Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"තවත් ඔමික්‍රෝන් ආසාදිතයෝ 41ක්: ඉක්මනට බූස්ටරය ගන්න"
"මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් 41දෙනකු හමු වී ඇති බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප‍්‍රතිශක්ති සහ අසාත්මිකතා ඒකකයේ අංශ ප‍්‍රධානී වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. මෙම පිරිස සම්බන්ධව කොවිඞ් පරීක්ෂණ සාම්පල ලැබුණේ ප‍්‍රධාන වශයෙන් ගුවන්තොටුපොළ ආශ‍්‍රිත පර්යේෂණාගාරවලින් සහ ගම්පහ සහ කොළඹ නගර බල ප‍්‍රදේශවල පදිංචි පුද...
"බස්නාහිරට විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක්"
"කොළඹ නගරය ඇතුළුව බස්නාහිර පළාත ආශි‍්‍රතව ඊයේ (31 දා) සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පොලිසිය පියවර ගෙන ඇත. ඒ අනුව බිමතින් රිය පදවන්නන්, මාර්ග නීති උල්ලංඝනය කරමින් සහ මාර්ගයේ අධික වේගයෙන් ගමන් කරන රියැදුරන්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට පොලිසිය කි‍්‍රයා කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලි...
"ගෑස් දෙන්නේ උසාවි නියෝගය අනුවයි"
"ගෘහස්ථ ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් පසුගිය 17 වැනිදා අභියාචනාධිකරණය ලබාදුන් නියෝග අනුව කටයුතු කිරීමට පියවර ගෙන ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය හා ගෑස් සමාගම් ඊයේ (31 වැනිදා)අභියාචනාධිකරණයට දැනුම් දුන්හ. වෙළෙඳපොළට නිකුත් කර තිබෙන අනතුරුදායක ගෑස් සිලින්ඩර් වහාම ආපසු කැඳවන ලෙසට අභියාචනාධිකරණය ලබාදුන් නියෝගය ක‍්‍රියාත්මක කිරී...
"අලූත් අවුරුදේ අලූත් ආරම්භයක හැඟීම් මුදුන්පත් කරගනිමු – විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස"
"ජයග‍්‍රහණවලට වඩා රටක් ලෙස, පරාජයන් මෙන්ම අහිමිවීම් සහ වේදනාවන් රැසක් අත්විඳි වසරක් නිමාවී නව වසරක් උදාවන මේ මොහොතේ හෘද සාක්ෂියට එකඟව හෘදයාංගම සුබපැතුමක් පතනවා හැරුණුකොට මේ මොහොතේත් පීඩාව සහ දුක් දොම්නස් අත්විඳිමින් සිටින ශ‍්‍රී ලාංකේය ජනතාවට ව්‍යාජ සුරංගනා ලෝකයක් පිළිබඳව හිස් ප‍්‍රාර්ථනාවන් කිරීම රටේ ජනතාවට කරනු ලබන න...
"කෘෂිකර්ම අපනයන ආදායම 14.3% කින් ඉහළට"
"ගිය වසරේ (2021) පළමු මාස දහයේදී කෘෂිකාර්මික අපනයන ආදායම සියයට 14.3 කින් වර්ධනය වී ඇත. මේ අනුව 2020 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1949.9 ක් වූ මුළු කෘෂිකාර්මික අපනයන ආදායම 2021 වසරේ මුල් මාස දහයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2228.3 දක්වා ඉහළ ගොස් තිබේ. මේ සඳහා තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1096.1 ක් දක්වා සියයට 6.2 ක...
"නව වසරට කොළඹ හැඩවෙයි"
"නත්තල හා නව වසරේ උදාව නිමිත්තෙන් කොළඹ ගාලූ මුවදොර ප‍්‍රදේශයේ මහමඟ වර්ණවත් විදුලි ආලෝකයෙන් විචිත‍්‍රවත් කර තිබූ අයුරු ඡයාරූපවලින් දැක්වේ. ඡායාරූප – ජූඞ් ඩෙන්සිල් පතිරාජ"
"වසංගතයක් තිබුණත් සංවර්ධනයේ අරුණලු රටටම විහිදුවනවා – අගමැති මහින්ද රාජපක්‍ෂ"
"රටට අවශ්‍ය ගැටලූ විචාරය කරන්නන් නොව ප‍්‍රායෝගික අභියෝගයන්ට මුහුණ දෙමින් විසඳුම් ඉදිරිපත් කරන්නන් බවත් ඒ සඳහා ඔබ සියලූ දෙනා බලාපොරොත්තු වන නව මාවතක් අදින් පටන් ගන්නා නව වසර තුළ එළිදැක්වෙනු ඇති බවත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා නිකුත් කළ අලූත් අවුරුදු සුභාශිංසන පණිවුඩයේ සඳහන් වේ. එම පණිවුඩයේ මෙසේද දැක්වේ. ගෝලීය වසංගත තත්...
"කොට්ටාව අන්තර් හුවමාරු ස්ථානයේ සිට ගනුදෙනු කිරීමේ තාක්ෂණික පහසුකම්"
"නව තාක්ෂණයට අනුව ජනතාවට ගනුදෙනු කරලීමේ පහසුව සඳහා Lanka QR Mobile Payment App ක‍්‍රමය ඔස්සේ ගෙවීම් කටයුතු කිරීමට කඩවත – හම්බන්තොට අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරු ස්ථානයේ සිට එම පහසුකම් ලබා දීමට පසුගියදා පියවර ගැණින. මේ නිසා ගෙවීම් කටයුතු කඩිනමින් ඉටුකිරීමට හැකිවීමත් කාලය ඉතිරි වීමත් සිදුවන්නේය. මෙම ආරම්භක අවස්ථ...
"‘මොඩ්ගොවියා’ වාරණය 12 දා තෙක් දික් වෙයි"
"‘ජය ශී‍්‍ර’ සංගීත කණ්ඩායම විසින් ගායනා කළ ‘මොඞ් ගොවියා’ ගීතය ඇතුළු එම සංගීත කණ්ඩායමේ ජනපි‍්‍රය ගීත 20ක් ගායනා කිරීම, ප‍්‍රවර්ධනය කිරීම, අලෙවි කිරීම සහ අන්තර්ජාලය වෙත මුදාහැරීම වළක්වමින් නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 12 දා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ඒ. එම්. මරික්කාල් මහතා ඊයේ (31 දා* නියෝ...
"ඊයේ උදේ කැබ්රිය සමග ව්‍යාපාරිකයා ප‍්‍රාණ ඇපයට ගෙන ලක්ෂ 40 කට විදලා"
"දෙනෝදාහක් ගැවසෙන අත්තනගල්ල හුණුපොල ප‍්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් ලක්‍ෂ තිස්පහක් පමණ වටිනා කැබ්රථය හා එම රථයේ තිබූ රුපියල් ලක්‍ෂ හතළිහක මුදලක් කොල්ලකා පලාගිය සිද්ධියට සැකපිට තිදෙනකුගෙන් ප‍්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ. කොල්ලකෑ රුපියල් ලක්‍ෂ හතළිහක පමණ මුදල් සොයාගෙන නොතිබිණි. මෙම ව්‍යාපාරිකයාගේ හිසට ගෝනි උරයක් දම...
"ඔන්ලයින් පේ‍්‍රමය ළිං පතුලේ සැගවෙයි"
"කරුවලගස්වැව පොලිස් වසමට අයත් සියඹලෑව ගම්මානයේ 15 හැවිරිදි පාසල් සිසුවියක පේ‍්‍රම සම්බන්ධතාවක් නිසා ඇති වූ සිත් තැවුලකින් පෙරේදා (29දා) අලූයම නිවස අසල ළිඳකට පැන දිවි නසාගෙන ඇත. මෙසේ දිවි නසාගෙන ඇත්තේ කරුවලගස්වැව ප‍්‍රදේශයේ විද්‍යාලයක 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි දැරියකි. මියගිය දැරියගේ මව කුලී වැඩ කරමින් උපය...
"දේශීය කිරිපිටි දියර කිරි මිල වැඩි නොවේ: මිල්කෝ – පැල්වත්ත කියයි"
"ආනයනික කිරිපිටි මිල වැඩි වුව ද දේශීය කිරිපිටි සහ දියර කිරි මිල ඉහළ නංවන්නේ නැති බව මිල්කෝ සහ පැල්වත්ත සමාගම් පවසයි. මේ සම්බන්ධව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික‍්‍රමසිංහ මහතා පැවසුවේ තම සමාගම මගින් නිෂ්පාදනය කරන හයිලන්ඞ් කිරිපිටි සහ දියර කිරි මිල ඉහළ නංවන්නේ නැති බවය. පැල්වත්ත සමාගමේ සභාපති ආරියශීල වික‍්‍රමනායක මහතා ද ප...
"බොරතෙල් ගේන්න ඩොලර් නැතිව සපුගස්කන්ද යළි වැසෙයි: දිනක පාඩුව කෝටි 10 ක්!"
"බොරතෙල් ආනයනයට අවශ්‍ය ඩොලර් නැතිකමින් සුපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන 03 වැනිදා සිට යළි වසා දැමීමට පියවර ගැනෙන හෙයින් එසේ වූවිට දිනකට සිදුවන පාඩුව රුපියල් කෝටි දහසක් පමණ වනු ඇතැයි දැනට සිදුකර තිබෙන ගණනය කිරීම්වලදී හෙළි වී තිබේ. දෙවන වතාවටත් සපුගස්කන්ද පිරිපහදුව වසා දමන බවට බළශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ (30 දා)...
"ශ‍්‍රී ලාංකිකයාගේ ඝාතකයා පසුපස සීෂෙල්ස් පොලිසිය ලුහුබඳී"
"සීෂෙල්ස් රාජ්‍යයේ ඉදිකිරීම් සමාගමකට අනුයුක්තව සේවය කරමින් සිටි ශ‍්‍රී ලාංකිකයකු ඔහු නවාතැන් ගෙන සිටි කාමරයේ ගෙල සිරකර අබිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පින්නවලගේ දොන් හරීන්ද්‍ර නමැති හතළිස්හත් හැවිරිදි ශ‍්‍රී ලාංකිකයෙකි. සීෂෙල්ස් රාජ්‍යයේ ලාඩිග...
"හඟුරන්කෙත කලාප නිලධාරියා තවමත් ගණනය නොකළ වංචාව පිළිගනී: ලක්‍ෂ 89 ක් ගෙවන්න එකඟ වෙයි"
"හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ සිදුව තිබෙන රුපියල් මිලියන ගණනක මූල්‍ය අක‍්‍රමිකතාව සිදුකළ බව කියන නිලධාරියා වරද පිළිගෙන රජයට සිදුවූ අලාභය ලෙස දැනට අනාවරණය වී ඇති රුපියල් ලක්ෂ 89 ක මුදල ගෙවීමට එකඟතාව පළකර තිබේ. මේ අනුව දැනට ගණන් බලා තිබෙන අලාභය එම පුද්ගලයාගෙන් අයකර ගැනීමට අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා මධ්‍යම පළාත් අධ්‍ය...
"විපක්‍ෂ නායක කාර්යාලයේ හෙට කැවුම් කිරිබත් සංග‍්‍රහය නෑ"
"එළඹෙන නව වසර සැමරීම වෙනුවෙන් ජනවාරි 01දා විපක්ෂ නායක කාර්යාලයේ පවත්වන කැවුම් කිරිබත් සංග‍්‍රහය මෙවර නොපවත්වන ලෙස විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සිය කාර්ය මණ්ඩලයට උපදෙස් දී ඇත. නව වසර සමරා කිරිබත් කෑමට තරම් වාතාවරණයක් රට තුළ නොමැතිවීම මෙන්ම නව වසරක් සැමරීමට තරම් සතුටකින් ජනතාව නොසිටින බැවින් එවැනි සංග‍්‍රහ අනවශ්‍ය බ...
"කිලෝව 150 කින් ග‍්‍රෑම් 400 රු 60 කින් කිරිපිටි මිල නගී"
"ආනයනික කිරිපිටි මිල අද (31දා) සිට ඉහළ දැමීමට කටයුතු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක අසෝක බණ්ඩාර මහතා පැවසීය. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ 01 පැකට් එකක මිල රුපියල් 150 කින්ද, ග‍්‍රෑම් 400 පැකට් එකක මිල රුපියල් 60කින්ද ඉහළ යන බව ඒ මහතා ප‍්‍රකාශ කළේය. මිල ඉහළ යෑමත් සමග කිලෝවක කිරිපිටි පැකට්ටුවක නව මි...
"ජනාධිපතිතුමා දාලා අපි කොහෙවත් යන්නේ නෑ – ඇමැති වාසුදේව නානායක්කාර"
"ජනාධිපතිතුමන් දාලා කවදාවත් යන්න අදහසක් නැතැයි ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව කියාසිටියේ රත්නපුර දිස්ත‍්‍රික් නව ජලසම්පාදන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේද පැවසීය. ඔබ කවුරුත් බලාගෙන ඉන්නේ මං මොකක්ද කියන්නේ මේ පසුගියදා ජනමාධ්‍ය වල ...
"ආණ්ඩුව රටම කුසගිනි පාරාදීසයක් කළා – විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස"
"ආණ්ඩුව රටම කුසගිනි පාරාදීසයක් මෙන්ම ජාතික සම්පත් විකුණුම් පාරාදීසයක් බවට පත් කරලා. අද ආශ්චර්යයට කණකොකා හඬා ඇති බවත් පාලකයන්ට අධි පෝෂණයද රටේ ජනතාවට මන්දපෝෂණයද උරුම වී ඇති බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේබව පැවසුවේ සූරියවැව ප‍්‍රාදේශීය සභා විපක්ෂ නායක හා සමඟි තරුණ බලවේගයේ කෘත්‍යාධිකාරී ම...
"2021 රාජ්‍ය ඵලදායිතා සහතිකය ඇල්ල දුම්රිය ස්ථානයට"
"ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට දුම්රිය ස්ථානයක් සඳහා වූ රාජ්‍ය ඵලදායිතා සහතිකය මෙවර ඇල්ල දුම්රිය ස්ථානය දිනාගෙන ඇත. එහි ස්ථාන භාර දුම්රිය ස්ථානාධිපති අෂේන්ද්‍ර දිසානායක මහතා සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් වන එස්. ශිවනේවරන්, පී. එන්. එම්. ප‍්‍රියදර්ශන ඇතුළු කාර්ය මණ්ඩලයේ කැපවීම මත මහජන හිතකාමී අලංකාරවත්ව දුම්රිය ස්ථානය පවත්වාග...
"පොල් පැළ ලක්ෂයක් නිෂ්පාදනය කිරීමේ සමාරම්භක වැඩසටහන"
"පොල් වගා කිරීමේ මණ්ඩලය හා ත‍්‍රිවිධ හමුදාව එක්ව සංවිධානය කළ ”රණවිරු දෑතින් දෙරණට පිදෙන සියක් දහසක් කප්රුක්” පොල් පැළ ලක්ෂයක් නිෂ්පාදනය කිරීමේ සමාරම්භක වැඩසටහන ශ‍්‍රී ලංකාවේ වාර්ෂික පොල් පරිභෝජනය ඉහළ යෑම සහ විදේශ වෙළෙඳපොළ වෙත ව්‍යවසායකයන් යොමු වීමත් සමඟ පොල් වගාව සඳහා යොමුවන වගාකරුවන් ගණන වැඩි වීමක් පෙන්නුම් කරයි. මේ හ...
"ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගිනිගැණුනු අලුත්ම මෝටර් රථය"
"ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී පෙරේදා (29 දා) රාත‍්‍රී 10.30 ට පමණ අලුත්ම මෝටර් රථයක් කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනි ගැනීමට ලක්ව ඇත. මෝටර් රථය ගිනි ගන්නා අවස්ථාවේ රියැදුරු ඇතුළු සිව්දෙනෙක් ගමන් කර ඇති අතර ඔවුන් දෙහිවල සිට කිංස්බරි හෝටලයේ සිටින තම මිතුරන් දෙදෙනකු හමුවීමට මෙම රථයෙන් පැමිණ ඇත. ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිද...
"මධ්‍යම අධිවේගයේ මීරිගම – කුරුණෑගල කොටස විවෘත කිරීම 15 දා"
"මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ලබන ජනවාරි 15 වැනි දින ජනතා අයිතියට පත්කෙරෙන බව මහා මාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි. රුපියල් බිලියන 137 ක වියදමින් ඉදිකරන ලද මීරිගම සිට කුරුණෑගල දක්වා වූ මංතීරු හතරකින් සමන්විත මෙම කොටසේ දුර කිලෝමීටර් 40.91 කි. දේශීය අරමුදලින් දේශීය කොන්ත‍්‍රාත්කරුවන් මගින් ඉදිකර ඇති ...
"මියන්මාරයෙන් සහල් මෙට්‍රික්‌ ටොන් ලක්ෂයක් ගෙන්වයි"
"රටේ සහල් හිඟයක් ඇති නොවීමට මියන්මාරයෙන් සහල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂයක් ආනයනය කෙරෙන බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි. මේ සඳහා දෙරටේ වෙළෙඳ අමාත්‍යාංශ අතර ගිවිසුමකට ලබන ජනවාරි 4 වැනිදා අත්සන් කිරීමට නියමිතය. ඉන්දියාව, පාකිස්ථානය හා මියන්මාරය යන රටවල් වලින් අවශ්‍ය සහල් ආනයනය කිරීමට රජය ගත් තීරණයට අනුව මෙම සහල් ආනයනය කෙරෙනු ...
"චෝදනා තිබියදීත් OICට ඇමැතියි පොලිස්පතියි ‘කප්’ දීලා"
"වැඩ තහනමට ලක්කිරීම් ඇතුළු බරපතළ චෝදනා රැුසක් එල්ල වී තිබියදීත් ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා එම තනතුරට පත්කරද්දී ඔහු පළපුරුදු දක්‍ෂ නිලධාරියකු ලෙස පොලිස්පතිවරයා සහ මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් නිර්දේශ කර තිබූ බව මේ වන විට හෙළි වී ඇත.පොලිස් නිල ඇඳුමින් සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතවර කළ බව කියන සිද්ධියක් සම්බ...
"බස් ගාස්තු නගී – 17.44‍%‍ කින් – අවම ගාස්තුව රුපියල් 17 යි"
"ලබන ජනවාරි 05 වැනිදා සිට බස් ගාස්තුව ප‍්‍රතිශතයක් ලෙස සියයට 17.44 කින් ඉහළ යන අතර අවම බස් ගාස්තුව රුපියල් 17 දක්වා වැඩි කිරීමට තීරණය කළ බව බස්රථ ප‍්‍රවාහන සේවා රාජ්‍ය ඇමැති දිලූම් අමුණුගම මහතා ප‍්‍රකාශ කළේය.ඉන්ධන ගාස්තු ඉහළ යෑම මත මෙලෙස පෞද්ගලික මෙන්ම ලංගම බස් ගාස්තුව ද ඉහළ දැමීමට ඊයේ (29 දා* සවස 06 ට බස් සංගම්, ප‍්‍ර...
"කිරිපිටි මිලත් උස්සයි – වැඩි කරන මිල අද එළියට"
"ආනයනික කිරි පිටි මිල නැවත වරක් අද (30වැනිදා) සිට ඉහළ යනු ඇතැයි කිරි පිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.කොපමණ මිලකින් කිරි පිටි මිල වැඩිවන්නේ දැයි අද ප‍්‍රකාශයට පත් කරන බවද හෙතෙම කියා සිටියේය.ආනයනික කිරි පිටි සමාගම් පසුගිය ඔක්තෝබර් මස 15 වැනිදා සිට ග‍්‍රෑම් 400 ක කිරිපිටි පැකට් එකක් රුපියල් 90කින් සහ කිලෝ එක...
"සමාගමක් ගෙන්වූ කෝටි 52 ක නැව කූට ලේඛන හදා අයිති කර ගැනීමේ තැතක්"
"ධීවර කටයුතු සඳහා විදේශ ආයෝජන සමාගමක් විසින් මෙරටට ගෙන්වා වසර දෙකකට ආසන්න කාලයක් මෝදර වරායේ නැංගුරම් ලා තිබෙන රුපියල් කෝටි 52ක් පමණ වටිනා ඇස්ටන්2 (ASTAN2) නම් නෞකාව කූට ලේඛන යොදාගෙන අයිතිකර ගැනීමේ උත්සාහයක් පිළිබඳව නෞකාව අයත් සී මැක්ස් සමාගම විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිලිකර ඇත.ඉහළ පෙළේ විශ‍්‍රාමික නාවික නිලධාරියක...
"දියර කිරි මිලත් වැඩි කරන්න ඉල්ලීම් – රටින් ගෙන්වන ඇසුරුම්වලට රජයෙන් 5% ක බද්දක්"
"දියර කිරි ඇසුරුම් කිරීම සඳහා ආනයනය කෙරෙන ඇසුරුම්වලට රජය විසින් සියයට පහක බද්දක් පනවා ඇති හෙයින් අදාළ එම සමාගම් දියර කිරි මිල ඉහළ නංවන ලෙස ඉල්ලීම් කර ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි.එහෙත් දියර කිරි මිල ගණන් ඉහළ නැංවීමට මෙතෙක් තීරණය කර නැතැයිද පශු සම්පත් මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ ට සඳහන් කළේය.බද්ධ ඉවත් කර ගැනීම...
"විදෙස් සංචිත ඩොලර් බිලියන 3.1 ට නගී"
"මෑත කාලීනව සිදු වූ විදේශ මුදල් ලැබීම් සමඟ රටේ නිල විදේශ සංචිත ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.එසේම දැනට සාකච්ඡා කරමින් තිබෙන අනෙකුත් පහසුකම් කිහිපයක් සම්බන්ධයෙන් වන විදේශ මුදල් ලැබීම් ද 2022 වසරේ ජනවාරි මස ආරම්භයේදී ලැබෙනු ඇති බව ද මහ බැංකුව කියයි.විදේශ මුදල...
"ඩොලර් සංචිත ඉහළ ගියා කීම මාධ්‍ය සංදර්ශනයක්: ජනතාව රැවටීමක් – හර්ෂ ද සිල්වා"
"රට දැවැන්ත විනිමය අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක මහ බැංකු අධිපතිවරයා විසින් නිල විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 ක් දක්වා වැඩි වී ඇතැයි සිදුකරමින් තිබෙන මාධ්‍ය සංදර්ශනය තවදුරටත් ජනතාව රැුවටීමක් පමණක් බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.ශ‍්‍රී ලංකා මහ බැං...
"සමාගම්වලින් කෝටි 5000 ක් බදු අයකර ගන්න ආනයනික මත්පැන් බෝතල්වල ස්ටිකරයක් ඇලවීම 3 දා සිට"
"බදු පැහැර හරින මත්පැන් සමාගම්වලින් රුපියල් කෝටි 5000 ක් පමණ අයකර ගැනීම ස`දහා මත්පැන් බෝතල් මත ආරක්‍ෂිත ස්ටිකරයක් ඇලවීම ලබන මස 03 වැනිදා සිට කි‍්‍රයාත්මක කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.විදේශ රටවලින් ආනයන කරන මත්පැන් බෝතල්වල එම ස්ටිකරය ඇලවීම ඉකුත් ජුනි මස 20 වැනිදා සිට ආරම්භ කර ඇතැයිද මුදල් අමාත්‍යාංශය තහවුරු...
"අඛණ්ඩව විදුලිය දීමට ගල්අඟුරු හා ඉන්ධන ගන්න ඩොලර් දීමට එකඟ වුණා – ලංවිම සභාපති"
"විදුලිය අඛණ්ඩව ලබාදීම ස`දහා ගත හැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බවත් ගල්අඟුරු සහ ඉන්ධන මිලදී ගැනීම ස`දහා ඩොලර් ලබාදීමට මහා භාණ්ඩාගාරය ඊයේ (29 වැනිදා) පොරොන්දු වූ බවත් ලංවිම සභාපති එම්. සී. සී. ෆර්ඩිනැන්ඩු මහතා ‘දිවයින’ ට පැවැසීය.නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීම ස`දහා ඇමරිකානු ඩොලර් කෝටි 300 ක් වසරකට අවශ...
"තෙල් ටැංකි ගිවිසුම ඔන්න මෙන්න තිබියදී චීන විදේශ ඇමැති දිවයිනට"
"ත‍්‍රිකුණාමල තෙල් ටැංකි පිළිබඳව ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුමක් ඇතිකර ගැනීමට අවස්ථාව තිබියදී චීන විදේශ ඇමැති මැන්ග්යි මහතා ලබන ජනවාරි 8 වැනිදා මෙරටට පැමිණේ.ඔහු මෙරටට පැමිණෙන්නේ ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමේ යෝජනා සමග බව ආරංචි මාර්ග පවසයි. චීනයේ ශ‍්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා පැවසුවේ චීනයේ විශාල ආයෝජනකරුවන්...
"වරායේ හිරවුණු සහල් මුදාගන්න ඩොලර් දීමට ඇමැති පොරොන්දු වෙයි"
"රට තුළ සහල් හිඟයක් ඇතිවීමට ඉඩ නොදී වරායේ දැනට සිරවී තිබෙන සහල් කන්ටේනර් 300 ක් කඩිනමින් නිදහස් කරගැනීම ස`දහා අවශ්‍ය ඩොලර් වාණිජ බැංකු වෙත මුදාහරින බවට වෙළෙ`ද ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ට පොරොන්දුවක් දී තිබේ.මේ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය පරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප...
"තෙල් මිල… බඩු මිල ඉහළ යෑමට එරෙහිව විරෝධතා"
"තෙල් මිල සහ බඩු මිල වැඩිවීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන සමගි සේවක සංගමය සහ රාජ්‍ය සේවා සමගි වෘත්තීය සමිති සම්මේලනය ඒකාබද්ධව සංවිධානය කළ විරෝධතාවක් ඊයේ (29දා) මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට පැවැති අයුරු. ඡායාරූප – නිශාන් එස්. පි‍්‍රයන්ත"
"ඔමික්‍රෝන් ඩෙල්ටා පරදවයි: ලොව පුරා කොරෝනා 11%කින් වැඩි වෙලා"
"ඔමික්‍රෝන් වෛරස් ප‍්‍රභේදයේ ශීඝ‍්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඉකුත් සතියේ ගෝලීය වශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 11කින් වැඩි වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙරේදා (28දා) නිවේදනය කර තිබේ.පවතින තත්ත්වය හමුවේ ලොව පුරා ඔමික්‍රෝන් ප‍්‍රභේදය මගින් ඇති කර හැකි අවදානම තවමත් ඉතා ඉහළ මට්ටමක පවතින බවට එම සංවිධා...
"අනතුරුවලින් වසරකට ලක්‍ෂ 13ක් රෝහලේ – විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග"
"මෙරට රෝහල් තුළ නේවාසිකව ප‍්‍රතිකාර ලබන සෑම පුද්ගලයන් පස් දෙනකුගෙන්ම එක් අයකු හදිසි අනතුරක් හේතුවෙන් රෝහල්ගත වූවකු බව විශේෂඥ වෛi සමිත සිරිතුංග මහතා පැවසීය.එක් වසරක් තුළ මෙරටදී සිදුවන අනතුරු හේතුවෙන් පුද්ගලයන් ලක්‍ෂ දහතුනක් රෝහල්ගත වන බවද ඒ මහතා ස`දහන් කළේය. අනතුරුවලින් තොර සුරක්‍ෂිත වසරක් යන තේමාවෙන් යුතු රජයේ ප‍්‍රවෘත...
"කොරෝනාට වඩා ඩෙංගු පැතිරෙනවා : මර්දනයට පෙළ ගැසෙන්න"
"කොවිඞ් වෛරසයට වඩා ප‍්‍රබලව සහ ශීඝ‍්‍ර ලෙස රට පුරා ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍යරුක්ෂාන් බෙල්ලන මහතා ‘‘දිවයින’’ට ඊයේ (28දා) සඳහන් කළේය. මදුරු ඝනත්වය ඉහළ යෑමත් සම`ග ඩෙංගු වේගවත් වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් එය සියයට 600 සාපේක්‍ෂව බස්නාහිර පළාතේ වැඩි අගයක් පෙන්නුම් කරන ...
"වන්නි මෙහෙයුමේ රණවිරුවකුට ඇමරිකාවෙන් තහංචි"
"වන්නි මෙහෙයුමේ අවසාන සතියේ හමුදා මෙහෙයුම් දියත් කළ මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතාට ඇමරිකානු රජය ගමන් තහනමක් පනවා ඇත. ඉහළ පෙළේ ආරංචිමාර්ග පැවසුවේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අම්බිකා සකුනානාදන්ගේ දිවුරුම් ප‍්‍රකාශයක් මත මෙම තහනම පනවා තිබෙන බවයි. ද්‍රවිඩ ජාතිකයන් විශාල පිරිසක් ඝාතනය කළ බවට බොරු චෝදනා ඔහු වෙත ඉදිරිපත් වී ...
"වත්මන් ඇමැති නිදහස් සෞඛ්‍යය විනාශ කරනවා: 3 දාට පෙර විසඳුමක් නැතිනම් යළිත් වෛද්‍ය වර්ජනයක් GMOA කියයි"
"මෙරට නිදහස් සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය විනාශ කිරීමට වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා පිඹුරුපත් සකසමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා ‘‘දිවයින’’ට ඊයේ (28 දා) පැවසීය. රෝහල් කටයුතු දේශපාලනීකරණය කිරීමට ක‍්‍රියා කරන වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා නිසා ඉදිරියේදී රෝහල් පද්ධතිය දැඩි අර්බුදයකට ලක් විය...
"ජනතා කෝපය පුපුරා ගියොත් ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් බලපෑමක් – රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්"
"තමන් මුහුණ දී තිබෙන ප‍්‍රශ්න හේතුවෙන් ජනතාව කෝප වී ඇති බවත්, කෝප වුණ ජනතාව අතර පිපිරීමක් ඇති වුවහොත් එය ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් බලපාන බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය. විශේෂ ප‍්‍රකාශයක් කරමින් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය. ‘ඩොලර් හිඟය ඉතාමත් දරුණු තත්ත්වයකට පත්ව තිබෙනවා. විශ...
"ශවේන්ද්‍රට එරෙහිව සුකාගෙන් පිටු 137ක වාර්තාවක්"
"යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා විසින් පිටු 137ක වාර්තාවක් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.මෙම වාර්තාවෙන් ඔහුට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර තිබේ. යස්මින් සුකා හමුදාපතිවරයාට එරෙහිව පිටු 137ක වාර්තාවක් ඇමරිකානු බලධාරීන්ට යොමු කළ මුල් වතාව මෙයයි....
"විදේශිකයන් සමග විවාහ වන ලාංකිකයින්ට 01 දා සිට නව රෙගුලාසි"
"විදේශිකයාගෙන් ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් අනිවාර්යයි විදේශිකයන් සමග විවාහ වන මෙරට පුරවැසියන්ට ලබන ජනවාරි 01 වැනිදා සිට ක‍්‍රියාත්මන වන පරිදි නව රෙගුලාසි රජය විසින් පනවා ඇත. ඒ අනුව අදාළ විදේශිකයා සිය රටේ ආරක්ෂක බලධාරීන් හරහා ශ‍්‍රී ලංකා රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් ලබාදීම ලබන මස 01 වැනි...
"දේශීය එතනෝල් භාවිත නොකළා නම් මේ වන විට මත්පැන් හිඟයකුත් ඇවිත් – සුරාබදු දෙපාර්තමේන්තුව"
"‘එතනෝල්’ ආනයනය තහනම් කර දේශීය එතනෝල් භාවිත කරන ලෙසට මත්පැන් සමාගම්වලට නියෝග නොකළේ නම් මේ වන විට ගෑස් හිඟවී තිබෙන ආකාරයටම ‘මත්පැන්’වල හිඟයක්ද නිර්මාණය වන්නට ඉඩ තිබිණැයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙරට වැඩිම බදු ආදායමක් ලැබෙන ප‍්‍රධානම අංශ දෙක වන්නේ සුරාබදු හා රේගු බදුය. ‘සුරාබදු’ යටතේ වාර්ෂිකව රජයට ලැබෙන බදු මු...
"පැය 120 ක ස්ථානාධිපති වර්ජනය නවතී: දින හතරට පාඩුව කෝටි දෙක පනී"
"දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කොටස් වශයෙන් ආරම්භ කර තිබූ වෘත්තීය කි‍්‍රයාමාර්ගය ඊයේ (28 දා) මධ්‍යම රාතී‍්‍ර සිට අවසන් කළ බව එම සංගමයේ ප‍්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා ‘දිවයින’ට පැවසීය. ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා සමග ඊයේ (28 දා) පස්වරුවේ පැය තුනකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවේදී තම ඉල්ලීම් දහයක...
"කුළුබඩු හා ආශි‍්‍රත නිෂ්පාදන මාදිවෙල ශාඛාව ජනපතිගේ නිරීක්ෂණයට"
"කුළුබඩු හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ මාදිවෙල ශාඛාව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය. ගම සමග පිළිසඳර වැඩසටහන සඳහා මීමුරේ ප‍්‍රදේශයට පැමිණි අවස්ථාවේ දී එම ප‍්‍රදේශවාසීන් කළ ඉල්ලීමකට අනුව මෙම අලෙවි මණ්ඩලය යළි ක‍්‍රියාත්මක කරවීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. ඒ අනුව දුෂ්කර ප‍්‍රදේශවල ගොවීන්ගේ...
"ගන්දර OIC යළි රිමාන්ඩ්: සාක්ෂි කරුවන්ට බලපෑම් – පොලිසිය උසාවියට කියයි"
"නිල ඇඳුමින් සිටි අධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටි ගන්දර පොලිස් ස්ථානාධිපති අර්ජුන විජේසිංහ නමැත්තා ලබන ජනවාරි 10 වැනිදා දක්වා තවදුරටත් බන්ධනාගාර ගත කරන ලෙස මාතර මහෙස්ත‍්‍රාත්වරයා ඊයේ (28 දා) නියෝග කළේය. 04 – පිටුවට සාක්‍ෂිකරුවන්ට දැඩි බලපෑම් එල්ල කරන බවට තොර...
"අපි යන්නේ නෑ – ගම්මන්පිල හා වාසු කියති"
"අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට තිබෙන අවදානම ගනිමින් තමා ඇතුළු තිදෙනා අධිකරණ ක‍්‍රියාදාමයට යොමු වුවත් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නැතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ‘දිවයින’ට පැවසීය. යුගදනවි බලාගාරයට අදාළව කැබිනට් මණ්ඩලයට පත‍්‍රිකාවක් ඉදිරිපත් කළේ නැතැයි ද ඒ සම්බන්ධව කැබිනට් මණ්ඩලයට කරුණු දැක්වූයේ නැතැයිද ඇමැතිවරයා ...
"ගල් ක‍්‍රෂරයක කිලෝ 3000ක යකඩ චේන් මෝලක් ඇඟට වැටී කාර්මික ශිල්පියා මරු දකී"
"මත්තල කැටන්වල ප‍්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන ගල් ක‍්‍රෂර් ආයතනයක සේවය කළ පුද්ගලයකුගේ ඇඟ මතට කිලෝ ග‍්‍රෑම් 3000 කට අධික බර යකඩ චේන් මෝලක් වැටීමෙන් ඔහු බරපතළ තුවාල ලබා ඊයේ (28 දින) දහවල් හම්බන්තොට දිස්ත‍්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ ඇල්පිටිය පන්ගන්විල පැරකුම් මාවත අංක 406/ ඒ යන ස්...
"අපි යන්නේ නෑ – ගම්මන්පිල හා වාසු කියති"
"අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට තිබෙන අවදානම ගනිමින් තමා ඇතුළු තිදෙනා අධිකරණ ක‍්‍රියාදාමයට යොමු වුවත් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නැතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ‘දිවයින’ට පැවසීය. යුගදනවි බලාගාරයට අදාළව කැබිනට් මණ්ඩලයට පත‍්‍රිකාවක් ඉදිරිපත් කළේ නැතැයි ද ඒ සම්බන්ධව කැබිනට් මණ්ඩලයට කරුණු දැක්වූයේ නැතැයිද ඇමැතිවරයා ...
"ගිනස් වාර්තාව තබන්නට යන ලොව ළාබාලතම ගුවන් නියමුවරිය ශී‍්‍ර ලංකාවට එයි"
"ලෝකයේ ළාබාලතම ගුවන් නියමුවරිය ලෙස සැලකෙන බෙල්ජියම් – බි‍්‍රතාන්‍ය සම්භවයක් ඇති 19 හැවිරිදි සාරා රදර්ෆර්ඞ් ගිනස් වාර්තාවක් බිඳ හෙළීම සඳහා යන ගමනේදී 56 වෙනි නැවතුම්පොළ ලෙස ශ‍්‍රී ලංකාවේ රත්මලාන කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත සැහැල්ලූ ගුවන් යානයකින් ඊයේ (28දා* දහවල් පැමිණියාය. ලොව වටා තනිව පියාසර කළ ළාබාලතම කාන්තාව වන ...
"ලොව පුරා රටවල් ඔමික්‍රෝන්වලට වැට බඳිද්දී මෙරට සංගීත සංදර්ශන පවා පවත්වනවා"
"ලොව පුරා රටවල ශීඝ‍්‍රයෙන් පැතිරෙන ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප‍්‍රභේදයේ පැතිරීම පාලනය කිරීම සඳහා දැඩි නීති රීති පනවමින් සිටියදී මෙරට බලධාරීන් පමණක් සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතියක් නොමැතිව එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබා දීම කොරෝනා වසංගතය පැතිරීම තවත් වේගවත් කිරීමට හේතු වනු ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති...
""තවත් ෆයිසර් මාත‍්‍රා 11,47,770ක් එයි""
"ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දන ක‍්‍රියාවලිය සඳහා තෙවැනි මාත‍්‍රාව ලෙස ලබා දීම සඳහා ඇමෙරිකාවේ ‘ෆයිසර්’ එන්නත් මාත‍්‍රා එකොළොස් ලක්‍ෂ හතළිස් හත්දහස් හත්සිය හැත්තෑවක් (11,47,770 ක්) එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් ඊයේ (28 වැනිදා) අලූයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ. කිලෝ ග‍්‍රෑම් 4,485ක් බර මෙම එන්නත් තොගය පෙට්...
"රටට ඩොලර් ගේන්න පුළුවන් ජාත්‍යන්තර සබඳතා ඇති රනිල්ට පමණයි – රුවන් විජයවර්ධන"
"රටේ පවතින ඩොලර් අර්බුදය විසඳන්න නම් රටට ඩොලර් ගේන්න පුළුවන්, ජාත්‍යන්තර සබඳතා තිබෙන එකම දේශපාලන නායකයා එජාප නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පමණක් යැයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය. 2001 සෘණ ආර්ථිකයක් වූ රට භාරගෙන එය ධන ආර්ථිකයක් බවට පත් කළේ ද රනිල් වික‍්‍රමසිංහ මහතා බව හෙතෙම ...
"මගේ පාලන කාලයේදී නොදැමූ කොන්දේසි IMF දැන් ආණ්ඩුවට දමාවි"
"හිටපු ජනපති මෛති‍්‍රපාල සිරිසේනජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් තම පාලන කාලය සමයේ නොදැමූ කොන්දේසි මේ ආණ්ඩුවට දමනු ඇති බව හිටපු ජනාධිපති සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සඳහන් කළේය.දූෂණය, වංචාව සහ අක‍්‍රමිකතා ඇතුළු රටේ බලය කිහිප දෙනකු අතට පත්වීම ඊට හේතුව බවද හිටපු ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකා නිද...
"රටේ පුරවැසියන්ට විවාහවීමේ නිදහස සීමා කිරීම හාස්‍යයට කරුණක්"
"සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය රටේ පුරවැසියන්ට විවාහවීමට ඇති නිදහසට සීමා පැනවීම හාස්‍යජනක මෙන්ම පිළිකුල් සහගත කි‍්‍රයාවක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් කරු ජයසූරිය මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටී. ශී‍්‍ර ලංකා පුර...
"පීබී අස්වෙයි – ජනපති අස්වීම භාර ගනී – පීබීටම චෝදනා කිරීම වැරදියි – ජනපති"
"ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය මීට දින කිහිපයකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබේ.ජයසුන්දර මහතා 2022 ජනවාරි 31 දක්වා ජනාධිපති ලේකම් ධුරයේ රාජකාරී කරනු ඇති බව ද ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ගවලින් ‘...
"ගෑස් පිපිරී කල්පිටියේ ගෙයක්ම අළු වෙයි"
"ගෑස් කාන්දුවීමක් හේතුවෙන් කල්පිටිය කුරක්කන්හේන ගම්මානයේ නිවසක් ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී තිබේ. ඊයේ (27 දා) අලූයම මෙම නිවසේ හිමිකාරියගේ දියණිය සිය අවුරුද්දක් වයසැති දියණියට කිරි සෑදීම ස`දහා ගෑස් උදුන දල්වා සුළු වේලාවකින් ගෑස් සිලින්ඩරයෙන් විශාල කාන්දුවක් සිදු වූ බවත් ඒ සමගම උදුන පුපුරා ගොස් ගෑස් ගිනි ගැනීමකට ලක්ව ඇ...
"සාමූහික වගකීම කඩකළ ඇමැතිවරුන්ට යන්න පුළුවන් – ජනපති පුවත්පත් කතුවරුන් හමුවේ පවසයි"
"ඉතිරි අවුරුදු තුනේ මොන බාධක ආවත් ජනතා අපේක්‍ෂා ඉටු කරනවා  ගත්ත තීරණය නිවැරදි නම් ආපසු හරවන්නේ නෑ  තරුණයන්ගේ අපේක්‍ෂා නොසලකා හැර නෑ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට එරෙහිව යමින් කිසියම් කැබිනට් ඇමැතිවරයකු හෝ ඇමැතිවරුන් කිහිපදෙනෙකු කටයුතු කරන්නේ නම් හෝ නඩු කාර්යයකට පිවිසෙන්නේ නම් හෝ වඩා චර්යාත්මක වන්නේ ඊට පෙර එම ඇමැතිවරුන...
"පෞද්ගලික සමාගමේ ගුවන් මෙහෙයුම් අත්හිටුවයි"
"ඊයේ අනතුරට පත් ගුවන් යානාය අයත් ගුවන්  සමාගමේ සියලූම ගුවන් යානා මෙහෙයුම් යළි දැනුම් දෙනතුරු අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.දින හයක කාලයක් තුළ එම පෞද්ගලික ගුවන් සමාගමට අයත් සැහැල්ලූ ගුවන් යානා දෙකක් අනතුරට පත්වීම නිසා මෙම පියවර ගෙන ඇත. ශිරාන් රණසිංහ සහ ගුවන්තොටුපොළ ටී.කේ ජී කපිල"
"වරායේ හිරවුණු කන්ටේනර් මුදා ගන්න මහ බැංකුව එක් ඩොලරයක්වත් මුදා හැර නෑ – ආනයනකරුවන්ගේ සංගමය"
"වරායේ සිරවී තිබෙන අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් නිදහස් කර ගැනීමට මහ බැංකුව ඊයේ (27 දා) වන විට එක ඩොලරයක්වත් මුදාහැර තිබුණේ නැතැයි අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ ප‍්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘‘දිවයින’’ට පැවසීය.මේ වන විට වරායේ සිරවී තිබෙන කන්ටේනර්වලින් සියයට දහයක් පමණ නිදහස් කරගන්නේ...
""වංචාව, දූෂණය හා රටේ බලය කීප දෙනකු අතට පත්වීම නිසා මේ ආණ්ඩුවට ජාත්‍යන්තරයේ සහායක් නෑ – හිටපු ජනපති මෛත‍්‍රී කියයි""
"වංචා දූෂණ අක‍්‍රමිකතා සහ රටේ බලය කිහිප දෙනකු අතට පත්ව තිබීම නිසා මේ ආණ්ඩුවට ජාත්‍යන්තරයේ සහාය නොලැබෙන බව හිටපු ජනාධිපති සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.දේශපාලනය, ආර්ථිකය හා ජාත්‍යන්තරය මෙම ආණ්ඩුව අවුල් කර ගෙන තිබෙන බව හිටපු ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්...
"දෙවරක්ම වැඩ තහනම් වූ ගන්දර OIC ප‍්‍රබල ඇමැතිවරයකුගේ ඥාතියෙක්"
"ආධුනික පොලිස් කොස්තාපල්වරියක ලිංගික අතවරයට ලක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා රජයේ ප‍්‍රබල ඇමැතිවරයකුගේ සමීප ඥාතියකු බවත්, ස්ථානාධිපති ධුරයක් ලබාගැනීමට සුදුසුකම් සපුරා නොතිබූ මෙම නිලධාරියා එම තනතුර ලබාගෙන ඇත්තේ අදාළ අමාත්‍යවරයාගේ ඍජු මැදිහත්වීමෙන් බවත් අනාවරණය ...
"සාමාන්‍යාධිකාරී සමග සාකච්ඡා අසාර්ථකයි – දුම්රිය ස්ථානාධිපතිවරු සටන දැඩි කරති"
"ඉන්ධන, තිරිඟු පිටි සහ සිමෙන්ති ප‍්‍රවාහන කටයුතුවලින් ද ඉවත්වීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා ‘දිවයින’ට පැවසීය.දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග ඊයේ (27දා) පැවති සාකච්ඡුා අසාර්ථක වීම හේතුවෙන් දැනට කි‍්‍රයාත්මක කරනු ලබන ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් නොකිරීම, පාර්සල් භාර නොගැනීමේ වෘත්තීය...
"භූමිතෙල් ළිපක් රු. අටදහසට නගී"
"වෙළෙඳපොළේ භූමිතෙල් ළිපක මිල රුපියල් අටදහසක් දක්වා ඉහළ ගොස් ඇත. ගෑස්ළිප් පුපුරා යෑම නිසා මේ වන විට ගෑස්සිලින්ඩර්වලට ඇති ඉල්ලූම ශීඝ‍්‍රයෙන් පහත වැටී ඇත.මේ හේතුව නිසා භූමිතෙල් ළිප් සඳහා ඉල්ලූම ඉහළ ගොස් ඇති අතර එම ළිප්වල මිල ඉහළ යෑමට එය හේතු වී ඇති බවද වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි.භූමිතෙල් ළිපක මිල මීට පෙර රුපියල් 2900 -3500...
"ඊ ටී එෆ් ගම්පහ කාර්යාලයේ කෝටි ගාණක මුදල් වංචාවක්"
"සේවක භාරකාර මණ්ඩලයට අයත් ගම්පහ කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් අරමුදලේ දායකත්වය දරන සේවකයින්ගේ මුදල් රුපියල් කෝටි ගණනක් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.මේ සම්බන්ධයෙන් සේවක භාරකාර මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛi නිහාල් ජයතිලක මහතාගෙන් ‘දිවයින’ ඊයේ (27 දා) කළ විමසීමේදී වංචාව සම්බන්ධයෙන් විමර්ශනයක් ස...
"ටි‍්‍රන්කෝ පෙට්‍රෝලියම් කෝපරේෂන් නව සමාගමේ ගිවිසුම මාසයක් තුළ – ගම්මන්පිල හින්දු පුවත්පතට කියයි"
"ති‍්‍රකුණාමල තෙල් ටැංකි සංකීර්ණයට අදාළව ටි‍්‍රන්කෝ පෙට්‍රෝලියම් කෝපරේෂන් නමැති ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධ නව සමාගමට අදාළ ගිවිසුම මාසයක් ඇතුළත අත්සන් කරන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතට පවසා තිබේ. මෙම නව සමාගම සම්බන්ධයෙන් මුල් වරට තොරතුරු හෙළි කළේ පෙරේදා (26 වැනිදා) දිවයින ඉරිදා සංග‍්‍...
"සේවක අර්ථසාධක අරමුදලේ කොටස් ආයෝජනවල අගය ඉහළට"
"සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල සිදු කර ඇති ආයෝජනවල අගය මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.මේ අනුව සේවක අර්ථසාධක අරමුදල විසින් ලැයිස්තුගත සමාගම් 68 ක රු. බිලියන 84.09 ක් ආයෝජනය කර ඇති අතර 2021 සැප්තැම්බර් 30 දිනට ඒවායේ වෙළෙඳපොළ වටිනාකම රු. බිලියන 91.92 ක් දක්වා වැඩි වී ඇත.ඒ අන...
""සංචාරකයෝ 69,941ක් මේ මාසයේ ලංකාවට ඇවිත්""
"මේ මාසයේ දින 26ට සංචාරකයන් 69,941ක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.මේ වසර තුළ (දෙසැම්බර් 26 වනවිට) සංචාරකයන් 1,74,930ක් පැමිණ ඇති බවත් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල පිළිවෙළින් සංචාරකයන් 22,771ක් සහ 44,294ක් පැමිණ ඇති බවත් ඇමැතිවරයා පවසයි. මේ මාසයේ දින 26ක් තුළ ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධාන...
"කාති උසාවි අහෝසි කරන්න – හිටපු මහාධිකරණ රෙජිස්ට‍්‍රාර් මොහොමඞ් සුබයිර් ඉල්ලයි"
"කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ටාර්වරයෙකු වූ මොහොමඞ් සුබයිර් මහතා එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කළේය.මුස්ලිම් කාන්තාවන්ට මින් දීර්ඝකාලයක සිට සිදුවන බලවත් අසාධාරණය දැක තමා මෙම ඉල්ලීම කරන බව මොහොමඞ් සුබයිර් මහතා පැවසීය.එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති ...
"පොලිසියේ ඇතැමුන්ගේ උසුළු විසුළු මැද මං හිටියේ ලොකු පීඩනයකින්"
"* දිවිපිදූ නිලධාරීන්ට උසස්වීම් හා වන්දි* පොලිසියේ 4ක් ඝාතනය කළ සැරයන් පාපොච්චාරණය කරයි‘‘උඹ මෙඩිකල් අරන් තියෙන්නේ පගාව දීලා. රාජකාරි නොකර පිං පඩි ගන්නවා. නිකන් කනවා කියලා පොලිසියේ අය මට නිතරම විහිළු කරනවා. මේ ප‍්‍රශ්න නිසා මං ලොකු මානසික පීඩනයක හිටියේ. හිතට ආව කෝපය පාලනය කර ගන්න බැරිවෙච්ච නිසයි මං ඒ අයට වෙඩි තිබ්බේ’’ ය...
"එපා කියලා කෑගසද්දි OIC මට ලිංගික හිංසන කළා – මීට පෙරත් වැඩ තහනමට ලක් වෙලා"
"* දේශපාලක මැදිහත් වීමකින් පුටුවට ඇවිත් ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගන්දර පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නලින්ද අරවින්ද අර්ජුන විජේසිංහ නමැත්තා හෙට (28 දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහෙස්ත‍්‍රාත්වරයා පෙරේදා (25 දා) නියෝග කළේය.මාතර ජ...
"දුම්රියට අදත් ටිකට් නෑ – තීරණය අද සාකච්ඡාවෙන් පසු"
"දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් කි‍්‍රයාත්මක කරනු ලැබූ ප‍්‍රවේශපත‍්‍ර නිකුත් නොකිරීමේ වෘත්තීය කි‍්‍රයා මාර්ගය අද (27 දා) දිනයේත් කි‍්‍රයාත්මක බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා ‘දිවයින’ට පැවැසීය. කෙසේ වෙතත් අද පෙ.ව. 10.00 ට දුම්රිය සාමාන්‍යාධිකාරි ඇතුළු නිලධාරීන් සමග විශේෂ සාකච්ඡුාවක් පැවැත...
"ඩොලර් අර්බූදයෙන් ගුවන් යානාවලටත් ප‍්‍රශ්න – ලංකාවට එන යානා සීමාකිරීමේ අවදානමක්"
"ශ‍්‍රී ලංකාවේ දැනට පවත්නා ඩොලර් අර්බුදය හේතුවෙන් මගී සහ භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානාවලට විශාල ප‍්‍රශ්නයකට මුහුණ දීමට සිදුවී ඇත. මේ වනවිට ශ‍්‍රී ලංකාවේ ගුවන් තොටුපළවලට එන ගුවන් යානාවලට ඉන්ධන ලබා දෙන්නේ ඩොලර්වලින් ගෙවන්නේ නම් පමණි. එසේම එම ගුවන් සේවාවලට ඒවායේ දේශීය නියෝජිතයන් විසින් ඩොලර්වලින් ගෙවිය යුතු මුදල්ද විශාල ප‍්‍...
"IOC ගිවිසුම අවසන් වීමට පෙර ත‍්‍රී.මලේ තෙල් ටැංකි ඉන්දියාවට ගන්න හදනවා – ඇමැතිගෙන් ඛනිජ තෙල් සභාපතිට උපදෙස්"
"ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි කළමනාකරණය කිරීම සඳහා වෙනම සමාගමක් පිහිටවන ලෙස බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට උපදෙස් දී ඇත. එම නව සමාගමේ කොටස්වලින් සියයට 51ක් ඛනිජ තෙල් සංස්ථාවටද, ඉතිරි කොටස් සියයට 49 ඉන්දියන් ඔයිල් සමාගමටද හිමිවනු ඇත. එහෙත් ඒ සඳහා තවමත් කැබිනට් අනුමැතිය ලබාගෙන ...
"අයියා මීට මාස 4 කට පෙර ගුරුවරියක හා විවාහ වුණා කොස්තාපල් කසුන්ගේ සොහොයුරිය කියයි"
"තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළදී දෙසැම්බර් 24 දින රාත‍්‍රි සිදු වූ වෙඩි තැබීමෙන් එම පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ බිබිල – සේරව ප‍්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයකු ද මියගිය බව කරාඬුගල පොලිසිය පැවසුවේය.මෙලෙස මියගියේ බිබිල, පිටකුඹුර, සේරව ලිපිනයේ පදිංචි ටී. බී. කසුන් ප‍්‍රබුද්ධ නමැති 35 වියැති විවාහකයෙකි.මෙහිදී අදහස් දැක...
"දුප්පතුන් ආරක්‍ෂා කිරීම ජේසුස් වහන්සේ ගෞරවයෙන් පිළිගන්නවා හා සමානයි"
"අතිඋතුම් ෆ‍්‍රැන්සිල් ශුද්ධෝත්තම පාප් වහන්සේ කියති දුප්පතුන් ආරක්‍ෂා කිරීම ජේසුස් වහන්සේ ගෞරවයෙන් පිළිගන්නවා හා සමානයි යැයි අතිඋතුම් ෆ‍්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ පැවැසූහ. උන්වහන්සේ එසේ පැවසුවේ අසිරිමත් නත්තල උදාවීමත් සමඟ වතිකානුවේදී පැවැති දේව මෙහෙයේදීය. එහිදී පාප් වහන්සේ මෙසේද කීහ. ‘‘ජේසුස් වහන්සේ අපෙන් ඉල්ලා ...
"වරායේ හිර වුණු කන්ටේනර් මුදා ගැනීම වෙළෙඳ අමාත්‍යාංශයේත් අවධානයට"
"විදේශ විනිමය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා කොළඹ වරායේ හිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1000 ට වැඩි ප‍්‍රමාණයක් නිදහස් කර ගැනීම පිණිස මැදිහත්වීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ. වෙළෙඳපොළ තුළ මෙම භාණ්ඩ විශාල ලෙස හිඟ වී ඇති බැවින් ඒවායේ මිල ඉහළ ගොස් ඇත. කෙසේ වුවද මෙම කන්ටේනර් මුදාගැනීම සඳහා අවශ්‍ය විදේශ...
"මේ රටට පරිවර්තනයක් සහ විප්ලවීය වෙනසක් අවශ්‍යයි – කාදිනල්තුමා නත්තල් දේව මෙහෙයේදී පවසයි"
"අපේ රට එන්න එන්නම පිරිහෙමින් තිබෙනවා. මේ රටට විප්ලවීය වෙනසක් අවශ්‍යයි. මේ යන ගමන්මග වෙනස් කළ යුතුමයි යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹඅගදරගුරුතුමන් රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේ පැවැති නත්තල් දේව මෙහෙයේදී පැවසීය.මෙහිදී තවදුරටත් කාදිනල්තුමා මෙසේද කීය.අපි අදහන ආධ්‍යාත්මික ප‍්‍රතිපත්ති පළමු තැනට දාලා කටයුතු කිරීම හැමෝගේ...
"තිරුපති ගියේ පෞද්ගලික සංචාරයකට – අගමැති"
"කිසිම රාජ්‍ය නායකයකු හමුවුණේ නෑතමා ඉන්දියාවේ තිරුපති දෙවොලේ වන්දනාව සඳහා ගියේ හදිසියේම නොව වාර්ෂිකව එහි යන පෞද්ගලික සංචාරයක් ලෙස යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (26 දා* ‘දිවයින’ට පැවැසීය.සෑම වසරකම දෙසැම්බර් මාසයේ තමා තිරුපති සංචාරය කර එහි පූජාවන්ට සහභාගි වන බව පැවසූ අගමැතිවරයා එය තම පෞද්ගලික වියදමින් සිදුකරන සංචා...
"නත්තල්දා අනතුරුවලින් 189 ක් රෝහලේ"
"නත්තල් උදාවත් සමඟ හදිසි අනතුරුවලට ලක්වූ 189 දෙනකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි රෝහල් ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ ට පැවැසීය.රෝහල්ගත කළ අය අතරේ මාර්ග අනතුරුවලින් 52 දෙනකුද, වැටීම්වලින් 45 දෙනකුද, නිවසේදී සිදුවූ අනතුරුවලින් 18 දෙනකුද, හිංසන කි‍්‍රයා හේතුවෙන් 39 දෙනකුද, ගිනිකෙළි අනතුරුවලින් දෙදෙනකුද රෝහල...
"ජනාධිපතිට දුන් බලය වෙන අය අරන් දැන් රට අවුලෙන් අවුලට පත් කරලා – කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි"
"69 ලක්‍ෂයක් ඡුන්දය දුන්නේ ජනපති ගැන ලොකු විශ්වාසයකින්මේ රට ගොඩන`ගන්නට හැට නව ලක්‍ෂයක් ජනතාව බලය ලබාදුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාටයි. ජනාධිපතිතුමාට ලබාදුන් බලය වෙනත් අය පාවිච්චි කරමින් රටේ සියලූ කටයුතු අවුල් ජාලයක් බවට පත්කරමින් සිටිනවා යැයි පේරාදෙනිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණෝ පැව...
"රාජ්‍ය සේවක විශ‍්‍රාම වයස 65 ට දික් කරන්න එපා – පරිපාලන සේවා සංගමය රජයෙන් ඉල්ලයි"
"රාජ්‍ය සේවයේ විශ‍්‍රාම වයස අවුරුදු 65 දක්වා දික් නොකරන ලෙසට ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමය ජනාධිපති, අගමැති ඇතුළු වගකිවයුතු අංශ වෙත ලිඛිතව ඉල්ලීමක් කර ඇත.රාජ්‍ය සේවයට බඳවා ගැනීම් නතර කිරීමට තීරණය කර ඇතත් වෛi, හෙද, ගුරු ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වාර්ෂිකව බඳවා ගැනීම් කළ යුතු බවත් රාජ්‍ය සේවයට අත්‍යවශ්‍ය නොවන පිරිස්ද...
"ත‍්‍රිමලේ තෙල් ටැංකි 98 ක් ඉන්දියාවට:"
"චීන වරාය පරිශ‍්‍රයේ පිහිටි තෙල් ටැංකි 98ට අදාළව නව සමාගමක් ස්ථාපිත කොට වසර පනහක කාලයකට ඉන්දියානු තෙල් සමාගමට (එල්. අයි. ඕ.සී) එම පරිශ‍්‍රය ලබාදීමට මේ වන විට සියලූ කටයුතු සකස් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.ටි‍්‍රන්කෝ පෙට්ට්‍රොලියම් ටර්මිනල් ලිමිටඞ් නමින් මෙම නව පාලිත සමාගමක් ස්ථාපිත කිරීමට ද නියමිතය. ම...
"රාජ්‍ය මාධ්‍ය ආයතන පූර්ණ වෙනසකට"
"රාජ්‍ය මාධ්‍ය ආයතන සියල්ල ලබන වසරේ සිට පූර්ණ වෙනසකට ලක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් දී ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය ගුවන්විදුලි සංස්ථාව, ලේක් හවුස් ආයතනය යන රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප‍්‍රධාන තනතුරු කිහිපයක වෙනස් කම් සිදුවනු ඇතැයිද වාර්තාවේ. ර...
"දුම්රිය ගාස්තු වෙනස් නොවේ"
"ඉන්ධන මිල වැඩි වුවද දුම්රිය ගාස්තු වැඩි කිරීමට මෙතෙක් තීරණය කර නැතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘දිවයින’ ඉරිදා සංග‍්‍රහයට පැවසීය. මහජන සේවා සැපයීමේ ආයතනයක් ලෙස දුම්රිය සේවාව තවදුරටත් පවතින මිල ගණන් යටතේ මගී ප‍්‍රවාහන කටයුතු සිදු කරන බවද ඒ මහතා පැවසීය. කෙසේ වෙතත් නුදුරු දිනක ගාස්තු වැඩි නොකළ ද අනාගතය...
"බස් ගාස්තු උස්සන තීරණය මේ සතියේ"
"ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව සංශෝධනය කරන නව බස් ගාස්තු මේ සතියේ සිට ක‍්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි ගමනාගමන කොමිසමේ ඉහළ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. ඊට අදාළ ගණනය කිරීම් මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවත් ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් දෙකත් තුනත් අතර මුදලකින් ඉහළ යනු ඇති බව හෙතෙම සඳහන් කළේය. මෙම නව බස...
"මැති ඇමතිලා 80 ක් රට සවාරියේ"
"වර්ෂාවසාන නිවාඩුව ගත කිරීම සඳහා පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් අසූවක පමණ පිරිසක් ඇමරිකාව, බි‍්‍රතාන්‍යය, ඔස්ටේ‍්‍රලියාව ආදී රටවල පුද්ගලික සංචාරවල නිරතව සිටින බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. පාර්ලිමේන්තු සැසිවාරය ජනවාරි 11 වැනිදා දක්වා කල්තබා තිබීමත් ඔවුන්ගේ පහසුවට හේතුවී ඇත. නත්තල් හා නව අවුරුදු උදාවත් සමග සෑම වසරකම ...
"විපක්ෂය ඒකාබද්ධ කරන්න පස් කට්ටුවක් වැඩ: හිටපු ආණ්ඩුකාරවරු තිදෙනෙක් පෙරමුණේ"
"රජයට එරෙහිව විපක්ෂය ඒකාබද්ධ කිරීම සඳහා හිටපු ආණ්ඩුකාරවරුන් තිදෙනකු ඇතුළු පස් දෙනෙක් බලවත් උත්සාහයක නිරතව සිටිති. මේ සඳහා හිටපු ආණ්ඩුකාරවරුන් වන මෛති‍්‍ර ගුණරත්න, අසාද් සාලි, කීර්ති තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නීතිඥයන් වන ශිරාල් ලක්තිලක, ගුණරත්න වන්නිනායක යන මහත්වරුන් සම්බන්ධව සිටින බව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ‘දිව...
"නේස්බි සාමි මාර්තුවේ ශ‍්‍රී ලංකාවට"
"මෙරට හමුදා නිලධාරින්ට එල්ල වූ යුද අපරාධ චෝදනා බොරුවක් බවට සනාථ කළ බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමිවරයා ලබන මාර්තු 23 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව දිවයින ඉරිදා සංග‍්‍රහයට පැවසීය. ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරින්ට එල්ල කරන සාවද්‍ය චෝදනාවලට එරෙහිව සිය සටන දිගටම ගෙන යන බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය. කීර්ති වර්ණකුලසූරිය"
"රට ඉඳන් ආපු අයගේ බඩු ඩොලරය නිසා හිරවෙති"
"විදේශගතව සිට යළි දිවයිනට පැමිණි ශ‍්‍රී ලාංකිකයෝ රැසක් භාණ්ඩ ප‍්‍රවාහන නැව් සමාගම් ඔස්සේ ඔවුන් මෙරටට එවනු ලැබූ තම පෞද්ගලික පරිහරණය සඳහා මිලදී ගත් භාණ්ඩ රට තුළ පවතින ඩොලර් අර්බුදය නිසා මුදාගැනීමට නොහැකි ගැටලූවකට ලක්ව සිටිති. මැදපෙරදිග සහ යුරෝපා රටවල සේවය කරන සහ වසර අවසානයේදී ලැබෙන නිවාඩුවෙන් තම මව් රටට පැමිණෙන යුරෝපා රට...
"මහ බැංකුවට ඩොලර් බිලියන 2ක බලාපොරොත්තුවක්"
"මැද පෙරදිග සහ අනෙකුත් කලාපීය මහ බැංකු සම`ග ඇති කරගෙන ඇති විදේශ විනිමය හුවමාරු පහසුකම්වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක පමණ විදේශ විනිමය ලැබෙනු ඇතැයි මහ බැංකුව පවසයි. මහ බැංකුව මගින් පසුගිය ඔක්තෝබර් 01 වැනිදා ප‍්‍රකාශයට පත් කළ සිය මාසික පෙර දැක්ම අනුව නුදුරේදීම විදේශ විනිමය ලැබීම් ගණනාවක් අපේක්‍ෂා කරන බවද මහ බැංකුව පවස...
"ශ‍්‍රී ලාංකිකයන් හය දහසකට කරදර – හඳුන්නෙත්ති රජයෙන් ඉල්ලයි"
"සයිප‍්‍රසයේ කොන්සල් කාර්යාලය වසා දැමීමෙන් එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයින්ට සමාජ ආරක්ෂණ අරමුදල් ලබාගැනීම ඇතුළු ගැටලූ ගණනාවකට මුහුණපෑමට සිදුවී ඇතැයි ද එබැවින් කොන්සල් කාර්යාලය වසා දැමීමට ගත් තීරණය යළි සලකා බලන ලෙස ජනතා විමුක්ති පෙරමුණ, විදේශ කටයුතු ඇමැති ජී. එල්. පීරිස් මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී. ජනතා විමුක්ති පෙරම...
"පොහොර හිගයෙන් තණ බිමත් බැටකයි"
"රසායනික පොහොර තහනම, දියර කිරි නිෂ්පාදනය සඳහා ද බලපා ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා පවසයි. මහා පරිමාණ තෘණ භූමිවල එළදෙනුන්ට ආහාර සඳහා වගා කරන සෝගම් නමැති ශාකය ඉතා ඉක්මනින් වර්ධනයට යූරියා පොහොර අවශ්‍ය බව ඒ මහතා සඳහන් කරයි. ආනයනික එළදෙනුන්ට ආහාර විශාල ලෙස ලබාදිය යුතු බවත් එහිදී ඔවු...
"චීන තානාපතිගේ සංචාරයෙන් පසු උතුරේ රෝ තරවෙයි"
"චීන තානාපති කුසි යෙන් හොන්සෝගේ උතුරු සංචාරයෙන් පසු ඉන්දීය රෝ බුද්ධි සේවාව උතුරේ සිටින සිය රෝ කණ්ඩායම වැඩි කර තිබේ. යාපනයට කිලෝ මීටර් 20ක් දුරින් පිහිටි චාවාකච්චේරියේ චයිනා කමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් සමාගමේ කාර්යාලයක් ස්ථාපිත කිරීම ගැන රෝ බුද්ධි සේවාව දැඩි අවධානය යොමු කර තිබුණි. එසේම චීන මහජන හමුදාවේ ජ්‍යෙෂ්ඨ හමුදා න...
"ආහාර හිඟයක් නෑ: අළුත්ගමගේට ‘ෂුවර්’"
"රටේ ආහාර හිඟයක් ඇති නොවන බවත්, ආහාර හිඟයක් ඇතිවන බවට ඇතැම් පිරිස් පළ කරන අදහස් පිළිගත නොහැකි බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා සඳහන් කළේය. ලැබී තිබෙන තොරතුරුවලට අනුව මෙවර මහ කන්නයේ වී අස්වැන්නේ අඩුවීමක් වුවහොත් අඩුවන්නේ සියයට 25ක් 30ක් පමණක් බවත් ඇමැතිවරයා පැවැසීය. මහ කන්නයේ හෙක්ටයාර් 1කින් මෙටි‍්‍රක් ටොන...
"ජවිපෙ සමග හවුල් කතාව: දයාසිරිට ඇතුළෙන්ම විරෝධය"
"ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදාක ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානගත වීමක් හෝ ආණ්ඩුවක් බිහි කිරීමට කටයුතු කිරීමක් නොකරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහයට’ පැවසීය. ජනතා විමුක්ති පෙරමුණ සමග වුවත් සන්ධාන ගතවීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බවට නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේ...
"චීන තානාපතිගේ සංචාරයෙන් පසු උතුරේ රෝ තරවෙයි"
"චීන තානාපති කුසි යෙන් හොන්සෝගේ උතුරු සංචාරයෙන් පසු ඉන්දීය රෝ බුද්ධි සේවාව උතුරේ සිටින සිය රෝ කණ්ඩායම වැඩි කර තිබේ. යාපනයට කිලෝ මීටර් 20ක් දුරින් පිහිටි චාවාකච්චේරියේ චයිනා කමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් සමාගමේ කාර්යාලයක් ස්ථාපිත කිරීම ගැන රෝ බුද්ධි සේවාව දැඩි අවධානය යොමු කර තිබුණි. එසේම චීන මහජන හමුදාවේ ජ්‍යෙෂ්ඨ හමුදා න...
"ලක්ෂ 34 ක සතොස අල – ලූනු මගදි උස්සලා ලොරිය හමුවෙයි රියැදුරු අතුරුදන්"
"ඔරුගොඩවත්ත පිහිටි ලංකා සතොස ගබඩාවේ සිට අනුරාධපුර සතොස ගබඩාව වෙත ලොරියකින් ප‍්‍රවාහනය කරමින් තිබූ රුපියල් තිස්හතර ලක්ෂ විසිහතර දහස් හැට හතරක් වටිනා අර්තාපල් අල සහ ලොකු ලූනු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක් සොරකම් කර එහි රියැදුරා ලොරිය අනුරාධපුර – පාදෙනිය මාර්ගයේ තඹුත්තේගම මල්වානේගම ප‍්‍රදේශයේ දමා පලායෑමේ සිද්ධියක්...