Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"ශ‍්‍ර‍්‍රී ලාංකිකයන් 52 ක් ඩොලර් මිලියන 62 ක් රට බැංකුවක දාලා"
"ශී‍්‍ර ලංකා රජය ඩොලර් හිඟයකට මුහුණපා ඇති අවස්ථාවක ශ‍්‍රී ලාංකිකයන් පනස් දෙදෙනකු ඩොලර් මිලියන 62 ක කළු සල්ලි පෞද්ගලික ජාත්‍යන්තර බැංකුවක තැන්පත් කර ඇතැයි අනාවරණය වී ඇත. 2005 සිට මෙම ඩොලර් කළු සල්ලි එම ජාත්‍යන්තර බැංකුව භාරයේ තිබූ අතර කිසිදු රජයක් ඒ ගැන පරීක්‍ෂණ කරනැත. එසේම තවත් ශ‍්‍රී ලාංකිකයන් 17 දෙනකු එම බැංකුවේ තිබූ...
"ගෑස් අර්බුදයත් පාස්කු ප‍්‍රහාරය වගේ: තුෂාන් ගුණවර්ධන"
"මේ මතුව ඇති ගෑස් අර්බුදයත් පාස්කු ප‍්‍රහාරය හා සමාන යැයි පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසයි. ලිට්රෝ සහ ලාෆ් සමාගම් සිය කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලට පුරවනු ලැබූ ද්‍රවශීලී ගෑස්වල (එල්. පී.) සංයුතිය වෙනස් කිරීම නිසා පීඩනය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇතැයිද එනිසා වහාම එම ගෑස් සිලින්ඩර වෙ...
"ආණ්ඩුවේ ‘කෑලි ගලවන’ වගකීම මද්දුම බණ්ඩාරට"
"ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් කලකිරී සිටින මැති ඇමැතිවරුන් විපක්ෂයට එක් කර ගැනීමේ සාකච්ඡා සහ ඊට අදාළ කටයුතු සිදු කිරීමට විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත පවරා ඇත. ඒ අනුව ස.ජ.බ මහ ලේකම්වරයා මේ වන විට එවැනි සාකච්ඡා කිහිපයක් රහසිගත තැන්වල දී සිදුකර ඇතැයි එම...
"පොහොර අවුලෙන් ඇමැතිලාත් ඇවිළෙති"
"කාබනික පොහොර බෙදා හැරීම එක් ඇමැතිවරයකුට ද රසායනික පොහොර බෙදා හැරීම තවත් ඇමැතිවරයකුට ද පවරා ගොවීන් වෙත ඒවා බෙදා හැරීමට කටයුතු කිරීම නිසා ආණ්ඩුවේ ඇමැතිවරුන් අතර මත ගැටුම් ඇතිවී මේ වන විට ඒවා උග‍්‍ර අතකට පත්ව ඇතැයි වාර්තා වෙයි. කාබනික සහ දියර පොහොර වර්ග බෙදාහැරීමේ කටයුතු රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වෙත ද රසායනික ...
"රටේ මිනිස්සු දවසකට කෝටි 40 ක දුම් බොති"
"මෙරට ජනතාව දිනකට රුපියල් කෝටි 40ක පමණ දුම්වැටි උරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පුබුදු සමරසේකර මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. වසරකට රටේ දුම්වැටි කෝටි 230ක් අලෙවි වන බවත් දුම්බීම නිසා මනුෂ්‍ය ජීවිත 20,000ක් පමණ වසරකට අහිමි වන බවත් පැවසූ ඒ මහතා දුම්වැටි අලෙවියෙන් දුම්කොළ සමාගම ...
"පාසල් නිවාඩුවට පෙර නිල ඇඳුම් දෙන්න හැකිදැයි සොයයි"
"පාසල් තෙවැනි වාරය අවසන් වීමට පෙර නිල ඇඳුම් ලබා දීමට ඇති හැකියාව පිළිබඳව සලකා බලමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. තෙවැනි පාසල් වාරය ලබන 23 වැනිදා අවසන් වේ. නව පාසල් වාරය ජනවාරි 03 වැනිදා ආරම්භ වේ. නිල ඇඳුම් ලබාදීම රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ අම...
"ගෑස් සමාගම් දෙකට අතුරු තහනම් නියෝගයක්"
"ශී‍්‍ර ලංකා ප‍්‍රමිති කාර්යාංශය විසින් අනුමත කරන ප‍්‍රමිතියෙන් යුතු ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් වෙළෙඳපොළට නිකුත් කරන ලෙස ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම්වලට නියෝග කරමින් අභියාචනාධිකරණය පෙරේදා (17 දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. රුවන් ප‍්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන විනිසුරු මඬුල්ල එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය. ම...
"පේ‍්‍රක්ෂා නාට්‍ය උළෙල: අද ‘බෙරහඬ’ සහ ‘රතු මඟුල් කපුවා’"
"ටවර් හෝල් රඟහල පදනම සංවිධානය කරන පේ‍්‍රක්ෂා නාට්‍ය උළෙල යටතේ අද (19දා) ප. ව. 3.30ට සහ 6.30ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී බන්දුල ජයවර්ධනගේ ‘‘බෙරහඬ’ ප. ව. 3.30ට හා 6.30ට මරදාන ටවර් රඟහලේදී අඛිල සපුමල්ගේ ‘රතු ම`ගුල් කපුවා’ වේදිකා ගතවේ."
"පරාජයට බියෙන් ආණ්ඩුව පුංචි ඡන්දය කල්දානවා – කේ. ඩී. ලාල්කාන්ත"
"ජනතාවගේ සහයෝගය නැතිව පරදින බව දන්නා නිසා ආණ්ඩුව පළාත් පාලන ආයතන මැතිවරණය කල් දාන්න යනවා යැයි ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික කේ. ඞී. ලාල්කාන්ත මහතා පැවසීය. ජීවන වියදම් බරින් පීඩාවට පත්වී සිටින ජනතාවගේ සහයෝගය දැන් රජයට නැතැයි ද ලාල්කාන්ත මහතා පැවසීය. ණය බරට අමතරව තවත් ගැටලූ රාශියකට මුහුණපා සිටින ආණ්ඩුව දැන් බිත...
"මුරුත්තෙට්ටුවේ හිමිට උපාධි සිසුහු පිටුපාති: කළු පටි බැඳගෙන එති – උප කුලපතිනිය උපාධි පිරිනමයි"
"කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් උපාධිය ලබා ගැනීම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා ඊයේ (17 වැනිදා) උපකුලපතිනියට එම උපාධි පිරිනැමීමට සිදුව තිබේ. දේශපාලන පත්වීමක් මත උන්වහන්සේ කුලපති තනතුරට පත් වූ බවත් එබැවින් උන්වහන්සේගේ අතින් උපාධිය ලබා ගැනීමට නොහැකි බවත් කියමින් ශිෂ්‍යයන් කළු...
"විමල් – වාසු – උදය ව්‍යවස්ථාවත් කඩකලා: නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි"
"කැබිනට් මණ්ඩලයේ සියලූම සාමාජිකයන් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම් සුරැුකීමට බැඳී ඇතත් එයට පිටුපා විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් යුගදනවි ගිවිසුමට එරෙහිව දිවුරුම් ප‍්‍රකාශ ලබාදීමෙන් ඔවුන් එම සාමූහික වගකීම් පමණක් නොව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇතැයි නීතිපති සංජය රාජරත්නම් මහතා ...
"ෂාෆිට වැටුප් ගෙවන්න කිව්වා සේවයේ පිහිටුවන්න කියා නෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්"
"කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය එස්. එස්. එම්. ෂාෆි මහතා අනිවාර්ය නිවාඩු යැවූ කාලයේ ඔහුට හිමි වැටුප් ගෙවන ලෙස රෝහල් අධ්‍යක්‍ෂවරයාට උපදෙස් දී ඇති බවත්, කිසිදු අවස්ථාවක ඒ මහතා නැවත සේවයේ පිහිටුවන ලෙස උපදෙස් ලබා දී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) ඞී. එල්. යූ. පීරිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන්...
"රජීව් ගාන්ධි ඝාතනයට කබා හදූ කොටියා නිදහස්: සාක්ෂි දෙන්න කවුරුවත් නෑ"
"රජිව් ගාන්ධි ඝාතනය සඳහා බෝම්බ කබාය එක්ලස් කළ කොටි සංවිධානයේ පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයා වූ සුරේෂ් කුමාර්ට එරෙහිව සාක්ෂි දීමට කිසිවෙක් ඉදිරිපත් නොවීම නිසා මදුරාසි විනිසුරු පී. වේලූමුරුගම් ඔහුව නිදහස් කර ඇත. තමිල්නාඩු විශේෂ පොලිස් ඒකකය ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර නඩුව වසර 9ක් තිස්සේ විභාග විය. සුරේෂ් කුමාර් තවත් බෝම්බයක් ...
"ප‍්‍රමිතියෙන් යුත් ගෑස් සිලින්ඩර් පමණක් වෙළෙඳපොළට යවනු: උසාවියෙන් ගෑස් සමාගම් දෙකට නියෝග"
"ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශය විසින් අනුමත කරනු ලබන ප‍්‍රමිතියෙන් යුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පමණක් වෙළෙඳපොළට නිකුත් කරන ලෙසට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම්වලට නියෝග කරමින් අභියාචනාධිකරණය ඊයේ (17 දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. මේ වනවිට වෙළෙඳපොළට නිකුත් කර ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩර් හා පාරිභෝගිකයන් මිලදී ගෙන ඇති ගෑ...
"ගෑස් හිඟය අස්සේ පාන් ගිනි කයි"
"ගෑස් සහ තිරි`ගු පිටි මිල ඉහළ යෑම හේතුවෙන් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල වැඩි මිල ගණන් යටතේ ආහාර අලෙවි කිරීමට වෙළෙඳුන් පියවර ගෙන ඇතැයි පාරිභෝගික ජනතාව පවසති. ඇතැම් ප‍්‍රදේශවල ග‍්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 85 ක් දක්වා ඉහළ දමා ඇති අතර ආප්පයක මිල රුපියල් 15 සිට 25 දක්වා සහ බිත්තර ආප්පයක මිල රුපියල් 50 සිට 60 දක්වා වැඩ...
"‘මොඩ් ගොවියා’ ‘ජය ශ‍්‍රී’ ගීත 20 කට 31 දා තෙක් වාරණයක්"
"‘‘ජය ශ‍්‍රී’’ සංගීත කණ්ඩායම විසින් ගායනා කළ ‘‘මොඞ් ගොවියා’’ ගීතය ඇතුළු එම සංගීත කණ්ඩායමේ ජනප‍්‍රිය ගීත 20 ක් ගායනා කිරීම, ප‍්‍රවර්ධනය කිරීම, අලෙවි කිරීම සහ අන්තර්ජාලය වෙත මුදාහැරීම ලබන 31 දා දක්වා වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා ඊයේ (17 දා) වාරණ නියෝගයක් නිකුත් කළේය. එම ගීත රචනා කර ත...
"ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට සියයක් මෙරට නිෂ්පාදනය කිරීම අපගේ බලාපොරොත්තුවයි"
"අපේ රටේ ඉතිහාසයේ ස්වර්ණමය යුගයන් රජරටින් ඇති කිරීමට රජවරුන් පෙරමුණ ගත්තා. අග‍්‍රගන්‍ය වෛද්‍යවරයකු වන බුද්ධදාස රජතුමා රජරට මුල්කරගෙන වෛද්‍ය ක්‍ෂේත‍්‍රය දියුණු කිරීමට සුවිශාල මෙහෙවරක් සිදු කළා. අපි නැවතත් සෞඛ්‍යය ක්‍ෂේත‍්‍රයේ දියුණුවට අවශ්‍ය කරන දායකත්වය රජරටින් ලබාදෙනවා යනුවෙන් ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප...
"විකිරණ කාන්දුව: ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරු රෝහල් අධ්‍යක්‍ෂගෙන් අද සාකච්ඡාවක් ඉල්ලති"
"කොළඹ ජාතික රෝහලේ සිදු වූ විකිරණශීලී කාන්දුවක් සම්බන්ධයෙන් එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් අද (18 දා) දින හදිසි සාකච්ඡාවක් ඉල්ලා ඇත. එම රෝහලේ මීමැස්මොර රෝගය සඳහා ප‍්‍රතිකාර ඒකකයේදී පසුගියදා (15 දා) පිළිකා මූලික අවස්ථාවේ හඳුනාගනු ලබන එෆ්ඞීජී නම් අධි විකිරණශීලී සමස්ථානිකයක් රැගෙන ඒමේදී සෞඛ්‍ය නිලධාරියක...
"ස්වභාවිකත්වයට මුල්තැන දෙන තරුණ ව්‍යවසායිකාවක්"
"වර්තමානයේදී බොහෝ දෙනා තම කාර්යබහුලත්වය හේතුවෙන් ක්ෂණික ආහාර පාරිභෝජනය සඳහා යොමු වී ඇති අතර මේ සමගම ඔවුහු විවිධ රෝගාබාධවලට ගොදුරු වෙමින් සිටිති. එයින් අත්මිදීම සඳහා ක‍්‍රමක‍්‍රමයෙන් පෝෂණයෙන් සහ ගුණාත්මක භාවයෙන් සපිරි රසායනික ද්‍රව්‍යවලින් තොර ස්වභාවික ආහාර ලබා ගැනීමට සමාජය වැඩි උනන්දුවක් දක්වයි. 39 හැවිරිදි නදීරා මධුෂා...
"සීෂෙල්ස් ජනරජය ශී‍්‍ර ලංකන් ගුවන් සේවය සාදරයෙන් පිළිගනියි"
"සීෂෙල්ස් ජනරජයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් ශී‍්‍රමාල් වික‍්‍රමසිංහ මහතා විසින් මේ මස 12 වැනිදා ඉරිදා දින ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ අංක UL 707 දරන ගුවන් යානය සීෂෙල්ස් ජනරජය වෙත පිළිගනු ලැබීය. ශී‍්‍ර ලංකන් ගුවන් සමාගම මාස 21කට පසු කොළඹ හරහා ගෝලීය මාර්ග ජාලයට සම්බන්ධ වෙමින් සීෂෙල්ස් වෙත ගුවන් ගමන් යළි ආරම්භ කර ඇත. 2020 මාර්...
"ප‍්‍රියන්ත ඝාතනයේ 33 ක් රිමාන්ඩ්"
"පකිස්තානයේ සියල්කෝට්හිදී ශ‍්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප‍්‍රියන්ත කුමාර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයන් 33 දෙනකු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත. මෙම සැකකරුවන් දින 17 කට රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගුජරන්වාලා අධිකරණය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව ප‍්‍රියන්ත කුමාර ඝාතන සිද්ධි...
"ආණ්ඩුව වමේ පක්‍ෂවලට කන් දෙන්නේ නැහැ: රටේ පවුල්වලින් 60% ක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා"
"ආණ්ඩුව නියෝජනය කරන වමේ පක්‍ෂවල යෝජනා පිළිනොගැනීම නිසා ඉදිරියේදී ජනතාව සම්බන්ධ කරගනිමින් රජයට බලපෑම් කිරීමට සිදුවන බව ලංකා සමසමාජ පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඊයේ (17 දා) එම පක්‍ෂයේ 86 වන සංවත්සර සමරුවේදී ප‍්‍රකාශ කළේය. එම පක්‍ෂ මූලස්ථානයේ පැවැති මෙම සංවත්සර උළෙලේ මුලසුන ලංක...
"දොස්තර ෂාෆි යළි සේවයේ පිහිටුවුවහොත් හෝ වැටුප් දුන්නොත් සෞඛ්‍ය ලේකම් වගකීම භාරගත යුතුයි – පාහියංගල ආනන්දසාගර හිමි"
"සිංහල මවුවරුන් වඳභාවයට ලක්කළැයි චෝදනා ලැබ සිටින වෛද්‍ය ෂාෆි සෙහාබ්දීන් මහතාට එරෙහිව පැවැත්වූ මූලික විමර්ශන වාර්තාවේ ඔහු වරදකරු බවට සඳහන්ව ඇති බවට තමන් වහන්සේට විශ්වාසදායී තොරතුරු ලැබී ඇතැයි සුරකිමු ශී‍්‍ර ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්දසාගර හිමියෝ ‘දිවයින’ට ඊයේ (17 දා) පැවසූහ. වෛද්‍ය ෂාෆි සෙහාබ්දීන් මහතාට එරෙහිව ...
"දේශපාලන හේතු මත පළාත් පාලන ඡන්දය කල්දැමූ බව බැලූ බැල්මට පෙනෙනවා: පැෆරල් සංවිධානය"
"පළාත් පාලන මැතිවරණය මේ මොහොතේ කල්දමනු ලබන්නේ දේශපාලන කරුණු මත බව බැලූ බැල්මට පෙනී යන බව පැෆරල් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ මෙසේ ද දැක්වෙයි. විෂය භාර අමාත්‍යවරයාට ඇති බලතල අනුව මේ වනවිට පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දැමීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. කල්දැමීමට හේතුව කොවිඞ් 1...
"යහපාලන කාලේ පාඩු ලැබූ ජනවසම දැන් ලාභ ලබනවා – ඇමැති මහින්දානන්ද"
"ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් සියලූම වතුවල කම්කරු පවුල්වලට ඉඩම් කොටසක් ලබාදී නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය ආධාර ලබාදීමේ ව්‍යාපෘතිය ලබන අපේ‍්‍රල් වනවිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා සඳහන් කළේය. යහපාලන සමයේ රුපියල් මිලියන 757 ක් පාඩු ලැබූ ජනවසම මේ වනවිට ලාභ ලබන තත්ත්වයට පත් කර ඇති බැවින් ලබන අපේ‍...
"කන්ටේනර් ලිහන්න බන්දුල බහියි"
"වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත. මෙම කන්ටේනර් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පෙරේදා (16 දා) වෙළෙඳ ඇමැතිවරයා සම`ග පැවැති සාකච්ඡුාවේදී ඇමැතිවරයා මේ බව ප‍්‍රකාශ කර ඇත. සහල්, සී...
"ෂාෆිගේ නඩුව ගැන වැරදි මතයක් හැදිලා – අතුරලියේ රතන හිමි"
"ෂාෆි ෂෙහාබ්දින් වෛද්‍යවරයා සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තා සෞඛ්‍ය ලේකම්වරයා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යැවීමට කටයුතු නොකිරීමෙන් සිදුකළ බරපතළ වරද නිසා වෛද්‍යවරයා පිළිබඳව වර්තමානයේ අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අතුරලියේ රතන හිමියෝ පැවසූහ. වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දින්ට හිඟ වැටුප් ගෙවීමට සහ ...
"කරාපිටියේ කොරෝනා තවානක්"
"කරාපිටිය රෝහලේ 11 වන වාට්ටුවේ එක් පසෙක කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා වෙන් කිරීම නිසා සාමාන්‍ය රෝග සඳහා ප‍්‍රතිකාර ලබන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇත. මෙම තත්ත්වය උදාවී ඇත්තේ අඩි 5 ක පමණ උස බැම්මකින් කොටස් දෙකකට වෙන්කර ඇති එම වාට්ටුව ඉටි කොළයකින් පමණක් වෙන්කර එක් පසෙක කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදීම නිසාය. මෙම ත...
"සංචාරකයන් පිළිගැනීමට ශී‍්‍රලංකන් ගුවන් සේවයෙන් නත්තල් කැරොල්"
"ශී‍්‍රලංකන් ගුවන් සමාගම, උදාවන නත්තල් දිනයේ පී‍්‍රතිය බෙදාගැනීම වෙනුවෙන් ශී‍්‍ර ලංකාවට පැමිණෙන සහ පිටවන සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා විශේෂ නත්තල් කැරොල් ගීත ගායනා වැඩසටහනක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පවත්වන ලදී. ශී‍්‍රලංකන් ගායක කණ්ඩායම සමඟ ශී‍්‍ර ලංකා ගුවන්තොටුපළ සහ ගුවන් සේවා පුද්ගලික සමාගමෙහි කාර...
"ලබන 31 දක්වා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ එයි: මංගල උත්සවවල මත්පැන් අවසර!"
"පවතින කොවිඞ් වසංගතය නිසා මංගල උත්සවවලදී මත්පැන් සංග‍්‍රහ කිරීම සම්බන්ධව මෙතෙක් පැවැති තහනම ඉවත්කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පියවරගෙන ඇත. ඊයේ (16දා) සිට මෙම මස 31 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙම තහනම ඉවත්කර ඇති අතර උත්සව ශාලාවේ ධාරිතාවෙන් හරි අඩක් සඳහා පුද්ගලයන් සහභාගි...
"යුගදනවි දීම ආරක්ෂාවට තර්ජනයක්! ගිවිසුමට එරෙහිව නීති පියවර ගැනීමේ කාලය අවසන් – නීතිපති සංජය රාජරත්නම්"
"ගිවිසුමට එරෙහි ඇමැතිවරු තිදෙනා නියෝජනය කරන්නේ ගමේ මරණාධාර සමිතියක් නොවේ – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්නිව් ෆෝට‍්‍රස් එනර්ජි නමැති ඇමරිකානු සමාගමට කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජය සතු සියයට හතළිහක කොටස් ලබාදීම හා එම බලාගාරයට අවශ්‍ය ස්වභාවික ද්‍රව වායු සැපයීමේ කොන්ත‍්‍රාත්තුව ලබාදීම මගින් ජාතික ආරක්‍ෂාවට බලවත් ...
"රටේ මෙච්චර ආර්ථික ප‍්‍රශ්න තියෙද්දී මුදල් ඇමැති නත්තල සමරන්න ඇමරිකා ගිහින්: ජවිපෙ නායක අනුර කුමාර දිසානායක"
"රට ආර්ථිකයෙන් ගිනිගන්නා අවස්ථාවක ඒ කිසිදෙයක් තුට්ටුවට මායිම් නොකර ශ‍්‍රී ලංකාවේ මුදල් ඇමැති නත්තල සැමරීමට ඇමරිකාවට ගොස් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා පැවැසීය. මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ ඉකුත් 15දා ‘ගමෙන් පටන්ගමු’ යන තේමාව යටතේ තඹුත්තේගම වෙහෙරගල විහාරස්ථානයේදී ජනතාව දැනුවත් ...
"කටාන අයවැය වැඩි ඡන්ද අටකින් පරාදයි"
"කටාන ප‍්‍රාදේශීය සභාවේ පාලක පොදුජන පෙරමුණ සභාපතිවරයා විසින් 15 වැනිදා සභාවට ගෙනා 2022 සඳහා වූ අයවැය පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරුන් පහළොස් දෙනෙකුගේ සහ එක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරයකුගේ සහයෙන් 25කට 17ක් වශයෙන් වැඩි ඡන්ද අටකින් පරාජයට පත් වුණි. කටාන ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් වශයෙන් පොදුජන පෙරමුණ, ශ‍්‍රී ල...
"යුගදනවි ගන්න එන ඇමෙරිකානු සමාගම ලියාපදිංචි වෙලා ඉන්නේ හොර තිප්පළක – සුනිල් හඳුන්නෙත්ති"
"‘යුගදනවි’ බලාගාරයේ කොටස් විකිණීම සඳහා ගිවිසුම් අත්සන් කර ඇති ‘ශ‍්‍රී ලංකා පවර් හෝල්ඩිංස්’ සමාගම ඇමෙරිකාවේ හොර සමාගම් ලියාපදිංචි කිරීමේ තිප්පළක් වන ඩෙලිවර් නගරයේ ලියාපදිංචි වී ඇති සමාගමක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය. එම සමාගමේ වාර්ෂික බදු මුදල ලෙස සඳහන් කර ඇත්තේ ඩොලර් ...
"මෝටර් රථ රියැදුරුට නින්ද යෑමෙන් නවතා තිබූ වෑන් රථය ප‍්‍රපාතයට"
"කොට්ටාව සිට නුවරඑලිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් ප‍්‍රධාන මාර්ගය අභියස ගාල් කර තිබූ වෑන් රථයක ගැටීමෙන් අනතුරුව වෑන් රථය අඩි 30 ක් පමණ ප‍්‍රපාතයේ පිහිටි නිවසක් අසලට පෙරළී ඇතැයි ලිදුල පොලිසිය පැවසීය. 15 දින පස්වරු 4.30ට පමණ මෙම අනතුරු සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප‍්‍රධාන මාර්ගයේ ලිදුල පාමස්ටන් ප‍්‍රදේශයේදීය. ධාවනය වෙමින...
"භූමි තෙල් ළිප ගිනි ගානට විකිණීමෙන් ජනතාව කබලෙන් ළිපට!"
"ගෑස් ලිප් පුපුරා යාමත් සමග මේ වන විට හැටන් හා ආශ‍්‍රිත ප‍්‍රදේශවල භූමිතෙල් උදුන් මිලද දැඩි ලෙස ඉහළ ගොස් ඇත. මේ වන විට රට තුළ සිදුවන ගෑස් ලිප් පුපුරා යාමත් සමග බොහෝ පිරිසක් ගෑස් ලිප් භාවිතයෙන් ඉවත්ව දර හා භූමිතෙල් ලිප් සඳහා යොමුව ඇති අතර එයින්ද වැඩි පිරිසක් භූමිතෙල් ලිප් භාවිතයට ගැනීමට පෙළඹී ඇත. රුපියල් 2,200 ත් 3,500ත...
"කොවිඞ් මරණ වැළැක්වීමේ එකමුතුවෙන් ජනපතිට සංදේශයක්"
"කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා වන එන්නත්කරණ වැඩසටහන ඉදිරියට ගෙන යන අතරවාරයේ දී ජනතාවගේ ප‍්‍රතිශක්තීකරණය වර්ධනය කිරීම සඳහා වන දේශීය විසඳුම් වෙත යොමුවිය යුතු බවටත් ඒ හරහා විදේශ විනිමය අර්බුදයට විසඳුම් සෙවිය යුතු බවටත් යෝජනා කරමින් කොවිඞ් මරණ වැළැක්වීමේ එකමුතුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සංදේශයක් යොමු කරනු ලැබ...
"ලංකා ලූණු සමාගම මිලියන 170ක් ලාභ ලබයි"
"2020 වසර තෙක් වසර කිහිපයක් පාඩු ලබමින් සිටි ලංකා සෝල්ට් ආයතනය (හම්බන්තොට ලංකා ලූණු සමාගම) 2021 වසරේදී රුපියල් මිලියන 170කට අධික ලාභයක් උපයා ඇත. මෙම වසරේදී සිය නිෂ්පාදන කටයුතුවලදී ලැබූ ලාභය පදනම්ව එහි සේවක සේවිකාවන් 1600දෙනකුට ප‍්‍රසාද දීමනා ලබා දීම ලංකා ලූණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත ස`දභරණ මහතා අතින් පසුගියදා හම්බන...
"මේ වසරේ තුන් වැනි කාර්තුවේ ආර්ථික වර්ධනය ඍණ වෙයි"
"මේ වර්ෂයේ (2021) තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධනය ඍණ 1.5 ක් දක්වා පසුබෑමට ලක්ව ඇත. ගිය වර්ෂයේ (2020) තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 1.3 ක් විය. එසේම ආර්ථිකයේ ප‍්‍රධාන අංශයන් වන කෘෂිකර්මාන්ත සහ සේවා අංශයන් ද තුන්වන කාර්තුවේදී ඍණ වර්ධනයන් වාර්තා කර ඇත. මේ අනුව කර්මාන්ත අංශය සියයට 2.1 කින් ද සේවා අංශය සියයට 1.6 කින්ද ඍ...
"ගෑස් කරදර වෙනුවට දර එයි"
"ගෑස් ටැංකි පුපුරා යෑමත් සමඟ රට තුළ ඇති වූ ගෑස් හිඟය හේතුවෙන් ජනතාව මහත් අසීරුතාවකට පත්ව සිටින අතර සේයාරුවෙන් දැක්වෙන්නේ බත්තරමුල්ල, වික‍්‍රමසිංහපුර ප‍්‍රදේශයේ වෙළෙඳසලක ගෑස් වෙනුවෙන් විකල්පයක් ලෙස දර අලෙවි කරන අයුරුයි."
"‘පොට්ටු’ සහ ඇන් ඕපන් ස්කයි හොඳම චිත‍්‍රපට ලෙස අභිෂේක ලබයි"
"පසුගියදා නිමා වූ 3 වන කොළඹ ජාත්‍යන්තර කාන්තා චිත‍්‍රපට උළෙල 2021 හිදී (3rd Colombo International Women’s Film Festival 2021) කෙටි චිත‍්‍රපට අංශයේ හොඳම කෙටි චිත‍්‍රපටය සඳහා වූ ජාතික සම්මානය හිමි වූයේ ශ‍්‍රී ලාංකික දමිළ කලාකාරිනියක වූ නවයුගා කුගරාජාගේ ‘පොට්ටු’ කෙටි චිත‍්‍රපටය ය. ඒ සඳහා නිර්දේශ වූ අනෙක් කෙටි චිත‍්‍රපට වූ...
"නොරොච්චෝල යන්ත‍්‍ර දෙක ජාතික පද්ධතියට සම්බන්ධ කරයි: පැය භායක විදුලිය කැපීම නවතී"
"නොරොච්චෝල බලාගාරයේ යන්ත‍්‍ර දෙකක විදුලිය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කළ නිසා ඊයේ (16 දා) සිට පැය භාගයක විදුලිය විසන්ධි කිරීම නවතා දැමූ බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක ඉංජිනේරු සුලක්ෂණ ජයවර්ධන මහතා ‘‘දිවයින’’ට ඊයේ (16 දා) පැවසීය. නොරොච්චෝල ගල්අ`ගුරු බලාගාරයේ යන්ත‍්‍ර තුනෙන් 01 සහ 03 යන්ත‍්‍ර දෙක මගින් ජාත...
"ශී‍්‍ර ලංකාවෙන් තවත් ඔමික්‍රෝන් ආසාදිතයෝ 3ක්: වෛද්‍ය ජීවන්දරගෙන් ට්විටර් පණිවුඩයක්"
"ශ‍්‍රී ලංකාවෙන් තවත් ‘ඔමික්‍රෝන්’ කොරෝනා වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූවන් 03 දෙනකු සිය අංශයේ පරීක්ෂණාගාරයේ සිදු කරන ලද සාම්පල පරීක්ෂාවකදී හඳුනාගෙන ඇති බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්ති විද්‍යා හා ෙසෙල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා විසින් ඊයේ (17දා) නිකුත් කර ඇති ‘ට්විටර්’ පණිවිඩ...
"ස්ටිකරයක් අලවා ප‍්‍රමිතියට ගෑස් දෙනවා – ලිට්‍රෝ උසාවියට පොරොන්දු වෙයි"
"ශී‍්‍ර ලංකා ප‍්‍රමිති කාර්යාංශය හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අනුමත කරනු ලබන නිසි ප‍්‍රමිතියෙන් යුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පමණක් මින් ඉදිරියට වෙළෙඳපොළට නිකුත් කරන බවට ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ (16 දා) අභියාචනාධිකරණයට පොරොන්දුවක් ලබා දුන්නේය. සංයුතිය දැක්වෙන ස්ටිකරයක් අලවා ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කිරී...
"එල් සී විවෘත කර දෙනවා නම් ඉල්ලූමට සරිලන පරිදි නියම ප‍්‍රමිතියේ ගෑස් ගේනවා – ලාෆ් සභාපති කියයි"
"ගෑස් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි (එල්සී) විවෘත කර දෙන්නේ නම් රටේ සම්පූර්ණ අවශ්‍යතාව සපුරාලමින් ඉල්ලූමට සරිලන පරිදි ගෑස් ගෙන ඒමට තම සමාගම සූදානම් යැයි ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා ‘‘දිවයින’’ට පැවසීය. මෙරට පාරිභෝගිකයින් මසකට ගෑස් මෙටි‍්‍රක් ටොන් 45,000ක් 50,000ක් පමණ පාවිච්චියට ගන්නා බවත් ඒ සම්පූර් ...
"පාස්කු නඩුවට සිසිර මෙන්ඩිස්ගේ සාක්කිය ගන්නේ නැහැ – ඔහු ගැන වෛද්‍ය වාර්තාවකුත් කැඳවන්න නීතිපති කියයි"
"පාස්කු ප‍්‍රහාර මැඩ පැවැත්වීමට නිසි පියවර නොගැනීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ තුන්වන සාක්‍ෂිකරු ලෙස අධිකරණයට කැඳවූ හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානී නන්දන සිසිර මෙන්ඩිස් මහතාගේ සාක්‍ෂිය පැමිණිල්ල වෙනුවෙන් කැඳවීමක් නොකරන බව නීතිපතිවරයා ඊයේ (15 දා) කොළඹ ව...
"සමිති හිතුවක්කාරයි – මගීහු නන්නත්තාරයි – ප‍්‍රශ්න උඩුදුවයි – ආණ්ඩුව නිදිකිරයි – යකඩ යකා මහ දවල් ජනතාව තලයි"
"* සීසන් පමණක් අතැති පාසල් දරුවෝ දුම්රිය ගේට්ටු අසල හඩා වැටෙති * වියපත් මව්වරු සහ විදේශිකයෝත් ළතැවෙති * ඊයේ මරදාන දුම්රියපොළේදීඅනුමත වැටුප් වැඩිවීම ලබා නොදීම, විනය ද`ඩුවම් පැනවීම, උසස්වීම් ලබා නොදීම, දුම්රිය සන්නිවේදන පද්ධතිය පිළිබඳව ඇති කළ නව තත්ත්වයක් සහ අධිභාර මුදලක් අය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් රිය...
"ගෘහස්ථ ගෑස් සංයුතියේ ප‍්‍රමිතිය තවම නැහැ – සංයුතිය හදන්න සාකච්ඡා කරනවා – ලිට්‍රෝ සමාගම අභියාචනාධිකරණයට කියයි"
"*දිව්රුම් ප‍්‍රකාශ මගින් කරුණු තහවුරු කරන්න – අභියාචනාධිකරණයගෘහස්ථ ගෑස් සිලින්ඩර්වල අඩංගු විය යුතු සංයුතිය පිළිබඳව නිශ්චිත ප‍්‍රමිතියක් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශය විසින් මේ දක්වා නිකුත් කර නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා ඊයේ (15දා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.එකී ...
"පොඩි ලැසී රිමාන්ඩ් – බන්ධනාගාරයේදී ප‍්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට නියෝග"
"ප‍්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයකු වන පොඩි ලැසී හෙවත් ජනිත් මධුශංක ද සිල්වා නමැත්තාව ලබන දෙසැම්බර් 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (15 දා) නියෝග කළේය. 04- පිටුවටඑම සැකකරු බන්ධනාගාරයට ගෙන යන තුරු විශේෂ ආරක්ෂාවක් සැලසීමට පියවර ගන්නා ලෙසට එහිදී නියෝග කළ මහ...
"අම්මයි පුතයි – තාත්තයි දුවයි – අනතුරුවලින් මරු දකිති"
"දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගමදී සහ මාදම්පේ ඉරට්ටකුලම ප‍්‍රදේශයේදී ඊයේ (15දා) උදෑසන සිදුවූ මාරක රිය අනතුරු දෙකකින් පියකු දියණියක සහ මවක, පුත‍්‍රයකු  මියගොස් ඇත.මෙම මාරක රිය අනතුරු දෙකම සිදුවී ඇත්තේ වේගය පාලනය කරගත නොහැකිව ගොස් අනතුරට ලක්වීමෙන් බව පොලිසිය පවසයි.කතරගම වන්දනාවේ ගොස් එමින් සිටි පිරිසක් රැුගත් මෝටර් රථයක්...
"වඳ සැත්කමට චෝදනා ලද සාෆිට හිඟ වැටුප් ගෙවන්න යයි"
"පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ කුරුණෑගල මහ රෝහලේදී මව්වරුන් දහසකට ආසන්න පිරිසක් වඳභාවයට ලක් කළැයි චෝදනා ලැබූ වෛi සාෆි ශෙහාබ්දීන්ට හිඟ වැටුප් සහිතව වැටුප් ගෙවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කුරුණෑගල රෝහල් අධ්‍යක්‍ෂවරයා වෙත නියෝග කර ඇතැයි නීතිඥ චානක අබේවික‍්‍රම මහතා සඳහන් කළේය.ඊයේ (15 දා) කොළඹ පැවැති මාධ්‍ය ...
"පේ‍්‍රක්‍ෂා නාට්‍ය උළෙල – අද ‘‘සිහින හොරු අරං’’ සහ ‘අද වගේ දවසක ඇන්ටිගනී’’"
"මුද්‍රිත මාධ්‍ය අනුගහය – ‘‘දිවයින’‘ ටවර් හෝල් රඟහල් පදනම මෙහෙයවන ‘පේ‍්‍රක්‍ෂා’ නාට්‍ය උළෙල යටතේ අද (16දා* ප.ව.3.30 ට සහ 6.30 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී රාජිත දිසානායකගේ ‘‘සිහින හොරු අරං’’ සහ ප.ව.3.30 ට සහ 6.30 ට මරදාන ටවර් රඟහලේදී පි‍්‍රයංකර රත්නායකගේ ‘‘අද වගේ දවසක ඇන්ටිගනී’’ වේදිකා ගත වේ."
"නොරොච්චෝලේ යන්ත‍්‍ර 2 ක් තවමත් අක‍්‍රීයයි – ඉදිරි දිනවලත් විදුලිය කැපේ"
"නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන යන්ත‍්‍ර තුනෙන් දෙකක්ම මේ වනතෙක් අක‍්‍රීය බැවින්, රටේ ඇතැම් ප‍්‍රදේශවල ඉදිරි දිනවලත් වරින් වර විදුලිය කපා හැරීමට සිදුව ඇතැයි ලංවිම කියා සිටී.ඉකුත් 03 වැනිදා රටපුරා විදුලි බිඳවැටීමේ සිද්ධියෙන් පසු නොරොච්චෝල බලාගාරය අක‍්‍රීය වූ අතර හරියටම දින හතකට පසු එම බලාගාරයේ මෙගාවොට් 300 ...
"උසාවි නියෝගයක් නැතිව කාගේවත් දුරකථන ටැප් කරන්නේ නෑ"
"* ආරක්ෂක ලේකම් ජෙනරාල්  කමල් ගුණරත්නඋසාවි නියෝගයකින් තොරව කිසිදු අයෙකුගේ දුරකථන ටැප් කිරීමක් හෝ එම දත්ත පිළිබඳව සොයා බැලීමක් ආරක්ෂක අංශ හෝ බුද්ධි අංශ සිදු නොකරන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප‍්‍රකාශ කළේය.ඊයේ (15දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය. උසාවි නියෝගයකින් තොරව ...
"පුංචි ඡන්දය වසරකින් කල් දාන්න කැබිනට් පත‍්‍රිකාවක්"
"පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක් සකස්කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා ඊයේ (15දා) පැවසීය.එක්සත් ජාතීන්ගේ අරමුදල හා පළාත් පාලන පිළිබඳ ශ‍්‍රී ලංකා ආයතනය එක්ව පළාත් හතරක මහජන නියෝජිතයන් 280 ක් පුහුණු කිරීමේ තෙදින වැඩමුළුවේ දෙ...
"ජනපති දිවයිනට: – බැසිල් ඩුබායි යයි"
"පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (14දා) මධ්‍යම රාත‍්‍රියේ දිවයිනට පැමිණියේය.ජනාධිපතිවරයා පෙරේදා (14දා) රාත‍්‍රී 11.45 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්. කිව්-468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ළ`ගා විය.මේ අතර මුදල් ඇමැති බැසිල් ර...
"දකුණු මුහුදෙන් ඇල්ලූවේ බ්ලූමැන්ඩල් සංඛගේ කුඩු"
"* ඩුබායි සිට මෙරට ජාවාරමුන් දෙදෙනකුට එවලා විදේශිකයන් 6ක් හා කුඩු තොගය රැගත් යාත‍්‍රාව කොළඹ වරායටශ‍්‍රී ලංකාවට දකුණින් මුහුදු සැතපුම් 900 ක් ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 250 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගය බ්ලූමැන්ඩල් සංඛ නමැති පාතාල නායකයාට අයත් බව එම විමර්ශන වලින් හෙළිවී ඇත.ඩුබායි රාජ්‍යයේ සැඟවී...
"මිරිගමදී දුම්රියේ ගැටුණු ටිපර් රථය පාර මැද පෙරළිලා"
"* රියැදුරුට තුවාලඅපරීක්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගය හරහා ධාවනය කළ කළුගල් පටවාගත් ටිපර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙකු තුවාල ලබා ඇති අතර ටිපර් රථයට සහ දුම්රියට දැඩි හානි සිදු වී ඇති බව මීරිගම පොලිසිය පවසයි’ ඊයේ (15දා) අලූයම 5’50 ට පමණ දුම්රියක් පැමිණෙන බව හඟවන සීනුව නාද වෙමින් තිබියදී කළුගල් පටවාගත් ට...
"අපේ හමුදාවට දඬුවම් දීමට ඇමරිකාව කොමිසමක් පත් කරයි"
"මෙරට මානව හිමිකම් උල්ලංඝනය කළ හමුදා නිලධාරීන් 28 දෙනෙකුට දඬුවම් කිරීම ස`දහා ඇමරිකානු රජය ටොම් ලැන්ටොස් නමින් මානව හිමිකම් කඩකිරීම් විමර්ශනය කිරීමේ කොමිසමක් පත්කර ඇත.මෙම කොමිසමට ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට සම්බාධක පැනවීම, විදේශ ගමන් තහනම් කිරීම, විදේශ රටවලදී අත්අඩංගුවට ගැනීමේ බලතල හිමි වේ.ජිනීවා මානව හිමිකම් කොමිසමට...
"සතියක් තුළ දෙවරක් විදුලිය බිඳ වැටීමේ පරීක්‍ෂණ ඉබි ගමනේ"
"* ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයෙන් චෝදනාසතියක් තුළ දෙවරක්ම රටපුරා විදුලිය බිඳ වැටීමේ සිද්ධියට අදාළ පරීක්‍ෂණ ඉබි ගමනක යැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය කියා සිටී.පළමු විදුලි බිඳවැටීමේ සිද්ධියත් සමඟ ලංවිම සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පොලිසියට පැමිණිල්ලක් කළ අතර ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවද පරීක්‍ෂණයක් ආරම්භ ක...
"සැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසි වෙනුවෙන් නොවේ – අගමැති මහින්ද රාජපක්‍ෂ"
"* ශ‍්‍රමයට අභිමන්  ජනතා බුහුමන් උළෙලසැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසි වෙනුවෙන් නොවේ යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.වසර 35 කට වැඩි කාලයක් වෘත්තිය සමිති ක්ෂේත‍්‍රයේ නියැළෙමින් වැඩකරන ජනතාව වෙනුවෙන් සේවයට කැපවූ කම්කරු නායකයින් සහ රාජ්‍ය සේවයේ යෙදෙමින් කම්කරුවන්ගේ උන්නතිය උදෙසා තම සේවා කාලය කැ...
"පාස්කු ප‍්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු නොදීම ගැන නිලන්ත සමාව ඉල්ලුවා: හිටපු ආරක්‍ෂක රාජ්‍ය ඇමැති සාක්‍ෂිදෙයි"
"පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල වන බවට ලද බුද්ධි තොරතුරු ප‍්‍රහාර එල්ලවන තුරුම ජනාධිපතිවරයා රටින් බැහැරව සිටින අවස්ථාවේදී හෝ තමාට දැනුම්දීමට පියවර නොගත්තේ මන්දැයි රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධනගෙන් තමා විමසූ බවත් එකී තොරතුරු ලබාදීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ඔහු තමාගෙන් සමාව අයැද සිටි බවත් හ...
"ඩොලර් මිලියන 500 ක් ලැබෙන එල්එන්ජී ව්‍යාපෘතියකට අනුමැතිය ගන්න සාකච්ඡාවක් අද හෙටම"
"ඩොලර් මිලියන 500 ක් කඩිනමින් මහා භාණ්ඩාගාරයට ලබාගත හැකි එල් එන් ජී විදුලි ව්‍යාපෘතියකට අනුමැතිය ලබා ගැනීමට අදාළ තීරණාත්මක සාකච්ඡුාවක් මෙම සතියේ පැවැත්වෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. ආයෝජන මණ්ඩල අනුමැතිය මත මෙගොවොට් 488 ක මෙම එල් එන් ජී විදුලි ව්‍යාපෘතියට මේ වනවිට කැබිනට් මණ්ඩල අනුමැතිය, විදුලිබල මණ්ඩල හා විදුල...
"BOI නව සභාපති රාජා එදිරිසූරිය"
"ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස රාජා එදිරිසූරිය මහතා පත් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇත. කීර්තිමත් සිවිල් ඉංජිනේරුවරයකු හා ඉහළ පෙළේ රාජ්‍යතාන්ත‍්‍රිකයකු වන රාජා එදිරිසූරිය මහතා නව සභාපති තනතුරේ වැඩ ආරම්භ කිරීම අද (15දා) කොළඹ ලෝක වෙළෙ`ද මධ්‍යස්ථානයේ පිහිටි ශ‍්‍රී ලංකා ආයෝජන ම...
"පෑලියගොඩ මැනිං සහ මත්ස්‍ය වෙළෙඳ පොළේ මිල ගණන්"
" "
"චීන බාල පොහොර නැව ආපසු හැරවීම: ගනුදෙනුව කළ අයගෙන්ම වන්දි ගන්න"
"චීන පොහොර නැවට රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක් වන්දි ගෙවීම ජනතා මුදල් කාබාසිනියා කිරීමක් බවත් ප‍්‍රමිතියෙන් තොරව එම පොහොර නැව මෙරටට ගෙන්වීමේ ගනුදෙනුකාර පිරිසගෙන්ම එම වන්දි මුදල් අයකර ගත යුතු බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (14 දා) දිවයිනට පැවැසීය. කිරි පිටි, ස...
"අටවාගත් සමාගමකට යුගදනවි කොටස් විකිණීමට නීතිපති අනුමැතිය දුන්නේ කෙසේද?"
"යුගදනවි බලාගාරයේ කොටස් ශ‍්‍රී ලංකා පවර් හෝල්ඩිංස් ලෙස අටවාගත් සමාගමට විකිණීම සඳහා නීතිපති අනුමැතිය ලබා දුන්නේ කෙසේදැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (14 වැනිදා) රජයෙන් ප‍්‍රශ්න කළේය. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති කැබිනට් සංදේශය අනුව එම බලාගාරයේ කොටස් විකිණීම සඳහ...
"ඩොලර් හිඟ වුණත් පිටරටවලින් තාමත් චොක්ලට් රසකැවිලි ගලයි"
"රටේ උග‍්‍ර ඩොලර් හිකීර්ති වර්ණකුලසූරියයක් තිබියදී මෙරටට අත්‍යවශ්‍ය නොවන චොක්ලට් රසකැවිලි පලතුරු ඇතුළු ආහාර වර්ග සීමාවකින් තොරව තවමත් විදේශ රටවලින් ආනයනය කරන බව අනාවරණය වී ඇත. මේ ආකාරයට චොක්ලට් රසකැවිලි පලතුරු සීමාවකින් තොරව ආනයනය කිරීම නිසා මෙරට නිෂ්පාදකයන් සහ ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවට ලක්වන අතර රට දැඩි මූල්‍ය අර්බ...
"ගෑස් පිපිරීම්වලින් හානියට පත්වන්නන් වෙනුවෙන් නීති සහය ලබාදීමට සූදානම් – විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස"
"රටපුරා සිදුවන ගෑස් පිපිරීම් හේතුවෙන් වින්දිතයන් බවට පත්වන සියලූදෙනා වෙනුවෙන් සමගි ජන බලවේගය නොමිලේ නීති සහය ලබා දෙන බවත් ඒ උදෙසා විපක්ෂ නායක කාර්යාලය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (14දා) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක...
"කිලෝ 310 ක් බර ආසියාවේ රැජිනට ඩොලර් මිලියන 10 ලන්සුවක්"
"කිලෝ තුන්සීය දහයක බරින් යුත් ලොව විශාලම තනි නිල් මැණික ලෙස සැලකෙන ‘ආසියාවේ රැුජිණ’ මැණිකට මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක (කෝටි 203 කට අධික) ලංසුවක් ලැබී ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ‘දිවයින’ ට පැවසීය. මේ වනවිට අල්ජසීරා, බීබීසී, ඒපී ආදී විදෙස් මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා එම මැණිකට...
"මස්කෙළියේ උප සභාපතිට රැස්වීමේදී වීදුරු ප‍්‍රහාරයක්"
"මස්කෙළිය ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති වන හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත‍්‍රික් සංවිධාවක පෙරියසාමි ප‍්‍රදීපන් මහතාට සභා රැුස්වීම අතරතුර එල්ලවූ වීදුරු ප‍්‍රහාරයකින් තුවාල ලබා 13 වැනිදා ප‍්‍රතිකාර සඳහා මස්කෙළිය ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇත. මස්කෙළිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ගොවින්දන් සෙම්බගවල්ලි මහත්මියගේ (ලංක...
"පවුල් පිටින් සාප්පු සවාරි ගියොත් ජනවාරියේ කොවිඩ් පොකුරු ෂුවර්"
"‘මේ උත්සව සමයේ පවුල් පිටින් සාප්පු සවාරි, විනෝද චාරිකා යන්න එපා. එහෙම ගියොත් ලබන ජනවාරි, පෙබරවාරි මාසවල රටපුරා කොවිඞ් පොකුර ඇතිවෙන්න පුළුවන්…’ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (14) පැවසීය. මේ වන විට බොහෝ දෙනකුට පසුගිය අපේ‍්‍රල් පොකුර අමතකවීම කනගාටුවට කරුණක් බවද පැවසූ ව...
"හමුදාවේ විශ‍්‍රාමික නිලධාරියෙක් 20 හැවිරිදි මෙහෙකාරියට හදි කරලා"
"පානදුර නිවසක දී උතුරු පළාත භාරව සිටි යුද හමුදාවේ විශ‍්‍රාමික නිලධාරියකු තමන් දූෂණයට ලක් කළ බව කියමින් 20 හැවිරිදි තරුණියක පෙරේදා (13 දා) පානදුර දකුණ පොලිසියට පැමිණිල්ලක්කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඉකුත් අගෝස්තු මාසයේ දී තන්තිරිමලේ සිට හමුදා නිලධාරියාගේ නිවසේ මෙහෙකාර සේවය සඳහා පැමිණ සිටියදී නිවසේ කාත් කවුරු...
"ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ සංයුතිය දැක්විය හැකිද: ශ්‍රේෂ්ඨාධිකරණය ලිට්‍රෝ තීරණය අද ඉල්ලයි"
"ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අඩංගු සංයුතිය කුමක්දැයි සිලින්ඩරයේ පිටත ප‍්‍රදර්ශනය කිරීමේ හැකියාව සොයා බලා අද (15 දා) තම අධිකරණයට දැනුම්දීමට පියවර ගන්නා ලෙස ලිට්‍රෝ ගෑස් සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14 දා) නියෝග කළේය. අනාරක්‍ෂිත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ආනයනය කර බෙදාහැරීමට පියවර ගත් ගෑස් සමාගම් ඇතුළු වගකිවයුත්තන්ට නිසි නීතිමය පියව...
"ගෑස් පිපිරී මියගිය මව වෙනුවෙන් විජයදාස ඇතුළු නීතිඥ මණ්ඩයක් නොමිලේ ඉදිරිපත්වෙයි"
"මහනුවර, නත්තරම්පොත ප‍්‍රදේශයේදී ගෑස් පිපුරුමකින් සිරුරට ගිනි ඇවිලී මියගිය සිව්දරු මවට යුක්තිය ඉටුකිරීම සඳහා තමා ඇතුළු නීතිඥ මඬුල්ලක් නොමිලේ පෙනී සිටින බව ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට පැවැසීය. මෙම මව මෙයාකාරයට මියයෑම කනගාටුදායක සිද්ධියක් බවද ඇය වෙනුවෙන් ඇයගේ දරුවන්ට හා සැමියා...
"රෑ හොර ගිවිසුම්… ගෑස් මගඩි… ආණ්ඩුවේ සායම හේදිලා: මහජන මන්ත‍්‍රණ සභාවේ දෙවන සැසිය"
"යුගදනවි ගිවිසුම ආණ්ඩුව ලැබූ ජන වරමට පටහැනියි – විමල් වීරවංශ යුගදනවි බලාගාර ගිවිසුම ආණ්ඩුව ලැබූ මහජන වරමට පටහැනි බව ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා පැවසීය. එල්. එන්. ජී. සැපයුම් ඒකාධිකාරිය ඇමරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුව නියෝජනය කරන පක්‍ෂ දහයක් එකතුව ඇහැළියගොඩදී පැවැත්වූ මහජන මන්ත‍්‍රණ සභාවේ දෙවැනි සැ...
"චීන බාල පොහොර නැව ආපසු හැරවීම: ඩොලර් මිලියන 6.7 ක් ගෙවා සමථයකට"
"නිසි ප‍්‍රමිතියට නොමැති බව කියමින් ආපසු හරවා යැවූ කාබනික පොහොර ආනයනය කළ චීන සමාගම ජාත්‍යන්තර වාණිජ්‍ය අධිකරණයේ නඩු පැවරීමට ගෙන තිබෙන තීරණය මත එම සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.7 ක් ගෙවා දමා වාණිජ්‍ය කොන්දේසි මත සමථයකට පත් කිරීමට ඉකුත් කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ. නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මත මෙම තීරණ...
"පී.සී.ආර් ප‍්‍රතිඵල එනවිට ඔක්කොම වෙලා ඉවරයි: ඥාතීන්ට භාරදුන් මෘතදේහයක් මොනරාගල රෝහලෙන් යළි ගෙනයයි"
"මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (13 දා) මියගිය පස්දරු මවකට ‘කොවිඞ් 19’ වෛරසය ආසාදනය වී ඇති බැව් හෙළිවීමෙන් අනතුරුව මෘතදේහය නැවත මොනරාගල රෝහලට ගෙනැවිත් තිබේ. ඔක්කම්පිටිය, මාලිගාවිල, මිණිපුරගම පදිංචි ඞී.එම්. බණ්ඩාර මැණිකා (75) නමැති පස්දරු මවක් 13 වැනිදා උදෑසන රෝහලේදී මියගොස් ඇත. පී.සී.ආර්...
"දැරියක දූෂණය කළ විත්තිකරු නඩු තීන්දුවට පෙර දිවි නසා ගනී:"
"නඩුව අවසන් කරන්න උසාවිය තීන්දු කරයි බාල වයස්කාර දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ලබා සිටි 66 හැවිරිදි විත්තිකරුවකු නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට පෙර එල්ලී මියගොස් ඇති නිසා නඩුව විභාග කළ දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. පී. එස්. නිස්සංක මහතා පෙරේදා (13 දා) නඩුව අවසන් කළේය. රත්...
"විදේශ විනිමය අර්බුදය අද නාහෙට උඩින් වතුර ගිහින් – මහ බැංකුවේ හිටපු නි. අධිපති"
"විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් අද නාහෙට උඩින් වතුර ගිහින් තිබෙන තත්ත්වයක් රටට උදාවී ඇතැයි ශී‍්‍ර ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා ඊයේ (13 දා) ‘දිවයින’ට කීවේය.මේ මාසය ඉතාම තීරණාත්මක බවත් ඉදිරි සති හතරේ ගෙවීම් කරන්නේ කොහොමද කියන ප‍්‍රශ්නයට රට මුහුණදී සිටින බවත් විජේවර්ධන මහතා ක...
"තානාපතිවරුන්ගේ නත්තල් සුහද හමුව"
"මෙරට තානාපතිවරු හා මහ කොමසාරිස්වරුන් වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය සංවිධානය කළ නත්තල් සුහද හමුව සහ රාත‍්‍රී භෝජන සංග‍්‍රහය 12දා රාත‍්‍රියේදී කොළඹ ශ‍්‍රැංගි‍්‍රලා හෝටලයේදී පැවැත්විණි. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය මෙම සුහද හමුවට විශේෂ ආරාධිතයෝ ලෙස එක්ව සිටියහ. එළැඹෙන නත...
"පෞද්ගලික සංචාරයකට ජනපති සිංගප්පූරුවට"
"ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ (13දා) අලූයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ’ ජනපතිගේ මෙම සංචාරය හේතුවෙන් ඊයේ පස්වරුවේ කැබිනට් මණ්ඩල රැස්වීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි‘"
"විදේශ මුදල් අත ඇති අයට ගත හැකි විකල්පයක් ගැන මහ බැංකුව කියයි"
"දැනට විදේශ මුදල් අත ඇති අය සිටී නම් එම මුදල් යෙදවීමට හැකි විකල්ප කි‍්‍රයාමාර්ග කිහිපයක් ගැන ශී‍්‍ර ලංකා  මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි.මේ අනුව මහ බැංකුව පවසන්නේ අදාළ විදේශීය විනිමය ඇමරිකානු ඩොලරයක් රු. 210 බැගින් වන පරිදි  ශී‍්‍ර ලංකා රුපියල්වලට මාරු කිරීම හෝ ඕනෑම බැංකුවක රුපියල් ගිණුමක තැන්පත් කළ හැකි බවයි. මේ මාසය ...
"විශේෂ කමිටු 16 ක් අහෝසියි – න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබූ පනත් කෙටුම්පත් සියල්ලද ඉවතට"
"ජනාධිපති සතු බලතල අනුව පාර්ලිමේන්තු වාර අවසන් කිරීම හේතුවෙන් දැනට කි‍්‍රයාත්මක වෙමින් තිබූ විශේෂ කමිටු වර්ග 20න් 16ක්ම අහෝසි වන බව පාර්ලිමේන්තු සහකාර ලේකම් ටිකිරි ජයතිලක මහතා ‘දිවයින’ට පැවසීය.කෙසේ වෙතත් එහිදී විශේෂ කාරක සභා, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, සම්බන්ධීකාර කාරක සභාව සහ ආංශික අධීක්ෂණ කාරක සභා අහෝසි නොවේ.මෙම ආං...
"ජනපති පාර්ලිමේන්තුව වාර අවසාන කරයි"
"පාර්ලිමේන්තුව 2022 ජනවාරි මස 18 වැනිදා පෙරවරු 10.00 දක්වා වාරාවසාන කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.එම ගැසට් නිවේදනය දෙසැම්බර් මස 12 වැනිදා මධ්‍යම රාත‍්‍රී සිට බලපැවැත්වේ.ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ...
"දවස් 12 ට ගෑස් පිපිරුම් 586 ක්"
"ගෑස් සිලින්ඩර් ආශි‍්‍රත පිපිරීම් සිද්ධි 586ක් මේ මාසයේ (දෙසැම්බර්) ගෙවී ගිය දින 12 ට පොලිස් ස්ථාන වෙත වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් තල්දුව මහතා ‘දිවයින’ට ඊයේ (13 දා) පැවසීය.මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා ගෑස් සිලින්ඩර් ආශි‍්‍රත පිපිරීම් 694 ක් වාර්තා වී ඇතැයි ද ඉන් සිද්ධි 683 ක...
"ටයිල් මිල හතර ගුණයකින් නැගලා: – ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රය හාන්සියි"
"* ටයිල් ආනයනකරුවන්ගේ  සංගමයේ සභාපතිටයිල් මිල ගණන් හතර ගුණයකින් ඉහළ යෑමත් සමඟ ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රය බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි ටයිල් ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති කාමෙල් හුසේන් මහතා ‘දිවයින’ ට පැවැසීය.කොරෝනා වසංගතය හමුවේ දේශීය ටයිල් කර්මාන්ත නැංවීමේ අරමුණින් මීට වසර දෙකකට පමණ පෙර පිටරටින් ටයිල් ආනයනය නතර කිරීමට පියවර ගැනි...
"රැඳවුම් කාලය අවසන් වූ පසුව පොඩිලැසී උසාවිය හමුවට – නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දෙයි"
"අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ප‍්‍රබල පාතාල කල්ලි නායකයකු යැයි කියන ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී නමැත්තාගේ රැුඳවුම් නියෝග කාලය හෙටින් (15දා) අවසන් වූ පසුව ඔහු මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (13දා) අභියාචනාධිකරණයට දැනුම් දු...
"ගෑස් නැව් 4ක් ලංකාවට එයි – ප‍්‍රමිතිය තහවුරු කළ 2 කට අලෙවියට අවසර ලැබේ"
"රටපුරා ඇතිවූ ගෑස් පිපිරීම් සමග ගෑස් අලෙවිය අත්හිටුවීමෙන් පසු ගෑස් සමාගම් මගින් ආනයනය කරන ලද ගෑස් තොග රැුගත් නෞකා හතරක් මේ වන විට මෙරටට පැමිණ තිබේ.මේ අතරින් නෞකා දෙකක තිබූ ගෑස් තොගවලින් සාම්පල් ලබාගත් විශේෂඥ කමිටුව මගින් ඒවාරසායනාගාර පරීක්‍ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිසි ප‍්‍රමිතියෙන් යුතු බවට තහවුරු වීමෙන් පසු අලෙවිය ...
"ආගමික අන්තවාදීන්ගේ ක‍්‍රියාකාරකම් ගැන අවස්ථා 9කදී ආරක්‍ෂක ලේකම්ට පොලිස්පතිට සහ බුද්ධි අංශ ප‍්‍රධානීන්ට ලිඛිතව දැනුම් දුන්නා"
"* හිටපු යුද හමුදා බුද්ධි අංශ ප‍්‍රධානී බි‍්‍රගේඩියර් චූලා රත්නසිරිසහරාන් හෂීම් ඇතුළු ආගමික අන්තවාදීන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබඳ වැඩි අවධානයෙන් සිටි තම බුද්ධි අංශය ඔවුන් ඇතුළු ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ ක‍්‍රියාකාරකම් ජාතික ආරක්‍ෂාවට දැඩි තර්ජනයක් වන බවට ඒත්තු යෑම නිසා ඔවුනට එරෙහිව නිසි නීතිමය පියවර ගන්නා ලෙසට 2017 සි...
"ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවක් – විජිත හේරත්"
"ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටිහැටියේ පාර්ලිමේන්තු වාර අවසන් කිරීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අනුමත කළ නොහැකි වැරදි කටයුත්තක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ඊයේ (13 වැනිදා) ‘දිවයින’ට පැවසීය.මේ මොහොතේ පාර්ලිමේන්තු කල්තැබීම සඳහා කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව කී හේරත් මහතා මෙය මුළුමනින්ම...
"හදිසි තීරණයක් නොවේ: ජනපතිට පැවැරි ඇති බලයක් – ඇමැති ජී. එල්. කියයි"
"පාර්ලිමේන්තු වාර අවසන් කිරීමට ගත් තීරණය ජනාධිපතිවරයා හදිසියේ ගත් තීරණයක් නොවන බවත් එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට සෘජුව පැවරී ඇති බලයක් බවත් මෙම බලය මේ රටේ සියලූම ජනාධිපතිවරුන් පාවිච්චි කර ඇති බවත් විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.1978 සිට අද දක්වා මේ රටේ සිටි සියලූම ජනාධිපතිවරුන් එම...
"දක්ෂිණ අධිවේගයේ අනතුරකින් කිලෝමීටර් දහයක වාහන තදබදයක්"
"දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 2 දශම 3 සහ 2 දශම 4 අතර කහතුඩුව හා කොට්ටාව අතර ප‍්‍රදේශයේ දී අද අළුයම කැබ් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුර හේතුවෙන් කිලෝමීටර් දහයක් පමණ දුරට දැඩි රථ වාහන තදබදයක් ඇති වූ බව අධිවේගී රථවාහන පොලිසිය කියයි.සිදුවූ අනතුරෙන් වෑන් රථයේ රියදුරු සහ කැබ් රථයේ සිටි පුද්ගලයකු ප‍්‍රතිකාර...
"විදේශිකයන් 6 ක් සමග කෝටි 225ක හෙරොයින් මුහුදෙන් අල්ලයි"
"* ලංකාවට එව්වේ ඩුබායිහි සැගවී සිටින ජාවාරමෙක්පාකිස්තානයේ සිට මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකුට ලබාදීම සඳහා ට්‍රෝලර් යාත‍්‍රාවකින් රැුගෙන එමින් තිබූ රුපියල් කෝටි 225 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ විදේශිකයන් 6 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සහ නාවික හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකදී අ...
"නාගරික සංවර්ධන අධිකාරිය විදේශ ආයෝජන ගිවිසුම් දෙකකට – රජයේ ඉඩම් රැසකුත් විදේශ ආයෝජකයන්ට බදු දෙයි"
"විදේශික ආයෝජකයන් දෙපිරිසක් සමග ආයෝජන  ගිවිසුම් දෙකක් තීන්දු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇත. මෙම ගිවිසුම්වලින් රජයට ඩොලර් බිලියනයක ආදායමක් ලැබේ. මීට අමතරව තවත් රජයේ ඉඩම් ගණනාවක් විදේශික ආයෝජකයන්ට බදු දීමටද කටයුතු කරගෙන යයි. නාගරික සංවර්ධන අධිකාරියේ ආරංචි මාර්ගවලට අනුව ඉන්දියාවේ තිබෙන ප‍්‍රමුඛ පෙළේ පෞද්ගලික...
"පේ‍්‍රක්ෂා නාට්‍ය උළෙල – අද ‘හුනුවටයේ කතාව’ සහ ‘නරි බෑනා’ – මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය ”දිවයින”"
"ටවර්හෝල් ර`ගහල පදනම සංවිධානය කරන ‘පේ‍්‍රක්ෂා 2021 නාට්‍ය උළෙල’ යටතේ අද (13දා) මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී ප. ව. 3.30 ට සහ 6.30 ට හෙන්රි ජයසේනයන්ගේ ‘හුනුවටයේ කතාව’ ද මරදාන ටවර් රඟහලේදී අද ප. ව. 3.30 ට සහ 6.30 ට දයානන්ද ගුණවර්ධනගේ ‘නරි බෑනා’ නාට්‍යයද වේදිකා ගතවේ."
"බූස්ටරේ නොගත්තොත් දෙසැම්බර් අවසානයේ යළිත් සුනාමියක් – රාජ්‍ය ඇමැති චන්න ජයසුමන"
"විනෝද කටයුතු, ආගමික කටයුතු, නීති රීති දාලා වළක්වන්න බැරි බවත්, ජනතාව ඒවා පිළිපදින්නේ නැති බව  පසුගිය වසර එකහමාරක කාලය තුළ දැක ගත හැකි වූ බවත්, එන්නත්කරණ වැඩපිළිවෙළේ තෙවන මාත‍්‍රාව බූස්ටර් එන්නත ලබා නොගතහොත් දෙසැම්බර් අවසානයේ යළිත් සුනාමියක් බලාපොරොත්තු විය හැකි බවත් ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජ...
"බූස්ටරේ නොගත්තොත් දෙසැම්බර් අවසානයේ යළිත් සුනාමියක් – රාජ්‍ය ඇමැති චන්න ජයසුමන"
"විනෝද කටයුතු, ආගමික කටයුතු, නීති රීති දාලා වළක්වන්න බැරි බවත්, ජනතාව ඒවා පිළිපදින්නේ නැති බව  පසුගිය වසර එකහමාරක කාලය තුළ දැක ගත හැකි වූ බවත්, එන්නත්කරණ වැඩපිළිවෙළේ තෙවන මාත‍්‍රාව බූස්ටර් එන්නත ලබා නොගතහොත් දෙසැම්බර් අවසානයේ යළිත් සුනාමියක් බලාපොරොත්තු විය හැකි බවත් ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජ...
""ශී‍්‍ර ලංකාවෙන් හමු වූ කැරට් 1,550,000 ක් බර ලොව විශාලතම ස්වාභාවික තනි නිල් මැණික මාධ්‍ය ඉදිරියට""
"ලොව විශාලතම ස්වාභාවික තනි නිල් මැණික මෙරටින් හමුවී තිබේ.ආසියාවේ රැජින (QUEEN OF ASIA) ලෙස නම් කර ඇති මෙහි බර කිලෝග‍්‍රෑම් 310කට ආසන්නය. ඒ අනුව ලොව විශාලතම තනි කොරොන්දම (Blue Sapphire) මෙය වෙයි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ රත්නපුරය බටුගෙදර ප‍්‍රදේශයෙන් හමුවී ඇති මෙම මැණික ජිමලොජිකල් ඉන්ස්ටටියුට් ඇන්ඞ් ර...
"අපේ හමුදාවේ දෙදෙනකුට ඇමරිකාවෙන් තහංචි"
"ඇමරිකානු රජය ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු බුද්ධි සේවා නිලධාරියකු වන ලූතිනන් කොමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි මහතාට සහ මිරුසවිල් ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී ජනාධිපති සමාව ලැබූ හමුදා නිලධාරියකු වන සුනිල් රත්නායක මහතාට තහනමක් පනවා ඇත.මෙම ආරක්‍ෂක හමුදා නිලධාරීන් දෙදෙනාම යුද අපරාධකරුවන් ලෙසට නම්කර තිබේ. ලූතිනන් කම...