textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
එකී ජන කොට්ඨාශය අපේ ඡුන්දදායක ප‍්‍රජාවෙන් සියයට අසූව ක් නියෝජනය කරති.
එකී ජන කොට්ඨාශය අපේ ඡුන්දදායක ප‍්‍රජාවෙන් 80% ක් නියෝජනය කරති.
පූජිත ගුණවර්ධනයන් විසින් බෞද්ධ කොඩියේ පළමු නිර්මාණය කරන ලදැයි එක්දහස් නවසිය විසි අට ‘සුදනමිණ’ පුවත් පත ප්‍රකාශයකට පත් කෙරිනි.
පූජිත ගුණවර්ධනයන් විසින් බෞද්ධ කොඩියේ පළමු නිර්මාණය කරන ලදැයි 1928 ‘සුදනමිණ’ පුවත් පත ප්‍රකාශයකට පත් කෙරිනි.
ඒ වගේම එක්දහස් නවසිය හැත්තෑව වෙදී පමණ හැදුනුමි පත් හදුන්වා දුන්නා.
ඒ වගේම 1970 වෙදී පමණ හැදුනුමි පත් හදුන්වා දුන්නා.
මගේ මිතුරකුගේ පුත්‍රයකු වන දිනේශ් සිවරත්නම් මහතා මේ රෝහල තනන්න රුපියල් ලක්ෂ හාරසිය පනහක් පරිත්‍යාග කළා.
මගේ මිතුරකුගේ පුත්‍රයකු වන දිනේශ් සිවරත්නම් මහතා මේ රෝහල තනන්න රුපියල් ලක්ෂ 450ක් පරිත්‍යාග කළා.
දෙදහස් දහසය ලෝක කම්කරු දිනය, ශ්‍ර‍මය සහ ප්‍රාග්ධනය අතර නොනවතින අරගලය
2016 ලෝක කම්කරු දිනය, ශ්‍ර‍මය සහ ප්‍රාග්ධනය අතර නොනවතින අරගලය
නුබේ ප්‍රතිචාරය තිහ
නුබේ ප්‍රතිචාරය 30
(සංශෝධන පනත් කෙටුම්පතේ දෙක වගන්තිය) මේ අනුව එම කටයුත්ත සඳහා, පස් දෙනෙකුගෙන් යුත් ජාතික සීමා නීර්ණය කෙටුම්පත් කරන්නේ ඇමතිවරයාය.
(සංශෝධන පනත් කෙටුම්පතේ 2 වගන්තිය) මේ අනුව එම කටයුත්ත සඳහා, 5 දෙනෙකුගෙන් යුත් ජාතික සීමා නීර්ණය කෙටුම්පත් කරන්නේ ඇමතිවරයාය.
නැතිනම් මේ රටේ ලෝකේ කරුණු බලා වදාරන සියයට එක උත්තමයින් ඔබේ මේ බ්ලොග් පඩන්ගුව බලනවා කියන උන්මාදයකින් ද?
නැතිනම් මේ රටේ ලෝකේ කරුණු බලා වදාරන 1% උත්තමයින් ඔබේ මේ blog පඩන්ගුව බලනවා කියන උන්මාදයකින් ද?
අම්පාර - දමන - එග්ගල්ඔයේ ඔරුවක් පෙරළී අතුරුදන්ව සිටි මුරකරුගේ සිරුරද ඊයේ (අට) රාත්‍රියේ හමුවී තිබෙනවා.
අම්පාර - දමන - එග්ගල් ඔයේ ඔරුවක් පෙරළී අතුරුදන්ව සිටි මුරකරුගේ සිරුරද ඊයේ (08) රාත්‍රියේ හමුවී තිබෙනවා.
මාරය්යගේ තුවාලේ ඉක්මනින් සුවවේවා! තුන්සියට සුභ පැතුම්.
මාරය්යගේ තුවාලේ ඉක්මනින් සුවවේවා! 300ට සුභ පැතුම්.
වසරක් තුළ ලොව වැඩිම මුදලක් ඉපැයූ රංගන ශිල්පියා ලෝක ප්‍රකට ෆෝබ්ස් සඟරාව මගින් සිදු කළ සමීක්ෂණයකින් පස්සේ වසරක් තුළ ලොව වැඩිම ආදායමක් ඉපැයූ රංගන ශිල්පියා විදියට ඇමෙරිකානු ජාතික පනස් හත හැවිරිදි ජෝජ් ක්ලුනි නම් කර තිබෙනවා. දෙදහස් දහහත වසරේ ජූනි මස පළමු වැනිදා සිට දෙදහස් දහඅට වසරේ ජූනි මස පළමුවෙනිදා අතර කාලය තුළ රංගනය වෙනු...
වසරක් තුළ ලොව වැඩිම මුදලක් ඉපැයූ රංගන ශිල්පියා ලෝක ප්‍රකට ෆෝබ්ස් සඟරාව මගින් සිදු කළ සමීක්ෂණයකින් පස්සේ වසරක් තුළ ලොව වැඩිම ආදායමක් ඉපැයූ රංගන ශිල්පියා විදියට ඇමෙරිකානු ජාතික 57 හැවිරිදි ජෝජ් ක්ලුනි නම් කර තිබෙනවා. 2017 වසරේ ජූනි මස පළමු වැනිදා සිට 2018 වසරේ ජූනි මස පළමුවෙනිදා අතර කාලය තුළ රංගනය වෙනුවෙන් ඔහු උපයා ඇති ම...
ලොරියක් ධාවනය කර ජර්මනියේ ත්‍රස්ත ප්‍රහාරයක් - දොළහක් මරුට පනහක් තුවාල
ලොරියක් ධාවනය කර ජර්මනියේ ත්‍රස්ත ප්‍රහාරයක් - 12ක් මරුට 50ක් තුවාල
ආණ්ඩු දෙකක රැවටීමට ලක්වෙමින් මාගම්පුර වරාය කළමණාකරන පුද්ගලික සමාගම යටතේ සේවය කරන ලද සේවකයින් හාරසිය අසූ තුන දෙනකු, තමන් ශ‍්‍රි ලංකා වරාය අධිකාරිය යටතට බඳවා ගන්නා ලෙස ආණ්ඩුවට බලකරමින් හම්බන්තොට වරාය තුල දියත්කරන ලද සාමකාමි උද්ඝෝෂණයට පෙරේදා (දහය) ආරක්ෂක අංශ යොදාගනිමින් ඵල්ලකරන ලද ආණ්ඩුවේ මැර ප‍්‍රහාරය ජාතික වෘත්තීය සමිති...
ආණ්ඩු දෙකක රැවටීමට ලක්වෙමින් මාගම්පුර වරාය කළමණාකරන පුද්ගලික සමාගම යටතේ සේවය කරන ලද සේවකයින් 483 දෙනකු, තමන් ශ‍්‍රි ලංකා වරාය අධිකාරිය යටතට බඳවා ගන්නා ලෙස ආණ්ඩුවට බලකරමින් හම්බන්තොට වරාය තුල දියත්කරන ලද සාමකාමි උද්ඝෝෂණයට පෙරේදා (10) ආරක්ෂක අංශ යොදාගනිමින් ඵල්ලකරන ලද ආණ්ඩුවේ මැර ප‍්‍රහාරය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය...
මේ ක්‍රියාවලිය ආරම්භ වූයේ දෙදහස් දහඅට පෙබරවාරි දහයදා පැවැති පළාත් පාලන මැතිවරණයට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ කණ්ඩායම සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් සියයට හතළිස් පහක් ලබාගෙන එක්සත් ජාතික
මේ ක්‍රියාවලිය ආරම්භ වූයේ 2018 පෙබරවාරි 10දා පැවැති පළාත් පාලන මැතිවරණයට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ කණ්ඩායම සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් 45%ක් ලබාගෙන එක්සත් ජාතික
දෙදහස් පහළොව ඔක්තෝම්බර් විසි පහ
2015 ඔක්තෝම්බර් 25
එම නිසා අඩවිය පැය විසි හතරක් තුල
එම නිසා අඩවිය පැය 24ක් තුල
සරුංගලේ චිත්‍රපටය මා මෙතෙක් නරඹා ඇති චිත්‍රපට අතුරින් වඩාත් කැමැතිම චිත්‍රපට දහය තුළට ඇතුළත් වන එකකි.
සරුංගලේ චිත්‍රපටය මා මෙතෙක් නරඹා ඇති චිත්‍රපට අතුරින් වඩාත් කැමැතිම චිත්‍රපට 10 තුළට ඇතුළත් වන එකකි.
පෙබරවාරි විසි අට වන විට ද ට්‍රම්ප් කියමින් සිටියේ කොරෝනා වෛරසය “ප්‍රාතිහාර්යයක්” මෙන් “අතුරුදහන් වනු ඇති” බවයි.
පෙබරවාරි 28 වන විට ද ට්‍රම්ප් කියමින් සිටියේ කොරෝනා වෛරසය “ප්‍රාතිහාර්යයක්” මෙන් “අතුරුදහන් වනු ඇති” බවයි.
කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති රැස්වීමකදී පළාත් පාලන ඡන්දයෙන් තේරී පත් වූ සභිකයින් අමතමින් තෙන්නකෝන් මහතා තවදුරටත් පැවසුවේ ''අද ඡන්ද විමසීමෙන් දවස් විසි එක කට පස්සේ ආණ්ඩුවක් නැති තැනකට රට පත්වෙලා තියෙනවා.
කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති රැස්වීමකදී පළාත් පාලන ඡන්දයෙන් තේරී පත් වූ සභිකයින් අමතමින් තෙන්නකෝන් මහතා තවදුරටත් පැවසුවේ ''අද ඡන්ද විමසීමෙන් දවස් 21 කට පස්සේ ආණ්ඩුවක් නැති තැනකට රට පත්වෙලා තියෙනවා.
ඊයේ (දහහත) මිනුවන්ගොඩ පැත්තේ තිබ්බ රැස්වීමකට...
ඊයේ (17) මිනුවන්ගොඩ පැත්තේ තිබ්බ රැස්වීමකට...
හැත්තෑ ගණන්වලදී ඔවුන් ඖෂධ ගැන මට ඉගැන්වූයේ නැත.
70 ගණන්වලදී ඔවුන් ඖෂධ ගැන මට ඉගැන්වූයේ නැත.
එක්සත් ජනතා නිදහස් සංධාන විජයග්‍රාහී අපේක්ෂක නියත නගරාධිපති වන මාගේ විජයග්‍රහණය තහවුරු කිරීමේ ගංගොඩවිල පැවති ජනහමුව දෙදහස් එකොළහ පළාත් පාලන ඡන්ද විමසීම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව එක්සත් ජනතා නිදහස් සංධාන විජයග්‍රාහී අපේක්ෂක නියත නගරාධිපති වන මාගේ විජයග්‍රහණය තහවුරු කිරීමේ ගංගොඩවිල පැවති ජනහමුව හා ඡන්ද කාර්යාල...
එක්සත් ජනතා නිදහස් සංධාන විජයග්‍රාහී අපේක්ෂක නියත නගරාධිපති වන මාගේ විජයග්‍රහණය තහවුරු කිරීමේ ගංගොඩවිල පැවති ජනහමුව 2011 පළාත් පාලන ඡන්ද විමසීම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව එක්සත් ජනතා නිදහස් සංධාන විජයග්‍රාහී අපේක්ෂක නියත නගරාධිපති වන මාගේ විජයග්‍රහණය තහවුරු කිරීමේ ගංගොඩවිල පැවති ජනහමුව හා ඡන්ද කාර්යාලය
එකසිය විසි දෙක බිංදුව බිංදුව අනුරාධපුර පෞරාණික නගරය
122 0 0 අනුරාධපුර පෞරාණික නගරය
ඉන්දියාවේ සියය වෙනි ගුවන් තොටුපොළේ තොරතුරු
ඉන්දියාවේ 100 වෙනි ගුවන් තොටුපොළේ තොරතුරු
ඒ වෙලාවේ ඩොලර් පහළොව දහසක් විතර flight එකට යනවා.
ඒ වෙලාවේ ඩොලර් 15,000ක් විතර flight එකට යනවා.
විසින් කොළඹදී පසුගිය ජුනි දහනවය වනදා පවත්වන්නට යෙදුනි.
විසින් කොළඹදී පසුගිය ජුනි 19 වනදා පවත්වන්නට යෙදුනි.
දාන ශාලාව සහිත නව ගොඩනැගිල්ල පිණ්ඩපාත දාන ශාලාවේ සිට ආරණ්‍ය සේනාසනයට යන පාර ආරණ්‍ය සේනාසනයේ සිට නව පිණ්ඩපාත දාන ශාලාව වෙත භික්ෂුන් වහන්සේලා වැඩම කරවීම ආරණ්‍ය සේනාසනයේ සිට නව පිණ්ඩපාත දාන ශාලාව වෙත භික්ෂුන් වහන්සේලා වැඩම කරවීම ආරණ්‍ය සේනාසනයේ සිට නව පිණ්ඩපාත දාන ශාලාව වෙත භික්ෂුන් වහන්සේලා වැඩම කරවීම ධර්මරාජ ගල ආරණ්‍ය ස...
දාන ශාලාව සහිත නව ගොඩනැගිල්ල පිණ්ඩපාත දාන ශාලාවේ සිට ආරණ්‍ය සේනාසනයට යන පාර ආරණ්‍ය සේනාසනයේ සිට නව පිණ්ඩපාත දාන ශාලාව වෙත භික්ෂුන් වහන්සේලා වැඩම කරවීම ආරණ්‍ය සේනාසනයේ සිට නව පිණ්ඩපාත දාන ශාලාව වෙත භික්ෂුන් වහන්සේලා වැඩම කරවීම ආරණ්‍ය සේනාසනයේ සිට නව පිණ්ඩපාත දාන ශාලාව වෙත භික්ෂුන් වහන්සේලා වැඩම කරවීම ධර්මරාජ ගල ආරණ්‍ය ස...
මෙම බස් රථ වල බඳ ඩිමෝ ලංකා සමාගම විසින් මෙරටදී නිපදවා ඇත. එක්දහස් නවසිය අනූ පහ වසරේ එවකට පොකුරු බස් සමාගම් ධාවනයට එක් වූ බස් රථයකි.
මෙම බස් රථ වල බඳ ඩිමෝ ලංකා සමාගම විසින් මෙරටදී නිපදවා ඇත. 1995 වසරේ එවකට පොකුරු බස් සමාගම් ධාවනයට එක් වූ බස් රථයකි.
තුන ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඉදිරිපත් වූ ඔස්වින් අබේගුණසේකර මහතා ඡන්ද දෙක ලක්ෂ තිස් පහ දහස් හත්සිය දහනවය එනම් 4.63ක් ලබා ගන්නා ලදී.
03 ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඉදිරිපත් වූ ඔස්වින් අබේගුණසේකර මහතා ඡන්ද 235719 එනම් හතරයි දශම හයයි තුන ක් ලබා ගන්නා ලදී.
හෘද රෝගීන්ට ක්ෂණිකව ප්‍රතිකාර ඖෂධයක් ගෙන්වීමට යයි දෙදහස දා හත දෙකයි පහ දහ නවයයි තිහ හෘද රෝගීන්ට ක්ෂණිකව ප්‍රතිකාර කළ...
හෘද රෝගීන්ට ක්ෂණිකව ප්‍රතිකාර ඖෂධයක් ගෙන්වීමට යයි 2017-02-05 19:30 හෘද රෝගීන්ට ක්ෂණිකව ප්‍රතිකාර කළ...
ශ්‍රී.බු.ව.දෙදහස් පන්සිය හැට දෙක වෛශාඛ මංගලය වෙනුවෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධාලෝක වෙසක් උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හත බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ සම්මේලන මුලස්ථානයේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.
ශ්‍රී.බු.ව.2562 වෛශාඛ මංගලය වෙනුවෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධාලෝක වෙසක් උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ සම්මේලන මුලස්ථානයේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.
මෙය පදාර්ථ‍ය වාතය, පස, ගින්න සහ ජලය යන අංගවලින් සෑදී ඇති බවට තිබූ පැරණි මතයට එරෙහි විය. එක්දහස් හත්සිය අසූ නවය වසරේදී ප්‍රංශ වංශාධිපතියෙකු සහ විද්‍යාත්මක පර්යේෂකයෙකු වූ ඇන්ටොයින් ලැවෝෂියර් විසින් “මූලද්‍රව්‍යයක්” යන පදය රසායනික ක්‍රම මඟින් තවදුරටත් සරල කොටස්වලට බිඳිය නොහැකි මූලික ද්‍රව්‍යයක් ලෙස අර්ථ දැක්වීය.
මෙය පදාර්ථ‍ය වාතය, පස, ගින්න සහ ජලය යන අංගවලින් සෑදී ඇති බවට තිබූ පැරණි මතයට එරෙහි විය. 1789 වසරේදී ප්‍රංශ වංශාධිපතියෙකු සහ විද්‍යාත්මක පර්යේෂකයෙකු වූ ඇන්ටොයින් ලැවෝෂියර් විසින් “මූලද්‍රව්‍යයක්” යන පදය රසායනික ක්‍රම මඟින් තවදුරටත් සරල කොටස්වලට බිඳිය නොහැකි මූලික ද්‍රව්‍යයක් ලෙස අර්ථ දැක්වීය.
දෙදහස් දහහත ජනවාරි මස විසි හතරවැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් දෙදහස් දහහත පෙබරවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
2017 ජනවාරි මස 24 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 පෙබරවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
පළාත් සභාවලට තව තවත් බලය බෙදා හරිමින් ඒවා වඩාත් අර්ථවත් කරන ලෙස, පසුගිය දා පැවති මහ ඇමතිවරුන්ගේ තිස් තුන්වැනි මහ සමුළුවේදී පළාත් සභා මහ ඇමතිවරු නව දෙනාම ජනාධිපතිවරයාගෙන් එකාවන්ව ඉල්ලා සිටියහ.
පළාත් සභාවලට තව තවත් බලය බෙදා හරිමින් ඒවා වඩාත් අර්ථවත් කරන ලෙස, පසුගිය දා පැවති මහ ඇමතිවරුන්ගේ 33 වැනි මහ සමුළුවේදී පළාත් සභා මහ ඇමතිවරු 9 දෙනාම ජනාධිපතිවරයාගෙන් එකාවන්ව ඉල්ලා සිටියහ.
අනතුරුව විදේශ රාජ්‍යයන්ගෙන් පඬරු කප්පම් ලබාගත් ඔහු, විජයග්‍රාහී ලෙස ඊජිප්තුවට පැමිණියේ ය.[තිස් හත]
අනතුරුව විදේශ රාජ්‍යයන්ගෙන් පඬරු කප්පම් ලබාගත් ඔහු, විජයග්‍රාහී ලෙස ඊජිප්තුවට පැමිණියේ ය.[37]
තිත්ත ඇත්ත (අට)
තිත්ත ඇත්ත (8)
මෙහිදී ශිෂ්‍ය සාධනය, ඉගෙනුම ඉගැන්වීම හා ඇගයීම, විධිමත් විෂයමාලා කළමනාකරණය, විෂය සමගාමී කටයුතු, ශිෂ්‍ය සුබසාධනය, භෞතික සම්පත් කළමනාකරණය, පාසල හා ප්‍රජාව යන ක්ෂේත්‍ර අට ක් ඔස්සේ ඇගයීමට ලක් කර පාසල් අධ්‍යාපන ගුණාත්මක දර්ශකය ගණනය කරනු ලැබේ. දෙදහස් දහසය වර්ෂයේ දී පාසල් හය දහස් තුන ක් බාහිරව ඇගයීමට ලක් කර ඇති අතර, පාසල් හත් ...
මෙහිදී ශිෂ්‍ය සාධනය, ඉගෙනුම ඉගැන්වීම හා ඇගයීම, විධිමත් විෂයමාලා කළමනාකරණය, විෂය සමගාමී කටයුතු, ශිෂ්‍ය සුබසාධනය, භෞතික සම්පත් කළමනාකරණය, පාසල හා ප්‍රජාව යන ක්ෂේත්‍ර 08 ක් ඔස්සේ ඇගයීමට ලක් කර පාසල් අධ්‍යාපන ගුණාත්මක දර්ශකය ගණනය කරනු ලැබේ. 2016 වර්ෂයේ දී පාසල් 6,003 ක් බාහිරව ඇගයීමට ලක් කර ඇති අතර, පාසල් 7,745 ක් අභ්‍යන්ත...
එහි වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුලු විසි එක දෙනකු නම් කර තිබෙනවා.
එහි වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුලු 21 දෙනකු නම් කර තිබෙනවා.
හැට හය දහස් හාරසිය හතළිස් අට ක් මේ වන විට පැමිණ ඇත.
66,448 ක් මේ වන විට පැමිණ ඇත.
ඒ නිසා ම අපි හරි සුවිශේෂ යි” යනුවෙන් ඩර් ස්පීගල් සඟරාවට එක්දහස් නවසිය අසූ අට දී ඔහු පැවසී ය.
ඒ නිසා ම අපි හරි සුවිශේෂ යි” යනුවෙන් ඩර් ස්පීගල් සඟරාවට 1988 දී ඔහු පැවසී ය.
මේ වන විට රාජ්‍ය සේවක වැටුප් සඳහා වන වාර්ෂික වියදම රුපියල් බිලියන හත්සිය පහකි.
මේ වන විට රාජ්‍ය සේවක වැටුප් සඳහා වන වාර්ෂික වියදම රුපියල් බිලියන 705කි.
හැම එකාගේම පුක චූන් වෙන්නේ, එක පාරටම, මිලි ලීටර් දෙසීය-තුන්සිය මහා වර්ෂාපතන වැටුනායින් පස්සේය.
හැම එකාගේම පුක චූන් වෙන්නේ, එක පාරටම, 200-300 ml මහා වර්ෂාපතන වැටුනායින් පස්සේය.
මීට කලින් නිර්දේශයන් දහතුන බැගින් ලබාගත් ‘මේරි පොපින්ස්’ හා ‘චිකාගෝ’ චිත්‍රපට මෙම ස්ථානයේ පසුවිය.
මීට කලින් නිර්දේශයන් 13 බැගින් ලබාගත් ‘මේරි පොපින්ස්’ හා ‘චිකාගෝ’ චිත්‍රපට මෙම ස්ථානයේ පසුවිය.
(එක) ඔහු මැතිවරණයෙන් පසු ලංකාවට පැමිණෙන බවත් හැකි නම් මා පෞද්ගලික ව මුණගැසෙන බවත් කියයි.
(01) ඔහු මැතිවරණයෙන් පසු ලංකාවට පැමිණෙන බවත් හැකි නම් මා පෞද්ගලික ව මුණගැසෙන බවත් කියයි.
මගේ චූටි නංගෝ...ඔයාව හඳුනා ගත්තු එක දෙදහස් දහතුන වසරේ මට ලැබුණ ලොකුම තෑග්ගක් ..ඉතින්...ඔයාටත් මල්ලිටත්..සතුට සපිරි අනාගතයක් පතනවා...
මගේ චූටි නංගෝ...ඔයාව හඳුනා ගත්තු එක 2013 වසරේ මට ලැබුණ ලොකුම තෑග්ගක් ..ඉතින්...ඔයාටත් මල්ලිටත්..සතුට සපිරි අනාගතයක් පතනවා...
අද උදේ දහයයි මිනිත්තු තුන ට විදුලිය විසන්ධි වූ අතර 10.45 පමණ සේවකයෝ විදුලි ජනන යන්ත්‍ර ඇති පෙදෙස්හි බලය සියතට ගෙන විදුලිය විසන්ධි කර දැමූහ.
අද උදේ 10.03ට විදුලිය විසන්ධි වූ අතර 10.45 පමණ සේවකයෝ විදුලි ජනන යන්ත්‍ර ඇති පෙදෙස්හි බලය සියතට ගෙන විදුලිය විසන්ධි කර දැමූහ.
අගෝස්තු විසි තුන, දෙදහස් එකොළහ ප්‍රතිචාරයක් ලබාදෙන්න
අගෝස්තු 23, 2011 ප්‍රතිචාරයක් ලබාදෙන්න
ගුරු පත්වීම් ප‍්‍රදානය සංකේතවත් කරමින් උපාධිධාරින් පහළොව දෙනෙකුට පත්වීම් ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
ගුරු පත්වීම් ප‍්‍රදානය සංකේතවත් කරමින් උපාධිධාරින් 15 දෙනෙකුට පත්වීම් ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
විශේෂයෙන්ම ශිරාල් හා පරණවිතාන දයාසිරිගේ ළඟම මිතුරන් වූ අතර එක්දහස් නවසිය අනූ හතර ආණ්ඩුවේ ජී.එල්. පීරිස් මහතාගේ පළමු පරපුරේ ගෝලයෝ වූහ.
විශේෂයෙන්ම ශිරාල් හා පරණවිතාන දයාසිරිගේ ළඟම මිතුරන් වූ අතර 1994 ආණ්ඩුවේ G.L. පීරිස් මහතාගේ පළමු පරපුරේ ගෝලයෝ වූහ.
පහ - හතර - ප්‍රභා රණතුංග (නිවේදිකා)
05 - 04 - ප්‍රභා රණතුංග (නිවේදිකා)
නාදුනන තුවක්කුකරුවෙකුට කෙනෙක් බිලී - තවකෙනෙකුට තුවාලයි (දෙසිය විසි පහ)
නාදුනන තුවක්කුකරුවෙකුට කෙනෙක් බිලී - තවකෙනෙකුට තුවාලයි (225)
මේකේ වැඩ සියයට සියයට අසූ පහ ක් අවසන්.මේ ඇළෙන් කොබෙයිගනේ වාරියපොළ බිංගිරිය නිකවැරටිය පඬුවස්නුවර වැනි ප්‍රදේශ හරහා ගිහින් අලුත් ඉඩම් අක්කර හය දහස ක් අස්වද්දනවා.ඒ සමඟම ලොකු කුඩා වැව් හා සුළු පරිමාණයේ ජල හා වාරි යෝජනා ක්‍රම තුන්සිය ක් පමණ දැදුරු ඔය ජලයෙන් පෝෂණය කිරීමත් සිදුකරන බවයි ව්‍යාපෘතියේ ඉංජිනේරු රුවන් වීරසූරිය මහතා ...
මේකේ වැඩ සියයට 85% ක් අවසන්.මේ ඇළෙන් කොබෙයිගනේ වාරියපොළ බිංගිරිය නිකවැරටිය පඬුවස්නුවර වැනි ප්‍රදේශ හරහා ගිහින් අලුත් ඉඩම් අක්කර 6000 ක් අස්වද්දනවා.ඒ සමඟම ලොකු කුඩා වැව් හා සුළු පරිමාණයේ ජල හා වාරි යෝජනා ක්‍රම 300 ක් පමණ දැදුරු ඔය ජලයෙන් පෝෂණය කිරීමත් සිදුකරන බවයි ව්‍යාපෘතියේ ඉංජිනේරු රුවන් වීරසූරිය මහතා පැවසුවේ.මේ අනුව...
ඔවුන් ඔබට සමාව නොදෙන්නේ ඔබ ඔවුන්ගේ ඉඩම් අල්ලාගතහොත් ය.” [තුන]
ඔවුන් ඔබට සමාව නොදෙන්නේ ඔබ ඔවුන්ගේ ඉඩම් අල්ලාගතහොත් ය.” [3]
එක්‌නැලිගොඩ සිද්ධියට හමුදාවේ තවත් තුන ක්‌ අත්අඩංගුවට ගැනීමට සොයයි ප්‍රගීත් එක්‌නැලිගොඩ පැහැරගෙන ගොස්‌ අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන තවත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු ඇතුළු යුද හමුදා සාමාජික...
එක්‌නැලිගොඩ සිද්ධියට හමුදාවේ තවත් 3 ක්‌ අත්අඩංගුවට ගැනීමට සොයයි ප්‍රගීත් එක්‌නැලිගොඩ පැහැරගෙන ගොස්‌ අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන තවත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු ඇතුළු යුද හමුදා සාමාජික...
ක්‍රි.ව.එක්දහස් හයසිය තිහ දී කොන්ස්තන්තීහුද සා යටතේ ආ පෘතුගීසි හමුදා බදුල්ලට කඩා වැදුණහ.පහතරට ප්‍රධෘනීන් කිහිපදෙනෙකු යටතේ වූ සිංහල බලඇණියද උඩරට සේනා හා එක්වනු දුටු පෘතුගීසී කපිතාන් තත්ත්වය නරක අතට හැරෙණු දැක පසුබසින්නට විය.සිංහල හමුදා මෙහෙයවන ලද්දේ මහාඅස්ථාන කුමරා විසිනි.ඔහු පෘතුගීසීන් දරුණු විනාශයකට ඇද දැමුවේය.ඒ දිනවල...
ක්‍රි.ව.1630 දී කොන්ස්තන්තීහුද සා යටතේ ආ පෘතුගීසි හමුදා බදුල්ලට කඩා වැදුණහ.පහතරට ප්‍රධෘනීන් කිහිපදෙනෙකු යටතේ වූ සිංහල බලඇණියද උඩරට සේනා හා එක්වනු දුටු පෘතුගීසී කපිතාන් තත්ත්වය නරක අතට හැරෙණු දැක පසුබසින්නට විය.සිංහල හමුදා මෙහෙයවන ලද්දේ මහාඅස්ථාන කුමරා විසිනි.ඔහු පෘතුගීසීන් දරුණු විනාශයකට ඇද දැමුවේය.ඒ දිනවල වට මෝසම් වැස...
තරගය නිමාවන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි තිස්ස විදුහල් කණ්ඩායම කඩුලු තුන ක් දැවී ලකුණු එකසිය අසූ එක ක් ලබා සිටි අතර එහිදී තිස්ස විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට ලෂාන් හර්ෂණ (හැත්තෑ තුන) සහ කෝසල රවිඳු (නොදැවී හැට අට) සමත් වූහ.
තරගය නිමාවන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි තිස්ස විදුහල් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 181 ක් ලබා සිටි අතර එහිදී තිස්ස විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට ලෂාන් හර්ෂණ (73) සහ කෝසල රවිඳු (නොදැවී 68) සමත් වූහ.
එය වසර දෙදහස් දහහතරදී බ්‍රසීලයේ පැවැති ලෝක කුසලාන තරගාවලියට සාපේක්ෂව සමස්ත දායකත්වය සියයට හතළිහ කින් වර්ධනය කරන්නක් බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පවසයි.
එය වසර 2014දී බ්‍රසීලයේ පැවැති ලෝක කුසලාන තරගාවලියට සාපේක්ෂව සමස්ත දායකත්වය 40% කින් වර්ධනය කරන්නක් බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පවසයි.
අද (දහහතර) උදෑසන නවයයි මිනිත්තු දහය ට පමණ මෙලෙස ගැලවී ගියා.
අද (14) උදෑසන 9.10ට පමණ මෙලෙස ගැලවී ගියා.
විකිමාධ්‍ය පදනමෙහි සභාපති (ජූනි දෙදහස් තුන – ඔක්තොම්බර් දෙදහස් හය)
විකිමාධ්‍ය පදනමෙහි සභාපති (ජූනි 2003 – ඔක්තොම්බර් 2006)
ඒ තිබෙන ව්‍යවස්ථාව යටතේ ඒකිය රාජ්‍ය ක්‍රමය හලා දහතුන වන සංශෝධනයෙන් ගුණාත්මක වශයෙන් ඔබ්බට යාමට නොහැකි නිසාය.
ඒ තිබෙන ව්‍යවස්ථාව යටතේ ඒකිය රාජ්‍ය ක්‍රමය හලා 13 වන සංශෝධනයෙන් ගුණාත්මක වශයෙන් ඔබ්බට යාමට නොහැකි නිසාය.
අග්‍රාමාත්‍යතුමාගේ ලෝක ළමා දින පණිවිඩය, දෙදහස් එකොළහ ඔක්තෝබර් එක වෙනි සෙනසුරාදා, එකයි මිනිත්තු දෙකයි අදට (තිහ) යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා නිකුත් කරන ලද සුබ පැතුම් පණිවිඩය.
අග්‍රාමාත්‍යතුමාගේ ලෝක ළමා දින පණිවිඩය, 2011 ඔක්තෝබර් 01 වෙනි සෙනසුරාදා, 01:02 අදට (30) යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා නිකුත් කරන ලද සුබ පැතුම් පණිවිඩය.
බහුතරයක් බස් කොන්දොස්තරවරු සාමාන්‍ය ඉගෙනීමක් ඇති අය බවයි මගේ අදහස. දෙදහස් එකොළහ අගෝස්තු හතර දින පෙ.ව. දහයයි මිනිත්තු පනස් හතර ට ඔව් මචං ඒක ඇත්ත වෙන්න පුළුවන්…
බහුතරයක් බස් කොන්දොස්තරවරු සාමාන්‍ය ඉගෙනීමක් ඇති අය බවයි මගේ අදහස. 2011 අගෝස්තු 4 දින පෙ.ව. 10:54 ට ඔව් මචං ඒක ඇත්ත වෙන්න පුළුවන්…
මේ චිත්‍ර‍පටිව පටිගත කරන්නේ දෙදහස් දහතුන වසරේ නමුත් මේක අවුරුදු තුනක් පමා වෙලා තමයි රිදි තිරයේ දිඟහැරන්නේ..
මේ චිත්‍ර‍පටිව පටිගත කරන්නේ 2013 වසරේ නමුත් මේක අවුරුදු 3 ක් පමා වෙලා තමයි රිදි තිරයේ දිඟහැරන්නේ..
කෙල්ලො හයක් හිටියා.
කෙල්ලො 6ක් හිටියා.
දෙදහස් අට ට ප්‍රථම මීතොටමුල්ල කුනුකන්ද කොලොන්නාවේ කුණු පමණක් දැමීමට තෝරාගත් බිම්කොටසකි . දෙදහස් අටදී ගොටාබයගේ අධීක්ෂණය සහ නියෝගය අනුව කොලඹ නගර සබවේ කුණු මීතොටමුල්ලට දිනපතා එකතුවිය.
2008 ට ප්‍රථම මීතොටමුල්ල කුනුකන්ද කොලොන්නාවේ කුණු පමණක් දැමීමට තෝරාගත් බිම්කොටසකි . 2008දී ගොටාබයගේ අධීක්ෂණය සහ නියෝගය අනුව කොලඹ නගර සබවේ කුණු මීතොටමුල්ලට දිනපතා එකතුවිය.
ඊයේ දහයයි මිනිත්තු විසි හතරයි, ගම්පහ, ගොවිපොළ සතුන් රුපියල් එකසිය අසූව
ඊයේ 10:24, ගම්පහ, ගොවිපොළ සතුන් රු 180
දෙදහස් දහහත අප්‍රේල් කන්තලේ උක් වගාවට ඉඩම් ලබා දෙන අතර දෙදහස් දහහත සැප්තැම්බර් දහහත බිම් සැකසීම ආරම්භවිය.
2017 අප්‍රේල් කන්තලේ උක් වගාවට ඉඩම් ලබා දෙන අතර 2017 සැප්තැම්බර් 17 බිම් සැකසීම ආරම්භවිය.
නිව්ස්ෆස්ට් රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - දෙදහස් පහළොව දොළහයි හතර
News First රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2015 12 04
පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් සහකාර පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් අධිකාරීවරුන් පනස් තුන් දෙනකුට හදිසිය...
පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් සහකාර පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් අධිකාරීවරුන් 53 දෙනකුට හදිසිය...
හොට්බර්ඩ් වලට වගේ ඇල්ලුවොත් නම් චැනල් හයසියක් විතර අහුවෙනවා.
හොට්බර්ඩ් වලට වගේ ඇල්ලුවොත් නම් චැනල් 600ක් විතර අහුවෙනවා.
කුඩා කල සිටම ආගම දහම කෙරෙහි නැඹුරුතාවක් දැක්වූ මේ කුමරුවා පුරාකෘත පුණ්‍ය මහිමය කරණ කොට ගෙන ප්‍රවෘජා භූමියට පත්වනුයේ එක්දහස් නවසිය හැට හත ජූලි මස විසි එක වන දිනදීය.
කුඩා කල සිටම ආගම දහම කෙරෙහි නැඹුරුතාවක් දැක්වූ මේ කුමරුවා පුරාකෘත පුණ්‍ය මහිමය කරණ කොට ගෙන ප්‍රවෘජා භූමියට පත්වනුයේ 1967 ජූලි මස 21 වන දිනදීය.
එකොළහ මට එතුමන් නියම කොට ඇති මාවතෙහි ම මම ගමන් කරමි.
11 මට එතුමන් නියම කොට ඇති මාවතෙහි ම මම ගමන් කරමි.
කාන්තාවන්ගේ උද්යෝගිමත් බර්ඩ් ආදරවන්තයින් සඳහා සෞන්දර්යාත්මක වර්ණ මෝස්තර විසි නවය.
කාන්තාවන්ගේ උද්යෝගිමත් බර්ඩ් ආදරවන්තයින් සඳහා සෞන්දර්යාත්මක වර්ණ මෝස්තර 29.
මෙම අලාභය, තෑගි දෙන තැනැත්තා එම තෑග්ග වෙනුවෙන් යොදන දේ සහ තෑග්ග ලබන තැනැත්තා එය තමන් මිල දී ගතහොත් වියදම් කරන මුදල අතර වෙනස ලෙස ගණන් බලනු ලැබේ. දෙදහස් එක වර්ෂයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් මෙම අලාභය ඇමරිකානු ඩොලර් බිලියන හතර ක් බවට නිමානය කර ඇත.
මෙම අලාභය, තෑගි දෙන තැනැත්තා එම තෑග්ග වෙනුවෙන් යොදන දේ සහ තෑග්ග ලබන තැනැත්තා එය තමන් මිල දී ගතහොත් වියදම් කරන මුදල අතර වෙනස ලෙස ගණන් බලනු ලැබේ. 2001 වර්ෂයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් මෙම අලාභය ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් බවට නිමානය කර ඇත.
පනස් නව වන සේනාංකය මුලතිව්හි විලාවත්ත දකුණු දෙසින් නැඟෙනහිර වෙරළට ආසන්නව පලෙයිකුඩිරුප්පු ප‍්‍රදේශයෙන් මෙහෙයුම් කරයි.
59 වන සේනාංකය මුලතිව්හි විලාවත්ත දකුණු දෙසින් නැඟෙනහිර වෙරළට ආසන්නව පලෙයිකුඩිරුප්පු ප‍්‍රදේශයෙන් මෙහෙයුම් කරයි.
එක්සත් ජනපදයේ එවක ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්ගේ නම සඳහන් කරමින් ඔහු විසින් හුවාදක්වනු ලැබුයේ එම කාල වකවානුවේ ගෝලීයව මතුවූ අර්බුදයන් විසඳාලීමට රූස්වෙල්ට් සමකාලීන රාජ්‍ය නායකයින් හා එක්ව පිලියම් යෙදූ බවයි. එක්දහස් නවසිය තිස් ගනන්වල සිටි රූස්වෙල්ට් වැන්නෙකු දෙදහස් විස්ස දී නොමැත්තේ ඇයි? දෙදහස් අට වසරේ එක්සත් ජනපදයේ ...
එක්සත් ජනපදයේ එවක ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්ගේ නම සඳහන් කරමින් ඔහු විසින් හුවාදක්වනු ලැබුයේ එම කාල වකවානුවේ ගෝලීයව මතුවූ අර්බුදයන් විසඳාලීමට රූස්වෙල්ට් සමකාලීන රාජ්‍ය නායකයින් හා එක්ව පිලියම් යෙදූ බවයි. 1930 ගනන්වල සිටි රූස්වෙල්ට් වැන්නෙකු 2020 දී නොමැත්තේ ඇයි? 2008 වසරේ එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය ඉතා න...
කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සංඛ්‍යාව එකසිය හැට හතරකි.
කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සංඛ්‍යාව 164කි.
සිද්ධිය සම්බන්ධව මූලික පරීක්‍ෂණ අවසන් කැර නීතිපතිවරයා වෙත උධෘත යොමු කැර ඇති බවත්, සෙසු පරීක්‍ෂණ සිදුකළ හැකිවනුයේ සැකකාර ධනුන තිලකරත්න අත්අඩංගුවට ගැනීමෙන් පසුව බවත්, ඊයේ (තිස් එක) මහේස්ත්‍රාත්වරියට දන්වා සිටි රහස් පොලිසිය දැනට සැකකාර ධනුන තිලකරත්න සිටින ස්ථානයක් අනාවරණය නොවන බව ද පැවසීය.සැකකාර ධනුන තිලකරත්න අත්අඩංගුවට ග...
සිද්ධිය සම්බන්ධව මූලික පරීක්‍ෂණ අවසන් කැර නීතිපතිවරයා වෙත උධෘත යොමු කැර ඇති බවත්, සෙසු පරීක්‍ෂණ සිදුකළ හැකිවනුයේ සැකකාර ධනුන තිලකරත්න අත්අඩංගුවට ගැනීමෙන් පසුව බවත්, ඊයේ (31) මහේස්ත්‍රාත්වරියට දන්වා සිටි රහස් පොලිසිය දැනට සැකකාර ධනුන තිලකරත්න සිටින ස්ථානයක් අනාවරණය නොවන බව ද පැවසීය.සැකකාර ධනුන තිලකරත්න අත්අඩංගුවට ගැනීමට...
භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ අධීක්‍ෂණය යටතේ පරිසරයට හානියක් සිදු නොවන පරිදි මෙය ඉදි කෙරේ.අධි සුඛෝපභෝගි කාමර පනහකින් යුත් මෙහි කාමර දහයක් ඉහළ පහසුකම් සහිතව සැකසේ.
භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ අධීක්‍ෂණය යටතේ පරිසරයට හානියක් සිදු නොවන පරිදි මෙය ඉදි කෙරේ.අධි සුඛෝපභෝගි කාමර 50කින් යුත් මෙහි කාමර 10ක් ඉහළ පහසුකම් සහිතව සැකසේ.
හතර සමිඳාණන් ද එතුමන්ගේ බලය ද සොයා බලන්න;
4 සමිඳාණන් ද එතුමන්ගේ බලය ද සොයා බලන්න;
මීට අමතරව, ලබන ජූනි මස තිස් වන දා ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසුරුවා හැරෙන අතර එහි කටයුතු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටතට ගැනෙනු ඇත.
මීට අමතරව, ලබන ජූනි මස 30 වන දා ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසුරුවා හැරෙන අතර එහි කටයුතු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටතට ගැනෙනු ඇත.
ඔවුන් මේ මස දොළහ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී හලාවත මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.
ඔවුන් මේ මස 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී හලාවත මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.
නික් බීම්ස් විසින්, දෙදහස් දහසය අගෝස්තු අට
නික් බීම්ස් විසින්, 2016 අගෝස්තු 8
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “ රනිල් වික්‍රමසිංහ මහතා බැළලියන් ලවා කොස්ඇට බෑමට කුමන කුමන්ත්‍රණ ක්‍රියාත්මක කළත් ලබන ජනවාරි නව වන දා වන විට ලක්ෂ විස්ස කට වඩා වැඩි ඡන්දයෙන් නැවත වතාවක් ජනාධිපති ධූරයට, මේ රට බේරාගත් නායක මහින්ද රාජපක්ෂ මහතා ට පත්කිරීමට කළ ගුණ දත් ජනතාව කටයුතු කරනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “ රනිල් වික්‍රමසිංහ මහතා බැළලියන් ලවා කොස්ඇට බෑමට කුමන කුමන්ත්‍රණ ක්‍රියාත්මක කළත් ලබන ජනවාරි 9 වන දා වන විට ලක්ෂ 20 කට වඩා වැඩි ඡන්දයෙන් නැවත වතාවක් ජනාධිපති ධූරයට, මේ රට බේරාගත් නායක මහින්ද රාජපක්ෂ මහතා ට පත්කිරීමට කළ ගුණ දත් ජනතාව කටයුතු කරනවා.
කටක ලග්නය - දෙදහස් දහනවය-හයයි-හත කටක ලග්නය හිමි ඔබට අද (දෙදහස් දහනවය-හයයි-හත), ඔබ සැම විටම නිවැරදී කියා සිත කටයුතු කිරීම නිසා හිතවතුන් ඈත් වෙන්නටත් ඉඩ තිඛෙනවා.
කටක ලග්නය - 2019-06-07 කටක ලග්නය හිමි ඔබට අද (2019-06-07), ඔබ සැම විටම නිවැරදී කියා සිත කටයුතු කිරීම නිසා හිතවතුන් ඈත් වෙන්නටත් ඉඩ තිඛෙනවා.
තව ටිකක් කල් ගිහින් ඌට වෙන වෙන වීරයෝ හම්බවෙනකොට, මගේ තැන තහවුරු කරගන්න ඉඳහිට හෝ මේ වගේ දිනුමක් ගන්න වෙයි. ඩොලර් දහය විතර වගේ ලාබ එකක් ගන්න පුළුවන් වෙයි වගේ.
තව ටිකක් කල් ගිහින් ඌට වෙන වෙන වීරයෝ හම්බවෙනකොට, මගේ තැන තහවුරු කරගන්න ඉඳහිට හෝ මේ වගේ දිනුමක් ගන්න වෙයි. $10 විතර වගේ ලාබ එකක් ගන්න පුළුවන් වෙයි වගේ.
එසේම යකඩමල, වෙල්ලස්සේ වෙඩි හඬ, පොකුරුවැස්ස, සමුද්‍රදේවි වැනි වේදිකා නාට්‍ය සියය ක පමණ රංගන දායකත්වය ලබා දුන්නෙකි.
එසේම යකඩමල, වෙල්ලස්සේ වෙඩි හඬ, පොකුරුවැස්ස, සමුද්‍රදේවි වැනි වේදිකා නාට්‍ය 100 ක පමණ රංගන දායකත්වය ලබා දුන්නෙකි.
දැන්වීම බෙදා ගන්න වියදම (විසි හය)
දැන්වීම බෙදා ගන්න වියදම (26)
ගලේවෙල ප්‍රාථමික විදුහලේ සහ මාතලේ ශාන්ත ජෝන් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන හේ වසර දහය ක්‌ යුද හමුදා විශේෂ බළකායට අනුයුක්‌තව සේවය කොට ඇති පළපුරුදු නිලධාරියෙකි.
ගලේවෙල ප්‍රාථමික විදුහලේ සහ මාතලේ ශාන්ත ජෝන් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන හේ වසර 10 ක්‌ යුද හමුදා විශේෂ බළකායට අනුයුක්‌තව සේවය කොට ඇති පළපුරුදු නිලධාරියෙකි.
සිංහලෙන් ලියාගෙන විවිධ භාෂාවලින් කතා පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් උපයෝගී කර ගනු ලබන ටෙලිප්‍රොම්ප්ටරය නොමැතිව විපක්ෂ අපේක්‍ෂක සරත් ෆොන්සේකා මහතා සමඟ ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයකට එන්නැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ඇතුළු ඔහුට සහාය දෙන පක්‍ෂවල නායකයෝ ඊයේ (දහතුන දා) ජනාධිපති මහින්ද රාජපක...
සිංහලෙන් ලියාගෙන විවිධ භාෂාවලින් කතා පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් උපයෝගී කර ගනු ලබන ටෙලිප්‍රොම්ප්ටරය නොමැතිව විපක්ෂ අපේක්‍ෂක සරත් ෆොන්සේකා මහතා සමඟ ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයකට එන්නැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ඇතුළු ඔහුට සහාය දෙන පක්‍ෂවල නායකයෝ ඊයේ (13 දා) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ...
මේ හේතුවෙන් ප‍්‍රධාන මාර්ගය අසළ පිහිටි නිවාස පහක් කාසල්රී ජලාශයට කඩා වැටීමේ අවදානමක් ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.
මේ හේතුවෙන් ප‍්‍රධාන මාර්ගය අසළ පිහිටි නිවාස 05ක් කාසල්රී ජලාශයට කඩා වැටීමේ අවදානමක් ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.
ප්‍රාණවත්ව තිබෙන අවස්ථාවකදී මෙන්ම අප්‍රාණික වී ඇති අවස්තාවකදීද පුරුෂ ජනනේන්ද්‍රියක් කෙතෙක් දිගුව තිබිය යුතු දැයි විමසා බැලීමට ලොව පුරා විවිධ ජාතීන් වල පුරුෂයන් පහළොස් දහසක් යොදා කරන ලද සමීක්ෂණයක ප්‍ර‍තිඵල එසේ තම ජනනේන්ද්‍රියේ ප්‍ර‍මාණවත්කම ගැන සැක කරන අයට සැනසුම් දාවක විය හැකිය.
ප්‍රාණවත්ව තිබෙන අවස්ථාවකදී මෙන්ම අප්‍රාණික වී ඇති අවස්තාවකදීද පුරුෂ ජනනේන්ද්‍රියක් කෙතෙක් දිගුව තිබිය යුතු දැයි විමසා බැලීමට ලොව පුරා විවිධ ජාතීන් වල පුරුෂයන් 15000 ක් යොදා කරන ලද සමීක්ෂණයක ප්‍ර‍තිඵල එසේ තම ජනනේන්ද්‍රියේ ප්‍ර‍මාණවත්කම ගැන සැක කරන අයට සැනසුම් දාවක විය හැකිය.
ලෝකෙ ඉන්න කිඹුල් විශේෂ විසි තුන න් දහඅට ක්ම එහි ඉන්න බවත්, ලොව වැඩිම කිඹුල් එකතුව බවත් කොලින්ගෙන් කියවුනා.
ලෝකෙ ඉන්න කිඹුල් විශේෂ 23 න් 18 ක්ම එහි ඉන්න බවත්, ලොව වැඩිම කිඹුල් එකතුව බවත් කොලින්ගෙන් කියවුනා.
නේපාලයට නව ව්‍යවස්ථාවක් සකස්කර අවසන් විය යුතු බවට ගිවිස ගත් දෙදහස් දහය මැයි විසි අටදා ඉක්ම ගියේ එතෙකු දුත් ව්‍යවස්ථා සාකච්ජා පැවැතෙමින් තිබියදී ය.
නේපාලයට නව ව්‍යවස්ථාවක් සකස්කර අවසන් විය යුතු බවට ගිවිස ගත් 2010 මැයි 28දා ඉක්ම ගියේ එතෙකු දුත් ව්‍යවස්ථා සාකච්ජා පැවැතෙමින් තිබියදී ය.
වන අලි පහර දීමෙන් පියා මිය ගියා: ඊට පෙර මවත් මිය ගිහින් (දෙදහස් දහඅට-හතරයි-විසි හත)
වන අලි පහර දීමෙන් පියා මිය ගියා: ඊට පෙර මවත් මිය ගිහින් (2018-04-27)
“කමක් නෑ අක්කේ මගේ තිස් අට ගානක් නෑ නාන්න විතරනෙ .
“කමක් නෑ අක්කේ මගේ 38 ගානක් නෑ නාන්න විතරනෙ .
අන්තිමට Designers දහඅට ක් කිව්වට තිහ ක් විතර Paticipate කරා.ඒ කියන්නේ අර Sketches බාරගත්ත දවසේ හිටපු විනිශ්ය මණ්ඩලයෙන් තොරව බර ගානක් ඇතුල් වෙලා හිටියා.
අන්තිමට Designers ලා 18 ක් කිව්වට 30 ක් විතර Paticipate කරා.ඒ කියන්නේ අර Sketches බාරගත්ත දවසේ හිටපු විනිශ්ය මණ්ඩලයෙන් තොරව බර ගානක් ඇතුල් වෙලා හිටියා.
එසේත් කල නොහැකිනම් විසි පහ වන දිනට පෙර ඒ බව දැනුම් දෙන්න.
එසේත් කල නොහැකිනම් 25 වන දිනට පෙර ඒ බව දැනුම් දෙන්න.
අවසන් විස්සයිවිස්ස තරගාවලියට ක්‍රීඩාකරන නායක මෂ්රාෆී මෝර්ටසා හොදින් පන්දු යවමින් උපුල් තරංග (විසි හතර) සහ ඩිල්ෂාන් මුණවීර (අට) දවාගැනීමට සමත්වූ අතර දුවද්දී දැවීයාමකට හසුව අසේල ගුණරත්න ලකුණු දහහත කට දැවී ගියේය.
අවසන් 20-20 තරගාවලියට ක්‍රීඩාකරන නායක මෂ්රාෆී මෝර්ටසා හොදින් පන්දු යවමින් උපුල් තරංග (24) සහ ඩිල්ෂාන් මුණවීර (8) දවාගැනීමට සමත්වූ අතර දුවද්දී දැවීයාමකට හසුව අසේල ගුණරත්න ලකුණු 17 කට දැවී ගියේය.
දැයට කිරුළේ කෝටි විසි පහක් ආගිය අතක් නෑ ලු...
දැයට කිරුළේ කෝටි 25ක් ආගිය අතක් නෑ ලු...