු අපනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු තවදුරටත් දීර්ඝ කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත. මිල ඉහළ යාම පාලනය කිරීමට සහ දේශීය වෙළෙඳපොළ තුළ ලොකු ලූනු තොග පවත්වාගෙන යාමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව ඉන්දීය රජය ප්‍රකාශ කරයි. පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්දීය රජය විසින් ලොකු ලූනු අපනයනය තහනම් ... |
"මෛත්‍රීගේ ප්‍රකාශයට පරීක්ෂණයක්" | "පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා වෙත මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නියෝග කර තිබේ. එලෙස නියෝග කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප... |
"මෛත්‍රී අත්අඩංගුවට ගන්නැයි පැමිණිල්ලක්" | "පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (23) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එම... |
"බංග්ලාදේශය පළමු ඉනිමට 188යි" | "සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වන අද සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 188ක් පමණි.පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක්, ලහිරු කුමාර සහ කසුන් රාජිත කඩුලු 03 බැගින් බිඳ හෙලූහ.ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනි... |
"කේට් කුමරියට පිළිකාවක්" | "බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිද වන වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් පිළිකා රෝගියකු බවත්, ඇය මේ වනවිට කීමෝතෙරපි ප්‍රතිකාර සඳහා යොමු වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.විදෙස් මාධ්‍ය මෙසේ පැවැසුවේ, තමන් පිළිකා රෝගියකු වූ බව නිවේදනය කරමින්, කේට් කුමරිය නිකුත් කළ වීඩියෝවක් ද ප්‍රසිද්ධ කරමිණි.කේට් මිඩ්ල්ටන්... |
"අද කාලගුණය" | "නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එමෙන්ම උතුරු-මැද සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන් වේ.දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල ... |
"රුසියාවේ ත්‍රස්ත ප්‍රහාරයක්" | "රුසියාවේ මොස්කව් නගරයේ නාට්‍ය ශාලාවක සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 40ක් පමණ මියගොස් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එම නාට්‍ය ශාලාවේ නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ බව සඳහන්ය.කැලෑ සටන් ඇඳුම් ඇඳගත් සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙකු වෙඩි ත... |
"පාස්කු ප්‍රහාරය කළ අය හෙළිකරන්න මෛත්‍රී සැරසෙයි" | "අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා වගකිවයුතු සියලුදෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා අද පැවසීය. අස්ගිරි මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත වශයෙන් එක් වූ... |
"ශ්‍රී ලංකාවේ පළමු ඉනිම නිමාවේ" | "සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර සිල්හෙට් හිදී පැවැත්වෙන ටෙස් තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 280ක් ලබා ගත්තේය.එහිදී කමිදු මෙන්ඩිස් සිය මංගල ටෙස් ශතකය වාර්තා කරමින් ලකුණු 102ක් ලබා ගැනීමට සමත් විය.නායක ධනංජය ද සිල්වා ද ලකුණු 102ක් ලබා ගත්තේය.පන්දු යැවීමේදී කලීඩ... |
"උතුරේ අක්කර 234ක් නිදහස් කරයි" | "ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ උරුමය ජාතික වැඩසටහන යටතේ තවත් 408 දෙනකු සඳහා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවැත්විණි.ඒ අනුව යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය යටතේ පැවති අක්කර 234 ක ඉඩම් ප්‍රමාණයක් යාපනය ප්‍රදේශයේ ග්‍රාම නිලධා... |
"මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු දිවි සැරිය නිමාකරයි" | "ප්‍රවීණ ලේඛක හා සම්මානනීය මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අද අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට 80 වියේ පසු වු ඒ මහතා සන්නිවේදන විෂයට අදාළ මහාචාර්වයවරයෙකු සහ කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ අංශාධිපතිවරයා ලෙසත් මානව ශාස්ත්‍ර පීඨයේ පිඨාධිපති වශයෙන්ද කටයුතු කළේය. ඔහු විසින් රචිත කෘති 54ක් ප්‍රකාශයට පත්... |
"කෙහෙළියගේ පෙත්සම සලකා බලයි" | "රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇපමත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකාබැලීම සඳහා ලබන සඳුදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළේය. මෙම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සි... |
"ආර්ථික කමිටුවටත් අලුතින් දහයක්" | "ආර්ථික ස්ථායිකරණ පාර්ලිමේන්තු කමිටුවේ සේවය සඳහා තවත් මන්ත්‍රීවරු දහදෙනෙක් තේරීම් කාරක සභාව විසින් පත්කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, තාරක බාලසූරිය, සීබී රත්නායක, එස් එම් චන්ද්‍රසේන, නාමල් රාජපක්ෂ, ධම්මික පෙරේරා, වෛද්‍ය ගයාශාන් නවනන්දන, අකිල ... |
"මුදල් කාරක සභාවට අලුතින් තිදෙනෙක්" | "රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ලෙස ඩයනා ගමගේ, මිලාන් ජයතිලක සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුද පත් කර ඇත. නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද මේ බව දැනුම් දුන්නේය." |
"කාසියේ වාසිය බංග්ලාදේශයට" | "සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (22) පැවැත්වෙයි.එහි කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටය." |
"අද කාලගුණය" | "අද නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වෙයි.මධ්‍යම, සබරගමුව සහ ... |
"ජන අරගල ව්‍යාපාරයේ හතරක් රිමාන්ඩ්" | "ජන අරගල ව්‍යාපාරය විසින් ඊයේ කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් සිව්දෙනෙක් මාර්තු 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. එසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි සහ අත්අඩංගුවට ගැනුණු කාන්තාවකි. ඊට අමතරව අධිකරණයට ඉදිරිපත් ... |
"IMF තෙවැනි වාරිකයටත් සැරසෙයි" | " ශ්‍රී ලංකාවට අනුමත කළ විස්තීර්ණ ණය පහසුකමේ වැඩසටහන හා සම්බන්ධ දෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2023 මාර්තු මාසයේදී විස්තීර්ණ ණය පහසුකම අනුමත කළ අතර එමගින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක් අනුමත විය. මෙම කාර්ය මණ්ඩල මට්ටමේ... |
"ඌවතැන්නේ සුමන හිමි රිමාන්ඩ්" | "කුලියාපිටිය පොල් තෙල් ව්‍යාපාරිකයකුගෙන් පොල්තෙල් ලබාගෙන මුදල් වංචා කළේ යැයි කියන මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමි අප්‍රේල් 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. ව්‍යාපාරිකයකු කරන ලද පැමිණිල්ලක් අනුව කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශ... |
"ඩිලාන්ටත් කෝප් එපා වෙයි" | "පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් අද ඉල්ලා අස්වී ඇත.ඒ අනුව කෝප් කමිටු සාමාජිකයින් 30 දෙනාගෙන් 11දෙනකු මේ වන විට ඉවත්ව තිබේ." |
"ඇමෙරිකාවට ගිය බන්දුලව ගෙන්වයි" | "ලෝක බැංකුව විසින් සංවිධානය කළ සමුළුවකට සහභාගී වීම සඳහා ඇමෙරිකාවේ වොෂිංටන් වෙත ගොස් සිටි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැඳවීමකට අනුව ඊයේ රාත්‍රි යළි දිවයිනට පැමිණ තිබේ. අමාත්‍යවරයා දිවයිනට පැමිණි පසු මාධ්‍ය හමුවේ පැවසුවේ කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ අවස... |
"අනුර කැනඩා යයි" | " ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සංචාරයක නිරතවීම සඳහා ඊයේ පස්වරුවේ කැනඩාව බලා පිටව ගොස් ඇත. මෙම සංචාරයේදී ඒ මහතා පක්ෂයේ කැනඩා කමිටුව මාර්තු 23 වැනිදා ටොරොන්ටෝ අගනුවරදී සහ 24 වැනිදා වැන්කුවර් නගරයේදී සංවිධාන කර ඇති ප්‍රධාන ජනහමු දෙකකට සහභාගී වීමට නියමිතය. මීට අමතරව කැනඩාවේ සිටින ශ්‍රී ලාංකේය දෙමළ හා මුස්... |
"බස් අනතුරකින් 15ක් තුවාල ලබති" | "වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය කුමාරදාස හන්දියේ දී අද උදෑසන පෞද්ගලික බස්රථයක් මාර්ගයේ පෙරළී ගොස් සිදුවූ අනතුරකින්පාසල් ළමුන් 7 දෙනෙකු සහ බස් රථ රියදුරු ඇතුළු 15 දෙනෙක් වැල්ලවාය මුලික රෝහලට ඇතුළත් කර ඇත.බස් රථයේ රියදුරුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අනතුර සිදුව ඇතැයි පොලීසිය සැක පළ කරයි." |
"වෙඩික්කරුවෙක් මියයයි" | "ගණේමුල්ල ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ ඉකුත් 09 වැනිදා ජා ඇල දඩුවම් බස්වත්ත ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු බව වාර්තාවේ.ඔහු 28 හැවිරිදි ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි හමුදා සේවයෙන් පලා ගිය අයෙකු බව වාර්තාවේ. පොලිස් විශ... |
"අද කාලගුණය" | "දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අද (21) දින සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.සබරගම... |
"ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්" | "ජන අරගල ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය පිටකොටුවේ දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇත. එහිදී පොලිස් අණ නොතකා විරෝධතාවේ නිරතවූ පුද්ගලයන් 29 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.මෙම පිරිස අතර භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකු සහ කාන්තාවන් තිදෙනකු ද සිටින බව පොලිසිය සඳහන් කරයි.විරෝධතාවය විසුර... |
"ශ්‍රී ලාංකිකයෝ සීනි කන හැටි" | "ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයෙකු වසරකට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති සීනි ප්‍රමාණය මෙන් තුන් ගුණයකට වැඩි සීනි ප්‍රමාණයක් පරිභෝජනය කරන බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ උප ලේකම් විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා පැවසීය.මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසරකට පුද්ගලයෙකු පරිභෝජනය කළ යුතු සීනි ප්‍රමාණය කිලෝ ග්‍රෑම්... |
"ලොව සතුටුම රට" | "එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුග්‍රහය දක්වන ලෝක සතුටු වාර්තාවට අනුව අඛණ්ඩව 07 වැනි වරටත් ෆින්ලන්තය ලොව සතුටුම රට බවට පත්ව තිබේ. ඒ අනුව ෆින්ලන්තය 2024 වසරේ ද ලොව සතුටුම රට බවට නම් කර ඇත. ඩෙන්මාර්කය දෙවන ස්ථානයේත් අයිස්ලන්තය තෙවන ස්ථානයේත් පසුවේ. අඩු ජනගහණයක් සහිත කුඩා රටවල් රැසක් ලොව සතුටුදායක රටවල් අතර පෙරමුණට පැමිණ තිබේ... |
"තවත් දෙදෙනෙක් කෝප් එපා කියති" | " ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව මේ වනවිට කෝප් කමිටු සාමාජිකයින් 30 දෙනා අතරින් 10 දෙනෙකු ඉල්ලා අස්වී ඇත." |
"මහ බැංකුවේ වැඩි කළ වැටුප් කල් දමන්නයැයි නිර්දේශ" | "ශ්‍රී ලංකා මහා බැංකුවේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.ඒ අනුව පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි එම වාර්තාව මගින් ශ්‍රී ලංකා මහා බැංකුවට නිර්දේශ කර ඇත." |
"පිටිගල වෙඩි තැබීමට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට" | "පිටිගල පොලිස් වසමේ ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරු ඊයේ දහවල් කාලයේදී ඇල්පිටිය පොලිස් වසමේ කහදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 250ක් ද සොයාගෙන ඇත... |
"මන්ත්‍රීවරු නවයක් කෝප් එපා කියති" | "පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කෝප් කමිටුවට අලුතින් පත් කරන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමත් සමග නැගී සිටි වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා තමා එයින් ඉල්ලා අස්වන බව දැනුම් දුන්නේය. මේ විට කෝප් කමිටුවෙන් දයාසිරි ජයසේකර,නලින් බණ්ඩාර,ඉරාන් වික්‍රම... |
"කාලගුණයේ වෙනසක්" | "දිවයිනේ, විශේෂයෙන් දකුණු අර්ධයේ පවතින වියළි කාලගුණයේ තාවකාලික වෙනසක් අද (20) දිනයෙන් පසු අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ... |
"මුහුදුබඩ දුම්රිය ප්‍රමාදයක්" | "කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට දකුණු කළුතර බලා ඊයේ (19) රාත්‍රී 7.15 පමණ ධාවන වූ සීඝ්‍රගාමී දුම්රිය කොටුව හා කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමට ලක්ව ඇති බවය.මේ ... |
"වනිදුට යළිත් තරග තහනමක්" | "ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට යළිත් ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (19) පියවර ගත්තේය.ඒ, බංග්ලාදේශය කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින තරගයේදී ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති උල්ලංඝණය කිරීම හේතුවෙනි.බංග්ලාදේශය සමග ඉකුත් 18 වැනිදා පැවති තරගය... |
"ඩොලරය අද අඩුවෙයි" | "ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල අද රුපියල් 299.29ක් වශයෙන් සහ විකුණුම් මිල රුපියල් 308.90 වශයෙන් දැක්වුණි.ඒ අනුව 2023 ජූලි 05 වනදා ට පසුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 300ට වඩා අඩුවී ඇත්තේ පළමු වරට ය." |
"දයාසිරිත් කෝප් එපා කියයි" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට යොමුකර ඇති බව වාර්තා වෙයි.පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් මීට පෙර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරා... |
"කථානායක විශ්වාසභංග විවාදයට තවත් දිනක්" | "කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව තීරණය කර ඇත.ඒ අනුව 21 වැනිදා බ්‍රහස්පතින්දා දිනයේ ද කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වේ.කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී ... |
"කතරගම කපු ධූර දෙකක් අත්හිටුවයි" | "රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතකු පූජා කළ පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැරගෙන ගියේ යැයි චෝදනා එල්ල වී ඇති කපු මහත්වරු දෙදෙනාගේ ‘කපු ධූරය’ අත්හිටුවීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා පියවර ගෙන ඇත. ඒ අනුව රුහුණු මහා කතරගම දේවාලයේ කපු මහත්වරු වන සොමිපාල තිඹිලත් රත්නායක සහ මුණස... |
"තෙල් සංස්ථාව ව්‍යාපාර ආයතනයක් කරයි" | "සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් වෙන්ව රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත.ඊට අදාල කැබිනට් පත්‍රිකාව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන තිබේ.ශ්‍රී ලංකාවේ එකම ඉන්ධන පිරිපහදුව වන සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව 196... |
"ඖෂධ සහ ආහාර බහාලුම් ගොඩ ගැසේ" | "රේගු නිලධාරීන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා මේ වනවිට ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් 4000ක් පමණ නිදහස් කර ගැනීමය නොහැකිව ගොඩගැසී ඇතැයි බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ, සභාපති සනත් මංජුල මහතා සදහන් කරයි. වැටුප් විෂමතා ඉවත් කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන ඉකුත් සිකු... |
"අවුරුද්දට ඉන්දියාවෙන් බිත්තර" | "එළඹෙන උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.ඒ අනුව අප්‍රේල් මාසයේදී බිත්තර මිලියන 42ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිතය." |
"පෙළ පොත් හා නිල ඇදුම් නොලැබුනා නම් දැනුම් දෙන්න" | "රජයේ සියලු පාසල් සිසුන් වෙත 2024 වර්ෂයට අදාළව පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලබාදීම පිණිස කටයුතු කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.ඒ අනුව සියලු පාසල් වෙත බෙදාහැරීම පිණිස පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි දිවයිනේ සියලුම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත මේ වනවිටත් ලබා දී අවසන් ව ඇති බව ද මෙතෙක් පාසල් පෙළ පොත් සහ නිල ... |
"දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු සභා ගර්භයේ විරෝධය පාති" | "වව්නියාවේ හින්දු කෝවිලක පුජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් විරෝධතා පුවරු රැගෙන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභාගර්භයේ දී විරෝධතාවයක නියැලුණි.අද උදෑසන පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, එම අවස්ථාවේ දී දෙමළ ජාතික සන්ධානයේ... |
"බංග්ලාදේශය තරඟාවළිය දිනයි" | "ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින තරගය කඩුලු 04කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව තරඟාවලිය 2ට 1ක් ලෙස ජයගැනීමට බංග්ලාදේශය සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දු ඕවර 50දී රැස්කළ හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 235ක් පමණි. තරග ජය ගැනීම සඳහා ලකුණු 236ක ඉලක්කයක් හඹාගිය බංග්ලාද... |
"සෞඛ්‍ය වැඩ වර්ජනය අත්හිටුවයි" | "හෙට (19) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ සෞඛ්‍ය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව එම වෘත්තීය සමිති සන්ධානය පවසයි. එහි කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා අද (18දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය." |
"ශ්‍රී ලංකාව 235ට දැවෙයි" | "බංග්ලාදේශය සමග පැවැත්වෙන අවසාන එක්දින ජාත්‍යන්තර තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 50දී රැස්කළ හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 235ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ජනිත් ලියනගේ ය. ඔහු රැස්කළ ලකුණු ගණන නොදැවී 101කි. එය ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර ශතකය ද විය." |
"කතානායකගේ විශ්වාෂය හෙට අනිද්දා බලයි" | "කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට සහ අනිද්දා (19-20) දෙදින විවාදයට ගැනීමට නියමිතය. මේ අනුව හෙට පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා ද අනිද්දා පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වාද විවාදය පැවැත්වීමට නියමිතව ඇති අතර අනිද්දා ප.ව 4.30 ට පමණ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට ද නියමිතව ඇත." |
"නාමල් මහ මැතිවරණය ඉල්ලයි" | " මම කියන්නෙ මහ මැතිවරණයක් තිබ්බොත් සැබෑ ජනමතය බලා ගන්න පුළුවන් කියලා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි ඡන්දයක් පවත්වන්න කැමති අයත් ඉන්නවා නැති අයත් ඕනෑම පක්ෂයක ඉන්නවා ඒත් අවසන් තීරණය ගන්නෙ පක්ෂය විසින් බව ද හෙතෙම කීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි. මෙහිදී වැඩිදුර... |
"ඉරාන්ට කෝප් එපා වෙයි" | "සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක වෙත යවා තිබේ." |
"උ.කොරියාව මිසයිල යවයි" | "උතුරු කොරියාව නැගෙනහිර මුහුද දෙසට කෙටි දුර බැලැස්ටික් මිසයිල කිහිපයක් දියත් කර ඇත. දකුණු කොරියාවේ සෝල් නුවර වෙත අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පැමිණීමත් සමග එම මිසයිල ප්‍රහාර දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු කොරියාව දියත් කරනු ලබන මිසයිල සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බව දකුණු කොරියානු ආරක... |
"ඩොලර් මිලියන 100ක ණයක් අනුමතයි" | "මෙරට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් සඳහා ඩොලර් මිලියන 100ක ණයක් අනුමත වී ඇත. ආසියානු සංවර්ධන බැංකුව විසින් එම ණය අනුමත කර ඇත්තේ මෙරට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ගේ ප්‍රයෝජනයට යොදාගැනීමටය." |
"වෛද්‍යවරිය ගංජා කිලෝ 15ක් එක්ක දැලේ" | "තණමල්විල පොලිස් වසමට අයත් අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේදී ඉකුත් (11) වෙනිදා උදෑසන සිදුකළ වැටලීමකදී වෑන්රථයකින් ප්‍රවාහනයකරමින් තිබූ වියළි ගංජා කිලෝ 15 ග්‍රෑම් 450 සමඟ කාන්තාවක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගගෙන ඇත.පොලිස් විශේෂ රාජකාරී මෙහෙයුමක නිරතව සිටි ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.ආර් සුමුදු ප්‍රසන්න මහ... |
"පෑවිල්ලට සීනි කැකිරි නගී" | "මේ දිනවල පවතින දැඩි හිරු රශ්මියත් සමගම යාපනයේ සීනිකැකිරි වලට හොද ඉල්ලුමක් හා හොද මිලක් ලැබී තිබේ.වෙනත් කාල වලදී කිලෝ එකක් රුපියල් 120 ට අලෙවි වූ සීනි කැකිරි කිලෝවල මේ දිනවල මිල රුපියල් 300 ත් 400 ත් අතර මිලක් වෙයි.මේ නිසා උතුරේ සෑම දිස්ත්‍රික්කයකම පහේ සීනි කැකිරි වගා කිරීමට එම පළාත් වල ගොවියෝ වාර්ෂිකව පුරුදු වී සිටිටි... |
"වඩමරච්චි වෙරළට අද්භූත වස්තුවක්" | "යාපනය වඩමරච්චි මුහුදු වෙරළට අටවෙනි වතාවටත් පැහැදිලිව හදුණාගත නොහැකි අද්භූත වස්තුවක් 17 දා ගොඩ ගසා තිබේ.වඩමරච්චි පාළාතේ ධීවරයින්ට මෙම අද්භූත වස්තුව හමු වී ඇත.ඔවුන් මේ පිළිබදව ධීවර නිලධාරීන්ට දැණුම් දීමෙන් පසුව එම නිලධාරීන් නාවික හමුදාවට හා පොලීසියට මේ බව දැණුම් දී තිබේ.මීට පෙර අවස්ථා හතකදීම වඩමරච්චි මුහුදු වෙරළට විවිධ ... |
"රතුගමගේ ගෞරව නාමයකින් පිදුම් ලබයි" | "උපාලී පුවත් පත් සමගමේ වවුනියාව මාණ්ඩලික වාර්තාකරු වන දිනසේන රතුගමගේ මහතා වෙත ‘ජනමාධ්‍ය විභූෂණ ශ්‍රී දේශාභිමානී’ යන ගෞරව නාමය ප්‍රදානය කිරීම පසුගියදා පුත්තලම සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරුණි. මෙත් විජය ජාත්‍යන්තර බෞද්ධ එකමුතුව නැමති සංවිධානය මෙම ගෞරව සම්මාන උලෙල සංවිධානය කොට තිබුණේ පස්වෙනි වතාවටය." |
"නෑමට ගිය කුඩා දරුවන් 3ක් මරුට" | "යක්කලමුල්ල පොලිස් වසමේ පොල්පගොඩ අඹකඩේ ප්‍රදේශයේදී පොල් අතු මෝදර ගංගාවේ අතු ගංගාවක දිය නෑමට ගිය කුඩා දරුවන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ඊයේ (17දා) පස්වරුවේ මිය ගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ දිමුතු රශ්මික (15) සහ කවිෂ්ක නෙත්සර (11) නැමැති දරුවන් දෙදෙනෙකි.මෙම දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු දිය නාමින් සිටිනු දැක අනෙක් දරුවාද ඟගට බැ... |
"රුසියාවේ පාලනය පුටින්ට 2036 තෙක්" | "රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට නැවත වරක් බහුතර බලයකින් ජනාදිපති ධුරයට තේරී පත්ව ඇත.ඡන්ද ප්‍රතිඵල අනුව සියයට 87ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ව්ලැදිමීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපතිධුරයට හිමිකම් ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙම ඉහළ ප්‍රතිශතය රුසියාවේ සෝවියට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ප්... |
"ශ්‍රී ලංකාව 24/2" | "සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (18) පැවැත්වෙන අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිළ පන්දුවාර 6ක් අවසන් වන විට මේ වන විට කඩුළු 02ක් දැවී ලක-ණු 24ක් ලබා සිටී. එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමට ය. පැත... |
"වියළි කාලගුණය එලෙසම" | "බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.ඊට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි." |
"දරුවන් දෙදෙනෙක් දියේ ගිලී මරුට" | "ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේදී පොල්වත්ත ගඟේ දියේ ගිලීමෙන් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 11 සහ 14 යන වයස්වල පසුවූ පිරිමි දරුවන් දෙදෙනෙකි. එම දරුවන් දෙදෙනා ඥාතීන් වන අතර ඔවුන් සිය මව්පියන් සමග ගඟේ දියනෑමට පැමිණි අවස්ථාවේ මෙම අනතුරට ලක්ව ඇත." |
"මෝදර වෙඩික්කරු අත්අඩංගුවට" | "පසුගිය 13 වැනිදා මෝදරවීදිය කොළඹ 15 ප්‍රදේශයේ දී වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතුකළ සැකකරු ඊයේ සවස පෑලියගොඩ වික්ටෝරියා පාලම දේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 600ක් ද සොයගෙන ඇති බව පොලීසිය පවසයි. සැකකරු පරකන්... |
"ජනාධිපති ශිෂ්‍යත්ව අයැදුම් කාලය දීර්ඝ කරයි" | "විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මග පෙන්වීම යටතේ ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව 2024/2025 වැඩසටහනට අයඳුම්පත් භාර ගැනීම අප්‍රේල් ... |
"පාසල් ක්‍රීඩා තරග කල් දමයි" | "පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව සංවිධානය කරන ලෙස විදුහල්පතිවරුන්ට චක්‍රලේඛයක් මගීන් දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ උෂ්ණාධික කාලගුණ තත්ත්වය නොසළකමින් පාසල් රැසක් නිවාසාන්තර ක්‍රීඩා උළෙල සංවිධානය කර ඇති බව නිරීක්ෂණය වී ඇති බවය. පළම... |
"පොහොට්ටුවේ ප්‍රා සභා මන්ත්‍රීවරයෙක් පාසල් සිසුවෙක්ට පහරදීලා" | "පාසල් සිසුවෙකුට පහරදුන් දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත. පහරකෑමට ලක්වූ පාසල් සිසුවාගේ මව චෝදනා කරන්නේ මෙම පහරදීම නිසා තම පුත්‍රයා දින පහක් තිස්සේ රෝහල්ගතකර සිටිමුත් සැකකාර මන්ත්‍රීවරයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවය. පසුගි... |
"වන්දනාවේ ගිය බස් රථයක් අනතුරකට ලක්වේ" | " නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි බැතිමතුන් 38 දෙනෙකු රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් රියදුරු ඇතුළු 37 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් අයෙක් මියගොස් ඇත. ඊයේ සවස් කාලයේදී එම අනතුර සිදුව ඇත්තේ පේරාදෙණිය කොබ්බෑකඩුව හන්දිය යහලතැන්න ප්‍රදේශයේදීය. බැතිමතුන් රැගත් බස් රථය නෙල්ලිගල සිට පූඩළුඔය දෙසට ... |
"ඉන්දීය මහ මැතිවරණයට දින නියමවෙයි" | "ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කර ඇත. ඒ අනුව අදියර 7ක් යටතේ එම මැතිවරණය පැවැත්වෙයි. පළමු අදියර අප්‍රේල් 19 වැනිදා ආරම්භවේ. දෙවන අදියර ආරම්භ අප්‍රේල් 26 වැනිදා ආරම්භවේ. ඉන් අනතුරුව 03 වන අදියර මැයි 07 වැනිදාත් 04 වැනි අදියර මැයි 13 වැනිදාත් 05 වැනි අදියර මැයි 20 වැනිදාත් 06 වැනි අදියර මැයි 25 වැනිදාත් 07 වැ... |
"ඩිල්ෂාන් මධුෂංකට ඉදිරි තරග අහිමි වෙයි" | " ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක ට බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන ඉදිරි තරග අහිමි වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ දෙවන එක්දින තරගය අතරතුර ඔහු පාදයේ ආබාධයකට ලක්වු බවය. ආබාධ තත්ත්වය සුව අතට පත්නොවීම හේතුවෙන් ඩිල්ෂාන් මධුෂංක තෙවන තරගයට සහභාගී නොවන බව ක්‍රිකට් ආයතනය සඳහන... |
"දෙමළෙන් පොලිසියට පැමිණිලි කරන්න අංකයක්" | "දෙමළ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව අංකයක් හඳුන්වාදීම අද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.ඒ අනුව කෙටි අංක 107 ඔස්සේ ඕනෑම දෙමළ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්ලු... |
"ශා.තෝමස්ට එක්දින ජය" | "කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර අද කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දී පැවැති 47 වන මස්තාන් කුසලාන එක්දින තරගය ලකුණු 30කින් ජය ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමත් විය.තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත තෝමස් විද්‍යාලය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08 දැවී ලකුණු 256ක් රැස් කළේය.පිළිතුරු ... |
"පොලිසියේ ලොකු පුටු වල වෙනසක්" | "ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනෙකු අතුළු පොලිස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 08 දෙනෙක් සහ පොලිස් අධිකාරීවරයෙක් මෙලෙස ස්ථාන මාරු කර ඇති බ... |
"ශ්‍රී ලංකාවට සුපිරි ජයක්" | "ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු තුනක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.ලකුණු 287ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු ඕවර 47.1 කදී කඩුලු 07ක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත්වූහ.පැතුම් නිස්සංක ලකුණු 114 යි.චරිත් අසලංක ලකුණු 91යි.ඔවුන් දෙදෙන... |
"බංග්ලාදේශය 286/07" | " සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුළු 07ක් දැවී ලකුණු 286ක් ලබාගත්තේය.තවුහිද් රිදෝයි නොදැවී 96 ,සෞම්‍ය සාර්කර් 68යි.පන්දු යැවීමේදී වනිදු හසරංග 45/04යි." |
"අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්" | "පුරප්පාඩුව පවතින ග්‍රාමසේවා වසම් 2002ක් වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් බඳවාගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බවත් එළඹෙන අප්‍රේල්මාසය අවසන් වීමට පෙර ඔවුන් සේවයේ පිහිටුවීමට කටයුතු කරන බවත් ස්වදේශකටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය." |
"ජලාශ ජල මට්ටම පහළ බසී" | "මධ්‍යම කදුකරයට මාසයකට ආසන්න කාලයක් තිසසේ පවතින වියලි කාලගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශ දෙකේ ජල මට්ටම සියයට 25 දක්වා පහත බැස තිබේ.ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන ජලවිදුලිබලසංකිර්ණය යටතේ ඇති මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශ දෙකේ ජල මට්ටම අද උදෑසන 06.00 වන විට පිටාර ම්ටමේ සිට පිළිවෙලින් අඩි 24 ක් සහ 22... |
"කෙහෙළියගෙන් ඇප අයැදුමක්" | "ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තමාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා මහාධිකරණයට ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ." |
"ශ්‍රී ලංකාව පළමුව පන්දු රකී" | " සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබාදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර ඇත." |
"යළි සෞඛ්‍ය වර්ජනයක්" | "එළඹෙන 19 වැනිදා සිට නැවත වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි. සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය කඩිනමින් මැදිහත් නොවන්නේ නම් මෙම තීරණය ගන්නා බව ඔහු සඳහන් කරයි." |
"සංක්‍රමනිකයින් පිරිසක් මුහුදේ ගිලී මරුට" | "මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ අනවසර සංක්‍රමණික යාත්‍රාවක් ගිලී යෑමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ ලිබියාවේ සිට යුරෝපය බලා යාත්‍රා කරමින් සිටි අනවසර සරණාගතයින් රැගත් යාත්‍රාවකි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉතාලිය හෝ මෝල්ටාව බලා එම යාත්‍රා... |
"දෙවැනි එක්දින තරගය අද" | " සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද චිතගොන් හිදී මෙරට වේලාවෙන් පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතය. දෙරට අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුළු 6ක ජයක් හිමිකරගත් බංග්ලාදේශ කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තරග 1ට 0ක් ලෙස ඉදිරියෙන් පසුවෙයි." |
"ගෙල කපා කතක් මරා දමලා" | "අනියම් පුරුෂයා සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් සීදුව මුතු වාඩිය ප්‍රදේශයේ කුලීකාමරයක් තුළදී බෝතල් කටුවකින් ගෙල කපා කාන්තාවක ඝාතනය කර ඇතැයි සීදුව පොලිසිය පවසයි.මෙසේ ඝාතනය කර ඇත්තේ අවුරුදු 26 පලුගොල්ලාගම, මෙගොඩ වැව ප්‍රදේශයේ කාන්තාවකි. සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර වැඩිදුර විමර්ශන සීදුව පොලීසිය සිදු කරයි." |
"කැනඩාවේ දී හයදෙනකු මැරූ සැකකරු රිමාන්ඩ්" | "කැනඩාවේ, ඔටාවාහී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය යළි කැඳවා තිබේ.එම ඝාතන සම්බන්ධයෙන් මේ වනවිට චෝදනා එල්ලවී සිටින්නේ 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු වන ෆෙබ්‍රියෝ ද සොයිසා වෙතය.ඔහුව ඊයේ (14) දිනයේදී යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර නඩු විභාගය එළඹෙන 28 වනදා යළි කැඳවීමට නියමිතය." |
"මත් ජාවාරම්කරුවෙකු බව පැවසූ මොහොමඩ් ශිරාන් බාසික් නිදහස්" | "ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසූ මොහොමඩ් ශිරාන් බාසික් නැමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ලබාදුන් සාක්ෂිවල ඇති බලවත් පරස්පරතා හේතුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කරන බවට මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කර තිබේ. සැකකරු ... |
"වී ගන්න මුදල් ලැබෙයි" | "වී අලෙවි මණ්ඩලයට වී මිලදීගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නියමයෙන් රුපියල් කෝටි 50ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.ඒ අනුව හෙට සිට අවම වශයෙන් සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් වී ගබඩා දෙකක් බැගින් වී මිලදීගැනීම සඳහා විවෘතව තබන බව අමාත්‍යවරයා සඳහන් කළේය." |
"කෙහෙළිය ඇතුළු පිරිසගේ ඇප ඉල්ලීම ඉවතට" | "හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් 4 දෙනෙකුට එරෙහි ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ එන්නත් නඩුව අවසන් වන තෙක් ඇප ලබාදීම මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.ඒ අදාළ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ අද සලකා බැලූ අවස්ථාවේදීය. ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹු... |
"දරුවන් දෙදෙනා ඝාතනය කළ පියෙක්" | " සිය දරුවන් දෙදෙනා ඝාතනය කළ පියෙකු සියදිවි නසාගැනීමට උත්සාහ කළ පුවතක් අම්පාර පෙරියනිලාවේලි ප්‍රදේශයෙන් වාර්තාවේ. මෙලෙස ගෙල කපා ඝාතනය කර ඇති ඔහුගේ පුතුගේ වයස අවුරුදු 29කි. දියණියගේ වයස අවුරුදු 15කි. දරුවන් දෙදෙනා ඝාතනය කළ පියා ද ගෙල කපාගෙන සියදිවි හානිකරගනීමට උත්සාහ කර ඇති අතර ඔහුව ප්‍රතිකාර සඳහා කල්මුණේ රෝහලට ඇතුළත් ක... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.