Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"රුපියල මේ වසරේ සියයට 7.7කින් බාල්දු වෙලා" | "මේ වසෙර් (2021) මුල සිට ඉකුත් නොවැම්බර් 15 දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සියයට 7.7 කින් පිරිහීමට ලක්ව ඇත.එසේම අනෙකුත් ප්රදාන විදේශ ව්යහාර මුදල්වලට සාපේක්ෂව ද රුපියල පිරිහීමට ලක්ව ඇත. මේ අනුව ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියටය 6.3 කින්ද, ඔස්ටේ්රලින් ඩොලරයට සාපේක්ෂව සියයට 3.1 කින්ද, ඉන්... |
"තෙල් ගන්න ඇමරිකාවෙන් ඉල්ලූ ණය මුදලෙනුත් රු. මි. 35500ක කොමිස් මුදලකට අනුමැතිය අරන් – අනුර කුමාර දිසානායක" | "ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අත්ව ඇති අවාසනාවන්ත ඉරණම මෙරට ආර්ථිකය කඩාවැටීමට හා සමපාත යැයි ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්රික් මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29 දා) පැවසීය.ත්රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි යළි පවරාගැනීමට ක්රියා කරන බවට උදම් ඇනූ වත්මන් ඇමැති උදය ගම්මන්පිල මහතා තවමත් එය කර ගැනීමට න... |
"කෝමාරිකා වගාවකට මුවාවී අනුරාධපුර ඉඩම් කොල්ලය පිටුපස ඇමැති දෙදෙනෙක්" | "– පාහියංගල ආනන්ද සාගර හිමිකෝමාරිකා වගාවකට බව කියමින් අනුරාධපුර අක්කර එක්ලක්ෂ විසිපන්දහසක ඉඩම් මංකොල්ලය සහ පාරිසරික විනාශය පිටුපස රජයේ ප්රබල ඇමැතිවරුන් දෙදෙනකු සිටින බව සුරකිමු ශ්රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ ‘‘දිවයින’ට ඊයේ (29 දා* පැවසූහ.ඉකුත් අගෝස්තු මාසයේදී මෙම ඉඩම් පවරා ගැනීමේ පත්රිකාවක... |
"ඊයේ ලංකාවේ අඩකට විදුලිය නෑ – විදුලි ඉංජිනේරුවෝ අකුරට වැඩ" | "ඉහළ කොත්මලේ ඇතුළු බලාගාර කිහිපයක ඇති වූ දෝෂයක් නිසා දිවයිනේ අඩකට ඊයේ (29 වැනිදා) රාති්ර විදුලිය බිඳවැටීම් සිදුවිය.මේ වනවිට ජල විදුලි බලාගාරවලින් සියයට 60 ක් 70 ක් පමණ විදුලිය ලබා ගන්නා බවත් ජල විදුලි බලාගාරවල හටගත් දෝෂය නිසා අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැකි වීමෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවත් විදුලි ඉංජිනේරු සංගමයේ ජ්යෙෂ... |
"රට වටා තැනින් තැන ගෑස් පුපුරයි – ජන ජීවිතයට දැඩි බලපෑම්…" | "යාපනයේදී සහ කිළිනොච්චියේදී 28 දා සවස ගෑස් උදුන් දෙකක් පිපිරී ගොස් ඇතත් ඉන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැත.යාපනයේ කන්දරෝඩෙයි ගණදෙවි කෝවිල් පාරේ නිවසක ගෑස් උදුන පිපිරී යන අවස්ථාවේදී ගෘගණිය ළිප දල්වා වෙනත් කටයුත්තක නියැලී සිටියදී එය පුපුරා ගොස් තිබේ.ගෑස් සිලින්ඩර පුපුරා යෑමේ සිද්ධීන් නිසා මෙම නිවෙස් හිමියා බිත්තිය සිදුරු... |
"සමාගම් දෙකම පිටි මිල නංවලා පාන් ගෙඩියත් රු. 10කින් නගී" | "තිරිඟු පිටි මිල ඉහළ යෑමත් සමග ග්රෑම් 450ක් බැරැුති පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඊයේ (28 දා) මධ්යම රාත්රියේ සිට ඉහළ දැමූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට පැවැසීය.තිරිඟු පිටි මිල ඉහළ යෑම හේතුවෙන් බේකරි කර්මාන්තය පවත්වාගෙන යෑමේ අසීරු තත්ත්වයක් උද්ගතවී ඇතැයි ද හෙතෙම කීය.මෙ... |
"ණය ගෙවීමට බැරි වෙලා : චීනය උගන්ඩාවේ ගුවන්තොටුපළක් පවරා ගනී" | "ගුවන්තොටුපළක් සංවර්ධනය කිරීම සඳහා ලබාගත් ණය මුදල් ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් චීනය, උගන්ඩාවේ ගුවන්තොටුපළක් පවරාගෙන ඇතැයි විදෙස් මාධ්ය වාර්තාවල සඳහන් වේ. චීනයේ එක්සිම් China’s Export – Import (EXIM) බැංකුවෙන් 2% ක පොලිය යටතේ ලබාගෙන තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 207 ක ණය මුදල ගෙවා ගැනීමට අපොහොසත් වීම හේතුකොට ගෙන උගන්ඩාව ... |
"යුරෝපා කොටි තහනම ඉවත් කිරීමේ අභියාචනය ප්රතික්ෂේප කරයි" | "කොටි සංවිධානය යුරෝපා තහනම ඉවත් කිරීම ස`දහා ඉදිරිපත්ව තිබූ අභියාචනය යුරෝපා සංගමයේ මහාධිකරණය විසින් ප්රතික්ෂේප කර තිබේ.2019 ජනවාරි මාසයේදී එල්.ටී.ටී.ඊ.ය ත්රස්ත සංවිධානයක් ලෙස නැවත ලැයිස්තුගත කිරීම අවලංගු කරන ලෙස ඩෙන්මාර්කය පදනම් කරගත් එල්.ටී.ටී.ඊ.යේ යුරෝපීය දේශපාලන කණ්ඩායමක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.එල්.ටී.ට... |
"ඔමික්රෝන් භයානකයි ප්රවේශම් වන්න – යළි රට වහන්න බැහැ – විශේෂඥ වෛද්ය හේමන්ත හේරත්" | "පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් පවා ඕනෑම වෛරස ප්රභේදයකින් මිය යා හැකි බැවින් කළ යුතුව ඇත්තේ ශීඝ්රයෙන් පැතිරයන ඔමික්රෝන් නමැති නව ප්රභේදය රට තුළට ඒම වළක්වාලීම හා එය එකිනෙකා අතර පැතිර යෑම නතර කිරීම පමණකැයි නියෝජ්ය සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය හේමන්ත හේරත් මහතා ‘දිවයින’ට පැවැසීය.එන්නත්කරණයෙන් සිදුකර ඇත්ත... |
"අමුද්රව්ය ගේන්න ඩොලර් නැහැ – පාවහන් කර්මාන්තය අනතුරක!" | "ඇපල්, චීස් වැනි අත්යවශ්ය නොවන ද්රව්ය ආනයනය සඳහා වැයකරන විදේශ විනිමය (ඇමරිකන් ඩොලර්) මෙරට කුඩා හා මධ්ය පරිමාණ නිෂ්පාදකයන්ට අවශ්ය අමුද්රව්ය ගෙන ඒමට වැය කරන ලෙස පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමය ඉල්ලා සිටී. කොවිඞ් නිසා බැටකා සිටින නිෂ්පාදකයන් අමුද්රව්ය හිඟයෙන් තවත් අසරණවී ඇතැයි ද එම සංගමය කියයි.අමුද්රව්... |
"බේරෙන්න පූර්ණ එන්නත්කරණයට ලක්විය යුතුයි – ආචාර්ය චන්දිම ජීවන්දර" | "දකුණු අපි්රකාවෙන් හඳුනාගෙන ඇති කොවිඞ් 19 වෛරසයේ නව ප්රභේදය වන ඔමික්රෝන් (B.1.1.529) ආසාදනය වීම වළක්වා ගැනීමට නම් සියලූ දෙනාම පූර්ණ එන්නත්කරණයට ලක්විය යුතු බව ශී්ර ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයේ අසාත්මිකතා හා ප්රතිශක්තිවේදය සහ ෙසෙල ජීව විද්යා ඒකකයේ අංශ ප්රධානී ආචාර්ය වෛද්ය චන්දිම ජීවන්දර මහතා ‘දිව... |
"දකුණු අප්රිකාවේ ගුවන් ගමන් නවතී – නව ප්රභේදය හඳුනා ගැනීමත් සමග දකුණු අප්රිකාව තනි කරලා – එරට විදේශ අමාත්යාංශය කියයි" | "ඔමික්රෝන් ප්රභේදය හඳුනා ගැනීමත් සමඟ පිටස්තර ලෝකය දකුණු අප්රිකාව හුදෙකලා කර කොන්කර ඇතැයි එරට විදේශ අමාත්යාංශය කියයි.මෙම කොරෝනා ප්රභේදය හඳුනා ගැනීමෙන් පසු ලෝකය තම රටට ප්රසංශා කළ යුතු නමුත් ඒ වෙනුවට කොන්කර ඇතැයි දකුණු අප්රිකාව කියයි.ලෝක සෞඛ්ය සංවිධානය පවසන්නේ මෙම ප්රභේදය හඳුනා ගැනීම කනස්සල්ලට කරුණුක් බවයි.... |
"අඛණ්ඩව සිව්වැනි වරටත් අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි" | "වෙළෙඳභාණ්ඩ අපනයන ආදායම ඉකුත් සැප්තැම්බර් මාසයේදී අඛණ්ඩව සිව්වන වරටත් ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගිය බව ශ්රී ලංකා මහබැංකුව පවසයි.මේ අනුව පසුගිය සැප්තැම්බර් මාසයේදී අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1031ක් දක්වා ඉහළ ගොස් ඇත.එසේම මේ වසරේ (2021) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස නමයේදී මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොල... |
"සති 2ක් තුළ දකුණු අප්රිකාවෙන් කිසිම සංචාරකයකු ඇවිත් නෑ – ඇමැති ප්රසන්න රණතුංග" | "පසුගිය සති දෙකක කාලය තුළ දකුණු අප්රිකානු කලාපයෙන් මෙරටට සංචාරකයක් කිසිවකු පැමිණ නැතැයි සංචාරක ඇමැති ප්රසන්න රණතුංග මහතා පැවසීය.මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්යාංශය සොයා බැලීමක් සිදු කළ බවත් එහිදී එම කලාපයෙන් සංචාරකයන් පැමිණ නොමැති බවට තහවුරු වී තිබෙන බවත් ඇමැතිවරයා කීය. සංචාරක අමාත්යාංශය නිතරම කටයුතු කරන්නේ සෞඛ්ය අ... |
"ගුවන් මගීන් සෞඛ්ය මධ්යස්ථානයට එන්නේ හැම තැනම ඇවිදලා – PHI සංමයේ සභාපති" | "අප්රිකානු රටවලින් මේ වන විට අතිශය භයානක කොවිඞ් ප්රභේදයක් හඳුනාගෙන ඇති අතර එය ශී්ර ලංකාව ඇතුළු වෙනත් රටක නැතැයි කිසිවෙකුටත් කිව නොහැකි බවත් මෙරට ගුවන්තොටේ මේ වන විට පවතින ලිහිල් ස්වභාවය හා මෙරටට පැමිණෙන මගීන් තීරුබදු රහිත සාප්පු සවාරි ආදී සියලූ කටයුතු සිදුකර අවසානයේ බැහැරට යන අවස්ථාවේ පරික්ෂාවට ලක් කිරීම ගුවන්තො... |
"දුරු කතර ගෙවා මැණිකේ ආපහු ගෙදර ඇවිත්" | "අනාවරණ චන්ද්රිකා කේන්ද්රන (satellite-tagged) සවි කරන ලද ‘‘මැණිකේ’’ නමින් නම් කරන ලද මුහුදු ලිහිණියකු කිලෝමීටර් 20,000ක් දුරගෙවා පසුගිය 4 වැනිදා යළිත් තම සිසිර ගමනාන්තය වූ ශ්රී ලංකාවට පැමිණ ඇත. හියුග්ලින් ගලූවියකු (Heuglinzs Gull) 80 දුරක් ගෙවා තම නිජබිම වූ උතුරු රුසියාවට ගොස් තිබිණි. යළිත් සිසිර සෘතුවේදී කිලෝමීටර්... |
"ආණ්ඩුවක් හදන්න එක්වන ඕනෑම පක්ෂ අතර මත ගැටුම් තිබෙනවා- අගමැති" | "ආණ්ඩුවක් පිහිටුවීමට එක්වෙන ඕනෑම පක්ෂ අතර ඉඳහිට මත ගැටුම් ඇති වෙන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ට ඊයේ (28 දා) පැවසීය.ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩුව අතර ඇතිවූ විවේචනය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අග්රාමාත්යවරයා එසේ සඳහන් කළේය.මෙම මත ගැටුම් සමහරු නොයෙක් ඇසින් බලන බව ද ශ්රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ ස... |
"නෝමන්ට සම්මාන…" | "‘අහස මීඩියා’ ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ රට පුරා විසිරී සිටින විශිෂ්ටයන් අගය කිරීමේ අභිනන්දන මෞලි මංගල්යය කොළඹ 7 ශ්රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (28දා) පැවැත්විණි එහිදී අභිනන්දනයට පාත්රවූ ජ්යෙෂ්ඨ මාධ්යවේදී නෝමන් පලිහවඩන මහතාට මහජන ආරක්ෂක ඇමැති අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් සම්මාන පිරිනැමූ අයුරු. ඡායාරූපය ... |
"කොත්තුවක් 10කින් ෂෝටීස් 5කින් මිල නගී" | "කොත්තුවක මිල රුපියල් 10කින්ද, එළවළු රොටි, රෝල්ස්, පරාටා, බිත්තර රොටි ඇතුළු කෙටි කෑම වර්ගවල මිල රුපියල් 5කින්ද අද (29 දා) සිට ඉහළ දැමූ බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ‘දිවයින’ට පැවසීය.මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.‘තිරිඟු පිටි මිල වැඩි කිරීම නිසා කොත්තු ඇතුළු කෙටි ආහාරවල මිල වැඩිකරනව... |
"පාර්ලිමේන්තු තේරීම් සභාවක් පත් කර හෝ ගෑස් පිපිරීම් ගැන ඇත්ත සෙවිය යුතුයි – සජිත් පේ්රමදාස" | "ගෑස් සිලින්ඩර පුපුරායෑම පිළිබඳ රාජ්ය ආයතන විසින් කරනු ලැබූ පරීක්ෂණයන් ආශි්රත කර ගනිමින් අද (29දා) තමා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (27දා) පැවසීය.මේ අතර ගෑස් පිපිරීම් පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඇතිවූ කතාබහේදී විපක්ෂනායක සජිත... |
"ලොක් ඩවුන් කාලයේ රේගුවේ හිරවුණු පාර්සල්වල ආහාර කල් පැනලා" | "කොරෝනා වසංගතය නිසා සංචරණ සීමා දැඩිකර තිබූ කාලයේ මෙරටට එවා තිබූ පාර්සල් කන්ටේනර් එකසිය තිහක් පමණ රේගුවේ සිරව තිබීමෙන් ඇතැම් ආහාර ද්රව්ය ඇතුළු භාණ්ඩ කල් ඉකුත්වී ඇතැයි ඒවායේ හිමිකරුවෝ කියා සිටිති.මේ සම්බන්ධයෙන් ශී්ර ලංකා රේගුවෙන් ‘දිවයින’ කළ විමසීමකදී නියෝජ්ය රේගු අධ්යක්ෂ ලාල් අල්විස් මහතා කියා සිටියේ ඉකුත් නිරෝධා... |
"යුගදනවි යුක්තිය ඉදිරියට: පෙත්සම්වලට පංච පුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක්" | "කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ රජය සතු කොටස් සියයට 40 ක් ඇමෙරිකානු සමාගමකට පවරා දීමට සහ එම බලාගාරයට ද්රව වායු සැපයීමේ කොන්ත්රාත්තුව ඇමෙරිකානු සමාගමකට පවරාදීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන 29 වැනිදා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ ශ්රේෂ්ඨාධිකරණ... |
"කොඩි කරල SPC ගේන්න ජනපති උපදෙස්" | "කොවිඞ් ආසාදිතයන් සඳහා බි්රතාන්ය ඇතුළු රටවල් කිහිපයක් භාවිතා කරන මොල්නුපිරවීර් කැප්සුලය (Molnupiravir Capsule) කොවිඞ් එන්නත ගෙන්වූ ආකාරයටම රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මෙරටට ගෙන්වීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා අවශ්ය පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්ය අමාත්ය මහා... |
"අත්අඩංගුවේ සිටින සැකකරුවන්ට ආරක්ෂාව නොලැබීම ගැන පොලිස්පති කරුණු කිවයුතුයි: ශ්රී ලංකා නීතිඥ සංගමය" | "පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් වෙත ආරක්ෂාව සැලැස්වීමට අසමත් වීම පිළිබඳව පොලිස්පතිවරයා වහා කරුණු පැහැදිලි කළ යුතු බව ශ්රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ රජීව් අමරසූරිය මහතා ‘දිවයින ඉරිදා සංග්රහය’ට අදහස් දක්වමින් සඳහන් කළේය. පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදුවන ඝාතනවල වගකීම එම ඝාතන සිදුකළ පුද්ගලයන් වෙත පමණක් නොව එම ඝා... |
"වාහන කෑලි හා එළවළු අවුලත් සංචාරක කර්මාන්තයට බලපාලා" | "රජය විසින් වාහන සහ වාහන අමතර කොටස් ආනයනය සීමා කිරීමත් පොහොර අර්බුදය නිසා එළවළු සහ පලතුරු අස්වැන්න අඩුවීමත් සංචාරක කර්මාන්තයට අහිතකර ලෙස බලපා ඇතැයි විදෙස් සංචාරක නියෝජිත ආයතන සංගමය පවසයි. මේ වන විට යුරෝපා රටවල සිට සංචාරකයන් මෙරටට පැමිණීමට හෝටල් වෙන් කිරීමට පටන්ගෙන ඇතැයි පවසන එම සංගමය ඔවුන්ගේ සංචාරක ගමන් සංවිධානය කිරීමේ... |
"ජගත් ප්රජාතන්ත්රවාදී සමුළුව ශ්රී ලංකාවට දොර වසයි" | "ලබන දෙසැම්බර් 9 වැනිදා සිට 18 වැනිදා දක්වා ඇමෙරිකාවේ පැවැත්වෙන රටවල 110ක් සහභාගීවන ජගත් ප්රජාතන්ත්රවාදී සමුළුව ඇමෙරිකානු රජය විසින් ශ්රී ලංකාවට තහනම්කර ඇත. ද්රවිඩ සන්ධානය සහ එමානුවෙල් පියනම මෙහෙයවනගෝලීය ද්රවිඩ සංසදයේ නිලධාරීන් සහ ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තු නිලධාරීන් වන ඩොනල්ඞ් ලූ සහ ලියා සැමර්සන් යන මහත්වර... |
"කොවිඩ් හිස ඔසවයි ආර්ථිකයට යළි රිදෙයි: මහ බැංකුව කියයි" | "ගෝලීය වශයෙන් මෙන් දේශීය වශයෙන් යළිත් කොවිඞ් ආසාදිතයන්ගේ අඛණ්ඩ වැඩිවීම රටේ ආර්ථික ආරක්ෂාවන්ට යම් දුරකට බලපෑමක් ඇති කරනු ඇතැයි මහ බැංකුව පවසයි. 2021 ඔක්තෝබර් මාසයේදී කොරෝනා සංචරණ සීමා ඉවත් කිරීම හා රට පුරා කොවිඞ් එන්නත්කරණය සාර්ථකව සිදුකිරීම ඉදිරි කාලයේ ආර්ථික කටයුතු වර්ධනය සඳහා උපකාර වනු ඇති බව ද මහ බැංකුව පවසයි. මේ වස... |
"ස්කොට්ලන්තයෙනුත් පොලිස් කැපිල්ලක්" | "වසර 11ක කාලයක සිට ස්කොට්ලන්ත පොලිසිය විසින් ශ්රී ලංකා පොලිසියට ලබාදුන් පුහුණුව අත්හිටුවා ඇත. කොටි හිතවාදී බි්රතාන්ය පාර්ලිමේන්තු මන්ත්රීවරු 17 දෙනෙකු සහ රාජ්ය නොවන සංවිධාන කිහිපයක් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ. ශ්රී ලංකා පොලිසිය බරපතළ ලෙස මානව හිමිකම උල්ලංඝනය කරන බවත් අත්අඩංගුවේ පසුවන සැකකර... |
"දංගෙඩියට යවන්නේ නැහැ: තැපෑලේ ඉඩම් ගැන තැපැල්පතිගෙන් හෙළිදරව්වක්!" | "බිලියන 5 ක පමණ ආදායම් හා වියදම් පරතරයක් සහිතව පවත්වාගෙන යන තැපැල් දෙපාර්තමේන්තුවට ප්රාග්ධන වියදම් සඳහා අරමුදල් සපයා ගැනීමේ ගැටලූ සහගත තත්ත්වයක් පවතිද්දී පවතින ගොඩනැඟිලි පිළිසකර කිරීම් නඩත්තුව සඳහා දැරීමට සිදුවන අධික වියදම සළකා තැපැල් ඉඩම්වල නවීන කාර්යාල පද්ධති ඉදිකර සංවර්ධනය කිරීමට රාජ්ය හා පෞද්ගලික හවුල්කාරත්ව ක්... |
"ශ්රී ලංකා මුහුදු මගට LNG හයියක්" | "නාවුක කටයුතුවල නිරත නැව් සඳහා එල්. එන්. ජී. ඉන්ධනය සැපයිය හැකි හොඳම මුහුදු මාර්ගයක් ලෙස ශී්ර ලංකාව හඳුනාගෙන ඇතැයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්ය කුමාරවඩු මහතා ‘දිවයින’ ඉරිදා සංග්රහයට පැවසීය. වර්තමානය වන විට ඉන්ධන විශාල වශයෙන් ගබඩා කරගෙන ධාවනය කරන නැව් ලාභදායී සහ පරිසර හිතකාමී ඉන්ධනයක් ලෙස එල්. එන්.... |
"බ්රැන්ඩික්ස් 7 වන වරටත් ‘වසරේ විශිෂ්ටතම අපනයනකරු’ ලෙස සම්මානයට පාත්ර වෙයි" | "මෙරට ප්රමුඛතම ඇඟලූම් නිෂ්පාදකයකු වන බ්රැන්ඩික්ස්, 2019/20 ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී 7 වන වරටත් වසරේ අපනයනකරු ලෙස සම්මානයට පාත්ර වූයේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙවර සම්මාන උළෙල සංවිධාන වූයේ 25 වන වරටය. මෙම සම්මානයත් සමග, 60,000 කට අධික සාමාජික-සාමාජිකාවන් පිරිසකගේ දායකත්වයෙන් 2019... |
"සාප්පු සවාරි කොවිඩ් කැන්දයි: ප්රවේසමෙන්!" | "‘‘සෞඛ්ය උපදෙස් අනුගමනය කරමින් සාප්පු සවාරි ගියාට කමක් නැහැ. හැබැයි අනවශ්ය ලෙස ඒකරාශී වෙන්න එපා. තමන්ට අවශ්ය ඇඳුම් පැළඳුම් අරගෙන ඉක්මනින් සාප්පුවෙන් පිටවෙලා යෑම ඉතා වැදගත්’’ යැයි නියෝජ්ය සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය හේමන්ත හේරත් මහතා ‘දිවයින’ට ඊයේ (26දා) පැවසීය. පවතින කොවිඞ් තත්ත්වය හමුවේ සාප්පු තුළට ඉ... |
"මෛත්රී රකින්න ශ්රීලනිප හදිසි රැස්වීමක්" | "ශී්ර ලංකා නිදහස් පක්ෂයට සහ එහි සභාපති හිටපු ජනාධිපති මෛති්රපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවේදී එල්ල කළ චෝදනාවලට ගත යුතු කි්රයාමාර්ග සම්බන්ධව ඉදිරි සතියේ පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය රැස්වී තීරණයක් ගන්නා බව ශී්ර.ල.නි.ප. ජ්යෙෂ්ඨ මන්තී්රවරයෙක් ‘දිවයින ඉරිදා සංග්රහය’ට පැවසීය. මෙම සාකච්ඡාව හිටපු ජනාධිපති මෛති්ර... |
"පළාත් සභාවට සජබ එනවා" | "ඉදිරි පළාත් සභා ඡන්දයට තම පක්ෂය තරග කරන බව විපක්ෂ නායක සජිත් පේ්රමදාස මහතා පැවසීය.එම මැතිවරණයේදී නියත වශයෙන්ම ජනවරම තම පක්ෂයට ලැබෙන බව ද පේ්රමදාස මහතා පවසයි.එලෙස තම පක්ෂයට ලැබෙන බලය උපයෝගී කරගනිමින්, දිගු කලක් පවතින අලි මිනිස් ගැටුම සඳහා විසඳුමක් ලෙස වන අලි සංරක්ෂණ කලාපයක් ඇතිකර සියලූම වන අලි එම සංරක්ෂණ කලාප... |
"ගැසට් එකේ එක පිටුවක මුද්රණ වියදම රු. 10 ක්" | "රජයේ මුද්රණාලය මගින් ප්රකාශයට පත් කරන ගැසට් පත්රයක එක් පිටුවක් මුද්රණය කිරීම සඳහා රුපියල් 10 ක පමණ වියදමක් දැරීමට සිදුවන බව රජයේ මුද්රණාලයාධිපති ගංගානී කල්පනා ලියනගේ මහත්මිය ‘දිවයින ඉරිදා සංග්රහය’ට පැවසුවාය. ඒ අනුව ගැසට් පත්රයකට වැය වන මුදල පිටපත් සංඛ්යාව සහ පිටු සංඛ්යාව අනුව වෙනස් වන බවද ඇය කීවාය. රජය ගන... |
"ජනප්රිය නොවන තීන්දු රැසක් ගන්නවා: විවේචන එල්ලවෙයි – ජනපති කියයි" | "ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යෑමට ඉදිරියේදීද ජනප්රිය නොවන තීන්දු තීරණ රැසකට එළඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ඒවා විවේචනයට ලක්වුවද නුදුරු අනාගතයේදීම එහි ප්රතිලාභ රටටත් ජනතාවටත් හිමිවනු ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. කෙටිකාලීනව අභියෝග ජයගත් පසු ආර්ථික සහන උදාකරගත හැක... |
"සංයුතිය වෙනස් වුණාට ගෑස් සිලින්ඩර් පුපුරන්නේ නැතැයි පරීක්ෂණවලින් තහවුරු වුණා – ලසන්ත අලගියවන්න" | "සංයුතිය වෙනස්වීම ගෑස් සිලින්ඩරයක් පුපරා යෑමට හේතුවක් නොවන බව මොරටුව විශ්වවිiාලය විසින් පර්යේෂණකොට තහවුරු කර ඇතැයි පාරිභෝගික සේවා රාජ්ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවසීය. වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාව පෙරේදා (25 දා) පාර්ලිමේන්තුවේදී රැුස්වූ අවස්ථාවේදී රාජ්ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. මේ නිසා ගෑස... |
"ඉල්ලන ඉල්ලන විදියට පඩි වැඩි කරන්න මේ වෙලාවේ සල්ලි නෑ" | "ඉල්ලන ඉල්ලන විදිහට පඩි වැඩිවීම් කරන්නත් මුදල් ලබා දෙන්නත් මේ මොහොතේ කොහෙත්ම හැකියාවක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ට ඊයේ (25 වැනිදා) කියා සිටියේය. විවිධ රාජ්ය ආයතනවල සේවකයන් ඇතුළු විවිධ පාර්ශ්වයන් විසින් වැටුප් වැඩි කිරීම් කරන ලෙස රජයෙන් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් කළ විමසීමකදී අගමැතිවරයා මේ බව කියා සිටියේය... |
"විදුලි ඉංජිනේරු වෘත්තීය සටනේ යටි අරමුණු නෑ ; ඉංජිනේරු සංගමයේ සභාපති කුමාරවඩු" | "විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් වෘත්තීය කි්රයාමාර්ගවල නිරත වන්නේ වැටුප් වැඩි කර ගැනීම හෝ වෙනත් ඉල්ලීම් සඳහා නොවන බවත් තම එකම ඉල්ලීම රටේ විදුලි ඒකාධිකාරිය රටට ලබාගැනීම බවත් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්ය කුමාරවඩු මහතා ‘දිවයින’ට ඊයේ (26දා) පැවසීය. රටේ විදුලි අවශ්යතාවය හා එහි ඉදිරි දැක්ම පිළිබඳව වෘත්තිකයන... |
"සන්ෂයින් සුද්දා ඝාතනයකර ඇත්තේ ලක්ෂ 75ක කොන්ත්රාත්තුවකට: පාතාලයේ ටින්කර් ලසන්ත පොලිස් වෙඩි පහරින් මරුට" | "‘හරක්කටා’ නමැති මත්ද්රව්ය ජාවාරම්කරු ලබාදුන් රුපියල් හැත්තෑපන් ලක්ෂයක කොන්ත්රාත්තු මුදලකට සන්ෂයින් සුද්දා වෙඩි තබා ඝාතනය කළ ‘ටින්කර් ලසන්ත’ නමැති පාතාල අපරාධකරු කළුතර දියගම දී පොලිස් වෙඩි ප්රහාරයකින් පෙරේදා (25 වැනිදා) රාත්රියේ මිය ගියේය. මෙම පාතාල අපරාධකරු සහ පොලිස් නිලධාරීන් අතර දියගමදී වෙඩි හුවමාරුවක් ද සි... |
"රටේම ගෑස් සිලින්ඩර් සංයුතිය චෙක් කරන්න යන්නේ පැයයි – තුෂාන් ගුණවර්ධන" | "මේ පවතින ගෑස් සිලින්ඩර්වල සංයුතිය පැයකින් පරීක්ෂා කර වාර්තාවක් ලබාදිය හැකි පරීක්ෂණාගාර මෙරට තුළ පවතින නිසා සති ගණන් ප්රමාද කිරීමට අවශ්ය නැතැයි පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (26දා) පැවසීය. මෙරටේ ගෑස්වල ප්රමිතිය බියුටේන් සියයට 80 ක් සහ ප්රොජෙන් සියයට 20 ක් ලෙස අඩංග... |
"42 වැනි ජාතික යෞවන සම්මාන උළෙලේ හොඳම නළුවෝ හා නිළියෝ" | "ජාතික තරුණසේවා සභාව සංවිධානය කළ 42 වැනි ජාතික යෞවන සම්මාන ප්රදාන උළෙල ඊයේ (26 දා) නෙළුම්පොකුණ රඟහලේදී තරුණ කටයුතු හා කී්රඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.එම සම්මාන උළෙලේදී වසරේ කෙටිනාට්ය අංශයේ හොඳම නළුවා හා නිළිය ලෙස සම්මානයට පාත්ර වූ තරිඳු මධුශංක හා ප්රාර්ථනා සමාධි (වමේ* සහ දිගු නාට්... |
"මෛතී්ර ගහන ගැහිල්ල සහරාන්ගේ වගේද දන්නේ නෑ: රොෂාන් රණසිංහ මැතිසබයේදී කියයි" | "කාබනික වගාව අල්ලාගෙන දේශපාලනය ශී්රලනිපයේ එක්කෙනකු, දෙන්නකු ආණ්ඩුවෙන් ඉවත්ව ගියාට කිසිදු ගැටලූවක් නැතැයි රාජ්ය ඇමැති රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26 දා) කීය. ඊට පෙර දින හිටපු ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා කරන ලද ප්රකාශයක් සම්බන්ධයෙන් විශේෂ ප්රකාශයක් කරමින් හෙතෙම මේ බව කී අතර එහිදී මෙසේ කියා සිටිය... |
"ද. අප්රිකානු නව විකෘති ප්රභේදය ශ්රී ලංකාවත් සලිත කරයි" | "කොවිඞ් මර්දනය කිරීම වෙනුවෙන් ලබා දෙන සෑම එන්නතකටම ප්රතිවිරෝධයක් දක්වන දකුණු අප්රිකානු කලාපයෙන් සොයාගත් බී.1.1.529 නව විකෘති කොවිඞ් ප්රභේදය මෙරට ද පැතිර යෑමේ අවදානමක් පවතින බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්ය නවීන් ද සොයිසා මහතා ‘දිවයින’ ට ඊයේ (26 දා) ප්රකාශ කළේය. මෙම නව විකෘති කොවිඞ් ප්රභේදය... |
"වැලිකන්දේ ගෑස් සිලින්ඩරයක් පිපිරී තුවාල ලැබූ කාන්තාව දින 19 කට පසු මියයති" | "පොලොන්නරුව, වැලිකන්ද සඳුන්පිටිය ගම්මානයේ නිවසක ගෑස් සිලින්ඩරයක් පුපුරා යෑමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දින 12 ක් ප්රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි තරුණ කාන්තාවක පෙරේදා (25 වැනිදා) සවස මරණයට පත් වූවාය. මෙම ගෑස් සිලින්ඩර් පිපිරී යෑමේ සිද්ධියත් සමග දැනට වාර්තා වී ඇති මුළු ගෑස් සිලින්ඩර් පිපිරීමේ සිද්ධීන් ගණන 06 ... |
"පොලොන්නරුවේ ඉපැරණි නෙළුම් පොකුණ වසා දමා එහි ආකෘතියක් හදන්න යනවා" | "පුරාවිද්යා නීති රීති උල්ලංඝනය කරමින් ඊට පටහැනි ලෙස පොළොන්නරුව පුරාවිද්යා භූමියේ පිහිටා ඇති පෙති 6 කින් යුක්ත නෙළුම් පොකුණ කැණීම් හා සංරක්ෂණ කටයුතු නතර කර ඒ වෙනුවෙට එම ඉපැරණි නෙළුම් පොකුණ වසාදමා ඊට උඩින් එහි ආකෘතියක් නිර්මාණය කිරීමට යන බව ප්රදේශවාසීන් චෝදනා කරති. පැරණි ආනඋලූන්දාව ප්රදේශයට අයත් කෝන්වැවෙහි පිටවාන ආ... |
"රස පරීක්ෂක ගෑස් සංයුතිය ගැන නොකීමෙන් ජනතාව අතර විශාල සැකයක් ඇතිවෙලා – මන්ත්රී මුජිබර් රහුමාන්" | "ආණ්ඩුව කෘෂිකර්මය පිළිබඳ ගත්ත ඔලමොට්ටල තීන්දු නිසා රටට විශාල හානියක් සිදු වී ඇති බව කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජේ. සී. අලවතුවල මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (26 දා) පැවති මාධ්ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා මෙසේද කීය. අද රටේ වර්තමාන තත්ත්වය දිහා බැලූවම ඉතාමත් අවාසනාවන්ත තත්ත... |
"රියැදුරු කතගේ නින්ද රෝහලෙන් නවතී: කාරය කුඩුපට්ටම් වී දෙදෙනකුට බරපතළයි" | "ඇල්පිටිය සිට පිටිගල දෙසට ධාවනය වූ මෝටර් රථයක් පෙරේදා (25 දා) රාත්රී කැටන්දොල තේ කම්හල අසලදී ලයිට් කණුවක හැපීමෙන් මෝටර් රථය කුඩුපට්ටම් වී ඇති අතර දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහල වෙත මාරුකර යවා ඇත.මෙම මෝටර් රථය පැදවූ කාන්තාවට නින්ද යෑම නිසා අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය සැ... |
"කෘෂි රසායන අලෙවි සල් බොහොමයක් පළිබෝධ නාශක රෙජිස්ට්රාර් කාර්යාලයේ ලියාපදිංචි වී නෑ – ජාතික විගණන කාර්යාලය" | "පළිබෝධ නාශක රෙජිස්ට්රාර් කාර්යාලයේ ලියාපදිංචි වී ලබාගත් විධිමත් සහතිකයක් යටතේ පළිබෝධ නාශක අලෙවි කටයුතු සිදුවිය යුතු වුවද” 2018 වන විට දිවයින පුරා පළිබෝධ නාශක අලෙවි සැල් 2294 ක් අතුරින් අලෙවි සහතික ලබා ගෙන තිබූ වෙළෙඳ සැල් ප්රමාණය 1079 ක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ... |
"මුදල් භාවිතයෙන් තොරව ගනුදෙනු කරන හැටි හඳුන්වා දෙයි" | "මුදල් භාවිතයෙන් තොරව LANKA QR ඩිජිටල් ගනුදෙනු ව්යාපෘතිය හඳුන්වාදීම මහ බැංකුවේදී සිදුකෙරිණි. එම අවස්ථාව සංකේතවත් කරමින් ඊට සහභාගි වූ තරුණ කටයුතු හා ක්රීඩා සහ සංවර්ධන සම්බන්ධිකරණ හා අධීක්ෂණ ඇමැති සහ ඩිජිටල් තාක්ෂණය හා ව්යවසාය සංවර්ධන රාජ්ය ඇමැති නාමල් රාජපක්ෂ මහතාට මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින... |
"ඔක්සිජන් අවශ්ය කරන කොරෝනා රෝගීන්ගේ සංඛ්යාව ඉහළට" | "මෙරටින් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්යාව ක්රමයෙන් වැඩි වීමත් සමගම රෝහල්ගත කෙරෙන ඔක්සිජන් අවශ්ය කරන අසාධ්ය කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්යාව ද මේ වන විට ඉහළ යමින් පවතින බව සෞඛ්ය අමාත්යංශයේ ජ්යෙෂ්ඨ නිලධාරියකු පැවසීය. මෙම තත්ත්වය දැඩි ලෙස අවධානය යොමු කළ යුතු තත්ත්වයක් බව පෙන්වා දෙන එම නිලධාරීවරයා සැම දෙනෙකුම... |
"රස පරීක්ෂක ගෑස් සංයුතිය ගැන නොකීමෙන් ජනතාව අතර විශාල සැකයක් ඇතිවෙලා – මන්ත්රී මුජිබර් රහුමාන්" | "ආණ්ඩුව කෘෂිකර්මය පිළිබඳ ගත්ත ඔලමොට්ටල තීන්දු නිසා රටට විශාල හානියක් සිදු වී ඇති බව කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජේ. සී. අලවතුවල මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (26 දා) පැවති මාධ්ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා මෙසේද කීය. අද රටේ වර්තමාන තත්ත්වය දිහා බැලූවම ඉතාමත් අවාසනාවන්ත තත්ත... |
"විධායක ජනාධිපති ධුරයේ මූලික ලක්ෂණය ආත්මාර්ථකාමිත්වයයි: හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා" | "නීතීඥ කල්යානන්ද තිරාණගම මහතා විසින් රචනා කරන ලද තවමත් හමුනොවූ සාධාරණය සොයා ‘‘කලණ වත.. කෘතිය ජනගත කිරීම කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්රී ලංකා පදනම් ආයතනයේදී පෙරේදා (25දා) සිදු කෙරිණි. එම කෘතියේ මුල් පිටපත කල්යානන්ද තිරාණගම මහතා විසින් ආචාර්ය පූජ්ය බෙංගමුවේ නාලක හිමිපාණන්ට පිළිගන්වන ලදී. මෙම අවස්ථාවේ ප්රධාන දේශන... |
"ශ්රීලනිප 70 වැනි සංවත්සරයට සමගාමීව කොළඹ ලේ දන්දීමේ කඳවුර සංවිධානය කළ සංවිධායකයෝ ඇගයෙති" | "ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරයට සමගාමීව දිවයින පුරා ලේ දන්දීමේ කඳවුරු පැවැත් වූ අතර කොළඹ දිස්ත්රික්කයේ සාර්ථක ලෙස ලේ කඳවුරු සංවිධානය කළ ශ්රීලනි පක්ෂයේ කොළඹ දිස්ත්රික් සංවිධායකයන්, ආසන සංවිධායකයන් හා ශ්රීලනි පක්ෂයේ තරුණ හා කාන්තා පෙරමුණුවලට ද ස්තුති කිරීමක් හා ශ්රීලනි පක්ෂයේ අභිවෘද්ධිය සඳහා සුහද හ... |
"ගුටිකෙළි බලකෙළි අභියෝග මැද මැතිසබයේ මොනර ජවනිකා රඟදෙයි" | "වත්මන් ජනාධිපතිගේ හා පෙර සිටි ජනාධිපතිවරුන්ගේ වැය ශීර්ෂයන් සම්බන්ධයෙන් පෙර දිනයක සන්සන්දනාත්මක අදහස් දැක්වීමක් පිළිබඳව ඊයේ (25 දා) පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මෛති්රපාල සිරිසේන, දයාසිරි ජයසේකර සහ මහින්දානන්ද අලූත්ගමගේ යන මහත්වරු විවේචනාත්මක වචන හුවමාරුවක නිරත වූහ. එහිදී මෛති්රපාල සිරිසේන මහතාට පක්ෂව අදහස් දැක... |
"විදුලි සටන තීන්දුයි: යුගදනවි පැවරීමේ ගිවිසුම අහෝසි කරන්න – ලංවිම ඉංජිනේරුවො අකුරට වැඩ" | "යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් සහ එල්. එන්. ජී. ඒකාධිකාරිය ඇමෙරිකානු නිව් ෆෝට්රස් සමාගමට ලබාදීමට අත්සන් කර තිබෙන ගිවිසුම අහෝසි කරනතෙක් ලංකා විදුලිබල මණ්්ඩලයේ ඉංජිනේරු සංගමය ඊයේ (25දා) සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්රියාමාර්ගයට අවතීර්ණ විය. බලධාරීන් මෙම වෘත්තීය ක්රියාමාර්ගයට ඇහුන්කන් නොදෙන්නේ නම් ඉංජිනේරු... |
"මහ බැංකුවේ පොලී අනුපාත වෙනස් නොකරයි" | "ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මහ බැංකුවේ පොලී අනුපාත දැනට පවතින මට්ටමේම නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර ඇත. මේ අනුව මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පෙරේදා (24දා) පැවති රැුස්වීමේදී ශ්රී ලංකා මහ බැංකුවේ නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 ලෙස දැනට පවතින ... |
"සමාගම් කිසිවිටෙක බාල ප්රමිති ගෑස් වෙළෙඳ පොළට දාන්නේ නෑ – ලාෆ් ගෑස් වෙතින් මාධ්ය නිවේදනයක්" | "මෙරටට ගෑස් ආනයනය කරන ආයතනයක් ලෙස ලාෆ්ස් ගෑස් සමාගම මගින් ඇතිකරගත් නිර්ණායකයන්ට අනුව සහ ශ්රී ලංකා ප්රමිති කාර්යාංශය ප්රකාශයට පත් කර ඇති සම්මතයන්ට අනුව එල්. පී. ගෑස්වල ප්රමිතිය පවත්වාගෙන යනු ලබන බව ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කරයි. ‘බාල ප්රමිති’ යනුවෙන් මාධ්යයෙන් ප්රකාශ කරන ආකාරයේ ගෑස්, එල්. පී. ගෑස් සමාගම් විස... |
"ඩොලර් හිඟය නිසා වරායේ කන්ටේනර් හිරවෙන්න දෙන්නේ නෑ – මහ බැංකු අධිපති" | "ඩොලර් හිඟය හේතුවෙන් වරායේ කිසිදු කන්ටේනරයක් හිරනොවන පරිදි කටයුතු කිරීමට ශී්ර ලංකා මහ බැංකුව සූදානම් බව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (25දා) පැවැති මහ බැංකු මාධ්ය හමුවේදී කීවේය.වරායේ කන්ටේනර් සිර වී ඇති බවට තමා ඊයේ පුවත්පත් වාර්තාවලින් දුටු බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සම`ග ඒ සම්බන්ධයෙන් සාක... |
"පිරිසක් අකුරට වැඩ කළත් දිගටම විදුලිය දෙනවා මේ අරඅඳින්නේ හදිසි මිලදී ගැනීමකට ලංවිම ජ්යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්ය ප්රකාශක නන්දික පතිරගේ" | "විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් අකුරට වැඩ කරමින් මේ අරඅදින්නේ නිය`ගයට මුවාවී වැඩි මිලට පෞද්ගලික බලාගාරවලින් හදිසි විදුලිය මිලදී ගැනීමට යැයි ඉංජිනේරු සංගමයේ හිටපු සභාපතිවරයකු මෙන්ම ජ්යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්ය ප්රකාශක නන්දික පතිරගේ මහතා ‘‘දිවයින’’ට පැවසීය. පිරිසක් අකුරට වැඩ කළත් විදුලිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට ජ්යෙෂ්ඨ... |
"ගුවනින් ආ පාර්සල්වල මිලියන 20 ක මත්කුඩු" | "කැනඩාව, බි්රතාන්ය, ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ටේ්රලියාව හා ඉතාලිය යන රටවලින් ගුවන් මගින් මෙරටට එවා තිබූ පාර්සල් තුළ තිබූ කුෂ් නමැති ගංජා මත්ද්රව්ය ග්රෑම් 1300ක් සොයා ගැනීමට රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් ඊයේ (25වැනිදා) සමත්වී තිබේ. රාගම, පිළියන්දල, කොළඹ, නුවර සහ අහංගම යන ලිපිනයන් වෙත එවා තිබූ මෙම පාර්සල්ව... |
"කොළඹ ජාතික අක්ෂි රෝහලේ සේවාව දින 7 පුරාවටම" | "කොළඹ ජාතික අක්ෂි රෝහලේ සේවා කටයුතු සතියේ දින 7 පුරාවටම සෞඛ්යාරක්ෂිත ක්රමවේද අනුගමනය කරමින් පැවැත්වෙන බව එම රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛi ධම්මික අලහප්පෙරුම මහතා පැවසීය. එම සේවා කටයුතු දිනපතා පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා සිදු කෙරෙන බවද ඒ මහතා කීය. අක්ෂි සායන කටයුතු, ශල්යකර්ම, බාහිර රෝගී අංශයේ කටයුතු සියල්ලක්ම මේ ව... |
"රසායනික පොහොර ගේන්න තවත් කාලයක් යයි: සමාගමක් කියයි" | "රසායනික පොහොර ආනයනය කිරීමට රජය විසින් පුද්ගලික අංශයට අවසර ලබාදුන්නද ඒ සඳහා තවත් කාලයක් ගතවනු ඇතැයි පොහොර ආනයනය කරන සමාගමක ප්රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය. දැනට ලෝක වෙළෙඳපොළේ පවතින රසායනික පොහොර හිඟය හා ශ්රී ලංකාවට වැඩි වශයෙන් රසායනික පොහොර ආනයනය කරන චීනය, පොහොර අපනයනය සීමා කර තිබීම ඊට හේතුවී ඇතැයිද එම ප්රකාශකයා කිය... |
"බුදුන්වහන්සේත් ජේසුස් වහන්සේත් එකම තැනකදී වැඳපුදා ගැනීමට පල්ලියක් පන්සලකට පූජා කළ ඇමරිකානුවෝ" | "බුදු දහම පෙරදිග බිහිවූ විශිෂ්ටතම අධ්යාත්මික දර්ශනයකි. මෛති්රය, මුදිතාව, කරුණාව, උපේක්ෂාව පදනම් වූ නිදහස් නිවහල් චින්තනයට අනුබල දෙන්නාවූ බුදුදහම සාමය, සංහිඳියාවට, අධ්යාත්මික නිවීමට මඟක් කොට ගනිමින් සමස්ත ලොව වෙත එහි සැබෑ හරය අත්දකින්නට සැලැස්වීම අප සතු වගකීමකි. ඇමරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ, ලංකාරාම විහාරස... |
"කාන්තා මන්ත්රීවරියන් හිංසනයට ලක්කිරීම හෙළා දකිනවා : රෝසි සේනානායක" | "ජනතාව පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවූ මන්ත්රීවරයා කාන්තා මන්ත්රීවරියන්හට වාචිකව හා මානසිකව හිංසනයට ලක් කිරීම සම්බන්ධයෙන් තමා හෙළා දකින බව කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය කාන්තාවන් වෙනුවෙන් පෙරේදා (24 දා) සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනකදී පැවැසීය.එසේම එයට එරෙහිව නැඟී සිට පක්ෂ පාට භේදයකින් තොරව සුදර්ශිනී ප්රනා... |
""92,000 ක් මේ වසරේ රට රස්සාවලට ගිහින් – රාජ්ය ඇමැති පියංකර ජයරත්න"" | "විදේශ රැකියා සඳහා මෙම වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයන් 92,000 ක සංඛ්යාවක් පිටත්ව ගොස් ඇති බව විදේශ රැකියා ප්රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්ය අමාත්ය පියංකර ජයරත්න මහතා පවසයි. කොරෝනා වසංගත තත්ත්වය නිසා ඇතැම් රටවල අපගේ ශ්රමිකයන්ගේ පැමිණීම අත්හිටුවා තිබූ අතර, එම තහනම ලිහිල් කිරීමත් සමග මෙම පිරිසට වැඩිපුර විදේශ... |
"ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න බෑ… අද මට හෙට ඔබට…! ඒකයි පාරට බැස සිංදු කියන්නේ…!" | "රැකියාවෙන් ලැබෙන සුළු වැටුපෙන් ජීවත් වීමට නොහැකි ලෙස බඩු මිල මේ වනවිට ඉහළ ගොස් ඇති බව පවසමින් පුද්ගලයකු නිට්ටඹුව නගරයේ පොදු වෙළඳ සංකීර්ණය අසල ඇති ත්රිරෝද රථගාල ඉදිරිපිටට පැමිණ ගීත ගායනා කරමින් මුදල් සොයා ගැනීමේ නිරතව සිටින අයුරු ‘දිවයින’ කැමරාවේ මෙලෙස සටහන් විය. ‘‘මාසික වැටුප ජීවත් වෙන්න මදි, කැමැත්තෙන් ආශාවෙන් පාරට... |
"රාජ්ය සේවක විශ්රාම වයස 65 කිරීම මෙතෙක් තීරණයක් නෑ – ඇමැති ජනක තෙන්නකෝන්" | "රාජ්ය සේවකයන්ගේ විශ්රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි රාජ්ය සේවා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 ද)පැවසීය.ඕනෑම රාජ්ය සේවකයකුට ජනවාරි 01 දායින් පසුව වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසුව ඕනෑම දිනයක විශ්රාම යා හැකි බව පැවසූ ඇමැතිවරයා වයස 65 ද... |
"ලිට්රෝ ගෑස් සියලූ නිෂ්පාදන ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලයි – ලිට්රෝ ගෑස් වෙළෙඳ හා අලෙවි අධ්යක්ෂ" | "සිය සමාගම විසින් වෙළඳපොළට නිකුත් කරන ගෑස් සිලින්ඩර අනාරක්ෂිත බවට සමාජ ජාල ඔස්සේ පළවන ප්රචාර මුළුමුනින්ම පදනම් විරහිත, සාවද්ය ප්රකාශ බව ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ වෙළෙඳ හා අලෙවි අධ්යක්ෂ ජනක පතිරත්න මහතා ඊයේ (25 වැනිදා) ‘දිවයින’ට පැවසීය. එහෙයින් ගෑස් පාරිභෝගිකයන් ඒ පිළිබඳව අනියත බියක් තබා ගත යුතු නැති බව ද හෙතෙම සඳහ... |
"ගෑස් පිපිරුණේ ඇයි වායු සංයුතියේ වෙනසකින් බව රස පරීක්ෂක වාර්තා මගින් තහවුරු වී නෑ: රජයේ රසපරීක්ෂක" | "ඇතැම් මාධ්ය වාර්තා කර ඇති පරිදි ඉකුත් දිනවල ඇතිවූ ගෑස් පිපිරීම් සිදුව ඇත්තේ වායු සංයුතිය වෙනස් වීමෙන් යැයි රජයේ රස පරීක්ෂක වාර්තා මගින් තහවුරු වන බව ස`දහන් කිරීම සම්පූර්ණයෙන්ම අසත්යයක් බව රජයේ රසපරීක්ෂක ගෞරි රාමනා මහත්මිය ස`දහන් කරන්නීය. කොළඹ 07 ප්රදේශයේ අවන්හලක ඇතිවූ ගින්න පිළිබ`දව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්ත... |
"දැන් වෙළෙඳුන්ට උඩ පැන පැන පොහොර මිල නියම කළ හැකියි – නාමල් කරුණාරත්න" | "රජයේ සමාගම්වන ලක් පොහොර සහ කොමර්ෂල් පොහොර සමාගම් අක්රීය කරමින් පෞද්ගලික අංශයට පොහොර ආනයනයට අවසර ලබාදීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව හේතුවෙන් පොහොර මිල අසීමිත ලෙස ඉහළ ගොස් ගොවියන් තවදුරටත් අපහසුතාවයට පත්ව ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු, නාමල් කරුණාරත්න මහතා ‘දිවයින’ට ඊයේ (24දා* පැවැසීය. පොහොර වෙනුවෙන් ගොවි... |
"පාර්ලිමේන්තුව – ආගම් අතර සහජීවනයෙන් ජීවත්වීමට – දහම් පාසල් පද්ධතිය ශක්තිමත් කිරීමට විශාල මුදලක් වෙන් කරනවා- අගමැති මහින්ද රාජපක්ෂ" | " අපි පඩි වැඩි නොකළානම් රාජ්ය සේවකයන්ට බඩගින්නේ ඉන්නයි වෙන්නේ – රංජිත් මද්දුම බණ්ඩාර හැකියාව මත උසස්වීම් දී රාජ්ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිකරන්න – විජිත හේරත්කොළඹ ගිනි නිවන අංශයේ උපකරණ වසර 12 ක් පරණ ඒවා- මුජිබර් රහුමාන්උගතුන් රට පාලනය කරයි කියලා තරුණයන් හිතුවා රාජ්ය සේවය මිලිටරිකරණය කළා- අජිත් මාන්නප්පෙරුමසියලූ උපාධ... |
"පාස්කු ප්රහාරයට හිටපු ජනපති අගමැති ඇතුළු ඇමැතිවරු වගකිව යුතුයි – කොමිසම නිර්දේශ කර ඇතැයි ජනපති කියයි" | "* වගකිව යුතු අයගේ අයිතිවාසිකම් අවශ්යනම් අත්හිටුවිය හැකියි* ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කල්යාණි රන් පිවිසුම ජනතා අයිතියට පත්කරමින් කියයි පාස්කු දා සිදුවූ ප්රහාරයට එවකට ජනාධිපති, අගමැති ඇතුළු මුළු ඇමැති මණ්ඩලයම වගකිව යුතු බවට ඔවුන් විසින්ම පත්කළ ජනාධිපති කොමිසම මගින් නිර්දේශ කර ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහ... |
"පොහොර ගැන ආණ්ඩුව රැට කියන කතා උදේට වෙනස් කරනවා – විපක්ෂ නායක සජිත් පේ්රමදාස" | "ජනාධිපතිවරණ සමයේදී නොමිලේ ජනතාවට රසායනික පොහොර දෙන්න පොරොන්දු වූ ආණ්ඩුව ඔවුන්ගේ ප්රතිපත්ති ප්රකාශනයෙන් කියා සිටියේ ක්රමානුකූලව වසර 10 කින් කාබනික වගාවට ශ්රී ලංකාව යොමු කරන බව වුවත් මේ වන විට ඒ සියල්ල උල්ලංඝනය කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇතැයි විපක්ෂ නායක සජිත් පේ්රමදාස මහතා පැවසීය.ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අයවැ... |
"කැලණි ගං කොමළියට ගුවනින් බැදුණු රන් පිවිසුම" | "ශී්ර ලංකාවේ පළමු වරට ඉදිවූ අධිතාක්ෂණ කේබල් මත ඉදිකළ නව කැලණි පාලම හෙවත් කල්යාණි රන් පිවිසුම ඊයේ (24 දා) සවස 6.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් විවෘත වූ අයුරු. මෙම අවස්ථාවට මහා මාර්ග අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු, රාජ්ය ඇමැති නිමල් ලන්සා සහ ශී්ර ලංකාවේ... |
"පොහොර ගැසට්ටුව රිවස් කර ගනී – රසායනික පොහොර ආනයනයට පෞද්ගලික අංශයට අවසර" | "රසායනික පොහොර තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කළ රජය යළි රසායනික පොහොර, වල් නාශක, කෘමි නාශක ආනයනය ස`දහා පෞද්ගලික අංශයට අවසර ලබා දීමට ඊයේ (24 වැනිද) තීරණය කරනු ලැබීය.‘සෞභාග්යයේ දැක්ම’ ප්රතිපත්ති ප්රකාශයේ ස`දහන් පරිදි හරිත කෘෂිකර්මාන්තයක් ස`දහා වූ රජයේ වැඩපිළිවෙළට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා... |
"සෞඛ්ය වෘත්තීන් 21 ක වර්ජනයෙන් රෝහල් සේවා අඩාළ වෙයි" | "සෞඛ්ය වෘත්තීන් 21ක් ඊයේ (24දා) ක්රියාත්මක කළ දීපව්යාප්ත දෙදින වැඩවර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලින් බෙහෙත් නිකුත් කිරීමේ කටයුතු, එක්ස් කිරණ පරීක්ෂණ, එම්.ආර්.අයි. ස්කෑන්, සී.ටී. ස්කෑන් පරීක්ෂණ ඇතුළු විකිරණ පරීක්ෂණ කටයුතු, වාට්ටුවල රෝගී සත්කාරක කටයුතු ඇතුළු රෝහල් සේවාවන් රැුසක් අඩාළ වූ බව රෝහල් ආරංචි ම... |
"ජීවිත 6ක් බිලිගත් කින්නියා පාලම්පාරුවේ හිමිකරු ඇතුළු 3ක් රිමාන්ඩ්" | "* කලබල කළ අයත් අල්ලන්න විමර්ශනජීවිත හයක් බිලිගනිමින් ත්රිකුණාමලයේ කින්නියා කුරුඤ්ඤන්කර්නි කලපුවේ පෙරළී ගිය පාලම්පාරුවේ හිමිකරු එය පැදවූ පුද්ගලයා සහ මුදල් අයකැමිවරයා කින්නියා පොලිසිය මගින් ඊයේ (24 දා) අත්අඩංගුවට ගෙන ඇත.අබලන්වූ පාලම්පාරුවක් යොදාගෙන ඉතාම අනාරක්ෂිත ආකාරයට මගීන් විශාල පිරිසක් නංවාගෙන ගොස් ඔවුන් අනතුරට ලක... |
"අයිසිස් ක්රියා ගැන ශ්රී ලංකාවට රුසියාවෙන් බුද්ධි තොරතුරු" | "අයිසිස් ත්රස්තවාදී කි්රයා සහ මුදල් හුවමාරුව ඇතුළු වෙනස් අන්තවාදී කි්රයාවලට අදාළ බුද්ධි තොරතුරු ශ්රී ලංකාවට ලබාදීමට රුසියාව තීරණයකර ඇත.ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ රුසියානු ආරක්ෂක මණ්ඩලයේ ප්රධානි නිකෝලායි අතර පැවැති සාකච්ඡුාවේ මේ ගැන එකඟතාවයකට පැමිණ තිබේ.රුසියානු බුද්ධි සේවාව සිරියාව තුර්කිය සහ ඉරානය යන රටවල අයි... |
"ඔටුන්නක් දාගෙන ඉන්නේ රගපාන්න නොවෙයි" | "”ඔටුන්නක් වගේ එකක් දාගෙන ඉන්නේ ටෙලිනාට්ය නළුවෝ වෙන්න නොවෙයි. ජනතාවගේ දුක වෙනුවෙන් පෙනී සිටින්න. ඒක කරන්න බැරි නම් අපි මේවා ගලවලා දාලා යන්න ඕනේ’’ යැයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පෙරේදා (23දා) රාත්රියේ පැවසූහ.වාද්දුව ශුද්ධෝත්තම දෙව් මැඳුරේ නවීකරණය කරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව අදහස... |
"කන්ටේනර් දහසක් වරායේ හිරවෙලා" | "මේ වනවිට කොළඹ වරායේ අත්යවශ්ය පාරිභෝගික ද්රව්ය අඩංගු කන්ටේනර් දහසක් පමණ සිර වී තිබුණත් දින දහයක සිට එක ඩොලරයක්වත් මුදාහැරීමට පියවර නොගැනීමෙන් ඉදිරි සති කිහිපයේ පාරිභෝගික ද්රව්ය හිඟයක් මතුවිය හැකි යැයි අත්යවශ්ය පාරිභෝගික ද්රව්ය ආනයනකරුවන්ගේ සංගමය කියා සිටී.මේ වනවිට එළවළු මිල ගණන් විශාල ලෙස ඉහළ යෑම නිසා අල, ලූන... |
""මහවිරු උළෙල වාරණයට පොලිසිය කළ ඉල්ලීම් කයිට්ස්, මල්ලාකම් උසාවි ප්රතික්ෂේප කරයි"" | "උතුරේ මහවිරු උළෙල පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස කයිට්ස් හා ඩෙල්ෆ්ට් පොලිසි විසින් කයිට්ස් හා මල්ලාකම් අධිකරණවලින් 23 දා කළ ඉල්ලීම් දෙකක් එම අධිකරණ විසින් ප්රතික්ෂේප කොට තිබේ.එම අධිකරණවල මහෙස්ත්රාත්වරුන් පොලිසියට ප්රකාශ කොට ඇත්තේ එම පළාත්වල මහජනතාව ඒකරාශී කොට උත්සව පැවැත්වීමක් පිළිබ`දව පූර්ව වාර්ත... |
"තොරතුරු රැස්කළ බුද්ධි නිලධාරින්ට පහර කෑමටත් වූණා – හිටපු රාජ්ය බුද්ධි ප්රධානි නිලන්ත ජයවර්ධන සාක්ෂි දෙමින් කියයි" | "රාජ්ය බුද්ධි අංශය ස්ථාපිත කර තිබුණත් බුද්ධි තොරතුරු රැස්කිරීම සම්බන්ධයෙන් නිසි නීතිමය රාමුවක් නොමැතිවීම නිසා භූමියේ සිට බුද්ධි තොරතුරු රැුස්කරන තම නිලධාරීන්ට විවිධ පුද්ගලයන්ගෙන් පහරකෑමට පවා සිදුවූ අවස්ථා ඇතැයි හිටපු රාජ්ය බුද්ධි ප්රධානි ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (24දා) කොළඹ විශේෂ ති්රප... |
"ගෑස් මිල ඉහළ යෑම නිසා ආදාහන ගාස්තුත් නගී" | "ගෑස් මිල ඉහළ යෑම නිසා ආදාහනාගාරවල මළ සිරුරක් පිළිස්සීම සඳහා අයකරන ගාස්තුව රුපියල් දෙසීයකින් ඉහළ දැමීමට ඒ ඒ ප්රාදේශීය සභා පියවර ගෙන ඇත.මෙතෙක් මළ සිරුරක් ආදාහනය කිරීම සඳහා අය කළ රුපියල් 5800ක ගාස්තුව රු. 6000 දක්වා ඉහළ දැමීමට අත්තනගල්ල ප්රාදේශීය සභාව තීරණය කර ඇත. එම ප්රාදේශීය බල ප්රදේශයෙන් පිටත අයගේ දේහ ආදාහනයට ... |
"ඉකුත් මාස හතේ අයවැය හි`ගය කෝටි 14190කින් වැඩිවෙලා" | "මේ වසරේ (2021) පළමු මාස හතක කාලයේදී රජයේ අයවැය හි`ගය රුපියල් කෝටි 14190 කින් සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත.මේ අනුව ගිය වසරේ (2020) ජනවාරි සිට ජූලි දක්වා කාලයේදී රුපියල් කෝටි 87260 ක් වූ සමස්ත අයවැය හි`ගය මේ වසරේ (2021) ජනවාරි සිට ජූලි දක්වා කාලයේදී රුපියල් කෝටි 101450 ක් දක්වා ඉහළ ගොස් තිබේ.මේ අනුව සමස්ත අයවැය හි`ගය දළ... |
"සිරුරේ රත්රං සඟවාගෙන බැංගලෝර් ගුවන්තොට ට පැමිණි ශ්රී ලාංකිකයෝ 10ක් දැලේ" | "සිරුර තුළ රත්රං සඟවාගෙන බැංගලෝර් ගුවන්තොටුපළ වෙත පැමිණි ශ්රී ලාංකික කාන්තාවන් අට දෙනකු සහ පිරිමින් දෙදෙනකු බැංගලෝර් ගුවන් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මොවුන් ශ්රී ලංකන් ගුවන් යානයකින් බැංගලෝර් ගුවන්තොටුපළ වෙත පැමිණෙන අවස්ථාවේ රන් ජාවාරමක් ගැන තොරතුරු ලැබී තිබේ.රත්රන් දියර ලෙස සිරුරේ සඟවාගෙන ඉන්දියාවට ගෙනයන මුල්... |
"උපාධිධාරීන් 600ක් කම්කරු රැකියාවේ – ලක්ෂ්මන් කිරිඇල්ල" | "උපාධිධාරීන් හයසියදෙනෙකු පමණ මේ වනවිට රාජ්ය සේවයේ කම්කරුවන් ලෙස සේවයේ නිරත වනබව විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) පැවසීය.ඊට පිළිතුරු දුන් රාජ්ය සේවා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ එසේ කොට ඇත්තේ පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී බවය.කෙසේ වෙතත් ඒ පිළිබ... |
"ඩොලර් විසි දහසක් සහ රුපියල් කෝටියක් ඩුබායි පන්නන්න ගිය ව්යාපාරිකයා කටුනායකදී මාට්ටු" | "ඇමරිකානු ඩොලර් සහ ශී්ර ලංකා මුදල් නීති විරෝධීව එක්සත් අරාබි එමීර් රාජ්යයේ ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ගුවන් මගියකු කටුනායක, බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළේ පිටවීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් විසින් ඊයේ (23වැනිදා) අලූයම අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබූ රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂ හැටදහසක් ... |
"තව සතියක්ම වැස්ස: අදයි හෙටයි වැසි වැඩි වෙයි – කාලගුණේ කියයි" | "පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සතියක පමණ කාලයක් පවතින බවත්, අද (24 දා) සහ හෙට (25දා) වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්යක්ෂිකා ශිරෝමණී ජයවර්ධන මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.මෙම වැසි තත්ත්වය සාපේක්ෂව අඩු වැඩි වශයෙන් පවතින බව ද දිවයිනට ගිනිකොන දෙසින් නිරිත දිග බෙංග... |
"කාලේ බෝතල් තහනම ප්රායෝගික නෑ: මත්පැන් සමාගම් කියයි" | "කාලේ මත්පැන් බෝතල් තහනම් කිරීම ප්රායෝගිකව කළ නොහැකි දෙයක් යැයි මත්පැන් සමාගම්වල ප්රධානීහු කියා සිටිති.මත්පැන් මත අයකරන සුරාබදු නිසා අරක්කු බෝතලයක් මිලදී ගැනීමද අසීරු වී තිබෙන කාලයක කාලේ බෝතලයක් මිලදී ගත්නේ ද ඉතා අමාරුවෙන් බව එම සමාගම් කිහිපයක ප්රධානීහු ‘‘දිවයින’’ට පැවසූහ.2108 වසරේ දී මෙරට මත්පැන්ලෝලීන් පානය කළ ම... |
"මියගිය කොටි සැමරීම ප්රතික්ෂේප කරනවා: නෝර්වේ ප්ලොට් නායක" | "මියගිය කොටි ත්රස්තවාදීන් සැමරීමේ මහා විරු උත්සව මුළුමනින්ම ප්රතික්ෂේප කරන බව නෝර්වේහි ප්ලොට් නායක රාජන් සිවරාජන් ඊයේ (23දා) දිවයිනට පැවසීය.මියගිය බව කියන කොටි 200 ක් නෝර්වේහි සිටිනවා යැයිද හෙතෙම අනාවරණය කළේය.මහාවිරුවන් සැමරීම යනු සිවිල් වැසියන් සැමරීම නොවන බව පැවසූ සිවරාජන් නොවැම්බර් 26 දා ප්රභාකරන්ගේ උපන්දිනය ය... |
"ග්ලයිපොසෙට් තහනම ඉවත් කළ ගැසට්ටුව ගැසුවේ බහිරවයද?" | "රජයේ තීරණයට පටහැනිව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කළ පළිබෝධ නාශක රෙජිස්ට්රාර්වරයා වහාම එම තනතුරෙන් ඉවත් කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා) පැවැසීය. නැවත ග්ලයිෆොසෙට් තහනම පැනවීමේ ගැසට් නිවේදනය කරන බව පැවසූ ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. අපේ රජය... |
"කින්නියා කලපුවේ පාලම් පාරුව පෙරළී මරණ 6 ක් 17 ක් රෝහලේ" | "ත්රිකුණාමලය කින්නියා කුරුන්ජන්කර්නි කලපුවේ ඊයේ (23දා) උදෑසන යාත්රාකරමින් තිබූ පාලම්පාරුවක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවන් සිව්දෙනෙකු ඇතුළු හය දෙනෙකු මියගොස් 17 දෙනකු රෝහල් ගත කර ඇත. රෝහල් ගත කළ සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග පැවසීය. මෙසේ මියගිය අය අතර අවුරුදු 3 – 8 ත් වයසේ පසුවන දරුවන් ස... |
"සහරාන් කල්ලිය අල්ලන්න බුද්ධි වාර්තා 340 ක් දුන්නා" | "සහරාන් හෂිම් ප්රමුඛ ආගමික අන්තවාදීන් ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් වියහැකි බැවින් වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන නිසි පියවර ගන්නැයි තමා 2015 වසරේ සිට 2019 වසර දක්වාවූ කාලය තුළදී බුද්ධි වාර්තා 340ක් පමණ ඉදිරිපත් කරමින් ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයා හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන... |
"‘කල්යාණි රන් පිවිසුම’ අද ජනතා අයිතියට" | "ශ්රී ලංකාවේ ප්රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදිකළ නව කැලණි පාලම ”කල්යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) නමින් නම් කෙරේ. ශ්රී ලංකාවේ ප්රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදිකළ නව කැලණි පාලම සෞඛ්ය ආරක්ෂිත ක්රමවේදයන්ට යටත්ව අද (24දා* සන්ධ්යාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහා... |
"මන්තී්ර තිස්සකුට්ටිආරච්චිගේ අපහාසාත්මක කතාවකට සභාගැබ මැද අලකලංචියක්" | "ආණ්ඩු පක්ෂ මන්තී්ර තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් මීට පෙර කරන ලද, අපහාසාත්මක ප්රකාශයක් සම්බන්ධයෙන් ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් ඊයේ (23 දා* පාර්ලිමේන්තු සභාවේ මැදට පැන පක්ෂ විපක්ෂ මන්තී්රන් කිහිපදෙනකු අතින් පයින් ගහ ගැනීමට ගිය අවස්ථාවේ වේත්රධාරීන් සහ ජ්යෙෂ්ඨ මන්තී්රවරුන් මැදිහත්ව එම තත්ත්වය වැළකූහ. තිස... |
"සභාවට අගෞරව කරන්න එපා: කථානායකගෙන් තිස්ස කුට්ටිආරච්චිට දැඩි අවවාද" | "සමගි ජනබලවේගය මන්ති්රනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ සහ පිටස්තර කාන්තාවකගේ නම් සඳහන් කරමින් සභාවට අගෞරවයක් වන අයුරින් කරනු ලැබූ කතාවලින් ඉදිරියට වැළකී සිටින ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ආණ්ඩු පක්ෂ මන්තී්ර තිස්ස කුට්ටිආරච්චි මහතාට ඊයේ (23 දා* පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස අවවාද කළේය. කථානායකවරයා ති... |
"මහියංගණය – මිණිපේ අලි ගින්දරේ ඇවිළේ: අලි බලන්න මහවැලි පාලම උඩ සෙනග පිරිලා…." | "මහවැලි ගඟ දිගේ ඉහළට යන අලි රංචු ”දැන් මෙහේ මිනිස්සුන්ට අලි පුරුදු කරලා, අලින්ට මිනිස්සු පුරුදු කරලා ආණ්ඩුව සංචාරක කලාපයක් කරන්නයි යන්නේ මහියංගණයේ මහවැලි ගඟ. දැන් වස්ගමුවට මාදුරුඔයට යන්න ඕන නෑ අලි බලන්න. පාලම දෙපැත්තේ ටිකට් කවුන්ටර් දෙකක් විතරයි අඩු දැන්. අලි බලන්න පාලම උඩට හැමදාම ඒතරම් පිරිසක් එකතු වෙනවා. පාරත් අවහිර ... |
"‘ෆයිසර්’ එන්නත් මාත්රා ලක්ෂ 15 ක් දිවයිනට" | "එන්නත්කරණ වැඩසටහන යටතේ ශ්රී ලාංකිකයන් වෙත තෙවන එන්නත් මාත්රාව ලෙස ලබාදීම සඳහා ඇමෙරිකාවේ ‘‘ෆයිසර්’’එන්නත් මාත්රා ලක්ෂ 15 ක් 22 දින අලූයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැුගෙන විත් තිබේ.ඒ අනුව කිලෝග්රෑම් 5,055 ක් බරැුති මෙම එන්නත් තොගය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මුලින්ම එක්සත් අරාබි එමීර් රාජ්යයේ ඩුබායි නුවර ... |
"උද්ධමනය සියයට 8.3ට නඟී" | "ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ඉකුත් ඔක්තෝබර් මාසයේ උද්ධමනය සියයට 8.3ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. පසුගිය සැප්තැම්බර් මස පැවැති උද්ධමනය සියයට 6.2 ක් විය. මේ උද්ධමනය වැඩිවීම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම භාණ්ඩවල මිල ගණන්වල මාසික ඉහළ යෑම හේතු වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකුවේ සංඛ්යාන දෙපාර්තමේන්... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.