txt stringlengths 140 500 |
|---|
අයිනට පැමිණ ඒවා ප‍්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක් දක්වති. පෙනුමේ හැටියට ඔවුන් ආයතනයේ සුළු සේවකයන්ය. ඔවුන් දෙස නොබලා පාගමනින් එතන පසුකර යෑමට කලින්ම සිත එකඟ කරගෙන සිටියද, මගේ උත්සාහය සාර්ථක නොවූයේ එක් විරෝධතාකරුවෙකුගේ අහිංසක නිහඬ බැල්ම මාගේ දෙපයට විලංගු දැමූ බැවිනි.
”මොකක්ද ප‍්‍රශ්නේ” නිකමට හෝ අසා දැනගත යුතුයැයි සිතුන ... |
ේවකයන් අතර ඇති සංහිඳියාව පලූදු කරන බවත්, ලොක්කාත්
ඔහුගේ කීම ඉස් මුදුනින් පිළිගෙන කටයුතු කරන නිසා සේවක පිරිසට අසාධාරණයක් වන බවත් ඔහු කෙටියෙන් පැවසූ තොරතුර විය.
”කාට කියන්නද කියල අපිටවත් තේරෙන්නේ නෑ මහත්තයෝ. රටේ කෙරෙන විධියට බෝඞ් වල ලියාගෙන පාර අයිනේ හිටගත්තේ පුළුවන් කෙනෙක්වත් දැකල අපිට සහනයක් දෙයි කියල හිතාගෙන”තවත් අහිං... |
ක් ඇල්ලූවත් ඔවුන් දුවන තරම්ය. පාලකයන්ට හේත්තු වී කේලාම් කියමින් පාලිතයින් පෙළනා ආවතේවකරුවන් මේ සමාජයට අමුත්තන් නොවේ. ඉතිහාසය පුරාමද ඔවුහු සිටියහ. පොද වැස්සක සූදානමකුත් තිබූ නිසා මා හට දියවර දෙවියන් මතක්වුනි. එතුමාද එදා නොමග ගියානම්, මේ විරෝධතාකරුවන්ගේ ප‍්‍රධානියා ගැන කිනම් කතාද? කලකට පෙර පොතකින් කියවූ එම කතාව සිත තුළ ද... |
දකුණු ඉන්දියාවේ සිට පැමිණි සංඝමිත‍්‍ර නම් මහායාන භික්ෂුවයි. මේ අහිංසකයන්ට අද සිදුවෙන්නා සේ රජු ලවා විහාරවාසී භික්ෂූන්ට හිරිහැර කරවූයේ සංඝමිත‍්‍රය. අද මෙන් පිකටින් හරහා තවෙකෙක් දැනුවත් කිරීමේ ක‍්‍රමයක් එදා නොතිබුනත්, මේ විනාශය අවබෝධ කරගත් මේඝවර්ණ නම් සෙනෙවියෙක් රජු හා සටනට පැමිණ, අනතුරුව රජුහට කරුණු අවබෝධ කරදෙමින් එතුම... |
ෙවියෝ. ලෙසින් ජනතාවගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ බව ඉතිහාස පුවතේ කියවේ. අදටත් ”මින්නේරි දෙවියෝ” ලෙසින් ජනතාව එතුමාව අදහති. සිදුකළ වැරදි පිළිගෙන නිසි මාවතට අවතීර්ණව, සමාජ අභිවෘද්ධියට කටයුතු කරන්නේ නම්, දේවත්වයෙන් පිදුම් ලබන්නට වුවත් හැකිබව වත්මන් සමාජයට වුවත් ප‍්‍රයෝජනවත් පුවතක් නිසා මහසෙන් කතාව මේ මොහොතටත් ගැළපෙන්නේය.
එදා එත... |
ඉතිහාසයේ ස්වර්ණමය යුගයයි. වැව් ඉදිකරමින් එකතුකරනු ලැබුවේ මහපොළොවට වැටෙන වැසි ජලයයි. මහ පැරකුම් නිරිඳාණන් පොළොවට වැටෙන හැම ජල බිඳුවක්ම සයුරට නොයවා රැකගත යුතුයැයි උපදෙස් දුන්නේද වැසි ජලයේ වටිනාකම ගැන පුළුල්ව තිබූ මේ අවබෝධය නිසාමය. එකල මේ අරපිරිමැස්ම හා තාක්ෂණය කෙතරම් පුළුල්ව ව්‍යාප්තව පැවතියාද යන්න සිතාබැලීමට හොඳම උදාහර... |
ට ආ දියවර දෙවියෝ හරහා මා සිත තුළ අවදිවෙමින් තිබෙන්නේ පෙර රජ දවස අපට කියාදුන් වැසිදිය පරිහරණ පාඩමයි. බොහෝ දෙනෙක් මෙය දන්නේ රේන් වෝටර් හාවෙස්ටින් (Rain Water Harvesting) යන ඉංග‍්‍රීසි යෙදුමෙන්ය. සිංහලෙනුත් මා එය ලියූවේ එබැවිනි. වියළි කලාපයේ දිළිඳු පවුල් වලට ජල ටැංකි බෙදාදෙමින්, වහලයට වැටෙන ජලය ප‍්‍රයෝජනවත් ආකාරයට එම ටැංක... |
, සමස්ත ජනතාවම එහි නිවැසියන් බවත්, වසර පුරාම වැසි පතිතවෙන කඳුකරය මේ නිවසේ පියස්ස ලෙසටත් පිළිගනිමින් මහා පරිමාණයේ වැසිදිය පරිහරණයක් අපේ රජදරුවන් නිර්මාණය කරද්දී, අද දවසේ දියුණු යැයි කියාගන්නා ලෝකවාසී ජනතාව චග්ගුඩු පනිනවාට වඩා දෙයක් දැන සිටින්නට නැත. තවත් ඇඟට දැනෙන්නට කියනවානම්, සල්ලාල සගයින් 700 දෙනකුත් සමග තම්මැන්නා වෙ... |
පසු ඒවා පළමු සියවසට අයත් යැයි සනාථ වූ බව මහාචාර්ය සෙනරත් පරණවිතානයන් වාර්තා කර තිබේ. එහෙත් අද බොහෝ ඉතිහාස පොත්වල දැක්වෙන්නේ මෙම සොරොව්ව හය වෙනි සියවස සමයේදී, එනම් විජයගේ ආගමනයට සමපාතව ඉදිකර ඇති බවයි. එහෙත් ඇත්ත කතාව නම් අපගේ වාරි ශිෂ්ටාචාරය විජය එන්නටත් වසර 500 කට පෙර පවා යහතින් වැජඹුණු බවකි.
වැසිජල පරිහරණ නිර්මාණයේ ඉ... |
පිළිබඳ පර්යේෂකයෙකුව සිටි ඔහු දැනට රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකි.
”වැසිදිය පරිහරණයේ මුල් පාඩම් අපිට කියල දුන්නේ පෙර විසූ රජවරුන් කියන මතයට මමත් එකඟයි. වැසිදිය නෙළනවා කියල මෙය කෙළින්ම සිංහලට පරිවර්තනය කෙරුවත් අතීතයේ මෙය කෙරුණේ පියවර තුනකට. පළවෙනි එක තමයි ජලය ලබාගැනීම. ඉහළ කඳුකරයේ ගංගාද්‍රෝණි වලින් තමයි වැටෙ... |
කලෙකදී තුන්වෙනි පියවර වශයෙන් ගබඩා කර තිබූ ජලය මිනිස් අවශ්‍යතාව සඳහා භාවිතා කෙරුව.”
අප විද්වතාණන් හඬ අවදිකරමින් කතාව අරඹයි. නමින් ආචාර්ය පී. බී. ධර්මසේන වන ඔහු පවසන පරිදි වර්තමානයේ නිවාස මට්ටමෙන් ක‍්‍රියාත්මක වන වැසිදිය පරිහරණ ක‍්‍රමවේදයන් ප‍්‍රසූතිය ලැබීමටත් පෙර මෙරට රජ දරුවන් මහා පරිමාණයෙන් මෙය ක‍්‍රියාත්මක කර තිබේ. අ... |
ේම පිහිටා තිබෙන බවද ඔහු පෙන්වාදෙන කරුණකි. ලාංකික භූමිය දෙස ඉහළින් බලා, කඳුකරයට වැටෙන වතුර, රටවටා එකම මට්ටමකදී ගබඩා කළහැකි අයුරින් වැව් සැලැස්මක් නිර්මාණය වී තිබීම කෙතරම් විශ්මය දනවන්නක්ද? මෙය එක රජෙකු අතින් හදිස්සියේ සිදුවූවක් නොව, වැව් කරවූ සියලූ නරපතියන් සතුවූ දැනුම නිසා ලද ප‍්‍රතිඵලයකි. මීටර 50 කට පහළ මට්ටමේ තිබූ සා... |
ැව් තුළ ගබඩාකර, අවශ්‍ය විටදී රජරට අස්වැද්දීමට භාවිත කළ නිසා ගංගා ඔස්සේ ගොස් මුහුදට වැටෙනා ප‍්‍රමාණය 12-20% ක් තරම් සුළු ප‍්‍රමාණයක් බව ගණන් බලා තිබේ. එහෙත් රජුන්ගේ මේ ව්‍යාපෘතියට කැලණි, කළු හා ගිංගඟ වැනි තෙත් කලාපයේ තිබූ ගංගා හසුවූයේ නැත. ඒ නිසා අදටත් ඒවාහි ජලය 65-70% ක් පමණ ප‍්‍රමාණයක් මුහුදට ගලා යයි. ඒ අනුව රජුන් කිය... |
ිදිය පරිහරණයේ පද්ධති අතරින් තවත් කාර්යක්ෂම නිර්මාණයක් ලෙස ඔහු හඳුන්වා දෙන්නේ සීගිරියයි. සියුම් නිරීක්ෂණයන් ගණනාවකට පසුව ඔහු ඉදිරිපත් කරන කල්පිතය වන්නේ සීගිරි රාජධානිය නඩත්තු කිරීමට අවශ්‍ය වැසිජලය නෙළාගෙන ඇත්තේ ඒ අසල ඇති පිදුරංගල පර්වතය මතින් බවය.
”භූ විද්‍යාත්මක සිද්ධාන්තයන්ගෙන් කියවෙන්නේ පොළොවෙන් ඉහළට තිබෙන විශාල ගල් ... |
ඒකෙ තේරුම මිනිසුන් ගල පුපුරවල මතුපිට පැතලි කරලා තියෙනවා. අවට තිබෙන ලොකු ගල් කුට්ටි එතනදී බිමට වැටුණු ඒවා විය යුතුයි. ප‍්‍රධාන පර්වතය මත පවා ඒ විශාල පිපිරුම නිසා සැදුනා යයි සිතිය හැකි දෙදරුම් දකින්න පුළුවන්”
මිනිසුන් විසින් පර්වතය පුපුරවා කොටසක් බිම දමා, මතුපිට පැතලි කරන්නට ඇත්තේ වැසි ජලය එකතුකරගැනීමට යැයි ඔහු සාධාරණ තර... |
ි. වැටෙන වතුර පර්වතයේ හැම පැත්තෙන්ම පහළට බේරී අපතේ යා හැකි බැවින් එය වැළැක්වීමටද පියවර ගෙන ඇති බවක් පෙනේ. ස්වභාවික පිහිටීමක් නොවන බවට බැලූ බැල්මට පෙනෙන දාරයක් පර්වතයේ පැතලි මුහුණත වටා පිහිටන බව පෙන්වාදෙන ආචාර්ය ධර්මසේන, වැටෙන හැම ජල බිඳක්ම එකතුකර ගැනීමේ හැකියාව මේ අනුව නිර්මාණකරුවන්ට ලැබී ඇති බව සනාථ කරයි.
”පර්වත මුහුණ... |
ෙන්නේ. ඒ සඳහා පර්වතයේ සෑදූ කුඩා කාණු වැනි දේ අදටත් පැහැදිලියි.”
පිදුරංගල යනු අද සංචාරකයන් ගැවසෙන ස්ථානයකි. සීගිරියට යන බොහෝ දෙනා පිදුරංගලටද යන්නෝය. ඒත් අපගේ ආදි විරුවන් විසින් ඉදිකළ මේ මහා වැසිදිය නෙළනය ගැන කී දෙනෙක් විපරම් කර ඇත්ද? ජෝර්ජ් තාලින් නම් ඇමරිකානුවා වරෙක මෙසේ පැවසීය. ”සමහරු වීදුරුව බාගෙට පුරවලා කියා පවසද්දී... |
දැක මොනවා හිතනවාදැයි අප නොදනිමු. බොහෝ දෙනෙක් වැඩකට ඇති යමක් පෙරදැරිව ඒ දෙස නොබලනා බව නම් පැහැදිලිය. පසුගිය දිනෙක පිදුරංගලට නැගගත් ගැටවුන් කීපදෙනෙක් උපන් ඇඳුමට මාරුවී ඡුායාරූප ගත් බවක්ද වාර්තා වූයේ, අපේ රැහේ උන්ගේ වැඩකිඩ ගැන මේ ගැටවුන්ට තිබූ අනවබෝධය නිසාමය. එවන් පසුබිමක ඉතිහාසය හාරා තොරතුරු ජනනයට සමත් දෙනෙතක් හිමි ආචාර්... |
යි. ඊළඟ පියවර වන කල්පිතය පරීක්ෂා කරන්නට කෙනෙක් නොමැතිනම්, කල්පිතය කල්ඉකුත්වී පල්වී යන්නේය. ඊට පෙර මේ පර්යේෂණ සිදුවිය යුත්තේය. එවන් සාධනීය පර්යේෂණ වාර්තා ඇත්නම්, මේ පද්ධතිය යළි ක‍්‍රියාත්මක කරන්නට බලධාරීන් වෙතින් ව්‍යාපෘති යෝජනා වුවද බිහිවෙන්නට ඉඩ තිබේ. ධර්මසේන වෙතින් යෂ්ඨිය රැගෙන තම සීමාව පසුවෙන තෙක් දුවන්නට පුරාවිද්‍ය... |
වටින් හමුවෙලා තියෙනවා. ඉහළ හා ඈතක සිට එන මේ ජල පහර ලොකු පීඩනයකින් දරනවා. සීගිරි උයනේ තිබෙන වතුර මල් ක‍්‍රියාත්මක කිරීමට මේ අනුව පුළුවන්. ඒ මල හරහා වතුර වැටෙන්නේ පොකුණට. මේ පිරිසිදු වතුර අවට වැසියන්ට සම්පතක්.”
ආචාර්ය ධර්මසේන මේ කතා කරන්නේ ජල පිරිපහදුව ගැනයි. වර්තමානයේ වුවද මහජනයා උදෙසා බොන වතුර සම්පාදනය කිරීමේදී පළමුව ක... |
ව වතුර මලක් හරහා යවා ඇත්තේ වාතනය කිරීම හරහා පවිත‍්‍ර කිරීමට යයි සිතුවොත්, එය සරලව ඉවතලන්නට නොහැකි සිතුවිල්ලකි.
අපගේ විද්වතාණන් කඩදාසියක් මත ඉලක්කම් හරඹයක් කරමින් සිටී. මා වැඩිපුර අවධානය යොමුකළේ හරඹය අතරතුර සමාන කිරීමේ ලකුණක් යොදමින් හා අනතුරුව යටින් ඉරිකෑලි දෙකක් අඳිමින් ඔහු ලබාගන්නා උත්තර පිළිබඳවය. එක පේළියක අවසන් පිළ... |
වැස්ස අක්කර පහක් වූ පිදුරංගල පර්වත මුහුණතට පතිතවී, ඉන් 20% ක් අපතේ ගියා සේ සලකා වුවද, සීගිරි උයනට යැවීම සඳහා නෙළාගත හැකි වැසිදිය අස්වැන්න තවත් තැනක ඔහු ගණනය කර තිබේ. ඒ ඝනමීටර් 10000 ක් වශයෙන්ය. මෙවන් වාර්ෂික ජල සංචිතයක් මිනිසුන් කී දෙනකුට ප‍්‍රයෝජනවත්ද? කඩදාසියේ තවත් තැනක යටින් ඉරිගැසූ උත්තරයකි. දිනකට ලීටර් තුනක් පානය... |
පිරී ඇති, බීමට සුදුසු පැන් ගෙනයෑමට පැමිණෙන රුසිරු ළඳුන් දෙස බලා සිටිනා අයුරු මා ඉදිරියේ මැවී පෙනේ. මේවා පිදුරංගලින් නෙළා, එහිදීම පිරිපහදුකර, සීගිරි පොකුණුවලට ගෙනැවිත් පිරිසිදු වාතය සමගද කැලතූ බීමට සුදුසු පැන් බැවින් අවට වෙසෙන්නන්ට අද දවසේ මෙන් කිවුල පිරි භූගත ජලය බොන්නට සිදු නොවන්නට ඇත. නොදන්නා වකුගඩු රෝගයට වුවද කිවුල... |
වාතලය හා මුසුවී අතුරුදන්ය. අහසින් වැටෙන වැසිදියෙන් 60% කටත් වඩා ප‍්‍රමාණයක් නාගරිකයාගේ ටොයිලටයකටවත් ගොඩ නොවී මුහුදටම ගලා බසින්නේ රජුන් අපට ඉගැන්වූ වැසිදිය පරිහරණ පාඩමත් ජලයේම දියකරගෙනය. කිවුල් ජලය බීමෙන් රජරට පුරා වකුගඩු රෝගීන්ය. පිදුරු ගහකවත් එල්ලී සිටිය යුතු නිසා දෝ, ඉඳහිට හෝ වහලයට වැටෙන වතුර ටික පීල්ලක් හරහා විත් එ... |
බලා සිටී.
- Divaina E Paper
සොඳුරු ලියක මහිම: කාන්තා දිනය තුල සැබෑ ලෙස කාන්තා උද්‍යේගයක් තිබුණාද?
කාන්තා දිනය තුල සැබෑ ලෙස කාන්තා උද්‍යේගයක් තිබුණාද?
තවත් එක් කාන්තා දිනයක් කිසිදු උද්‍යෝගයකින් තොරව ඈලිමෑලි දියාරු ගතියකින් ගෙවී ගියේය. මේ ගැන යමක් නොකියා සිටීමට අදහස් කර පසුව යම් කිසි දෙයක් කීමේ අදහසක් සිතට නැගුනේ සැබවින්... |
මාජයට යම් පණිවිඩයක් දෙන වැදගත් ප්‍රකාශයක් කිරීමට හෝ අසමත් වීම බෙහෙවින් කනගාටුදායකය. මේ තත්වය හමුවේ කාන්තාවන්ගේ ප්‍රගතිය හා නිදහස වෙනුවෙන් කළයුතු අරගලයකට මුලපුරන යම්කිසි ගැම්මක් ඇතික්කරවියහැකි වැඩපිළිවෙලකට මුලපිරීමට තිබූ අවස්ථාවක් ඔහේ නිකම් මගහැරී ගියේය. වෙනත් වසර වලදීනම් කතා කිරීමට කාන්තා ප්‍රශ්නද බොහෝ තිබුණි එහෙත් මේ ... |
කාමී එඩිතර ආකාරයකින් පුරුෂාධිපත්‍යට එරෙහිව නැගීසිටීමට වඩා කිසිම පනක් නැති ආකාරයට මෙහෙයවීමයි.
කාන්තා විමුක්ති ව්‍යාපාරයන් බටහිර රටවල එලිබැසපු මුල් යුගවල ඒ ගැන කොපමණ උද්‍යෝගයක් තිබුණාද? එම රටවල කාන්තාවන් අද කොපමණ ප්‍රගතියක් අත්කරගෙන ඇත්ද? ඇත්තෙන්ම බටහිර සමාජයේ මේ පිළිබඳ කතිකාවතක් ගොඩනැගුනු මුල් යුගයේ පුරුෂාධිපත්‍ය ගැන වි... |
ස උද්ගෝෂණයන්හි නිරත විය. බොහොමයක් කාන්තාවෝ නිවෙස්වල ස්වාමි පුරුෂයන්ගෙන් සිදුවන අඩන්තෙට්ටම් වලට එරෙහිව ප්‍රබල හඬක් නැගුවෝය. තවත් විශාල පිරිසක් කාන්තා විලාසිතා වලට එරෙහි වූයේ එහි සැබෑ පසුබිම පුරුෂයාගේ කාම තෘප්තිය බවත් ඉන් කාන්තාවන්ට පිරිමින් පරයා නැගී සිටීමට ඇතිවන්නේ බාධාවක් බවත් හොඳින් තේරුම් ගනිමිනි. බොහේ කාන්තාවන් ගෘහ... |
ද සමය කාන්තාවන්ගේ විමුක්ති මාර්ගය විවුර්තකළ කාලපරිච්ඡේදය විය. එසේ වූයේ ඇමරිකාවේ යුධ නීතිය යටතේ පිරිමින් සියල්ලන්ට යුධ සේවය අනිවර්ය වී කාන්තාවටද කම්හල් රැකියා විවුර්ත වීම තුලිනි. ඒ තුලින් කාන්තාවන් කර්මාන්තශාලා වල විශාල ලෙස විවිධ රාජකාරිවල නිරත වුනත් ඔවුන්ට ලැබුණේ පිරිමින්ට සාපේක්ෂව අඩු වැටුපකි. කාන්තාවන්ට වූ මේ අසාධාරණ... |
ුක්ති ව්‍යාපාරය බටහිරදී බොහෝ ජයග්‍රහණයන් අත්පත් කරගනිමින් අදටත් නොනවත්වා ඉදිරියට ඇදෙයි. අද බටහිර කාන්තාවන්ට කළ නොහැකි යමක් නැත. මේ වනවිට බොහෝ බටහිර මෙන්ම ජාත්‍යන්තර සංවිධාන වල වැදගත් තනතුරු බොහොමයක් කාන්තාවන් විසින් හොබවනු ලබයි. අද ලොව බොහෝ අධ්‍යාපන ආයතන වලද ඉගෙනීම ඉහලටම යන්නේ කාන්තාවන්ය. බටහිර සමාජය සලකා බැලීමේදී බොහෝ... |
නේ කාන්තාවන්ගේ රැකවරනය වෙනුවෙන් පනවා ඇති නීති රීති බටහිර රටවල ඉතා දැඩි වීමයි.
කාන්තා විමුක්ති ව්‍යාපාරය ප්‍රගතිශීලී ව්‍යාපාරයක් ලෙස ශ්‍රී ලංකාවට දැනට කලකට පෙර හන්දුන්වාදෙනු ලබුවත් එයින් සතුටුදායක ප්‍රතිඵල අත්වූයේ යැයි සිතීම අපහසුය. කෙසේ වුවත් එයින් මේවනවිට යම්කිසි යහපත් ප්‍රතිඵලයක් අත්වී නැතැයි කීමටද නොහැකි වේ. කාන්තා ... |
ති සම්පාදනය විය. එසේම කාන්තාවන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සම්ප්‍රදායෙන් මිදී නූතන යුගයට ඔබින ලෙස බොහෝ වැඩසටහන් කෙරිනි. විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව යම් මට්ටමකට බොහෝ ක්‍රියාකාරකම් වල නිරත වීමට සාපේක්ෂව වැඩි නිදහසක් කාන්තාවන්ට මේ අවධියේ අත්විනි. ඉන්පසුවට කුමාරතුන්ග මැතිනිය ජනපතිනියව සිටියදීම රනිල් වික්‍රමසිංහ මහතා අගම... |
ාරයටත් හිතකරද? මෙය සැබෑවටම ප්‍රශ්නාර්ථයකි. චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනියගේ සමයේ කාන්තාවන්ගේ රැකවරනය වෙනුවෙන් ලිංගික අතවර වල විවිධාකාර ස්වරූපයන්ට එරෙහිව තැනුනු නීති අද වනවිට ඒ තරම් සාර්ථකව ක්‍රියාත්මක නොවේ. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටි අවධියේ කාන්තා හින්සනයට හා ගෘහ ප්‍රචන්ඩත්වයට එරෙහිව පැමිණිලි භාරගෙන නීති ක්‍රිය... |
ි. මෙවර කාන්තා දිනයේදී අප දැක්කේද එයයි. කාන්තා දිනයටද මෑතක සිට සිදුවන්නේ සම්ප්‍රදායික ගෘහණියන් හා මවුවරුන් ඉලක්ක කරගෙන කරන වැඩසටහන්ය. සම්ප්‍රදායික ගෘහණියන්ට තවත් වටිනාකම් ලබාදීම පුරුෂාධිපත්‍යටම රුකුල් දීමක් නොවෙයිද? අනෙක කාන්තාවන් පුරුෂයාගේ කාමවස්තූන් බවට පත්කරවන ඔවුන්ගේ මානසික ධෛර්ය අඩපන කරන විලාසිතා ආදිය ප්‍රදර්ශනය ක... |
්ම ජීවිතය කැප කරන සම්ප්‍රදායික මවුවරුන්ගේ කියුම් කෙරුම් මිස සැබෑ කාන්තා විමුක්තිය හා ප්‍රගතිය කරා යන ප්‍රගතිශීලී කාන්තා වැඩසටහන් නොවේ. මෙය කෙලින්ම කිවයුතුයි. කාන්තාවන් වෙනුවෙන් හඬ නැගීමට ඉදිරිපත්වන පුවත්පත් ඇතුලු බොහොමයක් මාධ්‍ය මෙවර කාන්තා දිනයේදී ඒ වෙනුවෙන් එතරම් උනන්දුවක් ඇතිව හඬ නොනැගීමද සැබවින් කනගාටුදායකය.
Posted... |
සවූවේ චන්ද්‍රිකා යුගයේ තමයි
සැබෑ ලිංගික නිදහස March 8, 2014 at 11:20 PM
ස්ත්‍රීවාදය ලෝකෙටම පොදුයි කියලා පෙන්වන්න මේ අය ලොකු උත්සහයක් ගත්තත් අවිචාරයට අද ඉන්න පරම්පරාව අන්ධ කරන්න බෑ.
වනිතා හඬ March 11, 2014 at 9:45 PM
මෙතන තියෙන අන්තවාදය ගැන කතා කරන්නේ පුරුෂාධිපත්‍ය සමාජයේ අන්තවාදය තුල කාන්තාව පත්වන පීඩාව ගැන කතා කරන්නේ ... |
බව මතක තියාගන්න.
සැබෑ ලිංගික නිදහස March 8, 2014 at 11:23 PM
මේ ලිපිය පුරාවටම දකින්න තියෙන්නේ ස්වභාවධර්මයට අනුව මානව ලිංගිකත්වය සැකසී තිබෙන ආකාරයත්, එහි ආශිර්වාදය මත බිහිවන සමාජයත් පෙන්නන්නට බැරි මානසිකත්වය. වෙන මොකවත් නෙවෙයි.
වනිතා හඬ March 11, 2014 at 9:48 PM
කාන්තාවට අසාධාරනයක් පීඩාවක් වෙනවනම් ඒ ස්වභාවය උනත් පිළිගන... |
න්තාව විස්වාස නෑ පිරිමියෙක් තරම්වත්. ඔබ මා සමග එකග වෙනවාද?
වනිතා හඬ March 11, 2014 at 9:49 PM
එහෙම වෙලා තියෙන්නේ පුරුෂාධිපත්‍ය රාමුවම අනුමතකරන මෝඩ ගෑනු ගොඩක් ඉන්න නිසානේ. වෙනස් වෙන්න ඕනෙත් ඒකයි.
Manosh Sandaruwan March 25, 2014 at 9:26 PM
සමාජය තුල කාන්තාව කියන සංකීර්ණ මාතෘකාවට අදාළව කාන්තාව සමාජයෙන් බලාපොරොත්තුවෙන තත්... |
හොඳයි මුලින්ම්. කොටින්ම ඔබේ මතයට අනුව කාන්තාවගෙ භූමිකාව විය යුත්තේ කුමක්ද? අංග සම්පූර්ණ විස්තරයක්.
\\එහෙමනම් ඇයි පවුල කියන සංකල්පයේ එල්ලිලා ඉන්නේ//
http://masandumal.blogspot.com/2014/03/blog-post_25.html#comment-form
ඉහත උපුටලා දැක්වූවේ මගේ බ්ලොග් අඩවියේ ඔබතුමිය ඉදිරිපත් කල කමෙන්ටුවක කොටසක්. මෙවැනි කාරණා සම්බන්ධයෙන් ඔ... |
ින් ඔබ ගේ අදහස, අරමුණ අපට වඩා හොඳින් තේරුම්ගත් හැකිවනු ඇත.
මක් නිසාදයත් ඔබගේ මේ වෑයම කාන්තා හිංසනය, සම තැන ලබා දීම, වැනි පොදු මාතෘකාවලට එහා ගිය යමක් බව මට වැටහීමයි.
ඇසට අසුවන මායිමේ April 6, 2014 at 10:16 PM
මේ මනුස්සයගෙ ලිපි කියවපුවම මගෙ ඔළුව රදේ හැදෙන්න ගත්ත. ඔයාගෙ ලින්ක් එකට ගිහින් බැලුව මට නම් ඒ කොමෙන්ට් කියවන්නත් ... |
ිනය තුල සැබෑ ලෙස කාන්තා උද්‍යේගයක් තිබුණාද...
වැලන්ටිනා තෙරස්කෝවා, මෙයා ගැන අහලා තියෙනවද?
පිටකොටුවෙ කඩවල පොකැට් රේඩියෝ - Aruna
පිටකොටුවෙ කඩවල පොකැට් රේඩියෝ
Posted on: February 26, 2020 12:16 pm
‘‘මේ කතා කරන්නේ කොළඹින් කොළඹගේ.’’
‘‘මේ ලියන්නේ දිවලකඩින් ගුලීය.’’
මේ හැටේ දශකයේ මුල කොළඹින් කතා කළ ඩී.ඇම්. කොළඹගේ ගැන ගුණදාස ... |
ආර්ථිකයත් සමගය. විවෘත ආර්ථිකයත් සමග හවුස් මේඩ්ලා ඩුබායි යාමත් සමග ඔවුන් ආවේ අනර්ඝ වර්ගයේ රේඩියෝද රැගෙනය. ඒ ඩුබායිවලින් ගෙනා රේඩියෝවලට ඒ සන්දියේ කිව්වේ ‘ත්‍රී ඉන් වන්’ කියාය. විජය රාමනායක නම් චිත්‍රපට නිෂ්පාදකවරයා වරක් ඩුබායි සිට ලංකාවට එන විට දැකගත හැකි දසුනක් වූයේ ලංකාවට ආ කාන්තාවන් අත රේඩියෝ කැසට් දකින්නට ලැබීමය. ඒ ... |
ෙඳපොළට නිකුත් කරමිනි. මේ කැසට් ව්‍යාපාරය විජය රාමනායක කෝටිපතියකු බවට පත්කළ අතර ඒ නිසාම සිංහල කැසට් ව්‍යාපාරිකයන් බොහෝදෙනා බිහිවූයේ හතු පිපෙන්නාක් මෙනි.
අසූව දශකයේ ලංකාවේ රූපවාහිනිය ප්‍රචලිත වීමත් සමග බොහෝ ගෙවල්වල තිබුණ රේඩියෝ කුස්සියට හෝ ගබඩා කාමරයට වඩම්මන ලද්දේ නොවැදගත් උපකරණයක් ලෙසය. රේඩියෝ එකක් ඉඳහිට ඉතිරි වුණේ ගුණද... |
ආ ගිය තැන්, ඒවායේ මුළුමනින්ම අන්තර්ගත වීම නිසාය. එකල රූපවාහිනිය හා ගුවන්විදුලි සේවා මුළුමනින්ම හසුරුවන ලද්දේ රාජ්‍ය දේපොළක් ලෙස රාජ්‍ය අණසක යටතේය. එකල බොහෝ දෙනකු රේඩියෝව හැඳින්වූයේ ‘පච පෙට්ටිය’ කියාය.
ඉන්පසු බිහිවන්නේ පෞද්ගලික රූපවාහිනී හා රේඩියෝ චැනල් බිහිවන යුගයයි. මේ අතරින් නිවෙස්වල මකුළුදැල් බැඳ තිබූ රේඩියෝ නැවතත්... |
කට කිහිප වර වාදනය කරමින් අතොරක් නැතිව කතා කරන වාචාල නිවේදකයන් ලවා කෙසේ හෝ අසන්නන් ඇද බැඳ තබාගන්නට පෞද්ගලික රේඩියෝ සේවාවලට සිදුවිය.
හැත්තෑව දශකයේ ජනප්‍රියව තිබූ බෙල්බොටම් කලිසම මෑත කාලයක නැවතත් ජනප්‍රිය විය. කැමරාව ආවා කියා චිත්‍ර ශිල්පය නැතිවුණේ නැත. එමෙන්ම රූපවාහිනිය ආවා කියා ගුවන්විදුලිය නැතිවුණේද නැත. ඊටත් වඩා ස්මාට... |
ි බව කිවහොත් ඔබ මවිතයට පත්වනු ඇත. මේ රේඩියෝ පුනර්ජීවය ඔබට හොඳින් අත්විඳිය හැක්කේ පිටකොටුවේ ඉලෙක්ට්‍රොනික් බඩු විකුණන තොග කඩවල කරක් ගැසීමෙනි. අපි වැඩේට බැස්සේ මේන් ස්ට්‍රීට් එකෙන්, ටයිටස් ගොඩනැගිල්ල අසලින් හැරෙන පළවැනි හරස් වීදියෙනි. පාරේ ටික දුරක් යන විට ප්‍රින්ස් ස්ට්‍රීට් පාර කැපෙන හන්දියේ ගොඩගසා තිබුණේ පරණ පුරුදු ක... |
ැසට් රේඩියෝ. පෙන් ඩ්‍රයිව් ගහන්න බැරි නිසා දැන් පැකින් පිටින් රුපියල් දෙදහට දෙනවා. මේකක් ගත්තොත් ඉතින් පරම්පරාවටම එකයි.’’
පිටකොටුවේ ප්‍රධාන වශයෙන් රේඩියෝ වැනි ඉලෙක්ට්‍රොනික් බඩු ඇත්තේ ප්‍රින්ස් ස්ට්‍රීට් (කුමාර වීදිය) හා කෙයිසර් වීදියේය. මල්වත්ත පාර, පළමු, දෙවැනි, තෙවැනි වීදිවල මෙන්ම වේල්ල වීදිය ආශ්‍රිත තොග කඩවලද රේඩිය... |
ටන් මෙන් එල්ලෙමින් ඇති ට්‍රාන්ස්පර්ට් පටි දොර මෑත් කළ යුතුය. පිටකොටුවේ හැම රේඩියෝ කඩයකටම රිංගූ අපට දැකගත හැකි වූයේ මේ අලුත් රේඩියෝ විප්ලවය ඇති වී ඇත්තේ ‘පොකට් රේඩියෝ’ ලෙසය. මේ බොහෝ කඩවල ප්‍රමාණයෙන් විශාල රේඩියෝ දැකගත නොහැකිය. මේ සමහර රේඩියෝ කුඩා මොබයිල් එකක් තරම්ය. ඒවාට බැටරි දැමිය නොහැක. ඒවායේ ඇත්තේ ෆෝන් බැටරියකි. ජංග... |
ේඩියෝවේ දාරයක දිගට තිබුණේ දිග නිල් පැහැති ආලෝක ධාරාවකි. කඩහිමියා එම ආලෝක ධාරාව රු. 5000 කොළයකට අල්ලා කීවේ, ‘‘මේ රේඩියෝ එකේ ලයිට් එකෙන් සල්ලි කොළ ඔරිජිනල්ද බලන්න පුළුවන්. සමහර රේඩියෝවල දැන් ටෝච් තියෙනවා, සමහර රේඩියෝවල පොඩි ෆෑන් එකක් තියෙනවා. ඒවා නම් ගොඩක් ගන්නේ සිකියුරිටි ජොබ් කරන අය. දැන් පෙන් ඩ්‍රයිව් ගහන්න බැරි රේඩි... |
ඩියෝ ප්‍රැක්ටිකා, කෙන්වුඩ්, ජේ.වී.සී, සෝනි, සැන්යෝ, ෆිලිප්ස්, එකෝ, නැෂනල්, පැනසොනික් වැනි ඔරිජිනල් රේඩියෝය. මේ කිසිවකට නවීනතම පෙන් ඩ්‍රයිව් ගැසිය නොහැකි නිසා අලෙවි මිල වූයේ රු. 900කි. මෙහි කැරොකේ සඳහා මයික් ගැසිය හැකි රේඩියෝ නම් ටිකක් මිල වැඩි විය. ඉස්සර නම් පාරේ දුවන බස් එකක රේඩියෝවක් තිබුණේ එහෙමත් එකකය. එහෙත් දැන් රේ... |
නවා.’’
රේඩියෝ වෙළෙන්දන් කියන්නේ මේ රේඩියෝ රැල්ලට ප්‍රධාන හේතුවක් වන්නේ එෆ්.එම්. සේවා ශ්‍රාවකයන්ට මුදල් පරිත්‍යාග ලබාදීමයි. මේ රේඩියෝවලින් 95%ක්ම චීනයේ නිෂ්පාදිත ඒවාය. එක් පොකට් රේඩියෝවක් අපට විකුණන්න හැදුවේ ඕලන්දයෙන් ගෙනා ඔරිජිනල් පිලිප්ස් රේඩියෝවක් කියාය. එහි තිබුණේ ‘Made in ROC’ කියාය. කඩහිමියා අපට කීවේ ‘O’ අකුරෙන් ක... |
ඔරිජිනල් ජපන් රේඩියෝවක මිල පටන් ගන්නේම රුපියල් 10,000කට ආසන්නවය.
‘‘පාස්කු ප්‍රහාරය වෙලේ ගොඩක් පැතිවල ලයිට් නැතිවුණා. ඊට පස්සේ බැටරි දාන පොකට් රේඩියෝ ෆුල් ඩිමාන්ඩ් වුණා. සුනාමි අවදානම තියෙන පැතිවල අනිවාර්යයෙන්ම බැටරි දාන රේඩියෝවක් ගෙනියනවා. තනි බැටරියෙන් මාස ගාණක් වැඩ කරන ජපන් රේඩියෝවක් තියෙනවා, රු. 6000ක් වෙනවා. ජපානේ,... |
න් යන්ත්‍ර සිහියට නංවයි. මේ තොග කඩවල ගොඩගසා ඇති රේඩියෝ කන්දරාව අපට නොකියා කියන්නේ ගුවන්විදුලි මාධ්‍ය කිසිදා මැරිය නොහැකි බව නොවේද?
විපතට පත් ජනතාවට සහන සැළසීමේ නාවික හමුදා මෙහෙයුම් – LankaPuvath
(කොළඹ, ලංකාපුවත්) – මේ දින වල බලපා ඇති අධික වැසි සහිත කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩල... |
ාවික හමුදාව සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටී. මේ වන විට ඩිංගි යාත්‍රා 38 ක් සහිත නාවික සහන කණ්ඩායම් 38 ක් පසුගිය මැයි 20 වන දින සිට අදාල ස්ථාන වෙත අනුයුක්ත කිරීමට කටයුතු කර ඇති අතර, නාවික හමුදා මැරීන් බලකායට සහ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවික පුද්ගලයින් ම... |
රතිචාර මධ්‍යස්ථානය මගින් අද (මැයි 22) උදෑසන ක්ෂණික අවශ්‍යතාවයකදී භාවිතයට ගතහැකි ලෙස ජංගම මුළුතැන් ගෙවල්, ආහාර පිසීමේ උපකරණ, ආහාර උණුසුම් කිරීමේ උපකරණ, කූඩාරම්, වතුර පොම්ප සහ ජංගම වැසිකිලි ආදි උපකරණ රැගත් ට්‍රක් රථ කිහිපයක් රත්නපුර දිස්ත්‍රික්කය බලා පිටත් කර යැවිමට කටයුතු කර තිබේ.
තවද, දකුණු පළාතේ ගංවතුරින් අවතැන් වූ ... |
දා සහන කණ්ඩායම් 10 ක්, සබරගමුව පළාතේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම හා ඔවුන්ට සහන සැළසීමට සුදානමින් ආපදා සහන කණ්ඩායම් 13 ක් සහ වයඹ පළාතේ සහන සැළසීම සඳහා සහන කණ්ඩායම් 04 ක් යොදවා ඇත.
ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, නාගොඩ, උඩුගම, නෙළුව, වක්වැල්ල, බද්දේගම සහ නියගම යන ප්‍රදේශ, මාතර දිස්ත්‍රික්කයේ අක... |
, රත්නපුර සමන් දේවාලය සහ කූරුවිට යන ප්‍රදේශ, පුත්තලම දිස්ත්‍රික්කයේ බත්තුලු ඔය සහ පල්ලම යන ප්‍රදේශ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ප්‍රදේශයේ සහන කණ්ඩායම් අනුයුක්ත කර ඇත. එමෙන්ම, රට පුරා ආවරණය වන පරිදි නාවික විධානයන්හි මේ වන විට ගංවතුර තත්වයක් ඇතිවූ විටකදී ඒ සඳහා ක්ෂණිකව මුහුණ දීමට සහන කණ්ඩායම් යෙදවිමට නාවික හමුදාව කටයුතු... |
ශ්‍රිත ප්‍රදේශය ජලයෙන් යට වීමේ අවධානමකට ලක්ව තිබිණි. එබැවින් ජලය බැස යාම කඩිනම් කිරීම සඳහා නාවික හමුදා, විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත සහන සැලසීමේ කණ්ඩායමක් එම ස්ථානය වෙත යෙදවීමට නාවික හමුදාව කටයුතු කොට ඇත. එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අවිත්තාව යන ප්‍රදේශයේ පාලමක් හරහා කුණු රොඩු එකතුවීම හේතුවෙන් ජලය බැස යාම අවහිර... |
ණ්ඩායමක් නවගමුව ප්‍රදේශය වෙත අනුයුක්ත කර ඇති අතර, නාවික හමුදා සහන කණ්ඩායම් මගින් පුද්ගලයින් 172 දෙනෙකු හට සිය සේවය ලබා දීමට නාවික හමුදා සහන කණ්ඩායම් සමත්ව ඇත. එමෙන්ම, තව දුරටත් අයහපත් කාළගුණික තත්ත්වයද නොතකමින් නාවික හමුදාව විසින් සහන සැළසීමේ කටයුතු සිදු කරමින් පවති.
Previous Post Previous post: ඌව පළාත් ග්‍රාමශක්ති මල... |
ක්
අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ 28 December 2012
පරිසර චාරිකා වල යෙදුන විශාල පිරිසක් පසුගිය දිනවල ඇතිවුන හදිසි මහා වර්ෂාපතනය නිසා තමන් නරඹන්නට ගිය ප්‍රදේශවලම කොටුවී සිට ඉතා අපහසුවෙන් බේරාගත් සිදුවීම් කීපයක් වාර්තාවී තිබුනා. සමහරු අනතුරු වලටද මුහුණදී තිබුනා. මෙහෙම වෙන්නේ ඇයි? මේ... |
e), කිරි වතුරේ පහුරු පැදීම (White water Rafting), කඳු නැගීම, (විශේෂයෙන් පයින් ගමන් කරමින්) විඳින ත්‍රාසජනක සතුට ආරක්ෂිතව ලබාගන්නේ කොහොමද කියන එක ගැනයි. රිවස්ටන් ප්‍රදේශයේදීත්, හන්තාන ප්‍රදේශයේදීත්, මෙවැනි සංචාරවල නිරතවූ පිරිස්, දැඩි අපහසුතාවට පත්ව, ආරක්ෂක හමුදාවන්හි පිහිටෙන් බේරාගත් බව, රූපවාහිනී පුවත් වල මෙන්ම, සති අන... |
ලුම දෙනා තරගයට වගේ තමන්ගේ අතේ තිබෙන ජංගම දුරකථන සියල්ලම එකවර යොදාගනිමින් කතාකර බැටරි බස්සාගන්න එපා. එක දුරකතනයකින් සියල්ල කරන්න. එහි බැටරි බැසගිය පසු ඊළඟ දුරකථනය ක්‍රියාත්මක කරන්න. අපි හිතමු ඔබ ඇතුළු පිරිස අතරමංවී සිටින ප්‍රදේශයට හෙලිකොප්ටරයක් ගොඩබා ගන්නට අවශ්‍ය වුනා කියා. ඔබට ඒ සඳහා හෙලිකොප්ටර් නියමුවාට උදව් විය හැකිය... |
නි ඇන්ටෙනා කුළුණු, උස ගස්, අසළ නැති තැනක් විය යුතුයි. න්‍යායාත්මකව මෙය හඳුන්වන්නේ ‘පතිතවීමේ සහ එසවීමේ ස්ථානය’ (Touchdown and Liftoff Area = TOLF) යනුවෙන්. මෙහිදී ඔබට හැකිනම් හෙලිකොප්ටරය ගොඩබෑමට සුදුසු ස්ථානයක් බව දැක්වෙන ජාත්‍යන්තර සංකේතය සකස් කරන්න. එය සුදු පැහැති විශාල H අකුරක්. H අකුර තිබෙන ස්ථානය හෙළිපෑඩ් (Helipad)... |
ඔබේ පිරිසේ අය හැඳ සිටින රෙදි පවා ඉරා, කෝටුකෑලි, යකඩ ඇන මෙන් පොළොවට වදිනසේ ඒ රෙදි වලට ගසා, හෙළිපෑඩ් සලකුණ සෑදීමට පවා සිදුවිය හැකියි. හෙලිකොප්ටරය ගොඩබානවිටම එය අසළට දුවන්න එපා. සමහරවිට හෙලිකොප්ටරයේ බමන තල ඔබේ හිසේ වැදී මරණීය තුවාල සිදුවෙන්නත් පුළුවන්. පළමුව හෙලිකොප්ටරය කරදරයකින් තොරව ගොඩබෑමට නියමුවාට ඉඩදී, ගොඩබාන භූමියෙ... |
Skills for Outdoor Adventure) 2009 Edition
ත්‍රස්තවාදය කිසි දිනක ලෝකයෙන් සම්පූර්ණයෙන් තුරන් කළ නොහැකි සමාජ පිළිලයක්. සමහරුන්ට නම් එය ජීවන මාර්ගයක්. එකක් ඉවර වනවිට තවත් ත්‍රස්තවාදී ක්‍රියාවක් පටන් ගන්න අයට උඩගෙඩි දෙමින්, ඒ කටයුතු සඳහා යම් යම් කණ්ඩායම් උසිගන්වන මෙන්ම, ඔවුන්ව දඩමීමා කරගනිමින්, තම පටු අභිමතාර්ථ ඉෂ්ට කරගන්න... |
සිතිය හැකි නමුත්, කපටි සූක්ෂ්ම වැඩ පිළිවෙල මගින්, දේශපාලන අභිමතාර්ථ මුදුන්පත් කරගැනීම සඳහා, ත්‍රස්තවාදය එකම අවිය ලෙස භාවිත කිරීමනම්, කිසිසේත් අනුමත කළ නොහැකියි. යුද තාක්ෂණය දියුණුවීමේ වේගය මේ වනවිට ඉතා විශ්මයජනක තත්වයකට පත්ව තිබෙනවා. ඔබ දන්නවා නේද පැරණි සිංහල කියමනක් තිබෙනවා ‘රාස්සයා කන පරාස්සයා’ කියලා. ඒ කියන්නේ එක බල... |
වීන තුවක්කු නොකඩවාම ලෝකය තුළ බිහිවෙනවා. එහි අවසානයක් නැහැ. අද ප්‍රබල තුවක්කුවක් හෙට නිකම් සෙල්ලම් බඩුවක් බවට පත්වෙනවා. යුද ටැංකි, කාලතුවක්කු, යුද ගුවන්යානා, මිසයිල්, ආදිය ගැන සලකා බැලුවත් ඒ තත්වයම තමයි. එන්න එන්නම මිනිසා තිරිසන්කම අතින් නම් ඉහළටම යනවා. මිනිස්කම අතින් ආගාධයටම යනවා.
මේ උපකරණයත් නුදුරේදී වෙළඳපොළට ඉදිරිපත්... |
ෙටීමකදී ඇතිවන, පුලිඟු දහරාවක ඇති බලය වැනි, බලයක් ඇති බවයි. ඉබි යතුරු, අගුල්, සොයිබ, දම්වැල්, ආදිය අධි වේගයෙන් කපා දැමිය හැකි මේ උපකරණයෙන්, මිලිමීටර් 12 ක් ඝනකම ලෝහ දණ්ඩක්, තත්පරයකට අඩු කාලයකින් කැපිය හැකි බවද, සඳහන් වෙනවා. ඝන ඉන්දන සමග ඔක්සිඩයිසර් සංයෝගයක් ප්‍රතික්‍රියා කරවීමෙන් මෙම උපකරණයට අවශ්‍ය අධික උෂ්ණත්වය උපදවා ග... |
ගැලවෙන්න බැහැනේ. ඒකනේ බුදුහාමුදුරුවොත් දේශනා කලේ ‘ඡායාව අනපායිනී’ (සෙවනැල්ල පුද්ගලයා පසුපස එන්නේය) කියලා. මගේ ඥාති සහෝදරයෙක් එයාගේ දියණියට නම දාලා තියෙන්නේ ‘අනපායිනී’ කියලා (පසුපස එන්නී) ඔය සමහරු කියන්නේ මම ආත්ම සීයක් ගියත් ඔයාගේ හෙවනැල්ල වගේ එනවා කියලා.
හාපෝයි……සමහර ඒවානම් එහෙම ආවොත් ‘අබ සරණං’ තමයි යුද බිමේදී අපිව අමා... |
නැල්ල සමහරවිට භූමිය හොඳින් නිරීක්ෂණය කළොත් දැකගන්න පුළුවන්.
3. දිලිසීම – SHINE ‘දිලිසෙන සියල්ල රන් නොවේ’ කියන කියමන ඔබ සියලුදෙනාම අසා ඇතිනේ. නමුත් යුද බිමේදි නම් කියන්න වෙන්නේ, ‘දිලිසෙන සියල්ල සැක කලයුතු වේ’ කියලයි. යුද බිමේදී අපි දකින දිලිසෙන වස්තු බොහොමයක් යුද උපකරණ, වාහන, වාහන වල පැති කන්නාඩි, දුරදක්න වල ඉදිරිපස වීද... |
මං මෙතන ඉන්නේ’ කියලා කෑ ගහලා කිව්වා හා සමානයි. මතකයි නේද ‘ස්නයිපර්ලා‘ කොයි තරම් වෙස්වලාගනීමක් කරනවද කියලා.
පළමු වසරේ සිට 11 වසරට ගියත් විදුහල්පති සාමාන්‍ය පෙළ ලියන්න දෙන්න බෑ කියලා | Reporter පළමු වසරේ සිට 11 වසරට ගියත් විදුහල්පති සාමාන්‍ය පෙළ ලියන්න දෙන්න බෑ කියලා - Reporter
Home / LOCAL NEWS / POPULAR / පළමු වසරේ සිට... |
ෙනුම ලැබන පාසලේ විදුහල්පතිවරයාගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී අපහසුතාවයට සහ අසාධාරණයට පත්ව සිටින විභාග අපේක්ෂකයකු සම්බන්ධයෙන් පලාගල අධ්‍යාපන කොට්ඨාසයේ මානේරුව මහ විද්‍යාලයෙන් වාර්ථා වෙනවා.
මෙලෙස අපහසුතාවයට සහ අසාධාරණයට පත්ව ඇත්තේ පලාගල අධ්‍යාපන කොට්ඨාසයට අයත් මානේරුව මහා විද්‍යාලයේ 11 වැන... |
1ක් පුරා මෙම සිසුවා නොකඩවා අධ්‍යාපනය ලබා ඇත්තේ මානේරුව මහ විද්‍යාලයෙන්. කථන ආබාධයකින් පෙළෙන මෙම දරුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි නමුත් දරුවා පාසැල් අපේක්ෂකයකු ලෙස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් කිරීමට අයදුම්පත් යොමු කිරීමට දරුවා ඉගෙනුම ලබන විද්‍යාලයේ විදුහල්පතිවරයා කටයුතු කර තිබුණේ නැහැ.
මේ නිසා ... |
ලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයකදී පෞද්ගලික විභාග අපේක්ෂකයකු ලෙස විභාගයට පෙනී සිටීමට සිදුව තිබෙනවා.
එහිදී ඔහුට සිදුව ඇති තවත් අසාධාරණයක් වන්නේ නව නිර්දේශය සඳහා සූදානම් වූ ඔහුට එහිදී මුහුණ දීමට සිදුව ඇත්තේ පැරණි නිර්දේශය යටතේ වූ අනපේක්ෂිත ප්‍රශ්ණ පත‍්‍රවලටයි.
සිද්ධියේ බරපතලකම පසුව තේරුම්ගත් විදුහල්පතිවරයා, සිය නිවසට පැමිණ ... |
ිංහගෙන් අප කළ විමසීමකදී ඔහු මෙසේ කියා සිටියා.
" ඒ දරුවා පෞද්ගලික අයදුම්කරුවකු ලෙස අයදුම් කළ අවස්ථාවේ විෂය නිර්දේශය සම්බන්දයෙන් ගැටඵවක් නම් තිබුනේ නැහැ. දරුවාගේ සාධන මට්ටම ප‍්‍රමාණවත් නොවූ නිසා පාසල් අයදුම්කරුවකු ලෙස විභාගය අසමත්වෙයි කියල තමයි අපි පාසල් අයදුම්කරුවකු ලෙස විභාගයට ඉදිරිපත් නොකර පෞද්ගලික අයදුම්කරුවකු ලෙස ඒ ... |
න ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරීවරයාත් දැනුම්වත් කරලා තියෙනවා. මම ඊයෙ (12) දරුවගේ ගෙදර ගියා දෙමව්පියන් සමග කතා කළා. නමුත් මේ ගැන කාටවත් කියන්න එපා කිව්වේ නැහැ. මේ දරුවා මොන විභාගයට පෙනී සිටියත් ඒ දරුවගේ මානසික තත්ත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. මේ දරුවා ඒ ගැන හිතන්නෙ නැහැ. ඒ නිසා මානසික තත්ත්වය ගැන ගැටළුවකට මේ දරුවා මුහුණ දෙන්නේ... |
ිරීමට විදුහල්පතිවරයා කටයුතු කළ යුතු වෙනවා. කිසියම් පාසල් දරුවෙක් සාධන මට්ටමෙන් පහළ සිටියා වුවත් විභාගයට පෙනී සිටීමේ අයිතිය අහිමි කරන්න විදුහල්පතිවරයෙකුට අයිතියක් නැහැ. මේ සිද්ධිය සම්බන්ධයෙන් මම විමර්ශණයක් ආරම්භ කරනවා." යනුවෙන් සඳහන් කළා.
පළමු වසරේ සිට 11 වසරට ගියත් විදුහල්පති සාමාන්‍ය පෙළ ලියන්න දෙන්න බෑ කියලා Reviewed... |
විපාක – පිට්ඨධීතලික පේ‍්‍රත වස්තුව
« තිරෝකුඩ්ඪ සූත්‍රයෙන් හෙළිවන මරණින් මතු පැවැත්ම
දුකසේ විඳින කර්ම විපාක – ගෝන පේ‍්‍රත වස්තුව »
විජයකලා හා විග්නේශ්වරන්ගේ දෙමළ ඊළාම් කථා | sinhalanet.net
2018.07.01 දින යාපනයේ වීරසිංහම් ශාලාවේදී එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරියක් හා ඊනියා යහපාලන ආණ්‌ඩුවේ රාජ්‍ය ඇමැතිවරියක්‌ද වන විජ... |
ට දෙමළ ඊළාම් රාජ්‍යය වැනි දෙමළ සංවිධාන අමතා කළ දේශනයකි. එම දේශනය අනිවාර්යෙන්ම ඉංග්‍රීසි බසට පරිවර්තනය කර ජාත්‍යන්තරය පුරා ප්‍රචාරය කරනු ඇත. එමගින් ඊළමට සහය දෙන බටහිර ලෝකයට ද එම අදහස් යනු ඇත. ඇයගේ දේශනයේ එක් තැනක මෙසේ සඳහන් වේ. උතුරේ කාන්තාවන් බරපතළ වශයෙන් දුෂ්කරතා රැසකට මුහුණ දෙනවා මෑතකදී යාපනයේ සය හැවිරිදි දැරියක් ... |
සිය කථාවේදී තව දුරටත් කරුණු දක්‌වමින් ‘හමුදා පළාත් සභාවෙන් ඉවත්කර පොලිස් බලතල පළාත් සභාවට පවරා තිබුණා නම් මේ ප්‍රචන්ඩ ක්‍රියා අපරාධ ක්‍රියා මර්දනය කිරීම මහ ලොකු දෙයක් නොවෙයි’ යනුවෙන් කරන ප්‍රකාශයෙන් ගම්‍ය වනුයේ පළාත් සභාව තුළ පොලිස් හමුදාවක් පිහිටුවාගෙන පසුව එයම ඊළාම් හමුදාවක් බවට පත්කර ගැනීමේ අදහසයි. මේ කථා මෙසේ ... |
ළිගන්නා බටහිර රටවල් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හා මානව හිමිකම් සමුළුවද එය පිළිගෙන ඊළාම්වාදීනට සහය දෙනු ඇත.
1977 – 1994 ආණ්‌ඩු කාලය තුළ මෙන්ම චන්ද්‍රිකාගේ බලය පැවැති කාලය තුළ ලක්‌ෂ්මන් කදිරගාමර් විදේශ ඇමැතිතුමා හැරෙන්නට එම ආණ්‌ඩු හෝ ආණ්‌ඩු යටතේ ක්‍රියා කළ තානාපතිවරුන් හෝ ජාත්‍යන්තර ඊළාම් ප්‍රචාරයට ඉඩදී බලා සිටියා මිස ඊට ... |
්‌ඩුවට ඔවුනගේ බහට අවනතව ක්‍රියා කිරීමට සිදුවී ඇත්තේ බලය රැකගැනීම සහ යළිත් බලයට පැමිණීමේ සැලසුම් ක්‍රියාත්මක කරනු මිස රට නැංවීමේ සහ රට ආරක්‌ෂා කිරීමේ අරමුණක් ආණ්‌ඩුවට නොමැති නිසයි.
Previous: හසලක ගාමිණී වීරයාගේ මෑණියන්ට උපහාර
Next: Father’s Day Greetings to the Children of our Nation
අභීත එදිරිසිංහගේ සටහන්....: October... |
තැනක්.. හුදෙකලා දූපතක විවිධ වූ ක්‍රියාකාරකම් අතරේ මේ බැහැරගත පුහුණු වැඩමුළු ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා..
එසේනම් මිතුරනි, සුන්දර බත්තලංගුන්ඩුව දූපතේදී මුණ ගැහෙමු. වැඩි විස්තර 0725113392 තුලින් ලබා ගත හැකියි...
Posted by අභීත at 10:22 AM 1 comment:
"ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධූරයට සුදුසු නැහැ.." - TNA නායක ... |
dings Company
- "ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධූරයට සුදුසු නැහැ.." - TNA නායක ආර්. සම්බන්ධන් කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka
යුද අපරාධ චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු යුද හමුදාපති ධුරයට පමණක් නොව වෙනත් උසස් කිසිදු තනතුරක... |
ිටියේ චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු හමුදාපති ධුරයට පත් කිරීම රටේ කීර්ති නාමයට හානි කර බවයි.
සත් සමුදුර: Digital කැමරා, පරිගණක, Photshop වගේ මෘදුකාංග හදුන්වාදෙන්න ඉස්සර රාජ්‍ය නායකයෝ පින්තූර වෙනස් කර තමන් හා නොරොක්වුන අය ඉවත්කල බවට උදාහරණ - How World Leaders done Photo Correction before Photoshop & other sutff invented
අ... |
න්. ඒත් ඒවා සොයා ගන්න සෑහෙන්න කාලෙකට ඉස්සර කොටින්ම කියතොත් 1814 දී මුල්ම සේයාරුව ගත්තට පස්සේ ටික කාලයක් ගිය තැනම මේ වැඩේට එදා හිටිය අයියලත් (සොරි, අයියල කියන්නේ කොහොමද අපේ වයසේ හැටියට මුත්තල වෙන්න ඕන) මේ අළුත් ගැජට් නැතුවම වැඩේට බැහැල තියෙනවා. හොද වෙලාවට මේ උදාහරණ විදියට පෙන්නන පින්තූර ටිකක් දේශපාලනේට සම්බන්ධ නිසා හොදය... |
බොහෝ මූලාශ්‍රවල තිබෙන පැරණිම මෙසේ වෙනස් කල පින්තූරය. 1860 දී මේ පින්තූරය එසේ මෙසේ කෙනෙක් වෙනුවෙන් නෙමෙයි වෙනස් කර තිබෙන්නේ. ඇමරිකාවේ 16 වන ජනපති ඒබ්‍රහම් ලින්කන් වෙනුවෙන්. මේ අයිකොනික් පින්තූරයේ ලින්කන්ගේ මූන සවිකර තිබෙන්නේ ඇමරිකාවේ 7 වන උපජනාධිපති සහ ලින්කන් ජනපති පුටුවට පත්වීමට පෙරාතුවම මිය ගිය John Calhoun ගේ ශරීර ... |
ral Ulysses S. Grant.
මේ තරුපටි ගහපු ඒ වගේම ඇමරිකාවේ 18 වන ජනාධිපතිවරයාත් වූ මෙම මහත්මයාගේ මේ පින්තූරේ හදපු එකක් කියලා පස්සේ කාලෙක ඇමරිකාවේ කොන්ග්‍රස් පුස්තකාලය කරන ලද ගවේෂනයකදී සොයාගත්තා.
සැබවින්ම කියනවා නම් පින්තූර තුනක් එකට එකතු කිරීමෙන් තමයි මේ පින්තූරය හදලා තියෙන්නේ. මුහුණු අරගෙන තියෙන්නේ මේ පළමු පින්තූරයෙන්. දෙවන... |
ඇමරිකන්කාරයන්ගේ තවත් පින්තූර වෙනස්කිරිල්ලක්. මේක කරල තියෙන්නේ 1865 දී. ඒ කාලේ ජනරාල්වරුන්ගේ රැස්වීමකට එන්න බැරි වුන තවත් ජනරාල් කෙනෙක් එක්කිරීම තමයි කරල තියෙන්නෙ. මෙන්න ඒ පින්තූරත්
ඔන්න ඉතින් සමහරු දතමැද ගෙන ඇති ඇමරිකන්කාරයෝ පට්ටගහන්න., උන් එදා ඉදලම කරන්නේ හොර වැඩ කියලා. නැහැ, නැහැ මෙන්න සමාජවාදී සෝවියට් දේශයත් හරි හර... |
පිටුපසින් සිටිය ගොවින් පස්සේ පින්තූරයේ නැහැ. මොකද ඔවුන්ට සෑහෙන්න සල්ලි තිබනුත් සමාජවාදී න්‍යාඥ යටතේ ඒවා දුප්පතුන්ට දීමට අකමැති වීම නිසා ඔවුන් ජීවිත්වීමේ අයිතියෙන් ඉවත් කරනවාත් සමග පින්තූරයෙනුත් ඉවත් කරන්න පසුබට වෙලා නැහැ. හැබැයි මේකේ සිටින ඇතැම් කුඩා දරුවන් පවා ඉවත්කලේ වැරදීමකින්දැයි නොදනිමි.
මේ ලෙනින් කතා කරන රැස්වී... |
ැරිගානක් දාල වෙනස් කරලා.
1930 දී පමණ වෙනස් කරන ලද පින්තූරයෙන් මුලින්ම ස්ටාලින් ලග හිටිය කෙනා පස්සේ එයින් ඉවත්කරල. බොහෝවිට ස්ටාලින්ට මේ මනුස්සය එක්ක මොකක් හරි කෝන්තරයක් තියෙන්න ඇති. හැබැයි ඉතින් කණගාටුවට කාරණේ තමයි බොහෝවිට මෙලොවිනුත් ඒ වන විට මේ පුද්ගලයා ස්ටාලින්ගේ අනින් ඉවත් කරල තියෙන්න ඇති.
ස්ටාලින් ඉන්න මේ පින්තූරයේ ... |
එක පෙන්වනවා. ස්ටාලින් වගේ උත්තරීතර පුද්ගලයෙකුට පාර පෙන්වන්න මේ වගේ හාල්පාරුවෙකුට පුළුවන්ද? ඒබව සනාථ කරමින් පසුව පලකෙරුන දකුණු පැත්තේ සේයාරුවෙන් ඔහුව ඉවත්කර ඇත.
ස්ටාලින් විතරක් නෙමෙයි. මාවෝ සහෝදරයත් ඒවගේ දේවල් වලට අතගහල තියෙනවා. 1936 දී මේ දකුණු පැත්තේ පින්තූරයේ වම් පැත්තේ ඉන්න හාදයා පස්සේ පින්තූරවල නැහැ. මාවෝ එක්ක මොක... |
් යන දෙදෙනාම සිටින මේ පින්තූරයෙන් පසුව ගොබෙල්ස් ඉවත් කිරීම හිතා ගන්න බැරි කාරණයක්.
1939 පින්තූරයක් වන මෙහි වම් කෙලවරේ සිටින්නේ කැනඩාවේ අග්‍රාමාත්‍ය William Lyon, එතකොට මැද සිටින කාන්තාව එලිසබෙත් රැජින. එතකොට දකුණු පසින් සිටින්නේ මෙතන ඉන්න ප්‍රභලම කෙනා ඒකින්නේ මහා බ්‍රිතාන්‍යයේ VI වන ජෝර්ජ් රජතුමා. ඒත් මේ අගමැති මාරම මි... |
් සෝවියට් photo editing වැඩක්. මුල් පින්තූරයේ සටන් පාඨ හරියට පේනනේ නැති නිසා අළුතින් සටන් පාඨ එක් කරල විතරක් නෙමෙයි. අහල තියෙන කඩේක බෝඩ් එකේ තියෙන රන් සහ රිදී ආලේපිත ඔරලෝසු ගැන තියෙන වැකිය ඉවත් කරල "ඔබගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්න" කියන වැකිය එක්කරල.
මෙන්න 1942 පින්තූරයක්. මේකේ සිටින අසරුවා අපි දන්න කෙනෙක්. ඒ බෙනීටෝ ම... |
නම් මෙතනට ගියොත් පුළුවන් -
මුසලෝනි පිළිබදව ඔබ නොදුටූ නොඇසූ දේවල්
මෙන්න තවත් අයිකොනික් ඉමේජ් එකක්. සෝවියට් හමුදා විසින් බර්ලිනයට ඇතුළු වී හිට්ලර් පරාජය කලාට පසු එහි පාර්ලිමෙන්තු ගොඩනැගිල්ලේ වහලට නැගී සෝවියට ධජය ඔසවන අවස්ථාවේ එම සෙබලාට සහය වන අනෙක් සඟයාගේ අත් දෙකේම ඔරලෝසු දෙකක් තිබිල තියෙනවා. Ogoniok කියන සඟරාවේ මෙය පලකර... |
ම් කල ඔරලෝසුවක් මොකද කොහොමත් සෝවියට් සොල්දාදුවෝ ජර්මනියට ඇතුළු වෙන අවස්ථාවේ ඔරලෝසු තිබිල නැහැ. ඉන්පසුව තමයි ඔවුන්ගේ අත් වලට ඔරලෝසු ඇවිල්ල තියෙන්නේ මේ බව මීට කලිනුත් ලිපියක කිව්වා සමහර විට ඔබට මතක ඇති. මෙන්න නැවත වරක් එම ලිපිය කියන්න ඕනෑ වුනොත් එහි ලිපිනය - හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර - Another secrets about Hitler... |
අභව්‍යාකාශගාමීන් සිටියා. මේ දකුණු පැත්තේ පින්තූරයේ සිටින්නේ ඒ වැඩපිළිවෙලේ වැඩකල ඔහු සහ ඔහුගේ සඟයන්. ඒත් වම් පැත්තේ පින්තූරයේ පිටිපස්සේ සිටින එක්කෙනෙක් නැහැ නේද? ඒකට හේතුව තමයි පසුව ඔහු එම වැඩපිළිවෙලින් ඉවත්කරල, මොකද ඔහුගේ කල්කිරියාව එතරම් හොද නැතිළු!
මෙන්න 1971 දී වෙනස් කරන ලද තවත් දේශපාලන පින්තූරයක්. මෙහි නිධාන කතාව න... |
ිබි පිස්සුනටන ඒවා. ඉතින් වම් පැත්තේ පින්තූරයේදී ඒ අඩුපාඩු මකලා නියමෙට ෂකෂ් කොරල තියෙනවා.
මේ පින්තූරයත් තියෙන්නේ කොමියුනිස්ට් නෑකමක්. මාවෝ මැරුණට පස්සේ (මැරුණා කියන වචනේ කැමති නැත්නම් ඒකට සුදුසු අභාවප්‍රාප්ත, කළුරිය වගේ වචනයක් ආදේශ කරගන්න) පැවැත්වුන ඔහු සිහි කිරීමේ උත්සවයකදී, මාවෝගේ අසාර්ථක හා කුරිරු සංස්කෘතික විප්ලවයේ ... |
පසුව ලෝකයේ සිදුවූ කැපී පෙනෙන සිදුවීම් ගැන නොදන්නා අයට දැනගන්නටත්, මේ වගේ වෙනස් කරපු පින්තූර තව ගොඩක් තියෙනවා. ඒ ගැන මේන්න මේ වෙබ් අඩවි වලට පිවිසීමෙන් බලා ගැනීමට හැකියි.
http://letsrollforums.com/new-york-times-brief-t23643.html?s=5bade9a9fca88f41e772f3d17d6ebc61&
රූ....April 26, 2012 at 5:34 PMමේ වගේ දේවල්වලින් ලබාගත්... |
පුද්ගලයන්ගේ ජීවිත කාලය තුලදී මේ වගේ උප්පරවැට්ටි හසු නොවී තිබෙන්නට ඇති...DeleteReplyඋදාරApril 26, 2012 at 5:38 PMඒ කියන්නෙ ඒ කාලෙයි මේ කාලෙයි කෙරෙන වැඩවල ලොකු වෙනසක් නැහැ වගෙයි නේද.......ReplyDeleteRepliesදිනේශ් දීපාල්April 27, 2012 at 11:12 AMඔව් මතක ඇතිනේ මෙහෙත් මේ වගේ පින්තූර වෙනස් කිරීම් ගැන සාක්කි එක්කම වෙබ් අඩවි ව... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.