Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"කුඩු පොට් එකකදී පීසීලා තිදෙනෙක් කොටුවෙති" | "මත්කුඩු අලෙවි කරන නිවසක සැක කටයුතු අන්දමින් රැදී සිටී පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අද අලුයම අත්අඩංගුවට ගත්බව වැලිපැන්න පොලිසිය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලිසියේ රාජකාරි නියුතු කොස්තාපල් වරුන් තිදෙනෙකි.සැකකාර පොලිස් නිළධාරින් තිදෙනා මත්කුඩු අලෙවි කරන නිවසක රැදී සිටින බවට උසස් පොලිස් නිළධාරියෙක්ට ලද තොර... |
"අනුර කුමාර අත්අඩංගුවට ගන්නැයි පැමිණිල්ලක්" | "තොරතුරු වසංකර 2007 වසරේ සිට රාජ්‍ය දේපල අවභාවිතාකරන බවට චෝදනා කරමින් ජාතික ජන බලවේගය පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා වහාම අත් අඩංගුවට ගෙන නීතීය ඉදිරියට පමුනුවන ලෙස ඉල්ලා මහපොළොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම සංවිධාන වෙනුවෙන් දර්ශන තන්ත්‍රි ගේ ඇතුළු පිරිසක්... |
"සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද මහනුවරදී" | "ජනාධිපති අපේක්ෂක සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද මහනුවරදී ඉදිරිපත් කරන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.එම සන්ධානයේ නායකයින් සමග ශ්‍රී දළදා මාලිගාවේදී සහ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් වෙත ද ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන බවද කීවේය.ඉන්පසු... |
"ජගත් කුමාර සජිත්ට" | "මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සමගි ජන බල පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීරණය කර ඇත." |
"ජනපති ඉදිරිපත් කළ පුළුවන් ශ්‍රී ලංකා වැඩපිළිවෙල" | "තමා ඉදිරිපත් කරන්නේ සාම්ප්‍රදායික ප්‍රතිපත්තිමාලාවක් නොව රටේ පවතින අර්බුධකාරී යුගයට විසඳුම් ලබාදිය හැකි ක්ෂණිකව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙලක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුළුවන් ශ්‍රී ලංකා වැඩපිළිවෙල අද එළිදක්වමින් පැවසීය.රට අපනයන ආර්ථිකයකට යායුතු බවත් දැනට ජාත්‍යන්තරය සමග ඇතිකරගෙන තිබෙන ණය ගිවිසුම් දෙකට ගැට... |
"පුළුවන් ශ්‍රී ලංකා එළිදැක්වීම ඇරඹේ" | "ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන පුළුවන් ශ්‍රී ලංකා එළි දැක්වීම අද පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ආරම්භ විය.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජනාධිපතිවරයාට සහාය පළකරන අමාත්‍යවරුන් පක්ෂ නායකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභා... |
"ක්ලබ් වසන්ත ඝාතනයට අනුබල දුන් පළාත් සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට" | "සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට සම්බන්ධ දෙවැනි වෙඩික්කරු සහ මෝටර් රථය ධාවනය කළ පුද්ගලයාට නවාතැන් දීම සම්බන්ධයෙන් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.එම ඝාතනයට අනුබලදීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ." |
"අධිකරණය මග හරිමින් සිටි කතුන් දෙදෙනෙක් අත්අඩංගුවට" | " කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු බදුල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් ආරච්චිකට්ටුව නල්ලදරම්කට්ටුව ප්‍රදේශයේ දී සහ හලාවත නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇත.2013 වර්ෂයේ දී රජයේ රැකියා ලබා දෙන බවට පවසමින් ඌව පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස ය... |
"පාතාල සාමාජිකයෙක් දිවයිනට" | "අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු ලෙස සැලකෙන ගීත්මාල් බෙනෝයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඩුබායි සිට අද අලුයම දිවයිනට රැගෙන විත් තිබේ.මෙම සැකකරු පාතාල කල්ලි නායකයෙකු වන මතුගම ෂාන්ගේ ගෝලයකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි." |
"මන්ත්‍රී සිහින දකින ජනාධිපති අපේක්ෂක" | "තමා මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූයේ පරාජය වන දැනගෙන බවත් තම අරමුණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව මන්ත්‍රී ධුරයක් ලබා ගැනීම බවත් මාධ්‍ය වැඩසටහනකට සහභාගී වෙමින් සදහන් කර ඇත.උන්වහන්සේ 2004 වසරේ දී ජාතික හෙළ උරුමයෙන් සහ 2010 වසරේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූහ.දයාරතන හි... |
"දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම" | "ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.එම ටෙස්ට් තරග සඳහා නම්කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර ඇත.ඒ අනුව කුසල් මෙන්ඩිස් ට සහ විශ්ව ප්‍රනාන්දු ට ඔවුන්ගේ ස්ථාන අහිමිවී තිබේ.ඒ වෙනුවට පැතුම් නිස්සංක සහ ලහිරු කුමාර කණ්ඩායමට කැඳවා ඇත.ශ්‍රී ලංකා කණ... |
"ක්ලබ් වසන්ත ඝාතනයේ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට" | "ක්ලබ් වසන්ත’ නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතන සිද්ධියට සම්බන්ධ දෙවැනි වෙඩික්කරු සහ මෝටර් රථ රියදුරු ද අත්අඩංගුවට ගැනීමට පානදුර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්ව ඇත. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර පින්වත්ත ප්‍රදේශයේ දීය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල නාගොඩ සහ අහුංගල්ල ප්‍රදේශ වල... |
"කරු පාර්ලිමේන්තුවට" | "සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරල මහත්මියගෙන් හිස්වූ රත්නපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ධුරය සඳහා කරුණාරත්න පරණවිතාන මහතාගේ නම ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත." |
"හොර විදෙස් මත් පැන් ස්කාගාරයක් වටලයි" | "සිංගප්පූරු ජාතිකයකු විසින් මෙරට පුද්ගලයින් දෙදෙනෙකු යොදවා මහර කඩවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී ව්‍යාජ විදේශීය මත්පැන් ස්කාගාරයක් වටලා විදේශීය මත්පැන් බෝතල් රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.යුද හමුදා බුද්ධි අංශ තොරතුරක් මත බියගම සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් ඊයේ එම වැටලීම සිදුකර තිබේ.දිගුකලක් තිස්සේ එම නීතිවිරෝධී ... |
"හකීම්ට වාරණයක්" | "ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. අලි සහිර් මවුලානා මහතාගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද එම කොංග්‍රසයේ නායක සහ මහලේකම් වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.අලි සහිර් මවුලානා මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විස... |
"අනුරාධපුර හිටපු ASPට විදෙස් ගමන් තහනමක්" | "අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මහතාට විදේශ ගමන් තහනම් කරමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද නියෝගයක් නිකුත් කළේය. අනුරාධපුර හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේ... |
"කාලගුණ නිවේදනයක්" | "අඩු පීඩන තත්ත්වයක් නිසා ඉදිරි දින කිහිපයේදී තද සුළං සහ වැසි පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එබැවින් ඉදිරි දින 03 තුළ උතුරු බෙංගාල බොක්ක ගැඹුරු මුහුදේ යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දී ඇත." |
"නදීන් බාසික්ට ඇප" | "කටුනායක ගුවන්තොටුපළේදී අද අලුයම අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික්ගේ පුත් නදීන් බාසික් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප ඇප ලබාදී ඇත.විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කර තිබේ." |
"වැඩබලන පොලිස්පතිවරයකු පත් කරන්නැයි ඉල්ලූ පෙත්සම ඉවතට" | "වැඩබලන පොලිස්පතිවරයකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නීතිඥවරයෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් රුපියල් 50,000ක නඩු ගාස්තුකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය. අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණය සඳහා ඉදි... |
"රබර් සඳහා පොහොර සහනාධාරයක්" | "රබර් වගාව සඳහා රුපියල් 4000ක පොහොර සහනාධාරයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත. ඒ අනුව එම පොහොර සහනාධාරය මෙම සතියේ සිටම ලබා දීමට පියවර ගෙන ඇති බව එම අමාත්‍යංශය කියා සිටී." |
"සොබාධනවි ජනපති අතින් විවෘත කෙරේ" | " කෙරවලපිටිය,සොබාධනවි, සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියරල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුළු මොහොතකට පෙර විවෘත කෙරිණි. මෙය ශ්‍රී ලංකාවේ පළමු ස්වභාවික ද්‍රවිකෘත වායු විදුලි බලාගාරය වන අතර එහි ධාරිතාවය මෙගාවොට් 350කි." |
"නදීන් බාසික් කටුනායක දී අත්අඩංගුවට" | "මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික්ගේ පුතා වන නදීන් බාසික් ඩුබායි සිට මෙරටට පැමිණීමේ දී කටුනායක ගුවන් තොටුපොල හිදී අත්අඩංගුවට ගෙන ඇත.ඔහු වැල්ලවත්තේදී වැටලීමකදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියකු අනතුරකට ලක් කර පලා ගොස් තිබුණි." |
"ඇමෙරිකානු භාණ්ඩ වර්ජනයක්" | "ගාසා තීරයේ පවතින ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ගැටුම සඳහා ඇමෙරිකාවේ සහාය ලැබීම නිසා ගෝලීය වශයෙන් රටවල් රැසක් ඇමෙරිකානු නිෂ්පාදන භාණ්ඩ වර්ජනය කිරීමට පටන් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඒ අනුව ඇමෙරිකානු ආර්ථිකයේ සියයට 40% කඩාවැටීමක් මතුව ඇතැයි ද සදහන් කරයි. ලොව පුරා ජනප්‍රිය ඇමෙරිකානු ආපනශාලාවක් වන මැක් ඩොනල්ඩ් හ... |
"කමලා හැරිස්ට අනුමැතිය" | "ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂය විසින් මෙවර ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ අපේක්ෂකයා ලෙස උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය සිය පක්ෂ සමුළුවේදී අනුමත කර ඇත.ඇයගේ ප්‍රතිවාදියා වන්නේ රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට.නොවැමිබර් මස පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී කමලා හැරිස් ජය ගතහොත් ඇමෙරිකානු ඉතිහාසයේ පළමු ... |
"ICC නව සභාපති ජේ ෂා" | " ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ(ICC) නව සභාපති ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා මහතා නිතරගයෙන් පත්ව ඇත. වත්මන් සභාපති ධුරය දරන්නේ ග්‍රෙග් බාක්ලේ මහතාය.නව සභාපතිවරයා දෙසැම්බර් මස 01 වැනිදා පත්වීමට නියමිතය." |
"මන්ත්‍රීවරුන්ට ගිනි අවි දෙකක්" | "පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මුදලට ගිනිඅවි දෙකක් ලබාගැනීමේ අයිතිය ලබාදීමට රජය තීරණය කර ඇත.මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසු අයිති කරගැනීමට හැකිවන පරිදි එම ගිනිඅවි ලබාදීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි." |
"දිලිත්ගෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් නෑ" | "තමා ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් නොකරන බව මෙවර ජනාධිපතිවරණයට කම්කරු පක්ෂයෙන් ඉදිරිපත්වන දිලිත් ජයවීර මහතා පවසයි.තමා ඉදිරිපත් කරන්නේ ව්‍යවසාය වැඩපිලිවෙලක් බවත් එය මෙම මස 31 වැනිදා වන විට ඉදිරිපත් කරන බවද කීවේය." |
"රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 29දා" | "අලුත් රටක් ගොඩ නගන තම වැඩපිලිවෙල සහිත ප්‍රතිපත්ති ප්‍රකාශය 29 වැනිදා එළිදක්වන බව මෙවර ජනාධිපතිවරණයට ස්වාධින අපේක්ෂකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එය වෙනත් පක්ෂවල මෙන් එකිනෙකා කඹ අදින එකක් නොවේයැයි ද ජනාධිපතිවරයා සඳහන් කරයි." |
"හෙට සිට පාස්පෝට් දීම පරණ ක්‍රමයට" | "මාර්ගගත ක්‍රමයට දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන විදේශ ගමන් බලපත්‍ර සඳහා අයැදුම් කිරීමේ ක්‍රමය හෙට සිට අත්හිටුවීමට පියවර ගෙන ඇත.ඒ අනුව පැමිණෙන පිළිවෙල අනුව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි." |
"පංජාබ් රෝයල් කළමනාකාරුට මහනුවර මහාධිකරණයෙන් කෝටියක මුදල් දඩයක්" | "තරඟ පාවාදීමට ක්‍රිකට් ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි චෝදනාව මත පංජාබ් රෝයල් කණ්ඩායමේ කළමනාකාරුට මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මහත්මිය අද රුපියල් එක්කෝටි දස ලක්ෂයක දඩයක් නියම කළා ය. මෙලෙස දඩ නියම වූයේ පැවලෝජඩියා ආකාශ් නැමැති කළමනාකරුටය. චෝදනා දෙකට අදාළ රුපියල් එක්කෝටි දස ලක්ෂයක දඩය නොගෙවන්නේ නම් ඔහුට බරපතළ වැ... |
"සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට යන්න වරම්" | "සමෘද්ධි සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කළ සේවකයින්ට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත අන්තර්ග්‍රහණයවීම සඳහා අවස්ථාව ලබාදීමට රජය තීරණය කර ඇත.ඒ අනුව විවිධ හේතු මත එසේ අන්තර්ග්‍රහණයවීමට නොහැකිවූ සේවකයින් 3000ක් පමණ පිරිසට මේ යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට එක්විය හැකිය.ඊට අදාලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විස... |
"ආදීවාසීන්ට නව නීති" | "ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීති හඳුන්වාදීමට රජය තීරණය කර ඇත.ඒ අනුව ඉඩම්,වනජීවී හා වන සංරක්ෂණ,පරිසර සහ මුදල් යන අමාත්‍යංශ නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සකස්කර ඇති මූලික කෙටුම්පත පදනම්ව නව නීති කෙටුම... |
"මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇගවීමක්" | "දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදුවුවහොත් පසුගිය වසර දෙකේදී අප අත්විඳි අන්දමේ ආර්ථික සහ සමාජීය අර්බුදයක් නැවත ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනතුරු අගවයි. ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 37 වැනි වාර්ෂික සමුළුවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.වර්... |
"අධිකරණ නියෝග පොලිසිය තුට්ටුවකට මායිම්කර නැහැලු" | " පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් කෲර වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි.කෲර වධ හිංසන සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල... |
"ෆවුසිට අත්හිටවූ සිරදඬුවම්" | "හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි මහතාට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (27) නියෝග කළේය. 2010 වසරේ දී ඒ. එච්. එම් ෆවුසි මහතා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී එම අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්තය... |
"නාවික නව මාණ්ඩලික ප්‍රධානී" | "ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ පත්කර ඇත.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 අගෝස්තු මස 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රියර් අද්මිරාල් බානගොඩ එම තනතුරට පතිකාර තිබුණි.නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල්... |
"දිගම්බරන්ගේ වතු නිවාස වලට වෙච්ච දේ" | "මස්කෙළිය වැවිලි සමාගමට අයත්, මස්කෙළිය බ්‍රන්ස්වික් තේ වතුයායේ ක්වින්ස්ලන්ඩ් කොටසේ වතු කම්කරු පවුල් සඳහා ඉදිකරන ලද තනි නිවාස 15 ක ඉදිකිරීම් අතරමඟ නවතා වසර 06 ක පමණ කාලයක් ගෙවී ගොස් ඇතත් මේ දක්වා නව නිවාස ලබා දී නොමැතිවීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බව එම කම්කරු ප්‍රජාව පවසති. එවකට පැවති රජයේ වතු යටිතල පහ... |
"වී අලෙවි මණ්ඩලය අද සිට වැඩට බසී" | "මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම අද සිට ආරම්භ කිරීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර ඇත.ඒ සඳහා රුපියල් මිලියන 2000ක් වී අලෙවි මණ්ඩලයට ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය ජූනි මාසයේ දී අමාත්‍ය මණ්ඩලය පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබීය. එම කැබිනට් පත්‍රිකාවට අනුව වී මිල දී ගැනීමේ කටයුතු සඳහා ඊය... |
"පාස්පෝට් කන්තෝරුවෙන් නිවේදනයක්" | "හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එබැවින් අත්‍යවශ්‍ය අය පමණක් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයැදුම් කරන ලෙස ඉල්ලා සිටියි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව පසුගිය වසරේ නිකුත් කර ඇති විදේශ ගම... |
"ජනපතිවරණ මත විමසුමට වැට" | "ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදු කරන මත විමසුම් හේතුවෙන් ඇතැම් අපේක්ෂකයන්ට සිදුවන අගතීන් වැළැක්වීමේ අරමුණින් එම සමීක්ෂණ නතර කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අවධානය යොමුකර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.මේ සම්බන්ධව ඉදිරි දින කිහිපයේදී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සාකච්ඡා කර තීරණයක් ගැනී... |
"ජනපතිවරණය ගැන කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්" | "දූෂණය හා ඒ ආශ්‍රිත දුර්ගුණ මුලිනුපුටා දැමීමට අවශ්‍ය ක්‍රම වෙනස සිදුකිරීම සඳහා බුද්ධිමත් සහ නිර්භීත නායකයකු ශ්‍රී ලාංකීය ජාතියට අවශ්‍ය බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.ඒ සදහා මීළග නායකයා ඥානාන්විතව තෝරාගැනීමට සියලු පුරවැසියන් හට අවශ්‍ය ප්‍රඥාව ලැබෙනු සද... |
"මල්කාන්ති නන්දසිරි ජන්ම දිනය අදයි" | "ප්‍රවීන ගායන ශිල්පිනී විශාරද මල්කාන්ති නන්දසිරි මහත්මියගේ උපන්දිනය අදට යෙදී තිබේ.අභාවප්‍රාප්ත සංගීත නිපුන් සනත් නන්දසිරි මහතාගේ බිරිඳ වන ඇය අනුරාධා නන්දසිරි මහත්මියගේ මවද වන්නීය.සිය උපන්දිනය වෙනුවෙන් අද සවස උඩහමුල්ල ජිනරතනාරාම විහාරස්ථානයේ දී පහන් පූජාවක් පවත්වනු ලබන බව ද මල්කාන්ති නන්දසිරි මහත්මිය සඳහන් කළාය." |
"ඕස්ට්‍රේලියානු රජය අද සිට ක්‍රියාත්මක කළ රැකියා නීතිය" | "රැකියා වේලාවෙන් පසු ලැබෙන රාජකාරි පණිවුඩ සදහා ප්‍රතිචාර නොදක්වා සිටීමේ අයිතිය හෙවත් විසන්දි කිරීමේ අයිතිය නැමැති නීතිය (right to disconnect ) අද සිට ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන ඇත.ඒ අනුව රාජකාරි වේලාවන් පසු ලැබෙන දුරකථන ඇමතුම්,ඊ මේල් පණිවුඩ සහ කෙටි පණිවුඩ සදහා ප්‍රතිචාර නොදැක්වීම හෝ විසන්ධි කිරීම ස... |
"සුරා බදු කොමසාරිස් ජනරාල් ගෙන් අනාවරණයක්" | "ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මූල්‍ය නිලධාරී රාජ්‍ය ආදායමෙහි ප්‍රධාන මූලාශ්‍ර තුනක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාර මිත්‍යා සහගත බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පැවසීය. මෙම ආයතන තුනෙහිම හ... |
"පන්සලේ රන් වැට ගලවා උස්සන් ගිහින්" | "වාද්දුව පොතුපිටිය වාළුකාරාම විහාරස්ථානයේ ඓතිහාසික බෝධින් වහන්සේ වටා ඉදිකර ඇති රන් වැට ගලවා එහි රන් ආලේපිත කනු සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව වාද්දුව පොලිසිය පවසයි. එම විහාරාධිපති පූජ්‍ය මොල්ලිගොඩ සුගතනන්දහිමියන් විසින් දුරකථන ඔස්සේ කල පැමිණිල්ලක් මත පොලිසිය’ පරීක්ෂණ ආරම්භ කර තිබේ. කොන්ක්‍රීට් යොදා සවිකර ඇති... |
"රජයේ නිලධාරියාට සැර දැමූ බීමත් පොලිස් නිලධාරියාට වැඩ වරදී" | "බීමත්ව රාජකාරියේ යෙදෙමින් යාපනයේ කූරිකඩ්ඩුවාන් ප්‍රදේශයේ සේවය කළ පොලිස් නිලධාරියෙකු රාජ්‍ය නිලධාරියෙකුට පහර දීමට උත්සහ කිරීමේ සිද්ධියක් මත පොලිස් නිලධාරියාගේ සේවය අත් හිටුවා තිබේ. එම පොලිස් නිලධාරියා යාපනයේ ඌර්කාවතුරේ පොලීසියට අනුයුක්තව සේවය කරණ නිලධාරියෙකි. රාත්‍රී කාලයේ රාජ්‍ය නිලධාරියා යතුරු පැදියකින් පැමිණි අවස්ථා... |
"පාකිස්තානයේ ත්‍රස්ත ප්‍රහාරයකින් 23ක් මරුට" | "පාකිස්තානයේ මගී බස්රථ ඉලක්ක කර එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයකින් විශාල පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙයි. ඉන් පුද්ගලයින් 23 දෙනෙක් මියගොස් ඇති බව සඳහන් ය." |
"ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා කැඳවයි" | "පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා භාරගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ නිවේදනය අද (26) දින ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කොට ඇත. ඒ අනුව ඡන්ද විමසීම සඳහ... |
"තැපැල් ඡන්ද පත්‍රිකා බෙදීම අරඹයි" | "මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ආයතන ප්‍රධානීන් වෙත යැවීමේ කටයුතු අද (26දා) ආරම්භ කෙරිණ.ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද බෙදා හැරීමේ කටයුතු කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී සිදුවිය." |
"ශර්මිලා ගෝනවල සජිත්ට" | "කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී ශර්මිලා ගෝනවෙල මහත්මිය සමගි ජන බලවේගය පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත.ඒ අනුව ඇය පසුගිය 24 වැනිදා වරකාපොල දී පැවැති සජබ ජන රැළියට සහභාගී වී තිබේ. යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයාව සිටි, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්... |
"තෙවැනි පාසල් වාරය ඇරඹේ" | "රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද ආරම්භ වූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.දෙවන පාසල් වාරය පසුගිය 16 වැනිදා සිකුරාදා අවසන් විය. ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර අද සිට නොවැම්බර් 22 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි." |
"අසාධාරණ පන්දුවක් ගැන මැතිව්ස් ගෙන් හෙළිදරව්වක්" | "සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර මැන්චෙස්ටර් හි පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී එංගලන්ත කණ්ඩායම අසාධාරණ ලෙස නව පන්දුවක් මාරු කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට හේතුවක් වූ බව ඇන්ජලෝ මැතිව්ස් සමාජ මාධ්‍ය ඔස්සේ සදහන් කරයි.තරගයේ තෙවැනි දිනයේදී 41 වැනි පන්දු වාරයේදී එංගලන්ත කණ්ඩායම මෙලෙස පන්දුව මාරු කළ බව... |
"ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපාගේ දිවි සිනමාව නිමාවේ" | "ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ සුගතපාල සෙනරත් යාපා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.හන්තානේ කතාව,සාමා,දස්කොන් සහ පෙම්බර මධු යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඔහු පෙම්බර මධු චිත්‍රපටයේ තිරනාටක රචකයාද විය.මිය යන විට 89 වැනි වියේ පසු විය." |
"සජිත් සහ අනුරට ජනපතිගෙත් අදත් අභියෝගයක්" | "තවදුරටත් ජනතාවට බොරු නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමා සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා වෙත අභියෝග කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවසීය. එවිට ඔවුන් අද වේදිකාවල පවසන දේ සත්‍ය අසත්‍යතාව සමස්ත රටේම ජනතාවට දැකබලා ගැනීමට හැකිවන බවත් ජනාධිප... |
"ජ්‍යෙෂ්ඨ ලේඛක ගුණසේන විතාන දිවිසැරිය නිමා කරයි" | "ජ්‍යෙෂ්ඨ ලේඛක ගුණසේන විතාන මහතා අද අභාවප්‍රාප්තවී ඇත.මියයන විට ඔහු 93 වැනි වියේ පසුවිය.ප්‍රගතශීලී ලේඛකයන් වෙනුවෙන් ආරම්භ කළ ජාතික ලේඛන පෙරමුණේ ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබේ.ඔහු විසින් රචිත ග්‍රන්ථ අතර ගලින මලින බැඳි පියමං,විප්ලවයේ කැරලිකාරයෝ,සරදියෙල්,ගරු මාංචු,මනුෂ්‍යත්වයට වෙඩිතබනු ලැබේ විශිෂ්ඨ ගණයේ ග්‍රන්ථ ලෙස විචාර... |
"මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙදෙනෙක් මරුට" | "කළුතර අවිත්තාවල ඉහළකන්ද ප්‍රදේශයේ ඇතාවැටුණුවල යන ස්ථානයේ දිය නාමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු අද දියේ ගිලි මියගොස් ඇත.මෙලෙස දියේ ගිලි මියගොස් ඇත්තේ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ එස්. ගෞතම් සහ එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය එස්. හර්ෂනාත් යන මහජන සෞඛ්‍ය පර... |
"දුම්රියෙන් ගෙන යන කසල" | "ඇසුරුම් කළ කසළ දුම්රියෙන් රැගෙන යෑම අද පළමු වරට ආරම්භ කර ඇත.ඒ අනුව වනවාසල කසළ ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානයේදී එක්රැස් කරන ලද කසළ පුත්තලම අරුවක්කාඩු කසළ අංගනය වෙත රැගෙන විත් තිබේ.756 දුම්රිය එන්ජිමෙන් දැවැන්ත බහාලුම් 20කින් මෙම කසළ තොගය රැගෙනවිත් ඇත." |
"ඉන්දීය ඖෂධ ඒකාධිකාරියක් ගැන අනතුරු අඟවයි" | "සෞඛ්‍ය අමාත්‍යාංශය අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දීය රජය සමග ගිවිසුම් ගතවීම තුළින් රට තුළ ඉන්දීය ඖෂධ ඒකාධිකාරියක් ඇතිවන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.සෞඛ්‍ය සේවය අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා ඖෂධ වර්ග 862ක් අවශ්‍යතා බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.ඉන් ඖෂධ වර්ග 474ක් අත්‍යවශ්‍ය ඖෂධ ලෙස නම්කර ඇත.ඉන්දියාවේ ජන ඖෂධ යෝජන... |
"තිදෙනෙක් දියේ ගිලේ ; එක් අයෙකුගේ මළ සිරුරක් හමුවේ" | "කුරුණෑගල බෝගමුව ප්‍රදේශයෙන් දැදුරුඔයේ දිය නෑමට ගිය 33 හැවිරිදි මවක සහ 07 හැවිරිදි හා 05 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකු අද දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.ඔවුන්ගෙන් එක් දරුවකුගේ මළ සිරුර හමුවී ඇතැයිද පොලිසිය සඳහන් කරයි." |
"ඊශ්‍රායලය පැය 48 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි" | "හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කරන බවට ප්‍රකාශයක් නිකුත් කර ඇති නිසා ඊශ්‍රායලය පැය 48 ක රටපුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. ලෙබනනය පදනම් කරගනිමින් මෙම මහා පරිමාණ ප්‍රහාරය එල්ල කරන බව පවසා තිබේ. මේ වන විට දෙරට අතර දැවැන්ත ප්‍රහාර එල්ලවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරය ඊශ්‍රායලය ව... |
"ජර්මනියටත් ISIS තර්ජන" | "ජර්මනියේ ඊයේ සෝලින්ගන් නගරයේ පැවති සැමරුමක් අතරතුර සිදුවූ පිහිඇනුමේ වගකීම අයිඑස්.අයිඑස් (ISIS) සංවිධානය භාරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලැබීය. එම සංවිධානයේ අමාක් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ නිවේදනයක් පළ කරමින් ISIS සංවිධානය පවසා ඇත්තේ පලස්තීනය ඇතුළ... |
"ජනපති කතෝලික රදගුරු සම්මේලනයට යයි" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා මහලේකම් දොන් ඇන්ටන් ජයකොඩි සහ කොළඹ සහායක රදගුරු යන පියතුමන්ලා ඇතුළු කතෝලික රදගුරු සම්මේලනයේ පියතුමන්ලා මුණ ගැසුනු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.එහිදී රට තුළ ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය... |
"දුම්රිය ප්‍රමාදයක්" | "මරදාන දුම්රිය ස්ථානයේදී අද උදෑසන දුම්රියක් පීලි පැනීමකට ලක්වීමෙන් මරදාන දුම්රිය ස්ථානයෙන් සහ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලු දුම්රියන් ප්‍රමාදයන් වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඉන්ධන දුම්රියක් මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් දුම්රිය වේදිකාවට ද දැඩි හානි සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ස... |
"තැපෑලත් ජනාධිපතිවරණයට සැරසේ" | "හෙට සිට ජනාධිපතිවරණය අවසන් වන තුරු සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇත තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි." |
"පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය එංගලන්තයට" | "සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර මැන්චෙස්ටර් හි පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 05කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් විය.ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 36ක් සහ දෙවැනි ඉනිමට 326ක් ලබා ගැනීමට සමත් විය.එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 358ක් ලබා ගැනීමට සමත් විය... |
"එංගලන්තයට ලකුණු 205ක ඉලක්කයක්" | "සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 326ක් ලබා ගැනීමට සමත් විය.ඒ අනුව ජයග්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායම ලකුණු 205ක් ලබා ගත යුතුය.අද තරගයේ සිව්වැනි දිනයයි. " |
"බ්‍රුඩ්බි පළමු අදියර ත්‍රිත්ව විද්‍යාලයට" | "78 වැනි “බ්‍රැඩ්බි” රග්බි පළිහ 01 වන අදියරේ අද කොළඹ රාජකීය විද්‍යාලීය රග්බි ක්‍රීඩා පිටියේ දී පැවති තරගයෙන් ත්‍රිත්ව විද්‍යාලය 17 – 16 ලෙස රාජකීය විද්‍යාලය පරාජය කිරීමට සමත් විය." |
"කමිදු මෙන්ඩිස් තෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි" | "සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද සිව්වන දිනය යි.මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන එම තරගයේදී කමිඳු මෙන්ඩිස් සිය 03වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.තරගයේ සිය දෙවනි ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 291කි.දිනේෂ් ච... |
"රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වෙයි" | "ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ මුණුපුරෙකු වන හිටපු කැබිනට් අමාත්‍යවරයකුවූ රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත වී ඇත.මියයන විට ඒ මහතා 76 වැනි වියේ පසු විය." |
"ජනපතිවරණ මත ගැන මැ.කො මතය" | "ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පර්ශව විසින් සිදුකරන සමීක්ෂණ පිළිබඳව මැතිවරණ කොමිසම සිය අදහස් දක්වා ඇත.ඒ අනුව එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ විවිධ පාර්ශව පවසන ජනාධිපතිවරණය පිළිබඳ සමීක්ෂණ වාර්තා වලින් නොමග නොයන ලෙසය.එබැවින් ඡන්ද දායකයින් විවිධ සමීක්ෂණ මත පදනම්ව තමන්ගේ මතය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් න... |
"චීන නාවික හමුදා නෞකාවක් එයි" | "ශ්‍රී ලංකාව, වියට්නාමය සහ ඉන්දුනීසියාව යන රටවල් සමග නාවික සහයෝගීතාව ගොඩනගාගැනීමේ අරමුණින් චීන නාවික හමුදාවට අයත් පෝලාන් නැමැති නෞකාව චීනයේ ඊසාන දිග ඩාලියැන් පළාතෙන් ගමන් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එම නෞකාව මෙම මස අවසන් සතියේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. දිගින් මීටර් 85ක් ද පළලින් මීටර 11ක් ද වන මෙම... |
"දික්වැල්ල කොකේන් ගත් බව පිළිගනී" | "තහනම් උත්තේජක ලබා ගත් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා විනය කමිටුව හමුවේ පිලිගෙන ඇත.තමා කොකේන් භාවිත කළ බව නිරෝෂන් දික්වැල්ල එහිදී පිළිගෙන තිබේ.පසුගිදා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට ශ්‍රී... |
"තලතාට කොළ එළියක්" | "සමගි ජන බලවේගය පක්ෂයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරල මහත්මිය වෙත හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විධායක සභා රැස්වීමට ආරාධනා කළ බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.එසේම ඇයට ලබන 28 වැනිදා රත්නපුර නගරයේ දී පැවැත්වෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ රැළියට සහභාගී... |
"ක්ලබ් වසන්තගේ එක් ඝාතකයෙක් අත්අඩංගුවට" | "ක්ලබ් වසන්ත හෙවත් වසන්ත සුරේන්ද්‍ර පෙරේරා ඝාතනනයේ එක් වෙඩික්කරුවෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් අද අත්අඩංගුවට ගෙන ඇත.31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ නමැත්තා එලෙස අත්අඩංගුවට පත්ව තිබේ. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල කවුඩාන ප්‍රදේශයේ දීය.එමෙන්ම අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගත් සහ වෙඩික්කරුවන් බස් රථයෙන් ක... |
"එංගලන්ත පළමු ඉනිමට 358යි; ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ කඩුලු 02ක් දැවී යයි" | "සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර මැන්චෙස්ටර් හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 358ක් ලබා ගැනීමට සමත් විය.ජැමී ස්මිත් 111,හැරී බ්‍රෝක් 56යි.අසිත ප්‍රනාන්දු 103/4,ප්‍රභාත් ජයසූරිය 85/3ක් ලෙස කඩුලු දවා ගත්හ.දෙවැනි ඉනිම ආරම්හ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ... |
"රුපියල් කෝටි 21ක මත් ද්‍රව්‍ය තෑගි පාර්සලයක" | "මතුගම ප්‍රදේශයේ ලිපිනයකට ඉතාලියේ සිට කොළඹ පිහිටි භාණ්ඩ නිෂ්කාශන ආයතනයක් හරහා එවන ලද තෑගි පාර්සලයක තිබී හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30ක් රේගු භාරයට ගෙන තිබේ.රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ එම මත්ද්‍රව්‍ය තොගයේ විටිනාකම රුපියල් කෝටි 21කට අධික වටිනාකමකින් යුතු (මිලියන ... |
"රියැදුරු බලපත් ගැන පැහැදිලි කිරීමක්" | "යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර ඇති බවට පළවන ප්‍රචාර මුළුමනින්ම අසත්‍යය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා පවසයි. මෙතෙක් යාවත්කාලීන නොකළ මිලියන 2කට ආසන්න රියදුරු බලපත්‍රලාභීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරන අතර එම කටය... |
"රොබෝවෙක් ජනපතිව පිළිගනී" | "මැතිවරණ ක්‍රමය ඩිජිටල්කරණය කිරීම සඳහා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්මහතා යටතේ පත් කළ කොමිෂන් වාර්තාවේ නිර්දේශ අනුව කටයුතු කිරීමටබලාපොරොත්තු වන බවත් ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහාඩිජිටල් මැතිවරණ ක්‍රමය අත්හදා බැලිය හැකි බවත් ජනාධිපති රනිල්වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ බත්තර... |
"තලතා ඉල්ලා අස්වීමේ ලිපිය යවයි" | "සමගි ජන බලවේගය පක්ෂයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව පැවසූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත යවා ඇත.ඒ අනුව මන්ත්‍රී ධුරයක් පුරප්පාඩුව ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසට දැනුම් දී තිබේ... |
"නාමල් විවාදය පිලිගනී" | "නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය (පැෆරල්) සංවිධානය විසින් යෝජනා කර ඇති ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සඳහාවූ විවාදයට සහභාගීවීම සඳහා කර ඇති ආරාධනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පිලිගෙන ඇත.ඒ සඳහා පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වෙත... |
"Online දුම්රිය ප්‍රවේශපත් අද සිට" | "අන්තර් ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීම අද සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කරයි.ඒ සදහා වූ ” pravesha”” වෙබ් අඩවිය එළිදැක්වීම ඊයේ නෙලුම් කුළුණ පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ස... |
"මෛත්‍රී පාර්ශවයේ දෙදෙනෙක් රනිල්ට" | "පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත සහ අංගජන් රාමනාදන් යන මහත්වරු ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර තිබේ. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය නියෝජනය කළ මන්ත්‍රීවරු දෙදෙනෙකි.සාරතී දුෂ්මන්ත මහතා පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් ලෙස පත්... |
"චිරන්ජයතු නන්දා මාලනිය" | "ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලිනී මහත්මියගේ 81 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ.1943 අගෝස්තු මස 23 වැනිදා ඇය උපත ලබා ඇත.මෙරට සිංහල සංගීතය ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කර ඇති ඇය ගායිකාවක් මෙන්ම සංගීත අධ්‍යක්ෂවරියක්ද වන්නීය.ජනාධිපති සම්මාන,සරසවි සම්මාන සහ ජනතා සම්මාන රැසකින් පිදුම් ලබා සිටී.දිවයින වෙනුවෙන් අපි ද ඇයට... |
"පුන්නක්කු තෙල් සමග පොල්තෙල් හදලා" | "සුපිරිසිදු පොල්තෙල් බව පවසමින් පුන්නක්කු මගින් මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් නිපදවන නිෂ්පාදනාගාරයක් මාලබේ කහන්තොට ප්‍රදේශයේ දී නීතියේ රැහැනට හසුකර ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය සමත් විය.මිනිස් පරිභෝජනයට සුදුසු ප්‍රමිතියක නොමැති පොල්තෙල් සකසා වෙළෙඳපොළට නිකුත් කරන ස්ථානය සම්බන්ධයෙන් මාලබේ පොලීසියට තොරතුරක් ලැබී ති... |
"රොනාල්ඩෝ ලද You Tube Golden Button එක" | "සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කළ You Tube නාළිකාව සදහා Golden Button තිළිණයක් හිමිව තිබේ.ඔහු විසින් ආරම්භ කළ URCristiano නැමැති You Tube නාළිකාවට පැය 24ක් යාමට පෙර ග්‍රාහකයින් මිලියන ගණනක් එක්වීම නිසා ඔහුට මෙම තිළිණය ලබාදී ඇත.මෙම නාළිකාව ඉකුත් 21 වැනිදා ඔහු ආරම්භ කර තිබුණි." |
"ජල ගාස්තු අඩු කෙරේ" | "අගෝස්තු මස 21වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු අඩු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.ඒ අනුව ගෘහස්ථ සියයට 07ක් රජයේ රෝහල් සියයට 4.5ක් සහ ආගමික සිද්ධස්ථාන සියයට 6.3ක් ලෙස ජල ගාස්තු අඩු වන බව සදහන් කර තිබේ." |
"ජනපති අපේක්ෂකයෙක් අභාවප්‍රාප්ත වෙයි" | "මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින මුහම්මද් ඉල්යාස් මහතා අභාවප්‍රාප්ත වී ඇත.මියයන විට ඒ මහතා 78 වැනි වියේ පසු විය.පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ." |
"ජනපතිවරණයට පසු මැතිවරණ ගැන ජනපති පවසයි" | "ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණය ද ඉන්පසු පළාත් සභා මැතිවරණය ද පැවැත්විය යුතු බව ද ඉන් පසු පළාත් පාලන හා නගර සභා මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී අද පැවති නව ජනතා පෙරමුණේ ජාතික මහා සභාව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.ජනාධිපතිවරණය ස... |
"ලබන වසරේ රාජ්‍ය සේවක වැටුප් වැඩිවන හැටි" | "සියලුම රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප 2025 ජනවාරි මස සිට ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති උදය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව පහළ ශ්‍රේණි සඳහා සියයට 24කින්ද අනෙක් තනතුරු සඳහා සියයට 24 සිට සියයට 50 දක්වා ද මූලික වැටුප වැඩිවේ. එම වැටුප් වැඩි කිරීමේදී ස... |
"ඉරාන ජනාධිපතිගේ හෙලිකොප්ටර් යානය කඩා වැටීමට හේතු හෙළිවේ" | "අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටීමට හේතුව අයහපත් කාලගුණය සහ යානයට එහි බර පාලනය කිරීමට නොහැකිවීම බවඑරට රජයට සම්බන්ධ පුවත් ඒජන්සියක් සඳහන් කරයි. පසුගිය මැයි මාසයේ සිදුවූ එම අනතුරින් ඉරාන ජනපතිවරයා එම ස්ථානයේදීම මියගොස් තිබුණි. අනතුර සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණ වලදී යානයට ප... |
"නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම පටන්ගන්නා දිනය" | "මෙවර ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වැනිදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි. එම කටයුතු සඳහා විශේෂිත දිනය ලෙස සැප්තැම්බර් මස 08 වැනිදා නම් කර ඇත.රජයේ නිවාඩු දිනයක් වන ඉරිදා දිනයේ පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා මෙම බෙදාහැරීම සිදු කරන බව ද නියෝජ්‍ය ... |
"පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි අධිකරණය නියෝග කරයි" | "2023 වසරේ මාර්තු මස 09 වැනිදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ... |
"ඉදිකිරීම් කර්මාන්තයේ ගැටලු විසඳන බව ජනාධිපති කියයි" | "ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ගේ පවතින ගැටලු විසඳීම සඳහා නව නීති හඳුන්වාදීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඒ සඳහා අවශ්‍ය අණපනත් මේ වන විටත් සකස් කර අවසන් බව ද ජනාධිපතිවරයා සදහන් කරයි.දේශයේ අනාගතය ගොඩනැංවීම යන තේමාව යටතේ පැවති සංවර්ධන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ගේ හමුවේදී ඉද... |
"ජනපති අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කරයි" | "ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් අපේක්ෂකයින් විසින් නාමයෝජනා පත්‍ර සමඟ තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ද මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දීමෙන් අනතුරුව, අදාළ ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර ගැනීමට කටයුතු කරන බව එම කොමිෂන් සභාව සදහන් කරයි.ඉන්පසු අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශවල සංස්කරණය කරන ලද ... |
"විදුලි ඇමැතිගෙන් ජවිපෙට බරපතල චෝදනාවක්" | "බලශක්තිය, විදුලි බිල, ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තිය පිළිබඳ ඕනම විවාදයකට තමා සූදානම යැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ජනතා විමුක්ති පෙරමුණ බලාගාර ඉදිකිරීම අවහිර කරමින්, ඒවාදේශපාලන ප්‍රශ්න බවට පත් කරගෙන කළ බාධා හරහා රටේ බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයකට මුහුණ... |
"අද සිට වැස්ස අඩුවේ" | "පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බවද පවසයි.නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.මධ්‍ය... |
"ශ්‍රී ලංකා පළමු ඉනිම 236යි" | "සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 236ක් ලබා ගත්තේය.ධනංජය ද සිල්වා 74, මිලාන් රත්නායක 72යි.පන්දු යැවීමේදී ක්‍රිස් වෝකස් 32/3,ෂොයිබ් බෂීර් 55/3 ලෙස කඩුලු දවා ගත්හ.එංගල... |
"ධීවරයින්ට සහ තේ වගාකරුවන් ට සහනාධාර" | "හෙට (22) සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාව සඳහා ඩීසල් සහ භූමිතෙල්වලට රු:25 ක සහනාධාරයක් ද තේ වගාකරුවන් සඳහා රු;4,000ක පොහොර සහනාධාරයක් ද ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ." |
"ශ්‍රී ලංකාවට එන්න රටවල් 35කට වීසා නිදහස්" | "ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, සෞදි අරාබිය,චීනය,ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක පුරවැසියන්ට වීසා ලබා ගැනීමකින් තොරව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.ඔක්තෝම්බර් මස 01 වැනිදා සිට මාස හයක කාලයක් සදහා මෙම නිදහස් වීසා අවසරය ක්‍රියාත්මක කරනු ලබයි." |
"ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරියක් ආරක්ෂක රාජ්‍ය ඇමැති හමුවෙයි" | "ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ සාගර සහ ජාත්‍යන්තර පාරිසරික හා විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ආර්.ලිට්ල්ජෝන් මහත්මිය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ කොළඹ පිහිටි සිය කාර්යාලයේදී හමුවිය.මෙහිදී දෙරට අතර විවිධ විෂය ක්ෂේත්‍රයන්හි විශේෂඥයන්ට එක්ව ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.