Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත්" | "මෙරට සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව කළ අලුත්ම හෙළිදරව්ව ගැන සෙවීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමටත් ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩදීමටත් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය. සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත... |
"A – 3 සමතුන් 9904ක්" | "විෂය ධාරා හයක් යටතේ ප්‍රතිඵල නිකුත් වූ 2022 උ.පෙළ විභාගයේදී සිසු සිසුවියන් 9904 දෙනකු විෂයන් තුනටම ඒ සමාර්ථ ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (05 දා) පැවසීය. ජීව විද්‍යා ධාරාව යටතේ ඒ සාමාර්ථ 817 ක්, භෞතික විද්‍යා ඒ සමාර්ථ 1068 ක්, වාණිජ ඒ සමාර්ථ 4,198 ක්, කලා ඒ සමාර්ථ 3622 ක්, ඉංජිනේරු තාක්‍ෂ... |
"කෙහෙළියට එරෙහි විශ්වාසභංගය අද සිට විවාදයට" | "බාල ඖෂධ නිසා රජයේ රෝහල්වලදී මියගිය අයගේ ඥාතීන් ද විවාදය බලන්න කැඳවයි සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද (06) ආරම්භ කෙරේ. අද, හෙට (07දා) සහ අනිද්දා (08දා) ලෙස දින තුනක් විවාදය පැවැත්වෙන අතර විපක්ෂ මන්ත්‍රීවරයෙක් එම යෝජනාව අද පාර්ලිමේන්... |
""13 ඉදිරියට දමා උ/නැ ප්‍රශ්නය විසඳීමට යෑම භයානකයි, ඉන්දීය හමුදාව යළි ලංකාවට එන පසුබිමක් හදන්න එපා – විග්නේෂ්වරන් රජයට කියයි"" | "ශ්‍රී ලංකාවට යළි ඉන්දීය හමුදාව ගෙන එන ආකාරයේ පසුබිමක් නිර්මාණය නොකරන ලෙස තමන් ශ්‍රී ලංකා රජයට දැනුම් දෙන බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා 4 දා යාපනයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසීය. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ දේශීය හා විදේශීය මාධ්‍ය කීපයක් වෙත අදහස් දක්වමිනි. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා... |
"ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්‍ෂණ නතර වෙන්න ඔන්න මෙන්න – පරිපූරක වෛද්‍ය සේවා බල මණ්ඩලය" | "කොළඹ ජාතික රෝහලේ ‘පෙට් ස්කෑන්’ පරීක්‍ෂණ ඉදිරි සති දෙක තුළ නතර කර දැමීමට සිදුවනු ඇතැයි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය රජයට අනතුරු අඟවයි. ‘පෙට් ස්කෑන්’ පරීක්‍ෂණ සඳහා විශේෂ පුහුණුව ලබා ඇති නිලධාරීන් විශ්‍රාම ගැනීම සහ අනෙකුත් නිලධාරීන් රට හැර යෑම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩ... |
"මරණ කීපයකට හේතු වූ මෙරට නිෂ්පාදිත ඖෂධය පරික්‍ෂාවට නොයවන්නේ ඇයි? – සෞඛ්‍ය වෘත්තීයවේදී විද්වත් සංගමය" | "අසාත්මිකතාව හේතුවෙන් මරණ කිහිපයක් සිදුවූ බවට හෙළිවූ මෙරට නිෂ්පාදිත ප්‍රතිජීවක ඖෂධය ලෝක සෞඛ්‍ය සංවිධානයේ රසායනාගාර පරීක්‍ෂාවට යොමු කිරීමට ඖෂධ නියාමන අධිකාරිය මෙතෙක් පියවර ගෙන නැතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි. මෙම ප්‍රතිජීවක ඖෂධය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සුදුසුකම් ලත් රසායනාගාරයකට යවා පරීක්‍ෂා කරන බවට ... |
"එජාපය අද ඩිජිටල් වෙයි" | "එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සංවත්සරයට සමගාමීව එක්සත් ජාතික පක්ෂය ඩිජිටල්කරණයට ලක්කිරීම අද (06 දා) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුකිරීමට නියමිතය. 77 වන සංවත්සරය වෙනුවෙන් අද (06 දා) පෙරවරු 7.30 ට සර්වාගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව දිවංගත පක්ෂයේ නායකයින්ගේ පිළිරූවලට පුෂ්පෝපහාර හා මල්දම් පැළඳවීමට නියමිතය. එම අවස්ථාවට ප... |
"සජිත්ගේ කාලයේ නිවාස අධිකාරියට හම්බන්තොටින් පමණක් 2100ක් අරන් – රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ" | "වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමැති ලෙස සිටි 2015 සිට 2019 දක්වා කාලයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට කොන්ත්‍රාත් පදනම මත හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පමණක් සේවකයන් 2100ක් බඳවා ගෙන ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය. අනුමත සේවක ප්‍රමාණය ඉක්මව... |
"සමහරු බෝඩ් ගහගෙන මාධ්‍ය සාකච්ඡා තිබ්බාට එජනිස නීත්‍යානුකූල මහලේකම් තාමත් මමයි – ඇමැති අමරවීර කියයි" | "තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීත්‍යානුකූල මහලේකම්වරයා තමන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. තමා විසින් ගෙන ඇති අධිකරණමය ක්‍රියාමාර්ග අනුව නීත්‍යානුකූලව මහලේකම් කවුරුන්ද යන්න ළඟදීම අධිකරණය විසින් තීන්දු කරනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. “නීත්‍යානුකූලව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තවමත් මමයි.... |
"ඖෂධීය කංසා වගාවට අනුමැතිය ලබාදෙයි" | "ඖෂධීය කංසා වගා කිරීම සඳහා අනුමැතිය ලබා දෙන බවත් ඒ බව ආයුර්වේද නීති සංග්‍රහයේ ගැසට් නිවේදනය මගින් ඉදිරියේ ප්‍රකාශයට පත් කරන බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය. කංසා වගා කිරීම වාණිජ වගා ලෙස ප්‍රවර්ධනය කරන බවත් ඊට අමතරව තවත් ඖෂධ කිහිපයක් වාණිජ වගා ලෙස ප්‍රවර්ධනය කළ යුතු ... |
"සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත ගැසට් කර පාර්ලිමේන්තුවට" | "සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත රජයේ ගැසට් පත්‍රයේ පළකර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් නව ත්‍රස්ත විරෝධී පනත රජය මගින් ඉදිරිපත් කිරීමෙන් පසු ඉකුත් 2022 වසරේ සැප්තැම්බර් පස්වැනිදා ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දුනි. ඒ අනුව 2023 මාර්තු 22... |
"ප්‍රවීණ ගායිකා සීතා නානායක්කාර දිවි සැරිය නිම කරයි" | "ජ්‍යෙෂ්ඨ චිත්‍රපට නිළියක මෙන්ම ගායිකාවක වූ සීතා නානායක්කාර මහත්මිය ඊයේ (05 දා) අභාවප්‍රාප්ත වූවාය. තිදරු මවකවූ නානායක්කාර මහත්මිය මියයන විට 85 වන වියෙහි පසුවූවාය. 1955 වසරේදී තිරගතවූ අසෝකා, 1956 දී තිරගතවූ ඩිංගිරි බන්ඩා, 1998 දී තිරගතවූ ඇගේ වෛරය ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායකවූ ඇය විසින් ගායනා කළ වේවා ඔබ මගේ සුදු ... |
"මුතුරාජාගේ ප්‍රතිකාරවලට සහාය වීමට ශ්‍රීලංකාවෙන් 4 ක් තායිලන්තයට" | "ශ්‍රී ලංකා තායිලන්ත තානාපති කාර්යාලයේ ඇරයුමක් මත තායිලන්තයේ වෙසෙන මුතුරාජා ඇතාගේ ප්‍රතිකාර කටයුතු සඳහා සහාය වීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දන රාජපක්‍ෂ, පශු වෛද්‍ය මධුෂා පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ සත්ව ආරක්‍ෂක නඳුන් ඇතුලත්මුදලි යන මහත්ම මහත්මීන් සහ තායිලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙ... |
"දේශීය ආදායම් සංශෝධන පනත සරල බහුතරයකින් සම්මත කර ගත හැකියි – කථානායක මහින්ද යාපා අබේවර්ධන" | "දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම්දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුව ප්‍රකාශයට ප... |
"ආයුර්වේද පනත සංශෝධනය කළේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව සහ නිපුණතාව ඇති කිරීමටයි – රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි" | "දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය කර්මාන්තයක් වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කාර්යක්ෂමතාවය ඇති කිරීම සහ නිපුනතාවය ඇති කිරීම වෙනුවෙන් ආයුර්වේද පනත සංශෝධනය කළ බව රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේව... |
"අක්ෂි කාච හදිසි මිලදී ගැනීමකදී මසකට මිලියන 300 ක් අහිමි වෙනවා – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය" | "සෞඛ්‍ය අමාත්‍යාංශය අක්ෂි කාච හදිසි මිලදී ගැනීමකට යොමු වීමෙන් රජයට මසකට රුපියල් මිලියන 300 ක් අහිමි විය හැකි බැවින්, මසකට අවශ්‍ය අක්ෂි කාච 15,000 ක ප්‍රමාණය සාමාන්‍ය මිලදී ගැනීම් යටතේ ලබා දීමට වෛද්‍ය සැපයුම් අංශය ක්‍රියා කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි. අක්ෂි කාච සාමාන්‍ය මිලදී ගැනීමකට වඩා රු... |
"යළි විදුලි ගාස්තු 56%කින් නග්ගන්න අනුමැතිය ඉල්ලලා – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික" | "විදුලි ගාස්තු සියයට 56කින් යළිත් වහා වැඩි කළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යෝජනා කර ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ ( 5 දා) පැවසීය. මෙය අයි.එම්.එෆ්. කොන්දේසි ඉටුකිරීමට විදුලි පාරිභෝගිකයන් බිල්ලට දීමක් යැයි ද හෙතෙම කීවේය. මීරිගම විජය රජදහනේ ඊයේ ( 5දා) පැවැති ප්... |
"පාස්කු ප්‍රහාරය පිළිබඳ අන්තර්ජාල ප්‍රකාශ නිසා කීර්තිනාමයට හානි වුණා – රාජ්‍ය බුද්ධි ප්‍රධානී උසාවියට කියයි" | "පාස්කු ප්‍රහාර මාලාවට අදාළව අන්තර්ජාලය ඔස්සේ නිකුත් කළ ප්‍රකාශ නිසා තමන්ගේ වෘත්තීය ජීවිතයට හා සිය කීර්තිනාමයට දැඩි හානියක් සිදුවූයේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි තුවාන් සුරේෂ් සලෙයි මහතා ඊයේ (4 දා) කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ සාක්‍ෂි දෙමින් පැවසීය. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් වූ අන... |
"ලිට්‍රෝ ගෑස් මිල උස්සයි" | "ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල ඊයේ (04 දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 145 කින් ඉහළ දැමීමට එම සමාගම කටයුතු කර ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 3127.00 ක් වේ. කිලෝ 12.5 සිලින්ඩරයක් රුපියල් 1045 කින් වැඩි කළ යුතු වුවත් සිය සමාගම මිල වැඩි කළේ රුපියල් 145 කින් යැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහත... |
"සන්ධානයට ඩලස් නාවත් නිදහස ජනතා සභාවේ 9ක් සජිත් සමග ඉන්නවා – සජබ ජ්‍යෙෂ්ඨයෙක් කියයි" | "විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය විසින් පිහිටුවීමට යන දේශපාලන සන්ධානයට නිදහස ජාතික සභාවේ ඩලස් අලහප්පෙරුම මහතා එක් නොවන බව සජබ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින’ට පැවසීය. විපක්ෂ නායක සජිත් වෙනුවට ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා සමග සාකච්ඡා කරන බව කී ඉහත ජ්‍යෙෂ්ඨයා ඩලස් නාවත් සජබය දේශපාලන සන්ධා... |
"ශ්‍රී ලංකාවේ දුෂ්කර කාලවලදී ඉන්දියාව සංවේදී වුණා – අගමැති මෝදි කියයි" | "ශ්‍රී ලංකාව මුහුණ දුන් දුෂ්කර කාලවලදී ඉන්දියාව එරට අවශ්‍යතා සම්බන්ධයෙන් දැඩි ලෙස සංවේදී වූ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත. “අපගේ වටිනා අසල්වැසියා වන ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ දුෂ්කර කාලවලදී අපි ඔවුන්ගේ අවශ්‍යතා කෙරෙහි ද ඉතා සංවේදී වී සිටිමු” යනුවෙන් ඉන්දීය ප්‍රවෘත්ති ඒජන්සිය වන ‘පීටීඅයි’ සමඟ සම්මුඛ සාකච්ඡාවක... |
"සති 4 න් ගේනවා කී වීඩියෝ සාක්‍ෂි මාස ගාණක් ගියත් නෑ" | "සති හතරක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන බවට පොරොන්දු වූ වීඩියෝ සාක්‍ෂි මාස ගණනාවක් ගතවූ පසුවවත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (4 දා) නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියකට අප්‍රසාදය පළ කළේය. රට තුළ සිදුවන මහජන විරෝධතා මැඬපැවැත්වීම සඳහා ජනතාවගේ මානවහිමිකම් උල්ලං... |
"උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි – සමත් ප්‍රතිශතය 63.3% ඉක්මවයි" | "උසස් පෙළ (2022) ප්‍රතිඵල ඊයේ (4 දා) සවස නිකුත් විය. මෙම විභාගය සඳහා පාසල් අයදුම්කරුවෝ 278,196 ක් සහ පෞද්ගලික අයදුම්කරුවෝ 53,513 ක් විභාග මධ්‍යස්ථාන 2200 කදී පෙනී සිටියහ. මෙම විභාගය 2023 ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වා පැවැත්විණි. නිකුත් වූ ප්‍රතිඵල අතර දිවයිනේ සහ දිස්ත්‍රික් තරාව ඇතුළත්ව ඇත. ගුරුවරුන් විසින් ක්‍රියාත්... |
"රෝගියා මල්ශාලාවට නොව යළි ගෙදර යන්න ඕනෑ කියා හිතන මන්ත්‍රීලා විශ්වාසභංගයට පක්‍ෂ වේවි – උදය ගම්මන්පිල" | "ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සයවිධ අර්බුදයකට මුහුණ පා ඇති අවස්ථාවක සෞඛ්‍ය ඇමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය පාවිච්චි කිරීමට පිවිතුරු හෙළ උරුමය තීරණය කර ඇති බව එහි නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (4 දා) පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවට එක්වෙමිනි. එහිදී හෙතෙම වැඩිදුර... |
"ජනපතිට වෙඩි තියන්න ෆේස්බුක් එකෙන් ගිනි අවියක් ඉල්ලූ චූන් පාන් රිමාන්ඩ්" | "“ලබන 7 වැනිදා අපේ ගමට එන රනිල් වික්‍රමසිංහට වෙඩි තියන්න ස්නයිෆර් එකක් මට දෙන්න බැරිදැයි” යන වැකිය අන්තර්ජාලයට මුදාහළ 17 හැවිරිදි චූන් පාන් වෙළෙන්දා ලබන 8 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (04දා) නියෝග කළේය. එප්පාවල පොලිසිය විසින් පෙරේදා (03දා) අත්අඩංගුවට ගෙන අ... |
"නුවරඑළිය රෝහලේදී අක්‍ෂි සැත්කම් කළ දෙදෙනෙක් අන්ධ වෙලා GMOA කියයි" | "පසුගිය අප්‍රේල් මාසයේදී නුවරඑළිය මහ රෝහලේදී සිදුකළ ඇසේ සුද ඉවත්කිරීමේ සැත්කම සඳහා භාවිත කළ ප්‍රෙඩිසිලෝන් දියරය නිසා ඇතිවූ සංකූලතා හේතුවෙන් රෝගීන් දෙදෙනකු පූර්ණ කාලීන අන්ධභාවයට ලක්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අප්‍රේල් මාසයේදී රෝගීන් 34 දෙනකු ඇසේ සුද ඉවත්කිරීමේ ශල්‍යකර්මවලට මුහුණ දී ඇති අතර ඉන් 17 දෙනකු ... |
"මගේ ප්‍රකාශය වෙනසක් නෑ සජිත් ජනපතිවරණයට එන්නේ නෑ – රංගෙ බණ්ඩාර කියයි" | "විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එළැඹෙන ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වන්නේ නැතැයි තමා කළ ප්‍රකාශය වෙනසක් නොවන බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ඊයේ (04 දා) පැවැසීය. ඔහු එක් වරක් කරු ජයසූරිය මහතා බිල්ලට තියලා පක්‍ෂයේ නායකයා තෝරන වෙලාවේ පැත්තකට වුණා. දෙවැනි පාර පාර්ලිමේන්තුව තුළ ජන්දයේදී ඩලස් අලහප්පෙරුම... |
"ජාතික ජන බලවේගය සතු එකම බලය මහජනතාවගේ බලයයි" | "ජාතික ජන බලවේගය සතු එකම බලය මහජනතාවගේ බලය යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ඒ මහතා මෙම අදහස් පළකළේ කෝට්ටේ ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය. විවිධ අවස්ථාවල විවිධ රැස්වීම්වලට අපි සහභාගී වී තිබුණත් නිසියාකාරව කෝට්ටේ දකින්නේ අදයි. ... |
"ආණ්ඩුව කළ යුතුදේ අද විපක්‍ෂයට කරන්න වෙලා" | "සාමාන්‍යයෙන් වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වී වැව් අමුණු, ඇළ වේලි ප්‍රතිසංස්කරණය කළ යුතු වුවත් පසුගිය දිනවල එවැනි වාරි පුනරුත්ථාපනයක් රට තුළ දක්නට නොලැබුණ නිසා ප්‍රායෝගික ප්‍රගතිශීලී විපක්‍ෂයක් ලෙස සමගි ජන බලවේගය විසින් බලයක් නොමැති වුවත් මෙරට කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට අදාළ දායකත... |
"අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට එනවා – සජිත් සහතික වෙයි" | "තමා අනිවාර්යෙන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. වසර 40කට පසු කිරිඳිඔය ව්‍යාපාරයේ දකුණු ඇළ පිළිසකර කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය. රජයේ නියෝජිතයන් පිරිසක් ගොබෙල්ස්ගේ මාධ්‍ය ප්‍රතිපත්තිය මවා පාමින් ජනාධිපතිවරණයට රනිල් ඉල්ලනවා නම් සජිත් ඉල්ලන්නේ නැත... |
"හිටපු මන්ත්‍රී ශ්‍රී රංගාගේ නඩුවේ විනිසුරු මාරු කිරීමේ ඉල්ලීම ඉවතට – රංගා ඇතුළු සැකකරුවන් රිමාන්ඩ් කරන්නැයි ද නියෝග" | "හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා මාධ්‍යවේදී එස්. ශ්‍රී රංගා විසින් තම නඩුව වවුනියාව මහාධිකරණයේ වෙනත් විනිසුරුවරයෙකු හමුවේ විභාග කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සම 4 දා ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රතික්ෂේප කොට තිබේ. මෙම පෙත්සමේ මූලික කරුණු සලකා බැලීම සඳහා ඇස්තමේන්තු ගත නීති ගාස්තු ශ්‍රී රංගා ... |
"හිටපු මන්ත්‍රී ශ්‍රී රංගාගේ නඩුවේ විනිසුරු මාරු කිරීමේ ඉල්ලීම ඉවතට – රංගා ඇතුළු සැකකරුවන් රිමාන්ඩ් කරන්නැයි ද නියෝග" | "හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා මාධ්‍යවේදී එස්. ශ්‍රී රංගා විසින් තම නඩුව වවුනියාව මහාධිකරණයේ වෙනත් විනිසුරුවරයෙකු හමුවේ විභාග කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සම 4 දා ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රතික්ෂේප කොට තිබේ. මෙම පෙත්සමේ මූලික කරුණු සලකා බැලීම සඳහා ඇස්තමේන්තු ගත නීති ගාස්තු ශ්‍රී රංගා ... |
"මත්කුඩු ජාවාරම්කරුවන් එල්ලා මරන්න හදන කොට එදා අගමැතියි විපක්ෂනායකයි විරුද්ධ වුණා" | "රටේ දේශපාලන පක්ෂවල වැඩිවීමක් තුළින් කල්ලි කණ්ඩායම් වැඩිවීමෙන් රටේ සමගියට බාධාවක් වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වැනි සංවත්සරය උත්සවය අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. “එක්වෙමු…වෙනසකට සැරසෙමු” මැයින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් හෝටල් පරිශ්‍රයේදී ශ්‍රී ලංකා නි... |
"කඩල මුවාවෙන් ගෙන්වූ කෝටි 3 ක උඳු රේගු දැලේ" | "කඩල ගෙන්වන මුවාවෙන් ගෙන්වූ, ආනයන, අපනයන පාලක විසින් ආනයනය කිරීම තහනම් කර තිබූ රුපියල් ලක්‍ෂ 310 ක් පමණ වටිනා උඳු තොගයක් රේගුව මගින් ඊයේ (4 දා) අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ 10 පිහිටි පෞද්ගලික සමාගමක් විසින් ඉන්දියාවේ සිට ආනයනය කළ අඩි 20 ක් දිග බහාලුමක තිබී මෙම උඳු තොගය හමුවී ඇත. ආනයනකරු විසින් ගෝනි 833 ක කඩල කිලෝ 25,000 ක් ... |
"උසස්පෙළ විභාගය කල් දැමීම කිසිසේත් සිදු කළයුතු ක්‍රියාවක් නොවෙයි" | "උසස්පෙළ විභාගය ආයිත් වතාක් කල් දාන්න කියලා කරන යෝජනාව දරුවන්ගේවත් ගුරුවරුන්ගේවත් පාසල්වලවත් අවශ්‍යතාවය නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම මවාපාන ව්‍යාජ යෝජනාවක්. ඒක මේ වෙලාවේදී කිසි සේත්ම සිදු කලයුතු දෙයක් නොවෙයි යැයි ජාතික නිදහස් ගුරු සංගමයේ සභාපති සුදන්ත රත්නායක මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ (04) ප්‍රකාශ කර සිටියේය. උසස් පෙ... |
"ලොව පුරා සිටින සාර්ථක ව්‍යාපාරිකයන් ආකර්ෂණය කර ගැනීම මෙරට පැවැත්වෙන ගෝලීය නියමුවන්ගේ හමුවේ අරමුණයි" | "ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන ගෝලීය නියමුවන්ගේ හමුවේ (Global CEO Forum-2023) සැප්තැම්බර් 21 වැනිදා ප. ව. 5.00 ට කොළඹ ගලධාරි හෝටලයේදී ආරම්භ වේ. මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහභාගි වේ. මෙම සමුළුව ලෝක මට්ටමින් දැනුම සහ අදහස් හුවමාරු කර ගැනීමට සහ ලොව පුරා සිටින... |
"රතු නිවේදන නිකුත් කළත් – පාතාලයන් ගෙන්වන්න මරණ දඩුවම හරස් වෙයි" | "විදෙස් රටවලට පලාගොස් සිටින පාතාල අපරාධකරුවන් ගෙන්වා ගැනීමට රතු නිවේදන නිකුත් කර ඇතත් මෙරට පවතින මරණ දඬුවම නීතිය නිසා ඔවුන් එම රටවලින් පිටුවහල් කිරීමට ජාත්‍යන්තර පොලිසිය අකමැත්ත ප්‍රකාශ කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට (නීතිය හා අපරාධ) මහතා පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කාරක සභාව හමුවේ අනාවරණය කළේය. රටේ පවතින අපරාධ... |
"මහ වැසි සුළං ජන දිවිය කළඹයි – දිස්ත්‍රික්ක 4කට නාය අවදානම් නිවේදන" | "කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට ඊයේ (03 දා) දිනයේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග ගස් කඩා වැටීම්, මාර්ග ජලයෙන් යටවීම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් ජන ජීවිතයට බලපෑම් එල්ල වී තිබුණි. අදින් (4 දා) පසු වර්ෂාවේ අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ පෙරවරුවේ කොළඹ ප්‍රධාන වර්ෂාපතන මානයට මිලි මීට... |
"ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් 20 අතරට" | "ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරින් හොඳම 20 දෙනා අතරට පත් වී තිබේ. ඒ සඳහා නන්දලාල් වීරසිංහ මහතා තේරීපත්ව ඇත්තේ ජාත්‍යන්තර ‘ග්ලෝබල් ෆිනෑන්ස්’ (Global Finance) නම් සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද විශ්ලේෂණයකට අනුවය. ඔවුන් වර්ෂ 1994 සිට අඛණ්ඩව සිදු කෙරෙන ගෝලීය මහ බැං... |
"ශ්‍රීලනිප 72 වැනි සමුළුවට අගමැතිත් එක්වේ" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වැනි සංවත්සර සමුළුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාච් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී, පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03 දා) පැවැත්විණි. මෙවර සමුළුවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සහභාගිවී සිටීම විශේෂත්වයක් විය. පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ... |
"ගෝඨාගේ නිවෙස ඉදිරිපිටදී බස්රියක් ගිනි තැබූ අයෙක් රිමාන්ඩ්" | "හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිවස ඉදිරිපිට පසුගිය වසරේ ඇති වූ ගැටුම්කාරී අවස්ථාවේ බස් රථයකට ගිනි තැබීමට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 11 දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගංගොඩවිල අතිරේක මහෙස්ත්‍රාත් නදීරා බෝගහදෙණිය මහත්මිය පෙරේදා (02 දා) නියෝග කර තිබේ. ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥයකු පෙනී නොසිටීම ද කැපී පෙ... |
"පෙරහැර පැවති දින 10ට මහනුවරින් කසළ ටොන් 250ක්" | "මහනුවර ඇසළ පෙරහැර පැවති දින දහය තුළ නගර සීමාවෙන් කසළ ටොන් 250 කට වැඩි ප්‍රමාණයක් එකතු වූ බව එම නගර සභාවේ කසළ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන ඉංජිනේරු නාමල් දිසානායක පවසයි. පෙරහැර නරඹන්නන් රැගෙන එන පොලිතින්, ඉවතලන ආහාරපාන ඇතුළු අලි ගාලවල්වලින් ඉවත ලන කසළ ප්‍රමාණය දිනකට ටොන් 25 ක් පමණ වූ බව ද ඒ මහතා කීය. පෙරහැර සඳහා පැමිණි අලි ඇ... |
"තෙල් මිල වැඩිවීමෙන් ධීවර කර්මාන්තය හාන්සියි" | "ඉන්ධන මිල වැඩිවීම මෙරට ධීවර කර්මාන්තයට එල්ල කළ මරු පහරක් බවත්, මාළු කිලෝවක මිලත් ඉන්ධන ලීටරයක මිලත් මේ වන විට සමාන තත්ත්වයකට පත්ව ඇති බවත් බහුදින යාත්‍රා හිමියන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වයි. ඒ. අජිත් නිශාන්ත මහතා පවසයි. ඉන්ධන මිල වැඩිවීම ඇතුළු ධීවර කර්මාන්තයේ දැනට පවතින ගැටලු රැසක් නිසා මෙරට ලියාපදිංචි වී ඇති ... |
"850ට නොදුන්නොත් පිටරටින් ගේනවා – කිලෝව රු. 1250කට තීරණය කිරීම අසාධාරණයි – වෙළෙඳ ඇමැති" | "කුකුළු ගොවිපළ හිමියන් කුකුළු මස් කිලෝවක් රුපියල් 1250 කට විකිණීමට තීරණය කිරීම පාරිභෝගිකයන්ට කරන විශාල අසාධාරණයක් බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට ඊයේ (03 දා) පැවසීය. කුකුළු මස් කිලෝවක මිල රුපියල් 850කට විකිණීමට හැකියාවක් ඔවුන්ට තිබෙන බවද හෙතෙම කීවේය. ජනතාවට සහනයක් ලබාදිය යුතුව තිබියදීත් එම වගකීමෙන් බැහැර... |
"10 දා පක්‍ෂ සම්මේලනයේදී එජාප ව්‍යවස්ථාව වෙනස් කරනවා – එජාප සභාපති වජිර අබේවර්ධන" | "ලබන 10 වැනිදා පැවැත්වෙන මහා සම්මේලනයේදී එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීමට පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. නව ලෝකයත් සමඟ ඉදිරියට යා යුතු බවත් ඒ අනුව යමින් පක්‍ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කරනු ඇති බවත් පක්‍ෂ සංවිධ... |
"ස්වයංක්‍රීය වර්ෂාමාන 330න් 72ක්ම අක්‍රීයයි – විගණනයෙන් හෙළි වෙයි" | "නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සඳහා අවදානම් සහිත දිස්ත්‍රික්ක 14 ක ස්වයංක්‍රීය වර්ෂාමාන 330ක් ස්ථාපිත කර තිබුණද ඉන් වර්ෂාමාන 72 ක් 2022 වර්ෂයේ සැප්තැම්බර් මස 15 වැනිදා වනවිට අක්‍රීයව පැවති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. සේවක හිඟය හා වෙනත් කරුණු හේතුවෙන් මෙකී වර්ෂාමාන පද්... |
""සල්ලිත් නැති, වීසත් නැති ඊජිප්තු ජාතිකයෙක් වැලිගම හෝටලයක යකා නටයි"" | "වැලිගම සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි ඊජිප්තු ජාතිකයකු එම හෝටලයට ගිනිතබා එහි කළමනාකරුට පහර දී එහි ලැගුම්ගෙන සිටි විදේශීය යුවළ දෙකකගේ දේපළවලට ද ගිනිතබා තිබේ. මෙම ඊජිප්තු ජාතිකයා පිළිස්සුම් තුවාල සහිතව පොලිස් අත්අඩංගුවට පත් වී මේ වන විට මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. පොලිස් විමර්ශන අනුව මෙම ඊජිප්තු ජාතිකයාට වීසා බ... |
"වැස්සත් සමඟ ඩෙංගුත් ඉහළට" | "වැසි තත්ත්වය සමඟ යළි පාසල් හා වැසිකිළි පද්ධති, බස් නැවතුම්පළවල් ඇතුළු පොදු ස්ථාන, වැඩබිම්, ආගමික ස්ථානවල ඩෙංගු හිස එසවීමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ ගැන අවධානය යොමුකර එම ස්ථාන පිරිසිදු කරගන්නා ලෙස එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi නලින් ආරියරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙම වසරේ මේ දක්වා කාලය තු... |
"උසස් පෙළ සිසු දරුවන්ට හිමි අධ්‍යාපන කාලය වහා ලබාදෙන්න – විභාගයට ඇත්තේ තව මාස දෙකයි" | "අධ්‍යාපන දෙපාර්තමේන්තුවම පිලිගෙන ඇති පරිදි විභාගය සඳහා වන වසර 2.5 අධ්‍යාපන කාලය එම දරුවන්ට ලබාදෙමින් විභාගය පැවැත්වීමට කටයුතු කරන ලෙස විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ නිකුත් කළ නිවේදනයක දැක්වේ. එහි මෙසේද සඳහන් වේ. 2023 අධ්‍යයන වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීමෙහිලා විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාං... |
""රනිල්, මහින්ද , සජිත්, අනුර නැති සන්ධානයක් – ළඟදීම දේශපාලන පෙරලියක්"" | "විපක්‍ෂයේ පක්‍ෂ අතර පොදු එකඟතාවක් සහිත එජාප – පොහොට්ටු නොවන පුළුල් දේශපාලන සන්ධානයක් පිහිටුවා ගැනීම වෙනුවෙන් නිදහස ජාතික සභාව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. එහිදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ආදී වශයෙන් සීමා නොකර පුළ... |
"ලංසාගේ සන්ධානයට වයඹින් ප්‍රබලයක්" | "පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඇතුළු මන්ත්‍රී පිරිසක් විසින් පිහිටුවීමට යන නව සන්ධානයේ මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යෑමේ නායකත්වය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කර ගෙන තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය අඟහරුවාදා පැවැති නව සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඇ... |
"කෙහෙළියට එරෙහි විශ්වාසභංගය 6-7-8 දිනවල" | "සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්‍ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව ලබන 06, 07 සහ 08 යන දින තුනහිදී විවාදයට ගැනීමට තීරණය කර ඇත. ඉකුත් 01 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ. එම විශ්වාසභංග යෝජනාව විවාදයට ගනු ලබන එම දිනවල අනිවාර්යයෙන් ම පාර්ලිමේන්තු පැමිණිය යුතු... |
"දඩයක්කරුවන්ට පවිත්‍රා තොණ්ඩු දායි" | "කැලෑ ගිනි තබන්නන්ට හා සතුන් දඩයම් කරන්නන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට වනජීවී හා වන සම්පත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර ඇත. ඒ අනුව ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඇය පවසයි. එසේම ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බළකාය, ජාතික ආපදා කළ... |
"හොර ස්ටිකර් ගැසූ මත්පැන් බෝතල් ලක්ෂයක්" | "ව්‍යාජ ස්ටිකර් යෙදූ මත්පැන් බෝතල් ලක්ෂයක් පමණ පසුගිය සතිය වන විට අත්අඩංගුවට ගත් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. සුරා බදු ආදායම අපේක්ෂිත මට්ටමට වඩා විශාල වශයෙන් පහළ යෑම හේතුවෙන් හඳුන්වා දුන්, නව ස්ටිකර් ක්‍රමවේදය උපක්‍රමිකව වෙනස් කරමින් සිදුකරන මත්පැන් අලෙවිය පළිබඳව සොයාබැලීම සඳහා සිදුකළ වැටලීම්වලි... |
"පොලිස් කොමිසමට දුක්ගන්නාරාළ බලතල" | "පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් පහළ නිලධාරීන්ට සිදුවූ අසාධාරණකම් සහ පළිගැනීම් සම්බන්ධව විමර්ශනය කිරීමට ජාතික පොලිස් කොමිසමට ‘දුක්ගන්නාරාළ’ බලතල හිමිව ඇත. ඊට අදාළ ගැසට් නිවේදනය ඉකුත් අගෝස්තු මස 16 වැනිදා නිකුත් කළ බව පොලිස් කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. අංක 2345/45 දරන අදාළ ගැසට් නිවේදනයට අනුව මින් ඉදිරියට පොලිස් දෙපාර්ත... |
"G -20ට ෂි ජින්පින් – පුටින් නෑ" | "ඉන්දියාවේ පැවැත්වෙන ජී. 20 සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහභාගි නොවන බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සමුළුව ලබන 9 සහ 10 යන දෙදින නවදිල්ලි නුවරදී පැවැත්වේ. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රමුඛ ලෝක නායකයන් රැසක් මෙම සමුළුවට සහභාගි වීමට නියමිතය. චීන ජනාධිපතිවරයා වෙනුවට චීන අගමැති ලී කුවින්ග් මහතා මේ සඳහා සහභාගි වනු ඇත... |
"බිම්පුත් බලපත්‍රය අහෝසියි" | "බිම්පුත් මූල්‍ය සමාගම සඳහා මූල්‍ය ව්‍යාපාර කරගෙන යෑමට මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ බලපත්‍රය අවලංගු කර ඇත. මෙම සමාගමට මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ඇති විවිවිධාන සාක්‍ෂාත් කර ගැනීම සඳහා නිකුත් කර ඇති සාමාන්‍ය විධාන හා රීත් කිහිපයක් අඛණ්ඩව එම සමාගම විසින් උල්ලංඝනය කර ඇති බව ද මහ බැංකුව කියයි.... |
"රේල් පාර කි.මි. 56ක් කොට වෙලා" | "මෙරට දුම්රිය මාර්ග පද්ධතිය මේ වන විට කිලෝමීටර් 56කින් අඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 1934 වර්ෂයේ දී කිලෝමිටර් 1521ක් වූ එය 2021 වර්ෂය වන විට 1465 දක්වා කිලෝමීටර් 56කින් අඩුවී තිබේ. මෙරට දුම්රිය මාර්ග පද්ධතියට මාතර සිට බෙලිඅත්ත දක්වා අලුතින් කිලෝමීටර් 32ක් එකතු කළ පසුව ද දුම්රිය මාර්ග ජාලය කිලෝමීටර් 56කින් අඩු... |
"සමනල වැව් බැම්මේ සිදුරු 7ක්" | "සමනල වැව ජලාශයේ වැව් බැම්මේ සිදුරු හතක් නිසා ඉන් ජලය කියුබික් මීටර් මිලියන විස්සක් අපතේ ගොස් ඇතැයි ලංවිම ඉංජිනේරුවරුන් ඇතුළු පර්යේෂකයන් විසින් හෙළිකර තිබේ. මේ වනවිට එම ජලාශයේ ජල මට්ටම අඩියට ම සිඳී තිබෙන නිසා ජලාශයේ එම සිදුරු හඳුනාගෙන අලුත්වැඩියා කිරීමට අවසර දෙන ලෙස ලංවිම, විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතාගෙ... |
"දේශිය ආදායම් තොරතුරු පද්ධති ගැටලු ලිහන්න කෝටි හතක් ගිහින්" | "දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ දී ඇති වන ගැටලු සඳහා සිදුකරනු ලැබූ යම් යම් වෙනස්කම් වෙනුවෙන් විටින් විට රුපියල් හත්කෝටි දාහත්ලක්ෂ විසිතුන්දහස් හයසිය හැට දෙකක අමතර මුදලක් (71,723,662) සිංගප්පූරු ආයතනයකට ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙකී තොරතුරු පද්ධතියේ... |
"ශ්‍රීලනිප 72 සංවත්සරය අද" | "ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය් 72 වැනි සංවත්සරය අද (03දා) සවස 2.00 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වේ. පක්‍ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් සංවත්සර උත්සවය පැවැත්වේ. වත්මන් ආර්ථික තත්ත්වය හා ආරක්‍ෂක හේතූන් ම... |
"නව සර්වේයර් ජනරාල් ඩබ්. සුදත් එල්. සී. පෙරේරා" | "මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අතිරේක සර්වේයර් ජනරාල්වරයකු ලෙස කටයුතු කළ ඩබ්. සුදත් එල්. සී. පෙරේරා මහතා අගෝස්තු මස තිස්වන දින සිට සර්වේයර් ජනරාල් ධුරයේ වැඩ භාර ගත්තේය. වැලිකඩ ගම්/ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයෙන් ඉගෙනුම අරඹා ද්විතීය අධ්‍යාපනය මීගමුව ගම්/ශාන්ත මරියා විද්‍යාලයෙන් ලැබූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව ප... |
"නව තාක්ෂණය නැතිවම කාලගුණය අනාවැකි කියලා" | "කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාලගුණ අනාවැකි පවසන්නේ නවීන තාක්ෂණික රේඩාර් පහසුකම් නොමැතිව බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. කාලගුණ අනාවැකිකරණයේ දී ඩොප්ලර් රේඩාර් පද්ධතියක දැඩි අවශ්‍යතාවක් පැවතිය ද වර්ෂ 15කට ආසන්න කාලයක සිට එම පද්ධතිය නොමැතිව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... |
"කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සිම්බාබ්වේ කීර්තිමත් මැතිවරණ නිරීක්ෂක කණ්ඩායටම එක්වෙයි" | "අප්‍රිකානු ජාතීන් සමග ශ්‍රී ලංකාවේ වර්ධනය වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට දිරියක් වෙමින් කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කනනාදන් මහතා සිම්බාබ්වේ රාජ්‍යයේ 2023 ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වන කීර්තිමත් මැතිවරණ නිරීක්ෂකයෙකු ලෙස තෝරාගෙන තිබේ. අප්‍රිකානු රාජ්‍යයක මෙම වැදගත් කාර්යභාරය සඳහා කනනාදන් මහතා එක්වන සිව්ව... |
"QR ඉවරයි – පිරිවැය දරාගන්න මිල වැඩි කරන්න වෙනවා" | "වසරක් තිස්සේ ක්‍රියාත්මක වූ ඉන්ධන කෝටා ක්‍රමය හෙවත් QR ක්‍රමවේදය ඊයේ (01දා) සිට ක්‍රියාත්මක වන පරිදි නතර කළ බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 පමණ සිට 110 දක්වා ඉහළ යෑම නිසා පෙරේදා (31දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ... |
"අද රෑ සිට බස් ගාස්තු 4.01% කින් නගී" | "ඉන්ධන මිල (ඩීසල්) ඉහළයෑමත් සමග අද (2 දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 4.01න් වැඩිකර තිබේ. මගී බස් රථ සංගම් කළ ඉල්ලීමට ගමනාගමන කොමිසම අවසරදී ඇත. දැනට රුපියල් තිහක් වන අවම බස් ගාස්තුව වෙනස් නොවන අතර බහාලුම් ප්‍රවාහන ගාස්තු ද ඊයේ (01 දා) මධ්‍යම රාත්‍රියේ සිට සියයට පහකින් වැඩිකරන බව බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සං... |
"බස් ගාස්තු 10%-15%කින් වැඩි කළ යුතුයි – අංජන" | "ඉන්ධන මිල ඉහළ නැංවීම නිසා පෞද්ගලික බස් ගාස්තුව සියයට 10ත් – 15ත් අතර ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ‘දිවයින’ට පැවසීය. ඒ අනුව බස් ගාස්තු ඉහළ නැංවීම මගින් මගී ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ වගකීම රජය භාරගත යුතු බවද හෙතෙම කීය. පෞද්ගලික බස්... |
"සයිනොපෙක් ෂෙඩ්වල ඉන්ධන තවමත් රු. 3ක් අඩුවෙන්" | "ඉන්ධන මිල ගණන් පෙරේදා (31දා) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි වුවත් චීන සයිනොපෙක් ඉන්ධනහල්වල අලෙවි කරන සෑම ඉන්ධන ලීටරයක්ම නව මිලට වඩා රුපියල් තුනක් අඩුවෙන් පාරිභෝගිකයන්ට ලබාදෙනු ලැබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 358 කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 414 කි. ලංකා ඔටෝ ඩීසල් ලීටයරක් රුපියල් 338 කි. ලංකා ... |
"සපුගස්කන්ද පිරිපහදුව 18 දා සිට ඔක්.8 තෙක් වසයි" | "සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුව මෙම 18 වැනිදා සිට ඔක්තෝබර් 8 වැනිදා දක්වා නිෂ්පාදන කටයුතුවලින් බැහැර වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කර තිබේ. සපුගස්කන්ද පිරිපහදුව පෙට්‍රල් නිපදවන ඒකකයේ උත්ප්‍රේරකවල සක්‍රීයතාවය නැවත පිහිටුවා යථා තත්ත්වයට පත්කර ගැනීම උදෙසා මෙම පියවර ගන්නා බව සංස්ථාව කියයි. මෙම අත්‍යවශ්‍ය තාක්‍ෂණික ක... |
"අවදානමට ලක් වූ ජනතාව පිළිබඳ රජය විධිමත් සමීක්‍ෂණයක් කර නෑ – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "මෙරට වර්තමානයේ අවදානමට ලක් වූ ජනතාව සම්බන්ධයෙන් විධිමත් සමීක්ෂණයක් වර්තමාන රජය හා ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ යුතු වුවත් ඔවුන් එවැන්නක් සිදු කර නොමැති බවත් එහෙත් එවැනි සමීක්ෂණයක් එක්සත් ජාතින්ගේ UNDP සංවිධානය හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. නිසි සමීක්ෂණය... |
"පළමු කාර්තු දෙකේ මැණික් විකුණලා ඩොලර් මිලියන 331ක් ලැබුවා – මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ඩී. සිල්වා" | "මෙම වසරේ පළමු කාර්තු දෙකේ දී සිය ආයතනය මැණික්, ස්වර්ණාභරණ හා දියමන්ති අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 331ක ආදායමක් මෙරටට හිමි කර දී ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ඩී. සිල්වා මහතා ඊයේ (01 වැනිදා) සඳහන් කළේය. එය සියයට 33% ක අපනයන සංවර්ධන වේගයක් බවත් එය මෙරට අනෙකුත් අපනයන ක්‍ෂේත්‍රයන් හා සංසන්ද... |
"පනත් කෙටුම්පත් කිහිපයකට කථානායක අනුමැතිය" | "පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද පනත් කෙටුම්පත් කිහිපයකට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කොට තිබේ. ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පතට, විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට සහ ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාතග කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයා පසුගියදා සිය සහතිකය ස... |
"ආබාධිත අයට ලංගම බස්වලදී ප්‍රමුඛතාව දෙන චක්‍රලේඛයක් නිකුත් කරනවා – ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමැති කියයි" | "සුදු සැරයටි සමග පැමිණෙන විශේෂ අවශ්‍යතාවන් සහිත පුද්ගලයන් සිටින ස්ථානවලදී ලංගම බස්රථ නවත්වා ඔවුන් ඒවාට ඇතුළත් කර ගැනීමට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මඩකළපු ප්‍රදේශයේ පැවැත්වූ විශේෂ රැස්වීමකදී මෙම කරුණු අනාවරණය කළේය. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වැඩියෙන් සිටින... |
"පළාත්පාලන ආයතන උපයා ගන්නා මුදල් විගණනය කිරීමට කෝපා අවධානය" | "පළාත් පාලන ආයතන විගණනයට ලක් වුවත්, එම ආයතන තමන් විසින්ම උපයා ගන්නා මුදල් පිළිබඳව මෙතෙක් විගණයට ලක් නොවූ බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති, රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පවසයි. ඒ අනුව එලෙස විගණයට ලක් නොවන අංශ ද විගණනයට ලක් කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අවධානය යොමුව තිබෙන බව සභාපතිවරයා ප්‍රකාශ කළ... |
"ඉන්දීය ආරක්‍ෂක ඇමැති අද හෙට ශ්‍රී ලංකාවේ" | "ඉන්දීය ආරක්‍ෂක ඇමැති ශ්‍රී රාජනාත් සිං මහතා අද සහ හෙට (2 සහ 3) දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. දෙරට අතර ආරක්‍ෂක සම්බන්ධතා පිළිබඳව මේ සංචාරයේදී ශ්‍රී ලංකා රජයේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට ඉන්දීය ආරක්‍ෂක ඇමැතිවරයා අපේක්‍ෂා කරන බව දැන ගැනීමට ඇත. මේ සංචාරයේදී ඉන්දීය ආරක්‍ෂක ඇමැතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස... |
"පාසල් වෑන් ගාස්තු 5% කින් වැඩි කරනවා – අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය" | "පාසල් වෑන් රථ, බස් රථ ගාස්තුව සියයට 5 කින් ඉහළ නංවන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්. එම්. හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා ‘දිවයින’ට ඊයේ (01 වැනිදා) පැවසීය. ආදායම් බලපත්‍ර ගාස්තුව, දුම් සහතික ගාස්තු, රක්‍ෂණ සහතික, යෝග්‍යතා සහතික ගාස්තු වැඩිකර තිබෙන මොහොතක ඉන්ධන ගාස්තු වැඩි කිරීම ... |
"අදත් තද වැසි" | "දිවයින හරහා නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (02 දා) දිනයේදී ද බලාපොරොත්තු වන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව ... |
"ඖෂධ සැපයුම්කරුවන් ප්‍රමාණය වැඩි කරන්න – – ඇමැති කෙහෙලිය" | "ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ඒ ඒ ඖෂධ සඳහා වන සුදුසුකම් ලත් ලියාපදිංචි සැපයුම්කරුවන් ප්‍රමාණය ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඊයේ (01දා) උපදෙස් දුන්නේය. මේ යටතේ ඇතැම් ඖෂධ සඳහා පවතින ඖෂධ සැපයීමේ ඒකාධිකාරිත්වය වෙනුවට තරගකාරිත්වයක් ඇත... |
"මෙරිල් ලියූ ලිපි එළිදැක්වීම හෙට" | "මහනුවර කඳුරට සංස්කෘතික හා කලා සංගමය සංවිධානය කරන ගුණ සමරු උළෙලක් හෙට (03 දා) පස්වරු 2.00 ට මහනුවර කැප්පෙටිපොළ ශාලාවේදී පැවැත්වේ. එහිදී මහත්මා ගාන්ධි, මහාකවි අරුලි බාක්ති, අබ්දුල් කාදර්, දිවයින පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ මෙරිල් පෙරේරා, මහනුවර යහපත් එඬේරා කන්‍යාරාමයේ විශ්‍රාමික විදුහල්පතිනිය තුරෙයිරාජා මනෝහරන් යන මහත්... |
"අම්බලන්ගොඩ රැකවල් මැදින් රිංගා පාතාලය ගිනි බිඳිති" | "පාතාල සාමාජිකයන් දෙපිරිසක් අතර ඇති වී තිබෙන ගැටුම් නිසා අම්බලන්ගොඩ නගරය ඇතුළු ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ පොලිසියේ නිලධාරීන් යොදවා තිබියදීත් ඊයේ (31 වැනිදා) දහවල් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අසලට යතුරුපැදියකින් පැමිණ පාතාලය කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මහ දවාලේ සිදු... |
"පෙරහැර සංදේශය ජනපතිට භාරදෙයි" | "මහනුවර ශ්‍රී දළදා පෙරහැර සාර්ථකව පවත්වා අවසන් කළ බවට වූ සංදේශය චාරිත්‍රානුකූලව ජනාධිපතිවරයාට භාරදීම මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ සවස සිදුවිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එම සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් භාර දෙනු ලැබූ අවස්ථාව. සතර මහ දේවාල සහ පිටිසර දේවාල බස්නායක නිලමේවරුද එම අවස්ථාවට එක්... |
"ගුවන් හමුදා 2 ප්‍රවාහන බළඝනයේ 66 වැනි සංවත්සරය අද" | "ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ප්‍රවාහන සේවයේ විශිෂ්ට සේවාවක් ඉටුකරන අංක 02 ප්‍රවාහන බළඝනයේ 66 වැනි සංවත්සරය අදට (01 දා) යෙදී ඇත. හමුදාමය හා යුදමය අවස්ථාවලදී මෙන්ම දේශීය හා විදේශියව සිදුවූ හදිසි ආපදාවන්හිදීද සිය සක්‍රීය දායකත්වය ලබාදෙමින් මානුෂීය ආධාර ප්‍රවාහනය මෙන්ම විදේශයන් හිදී ආපදාවට පත්වූ ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙ... |
"මැරුණේ බෙහෙත් නිසා ද සොයන්න පංච පුද්ගල කමිටුවක් පත් කරන්න – කාවින්දලාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්" | "නිසි ප්‍රමිතියෙන් යුත් ඖෂධ වර්ග ආනයනය නොකිරීම නිසා සිදුවූ රෝගී මරණ හා සංකූලතා සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළත් පංච පුද්ගල විමර්ශන කමිටුවක් පත්කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය කාවින්ද ජයවර්ධන හා හර්ෂණ රාජකරුණා මහතා ඊයේ (31දා) ශ්... |
"පාසල් ප්‍රාග්ධන වෙළෙඳ පොළ 100 ඉහළ දස්කම් දක්වන සිසුන්ට සිංගප්පූරු සංචාරයක් – ජනාධිපති නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේදීි කියයි" | "රට පුරා ස්ථාපිත කෙරෙන පළමු ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ 100 අතුරින් ඉහළට දක්‍ෂතා දක්වන සමාජයට අයත් පාසලට ත්‍යාග පිරිනමන බවත්, එම සමාජයේ සිසුන් දස දෙනකුට හා ඔවුන්ගේ ගුරුවරුන්ට සිංගප්පූරුවට ගොස් එරට කොටස් වෙළෙඳපොළ පිළිබඳ ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. පළමු ප්‍රා... |
"එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නව නියෝජිතයා විපක්ෂ නායක සජිත් හමුවෙයි" | "එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නිත්‍ය නේවාසික නියෝජිත මාක් ඇන්ඩ්‍රෆ්‍රෙැන්ච් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පෙරේදා (30 දා) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නිත්‍ය නේවාසික නියෝජිත මාක් ඇන්ඩ්‍රෆ්‍රෙැන්ච් මහතා මෙරට වැඩ බාර ගැනීමෙන් අනතුරුවය. එහිදී මෙරට සමාජ ආර්ථික දේශපා... |
"දේශීය ආදායම් වැඩ බලන ලොකු පුටුව ඩී. යූ. ඒ. ජයවර්ධනට" | "දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැඩ බලන කොමසාරිස් ජනරාල් වශයෙන් ඩී. යූ. ඒ. ජයවර්ධන මහතා පත්කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (31දා) ‘දිවයින’ට පැවසීය. ඒ මහතා මාස හතරක කාලයකට වැඩ බැලීම සඳහා පත්කළ බව ද ඇමැති සියඹලාපිටිය කීවේය. ජයවර්ධන මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයකු ලෙස සේ... |
"බදු අඩු කළොත් කුකුළු මස් අඩු කරනවා – කුකුළු ව්‍යාපාරික සංගමයේ සභාපති අජිත් ගුණසේන" | "සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී පනවා ඇති අසාධාරණ බදු අඩු කිරීමට රජය පියවර ගන්නේ නම් කුකුළු මස් සහ බිත්තර මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාව පවතිනවා යැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරික සංගමයේ සභාපති, අජිත් ගුණසේන මහතා ‘දිවයින’ට ඊයේ (31 දා) පැවසීය. ඒ අනුව පවතින මිලට වඩා කුකුළු මස් කිලෝවක් රුපියල් දෙසීයකින් සහ බිත්තරයක... |
"පොහොට්ටුව මොන අභියෝගයක්ද නව රජයක් පිහිටුවන්න සන්ධානයක් හදමු – සැමට ආරාධනා කරන බව මෛත්‍රී කියයි" | "නව රජයක් වෙනුවෙන් නව සන්ධානයක් පිහිටුවීමට සියලු පක්‍ෂ වෙත විවෘතව ආරාධනා කරන බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (31දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය. තම පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට සමීපව කටයුතු කරන සහෝදර වාම... |
""මහා පරිමාණ ව්‍යාපෘතිවලින් 82%ක තොරතුරු දීලා නෑ, ආණ්ඩුව පනතේ නියමයන්ට පිටුපාලා – වෙරිටේ රිසර්ච් කළ පරියේෂණයකින් හෙළිවේ"" | "විමසා සිටින්නට කලින් තොරතුරු ප්‍රසිද්ධ කර තිබිය යුතු බවට නියම කර තිබුණත් මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු වලින් වැඩි කොටසක් ප්‍රසිද්ධ කර නොමැති බව වෙරිටේ රිසර්ච් කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත. එම ආයතනය මෙසේද කියයි මාර්ගගතව තොරතුරු ප්‍රසිද්ධ කිරීම පිළිබඳව කළ එම පර්යේෂණයට අනුව 2022 වසරේ ක්‍රියාත්මක ව... |
"සයිබර් ළමා හිංසන පැමිණිලි 110ක්" | "සමාජ මාධ්‍ය භාවිතයේදී සහ සයිබර් අවකාශයේ සැරිසැරීමේදී ළමුන්ට සිදුවන හිංසනයන් සම්බන්ධයෙන් පැමිණිලි 110 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි ජාතික ළමා රක්‍ෂණ අධිකාරිය සඳහන් කරයි. එහිදී ගැහැනු ළමුන්ට වූ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිල් 76 ක් සහ පිරිමි ළමුන්ට වූ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 31 ක් ලැබී ඇතැයි එම අධිකාරියේ සභාපති ජ්‍ය... |
"සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුව ඇති දූෂිත ගනුදෙනු සොයන්න ඇමැතිගෙන් කමිටුවක්" | "සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුව ඇතැයි පැවසෙන දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් දිගින් දිගටම චෝදනා එල්ලවීමෙන් පසු ඒ සම්බන්ධව සොයා බලා ප්‍රසම්පාදන කමිටුවල දෘශ්‍යභාවයන් වළක්ව... |
"සිනමාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කරන්නැයි යෝජනාවක්" | "අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන සිනමාව විෂයක් ලෙස විෂය නිර්දේශයට ඇතුළත් කරන්නැයි ඊයේ 31 දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති ‘ලාංකේය සිනමාවේ ඉදිරි දැක්ම” නම්වූ විද්වත් කථිකාවේදී යෝජනාවක් ඉදිරිපත් කෙරිණි. අර්නස්ට් පෝරුතොට පියතුමාගේ 92 වැනි ජන්ම දිනයට සමගාමීව පැවැති මෙම විද්වත් කථිකාවට සිනමාවට සම්බ... |
"මැණික් හොරෙන් රට පන්නන්න දෙයක් නෑ 0.25%ක් ගෙවා අරන් යන්න – රේගුව කියයි" | "මැණික් ගල් විදෙස් රටවලට හොරෙන් රැගෙන යෑමට අවශ්‍ය නොවන බවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට වටිනාකමින් සියයට දශම දෙකයි පහක (0.25%) මුදලක් ගෙවා ඕනෑම වටිනාකමකින් යුත් මැණික් ප්‍රමාණයක් නීත්‍යානුකූලව රටින් පිටව රැගෙන යා හැකි බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්‍ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවැසීය. රුපියල් කෝටි 29කට අධික මැණික්... |
"හොර ස්ටිකර් ගහන මත්පැන් නිෂ්පාදනාගාරවල බලපත්‍ර අහෝසියි! – සුරාබදු කොමසාරිස් ජනරාල්" | "මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් අලවා වැරදිකරුවන් වන පුද්ගලයන් සහ සමාගම්වලට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා ප්‍රකාශ කර ඇත. ව්‍යාජ ස්ටිකර් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා ද තමන්ට උපදෙස් දී තිබෙන බවත් ව්‍යාජ ස්ටිකර් භාවිත කර මත්පැන් නිෂ්පාදනය කර තිබ... |
"හොර ස්ටිකර් ගහන මත්පැන් නිෂ්පාදනාගාරවල බලපත්‍ර අහෝසියි! – සුරාබදු කොමසාරිස් ජනරාල්" | "මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් අලවා වැරදිකරුවන් වන පුද්ගලයන් සහ සමාගම්වලට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා ප්‍රකාශ කර ඇත. ව්‍යාජ ස්ටිකර් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා ද තමන්ට උපදෙස් දී තිබෙන බවත් ව්‍යාජ ස්ටිකර් භාවිත කර මත්පැන් නිෂ්පාදනය කර තිබ... |
"බිත්තරයකින් රු.20ක ලාභයක්" | "බිත්තර නිෂ්පාදකයන් මේ වන විටත් බිත්තරයකින් රුපියල් 20ක ලාභයක් ලබාගෙන සිටිනවා යැයි බිත්තර වෙළෙන්දන්ගේ සංගමයේ සභාපති අනුර මාරසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (31දා) පැවසීය. බිත්තරයක් නිපදවීමට මේ වනවිට වැය වන්නේ රුපියල් 20ක පමණ මුදලක් බවත් රුපියල් 10ක ලාභයක් තබාගෙනත් රුපියල් 30කට බිත්තරයක් ගොවිපළෙන් ලබාදිය හැකි බවත් ඒ මහතා කීය. ඒ... |
"ඩොලරය පහළට" | "ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (31දා) නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 326.93ක් දක්වා රු. 2.61කින් අඩු වී තිබේ. ඉකුත් අගෝස්තු 29 දින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 329.54ක් විය. එසේම ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල ද ඉකුත් අගෝස්තු 29 දා වාර්තා වූ රු. 317.83 සිට ඊයේ (31දා) දිනයේදී රු. 315... |
"උද්ධමනය 4%ට බසී" | "කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ අගෝස්තු මස උද්ධමනය සියයට 4.0ක් දක්වා තවදුරටත් අඩුවී ඇත. ඉකුත් ජුලි මස උද්ධමනය සියයට 6.3 ක් විය. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ආහාර කාණ්ඩයේ උද්ධමනය ජුලි මස වාර්තාවූ ඍණ 1.4 සිට සියයට ඍණ 4.8 දක්වා පහත වැටී ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජුලි මස වාර්තා වූ සියට 10.5 සිට අග... |
"උසාවි නියෝග කඩ කරන් ඉන්දියා පැන්න මගියා යානයේම රඳවාගෙන ආපසු හරවා එවයි" | "ශ්‍රී ලංකාවේ අධිකරණ දෙකක් මගින් ගුවන් ගමන් තහනම් පනවා තිබූ පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කවුළුවලට හොරෙන් ඉන්දියාවට පලා යමින් සිටියදී, ඔහු ගමන් කළ ගුවන් යානය තුළ රඳවා ගෙන ඊයේ (30 දා) උදෑසන ආපසු ගෙන්වා ගැනීමට ආගමන විගමන නිලධාරීන් සමත් වී තිබේ. මොහු 45 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජාතිකයෙකි. ඔහුට ... |
"කෝටි 29ක මැණික් පන්නද්දී අල්ලයි" | "රුපියල් විසිනව කෝටි දශලක්ෂයක් (මිලියන 291) වටිනා මැණික් ගල් තොගයක් නීත්‍යානුකූල නොවන ආකාරයට සිය සිරුරේ සඟවා ගෙන ඉන්දියාවට රැගෙන යෑමට උත්සාහ කළ දෙමළ ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේදී ඊයේ (30 වැනිදා) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී. මෑත ඉතිහාසයේ කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් විශාලතම මැණික් තොගය මෙය බව රේගු ආර... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.