text
stringlengths
0
6.69k
<author>නිවන්ත</author>
<date>2016-08-10 01:48:17</date>
<index>22</index>
<phrase>සමහර ආගමික උත්සව වලදී සතුන් ලක්ෂ ගණන් මරනවා. පෙරහරේ යන එක සතුන්ට නැවත ජන්මයකදී හොද උප්පත්ති ස්ථානයක් ලබාදෙන්න පුළුවන් දෙයක්. මේක සතුන්ට හිරිහැරයක් නෙමෙයි. ආශිර්වාදයක්. මේක දන්නේ නැති අය නොයෙක් කතා කියනවා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>විමලරත්න</author>
<date>2016-08-10 02:28:48</date>
<index>23</index>
<phrase>පහර ගැසියයුතු තැනටම අවස්ථාව බලා පහරදීලා. අපි බලමු මොකද වෙන්නේ කියලා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රොෂාන්</author>
<date>2016-08-10 02:28:55</date>
<index>24</index>
<phrase>දළදා පෙරහරටත් බාධක එනවිට සාමාන්‍ය අපි ගැන කුමන කතාද?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>තිළිණ</author>
<date>2016-08-10 03:50:42</date>
<index>25</index>
<phrase>පරගැති චින්තනයෙන් ඔලුව පිරුන මිනිස්සුන්ට සංස්කෘතියක වටිනාකමක් තේරෙන්නේ නෑ..තව ටික දවසකින් පාර අවහිර වෙන නිසා පෙරහර නවත්තමු කියල අපේ උදවිය කිව්වොත් පුදුමයක් නෙමෙයි..</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>පද්මිණී</author>
<date>2016-08-10 04:32:39</date>
<index>26</index>
<phrase>පින්සිද්ධ වෙයි. අනේ හාමුදුරුවනේ, මේ රටේ නීතියක් කියල දෙයක් තියෙනවා. නීති විරෝධිව ළඟ තබා ගත් අලි ගැන අධිකරණයෙන් තීන්දුව දෙයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ලසන්ත</author>
<date>2016-08-10 04:37:51</date>
<index>27</index>
<phrase>අපේ රටේ ප්‍රධාන මංගල්‍ය තමයි නුවර පෙරහැර. එ්ක ඇපේට තියාගෙන මෙවැනි ක්‍රියා වල නිරත වන අය බෞද්ධයෝද කියලත් සැකයි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>නුවන්</author>
<date>2016-08-10 04:39:49</date>
<index>28</index>
<phrase>මේ ප්‍රශ්නේ ගැන අදහස් එක්කරල තියෙන ගොඩාක් අය යහපලනෙට ඡන්දෙ දීපු අය සහ නියම බෞද්ධ සංස්කෘතිය ගැන වැඩි අවබෝධයක් නැති අය කියල හොදට පේනවා..! මේ වෙන්නේ ලංකාවේ කවදාවත් වෙච්ච නැති දේවල්.! මම කිසිම කෙනෙක්ට කඩේ යන්නේ නැහැ, නමුත් මෙහෙම දේවල් වෙන තැනට හාමුදුරුවන්ව අසරණ කරන එක ගැන ගැන තියෙන්නේ ලොකුම කණගාටුවක්. ම...
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ජයරත්න</author>
<date>2016-08-10 04:55:48</date>
<index>29</index>
<phrase>පෙරහැරවල අලි නොගියා කියල බුදුන් වහන්සේට හෝ ධර්මයට කිසිම හානියක් නැහැ. ඇත්තටම බුද්ධ ධර්මයට විරුද්ධ සත්ව හිංසාවයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>උපුල්</author>
<date>2016-08-10 07:21:20</date>
<index>30</index>
<phrase>ඔය හාෙරෙන් අල්ලපු අලින්ගේ මවු අලින් මරපු එකට කාටවත් දුක නැද්ද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රුසිරු</author>
<date>2016-08-10 08:11:26</date>
<index>31</index>
<phrase>නුවන්, මෙතන අලි නොදෙන එක ගැන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. හොර අලි නොදෙන එක ගැන ප්‍රශ්නයක්. ළඟදි පනතකුත් ගෙනාවා නේද මහනායක හාමුදුරුවන්ගේ අවසර නැතුව දළදා පෙරහරට අලි දුන්නොත් බලපත්‍රය තහනම් කරන්න. මේ සත්‍යග්‍රහ කරන්නේ හොර අලින්ව නිදහස් කරගන්න නෙමෙයිද.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>446095</articleId>
<title>වඩු කාර්මිකයා කුණු දහනයක් හදයි</title>
<author>ගයාන් සූරියආරච්චි</author>
<date>2016 අගෝස්තු මස 10 13:44:11</date>
<body>කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවලට උග‍්‍ර ලෙස බලපා තිබෙන කසළ ප‍්‍රශ්නයට විසඳුමක් ලෙස කසළ පිළිස්සීමේ යන්ත‍්‍රයක් නිපදවීමට කොළොන්නාව මීතොටමුල්ල නව නිර්මාණකරුවෙක් සමත්වී සිටියි.
ඔහු නමින් ආර්.ඒ. සරත් තිලකසිරි ය. කසළ කිලෝ පහක පමණ ප‍්‍රමාණයක් පුළුස්සා එම දුම් පරිසරයට හානිකර නොවන අයුරින් නිදහස් කිරීමටත් පිළිස්සීමෙන් අනතුරුව ඉතිරිවන දෑ කොම්පෝස්ට් පොහොර ලෙස භාවිත කිරීමටත් හැකිවන පරිදි මෙම යන්ත‍්‍රය නිපදවා තිබේ. මේසන් සහ වඩු තාක්‍ෂණික ශිල්පියකු වන ඔහු වසර දෙකක් තිස්සේ සිදුකළ පර්යේෂණ වලින් පසුව මෙම උ...
මෙම යන්ත‍්‍රය කොටස් දෙකකින් සමන්විත පරිදි නිපදවීමට සැලසුම් සකස්කර තිබෙනවා. එක් කොටසකින් කසළ ටොන් පහ බැගින් ටොන් දහයක් මෙම යන්ත‍්‍රයට යොදන්න පුළුවන්. එහිදී කොටස් දෙකකට මෙම කසළ පිළිස්සෙනවා. එම පිළිස්සී අවසන් වන අවශේෂ කොටස් කොම්පෝස්ට් පොහොර බවට පත්කර පොල් වගාවට, කෙසෙල් වගාවට, ගොවිතැන ඇතුළු සෑම වගාවක් සඳහාම යොදාගන්න පුළුවන...
කොළඹ හා තදාසන්න නගරවල තිබෙන කසළ ප‍්‍රශ්නයෙන් නිදහස් වෙන්න මෙය හොඳ විකල්පයක් ලෙසයි මා දකින්නේ. මෙම යන්ත‍්‍රයෙන් පිටකරන අළු වලින් කොම්පෝස්ට් පොහොර නිපදවිය හැකි අතර බෝග වගාවේ ඵලදාව වැඩිකරන්න ඒවා ඉවහල් වෙනවා. මම ඒකල ඉංජිනේරු කාර්මික ජනපදයට ගිහින් එහි සිටින ඉංජිනේරු මහත්වරුන්ට මගේ මේ නිර්මාණය පෙන්වන්නුවා. ඔවුන් පවා මගේ නිර්...
මෙවැනි ඵලදායී ක‍්‍රියාවලියකට පෞද්ගලික අංශය හෝ රජය හරහා ජනාධිපතිතුමාගේ අවධානය යොමුවෙලා මගේ මෙම නිර්මාණයට දායකත්වයක් ලබාදෙන්නේ නම් ඉදිරි අනාගතය කසළවලින් තොර ලස්සන රටක් බවට පත්කරන්න හැකිවෙනවා. මෙම යන්ත‍්‍රය නිපදවන්න පර්චස් 50 පමණක භූමි භාගයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙයට විශාල මුදලක් වැයකරන්න සිද්ධවෙනවා. එවැනි විශාල මුදලක් ද...
(ඔහුගේ දුරකතන අංකය  0728933378)
නව නිපැයුම්කරු සරත් තිලකසිරි මහතා</body>
<comments>
<comment>
<author>ශිවා</author>
<date>2016-08-10 08:42:11</date>
<index>0</index>
<phrase>ඇමැතිලට මිලියන බිලියන දෙන රටේ මෙවැනි නිපැයුමකට කොච්චර දුන්නත් මදි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ඉසුරන්දි</author>
<date>2016-08-10 09:19:33</date>
<index>1</index>
<phrase>ඔන්න උදවු කරනවානම් අවස්ථාව මෙතුමාගේ නිර්මාණය දියුණු කරවන්න.නිකන් අල්ලාප සල්ලාප දොඩවා දොඩවා ඉන්න ටයිපටි මහත්වරුන්ට ඉතා වැදගත් පණිවිඩයක් මේක. රටේ ප්‍රධානතම අවශ්‍යතාවයක් තමයි කසල ඉවත්කිරීම. දෙන්නකෝ මෙතුමාට අතහිත ඔය දියවන්නාවේ උදවියත්.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>