text
stringlengths
0
6.69k
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>137378</articleId>
<title>ගුරුතුමා නැතැයි කී සිසුන්ට විදුහල්පති කුණු අහුලන්න දීලා</title>
<author>පුෂ්පකුමාර මල්ලවආරච්චි</author>
<date>2013 ජූනි මස 14 09:22:27</date>
<body> කාල සටහන අනුව තම පන්තියට නියමිත ගුරුවරයෙක් නොවීය. කාර්යාලයට ගිය පන්ති නායක හා උප නායක යන දෙදෙනාට බරපතළ වරදක් කළාසේ සලකා කාලපරිච්ඡේද දෙකක් තිස්සේ පාසල් බිමේ කොළ රොඩු ඇහිඳින ලෙස ඒ මහා දිසාපාමොක් අණ කෙළේය. නිදහස් අධ්‍යාපනයත් සමග බිහිවූ නමගිය පාසලකි. වසරේ අඩක් ගෙවී ඇතත් තවම පන්ති කාල සටහන දොසින් යුක්තය. මේ නිසා බොහෝ දිනවල පන්තිවල අධ්‍යාපන කටයුතු අඩාල වෙන්නේ, කාල සටහන නිවැරදි කරන්නට කාටවත් දෙන්නේ නැතිලූ.  හයවැනි ශ්‍රේණියේ පන්තියකට ඉකුත් සතියේ දිනක උදේම නියමිත පාඩම වූයේ බුද්ධාගමයි. ගණිත ගුරුවරයා පන්තියට ආවේය. ඔහු පාඩම පටන් ගන්නට හැදුවා පමණි. බුද්ධාගම ගුරුතුමාද ආවේය. ඒ අතර මේ දෙදෙනාට වෙනත් පන්ති දෙකක වැඩ පැවරී ඇති බව ද දැනගන්නට ලැබීමෙන් පසු දෙදෙනාම පන්තියෙන් පිටව ගියහ. විදුහල්පතිට කියා විසඳුමක් ලබා ගන්නාලෙස ඒ දෙන්නා පන්ති නායකයාට උපදෙස් දුන්නේය.  ඒ අනුව පන්ති නායකයා උප නායකයා සමග දිසාපාමොක් හමුවී මේ බව කීවේය. කිසිදු සොයා බැලීමකින් තොරව ”තමුසෙලා බොරු කියනවා” යි චෝදනා කළ දිසාපාමොක්වරයා මේ දෙදෙනාට වත්තේ කොළ රොඩු ඇහිඳින්නට අණ දුන්නේය. ඔවුන් නිසි පරිදි වැඩ කරනවාදැයි බලන්නට තම  හිතවත් සේවකයකුට බාර කළේය. සිසුන්ගේ වැඩ බලන්නට බාර කළ සේවකයා ඇතුළු දහතුන් දෙනෙක් වත්තේ පිටියේ වැඩට මෙම විදුහලේ සේවක මණ්ඩලයට ඇතුළත්ව සිටිති. එසේ සිටියදී සිසුන්ගෙන් නිතර වැඩ ගැනීම මේ දිසාපාමොක්ගේ සිරිතලූ. එහි ලොකු රහසක් තිබෙනවාලූ. </body>
<comments>
<comment>
<author>ශශිමාල්</author>
<date>2013-06-14 09:41:54</date>
<index>0</index>
<phrase>මොකද්ද ඉස්කෝලේ?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සංජීව</author>
<date>2013-06-14 10:04:22</date>
<index>1</index>
<phrase>කතාව තවත් හොඳට ගලපන්න තිබුන.., අදහස හොන්දයි පැහැදිලි මදි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>තාරක</author>
<date>2013-06-14 10:37:41</date>
<index>2</index>
<phrase>පුෂ්පකුමාර මොකක්ද ඉස්කෝලේ. කියනවද නැද්ද</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>චන්ද්‍රා</author>
<date>2013-06-14 13:46:42</date>
<index>3</index>
<phrase>කරුණාකර පාසලේ නම කියන්න.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දිසානායක</author>
<date>2013-06-14 14:14:34</date>
<index>4</index>
<phrase>මමත් දන්නා තරමට සමහරක් විදුහල්පතිවරුන් අධ්‍යාපන අමාත්‍යංශ ලබාදී තිබෙන නියෝග වලට පිටින් ගොස් රාජකාරි වල නිරත වන බව නොරහසක්.ඉහල බලදාරීන්ට කොන්දක් නැත්නම් පාසල් දරුවන්ගේ දෙමුපියන්ට ඒ සදහා මැදිහත් වීමට අයිතියක් තිබෙනවා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සරත්</author>
<date>2013-06-14 14:34:09</date>
<index>5</index>
<phrase>පාසලේ නම කියන්න බැරිද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සුමිත්</author>
<date>2013-06-14 15:29:29</date>
<index>6</index>
<phrase>පාසලේ නමින් වැඩක් නැහැනේ. අනවශ්‍ය දේවල් කරන පාසල් වලට දඩුවම් දියයුතුයි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දුලාජ්</author>
<date>2013-06-14 15:28:12</date>
<index>7</index>
<phrase>නගර සභාවේ පාසලක්ද දන්නෙ නැහැ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සුමිත්</author>
<date>2013-06-14 15:34:57</date>
<index>8</index>
<phrase>නගර සබාවේ පාසලක් නම් ඔන්න කමක් නැහැ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>තිලක්</author>
<date>2013-06-14 17:03:16</date>
<index>9</index>
<phrase>නෑ නෑ පාසල නොවෙයි එතුමා කලින් නගර සභාවේ කුණු ඇදපු කෙනෙක්. එහෙම කුණු අදිනකොට එයාට කුනුගොදක තිබිල හමුවෙලා එයාගේ නමට සමාන නමක් තියෙන කෙනෙක්ගේ සහතික ටික.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මුණසිංහ</author>
<date>2013-06-15 07:48:12</date>
<index>10</index>
<phrase>මේ වගේ විදුහල්පතිවරුන් ඉන්න ඉස්කෝල ලංකාව ගොඩක් තියෙනවා. හැකි ඉක්මනින් බලදාරින් මේවට පියවර ගත යුතුයි . පාසල් කඩන් වැටෙන්න හේතුව මේක.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පද්මසිරි</author>
<date>2013-06-15 08:37:32</date>
<index>11</index>
<phrase>දෙමපියෝ දහසක් බලාපොරොත්තු තියාගන දුක් විදාගන ළමයි පාසල් යවනවා. මෙහෙම ගුරුවරු නිසා ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා . මේ වගේ දේවල් සොයා බල විනයානුකුලව කටයුතු කරනවා නම් ඉදිරියේදී මේවගේ දේවල් සිදු නොවේවි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කුමාරිහාමි</author>
<date>2013-06-15 08:56:47</date>
<index>12</index>
<phrase>විදුහල්පති වරුන්ට පාරේදී පහරදීම පුදුමයක් නොවෙයි මේ සිදු වන දේවල්වල හැටියට.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>