textual_format stringlengths 7 2.75k | numerical_format stringlengths 2 2.74k |
|---|---|
ඔහු එම කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ, දින හතළිස් හතරක් තිස්සේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී අවසන් තරගය දක්වා සිය කණ්ඩායම මෙහෙයවමින් කණ්ඩායමට සැබෑ නායකත්වයක් ලබා දීම හේතුවෙනි. | ඔහු එම කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ, දින 44ක් තිස්සේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී අවසන් තරගය දක්වා සිය කණ්ඩායම මෙහෙයවමින් කණ්ඩායමට සැබෑ නායකත්වයක් ලබා දීම හේතුවෙනි. |
මීට අමතරව මැකලම් ලෝක කුසලාන තරගාවලියේදී තරග නවයකට සහභාගී වී අර්ධ ශතක හතරක් ද ඇතුළුව ලකුණු තුන්සිය විසි අටක් රැස් කර තිබේ. | මීට අමතරව මැකලම් ලෝක කුසලාන තරගාවලියේදී තරග 9කට සහභාගී වී අර්ධ ශතක 4ක් ද ඇතුළුව ලකුණු 328ක් රැස් කර තිබේ. |
කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ, ලෝක කුසලාන තරගාවලියේ තරග හයකදී ලකුණු හාරසිය තිස් තුනක් රැස් කළ සිම්බාම්වේ බ්‍රෙන්ඩන් මැකලම් ය. | කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ, ලෝක කුසලාන තරගාවලියේ තරග 6කදී ලකුණු 433ක් රැස් කළ සිම්බාම්වේ බ්‍රෙන්ඩන් මැකලම් ය. |
එක. බ්‍රැන්ඩන් මැකලම් (නවසීලන්තය – නායක) | 1. බ්‍රැන්ඩන් මැකලම් (නවසීලන්තය – නායක) |
දෙක. මාර්ටින් ගප්ටිල් (නවසීලන්තය) | 2. මාර්ටින් ගප්ටිල් (නවසීලන්තය) |
තුන. කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව – කඩුලු රකින ක්‍රීඩක) | 3. කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව – කඩුලු රකින ක්‍රීඩක) |
හතර. ස්ටීවන් ස්මිත් (ඔස්ට්‍රේලියාව) | 4. ස්ටීවන් ස්මිත් (ඔස්ට්‍රේලියාව) |
පහ. ඒබී ඩි විලියස් (දකුණු අප්‍රිකාව) | 5. ඒබී ඩි විලියස් (දකුණු අප්‍රිකාව) |
හය. ග්ලැන් මැක්වෙල් (ඔස්ට්‍රේලියාව) | 6. ග්ලැන් මැක්වෙල් (ඔස්ට්‍රේලියාව) |
හත. කොරේ ඇන්ඩර්සන් (නවසීලන්තය) | 7. කොරේ ඇන්ඩර්සන් (නවසීලන්තය) |
අට. ඩැනියෙල් විටෝරි (නවසීලන්තය) | 8. ඩැනියෙල් විටෝරි (නවසීලන්තය) |
නවය. මිචෙල් ස්ටාර්ක් (ඔස්ට්‍රේලියාව) | 9. මිචෙල් ස්ටාර්ක් (ඔස්ට්‍රේලියාව) |
දහය. ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය) | 10. ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය) |
එකොළහ. මෝනි මෝකල් (දකුණු අප්‍රිකාව) | 11. මෝනි මෝකල් (දකුණු අප්‍රිකාව) |
දොළහ. බ්‍රැන්ඩන් ට්‍රේලර් (සිම්බාබ්වේ) | 12. බ්‍රැන්ඩන් ට්‍රේලර් (සිම්බාබ්වේ) |
නවසීලන්තයේ බලාපොරොත්තු සුන් කරමින් පහ වන වරට ත් ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව අද සමත් විය. | නවසීලන්තයේ බලාපොරොත්තු සුන් කරමින් 5 වන වරට ත් ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව අද සමත් විය. |
ඒ, මෙල්බන්හිදී අද පැවති තරගයෙන් නවසීලන්තයට එරෙහිව කඩුලු හතක ජයක් වාර්තා කිරීමත් සමගිනි. | ඒ, මෙල්බන්හිදී අද පැවති තරගයෙන් නවසීලන්තයට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කිරීමත් සමගිනි. |
මීට පෙර එක්දහස් නවසිය අසූ හත, එක්දහස් නවසිය අනූ නවය, දෙදහස් තුන සහ දෙදහස් හත යන වර්ෂවලදී ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයකි. | මීට පෙර 1987, 1999, 2003 සහ 2007 යන වර්ෂවලදී ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයකි. |
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පන්දුවාර හතළිස් පහකදී ලකුණු එකසිය අසූ තුනකට දැවි ගියහ. | තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පන්දුවාර 45කදී ලකුණු 183කට දැවි ගියහ. |
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර තිස් තුනයි පන්දු එකකදී කඩුලු තුනක් පමණක් දැවී ලකුණු එකසිය අසූ හයක් ලබා ගනිමින් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් විය. | පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 33යි පන්දු 1කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 186ක් ලබා ගනිමින් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් විය. |
හුදකලා සටනක නිරත වූ ග්‍රාන්ට් එලියට් ලකුණු අසූ තුනක් ලබා ගත්තේය. | හුදකලා සටනක නිරත වූ ග්‍රාන්ට් එලියට් ලකුණු 83ක් ලබා ගත්තේය. |
රොස් ටේලර් ලබාගත් ලකුණු ගණන හතළිහකි. | රොස් ටේලර් ලබාගත් ලකුණු ගණන 40කි. |
නවසීලන්ත ඉනිමේ කඩුලු හයක් ලකුණු එකසිය පනස් එකකදී දැවී ගියේය. | නවසීලන්ත ඉනිමේ කඩුලු 6ක් ලකුණු 151කදී දැවී ගියේය. |
මිචෙල් ජොන්සන් සහ ජේම්ස් ෆැන්ක්ලර් අතර කඩුලු තුන බැගින් දවා ගැනීමට සමත් විය. | මිචෙල් ජොන්සන් සහ ජේම්ස් ෆැන්ක්ලර් අතර කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය. |
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා ඉනිමේ පළමු කඩුල්ල මුළු ලකුණු දෙකදී දැවී ගියේය. | පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා ඉනිමේ පළමු කඩුල්ල මුළු ලකුණු 2දී දැවී ගියේය. |
ඩේවිඩ් වෝර්නර් ලකුණු හතළිස් පහක් ලබා ගත්තේය. | ඩේවිඩ් වෝර්නර් ලකුණු 45ක් ලබා ගත්තේය. |
සිය අවසන් එක්දින ඉනිම ක්‍රීඩා කළ මයිකල් ක්ලාක් ලකුණු හැත්තෑ හතරක් ලබා ගැනීමට සමත් විය. | සිය අවසන් එක්දින ඉනිම ක්‍රීඩා කළ මයිකල් ක්ලාක් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් විය. |
ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු පනස් හයක් ලබා ගත්තේය. | ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 56ක් ලබා ගත්තේය. |
මැට් හෙන්රි කඩුලු දෙකක් ලබා ගැනීමට සමත් විය. | මැට් හෙන්රි කඩුලු 2ක් ලබා ගැනීමට සමත් විය. |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන අවසන් මහා තරගයේ නවසීලන්තයේ සියලු ක්‍රීඩකයින් ලකුණු එකසිය අසූ තුනකට දැවි ගියහ. | ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන අවසන් මහා තරගයේ නවසීලන්තයේ සියලු ක්‍රීඩකයින් ලකුණු 183කට දැවි ගියහ. |
හුදකලා සටනක නිරත වූ ග්‍රාන්ට් එලියට් ලකුණු අසූවක් ලබා ගත්තේය. | හුදකලා සටනක නිරත වූ ග්‍රාන්ට් එලියට් ලකුණු 80ක් ලබා ගත්තේය. |
බ්‍රෙන්ඩන් ටේලර් ලබාගත් ලකුණු ගණන හතළිහකි. | බ්‍රෙන්ඩන් ටේලර් ලබාගත් ලකුණු ගණන 40කි. |
නවසීලන්ත ඉනිමේ කඩුලු හයක් ලකුණු එකසිය පනස් එකකදී දැවී ගියේය. | නවසීලන්ත ඉනිමේ කඩුලු 6ක් ලකුණු 151කදී දැවී ගියේය. |
මිචෙල් ජොන්සන් සහ ජේම්ස් ෆැන්ක්ලර් අතර කඩුලු තුන බැගින් දවා ගැනීමට සමත් විය. | මිචෙල් ජොන්සන් සහ ජේම්ස් ෆැන්ක්ලර් අතර කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය. |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායමේ මේ වනවිට කඩුලු හයක් බිඳ වැටී තිබේ. | ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායමේ මේ වනවිට කඩුලු 6ක් බිඳ වැටී තිබේ. |
ඒ ලකුණු එකසිය පනස් එකකට වීම විශේෂත්වයකි. | ඒ ලකුණු 151කට වීම විශේෂත්වයකි. |
දෙදහස් පහළොව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේදීම දැවී ගියේය. | 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේදීම දැවී ගියේය. |
ඒ මුළු ලකුණු ගණන එකක් ලෙස ලකුණු පුවරුවේ සටහන්ව තිබියදී ය. | ඒ මුළු ලකුණු ගණන 1ක් ලෙස ලකුණු පුවරුවේ සටහන්ව තිබියදී ය. |
මාතර ශාන්ත සර්වේසස් විදුහලට එරෙහි පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ලකුණු තිස් තුනකින් ජය ගැනිමට මාතර ශාන්ත තොමස් විදුහල අද සමත් විය. | මාතර ශාන්ත සර්වේසස් විදුහලට එරෙහි පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ලකුණු 33කින් ජය ගැනිමට මාතර ශාන්ත තොමස් විදුහල අද සමත් විය. |
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර පනහ තුළදී කඩුලු නවයක් දැවී ලබාගත් ලකුණු ගණන දෙසිය දහහතරකි. | ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලබාගත් ලකුණු ගණන 214කි. |
ලසිත් ලක්ෂාන් ලකුණු හැට එකක් ලබා ගත්තේය. | ලසිත් ලක්ෂාන් ලකුණු 61ක් ලබා ගත්තේය. |
විදාත ජයනිදු නොදැවී ලකුණු තිස් තුනක් ලබා ගැනීමට සමත් විය. | විදාත ජයනිදු නොදැවී ලකුණු 33ක් ලබා ගැනීමට සමත් විය. |
රජන්ත චන්දුල ලකුණු විසි හතරකට කඩුලු දෙකක් දවා ගත්තේය. | රජන්ත චන්දුල ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත්තේය. |
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත සර්වේසස් විදුහලේ කණ්ඩායමට පන්දුවාර තිස් අටයි පන්දු තුනකදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු එකසිය අසූ එකක් පමණි. | පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත සර්වේසස් විදුහලේ කණ්ඩායමට පන්දුවාර 38යි පන්දු 3කදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 181ක් පමණි. |
කවිඳු උමේෂ් ලකුණු තිස් නවයක් සහ රමේෂ් නිමන්ත ලකුණු විසි අටක් ලබා ගත්තතේය. | කවිඳු උමේෂ් ලකුණු 39ක් සහ රමේෂ් නිමන්ත ලකුණු 28ක් ලබා ගත්තතේය. |
හෂින් ඩිමාල් ලකුණු විසි තුනකට කඩුලු දෙකක් දවා ගත්තේය. | හෂින් ඩිමාල් ලකුණු 23කට කඩුලු 2ක් දවා ගත්තේය. |
එක් වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සත්කාරකත්වය ලබා දෙන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයට හෙට තරගාවලියේ අවසන් මහා තරගයට එක් වේ. | 1 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සත්කාරකත්වය ලබා දෙන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයට හෙට තරගාවලියේ අවසන් මහා තරගයට එක් වේ. |
කණ්ඩායම් දහහතර ක් සහභාගී වූ දෙදහස් පහළොව ලෝකු කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය හෙට මෙල්බන්හිදී ආරම්භ වීමට නියමිත ය. | කණ්ඩායම් 14 ක් සහභාගී වූ 2015 ලෝකු කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය හෙට මෙල්බන්හිදී ආරම්භ වීමට නියමිත ය. |
අවසන් තරගයට එක් වන ඔස්ට්‍රේලියාව අවස්ථා හතර කදී ලෝක ක්‍රිකට් කිරුළ හිමි කර ගෙන ඇති අතර නවසීලන්තය අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබු පළමු අවස්ථාව මෙය වේ. | අවසන් තරගයට එක් වන ඔස්ට්‍රේලියාව අවස්ථා 4 කදී ලෝක ක්‍රිකට් කිරුළ හිමි කර ගෙන ඇති අතර නවසීලන්තය අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබු පළමු අවස්ථාව මෙය වේ. |
ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ අවසන් මහා තරගය ඔස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර මෙරට වේලාවෙන් හෙට උදෑසන නවය ට ආරම්භ වීමට නියමිත ය. | ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ අවසන් මහා තරගය ඔස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර මෙරට වේලාවෙන් හෙට උදෑසන 9.00ට ආරම්භ වීමට නියමිත ය. |
දෙදහස් පහළොව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් පරාජය වූ දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම සිය මව්බිමට පැමිණ තිබේ. | 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් පරාජය වූ දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම සිය මව්බිමට පැමිණ තිබේ. |
ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු තුන්සිය විසි අටක් රැස් කිරීම සම්බන්ධයෙන් සුධාකර් නමැති එම තරුණයා බලවත් සිත් තැවුලට පත්ව සිට ඇති බව ය. | ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 328ක් රැස් කිරීම සම්බන්ධයෙන් සුධාකර් නමැති එම තරුණයා බලවත් සිත් තැවුලට පත්ව සිට ඇති බව ය. |
එම තරගයෙන් ඉන්දියාව ලකුණු අනූ පහක පරාජයක් ලැබීය. | එම තරගයෙන් ඉන්දියාව ලකුණු 95ක පරාජයක් ලැබීය. |
සර විසි තුනක් පුරා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන් ම ක්‍රිකට් ලෝලීන් ද මවමින් සිටි සිහිනය ඊයේ යළි ත් බිඳ වැටිණි. | සර 23ක් පුරා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන් ම ක්‍රිකට් ලෝලීන් ද මවමින් සිටි සිහිනය ඊයේ යළි ත් බිඳ වැටිණි. |
එවන් ක්‍රීඩා ලෝලියෙකු වූ Kieron Adam නමැති එකොළහ හැවිරිදි කුඩා දරුවෙකු සිය ක්‍රිකට් වීරයින් මුණ ගැසීම සඳහා සිහින මවමින් සිටියේ ය. | එවන් ක්‍රීඩා ලෝලියෙකු වූ Kieron Adam නමැති 11 හැවිරිදි කුඩා දරුවෙකු සිය ක්‍රිකට් වීරයින් මුණ ගැසීම සඳහා සිහින මවමින් සිටියේ ය. |
එක්දින තරග එකසිය හැට දෙක කදී පකිස්ථාන කණ්ඩායම නියෝජනය කළ ඔහු, රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව පහ දහස් එකසිය විසි දෙක කි. | එක්දින තරග 162 කදී පකිස්ථාන කණ්ඩායම නියෝජනය කළ ඔහු, රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 5122 කි. |
දෙදහස් පහළොව ලෝක කුසලානයෙන් පසුව එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව මිස්බා උල් හක් ලෝක කුසලානයට පෙර පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබිණි. | 2015 ලෝක කුසලානයෙන් පසුව එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව මිස්බා උල් හක් ලෝක කුසලානයට පෙර පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබිණි. |
ඒ, ඔහු නොදැවී ලකුණු අසූ හතරක් රැස් කරමින් අවසන් පන්දු වාරයේ පහ වන පන්දුවේදී හය පහරක් එල්ල කරමින් නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය හෙයිනි. | ඒ, ඔහු නොදැවී ලකුණු 84ක් රැස් කරමින් අවසන් පන්දු වාරයේ 5 වන පන්දුවේදී 6 පහරක් එල්ල කරමින් නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය හෙයිනි. |
ඔහු එක්දහස් නවසිය හැත්තෑ නවය වසරේ මාර්තු විසි එක වන දා මෙලොව එළිය දුටුවේ, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී ය. | ඔහු 1979 වසරේ මාර්තු 21 වන දා මෙලොව එළිය දුටුවේ, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී ය. |
පසුව එරට හැදී වැඩුණු ඔහු දහනවයන් පහළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ත්, දකුණු අප්‍රිකා – A කණ්ඩායම ත් නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විය. | පසුව එරට හැදී වැඩුණු ඔහු 19න් පහළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ත්, දකුණු අප්‍රිකා – A කණ්ඩායම ත් නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විය. |
ඔහු නවසීලන්තයේ පදිංචියට ගොස් ඇත්තේ, දෙදහස් එක වසරේදී ය. | ඔහු නවසීලන්තයේ පදිංචියට ගොස් ඇත්තේ, 2001 වසරේදී ය. |
පසුව දෙදහස් අට වසරේදී නවසීලන්ත ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වලට ඇතුළත් වීමට ග්‍රාන්ට් එලියට් සමත් විය. | පසුව 2008 වසරේදී නවසීලන්ත ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වලට ඇතුළත් වීමට ග්‍රාන්ට් එලියට් සමත් විය. |
ඒ, පළමු අර්ධ අවසන් තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු හතරකින් පරාජය කරමිනි. | ඒ, පළමු අර්ධ අවසන් තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 4කින් පරාජය කරමිනි. |
තරගයේ ජය පරාජය නිශ්චිතව කිව නොහැකි අවස්ථාවක අවසන් පන්දුවට පෙර පන්දුවට හය පහරක් එල්ල කළ ග්‍රාන්ට් එලියට් නවසීලන්තයට ජය අත්පත් කර දීමට සමත් විය. | තරගයේ ජය පරාජය නිශ්චිතව කිව නොහැකි අවස්ථාවක අවසන් පන්දුවට පෙර පන්දුවට 6 පහරක් එල්ල කළ ග්‍රාන්ට් එලියට් නවසීලන්තයට ජය අත්පත් කර දීමට සමත් විය. |
ඒ, පළමු අර්ධ අවසන් තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු හතරකින් පරාජය කරමිනි. | ඒ, පළමු අර්ධ අවසන් තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 4කින් පරාජය කරමිනි. |
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු වාර හතළිස් තුනකදී කඩුලු පහකට ලකුණු දෙසිය අසූ එකක් රැස් කළේ ය. | තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු වාර 43කදී කඩුලු 5කට ලකුණු 281ක් රැස් කළේ ය. |
තරගයේ තිස් අට වන පන්දු වාරය අවසානයේ ලකුණු දෙසිය දහසයක් ලබා ප්‍රබල ස්ථානයක පසුවූ දකුණු අප්‍රිකාවට ඉන්පසු ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් අවාසනාවන්ත තත්ත්වයකට පත්වීමට සිදුවිය. | තරගයේ 38 වන පන්දු වාරය අවසානයේ ලකුණු 216ක් ලබා ප්‍රබල ස්ථානයක පසුවූ දකුණු අප්‍රිකාවට ඉන්පසු ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් අවාසනාවන්ත තත්ත්වයකට පත්වීමට සිදුවිය. |
දකුණු අප්‍රිකාව වෙනුවෙන් ෆෆ් ඩු ප්ලෙසි ලකුණු අසූ දෙකක් රැස් කළ අතර නායක ඒබී ඩිවිලියර්ස් නොදැවී ලකුණු හැට පහක් රැස් කළේ ය. | දකුණු අප්‍රිකාව වෙනුවෙන් ෆෆ් ඩු ප්ලෙසි ලකුණු 82ක් රැස් කළ අතර නායක ඒබී ඩිවිලියර්ස් නොදැවී ලකුණු 65ක් රැස් කළේ ය. |
ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු දෙසිය අනූ අටක ජයග්‍රාහී ඉලක්කයක් නවසීලන්තයට හිමි විය. | ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 298ක ජයග්‍රාහී ඉලක්කයක් නවසීලන්තයට හිමි විය. |
එහිදී ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් මැකලම් පන්දු විසි හයකදී ලකුණු පනස් නවයක් රැස් කළේ ය. | එහිදී ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 26කදී ලකුණු 59ක් රැස් කළේ ය. |
කෝරි ඇන්ඩර්සන් ලකුණු පනස් අටක් රැස් කළ අතර ග්‍රාන්ට් එලියට් නොදැවී ලකුණු අසූ හතරක් රැස් කරමින් අවසන් පන්දු වාරයේ පහ වන පන්දුවේදී හය පහරක් එල්ල කරමින් නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය. | කෝරි ඇන්ඩර්සන් ලකුණු 58ක් රැස් කළ අතර ග්‍රාන්ට් එලියට් නොදැවී ලකුණු 84ක් රැස් කරමින් අවසන් පන්දු වාරයේ 5 වන පන්දුවේදී 6 පහරක් එල්ල කරමින් නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය. |
ඒ අනුව, පන්දු වාර 42.5කදී ලකුණු දෙසිය අනූ නවයක් රැස් කළ නවසීලන්තයට ජය හිමි විය. | ඒ අනුව, පන්දු වාර 42.5කදී ලකුණු 299ක් රැස් කළ නවසීලන්තයට ජය හිමි විය. |
ඒ, සචින් ටෙන්ඩුල්කාර් පිහිටවූ ක්‍රිකට් වාර්තා, වාර්තා කළ ශතක සහ එල්ල කළ හය පහර හේතුවෙනි. | ඒ, සචින් ටෙන්ඩුල්කාර් පිහිටවූ ක්‍රිකට් වාර්තා, වාර්තා කළ ශතක සහ එල්ල කළ 6 පහර හේතුවෙනි. |
එම හේතුව වන්නේ, මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් හතර ම පිළිබඳව නිවැරදිව පසුගිය පෙබරවාරි මාසයේදී අනාවැකි පළ කිරීම ය. | එම හේතුව වන්නේ, මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් 4 ම පිළිබඳව නිවැරදිව පසුගිය පෙබරවාරි මාසයේදී අනාවැකි පළ කිරීම ය. |
ටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා පහළොවකට හිමිකම් කී ඔස්ට්‍රේලියානු ටෙනිස් ශූරයෙකු බාල වයස්කාර දැරියන් පිරිසක් දූෂණය කළ බවට වූ චෝදනාවකට වරදකරු වී තිබේ. | ටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 15කට හිමිකම් කී ඔස්ට්‍රේලියානු ටෙනිස් ශූරයෙකු බාල වයස්කාර දැරියන් පිරිසක් දූෂණය කළ බවට වූ චෝදනාවකට වරදකරු වී තිබේ. |
එසේ වරදකරු වී ඇත්තේ, එක්දහස් නවසිය හැට – එක්දහස් නවසිය හැත්තෑව අතර කාලයේදී යුගල ශූරතා නවයක් සහ මිශ්‍ර යුගල ශූරතා හයක් දිනා ගත් බොබ් හෙවිට් නම් ඔස්ට්‍රේලියානු ටෙනිස් ශූරයා යි. | එසේ වරදකරු වී ඇත්තේ, 1960 – 1970 අතර කාලයේදී යුගල ශූරතා 9ක් සහ මිශ්‍ර යුගල ශූරතා 6ක් දිනා ගත් බොබ් හෙවිට් නම් ඔස්ට්‍රේලියානු ටෙනිස් ශූරයා යි. |
මේ වන විට හැත්තෑ පහ වන වියේ පසුවන බොබ් හෙවිට්ට එරෙහි නඩු විභාගය දකුණු අප්‍රිකානු අධිකරණයකදී පැවැත්විණි. | මේ වන විට 75 වන වියේ පසුවන බොබ් හෙවිට්ට එරෙහි නඩු විභාගය දකුණු අප්‍රිකානු අධිකරණයකදී පැවැත්විණි. |
මෙම සිද්ධිය සිදුව ඇත්තේ, ඔහු එක්දහස් නවසිය අසූව ත් එක්දහස් නවසිය අනූව ත් අතර කාලයේ දකුණු අප්‍රිකානු කාන්තා ටෙනිස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ සමයේදී ය. | මෙම සිද්ධිය සිදුව ඇත්තේ, ඔහු 1980 ත් 1990 ත් අතර කාලයේ දකුණු අප්‍රිකානු කාන්තා ටෙනිස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ සමයේදී ය. |
කොළඹ එස්.එස්.සී. පිටියේ පැවති පාසල් ක්‍රිකට් තරගය අතරතුර හටගත් ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා තිබේ. | කොළඹ එස්.එස්.සී. පිටියේ පැවති පාසල් ක්‍රිකට් තරගය අතරතුර හටගත් ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබේ. |
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය, හතළිහ වැනි මස්ටැන්ග් කුසලානය දිනා ගත්තේය. | ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය, 40 වැනි මස්ටැන්ග් කුසලානය දිනා ගත්තේය. |
ඒ, කොළඔ රාජකීය විද්‍යාලය සමඟ අද පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ලකුණු දහසය කින් ජය ගැනීමත් සමගිනි. | ඒ, කොළඔ රාජකීය විද්‍යාලය සමඟ අද පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ලකුණු 16 කින් ජය ගැනීමත් සමගිනි. |
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු හය ක් දැවී ලකුණු දෙසිය හැත්තෑ හත ක් රැස් කළේය. | ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 277 ක් රැස් කළේය. |
දනුෂ් පීරිස් ලකුණු හැට හතර ක් රැස් කළ අතර හරිත සමරසිංහ ලකුණු පනස් නවය ට කඩුලු දෙක ක් දවා ගත්තේය. | දනුෂ් පීරිස් ලකුණු 64 ක් රැස් කළ අතර හරිත සමරසිංහ ලකුණු 59 ට කඩුලු 2 ක් දවා ගත්තේය. |
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජකීය ක්‍රීඩකයින් පන්දුවාර පනහ අවසානයේ කඩුලු අට ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු දෙසිය හැට එක ක් පමණි. | පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජකීය ක්‍රීඩකයින් පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 261 ක් පමණි. |
ඒ, අද පාකිස්ථානය සමඟ පැවති තරගය කඩුලු හය කින් ජය ගැනීමත් සමගිනි. | ඒ, අද පාකිස්ථානය සමඟ පැවති තරගය කඩුලු 6 කින් ජය ගැනීමත් සමගිනි. |
තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර හතළිස් නවය යි පන්දු පහ ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව දෙසිය දහතුන කි. | තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 213 කි. |
මුළු ලකුණු විසි හතර ක් ව තිබියදී ආරම්භ ක පිතිකරුවන් යුගල ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් විය. | මුළු ලකුණු 24 ක් ව තිබියදී ආරම්භ ක පිතිකරුවන් යුගල ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් විය. |
තුන්වැනි කඩුල්ලට නායක මිශ්බාහ් උල් හක් හා හරිස් සොහේල් එක්ව ගොඩ නැගූ සබඳතාව ලකුණු හැත්තෑ තුන කි. | තුන්වැනි කඩුල්ලට නායක මිශ්බාහ් උල් හක් හා හරිස් සොහේල් එක්ව ගොඩ නැගූ සබඳතාව ලකුණු 73 කි. |
මිශ්බා උල්-හක් ලකුණු තිස් හතර කට දැවී ගිය අතර හරීස් සොහේල් රැස්කළ ලකුණු සංඛ්‍යාව හතළිස් එක කි. | මිශ්බා උල්-හක් ලකුණු 34 කට දැවී ගිය අතර හරීස් සොහේල් රැස්කළ ලකුණු සංඛ්‍යාව 41 කි. |
ජොස් හේසල්වුඩ් පන්දුවාර දහය දී ලකුණු තිස් පහ ට කඩුලු හතර ක් දවා ගැනීමට සමත් විය. | ජොස් හේසල්වුඩ් පන්දුවාර 10 දී ලකුණු 35 ට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය. |
පළමු කඩුල්ල ලෙස ඒරන් ෆින්ච් ලකුණු දෙකකට දැවී ගියේ ය. | පළමු කඩුල්ල ලෙස ඒරන් ෆින්ච් ලකුණු 2 කට දැවී ගියේ ය. |
ඩේවිඩ් වෝනර් ලකුණු විසි හතර කට දැවී ගිය අතර නායක මයිකල් ක්ලාක්ට රැස් කර ගැනීමට හැකි වු ලකුණු සංඛ්‍යාව අටකි. | ඩේවිඩ් වෝනර් ලකුණු 24 කට දැවී ගිය අතර නායක මයිකල් ක්ලාක්ට රැස් කර ගැනීමට හැකි වු ලකුණු සංඛ්‍යාව 8කි. |
එක්දින දිවියේ හයවැනි අර්ධ ශතකය වාර්තා කළ ස්ටීවන් ස්මිත් ලකුණු හැට පහ ක් රැස් කළේ ය. | එක්දින දිවියේ 6 වැනි අර්ධ ශතකය වාර්තා කළ ස්ටීවන් ස්මිත් ලකුණු 65 ක් රැස් කළේ ය. |
අනතුරුව නොදැවී පිටියේ ස්ථාවර වු ශේන් වොට්සන් ලකුණු හැට හතර ක් සහ ග්ලේන් මැක්වෙල් ලකුණු හතළිස් හතර ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය තෙක් මෙහෙය විය. | අනතුරුව නොදැවී පිටියේ ස්ථාවර වු ශේන් වොට්සන් ලකුණු 64 ක් සහ ග්ලේන් මැක්වෙල් ලකුණු 44 ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය තෙක් මෙහෙය විය. |
ඔස්ට්‍රේලියාව පන්දුවාර තිස් තුන යි පන්දු පහ ක් අවසානයේ කඩුලු හතර ක් පමණක් දැවී ලකුණු දෙසිය දහසය ක් ලබමින් තරගයේ ජය තහවුරු කර ගත්තේ ය. | ඔස්ට්‍රේලියාව පන්දුවාර 33 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 216 ක් ලබමින් තරගයේ ජය තහවුරු කර ගත්තේ ය. |
රෝහිත් ෂර්මා ලකුණු අනූවක් ලබා සිටියදී උඩ පන්දුවක් ලබා දුන්න ද, එම පන්දුව නිපන්දුවක් බවට ප්‍රධාන විනිසුරුවරයා තීන්දු කළේ ය. | රෝහිත් ෂර්මා ලකුණු 90ක් ලබා සිටියදී උඩ පන්දුවක් ලබා දුන්න ද, එම පන්දුව නිපන්දුවක් බවට ප්‍රධාන විනිසුරුවරයා තීන්දු කළේ ය. |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු හයකට ලකුණු තුන්සිය දෙකක් රැස් කළේ ය. | ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 6කට ලකුණු 302ක් රැස් කළේ ය. |
ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා ලකුණු එකසිය තිස් හතක් රැස් කළ අතර සුරේෂ් රයිනා ලකුණු හැට පහක් රැස් කළේ ය. | ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා ලකුණු 137ක් රැස් කළ අතර සුරේෂ් රයිනා ලකුණු 65ක් රැස් කළේ ය. |
ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කිරුළ දිනාගෙන අදට වසර දහනවයක් සපිරේ. | ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කිරුළ දිනාගෙන අදට වසර 19ක් සපිරේ. |
එක්දහස් නවසිය අනූ හය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ, මාර්තු දහහත වන දා ය. | 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ, මාර්තු 17 වන දා ය. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.