Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"පාරුව පෙරළී 6ක් ජල රකුසාට බිලිවූ කින්නියා ඛේදවාචකය"
"කින්නියා කුරුඤ්ඤංකේති පාලම් පාරුව පෙරළී යෑමෙන් එහි ගමන් ගත් පාසල් සිසුන් හතර දෙනෙකු ඇතුළු හය දෙනෙකු ජීවිතක්‍ෂයට පත්විය. කුරුඤ්ඤංකේති පාලම දැඩි ලෙස අබලන්ව පවතී. ඒ නිසා මගීන් හට එහා මෙහා යෑමට තාවකාලික පාලම් පාරුවක් සේවයට යොදා තිබිනි. හිස් බැරල් කීපයක් එකට ගැට ගසා සාදාගෙන ඇති එම පාලම් පාරුවේ 20ක් පමණ මගීන් ගමන් කර ඇත. සම...
"උත්සව සමයේ රට යළි වහන්න වුණොත් පුදුම වෙන්න එපා: විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්"
"ඉදිරි උත්සව සමයේ රට වැසීමට සිදු වුවහොත් පුදුම වන්නට එපා යැයි නියෝජ්‍ය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එසේ පැවසුවේ කොළඹ ඊයේ (23 දා) පැවැති මාධ්‍ය හමුවකදීය. මෙහිදී තවදුරටත් කතා කළ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙසේ ද කීය. සමහරක් වගකීම් විරහිත ...
"මිල ස්ථායිකරණ අරමුදල ක‍්‍රියාත්මක නොවේ නම් ඉන්ධන සඳහා මිල සූත‍්‍රයක් ඕනෑ – ඇමැති උදය ගම්මන්පිල"
"ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල උච්චාවචනය වීම හමුවේ, තෙල් ස්ථායීකරණ අරමුදල මෙරටට සුදුසුම වන අතර එය ක‍්‍රියාත්මක නොවන්නේ නම් ඉන්ධන සඳහා වහාම මිල සූත‍්‍රයක් අවශ්‍ය බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23* දා පැවසීය. ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍...
"කාන්තාවකගේ උදරයේ තිබූ කිලෝ තුනහමාරක ප්ලීහාව විස්මිත සැත්කමකින් එළියට"
"හැටපස් වියැති කාන්තාවකගේ උදරය තුළ කැරකී ගොස් රුධිර සංසරණය පවා අවහිරව තිබූ කිලෝ තුනහමාරක් බරැුති ප්ලීහාව, විස්කම් ශල්‍යකර්මයක් කර එළියට ගෙන ඇයගේ ජීවිතය බේරාගත් බව කෑගල්ල මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ආනන්ද ජයවර්ධන මහතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් පැවසීය. මෙම කාන්තාව දරුවන් හතරදෙනකුගේ මවකි. ඇය පදිංචිව සිටින්නේ කෑගල්ල කෙසෙල්...
""රතන හිමිට, රහීම්ට ආණ්ඩු පක්‍ෂයේ අසුන් දෙන්න… නලීන් බණ්ඩාර ඉල්ලයි""
"අතුරලියේ රතන හිමි සහ ඒ. ඒ. එස්. එම්. රහීම් යන මන්ත‍්‍රීවරුන් විපක්‍ෂයේ ඉදිරිපෙළ අසුන්වල සිටියද ඔවුන් ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන බැවින් ඔවුනට ආණ්ඩු පක්‍ෂයෙන් අසුන් පනවන්නැයි විපක්‍ෂ මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ 23 දා ඉල්ලීමක් කළේය. විපක්‍ෂයේ සිටියද ඔවුන් ආණ්ඩුවේ ඔත්තුකරුවන් වැනි යැයි කී මන්ත‍්‍රීවරය...
"පූජිත්ට හේමසිරිට අධි චෝදනා 1710 කියවයි"
"* හිටපු බුද්ධි අංශ ප‍්‍රධානියා අද සාක්‍ෂි දෙයි පාස්කු නඩුවේ විත්තිකාර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී ඊයේ (22දා) අධිචෝදනා 855 කින් සමන්විත චෝදනා පත‍්‍ර වෙන් වෙන්ව කියවාදීම සිදු කෙරිණි. විනිසුරු ම`ඩුල්ලේ නියෝගය පරිදි මහාධික...
""ඩොලර් හිගය මැද කනෙන් රිංගා ඇපල්, දොඩම්, මිදි, චොකලට්, චීස්, පැස්ටා රසකැවිලි පලතුරු පිටරටින් ගලයි – දේශීය නිෂ්පාදකයා හාන්සියි""
"රටේ විශාල විදේශ විනිමය ප‍්‍රශ්නයක් තිබියදීත් තවමත් චොකලට්, චීස් වර්ග, ටොෆි, පැස්ටා, විවිධ රසකැවිලි, ඇපල්, දොඩම්, සහ මිදි ඇතුළු අත්‍යවශ්‍ය නොවන විදේශ භාණ්ඩ රැසක් දැන් මෙරටට ආනයනය කරමින් තිබේ.මේ අමාරු අවස්ථාවේ අපේ විදේශ විනිමය ප‍්‍රශ්නය තවත් බලවත් වීමට මෙවැනි අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයනික භාණ්ඩ ගෙන්වීමට ඉඩදීම හේත...
"කොටි පුෂ්පයත් ගහගෙන ඉන්දීය නි. මහකොමසාරිස් යාපනයේ කොටි සැමරුමකට ගිහින්"
"යාපනය පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ ප‍්‍රධානී මෙරට නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් රාකේෂ් නටරාජ් ජයබාස්කරන් මහතා ශී‍්‍ර ලංකාවට රාජ්‍යතාන්ති‍්‍රක අභියෝගයක් එල්ල කරමින් එල්ටීටීඊ පුෂ්පය වන නිය`ගලා මලක් පැළ`ද ගනිමින් උතුරේදී මියගිය කොටි ත‍්‍රස්තයන් සැමරීමේ උත්සවයකට සහභාගි වී තිබේ.උපවාසයකින් දිවි නසාගත් ප‍්‍රබල එල්ටීට...
"‘වින්දිතයන් රිදවීමට’ කතෝලික පියතුමන්ලාගේ විරෝධය….."
"ප‍්‍රකාශයක් ලබාදීමට තෙවැනි වතාවටත් සිරිල් ගාමිණි පියතුමා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (22 දා) පැමිණි අවස්ථාවේ කතෝලික පියතුමන්ලා නිහ`ඩ විරෝධතාවක යෙදෙමින් වින්දිතයන් රිදවීමට අප‍්‍රසාදය පළ කළ අයුරු. පිංතූරය- සමන් රණවීර"
"සිරිල් ගාමිණි පියතුමාගෙන් ඊයේ තෙවැනි දිනටත් පැය 5ක් ප‍්‍රශ්න කරයි"
"රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය පාස්කු ප‍්‍රහාරය එල්ල කළ ත‍්‍රස්තවාදීන් සමග සබඳතා පැවැත්වූ බවට සිදුකළ බව කියන ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිිරිල් ගාමිණී පියතුමන්ගෙන් ඊයේ (22 දා) තෙවැනි දිනටත් පැය……….. තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගත්තේය.තවදුරටත් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බව කියමින්...
"සියලු ත‍්‍රිරෝද රථවලට ජනවාරියේ සිට මීටරය අනිවාර්යයි"
"2022 වර්ෂයේ ශී‍්‍ර ලංකාවේ සියලූ කුලී ති‍්‍රරෝද රථවලට මීටරය අනිවාර්ය කරන බව ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා මහනුවරදී පැවැසීය.ති‍්‍රරෝද රථ සඳහා ප‍්‍රවාහන අධිකාරියක් පිහිටුවා සියලූ කුලී ති‍්‍රරෝද රථ එහි පාලනයට යටත්කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.2022 වර්ෂයේ ජනවාරි මාසයේදී අධිකාරිය පිහිටුවීමෙන් පසු මාස තුන...
"ඇමැති ලොකුගේට සහ තවත් දෙදෙනෙකුට කොරෝනා"
"විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතාට සහ තවත් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.ඊයේ (22 වැනිදා) සිදුකළ ඇන්ටිජන් පරීක්‍ෂණයකින් මේ බව තහවුරු වූ බවත් තමා කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන බවත් ඇමැති ගාමිණි ලොකුගේ මහතා ‘‘දිවයින’’ට පැවසීය.ඇමැතිවරයාගේ ආරක්‍ෂක නිලධාරියකුට හා තවත් අයකුට සිදුකළ ඇන්ටිජන් පරීක්‍ෂණයකින් මේ බව තහව...
"තිරිඟු පිටි ගෙන්වීමත් සීමාවෙයි – බේකරි නිෂ්පාදන සියයට 50 කින් පහළට"
"ඩොලර් ප‍්‍රශ්නය නිසා තිරිඟු පිටි ආනයනය සීමාවීමත් සමග රටපුරා බේකරි නිෂ්පාදන කටයුතු සියයට පනහකින් පමණ පහළ වැටී ඇතැයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට පැවැසීය.මේ වනවිට විවිධ නම්වලින් යුත් පිටි වෙළෙඳ පොළට නිකුත්කරන බවත් ඒ අනුව පිටි කිලෝවක මිල 110, 115, 120 ආදී විවිධ මිල ගණන්වලට මිලදී ගැනීමට සි...
"නව කැලණි පාලම ජනපති අතින් හෙට විවෘත වේ"
"ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ අරමුදල් දායකත්වයෙන් හා ශ‍්‍රී ලංකාවේ මෙතෙක් භාවිත කර ඇති නවීනතම තාක්ෂණයෙන් යුක්තව තනා නිම කරන ලද නව කැලණි පාලම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් හෙට (24දා) විවෘත වේ.මංතීරු 6 කින් සමන්විත මෙම පාලම කොන්ක‍්‍රීට් අදියර හා යකඩ අදියර ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර, සම්පූර්ණ දිග කිලෝමීටර් ...
"අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මතයි – පක්‍ෂව 153යි – විපක්‍ෂව 60යි"
"මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ඉදිරි වසර (2022) සඳහා ඉදිරිපත් කරන ලද මංගල අයවැය යෝජනාවලිය ඊයේ (22 දා) දෙවැනි වර කියවීමේ ඡුන්ද විමසීමේදී වැඩි ඡන්ද 93කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.අයවැයට පක්‍ෂව ඡුන්ද 153ක් ලැබුණ අතර ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු මිත‍්‍ර පාර්ශ්ව ...
"ඊයේ කොරෝනා මරණ 31ක්"
"කොරෝනා නව ආසාදිතයන් 538ක් ඊයේ (22දා) හමුවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 557,164 දක්වා ඉහළ ගියේය.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (22දා) කොරෝනා මරණ 31ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (21දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 14,158 ක් දක්වා ඉහළ ගොස් ඇත.කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලැබූවන්...
"තෙල් ගන්න සල්ලි නැතිව සංස්ථාව අර්බුදයක ණය ගන්න ඉන්දියාව හා බැංකු සමග සාකච්ඡා"
"මෙරටට ඉන්ධන මිලදී ගැනීම සඳහා සෑම මසකම ඩොලර් කෝටි 35 ක මුදලක් අවශ්‍ය වන බැවින් එම මුදල් සොයා ගැනීමට නොහැකිව ලංකා ඛනිජ තෙල් සංස්ථාව බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටී.මේ සඳහා ඉන්දීය රජයෙන් රුපියල් කෝටි 50 ක ක්‍ෂණික ණයක් ලබා ගැනීම සඳහා සාකච්ඡුා සිදුකර ඇති අතර ඊට අමතරව බැංකු සම`ගද සාකච්ඡුා සිදු කරන බව මේ සම්බන්ධයෙන් ‘‘ද...
"සභාපති සමග කටයුතු නතර කර ලංවිම ඉංජිනේරුවෝ සටන අරඹති"
"ලංකා විදුලිබල මණ්ඩලය ප‍්‍රතිව්‍යුහගත කිරීමට ගෙන එන යෝජනාව හා තවත් කරුණු කිහිපයක් මුල්කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය ඊයේ (22 වැනිදා) සිට සභාපතිවරයා සම`ග සිදු කරන සියලූ කටයුතු නතර කර දැමීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.ඒ අනුව සභාපතිවරයා විසින් පවරන රාජකාරී රැුස්වීම් ආදි කටයුතු කිසිවකට සහාය...
"හේමසිරි නිදහස් කරන්නැයි නීතීඥයන් කළ ඉල්ලීම ඉවතට"
"මුස්ලිම් අන්තවාදීන් විසින් 2019.4.21 වැනිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම හා ඒ සඳහා ආධාර අනුබලදීම ඇතුළු අධිචෝදනාවලින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයෙකු වන හේමසිරි ප‍්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කරන ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා කළ ඉල්ලීම කොළඹ වි...
"රටට මූල්‍යාධාර ගන්න සාකච්ඡාවට බැසිල් ඉන්දියාවට"
"රටට අවශ්‍ය ප‍්‍රාග්ධනය සහ විදේශ විනිමය ලබාගැනීමට ඉන්දියානු රජයේ නායකත්වය සමග සාකච්ඡුා කිරීමට මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා දින කිහිපයක් ඉන්දියාවේ නිල සංචාරයක යෙදීමට නියමිතය.මෙම සංචාරයේදී මුදල් ඇමැතිවරයා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි, විදේශ ඇමැති ආචාර්ය ජයශංකර් යන මහත්වරුන් ඇතුළු රජයේ නායකයන් නවදිල්ලි නුවරදී හමුවීමට ...
"ලංවීම ප‍්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් ලංවීම 8ට බෙදයි!"
"මේ වනවිට රුපියල් කෝටි අනූදහසකට ආසන්න පාඩුවක් ලබා තිබෙන ලංකා විදුලි බල මණ්ඩලය පරිපාලන වශයෙන් කොටස් අටකට බෙදා සාමාන්‍යාධිකාරීවරුන් අටදෙනකු යටතේ ප‍්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කර තිබේ.දැනට විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා සතු බලතල අලූතින් පත් කිරීමට නියමිත සාමාන්‍යාධිකාරිවරුන් අටදෙනා යටතට පත්කර වඩාත් කාර්යක්‍ෂම කර මණ...
"ජනවාරි – පෙබරවාරි වනවිට උග‍්‍ර විදුලි අර්බූදයක් – ලංවීම ඉංජිනේරුවෝ අනතුරු අගවති"
"මේ වනවිට ජල විදුලි නිෂ්පාදනය සියයට හැට හැත්තෑවක උපරිම ධාරිතාවෙන් ලබාගැනීම නිසා අඛණ්ඩව විදුලිය ලබාදීමට හැකියාව තිබුණත් ලබන ජනවාරි පෙබරවාරි වනවිට බරපතළ විදුලි අර්බුදයක් ඇතිවනු ඇතැයි ලංවිම ඉංජිනේරු සංගමයේ නිලධාරීහු කියා සිටිති.මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ගල් අඟුරුවල මිල ගණන් යළි පහළ යමින් තිබෙන මුත් ගල්අඟුරු මිලදී ගැනීමට ඩොලර...
"කොළඹ අවන්හලේ පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක්"
"කොළඹ තුරඟතරඟ පිටිය ඉදිරිපිට ක‍්‍රීඩා මණ්ඩපය තුළ ඇති මැක්ඩොනල්ඞ් අවහන්හලේ පෙරේදා (20 දා) අලූයම 5.30ට පමණ පිපිරීමත් සමඟ හටගත් ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවට හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්¥ව මහතා ‘දිවයින’ට පැවසීය. එම ගොඩනැඟිල්ල ආසන්නයේ පිහිටි රථ ගාලේ රැුඳී සිටි පුද්ගලයින් දෙදෙන...
"ගොවීහු එළවළු තොග නොදෙති – ‘නුවරඑළියේ ආර්ථිකය’ වැසේ එළවළු අර්බූදය දිග්ගැහෙයි"
"නුවරඑළියේ එළවළු වගා කරන ගොවීහු ඊයේ (21 ද) නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලබාදීම ප‍්‍රතික්ෂේප කළ නිසා නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඊයේ (21 දා) දින වසා දැමුණු බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ඊයේ මාධ්‍යයට විශේෂ...
"එක රටක් එක නීතියක් බළකාය උතුරට යයි"
"‘එක රටක් එක නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය උතුරු පළාතේ ජනතාවගේ ගැටලූ පිළිබඳව සොයා බැලීමට තීරණය කර තිබේ.එහි සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් ප‍්‍රකාශ කළේ පෙරේදා (20 වැනිදා) සිට උතුරු පළාතේ ජනතාවගේ ගැටලූ අධ්‍යයනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කර ඇති බවය. ඒ අනුව පෙරේදා වව්නියාව දිස්ත‍්‍රික්...
"කැනඩාවේ ටීඑන්ඒ රැස්වීමට කොටි ආධාරකරුවන්ගෙන් බාධා – ඊළම හැර වෙන විසඳුම් එපා"
"* සිංහල දේශපේ‍්‍රමියකු බවට සුමන්තිරන්ටත් චෝදනාශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දිය යුතු බව ප‍්‍රකාශ කරමින් පෙරේදා (20) කැනඩාවේ ටොරොන්ටෝ නුවර පැවති දෙමළ සන්ධාන රැස්වීමකට කඩා පැන්න කොටි හිතවාදී ආධාරකරුවෝ එයට බාධා කළහ.දෙමළ සන්ධානයේ කැනඩා ශාඛාව විසින් සංවිධානය කරන ලද මහජන රැස්වීමක් පැවති ස්ථානයෙන් ප...
"සය නිවුන් දරුවන්ගෙන් තිදෙනෙක් ගෙදර යති ඉතිරි තිදෙනා තාම රෝහලේ"
"පළමුවරට මෙරට මවකට උපන් සය නිවුන් දරුවන්ට නම් තැබීම සඳහා අවශ්‍ය කටයුතු ඊයේ (21 දා) ආරම්භ කළ බව එම දරුවන්ගේ පියා වන ප‍්‍රභාත් උදයංග මහතා ‘දිවයින’ට පැවසීය.පසුගිය ඔක්තෝබර් 21 වැනිදා උපන් මෙම සය නිවුන් දරුවන් පිරිමි දරුවන් තිදෙනෙක් සහ ගැහැනු දරුවන් තිදෙනකු ලෙස නාරාහේන්පිට නයින්වේල්ස් රෝහලේදී විනාඩි දෙකක් ඇතුළත බිහිවී ඇති අ...
"පාසල්වල සියලූ ශ්‍රේණි අද සිට ආරම්භ වේ"
"දිවයිනේ රජයේ සහ රජයේ අනුමත සියලූම පාසල්වල සියලූ ශ්‍රේණි අද (22දා) සිට ආරම්භ කෙරේ.මීට පෙර පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වාද, ඉන් අනතුරුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණිද ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.එහෙත් පාසල්වල 06 සිට 09 දක්වා ශ්‍රේණි මෙතෙක් ආරම්භ කර නොතිබූ අතර අද (22දා) සිට එම පන්තිද ආර...
"සෑම එළවළුවක්ම රු. 400 ට වැඩියි – තවදුරටත් ව්‍යාපාර ගෙනියන්න බෑ"
"* සිල්ලර වෙළෙන්දෝ කියතිඋඩරට සහ පහතරට එළවළු වර්ග  රැසක මිල තවදුරටත් ඉහළ යෑම හමුවේ තම ව්‍යාපාර කටයුතු පාඩු ලබන තත්ත්වයකට පත්වී ඇති බව හැටන් ප‍්‍රදේශයේ එළවළු සහ සිල්ලර වෙළෙඳුන් පවසති.උඩරට සහ පහතරට සෑම එළවළු වර්ගයකම කිලෝවක සිල්ලර මිල  රු. 400 ට වඩා ඉහළ ගොස් ඇති බවත්, තම වෙළෙඳසැල්වලට ලැබෙන එළවළු පිරිපුන් බවින් අඩුව පවතින න...
"ආවා නායකයා කියමින් යාපනය කැළඹූ අරුන් සිද්ධාර්ථන් අත්අඩංගුවට"
"‘ආවා’ කණ්ඩායමේ නායකයා තමන් බව කියමින් යාපනයේ දේශපාලන කටයුතුවල නිරත වෙමින් මහත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයන් කළ අරුන් සිද්ධාර්ථන් නමැත්තා යාපනය පොලිසිය විසින් අපරාධ කීපයක් සම්බන්ධයෙන් 20දා අත්අඩංගුවට ගෙන තිබේ.මොහුට විරුද්ධව පොලිසියට ලැබී තිබුණු පැමිණිලි මත ඒවා විභාග කොට අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මේ පුද්ගලයා අධිකර...
"මෙරට විකුණන කිරිපිටි හා ඖෂධ රැුසක් ආහාර හා ඖෂධ පනත කඩ කරලා – හිටපු සෞඛ්‍ය අධ්‍යක්‍ෂ කියයි"
"මෙරට භාවිතයට ගන්නා ළදරු කිරිපිටි, කිරිදෙන මවුවැන්ගේ කිරිපිටි සහ ඖෂධ වර්ග රැුසක්ම ආහාර සහ ඖෂධ පනත් උල්ලංඝනය කරමින් වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ පී. මදරසිංහ මහතා පැවැසීය.මේවාට එරෙහිව කි‍්‍රයාකිරීමට පනත්වල නීති ප‍්‍රමාණවත් වුවද දැනුවත්පාරිභෝගිකයන් පිරිසක් රටේ නොමැතිවීම මෙම ජාවාරම සිදුක...
"කොවිඞ් යළි හිස ඔසවයි – අඛණ්ඩව දින 10ක් කොරෝනා නව ආසාදිතයන් 700 පනී"
"අඛණ්ඩව දින 10 කට අධික කාලයක් තුළ මෙරට දෛනිකව වාර්තාවන කොවිඞ් ආසාදිතයන් සංඛ්‍යාව 700 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 697 ත් සමග මෙරට සමස්ත ආසාදිතයන්  ගණන 556,626 දක්වා ඉහළ ගියේය.මෙම තත්ත්වය මත කොවිඞ් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ බස්නාහිර පළාතේ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් මෙම මස අවසාන සතිය...
"2018 දී කාලේ බෝතල් කෝටි දහයාමාරක් බීලා – ඇමැති අමරවීර"
"2018 වසරේදී මෙරට පුද්ගලයන් අරක්කු කාලේ බෝතල් කෝටි දහයාමාරකට වැඩි (10,55,32,169* ප‍්‍රමාණයක් පානය කර ඇතැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.මිලි ලීටර් 180 අඩංගු කාලේ බෝතල් විශාල පාරිසරික ගැටලූ ඇති කරන බවත් ඒවා පාවිච්චි කිරීමෙන් පසු පරිසරයට බැහැර කර ඇති බවද ඒ මහතා පවසයි.වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීය.සමහර බෝතල් එකතු...
"මහ බැංකුවට නව සහකාර අධිපතිවරු 4ක් පත්වෙති"
"ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහා නව සහකාර අධිපතිවරුන් සිව්දෙනකු පත්කර ඇත.මේ අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් කේ. ජී. වී. සිරිකුමාර, ඞී. කුමාරතුංග, යූ. එල්. මුතුගල සහ ඞී. පී. එස්. බණ්ඩාර යන නිලධාරීන් හතරදෙනා මහ බැංකු සහකාර අධිපති ධුරයට උසස් කර ඇත.මහබැංකු මුදල් මණ්ඩලයේ පසුගිය නොවැම්බර් 17 දින පැවැති රැුස්වීමේදී...
"තැපෑලේ ඉඩම් දංගෙඩියට…! එහෙම එකක් නෑ – තැපැල්පති"
"තැපැල් දෙපාර්තමේන්තුව සතු දිවයින පුරා පිහිටි වාණිජ අතින් ඉහළ වටිනාකමක් ඇති සියලූ ඉඩම් වෙනත් ආයතන යටතට පවරා ගැනීමට ඉදිරිපත් කර ඇති කැබිනට් පති‍්‍රකාව ආණ්ඩුව ඉල්ලා අස්කර නොගන්නේනම් අඛණ්ඩව තැපැල් වැඩ වර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර ඇතැයි එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ‘‘දිවයින...
"දිනය වෙලාව රහසක්: සජබ යළිත් කොළඹ උද්ඝෝෂණයක"
"සමගි ජන බලවේගය විසින් ඉදිරියේදී තවත් දැවැන්ත උද්ඝෝෂණයක් කොළඹදී පැවැත්වීමට තීරණයකර ඇත.එම උද්ඝෝෂණය පවත්වන දිනය හෝ ස්ථානය පිළිබඳ තොරතුරු දැන්ම ප‍්‍රසිද්ධ නොකරන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.පක්ෂය පසුගිය 16 වැනිදා පැවැත්වූ උද්ඝෝෂණ පා ගමනට ආණ්ඩුව විසින් එල්ල කරන ලද බාධා සැලකිල්ලට ග...
"යෝජිත ව්‍යවස්ථාවට ෆෙඩරල් ඔබන්න ටිඑන්ඒ මෙහෙයුමක්"
"මෙරට යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ෆෙඩරල් පාලනය ඇතුළත් කරන ලෙස ද්‍රවිඩ සන්ධානයේ නීතිවේදීන් තිදෙනකු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත. ෆෙඩරල් පාලනය ලබා ගැනීම සඳහා ද්‍රවිඩ සන්ධානය වෙනුවෙන් කනගඊශ්වරන් චන්ද්‍රහසන් සහ සුමන්තිරන් යන නීතිවේදී මේ දිනවල ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ව්‍යවස්ථාදායක නීති විශාරදයන් පි...
"කොවිඩ් කරල් එන්නත ගත් අයට පමණයි"
"කොවිඞ් වෛරස රෝගය සඳහා නිපදවා ඇති කරල් ලබා දිය යුත්තේ කොවිඞ් පාලන එන්නත ලබාගත් අයට පමණක් යැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප‍්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.මෙම කරල් මගින් සිදුකරනුයේ රෝගය පැතිර යෑම පාලනය මිස රෝගය ඇතිවීම වළක්වාලීමක් නොවේ යැයි ද හෙතෙම සඳහන් ...
"මිලියන 3746 ක ගොවි විශ‍්‍රාම පොල්ලක්"
"ගොවි විශ‍්‍රාම වැටුප් හා සමාජ ආරක්‍ෂණ යෝජනා ක‍්‍රමයට දායක වූ ගොවීන් එක් ලක්‍ෂ විසි පන්දහස් අටසිය විසිඅට දෙනෙකු සඳහා වර්ෂ අටකට අදාළව හි`ග විශ‍්‍රාම වැටුප් වශයෙන් රුපියල් මිලියන 3,745.9 ක් ගෙවීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාළව නිකුත්කර ඇති විගණන වාර්තාවේ සඳහන් වේ.මෙම යෝජනා ක‍්‍රමය යටතේ වයස අවුරුදු...
"2016 න් පසු පැන්ෂන් ගිය 108069 කට භාගෙට බෙදලා"
"රාජ්‍ය සේවක විශ‍්‍රාම වයස අවුරුදු 65 දක්වා දික්කිරීමට යෝජනාකර ඇති ආණ්ඩුව 2016 ජනවාරි 01 වැනිදායින් පසු විශ‍්‍රාම ගිය ලක්‍ෂයකට අධික පිරිසකට (108,069දෙනකුට) තවමත් ගෙවන්නේ විශ‍්‍රාම වැටුපෙන් කොටසක් යැයි විශ‍්‍රාමිකයන්ගේ සංවිධානයේ ජාතික සංවිධායක සරත් ලාල් පෙරේරා මහතා දිවයින ඉරිදා සංග‍්‍රහයට පැවසීය.රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍ර...
"ගොවි විරෝධය එල්ලවූ පනත් 3 මෝදි අස්කර ගනී"
"වසරක පමණ කාලයක් මුළුල්ලේ ඉන්දීය ගොවීන්ගේ විරෝධයට පාත‍්‍රව තිබූ ගොවිතැන සම්බන්ධයෙන් රජය පනවා තිබූ නීති තුනක් ඉවත්කර ගැනීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි විසින් ඉකුත් 19දා පියවර ගෙන තිබේ. එම පනත් සම්මත කිරීම ගැන තමා ජනතාවගෙන් සමාව යදින බව ද හෙතෙම කීවේය. මෙසේ ඉවත් කරගත් නීති හරහා පුද්ගලික අංශයටගොවිතැන් කටයුතු සඳහා අනව...
"යොහානි මැතිසබයේදී අනිද්දා ඇගයුමට"
"නව පරපුරේ ගායිකා යොහානි දිලෝකා ද සිල්වා මෙනවිය ඇගයීම සඳහා වන වැඩසටනක් ලබන අඟහරුවාදා (23 දා) පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී පැවැත්වීමට නියමිතය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන්ගේ සංසදය එම උත්සවය සංවිධානය කරන බව එම සංසදයේ ලේකම්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප‍්‍රධානි සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළාය. මෙම උත්සවය...
"බේකරියෙන් චරුචුරුවක්"
"බේකරි නිෂ්පාදන කටයුතු සීමා කිරීමට එම කර්මාන්තකරුවන් ක‍්‍රියා කරමින් සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව සතියට දින 5කට පමණක් බේකරි නිෂ්පාදන කටයුතු සීමා කිරීමට බේකරි කර්මාන්තකරුවන් ක‍්‍රියා කරමින් සිටින බවද එම සංගමය පවසයි. තිරිඟුපිටි සැපයුම අඩාල වීම, ගෑස් හා භූමිතෙල්, ඞීසල් හිඟවීම ආදි හේතූන් මත ...
"පාසල් දොර සම්පූර්ණයෙන්ම හෙට අරෙයි"
"දිවයින පුරා රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්හි මෙතෙක් ආරම්භකර නොමැති ශ්‍රේණි ඇතුළු සියලූම ශ්‍රේණි හෙට (22 වැනි සඳුදා) සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර ඇත. අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අදාළ නිලධාරීන් සමග සාකච්ඡුාකර මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙතෙක් ආ...
"පොහොර නැව හරවා යවන්න… කෘෂි වෘත්තීය සමිති එකමුතුවෙන් රජයට කරුණු 5ක ලිපියක්"
"අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර නැව යළි ආපසු හරවා යවන ලෙස සහ කෘෂි තාක්ෂණය පිළිබඳ දැනුමක් නැති පුද්ලගලයින් කෘෂිකර්මාන්තයට සම්බන්ධ කර නොගන්නා ලෙස ඇතුළු කරුණු පහක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම වෘත්තීය සමිති 09 කින් සමන්විත වෘත්තීය සමිති එකමුතුව කෘෂිකර්ම ඇමැතිවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කර ඇත. මෙම කරුණු පහ ක‍්‍රියාත...
"අනුරාධපුර ජනාධිපති නිල නිවසේ 2000 කට පාටි දානඑක හරිද – හර්ෂණ රාජකරුණා"
"සමගි ජනබලවේගයේ මන්ත‍්‍රී මනෝ ගනේෂන් මහතා කොවිඞ් ආසාදිත වී ඇති බැවින් එම පක්‍ෂයේ සියලූ මන්ත‍්‍රීවරුන් පී.සී.ආර්. පරීක්‍ෂණවලට ලක්කරන්නැයි සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19 දා) ඉල්ලීමක් කළේය. සභාවේ සිටින විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් බොහෝදෙනකු මුව ආවරණ නොපළඳින බවත්, මනෝ ගනේෂන් මන්ත‍්‍රීවරයා ද කොවිඞ් ආස...
"චීන පොහොර නැවට වන්දි ගෙවන්න සිදුවුණොත් ගනුදෙනුවට සම්බන්ධ අයගේ දේපළ රජයට පවරාගත යුතුයි – ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි"
"මතභේදයට තුඩුදී ඇති කාබනික යැයි කියන පොහොර රැගත් චීන නැවට මෙරටින් වන්දි ලබාදීමට සිදුවුවහොත් අදාළ වැරැුදි ගනුදෙනුවට සම්බන්ධ වූ පුද්ගලයන්ගේ පුද්ගලික දේපළ රජයට පවරා ගනිමින් එය සිදුකළ යුතු බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කළහ. ලැබී ඇති තොරතුරුවලට අනුව අවසාන නිගමනය ලෙස පෙනෙන්නට ඇත්තේ චීනයෙන් එවනු ලැබූ කාබනික යනුවෙන් හඳුන...
"ජනපති ඓතිහාසික ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබාගනී"
"ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (19දා) උදෑසන ඓතිහාසික ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය. පුදබිමට පැමිණි ජනාධිපතිවරයා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. ඓතිහාසික ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාව සිදු කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි...
"කළු සාගරගේ කල්ලියේ මිනිස් ඝාතකයා මාට්ටු"
"මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව කියන ප‍්‍රබල පෙළේ පාතාල සාමාජිකයකු හෙරොයින් සහ අවි ආයුධත් සමඟ දකුණු පළාත් පොලිස් විශේෂ කාර්ය බළකා ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (18 වැනිදා) රාත‍්‍රි අත්අඩංගුවට ගෙන ඇත. දැනට විදේශගතව සිටින ‘කළු සාගර’ නමැති පාතාල නායකයාගේ කල්ලියේ ‘මිනිස් ඝාතකයා’ ල...
"උද්ඝෝෂණවලදී පැතිරෙන කොවිඩ් සඳහිරුසෑය විවෘත කළ දා සිල් ගත්තාද? – රෝහිණී කවිරත්න"
"උද්ඝෝෂණවලදී වැඩියෙන් පැතිරෙන බව කියූ කොවිඞ් සඳහිරුසෑය විවෘත කිරීමේ උත්සවය දා සිල් ගත්තා දැයි විපක්‍ෂ මන්ත‍්‍රීනී රෝහිණි කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (19 දා) ප‍්‍රශ්න කළාය. ඊට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ උද්ඝෝෂණයක් ගෞරවාන්විත පුණ්‍යෝත්සවයක් සමඟ සංසන්දනය නොකරන ලෙසය. එහිදී මතු ව...
"ජයසිරිමහ බෝධිය ළග අමතක වී දමාගිය ලක්ෂ 10 ක රන් යළි භාරදුන් පොලිස් සැරයන්"
"ඉල් පුන් පොහෝදා (18 වැනිදා) අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ අසල අමතක වී දමාගොස් තිබූ රුපියල් ලක්‍ෂ 10 කට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහ රුපියල් 4000 ක පඬුරු සහිත අත්බෑගයක් විනාඩි 45 ක් තුළදී එහි නියම හිමිකාරිනිය වූ කිරිබත්ගොඩ පදිංචි කාන්ති පෙරේරා මහත්මියට සුරක්‍ෂිතව භාරදීමට එහි රාජකාරි කටයුතු කරමින් සිටි උඩමළ...
"ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරිලාල් කොඩිකාර අභාවප‍්‍රාප්ත වෙයි"
"මෙරට විසූ ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු මෙන්ම විශිෂ්ටතම සාහිත්‍යධරයකු, තීරු ලිපි රචකයකු ද වූ සිරිලාල් කොඩිකාර මහතා ඊයේ (19 දා) අභාවප‍්‍රාප්ත විය. මියයන විට 97 වැනි වියේ පසු වූ කොඩිකාර මහතා ස්වකීය මාධ්‍ය ජීවිතය ඇරඹුවේ 1947 වසරේ ‘සිංහල ජාතිය’ පුපත්පතනි. ඞී. බී. ධනපාල මහතා ‘දවස’ පුවත්පතේ කර්තෘත්වය හෙබවද්දී ඊට එක්වූ ඔහු ...
"විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ මුදල් බලෙන් රුපියල් කරන කතාව බොරු: මහ බැංකුව කියයි"
"විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ මුදල් බලහත්කාරයෙන් ශ‍්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කෙරෙන බවට පැතිර යන ප‍්‍රචාරය මුළුමනින් ම අසත්‍යයක් බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ නිසා තම පේ‍්‍රෂණ අතීතයේදී මෙන්ම ශ‍්‍රී ලංකාවේ විදේශ මුදල් ගිණුම්වල නිදහසේ අඛණ්ඩව රඳවා තබා ගැනීමට හෝ ශ‍්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමට කිසිදු බාධාවක් නැ...
"වැඩිම කොවිඩ් බැට සිසුන්ට: යළි එහෙම වෙන්න දෙන්න බෑ – ඇමැති ඩලස්"
"කොවිඞ් ව්‍යසනයෙන් බරපතළම ඛේදවාචකයට ගොදුරු වූයේ පාසල් දරුවන් බවත්, දරුවන්ට යළි එවැනි තත්ත්වයක් ඇති නොවීමට සියලූ දෙනා වගබලා ගත යුතු බවත් ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය. වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටි...
"ජනවාරියේදී වැටුප් ප‍්‍රශ්නය නොවිසඳුවොත් යළිත් ගුරු සටන්: ජෝසප් ස්ටාලින්"
"‘‘ජනවාරි මාසයේ ඉඳලා ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය නිවැරදි වුණේ නැත්නම් අනිවාර්යයෙන්ම 2022 ජනවාරි 20 වැනිදා ඉඳලා දීප ව්‍යාප්ත දැඩි වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට යනවා’’ යැයි ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ‘දිවයින’ට ඊයේ (19 දා) පැවසීය. මෙම ගැටලූව විසඳීමට රජයේ සමහරක් බලධාරීන්ට කිසිදු වුවමනාවක් නැත...
""මිලියන 10,193 ක බෙහෙත් පස්ස දොරෙන් මිලදී අරන්""
"වෛද්‍ය සැපයීම් වට්ටෝරු සමාලෝචන කමිටුවේ නිර්දේශයකින් තොරව 2011 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළදී පිරිවැය රුපියල් මිලියන 10,193 ක් වූ වෛද්‍ය සැපයීම් අයිතම 4,619 ක් මිලදී ගෙන ඇති බව පසුගිය 17 දා පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය විසින් සිදු ...
"බැසිල්ගේ ඇමැති ධුරය ගලවන්න: ව්‍යවස්ථාවට පිටින් ඇමැති ධුර 6 ක් දීලා"
"ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප‍්‍රමාණයට වඩා කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු හා රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනකු පත්කිරීමෙන් ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා වෘත්තීය ඉංජිනේරුවරයකු වන කපිල රේණුක පෙරේරා මහතා ඊයේ (19 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු ක...
"NGO මුදල් හොයන නව කෙටුම්පත අහෝසි කිරීම රජය ප‍්‍රතික්ෂේප කරයි"
"රාජ්‍ය නොවන සංවිධානවලට වසරකට ලැබෙන අතිවිශාල විදේශ මුදල් සම්භාරය ගැන සොයන නව කෙටුම්පත අහෝසි කිරීම රජය ප‍්‍රතික්ෂේප කර ඇත. රාජ්‍ය නොවන සංවිධාන 33 ක් මෙම පනත අහෝසි කරන ලෙස රජයෙන් ඉල්ලා තිබුණි. එක් වසරක් තුළ රුපියල් බිලියන පහක මුදලක් මෙම සංවිධානවලට ලැබෙන අතර එම මුදල්වලට සිදුවන දේ හෙළිවී නැත.කීර්ති වර්ණකුලසූරිය"
"‘ගමෙන් පටන්ගමු’ ජවිපෙ ඊයේ දෙල්ගොඩ…"
"‘ගමෙන් පටන්ගමු’ ජීවිතය ලස්සන කරන විසඳුම් හා යෝජනා තේමාව යටතේ දෙල්ගොඩ නගරයේ ව්‍යාපාරිකයන් හා නගරවැසියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (19 දා) දහවල් ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් දෙල්ගොඩ නගරයෙන් ආරම්භ විය. මෙහිදී උසුලා ගත නොහැකි බඩු මිල” භාණ්ඩ හිඟය” ජීව...
"‘කාර්තිහෙයි තීපම් විලා’ යාපනය විශ්වවිද්‍යාලය නොසන්සුන් කරයි"
"‘කාර්තිහෙයි තීපම් විලා’ උත්සවය සඳහා පහන් තැබීමට ගිය අවස්ථාවේදී යාපනය විශ්වවිද්‍යාලය තුළ 18 දා රාත‍්‍රියේ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබේ. මහවිරු උළෙල වෙනුවෙන් පිරිසක් පැමිණ පහන් දැල්වීමට යන බවට ආරක්ෂක අංශවලට ලද තොරතුරක් මත ආරක්ෂක අංශ යාපනය විශ්වවිද්‍යාල භූමියට කිසිවෙකුටත් ඇතුලූවීමට අවසර ලබා නොදෙන මෙන් විශ්වවිද්‍ය...
"ගෑස් සිලින්ඩර් ලක්ෂ 8 ක් ලබන සතියේ වෙළෙඳපොළට"
"ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්ෂ 8 කට වැඩි ප‍්‍රමාණයක් මෙම සතිය ඇතුළත වෙළෙඳපොළට නිකුත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම කියයි.ලාෆ් ගෑස් සමාගමේ නිෂ්පාදන ද අඩාල වීම හේතුවෙන් අතිරේක ඉල්ලූමක් සිය සමාගම වෙත පැවරීම මෙම පවතින ගෑස් හිඟයට හේතු වී ඇතැයි ද එම සමාගම කියයි. මේ පිළිබඳව අදහස් දැක්වූ ලිට්‍රෝසමාගමේ අලෙවි හා වෙළෙඳ අධ්‍යක්ෂ ජනක පතිර...
"හමුදා නිලධාරියකුගේ වැඩක් රජය පිට දමා මඩ ගැහුවා: මිලේනියම්සිටි පාවාදීම බොරුවක්"
"මිලේනියම්සිටි බුද්ධි අංශ පාවාදීම අමූලික බොරුවක් බවත්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුගේ වැඩක් රජයක් පිට දමා කළ මඩ ගැසීමක් බවත් සමගි ජනබලවේග මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19 දා) පැවසීය.ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේද කීවේය.මිලේනියම්සිටි සිද්ධිය වනවිට මම යාපනයේ හිටියේ. කොළඹ තිබුණේ සේෆ් හවුස් එකක්. ...
"මනෝ ගනේෂන්ට කොවිඩ්: සජබ සියලූ මන්ත‍්‍රීලාව පී.සී.ආර්. කරන්න"
"සමගි ජනබලවේගයේ මන්ත‍්‍රී මනෝ ගනේෂන් මහතා කොවිඞ් ආසාදිත වී ඇති බැවින් එම පක්‍ෂයේ සියලූ මන්ත‍්‍රීවරුන් පී.සී.ආර්. පරීක්‍ෂණවලට ලක්කරන්නැයි සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19 දා) ඉල්ලීමක් කළේය. සභාවේ සිටින විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් බොහෝදෙනකු මුව ආවරණ නොපළඳින බවත්, මනෝ ගනේෂන් මන්ත‍්‍රීවරයා ද කොවිඞ් ආස...
"වෛද්‍ය උපකරණ නිපදවන මෙරට ප‍්‍රථම කර්මාන්ත ශාලාවෙන් ඩොලර් මිලියන 15 ක ආයෝජනයක් හා රැකියා අවස්ථා 600 ක් ජනතාවට – මුදල් ඇමැති"
"ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව බණ්ඩාරගමදී ආරම්භ කිරීමට හැකිවීම අපේ රට මේ අවස්ථාවේ මුහුණ පා ඇති ප‍්‍රශ්න රාශියක මූලික ප‍්‍රශ්න කිහිපයක් විසදීමට උදව් වෙනවා. ඒ පිළිබදව මේ කටයුත්තට සම්බන්ධ වුණ සෑම ආයතනයකටම සහ පහසුකම් සැපයූ ආයෝජන ප‍්‍රවර්ධන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, බණ්ඩාරගම ප‍්‍රාදේශී...
"වාද්දුවට මාළු වැස්සක්: වටිනාකම රු. කෝටියයි"
"වාද්දුව ප‍්‍රදේශයේ මාදැල් දෙකකට රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් විශාල මාළු තොගයක් ඊයේ (18 දා) හසුවී තිබේ. පසළොස්වක පොහොය දින වුවද, මාළු මිලදී ගැනීමට සහ සිද්ධිය දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියහ. ලොරි රථ සහ ත‍්‍රිරෝද රථවලින් වෙළඳුන් තොග වශයෙන් මාළු මිලදී ගැනීමට පැමිණ සිටියහ. කහ පරව්, කිරලාවා සහ අලගුඩුවා ...
"පෞද්ගලික අංශයේ හැටේ විශ‍්‍රාමය බලාත්මකයි – කම්කරු කොමසාරිස් ජනරාල්"
"පෞද්ගලික අංශයේ විශ‍්‍රාම යෑමේ වයස අවුරුදු 60 කිරීම පෙරේදා (17 දා) සිට නීතියක් ලෙස ක‍්‍රියාත්මක බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ‘දිවයින’ට ඊයේ (18 දා) පැවසීය.විශ‍්‍රාම වයස 60 දක්වා දීර්ඝ කිරීම සඳහා වෘත්තීය සමිති, හාම්පුතුන් සහ ජාතික කම්කරු උපදේශක සභාව ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමඟ සාකච්ඡුා කර ...
"සඳහිරු සෑ රදුන් සසුනට පිදුණු වගයි…"
"තිස්වසරක කුරිරු යුද්ධයේදී ශ‍්‍රී ලංකා මාතෘ භූමිය මුදාගැනීම සඳහා දිවිපිදූ හා ආබාධිත වූ රණවිරුවන්ට උපහාර පිණිස රණවිරු ශ‍්‍රමයෙන් අනුරාධපුර පුණ්‍ය භූමියේ ඉදිකළ සඳහිරු සෑය චෛත්‍යරාජයාණන් වහන්සේ සැදැහැවතුන්ගේ වන්දනාව පිණිස සඟසතුකොට පූජා කිරීම ඊයේ (18දා) පස්වරු 5.03 ට යෙදුණ සුභ මොහොතින් මහාසංඝරත්නයේ ජය පිරිත් සජ්ඣායනා මධ්‍ය...
"සපුගස්කන්දේ වැඩ නැතිව 1300 කට කෝටි 10 ක් පඩි දෙන්න වෙයි"
"ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපතිසපුගස්කන්ද පිරිපහදුවට බොරතෙල් නොගෙන්වීම නිසා එහි සේවකයන් 1300 ක් කිසිදු රාජකාරියක් නොමැතිව නිකරුනේ සිටින බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවසීය.  මෙම සේවකයන් දිනපතා රැුකියාවට වාර්තා කරන බවත් ඔවුන්ට රාජකාරියක් පැවරී නැතත් මාසිකව රුපියල් කෝටි 10 ක පමණ වැටුප් ගෙවීමට ත...
"අවාරයේ තනිව සිරිපා කරුණා කළ අපේ කාලයේ දිරිය දියණියක්!"
"මේ ගමන ගැන ලියද්දීම දන්නවා බොහෝ දෙනෙක්ගෙන් බැනුම් නම් අහන්න වෙනවා කියලා. එක පාරටම වගේ හිතට ආපු නිසා තනියම ඉන්න ඕන කමත් නිසාම අවාරේ සිරිපා කරුණා කරන්න හිතුනා. වෙනදා වගේම මන් ගැන මට තියන විස්වාසෙ එක්ක මට ඕන වුණේ නිස්කලංකව සමනල අඩවියේ සැරි සරන්නයි ඉතින් දවස් දෙකක් ඇතුළත කොළඹ ඉඳලා කුරුවිට එරත්න පාරෙන් උඩමළුවට යන ගමන් විස්...
"අමාත්‍යංශ පහක විෂය පථ වෙනස් වෙයි ජනපතිගෙන් අතිවිශේෂ ගැසට්ටුවක්"
"එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බළකාය ජනාධිපති කාර්යාල ජාතික ප‍්‍රමුඛතා වැඩසටහන යටතට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. නොවැම්බර් මස 17 වැනිදා සිට කි‍්‍රයාත්මක වන පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් අමාත්‍යාංශ පහක විෂය පථද සංශෝධනයට ලක්කර තිබේ. ඒ...
"තන්තිරිමලේ විහාරයේ ධාතු මන්දිරය සජිත් අතින් සසුනට පූජා කෙරේ"
"තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ සධාතුක ධාතු මන්දිරය සම්බුදු සසුනේ චිරස්තිථිය උදෙසා පූජා කිරීමේ මහෝත්සවය පෙරේදා (17දා) විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ ජලනි පේ‍්‍රමදාස මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප‍්‍රධාන සංඝනායක තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන්ගේ අනුශාසනා ...
"ශ‍්‍රී ලාංකික සිසුවියකගෙන් අධිතාක්ෂණික වෙඩි නොවදින ඇඳුමක්"
"අධිතාක්ෂණික වෙඩි නොවදින ඇඳුමක් නිර්මාණය කිරීමට ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශ‍්‍රී ලාංකික ශිෂ්‍යාවක සමත්වී තිබේ.මෙම ත‍්‍රිත්ව වෙඩි නොවදින ඇඳුම නිර්මාණය කර ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරන ප‍්‍රභානි රණවීර නමැති ශිෂ්‍යාවකි. තම පශ්චාත් උපාධි පර්යේෂණය සඳහා ඇය මෙම නිර්මාණය සිදුකර ඇත. දැනට ල...
""නොවැම්බර් මුල් දෙසතියට සංචාරකයන් 19,222 ක් ඇවිත්""
"නොවැම්බර් මාසයේ මුල් දෙසතිය තුළ සංචාරකයන් 19,222 දෙනකු ශ‍්‍රී ලංකාවට පැමිණ ඇතැයි සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි. ඉන්දියාව, මාලදිවයින, පාකිස්තානය, රුසියාව, ප‍්‍රංශය, කැනඩාව, ජර්මනිය, ඇමරිකා එක්සත් ජනපදය, ස්විට්සර්ලන්තය වැනි රටවල්වලින් මෙම සංචාරකයන් පැමිණ ඇති බව ඔහු සඳහන් කළේය. එමෙන්ම පසුගිය ජනවාරි මාසයේ සිට ස...
"මව පන්සලට භාරදුන් හත් හැවිරිදි සාමණේර හිමි ඉල්ලා පියා උසාවි එයි"
"උසාවියේ නඩුවක් පවරා භාරකාරත්වය ගන්න – කළුතර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය මව විසින් උතුරු කළුතර උග්ගල්බඩ ප‍්‍රදේශයේ රජමහ විහාරස්ථානයකට භාරදෙන ලදුව පැවිදි කර සිටි 07 හැවිරිදි සාමණේර හිමි නමක් ඉල්ලමින් පියා ගොනුකළ පැමිණිල්ලක් විභාග කළ කළුතර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙනිය මහත්මිය දිසා අධිකරණයේ නඩුවක් පවරා ...
""දැවිතෙල් ටොන් 13,500ක් පාවිච්චි නොකර ගබඩා කර තිබෙනවා – ඇමැති ගම්මන්පිල""
"තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති උද්ඝෝෂණය කළාට ඩොලර් ලැබෙන්නේ නැති බවත් එබැවින් සංස්ථාවට ආදරය කරන සේවකයන් සංස්ථාව රැුක ගැනීම සඳහා දුරදිග බලා ආණ්ඩුව ගෙන ඇති පෙට‍්‍රල් හා ඞීසල් ඝෘජුව ආනයනය කිරීමේ තීන්දුවට සහයෝගය ලබාදිය යුතු බවත් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ඊයේ (18 දා) බලශක්ති අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.එ...
"අනුරපුර කාබනික පොහොර මධ්‍යස්ථාන ජනපතිගේ නිරීක්ෂණයට"
"ඉඩම් අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිරීක්ෂණය කරන ලදී. ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් උතුරු මැද පළාත තුළ මධ්‍යස්ථාන 35 කදී කාබනික පොහොර නිෂ්පාදනය සිදු කරනු ලැබේ...
"ගෑනු හුටපටයක් දුර දිග ගොස් පියා සහ පුතා ඝාතනය කරලා"
"වසර 37 කට පසු දිත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකර පොලිසියට සැඟව සිටි සැකකරු ගාල්ල, වඳුරඹ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය 14 වැනි දින රාත‍්‍රියේදීය. වදුරඹ පොලිසියේ පොලිස් නිල වාහනය රාත‍්‍රී ජංගම මුර සේවාවේ ගමන් කරමින් තිබිණි. වදුරඹ ඉදුරුපත්විල මාර්ගයේ උස මහත හැඩිදැඩි මිනිසකු පාලම අසලින් ගමන් කරන්නේ සැකමුසු වූ ගමන් ...
"සිනමාව කර්මාන්තයක් කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලැබේ"
"දේශීය සිනමාව කර්මාන්තයක් ලෙස පළිගැනීම සඳහා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය ඒකාබද්ධව ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. සිනමාව කර්මාන්තයක් ලෙස ස්ථාපිත කරන ලෙස දේශීය සිනමාව හා සබැඳි සංවිධාන දිගින් දිගටම රජයෙන් කළ ඉල්ලීමක ප‍්‍රතිඵලයක් ලෙස සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැ...
"සජබ විරෝධයට බිල්ලන් මැවූ අයෙක් රිමාන්ඩ් – වාසුගේ ගෙදර ලිපිනයත් දීලා"
"සමගි ජනබලවේගය පක්ෂය විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ල වන බවට කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර තිබූ ද්‍රවිඩ ජාතිකයකු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (17 දා) නියෝග කළේය.එම සැකකරුගේ මානසික තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ක...
"චිරං ජයතු අගමැතිඳුනි…."
"මේ රටේ 5 වැනි විධායක ජනාධිපතිවරයා ද වන අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය අදට (18 දා) යෙදී තිබේ.2005 නොවැම්බර් 17 දා පැවැති ජනාධිපතිවරණයෙන් මේ රටේ 5 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරයා වශයෙන් ජාතිය ඇමැතීමට දෛවය ඉඩ ලබාදුන්නේ ඔහුගේ ජන්ම දිනය වන නොවැම්බර් 18 දා වීම අහඹු සිදුවීමකි.එම...
"පානමුරේ ඇවිළෙයි – පොලිසියේ 2කගේ වැඩ තහනම්"
"* අත්අඩංගුවේදී තිදරු පියෙකු මියයෑමඇඹිලිපිටිය පනාමුර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයකු සිරමැදිරියේදී ගෙල වැලලාගෙන අභිරහස් අන්දමින් මියගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විරෝධය පළ කළ ප‍්‍රදේශවාසීන් පොලිසිය වටකරගෙන ටයර් පුළුස්සමින් කලහකාරී ලෙස හැසිරීම නිසා එම ප‍්‍රදේශයේ ඊයේ (17 දා) උදෑසන උණුසුම් තත්ත්වයක් උද්ගත විය.ඇ...
"වජිරා චිත‍්‍රසේනට ඉන්දීය රජයෙන් ‘පද්ම ශ‍්‍රී’ සම්මානය"
"ශ‍්‍රී ලංකාවේ නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය මෙරට ඉහළම නර්තන ශිල්පිනියක වන දේශබන්දු ආචාර්ය වජිරා චිත‍්‍රසේන මහත්මිය ඊයේ (17 දා) ඉන්දීය රජයෙන් පිරිනැමුණු ‘පද්ම ශ‍්‍රී’ සම්මානයෙන් පිදුම් ලැබුවාය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් අරලියගහ මන්දිරයේදී ඊයේ එම සම්මා...
"ඉල් පෝය අදයි"
"අද ඉල් පොහෝ දිනයයි. එය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රේෂ්ඨ දිනයකි. වස්සාන සෘතුවේ අවසාන පොහොය ඉල් පුනු පොහොය යි. මෛත්‍රෙය බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප‍්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ධර්ම ප‍්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කරනු ව...
"60ට වැඩි අයට බූස්ටර් එන්නත දෙමින්…."
"වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට කොවිඞ් මර්දන තුන්වන එන්නත් මාත‍්‍රාව (බූස්ටර් එන්නත) ලබාදීම ඊයේ (17දා) ආරම්භ කෙරිණි. සේයාරුවෙන් දැක්වෙන්නේ පිටකෝට්ටේ සෞඛ්‍ය වෛi නිලධාරි කාර්යාලය මගින් ජනතාවට එන්නත ලබාදුන් අයුරුයි. ඡායාරූපය – තුෂාර අතපත්තු"
"සඳහිරු සෑය සසුනට පූජා කිරීම අද"
"මෙරට බෞද්ධ ඉතිහාසයේ මෙන්ම අනුරාධපුර පුණ්‍යභූමියේ නව පරිච්ෙඡ්දයක් පෙරළමින් සඳහිරු සෑය අද දින ජාතියට දායාද කෙරේ.තිස් වසරක කුරිරු යුද්ධයේදී ශ‍්‍රී ලංකා මාතෘ භූමිය මුදා ගැනීමේ සටනේදී දිවි පිදු හා ආබාධිත වූ රණවිරුවන්ට උපහාර වශයෙන් රණවිරු ශ‍්‍රමයෙන් ඉදි කළ සඳහිරු සෑ චෛත්‍යරාජයාණන් වහන්සේ බැතිමතුන්ගේ වන්දනාව පිණිස සඟ සතු කොට...
"උද්ඝෝෂණයට බාධා කළැයි සජබ මන්ත‍්‍රීවරු මැතිසබේ විරෝධතා"
"සමගි ජනබලවේගය විසින් පෙරේදා (16 දා) කොළඹදී පවත්වන ලද ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයට පොලිසිය යොදවා මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා බාධා කළ බවට චෝදනා කරමින් සජබ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවේදී ඊයේ (17දා) විරෝධය දැක්වූහ.විවිධ පුවරු ප‍්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් සමගි ජනබලවේගය මන්ත‍්‍රීවරු ‘සරත් ලැජ්ජයි සරත්’ යැයි කෑකෝ ගසම...
"කිරි දෙනුන් ගෙන්වීමේදී මිලියන 400ක් වංචා කළ අයෙකුත් සජබ උද්ඝෝෂණයේ"
"* මොහොමඞ් මුසම්මිල්මෙරටට කිරි ගවයන් ගෙන්වීමේදී රුපියල් මිලියන 400ක් සොරාගත් හිටපු ඇමැතිවරයකු ද සමගි ජන බලවේගය උද්ඝෝෂණයට පැමිණි බව ප‍්‍රකාශ කිරීම නිසා ඊයේ (17 දා) පාර්ලිමේන්තුව ආරම්භයේදී තරමක උණුසුම් තත්ත්වයක් ඇතිවිය.ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසූ ප‍්‍රශ්නයකදී මෙම ...
"අත්‍යවශ්‍ය ඖෂධ 60කට අයත් මාත‍්‍රා වර්ග 131කට පාලන මිලක්"
"අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60කට අයත් මාත‍්‍රා වර්ග 131ක මිල නියාමනය කර ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව එම ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවද එම මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරීම නීති විරෝධී කටයුත්තක් බවද සඳහන් කරයි.ඩොලරයේ අගය ඉහළ යෑම මත පසුගිය අගෝස්තු මාසයේදී මෙම ඖෂධවල මිල සියයට...
"පාසල් අරිනවා මෙන්ම කොවිඞ්වලින් ආරක්‍ෂා වීමත් වැදගත්"
"* වෛද්‍ය නවීන් ද සොයිසාකොවිඞ් තත්ත්වය යටතේ පාසල්වල සියලූ ශ්‍රේණි විවෘත කරමින් නව සාමාන්‍යකරණයට පිවිසීමේදී දරුවන්ට, ගුරුවරුන්ට සහ දෙමාපියන්ට සෞඛ්‍ය මාර්ගේපදේශ ආරක්‍ෂා කිරීමට විශාල වගකීමක් ඇතැයි රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛi නවීන් ද සොයිසා මහතා ‘දිවයින’ට ඊයේ (17 දා) පැවැසීය.පාසල්වල සියලූ ශ්‍රේණි විවෘත කරනව...
"පනාමුරේ තරුණයාගේ මරණයයි සජබ උද්ඝෝෂණයයි අතරේ කිසිම සම්බන්ධයක් නෑ"
"*මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකරපොලිස් අත්අඩංගුවේ පසු වූ පනාමුරේ ඉන්දික ජයරත්න නමැත්තාගේ මරණයට සහ සමගි ජනබලවේගය උද්ඝෝෂණයට කිසිදු සම්බන්ධයක් නොමැති අතර ඒ පිළිබඳව පොලිසියට විරුද්ධව කරන චෝදනාව අමූලික බොරුවක් යැයි මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) පැවසීය. සමගි ජන බලවේගය මන්තී‍්‍ර හේෂා විතානගේ මහ...
"යොවුන්පුරයට කෝටි 8ක් වැඩිපුර වැය කරලා"
"* කෝප් කමිටුවේදී හෙළි වෙයිජාතික තරුණ සේවා සභාව විසින් 2018 සහ 2019 වර්ෂවල කි‍්‍රයාත්මක කරන ලද යොවුන්පුර වැඩසටහන් සඳහා අනුමත ඇස්තමේන්තුගත පිරිවැයට අමතරව රුපියල් අටකෝටි පන්ලක්ෂ හැට දහස් නවසිය දාහතරක් වැය කර ඇතැයි කෝප් කමිටුවේදී අනාවරණය විය.එම වර්ෂවල පැවැත්වූ යොවුන්පුර වැඩසටහන් සඳහා අනුමත ඇස්තමේන්තුගත පිරිවැය එකතුව රුපිය...
"කැන්ඩොස් හෑන්ඞ්මේඞ් අලෙවිසලක් කළුතරට…"
"කැන්ඩොස් චොක්ලට් ‘හෑන්ඞ් මේඞ්’ නිෂ්පාදන රැුගත් නව කැන්ඩොස් අලෙවිසලක් කළුතර, වෙට්ටුමංකඩ, ගාලූපාරේ අංක 06 දරණ ස්ථානයේදී ඊයේ (17 දා) උදෑසන විවෘත විය. උපාලි සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන විධායක නිලධාරී පී.කේ.ඞී.එස්. සමන්ත මහතා එම අවස්ථාව සනිටුහන් කරමින් පොල්තෙල් ප‍්‍රදීපයේ තිරකඩක් දැල්වූ අයුරු. සිලෝන් චොක්ලට් ලිමිටඞ් සාමාන්‍යා...
"දින 40කට ප‍්‍රමාණවත් දැවිතෙල් ගබඩාවල තිබෙනවා"
"– ඇමැති ගම්මන්පිලදින හතළිහකට ප‍්‍රමාණවත් දැවිතෙල් ප‍්‍රමාණයක් ගබඩාවල තිබෙන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ‘දිවයින’ ට පැවසීය.කෙසේ වෙතත් මේ වනවිට විදුලි බලාගාර ආශි‍්‍රත ජල පෝෂකවලට ඇති තරම් වර්ෂාව පතිතවීම නිසා ඉකුත් කාලයේදී විදුලි බලාගාරවලට දැවිතෙල් අවශ්‍ය නොවූ බවත් මේ වනවිටත් ජල විදුලි නිෂ්පාදනය උපරිම මට්ටමට පත්වී ...
"මාස දෙකකදී තෙල් සංස්ථාවට කෝටි 2000ක ඉතිහාසගත පාඩුවක්"
"* ඛනිජ තෙල් සභාපතිඉන්ධන අලෙවියෙන් සංස්ථාව ලබන පාඩුව දිනෙන් දින ඉහළ යමින් තිබෙන බවත් ඊයේ (17දා) වන විට ඞීසල් ලීටරයකින් රුපියල් 38ක පාඩුවක් ද පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 25ක පාඩුවක්ද සිදුවී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා කීය.මේ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් සියය ...
"ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගන්න යයි"
"ඩොලර් හිඟය පියවා ගැනීම සඳහා විදෙස් රටවල් කිහිපයක් සමග රාජතාන්ති‍්‍රක සාකච්ඡුා කිහිපයක් ආරම්භ කර තිබෙන අතර ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා ගැනීම සඳහා ඉන්දීය රජය සමග කළ සාකච්ඡුා සාර්ථක වන ලකුණු ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය.ඒ අනුව රජයේ නියෝජිතයකු ලබන සතියේ ඉන්දියාවට ගොස් මේ සම්බන්ධව ඉදිරි කටයුතු සිදුකිරීමට නියමි...
"මෛතී‍්‍ර යහපාලනයේ ගුණ ගයයි"
"අද වන විට ඇතිවී තිබෙන ආර්ථික ප‍්‍රශ්නවලට වගකිවයුත්තේ පැවැති යහපාලන ආණ්ඩුව නොව අවුරුදු තිහ හතළිහක් තිස්සේ පැවැති විවෘත ආර්ථිකයේ අනිසි ප‍්‍රතිඵල බව හිටපු ජනාධිපති පොලොන්නරුව දිස්ති‍්‍රක් මන්තී‍්‍ර මෛති‍්‍රපාල සිරිසේන මහතා පැවැසීය.අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (17 දා) මේ බව කී මෛතී‍්‍රපාල සිරිසේන මහතා වැඩි...
"අද සිට වැසි අඩුවෙයි – අඩු පීඩන කලාපය තමිල්නාඩු වෙරළට යයි"
"ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ උතුරු අන්දමන් මුහුදු ප‍්‍රදේශය ආශ‍්‍රිතව පැවැති අඩු පීඩන කලාපය අන්ද්‍රා ප‍්‍රදේශයට යාබද උතුරු තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාව පවතින නිසා අද (18දා) සිට දිවයිනේ පළාත් කිහිපයකට ලැබුණු වර්ෂාපතනයේ අඩුවීමක් සිදුවන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.මෙම තත්ත්වය ලබන සඳුදා (22දා) දක්වා පවති...
"NMRA දත්ත මැකීම රිමාන්ඞ් භාරයේ සිටි මෘදුකාංග ඉංජිනේරුවාට ඇප"
"රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් පරිගණක දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයකු වන ප‍්‍රමෝද් දිලූප රාමනායක නමැත්තා දැඩි ඇප කොන්දේසි පනවා ඇප මත මුදා හැරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (17 දා)  නියෝග කළේය.විදේශගත වීම වළක්ව...
"සතර දෙසින් කොළඹට ඇදී ආ සජබ ආධාරකරුවන්ට පොලිසියෙන් බාධා"
"දකුණු පළාතෙන් එක්වීමට බස්රථවලින් පැමිණි බෙන්තොට, කොස්ගොඩ, බලපිටිය, අම්බලන්තොඩ, ගාල්ල, මාතර ප‍්‍රදේශවල පාක්ෂිකයින්ට බෙන්තොටදී පොලිසිය විසින් බාධා එල්ලකර තිබේ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ක‍්‍රියාත්මක වෙමින් පොලිසිය විසින් බෙන්තොට පාලම අසල පිහිටි බෝගස ඉදිරිපිටදී එම පිරිස නවතා නැවත හරවා යැවී...
"සිරිල් ගාමිණී පියතුමාගෙන් සීඅයිඩීය දෙවැනි දිනටත් ප‍්‍රශ්න කරයි"
"පාස්කු ප‍්‍රහාරය එල්ල කළ සැකකරුවන් සමග රාජ්‍ය බුද්ධි සේවය සම්බන්ධතා පැවැත්වූ බවට සිදු කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16 වැනිදා) දෙවැනි දිනටත් පැය 8ක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගත්තේය.රාජ්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් ...