textual_format stringlengths 7 2.75k | numerical_format stringlengths 2 2.74k |
|---|---|
ඔස්ට්‍රේලියාව සමග පැවති අවසන් තරගයෙන් කඩුලු තුනක විශිෂ්ට ජයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වරට ලෝක ක්‍රිකට් කුසලානය හිමි කර ගැනීමට සමත් විය. | ඔස්ට්‍රේලියාව සමග පැවති අවසන් තරගයෙන් කඩුලු 3ක විශිෂ්ට ජයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වරට ලෝක ක්‍රිකට් කුසලානය හිමි කර ගැනීමට සමත් විය. |
එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු හතක් දැවී ලකුණු දෙසිය හතළිස් එකක් රැස් කළේ ය. | එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 241ක් රැස් කළේ ය. |
ඔස්ට්‍රේලියාව – හතෙන් දෙසිය හතළිස් එක | ඔස්ට්‍රේලියාව – 241/7 |
මාර්ක් ටේලර් – හැත්තෑ හතර | මාර්ක් ටේලර් – 74 |
රිකී පොන්ටිං – හතළිස් පහ | රිකී පොන්ටිං – 45 |
පන්දු යැවීම – අරවින්ද ද සිල්වා (හතළිස් දෙකෙන් තුන) | පන්දු යැවීම – අරවින්ද ද සිල්වා (3/42) |
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර හතළිස් හයයි ශත දෙකකදී කඩුලු තුනක් පමණක් දැවී ලකුණු දෙසිය හතළිස් පහක් රැස් කරමින් තරගයෙන් ජය හිමි කර ගත්තේ ය. | පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 46.2කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 245ක් රැස් කරමින් තරගයෙන් ජය හිමි කර ගත්තේ ය. |
ශ්‍රී ලංකාව – තුනෙන් දෙසිය හතළිස් පහ | ශ්‍රී ලංකාව – 245/3 |
අරවින්ද ද සිල්වා – එකසිය හත (නොදැවී) | අරවින්ද ද සිල්වා – 107 (නොදැවී) |
අසංක ගුරුසිංහ – හැට පහ | අසංක ගුරුසිංහ – 65 |
අර්ජුණ රණතුංග – හතළිස් හත (නොදැවී) | අර්ජුණ රණතුංග – 47 (නොදැවී) |
මෙම තරගයේ හොඳ ම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ, නොදැවී ලකුණු එකසිය හතක් සහ කඩුලු තුනක් බිඳ හෙළූ අරවින්ද ද සිල්වා ය. | මෙම තරගයේ හොඳ ම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ, නොදැවී ලකුණු 107ක් සහ කඩුලු 3ක් බිඳ හෙළූ අරවින්ද ද සිල්වා ය. |
මීට වසර දහනවයකට පෙර ශ්‍රී ලංකාවට අත් වූ එම ජයග්‍රහණය යළි ත් ළඟා කර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබී තිබේ. | මීට වසර 19කට පෙර ශ්‍රී ලංකාවට අත් වූ එම ජයග්‍රහණය යළි ත් ළඟා කර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබී තිබේ. |
දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ සාර්ථකව ඉනිම ගොඩ නගමින් සිටි කුමාර් සංගක්කාර ලකුණු හතළිස් පහක් ලබා සිටියදී දැවී ගියේ ය. | දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ සාර්ථකව ඉනිම ගොඩ නගමින් සිටි කුමාර් සංගක්කාර ලකුණු 45ක් ලබා සිටියදී දැවී ගියේ ය. |
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු නවයක් දැවී ලකුණු එකසිය විසි හතක් ලබා සිටී. | මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 127ක් ලබා සිටී. |
කුමාර් සංගක්කාර මෙම තරගයට පෙර අඛණ්ඩව ශතක හතරක් රැස් කර සිටියේ ය. | කුමාර් සංගක්කාර මෙම තරගයට පෙර අඛණ්ඩව ශතක 4ක් රැස් කර සිටියේ ය. |
දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු අටක් මේ වන විට බිඳ වැටී තිබේ. | දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 8ක් මේ වන විට බිඳ වැටී තිබේ. |
නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු දහනවයකට දැවී ගිය අතර තිසර පෙරේරා ලකුණු නොලබා දැවී ගියේ ය. | නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 19කට දැවී ගිය අතර තිසර පෙරේරා ලකුණු නොලබා දැවී ගියේ ය. |
මේ වන විට තරගයේ තිස් හතර වන පන්දු වාරය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු එකසිය දහසයක් ලබා සිටී. | මේ වන විට තරගයේ 34 වන පන්දු වාරය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 116ක් ලබා සිටී. |
කාසියේ වාසිය හිමි කර ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හතරක් බිඳ වැටී ලකුණු එකසිය දෙකක් රැස් කර සිටී. | කාසියේ වාසිය හිමි කර ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් බිඳ වැටී ලකුණු 102ක් රැස් කර සිටී. |
ලහිරු තිරිමාන්න (ලකුණු හතළිස් එක), කුසල් ජනිත් පෙරේරා (ලකුණු තුන) සහ තිලකරත්න ඩිල්ෂාන් (ලකුණු බිංදුව) ද දැවී ගියහ. | ලහිරු තිරිමාන්න (ලකුණු 41), කුසල් ජනිත් පෙරේරා (ලකුණු 3) සහ තිලකරත්න ඩිල්ෂාන් (ලකුණු 0) ද දැවී ගියහ. |
ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු හතරක් බිඳ වැටෙද්දී කුමාර් සංගක්කාර ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත වෙමින් සිටී. | ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක් බිඳ වැටෙද්දී කුමාර් සංගක්කාර ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත වෙමින් සිටී. |
ඔහු මේ වන විට පන්දු හැත්තෑ තුනකට මුහුණ දෙමින් රැස් කර ඇත්තේ, ලකුණු විසි හතක් පමණි. | ඔහු මේ වන විට පන්දු 73කට මුහුණ දෙමින් රැස් කර ඇත්තේ, ලකුණු 27ක් පමණි. |
ඒ සඳහා ඔහු එල්ල කළේ, එක් හතර පහරක් පමණි. | ඒ සඳහා ඔහු එල්ල කළේ, එක් 4 පහරක් පමණි. |
කාසියේ වාසිය හිමි කර ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හතරක් බිඳ වැටී ලකුණු අසූ එකක් රැස් කර සිටී. | කාසියේ වාසිය හිමි කර ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් බිඳ වැටී ලකුණු 81ක් රැස් කර සිටී. |
සිව් වන කඩුල්ල ලෙස මහේල ජයවර්ධන ලකුණු හතරකට දැවී ගියේ, ඉම්රාන් තහීර්ගේ පන්දුවක් හමුවේ ය. | සිව් වන කඩුල්ල ලෙස මහේල ජයවර්ධන ලකුණු 4කට දැවී ගියේ, ඉම්රාන් තහීර්ගේ පන්දුවක් හමුවේ ය. |
ඔහු පන්දු දහසයකට මුහුණ දුන්නේ ය. | ඔහු පන්දු 16කට මුහුණ දුන්නේ ය. |
ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ලකුණු තුනකට දැවී ගිය අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු නොලබා දැවී ගියේ ය. | ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ලකුණු 3කට දැවී ගිය අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු නොලබා දැවී ගියේ ය. |
ලහිරු තිරිමාන්න ලකුණු හතළිස් එකක් රැස් කර සිටියදී දැවී ගියේ ය. | ලහිරු තිරිමාන්න ලකුණු 41ක් රැස් කර සිටියදී දැවී ගියේ ය. |
කාසියේ වාසිය හිමි කර ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනක් බිඳ වැටී ලකුණු හැට නවයක් රැස් කර සිටී. | කාසියේ වාසිය හිමි කර ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් බිඳ වැටී ලකුණු 69ක් රැස් කර සිටී. |
ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ලකුණු තුනකට දැවී ගිය අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු නොලබා දැවී ගියේ ය. | ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ලකුණු 3කට දැවී ගිය අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු නොලබා දැවී ගියේ ය. |
ලහිරු තිරිමාන්න ලකුණු හතළිස් එකක් රැස් කර සිටියදී දැවී ගියේ ය. | ලහිරු තිරිමාන්න ලකුණු 41ක් රැස් කර සිටියදී දැවී ගියේ ය. |
එන්.සී.සී ක්‍රීඩා සමාජය නියෝජනය කරන තරිඳු කෞෂාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක් සඳහා සහබාගී වී ඇති අතර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව දෙක කි. | එන්.සී.සී ක්‍රීඩා සමාජය නියෝජනය කරන තරිඳු කෞෂාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක් සඳහා සහබාගී වී ඇති අතර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 2 කි. |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, අර්ධ අවසන් පූර්ව වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය සිඩ්නිහිදී මෙරට වේලාවෙන් අද පෙරවරු නවය ට ආරම්භ වීමට නියමිතයි. | ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, අර්ධ අවසන් පූර්ව වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය සිඩ්නිහිදී මෙරට වේලාවෙන් අද පෙරවරු 9 ට ආරම්භ වීමට නියමිතයි. |
තරගය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇනජලෝ මැතිව්ස් කියා සිටියේ, ලකුණු තුන්සිය සීමාව වැනි ඉහළ ලකුණු සංඛ්‍යාවක් කණ්ඩායමක් රැස් කිරීම පමණක් ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවන බව ය. | තරගය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇනජලෝ මැතිව්ස් කියා සිටියේ, ලකුණු 300 සීමාව වැනි ඉහළ ලකුණු සංඛ්‍යාවක් කණ්ඩායමක් රැස් කිරීම පමණක් ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවන බව ය. |
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව මේ වන විට එක්දින තරග පනස් නවය කට සහභාගී වී ඇති අතර ඉන් තරග විසි නවය ක් ජය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව ය. | ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව මේ වන විට එක්දින තරග 59 කට සහභාගී වී ඇති අතර ඉන් තරග 29 ක් ජය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව ය. |
ඔවුන් එක්දහස් නවසිය අනූ දෙක වසරේ පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමේ සිට මේ දක්වා පිළිමලුන් පිටුදැකීමේ (knockout) ක්‍රමය යටතේ කිසිදු තරගයක් ජයග්‍රහණය කර නොමැත. | ඔවුන් 1992 වසරේ පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමේ සිට මේ දක්වා පිළිමලුන් පිටුදැකීමේ (knockout) ක්‍රමය යටතේ කිසිදු තරගයක් ජයග්‍රහණය කර නොමැත. |
එක්දහස් නවසිය අනූ දෙක – අර්ධ අවසන් පූර්ව තරගයෙන් එංගලන්තයට පරාජය විය. | 1992 – අර්ධ අවසන් පූර්ව තරගයෙන් එංගලන්තයට පරාජය විය. |
එක්දහස් නවසිය අනූ හය – අර්ධ අවසන් පූර්ව තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට පරාජය විය. | 1996 – අර්ධ අවසන් පූර්ව තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට පරාජය විය. |
එක්දහස් නවසිය අනූ නවය – අර්ධ අවසන් වටයේදී ඔස්ට්‍රේලියාවට පරාජය විය. | 1999 – අර්ධ අවසන් වටයේදී ඔස්ට්‍රේලියාවට පරාජය විය. |
දෙදහස් තුන – පළමු වටයෙන් ම ශ්‍රී ලංකාවට පරාජය විය. | 2003 – පළමු වටයෙන් ම ශ්‍රී ලංකාවට පරාජය විය. |
දෙදහස් හත – අර්ධ අවසන් වටයේදී ඔස්ට්‍රේලියාවට පරාජය විය. | 2007 – අර්ධ අවසන් වටයේදී ඔස්ට්‍රේලියාවට පරාජය විය. |
දෙදහස් එකොළහ – අර්ධ අවසන් පූර්ව වටයේදී නවසීලන්තයට පරාජය විය. | 2011 – අර්ධ අවසන් පූර්ව වටයේදී නවසීලන්තයට පරාජය විය. |
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායම එක්දහස් නවසිය අනූ හය වසරේ එනම් අදින් වසර දහනවයකට පෙර ලෝක කුසලානය දිනා ගත් අතර දෙදහස් හත සහ දෙදහස් එකොළහ වසරවල අනුශූරතාව හිමි කරගෙන තිබේ. | කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායම 1996 වසරේ එනම් අදින් වසර 19කට පෙර ලෝක කුසලානය දිනා ගත් අතර 2007 සහ 2011 වසරවල අනුශූරතාව හිමි කරගෙන තිබේ. |
මේ වන විට අවසන් ජයග්‍රාහී කණ්ඩායම් අට අතරට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය. | මේ වන විට අවසන් ජයග්‍රාහී කණ්ඩායම් 8 අතරට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය. |
තරගාවලියේ මූලික වටය අවසන් කරමින් අද අලුයම ආරම්භ වූ තරගයෙන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරදවා කොදවේ කණ්ඩායම කඩුලු හයක පහසු ජයක් වාර්තා කළේ ය. | තරගාවලියේ මූලික වටය අවසන් කරමින් අද අලුයම ආරම්භ වූ තරගයෙන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරදවා කොදවේ කණ්ඩායම කඩුලු 6ක පහසු ජයක් වාර්තා කළේ ය. |
මේ අතර පකිස්තානය, අයර්ලන්තය පරදවා අද ජය ගත්තේ කඩුලු තුනකිනි. | මේ අතර පකිස්තානය, අයර්ලන්තය පරදවා අද ජය ගත්තේ කඩුලු 3කිනි. |
එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පනහ තුළ සියලු දෙනාම දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව දෙසිය තිස් හතකි. | එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ සියලු දෙනාම දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 237කි. |
ඔවුන් වෙනුවෙන් නායක විලියම් පෝට්ෆීල්ඩ් ලකුණු එකසිය හතක් රැස්කළේ ය. | ඔවුන් වෙනුවෙන් නායක විලියම් පෝට්ෆීල්ඩ් ලකුණු 107ක් රැස්කළේ ය. |
පිළිතුරු පකිස්තාන ඉනිමේ පළමු කඩුල්ලට අහමඩ් ශෙසාඩ් හා ශෆ්රාස් අහමඩ් ලකුණු එකසිය විස්සක සබඳතාවක් ගොඩනැගූහ. | පිළිතුරු පකිස්තාන ඉනිමේ පළමු කඩුල්ලට අහමඩ් ශෙසාඩ් හා ශෆ්රාස් අහමඩ් ලකුණු 120ක සබඳතාවක් ගොඩනැගූහ. |
අහමඩ් ශෙසාඩ් ලකුණු හැට තුන ක් ලබා ගැනීමට සමත් විය. | අහමඩ් ශෙසාඩ් ලකුණු 63 ක් ලබා ගැනීමට සමත් විය. |
ශෆ්රාස් අහමඩ් එක්දින දිවියේ මංගල ශතකය අද වාර්තා කරමින් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව ලකුණු එකසිය එක කි. | ශෆ්රාස් අහමඩ් එක්දින දිවියේ මංගල ශතකය අද වාර්තා කරමින් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව ලකුණු 101 කි. |
තරගය අවසන් වීමට පන්දු විසි තුනක් තිබියදී ඔවුන් කඩුලු තුනක් පමණක් දැවී නියමිත ඉලක්කය පසුකරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ. | තරගය අවසන් වීමට පන්දු 23ක් තිබියදී ඔවුන් කඩුලු 3ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසුකරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ. |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමග පැවති තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කඩුලු හයක පහසු ජයක් හිමිවිය. | ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමග පැවති තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කඩුලු 6ක පහසු ජයක් හිමිවිය. |
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමීර් කණ්ඩායමට පන්දුවාර හතළිස් හතයි පන්දු හතරකදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු එකසිය හැත්තෑ පහක් පමණි. | ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමීර් කණ්ඩායමට පන්දුවාර 47යි පන්දු 4කදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 175ක් පමණි. |
නසීර් අසිස් ලකුණු හැටක් ලබාගත් අතර අම්ජඩ් ජාවේඩ් ලකුණු පනස් හයක් ලබා ගත්තේය. | නසීර් අසිස් ලකුණු 60ක් ලබාගත් අතර අම්ජඩ් ජාවේඩ් ලකුණු 56ක් ලබා ගත්තේය. |
ජේසන් හෝල්ඩර් ලකුණු විසි හතකට කඩුලු හතරක් දවා ගැනීමට සමත් විය. | ජේසන් හෝල්ඩර් ලකුණු 27කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. |
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර තිහයි පන්දු තුනක් අවසානයේදී කඩුලු හතරක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරිමට සමත් විය. | පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 30යි පන්දු 3ක් අවසානයේදී කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරිමට සමත් විය. |
ජොන්සන් චාර්ල්ස් ලකුණු පනස් පහක් ලබා ගත්තේය. | ජොන්සන් චාර්ල්ස් ලකුණු 55ක් ලබා ගත්තේය. |
ජොනතන් කාර්ටර් නොදැවී ලකුණු පනහක් ලබා ගැනිමට සමත් විය. | ජොනතන් කාර්ටර් නොදැවී ලකුණු 50ක් ලබා ගැනිමට සමත් විය. |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු හතක පහසු ජයක් හිමිවිය. | ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 7ක පහසු ජයක් හිමිවිය. |
ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ තුනවන ස්ථානයයි. | ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 3වන ස්ථානයයි. |
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්තයේ සියලු ක්‍රීඩකයින් පන්දුවාර විසි පහයි පන්දු හතරක් අවසානයේදී ලකුණු එකසිය තිහකට දැවි ගියේය. | ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්තයේ සියලු ක්‍රීඩකයින් පන්දුවාර 25යි පන්දු 4ක් අවසානයේදී ලකුණු 130කට දැවි ගියේය. |
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර පහළොවයි පන්දු දෙකක් අවසානයේදී කඩුලු තුනක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය. | පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 15යි පන්දු 2ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය. |
කොළඹ, එස්.එස්.සී. පිටියේ පැවති තරගය, වර්ෂාව හේතුවෙන් නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි රාජකීය ක්‍රීඩකයින් එක් කඩුල්ලක් දැවී ලකුණු දහනවය ක් රැස් කර ගෙන සිටියේය. | කොළඹ, එස්.එස්.සී. පිටියේ පැවති තරගය, වර්ෂාව හේතුවෙන් නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි රාජකීය ක්‍රීඩකයින් එක් කඩුල්ලක් දැවී ලකුණු 19 ක් රැස් කර ගෙන සිටියේය. |
එකසිය තිස් හයවැනි නිල් මහ සටනේ තුන් වැනි දිනය වු අද පළමු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත තෝමස් කණ්ඩායම පළමු ඉනිමට කඩුලු හත ක් දැවී ලකුණු දෙසිය හැත්තෑව ක් රැස් කර ගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. | 136 වැනි නිල් මහ සටනේ තුන් වැනි දිනය වු අද පළමු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත තෝමස් කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 7 ක් දැවී ලකුණු 270 ක් රැස් කර ගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. |
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රවිඳු කොඩිතුවක්කු ලකුණු අනූ පහ කට දැවී ගියේය. | ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රවිඳු කොඩිතුවක්කු ලකුණු 95 කට දැවී ගියේය. |
නිපුන් ගමගේ ලකුණු හතළිස් අට ක් ලබා ගත්තේය. | නිපුන් ගමගේ ලකුණු 48 ක් ලබා ගත්තේය. |
ඒ, පළමු ඉනිමේදී රාජකීය කණ්ඩායම රැස් කළ ලකුණු එකසිය අනූ නවය ට පිළිතුරු වශයෙනි. | ඒ, පළමු ඉනිමේදී රාජකීය කණ්ඩායම රැස් කළ ලකුණු 199 ට පිළිතුරු වශයෙනි. |
තරගයේ අටවැනි පන්දුවාරයේදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනු ලැබිණි. | තරගයේ 8 වැනි පන්දුවාරයේදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනු ලැබිණි. |
වර්ෂාව හේතුවෙන් අද තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශාන්ත තෝමස් කණ්ඩායම පන්දුවාර හැට හය යි පන්දු තුන ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව එකසිය අසූ දෙක කි. | වර්ෂාව හේතුවෙන් අද තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශාන්ත තෝමස් කණ්ඩායම පන්දුවාර 66 යි පන්දු 3 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 182 කි. |
එකසිය තිස් හය වන නිල් මහා සටනේ දෙවන දිනය අද ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශාන්ත තෝමස් කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු පනහ ක් රැස් කර ගෙන සිටියේ ය. | 136 වන නිල් මහා සටනේ දෙවන දිනය අද ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශාන්ත තෝමස් කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 50 ක් රැස් කර ගෙන සිටියේ ය. |
අද දිනයේ පළමු කඩුල්ල ලෙස යොහාන් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු පනස් එක කට ය. | අද දිනයේ පළමු කඩුල්ල ලෙස යොහාන් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 51 කට ය. |
තරගයේ හැට හය වන පන්දුවාරයේදී වර්ෂාව හේතුවෙන් තරගය නරත කිරීමට සිදු විය. | තරගයේ 66 වන පන්දුවාරයේදී වර්ෂාව හේතුවෙන් තරගය නරත කිරීමට සිදු විය. |
නොදැවී කඩුල්ලේ රැඳී සිටින රවිඳු කොඩිතුවක්කු ලකුණු අසූ අට ක් සහ නිපුන් ගමගේ ලකුණු විසි හය ක් රැස් කර ගෙන සිටියේ ය. | නොදැවී කඩුල්ලේ රැඳී සිටින රවිඳු කොඩිතුවක්කු ලකුණු 88 ක් සහ නිපුන් ගමගේ ලකුණු 26 ක් රැස් කර ගෙන සිටියේ ය. |
තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ රාජකීය විද්‍යාලයේ සියලු ක්‍රීඩකයෝ ලකුණු එකසිය අනූ නවය කට දැවී ගියහ. | තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ රාජකීය විද්‍යාලයේ සියලු ක්‍රීඩකයෝ ලකුණු 199 කට දැවී ගියහ. |
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජකීයයන් රැස් කළ ලකුණු එකසිය අනූ නවයට පිළිතුරු ලෙස අද දිනය අවසන් වන විට ශාන්ත තෝමස් කණ්ඩායම කිසිවෙකු නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව පනහකි. | තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජකීයයන් රැස් කළ ලකුණු 199ට පිළිතුරු ලෙස අද දිනය අවසන් වන විට ශාන්ත තෝමස් කණ්ඩායම කිසිවෙකු නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 50කි. |
එකසිය තිස් හයවැනි නිල් මහ සටනට රාජකීය කණ්ඩායම මෙහෙයවන්නේ හරිත් සමරසිංහයි. | 136 වැනි නිල් මහ සටනට රාජකීය කණ්ඩායම මෙහෙයවන්නේ හරිත් සමරසිංහයි. |
කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් රාජකීය කණ්ඩායමේ පළමු කඩුලු හතර බිඳ වැටුණේ ලකුණු හැත්තෑ හතකදීයි. | කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් රාජකීය කණ්ඩායමේ පළමු කඩුලු 4 බිඳ වැටුණේ ලකුණු 77කදීයි. |
චාමික කරුණාරත්න ලකුණු පනස් හතක් රැස් කළේය. | චාමික කරුණාරත්න ලකුණු 57ක් රැස් කළේය. |
හතර පහර අටක් සහ හය පහර දෙකක් ඊට ඇතුළත්. | 4 පහර 8ක් සහ 6 පහර 2ක් ඊට ඇතුළත්. |
සචිත්‍ර ජයතිලක පන්දුවාර දහහතකදී ලකුණු විසි හතකට කඩුලු තුනක් දවා ගත්තේය. | සචිත්‍ර ජයතිලක පන්දුවාර 17කදී ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත්තේය. |
පන්දුවාර හැත්තෑ හතරයි පන්දු පහක් අවසානයේ රාජකීයයන් පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් ලකුණු සංඛ්‍යාව එකසිය අනූ නවයකි. | පන්දුවාර 74යි පන්දු 5ක් අවසානයේ රාජකීයයන් පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් ලකුණු සංඛ්‍යාව 199කි. |
සිය පළමු ඉනිම සඳහා පිටියට පිවිසි ශාන්ත තෝමස් ආරම්භක පිතිකරුවන් වන යොහාන් මෙන්ඩිස් සහ රවිඳු කොඩිතුවක්කු ලකුණු පනහක නොබිඳුනු සබදතාවක් ගොඩනැගුවේය. | සිය පළමු ඉනිම සඳහා පිටියට පිවිසි ශාන්ත තෝමස් ආරම්භක පිතිකරුවන් වන යොහාන් මෙන්ඩිස් සහ රවිඳු කොඩිතුවක්කු ලකුණු 50ක නොබිඳුනු සබදතාවක් ගොඩනැගුවේය. |
ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් පන්දු වාර විස්ස ක්‍රිකට් තරගාවලියේ කළමනාකරු ඇන්තනි එව්රාඩ් පවසන්නේ, සෑම කණ්ඩායමක ම කළමනාකරුවන් කුමාර් සංගක්කාර මිල දී ගැනීම සඳහා කැමැත්තෙන් පසුවන බව ය. | ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේ කළමනාකරු ඇන්තනි එව්රාඩ් පවසන්නේ, සෑම කණ්ඩායමක ම කළමනාකරුවන් කුමාර් සංගක්කාර මිල දී ගැනීම සඳහා කැමැත්තෙන් පසුවන බව ය. |
කුමාර් සංගක්කාර මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා බවට පත් වෙමින් අඛණ්ඩව ශතක හතරක් රැස් කරමින් ලෝක වාර්තාවක් ද පිහිටුවා තිබේ. | කුමාර් සංගක්කාර මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා බවට පත් වෙමින් අඛණ්ඩව ශතක 4ක් රැස් කරමින් ලෝක වාර්තාවක් ද පිහිටුවා තිබේ. |
අද සිය තිස් හය වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූ කුමාර් සංගක්කාර කඩුලු පනස් හතරක් දවා ගැනීම සඳහා දායක වී තිබේ. | අද සිය 36 වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූ කුමාර් සංගක්කාර කඩුලු 54ක් දවා ගැනීම සඳහා දායක වී තිබේ. |
ඒ, උඩ පන්දු හතළිස් එකක් රැක ගනිමින් සහ ස්ටම්ප් (Stump) කිරීම් දහතුනකට දායක වෙමිනි. | ඒ, උඩ පන්දු 41ක් රැක ගනිමින් සහ ස්ටම්ප් (Stump) කිරීම් 13කට දායක වෙමිනි. |
දහනවය හැවිරිදි නස්මින් හැපි නමැති අදාළ නිළිය එරට අධිකරණයක ගොනු කළ නඩුවකින් චෝදනා කර තිබුණේ, තමන් සමග විවාහ වන බවට පොරොන්දු වෙමින් රුබෙල් හොසේන් තමන් ව දූෂණය කළ බවයි. | 19 හැවිරිදි නස්මින් හැපි නමැති අදාළ නිළිය එරට අධිකරණයක ගොනු කළ නඩුවකින් චෝදනා කර තිබුණේ, තමන් සමග විවාහ වන බවට පොරොන්දු වෙමින් රුබෙල් හොසේන් තමන් ව දූෂණය කළ බවයි. |
මෙම තරගාවලිය පුරා විශිෂ්ට දක්ෂතා දැක්වූ රුබෙල් හොසේන් එංගලන්තයට එරෙහිව කඩුලු හතරක් බිඳ හෙළීමට සමත් විය. | මෙම තරගාවලිය පුරා විශිෂ්ට දක්ෂතා දැක්වූ රුබෙල් හොසේන් එංගලන්තයට එරෙහිව කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් විය. |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග පැවැත්වෙන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර පනහ තුළදී කඩුලු නවයකට ලකුණු තුන්සිය හැට තුනක් රැස් කළේ ය. | ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග පැවැත්වෙන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළදී කඩුලු 9කට ලකුණු 363ක් රැස් කළේ ය. |
එහිදී, අඛණ්ඩව හතර වන ශතකය ද වාර්තා කළ කුමාර් සංගක්කාර ලකුණු එකසිය විසි හතරක් රැස් කළේ, පන්දු අනූ පහකදී ය. | එහිදී, අඛණ්ඩව 4 වන ශතකය ද වාර්තා කළ කුමාර් සංගක්කාර ලකුණු 124ක් රැස් කළේ, පන්දු 95කදී ය. |
තිලකරත්න ඩිල්ෂාන් පන්දු අනූ නවයකදී ලකුණු එකසිය හතරක් රැස් කළේ ය. | තිලකරත්න ඩිල්ෂාන් පන්දු 99කදී ලකුණු 104ක් රැස් කළේ ය. |
නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු විසි එකකදී ලකුණු පනස් එකක් රැස් කරමින් ලෝක කුසලාන තරගාවලියක දෙවන වේගවත් ම අර්ධ ශතකය වාර්තා කළේ ය. | නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 21කදී ලකුණු 51ක් රැස් කරමින් ලෝක කුසලාන තරගාවලියක දෙවන වේගවත් ම අර්ධ ශතකය වාර්තා කළේ ය. |
සිය දෙවන එක්දින තරගයට සහභාගි වෙමින් ජාත්‍යන්තර එක්දින තරගයක පළමු වරට පන්දුවට පහර දුන් දුෂ්මන්ත චමීර පන්දු නවයකට මුහුණ දෙමින් නොදැවී ලකුණු දොළහක් රැස් කිරීමට සමත් විය. | සිය දෙවන එක්දින තරගයට සහභාගි වෙමින් ජාත්‍යන්තර එක්දින තරගයක පළමු වරට පන්දුවට පහර දුන් දුෂ්මන්ත චමීර පන්දු 9කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 12ක් රැස් කිරීමට සමත් විය. |
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අඛණ්ඩව ශතක හතරක් රැස් කළ පළමු පිතිකරු බවට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර අද පත් විය. | එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අඛණ්ඩව ශතක 4ක් රැස් කළ පළමු පිතිකරු බවට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර අද පත් විය. |
මීට පෙර එක්දින තරගවලදී අඛණ්ඩව ශතක තුන බැගින් රැස් කළ ක්‍රීඩකයින් හත දෙනෙක් වූහ. | මීට පෙර එක්දින තරගවලදී අඛණ්ඩව ශතක 3 බැගින් රැස් කළ ක්‍රීඩකයින් 7 දෙනෙක් වූහ. |
ඔහු මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරග හයන් හතරකදී ම ශතක වාර්තා කළේ ය. | ඔහු මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරග 6න් 4කදී ම ශතක වාර්තා කළේ ය. |
බංග්ලාදේශයට එරෙහිව – එකසිය පහ නොදැවී | බංග්ලාදේශයට එරෙහිව – 105 නොදැවී |
එංගලන්තයට එරෙහිව – එකසිය දහහත නොදැවී | එංගලන්තයට එරෙහිව – 117 නොදැවී |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.