text
stringlengths
0
6.69k
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>447671</articleId>
<title>සුසන්තිකාට උපදේශක තනතුරක්</title>
<author>අකිල බද්දෙවිතාන</author>
<date>2016 අගෝස්තු මස 14 20:37:19</date>
<body>ඔලිම්පික් ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම හා පුහුණු කිරීම පිළිබඳ උපදේශක තනතුරක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කටයුතු කර ඇත.
2000 වසරේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැති ඔලිම්පික් තරගාවලියේ දී මීටර් 200 කාන්තා ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් සුසන්තිකාට පසුව එහි රිදී පදක්කම හිමි විය. ඒ රන් පදක්කම දිනාගත් මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාවට වැරදිකරු වීම හේතුවෙනි.
මහින්ද රාජපක්ෂ රජය සමයේ ඇය කෑගල්ලෙන් මහ මැතිවරණයට ද ඉදිරිපත් වූ නමුත් පාර්ලිමේන්තුවේ අසුනක් දිනා ගැනීමට අසමත් වූවාය. </body>
<comments>
<comment>
<author>අශෝක ‍</author>
<date>2016-08-14 16:30:00</date>
<index>0</index>
<phrase>සුසන්තිකා, ඔබ වගේ තවත් දක්ෂ එක් ක්‍රීඩිකාවක් හෝ අප මව්බිමෙන් නැවත බිහිකර දෙන්න. ඔබට සුබ පතනවා.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ඉමාක්</author>
<date>2016-08-14 16:30:49</date>
<index>1</index>
<phrase>මෙතුමියගෙන් රටට වැඩක් ගන්න ඇයි මෙච්චර ප්‍රමාද වුණේ?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සිරිවංශ</author>
<date>2016-08-14 16:43:34</date>
<index>2</index>
<phrase>ඔව්. ඇත්තටම මෙය හොඳ තනතුරක්</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>චන්ද්‍රා</author>
<date>2016-08-14 17:28:05</date>
<index>3</index>
<phrase>මෙපමනකල් මොකද කළේ? දැන් ඔලිම්පික් වලට කට්ටිය යවලා ඉවරනේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ප්‍රදීප්</author>
<date>2016-08-14 17:57:51</date>
<index>4</index>
<phrase>සුසන්තිකා පදක්කමක් ගෙනාවට පස්සේ ආයෙත් කාටවත් බැරිවුණා. ලංකාවේ මිනිස්සු එයාට ගරු කරනවා මදි. රටට ගන්න පුළුවන් සේවය ඇගෙන් ලබාගැනීම වටිනවා. දේශපාලනය නම් අපට වැඩක් නැහැ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>නිහාල්</author>
<date>2016-08-14 17:56:29</date>
<index>5</index>
<phrase>සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන සතුටුයි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>විජේසුන්දර</author>
<date>2016-08-14 23:02:26</date>
<index>6</index>
<phrase>ඉතා හොඳයි. සුබ පැතුම්!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ටිකිරි</author>
<date>2016-08-15 00:05:18</date>
<index>7</index>
<phrase>හදිසියේම සුසන්තිකාව මතක්වුණේ මේ මෑතකදිනේ. මීට කලින්නේ ඕක දෙන්න තිබුණේ. ලෝකේ කිසිම රටකින් ක්‍රීඩා ඇමති ගියේ නැහැ ඔලිම්පික් වලට. එ්ත් අපේ අය ගියා. ඒ ගියෙත් මහජන මුදලින් නේද?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සමන්ති</author>
<date>2016-08-15 00:15:01</date>
<index>8</index>
<phrase>මෙය හොඳ තෝරාගැනීමක්</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ශ්‍රද්ධා</author>
<date>2016-08-15 01:59:58</date>
<index>9</index>
<phrase>ඉදිරියටම යන්න. ඔබට සුබ ගමන්!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>සුන්දරලිංගම්</author>
<date>2016-08-15 02:37:08</date>
<index>10</index>
<phrase>මෙතුමියට මීටත් වඩා උසස් තැනක් දෙන්න ඕනෑ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නිමල්</author>
<date>2016-08-15 02:40:44</date>
<index>11</index>
<phrase>ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් අපිට හිතෙන විදිහට කට තමා ටිකක් හොඳ නැත්තෙ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රොකී‍</author>
<date>2016-08-15 03:19:27</date>
<index>12</index>
<phrase>බලමුකෝ එයාගෙනුත් උපදෙස් අරගෙන!</phrase>
<sentiment>NEUTRAL</sentiment>