Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"බයිඩන් සහ පුටින් න්‍යෂ්ටික අවි පාලනයට එකඟ වෙති"
"ජිනීවා නුවර පැවැති ඓතිහාසික සමුළුවේදී ඇමරිකානු ජනපති ජෝ බයිඩන් සහ රුසියානු ජනපති වැලඩමීර් පුටින් න්‍යෂ්ඨික අවි පාලනයට එකඟවී ඇත.  මෙම සමුළුවේදී තෑගි හුවමාරු කරගත් බවට වාර්තා වුවත් එම තෑගි කුමක්දැයි හෙළිවී නැත. මෙකී සමුළුව ඇමරිකානු හා රුසියානු නායකයන්ගේ ජයග‍්‍රහණයක් බව ස්විස් මාධ්‍ය කියා සිටියි. ඇමරිකාව විසින් රුසියාවට ...
"සතුන්වත්තේ සිංහයකුට කොවිඩ්… සීබ‍්‍රා හිපපොටේමස් හිටි ගමන් මැරෙති"
"ජගත් කණහැරආරච්චි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයකුට ‘කොවිඞ්’ රෝගය වැළඳී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි සත්වෝද්‍යාන ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.  මෙසේ කොවිඞ් ආසාදනය වී ඇති බව කියනු ලබන්නේ 2012 වසරේදී දකුණු කොරියාවෙන් ජාතික සත්වෝද්‍යානයට ගෙන එන ලද, සත්වෝද්‍යානයේ සිංහ දූපතේ විසූ තෝර් (Tho...
"ජ’පුර යළි අරී"
"සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ලබන 24 වැනිදා යළි විවෘත කරන බව උපකුලපතිවරා සඳහන් කරයි.ඒ අනුව නේවාසික සිසුන්ට 23 වැනිදා සිට නැවත නේවාසිකාගාරවලට පැමිණිය හැකි බවද පවසයි."
"ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියට තවත් තිදෙනෙකුගේ වැඩ තහනම්"
"අනුරාධපුර,රත්මලේ තිස්ස මහ විද්‍යාලයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපති ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවිමට වහාම පියවර ගත් බව උතුරැ මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන් මහතා පවසයි. ඒ අනුව ඔවුන්ට විරැද්ධව ඉදිරි ක්‍රියා මාර්ග ගැනිමටද නියමිත බවද ඒ මහතා සඳහන් කළේය. 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය ...
"T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ"
"එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව ඇති අයි.සී.සී. විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් කර ඇත. නායිකා චමරි අතපත්තු , හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, කවිෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, හසිනි පෙරේරා, අනුෂ්කා සංජීවනී, සචිනි නිසංසලා, උදේශිකා ප්‍රබෝධනී...
"යුරෝපා මැතිවරණ නිරීක්ෂකයෝ ජනපති හමුවෙති"
"යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.එහිදී ඔවුන් සිය නිරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය සහ රට පුරා සිදුකිරීමට නියමිත නිරීක්ෂණ කටයුතු සම්බන්ධව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි."
"බැසිල් ‘රන් මාවතින්’ දිවයිනෙන් පිටව යයි"
"ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලු‍යම කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි නුවර වෙත පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . ඒ මහතා අද අලු‍යම 03.05 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරණ ගුවන් යානයෙන් ඩුබායි නුවර වෙත පිටත්ව ගොස් තිබේ . මෙම ගුවන් යානය වෙත පිව...
"5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වනවාද නැතිද අමාත්‍යංශ ලේකම්ගෙන් ප්‍රකාශයක්"
"5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වනවාද නැතිද යන තීරණය ගනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධව පවත්වන විමර්ශන වලින් පසු බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කරයි.අද අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඇය පැවසුවාය."
"ජනාධිපති තරුණ ලාංකික ව්‍යවසායකයින් හමුවේ"
"පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ වූ සාකච්ඡා ද අවසන් කරමින් රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට අදාළ සියලු සාකච්ඡා මේ වන විට සාර්ථකව අවසන් කර තිබෙන බවත්, රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වන නිල පිළිගැනීම නුදුරේදීම හිමිවීමත් සමඟ රට ඉදිරියට ගෙන යාමේ වේගවත් සැලැස්ම ක්‍රියාවට නංවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනා...
"නවසීලන්ත පළමු ඉනිම 340"
"ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ 3 වැනි දිනය වන අද නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 340 ලබාගත්තේය.ටොම් ලතම් 70,ඩැරිල් මිචෙල් 57,කෙනී විලියම්සන් 55යි.පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය 136/4යි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ස...
"ඡන්ද පෙට්ටි අද නිකුත් කරයි"
"හෙට පෙරවරු 7.00ට ආරම්භ වන ජනාධිපතිවරණය සඳහා අදාල ඡන්ද පෙට්ටි අද පෙරවරු 10.00ට සියලුම දිස්ත්‍රික්ක වල මැතිවරණ තේරීම් භාර ප්‍රධාන මධ්‍යස්ථාන වලින් නිකුත් කිරීමට නියමිතය.කොළඹ දිස්ත්‍රික්කයට අයත් ඡන්ද පෙට්ටි මැතිවරණ කොමිසමේ සභාපති ආනන්ද රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිටි ප්‍රධාන මධ්‍යස්ථානයෙන් නික...
"දෙහිවල දී වෙඩි වැදුණු අය මරුට"
"නාදුනන තුවක්කුකරුවෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලබා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කළ 45 හැවිරිදි පුද්ගලයා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.දෙහිවල කඩවත පාරේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකි."
"ඡන්දෙට පෙර අද ඇතිවූ පෝලිම"
"අද උදෑසන සිට පෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳ පොළ සහ මාළු වෙළදපොළ වෙත එළවළු සහ මාළු මිලදී ගැනීමට විශාල ලෙස ජනතාව පැමිණ ඇතැයි වාර්තාවේ.එබැවින් එහි දිගු පෝලිමක් හටගෙන තිබේ.ජනාධිපතිවරණය හෙට පැවැත්වෙන බැවින් දින කිහිපයක් එළවළු සහ මාළු මිලදී ගැනීමට බාධා මතු වේ යැයි පවසමින් ජනතාව මෙලෙස පැමිණි ඇතැයි වාර්තාවේ."
"නවසීලන්තය 255/4"
"ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද නිමා වනවිට නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 255ක් ලබා සිටියේය. නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටොම් ලේතම් 70ක් සහ කේන් විලියම්සන් 55 ලකුණු ලබා ගත්හ.ඩැරිල් මිචල් නොදැවී ලකුණු ...
"ඇ.ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යුහගත කරයි"
"2023 වසර අවසන් වන විට පැවති මෙරට ඇමෙරිකානු ඩොලර් බිලියන 17.5 ක පමණ විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අද ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණි බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.මෙම එකඟතා යටතේ, 11% ක වට්ටම් අනුපාතයක් මත පදනම්ව 40.3% ක වර්තමාන අගයක සඳහා සහනයක් ලබාදීමට බැඳුම්කර හිමියන් එකඟ වී ඇත.මෙම එකඟතා මගින් 202...
"ජාතික ආක්ෂක සභාව රැස්වේ"
"ජනාධිපතිවරණ දිනයේදී රට තුළ නීතිය හා සාමය ක්‍රියාත්මක කරමින් සහ ජනාධිපති අපේක්ෂකන්ගේ හා ඡන්ද මධ්‍යස්ථාන වල ආරක්ෂාව තහවුරුකරමින් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස්කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජාතික ආක්ෂක සභාව රැස්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.එහිදී පශ්චාත් මැති...
"දුලිප් සමරවීර ට වසර විස්සක ක්‍රිකට් තහනමක්"
"ඔස්ට්‍රේලියා ආයතනයේ චර්යා ධර්ම සංග්‍රහය උල්ලංඝනය කළ බවට එරට ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ට වසර විස්සක තහනමක් පැනවීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය පියවර ගෙන ඇත. ඒ අනුව ඔහුට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයේ, ප්‍රාන්ත හෝ වෙනත් ක්‍රිකට් සංගමයක හෝ බිග් බෑෂ් කණ්ඩායම්...
"ශ්‍රී ලංකාව පළමු ඉනිමට 305යි"
"සංචාරක නවසීලන්තය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 305ක් ලබා ගැනීමට සමත් විය.කමිදු මෙන්ඩිස් 114, කුසල් මෙන්ඩිස් 50 යි.පන්දු යැවීමේදී විලියම් ඕරුකී 55/5යි."
"පැය 24කදී වෙඩි තැබූ සිව්වැන්න"
"ගෙවුණු පැය 24 තුළ වාර්තා වූ සිව්වැනි වෙඩි තැබීම ලෙස අද උදෑසන රස්නායකපුර ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීම බව පොලීසිය පවසයි. ඉන් 30 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ.පොලීසිය පැවසුවේ නාඳුනන වෙඩික්කරුවෙක් විසින් අද (19) උදෑසන එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි."
"ආරවුලකින් පුද්ගලයෙක් මරුට"
"ගොඩකවෙල ගල්පල්යාය ප්‍රදේශයේ දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ගොඩකවෙල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ 36 හැවිරිදි උඩුකුඹුර, හපුගස්තැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මෙම පුද්ගලයා සැකකරුගේ නිවස ආසන්නයට පැමිණ ආරවුලක් ඇති කරගෙන තිබේ.එම අවස්...
"මිහින්තලා විහාරාධිපති හිමියෝ CID එති"
"තමුනට එල්ලවී ඇති මරණ තර්ජණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන සහ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර යන ස්වාමීන්වහන්සේලා අද පෙරවරුවේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටිති."
"හෙට පාසල් නිවාඩු"
"මෙම මස 21 වැනිදා පැවැත් වෙන ජනාධිපතිවරණය සඳහා රජයේ පාසල් රැසක් ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගෙන ඇති බැවින් හෙට දිවයිනේ සියලුම පාසල් නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක ඉල්ලා ඇත.ඒ අනුව හෙට සියලුම පාසල් වලට නිවාඩු ලබාදීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි."
"බංග්ලාදේශ හමුදා නිලධාරීන්ට මහෙස්ත්‍රාත් බලය දෙයි"
"බංග්ලාදේශයේ නීතිය හා සාමය ආරක්ෂාකිරීම සඳහා එරට අධිකරණය විසින් හමුදා නිලධාරීන්ට විධායක මහෙස්ත්‍රාත් බලය දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.එරට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම බලතල දින 60ක කාලයක් සඳහා බලපැවැත්වෙන බවය.රටේ විවිධ ප්‍රදේශවලින් කඩාකප්පල් ක්‍රියා වාර්තාවීම නිසා මෙම පියවර ගත් බව බංග්ලාද...
"මිදිගමදීත් පුද්ගලයෙකු වෙඩි වැදී මරුට"
"මාතර – ගාල්ල ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේ දී වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම වෙඩි තැබීමෙන් මාළු ලබාගැනීමට පැමිණි තවත් පුද්ගලයින් දෙදෙනෙකුට ද වෙඩි වැදීමෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාතර මහ⁣රෝහලට ඇතුළත් කර ඇත. එලෙස වෙඩිවැදී ඇත්තේල 38 හැවිරිදි සහ 72 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකුටය. වෙඩිතැබීමෙන් මියගොස...
"වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට"
"කොහුවල පොලිස් වසමේ සරණංකර පාර, ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට ඊයේ රාත්‍රියේ දී සිදු කළ වෙඩි තැබීමකින් ඔහු මියගොස් ඇත.තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.මියගිය පුද්ගලයා අවුරුදු 43ක නැදිමාල, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.වෙඩි වැදුණු පුද්ගලයා එම වෙළෙඳසැලේ හිමිකරු වේ."
"5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක්"
"5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්වීමට අවශ්‍යතාවයක් නැතැයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.එම විභාගයේ ප්‍රශ්න 03ක් පිටවී ඇති බවට ලද තොරතුරු අනුව සිදු කළ සොයා බැලීම අනුව අදාළ ප්‍රශ්න වලට සමාන ප්‍රශ්න තුනක් එක්තරා ගුරුවරයෙක් විසින් සාකච්ඡා කර ඇතැයිද සඳහන් කරයි.එම ප්‍රශ්න තුන ඉවත් ක...
"එ.ජා මහා මණ්ඩලයේත් ඡන්දයක්"
"වසරක් ගතවී ඇති ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුද ගැටුම් අවසන් කිරීම සඳහා මැදිහත් විය යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවට ඊයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල විශේෂ සැසියේදී පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 124 ලැබුණි.විපක්ෂව ඡන්ද 14ක් ලැබුණු අතර සහභාගී නොවූ සාමාජිකයන් ගණන 43කි.රටවල් 193ක සාමාජිකත්වය සහිත එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ...
"රනිල් අනුර දේශපාලන සන්ධානය 21දා පරාද වන බව සජිත් කියයි"
"රනිල් වික්‍රමසිංහ පුළුවන් යැයි කියන විට එයාගේ ගෝලයා අනුර කුමාර දිසානායකත් පුළුවන් යැයි කියන බවත් රනිල් පුළුවන් යැයි කිව්වත් 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයවත් හරියට තියා ගන්න බැරි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ඇඹිලිපිටියේ දී පැවැති සිය අවසන් ප්‍රචාරක රැළියකදී පැවසීය.නිසැකවම 21 වැනිදාට වැඩි ඡන්ද ලක්ෂ 20කින් තමා ජ...
"අවසන් රැළියකදී ජනපතිගෙන් අනුරට යළි ආරාධනයක්"
"ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පිළිගන්නා බැවින් තවදුරටත් තමා සමග ජනාධිපතිවරණයට තරග නොකර ඉන් ඉවත්ව තමා සමග එක්වී කටයුතු කිරීමට එන ලෙස ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද කලුතර දී පැවැති සිය අවසන් ප්‍රචාරක ර...
"ජාජබ වටා සිටින ජනතාව ගැන අනුර අවසන් රැළියේදී හෙළි කරයි"
"ජාතික ජන බලවේගය වටා එක්වී සිටින්නේ කලකිරීමට පත්ව සිටින හෝ කෝපයට පත්ව සිටින ජනතාව නොව නව රටක් බිහි කිරීම සඳහා බලාපොරොත්තු සහිත පිරිසක් බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද සවස නුගේගොඩ පැවති සිය අවසන් ප්‍රචාරක රැළියේදී පැවැසීය.තම පක්ෂය මෙම මැතිවරණ සටන ආරම්භ කළේ ජයග්‍රහණයේ අරමුණින්ම බවද සඳහන් කළේය.එන...
"ලෙබනන් පේජර් ප්‍රහාරයේ හෙළි වන රහස්"
"ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර එල්ලකළ පේජර් ප්‍රහාරය සිදුකර ඇත්තේ ඊශ්‍රායල මොසාඩ් රහස් ඔත්තු සේවය බව තොරතුරු අනාවරණය වී තිබේ . ඒ සඳහා ඔවුන් හිස්බුල්ලා සාමාජිකයන් භාවිතා කරන පේජර් උපකරණ සඳහා පුපුරණ ද්‍රව්‍ය අටවා ඇති බව හෙළිවී ඇත. එම ප්‍රහාරයෙන් 12 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඉන් දෙදෙනෙක් ළමු...
"හිටපු ජනපති මහින්දගෙන් ප්‍රකාශයක්"
"කටවුට්, පෝස්ටර් සහ පක්ෂ කාර්යාල වලින් මැතිවරණ ජයග්‍රහණ තීරණය කළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.එබැවින් එවැනි ප්‍රචාරණ කටයුතු වලට බිය විය යුතු නැතැයි ද ඒ මහතා සඳහන් කරයි.වර්තමානයේදී රටේ වැඩිපුරම බැනුම් අහන දේශපාලන නායකයා තමා බවද හෙතෙම සඳහන් කළේය.රටට නායකයකු තෝරා ගැනීමේදී සැලකිලිමත්ව කළ යුතු බවත් හැග...
"දේශබන්දුගේ පෙත්සමක් විසිවෙයි"
"දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කර ඇත. පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන , මහාචාර්ය අගලකඩ සිරිසුමන සහ කොටපිටියේ රාහුල යන ස්වාමීන්වහන්සේලා විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. මෙම අතර...
"කමිදුගෙන් ශතකයක්"
"සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේදී කමිදු මෙන්ඩිස් ශතකයක් වාර්තා කරමින් ලෝක ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් සම කිරීමට සමත්වී තිබේ.කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සිය පළමු ඉනිමට කඩුළු 06ක් දැවී ලකුණු 299...
"මැ.කො.ගේ මාධ්‍ය උපමාන"
"ජනාධිපතිවරණයට අදාලව අපේක්ෂකයින් වෙනුවෙන් අද පැවැත්වෙන අවසන් ප්‍රචාරක රැළි හෙට පුවත්පත් වල පළ කළ හැකි බවත් එම පුවත් හෙට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කිරීමේදී සිරස්තල පමණක් ඉදිරිපත් කරනු හැර ප්‍රවෘත්තියට අදාල වෙනත් කිසිදු අදහසක් හෝ යෝජනාවක් ඉදිරිපත් කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි.එ...
"හෙල්මටයක් සහ ජැකට්ටුවක් උතුරු දුම්රිය ධාවනය නවතයි"
"දුම්රිය නියාමකවරයෙකුගේ යතුරු පැදි හිස් වැසුමක් සහ වැසි කබායක් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අද අලු‍යම සිට දුම්රිය නියාමකවරු වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.මෙම වැඩ වර්ජනය හේතුවෙන්, උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය රැසක් ධාවනය නොවුණි. ඒ හේතුවෙන් විදෙස් සංචාරකයන්, විශ්ව විද්‍යාල සිසුන් , ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු මගීහ...
"හිස්බුල්ලා සටන්කාමීන් රැසක් මරුට"
"ලෙබනනයේ බේරූට් අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක සිදුවූ පිපිරීම් රැසකින් හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ඇතුළු සාමාජිකයන් 09 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 3,000කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවද සඳහන් කරයි.තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් 200ක පමණ පිරිසකගේ තත්ත්වය බරපතළ බව ද සඳහන් කරයි.ලෙබනනයේ ක්‍රියා...
"සරසවි කාර්ය මණ්ඩලයට හා සිසුනට ඡන්දය දීමට නිවාඩු"
" මෙම මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහ විශ්ව විද්‍යල සේවය නියුතු අයට හා ශිෂ්‍ය ශිෂ්‍යාවනට පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා විසින් පෞද්ගලික අංශයෙන් හා සියලු රාජ්‍ය විශ්ව ...
"මැ.කො. සභාපතිගෙන් නිවේදනයක්"
"මෙම මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වූ මොහමදු ඉල්යාස් මහතා අභාවප්‍රාප්තවීමෙන් පසු වෙනත් අපේක්ෂකයකු යෝජනා කර නැති නිසා ඒ මහතා වෙනුවෙන් සලකුණු කරන ඡන්ද ප්‍රතික්ෂේප කරනු ලැබිය යුතු ඡන්ද ලෙස සලකනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා විසින් අද නිවේදනයක් නිකුත් කරමි...
"බෞද්ධාලෝක මාවත ධර්මායතනයට ඉන්දියාවෙන් ධර්මචක්‍ර මුද්‍රා බුද්ධ ප්‍රතිමාවක්"
"අදට යෙදී ඇති බිනර පොහොය සහ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 160 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් බෞද්ධාලෝක මාවතේ ධර්මායතන විහාරය වෙත ධර්මචක්‍ර මුද්‍රාව සහිත බුද්ධ ප්‍රතිමාවක් අද පිරිනමන ලදී. විහාරාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් එය භාරගත් අතර මෙම අවස්ථාවට අග්...
"වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ජනපති විවෘත කරයි"
"කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවින වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද සවස විවෘත කෙරිණ. මෙම අතිනවීන කර්මාන්ත ශාලාව මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉහළ නංවමින් මෙරට තරුණ පරපුරට තිරසර වර්ධනයක් සහ දිගුකාලීන සමෘද්ධියක් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය පස...
"පහරදීමකින් බස් රථ හිමිකරුවෙක් මරුට"
"නාඳුනන පුද්ගලයෙකු ත්‍රීරෝද රථයකින් පැමිණ මුගුරකින් පහර දීම නිසා මීගොඩ ප්‍රදේශයේ බස් රථ හිමිකරුවෙකු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. අද පස්වරු 1.00 ට පමන සිදුව ඇති මෙම පහරදීමෙන්මියගොස් ඇත්තේ නො.106/1, ගොඩගම, හෝමාගම ලිපිනයේ පදිංචිගම්මැද්ද ගමගේ සම්පත් රුවන් නැමැත්තෙකි. මොහු කලක් නෙලු‍ව ප්‍රදේශයේ ශ්‍රී.ල.නි.ප. ස...
"ජනපති සටනේ අවසන් ප්‍රචාරක රැළි 05ක් හෙට කොළඹ දී"
"ජනාධිපතිවරණයට අදාල ප්‍රධාන අපේක්ෂකයින් පස්දෙනකු ගේ අවසන් ප්‍රචාරක රැළි පහක් හෙට පස්වරු 2.00ට කොළඹ නගරයේ දී සහ ඉන් පිටතදී ආරම්භ වේ.ස්වාධීන අපේක්ෂක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැළිය ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දියේ දී පැවැත්වේ.සමගි ජන බලවේගය පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප...
"ක්ලබ් වසන්ත ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට"
"ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට අදාළ තවත් සැකකරුවෙක් බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.වෙඩි තැබීම සඳහා යොදාගත් උණ්ඩවල KPI ලෙස සටහන් කිරීම හා මෝටර් රථයකින් සැකකරුවන් අතුරුගිරිය ගල්පොත්ත ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇත්තේ මෙම සැකකරු බව පොලිසිය තොරතුරු හෙළිකරගෙන තිබේ."
"05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක්"
"මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්න තුනක් විභාගයට පෙර පිටවීම සම්බන්ධව අද විශේෂ පරීක්ෂණයක් පැවැත්වූ බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පවසයි.ඒ අනුව එම ප්‍රශ්න පත්‍රයේ ඇති සෙසු ප්‍රශ්න 37 සලකා බලා කිසිදු ශිෂ්‍ය ශිෂ්‍යාවකට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කිරීමට තීරණය කළ බවද ඒ මහතා සඳහන් ක...
"‘යාගී’ මියන්මාරය කළඹයි"
"යාගී සුළි කුණාටුවේ බලපෑමෙන් මියන්මාරයේ මියගිය පිරිස මේ වන විට 226ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. තවත් පුද්ගලයින් 80 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවද සඳහන් කරයි. යාගී සුළි කුණාටුව වියට්නාමය, තායිලන්තය, ලාඔසය හරහා ද හමාගිය අතර ඉන් සිදුවූ අනතුරු වලින් පුද්ගලයින් 500කට අධික පිරිසක් මියගොස් සිටිති."
"අග්‍රශාවක ධාතු ප්‍රදර්ශනයක්"
"අදට යෙදී ඇති ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 160 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මරදාන ශ්‍රී ලංකා මහාබෝධි මූලස්ථානයේදී සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහ රහතන්වහන්සේලාගේධාතූවහන්සේලා විශේෂ මහජන ප්‍රදර්ශනයක් අද පෙරවරුවේ සිට ආරම්භ විය.ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ සභාපති බානගල උපතිස්ස ස්වාමීන්වහන්සේගේ අනුශාසනා මත පැවති මෙම ධාතු ප්‍රද...
"බිනර පෝය අදයි"
"බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් ආරම්භ වූ බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ වැදගත් පොහොය දිනයක් ලෙස බිනර පොහොය හැඳින්වෙයි.ශාසන ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙන...
"නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම"
"සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇත.එසේ නම් කර ඇති ක්‍රීඩකයින් 15 දෙනා මෙසේය.නායක ධනංජය ද සිල්වා , දිමුත් කරුණාරත්න, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දින්ෂ් චන්දිමාල්,කමිදු මෙන්ඩිස්,ඕෂධ ප්‍රනාන්දු,සධී...
"දුමින්ද සිල්වා ගිනි අවි චෝදනාවෙන් නිදහස්"
"භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ චෝදනාවලට වරදකරු කර කොළඹ විශේෂ ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල බහුතර එකඟතාවයෙන් මරණීය දණ්ඩනය නියම කොට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා හා චමින්ද රවි ජයනාත් විත්තිකරුවන් සියලුදෙනාම එම නඩුවේ 17 වැනි චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර ඇත.ඒ අනුව නීති විරෝධී ටී-56 ගිනි අවියක...
"සුපිරි මලයාලම් චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේ රූගත කරයි"
"සුපිරි මලයාලම් චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේ රූගත කිරීමට මලයාලම් චිත්‍රපට නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර ඇත.මලයාලම් සිනමාවේ සුපිරි තරු දෙපළක් වන මමූති සහ මෝහන්ලාල් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙති.ස්ථානීය රූගත කිරීම් දින 30ක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව මලයාලම් චිත්‍රපට නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ජෝසප් ඇන්ටෝ අතිරම්පුසා...
"අගෝස්තු ක්‍රිීඩකයා දුනිත් ක්‍රීඩිකාව හර්ෂිතා"
"අගෝස්තු මාසයේ අයිසීසී ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ සහ අගෝස්තු මාසය සඳහා අයිසීසී කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස හර්ෂිතා සමරවික්‍රම තෝරාගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය. ඒ සඳහා දුනිත් හා තරග වැදී ඇති අනෙකුත් ක්‍රීඩකයන් දෙදෙනා වූයේ දකුණු අප්‍රිකානු කන්ඩායමේ කේෂව් මහරාජ් සහ බටහිර...
"ඉලංගෙයි තමිල් අරසු කච්චි සහාය සජිත්ට"
"ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි අවසන් තීරණය ගෙන ඇත. වව්නියාවේදී අද (16දා) උදෑසන එම පක්ෂයේ දේශපාලන නියෝජිතයින් අතර පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා මේ බව කියා සිටියේය. පක්ෂය...
"ට්‍රම්ප්ට නැවතත් වෙඩිල්ලක්"
"හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කිරීම සඳහා නැවත වරක් උත්සාහයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා වෙයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ෆ්ලොරිඩා හී පිහිටි ඔහුගේ ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී එම උත්සාහය ගෙන ඇති නමුත් එහිදී හිටපු අමෙරිකානු ජනාධිපතිවරයාට කිසිදු හානියක් සිදුව නොමැත. එහිදී ඔහුගේ ආරක්ෂක නිලධාරීන් විසින් සැක...
"ශ්‍රී ලංකා ජනපතිවරණය අස්සේ අමෙරිකාවෙන් නිවේදනයක්"
"මෙරට ජනාධිපතිවරණය ලබන 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා සිටී. එම දෙපාර්තමේන්තුව නිකුත්කර ඇති සංචාරක උපදේශයෙන් එරට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනතාව රැස්වන ස්ථානවලට යෑමෙන් වළකින ලෙසය. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පව...
"මිලාද් උන් නබි උත්සවය අදයි"
" ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට (16) යෙදී තිබේ. සාමය හා සමානාත්මතාව පදනම් කරගත් ඉස්ලාම් දහම ලොවට දේශනා කළ මුහම්මද් නබි තුමන් අරාබියේ මක්කම නගරයේදී උපත ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 570 දීය. දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ගුණ සිහිකරමින් උත්සවාකාරයෙන් අද එය ස...
"වෙඩි වැදී පුද්ගලයෙක් රෝහල් ගත කරයි"
"ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ අද සවස සිදුකළ වෙඩි තැබීමකින් එක අයෙක් තුවාල ලබා ඇත.තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇති බව පොලීසිය පවසයි."
"අන්තර් පාසල් රග්බි ශූරතාව ඉසිපතන විදුහලට"
"ඩයලොග් අන්තර් පාසල් රග්බි කුසලානය ඉසිපතන විද්‍යාලය අද හිමි කර ගනු ලැබීය.34- 29 ක් ලෙස සාන්ත පීතර විද්‍යාලය පරදවමින්, ඉසිපතන විද්‍යාලය 2024 ජනාධිපති කුසලාන අන්තර් පාසැල් පිළිමලුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව ඒ අනුව දිනා ගැනීමට සමත් විය."
"හූති කැරලිකරුවන් ඊශ්‍රායලයට දිගු දුර මිසයිලයක් එල්ල කරයි"
"මධ්‍යම ඊශ්‍රායලයට දිගු දුර බැලස්ටික් මිසයිලයක් එල්ල කිරීමට ඉරානයේ සහාය ලබන හූති සටන්කරුවන් අද සමත්වී ඇත.එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ උතුරු යේමනය පාලනය කරනු ලබන හූති සටන්කරුවන්ට මේ සඳහා විශාල වන්දියක් ගෙවීමට සිදුවිය හැකි බවය. හූති කැරලිකරුවන් එවැනි ප්‍රහාරයක් ඊශ්‍රායලය වෙත එල්ල...
"කුරුණෑගල හිටපු නගරාධිපතිට ඡන්ද තහනමක්"
"කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාට එල්ල වී තිබෙන චෝදනා කීපයක් සැලකිල්ලට ගෙන ඔහුට 2024 වසරේ සිට 2032 වසර දක්වා වසර 7ක කාලයක් කිසිදු මැතිවරණයකදී ඡන්දය භාවිත කිරීම අහෝසි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.කුරුණෑගල ව්‍යාපාරිකයකු වන ප්‍රියංකර ලියනගේ මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලක...
"ෆේස්බුක් සාදයක් වටලයි"
"මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයක ඊයේ රාත්‍රී පැවති මත් ද්‍රව්‍ය සහිත නීති විරෝධී ෆේස් බුක් සාදයක් වටලා තරුණයින් 25 දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.මෙම පිරිස වයස අවුරුදු 16ත් 40ත් අතර වියේ පසුවන අතර වැලිගම,ගාල්ල,කොළඹ ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.මොවුන් අද කොටවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය."
"අලුත් සඳක් පායයි"
"මෙම මස 29 වැනිදා සිට නොවැම්බර් මස 25 වැනිදා දක්වා කෙටි කාලයක් සඳහා සඳක් පායන බව තාරකා විද්‍යාඥයෝ පවසති.එය 2024 PT 05 ලෙස නම් කර ඇත.දළ වශයෙන් මීටර් 10ක් පළල මෙම ග්‍රහකය සොයාගනු ලැබුවේ ග්‍රහක භෞමික බලපෑම් අවසන් අනතුරු ඇඟවීමේ පද්ධතිය මගිනි. එහි ප්‍රමාණය, වේගය සහ ගමන් පථය දින 53ක් පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයට හසුකර ගන්...
"‘කැමෙලියා’ නවකතාවට ස්වර්ණ පුස්තක සම්මානය"
"2024 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ විශිෂ්ටතම නව කතාව ලෙස විරාජිනී තෙන්නකෝ විසින් රචිත කැමෙලියා නවකතාව සම්මානයෙන් පිදුම් ලබා ඇත.මෙම සම්මාන උළෙල ඊයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි.අවසන් වටයට තේරුණු අනෙකුත් නවකතා වූයේ එරික් ඉලයප්ආරච්චි රචිත තිවංක, මලික් තුසිත ගුණරත්න රචිත සිල්වර් ටිප්ස්,...
"ජනපතිගේ පරිවාර හෙලිකොප්ටරයක් හදිසියේ ගොඩ බායි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගන්නා හෙලිකොප්ටරයට පසුපසින් පැමිණෙන පරිවාරක හෙලිකොප්ටරය කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේ ගොඩබස්සා ඇත. එප්පාවල කටියා ප්‍රදේශයේ වෙල් යායට ඊයේ සවස එම හෙලිකොප්ටරය ගොඩබස්සා තිබුණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටරය මෙලෙස කාර්මික දෝශයකට ලක්ව තිබේ. මෙලෙස හදිසි ගොඩබෑ...
"බංග්ලාදේශයේ තරු හෝටල් වලට තරු පෙනේ"
"බංග්ලාදේශයේ අගමැති ශෙයික් හසී­නාගේ පාල­න­යට එරෙ­හිව සිදු­කළ විශ්ව­වි­ද්‍යාල විරෝ­ධ­තාව හේතු­වෙන් බිඳ වැටුණු එරට සංචා­රක ව්‍යාපා­රය මේ වන­වි­ටත් යථා තත්ත්ව­යට පත්වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩකා අග­නු­වර ඇතුළු තදා­සන්න ප්‍රදේ­ශ­වල පිහිටි තරු පන්තියේ හෝටල් රැසක් මේ වන­වි­ටත් දරුණු මූල්‍ය අර්බු­ද­ය­කට ලක්වී ඇති බ...
"අද කාලගුණය"
"බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනයට අනුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි...
"05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද"
"05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරු 9.30ට ආරම්භවේ .මෙවර විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,849ක් දී පැවැත්වීමට නියමිතය.ඒ සඳහා අපේක්ෂකයින් 323,879 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.විභාගය පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිත අතර පෙරවරු 09ට පෙර සියලුම විභාග අපේක්ෂකයින් විභාග ශාලාවේ අසුන් ගතයුතු බව විභාග ...
"රාජකීයයන්ට තෝමසුන් පරදී"
"කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර අද පැවැති මයිකල් කුසලාන රග්බි තරයේ ජය රාජකීයයන් හිමි කර ගනු ලැබීය.එහිදී ලකුණු 26-20 ක් ලෙස ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය පරදවා මෙවර මයිකල් ගුණරත්න රග්බි කුසලානය දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය."
"ජනපතිවරණයට සුරා සැල් වැසේ"
"ජනාධිපතිවරණය හේතුවෙන් ලබන 21 සහ 22 වැනිදා දිවයින පුරා සියලු මත්පැන් අලෙවි සැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව එම පියවර ගන්නා බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී ගුණසිරි මහතා පැවසීය."
"O/L ප්‍රතිඵල නිකුත් කරන කාලය"
"සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 2025 වසරේ සිට කිසිදු පසුවීමක් නොමැතිව විභාග, වාරසටහන් සහ විභාග කාලසටහන ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවත් 2025 නව පාසල් වාරය ජනවාරි මස 02 දා ආරම්භ කරන බ...
"ශ්‍රී ලංකාවට රන් පදක්කම් 09ක්"
"චෙන්නායි හි නේරු ක්‍රීඩාංගණයේ දී ඊයේ අවසන් වූ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව රන් පදක්කම් 09ක් රිදී පදක්කම් 09ක් සහ ලෝකඩ පදක්කම් 17ක් සමග පදක්කම් 35ක් ලබා දෙවැනි ස්ථානයට පත් විය.ඉන්දියාව රන් පදක්කම් 21ක් රිදී පදක්කම් 22ක් සහ ලෝකඩ පදක්කම් 05ක් සමග පදක්කම් 48ක් ලබා 2024 දකුණු ආසියානු කනිෂ්ඨ මලල...
"රනිල් ජනාධිපති සමාවක් දෙයි"
"මීට වසර 109කට පෙර මෙරට සිටී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අසාධාරණ නඩු විභාගයකින් මරණයට පත් කරනු ලැබූ කපිතාන් දියුණුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාට මරණින් පසු ජනාධිපති සමාව ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(ඌ)ව්‍යවස්...
"පුටින්ගෙන් නේටෝවට තර්ජනයක්"
"නේටෝ සංවිධානය විසින් යුක්‍රේනය වෙත දිගු දුර අවි ලබා දුනහොත් තම රට සතුව ඇති පරමාණුක අවි යුක්‍රේනයට එරෙහිව භාවිතා කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි.රුසියාවට පහරදීමට දිගු දුර අවි ලබා දෙන ලෙස ඉල්ලා යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙස්කින් විසින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රමුඛ නේටෝ සංවිධානයෙ...
"නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ අවසන් දිනය අද"
"ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අදින් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව අද දිනයේ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත්, තම ප්‍රදේශයේ පිහිටි තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර එය ලබා ගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කරයි ."
"අදත් ටිකක් වැස්ස"
"බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමන තරමක තද වැසි ඇතිවිය හැකි බවද සඳහන් කරයි.ඌවපළාතෙත් අම්පාර සහ මඩකළපුව ...
"ළහිරු වීරසේකර රිය අනතුරකට ලක්වෙයි"
"අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු,ජන අරගලය සන්ධානයේ විධායක සභික සහ වෙනසකට තාරුණ්‍යය සන්ධානයේ කැදවුම්කරු ළහිරු වීරසේකර රිය අනතුරකට ලක්ව තිබේ.ගම්පොළ සිට අනුරාධපුරය දක්වා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇතැයි ජන අරගලය සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ මහතා පවසයි.අනුරාධපුරයේ ඊ...
"විජයදාසගෙන් හෙළිදරව්වක්"
"මැතිවරණ රැස්වීම් සඳහා සෙනග සපයන මෑන් පවර් ආයතන බිහිව ඇතැයි හිගටපු අධිකරණ, බන්ධනාගාර අමාත්‍ය ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පවසයි.ඒ අනුව ඕනෑම දේශපාලන පක්ෂයක මැතිවරණ රැස්වීමක් සදහා ඔවුන් වෙත මුදල් ගෙවූ පසු සෙනග සපයන බවත් කීවේය.එක් පුද්ගලයෙකු සදහා අයකරන ගාස්තුව ඔහු රැස්වීමෙහි රැදී සිටින කාලය අනුව තීරණය වන බවත් රැස...
"වාහන ආනයනයට අවසර ලැබෙන අයුරු"
"304 HS කේතය යටතේ වර්ගීකරණය කර තිබෙන මෝටර් රථ සහ යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය ඔක්තෝබර් මස 01 වැනිදා සිට අදියර තුනක් යටතේ අවසර දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.ඒ අනුව පළමු අදියර යටතේ පොදු මගී ප්‍රවාහන වාහන, විශේෂ කාර්ය වාහන සහ අනෙකුත් යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය සදහා ඔක්තෝබර් මස 01 වැනිදා සිට අවස...
"IMF වෙතින් ප්‍රකාශයක්"
"ශ්‍රී ලංකාව මෑත කාලයේ මුහුණදුන් දරුණුතම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර එකඟ වී ඇති වැඩසටහනේ අරමුණු ඉටු කර ගැනීම ප්‍රමුඛතාව ලැබිය යුතු කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එහි සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය පවසයි.වැඩසටහනේ ප්‍රගතිය ශක්තිමත්. ප්‍රතිසංස්කරණ උත්සාහයේ ප්‍රත...
"නීතීඥ සංගමයේ සභාපති ඉල්ලා අස්වෙයි"
"ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න, සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය නීතීඥ සංගමයේ පරිපාලන ලේකම්වරයා වෙත භාරදී ඇත."
"විදෙස් රැකියා සිහින පෙන්වූ කතක් අත්අඩංගුවට"
"සයිප්‍රස් රාජ්‍යයේ රැකියා සදහා පිටත් කර හරින බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 60 ක මුදලක් තරුණයන් දස දෙනෙකුගෙන් ලබාගෙන වංචා කළ විදේශ රැකියා නියෝජිතවරියක් අද උදෑසන අල්ලා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ . අදාල නියෝජිතවරිය මෙම තරුණයින් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙන්වා එහි අතරමං කර ගුවන් තොටුපොළ පිටුපස ...
"අධිකරණයට අපහාස කළැයි ආගමන විගමන පාලකට චෝදනා"
"විද්‍යුත් වීසා ක්‍රමය අත්හිටවූ අතුරු තහනම ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කර ආගමන විගමන පාලකට එරෙහිව චෝදනා පත්‍ර කොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කර ඇත.එම්.ඒ. සුමන්දිරන්, රවුෆ් හකිම් සහ පාඨලී චම්පික රණවක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන...
"මෝටර් රථ අමතර කොටස් ගෙන්වීමේ තහනම ඉවතට"
"දැනට තාවකාලිකව අත්හිටුවා ඇති මෝටර් රථ අමතර කොටස් ගෙන්වීමේ තහනම ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.ඒ අනුව ඔක්තෝබර් මස 01 වැනිදා සිට එම තහනම ඉවත් වන බව ද පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය දිගු කිරීමේ පහසුකම් මත සහ මුදල් අමාත්‍යංශයේ එකගතාවය යටතේ මෙම තීරණය ගෙන ඇතැයිද ජනාධිපති මාධ්‍...
"මාලිමාවේ පිරිසක් ගිය බසයකට ප්‍රහාරයක්"
"මොනරාගල ප්‍රදේශයේ අද උදෑසන පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමකට සහභාගී වී නැවත පැමිණෙමින් තිබූ බස් රථයකට යම් කිසි පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය පවසයි. එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැති ජන හමුවකට එක්ව ආපසු යමින් සිටි පිරිසකට ම...
"ගීතාගේ අමාත්‍යධුරවල අද සීතා දිවුරුම් දෙයි"
"කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය එම අමාත්‍යධුරයේ අද ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපතිරනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ එම ධූරයේ දිවුරුම් දුන්නාය. ඇය මෙතෙක් දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව මෙම රාජ්‍ය අමාත්‍යධුරද හිමිව තිබේ."
"ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී"
"ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතා පත් කර ඇත. සැප්තැම්බර් මස 16 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් අදාල පත්වීම සිදුකර තිබේ."
"ට්‍රම්ප්ට විවාද එපාවේ"
"ලබන නොවැම්බර් 05 වැනිදා පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයට පෙර වත්මන් උප ජනාධිපතිනිය මෙන්ම ජනාධිපතිවරණයේ පාලක ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව වන කමලා හැරිස් සමග නැවත රුපවාහිනී විවාදයක් පැවැත්වීම රිපබ්ලිකන් පක්ෂයේ අපේක්‍ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබේ .ඉකුත් අඟහරුවාදා ට්‍රම්ප් හා හැරිස් අත...
"උද්ධිකගේ රංගනයේ ASPට ඇප"
"හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාමට අද අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කර ඇත.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි."
"ත්‍රිකුණාමලය දිසා විනිසුරුගේ වැඩ තහනම්"
"ත්‍රිකුණාමලය දිසා විනිසුරු වරයෙකු ලෙස කටයුතු කරන එම්.ගනේෂරාජා මහතාගේ සේවා.කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධිකරණ කොමිසම කටයුතු කර ඇත.අධිකරණ සේවා කොමිසමේ ලේකම් වරයාගේ අත්සනින් යුතුව් ත්‍රිකුණාමලය දිසා විනිසුරු වරයාගේ ෆැක්ස් පණිවිඩයක් මගින් ඊයේ (12) මෙම සේවය අත් හිටුවීමේ ලිපිය එවා තිබේ. විෂමාචාර ක්‍රියා සම්...
"ආගමන විගමන පාලකට අධිකරණ නියෝගයක්"
"විද්‍යුත් වීසා ක්‍රමයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් හේතු දැක්වීමට ආගමන විගමන පාලක ජනරාල්වරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළේය.ඊට අදාල මෝසමක් අද සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය."
"උසස් පෙළ විභාගයට දින නියම කරයි"
"2024 වසර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 25 ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි විභාග කොමසාරිස්වරයා සඳහන් කරයි.එය දෙසැම්බර් මස 20 වැනිදා දක්වා පැවැත්වේ."
"ත්‍රීවීලයක් කෝච්චියක ගැටී දෙදෙනෙක් මරුට"
"අද පෙරවරුවේ ගාල්ල රත්ගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇත. රත්ගම විජේරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීයග"
"යාල ගිහින් කෘමීන් එකතු කළාට රුපියල් කෝටි 06 දඩයක්"
"යාල වනෝද්‍යානයෙන් සමනල විශේෂ 92ක් ඇතුළුව ආවේණික කෘමීන් සිය ගණනක් හොර රහසේ රැගෙන යාමට උත්සාහ කළ ඉතාලි ජාතික පියෙකුට සහ ඔහුගේ පුතාට ශ්‍රී ලංකා රුපියල් කෝටි 06ක දඩයක් (අැමෙරිකානු ඩොලර් 200,000) තිස්සමහාරාම මහෙස්ත්‍රාත් තරිඳු සමීර ද සිල්වා මහතා විසින් නියම කර තිබේ. නීතිවිරෝධී ලෙස කෘමීන් එකතු කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ප්...
"ඇමැති අමරවීර සජබට යන පුවත ඇත්තද?"
"තමා සමගි ජන බලවේගයට යන බව පවසමින් එක්තරා වෙබ් අඩවිය පළ කර ඇති පුවත මුළුමනින්ම සාවද්‍ය බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.මේ වනවිට තමා කොළඹ රැදී සිටින්නේ සදුදා හා අඟහරුවාදා දිනවල පමනක් බවත් ඉතිරි සියලු දිනයන්හි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු ගම්මානවලට යමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ම...
"බදු ආදායම ඉහළට"
"මෙම වසරේ ජනවාරි මස සිට අගෝස්තු මාසය දක්වා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලද බදු ආදායම රුපියල් මිලියන 1,2229,245ක් බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව 2023 වසරට වඩා සියයට 28.5 ආදායම් වර්ධනයක් සිදුව ඇති බව ද පවසයි."
"අද කාලගුණය"
"සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව නිවේදනය කරයි.බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින...
"ලොව පළමු වාණිජ අභ්‍යවකාශ චාරිකාව නිම කරයි"
"ලොව පළමු වාණිජ අභ්‍යවකාශ මෙහෙයුම වන Space X සිව් දින චාරිකාව ඊයේ සාර්ථකව අවසන් කර ඇතැයි ඇමෙරිකානු නාසා ආයතනය සදහන් කරයි.ඒ අනුව එහි තාක්ෂණික ප්‍රධාන විධායක නිලධාරී ප්‍රකෝටිපති ජැරීඩ් ඉසාක්මන් සහ ඉංජිනේරු සාරා ගිලීස් ඊයේ අභ්‍යවකාශ යානයෙන් ඉවත්ව පිටතට පැමිණ තිබේ. ස්කොට් පොටීව් සහ ඇනා මෙනන් තව දින දෙකක් යානයේ රැඳී සිටින බ...
"සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට නඩුව සමථයකට"
"සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ නඩු අද සමථයකට පත්ව ඇත.මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියේ, සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳව විභාගය ගැනුණු නඩු අද දිනයේදී සමථයට පත් වූ බවය.එම නඩු සමථයට පත් වීම පිළිබඳ තීරණය නිකුත් කරමින් අධිකරණය දන්වා ඇත්තේ, ද...
"කෙහෙළි අද කොළඹ මහාධිකරණය හමුවට"
"මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ ඇපමත මුදා හරින ලද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළේය. අල්ලස් කොමිසම විසින් ඔහුට එරෙහිව ගොනුකර තිබෙන නඩු දෙකකට අදාළව බන්ධනාගාර නිලධාරීන් විසින් මෙලෙස ඉදිරිපත් කරන ලදී. එහිදී ඔක්තෝබර් මස 03 වැනිදා සහ 25 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින...
"වැඩි මිලට බිත්තර වික්කාට සිරදඩුවම්"
"උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කිරීම සහ අලෙවියේදී පාරිභෝගිකයින්ට නිකුත් කරනු ලබන බිල්පත්වල පිටපත් ළග තබා නොගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල බිත්තර ව්‍යාපාරිකයෙකුට සහ වෙළඳ සේවිකාවකට රුපියල් ලක්ෂය බැගින් මුදල් දඩ සහ වසර 10කට අත්හිටවූ මාස 06ක සිර දඩුවම් පිලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කර ඇත.පාරිභෝගික අධි...