Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"තැපැල් කාර්යාල 14ක් හොරු කඩලා: රු. ලක්‍ෂ 72ක් පැහැර ගෙන – රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර" | "මෙම වසරේ (2023) තැපැල් දෙපාර්තමේන්තුවට අයත් තැපැල් කාර්යාල 14ක් සොරුන් විසින් කඩා මුදලින් රුපියල් ලක්ෂ 72කට වඩා වැඩි මුදලක් පැහැර ගෙන ගොස් ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) පැවසීය. ඊට අමතරව මුද්දර සොරා ගැනීම සහ වෙනත් අලාභහානි සොරුන් විසින් සිදු කර ඇතැයි ද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීනි ... |
"හේෂාට පැනවූ වාරණය 7 දා තෙක් දීර්ඝ කෙරේ" | "විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති විගණන කෙටුම්පත් වාර්තාවක් පාදක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, ලේකම් ඇතුළු පිරිසට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම වළක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වෙත නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 7 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ස... |
"විදේශ ණය ගෙවීම ඇරැඹුවත් විනිමය අනුපාතයට ලොකු බලපෑමක් නෑ – මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ" | "විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු දැනට තාවකාලිකව අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීම යළි ආරම්භ කිරීම නිසා විනිමය අනුපාතයට ලොකු බලපෑමක් වීමට ඉඩක් නැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කරන්නේ ඒ නිසා බවද මහ බැංකු අධිපතිවරයා කීවේය. මහ බැංකු මූලස්ථානයේ දී ඊයේ (24 දා) පැවත... |
"පිරමීඩ ගනුදෙනු කළ ආයතන 9ක් එළියට" | "ඇතැම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව සමග යම් යම් එකඟතාවන්ට එළඹ ඇති බවට සමාජයේ ඇතැම් කොටස් විසින් සිදුකරන ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ මේ වනවිට තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන යන සහ පවත්වාගෙන ගොස් ඇති බවට හඳුනාගත් ආයතන 9ක් නම් කිරීමට පියවර... |
"සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ව්‍යසනයට අධ්‍යක්ෂ ජනරාල් වගකිව යුතුයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන" | "මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පවතින ව්‍යසනකාරී තත්ත්වයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පූර්ණ ලෙස වගකිව යුතු බව කොළඹ ජාතික රෝහලේ නියෝජය අධ්‍යක්ෂ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේය. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ නිතිපතා පවතින වැඩ වර්ජන හේතුවෙන් රෝහල් කරා පැමිණෙන ජනතාව දුක් විඳින බවත් පැරැණි ... |
"රට යන වෛද්‍යවරු 5000ක් නවත්වන්න ‘අට වැදෑරුම් යෝජනාවලියක්’" | "සිය සංගමය රජයට ඉදිරිපත් කර ඇති ‘අට වැදෑරුම් යෝජනාවලිය’ කෙටි කාලීනව සහ දිගු කාලීනව ක්‍රියාත්මක කරන්නේ නම් රට හැර යෑමට සියලු සුදුසුකම් සපුරා ඇති වෛද්‍ය වරු 5000 ක ප්‍රමාණය නවතා ගැනීමට තවදුරටත් හැකියාව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මෙම යෝජනාවලිය පිළිබඳ කෙටි කාලීනව සහ දිගු කාලීනව ලබාදෙන විසඳුම් පිළිබඳ... |
"රට යන වෛද්‍යවරු 5000ක් නවත්වන්න ‘අට වැදෑරුම් යෝජනාවලියක්’" | "සිය සංගමය රජයට ඉදිරිපත් කර ඇති ‘අට වැදෑරුම් යෝජනාවලිය’ කෙටි කාලීනව සහ දිගු කාලීනව ක්‍රියාත්මක කරන්නේ නම් රට හැර යෑමට සියලු සුදුසුකම් සපුරා ඇති වෛද්‍ය වරු 5000 ක ප්‍රමාණය නවතා ගැනීමට තවදුරටත් හැකියාව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මෙම යෝජනාවලිය පිළිබඳ කෙටි කාලීනව සහ දිගු කාලීනව ලබාදෙන විසඳුම් පිළිබඳ... |
"හදිසි තත්ත්වයක් තිබුණේ නැහැ ගුවන් යානයේ සුළු දෝෂය නිවැරැදි කළා – ශ්‍රීලන්කන්" | "කොළඹ සිට දිල්ලි බලා පියාසර කළ යූඑල් – 195 දරන ගුවන් යානයේ හයිඩ්‍රොලික් පද්ධතියක හටගත් සුළු දෝෂයක් නිසා ආරක්ෂක පියවරක් වශයෙන් ගොඩ බැස්වීමක් සිදුකර තිබේ. දිල්ලිවල මෙම ගොඩබැස්වීම සිදුකර නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය පියවර ගත් බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කරනු ලැබීය. කෙසේ වෙතත් එම යානය ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපළ වෙත හදිස... |
"බාල බව තහවුරු වෙයි: කොඇමොක්සික්ලෙව් ප්‍රතිජීවකයේ කාණ්ඩ තුනක් ඉවතට" | "මෙරට නිෂ්පාදිත ‘කොඇමොක්සික්ලෙව්’ ප්‍රතිජීවක ඖෂධයේ තවත් කාණ්ඩ තුනකට අයත් ඖෂධ තත්ත්වයෙන් බාල බව තහවුරු වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය සියලු රෝහල්වලට දැනුම්දී ඇත. කොඇමොක්සික්ලෙව් ඖෂධය ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතුළු බැක්ටීරියා රෝග සඳහා මෙරට රෝහල් පද්ධතිය තුළ බහුලව භාවිත කරනු ලබන අතර වැඩි වශයෙන් ළ... |
"ලක්‍ෂ පහක අඩු මූල්‍ය ආරවුල් ලිහන්න විශේෂ සමථ මණ්ඩල" | "ව්‍යාපාර ගනුදෙනු නිසා ඇති වන මූල්‍ය ආරවුල් නිරාකරණය කිරීම සඳහා විශේෂ සමථ මණ්ඩල පිහිටුවීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. කොළඹ, ගම්පහ, මහනුවර, මොනරාගල, පොළොන්නරුව හා ආනුරාධපුර යන දිස්ත්‍රික්කවල මෙම විශේෂ සමථ මණ්ඩල ස්ථාපනය කිරීමට තීරණය කර ඇත. විවිධ ආයතන අතර පවතින ... |
"ගන්දරින් පත්තු වූ ගින්දරේ සාක්‍ෂිය අයිස්පීල්ලේ දියවෙයි" | "හපුතලේ අයිස්පීල්ල ප්‍රදේශයේ හෝටලයකට පෙරේදා (22 දා) රාත්‍රී කඩාවැදුණු සන්නද්ධ කණ්ඩායමක් ගන්දර මිනිස් ඝාතන නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවකුට වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇත. ගන්දර මිනිස් ඝාතන සිද්ධියට සම්බන්ධ සංවිධානාත්මක කල්ලිය විසින් මෙම මිනීමැරුම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පහල කරයි. මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ මාතර, දෙවුන්ද... |
"නියගය මැද දිනක විදුලි වියදම කෝටි 160 පනී – තාප බලාගාර සියල්ලම වැඩ" | "රත්නපුර සිරිපාගම තේ වත්තක් හරස්වීම නිසා වසර දෙකහමාරක් තිස්සේ අවසන් කිරීමට නොහැකිව තිබූ පොල්පිටිය – හම්බන්තොට අධිබලැති විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ කටයුතු අද (24 දා) නිමාවන බව ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා ‘දිවයින’ට පැවසීය. ඒ අනුව ජාතික විදුලි පද්ධතියෙන් දකුණු පළාතට මෙගාවොට් 800 ක් සම්ප... |
"පදියතලාවට අයිස් වැස්සක් සමග සැඩ සුළඟක්" | "පදියතලාව ප්‍රදේශයේ මාස කිහිපයක් පැවැති දැඩි නියඟය හමාර කරමින් පෙරේදා (22) හවස 4.15 ට පමණ අයිස් වැස්සක් සමග හමා ගිය සැඩ සුළඟකින් ප්‍රදේශයේ ජන ජීවිතයට දැඩි හානි සිදුව ඇතැයි පදියතලාව පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසීය. කුඩා ප්‍රමාණයේ අයිස් කැට වර්ෂාවකින් ආරම්භ වූ සැඩ සුළඟින් පදියතලාව පහළ වීදියේ විශාල කිරල ගසක් මාර්ගයට කඩා වැටී... |
"බාර් 100ක හොර ස්ටිකර් අරක්කු බෝතල් – බුද්ධික පතිරණ කියයි" | "දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක සුරාසල් 100 කට වැඩි ප්‍රමාණයකින් ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් යෙදූ මත්පැන් බෝතල් හමුවී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඊයේ (23දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙම ව්‍යාජ ස්ටිකර් යෙදූ මත්පැන් බෝතල් හමුවී ඇත්තේ යාපනය, ගාල්ල, නුවරඑළිය හා රත්නපුර ඇතුළු දිස්ත්‍රික්ක රැසකි... |
"හොර ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 6000ක් අත්අඩංගුවට" | "ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් පසුගිය 10 දා ලබාදුන් නියෝගයෙන් පසු රට පුරා සිදුකරන ලද වැටලීම්වලින් ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 6000 ට ආසන්න ප්‍රමාණයක් සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී හෙළිදරව්... |
"නලින් බණ්ඩාර හා වසන්ත යාපා ට පාර්ලිමේන්තුව දිනකට තහනම්" | "ඔබතුමන්ලාගේ වැඩ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව විශාල ජනමතයක් ඇතිවෙලා. පාර්ලිමේන්තුවේ ගරුත්වය රැකෙන විදියට වැඩ කරන්න. රටේ උත්තරීතර ආයතනය පාර්ලිමේන්තුවයි. ඒ නිසා නීතිය රීතිය අනුව කටයුතු කරන්න. අවස්ථාව ලබා දුන්නම ඒක වැරැදියට පාවිච්චි කරන්න බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර (සජබ) හා වසන්ත යාපා... |
"මන්ත්‍රීලා දෙදෙනාගේ හැසිරීමේ රහස කැපිලා පෙනීම කථානායක" | "පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු නොමනා ලෙස සභාගැබේ හැසිරුණේ ජනතා අවධානය දිනා ගැනීමේ අරමුණින් යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය. ඇතැම් මන්ත්‍රීවරුන් කැමරා ඉදිරියේ හැසිරෙද්දී තමන් කරන්නේ කියන්නේ මොනවාදැයි නොදන්නා බව ද ඒ මහතා කීය. කථානායක පුටුවේ කවුරු සිටියත් එවන් අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ උත්තරීත... |
"සයිනොපෙක්ට පිටුපෑව ෂෙඩ්වලට සිපෙට්කො එරෙව්වොත් නඩු" | "චීන සයිනොපෙක් සමාගම සමග ගිවිසුම්ගත වීම ප්‍රතික්ෂේප කර සිටින පෞද්ගලික ඉන්ධනහල්වලට තෙල් සංස්ථාව (සිපෙට්කො) ඉන්ධන ලබාදීම නතර කිරීමට උත්සාහ ගතහොත් නීතිය හමුවට යන බව ඛනිජ තෙල් බෙදුම්කරුවෝ පවසති. මෙරට පිහිටි ඉහළම අලෙවි වාර්තා සහිත හොඳම ඉන්ධනහල් එකසිය පනහක් චීන සමාගමට පවරා දීමට ආණ්ඩුව එකඟ වී ඇති බවත් ඉන් පෞද්ගලික ඉන්ධනහල් වි... |
"තවත් ප්ලාස්ටික් අයිතම 9ක් තහනම්" | "තවත් තනි භාවිත ප්ලාස්ටික් අයිතම 9 ක් ලබන ඔක්තෝබර් 01 වැනිදා සිට තහනම් වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඒ අනුව තනි භාවිත ප්ලාස්ටික් බීම බට සහ කලතන, තනි භාවිත ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගැරුප්පු, පිහි, ප්ලාස්ටික් මල්මලා, ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි ද තහනම් වේ. එමෙන්ම එම වර්ග රට තුළ නිෂ්පාදනය, ආනයනය, විකිණීම, ප්‍රදර්ශ... |
"නීති විද්‍යාලයට ඇතුළත්වීමේ ගාස්තු සියයට 257කින් වැඩි කිරීම සිසුන්ට දරාගන්න බැහැ – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "නීති විද්‍යාලයට ඇතුළත් වීමේ ගාස්තු සියයට 257කින්ද අනෙකුත් ගාස්තු ද දරාගත නොහැකි තරමට ඉහළ දැමීමෙන් සිසුන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23 දා) පැවසීය. මෙම ගාස්තු මෙලෙස වැඩිකර ඇත්තේ කවර හේතුවක් නිසාදැයි පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා පැවසී... |
"පාරේ දුවන වාහනවලින් 90% ක් පරිසරයට අහිතකර වායු මුදාහරිනවා – සහතික ගන්න එන වාහනවලින් 20%ක් අසමත්" | "රට තුළ ධාවනය කෙරෙන වාහනවලින් සියයට අනූවක් පරිසරයට අහිතකර වායු නිකුත් කරන බව පාර්ලිමේන්තුවේ බලශක්ති හා ප්‍රවාහන ආංශික අධිකරණ කමිටුවේදී හෙළිවූ බව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ බලශක්ති හා ප්‍රවාහන ආංශික අධීක්ෂණ කමිටුව සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (22 ද... |
"මන්ත්‍රීලාට ප්‍රශ්න අසන්න තියෙන අයිතියත් අද කොල්ලකෑවා – බණ්ඩාරලා දෙදෙනාම කියති" | "පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ප්‍රශ්න ඇසීමට තිබෙන අයිතිය මේ ආණ්ඩුවත් ඇමැතිවරුත් උල්ලංඝනය කරමින් තමාත්, වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයාත් පාර්ලිමේන්තු සභාගැබෙන් එළියට දැමූ බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර (සජබ) මහතා පාර්ලිමේන්තුවෙන් පිටතදී කියා සිටියේය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මෙ... |
"පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ 7000 ක් අද සංකේත වර්ජනයක" | "ඉල්ලීම් 07 ක් මුල්කරගෙන පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අද (24 දා) සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර ඇත. වර්ජනය අද (24 දා) උදේ 8.00 ට ආරම්භ කර හෙට (25 දා) පෙරවරු 8.00 දක්වා පැවැත්වේ. මේ සඳහා වෘත්තීය කාණ්ඩ 05ක නිලධාරීන් හත්දහසක් (7000) පමණ සහභාගි වන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය. ව... |
"බොරු ප්‍රචාර නිසා ළමා රෝහලට දරුවන් ගේන්න අම්මලා බය වෙලා – සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්" | "“දිගින් දිගටම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මාධ්‍ය හා දේශපාලනඥයන් බොරැල්ල රිජ්වේ ආර්යා රෝහලට ඇතුළත් කරන දරුවන් මැරෙනවා කියලා සංවිධානාත්මක බොරු ප්‍රචාරය කරනවා. ඒ නිසා දරුවන් රෝහලට ගේන්න දෙමාපියන් බියක් දක්වනවා කියලා වෛද්‍යවරුන් මට පැවසුවා. ළමා රෝහල කියන්නේ සංවේදී තැනක්” යැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, රිජ්ව... |
"අධික උණුසුම අගෝස්තුව අවසන් වන තෙක්ම: කාලගුණයෙන් රතු නිවේදනයක්" | "අගෝස්තු මාසය අවසන් වන තෙක්ම අධික උණුසුම් තත්ත්වය පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා ‘දිවයින’ට ඊයේ (23 දා) පැවසීය. ශරීරයට දැනෙන මෙම උෂ්ණත්වය ගැන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව ද හෙතෙම කීය. පෙරේදා (22 දා) දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ව... |
"අවුරුදු 10ක් පරණ බස් ගෙන්වීම ගැන යළි සිතන්න" | "බස් රථ සඳහා ආනයන සීමා ලිහිල් කිරීමෙන් වසර 10 ක් පැරණි බස්රථ ගෙන්වීමට ඉඩදීම සම්බන්ධයෙන් නැවත සිතා බලන්න යැයි දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථවාහන සංගමය වන සිලෝන් මෝටර් ටේ්‍රඩර්ස් සංගමය (CMTA) රජයෙන් ඉල්ලා සිටී. මේ වනතෙක් අනුමැතිය ලබාදී තිබුණේ වසර 5 ක් පැරණි වාහන ගෙන්වීමට බවත් වසර 10 ක් පැරණි වාහන ගෙන්වීමට දීමෙන් නඩත්... |
"නියඟයෙන් කුඹුරු අක්කර 51055 කට හානි" | "පවතින නියඟය හේතුවෙන් 22 වැනිදා වනවිට වගා හානි සිදුවී ඇති වගා කරන ලද කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 51,055.19 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම අනෙකුත් භෝග වගා හානි ප්‍රමාණය අක්කර 424.70 කි. වී සහ අනෙකුත් භෝග වගා හානි ප්‍රමාණය අක්කර 51,479.89 ක් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි. එම මණ්ඩලය විසින් සකස් කරන ලද වග... |
"ප්‍රයිවට් බස් කෙරුවාවල් ගැන දිනකට පැමිණිලි 30 ක්" | "සැප්තැම්බර් 01 වැනිදා සිට පෞද්ගලික බස්රථවල ටිකට්පත් මගීන්ට නිකුත් කිරීම අනිවාර්ය බවත්, එලෙස ටිකට් පත් නිකුත් නොකරන බස්රථවල ගමන් වාර අත්හිටුවීමට පියවර ගන්නා බවත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්. ප්‍රසන්න සංජීව මහතා ‘දිවයින’ට ඊයේ (23 දා) පැවසීය. බස්රථවල ටිකට් නොදීම සම්බන්ධයෙන් මගී ජනතාවගෙන් ... |
"වැට් සරල කිරීමෙන් අපනයන ක්‍ෂේත්‍රය කඩා වැටෙනවා" | "නිසි ක්‍රමවේදයක් පළමුව සකස් නොකර සරල කරන ලද වැට් බදු (SVAT) පහසුකම ඉවත් කළහොත් අපනයන කර්මාන්ත ක්‍ෂේත්‍රය කඩා වැටීම වැළැක්විය නොහැකි යැයි අපනයන කර්මාන්තකරුවෝ පාර්ලිමේන්තුවේ පැවති ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවට දැනුම් දුන්හ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවකට අනුව රජය විසින් ක්‍රියාවට ... |
"මාස 8ට 36ක් පාතාලයට බිලිවෙති" | "ගතවූ මාස 8 ක කාලසීමාව තුළදී පාතාල කණ්ඩායම් විසින් පුද්ගලයන් 36 දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇත. මෙම කාලසීමාවේ පාතාල සන්නද්ධ කණ්ඩායම් විසින් ප්‍රහාර 60 ක් එල්ලකර ඇති අතර ඉන් 36 දෙනකු මියගොස් 28 දෙනෙක් බරපතළ තුවාල ලැබූහ. මෙම ප්‍රහාරවලින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගෙන සිදුවී ඇති අතර ප්‍රහාරවලින් වැඩි ... |
"ඩොලර් බිලියන 3.3ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීන සංවර්ධන බැංකුව සමග එකඟතාවක්" | "ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.3ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමග එකඟතාවකට එළැඹ තිබේ. චීන එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව, නිල ණය හිමියන්ගේ කමිටුව සහ බැඳුම්කර හිමියන් සමග ඇති කරගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහන යටතේ ශ්‍රී ලංක... |
"නිහඬ කාලයේ ෆේස්බුක් අපහාස ගැන පොලිසිය අවදියෙන් !" | "නිහඬ කාලසීමාව තුළ මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරමින් සමාජ මාධ්‍ය මගින් සිදුකරන අපහාස අවමන් පිළිබඳව දැනටමත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මැතිවරණ කාර්යාලය කියයි. මේ පිළිබඳව දිගින් දිගටම ලැබෙන පැමිණිලි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ බවද පොලිස් මැතිවරණ කාර්යාලයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට කියා සිටියේය. නෝම... |
"පොලිස් ආරක්ෂාව මැද ඡන්ද පෙට්ටි හා ලිපි ද්‍රව්‍ය අද ඡන්දපළවලට" | "ජනාධිපතිවරණ ඡන්ද විමසීම සිදුකිරීමට අවශ්‍ය ඡන්ද පෙට්ටි හා ලිපිද්‍රව්‍ය පොලිස් ආරක්ෂාව මැද අද (20දා) උදෑසන සිට දිස්ත්‍රික් ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිට ඡන්ද මධ්‍යස්ථාන කරා පිටත් කිරීමට නියමිතය. ඡන්ද පෙට්ටි සමග ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් ද ආරක්ෂක නිලධාරීන් ද පිටත්ව යන බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. පාසල්... |
"අගෝස්තුවේ නිෂ්පාදන ඉහළ ගිහින් – මහ බැංකුව කියයි" | "පසුගිය අගෝස්තු මාසයේදී නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අනුව ඉකුත් අගෝස්තු මාසයේදී නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශනය දර්ශකාංක 55.5ක් වාර්තා කර ඇත. නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශය දායක වූ බවද මහ බැංකුව ක... |
"ඡන්ද වැඩට ලංගම පෞද්ගලික බස් 2533ක්: ගම් බිම් බලා යෑමටත් බස් – දුම්රිය සූදානම්" | "ජනාධිපතිවරණයට අදාළ රාජකාරි හා පොලිසියේ කටයුතු සඳහා ලංගම සහ පෞද්ගලික බස් 2533ක් ලබාදී ඇතැයි එම බලධාරීහු ඊයේ (19දා) ‘දිවයින’ට පැවසූහ. එසේම ඡන්දය දැමීමට ගම් බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් ද ලංගම හා පෞද්ගලික බස් රථ සියයට 50ක් යොදවා තිබේ. ජනාධිපතිවරණ රාජකාරි සඳහා ශ්‍රී ලංගම බස් රථ 1533ක් ලබාදී ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩ... |
"ආපදාවක් ආවොත් ‘බාධාවලට’ මුහුණදෙන හැටි කියයි" | "මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි බැවින් එම කාල සීමාව තුළ ආපදාවලින් මැතිවරණයට සිදුවිය හැකි බාධා කළමනාකරණය කරගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මැතිවරණ කොමිෂන් සභාව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මැතිවරණ කොමිෂන් සභා... |
"අයිතිකරුවන් නැති ඡන්ද කාඩ් ලක්‍ෂ 3ක් තැපෑලේ තනිවෙලා" | "නිවෙස්වලට බෙදීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්‍ෂ 3ක් ඊයේ (19දා) වන විට රටපුරා තැපැල් කාර්යාලවල ගොඩගැසී තිබූ බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා ‘දිවයින’ට පැවසීය. පනස්දහසකට අධික පිරිසක් තම අනන්‍යතාව තහවුරු කර ඡන්ද දැන්වීම් පත්‍රිකා රැගෙන ගොස් ඇතැයි ද ඒ මහතා කියා සිටියේය. නිවෙස්වලට ගොස් ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙ... |
"දේශීය වෛද්‍ය සේවාවට ජාතික ප්‍රතිපත්තියක්" | "දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පෙරේදා (18දා) සිදු විය. ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා නීති රාමුවක් සපයා තිබුණ ද ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය වී නොතිබීම හේතුවෙන... |
"කෝටි 3600 වංචාව: පැමිණිල්ල ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශන" | "2022 දේශපාලනඥයන් කිහිපදෙනකු හා නිලධාරීන් පිරිසක් එකතුව කර ඇතැයි කියන රුපියල් කෝටි 3600ක (බිලියන 36ක) වංචාව පිළිබඳව ලැබී ඇති පැමිණිල්ල ගැන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විමර්ශන පවත්වයි. ඉන්ධන බෙදාහරීම තුළින් හා අඩු මිලට ඉන්ධන මිලට ගෙන වැඩි මිලට ජනතාවට අලෙවි කිරීමට අදාළ ඉන්ධන ගනුදෙනුවලින් විශාල මුදල් වංචාවක් සිදුක... |
"ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ගැටලුව සීඅයිඩී යයි" | "සමාජයේ ආන්දෝලනයට තුඩුදී ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් ඊයේ (19දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිවයින’ට පැවසීය. ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුව ගැන විභාග දෙපාර්තමේන්තුව... |
"මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට මෙරටින් පුද්ගලයන් යැවීමේ වැඩිවීමක්" | "මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට මෙරටින් පුද්ගලයන් යැවීමේ සිද්ධි වැඩි වීමක් පිළිබඳව තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් ආරක්ෂක අමාත්‍යාංශයට අනතුරු අඟවා තිබේ. විදේශයන් හි ආකර්ශනීය වැටුප් ලැබෙන රැකියා අවස්ථා ලබාදෙන බව පවසා තොරතුරු තාක්ෂණ දැනුම ඇති වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් මෙය සිදුකරන බවට තොරතුරු අ... |
"අනගාරික ධර්මපාලතුමාගේ 160 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා බුද්ධ ප්‍රතිමාවක් පරිත්‍යාග කරයි" | "කොළඹ, බෞද්ධාලෝක මාවතේ ධර්මායතන විහාරය සඳහා ධර්මචක්‍ර මුද්‍රාව සහිත බුද්ධ ප්‍රතිමාවක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් අනගාරික ධර්මපාලතුමාගේ 160 වැනි ජන්ම සංවත්සරය යෙදී තිබූ ඉකුත් 17 වැනිදා පරිත්‍යාග කරන ලදී. අඩි 4ක් උස, ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් 330ක් බරැති මෙම ප්‍රතිමාව ශ්‍රී ලංකා අගමැති දිනේෂ්... |
"ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාවක්" | "ඇමරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණය හිමියන් සමග එකඟතාවකට එළඹ තිබේ. එමගින් එම ණය ප්‍රමාණයේ ශුද්ධ වර්තමාන අගයෙන් සියයට 40.3ක සහනයක් හිමි වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ශ්‍රී ලංකාවට සැලකිය යුතු ණය සහනයක් සහ පොලී ගෙවීම් අඩුවීමක් සිදුවීම මගින් රටේ මූල්‍ය ස්ථාවරත්වය ශක... |
"ලොකුම ඖෂධ මාෆියාව ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ – රවි කුමුදේශ්" | "මෙරට විශාලම ඖෂධ මාෆියාව ක්‍රියාත්මක කරන්නේ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරයි. ඖෂධ ගෙන්වන සමගාම් අතර තරගකාරිත්වයක් ඇතිකර බිලියන 16ක පමණ මුදලක් ඉතිරිකර දුන් සෞඛ්‍ය ලේකම්වරයාගේ නව තීරණවලට බලපෑම් කරමින් සමාගම් උසිගන්වන්නේ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ම... |
"මිලියන 7000ක පාසල් නිල ඇඳුම් චීනයෙන් නොමිලේ – ඇමැති සුසිල්" | "2025 වසරට අදාළ නිල ඇඳුම් චීනයෙන් නොමිලේ ලැබෙන නිසා රජයට රුපියල් මිලියන 7000ක ඉතිරියක් සිදුවන බව අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙරේදා (18දා) පැවසීය. මෙම නිල ඇඳුම්වල පළමු තොගය නොවැම්බර් 13 දාත්, දෙවන තොගය නොවැම්බර් 21 දාත්, තුන්වැනි තොගය දෙසැම්බර් 20 දාත් ලැබීමට නියමිත බවද ඇමැතිවරයා අමාත්‍යාංශයේ පැවති මාධ... |
"ජන ගංගා මැදින් රැලි නිමාවේ – අපේක්‍ෂකයෝ අවසන් රැලි අමතති" | "අවසර නොලත් කිසිවකුට ඡන්ද මධ්‍යස්ථානවලට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙස මැතිවරණ කොමිසම සියලු ඡන්දපළ නියෝජිතයන්ට දැනුම් දී ඇත. ඡන්දපළට ඇතුළුවිය හැක්කේ අදාළ බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණෙන ඡන්ද දායකයන්, ඡන්දපළ කාර්ය මණ්ඩලය, ඡන්දපළ රාජකාරියෙහි නියුතු පොලිස් නිලධාරීන්, තරග කරන ජනාධිපති ධුර අපේක්‍ෂකයන්, ජනාධිපති ධුර අපේක්... |
"තව පැමිණිලි ඇත්නම් දින 3ක් ඇතුළත දෙන්න -විභාග කොමසාරිස් ජනරාල්" | "පහේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිටවූ බව කියන සිද්ධියට අදාළව සිය ගැටලු ප්‍රශ්න පැමිණිලි ඇත්නම් දින 3ක් ඇතුළත විභාග දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට තමා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (18දා) පැවසීය. මෙම ප්‍රශ්න පිටවී ඇති බවත් එසේ පිටවීමෙන් තම දරුවන... |
"සියවස් ගණනාවක් දුටු සිහිනය 21දා සැබෑ වෙනවා – දශක ගණනාවක් ගියත් ඡන්දය දුන්නේ මාලිමාවට කියා කෑගසා කියන්න පුළුවන්" | "ජාතික ජන බලවේගයට ඡන්දය දුන් ජනතාව දශක ගණනාවකින් පසු වුවත් අපි 2024 සැප්තැම්බර් 21 වැනිදා ඡන්දය දුන්නේ මාලිමාවට කියා කෑගසා කියන්න පුළුවන් පරිසරය සිය ආණ්ඩුවක් යටතේ අනිවාර්යයෙන්ම ගොඩනඟන බව එම බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (18දා) කළුතර, ගම්පහ සහ නුගේගොඩ අවසන් ජන රැලිවලදී සහතික කර කියා සිටියේය.... |
"මෝදර කොල්ලය බ්ලූමැන්ඩල් පොලිසියේ 4ක ගේ වැඩක්" | "මෝදර ප්‍රදේශයේ නිවසකට කඩාවැදී ගෙහිමි කාන්තාව ඇතුළු පදිංචිකරුවන් බිය ගන්වා රුපියල් දොළොස් ලක්ෂයක මුදලක් කොල්ලකා ගෙන පලාගොස් ඇත්තේ බ්ලූමැන්ඩල් පොලිස් නිලධාරීන් බව හෙළිකර ගත් මෝදර පොලිසිය එම සැකකරුවන් ඊයේ (18දා) අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර නිලධාරීන් අතර පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් තිදෙනකු සිටින බව පොලිසිය පවසයි. ස... |
"උතුම් දළදා සමිඳුන්ට ප්‍රතිපත්ති ප්‍රකාශය පූජා කළ මා වැඩි ඡන්ද ලක්‍ෂ විස්සකින් ජය ගන්නවා" | "උතුම් දළදා සමිඳුන්ට ප්‍රතිපත්ති ප්‍රකාශය පූජාකර මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ තමන් අනිවාර්යයෙන් වැඩි ඡන්ද ලක්ෂ 20කින් ජයගන්නා බවත් එම ජයග්‍රහණය හිංසනය සහ ප්‍රචණ්ඩත්වයෙන් තොරව භුක්ති විඳින ලෙසත් ජයග්‍රහණයෙන් පසුව ජනතා අයිතීන් සුරකින පොදුජන යුගය බිහි කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම... |
"දේශබන්දු වෙනුවෙන් දැමූ අතරමැදි පෙත්සම විසිවෙයි" | "දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම පෙත්සම් විභාගය අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජූලි 24 නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඉවත දමන ලෙසත් එකී අතුරු තහනම් නියෝගය නිකුත් කළ පෙත්සම්වලට අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස මැදිහත්වී කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙසත් ඉල්ලා ආචාර්ය බෙල්ලන්විල... |
"අදින් පසුව ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවය සම්පූර්ණයෙන් අවසන්" | "ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර ස්වෛරි බැඳුම්කර හිමියන් අතර සාකච්ඡාවක් අද දින පැවැත්වෙන බවත්, එම සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවය සම්පූර්ණයෙන් අවසන් වී සියලු රටවල සහාය නැවත මෙරටට හිමිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තමාට යම් වැඩ කොටසක් භාර දුන්නා නම් එම වැඩ කොටස සාර්ථකව අවසන් කළ බවට වූ පණිවිඩය ස... |
"හෙල්මට් හුටපටයට නැවතුණු අනුරාධපුර දුම්රිය හවස දුවයි" | "දුම්රිය නියාමකවරයකුගේ යතුරුපැදි හිස් වැසුමක් සහ වැසි කබායක් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අනුරාධපුරයේ දුම්රිය නියාමකවරුන් ඊයේ (18 දා) අලුයම සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණි. මෙම වැඩවර්ජනය හේතුවෙන්, උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය රැසක් ධාවනය නොවුණි. ඒ හේතුවෙන් විදෙස් සංචාරකයන්, විශ්වවිද්‍යාල සිසුන්, ආරක්ෂක අංශ... |
"අපේ මාතෘ භූමිය ලෝකයේ දියුණුම රට බවට පත් කරනවා" | "“මහින්ද රාජපක්‍ෂ මහත්තයා අපිට උගන්වලා තියෙන්නෙ මනුස්සකම එක්ක දේශපාලනය කරන්න කියලයි. මේ 21 වැනිදා මා ජනාධිපති වුණාට පස්සේ මේ මාතෘ භූමිය ලෝකයේ දියුණුම රට බවට පත් කරනවා” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක නාමල් රාජපක්ෂ මහතා ඊයේ (18 දා) අවසන් ජන රැලි අමතමින් පැවැසීය. ඒ මහතා එසේ පැවසුවේ තිස්සමහාරාම, මතුග... |
"හික්කඩුවේ 11දෙනකුගෙන් ලක්‍ෂ 66ක ඉඩම් බදු පොලු" | "හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජයේ ඉඩම් සඳහා දිගු කාලීනව බදු අය කළ යුතු බදුකරුවන් 11දෙනකුගෙන් අයවිය යුතු රුපියල් හැටඅට ලක්ෂ තිස්හය දහස් දෙසිය හැටක (6,836,260) මුදලක් අය කර ගෙන නොමැති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි. මීට අමතරව මෙකී බදුකරුවන්ගෙන් අය විය යුතු රුපියල් දස ලක්ෂ ... |
"සහනාධාර බොරු පොරොන්දුවලින් රට ගොඩගන්න බෑ – ජනක රත්නායක" | "සහනාධාරදී, බොරු පොරොන්දුදී මේ රට ගොඩගන්න බැරි යැයි එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතා පැවසීය. මේ රටත්, ජනතාවත් අවුරුදු 76ක දේශපාලනය නිසා රටත් ජනතාවත් බංකොලොත් වී ඇති බවත්, තමා ජනාධිපති වූ පසු රටත් ජනතාවත් නඟාසිටුවීමේ වැඩපිළිවෙළක් තමා සතු බවත් රත්නායක මහතා ඊයේ (18දා) පැවැති අවසන් ජන හමුවකට එක්ව... |
"23 දා අහසේ තරුවක් දිස්වේවි – දිලිත් ජයවීර" | "සැප්තැම්බර් විසිඑක් වැනිදාට වෙනත් අපේක්ෂකයකුට කතිරය ගැසු වොත් කිසිදු වෙනසක් මේ රටේ සිදුනොවන බව ස්ථීර බැවින් තරුව ඉදිරියේ කතිරය ගසන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සර්ව ජන පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂක ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර පැවසීය. එවිට එළඹෙන විසිතුන් වැනිදාට අහසේ තරුවක් දිස්වනු ඇති බව ඔහු කියා සිටියේය. දිලිත් ජයවීර මේ... |
"උද්දික රංගනය – ASP මහානාමගේ කෝටි ගණනක වාහන-ඉඩම් මාස 3කට තහනම්" | "පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයකට වෙඩි තැබීමේ රංගනය මෙහෙය වූයේ යැයි කියන වැඩ තහනමට ලක්ව සිටින සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම මහතාට අයත් යැයි කියන රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝපභෝගී බී. එම්. ඩබ්ලිව්. වර්ගයේ කාර් රථයක් ඇතුළු වාහන තුනක් හා ඉඩම් දෙකක් මාස තුනක කාලයකට තහනම් කිරීමට කොළඹ ප්‍රධාන මහා... |
"කෙන්යානු ජනාධිපති රූටෝ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට සුබ පතයි" | "මහ කොමසාරිස් කනනාදන් මහතා කෙන්යාවේ ජාතික සැලැස්ම (National Plan for Kenya) එළිදැක්වීමේ උත්සවයේදී කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ හමුවිය. මෙම හමුවේදී, සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රූටෝ සිය සුබ පැතුම් පළ කළේය. කෙන්යාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සහ මිත්‍රශීලී සබඳතා අඛණ්ඩ... |
"ශිෂ්‍යත්ව විභාගය ලියූ දරුවන්ට අසාධාරණයක් වුණැයි තැන තැන උද්ඝෝෂණ" | "මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් විභාගයට දින කිහිපයකට පෙර අලව්ව හා වරකාපොළ ප්‍රදේශවල උපකාරක පන්තියකදී දරුවන්ට ලබා දී තිබීම හේතු කොට ගෙන එම ප්‍රශ්න තුන ඉවත් කර ශිෂ්‍යත්ව විභාගයට ලකුණු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එම තීරණයට විරුද්ධව මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි කෑගල්ල අධ්‍යාපන කල... |
"කෝටි දෙකක විදෙස් දුම්වැටි සමග කොළඹ ගුවන් මගියා දැලේ" | "රුපියල් කෝටි දෙකක් වටිනා විදේශී දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි නැවත පුරවා ගැනීම සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු කොළඹ – 10 ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. මොහු ඉකුත් 14 ද... |
"ආරක්ෂාවට පොලීසියේ හැට දහසක්" | "ජනාධිපතිවරණයේ ආරක්ෂාව සහ අනෙකුත් රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් හැට දහසක් (60,000) යොදා ගැනීමට බලාපොරොත්තු වන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා ‘දිවයින’ට ඊයේ (17දා) කියා සිටියේය. මැතිවරණය පැවැත්වෙන දිනයේ ඇති විය හැකි අවශ්‍යතාවන් මත මෙම නිලධාරීන් සංඛ්‍යාව ඉහළ යා හැකි බවද ඒ මහතා පවසයි. එමෙන්ම... |
"ඡන්ද ප්‍රචාරක වැඩ අද රාත්‍රියෙන් අවසන්" | "ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන්ට සිය ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ලබාදී තිබූ කාලසීමාව අද (18දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. මැතිවරණ නීතියට අනුව ඡන්ද විමසීම සිදු කෙරෙන 21 වැනිදාට පැය 48කට පෙර සියලු ප්‍රචාරණ කටයුතු අවසන් කළ යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. අපේක්ෂකයන් 39 දෙනකු ජනාධිපතිවරණයට තරග කිරීමට පසුගිය මස 15 ව... |
"ඡන්ද නීති කැඩීම් දැනුම් දෙන්න කොමිසමෙන් දුරකථන අංක 4ක්" | "ජනාධිපතිවරණය පැවැත්වෙන ලබන 21 වැනිදා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හා ඡන්ද විමසීම් සිදුවන අවස්ථාවේ අනීතික ක්‍රියා පිළිබඳ දැනුම්දීමට මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක කීපයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ 011-2796546, 0112-796549, 0112-796586, 0112-868153 අංක... |
"මාර්ග තදබදය අවම කරගැනීමට අවසන් රැලි පැවැත්වෙන ප්‍රදේශවලට විශේෂ රථවාහන සැලැස්මක්" | "ජනාධිපතිවරණයට අදාළ ප්‍රධාන අපේක්ෂකයින්ගේ අවසන් ප්‍රචාරක රැලි කිහිපයක් අද (18දා) කොළඹ නගරය කොට්ටාව හා පිළියන්දල ප්‍රදේශවල පැවැත්වෙන බැවින් එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශවල රථවාහන තදබදය අවම කරගැනීමට විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. රනිල් එම රථවාහන සැලැස්ම අනුව ජනාධිපත... |
"මැ.කො. සභාපතිගෙන් නිවේදනයක්" | "මෙම මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වූ මොහමදු ඉල්යාස් මහතා අභාවප්‍රාප්තවීමෙන් පසු වෙනත් අපේක්ෂකයකු යෝජනා කර නැති නිසා ඒ මහතා වෙනුවෙන් සළකුණු කරන ඡන්ද ප්‍රතික්ෂේප කරනු ලැබිය යුතු ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා විසින් ඊයේ (17දා) න... |
""ජනාධිපති ක්‍රමය, 13 වැනි සංශෝධනය ඇදගෙන වැඩක් නැහැ – මුලින්ම ජනතාව ජීවත් කරන එක ගැන කතා කරමු – මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි"" | "විධායක ජනාධිපති ක්‍රමය, 13 වැනි සංශෝධනය වැනි ප්‍රශ්න අල්ලාගෙන වාද කිරීමට වඩා රටේ ඇත්ත ප්‍රශ්නය වන ආර්ථික ප්‍රශ්නයෙන් රට මුදාගන්නේ කෙසේද යන ප්‍රශ්නයට ජනාධිපති ප්‍රධාන අපේක්‍ෂකයන් පිළිතුරු සැපයිය යුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණය සඳහා සිදු කරන සියලු ප්‍රචාරක කටයුතු අද (18දා) මාධ්‍යම රා... |
"ආන්දෝලනයට තුඩු දුන් ප්‍රශ්න 3ට සියලු දරුවන්ට ලකුණු දෙනවා – විභාග කොමසාරිස් ජනරාල්" | "පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ බව කියන සිද්ධියට අදාළව ඊයේ (17දා) විශේෂ පරීක්ෂණයක් පැවැත්වූ බවත්, විභාගය කිසිසේත්ම අවලංගු නොකරන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා “දිවයින”ට පැවසීය. මෙවර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවත් කර සියලු දරුවන්ට එම ප්‍රශ්න ත... |
"ජනපති අපේක්ෂකයන්ට යානා දුන්නේ ගෙවීමේ පදනමට නීත්‍යනුකූලව – ගුවන් හමුදාව කියයි" | "ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රචාරක කටයුතු සඳහා ගුවන් යානා සපයා දී ඇත්තේ සම්මත ක්‍රියාපටිපාටිවලට අනුකූලව, ගෙවීම් පදනම මත පමණක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි. මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා අවභාවිතා කර ඇති බවට පළවූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ගුවන් හමුදාව මේ බව සඳහන් ... |
""තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරම්භ කරනවා – සමස්ත ජනතාවම රැකගන්න මම කැපවෙනවා – සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස"" | "ගොවීන්ට, ධීවරයින්ට, ත්‍රිරෝද රථ හිමියන්ට, පාසල් බස් රථ හිමියන්ට සහ ශක්ති සහල් මෝල් හිමියන්ට කිව්ආර් ක්‍රමයට ඉන්ධන සහනාධාරයක් ලබාදෙනවා එය පොහොසතුන්ට අවශ්‍ය නැතැයි පෙරේදා (16 දා) හෙට්ටිපොලදී පැවැති රැස්වීමේ දී සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එහිදී අදහස් දැක්ව... |
"මාලිමාවේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නෑ – සිංහල – දෙමළ – මුස්ලිම් – බර්ගර් – මැලේ අපි ඔක්කොම එකතුවෙලා ලස්සන රටක් හදමු – ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක" | "ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නොමැති බවත් ඉදිරි දින තුන හතර තුළ අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශවය විසින් ගහන්න පුළුවන් අවලාද කරන්න පුළුවන් කුමන්ත්‍රණ, සියල්ල කරන්න පටන් ගන්නවා යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (16 දා) පස්වරුවේ හබරාදුව, අකුරැස්ස, කුඹුරු... |
"යුද මෙහෙයුමේදී සටන් කළේ ත්‍රස්තවාදීන් සමඟ මිස දෙමළ ජනතාවට එරෙහිව නොවෙයි – ශ්‍රීලපොපෙ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ දඹුල්ලේදී කියයි" | "දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ පැවැති යුද්ධය අවසන් කිරීමේ මෙහෙයුමේදී සටන් කළේ ත්‍රස්තවාදීන් සමඟ මිස දෙමළ ජනතාවට එරෙහිව නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ත්‍රස්තවාදය මේ රටින් අවසන් කරන්න හැ... |
"වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ජනපති විවෘත කරයි" | "කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (17දා) සවස විවෘත කෙරිණ. මෙම අතිනවීන කර්මාන්ත ශාලාව මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉහළ නංවමින් මෙරට තරුණ පරපුරට තිරසර වර්ධනයක් සහ දිගුකාලීන සමෘද්ධියක් ඇතිකර ගැනීම සඳහා අ... |
"පරණ කාලයේ වීඩියෝ සමාජ මාධ්‍යයේ පළ කරන අය දෙස පොලිස් ඇස" | "දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන මේ දිනවල යළි සමාජ මාධ්‍යයේ සංසරණයවීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. කටුනායක ගුවන්තොටුපොළ දක්වා ගමන් කරන ඇතැම් වාහන විවිධ පුද්ගලයන් විසින් පරීක්ෂා කිරීම සහ ඇඳිරි නීතිය පැනවූ අවස්ථාවලදී ලබාගත් වීඩියෝ දර්ශන ආදිය මේ දි... |
"රාජපක්‍ෂලා හොරකම් කර ඇතැයි තහවුරු කරන්න බැරි වුණු අනුර කුමාරලාගේ හොරු අල්ලන කතාවලට තවත් රැවටෙන්න එපා – සාගර කාරියවසම්" | "යහපාලන ආණ්ඩු සමයේ දී අනුර කුමාරට රාජපක්ෂලා හොරකම් කර ඇති බව තහවුරු කිරීමට නොහැකි වූ බැවින් තවදුරටත් හොරු ඇල්ලීම පිළිබඳව කරන ප්‍රකාශවලට නොරැවටී රටට වැඩ කළ පක්ෂයට ඡන්දය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ ම... |
"වෛරය ක්‍රෝධය ඉවත දමා රට ඉදිරියට ගෙන යෑමට ජනපතිට අවස්ථාව දිය යුතුයි – දොඩම්පහල ශ්‍රී රාහුල හිමි" | "වෛරය, ක්‍රෝධය ඉවත දමා මේ රට ශක්තිමත්ව ඉදිරියට ගෙනයෑම සඳහා ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදීම සඳහා භික්ෂුන් වහන්සේලා පෙරමුණ ගතයුතු යැයි දොඩම්පහල ශ්‍රී රාහුල හිමියෝ පැවසූහ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා අතරින් රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස ඉදිරියෙන්ම සිටිනුයේ රනිල් වික්‍රමසිංහ මහතා බවද උන්වහන්සේ කීහ. වෛර... |
"අත්‍යවශ්‍ය ඖෂධ 40ක් රෝහල්වල හිඟයි" | "රෝහල්වලට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හතළිහක පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය බලධාරීහු පවසති. මෙරට රෝහල්වල පසුගිය වසරේ ඖෂධ වර්ග තුන්සියයක පමණ හිඟයක් පැවතියත් මේ වන විට එම ඖෂධ සපයා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම තත්ත්වය මත විනිවිදභාවයෙන් යුතුව දැඩි නියාමනයකට ලක්කර නිර්ණායකයන්ට එකඟව දිගටම රෝහල්වලට ඖෂධ සපයන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ... |
"හෙද සමුළුවට එක් වූ ජනපති" | "රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ 2024 හෙද සමුළුව බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී ඊයේ පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විය. සංගමයේ සභාපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් මෙහිදී හෙද සංගමයේ යෝජනා ඇතුළත් සංදේශයක් ද ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය. එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ද රාජ්... |
"අනගාරික ධර්මපාලතුමන්ගේ 160 වැනි ජන්ම දිනයට අග්‍රශ්‍රාවක ධාතු ප්‍රදර්ශනයක්" | "අනගාරික ධර්මපාල තුමන්ගේ 160 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මරදාන ශ්‍රී ලංකා මහාබෝධි මූලස්ථානයේදී ඊයේ (17 දා) පිංකම් රැසක් පැවැත්විණි. ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ සභාපති බානගල උපතිස්ස නාහිමියන්ගේ අනුශාසනා මත පැවති මෙම පිංකම් මාලාවේදී සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහ රහතුන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ විශේෂ මහජන ප්‍රදර්ශනයක්ද ... |
"ජාත්‍යන්තර රූ රැජන කිරුළ දිනූ තිළිණි දිවයිනට" | "ඉන්දුනීසියාවේ පැවති Miss International – 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී වී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිළිණි කුමාරි ඊයේ (17 දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියාය. මෙම තරගාවලිය ඉන්දුනීසියාවේ බාලි දූපත්හි ලෝකයේ රටවල් 20 ක රූ රැජනියන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් 09 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්ව... |
"මැතිවරණ නීති කඩ කිරීම් 430 ක්" | "මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් හාරසිය තිහක් (430) වාර්තා වී ඇතැයි පොලිස් මැතිවරණ කාර්යාලය පවසයි. පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් තුන්සිය දාහතරක් වාර්තා වී තිබුණු අතර මෙම මැතිවරණයේදී එම පැමිණිලි සංඛ්‍යාව වැඩිවී තිබේ. එහෙත් පෝස්ටර්, පත්‍රිකා, බැනර් ප්‍රදර්ශනය කිරීම මෙවර බොහෝ දුරට අඩුව... |
"සරසවි කාර්ය මණ්ඩලයට හා සිසුනට ඡන්දය දීමට නිවාඩු දෙන්න" | "ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහ විශ්වවිද්‍යාල සේවයේ නියුතු අයට හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය විමසීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා විසින් පෞද්ගලික අංශයෙන් හා සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල, පෞද්ගලික විශ්ව... |
"මධ්‍යම පළාත් සභාවේ වාහන 31 කට වෙච්චි දෙයක් නෑ – විගණන වාර්තාවකින් හෙළි කරයි" | "මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතීන්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුව මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තුවලට අයත් වාහන 31ක් පිළිබඳ තොරතුරු අනාවරණය කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. එම වාහන මධ්‍යම පළාත් සභාවේ ආයත... |
"ඇමරිකානු නිවේදනය ගැන විමර්ශනයක් ඉල්ලා පොලිස්පතිට පැමිණිල්ලක්" | "ජනපතිවරණය පැවැත්වෙන කාලසීමාවේ මෙරට ගැටුම් ඇති විය හැකි බව කියමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ට නිකුත් කර ඇති අවවාදාත්මක නිවේදනය සම්බන්ධයෙන් අවධානය යොමු කර විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා ‘දේශප්‍රේමී ජනබලවේගය’ පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඇමරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය... |
"හෙට අවසන් රැලිවලට දැඩි රැකවල් අපේක්‍ෂකයන් 25කට විශේෂ ආරක්‍ෂාවක්" | "ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයන් 38 දෙනාගෙන් අපේක්‍ෂකයන් 25 දෙනකුට විශේෂ ආරක්‍ෂාව ලබාදීමට කටයුතු කර ඇතැයි මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක මහතා දිවයිනට ඊයේ (16දා) පැවසීය. අපේක්‍ෂකයන් 09 දෙනකු ආරක්‍ෂාව ඉල්ලා නැති බවත් 04 දෙනකු ආරක්‍ෂාව එපා යැයි දැනුම් දී තිබෙන බවත් ඒ මහතා කීය. ආරක්‍ෂාව ලබාදීමට පෙ... |
"ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගතකොට ටියුෂන් ගුරුවරුන් 5කට යවලා" | "පෙරේදා (15දා) පැවති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගය ආරම්භ වීමට පෙර ඡායාරූප ගතකොට තවත් ගුරුවරුන් පිරිසකට යැවූ සහකාර විභාග ශාලාධිපතිවරයකු සහ සිද්ධියට සම්බන්ධ තවත් ගුරුවරුන් පස් දෙනකු ප්‍රශ්න කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන ඇත. අනුරාධපුර නගරයට ආසන්න විභාග මධ්‍යස්ථානයක සහකාර ... |
"අවුරුදු පහක් පොර බදා පොහොසත් රටක් හදනවා" | "සියලු දෙනා එකට එකතු වී අවුරුදු හතරක් පහක් පොර බදා පොහොසත් රටක් බවට මේ රට පත්කිරීමේ දේශපාලන පරිවර්තනය කරමු යැයි ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මීරිගම දී (14 වැනිදා) නගර සභා පිටියේදී පැවැති රැස්වීමට එක්වෙමින් මේ බව පැවසීය. එහි දී ඔහු මෙසේද කීය. අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් අන්දමන්ද වෙන තරමට දැවැන්... |
"පක්‍ෂ නායකයා විරුද්ධ වුණත් – තමිල් අරුසුකච්චි සහාය සජිත්ට" | "ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂය (ITAK) මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්විය යුතු බවට වවුනියාවේ පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව හිටපු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ (16 දා) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. මේ සාකච්ඡාවට එම පක්ෂයේ නියෝජිතයින් හයදෙනකු සහභාගී වූ බවත් ඉන් පස් දෙනකුම සජිත් ප්‍රේමද... |
"ලක්‍ෂ ගණන් ටික් ටොක් ඔට්ටුවලට යතුරුපැදි රේස් පැද්ද තරුණයෝ 12ක් අත්අඩංගුවට" | "ටික් ටොක් ඔස්සේ සමාජ මාධ්‍ය හරහා සම්බන්ධ වී කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ ඉතා අවදානම් ලෙස මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පදිමින් සිටි තරුණයන් 12 දෙනකු සමග යතුරුපැදි 18ක් පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය වැටලීම කරන අවස්ථාවේ තවත් තරුණයන් 6 දෙනකු පලාගොස් ඇති බව පැවසේ. සවස් වරුවේ සිට මැදියම් රාත්‍රිය දක්... |
"දිස්ත්‍රික්ක 25ටම ජනාධිපති කාර්ය සාධක බළකා පිහිටුවනවා" | "දිස්ත්‍රික්ක 25 වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බළකායන් පිහිටුවා සියලුම කටයුතු ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකරමින් ජනතාව සුඛිත මුදිත කරවන යුගයක් ඇති කරන බව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බණ්ඩාරවෙල දී පැවසීය. 2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සහ... |
"ජේ. ආර්. 118 වැනි ජන්ම දින සමරුම අද" | "දිවංගත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ජන්ම දින සැමරුම අදට යෙදී තිබේ. මේ නිමිත්තෙන් අද පෙරවරු 10.00ට ජේ. ආර්. ජයවර්ධන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී විශේෂ සමරු උළෙලක් පැවැත්වේ. නිදහස් ශ්‍රී ලංකාවේ පළමු මුදල් ඇමැතිවරයා මෙන්ම මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයාද වූ ජේ. ආර්. ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික හා ... |
"භික්ෂුණි ශාසනය ආරම්භ වූ උතුම් බිනර පෝය අදයි" | "බිනර පුර පසළොස්වක පෝය අදට (17දා)ට යෙදී තිබේ. භික්ෂුණි ශාසනයේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදුවීම සුවිශේෂී වෙයි. ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට බුදු සසුනේ නිවන් මඟ විවෘත කළ බවත් ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. පැවිද්ද අවශ්‍යනම් අෂ්ට ගරු ධර්ම පිළිගත යුතු බව එහිදී බුදු හිමියන් ව... |
"භික්ෂුණි ශාසනය ආරම්භ වූ උතුම් බිනර පෝය අදයි" | "බිනර පුර පසළොස්වක පෝය අදට (17දා)ට යෙදී තිබේ. භික්ෂුණි ශාසනයේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදුවීම සුවිශේෂී වෙයි. ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට බුදු සසුනේ නිවන් මඟ විවෘත කළ බවත් ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. පැවිද්ද අවශ්‍යනම් අෂ්ට ගරු ධර්ම පිළිගත යුතු බව එහිදී බුදු හිමියන් ව... |
"වසර 2ක් තුළ ලංකාව ඩොලර් බිලියන 5ක් විදෙස් ණය ගෙව්වා – මුදල් අමාත්‍යාංශය" | "පසුගිය වසර දෙකේදී (2022 සහ 2023 වසරවල දී) ශ්‍රී ලංකාව විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක පමණ විදේශ ණය වාරික හා පොලී ගෙවා ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. මින් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් ණය වාරික ගෙවීම් වන අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ පොලී ගෙවීම් වේ. මේ අනුව 2022 වසරේ අප්‍රේල් මාසයේ විදේශ ණය ගෙවීම් තාවකාලිකව අත්... |
"ජනපතිවරණයේ වැඩිම ඡන්ද දායකයන් ගම්පහ දිස්ත්‍රික්කයේ" | "ලබන 21 වැනිදා පැවැත්වෙන නව වැනි ජනාධිපතිවරණයේ දී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් වැඩිම ඡන්ද දායකයන් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් හා ප්‍රධාන තේරීම් භාර නිලධාරි ලලින්ද ගමගේ මහතා ‘දිවයින’ ට පැවසීය. මෙම සංඛ්‍යාව 1,881,129 ක් (දහ අට ලක්‍ෂ අසූ එක් දහස් එකසිය විසි නවයක්) වන අ... |
"සජිත්ට අනුරට බෑ අයි.එම්.එෆ් පුළුවන් මට" | "තම පළමු පරමාර්ථය වන්නේ ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාවන් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යෑම අත්‍යවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා “සජිත් හා අනුර පවසන අන්දමට එම එකඟතා වෙනස් කිරීමට කිසිඳු හැකියාවක් නැහැ” යැයි ද සඳහන් කළේය. එසේම “සජිත්ගේ ... |
"ජල විදුලියේ පියා ඩී. ජේ. විමලසුරේන්ද්‍ර 150 වැනි ජන්ම දින සැමරුම අද" | "මෙරට ජල විදුලියේ පියා ලෙස විරුදාවලියට පාත්‍ර වූ ඩී. ජේ. විමලසුරේන්ද්‍රයන්ගේ 150 වැනි ජන්ම දින සංවත්සරය අද (17දා) ට යෙදී තිබේ. ඉංජිනේරු ඩී. ජේ. විමලසුරේන්ද්‍රයන් මෙරට ජල විදුලි බලය, විද්‍යා හා තාක්ෂණික මංපෙත් ඔස්සේ රටට දායාද කරලීමට ස්වකීය බුද්ධිය මෙහෙයවූ දේශමාමකයෙකි. ඔහු වෙනුවෙන් ගාල්ලේ ඔහුගේ පිළිරුව අබියස දී ගාල්ලේ ශ්... |
"කුලියාපිටියේ ඉදිවුණ ආසියාවේ දැවැන්තම කාර් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව විවෘත වේ" | "කාර් කොම්පැනි ශ්‍රී ලංකාවේ හදන්න බැහැ කියමින් ඇතැම් දේශපාලනික කණ්ඩායම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාට එල්ල කළ චෝදනාවලට පිළිතුරු ලැබෙන දිනය අද (17දා) බවත් කුලියාපිටියේ ඉදිවුණ ආසියාවේ දැවැන්තම කාර් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත වන බවත් එක්සත් ජාතික පක්‍ෂ උප නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ... |
"කොළඹ – කටුනායක අධිවේගයේ විදුලි කේබල් කපමින් සිටි අයෙක් දැලේ" | "කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ භූගත විදුලි රැහැන් කපමින් සිටි සැකකරුවකු අඩි 14ක් පමණ දිග තඹ කේබල් දෙකක් සමග අධිවේගී මාර්ගයේ පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අධිවේගී මාර්ගයේ රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි මාර්ග සංචාරක කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මාර්ගය අසල සැක කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙ... |
"මාස අටකදී බදු ආදායම සියයට 28.5 කින් ඉහළට" | "මේ වසරේ (2024) මුල සිට ඉකුත් අගෝස්තු මාසය අග දක්වා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් උපයන ලද මුළු බදු ආදායම සියයට 28.5 කින් වර්ධනය වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පවසයි. මේ අනුව ගිය වසරේ (2023) මුල් මාස අටේදී උපයන ලද මුළු බදු ආදායම රු. බිලියන 956.4 සිට මේ වසරේ මාස අටේදී රු. බිලියන ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.