Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"අවසන් රන්දෝලි පෙරහැර ජන ගඟක් මැද නිමවෙයි" | "ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්යයේ අති උත්කර්ශවත් අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (30 දා) රාත්රී 7. 03ට උතුරු දිශාභිමුඛව දළදා මාලිගාවෙන් පිටත් ව දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ පැමිණ රජ වීදිය ඔස්සේ වීදි සංචාරය කළේය. හෙළ කලා සංස්කෘති අංග රැසක් සහිත නර්තන කණ්ඩායම් පිරිවරා විචිත්රවත් වූ... |
"වැස්සත් ජලාශ 73 ‘ලොස්’" | "දිවයිනේ ප්රදේශ කිහිපයකින් වර්ෂාපතනයකන් වාර්තා වුවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්රධාන ජලාශ හැත්තෑතුනේ ජල ධාරිතාවයේ වැඩිවීමක් සිදුව නැතැයි වාරිමාර්ග අධ්යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය පැවසුවාය. සමස්ත වාරි ජලාශවල ජල ධාරිතාව සියයට 27 දක්වා අඩු වී ඇතැයි ද ඇය කීවාය. වර්ෂාපතනයන් වාර්තා වු... |
"රු.850ට දෙන්න: නැත්නම් කුකුළත් ඉන්දියාවෙන්" | "කුකුළු මස් කිලෝග්රෑමයක් රුපියල් 850 කට පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු නොකළහොත් කුකුළු මස් ඉන්දියාවෙන් ආනයනය කර සහන මිලට බෙදාහැරීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති නලින් ප්රනාන්දු මහතා පැවසීය. මෙහිදී අදහස් දැක්වූ නලින් ප්රනාන්දු මහතා මෙසේ ද කීවේය. පසුගිය කාලයේ කුකුළු මස් කිලෝවක් මේ වෙළෙඳුන් රුපියල් 130... |
"මත් ජාවාරම්කරුවන්ගේ රියට දෙමටගොඩදී පොලිස් වෙඩි" | "කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් දෙමටගොඩ ඕවල් ක්රීඩාංගණය අසලදී මත්ද්රව්ය ජාවාරම්කරුවන් පිරිසක් රැගත් ජීප් රථයකට ඊයේ දහවල් වෙඩි ප්රහාරයක් එල්ල කර ඇත. වෙඩි ප්රහාර හමුවේ මත්ද්රව්ය ජාවාරම්කරුවන් පලාගොස් ඇති අතර ඔවුන් ගමන්ගත් ජීප් රථය පෑලියගොඩ ප්රදේශයේ වාහන අංගනයක අතහැර දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන... |
"අස්වැසුම අච්චාරුවක් – රට බංකොළොත් කළ අය එය හදනවා කීම විහිළුවක් – විපක්ෂ නායක සජිත් ප්රේමදාස" | "වත්මන් ආණ්ඩුවට හරියට වැඩක් කරන්න තේරෙන්නේ නැති බවත් අස්වැසුම වැඩසටහනටත් හරි වැඩපිළිවෙළක් නොමැති වුවත් ඔවුන් මේ වන විට ඊළඟ මැතිවරණය වෙනුවෙන් වැඩ කිරීම ආරම්භ කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය. හෙතෙම මේ බව කියා සිටියෙ ඊයේ (30 දා) විපක්ෂ නායක කාර්යාලයේ දී අස්වැසුම වැඩසටහන නිසා අපහසුතාවට පත් ග්රාම නිලධාර... |
"කෙහෙළියට හයිය දෙන්න ආණ්ඩුව ඔක්කොම කැඳවයි – පාර්ලිමේන්තු අනිවාර්යයි" | "ආණ්ඩු පක්ෂයේ සියලු ම මැති ඇමැතිවරුන් ලබන මස 05, 06, 07 සහ 08 දිනයන්හිදී අනිවාර්යයෙන් ම පාර්ලිමේන්තුවේ රැඳී සිටිය යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්රධාන කාර්යාලය දන්වා ඇත. ලබන 06, 07, 08 යන දින තුනෙහිදී සෞඛ්ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇති බැවින් ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමැතිවර... |
"කුරුණෑගල – හබරණ දුම්රිය ව්යාපෘතියට වැය කළ මිලියන 568ක් වතුරේ" | "රජය විසින් කුරුණෑගල හබරණ දුම්රිය මාර්ග ව්යාපෘතිය තවදුරටත් ක්රියාත්මක නොකිරීමට ප්රතිපත්තිමය තීන්දුවක් ගැනීම හේතුවෙන් මෙකී ව්යාපෘතිය සඳහා මේ දක්වා වියදම් කළ රුපියල් මිලියන 568 ක මුදල නිශ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. මෙකී ව්යාපෘතිය සඳහා 2016 ව... |
"ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප්රතිව්යුහගත කරනවා – ජනාධිපති රනිල් වික්රමසිංහ" | "තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමයේගමන් මග අනුගමනය කිරීම බලාපොරොත්තුවයි ශ්රී ලංකා ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප්රතිව්යුහගත කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා දැනටමත් පියවර ගනිමින් සිටින බවත් තරඟකාරිත්වයට මුහුණ දෙමින් නව වෙළෙඳපොළ, විදේශ ආයෝජන සහ ප්රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රට... |
"ජනපති මල්වතු – අස්ගිරි මහ නාහිමිවරු බැහැදකිති" | "ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පෙරේදා (29 දා) පස්වරුවේ මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් ප්රමුඛ අනුනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. පළමුව මල්වතු මහා විහාරයට පැමිණි ජනපතිවරයා මල්වතු මහානායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය. ඉන් අනතුරුව අස්ගිරි... |
"හොර ස්ටිකර් ඇලවූ සමාගම් දෙකේ වැඩ කළ සුරාබදු නිලධාරීන් 9කට මාරුවීම්" | "ව්යාජ ස්ටිකර් යොදා මත්පැන් බෙදාහැරීම් සිදුකළ බවට චෝදනා එල්ල වූ ප්රධාන සමාගම් දෙකක රාජකාරී කළ සුරාබදු නිලධාරීන් 09 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව පෙරේදා (29 දා) කටයුතු කර ඇත. බදු නිසි වේලාවට ගෙවීම පැහැරහැර ඇති ප්රධාන සමාගමක් සහ හිටපු ඇමැතිවරයකුට අයත් බව කියන සමාගමක රාජකාරී කරමින් සිටි නිලධාරීන්... |
"අරක්කු හොර ස්ටිකර් අල්ලන උපකරණය පිස්සු නටනවා" | "මත්පැන් බෝතල්වල අලවා ඇති ස්ටිකර්වල ව්යාජභාවය හඳුනා ගැනීමට මෙරට පහසුකම් නොමැති බවත් ඒවා හඳුනා ගැනීමට ඉන්දියාවට යැවිය යුතු බවත් සුරාබදු වෘත්තීය සමිති එකමුතුවේ සම ලේකම් නිරෝෂන් ජයකොඩි මහතා ‘දිවයින’ට ඊයේ (30 දා) පැවැසීය. ව්යාජ ස්ටිකර් හඳුනා ගැනීම සඳහා සුරාබදු නිලධාරීන්ට උපකරණ ලබාදී ඇතත් නියමිත ස්ටිකරය ස්කෑන් කර හෝ පිටපත... |
"නියඟයෙන් 306934 ක් පීඩාවට" | "දිස්ත්රික්ක 19 කට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් පවුල් අසූනවදහස් අසූපහක පුද්ගලයන් තුන්ලක්ෂ හයදහස් නවසිය තිස් හතර දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි. රත්නපුර, කෑගල්ල, ත්රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පුත්තලම, කුරුණෑගල, යාපනය, වව්නියාව, මන්නාරම, මුලතිව්, බදුල්ල, මොනරාගල, හම්බන්තොට, ගම්පහ, මාතල... |
"ඩොලර් මිලියන ගණන් මැණික් ජලාශවලින් ගොඩ ගන්න හැටි සොයයි" | "ඩොලර් මිලියන ගණනක මැණික් සම්පතක් ඇතැයි ඇස්තමේන්තු කර ඇති සමනල වැව ජලාශය, හැටන් නෝර්ටන්බි්රජ් ජලාශය සහ ඉහළ කොත්මලේ ජලාශයේ මැණික් ඉල්ලම් ගොඩ දැමීමේ හැකියාව ගැන සතියක් ඇතුළත කඩිනමින් වාර්තා ලබා දෙන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රාජ්ය ආයතන කීපයකට දැනුම් දී තිබේ. එහි සභාපති පාර්ලිමේන... |
"වැඩිම වැස්ස ගැටියමුල්ලට හෙට – අනිද්දා – ඉන්අනිද්දා වැසි වැඩිවෙයි" | "ගතවූ පැය 24 ක කාලයේදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය සබරගමුව පළාතේ කෑගල්ල, ගැටියමුල්ල ප්රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්යාඥ දුලාරි ප්රනාන්දු මහත්මිය “දිවයින” ට ඊයේ (30 වැනිදා) පැවැසුවාය. එම ප්රමාණය මිලිමීටර් 101.3 ක් බවද ඇය සඳහන් කළාය. අද (31දා) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්... |
"ශ්රී ලංකාව හා මැලේසියාව අතර බැඳුණු මිතුදම – ජාතික දිනය අදයි" | "මැලේසියාවේ ජාත්යන්තර ගුවන්තොටුපළෙන් පිටතට පැමිණ නගරය වෙත ගමන් කරන විට අහස සිඹින ගොඩනැඟිලි කන්දරාව අතරින් මතුවන එක් සුවිශේෂී ගොඩනැඟිල්ලක් වෙයි. ඒ නවීන මැලේසියාවේ සංකේතය වන පෙට්රොනාස් කුට්ටම් කුළුණයි. මීට වසර එකසිය විසිපහකට පමණ පෙරදී, බ්රිතාන්ය පාලන සමයේදී, බෙලෙක් පතල්වලින් පිරුණු, කැලෑ නීතිය රජ කළ, ගංවතුරෙන් හා ගින... |
"පාංශු විද්යාඥ ආචාර්ය පානබොක්කේ දිවි සැරියට සමුදෙයි" | "ලංකාවේ කීර්තිමත් පාංශු විද්යාඥයකු මෙන්ම විශිෂ්ටතම කෘෂිකර්ම අධ්යක්ෂවරයකු වූ ආචාර්ය ක්රිස්ටෝපර් රාජින්ද්ර පානබොක්කේ මහතා පෙරේදා (29 දා) අභාවප්රාප්ත විය. 1950 මහඉලුප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණ දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරියකු ලෙස පත්ව වසර 60 ක කාලයක් මේ රටේ කෘෂිකර්ම ක්ෂේත්රයේ උන්නතිය උදෙසා විශාල මෙහෙවරක් කළ පානබොක්... |
"තිරිඟු ආනයන බලපත්ර අහෝසියි" | "තිරිඟු ආනයන බලපත්ර ක්රමය අහෝසි කළ බව මුදල් රාජ්ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මෙම බලපත්ර ක්රමය අහෝසි කර ඇත්තේ පෙරේදා (29 දා) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදිය. තිරිඟු පිටි ආනයනයේදී පනවා තිබූ බදු මුදල ද කිලෝවකට රු.16 සිට රු.27 දක්වා වැඩි කිරීමට සහ තිරිඟු ඇට කිලෝවක් සඳහා රු.6 ක බද්දක් පැනවීමට කටයුත... |
"කෝටිපතිනියකගේ නිවෙසකින් වැලිකඩ පොලීසියට ගෙන ආ මෙහෙකාරියගේ මරණයට වැඩ බැලූ OIC රිමාන්ඩ්" | "රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී මියගිය 42 හැවිරිදි එස්. රාජේෂ්කුමාරි නමැති ගෘහ සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සිද්ධිය වූ දින වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස වැඩ බැලීමට කටයුතු කර තිබූ උප පොලිස් පරීක්ෂකවරයා ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන... |
"මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අද" | "මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්යයේ අවසන් රන්දෝලි පෙරහැර අති අලංකාරවත් ලෙස අද (30දා) රාත්රී වීථි සංචාරය කිරීමට ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ඇතුළු සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් සැලසුම් කර තිබේ. අද රාත්රි පෙරහැරේ දර්ශනීය ඇඳුමෙන් සරසන ලද අලි ඇතුන් 100ක් පමණ ගමන් කරවීමටත් නර්තන ශිල්පීන් වැඩිම පිරිසක් විවිධ ... |
"ඉදිරි වසරට ගෑස් කොන්ත්රාත්තුවේ 50%ක් වත්මන් සැපයුම්කරුට ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය" | "ඉදිරි වසර සඳහා එල් පී ගෑස් සපයා ගැනීමේ කොන්ත්රාත්තුවේ මුළු සැපයුමෙන් සියයට 50 ක් වර්තමාන සැපයුම්කරු වෙතින් සපයා ගැනීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ලිට්රෝ ගෑස් ලංකා සමාගම වෙත එල් පී ගෑස් මෙටි්රක් ටොන් 2,80,000 ක් සපයා ගැනීම සඳහා වන කාලීන කොන්ත්රාත්තුව දෙසැම්බර් මස 31 වැනිදා අ... |
"රෝගීන්ට මරු කැඳවන ඖෂධ WHO රසායනාගාරවලට යවන්න – පරිපූරක වෛද්ය වෘත්තීයවේදීහු කියති" | "ඖෂධ අසාත්මිකතා හේතුවෙන් රෝගීන් මිය යන්නේ නම් ඒවා සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට ලෝක සෞඛ්ය සංවිධානයේ රසායනාගාර වෙත යොමු නොකරන්නේ ඇයි දැයි, පරිපූරක වෛද්ය වෘත්තීයවේදීහු සෞඛ්ය අමාත්යාංශයෙන් විමසති. අසාත්මිකතා ඇති කළ ඖෂධ සඳහා වගකිව යුතු සමාගම් එම ඖෂධ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට කැමැත්ත පළකරද්දීත් සෞඛ්ය අමාත්යංශය ඒ ... |
"දේශපාලන නාටක නතර කර ජනතාවගේ මූලික අවශ්යතා පිරිමසා ගැනීමට හැකි තත්ත්වයක් ඇති කරන්න – කතෝලික රදගුරු සම්මේලනය ඉල්ලයි" | "දේශපාලන නාටක පසෙක ලා ජනතාව මුහුණ දී සිටින දුක්ඛිත තත්ත්වය අවබෝධ කරගෙන අවම වශයෙන් ජනතාවගේ මූලික අවශ්යතා පිරිමසා ගැනීමට සුදුසු වාතාවරණයක් රට තුළ ඇති කරන ලෙස ශ්රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පෙරේදා (28දා) බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. ශ්රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ ප්රකාශනයක් ලෙස නිවේදනයක් නිකුත් කරමින් එම සම්මේලනය වැ... |
"අස්වැසුම ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් බැංකුවලට කෝටි 500ක්" | "අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම් සඳහා රු. කෝටි 500 ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් බැංකු වෙත යොමු කළ බව මුදල් රාජ්ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. එම මුදල ලබාදුන්නේ අභියාචනා හෝ විරෝධතා නොමැති දැනට තෝරාගෙන ඇති ලක්ෂ 8 ක් පමණ වන අස්වැසුම ප්රතිලාභීන් වෙත ගෙවීම සඳහා බව ද රාජ්ය ඇමැතිවරයා කීවේය. මේ සමඟ සම්බන්ධවී සිටින ... |
"මෛත්රී ඇතුළු පිරිසකට වන්දි ගෙවීමට නියම කළ පාස්කු නඩුව ලබන 15 යළි ශ්රේෂ්ඨාධිකරණයට" | "පාස්කු ප්රහාර මාලාව එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒවා වළක්වා ගැනීමට අපොහොසත් වීමෙන් හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසක් විසින් පාස්කු වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තම අධිකරණය නිගමනය කළ මූලික අයිතිව... |
"ජවිපෙ ජනපති අපේක්ෂක අනුර – ලාල් කාන්ත" | "ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණයක් ගෙන ඇතැයි එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා ‘දිවයින’ ට පැවසීය. පක්ෂය ගෙන තිබෙන මෙම තීරණය ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාවට ඉදිරිපත් කර ඒ පිළිබඳව තීරණයක් ගන්නා බව ද ඒ මහතා කීය. ජනාධිපතිවරණයට තව කල් තිබෙන ... |
"අනුර නඩු දානකම් මං බලන් ඉන්නවා – සාගර කාරියවසම්" | "ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා තමාට එන්තරවාසියක් එවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට තමා ඉතා කැමැත්තෙන් පසුවන බවත්, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. රුපියල් මිලියන දහයක වන්දියක් ඉල්ලා ඇති එම එන්තරවාසියට අනුව අනුර කුමාර දිසානායක මහතා අධි... |
"සජබ අය ආණ්ඩුවට එක්වන බවට බොරු මවනවා – විපක්ෂ නායක" | "මෙරට සිටින ඇතැම් පක්ෂ මෙන් සමගි ජන බලවේගය ආයෝජනය සිදු කළේ දූපත්වල, ව්යාපාරවල හෝ වෙනත් ලාභදායී ව්යාපාරවල නොවන බවත් සමගි ජන බලවේගය ආයෝජනය කළේ හුස්ම, සක්වල වැනි වැඩසටහන් හරහා අපේ රටේ දරු පරපුර වෙනුවෙන් හා හොඳ සෞඛ්ය පද්ධතියක් ලබා දීම වෙනුවෙන් බවත් මෙම හුස්ම සක්වල වැඩසටහන් දියත් කරන්නේ ආණ්ඩුවට සහාය වීමට නොව රටේ දරු පරපු... |
"වගා හානි වන්දි දීමට හැකි භෝග වර්ග 6කටයි – ඇමැති අමරවීර කියයි" | "වගා හානි ලෙස වන්දි ලබාදිය හැක්කේ තෝරාගත් භෝග වර්ග හයක් සඳහා පමණක් බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව වී, මිරිස්, බඩඉරිඟු, සෝයා බෝංචි, අර්තාපල් සහ බී ලූනු වගාවන් නියං තත්ත්වය නිසා හානියට ලක්වී ඇත්නම් ඒ සඳහා වන්දි ලබාදීමට කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා පියවර ගන්නා බව ද ඇමැතිවරයා කීවේය. දැනට වන්දි ලෙස ගෙවන්නේ අක්... |
"එක්ස්ප්රස් පර්ල් අතුරු වන්දිය ගන්න රජය එකඟතාව පළ කරයි" | "එක්ස්ප්රස් පර්ල් නෞකා අනතුරට අදාළව අතුරු වන්දිය ලබා ගැනීමට ශ්රී ලංකා රජය සිය එකඟතාව පළකර තිබේ. ඒ සම්බන්ධයෙන් අවශ්ය දැනුම්දීම් නෞකාවේ රක්ෂණ සමාගමට සහ නීතිඥ සමාගමට ලිඛිතව යොමු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. සමුද්රීය පරිසර ආරක්ෂක අධිකාරිය ඉදිරිපත් කර අතුරු වන්දි වාර්තාවලට අනුව මෙම අතුරු වන්දිය ලබා ගැනීමට නියමිත... |
"රට යන අයට අනිවාර්ය කහ උණ එන්නත රටේම නෑ – වෛද්ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානය" | "විදේශ ගත වන ශ්රී ලාංකිකයින් අනිවාර්යයෙන් ලබා ගත යුතු කහ උණ එන්නත (yellow fever) මේ වන විට රට තුළ නොමැති බව වෛද්ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි. ජාත්යන්තර සෞඛ්ය රෙගුලාසිවලට අනුව මෙරට පුද්ගලයින් විදෙස් ගතවීමේදී එම එන්නත ලබා ගත යුතුව ඇතත් රට තුළ එම එන්නත නොමැතිවීමෙන් කහ උණ වස... |
"මේ වසරේ රට පුරාම ඩෙංගු මරණ 38ක්" | "මෙම වසරේ මේ දක්වා දිවයිනේම ඩෙංගු රෝගීන් හැටඑක්දහස් පන්සිය හැත්තෑවක් (61,570) වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එසේම, එම කාලය තුළ ඩෙංගු මරණ 38 ක් වාර්තා වී ඇතැයි ද එම ඒකකය සඳහන් කරයි. ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් එම සංඛ්යාව තිස් දහස් අනූහතක් (30,097) බවත් එම ඒකකය කිය... |
"බොරලුකන්ද පුදබිමට තහංචි එපා – මහසඟරුවණේ විරෝධය මැද – අත්හිටුවීමේ නියෝගය හකුලා ගනී" | "ත්රිකුණාමල නිලාවැලි පාරේ පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ ඉදිකිරීම් අත්හිටුවන ලෙස ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත ප්රාදේශීය ලේකම්වරයා විසින් දෙන ලද නියෝගය හකුළා ගන්නා ලෙස ඉල්ලමින් ඊයේ (28දා) මහා සංඝරත්නය වීථි බැස සිදුකළ විරෝධතාව හමුවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. භික්ෂූන් වහන්සේලා මහා මාර්ගයේ වාඩිවී විරෝධතා දක්වමින් ප... |
"ආන්දෝලනයට ලක්වූ ඖෂධයේ මාත්රා මිලියන 26ක් වසර 6ක් පුරා රෝහල්වලට බෙදලා – නිෂ්පාදන සමාගමෙන් නිවේදනයක්" | "ආන්දෝලනයට ලක්ව ඇති Co-Amoxciclav ඖෂධයේ මාත්රා මිලියන 26 ක් වසර හයක් තිස්සේ රාජ්ය හා පෞද්ගලික රෝහල්වලට නිකුත් කර තිබෙන බව ඖෂධ සැපයුම් සිදුකරන දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඖෂධ නියාමන අධිකාරිය සිදුකරන ඕනෑම තත්ත්ව පරීක්ෂණයකට තම සමාගම උපරිම සහාය ලබාදෙන බවත් මෙය සියයට සියයක්ම දේශීය ආයෝජනයක්... |
"කොමසාරිස් ජනරාල්වරයෙකු නෑ – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අඩපණ වෙයි" | "දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී. ආර්. එස්. හපුආරච්චි මහතා ගිය සිකුරාදා (25දා) විශ්රාම යෑමෙන් පසුව මුදල් අමාත්යංශය විසින් නව කොමසාරිස් ජනරාල්වරයෙකු හෝ වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙකු පත් නොකිරීම නිසා ඊයේ (28දා) දිනයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු මුළුමනින්ම අකර්මන්ය වූ බව දේශීය ආදායම් වෘත්තීය සමිති නියෝජිතයෝ ‘ද... |
"අපේක්ෂා රෝහලට වාර්තාවන රෝගීන් ගැන අධ්යක්ෂ කරුණු පහදයි" | "මහරගම අපේක්ෂා රෝහලට දෛනිකව බාහිර සහ සායන ප්රතිකාර සඳහා 2000 ක පමණ පිරිසක් පැමිණෙන බවත් 1000 ක පමණ පිරිසක් නේවාසිකව ප්රතිකාර ලබන බවත් අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ වෛද්ය අරුණ ජයසේකර මහතා පැවසීය. ලෝකය පුරා මෙන්ම අප රටේද පිළිකා රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් දිවයිනේ රෝහල් රැසක පිළිකා ප්රතිකාර ඒකක පවතින නිසා... |
"EPF – ETF රැක ගැනීමට සරසවි ඇදුරෝ විරෝධතාවේ" | "ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ්. ඇතුළු අරමුදල් රැක ගැනීම සඳහා විශ්වවිද්යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් ඊයේ (28දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිදුකළ විරෝධතාවේ අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ. ඡායාරූප – නිශාන් එස් ප්රියන්ත" |
"රක්ෂිත කැලෑ ගිනි තැබීමෙන් ජල උල්පත් සිඳී යෑමේ අවදානමක්" | "මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයත් සමග මධ්යම කඳුකරයේ ජල විදුලි බලාගාර ජල පෝෂක ප්රදේශවල පිහිටි රක්ෂිත කැලෑවලට ඇතැම් පිරිස් විසින් ගිනි තැබීම හේතුවෙන් ජල උල්පත් සිඳී යෑමේ තර්ජනයට ලක්ව තිබේ. ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ ඉස්මත්තේ පිහිටි ශ්රීපාද රක්ෂිතයට මායිම්ව ඇති රක්ෂිත... |
"ජපන් රොකට්ටුව සඳට යැවීම අධික සුළං නිසා නවතී" | "අධික සුළං තත්ත්වය නිසා ජපානය සඳ මතට යවන අභ්යවකාශ යානය රැගත් රොකට්ටුව ගුවන් ගතකිරීම අත්හිටුවා ඇත. මෙම ගුවන් ගත කිරීම ඊයේ (28 දා) සිදුකිරීමට නියමිතව තිබිණි. නැවත මෙම රොකට්ටුව ගුවන් ගත කිරීම ලබන සැප්තැම්බර් 15 ට පෙර සිදුකරන බව ජපන් අභ්යවකාශ ඒජන්සිය ප්රකාශ කරයි. මීට පෙර කිහිප වතාවක් සඳ මතට අභ්යවකාශ යානා යැවීමට ජපානය උ... |
"සා.පෙළ පිළිතුරු පත්ර ඇගයීමේ දීමනාව වැඩි කිරීමට කැබිනට් පත්රිකාවක්" | "සාමාන්ය පෙළ පිළිතුරුපත් ඇගයීමේ දෛනික දීමනාව වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්ය මණ්ඩලය වෙත කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කර ඇතැයි අධ්යාපන ඇමැති සුසිල් ප්රේමජයන්ත මහතා පවසයි. උසස් පෙළ උත්තර පත්ර සමීක්ෂණ මධ්යස්ථාන පිහිටුවා ඇත්තේ සීමිත ප්රමාණයක් බැවින් වැඩිදුරක් ගෙවා පැමිණෙන සමීක්ෂකවරුන්ට රුපියල් 2000 දෛනික දීමනාවක් ලබ... |
"ප්රංශයේ පාසල් සිසුවියන්ට සිරුර වැසෙන අබායා තහනම්" | "මුස්ලිම් කාන්තාවන් සම්පූර්ණයෙන් සිරුර ආවරණය වන පරිදි අඳිනු ලබන අබායා වස්ත්රයෙන් සැරසීම ප්රංශයේ පාසල් දරුවන් හට තහනම් කර තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ද පාසල් වෙත යොමු කිරීමට ප්රංශ අධ්යාපන අමාත්යාංශය තීරණය කර තිබේ. විශේෂ අධ්යනයකින් පසුව පාසල් දරුවන් සඳහා අබායා වස්ත්රයෙන් සැරසීම තහනම් කිරීමට පියවර... |
"චන්ද්රයාන්-3 පර්යේෂණ කණ්ඩායමේ සියයට 27ක් කතුන්" | "සඳ තරණය කළ “චන්ද්රයාන්-3” ඉන්දීය අභ්යවකාශ යානය සඳෙහි දක්ශිණ ධ්රැවය වෙත යැවීමේ මෙහෙයුමේ විධායක තනතුරු දැරූ ඉන්දීය අභ්යවකාශ පර්යේෂණ මධ්යස්ථානයට අයත් නිලධාරි පිරිසෙන් සියයට 27 ක්ම කාන්තාවන් බව ඉන්දීය මාධ්ය විසින් අනාවරණය කර තිබේ. චන්ද්රයාන්-3 මෙහෙයුම සැලසුම් කිරීමේ සිට යානයට අයත් “වික්රම්” ගොඩබැස්වුම් යානය සඳෙහි ... |
"තායි සිට හොරෙන් දෙකෝටි හැත්තෑ ලක්ෂයක රත්රං ගෙනා ව්යාපාරිකයා රිමාන්ඩ්" | "රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා රන් බිස්කට් 14 ක් නීති විරෝධී ලෙස තායිලන්තයේ සිට ශ්රී ලංකාවට රැගෙන ආ ව්යාපාරිකයකු පෙරේදා (27 දා) කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්ය ප්රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි. මාකොළ ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි ව්යාපාරිකයකු වන මෙම පුද්ගලයා පෙරේ... |
"දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්" | "නිගමනය කථානායකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පාර්ශ්ව දෙකක් විසින් ගොනුකර තිබූ විශේෂ පෙත්සම් විභාගය ඊයේ (28 දා) පස්වරුවේ අවසන් කළ ශ්රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් තම නිගමනය කඩිනමින් කථානායකවරයා වෙත යවන බව දැනුම් දුන්නේය. ජාතික ජනබලවේගයේ ක්රියාකාරිකයකු වන චතුරංග අබේසි... |
"වාචික පිළිතුරු අපේක්ෂිත ප්රශ්න අසන කාලය විපක්ෂය නාස්ති කරනවා" | "පාර්ලිමේන්තුව ආරම්භයේ මන්ත්රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂිත ප්රශ්න වෙනුවෙන් වෙන් කරන පැයක කාලය නිසි ප්රයෝජනයක් නොගෙන විපක්ෂනායකවරයා ඇතුළු කණ්ඩායම විසින් නාස්ති කිරීම නිසා වන ජනතා මුදල් විනාශය වැළැක්වීමට මැදිහත් වන්නැයි ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්රමසිංහ හා අගමැති දිනේෂ් ගුණවර්ධ... |
"පුරාවිද්යා ගොඩනැඟිල්ලක් කඩා වරාය පිවිසුම් මාර්ගයක් සෑදීමේ තැතට විරෝධය" | "වරාය අධිකාරියට අයත් කොටුව චෛත්ය පාරේ පිහිටි වසර 350 ක් 400 ක් පැරණි පුරාවිද්යාත්මක ගොඩනැඟිල්ලක් කඩා වරායට පිවිසුම් මාර්ගයක් සම්බන්ධ කිරීමට දරන උත්සාහය නතර කරන ලෙස වරාය පොදු සේවක සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. මෙම ගොඩනැඟිල්ලේ බිත්තියක් අඩි හතහමාරක පමණ පළලකින් යුක්ත වන බවත් එය පෞරාණික ගොඩනැඟිල්ලක් ලෙස පුරාවිද්යා දෙපා... |
"අත්දැකීම් බහුලම නායකයා රනිල් වික්රමසිංහ ජනාධිපති කරන්න අපේ සහයෝගය දුන්නා" | "ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ නම හා ලකුණ වෙනස්කර ඇත්තේ මිනිස් ඝාතන ඇතුළු ලෙයින් වැකුණු අපකීර්තිමත් ඉතිහාසය වත්මන් පරම්පරාවෙන් වසංකරගැනීම සඳහා යැයි මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මීරිගම යොවුන් නිකේතනයේදී 27දා පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මීරිගම ආසන බල මණ්ඩලයට සහභාගී වෙමින් ... |
"ජනවරමක් නැති රජයක සංවේදීභාවය හා සමාජ සම්මුතිය නෑ – ජී. එල්. පීරිස්" | "ජනවරමක් නොමැති රජයකින් කිසිදා සංවේදීභාවය හා සමාජ සම්මුතිය අපේක්ෂා කළ නොහැකි බව නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (28දා) පැවැසීය. ආණ්ඩුව තුළ ආණ්ඩු කිහිපයක් තිබෙන බවත් රජයේ කළමනාකරණ දුර්වලතා හේතුවෙන් වගාබිම් විනාශ වී ගොස් ඇති අතර එයට සාධාරණ වන්දියක් ලබාදීම රජයේ වගකීම බවත් ... |
"කුරුන්දි විහාරය ගැන ජනපති දැනුවත් කිරීමට ලිපියක්" | "මුලතිව් කුරුන්දි විහාරයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා දැනුවත් කිරීම සඳහා විශේෂ ලිපියක් පාලිත රංගේ බණ්ඩාර මන්ත්රීවරයා වෙත උතුරු නැගෙනහිර දෙපළාතේ ප්රධාන සංඝනායක සියඹලාගස්වැවේ විමලසාර නායක හිමියන් විසින් භාර දෙන ලදී. මන්ත්රීවරයා වවුනියාව ශ්රී බෝධි දක්ෂිණාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ... |
"විනිසුරු නිවසේ සිටි පොලිස් රැකවලා වෙඩි වැදී මියයයි" | "මාතර වෙරළ පාරේ පිහිටි මාතර දිසා විනිසුරුවරයාගේ නිල නිවසේ රාජකාරි කළ පොලිස් සැරයන්වරයකු වෙඩි ප්රහාරයකට ලක්ව මරුමුවට පත්වී ඇත. 55 හැවිරිදි බී. පුෂ්පකුමාර නමැති මෙම සැරයන්වරයා පෙරේදා (27දා) රාජකාරි භාරගෙන ඇති අතර ඊයේ (28දා) අලුයම සේවය අවසන් කිරීමට නියමිතව තිබිණි. පොලිස් ආරංචි මාර්ග අනුව මෙම වෙඩි ප්රහාරය එල්ලවී ඇත්තේ ටී... |
"පෝට් සිටි ආයෝජකයකු ලෙස වෙස්ගෙන – පිරමිඩ ජාවාරමෙන් ලොවම ඇන්දූ චීනා මාට්ටු" | "වරාය නගරයේ ආයෝජකයකු ලෙස පෙනී සිටිමින් ජාත්යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරමේ නිරත චීන ජාතිකයෙකු කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ බොරැල්ල පොලිසිය ඒකාබද්ධව පෙරේදා (26 දා) සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම ජාවාරමට චීන ජාතිකයන් 4000කට වැඩි පිරිසක් සම්බන්ධව සිටින්නට ඇතැයි පොලිසිය සැක කරයි. ජාවාරමේ මුදල් උණ්ඩියල් ක්... |
"බිලියනයක් වංචා කරපු සභාපති කෙනෙක් ඉන්නවා" | "මේ රටේ බිලියනයක් වංචා කරපු සභාපතිවරයකු ගැන හෙළිවී ඇති බවත් රජයට ‘තේ’ වලට සම්බන්ධ ආයතනයක ඉහළ නිලධාරියකු පිළිබඳ මොණරාගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය ගයාෂාන් නවනන්ද මහතා පාර්ලිමේන්තුවේදී ප්රශ්න කළේය. ‘තේ’ වලට සම්බන්ධ රාජ්ය ආයතනයක ඉහළම තනතුර දරන නිලධාරියා පිළිබඳව ප්රශ්න කරමින් ඔහු පැවසුවේ අදාළ රාජ්ය ආයතනයේ... |
"පවුල් ලක්ෂ 8කට ජූලි මාසයේ අස්වැසුම මුදල් අද සිට බැංකුවලට" | "අස්වැසුම ප්රතිලාභය සඳහා හඳුනාගත් පවුල් ලක්ෂ 15ක ප්රතිලාභීන් අතරින්, පවුල් ලක්ෂ 8ක් සඳහා මුදල් බැංකුගත කිරීම අද (28 දා) සිදු කරන බවත්, එම මුදල් තම ගිණුම්වලින් අඟහරුවාදා හෝ බදාදා සිට ලබාගත හැකි බවත් මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. මෙම ප්රතිලාභය ලබා දෙන්නේ ජූලි මාසයට අදාළව බවත්, සාවද්ය තොරතුරු ඉදිරිප... |
"පාසල් දෙවැනි වාරයේ දෙවැනි අදියර අද ඇරැඹේ" | "රජයේ පාසල්වල දෙවැනි වාරයේ දෙවැනි අදියර අද (28දා) ආරම්භ වේ. දෙවැනි වාරයේ පළමු පාසල් වාරය ඉකුත් 24 වැනිදා අවසන් විය. මේ අතර මහනුවර නගරාශ්රිතව ඇති සියලු පාසල් සඳහා අද හෙට (29දා) සහ අනිද්දා (31දා) යන තෙදින නිවාඩු ලබා දී තිබේ. ඇසළ පෙරහැර මංගල්යය සඳහා අති විශාල ජනතාවක් මහනුවර පැමිණීම සැලකිල්ලට ගනිමින් සිසුන් අපහසුතාවට පත්... |
"පෙර පාසල් ජාතික ප්රතිපත්තියක් කඩිනමින් – විද්යා පීඨ 19ම එක්කර විශ්වවිද්යාලයක්" | "පාසල් අධ්යාපනයට ප්රවේශවීම තුළ මතුවන අහිතකර අධ්යාපන විෂමතා ඉවත්කර ගැනීම සඳහා පෙර පාසල් ජාතික ප්රතිපත්තියක් කඩිනමින් සකස් කළ යුතුව ඇතැයි අධ්යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පැවසීය. පෙර පාසල් අධ්යාපනය පිළිබඳ ජාතික ප්රතිපත්තියක් සම්පාදනය කර ක්රියාවට නැංවීම පිළිබඳ අමාත්යාංශයේ නිලධාරීන් සමග පැවැති විශේෂ සා... |
"කැපුම් තුවාල සහිත රෝගියා ජාතික රෝහලේදී එන්නතක් ලබාදෙද්දී මියගිහින්" | "කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි පුද්ගලයකු එන්නතක් ලබාදෙන අතරතුරදී පසුගිය 25දා මියගොස් ඇත. මියගිය පුද්ගලයා කැපුම් තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවට ඇතුළත් කර සිටියදී මෙසේ මියගොස් ඇත. මෙම රෝගියාගේ කැපුම් තුවාල සුවවීම් සඳහා ‘කෝ ඇමොක්සික්ලොව්’ නමැති ප්... |
"දිස්ත්රික්ක 19ක ලක්ෂ 3ක් නියඟයෙන් විපතේ" | "පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්රික්ක 19 ක පවුල් 84648 කට අයත් පුද්ගලයන් 2,91,720 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි. රත්නපුර, කෑගල්ල, ත්රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පුත්තලම, කුරුණෑගල, යාපනය, වව්නියාව, මන්නාරම, මුලතිව්, බදුල්ල, මොනරාගල, හම්බන්තොට, ගම්පහ, මාතලේ, මහනුවර, පොලොන්නරුව යන දිස්ත්... |
"ජනපති අගමැති මැති ඇමැතිකම්වලට සමහරු රට කෑලිවලට බෙදන්න හදනවා" | "අප රටේ ආගම් අතර ජාතීන් අතර ආරවුල් නිර්මාණය වෙමින් පවතින බවත් විවිධ භූගෝලීය බල ප්රදේශවල ජීවත් වන ජනතාවගේ ජාතිය ආගම ගැන කතා කරමින් මෙම ආරවුල් නිර්මාණය කරන්නේ දේශපාලනඥයන් බවත් ඔවුන් ඒ තුළින් ඡන්දය ලබාගැනීමට අපේක්ෂා කරන බවත් ඔවුන් ප්රදේශවල විවිධ පුද්ගලයන්ට 13 ට කැමැති හා අකමැති බව පවසන බවටත් ජනාධිපති සිහින තිබෙන මේ පිර... |
"ජල විදුලි උත්පාදනය 12%ට බසී" | "ජල විදුලි නිෂ්පාදනය සියයට 12ට අඩුවී ඇතැයි විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්යාධිකාරී හේමන්ත රණසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (27 දා) පැවසීය. ඔක්තෝබර් මස පමණක් මෙම මට්ටමින් ජල විදුලිය නිපදවා ගැනීමට අපේක්ෂා කරන අතර එම කාලය වනවිට වර්ෂාව අපේක්ෂා කරන බවත් ඒ මහතා කීය. මේ වනවිට ඩීසල්, දැවිතෙල්, ගල්අඟුරු භාවිතයෙන් සියයට 65 ක් පමණ ද, ... |
"මා පාර්ලිමේන්තුවෙන් යවන්න නම් පනතක් සම්මත කර ගත යුතුයි" | "තමා පාර්ලිමේන්තුවෙන් ඉවත්කිරීමට අවශ්ය නම් ඒ සඳහා පනතක් සම්මත කරගත යුතු බව පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහිම් මහතා පවසයි. නීති විරෝධී ලෙස ඩුබායි සිට රත්රං සහ ජංගම දුරකථන ශ්රී ලංකාවට රැගෙන එද්දී අලි සබ්රි රහීම් මන්ත්රීවරයා කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර අනවසරය... |
"ඉහළ ආදායමක් ඉපැයිය හැකි ආරුගම්බේ සංචාරක කලාපය කඩිනමින් සංවර්ධනය කරනවා" | "ආරුගම්බේ සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙන්ම ඉහළ ආදායමක් ඉපැයිය හැකි සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. සංවර්ධනය විය යුතු ක්ෂේත්ර හඳුනා ගනිමින් නිසි සැලැස්මක් ඔස්සේ එම කටයුතු ක්රියාවට නංවන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්... |
"අධි තාක්ෂණික ගුවන් මෙහෙයුම් පද්ධතියක් කටුනායකට" | "ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා මෙතෙක් පරිහරණය කළ වසර 20ක් පමණ පැරණි ගුවන් මෙහෙයුම් සන්නිවේදන පද්ධතිය ඉවත් කර ලොව තිබෙන අධි තාක්ෂණික ගුවන් මෙහෙයුම් පද්ධතියක් ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම විසින් කටුනායක ගුවන් මෙහෙයුම් පාලක මැදිරියේ ස්ථාපනය කරන ලදී. ඒ අනුව ශ්රී ලංකාවේ ගුවන් කලාපය තුළ ආරක්ෂිත ගුවන් මෙහෙයුම් පවත්වාගෙන යෑම ස... |
"දරුවන් මරන්න හෝ පාරේ දමා යන්න එපා හදන්න බැරි නම් අපට දෙන්න" | "ඇතැම් මව්වරුන් බිළිඳුන් මහමඟ දමා යෑම හෝ ඝාතනය කරන බවත් එසේ නොකර බිළිඳුන් තමන්ට ලබා දෙන ලෙසත් කාන්තා හා ළමා කටයුතු රාජ්ය අමාත්ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. රටේ පවතින ආර්ථික තත්ත්වය මත ළමයින් රැක බලා ගැනීමේ මධ්යස්ථානයක් අලුතින් නිර්මාණය කිරීම අසීරු වුවත් රජයේ රෝහල්වල වෙනම ම ස්ථාන සකස් කර එවැනි ළමුන් රැක බලා ගැනී... |
"පරම්පරා 4 ක් කොළඹ නිදහසේ ජීවත්වන ගජේන්ද්ර කුමාර් උතුරේ ජාතිවාදය වපුරනවා" | "පාර්ලිමේන්තු මන්ත්රී ගජේන්ද්ර පොන්නම්බලම් මහතාගේ පවුලේ පරම්පරා හතරක් සිංහල ජනතාවගේ කිසිදු බාධා කිරීමකට ලක්නොවී කොළඹ ජීවත්වන නමුදු පොන්නම්බලම් මන්ත්රීවරයා උතුරට ගොස් එහි ජාතිවාදය වැපිරීමට කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඔහුට දකුණේ සිංහල ජනතාව ලබාදී ඇති නිදහස උතුරේදී සිංහල ජනතාව... |
"උ. පෙළ වෘත්තීය විෂය ධාරාවට සිසුන් ගැනීමට අයැදුම්පත් කැඳවයි" | "උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා 12 වන ශ්රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ. වෘත්තීය විෂය ධාරාව ක්රියාත්මක කෙරෙන පාසල් 525 න් තෝරාගත් පාසල්වලට ඇතුළත්වීම සඳහා සිසුන්ට අයැදුම්පත් යොමුකළ හැකි අතර, මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේදී සාමාන්ය පෙළ විභාගය සමත් අසමත් භාවය අදාළ නොමැති බව අධ... |
"පළාත් සභා තියන්න හදිස්සියක්" | "13 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව බලය බෙදීම සඳහා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසයි. ඉන්දීය ශ්රී ලංකා පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ සාමාජිකයන් සහ මෙරට දේශපාලන පක්ෂ නායකයන් අතර ඉකුත් 23 වැනිදා බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති හමුවේදී ඉ... |
"සිංගප්පූරු ගිවිසුමේ වැඩ දැනට ජනපති යටතට" | "සිංගප්පූරුව සමග ඇති කර ගත් ගිවිසුම් හා සාකච්ඡාවල ප්රගතිය අදාළ වැඩ විෂය භාර අමාත්යවරුන් වෙත පවරන තෙක් එම සාකච්ඡාවලදී මෙතෙක් ආ එකඟතා පිළිබඳ කටයුතු ජනාධිපති කාර්යාලය යටතේ පවත්වා ගෙන යෑමට තීරණය ගෙන තිබේ. උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්ර කර ගනිමින් ඉදිකිරීමට නියමිත සුළං සහ සූර්ය බලශක්ති නිෂ්පාදන නවීන තාක්ෂණික ක්රම උපයෝග... |
"දීඝවාපියේ ධාතූන් වහන්සේ හා චූඩා මාණික්යය කැලණියේදීත් වැඳපුදා ගන්න අවස්ථාව" | "දීඝවාපිය මහා සෑ රඳුන් ප්රතිසංස්කරණය කර එහි සර්වඥ ධාතූන් වහන්සේ සහ චුඩා මාණික්ය නැවත තැන්පත් කිරීමට පෙර සැදැහැවතුන්ට සියසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසාදීමේ පියවර ගෙන ඇත. ඒ අනුව මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්යයේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මෙම මස 29 වැනිදා පස්වරු 04.00ට කැලණි රජමහා විහාරයෙන් එ... |
"වනජීවී පුරප්පාඩු 706ක් පුරවන්න තවම කැබිනට් අනුමැතිය නෑ – පවිත්රා කියයි" | "වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 738 ක් ඇතත් ඒවායින් පිරවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ 32 ක් පමණකැයි වනජීවී අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. ඒ අනුව අඩවි ආරක්ෂක තනතුරු 20 ක් සහ වන සත්ත්ව නියාමක තනතුරු 12 ක් සීමිත බඳවා ගැනීමේ පදනම මත බඳවාගැනීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය. දැනට වන සත්ත්... |
""කේන්දර බලන්න ඕනෑ නෑ, මාලිමාවේ අපේක්ෂකයා වෙලාවට එයි – හරිනි කියයි"" | "තව මාස 13 කින් පවත්වනු ලබන ජනාධිපතිවරණය සඳහා ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා නිල වශයෙන් තවම ප්රකාශ කර නැතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. ඒ සඳහා සුදුසු නායකයන් තම පක්ෂය තුළ ඕනෑ තරම් සිටින බවද ඇය සඳහන් කරයි.ජනාධිපතිවරණයක් ප්රකාශ කර නැති නිසා ජාතික ජනබලවේගය පක්ෂයද ඒ සඳහා ඉදිරිපත් ... |
"වාරිමාර්ගයේ වාහන 344ක් ‘මිසින්’ !" | "වාරිමාර්ග අමාත්යාංශයට අයත් වාහන 344ක් අමාත්යාංශය භාරයේ නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. වාරිමාර්ග අමාත්යාංශය නමින් ලියාපදිංචි වී ඇති වාහන පිළිබඳ මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියෙන් ලබාගත් තොරතුරු අනුව වාරිමාර්ග අමාත්යාංශය, වාරිමාර්ග ලේකම් හෝ අමාත්යාංශ ... |
"අවුරුදු 30ක් තිස්සේ මාදිවෙල කතාව: මන්ත්රීලාගේ නිවාස කුලිය රු. 1000යි" | "පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ මාදිවෙල නිවාස සංකීර්ණයේ නිල නිවාස සඳහා මාසික නිවාස කුලී මුදල් වශයෙන් දැනට වසර 30ක පමණ සිට අය කරනු ලබන්නේ රුපියල් 1000ක මුදලක් බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ. එම නිවාස කුලී මුදල මේ දක්වා සංශෝධනය කිරීමට කටයුතු කර නොමැති බැව් ද සඳහන් කර ඇත. 1993 වර්ෂයේ මැය... |
"කොවිඩ්වලට දුන් අධ්යාපන පීඨ ‘පණ ගහන්න’ මිලියන 36ක් – ඇමැති සුසිල්" | "කොවිඩ් ආසාදිතයන් පුනරුත්ථාපනය කිරීම සඳහා ජාතික අධ්යාපන පීඨ 19ක් යොදා ගැනීම හේතුවෙන් ඇති වූ අලාභහානි ප්රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 36ක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇතැයි අධ්යාපන ඇමැති සුසිල් ප්රේම් ජයන්ත මහතා පවසයි. පුනරුත්ථාපන මධ්යස්ථාන ලෙස යොදාගත් ගොඩනැඟිල්ලිවල ගෘහ උපකරණ හා අනෙකුත් උපකරණ, යටිතල පහසුකම් රැසකට හ... |
"දුම්රිය ගේට්ටුව සවි කළ මිලියන 500ක සීනු වතුරේ" | "අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගවල ආරක්ෂාව සඳහා සවි කර ඇති සීනු හා විදුලි පද්ධති සවිකර වසරක් ගතවීමට පෙර ඉන් සියයට 50කට ආසන්න ප්රමාණයක් අක්රිය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. ඒ අනුව එම ව්යාපෘතිය සඳහා වැය කරනු ලැබූ රුපියල් මිලියන 500කට ආසන්න මුදල නිශ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බැව් ද ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි. ... |
"පොලිස් කොමිසම හිරකූඩුව ළඟටම" | "පොලිස් කොමිසමේ නිලධාරීන් මින් ඉදිරියට පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගේ තොරතුරු විමර්ශනය කිරීම සඳහා ඔවුන් රඳවා සිටින පොලිස් ස්ථාන වෙත ගොස් ප්රශ්න කළ යුතුව ඇතැයි පොලිස් කොමිසමේ ප්රකාශකයෙක් සඳහන් කළේය. එය ගැසට් නිවේදනයක් මගින් ප්රකාශයට පත්කර ඇතැයිද එම ප්රකාශකයා පැවසීය. මේ අනුව මෙතෙක් කල් රතුකුරුස හමුදාව සහ මානව හි... |
"බැංකු පොලී තවත් බහී" | "ඉකුත් සිකුරාදා (25 දා) ශ්රී ලංකා මහ බැංකුව විසින් සියලු ම බැංකු වෙත නිකුත් කළ නව චක්ර ලේඛයට අනුව බැංකුවල ණය පොලී අනුපාත තවදුරටත් අඩුවනු ඇතැයි මහ බැංකුව පවසයි. එම චක්ර ලේඛය මගින් වාණිජ බැංකුවලට උපරිම ණය පොලී අනුපාත සීමා පැනවීමට මහ බැංකුව පියවර ගත් අතර මේ අනුව බැංකු ණය පොලී අනුපාත අඩුවීම වේගවත් වනු ඇතැයි අපේක්ෂා කෙර... |
"අල්ලස් කොමිසමට දූෂණ පැමිණිලි 2512ක්" | "අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉකුත් 2022 වර්ෂයේ දී දූෂණ චෝදනා සම්බන්ධ පැමිණිලි 2512ක් ලැබී ඇති බැව් එම කොමිෂන් සභාව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති ප්රගති වාර්තාවේ සඳහන් වෙයි. මෙම පැමිණිලි අතුරින් වැටලීම් සඳහා ලද පැමිණිලි සංඛ්යාව 69කි. විමර්ශනය සඳහා අල්ලස් හා දූෂණ පැමිණිලි 846ක්, අයුතු වත්කම් ... |
"වගා හානිවලට වැඩිම වන්දි මෙවර" | "පවතින නියඟය නිසා වගා හානියට ලක්වූ වී සහ අනෙකුත් භෝග වගා ඉඩම්වලට වන්දි සඳහා මෙතෙක් ඉතිහාසයේ ගෙවා ඇති වැඩිම වන්දි මුදල මෙවර රජයට ගෙවීමට සිදුවනු ඇතැයි කෘෂිකර්ම අමාත්යාංශය සඳහන් කරයි. කෘෂිකර්ම අමාත්යාංශය තක්සේරු කර ඇති ආකාරයට මෙවර කුඹුරු අක්කර 65,000ත් 70,000ත් අතර ප්රමාණයක් හානියට ලක්වනු ඇතැයි වාර්තා වේ. ඒ අනුව දැනට ක... |
"පානදුර නඩු ගබඩාවට වහලයෙන් පැන කෝටි 3ක කුඩු පන්නලා – වැඩ තහනම් කොස්තාපල් හා සගයා මාතලේදී අත්අඩංගුවට" | "පානදුර අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් සොරාගන්නා ලද රුපියල් කෝටි 3 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් අලෙවි කිරීමට සූදානම් කර සඟවාගෙන සිටි වැඩ තහනමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයකු සහ අලෙවි නියෝජිතයකු ගම්පොල විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් ඊයේ (25දා) උදේ මාතලේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරය... |
"දිය බිඳක් නැති මිහින්තලයේ ඇත්තෙ පොලිතින් පමණි වනයේ" | "ලෝකයේ පළමු අභය භුමිය ලෙස සැලකෙන මිහින්තලය අභය භූමියේ පිහිටි පොකුණු ඇතුළු ජල මූලාශ්ර, මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් සිඳී යෑමත් සමග බීමට ජලය සොයා මුව රංචු මිහින්තලා නගරයට පැමිණෙන ආකාරය නිරන්තරයෙන් දැකගත හැකි වේ. එසේ පැමිණි මුව රංචුවක සිටි මුවන් පිරිසක් මිහින්තලේ මහා විද්යාල ක්රීඩාංගණය අසල පොලිතින් මිශ්ර... |
"දිඹුලාගල පන්සලේත් ලයිට් කපලා – සජිත් කියයි" | "දිඹුලාගල ආරණ්ය සේනාසනයේ විදුලි සැපයුම විසන්ධිර කර ඇති බැවින් එම තත්ත්වය වහාම නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඊයේ (25දා) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. දිඹුලාගල ආරණ්ය සේනාසනය හා තවත් ආගමික සිද්ධස්ථාන රැසක මේ වනවිට විදුලිය විසන්ධි කර ඇති බවද බුදු දහමට ප්රමුඛස්ථානය ලබාදිය යුත... |
""බොරු කරුණුවලට අහුවෙන්න එපා, ඔන් ලයින් ලණු කන්න එපා – මහ බැංකුව"" | "මාර්ගගත ක්රම (ඔන්ලයින්) හරහා ක්රියාත්මක වන නොයෙකුත් යෝජනාක්රම නීත්යනුකූල බව හුවාදැක්වීම සඳහා සාධාරණීකරණය කරමින් නොයෙකුත් ආකාරයේ ව්යාජ කරුණු ඉදිරිපත් කර ආයෝජකයන් නොමඟ යවා මුදල් තැන්පතු කරවා ගැනීමට හෝ ආයෝජනය ලබා ගැනීමට කටයුතු කරන බවට දන්වමින් මේ පැමිණිලි ලැබී ඇති බව මහ බැංකුව සඳහන් කරයි. මේ අනුව ශ්රී ලංකා මහ බැංකු... |
"අ.පො.ස. ඇගැයීම්වලට ගිය ගුරුවරුන්ට නිවාඩු දෙකක්" | "පසුගිය 18 දින සිට හෙට (27 දා) දක්වා පැවැත්වෙන අ.පො.ස. (සාමාන්ය පෙළ) විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධ වූ සියලුම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සඳහා මේ මස 28 හා 29 යන දෙදින රාජකාරි නිවාඩු ලබා දීමට තීරණය කර ඇත. ඒ අනුව, මෙම රාජකාරි නිවාඩු අනුමත කර ගැනීම සඳහා අදාළ නිලධාරීන් විසින් ඇගැයීම් කටයුතුවලට සහභාගි වූ බවට, ... |
"ශානි අබේසේකර ඇතුළු 4ක් නිදහස්" | "ගම්පහ කලගෙඩිහේන ප්රදේශයේ පිහිටි නිවසක පිටුපස තිබූ දර මඩුවක ටී 56 වර්ගයේ ගිනි අවි සහ ක්ලේමෝ බෝම්බයක් ඇතුළු ආයුධ සහ පුපුරන ද්රව්ය සඟවා තබා එම අවි සහ පුපුරන ද්රව්ය හිටපු නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන්ට අයත් යැයි කියමින් කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයේ නඩුවකට බොරු සාක්ෂි නිර්මාණය කළැයි කියන ... |
"අලි සබ්රි රහීම් ආචාර ධර්ම කමිටුවට කැඳවා විමර්ශනයක් කරන්න – සුසිල් ප්රේමජයන්ත" | "පාර්ලිමේන්තු වරප්රසාදවලට මුවා වී නීති විරෝධී ලෙස රත්තරන් හා ජංගම දුරකථන මෙරටට ගෙන ඒම පිළිබඳ වරදකරු වූ මන්ත්රී අලි සබ්රි රහීම් මහතා ආචාර ධර්ම සහ වරප්රසාද කමිටුවට කැඳවා පුළුල් පරීක්ෂණයක් සිදු කොට ඉදිරි ක්රියාමාර්ග ගන්නා ලෙස සභානායක ඇමැති සුසිල් ප්රේමජයන්ත මහතා ඊයේ (25දා) කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. අලි සබ්රි ර... |
"විජය මෛත්රි නාහිමි ආදාහන පූජෝත්සවය හෙට" | "අපවත්වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අති පූජ්ය නැදගමුවේ විජය මෛත්රි හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඉරිදා (27 දා) සවස මිනුවන්ගොඩ ජාපාලවත්ත කනිෂ්ඨ විදුහල් ක්රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතය. දේහය පත්තඩුවන භික්ෂු පුහුණු ආයතනයේ ද මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබීමට නියමිතය." |
"ඩොලර් මිලියන 850000ක් වන්දි දෙන්න එක්ස්ප්රස් පර්ල් කැමතියි – ඇමැති විජයදාස" | "එක්ස්ප්රස් පර්ල් නැවේ ගින්නෙන් ඇති වූ හානිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන අටලක්ෂ පනස්දහසක් හා තවත් ලංකා රුපියල්වලින් වන්දි මුදලක් ලබාදීමට අදාළ රක්ෂණ සමාගම කැමැත්ත පළකර ඇතැයි අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25දා) කියා සිටියේය. මේ පිළිබඳව නඩුව සංගප්පූරු මහාධිකරණයේ පවතින අතරතුර අදාළ නැවේ රක්ෂණ ස... |
""නියඟයෙන් 280,000කට බලපෑම් – ආපදා කළමනාකරණ මධ්යස්ථානය"" | "පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්රික්ක 18ක පවුල් අසූඑක්දහස් එකසිය පනස් අටකට අයත් පුද්ගලයින් දෙලක්ෂ අසූදහසකට අධික පිරිසක් බලපෑමට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි. මෙම තත්ත්වය හමුවේ වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ උතුරු පළාත වේ. මේ අතර, උතුරුමැද සහ නැඟෙනහිර පළාත්වලත් වව්නියාව, මුලතිව් සහ මොනරාගල දිස්ත්රි... |
"දිළිඳුකම තුරන් කිරීම වෙනුවෙන් සිරිසේන කුරේ මහත් සේ කැපවුණා – අගමැති දිනේෂ් ගුණවර්ධන" | "දිළිඳුකම පිටුදැකීම අදත් අප මුහුණ දෙන බරපතළ අභියෝගයක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්රකාශ කළේය. දිළිඳුකම තුරන් කිරීම වෙනුවෙන් සිරිසේන කුරේ මහතා මහත් සේ කැප වූ බවද ඔහු කියා සිටියේය. ඔහු මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තුවේ ශෝක යෝජනාවන්ට ඊයේ (25 දා) එක්වෙමිනි. අභාවප්රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන, පූජ්ය උඩවත... |
"නිව් ඩයමන්ඩ් හා එක්ස්ප්රස් පර්ල් සිදුවීම්වලින් රජය තවම පාඩම් ඉගෙන ගෙන නැහැ – විපක්ෂ නායක සජිත් ප්රේමදාස" | "එක්ස්ප්රස් පර්ල් ව්යසනය කේන්ද්රීයව සිදුවන අධිකරණ ක්රියාදාමය පළුදු වීමට කිසිසේත්ම ඉඩ නොදෙන නමුත් එක්ස්ප්රස් පර්ල් ව්යසනයට පෙර නිව් ඩයමන්ඩ් ව්යවසනයක් සිදු වූ බවත් මේ නැවෙන් සිදුවූ තෙල් කාන්දුවෙන් සිදු වූ පරිසර දූෂණය සම්බන්ධයෙන් රජය කිසිදු පාඩමක් ඉගෙන නොගත් බවත් එක්ස්ප්රස් පර්ල් විනාශය සිදුවන විට වැරදි ආකාරයට එහි... |
"සමස්ත ප්රාථමික අධ්යාපනය ජාත්යන්තර මට්ටමට ගේනවා – අධ්යාපන ඇමැති සුසිල් ප්රේමජයන්ත" | "පෙර පාසල් අධ්යාපන ජාතික ප්රතිපත්තිය සාර්ථකව ක්රියාවට නැංවීම මගින් සමස්ත ප්රාථමික අධ්යාපනයම ජාත්යන්තර මට්ටමට ප්රමිතිගත කරනවා යැයි අධ්යාපන ඇමැති සුසිල් ප්රේමජයන්ත මහතා පැවසීය. ප්රාථමික අධ්යාපනයේ පළමු ශ්රේණියට ඇතුළත් වන දරුවන් පෙර පාසල් වර්ග පහක පමණ ප්රභේද ගණනාවකින් යුත් විවිධ පූර්ව අධ්යාපන මට්ටම්වල සිට පාස... |
"අපේක්ෂා රෝහලට දවසකට රෝගීන් 2000ක් විතර එනවා – රෝහලේ අධ්යක්ෂ අරුණ ශාන්ත" | "මහරගම අපේක්ෂා රෝහලට දෛනිකව බාහිර සහ සායන සඳහා 2000ක පමණ පිරිසක් පැමිණෙන බවත් 1000ක පමණ පිරිසක් නේවාසිකව ප්රතිකාර ලබන බවත් අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ අරුණ ශාන්ත මහතා පැවසීය. ලෝකය පුරා මෙන්ම අප රටේ ද පිළිකා රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් දිවයිනේ රෝහල් රැසක පිළිකා ප්රතිකාර ඒකක පවතින නිසා මහරගම අපේක්ෂා රෝහලට ... |
"පඩි අඩු නිසා ගුරු අධ්යාපනඥ සේවය කොටඋඩ" | "ගුරු අධ්යාපනඥ සේවයේ නිරතවන අයට අඩු වැටුපක් නියම වී ඇති නිසා බොහෝ අය මේ සේවයට ඒමට අකැමැති වී ඇති බවත් මේ හේතුව නිසා අධ්යාපනඥයන් නැවතත් ගුරු සේවයට යෑමට ඉල්ලුම් කරන බවත් එසේ වුවහොත් ජාතික අධ්යාපන පීඨ 19ක්, ගුරු විද්යාල 8ක් හා ගුරු වෘත්තීය සංවර්ධන මධ්යස්ථාන 113ක් වැසී යන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඊයේ (25 ... |
"පොලී අඩු නොකරන බැංකුවලට නියාමනයක් – චක්රලේඛය අද එයි" | "මහ බැංකුවේ පොලී අනුපාත අඩුකිරීමට සාපේක්ෂව ප්රමාණවත් ලෙස බැංකු විසින් සිය පොලී අනුපාත අඩු නොකිරීමට එරෙහිව අද (25දා) සිට නියාමන ක්රියාමාර්ග ගැනීමට ශ්රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. මෙම නියාමන ක්රියාමාර්ග ගැනීමට අදාළ නියෝග ඇතුළත් චක්රලේඛය අද (25දා) දින නිකුත් කරන බව ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසි... |
"ඉන්දියාවේ විතරක් නොවේ ලෝකයේම ජයක් – අගමැති මෝදි" | "චන්ද්රයාන් – 3 යානය සඳෙහි දක්ෂිණ ධ්රැවයට පා තැබීම භාරතයේ පමණක් නොව මුළු ලෝකයේම ජයග්රහණයක් බව ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි මහතා පැවසීය. යානය සඳ මතට ගොඩබැසීමේ අවස්ථාව සජීවීව නරඹමින් සිටි කාර්ය මණ්ඩලය සමග මාර්ගගත ක්රමය ඔස්සේ සජීවීව එක්වෙමින් ඉන්දීය අගමැතිවරයා මෙසේ ද කීවේය. අද වනතුරු කිසිවකුට ළඟාවීමට නොහැකි වූ සඳෙහි ... |
"සඳට ගිය සතුට අඩපණ කරන කාලකන්නි සංස්කෘතියක් ඉන්දීය තරුණයන් අතර නැති එක සතුටක් – විමල් පාර්ලිමේන්තුවේදී කියයි" | "බිලියන ගණනක් වියදම් කර සඳ තරණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව විඳින සතුට අඩපණ කර ගැරහීම් කරන කාලකන්නි සංස්කෘතියක් ඉන්දීය තරුණ පරම්පරාව තුළ නොමැතිවීම ගැන සතුටු වන බවත් එය මෙරට තරුණයන්ට ද ආදර්ශයක් බවත් කොළඹ දිස්ත්රික් මන්ත්රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) පැවසීය. ඉන්දියාව සඳ තරණය කරමින් චන්ද්රයාන් – 3 යා... |
"රාමඤ්ඤ නිකායේ අනුනායක නැදගමුවේ විජය මෛත්රී නාහිමියෝ අපවත් වෙති" | "රාමඤ්ඤ නිකායේ අනුනායක, අතිපූජ්ය නැදගමුවේ විජය මෛත්රී හිමිපාණන් වහන්සේ පෙරේදා (23 දා) අපවත්වූහ. මෙරට ජ්යෙෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක ලෙස ගෞරවාදරයට පාත්රවූ උන්වහන්සේ කොළඹ ශ්රී ජයවර්ධනපුර රෝහලේ ප්රතිකාර ලබමින් සිට අභාවප්රාප්ත වන විට 73 හැවිරදි වියෙහි පසුවූහ. ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලැබූ ... |
"ඉන්දීය රජයේ සහාය ඇතිව ත්රිකුණාමලය ආර්ථික කේන්ද්රස්ථානයක්: ඉඩම් වාර්තාව සතියකදි දෙන්න – ජනපති ත්රීමලේදී කියයි" | "1980 දශකයේ දී මහවැලි සංවර්ධන ව්යාපෘතිය ක්රියාත්මක කළා සේම නැගෙනහිර සංවර්ධන ව්යාපෘතිය ද කඩිනම් කර රටේ ආර්ථිකයට නව ජීවයක් ලබාදීමට හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. ඉන්දියාවේ සහාය ඇතිව ත්රිකුණාමලය මෙරට බලශක්ති, ප්රවාහන, වරාය, නාවුක, ගුවන්, කර්මාන්ත මෙන්ම සංචාරක කේන්ද්රස්ථානයක් ලෙ... |
"පොල්පිටිය සිට හම්බන්තොට දක්වා දිවෙන දිගම සම්ප්රේෂණ පද්ධතිය ජාතික විදුලි පද්ධතියට එක්වෙයි" | "මෙරට දිගම විදුලි සම්ප්රේෂණ පද්ධතිය වන පොල්පිටිය සිට හම්බන්තොට දක්වා දිවෙන කිලෝවොට් 220 සම්ප්රේෂණ මාර්ගය සහ හම්බන්තොට නව ග්රිඩ් උපපොළ ඊයේ (24 වැනිදා) ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම සිදුවිය. ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් මත මෙම ව්යාපෘතිය සිදුකෙරුණු අතර ඒ සඳහා වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 55 කි. කිලෝමීට... |
"නීති විද්යාල ගාස්තු මෙච්චර නැග්ගේ ඇයි ? – අනුර කුමාර දිසානායක" | "නීති විද්යාල ප්රවේශ ගාස්තු ඉහළ දැමීම් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය නායක කොළඹ දිස්ත්රික් මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) 27/2 යටතේ විශේෂ ප්රකාශයක් කරමින් අධිකරණ ඇමැතිවරයාගෙන් විමසීය. ලබන වසරේ (2024) සිට නීති විද්යාලය වෙත ඇතුළු වන සිසුන්ට ප්රවේශ ගාස්තු, අභ්යන්තර ගාස්තු ඇතුළු අ... |
"ක්රිකට් පරිපාලනය විධිමත් කිරීමට යෝජනාවලියක් ඉදිරිපත් කරනවා – ක්රීඩා ඇමැති රොෂාන් රණසිංහ" | "ක්රිකට් පරිපාලනය විධිමත් කිරීමට අවශ්ය යෝජනාවලියක් කඩිනමින් රටට ඉදිරිපත් කරන බව ක්රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය. ශ්රී ලංකා ක්රිකට් ආයතනය සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්රික් මන්ත්රී හේෂා විතාන මහතා (සජබ) ගෙනආ සභාව කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටි... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.