textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
එදා අමු හිගන්නා එක දෙක තුන
එදා අමු හිගන්නා 1 2 3
එකම දාන එක තාම හොද. හතර තුන පහ වෙනකන් විතරක් කොහොමද
එකම දාන එක තාම හොද. 4.3.5 වෙනකන් විතරක් කොහොමද
යෝජිත බෝගහපිටිය අභයභූමිය සබරගමුව හා ඌව පළාත් දෙකට අයත් රත්නපුර, බදුල්ල හා මොණරාගල දිස්ත‍්‍රික්ක තුනෙහි බලංගොඩ, ඉඹුල්පේ, හල්දුම්මුල්ල හා තණමල්විල යන ප‍්‍රාදේශික ලේකම් කොට්ඨාස හතරෙහි ග‍්‍රාම නිලධාරි වසම් විසි අට ක් පුරා ව්‍යාප්ත ව තිබේ.
යෝජිත බෝගහපිටිය අභයභූමිය සබරගමුව හා ඌව පළාත් දෙකට අයත් රත්නපුර, බදුල්ල හා මොණරාගල දිස්ත‍්‍රික්ක තුනෙහි බලංගොඩ, ඉඹුල්පේ, හල්දුම්මුල්ල හා තණමල්විල යන ප‍්‍රාදේශික ලේකම් කොට්ඨාස හතරෙහි ග‍්‍රාම නිලධාරි වසම් 28 ක් පුරා ව්‍යාප්ත ව තිබේ.
අද මේ පාසල වසර දහයට පා තබනවා.
අද මේ පාසල වසර 10ට පා තබනවා.
අරයට දෙවෙනි මනමාලියෝ හතරක් හිටියා, ඒ නිසා මම පහ ක් ගන්නවා.
අරයට දෙවෙනි මනමාලියෝ 4ක් හිටියා, ඒ නිසා මම 5 ක් ගන්නවා.
සම්මත කරගත් යෝජනා ක්‍රියාත්මක කල යුතුය - බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා (දෙසිය පනස් දෙක)
සම්මත කරගත් යෝජනා ක්‍රියාත්මක කල යුතුය - බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා (252)
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු හතළිහ ක බ්‍රිතාන්‍ය පදිංචිව සිටි මුස්ලිම් ජාතිකයෙක්.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 40 ක බ්‍රිතාන්‍ය පදිංචිව සිටි මුස්ලිම් ජාතිකයෙක්.
කණ්ඩායමේ පිරිසකට පොලීසියෙන් වෙඩි ප්‍රහාරයක් ! (දෙසිය විසි හතර)
කණ්ඩායමේ පිරිසකට පොලීසියෙන් වෙඩි ප්‍රහාරයක් ! (224)
මධ්‍යම පළාත - ඕවර හතළිස් දෙකයි දශම පහ කදී සියලුදෙනා දැවී ලකුණු එකසිය පනහ
මධ්‍යම පළාත - ඕවර 42.5 කදී සියලුදෙනා දැවී ලකුණු 150
මේ ඡන්දයේ දී සියයට හැට හෝ උපරිම සියයට හැට පහයි ඡන්ද ප්‍රකාශ වෙන්නේ.
මේ ඡන්දයේ දී 60% හෝ උපරිම 65% යි ඡන්ද ප්‍රකාශ වෙන්නේ.
අනගාරික ධර්මපාලතුමා එක්දහස් අටසිය තිස් එක දී කළ ප්‍රකාශයකි.
අනගාරික ධර්මපාලතුමා 1831 දී කළ ප්‍රකාශයකි.
එච්. අයි. වී. ආසාදිතයන් බහුලව වාර්තාවන දෙවැනි පළාත හැටියට පසුගිය සමයේ වයඹ පළාත නම්කර තිබුණා.දැන් ඒ තත්ත්වය වෙනස්‌ වුණත් දැනට හඳුනාගත් එච්. අයි. වී ආසාදිතයන් දෙදහස් හයසිය කට අධික පිරිසක්‌ සිටිනවා.
HIV ආසාදිතයන් බහුලව වාර්තාවන 2 වැනි පළාත හැටියට පසුගිය සමයේ වයඹ පළාත නම්කර තිබුණා.දැන් ඒ තත්ත්වය වෙනස්‌ වුණත් දැනට හඳුනාගත් H.I.V. ආසාදිතයන් 2600 කට අධික පිරිසක්‌ සිටිනවා.
සෙමින් එතැනින් නැඟිටගත් මම ඇඳ තුන වෙතට පියමැන්නෙමි.
සෙමින් එතැනින් නැඟිටගත් මම ඇඳ 3 වෙතට පියමැන්නෙමි.
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය අත්සන් කරයි විසි එක වන සියවසේ මහා බුද්ධිමතා මෙලොව හැර යයි.
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය අත්සන් කරයි 21 වන සියවසේ මහා බුද්ධිමතා මෙලොව හැර යයි.
හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය දහසය වැනි දින පෙරවරු
හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය 16 වැනි දින පෙරවරු
පස්වරු පහයි මිනිත්තු විස්සයි, පුත්තලම, ජංගම දුරකථන රුපියල් දහතුන් දහස
පව 5:20, පුත්තලම, ජංගම දුරකථන රු 13,000
අද කතාව තරමක් දුරට වෙනස් වී රුවිනි නම් වූ ඇය හසුවන ගැටළුව දැනගැනීමටත් ඇයට හමුවූ පත්තරයට සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමටත් “කැළේ පිපුනු මලක් – හය″ මගින් ඔබට පුළුවන් වනවා ඇත.
අද කතාව තරමක් දුරට වෙනස් වී රුවිනි නම් වූ ඇය හසුවන ගැටළුව දැනගැනීමටත් ඇයට හමුවූ පත්තරයට සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමටත් “කැළේ පිපුනු මලක් – 6″ මගින් ඔබට පුළුවන් වනවා ඇත.
දෙදහස් දහසය දෙසැම්බර් මස අට දවල් තුනයි විසි එකයි තත්පර පහළවයි.
2016 දෙසැම්බර් මස 08 15:21:15
දෙවෙනියට දෙවෙනි ඉනිම බලනවා පැය විසි හතරක් අතුලත මේ වෙද්දී හැත්තෑ දහසක් විතර.
දෙවෙනියට දෙවෙනි ඉනිම බලනවා පැය 24ක් අතුලත මේ වෙද්දී 70,000ක් විතර.
එම විද්‍යා අංශයේ හතළිස් එක් වැනියා මෙවර හැත්තෑ එක් වැනියා වෙලා.
එම විද්‍යා අංශයේ 41 වැනියා මෙවර 71 වැනියා වෙලා.
ඒ අනුව සියයට දොළහයි දශම පහකින් බස් ගාස්තු ඉහළ නංවා ඇති අතර නව සංශෝධනයට අනුව අවම බස් ගාස්තුව රුපියල් දොළහකි.
ඒ අනුව සියයට 12.5කින් බස් ගාස්තු ඉහළ නංවා ඇති අතර නව සංශෝධනයට අනුව අවම බස් ගාස්තුව රුපියල් 12කි.
ශ්‍රී ලංකා දහනවයන් පහළ කණ්ඩායමත් දකුණු අප්‍රිකා තරගාවලියක
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමත් දකුණු අප්‍රිකා තරගාවලියක
තිස් දෙක හැවිරිදි පෙම්වතා හත වසරේ පෙම්වතියට කළ අහස පොළොව නුහුලන අපරාධය
32 හැවිරිදි පෙම්වතා 7 වසරේ පෙම්වතියට කළ අහස පොළොව නුහුලන අපරාධය
දැන් අවුරුදු විස්ස කට කලින්නෙ බං.
දැන් අවුරුදු 20 කට කලින්නෙ බං.
කොහොම කොහොම හරි ඒක ඇදිල ඇදිල ගිහින් හරියටම යන්න සෙට් උනේ ගිය දහඅට වෙනිදට.
කොහොම කොහොම හරි ඒක ඇදිල ඇදිල ගිහින් හරියටම යන්න සෙට් උනේ ගිය 18 වෙනිදට.
විදේශ විනිමය වෙළෙඳපොළ, නිව් යෝර්ක් කොටස් හුවමාරුව, ටෝකියෝ කොටස් හුවමාරුව සහ ලන්ඩන් කොටස් හුවමාරුව සඳහා සාමාන්‍ය දෛනික වෙළඳ පරිමාවේ ප්‍රස්තාරය බලන්න: මුදල් වෙළඳපොල දෙසීය ගුණයකින් විශාලයි!
විදේශ විනිමය වෙළෙඳපොළ, නිව් යෝර්ක් කොටස් හුවමාරුව, ටෝකියෝ කොටස් හුවමාරුව සහ ලන්ඩන් කොටස් හුවමාරුව සඳහා සාමාන්‍ය දෛනික වෙළඳ පරිමාවේ ප්‍රස්තාරය බලන්න: මුදල් වෙළඳපොල 200 ගුණයකින් විශාලයි!
අපිත් අවුරුදු හත-අටක ඉඳන් සෙට්වෙන place එක...
අපිත් අවුරුදු 7-8ක ඉඳන් සෙට්වෙන place එක...
ඔක්තෝබර් තිස් එක රාත්‍රි හතයි කාල ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු එම වෙඩි වරුසාව තබා පලා ගොස් තිබිණි.
ඔක්තෝබර් 31 රාත්‍රි 7.15ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු එම වෙඩි වරුසාව තබා පලා ගොස් තිබිණි.
මහියංගනය සේනානිගම ප්‍රදේශයේදී උදැල්ලකින් පහර දී පනස් දෙක හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මහියංගනය සේනානිගම ප්‍රදේශයේදී උදැල්ලකින් පහර දී 52 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
එඬරු ඇට කෑ සිසුන් එකොළහක් රෝහලට
එඬරු ඇට කෑ සිසුන් 11ක් රෝහලට
කලාව, ආදරය, සුන්දරත්වය, පවිත්‍රත්වය, අනුරාගය යන මේ සියල්ලෙහි තේරුම මට මානුෂිකව ඉතාම ලිහිල් බසින් වටහා දුන්නේ මේ කම්කරුවායි” (පිටුව විසි දෙක)
කලාව, ආදරය, සුන්දරත්වය, පවිත්‍රත්වය, අනුරාගය යන මේ සියල්ලෙහි තේරුම මට මානුෂිකව ඉතාම ලිහිල් බසින් වටහා දුන්නේ මේ කම්කරුවායි” (පිටුව 22)
වර්ෂ එක්දහස් නවසිය හැත්තෑ හත දී රොසලින් කාටර් විසින් පළමු වරට ඇගේ පෞද්ගලික කාර්යාල නැගෙනහිර කොටසේ පිහිටුවා එය ජනාධිපති ආර්යාවගේ කාර්යාලය වශයෙන් නම් කරන ලදී.
වර්ෂ 1977 දී රොසලින් කාටර් විසින් පළමු වරට ඇගේ පෞද්ගලික කාර්යාල නැගෙනහිර කොටසේ පිහිටුවා එය ජනාධිපති ආර්යාවගේ කාර්යාලය වශයෙන් නම් කරන ලදී.
අමාත්‍ය සරත් ෆොන්සේකාට සිය අමාත්‍ය පදවියෙන් ඉවත්වී යුද හමුදාපති ධුරය හෝ ආරක්ෂක ප්‍රධානී තනතුර බාරගෙන "රට තුළ විනය ඇතිකරන" ලෙස ජනාධිපතිවරයා ඊයේ (අප්‍රේල් විසි පහ) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලීමක් කළ බව රජයේ ප්‍රකාශක ආමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
අමාත්‍ය සරත් ෆොන්සේකාට සිය අමාත්‍ය පදවියෙන් ඉවත්වී යුද හමුදාපති ධුරය හෝ ආරක්ෂක ප්‍රධානී තනතුර බාරගෙන "රට තුළ විනය ඇතිකරන" ලෙස ජනාධිපතිවරයා ඊයේ (අප්‍රේල් 25) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලීමක් කළ බව රජයේ ප්‍රකාශක ආමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් බෙදා හරින ඉන්ධන කොළඹ පිරවුම්හල්වල ඩීසල් හා පෙට්‍රල් විකුණන මිලට වඩා ශත පනහ ක් හැට ක් වැඩියෙන් පිට පළාත්වලදී ඩීසල් හා පෙට්‍රල් විකිණීම සිදු වන අතර හෙට(එක) සිට මෙම ක්‍රමය වෙනස් කරමින් ලංකාව පුරා ඇති සංස්ථාවට අයත් පිරවුම් හල්වල එකම මිළක් යටතේ විකිණීම සිදු කිරීමට තීරණය කර ඇත.
මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් බෙදා හරින ඉන්ධන කොළඹ පිරවුම්හල්වල ඩීසල් හා පෙට්‍රල් විකුණන මිලට වඩා ශත 50 ක් 60 ක් වැඩියෙන් පිට පළාත්වලදී ඩීසල් හා පෙට්‍රල් විකිණීම සිදු වන අතර හෙට(01) සිට මෙම ක්‍රමය වෙනස් කරමින් ලංකාව පුරා ඇති සංස්ථාවට අයත් පිරවුම් හල්වල එකම මිළක් යටතේ විකිණීම සිදු කිරීමට තීරණය කර ඇත.
තහනම් ගහේ ගෙඩි කෑ ගමනේ අවසන් පැය විසි හතර දී වර්ණපුරලා ගහපු ගේම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුළ බිහි වූ චරිත ගණනාවකි.
තහනම් ගහේ ගෙඩි කෑ ගමනේ අවසන් පැය 24 දී වර්ණපුරලා ගහපු ගේම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුළ බිහි වූ චරිත ගණනාවකි.
මං මීට කලිං වෙනත් site එකක භයංකාර රාත්‍රියක් කියලා ලිපි පෙලක් (පෙලක් කිව්වට ලිපි තුන යි) ලිව්වට ඒවා බොහොමයක් අය දකින්න නැතුව ඇති.
මං මීට කලිං වෙනත් site එකක භයංකාර රාත්‍රියක් කියලා ලිපි පෙලක් (පෙලක් කිව්වට ලිපි 3 යි) ලිව්වට ඒවා බොහොමයක් අය දකින්න නැතුව ඇති.
මේ ජනවාරි අටවැනිදායින් පසු ඇතිවූ සිදුවීම් දෙකකි.
මේ ජනවාරි 8 වැනිදායින් පසු ඇතිවූ සිදුවීම් දෙකකි.
මහා බලවත් කරල් සොරෙක් ලෙස මහාවංශය හඳුන්වන මිත්තසේන රජු (ක්‍රි.ව හාරසිය තිස් දෙක-හාරසිය තිස් තුන) මහා ස්තූප තුනෙහි හත්ථිපාකාරද [ඇත් පවුර], තොරණද කරවූ බවට මහාවංශයෙහි එන සඳහන අනුව රුවන්වැලිසෑය, අභයගිරිය සහ ජේතවනය මහා ස්තූප තුන ලෙස සැලකෙන බැවින්, ඒ වන විට ජේතවන ස්තූපය ඉදිවී තිබුණ බව පෙණේ.
මහා බලවත් කරල් සොරෙක් ලෙස මහාවංශය හඳුන්වන මිත්තසේන රජු (ක්‍රි.ව 432-433) මහා ස්තූප තුනෙහි හත්ථිපාකාරද [ඇත් පවුර], තොරණද කරවූ බවට මහාවංශයෙහි එන සඳහන අනුව රුවන්වැලිසෑය, අභයගිරිය සහ ජේතවනය මහා ස්තූප තුන ලෙස සැලකෙන බැවින්, ඒ වන විට ජේතවන ස්තූපය ඉදිවී තිබුණ බව පෙණේ.
ඒ කෙසේ වෙතත් වංචාකාර ඉතිහාසයකින් ඇරඹුන මගේ කවි ඉතිහාසය යලිත් අලුත් පිටුවක් පෙරලෙමින් පුබුදු වී ආවේ දෙදහස් දහය ජනවාරියේය.
ඒ කෙසේ වෙතත් වංචාකාර ඉතිහාසයකින් ඇරඹුන මගේ කවි ඉතිහාසය යලිත් අලුත් පිටුවක් පෙරලෙමින් පුබුදු වී ආවේ 2010 ජනවාරියේය.
පකිස්ථානය සමඟ මාස නවය ක පමණ කාලයක් පැවති යුද්ධය ජය ගැනීමෙන් අනතුරුව එක්දහස් නවසිය හැත්තෑ එක වසරේ මාර්තු මස විසි හය වනදා බංග්ලාදේශය නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
පකිස්ථානය සමඟ මාස 9 ක පමණ කාලයක් පැවති යුද්ධය ජය ගැනීමෙන් අනතුරුව 1971 වසරේ මාර්තු මස 26 වනදා බංග්ලාදේශය නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
කහරමන්මාරස් මෙට්‍රොපොලිටන් මහ නගර සභාව, මීටර හත පළල කිලෝමීටර් තුනයි දශම හය දිග ඉස්ජින්-ගුවර්සින්ලික් මාර්ගය උණුසුම් ඇස්ෆල්ට් වැඩ නිම කර ඇත.
කහරමන්මාරස් මෙට්‍රොපොලිටන් මහ නගර සභාව, 7 m පළල 3,6 km දිග ඉස්ජින්-ගුවර්සින්ලික් මාර්ගය උණුසුම් ඇස්ෆල්ට් වැඩ නිම කර ඇත.
මැරලින් මුලූ ජීවිත කාලෙ පුරාම (අවුරුදු තිස් හයක) බයෙන් ඉන්නෙ තමන්ට පිස්සු හැදෙයිද කියල.
මැරලින් මුලූ ජීවිත කාලෙ පුරාම (අවුරුදු 36ක) බයෙන් ඉන්නෙ තමන්ට පිස්සු හැදෙයිද කියල.
මැදීමෙන් අනතුරුව ඔබේ නාසයේ සම බොහොම මෘදු වෙලා, සිනිඳුව තිබෙන බව ඔබටම දැනේවි. දෙක වියලුනු දෙතොලට පුංචි සම්බාහනයක් දෙතොල් වියලි බවට පත් වීම කියන්නෙත් යුවතියකගේ සොඳුරු බවට හානි කරන තත්වයක්.
මැදීමෙන් අනතුරුව ඔබේ නාසයේ සම බොහොම මෘදු වෙලා, සිනිඳුව තිබෙන බව ඔබටම දැනේවි. 2 වියලුනු දෙතොලට පුංචි සම්බාහනයක් දෙතොල් වියලි බවට පත් වීම කියන්නෙත් යුවතියකගේ සොඳුරු බවට හානි කරන තත්වයක්.
ලංකාවේ දෙන්නා කැලය තුල ගත කළේ විනාඩි පහළොව කටත් අඩු කාලයකි.
ලංකාවේ දෙන්නා කැලය තුල ගත කළේ විනාඩි 15 කටත් අඩු කාලයකි.
අපේ ඉසව්ව: ආයෙමත් ආදරෙන් - එකොළහ වැනි කොටස දිලූප ඉස්සර වේවිද?
අපේ ඉසව්ව: ආයෙමත් ආදරෙන් - 11 වැනි කොටස දිලූප ඉස්සර වේවිද?
ඈ හේනානිගල ජන්ද කොට්‌ඨාශයෙන් ඡන්ද නවසිය පහළොව ක්‌ ගෙන ලංකාවේ ප්‍රථම ආදිවාසී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය ලෙස දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රාදේශීය සභාවට දෙදහස් දහඅට පළාත් පාලන මැතිවරණයෙන් පත්ව සිටී.
ඈ හේනානිගල ජන්ද කොට්‌ඨාශයෙන් ඡන්ද 915 ක්‌ ගෙන ලංකාවේ ප්‍රථම ආදිවාසී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය ලෙස දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රාදේශීය සභාවට 2018 පළාත් පාලන මැතිවරණයෙන් පත්ව සිටී.
ටී.තුරෙයිරාජසිංහම් (එකසිය හැත්තෑ නවය) අධිකරණ නියෝගයට පිටුපාන්නේ ඇයි ? (එකසිය හැත්තෑ නවය) ජනතාවගේ කඳුළු වලට පිළිතුරක් නෑ !
ටී.තුරෙයිරාජසිංහම් (179) අධිකරණ නියෝගයට පිටුපාන්නේ ඇයි ? (179) ජනතාවගේ කඳුළු වලට පිළිතුරක් නෑ !
ලියනගේ පවසන විදියට මුල් ණය වාරිකය වූ රුපියල් මිලියන විසි හයන් ඔහුගේ අතට ලැබෙනුයේ මිලියන පහළොවක් පමණි.
ලියනගේ පවසන විදියට මුල් ණය වාරිකය වූ රුපියල් මිලියන 26න් ඔහුගේ අතට ලැබෙනුයේ මිලියන 15ක් පමණි.
එක්සත් රාජධානියේ සරසවි වලදී ඉලෙක්ට් රෝනික ඉංජිනේරු විද් යාව උපාධි පාඨමාලාවක් ආරම්භ වුවේ එක්දහස් නවසිය හැට දශකයේ සිටය.
එක්සත් රාජධානියේ සරසවි වලදී ඉලෙක්ට් රෝනික ඉංජිනේරු විද් යාව උපාධි පාඨමාලාවක් ආරම්භ වුවේ 1960 දශකයේ සිටය.
මෙම සංකල්පයන් පසුව ප්‍රජානන මනෝවිද්‍යාව බිහිවීමට මූලිකවිය..[දහනවය]
මෙම සංකල්පයන් පසුව ප්‍රජානන මනෝවිද්‍යාව බිහිවීමට මූලිකවිය..[19]
ළමයා හා නීතිය එක
ළමයා හා නීතිය 01
පස්සේ ඔවුන් උස්සාගෙන ගියා.මම මේ වත්තේ සිට තැනින් තැන වතුවලට මාරුවෙමින් වසර අටක පමණ සේවය කරලා තියෙනවා.
පස්සේ ඔවුන් උස්සාගෙන ගියා.මම මේ වත්තේ සිට තැනින් තැන වතුවලට මාරුවෙමින් වසර 8ක පමණ සේවය කරලා තියෙනවා.
එක්දහස් නවසිය තිස් අට දී යුදෙව් වෛද්‍යවරුන්ට හා වින්නඹුමාතාවන්ට
1938 දී යුදෙව් වෛද්‍යවරුන්ට හා වින්නඹුමාතාවන්ට
දරුපල ලබාගැනීම සඳහා නාගොල්ලාගොඩ ප්‍රදේශයේ දේවාලයකට ගිය තිස් හතර හැවිරිදි කාන්තාවක් එම දේවාලය තුළ නිරුවත් කොට ලිංගික අතවරයකට ලක්කිරීමට තැත් කළ දේවාලයේ කපුවා බිංගිරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන හෙට්ටිපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා හෙට්ටිපොළ පොලිසියට භාරදී ඇත.
දරුපල ලබාගැනීම සඳහා නාගොල්ලාගොඩ ප්‍රදේශයේ දේවාලයකට ගිය 34 හැවිරිදි කාන්තාවක් එම දේවාලය තුළ නිරුවත් කොට ලිංගික අතවරයකට ලක්කිරීමට තැත් කළ දේවාලයේ කපුවා බිංගිරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන හෙට්ටිපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා හෙට්ටිපොළ පොලිසියට භාරදී ඇත.
ලෝක කාන්තා දිනයට සමගාමීව විවෘත අධිකරණවල පෙනී සිටින නීතිඥවරියන් හට නව ඇඳුමක් හඳුන්වාදීම ඊයේ (අටදා) සිදු විය.
ලෝක කාන්තා දිනයට සමගාමීව විවෘත අධිකරණවල පෙනී සිටින නීතිඥවරියන් හට නව ඇඳුමක් හඳුන්වාදීම ඊයේ (8දා) සිදු විය.
ලෑලි ගහපු කාමර කැල්ලක් දහයක් පහළොවක් පැක් වෙලා බඩට නොකා අන්ත අපා දුක් විදපු කෙල්ලන්ට ගෙදර ඉදලා වැඩට ගිහින් පඩියක් ගන්න
ලෑලි ගහපු කාමර කැල්ලක් 10ක් 15ක් පැක් වෙලා බඩට නොකා අන්ත අපා දුක් විදපු කෙල්ලන්ට ගෙදර ඉදලා වැඩට ගිහින් පඩියක් ගන්න
ලෝකයේ වැඩිම කාලයක් දිග් ගැසුණ සිවිල් යුද්ධ වලින් එකක් වන කොලොම්බියා යුද්ධය නිමාවකට ගෙන ඒමේ සටන් විරාම ගිවිසුම ඉරිදා (විසි අට)
ලෝකයේ වැඩිම කාලයක් දිග් ගැසුණ සිවිල් යුද්ධ වලින් එකක් වන කොලොම්බියා යුද්ධය නිමාවකට ගෙන ඒමේ සටන් විරාම ගිවිසුම ඉරිදා (28)
සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ නිවෙසේ අධීක්‍ෂණ කටයුතු සිදුකරන කදිරගොන්න, අහුන්ගල්ල ලිපිනයේ පදිංචි පතිරණගේ තරිඳු කුමාර (තිස් දෙක) නමැති අය කොස්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ නිවෙසේ අධීක්‍ෂණ කටයුතු සිදුකරන කදිරගොන්න, අහුන්ගල්ල ලිපිනයේ පදිංචි පතිරණගේ තරිඳු කුමාර (32) නමැති අය කොස්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙත් බෝසතාණන් වහන්සේගෙන් පසු කල්ප හැට තුන කට පසුව බුද්ධත්වයට පත් වනුයේ විෂ්ණු බෝසතාණන් වහන්සේය.
මෙත් බෝසතාණන් වහන්සේගෙන් පසු කල්ප 63 කට පසුව බුද්ධත්වයට පත් වනුයේ විෂ්ණු බෝසතාණන් වහන්සේය.
ඒ විනාඩි තිස් එකයි තත්පර විසි අටයි දශම දෙකකින් ඉසව්ව අවසන් කරමින්.
ඒ විනාඩි 31යි තත්ත්පර 28.2කින් ඉසව්ව අවසන් කරමින්.
ටී ප්‍රනාන්දුගේ හතළිහ වැනි අනුස්මරණ උලෙළ වෙනුවෙන් 'සඳවට රන්තරු' හතළිහ උපහාර ගී ප්‍රසංගය ඔක්තෝබර් විසි එක් වැනි සෙනසුරාදා ගම්පහ, සුමේධ රංගන ශාලාවේදී පැවැත්වේ.
ටී ප්‍රනාන්දුගේ 40 වැනි අනුස්මරණ උලෙළ වෙනුවෙන් 'සඳවට රන්තරු' 40 උපහාර ගී ප්‍රසංගය ඔක්තෝබර් 21 වැනි සෙනසුරාදා ගම්පහ, සුමේධ රංගන ශාලාවේදී පැවැත්වේ.
ජාත්‍යන්තර පරීක්ෂණය ‘ක්‍රියාත්මක කරන්න’දෙදහස් දහහතර පෙබරවාරි විසි පහ
ජාත්‍යන්තර පරීක්ෂණය ‘ක්‍රියාත්මක කරන්න’2014 පෙබරවාරි 25
කෙල්ලට පාඩම් කරන්න චිමිනි ලාම්පුවක් අරං දෙන්න කියලා අතට රුපියල් තුන්සියක් දුන්න මං මහේෂ්
කෙල්ලට පාඩම් කරන්න චිමිනි ලාම්පුවක් අරං දෙන්න කියලා අතට රු.300ක් දුන්න මං මහේෂ්
පහ- අල්ලස් ගැනීම
5- අල්ලස් ගැනීම
මේ වන විට මහ සමයම දර්ශන වාර හයකට මම දායක වුණා.
මේ වන විට මහ සමයම දර්ශන වාර 6කට මම දායක වුණා.
දැන් ඉතින් දවල් දොළහ ටවත් මාව ඇහැරවනව බොරු.
දැන් ඉතින් දවල් 12 ටවත් මාව ඇහැරවනව බොරු.
විනෝදා නැමති යාපනය ප‍්‍රදේශයේ පදිංචි ගුරුවරියක් වන අතර විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලේ වහලෙහි තිබු බඹරකූඩුවෙහි කොටසක් (තුන) උදෑසන කඩා වැටී ඇති අතර විදුහල පුරා උදෑසන බඹරුන් සැරිසරීමත් සමග මෙම තත්වය උදා වී ඇත.
විනෝදා නැමති යාපනය ප‍්‍රදේශයේ පදිංචි ගුරුවරියක් වන අතර විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලේ වහලෙහි තිබු බඹරකූඩුවෙහි කොටසක් (03) උදෑසන කඩා වැටී ඇති අතර විදුහල පුරා උදෑසන බඹරුන් සැරිසරීමත් සමග මෙම තත්වය උදා වී ඇත.
පසුව මේ නඩුව නැවතත් ඔක්තෝබර් තිස් එක දා කැඳවිණි‍‍.
පසුව මේ නඩුව නැවතත් ඔක්තෝබර් 31 දා කැඳවිණි‍‍.
දෙදහස් දහසයයි එකොලහයි විසි පහ දින දින අභවප්‍රාප්ත උන ෆිදෙල් කැස්ත්‍රෝ ගැන බොහෝ විට ඔබ නොදත් කරුනු කිසිපයක්
2016.11.25 දින අභවප්‍රාප්ත උන ෆිදෙල් කැස්ත්‍රෝ ගැන බොහෝ විට ඔබ නොදත් කරුනු කිසිපයක්
එය මාර්තු මස මුල් අදියරේදී සියයට තිස් හතරක ප‍්‍රතිශතයක් ගත්තේ ය.
එය මාර්තු මස මුල් අදියරේදී 34%ක ප‍්‍රතිශතයක් ගත්තේ ය.
බදුලුසිරිගම නාය යාමේ තර්ජනයට ලක්වූ සියලුම ජනතාවට විකල්ප ඉඩම් ලබාදීමට තීරණය කර ඇති බව වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල සිල්වා මහතා පවසයි.ඇමැතිවරයා මේ බැව් අවධාරණය කළේ පසුගිය පස් වන දින බදුල්ල ප්‍රදේශයේ නාය යාමේ තර්ජනයට ලක්වූ ජනතාවට සහන සැලසීම සඳහා එම ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදීය.දැනට පවතින ...
බදුලුසිරිගම නාය යාමේ තර්ජනයට ලක්වූ සියලුම ජනතාවට විකල්ප ඉඩම් ලබාදීමට තීරණය කර ඇති බව වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල සිල්වා මහතා පවසයි.ඇමැතිවරයා මේ බැව් අවධාරණය කළේ පසුගිය 05 වන දින බදුල්ල ප්‍රදේශයේ නාය යාමේ තර්ජනයට ලක්වූ ජනතාවට සහන සැලසීම සඳහා එම ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදීය.දැනට පවතින ත...
යානයේ ගබඩා කොට තුබූ ලීටර් තිස් පහ දහසක් පමණ වූ ඉන්ධන පහළ මාල­ව­ලට කාන්දු වීම නිසා ගින්නේ ව්‍යාප්තිය ඉක්මන් විය.
යානයේ ගබඩා කොට තුබූ 35000 l ක් පමණ වූ ඉන්ධන පහළ මාල­ව­ලට කාන්දු වීම නිසා ගින්නේ ව්‍යාප්තිය ඉක්මන් විය.
බෝල හයකට හයේ පහර හයක්
බෝල 6කට හයේ පහර 6ක්
පළාත් විස්සයි-විස්ස ක්‍රිකට් තරගාවලියේදී කොළඹ කණ්ඩායමේ තරගයක් අතරතුර දිනේෂ් චන්දිමාල් උඩ පන්දුවක් රැකගැනීමට යෑමේදී පන්දුවක් අතේ වැදීම නිසා මැද ඇඟිල්ලේ ආබාධයකට ලක්වී ඇති බව ද දැනගන්නට ඇත.
පළාත් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී කොළඹ කණ්ඩායමේ තරගයක් අතරතුර දිනේෂ් චන්දිමාල් උඩ පන්දුවක් රැකගැනීමට යෑමේදී පන්දුවක් අතේ වැදීම නිසා මැද ඇඟිල්ලේ ආබාධයකට ලක්වී ඇති බව ද දැනගන්නට ඇත.
එක්දහස් නවසිය හැත්තෑ අට ව්‍යවස්ථාව හදනකොට ඊට මූලික වී කටයුතු කල රනිල් වික‍්‍රමසිංහ වර්තමාන අගමැතිතුමා මෙම ව්‍යවස්ථාව වෙනස් කිරීමට මුල්වී කටයුතු කිරීම ඉතා වැදගත්.
1978 ව්‍යවස්ථාව හදනකොට ඊට මූලික වී කටයුතු කල රනිල් වික‍්‍රමසිංහ වර්තමාන අගමැතිතුමා මෙම ව්‍යවස්ථාව වෙනස් කිරීමට මුල්වී කටයුතු කිරීම ඉතා වැදගත්.
තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක සුළු ජාතීන් වෙනුවෙන් ස්වයං-පාලනයක් යෝජනා කළ ප‍්‍රථම පක්ෂය සමහර විට ජනතා විමුක්ති පෙරමුණ විය හැකිය. එක්දහස් නවසිය හැත්තෑ හත දී ප‍්‍රකාශයට පත් ඔවුන්ගේ පක්ෂ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ ඒ බව සඳහන් වෙයි.
තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක සුළු ජාතීන් වෙනුවෙන් ස්වයං-පාලනයක් යෝජනා කළ ප‍්‍රථම පක්ෂය සමහර විට ජනතා විමුක්ති පෙරමුණ විය හැකිය. 1977 දී ප‍්‍රකාශයට පත් ඔවුන්ගේ පක්ෂ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ ඒ බව සඳහන් වෙයි.
ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ විසි වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ තුන්සිය පනහ කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිළිණ කිරීම පසුගියදා ඇරඹුණා.
ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට 20 යි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිළිණ කිරීම පසුගියදා ඇරඹුණා.
අදාළ තරග පරාජය මෙම තරගාවලියට කෙසේ බලපාන්නේද යන්න ශ්‍රී ලංකා කාන්තා කණ්‌ඩායමේ නායිකාව වන ශෂිකලා සිරිවර්ධනගෙන් කරන ලද විමසීමකදී, 'තුන්සිය හැත්තෑ හත ක්‌ කියන්නේ ලොකු ලකුණු සංඛ්‍යාවක්‌.
අදාළ තරග පරාජය මෙම තරගාවලියට කෙසේ බලපාන්නේද යන්න ශ්‍රී ලංකා කාන්තා කණ්‌ඩායමේ නායිකාව වන ශෂිකලා සිරිවර්ධනගෙන් කරන ලද විමසීමකදී, '377 ක්‌ කියන්නේ ලොකු ලකුණු සංඛ්‍යාවක්‌.
මේ දිනවල ආන්දෝලනයට ලක්වූ දෙදහස් දහහතර මාර්තු මස ගත් එම ඡායාරූපය මෙහි වෙයි.
මේ දිනවල ආන්දෝලනයට ලක්වූ 2014 මාර්තු මස ගත් එම ඡායාරූපය මෙහි වෙයි.
දෙදහස් දොලහේ දොලහයි හත
07/12/2012
මැයි විස්ස කුඹුරේ සිට ට්‍රැක්ටරයකින් ආපසු එමින් සිටි මුස්ලිම් ගොවීහූ නවය දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ දෙදෙනෙකුට තුවාල සිදු කිරීම.
මැයි 20 කුඹුරේ සිට ට්‍රැක්ටරයකින් ආපසු එමින් සිටි මුස්ලිම් ගොවීහූ 9 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ දෙදෙනෙකුට තුවාල සිදු කිරීම.
උතුරු මහ ඇමති පසුගිය දහහතර වනදා විදෙස්ගත වී ඇත්තේ විසි නවය වනදා තෙක් වන අතර එසේ විදෙස්ගත වන අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා විසින් වැඩබලන මහඇමතිවරයෙක් පත් නොකිරීම නිසාවෙන් පහළොව වනදා උතුරු පලාත්සභාවේ සභාපති සී.වී.කේ සිවඥානම් විසින් අධ්‍යාපන අමාත්‍ය ටී.කුරුකුලරාජා පත් කලද පහළොව වන දා සිට එසේ පත් වූ ටී.කුරුකුලරාජා මේ වන ත...
උතුරු මහ ඇමති පසුගිය 14 වනදා විදෙස්ගත වී ඇත්තේ 29 වනදා තෙක් වන අතර එසේ විදෙස්ගත වන අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා විසින් වැඩබලන මහඇමතිවරයෙක් පත් නොකිරීම නිසාවෙන් 15 වනදා උතුරු පලාත්සභාවේ සභාපති සී.වී.කේ සිවඥානම් විසින් අධ්‍යාපන අමාත්‍ය ටී.කුරුකුලරාජා පත් කලද 15 වන දා සිට එසේ පත් වූ ටී.කුරුකුලරාජා මේ වන තුරු උතුරු ආණ්ඩු...
මතු දවසක කොටස් වශයෙන් ඇයගේ ගීතයේ ගමන් මග පිළිබඳව පියවරෙන් පියවර කොටස් විසි පහ -තිහ කින් විතර ලියන්නත් හිතේ අදහසක් තියෙනවා.
මතු දවසක කොටස් වශයෙන් ඇයගේ ගීතයේ ගමන් මග පිළිබඳව පියවරෙන් පියවර කොටස් 25 -30 කින් විතර ලියන්නත් හිතේ අදහසක් තියෙනවා.
එම මත්පැන් තොගය අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් නිරීක්ෂණය කර ඇත්තේ, ඊට රුපියල් තුන් ලක්ෂයක් පමණ වටිනා විස්කි, වොඩ්කා, වයින් සහ බීර අඩංගු බවයි.
එම මත්පැන් තොගය අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් නිරීක්ෂණය කර ඇත්තේ, ඊට රු. 300,000ක් පමණ වටිනා විස්කි, වොඩ්කා, වයින් සහ බීර අඩංගු බවයි.
දැන් මොවුන් කියන්නේ දහනවවැනි සංශෝධනයේ සඳහන් වාර දෙකේ සීමාව, ඒ සංශෝධනය නීතිගත කර ගැනීමට කලින් ජනාධිපති ධුරය හෙබැවූ මහින්ද රාජපක්ෂට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායකට බලපවත්වන්නේ නැති බවයි.
දැන් මොවුන් කියන්නේ 19 වැනි සංශෝධනයේ සඳහන් වාර දෙකේ සීමාව, ඒ සංශෝධනය නීතිගත කර ගැනීමට කලින් ජනාධිපති ධුරය හෙබැවූ මහින්ද රාජපක්ෂට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායකට බලපවත්වන්නේ නැති බවයි.
මෙසේ සම්බුද්ධත්වයට පත්ව අවුරුදු අසූව දක්වා වැඩ සිටියහ.
මෙසේ සම්බුද්ධත්වයට පත්ව අවුරුදු 80 දක්වා වැඩ සිටියහ.
මම UNP නෙමේ කාටවත් චන්දෙ දල නැහැ.අසූ හතර ගියා ගියාමයි නිසා.
මම UNP නෙමේ කාටවත් චන්දෙ දල නැහැ.84 ගියා ගියාමයි නිසා.
අපේ රටේ සියයට හැට දෙකක් පවතින්නේ අවිධිමත් ආර්ථික තත්ත්වයක.
අපේ රටේ 62%ක් පවතින්නේ අවිධිමත් ආර්ථික තත්ත්වයක.
මේ උපදෙස් වලින් සියයට පනහ ක් විතර දැනටම ක්‍රියාත්මකයි.
මේ උපදෙස් වලින් 50% ක් විතර දැනටම ක්‍රියාත්මකයි.
හවස හය වගේ වෙද්දී අපි ආපහු වාඩියට ආවා.
හවස 6 වගේ වෙද්දී අපි ආපහු වාඩියට ආවා.
බාල පුතාට බූරුවන් ගනනින් නවයෙන් එක යි.
බාල පුතාට බූරුවන් ගනනින් 1/9 යි.
මේක උනේ දෙදහස් හතර වර්ෂයේ.
මේක උනේ 2004 වර්ෂයේ.
බලය සදහා බටහිර අවශ්‍යතාවන්ට එකග වන්නට පසුබට නොවන බව ඔවුන් ඔප්පු කළේ දෙදහස් පහ දී ය.
බලය සදහා බටහිර අවශ්‍යතාවන්ට එකග වන්නට පසුබට නොවන බව ඔවුන් ඔප්පු කළේ 2005 දී ය.
ශ්‍රමය වෙනුවෙන් එක් පවුලකට රුපියල් හය දහස් බැගින් උපරිමකයට යටත්ව පිඩාවට පත් පවුල් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම මෙම සහන වැඩසටහන යටතේ සිදුවෙයි.රොන් මඩ ඉවත්කර වීශේෂ ප්‍රතිසංස්කරණයට ලක්වන වැව ලෙස වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාමඩුව වැව තෝරාගෙන ඇත.
ශ්‍රමය වෙනුවෙන් එක් පවුලකට රුපියල් 6000 බැගින් උපරිමකයට යටත්ව පිඩාවට පත් පවුල් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම මෙම සහන වැඩසටහන යටතේ සිදුවෙයි.රොන් මඩ ඉවත්කර වීශේෂ ප්‍රතිසංස්කරණයට ලක්වන වැව ලෙස වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාමඩුව වැව තෝරාගෙන ඇත.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (අටදා) ශ්‍රී ලංකා මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු හාරසිය අසූ දෙකට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය ලකුණු දෙසිය හැට දෙකකට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි පැවැත්වෙන 2 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වැනි දිනය වූ ඊයේ (8දා) ශ්‍රී ලංකා මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 482ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය ලකුණු 262කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
බදුනේ ඉහළ මට්ටමේ සිට අඟල් එක ක් එකයි දශම පහක් පමණ ඉතිරිවන සේ වගා
බදුනේ ඉහළ මට්ටමේ සිට අඟල් 1 ක් 1.5 ක් පමණ ඉතිරිවන සේ වගා
අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (විසි තුන) පෙරවරු එකොළහ සිට මෙම මාර්ගය වසා දැමීමට පියවර ගත් බව පොලීසිය පවසයි.
අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (23) පෙරවරු 11.00 සිට මෙම මාර්ගය වසා දැමීමට පියවර ගත් බව පොලීසිය පවසයි.
ජනතා විමුක්ති පෙරමුණට සියයට හතයි.
ජනතා විමුක්ති පෙරමුණට 7%යි.
නිසාන් leaf බැටරි වල ගබඩා කරගත් විදුලි ඒකක දෙකක් මට ඒ පැය දොළහට ඇති.
නිසාන් leaf බැටරි වල ගබඩා කරගත් විදුලි ඒකක 2 ක් මට ඒ පැය 12ට ඇති.
පැමිණිලි දසදහස් එකසීය අසූ දෙකක් අතුරෙන් නඩු පවරා ඇත්තේ දෙසිය හැට අටකි.
පැමිණිලි 10,182ක් අතුරෙන් නඩු පවරා ඇත්තේ 268කි.