Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නැති අය වෙතටයි"
"ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට සහ අනිද්දා යන දෙදින තුළ ද නිවෙස්වලට ගොස් බෙදා හැරීම සිදුකරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි. මේ වන විට සියයට 77% පමණ බෙදාහැර ඇති බව ද ඒ අනුව එක්කෝටි තිස් දෙලක්ෂයකට ආසන්න නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ වන විට බෙදා හැර ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.සෙනසුරාදා වන ...
"ජ’පුර තාවකාලිකව වසයි"
"ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අද සවස 6.00 සිට තාවකාලිකව වසා දමන බව එහි පාලන අධිකාරිය පවසයි.දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක් නිසා මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇත.ඒ අනුව අද පස්වරු 6.00ට පෙර විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් සියලුම ශිෂ්‍යයින් ඉවත්වන ලෙසට දන්වා සිටී."
"ඇල්පිටිය ප්‍රා. සභා ඡන්ද විමසීමට දින නියම කරයි"
"ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඔක්තෝබර් මස 26 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ තේරීම්භාර නිලධාරීවරයා අද ප්‍රකාශ කළේය.2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඇප තැන්පත් භාර ගැනීම අගෝස්තු 08 වෙනිදා ආරම්භ කළ අතර අද දහවල් වන විට පක්ෂ දහයක් හා ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇප...
"තරුණයෙක් හොරෙන් ගුවන් යානයකට ගොඩවදී"
"කටුනායක ගුවන් තොටුපොළ මුර කපොලු‍ තුළින් රිංගා ගොස් , ගුවන් යානා අංගනය තුළ නවතා තිබූ ගුවන් යානයකට අනවසරයෙන් ඇතුළු වීමට තැත් කළ තරුණයෙකු අද අලු‍යම කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ . ඔහු කොළඹ , ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ , සාන්ත ජෝශප් වීදියේ පදිංචි මොහොමඩ් පවුමි මොහොමඩ් නසීර් නැමැති 23 හැවිරිදි තරුණ...
"සීනි බදු නඩුව සලකා බලයි"
"පසුගිය පාලන සමයේ ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරීමේදී රජයට රුපියල් කෝටි 1,590ක් පාඩු වූ බව පවසමින් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකාබැලීම සඳහා අප්‍රේල් මස 02 වැනිදා දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් මෙම පෙත්සම ඉදිරි...
"බිරිඳගේ ආදාහනය සිදුවෙද්දී සැමියාගේ ළය පැලේ"
"බිරිදගේ ආදාහනය සිදු වෙමින් පවතිද්දී සැමියාගේ ළය පැලී මියගොස් තිබේ.මෙසේ මියගොස් ඇත්තේ මුත්තයියා ධර්මලිංගම් නැමති අවුරුදු 54 ක පුද්ගලයෙකි.ඔහුගේ බිරිද වූ එස්.ආන්නතියාචෙට්ටි නැමැත්තිය කෙටි කලක් අසනීපව සිට මියයාමෙන් පසුව ඇය සම්බන්ධයෙන් වූ ආදාහනය ඉකුත් 11 වැනිදා හින්දු පූසාරීවරයෙකු විසින් නිවසේදී සිදු කරමින් සිටියදී ස්වාමිය...
"නව ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවිය හැකි කාල සීමාව"
"ජනාධිපතිවරණයෙන් පසු පත්වන නව ජනාධිපතිවරයාට සිය පත්වීමෙන් පසු දින 10ත් 12ත් අතර කාලයකදී පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ඇතැයි මැතිවරණ කොම්ෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දින 52ත් 66ත් අතර කාලයකදී මහ මැතිවරණය පැවැත්විය යුතු බවත් ඒ මහතා සඳහන් කරයි.මෙලෙස පා...
"මාලිමාව අද CID යයි"
"ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සුළු අසනීපයක් මත ආසිරි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සම්බන්ධව මාධ්‍ය වෙත තොරතුරු හෙළි කිරීමට එරෙහිව රෝහලට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවට එම පක්ෂයේ නීති උපදේශක නීතීඥ සුනිල් වටගල මහතාගේ අත්සනින් යුතුව ලිපියක් යවා ඇති බවට සමාජ මාධ්‍යවල ව්‍යාජ ලේඛනයක් පළකර ඇතැයි ජාතික...
"හිරුණිකාට අධිකරණයෙන් නියෝගයක්"
"උසාවියට අපහාස කිරීමේ චෝදනාවක් මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව අභියානාධිකරණයේ විභාග වන පැමිණිල්ලක් අදාල නඩුවේ මීළග වාරයක් සඳහා පෙනී සිටින ලෙස අධිකරණය ඊයේ නියෝග කළේය.ඌව පළාත් හිටපු ආණ්ඩුකාර හාඩි ජමාල්ඩින් මහතා විසින් ගොනුකර තිබෙන පැමිණිල්ල ඊයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශ...
"තැපැල් ඡන්ද අවසන් දිනය අද"
"2024 ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමට ලබාදුන් කාලය අදින් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා ඊයේ සහ අද ඡන්දය සලකුණු කිරීමට අතිරේක දින ලෙස ලබාදී ඇත.ඒ අනුව මෙතෙක් තැපැල් ඡන්දය භාවි...
"අද කාලගුණය"
"බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම නිවේදනයේ දැක්වෙන්නේ ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...
"ශ්‍රී ලංකාවට අද රන් පදක්කම් දෙකක්"
"ඉන්දියාවේ චෙන්නායි නුවරදී අද ආරම්භ වූ දකුණු ආසියානු කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 800 පිරිමි රන් පදක්කම සහ කාන්තා රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.ඒ අනුව පිරිමි රන් පදක්කම මිනිත්තු 1.49.83කින් නිම කර අවිශ්ක ප්‍රනාන්දු හිමිකර ගත්තේය.කාන්තා රන් පදක්කම මිනිත්තු 2.10.17කින් නිම කර තරුෂි අභිෂේකා හිමිකර ගත...
"පෞද්ගලික අංශයේ සේවක අවම වැටුප ඉහළට"
"පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා වන අවම මූලික වැටුප රුපියල් 21,000ක් බවට පත්කරමින් පාර්ලිමේන්තුවේදී සම්මතවූ පනත සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද අත්සන් තබා ඇත.ඒ අනුව සේවක භාරකාර අරමුදල,සේවක අර්ථසාධක අරමුදල සහ පාරිතෝශික ගෙවීමේදී අවම වැටුප බවට එය සැලකිය යුතු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ආර්.පී.ඒ.විමල...
"කෙහෙළියට ඇප හිමිවේ"
"ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට අද ඇප හිමිවී තිබේ. ඊට අදාළ නඩුව අද මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙලෙස අප නියම කර ඇත."
"රුපියල් කෝටි 03ක භාණ්ඩ කටුනායකදී අත්අඩංගුවට"
"රුපියල් කෝටි 03ක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත මත්පැන්,දුරකථන,ඇඳුම් ඇතුළු භාණ්ඩ තොගයක් චෙන්නායි නුවර සිට මෙරටට නීති විරෝධී ලෙස රැගෙනආ ඉන්දීය ජාතිකයෙක් ඇතුළු ශ්‍රී ලාංකික ගුවන් මගීන් 06 දෙනකු කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුව ගත් ශ්‍රී ලාංකිකයින් කොළඹ,වත්තල සහ කොටගල ප්‍රදේශවල පදිං...
"රැඳවියන් 350කට විශේෂ ජනාධිපති සමාව"
"හෙටට යෙදෙන සිරකරු දිනය වෙනුවෙන් සුළු වැරදිවලට බන්ධනාගාරගතවූ රැඳවියන් 350කට විශේෂ ජනාධිපති සමාව ලබාදීමට තිරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි."
"ජනපති සටනේදී ඉලංකෙයි තමිල් අරසු කච්චි සහාය 15 දා කියයි"
" ඉලංකෙයි තමිල් අරසු කච්චි මෙවර ජනාධිපතිවරණයේදී කුමන ස්ථාවරය ගන්නේදැයි යන්න අවසන් තීන්දුව මෙම මස 15 වැනිදා නිවේදනය කරන බව එහි නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසයි. එම පක්ෂය ඉදිරි ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට එහි මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා නිව...
"රුපියල් කෝටි 07ක ‘අම්බර්’ අත්අඩංගුවට"
"රුපියල් කෝටි 07ක පමණ වටිනාකමකින් යුතු අම්බර් කිලෝ 14ක් සමග සැකකරුවන් 06 දෙනෙකු අද අළුයම තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හම්බන්තොට යුද හමුදා බුද්ධි අංශ නිළධාරීන්ට ලද තොරතුරක් මත තිස්සමහාරාම මහසෙන්පුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 22ත් 2...
"තැපැල් ඡන්ද උදුරාගන්න හැදු අයෙක් අල්ලයි"
" කිළිනොච්චියේ ශාන්තපුරම් ප්‍රදේශයේදී තැපැල් සේවකයෙකු නිල ඡන්ද පත්‍රිකා බෙදමින් සිටියදී ඔහුට පහර දී නිල ඡන්ද පත්‍රිකා පැහැර ගැනීමට උත්සහ කළ පුද්ගලයෙකු කිළිනොච්චිය පොලීසිය විසින් ඊයේ (10 දා) අත් අඩංගුවට ගෙන තිබේ. නිල ඡන්ද පත්‍රිකාවක් බෙදා දීමට ගිය තැපැල් සේවකයාට ලිපිනයක් සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගී ඇති අතර ඔහු ඒ ලිපින...
"ගීතාගේ තනතුරු සීතාට"
"සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පත් කර ඇත.ගීතා කුමාරසිංහ මහත්මිය මෙම රාජ්‍ය අමාත්‍යධුරය දැරූ අතර ජනාධිපතිවරයා විසින් ඇය එම ධුරයෙන් ඊයේ ඉවත් කරනු ලැබීය."
"සජිත්ගෙන් කාදිනල්ට අලුත් පොරොන්දුවක්"
" විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අතර හමුවක් කොළඹ දී අද (11) සිදුවිය. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන සැලසීම උදෙසා විධිමත්ව පත් කරන ලද අධිකරණ ක්‍රියාදාමයක් වෙනුවෙන් තමා උර දෙන බවත් අධිකරණ ක්‍රියාදාමය නැවත ප්‍රත්‍යක්ෂ කිරීමට කටයුතු...
"ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ දිවියෙන් සමුගනී"
"ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්තවී ඇත.මියයන විට 66 වැනි වියේ පසුවූ ඒ මහතා රෝගී තත්ත්වයක් නිසා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ.අපි කවුරුද,අපි සැනසිල්ලේ,හීනවලට පණක් තිබෙනවා ආදී ඔහු ගැයූ ගීත තරුණ පිරිස අතර වඩාත් ජනප්‍රියත්වයට පත්විය."
"වරකාපොල රිය අනතුරින් විස්සකට තුවාල"
" අද උදෑසන වරකාපොල දුම්ලදෙණිය ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරි රථයක් ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් 20 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසය පවසයි."
"දුම්රිය ප්‍රමාදයක්"
"මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බම්බලපිටිය ප්‍රදේශයේ අද පෙරවරුවේ දී දුම්රියක් පීලි පැනීමෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයක් ඇතැයි දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි."
"ශිෂ්‍යත්ව පංති සහ වැඩමුළු අද රෑ සිට බෑ"
"මෙම මස 15 වැනිදා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍රය මුද්...
"අදත් තැපැල් ඡන්ද දිනයක්"
"2024 ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද සහ හෙට අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.තැපැල් ඡන්ද භාවිතය සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීමට හැකියාව පවතී.මෙම දෙදින තුළදීත් තැපැල් ඡන්ද භාවිත කි...
"අද කාලගුණය"
"බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරු ම්සහිත වැසි ඇතිවිය හැකි බවත් මධ්‍යම ...
"ආයෝජකයින් මාලදිවයින හැරයන්න සැරසෙයි"
"ලොව ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන මාලදිවයින මේ වන විට විදේශ විනිමය සංචිතය පහත වැටීම හේතුවෙන් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එම තත්ත්වය මත විදෙස් ආයෝජකයින් රට හැර යන අවදානමක් මතුව ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. වර්තමානයේ පවතින දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් ලොව පුරා මුස්ලිම් රටවල ක්‍රිය...
"තවත් රාජ්‍ය අමාත්‍යවරු පහක් ඉවතට"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු සිය අමාත්‍ය ධුර වලින් ඉවත් කර ඇත.ඒ අනුව ගීතා කුමාරසිංහ, ශෂීන්ද්‍ර රාජපක්ෂ,අමිත් තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහාය ඩී.වී.චානක යන අය මෙලෙස ඉවත් කර තිබේ."
"ප්‍රජා පොලිස් වැ.බ.නි.පොලිස්පතිවරියට අධිකරණයෙන් සාධාරණයක්"
"ප්‍රජා පොලිස් ඒකකයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස කටයුතු කළ බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය ලබන ඔක්තෝබර් මස 05 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ තනතුර සඳහා පත් කිරීමට කරුණු සලකාබලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද ජාතික පොලිස් කොමිසමට නියෝග කළේය.ජ්‍යේෂ්ඨතම කාන්තා පොලිස් නිලධාරිනියක් වන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බිම්ෂානි ජාස...
"අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට"
"ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිරිකිරීමට එරෙහිව කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පස්වරුවේ පැවැති විරෝධතාවයක් අතරතුර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් අත්අඩංගුවට ගෙන තිබේ."
"අද සිට වතු සේවක වැටුප් වැඩි කරයි"
"වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක් සහ අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමට අද පඩි පාලක සභාවේ පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිනි බව කම්කරු රා‍ජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා පවසයි.ඒ සඳහා වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති ඇතුළු පිරිසක් එක්වූ බවද ඒ මහතා සඳහන් කරයි.මෙම තීරණය අද සිට ක්‍රියාත්මක කිරී...
"ආගරපතනහිදී හමුවූ බිළිඳු මළ සිරුරේ මව අත්අඩංගුවට"
" ආගරපතන පොලිස් වසමට අයත් ආගරපතන හෙන්ෆොල්ඩ් වතුයායේ ජි.එල් කොටසේ වතු නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු ත්‍රිරෝද රථයක පිටුපස පොලිතින් බැගයක දමා තිබී හමු වු මිය ගිය බිළිදියගේ මව සහ ත්‍රිරෝද රථයේ රියදුරා ආගරපතන පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකාර මව 24 හැවිරිදි අවිවාහක කාන්තාවකි.ත්‍රිරෝද රථයේ රියදුරා 28...
"මහපොළ ශිෂ්‍යාධාර ඉහළට"
"විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.එම යෝජනාව සැලකිල්ලට ගෙන මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500 දක්වාත් ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 6,500 දක්වාත් 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබ...
"ඩොලර් මිලියන 200ක ණය මුදලක් ගැනීමට කැබිනට් අනුමැතිය"
"ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවන උප වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ලබා ගැනීම පිණිස මුදල්ල ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.ශ්‍රී ලංකාවේ මූල්‍ය ...
"සාපෙළ ප්‍රතිඵල ළගදීම"
"2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද පැවසීය. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අවසන් අදියරයේ ඇති බවත් ඒ අනුව ඉතා ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට තම අපේක්ෂාව බවද කීවේය."
"AI සඳහා ජංගම දුරකථන වෙළෙඳපොළට"
"ලෝකය පුරා පසුගිය දිනවල කතාබහට ලක්වූ කෘත්‍රිම බුද්ධිය භාවිතය සඳහා නිර්මාණය කරන ලද පළමු මාදිලිය iPhone 16 නව ස්මාට් ජංගම දුරකථන පෙළ ඊයේ ඇපල් සමාගම වෙළෙඳපොළට නිකුත් කළේය ඇපල් සමාගම විසින් ඊයේ iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro සහ iPhone 16 Pro Max ලෙස වෙළෙඳපොළට හඳුන්වා දෙන "
"හයිලන්ඩ් කිරිපිටි මිල පහළට"
"මිල්කෝ සමාගම හයිලන්ඩ් කිරිපිටි මිල ගණන් පහත දමා ඇත. ඒ අනුව හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක් රුපියල් 75කින් පහත දමා ඇත. එහි නව මිල රුපියල් 1050කි. හයිලන්ඩ් කිරිපිටි කිලෝග්‍රෑම්යක පැකට්ටුවක් රුපියල් 190කින් පහළ දමා තිබේ.එහි නව මිල රුපියල් 2,585කි. මෙම මිල අඩු කිරීම ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම හා ව...
"රාජ්‍ය නිලධාරීන්ගේ සේවය හැරයාම නිවේදනය කිරීම"
"රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. රාජ්‍ය නිලධාරීන් නොදන්වා සේවයට වාර්තා නොකිරීම මත ඇතැම් අවස්ථාවල සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීමට වසරකට වැඩි කාලයක් ...
"දක්ෂිණ අධිවේගයේ යන අය වෙතටයි"
"දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් පිවිසුම අසල අද පෙරවරුවේ වාහනයක් ගිනි ගැනීමකට ලක්වීම නිසා මාතර දක්වා තාවකාලිකව වසා දැමූ මාර්ගය යළි විවෘත කර ඇතැයි පොලිසිය පවසයි."
"රාජ්‍ය අමාත්‍ය අරුන්දිකගෙන් පොලීසිය ප්‍රශ්න කරයි"
"රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 30ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඊයේ (09) පැය 5කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගෙන ඇත.ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාම සඳහා පහසුකම් සපයන බවට පොරොන්දු වී කාන්තාවකගෙන් එම මුදල අරුන්දික ප්‍රනාන්දුගේ බැංකු ගිණුමට බැර කරවා ගෙන ඇත. රාජ්‍...
"අදත් වැස්ස"
"බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද...
"යාගී සුළි කුණාටුව නිසා පාලමක් කඩා වැටී විශාල පිරිසක් මරුට"
"යාගි සුළි කුණාටුව නිසා මතුව ඇති අධික වර්ෂාවේ බලපෑමෙන් ඊයේ රාත්‍රියේ වියට්නාමයේ උතුරු ප්‍රදේශයේ රතු ගංගාව හරහා ඉදිකර ඇති වානේ පාලම කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 60කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.කාර් බහුල පාලමක් වන මෙය කඩා වැටෙන විට එය මතින් ගමන් කළ වාහන රැසක් ගගට වැටී ඇතැයි ද එනිසා අත...
"මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාල නිවේදනයක්"
"මෙම මස 15 වැනිදා පැවැත්වෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාල සියලු උපකාරක පංති,දේශන සහ වැඩමුළු පැවැත්වීම මෙම මස 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි."
"ජනපතිවරණයට පාසල් වසන හැටි"
"එළඹෙන 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියළු පාසල් 20 වැනිදා වසා දැමෙන බවත් 23 වැනිදා සිට නැවත ආරම්භ කෙරෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතු බවද සඳහන් කරයි.ඡන්ද ගණන් ...
"වසර 26කට පසු ශ්‍රී ලංකාව එංගලන්තය පරාද කරයි"
"එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව වසර 26කට පසු ටෙස්ට් තරගයක් ජයගැනීම සනිටුහන් තරමින් අද කඩුලු 08ක ජයග්‍රහණයක් හිමිකර ගත්තේය.එසේ ජය ගනු ලැබුවේ එංගලන්තය සමග පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයයි.එහිදී පැතුම් නිස්සංක නොදැවී ලකුණු 127ක් ලබා ගත්තේය.එංගලන්තය පළමු ඉනිමට ලකුණු 325ක් සහ දෙවැනි ඉනිමට ලකුණු 156ක් ලබා ගත්ත...
"ගීතා සජිත්ගේ වේදිකාවට නගී"
"කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද මහනුවර පැවැත්වෙන සමගි ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ රැලියක වේදිකාවට එක්වුණි."
"එක්ස්ප්‍රස් පර්ල් නෞකා නඩුව කල් යයි"
"එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව රජය විසින් කරුණු ඉදිරිපත් කිරීමේදී එකිනෙකට පරස්පර කරුණු මෙන්ම ඇතැම් වැදගත් කරුණු ඉදිරිපත් කිරීම මඟහැරී තිබෙන බව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ හිටපු සභාපතිනී දර්ශනී ලහඳපුර මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අද පැවසුවාය. එබැවින් ඊට අදාළ ලේඛන ගොනු කිරීම සඳහා තමන්ට ...
"කාලගුණයෙන් රතු නිවේදනයක්"
"තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 24 සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව බෙංගල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන ධීවර සහ නාවික ප...
"පූජිත් ජයසුන්දර මිලියන 75ක පාස්කු වන්දිය ගෙවයි"
"හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර ඇත. ඔහු එම මුදල කොටසු වශයෙන් 08 වතාවකට ගෙවා පසුගිය අගෝස්තු මස 30 වනදා අවසන් ගෙවීම සිදු කර තිබේ."
"ඇල්පිටියට නාමයෝජනා භාරගැනීම අද සිට"
"ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම අද (09) සිට ආරම්භ වේ. ඒ අනුව අද සිට ලබන 12 වනදා මධ්‍යහ්න 12 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරගැනීම් සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය."
"මිනිස් මොළයට බලපෑම් කරන වෛරසයක් හඳුනා ගනී"
"මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් චීනයෙන් හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.කිණිතුල්ලන් මගින් මිනිසුන්ට බෝවන මෙම වෛරසය ‘වෙට්ලන්ඩ් වයිරස්’ ලෙස විද්‍යාඥයින් විසින් හඳුන්වාදී ඇත.චීනයේ ජින්ෂු නගරයේ තෙත්බිම් උද්‍යානයක සේවය කිරීමෙන් පසුව රෝගී වූ 61 හැවිරිදි පුද්ගලයෙකුගෙන් මෙම වෛරසය පළමු වරට හඳුනාගෙන තිබේ.විද්‍යා...
"වැසි යළි වැඩි වෙයි"
"දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.ඉන් බස්නාහිර, සබ...
"අනුර කුමාර කළ ප්‍රකාශය සුමන්තිරන් පිළිගනී"
"ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක යාපනයේදී සිදු කළ ප්‍රකාශය ජාතිවාදී ප්‍රකාශයක් නොවන බවත් ඔහු සමගඑක්ව මුළු රටම බලාපොරොත්තුවන වෙනස කිරීමට සූදානම් බවත් තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් සඳහන් කරයි.ඔහු මේ බව පැවසූවේ පසුගිය 05 වැනිදා වව්නියාව, කිලිනොච්චිය සහ යාපනයේදී පැවති ජාතික ජන බලවේගයේ ...
"ශ්‍රී ලංකාවට ලකුණු 219 ඉලක්කයක්"
"එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ සමත්වූහ.ඒ අනුව මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ට හිමිව ඇති ඉලක්කය ලකුණු 219කි.පන්දු යැවීමේදී ළහිරු කුමාර 40/4, විශ්ව ප්‍රනාන්දු 40/3 සහ අසිත ප්‍රනාන්දු 49/2 ලෙස කඩුලු දවා ගත්හ....
"වෙනිසියුලාවේ විපක්ෂ නායක රටින් පැන යයි"
"වෙනිසියුලාවේ විපක්ෂ නායක එඩ්මුන්ඩෝ ගොන්සාල්වේස් රට අත්හැර දේශපාලන සරණාගතභාවය පතා ස්පාඤ්ඤයට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රටින් පිටවීම සඳහා විපක්ෂ නායකවරයාට අවශ්‍ය සියලුම කටයුතු සම්පාදනය කිරීමට රජය පියවර ගත් බව වෙනිසියුලාවේ උප ජනාධිපතිවරයා පවසා ඇත. ජූලි මස පැවති වෙනිසියුලා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අසත්‍ය බවට සහ ...
"ශ්‍රී ලංකාව පළමු ඉනිමට 263යි"
"සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 263ක් ලබා ගැනීමට සමත් විය.ඒ අනුව එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට ලබා ගත් ලකුණු 325ට වඩා ලකුණු 62ක් පසු පසින් සිටී.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්...
"ප්‍රවීන නිවේදක සුජීව හරිස්චන්ද්‍ර දිවි සැරිය නිමා කරයි"
"ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවීන නිවේදකයෙක් සහ දැන්වීම් හඩ ශිල්පියෙක් වන සුජීව හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඒ මහතා 59 වැනි වියේ පසු විය.අවසන් කටයුතු 10 වැනිදා බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.දේහය හෙට පෙරවරු 9.00 සිට බොරැල්ල ඒ.රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර තැබේ."
"තලතා රනිල්ගේ රැළියකට ගොඩ වෙයි"
"පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් සහ සමගි ජන බලවේගය පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරල මහත්මිය අද බදුල්ල වැලිමඩ පැවැත්වෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ රැළියට එක්විය."
"ජනපති එන රැළියක ජීව උණ්ඩ සමග තරුණයෙක්"
"ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මඩකලපුව සන්දිවේල් ප්‍රදේශයේ දී පැවති ජන රැළියකට පැමිණි පුද්ගලයෙකු සතුව තිබී ජීව උණ්ඩයක් සොයා ගැනීමට ජනාධිපති ආරක්ෂක අංශය සමත්ව තිබේ.අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි වාකරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ...
"දළදා මාළිගාව තුළ ෆ්‍රී ෂූට් කළ යුවළකට පොලිසියෙන් කැඳවීමක්"
"විවාහ ගිවිස ගත් යුවළක් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව තුළ ෆ්‍රී ෂූට් එකක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දළදා මාළිගා පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මෙම සිදුවීමේදී දළදා මැදුර තුළ හේවිසි මණ්ඩපය, අම්බරාව ඇතුළු ස්ථාන ගණනාවක මෙම යුවළ ඡායාරූප වලට පෙනී සිට තිබේ. ශ්‍රී දළදා මාලිගාව තුළ මේ ආකාර සිදුවීමක් වී තිබෙන බව තමන්ට ද ද...
"තැපැල් ඡන්දය රූගත කළ ගුරුවරයා අත්අඩංගුවට"
"මුලතිව් පුදුකුඩීඉරිප්පු තැපැල් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය සලකුණු කළ නිල ඡන්ද පත්‍රිකාව ජංගම දුරකතනයකින් රූගත කළ පාසල් ගුරුවරයෙකු මුලතිව් පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.පසුගිය සිකුරාද ඡන්දය භාවිත කළ අවස්ථාවේදී එම ගුරුවරයා ඡන්දය ප්‍රකාශ කොට එම නිල ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප කීපයක් ගෙන තිබේ.ඔහු පොලීසියට ප්‍රකාශ කොට ඇ...
"හඳුන් දිවියෙක් බේරාගනී"
"මස්කෙළියල බැනියන් තේ වතුයායේ වතු නිවාසයක වැසිකිළි වළකට වැටී සිටි හඳුන් දිවියෙක් අද පෙරවරුවේ නල්ලතන්නිය වන ජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් මුදවාගෙන ඇත.මෙම හඳුන් දිවියා බැනියන් තේ වතුයායේ කම්කරුවන් විසින් වැසිකිළි වළට වැටී සිටියදී දැක නල්ලතන්නිය වනජීවි කාර්යාලයට දැණුම් දී තිබේ.අඩි 10 ක් පමණ ගැඹුරු ජලය පිරුණු වැසිකිළි වළ...
"තණමල්විල ජාතික පාසලේ තවත් සිසුවියක් අපයෝජනය කරලා"
"තණමල්විල ජාතික පාසලේ 08 වසරේ ඉගෙනුම ලබන තවත් සිසුවියක අපයෝජනය කිරීමේ සිද්ධියකට අදාලව එම පාසලේම 11 වසරේ සිසුවෙකු තණමල්විල පොලිසිය මගින් ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල ගගේයාය පදිංචි සිසුවෙකි.මාසයකට පමණ පෙර දැරිය සිය ආච්චිගේ නිවසට ගිය අවස්ථාවේදී අදාල සිසුවා විසින් දැරියව අපයෝජනය කර ඇති බව එ...
"සිමෙන්ති සෙස් බද්ද අඩු කරයි"
"ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑමයක් සඳහා වන සෙස් බද්ද රුපියලකින් අඩු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත."
"ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්"
" භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර ඇත. සාර්ව ආර්ථික වර්ධනයන් විශේෂයෙන්ම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත...
"කෝටි තුනක් වටිනා රන් බිස්කට් අත්අඩංගුවට"
"රුපියල් කෝටි තුනක් වටිනා රන් බිස්කට් තොගයක් රැගෙන පැමිණි ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ හිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.එම රන් බිස්කට් තොගයෙහි බර කිලෝග්රෑම් එකක් පමණ බව පවසයි."
"අද ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන විශේෂ දිනයක්"
"අද 2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා අද පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වාම එම කටයුතු සිදු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 03 වැනිදා ආරම්භ විය. මේ වනවිට ලක්ෂ 30ක පමණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැප...
"මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයෙක් අනුරට"
"නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රී ආරිප් සම්සුදීන් මහතා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහය දැක්වීමට එක්ව තිබේ.ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙක් ලෙසින්, වසර 10ක කාලයක් නියෝජනය කළ තමා එම පක්ෂයේ ජාතික තරු...
"බ්‍රැඩ්බි පළිහ ත්‍රිත්ව විද්‍යාලයට"
"වසර 20කට පසු මහනුවර ත්‍රිත්ව විද්‍යාලය 78 වැනි බ්‍රැඩ්බි පළිහ ශූරතාව දිනා ගැනීමට අද සමත් විය.ඒ 25 – 23 ලෙස කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමිනි."
"එංගලන්ත පළමු ඉනිමට 325යි"
"සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 325ක් ලබා ගැනීමට සමත් විය.ඔලී පොපී 154,බෙන් ඩක්කෙට් 86යි.පන්දු යැවීමේදී මිලාන් රත්නායක 56/3,ධනංජය ද සිල්වා 18/2,විෂ්ව ප්‍රනාන්දු 46/2 ...
""අද පැවති විවාදයට සජිත්, නාමල් සහ අරියනේන්ද්‍රන් නොඑති""
"මාර්තු 12 ව්‍යාපාර මගින් ජනාධිපති අපේක්ෂකයින් සඳහා අද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැති විවාදයට සහභාගී වන බව දන්වා සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂක නාමල් රාජපක්ෂ,සමගි ජන බලවේගය පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ස්වාධීන අපේක්ෂක පී.අරියනේන්ද්‍රන් යන මහත්වරු සහභාගී නොවූහ.ජාතික කම්ක...
"ජනපති ධම්මිකගේ DP Education ආයතනයට යයි"
"මාතර දෙනියාය ප්‍රදේශයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලියට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ගැටබරුව විහාරස්ථානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා විසින් පවත්වාගෙන යනු ලබන ‘DP Education’ ආයතනය වෙත ද ගොස් එහි කටයුතු සොයා බැලීය.එම ආයතනයේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටි සිස...
"ශ්‍රී ලංකාවට මල්ලවපොර ජගත් පදක්කමක්"
"ස්පාඤ්ඤයේ දී පැවැත්වෙන වයස 20න් පහළ ලෝක ශූරතා මල්ලවපොර ශූරතාවලියේ කාන්තා කි.ග්‍රෑ. 53 බර පන්තියේ ලෝකඩ පදකක්ම දිනාගැනීමට නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත් වූවාය.මෙය ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවක් දිනූ උසස්ම පදක්කමක් ලෙස සැලකෙයි.එමෙන්ම ඇය මෙහිදී විනාඩි 08කට වැඩි කාලයක් තරගයේ නිතර වී ඇත. එය එතෙක් මෙතෙ...
"ජනපති අපේක්ෂකයින්ගේ විවාදය අද"
"මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂකයින් සහභාගී වන සජීවී විවාදය අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.මාර්තු 12 ව්‍යාපාරය විසින් මෙය සංවිධාන කරයි.ජනාධිපති ධුර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන මහත්වරුන් අද පස්වරු 3 ...
"බිත්තර යළි රුපියල් 40ට"
"ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිතව ඇතැයි රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසයි. ප්‍රසම්පාදන කටයුතු අවසන් කර බිත්තර ආනයනය සඳහා අයදුම්පත්‍ර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවද පැවසූ ඒ මහතා ආනයනය ක...
"එංගලන්තය පළමු දිනට 221/03"
"සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේ දී ඊයේ (7) ආරම්භ වූ තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී එංගලන්ත කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 221ක් ලබා ගැනීමට සමත් විය.අයහපත් කාලගුණය හේතුවෙන් පළමු දිනය නියමිත වේලාවට පෙර අවසන් කිරීමට සිදු විය. ඔලී පොප් ලකුණු 103ක් රැස්කරගෙන සි...
"හිරුණිකාලාට තවත් නඩුවක්"
"සමඟි ජන බලවේගයේ හිටපු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 12 දෙනෙකුට එරෙහි නඩුවක් ලබන ජනවාරි 10 වැනිදා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය ඊයේ නියෝග කර ඇත.හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 12 දෙනාට චෝදනා එල්ලවී ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබූ දිනට, දින දෙකකට පෙර කළ උද්ඝෝෂණයකදී ...
""වසන්ත, මහින්ද සහ අමාලි අත්අඩංගුවට ගැනීමට නියෝග""
"ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික වසන්ත සමරසිංහ, ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සහ අමාලි කළුපහන යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කර ඇතැයි සරසවි අඳුරු, නීතීඥ සහ වෘත්තීයවේදීන්ගේ එකමුතුව පවසයි.ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර වෘත්තීය සමිතියක් අදාළ දේප...
"ලොව වැඩිම වැඩිහිටි ජනගහන ජපානයේ"
"ලොව වැඩිම වැඩිහිටි ජනගහන ප්‍රතිශතයක් සිටින රට බවට ජපානය පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ජනගහන සංඛ්‍යා ලේඛන අනුව හෙළිවී ඇත.එරට ජනගහනයෙන් තිදෙනෙකුගෙන් එක් අයෙක් වයස අවුරුදු 60ට වැඩි බව හදුනාගෙන තිබේ.වයස අවුරුදු 18ට වැඩි පිරිස අඩු බවත් අනාවරණය වී ඇත.මෙම තත්ත්වයක් මත වසර 2030 වන විට ජපානයේ වැඩ කරන ජනගහනය හරි අඩකින් පමණ පමණ අඩු...
"රේගු ආදායමත් ඉහළට"
"ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ වසරේ මේ දක්වා රුපියල් ට්‍රිලියනයක රේගු ආදායමක් ලබාගෙන ඇති බවත්, ඒ අනුව 2024 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති රුපියල් ට්‍රිලියන 1.5 ආදායම් ඉලක්කය සපුරාලීමට හැකි වන බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පැවසීය."
"උද්ධිකගේ රංගනයට හිටපු ASP රිමාන්ඩ්"
"හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනුරාධපුරය හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව ලබන 13 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත."
"විදෙස් සංචිත වැඩි වෙයි"
"ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදෙස් සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා සඳහන් කරයි.මෙය 2024 ජුලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,652ක් ලෙසින් වාර්තා වූ නිල සංචිත වත්කම් වටිනාකම හා සැසඳීමේදී 5.3%ක කැපීපෙනෙන වර්ධනයක් බව...
"කොළඹ තැපැල් ඡන්ද ප්‍රකාශය සරුයි"
"ජනාධිපතිවරණයට අදාලව ඉකුත් 04,05 සහ අද දින පැවති තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේදී කොළඹ දිස්ත්‍රික්කයට අදාලව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සියයට 90 කට වඩා වාර්තාවී ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් හා තේරීම්භාර නිලධාරී ප්‍රසන්න ගිණිගේ මහතා පවසයි.තැපැල් ඡන්ද භාවිතය ලබන 11 සහ 12 යන දිනවලදී ද පැවැත්වේ."
"ඇමෙරිකානු ජනපති පුතු බදු චෝදනා වරද පිළිගනී"
"ඩොලර් මිලියන 1.4ක බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාවලට අැමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ පුත් හන්ටර් බයිඩන් අද වරදකරු බව පිළිගෙන ඇත. ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණයකදී අද ජූරි සභිකයින් නඩු විමසුම අරඹන විටම හන්ටර් බයිඩන් තමන්ට එරෙහිව ඇති චෝදනා 9ටම වැරදිකරු බව පිළිගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව 54 හැවිරිදි හන්ටර් බයිඩන්...
"කැබිනට් තීරණයක් මැ.කො. නතර කරයි"
"ධීවරයන් සඳහා මාස හයක කාලයක් සදහා ඉන්ධන සහනාධාර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබූ යෝජනාව ජනාධිපතිවරණය අවසන් වන තුරු ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. ආර්ථික අර්බුදය හේතුකොටගෙන ධීවර කර්මාන්තයට ඇතිවී ඇති බලපෑම අවමකර ධීවර කර්මාන්තය යථාතත්වයට පත්කිරීමේ වැඩසටහන ලෙස නම් කරමින් අමාත්‍ය මණ්ඩලය ව...
"කාසියේ වාසිය ශ්‍රී ලංකාවට"
"සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.ඒ අනුව ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කර ඇත."
"අභියාචනාධිකරණයට නව විනිසුරුවරු හතර දෙනෙක්"
" ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් හතර දෙනෙකු පත්කර ඇත. එසේ පත්කර ඇත්තේ හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන කේ.එම්.ජී.එච් කුලතුංග, ඩී. තොටවත්ත, ආර්.ඒ. රණරාජා සහ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එම්.සී.එල්.බී ගොපල්ලව යන මහත්වරුන්ය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස...
"නවසීලන්ත දඟ පන්දු පුහුණුකරු රංගන හේරත්"
" එළැඹෙන ඇෆ්ගනිස්තාන සහ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සඳහා නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක රංගන හේරත් නම්කර ඇත. නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉදිරි මාස දෙකේදී ආසියාවේදී ටෙස්ට් තරග 6කට සහභාගී වීමට නියමිතය. ඉන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග ඉන්දියාවේ පැවැත්වෙන තරගය සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමග ශ්‍රී ල...
"ඌවට නව ආණ්ඩුකාරවරයෙක්"
"ඌව ආණ්ඩුකාරධුරයෙන් ඒ.ජේ.එම්. මුසාමිල්මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට අනුර විදානගමගේ මහතා පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි."
"උතුරේ බිම් බෝම්බයක් පුපුරයි"
"මුලතිව් මාන්කුලම් තුනුකායී ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි කාන්තාවන් පිරිසක් බිම් බෝම්බයක් පුපුරායාමෙන් හතර දෙනෙකු තුවාල ලබා ඇත.උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරත ජාත්‍යන්තර සංවිධානයක් යටතේ සේවය කරන උතුරේ කාන්තාවන් හතර දෙනෙකු මෙසේ තුවාල ලබා තිබේ.ඊයේ ඔවුන් බිම් බෝම්බ ඉවත් කරමින් සිටියදී වළ දමා තිබූ බිම් බ...
"ෂාරුක් බදු වාර්ථාවක් තබයි"
"ඉන්දියාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් එරට 2024 මූල්‍ය වර්ෂය සඳහා වැඩිම ආදායම් බදු ගෙවූ කීර්තිමත් පුද්ගලයින් අතර ප්‍රථම ස්ථානයට පත්ව ඇත.ඒ අනුව ඔහු ගෙවූ බදු මුදල ඉන්දීය රුපියල් කෝටි 92කි.එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 310කි.දෙවැනි ස්ථානය කොලිවුඩයේ සුපිරි නළු විජෙයි හිමිකරගෙන ඇත.ඔහු ගෙවා ඇති බදු මුදල ඉන්දීය රුපියල් කෝටි 8...
"දේශබන්දුගේ තහංචි ඉවත් කරන පෙත්සම කල් යයි"
"දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ වගකීම් හා රාජකාරී ඉටු කිරීම වළක්වාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන අතරමැදි පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය. මෙම අතරමැදි පෙත්සම අද යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ...
"ඇල්පිටියට පොහොට්ටුව ඇප බඳී"
" ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කිරීම සදහා ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප තැන්පත් කර ඇත. එම ප්‍රාදේශීය සභා මැතිවරණයට තම අපේක්ෂකයන් වෙනුවෙන් ඇප තැබූ බව එම පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.මෙම ප්‍රාදේශීය සභාවට තරගකිරීම සඳහා ඇප තැන්පත්කිරීම මෙම මස 12 වැනිදායින් අවසන්වේ."
"සයිබර් අපරාධ ත්‍රස්තයින්ගෙන් මිදුණු ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට"
"මියන්මාරයේ සයිබර් අපරාධ ත්‍රස්ත ග්‍රහණයට ලක්ව සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයින් 20 දෙනකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණ ඇත.මෙම පිරිස මීට සති කිහිපයකට පෙර මියන්මාර රජය සහ ශ්‍රී ලංකා රජය එක්ව සයිබර් අපරාධ ත්‍රස්ත කණ්ඩායමින් නිදහස් කරගෙන තිබුණි."
"ලක්ෂ 03ක ව්‍යාජ නෝට්ටු සමග කතක් අත්අඩංගුවට"
"ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 62ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් දෙමටගොඩ ප්‍රදේශයේදී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 44 ක් වන සැකකාරිය හේනේගම අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඊයේ රාත්‍රි දෙමටගොඩ පොලිස් වසමේ වේළුවන පාර ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත."
"තැපැල් ඡන්ද තෙවැනි දිනය අද"
"ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු තෙවැනි දිනටත් අද පෙරවරු 9.00 ආරම්භ වීමට නියමිතය.පසුගිය 4 වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ විය. දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සඳහා ඡන්දය ප්‍රකාශය කිරීමට එහිදී අවස්ථාව ලබා දී තිබුණි.ඊයේ සහ අද...
"අද කාලගුණය"
"අද බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.මධ්‍යම කඳුකරයේ බටහිර බැව...
"තෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම"
"ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර හෙට (06දා) ආරම්භ වන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර ඇත.එම කණ්ඩායම මෙසේය.1. දිමුත් කරුණාරත්න, 2. පැතුම් නිශ්ශංක, 3. කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. දිනේෂ් චන්දිමාල්, 6. ධනංජය ද සිල්වා (නායක), 7. කමිඳු මෙන්ඩිස්, 8. මිලාන් රත්නායක, 9. විශ්ව ප්‍රනාන්දු, 10. ලහිර...
"බස් රථ දෙකක් ගැටී 47කට තුවාල"
"බිබිල නාලග ප්‍රදේශයේ දී බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් එම බස් රථ දෙකෙහි ගමන් ගත් 47 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා සිටිති.ඔවුන් බිබිල රෝහලට ඇතුලත් කර ඇතැයි බිබිල පොලිසිය පවසයි.අනතුර අද රාත්‍රී 7.30ට පමණ සිදුව තිබේ.බිබිල අම්පාර මාර්ගයේ නාගල ප්‍රදේශයේ දී බිබිල දෙස සිට අම්පාර දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක එම දෙසටම ඊ...