textual_format stringlengths 7 2.75k | numerical_format stringlengths 2 2.74k |
|---|---|
මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් විසින් දෙදහස් දහහතර වසරේදී රුපියල් බිලියන විසි නවය ක අති දැවැන්ත අලාභයක් වාර්තා කර තිබෙන අතර එමිරේට්ස් සමග තිබූ කළමනාකරණ ගිවිසුම දෙදහස් අට වසරේදී අවලංගු කිරීමෙන් පසුව මේ දක්වා රුපියල් බිලියන එකසිය විසි දෙක ක අලාභයක් ලබා ඇත. | මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් විසින් 2014 වසරේදී රුපියල් බිලියන 29 ක අති දැවැන්ත අලාභයක් වාර්තා කර තිබෙන අතර එමිරේට්ස් සමග තිබූ කළමනාකරණ ගිවිසුම 2008 වසරේදී අවලංගු කිරීමෙන් පසුව මේ දක්වා රුපියල් බිලියන 122 ක අලාභයක් ලබා ඇත. |
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙදහස් දහහතර වාර්තාවේ දැක්වෙන්නේ ගුවන් සමාගමේ ආදායම් පසුගිය වසරේදී සියයට පහයි ශත පහ කින් රුපියල් බිලියන එකසිය පහළොවයි ශත පහ ක් දක්වා වර්ධනය වුවත් වියදම් රුපියල් බිලියන එකසිය හතළිස් හතරයි ශත හතර ක් දක්වා වඩාත් වර්ධනය වී තිබෙන බවයි. | ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 වාර්තාවේ දැක්වෙන්නේ ගුවන් සමාගමේ ආදායම් පසුගිය වසරේදී සියයට 5.5 කින් රුපියල් බිලියන 115.5 ක් දක්වා වර්ධනය වුවත් වියදම් රුපියල් බිලියන 144.4 ක් දක්වා වඩාත් වර්ධනය වී තිබෙන බවයි. |
ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන්ස් ඇසෝෂියේෂන් (International Colored Gem Stones Association) නැමති සංගමය විසින් වසර විසි හය කට පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වූ “ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන් කොංග්‍රස්“ ( International Colored Gem Stones Congress) නැමති සමුළුවට සහභාගී වූ ඔහු මේ බව අප සමග සඳහන් කළේය. | ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන්ස් ඇසෝෂියේෂන් (International Colored Gem Stones Association) නැමති සංගමය විසින් වසර 26 කට පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වූ “ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන් කොංග්‍රස්“ ( International Colored Gem Stones Congress) නැමති සමුළුවට සහභාගී වූ ඔහු මේ බව අප සමග සඳහන් කළේය. |
කොළඹ පැවති මෙම සමුළුවට රටවල් විසි හත ක් නියෝජනය කරමින් මැණික් කර්මාන්තයට සම්බන්ධ නියෝජිතයින් තුන්සිය කට වැඩි පිරිසක් පැමිණ තිබූ අතර එය මැයි මැයි දහසය වනදා ආරම්භ වී අද (විස්ස) අවසන් විය. | කොළඹ පැවති මෙම සමුළුවට රටවල් 27 ක් නියෝජනය කරමින් මැණික් කර්මාන්තයට සම්බන්ධ නියෝජිතයින් 300 කට වැඩි පිරිසක් පැමිණ තිබූ අතර එය මැයි මැයි 16 වනදා ආරම්භ වී අද (20) අවසන් විය. |
ඔහු වැඩිදුරටත් පැවසුවේ මැණික් කර්මාන්තයේ නව ප්‍රවණතා පිළිබඳව ලෝකය පිළිගත් දේශකයින් විසි නවය දෙනෙකු විසින් මෙම සමුළුවේදී අදහස් දැක්වූ බවයි. | ඔහු වැඩිදුරටත් පැවසුවේ මැණික් කර්මාන්තයේ නව ප්‍රවණතා පිළිබඳව ලෝකය පිළිගත් දේශකයින් 29 දෙනෙකු විසින් මෙම සමුළුවේදී අදහස් දැක්වූ බවයි. |
සේයාරුව එක- මැණික් පිළිබඳ විශේෂඥයෙකු වන ඕස්ට්‍රේලියානු ජාතික Grant A Hamid මහතා අප සමග කරුණු දක්වයි. | සේයාරුව 01- මැණික් පිළිබඳ විශේෂඥයෙකු වන ඕස්ට්‍රේලියානු ජාතික Grant A Hamid මහතා අප සමග කරුණු දක්වයි. |
සේයාරුව දෙක- ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන්ස් ඇසෝෂියේෂන් (International Colored Gem Stones Association) නැමති ජාත්‍යන්තර සංගමයේ සභාපති, බෙන්ජමින් හැක්මන් මහතා (Benjamin Hackman) | සේයාරුව 02- ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන්ස් ඇසෝෂියේෂන් (International Colored Gem Stones Association) නැමති ජාත්‍යන්තර සංගමයේ සභාපති, බෙන්ජමින් හැක්මන් මහතා (Benjamin Hackman) |
සේයාරුව තුන- ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමයේ (Sri Lanka Gem and Jewellery Association) විදේශ ප්‍රවර්ධන අංශයේ (Foreign Promotions) සභාපති, අර්මිල් සම්මෝන් (Armil Sammoon) මහතා. | සේයාරුව 03- ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමයේ (Sri Lanka Gem and Jewellery Association) විදේශ ප්‍රවර්ධන අංශයේ (Foreign Promotions) සභාපති, අර්මිල් සම්මෝන් (Armil Sammoon) මහතා. |
දෙදහස් දහහතර පළමු කාර්තුවේදී රුපියල් මිලියන හත්සිය විසි දෙක ක ලාභයක් ලැබූ ලංකා ඉන්දීය තෙල් සමාගමට රජය විසින් ඉන්ධන මිල ගණන් අඩුකිරීම හමුවේ දෙදහස් පහළොව මාර්තු කාර්තුවේදී රුපියල් බිලියන එකයි ශත හය ක අලාභයක් සිදුව තිබෙන බව එහි නවතම ගිණුම් වාර්තා වලින් හෙළිවේ. | 2014 පළමු කාර්තුවේදී රුපියල් මිලියන 722 ක ලාභයක් ලැබූ ලංකා ඉන්දීය තෙල් සමාගමට රජය විසින් ඉන්ධන මිල ගණන් අඩුකිරීම හමුවේ 2015 මාර්තු කාර්තුවේදී රුපියල් බිලියන 1.06 ක අලාභයක් සිදුව තිබෙන බව එහි නවතම ගිණුම් වාර්තා වලින් හෙළිවේ. |
ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් හතළිස් පහ ක මට්ටමක තිබියදී රජය විසින් ජනවාරි මාසයේදී මෙරට විකුණන පෙට්රල් ලීටරයක මිල රුපියල් තිස් තුන කින්ද ඩීසල් ලීටරයක මිල රුපියල් දහසය කින්ද අඩුකිරීමට පියවර ගත්තේය. | ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක මට්ටමක තිබියදී රජය විසින් ජනවාරි මාසයේදී මෙරට විකුණන පෙට්රල් ලීටරයක මිල රුපියල් 33 කින්ද ඩීසල් ලීටරයක මිල රුපියල් 16 කින්ද අඩුකිරීමට පියවර ගත්තේය. |
මේ අනුව, ලංකා ඉන්දීය තෙල් සමාගම දෙදහස් පහළොව මාර්තු කාර්තුවේදී කොටසකට අදාළව රුපියල් දෙක ක පාඩුවක් වාර්තා කර ඇත. | මේ අනුව, ලංකා ඉන්දීය තෙල් සමාගම 2015 මාර්තු කාර්තුවේදී කොටසකට අදාළව රුපියල් 2.0 ක පාඩුවක් වාර්තා කර ඇත. |
සමාගම විසින් පසුගිය වසරේ දෙසැම්බර් කාර්තුවේදී රුපියල් මිලියන හයසිය දහය ලාභයක් වාර්තා කර තිබුණි. | සමාගම විසින් පසුගිය වසරේ දෙසැම්බර් කාර්තුවේදී රුපියල් මිලියන 610 ලාභයක් වාර්තා කර තිබුණි. |
මේ මාර්තු කාර්තුවේදී ලංකා ඉන්දීය තෙල් සමාගමේ ආදායම් සියයට විසි පහ කින් රුපියල් බිලියන පහළොවයි දශම අට ක් දක්වා පහළ ගොස් තිබීමද කැපී පෙනේ. | මේ මාර්තු කාර්තුවේදී ලංකා ඉන්දීය තෙල් සමාගමේ ආදායම් සියයට 25 කින් රුපියල් බිලියන 15.8 ක් දක්වා පහළ ගොස් තිබීමද කැපී පෙනේ. |
පසුගිය ජනවාරි මාසයේදී ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් හතළිස් පහ ක පමණ මට්ටමක තිබුණත් එය මේ වනවිට ඩොලර් හැට පහ ක සීමාව දක්වා ඉහළ නගිමින් තිබීමත් එයට සාපේක්ෂව රජය විසින් ඉන්ධන මිල ගණන් වැඩි නොකිරීමත් මෙම පාඩුව සිදුවීමට බලපා තිබෙන මූලිකම කාරණාවයි. | පසුගිය ජනවාරි මාසයේදී ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක පමණ මට්ටමක තිබුණත් එය මේ වනවිට ඩොලර් 65 ක සීමාව දක්වා ඉහළ නගිමින් තිබීමත් එයට සාපේක්ෂව රජය විසින් ඉන්ධන මිල ගණන් වැඩි නොකිරීමත් මෙම පාඩුව සිදුවීමට බලපා තිබෙන මූලිකම කාරණාවයි. |
මේ අතර, දෙදහස් පහළොව පළමු කාර්තුව තුළදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන හතර ක පාඩුවක් වාර්තා කර තිබෙන අතර මේ වනවිට රජය මැතිවරණයකට යෑමට සූදානම් වන නිසා ඉන්ධන මිල වැඩි නොකරනු ඇතැයි අනුමාන කළ හැකිය. | මේ අතර, 2015 පළමු කාර්තුව තුළදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 4.0 ක පාඩුවක් වාර්තා කර තිබෙන අතර මේ වනවිට රජය මැතිවරණයකට යෑමට සූදානම් වන නිසා ඉන්ධන මිල වැඩි නොකරනු ඇතැයි අනුමාන කළ හැකිය. |
ශ්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේට්ස් ගුවන් සමාගම විසින් කළමනාකරණය කළ අවදියේදී දෙදහස් අට වසර දක්වා ශ්‍රී ලංකන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ටිම් ක්ලාර්ක් මහතායි. | ශ්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේට්ස් ගුවන් සමාගම විසින් කළමනාකරණය කළ අවදියේදී 2008 වසර දක්වා ශ්‍රී ලංකන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ටිම් ක්ලාර්ක් මහතායි. |
මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් දෙදහස් දහහතර වසරේදී රුපියල් බිලියන විසි නවය ක අති දැවැන්ත අලාභයක් වාර්තා කළ අතර එමිරේට්ස් සමග තිබූ කළමනාකරණ ගිවිසුම දෙදහස් අට වසරේදී අවලංගු කිරීමෙන් පසුව මේ දක්වා ලබා තිබෙන අලාභය රුපියල් බිලියන එකසිය විසි දෙක කි. | මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් 2014 වසරේදී රුපියල් බිලියන 29 ක අති දැවැන්ත අලාභයක් වාර්තා කළ අතර එමිරේට්ස් සමග තිබූ කළමනාකරණ ගිවිසුම 2008 වසරේදී අවලංගු කිරීමෙන් පසුව මේ දක්වා ලබා තිබෙන අලාභය රුපියල් බිලියන 122 කි. |
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙදහස් දහහතර වාර්තාවේ දැක්වෙන්නේ ගුවන් සමාගමේ ආදායම් පසුගිය වසරේදී සියයට පහයි ශත පහ කින් රුපියල් බිලියන එකසිය පහළොවයි ශත පහ ක් දක්වා වර්ධනය වුවත් වියදම් රුපියල් බිලියන එකසිය හතළිස් හතරයි ශත හතර ක් දක්වා වඩාත් වර්ධනය වී තිබෙන බවයි. | ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 වාර්තාවේ දැක්වෙන්නේ ගුවන් සමාගමේ ආදායම් පසුගිය වසරේදී සියයට 5.5 කින් රුපියල් බිලියන 115.5 ක් දක්වා වර්ධනය වුවත් වියදම් රුපියල් බිලියන 144.4 ක් දක්වා වඩාත් වර්ධනය වී තිබෙන බවයි. |
මෙම බහුවිධ ප්‍රවාහන පද්ධතිය සහ නව නගරය ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් පසුගිය රජය කාලයේදී කොට්ටාව මාකුඹුර ප්‍රදේශයෙන් අක්කර විසි පහ ක ඉඩමක් පවරාගෙන තිබුණි. | මෙම බහුවිධ ප්‍රවාහන පද්ධතිය සහ නව නගරය ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් පසුගිය රජය කාලයේදී කොට්ටාව මාකුඹුර ප්‍රදේශයෙන් අක්කර 25 ක ඉඩමක් පවරාගෙන තිබුණි. |
රහස් ලිංගික සබඳතාවයන් සඳහා මග පාදන ලොව ප්‍රකට Adult FriendFinder නැමති වැඩිහිටියන්ට පමණක් වෙන්වූ වෙබ් අඩවියට පරිගණක හැකරුවන් අනවසරයෙන් ඇතුළු වී එහි තිබූ දත්ත සොරාගෙන තිබෙන බවත් මේ නිසා සුප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු ලොව පුරා වෙසෙන මිලියන දශම පහ කට අධික පිරිසකගේ රහස් ලිංගික තොරතුරු අනාවරණය වීමේ ඉඩකඩක් පවතින බවත් වාර්තා වේ... | රහස් ලිංගික සබඳතාවයන් සඳහා මග පාදන ලොව ප්‍රකට Adult FriendFinder නැමති වැඩිහිටියන්ට පමණක් වෙන්වූ වෙබ් අඩවියට පරිගණක හැකරුවන් අනවසරයෙන් ඇතුළු වී එහි තිබූ දත්ත සොරාගෙන තිබෙන බවත් මේ නිසා සුප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු ලොව පුරා වෙසෙන මිලියන 3.5 කට අධික පිරිසකගේ රහස් ලිංගික තොරතුරු අනාවරණය වීමේ ඉඩකඩක් පවතින බවත් වාර්තා වේ. |
මෙම වෙබ් අඩවිය විසින් සිය ගනුදෙනු කරුවන්ගේ රහස් තොරතුරු සුරැකිව තබාගැනීමට බැඳී සිටින අතර වෙබ් අඩවියට ලොව පුරා මිලියන හැට හතරක පමණ පිරිසක් සම්බන්ධ වී සිටින බව එම සමාගම පවසා ඇත. | මෙම වෙබ් අඩවිය විසින් සිය ගනුදෙනු කරුවන්ගේ රහස් තොරතුරු සුරැකිව තබාගැනීමට බැඳී සිටින අතර වෙබ් අඩවියට ලොව පුරා මිලියන 64 ක පමණ පිරිසක් සම්බන්ධ වී සිටින බව එම සමාගම පවසා ඇත. |
මෙම අනවසර ඇතුළුවීම මාර්තු මාසයේ සිදුකර තිබුණත් එම වෙබ් අඩවිය Adult FriendFinder යනුවෙන් නම්කර තිබුණේ එංගලන්තයේ Channel හතර නාලිකාව විසින් පසුගියදා විකාශය කළ ප්‍රවෘත්තියක් තුළිනි. | මෙම අනවසර ඇතුළුවීම මාර්තු මාසයේ සිදුකර තිබුණත් එම වෙබ් අඩවිය Adult FriendFinder යනුවෙන් නම්කර තිබුණේ එංගලන්තයේ Channel 4 නාලිකාව විසින් පසුගියදා විකාශය කළ ප්‍රවෘත්තියක් තුළිනි. |
ඒ තුළින් ඉදිරි කාලයේදී සියයට දහය ක පමණ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගැනීම ලංකාවට අතිශය වැදගත් වන බවත් ඒ සඳහා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කිරීම අවශ්‍යම කාරණයක් බවත් හෙතෙම සඳහන් කළේය. | ඒ තුළින් ඉදිරි කාලයේදී සියයට 10 ක පමණ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගැනීම ලංකාවට අතිශය වැදගත් වන බවත් ඒ සඳහා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කිරීම අවශ්‍යම කාරණයක් බවත් හෙතෙම සඳහන් කළේය. |
හොංකොං පදනම් කරගත් ෂැන්ග්‍රි-ලා සමාගම විසින් කොළඹ ගාලු මුවදොර ඩොලර් මිලියන හයසිය අට ක ආයෝජනයකින් සිදුකරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකරන සුපිරි තට්ටු නිවාස (apartments) විකිණීම අරඹා තිබේ. | හොංකොං පදනම් කරගත් ෂැන්ග්‍රි-ලා සමාගම විසින් කොළඹ ගාලු මුවදොර ඩොලර් මිලියන 608 ක ආයෝජනයකින් සිදුකරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකරන සුපිරි තට්ටු නිවාස (apartments) විකිණීම අරඹා තිබේ. |
මේ අනුව, මෙම සුපිරි නිවාසයක මිල ඩොලර් හත ලක්ෂයක් (රුපියල් මිලියන අනූ පහ ක් පමණ) සිට ඩොලර් මිලියන එකයි ශත පහ (රුපියල් මිලියන දෙසිය හතර ක් පමණ) ක් දක්වා පරාසයක තිබෙන බව සමාගම සඳහන් කරයි. | මේ අනුව, මෙම සුපිරි නිවාසයක මිල ඩොලර් 700,000 (රුපියල් මිලියන 95 ක් පමණ) සිට ඩොලර් මිලියන 1.5 (රුපියල් මිලියන 204 ක් පමණ) ක් දක්වා පරාසයක තිබෙන බව සමාගම සඳහන් කරයි. |
සමාගම පවසන්නේ මෙහි කුඩාම නිවාසයක් වර්ග අඩි එක්දහස් හත්සිය ක් වන බවයි. | සමාගම පවසන්නේ මෙහි කුඩාම නිවාසයක් වර්ග අඩි 1,700 ක් වන බවයි. |
ෂැන්ග්‍රි-ලා කොළඹ සිදුකරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නිවාස හාරසිය හය ක්, සුපිරි හෝටලයක් සහ සාප්පු සංකීර්ණයක් මෙන්ම කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. | ෂැන්ග්‍රි-ලා කොළඹ සිදුකරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නිවාස 406 ක්, සුපිරි හෝටලයක් සහ සාප්පු සංකීර්ණයක් මෙන්ම කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. |
මෙම හෝටලය කාමර පන්සිය හතළිහ කින් සමන්විත වන ලෙස සැලසුම් කර තිබෙන අතර සාප්පු සංකීර්ණය වර්ග අඩි පනහ දහස් ක ඉඩ පහසුකම් සහිතය. | මෙම හෝටලය කාමර 540 කින් සමන්විත වන ලෙස සැලසුම් කර තිබෙන අතර සාප්පු සංකීර්ණය වර්ග අඩි 50,000 ක ඉඩ පහසුකම් සහිතය. |
මීට අමතරව, කාර්යාල පහසුකම් සඳහා වෙන්කර තිබෙන ප්‍රමාණය වර්ග අඩි ලක්ෂ විසි පහ දහස් කි. | මීට අමතරව, කාර්යාල පහසුකම් සඳහා වෙන්කර තිබෙන ප්‍රමාණය වර්ග අඩි 125,000 කි. |
කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය දෙදහස් දහහත වසරේ දෙවන කාර්තුවේදී විවෘත කිරීමට නියමිත අතර නිවාස සංකීර්ණය (apartments) එම වසරේ අවසාන කාර්තුවේදී විවෘත කිරීමට සැලසුම් කර තිබේ. | කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය 2017 වසරේ දෙවන කාර්තුවේදී විවෘත කිරීමට නියමිත අතර නිවාස සංකීර්ණය (apartments) එම වසරේ අවසාන කාර්තුවේදී විවෘත කිරීමට සැලසුම් කර තිබේ. |
පිටත වටරවුම් මාර්ගයේ දෙවන අදියර ආරම්භ කිරීමේ කොන්ත්‍රාත්තුව අත්සන් කළේ දෙදහස් දහතුන පෙබරවාරි විසි දෙක වනදා බවත් චීන එක්ස්සිම් බැංකුවෙන් ගැනීමට ගිවිසගත් ණය ප්‍රමාණය ඩොලර් මිලියන හාරසිය අනූ හතර ක් බවත් සඳහන්ය. | පිටත වටරවුම් මාර්ගයේ දෙවන අදියර ආරම්භ කිරීමේ කොන්ත්‍රාත්තුව අත්සන් කළේ 2013 පෙබරවාරි 22 වනදා බවත් චීන එක්ස්සිම් බැංකුවෙන් ගැනීමට ගිවිසගත් ණය ප්‍රමාණය ඩොලර් මිලියන 494 ක් බවත් සඳහන්ය. |
පසුගිය මාර්තු මාසයේදී මෙරට බැංකු විසින් පුද්ගලික අංශයට රුපියල් බිලියන හතළිස් එකයි ශත හතර ක ණය ලබාදී තිබෙන අතර ඉදිරියේදීත් පුද්ගලික ණය ගැනීම ඉහළ මට්ටමක පවතිනු ඇතැයි මහ බැංකුව සඳහන් කර තිබේ. | පසුගිය මාර්තු මාසයේදී මෙරට බැංකු විසින් පුද්ගලික අංශයට රුපියල් බිලියන 41.4 ක ණය ලබාදී තිබෙන අතර ඉදිරියේදීත් පුද්ගලික ණය ගැනීම ඉහළ මට්ටමක පවතිනු ඇතැයි මහ බැංකුව සඳහන් කර තිබේ. |
මේ අනුව, මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ මැයි මාසයේදී සියයට හය ක් සහ සියයට හතයි දශම පහක් ලෙස වෙනස් නොකර පවත්වා ගෙන තිබේ. | මේ අනුව, මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ මැයි මාසයේදී 06% ක් සහ 7.5% ක් ලෙස වෙනස් නොකර පවත්වා ගෙන තිබේ. |
මේ වසරේ මේ දක්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට දෙක කින් පමණ අවප්‍රමාණය වී ඇත. | මේ වසරේ මේ දක්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 2.0 කින් පමණ අවප්‍රමාණය වී ඇත. |
නුවර- කොළඹ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා දෙදහස් දෙක වසරේදී එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය සමග මැලේසියානු ආයෝජකයින් පිරිසක් සාකච්ඡා පවත්වා තිබුණි. | නුවර- කොළඹ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා 2002 වසරේදී එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය සමග මැලේසියානු ආයෝජකයින් පිරිසක් සාකච්ඡා පවත්වා තිබුණි. |
කොළඹ- නුවර අධිවේගී මාර්ගය ඉදිකරමින් තිබෙන පිටත වටරවුම් මාර්ගයේ කඩවත පිවිසුම අසලින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර එය අවසන් කිරීමට නියමිතව ඇත්තේ කටුගස්තොටින් වන අතර මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝ මීටර් අනූ නවය කි. | කොළඹ- නුවර අධිවේගී මාර්ගය ඉදිකරමින් තිබෙන පිටත වටරවුම් මාර්ගයේ කඩවත පිවිසුම අසලින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර එය අවසන් කිරීමට නියමිතව ඇත්තේ කටුගස්තොටින් වන අතර මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝ මීටර් 99 කි. |
ශ්‍රී ලංකාව නිකුත් කළ වසර දහයකින් කල් පිරෙන ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කර නිකුතුව මගින් සියයට හයයි දශම එකයි දෙකයි පහ ක පොලී අනුපාතයකට ඩොලර් මිලියන හයසිය පනහ ක ණය මුදලක් ලබාගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. | ශ්‍රී ලංකාව නිකුත් කළ වසර දහයකින් කල් පිරෙන ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කර නිකුතුව මගින් සියයට 6.125 ක පොලී අනුපාතයකට ඩොලර් මිලියන 650 ක ණය මුදලක් ලබාගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. |
වසර දහය කින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර නිකුතුවකදී පදනම් පොලී අනුපාතය ලෙස යොදා ගන්නේ වසර දහය කින් කල් පිරෙන ඇමරිකානු සුරැකුම්පත්වල පොලී අනුපාතයයි. | වසර 10 කින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර නිකුතුවකදී පදනම් පොලී අනුපාතය ලෙස යොදා ගන්නේ වසර 10 කින් කල් පිරෙන ඇමරිකානු සුරැකුම්පත්වල පොලී අනුපාතයයි. |
මේ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ පොලිය සියයට හයයි දශම එකයි දෙකයි පහ ක් වන මෙම බැඳුම්කරයේ අවධානම වෙනුවෙන් ගෙවිය යුතු අමතර ගෙවීම වසර දහය කින් කල් පිරෙන ඇමරිකානු සුරැකුම්පත්වල පොලියට වඩා ඉහළ ගොස් තිබෙන්නේ සියයට තුනයි දශම නවයයි හතකින් පමණක් බවයි. | මේ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ පොලිය 6.125% ක් වන මෙම බැඳුම්කරයේ අවධානම වෙනුවෙන් ගෙවිය යුතු අමතර ගෙවීම වසර 10 කින් කල් පිරෙන ඇමරිකානු සුරැකුම්පත්වල පොලියට වඩා ඉහළ ගොස් තිබෙන්නේ 3.97% කින් පමණක් බවයි. |
කෙසේවෙතත්, දෙදහස් දොළහ වසරේදී ලංකාව විසින් නිකුත් කළ වසර දහය කින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාතය සියයට පහයි දශම අටයි හතයි පහ ක් වෙද්දී අවධානම වෙනුවෙන් ගෙවිය යුතු අමතර ගෙවීම වසර දහය කින් කල් පිරෙන ඇමරිකානු සුරැකුම්පත්වල පොලියට වඩා සියයට හතරයි දශම හතර ක්වී ඇත. | කෙසේවෙතත්, 2012 වසරේදී ලංකාව විසින් නිකුත් කළ වසර 10 කින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාතය සියයට 5.875 ක් වෙද්දී අවධානම වෙනුවෙන් ගෙවිය යුතු අමතර ගෙවීම වසර 10 කින් කල් පිරෙන ඇමරිකානු සුරැකුම්පත්වල පොලියට වඩා සියයට 4.4 ක්වී ඇත. |
දෙදහස් දහහතර වසරේදී ශ්‍රී ලංකාව විසින් වසර පහ කින් කල් පිරෙන බැඳුම්කර ජාත්‍යන්තර වෙළඳ පොළේ සියයට හයක සහ සියයට පහයි දශම එකක පොලී අනුපාත වලට අලෙවි කර තිබේ. | 2014 වසරේදී ශ්‍රී ලංකාව විසින් වසර 05 කින් කල් පිරෙන බැඳුම්කර ජාත්‍යන්තර වෙළඳ පොළේ 6% ක සහ 5.1% ක පොලී අනුපාත වලට අලෙවි කර තිබේ. |
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ මෙවර ඩොලර් බැඳුම්කරය ආයෝජකයින් එකසිය හැත්තෑ තුන දෙනෙකු විසින් මිලදී ගත් බවත් මින් සියයට විසි තුන ක් ආසියානු ආයෝජකයින්ද සියයට විසි හත ක් යුරෝපීය ආයෝජකයින්ද සියයට පනහ ක් ඇමරිකානු ආයෝජකයින්ද මිලදීගත් බවයි. | ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ මෙවර ඩොලර් බැඳුම්කරය ආයෝජකයින් 173 දෙනෙකු විසින් මිලදී ගත් බවත් මින් 23% ක් ආසියානු ආයෝජකයින්ද 27% ක් යුරෝපීය ආයෝජකයින්ද 50% ක් ඇමරිකානු ආයෝජකයින්ද මිලදීගත් බවයි. |
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු කිරීමට අවශ්‍ය වන රුපියල් මිලියන හතළිස් අට දහස් නවසිය හැට නවය ක ණය මුදලක් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) මගින් ලබාගැනීමේ ණය ගිවිසුම් වලට අත්සන් කිරීමට රජය සූදානම් වේ. | බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු කිරීමට අවශ්‍ය වන රුපියල් මිලියන 48,969 ක ණය මුදලක් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) මගින් ලබාගැනීමේ ණය ගිවිසුම් වලට අත්සන් කිරීමට රජය සූදානම් වේ. |
මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙන අතර දෙදහස් විස්ස වනවිට බණ්ඩාරනායක ගුවන් තොටුපොළ මගින් වසරකට හසුරුවන මගීන් ප්‍රමාණය මිලියන පහළොව ක් දක්වා වර්ධනය කිරීම මෙම ඉදිකිරීම් සහ පහසුකම් පුළුල් කිරීම මගින් අපේක්ෂා කර තිබෙන බව රජය සඳහන් කරයි. | මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙන අතර 2020 වනවිට බණ්ඩාරනායක ගුවන් තොටුපොළ මගින් වසරකට හසුරුවන මගීන් ප්‍රමාණය මිලියන 15 ක් දක්වා වර්ධනය කිරීම මෙම ඉදිකිරීම් සහ පහසුකම් පුළුල් කිරීම මගින් අපේක්ෂා කර තිබෙන බව රජය සඳහන් කරයි. |
මේ වනවිට, මෙම ගුවන් තොටුපොළ මගින් වසරකට මගීන් මිලියන හත ක් පමණ හසුරුවන අතර එය උපරිම මට්ටමකට ළඟාවී තිබේ. | මේ වනවිට, මෙම ගුවන් තොටුපොළ මගින් වසරකට මගීන් මිලියන 07 ක් පමණ හසුරුවන අතර එය උපරිම මට්ටමකට ළඟාවී තිබේ. |
විදේශීය ණය අඩු චීනය සහ වියට්නාමය රාජ්‍ය ආයෝජන මගින් ආර්ථික වර්ධනය ඉහළ නැංවීමේ ප්‍රතිපත්තියක සිටියත් මේ වනවිට, ලංකාවේ විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට හැත්තෑ පහ කට ආසන්න නිසා තවදුරටත් ණයට මුදල් ගෙන සිදුකරන රාජ්‍ය ආයෝජන පුළුල් කිරීම මෙරටට අසීරු යැයි හෙතෙම කීය. | විදේශීය ණය අඩු චීනය සහ වියට්නාමය රාජ්‍ය ආයෝජන මගින් ආර්ථික වර්ධනය ඉහළ නැංවීමේ ප්‍රතිපත්තියක සිටියත් මේ වනවිට, ලංකාවේ විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 75 කට ආසන්න නිසා තවදුරටත් ණයට මුදල් ගෙන සිදුකරන රාජ්‍ය ආයෝජන පුළුල් කිරීම මෙරටට අසීරු යැයි හෙතෙම කීය. |
සියයට දහය ක ආර්ථික වර්ධනයක් ලබාගැනීමට හැකි සෘජු විදේශීය ආයෝජන ගෙන්වා ගැනීම කළ හැකි දෙයක් බවත් ලංකාවේ ශ්‍රම බලකායේ නිර්මාණශීලීත්වය එළි දකින ආකාරයෙන් ඵලදායිතාවය නැංවිය යුතු බවත් කුමාරස්වාමි මහතා වැඩිදුරටත් කීය. | සියයට 10 ක ආර්ථික වර්ධනයක් ලබාගැනීමට හැකි සෘජු විදේශීය ආයෝජන ගෙන්වා ගැනීම කළ හැකි දෙයක් බවත් ලංකාවේ ශ්‍රම බලකායේ නිර්මාණශීලීත්වය එළි දකින ආකාරයෙන් ඵලදායිතාවය නැංවිය යුතු බවත් කුමාරස්වාමි මහතා වැඩිදුරටත් කීය. |
දෙදහස් පහළොව මාර්තු තිස් එක වනදායින් අවසන් වන කාර්තුවේදී කොමර්ෂල් බැංකුවේ බදු වලට පසු ලාභය රුපියල් බිලියන දෙකයි දශම පන්සිය නවය ක් දක්වා පසුගිය වසරට සාපේක්ෂව දහයයි ශත එක%ක වර්ධනයක් පෙන්වමින් දෙදහස් පහළොව වසර සඳහා බැංකුවට ශක්තිමත් ආරම්භයක් ලබා දී ඇත. | 2015 මාර්තු 31 වනදායින් අවසන් වන කාර්තුවේදී කොමර්ෂල් බැංකුවේ බදු වලට පසු ලාභය රුපියල් බිලියන 2.509 ක් දක්වා පසුගිය වසරට සාපේක්ෂව 10.1%ක වර්ධනයක් පෙන්වමින් 2015 වසර සඳහා බැංකුවට ශක්තිමත් ආරම්භයක් ලබා දී ඇත. |
මෙහිදී, පසුගිය වසරට සාපේක්ෂව ණය සහ අයවිය යුතු මුදල්වල සහ ගනුදෙනුකරුවන් සිදුකළ තැන්පතුවල ශක්තිමත් වර්ධනය මෙන්ම අඩු පිරිවැය තුලින් ලබාගත් රුපියල් බිලියන හතයි ශත දෙසිය තිස් තුන ක ශුද්ධ පොලී ආදායමද මෙම වර්ධනය සඳහා දායකවී තිබේ. මේ බව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දෙමින් ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් ... | මෙහිදී, පසුගිය වසරට සාපේක්ෂව ණය සහ අයවිය යුතු මුදල්වල සහ ගනුදෙනුකරුවන් සිදුකළ තැන්පතුවල ශක්තිමත් වර්ධනය මෙන්ම අඩු පිරිවැය තුලින් ලබාගත් රුපියල් බිලියන 7.233 ක ශුද්ධ පොලී ආදායමද මෙම වර්ධනය සඳහා දායකවී තිබේ. මේ බව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දෙමින් ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව සඳහන් කර ත... |
විමසා බලන මාස තුනක කාලය තුළදී අගය එකතු කිරීමේ බද්දට සහ ජාතිය ගොඩනැගීමේ බද්දට පෙර කොමර්ෂල් බැංකුවේ ලාභය හතයි ශත අසූ අට% කින් වර්ධනය වී රුපියල් බිලියන හතරයි ශත දෙසිය හතර ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර බදු වලට පෙර ලාභය අටයි ශත හැත්තෑ හත% ක වර්ධනයක් සමග රුපියල් බිලියන තුනයි ශත පන්සිය හැත්තෑ නවය ක් දක්වා ඉහල ගොස් ඇතැයි බැංකුව ... | විමසා බලන මාස තුනක කාලය තුළදී අගය එකතු කිරීමේ බද්දට සහ ජාතිය ගොඩනැගීමේ බද්දට පෙර කොමර්ෂල් බැංකුවේ ලාභය 7.88% කින් වර්ධනය වී රුපියල් බිලියන 4.204 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර බදු වලට පෙර ලාභය 8.77% ක වර්ධනයක් සමග රුපියල් බිලියන 3.579 ක් දක්වා ඉහල ගොස් ඇතැයි බැංකුව සඳහන් කරයි. ශුද්ධ පොලී ආදායම, කොමිස් ආදායම, විදේශ විනිමය ... |
බැංකුව සඳහන් කරන්නේ දෙදහස් පහළොව මාර්තු තිස් එක වනදායින් අවසන් වන කාර්තුව තුළදී සමස්ත ණය සහ අයවිය යුතු මුදල් රුපියල් බිලියන හාරසිය අනූ අටයි ශත පන්සිය පනස් දෙක ක් දක්වා පසුගිය මාස දොළහ ක කාලය තුළදී දහනවයයි ශත දහතුන% කින් වර්ධනය වී තිබෙන බවයි. මේ අතර, බැංකුවේ සමස්ත තැන්පතු දෙදහස් දහහතර දෙසැම්බර් තිස් එක වනදා සිට මාසයකට ර... | බැංකුව සඳහන් කරන්නේ 2015 මාර්තු 31 වනදායින් අවසන් වන කාර්තුව තුළදී සමස්ත ණය සහ අයවිය යුතු මුදල් රුපියල් බිලියන 498.552 ක් දක්වා පසුගිය මාස 12 ක කාලය තුළදී 19.13% කින් වර්ධනය වී තිබෙන බවයි. මේ අතර, බැංකුවේ සමස්ත තැන්පතු 2014 දෙසැම්බර් 31 වනදා සිට මාසයකට රුපියල් බිලියන 06 කට වැඩි සාමාන්‍යයකින් වර්ධනය වී තිබෙන අතර සලකා බල... |
විමසා බලන කාල සීමාවේදී බැංකුවේ සමස්ත වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන අටසිය සීමාව පසුකරමින් කාර්තුව අවසන් වනවිට රුපියල් බිලියන අටසිය හතයි දශම අටයි පහයි දෙකක් දක්වා වර්ධනය වී තිබේ. | විමසා බලන කාල සීමාවේදී බැංකුවේ සමස්ත වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 800 සීමාව පසුකරමින් කාර්තුව අවසන් වනවිට රුපියල් බිලියන 807.852 ක් දක්වා වර්ධනය වී තිබේ. |
පුද්ගලික පිරිවැය, ක්ෂ්‍යවීම් සහ අනිකුත් වියදම් ඇතුළත් සමස්ත වියදම් සලකා බලන කාර්තුවේදී හත×සියයට අසූ දෙක කින් වැඩිවී රුපියල් බිලියන හතරයි දශම එකයි හතරයි අටක් දක්වා ඉහළ ගොස් තිබේ. | පුද්ගලික පිරිවැය, ක්ෂ්‍යවීම් සහ අනිකුත් වියදම් ඇතුළත් සමස්ත වියදම් සලකා බලන කාර්තුවේදී 7×82% කින් වැඩිවී රුපියල් බිලියන 4.148 ක් දක්වා ඉහළ ගොස් තිබේ. |
අනිකුත් ප‍්‍රධාන දර්ශක සැලකීමේදී බැංකුවේ දළ සහ ශුද්ධ අක‍්‍රීය ණය අනුපාතය පිළිවෙලින් සියයට තුන ක් සහ සියයට එක ක් දක්වා පසුගිය වසරේදී තිබූ සියයට හතර ක සහ සියයට දෙක ඉහළ මට්ටමේ සිට අඩු වී ඇත. | අනිකුත් ප‍්‍රධාන දර්ශක සැලකීමේදී බැංකුවේ දළ සහ ශුද්ධ අක‍්‍රීය ණය අනුපාතය පිළිවෙලින් 3.40% ක් සහ 1.88% ක් දක්වා පසුගිය වසරේදී තිබූ 4.40% ක සහ 2.54% ඉහළ මට්ටමේ සිට අඩු වී ඇත. |
මේ අතුරින් දැනටමත් හික්කඩුව හා වස්කඩුව හෝටල් ගොඩනඟා සුඛෝපභෝගී කාමර දෙසීයක් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට එක් කර තිබේ. | මේ අතුරින් දැනටමත් හික්කඩුව හා වස්කඩුව හෝටල් ගොඩනඟා සුඛෝපභෝගී කාමර 200ක් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට එක් කර තිබේ. |
මේ අතරතුර විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව අප සමාගම් වෙත මාර්තු විස්ස වන දින මේ පිළිබඳව විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීමට යෝජනා කළ අතර ඒ අනුව සියලුම කොටස්කරුවන් වෙත අප විසින් අප්‍රේල් මස හත වන දින චක්‍ර ලේඛනයක් යවන ලදී. | මේ අතරතුර විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව අප සමාගම් වෙත මාර්තු 20 වන දින මේ පිළිබඳව විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීමට යෝජනා කළ අතර ඒ අනුව සියලුම කොටස්කරුවන් වෙත අප විසින් අප්‍රේල් මස 07 වන දින චක්‍ර ලේඛනයක් යවන ලදී. |
කෙසේවෙතත් මහජන කොටස් නිකුතුව මගින් ලබාගත් රුපියල් මිලියන දෙසිය අසූ තුනක මුදල මෙන්ම මුල් ආයෝජකයන් යෙදවූ මුදල් මෙන්ම පෞද්ගලික ආයෝජකයන් යෙදවූ මුදල්ද සමාගම වෙනුවෙන් කෙටිකාලීනව හා මධ්‍ය කාලීනව උපායමාර්ගිකව ආයෝජනය කොට තිබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. | කෙසේවෙතත් මහජන කොටස් නිකුතුව මගින් ලබාගත් රුපියල් මිලියන 283ක මුදල මෙන්ම මුල් ආයෝජකයන් යෙදවූ මුදල් මෙන්ම පෞද්ගලික ආයෝජකයන් යෙදවූ මුදල්ද සමාගම වෙනුවෙන් කෙටිකාලීනව හා මධ්‍ය කාලීනව උපායමාර්ගිකව ආයෝජනය කොට තිබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. |
සිරස මාධ්‍ය ජාලය විසින් පළකරනු ලැබූ අසත්‍ය හා ද්වේෂ සහගත පුවත් තුළින් දෙරණ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ දිලිත් ජයවීර මහතාගේ කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් කෝටි දෙසීය ක වන්දියක් ඉල්ලා ඔහුගේ නීතිඥවරයා විසින් එන්තරවාසියක් යවා තිබේ. | සිරස මාධ්‍ය ජාලය විසින් පළකරනු ලැබූ අසත්‍ය හා ද්වේෂ සහගත පුවත් තුළින් දෙරණ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ දිලිත් ජයවීර මහතාගේ කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් කෝටි 200 ක වන්දියක් ඉල්ලා ඔහුගේ නීතිඥවරයා විසින් එන්තරවාසියක් යවා තිබේ. |
එසේම තම සේවාදායකයා පුරෝගාමීව සම්බන්ධ වූ “දෙරණ”රූපවාහිනී නාලිකාව සහ “දෙරණ”ගුවන්විදුලි නාලිකාව ගැන සිහිපත් කර ඇති ඔහු වසර නවය ක් වැනි කෙටි කාලයක් තුළ ශ‍්‍රී ලංකාවේ අතිශය ජනප‍්‍රිය නාලිකාවක් බවට පත්වූ මෙම නාලිකාව තම සේවාදායකයාගේ මතයට අනුව මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ පැහැදිලි වෙනසක් සඳහා මුල්වී ඇති බව පෙන්වාදී ඇත. | එසේම තම සේවාදායකයා පුරෝගාමීව සම්බන්ධ වූ “දෙරණ”රූපවාහිනී නාලිකාව සහ “දෙරණ”ගුවන්විදුලි නාලිකාව ගැන සිහිපත් කර ඇති ඔහු වසර 9 ක් වැනි කෙටි කාලයක් තුළ ශ‍්‍රී ලංකාවේ අතිශය ජනප‍්‍රිය නාලිකාවක් බවට පත්වූ මෙම නාලිකාව තම සේවාදායකයාගේ මතයට අනුව මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ පැහැදිලි වෙනසක් සඳහා මුල්වී ඇති බව පෙන්වාදී ඇත. |
එසේම තම සේවාදායකයා තමන්ගේ දැඩි පරිශ‍්‍රමයෙන්, කැපවීමෙන් හා ධෛර්යෙන් ගොඩනඟන ලද ශ‍්‍රී ලංකාවේ අතිශය නිර්මාණශීලී දැන්වීම් සමාගමක් වන ට‍්‍රයඞ් ආයතනයේ සම ප‍්‍රාරම්භක හිමිකරු වන බවත්, වසර විසි තුන කට ඉහත කාලයකදී ආරම්භ කරන ලද මෙම ආයතනය ශ‍්‍රී ලංකාවේ අංක එකේ නිර්මාණාත්මක දැන්වීම් ආයතනය ලෙස අඛණ්ඩව තෙවරක්ම සම්මාන ලැබූ අතර, ඔවුන්... | එසේම තම සේවාදායකයා තමන්ගේ දැඩි පරිශ‍්‍රමයෙන්, කැපවීමෙන් හා ධෛර්යෙන් ගොඩනඟන ලද ශ‍්‍රී ලංකාවේ අතිශය නිර්මාණශීලී දැන්වීම් සමාගමක් වන ට‍්‍රයඞ් ආයතනයේ සම ප‍්‍රාරම්භක හිමිකරු වන බවත්, වසර 23 කට ඉහත කාලයකදී ආරම්භ කරන ලද මෙම ආයතනය ශ‍්‍රී ලංකාවේ අංක එකේ නිර්මාණාත්මක දැන්වීම් ආයතනය ලෙස අඛණ්ඩව තෙවරක්ම සම්මාන ලැබූ අතර, ඔවුන්ගේ නිර... |
මාගේ සේවාදායකයා වන කොළඹ පහ, අල්විස් පෙදෙස, අංක හයෙන් හතළිස් පහ දරන ස්ථානයේ පදිංචි දිලිත් | මාගේ සේවාදායකයා වන කොළඹ 5, අල්විස් පෙදෙස, අංක 45/6 දරන ස්ථානයේ පදිංචි දිලිත් |
මාගේ සේවාදායකයා තමන්ගේ දැඩි පරිශ‍්‍රමයෙන්, කැපවීමෙන් හා ධෛර්යෙන් ගොඩනගන ලද ශ‍්‍රී ලංකාවේ අතිශය නිර්මාණශීලී දැන්වීම් සමාගමක් වන ට‍්‍රයඞ් ආයතනයේ සම ප‍්‍රාරම්භක හිමිකරුවේ. වසර විසි තුන කට ඉහත කාලයකදී ආරම්භ කරන ලද මෙම ආයතනය ශ‍්‍රී ලංකාවේ අංක එකේ නිර්මාණාත්මක දැන්වීම් ආයතනය ලෙස අඛණ්ඩව තෙවරක්ම සම්මාන ලැබූ අතර, ඔවුන්ගේ නිර්මා... | මාගේ සේවාදායකයා තමන්ගේ දැඩි පරිශ‍්‍රමයෙන්, කැපවීමෙන් හා ධෛර්යෙන් ගොඩනගන ලද ශ‍්‍රී ලංකාවේ අතිශය නිර්මාණශීලී දැන්වීම් සමාගමක් වන ට‍්‍රයඞ් ආයතනයේ සම ප‍්‍රාරම්භක හිමිකරුවේ. වසර 23 කට ඉහත කාලයකදී ආරම්භ කරන ලද මෙම ආයතනය ශ‍්‍රී ලංකාවේ අංක එකේ නිර්මාණාත්මක දැන්වීම් ආයතනය ලෙස අඛණ්ඩව තෙවරක්ම සම්මාන ලැබූ අතර, ඔවුන්ගේ නිර්මාණාත්මක... |
මාගේ සේවාදායකයා පුරෝගාමීව සම්බන්ධ වූ තවත් එවැනි ව්‍යාපාරයක් වන්නේ “දෙරණ”රූපවාහිනී නාලිකාව සහ “දෙරණ”ගුවන්විදුලි නාලිකාවයි. වසර නවය ක් වැනි කෙටි කාලයක් තුළ ශ‍්‍රී ලංකාවේ අතිශය ජනප‍්‍රිය නාලිකාවක් බවට පත්වූ මෙම නාලිකාව මාගේ සේවාදායකයාගේ මතයට අනුව මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ පැහැදිලි වෙනසක් සඳහා මුල්වී ඇත. | මාගේ සේවාදායකයා පුරෝගාමීව සම්බන්ධ වූ තවත් එවැනි ව්‍යාපාරයක් වන්නේ “දෙරණ”රූපවාහිනී නාලිකාව සහ “දෙරණ”ගුවන්විදුලි නාලිකාවයි. වසර 9 ක් වැනි කෙටි කාලයක් තුළ ශ‍්‍රී ලංකාවේ අතිශය ජනප‍්‍රිය නාලිකාවක් බවට පත්වූ මෙම නාලිකාව මාගේ සේවාදායකයාගේ මතයට අනුව මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ පැහැදිලි වෙනසක් සඳහා මුල්වී ඇත. |
මෙම සමාගම් දැනට ක‍්‍රියාකාරී සංචාරක ව්‍යාපාරයේ යෙදෙන අතර, මේ අතර තරු පහ හෝටලයක් ද, තරු හතර හෝටලයක් ද වන බවයි. මීට අමතරව කල්පිටිය සහ | මෙම සමාගම් දැනට ක‍්‍රියාකාරී සංචාරක ව්‍යාපාරයේ යෙදෙන අතර, මේ අතර තරු 5 හෝටලයක් ද, තරු 4 හෝටලයක් ද වන බවයි. මීට අමතරව කල්පිටිය සහ |
වශයෙන් දෙදහස් කට අධික ප‍්‍රමාණයකට රැකියා අවස්ථා සපයා ඇති අතර, වක‍්‍රව තවත් තුන දහස් කට අධික ප‍්‍රමාණයකට තම ජීවිකාව කරගෙන යාම සඳහා අවස්ථාවන් නිරඣමාණය කර ඇති බවද ඔබ වෙත දැන්වීමට උපදෙස් ලැබී ඇත. | වශයෙන් 2,000 කට අධික ප‍්‍රමාණයකට රැකියා අවස්ථා සපයා ඇති අතර, වක‍්‍රව තවත් 3,000 කට අධික ප‍්‍රමාණයකට තම ජීවිකාව කරගෙන යාම සඳහා අවස්ථාවන් නිරඣමාණය කර ඇති බවද ඔබ වෙත දැන්වීමට උපදෙස් ලැබී ඇත. |
මාගේ සේවාදායකයාගේ උපදෙස් පරිදි ඔහුගේ අවුරුදු විසි තුන ක ව්‍යාපාරික හා වෘත්තීය ජීවිතය තුළ ඔහු කටයුතු කර ඇත්තේ ඉතා උසස් අචාර ධර්මයන්ට අනුකූලව ව්‍යාපාරික සම්ප‍්‍රදායන්ට ගරුකරමින් ඔහුගේ හෘදය සාක්ෂියට එකඟව බවත් සාම්ප‍්‍රදායික ව්‍යාපාර අරමුණන් ඔබ්බට ගිය බෞද්ධ දර්ශනය මත පදනම් වූ මූල්‍ය ලාභය ද්විතීයික වන සමාජ දායකත්වය පෙරදැරි ... | මාගේ සේවාදායකයාගේ උපදෙස් පරිදි ඔහුගේ අවුරුදු 23 ක ව්‍යාපාරික හා වෘත්තීය ජීවිතය තුළ ඔහු කටයුතු කර ඇත්තේ ඉතා උසස් අචාර ධර්මයන්ට අනුකූලව ව්‍යාපාරික සම්ප‍්‍රදායන්ට ගරුකරමින් ඔහුගේ හෘදය සාක්ෂියට එකඟව බවත් සාම්ප‍්‍රදායික ව්‍යාපාර අරමුණන් ඔබ්බට ගිය බෞද්ධ දර්ශනය මත පදනම් වූ මූල්‍ය ලාභය ද්විතීයික වන සමාජ දායකත්වය පෙරදැරි කොටගත් |
වෙනත් කරුණු අතර, විශේෂ වශයෙන් වර්ෂ දෙදහස් පහළොව. පහ. දහහත වෙනි ඉරිදා දින රාත‍්‍රී හත ට සිරස නිවුස් | වෙනත් කරුණු අතර, විශේෂ වශයෙන් වර්ෂ 2015. 05. 17 වෙනි ඉරිදා දින රාත‍්‍රී 7.00 ට සිරස නිවුස් |
ෆස්ට් ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයේ මිනිත්තු හය කට ආසන්න කාලයක් තුළ විකාශනය වූ පුවතෙහි සඳහන් | ෆස්ට් ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයේ මිනිත්තු 6 කට ආසන්න කාලයක් තුළ විකාශනය වූ පුවතෙහි සඳහන් |
“ලංකා හොස්පිට්ල් ආයතනය රුපියල් විසි අට ක් ව පැවති කොටසක් රුපියල් හැට හතර ක් දක්වා විශ්මයජනක ලෙස එක්වරම ඉහළ දමා ඉන්ඣීය සමාගමකට විකි”ම පිළිබඳව ජයවීර | “ලංකා හොස්පිට්ල් ආයතනය රුපියල් 28 ක් ව පැවති කොටසක් රුපියල් 64 ක් දක්වා විශ්මයජනක ලෙස එක්වරම ඉහළ දමා ඉන්ඣීය සමාගමකට විකි”ම පිළිබඳව ජයවීර |
“එක් අවස්ථාවකඣී මිලියන හැට කට ලබාගත් ඉඩමක වටිනාකම එකවර කිහිප ගුණයකින් වැඩි වුණා.” | “එක් අවස්ථාවකඣී මිලියන 60 කට ලබාගත් ඉඩමක වටිනාකම එකවර කිහිප ගුණයකින් වැඩි වුණා.” |
එක. අග‍්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශය තම අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා සංස්කරණය කර පල කර ඇති බවද, | 1. අග‍්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශය තම අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා සංස්කරණය කර පල කර ඇති බවද, |
දෙක. පුවත්පතක පළ වූ වැරදි කරුණු උපුටා දක්වා ඇති බවද, | 2. පුවත්පතක පළ වූ වැරදි කරුණු උපුටා දක්වා ඇති බවද, |
තුන. මුදල් ගෙවා සේවය ලබා ගත් පුද්ගලයකු ලවා සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු සහ සංඛ්‍යා | 3. මුදල් ගෙවා සේවය ලබා ගත් පුද්ගලයකු ලවා සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු සහ සංඛ්‍යා |
හතර. ද්වේශ සහගත ලෙස ප‍්‍රවෘත්තිය පෙළ ගැස්සීම සහ ඉදිරිපත් කිරීම තුළින් මාගේ සේවාදායකයා පිළිබඳව වැරදි සහගත මතයක් සමාජ ගතවීමට ඉඩහැරීම තුළින් මාගේ සේවාදායකයාගෙන් මා හට උපදෙස් ලැබී ඇත්තේ සියලූ මාධ්‍ය සදාචාර හා ආචාරධර්ම උල්ලංඝණය කිරීමෙන් තම අභිමතාර්ථ සහ සැඟවුණු න්‍යායපත‍්‍ර මත මාධ්‍ය අපහරණය කරනු | 4. ද්වේශ සහගත ලෙස ප‍්‍රවෘත්තිය පෙළ ගැස්සීම සහ ඉදිරිපත් කිරීම තුළින් මාගේ සේවාදායකයා පිළිබඳව වැරදි සහගත මතයක් සමාජ ගතවීමට ඉඩහැරීම තුළින් මාගේ සේවාදායකයාගෙන් මා හට උපදෙස් ලැබී ඇත්තේ සියලූ මාධ්‍ය සදාචාර හා ආචාරධර්ම උල්ලංඝණය කිරීමෙන් තම අභිමතාර්ථ සහ සැඟවුණු න්‍යායපත‍්‍ර මත මාධ්‍ය අපහරණය කරනු |
අපහාසය හා මානසික පීඩනය මාගේ සේවාදායකයා විසින් සාධාරණව රුපියල් බිලියන දෙකකට (රුපියල් දෙසීය කෝටියක්/-) අගය කර සිටින අතර, එකී මුදල මෙම ලිපියේ ත්‍ථන සිට දින විසි එකක (විසි එක) කාලයක් තුළ ගෙවා දමන ලෙසටත් අදාළ පදනම් විරහිත ඉදිරිපත් කිරීම් වහාම නවත්වන ලෙසටත්, එම පළවූ මාධ්‍ය තුළින්ම ඒවා ඉල්ලා අස්කර ගන්නා ලෙසටත්, ඔබ විසින් කරන ... | අපහාසය හා මානසික පීඩනය මාගේ සේවාදායකයා විසින් සාධාරණව රුපියල් බිලියන 2කට (රු.2,000,000,000/-) අගය කර සිටින අතර, එකී මුදල මෙම ලිපියේ ත්‍ථන සිට දින විසි එකක (21) කාලයක් තුළ ගෙවා දමන ලෙසටත් අදාළ පදනම් විරහිත ඉදිරිපත් කිරීම් වහාම නවත්වන ලෙසටත්, එම පළවූ මාධ්‍ය තුළින්ම ඒවා ඉල්ලා අස්කර ගන්නා ලෙසටත්, ඔබ විසින් කරන ලද අභූත චෝදන... |
අංක හයෙන් හතළිස් පහ, අල්විස් පෙදෙස | අංක 45/6, අල්විස් පෙදෙස |
ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර (international sovereign bonds) නිකුතුවක් සහ සංවර්ධන බැඳුම්කර (development bonds) නිකුතුවක් සිදුකරමින් ලංකාව ඩොලර් මිලියන නවසිය අසූ අට ක් සියයට පහයි දශම දෙක ක සාමාන්‍ය පොලී අනුපාතයකට (weighted average cost) රැස්කර ගත්බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි. | ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර (international sovereign bonds) නිකුතුවක් සහ සංවර්ධන බැඳුම්කර (development bonds) නිකුතුවක් සිදුකරමින් ලංකාව ඩොලර් මිලියන 988 ක් 5.2% ක සාමාන්‍ය පොලී අනුපාතයකට (weighted average cost) රැස්කර ගත්බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි. |
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ සියයට 6.125 ක පොලී අනුපාතයකට (yield) ඩොලර් මිලියන හයසිය පනහ ක් ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර නිකුතුවක් සහ සියයට තුනයි දශම නවයයි හතයි ක පොලී අනුපාතයකට (yield) ඩොලර් මිලියන තුන්සිය තිස් අට ක් ජාත්‍යන්තර සංවර්ධන බැඳුම්කර නිකුතුවක් සිදුකරමින් ණය ලෙස ලබාගත් බවයි. | අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ 6.125% ක පොලී අනුපාතයකට (yield) ඩොලර් මිලියන 650 ක් ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර නිකුතුවක් සහ සියයට 3.17 ක පොලී අනුපාතයකට (yield) ඩොලර් මිලියන 338 ක් ජාත්‍යන්තර සංවර්ධන බැඳුම්කර නිකුතුවක් සිදුකරමින් ණය ලෙස ලබාගත් බවයි. |
මෙහිදී, අදහස් දැක්වූ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසුවේ අවධානම වෙනුවෙන් අමතරව ගෙවිය යුතු මුදල මෙම බැඳුම්කර නිකුතුවේදී සියයට තුනයි දශම නවය ක්වූ බවත් දෙදහස් දොළහ වසරේ නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේදී එය සියයට හතරයි දශම හතරක් ක්වූ බවයි. | මෙහිදී, අදහස් දැක්වූ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසුවේ අවධානම වෙනුවෙන් අමතරව ගෙවිය යුතු මුදල මෙම බැඳුම්කර නිකුතුවේදී 3.9% ක්වූ බවත් 2012 වසරේ නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේදී එය සියයට 4.4 ක්වූ බවයි. |
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක තිහ අවුරුදු බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන දෝෂ සම්බන්ධයෙන් අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර එහිදී ඔහු කියා සිටියේ මේ වනවිට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුවෙමින් තිබෙ... | ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක 30 අවුරුදු බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන දෝෂ සම්බන්ධයෙන් අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර එහිදී ඔහු කියා සිටියේ මේ වනවිට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුවෙමින් තිබෙන... |
සියයට හයයි දශම තුනයි හතයි පහ ක පමණ පොලී අනුපාතයකට (Price Guidance) රජය ජාත්‍යන්තර වෙළඳ පොළින් වසර දහය කින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර නිකුතුවක් සිදුකරමින් ණයක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව බ්ලූම්බර්ග් පුවත් සේවාව වාර්තා කරයි. | සියයට 6.375 ක පමණ පොලී අනුපාතයකට (Price Guidance) රජය ජාත්‍යන්තර වෙළඳ පොළින් වසර 10 කින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර නිකුතුවක් සිදුකරමින් ණයක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව බ්ලූම්බර්ග් පුවත් සේවාව වාර්තා කරයි. |
දෙදහස් දහහතර වසරේදී ශ්‍රී ලංකාව වසර පහකින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර සියයට හය ක සහ සියයට පහයි දශම එකයි දෙකයි පහ ක පොලී අනුපාත වලට නිකුත් කර තිබුණු අතර වසර දහයකින් කල් පිරෙන ඩොලර් බැඳුම්කරයක් අවසන් වරට ලංකාව නිකුත් කර තිබුණේ දෙදහස් දොළහ වසරේදීයි. | 2014 වසරේදී ශ්‍රී ලංකාව වසර පහකින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර 6.0% ක සහ 5.125% ක පොලී අනුපාත වලට නිකුත් කර තිබුණු අතර වසර දහයකින් කල් පිරෙන ඩොලර් බැඳුම්කරයක් අවසන් වරට ලංකාව නිකුත් කර තිබුණේ 2012 වසරේදීයි. |
මේ අනුව, මෙම හෝටලයේ සියයට තිහ ක කොටස් හිමිකාරීත්වයක් හිමිව තිබුණු අනුර ලොකුහෙට්ටි මහතා පසුගියදා තමන් සතුවූ කොටස් සියල්ල සුමිත් ගුරුගේ සහ ජිට් වර්ණකුලසූරිය යන කොටස්කරුවන් දෙදෙනාට අලෙවිකළ බව සුමිත් ගුරුගේ මහතා අප සමග සඳහන් කළේය. | මේ අනුව, මෙම හෝටලයේ සියයට 30 ක කොටස් හිමිකාරීත්වයක් හිමිව තිබුණු අනුර ලොකුහෙට්ටි මහතා පසුගියදා තමන් සතුවූ කොටස් සියල්ල සුමිත් ගුරුගේ සහ ජිට් වර්ණකුලසූරිය යන කොටස්කරුවන් දෙදෙනාට අලෙවිකළ බව සුමිත් ගුරුගේ මහතා අප සමග සඳහන් කළේය. |
ඔහු වැඩිදුරටත් පැවසුවේ තිබුණු ගැටලු සමථයකට පත්කර ගනිමින් සිදුවූ මෙම කොටස් විකිණීමෙන් පසුව මෙම හෝටලයේ කොටස් අයිතියෙන් සියයට තිහ ක් තමාටත් සියයට විසි හත ක් ජිට් වර්ණකුලසූරිය මහතාටත්, සියයට තිස් අට ක් බ්‍රිතාන්‍යය ජාතික ක්ලයිව් ලීච් මහතාටත්, සියයට පහ ක් ඉන්දියානු ජාතික ගෞතම් රාඩියා මහතාටත් මේ වනවිට අයත්වන බවයි. | ඔහු වැඩිදුරටත් පැවසුවේ තිබුණු ගැටලු සමථයකට පත්කර ගනිමින් සිදුවූ මෙම කොටස් විකිණීමෙන් පසුව මෙම හෝටලයේ කොටස් අයිතියෙන් සියයට 30 ක් තමාටත් සියයට 27 ක් ජිට් වර්ණකුලසූරිය මහතාටත්, සියයට 38 ක් බ්‍රිතාන්‍යය ජාතික ක්ලයිව් ලීච් මහතාටත්, 05% ක් ඉන්දියානු ජාතික ගෞතම් රාඩියා මහතාටත් මේ වනවිට අයත්වන බවයි. |
දෙදහස් දහතුන සැප්තැම්බර් මාසයේදී නිවේදනයක් නිකුත් කරමින් හෝටලයේ අධ්‍යක්ෂවරුන් වන සුමිත් ගුරුගේ මහතා සහ ජිට් වර්ණකුලසූරිය මහතා පවසා තිබුණේ මෙම හෝටලය ඉදිකිරීම සඳහා දෙදහස් හතර වසරේදී සම්පූර්ණ ප්‍රාග්ධනය යෙදවූයේ අසූව හැවිරිදි බ්‍රිතාන්‍යය ජාතික ක්ලව් ලීච් මහතා බවයි. | 2013 සැප්තැම්බර් මාසයේදී නිවේදනයක් නිකුත් කරමින් හෝටලයේ අධ්‍යක්ෂවරුන් වන සුමිත් ගුරුගේ මහතා සහ ජිට් වර්ණකුලසූරිය මහතා පවසා තිබුණේ මෙම හෝටලය ඉදිකිරීම සඳහා 2004 වසරේදී සම්පූර්ණ ප්‍රාග්ධනය යෙදවූයේ 80 හැවිරිදි බ්‍රිතාන්‍යය ජාතික ක්ලව් ලීච් මහතා බවයි. |
මේ වසරේ මුල් මාස තුන තුළදී මෙරට රාජ්‍ය ආදායම් පසුගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට අට කින් වර්ධනය වී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි. | මේ වසරේ මුල් මාස තුන තුළදී මෙරට රාජ්‍ය ආදායම් පසුගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 08 කින් වර්ධනය වී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි. |
ආදායම් රැස්කර ගැනීම පිළිබඳව නව රජය ධනාත්මක ආකල්පයක සිටියත් දෙදහස් පහළොව වසර වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අයවැය හිඟය පවත්වා ගැනීමට ලංකාවට ඉතාමත් අසීරු වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා අනතුරු හැඟවීය. | ආදායම් රැස්කර ගැනීම පිළිබඳව නව රජය ධනාත්මක ආකල්පයක සිටියත් 2015 වසර වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අයවැය හිඟය පවත්වා ගැනීමට ලංකාවට ඉතාමත් අසීරු වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා අනතුරු හැඟවීය. |
මූල්‍ය අරමුදල පවසා තිබුණේ නව රජය විසින් දෙදහස් පහළොව අයවැය මගින් හඳුන්වාදී තිබෙන එක් වරක් (one-off) පමණක් අයකරන බදු අවසන් වීමෙන් පසුව දෙදහස් දහසය වසරේදී මෙරට රාජ්‍ය ආදායම පහළ යෑමේ හැකියාවක්ද තිබෙන බවයි. | මූල්‍ය අරමුදල පවසා තිබුණේ නව රජය විසින් 2015 අයවැය මගින් හඳුන්වාදී තිබෙන එක් වරක් (one-off) පමණක් අයකරන බදු අවසන් වීමෙන් පසුව 2016 වසරේදී මෙරට රාජ්‍ය ආදායම පහළ යෑමේ හැකියාවක්ද තිබෙන බවයි. |
බංකොලොත් වූ ගොල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ මුදල් තැන්පත් කළ දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය සහ තවත් තැන්පතු කරුවන් විසි තුන දෙනෙකු විසින් තමන්ගේ තැන්පතු මුදල් ගෙවන ලෙස ඉල්ලා මෙම නඩුව පවරා තිබෙන්නේ දෙදහස් නවය වසරේ මාර්තු විසි තුන වනදායි. | බංකොලොත් වූ ගොල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ මුදල් තැන්පත් කළ දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය සහ තවත් තැන්පතු කරුවන් 23 දෙනෙකු විසින් තමන්ගේ තැන්පතු මුදල් ගෙවන ලෙස ඉල්ලා මෙම නඩුව පවරා තිබෙන්නේ 2009 වසරේ මාර්තු 23 වනදායි. |
රුපියල් මිලියනයක් දක්වා මුදල් තැන්පත් කර ඇති අයගේ මුදල් ගෙවීම මාසයක් ඇතුළතත්, රුපියල් මිලියන දහය ක් දක්වා මුදල් තැන්පත් කර ඇති අයගේ මුදල් මාස දෙකක් ඇතුළතත් ගෙවීම ආරම්භ කරන බව මුදල් අමාත්‍යවරයා එම අවස්ථාවේදී සඳහන් කළේය. | රුපියල් මිලියනයක් දක්වා මුදල් තැන්පත් කර ඇති අයගේ මුදල් ගෙවීම මාසයක් ඇතුළතත්, රුපියල් මිලියන 10 ක් දක්වා මුදල් තැන්පත් කර ඇති අයගේ මුදල් මාස දෙකක් ඇතුළතත් ගෙවීම ආරම්භ කරන බව මුදල් අමාත්‍යවරයා එම අවස්ථාවේදී සඳහන් කළේය. |
දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය සඳහන් කළේ මේ ආකාරයෙන් ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන විසි හය ක් පමණ වනු ඇති බවයි. | දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය සඳහන් කළේ මේ ආකාරයෙන් ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 26 ක් පමණ වනු ඇති බවයි. |
ගාස්තු අයකරන රූපවාහිනී අංශයේ මෙරට ප්‍රමුඛතම සමාගමක් වන ඩයලොග් රූපවාහිනියේ ග්‍රාහකයින් ප්‍රමාණය පහ ලක්ෂයක් සීමාව පසුකර තිබෙන බව අනාවරණය වේ. | ගාස්තු අයකරන රූපවාහිනී අංශයේ මෙරට ප්‍රමුඛතම සමාගමක් වන ඩයලොග් රූපවාහිනියේ ග්‍රාහකයින් ප්‍රමාණය 500,000 සීමාව පසුකර තිබෙන බව අනාවරණය වේ. |
මේ අනුව, දෙදහස් පහළොව මාර්තු මාසය අවසන් විට ඩයලොග් රූපවාහිනී ග්‍රාහකයින් ප්‍රමාණය පහ ලක්ෂ හතර දහසක්වී ඇත. සමාගම සඳහන් කරන්නේ මෙය ගිය වසරේ පළමු කාර්තුව සමග සැසඳීමේදී සියයට පහ ක වර්ධනයක් බවයි. | මේ අනුව, 2015 මාර්තු මාසය අවසන් විට ඩයලොග් රූපවාහිනී ග්‍රාහකයින් ප්‍රමාණය 504,000 ක්වී ඇත. සමාගම සඳහන් කරන්නේ මෙය ගිය වසරේ පළමු කාර්තුව සමග සැසඳීමේදී සියයට 05 ක වර්ධනයක් බවයි. |
ඩයලොග් රූපවාහිනිය විසින් දෙදහස් පහළොව පළමු කාර්තුව තුළදී රුපියල් මිලියන එකසිය තිස් නවය ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමටද සමත්ව ඇත. | ඩයලොග් රූපවාහිනිය විසින් 2015 පළමු කාර්තුව තුළදී රුපියල් මිලියන 139 ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමටද සමත්ව ඇත. |
මෙහිදී, කොටසක් රුපියල් එක්දහස් හයසිය දෙක කට අලෙවි වී තිබෙන අතර මෙහි අලෙවි වටිනාකම රුපියල් බිලියන තුනයි දශම පහ කට අධික වේ. | මෙහිදී, කොටසක් රුපියල් 1602 කට අලෙවි වී තිබෙන අතර මෙහි අලෙවි වටිනාකම රුපියල් බිලියන 3.5 කට අධික වේ. |
SMB Securities සමාගම හරහා සිදුවූ මෙම ගනුදෙනුව හමුවේ කොළඹ කොටස් වෙළඳ පොළේ අද පිරිවැටුම (Turnover) රුපියල් බිලියන පහයි දශම දෙක ක් වී තිබේ. | SMB Securities සමාගම හරහා සිදුවූ මෙම ගනුදෙනුව හමුවේ කොළඹ කොටස් වෙළඳ පොළේ අද පිරිවැටුම (Turnover) රුපියල් බිලියන 5.2 ක් වී තිබේ. |
වසර හතක් පමණ ලංකා හොස්පිට්ල්ස් හි, ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස කටයුතු කළ පසුගියදා හේමාස් හෝස්පිට්ල්ස් සමාගම සමග එක්වූ ආචාර්ය ලකිත් පීරිස් මහතා දෙදහස් පහළොව අප්‍රේල් එක වනදා සිට බලපැවැත්වෙන පරිදි හේමාස් හොස්පිට්ල්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ. | වසර හතක් පමණ ලංකා හොස්පිට්ල්ස් හි, ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස කටයුතු කළ පසුගියදා හේමාස් හෝස්පිට්ල්ස් සමාගම සමග එක්වූ ආචාර්ය ලකිත් පීරිස් මහතා 2015 අප්‍රේල් 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි හේමාස් හොස්පිට්ල්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ. |
මේ අනුව, හේමාස් හොස්පිට්ල්ස් සමාගමට අයත් වත්තල, ගාල්ල සහ තලවතුගොඩ රෝහල් මෙන්ම දිවයින පුරා පිහිටි රසායනාගාර තිස් දෙක ඔහුගේ අධීක්ෂණය යටතේ පවතින බව සඳහන්ය. | මේ අනුව, හේමාස් හොස්පිට්ල්ස් සමාගමට අයත් වත්තල, ගාල්ල සහ තලවතුගොඩ රෝහල් මෙන්ම දිවයින පුරා පිහිටි රසායනාගාර 32 ඔහුගේ අධීක්ෂණය යටතේ පවතින බව සඳහන්ය. |
ඩොලර් බිලියන හතර ක පමණ ආයෝජනයක් සිදුකරනු ඇතැයි කියන මෙම ව්‍යාපෘතියේ ව්‍යාපෘති සමාගම වන Sri Lanka Gateway Industries විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ රෝහිණී මාරසිංහ, බුවනෙක අළුවිහාරේ සහ උපාලි අබේරත්න යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද මෙම අතුරු නියෝගය නිකුත් කළේය. | ඩොලර් බිලියන 04 ක පමණ ආයෝජනයක් සිදුකරනු ඇතැයි කියන මෙම ව්‍යාපෘතියේ ව්‍යාපෘති සමාගම වන Sri Lanka Gateway Industries විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ රෝහිණී මාරසිංහ, බුවනෙක අළුවිහාරේ සහ උපාලි අබේරත්න යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද මෙම අතුරු නියෝගය නිකුත් කළේය. |
උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත (Strategic Development Projects Act) යටතේ දෙදහස් දහතුන ජනවාරි මාසයේදී පාර්ලිමේන්තු විවාදයකින් තොරව මෙම සමාගමට ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා තිබූ රජය විසින් අවසර ලබාදී ඇත. | උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත (Strategic Development Projects Act) යටතේ 2013 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තු විවාදයකින් තොරව මෙම සමාගමට ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා තිබූ රජය විසින් අවසර ලබාදී ඇත. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.