Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"සෞඛ්‍ය විභාග කිහිපයක් අත්හිටුවයි" | "සෞඛ්‍ය අමාත්‍යංශයේ විභාග ශාඛාව මගින් පැවැත්වීමට නියමිත කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ හා බඳවාගැනීමේ විභාග මැතිවරණ කාලසීමාව අවසන්වන තෙක් තාවකාලිකව අත්හිටුවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි. එම විභාග පැවැත්වෙන දින පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවද සඳහන් කරයි." |
"නව අමාත්‍යවරු දෙදෙනෙක් පත් වෙති" | "පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අලි සහීර් මවුලානා මහතා සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසත් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත." |
"ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව 14/03" | "ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මැන්චෙස්ටර්ල ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේදී අද ආරම්භ විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දු වාර 10ක් අවසානයේදී කඩුළු 03ක් දැවී ලකුණු 14ක් ලබා සිටී.නිෂාන් ම... |
"අපේක්ෂකයින් 39 දෙනාටම විවාද මාලාවක්" | "2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාදය සැලසුම් කර ඇති පරිදි සැප්තැම්බර් මස 7 වන දින ඒ ආකාරයෙන්ම පැවැත්වීමට කටයුතු කරන බව මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කරයි. ඒ සඳහා අනෙකුත් අපේක්ෂකයන්ද දක්වන උනන්දුව සැලකිල්ලට ගනිමින් මෙම විවාදය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට ද මාර්තු 12 ව්‍යාපාරය තීන්දු කර ඇත. ඒ අනුව අපේක්ෂකයින් 39 දෙනාටම... |
"කෙහෙළියගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න කල් දෙයි" | "ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් නැමැති ප්‍රතිදේහ එන්නත් මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය ... |
"හිරුණිකා කට අරී" | "එක්තරා පෞද්ගලික මාධ්‍ය ආයතනයක් මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා වෙත සහාය දක්වන්නේ ඒ මහතා ජයග්‍රහණය කරවීමට නොව එම ආයතයනේ පෞද්ගලික අරමුණක් වෙනුවෙන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවයි.පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට ප්‍රධාන හේතුවක් වූයේ එම මාධ්‍ය ආයතනය බවද ඇ... |
"නාගරික මන්ත්‍රී ජයන්ත ද සිල්වා දිවියෙන් සමුගනී" | "කොළඹ නාගරික මන්ත්‍රී සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්ත ද ස්ලිවා මහතා අභාවප්‍රාප්තවී ඇත.මිය යන විට ඔහු 78 වැනි වියේ පසු විය.එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ඒ මහතා ප්‍රඥා ප්‍රදීප නමින් වැඩසටහනක් ආරම්භ කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල්හි පාසල් යන දරුවන්ට නොමිලයේ පාසල් පොත් ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කළේ... |
"ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විපක්ෂයේ විපක්ෂයට යයි" | "ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කරුණාදාස කොඩිතුවක්කු මහතා සමගි ජන බලවේගය පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වමින් අද විපක්ෂයේ අසුන් ගත්තේය." |
"තලතා මන්ත්‍රී ධුරය අත්හරී" | "සමගි ජන බලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාල මහත්මිය සිය මන්ත්‍රී ධුරයෙන් අද ඉල්ලා අස්විය.ඒ සම්බන්ධයෙන් අද ඇය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසූවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ තමාට තවදුරටත් මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බවය.එසේම තම සොහොයුරා වූ ගාමිණී අතුකෝරල මහතා මහලේකම් ධුරය දැ... |
"මනූෂ වෙනුවට බන්දුලාල් අද සිට පාර්ලිමේන්තුවට" | "බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය.ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වූයේ මනුෂ නානායක්කාර මහතාට සිය පාර්ලිමේන්තු අසුන අහිමිවීම හේතුවෙනි." |
"හෙරොයින් සමග පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට" | "හෙරොයින් කිලෝ ග්‍රෑම් එකක් ළග තබාගෙන සිටි පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් පිළියන්දල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත." |
"අද කාලගුණය" | "බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩිතරමක තද වැසි ඇති විය හැකිය.නැගෙනහිර, ඌව සහ උතුරුමැද... |
"වියදම් වාර්තාවක් නොදෙන අපේක්ෂකයින් ට වෙන දේ" | "මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින සියලුම අපේක්ෂකයින් මැතිවරණය අවසන් වී දින 21ඇතුළත තම මැතිවරණ වියදම් වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දියයුතු බව එම කොමිෂන් සභාව සදහන් කරයි.එම වාර්තාවේ තමාට ලැබුණු මූල්‍යමය ආධාර සහ ද්‍රව්‍යමය ආධාර පිළිබදව සටහන් කළ යුතු බවද එක් අපේක්ෂකයකුට වියදම් කළ හැක්කේ රුපියල් කෝටි 180ක පම... |
"මෛත්‍රී රුපියල් කෝටි 10 ගෙවයි" | "පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක (රුපියල් කෝටි 10 ) වන්දිය ගෙවා අවසන් කර තිබේ. ඒ අනුව ඔහු විසින් ගෙවීමට ඉතිරිව තිබූ රුපියල් මිලියන 12ක මුදල 2024.08.16 වනදා ගෙවා අවසන් කර ඇත.ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා එල්ලවූ ... |
"ලොව දිගම මුද්දරය ජනපතිට පිළිගන්වයි" | "ලොව දිගම මුද්දරය ලෙස මිලි මීටර් 205 කින් යුතුව මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහැර සංකේතවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය අද සවස මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි." |
"චමරිලාට කඩුලු 08ක ජයක්" | "සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද බෙල්ෆස්ට්හිදී පැවැති තෙවැනි එක්දින තරගය කඩුලු 08කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම පන්දු වාර 46.3කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 122කි.අචිනි කුලසූරිය 35/3 සහ චමරී අතපත්තු 15/3 ... |
"හෙට ඇරඹෙන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම" | "සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර මැන්චෙස්ටර් හී ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භවීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇත.ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතු එම කණ්ඩායමට දකුණු අතින් මදවේග පන්දුයවන්නෙක් වන මිලාන් රත්නායක ද නම් කර තිබේ. ඒ අනුව ඔහු හෙට සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී වනු ඇ... |
"ඇසළ පෙරහර සංදේශය ජනපතිට පිළිගන්වයි" | "මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර දේවාලයන්හි වාර්ෂික ඇසළ මහ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන ඇසළ පෙරහර සංදේශය දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා විසින් අද පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය." |
"කෙහෙළියගෙන් වන්දි ඉල්ලා පුරවැසියන් තිදෙනෙක් අධිකරණයට යති" | " ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කමක් සිදු කිරීමෙන් පසුව රෝහලින් ලබා දුන් ඖෂධ භාවිත කිරීම හේතුවෙන් ඇස් පෙනීම අහිමි වූ බව පවසමින් වන්දි ඉල්ලා පුරවැසියන් තිදෙනෙකු විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු ගොනුකර ඇත.පැමිණිකරුවන් ඉල්ලා ඇත්තේ තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් එවක සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු වගඋත්තරකරුවන් ගෙන් ... |
"සුඛෝප භෝගී බස් රථ හතරකට ගිනි තබයි" | "වෙන්නප්පුව වැව පාරේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක් වෙත අලුත්වැඩියා කටයුතු සඳහා රැගෙනවිත් තිබූ නවීන පන්නයේ පෞද්ගලික බස් රථ 4ක් අද අලුයම 2.30ට පමණ පුද්ගලයෙකු විසින් ගිනි තබා ඇත. ගිනිගැනීමෙන් එක් බස් රථයක් සම්පූර්ණයෙන්ම විනාශවී තිබේ. අසල තිබූ සීසීටීවී කැමරාවක් පරීක්ෂා කිරීමේදී කිසියම් පුද්ගලයෙක් පැමිණ බස් රථවලට ගිනිතබා පළ... |
"LNG අවබෝධතා ගිවිසුමකට අත්සන් කරයි" | "කෙරවලපිටිය “සොබාධනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied natural gas – LNG) ගබඩා කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, LNG ප්‍රතිවායුකරණය කිරීම සහ සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම (LTL Holdings Limited, Sri Lanka) සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම (Petronet LNG... |
"රනිල්ගේ සහායට පොහොට්ටුවේ තවත් රාජ්‍ය ඇමැතිවරයෙක්" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂයකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත. " |
"නාමල්ගේ මංගල රැලිය හෙට" | "ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මංගල රැලිය හෙට අනුරාධපුරය කඩපනහ භූමියේදී පවත්වන බව එම පක්ෂය සඳහන් කරයි." |
"රනිල්ට සහාය දෙන පොහොට්ටු මන්ත්‍රීවරුන්ට නව දේශපාලන පක්ෂයක්" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක් බිහිකිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද කොළඹදී පැවැත්විණි.ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මෙම නව දේශපාලන පක්ෂය හරහා අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට එහිදී තීන්දු ... |
"ජනපති සටනේ අපේක්ෂකයින් ඡන්ද පත්‍රිකාවේ සටහන්ව ඇති අයුරු" | "2024 සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 39 දෙනාගේ නම් ඡන්ද පත්‍රිකාවල මුද්‍රණය කරන අනු පිළිවෙල සහ ඔවුනට වෙන් කර දී ඇති ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.එසේ ප්‍රකාශයට පත්කර ඇති පිළිවෙල මෙසේය.අක්මීමන දයාරත්න හිමි- කළුලෑල්ල,අබුබකර් මුහම්මදු ඉන්ෆාස්- පත්‍ර ... |
"විජයදාසගෙන් මැ.කො.ට පැමිණිල්ලක්" | "පැෆරල් සංවිධානය විසින් තෝරාගත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් පමණක් ප්‍රවර්ධනය කිරීමට සැලසුම්කර ඇති ප්‍රසිද්ධ විවාදයට එරෙහිව කටයුතු කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරණයට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් තරග කරන හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් එම පක්ෂයේ මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමුකර ඇත.එම පක්ෂය... |
"මන්කිපොක්ස් මරණ ඉහළ යයි" | "අප්‍රිකානු රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින වඳුරු උණ හෙවත් මන්කිපොක්ස් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 548 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම වෛරස් රෝගී තත්ත්වයට පුද්ගලයින් 16,000ක් පමණ මේ වන විට ගොඳුරු වී ඇති බව වාර්තා වේ. මන්කිපොක්ස් වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සං... |
"තැපැල් ඡන්දදායකයින් ගණන" | "2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයින් 736,589ක් තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.එසේ ඉල්ලුම්කර ඇති ප්‍රමාණයෙන් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇතැයිද පැවසූ ඒ මහතාමෙම මස 26 වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදාළ පත්‍රිකා අදාළ ආයතන වෙත යොමුකරන බව ද සඳහන් කළේය.සැප්තැම්බර් මස ම... |
"ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් අධිකරණයට" | "අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තවත් සිව්දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින සැකකාරියක ඇතුළු සැකකරුවන් 11දෙනා අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යළි රැගෙනවිත් තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ... |
"ජනපති සටනේදී මුදල් වැයකිරීම ගැසට්ටුවේ සදහන්ව ඇති හැටි" | " ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා තරග කරන අපේක්ෂකයෙකු විසින් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැයකළ යුතු වියදම් සීමාව සදහන් කරමින් ඊයේ රාත්‍රියේ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර ඇති වියදම් සීමාව මෙසේය. ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම... |
"ජනපති සටනේදී ITAK සහාය දෙන හැටි" | "එළැඹෙන ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයාට සහාය දක්වන්නේ ද යන්න එම අපේක්ෂකයින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමෙන් අනතුරුව තීරණය කරන බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK)පවසයි.එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ද මෙම තීරණය ගත් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා පැවසුවේය. .එහිදි ජනාධිපතිවරණයේදී සිය පක්... |
"අද කාලගුණය" | "බස්නාහිර, සබරගමුව සහ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එමෙන්ම එම බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද සදහන් කරයි.ම... |
"මැ.කො අද රෑ නිකුත් කරන ගැසට්ටුව" | "මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් එක් ඡන්ද දායකයකු සඳහා සිය මැතිවරණ ව්‍යාපාරයේ දී වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109.00 ක් බව ප්‍රකාශ කරමින් අද මධ්‍යම රාත්‍රියේ දී ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි." |
"කටුනායක සුඛෝපභෝගී බස් සේවාව නවතී" | "කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ආරම්භකළ සුඛෝපභෝගී බස් සේවාව අද සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවතා දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.මෙම සුඛෝපභෝගී බස් සේවාව ඉකුත් 15වැනිදා ආරම්භ විය. එදිනම ඊට ගුවන්තොටුපොළ – කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය විරෝධ... |
"හරින් සහ මනූෂ දැන් ජනාධිපති උපදේශකවරු" | "හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන්ට ජනාධිපති උපදේශක තනතුරු ලබාදී ඇත.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ ලිපි පසුගිය 16 වැනිදා ට අදාළව යොමු කර තිබේ.ඒ අනුව සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුර හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදී ඇත. කම්කරු හා විදේශ රැකියා ජනාධිපති උපදේශක තන... |
"ජනපති අපේක්ෂකයින් හයක් සමග මුහුණට මුහුණ විවාදයක්" | "2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් හය දෙනෙකුගේ සහභාගීත්වයෙන් මුහුණට මුහුණ විවාදයක් ලබන සැප්තැම්බර් මස 07 වැනිදා පැවැත්වීමට සංවිධානය කර ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. මෙම විවාදය සඳහා ජනාධිපති රනිල් ව... |
"ජනපතිවරණයෙන් පසුත් ගෝල්ෆේස් පිටිය විවෘත බව අපේක්ෂකයෙක් පවසයි" | "මෙවර ජනාධිපතිවරණයෙන් කවුරු බලයට පත්වූවත් ගෝල්ෆේස් පිටිය ජනතාවට විවෘත බව ජනාධිපති ධුර අපේක්ෂක සිරිතුංග ජයසූරිය මහතා පවසයි.රට අද පවතින තත්ත්වයට වඩා අසහනකාරී තත්ත්වයකට ඉදිරියේදී පවත්වන බවත් ජීවිතයත් මරණයත් අතර සටනක් රටේ තිබෙන බවත් ඒ මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ සදහා වැඩිම වාර ගණනක් ඉදිරිපත් වූ අපේක්ෂකයා බවට ... |
"චීන සහ පිලිපීන නැව් දෙකක් ගැටේ" | "චීන සහ පිලිපීන වෙරළාරක්ෂක නෞකා දෙකක් අද අලුයම දකුණු චීන මුහුදේ දී එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්ව ඇත.අද අලුයම 3.23ට පමණ මෙම අනතුර සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.පිලිපීන නෞකාව අනවසරයෙන් සිය මුහුදු සීමාව වෙත පැමිණි බවත් ඔවුන්ට අනතුරු සංඥා කිහිපයක් නිකුත් කළද ඒවා නොසලකා හරිමින් සිය මුහුදු සීමාව වෙත පැමිණි බවද චීන වෙරළ... |
"කෝටි දහයක කුෂ් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට" | "තේ ඇසුරුම් කිරීමේ ආයතනයක් ලෙස මාලඹේ පිට්ටුගල කහන්තොට පාර ප්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගංජා වගාවක් බස්නාහිර පළාත දකුණ දිසාව භාර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් වටලා තිබේ.එහිදී අදාළ නිවසේ පහත මහලේ කාමරයක් වායු සමනය කර ගංජා පැළ 174කට ආසන්න ප්‍රමාණයක් වගා කර තිබියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.වැටලීම සිදුකරන ... |
"මැතිවරණ වැඩවලට නොගත යුතු ලකුණු" | "මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කරයි.ඒ අනුව ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.මැතිවරණ කාර්යාල සකස් කිරීමට අදාළ ව නිකුත් කර ඇති චක්‍රලේඛයේ ද මේ සම්බන්ධයෙන් දැනු... |
"අද කාලගුණය" | "බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්... |
"චමරිලා දෙවැනි තරගයත් පරාදයි" | "සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර ඊයේ බෙල්ෆස්ට්හිදී පැවැති දෙවැනි එක් දින ක්‍රිකට් තරගය ලකුණු 15කින් ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 255ක් ලබා ගත්තේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක... |
"දළදා අවසන් රන්දෝලි පෙරහැර අද" | "මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද පස්වරු 6.57ට යෙදෙන සුභ මුහුර්තියෙන් වීදි සංචාරය කිරීමට නියමිත බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බංඩාර මහතා පවසයි.ඉන්දිරාජා ඇතු පිටින් සධාතුක කරඬුව වැඩම කරවනු ඇත." |
"අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන බව අනුර කුමාර පොරොන්දු වෙයි" | "තමා බලයට පත්වූ පසු මහ බැංකුව කොල්ලකෑමට සම්බන්ධ වූ දැනට සිංගප්පූරුවට පැන ගොස් සිටින අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින අනුර කුමාර දිසානායක මහතා අද කිරිබත්ගොඩ නගරයේ දී පැවැති ජන රැළියේදී පැවසීය.තම දේශපාලන වේදිකාවේ මිරිස් කුඩු ගහපු ... |
"ජීවන් කුමාරතුංගගේ සහාය රනිල්ට" | "ප්‍රවීන රංගන ශිල්පී සහ හිටපු අමාත්‍යවරයෙකු වන ජීවන් කුමාරතුංග මහතා මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයකු ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත.ඔහු ඊයේ අනුරාධපුරයේ දී පැවැති ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ මංගල රැළියටද සහභාගී විය." |
"කම්කරු කොංග්‍රසයේ සහාය රනිල්ට" | "මෙවර ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ගෑස් සිලින්ඩරය ලකුණින් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැක්වීමට තීරණය කර ඇත." |
"පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය අනාවරණය කරන්න සජිත් පොරොන්දු වෙයි" | "පාස්කු ප්‍රහාරය ගැන ජනතාව අපේක්ෂා කරන සත්‍ය අනාවරණය කරන්න තමා ඇතුළු සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ සියලු දෙනා සූදානම් බවත් මේ සම්බන්ධයෙන් තමාට පැහැදිලි වැඩපිළිවෙළක් ඇති බවත් එය පාර්ලිමේන්තුවේ පවා සභාගත කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මෙරට කතෝලික ප්‍රජාව ප්‍රමුඛ සමස්ත ජනතාවගේ අපේක්ෂාව වන්නේ ... |
"ජනපති ගෝලිය දකුණේ හඩ සමුළුවේ රාජ්‍ය නායක සැසිය අමතයි" | "ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයකින් යුතුව, ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය දකුණේ හඬ සමුළුවේ තුන්වැනි රාජ්‍ය නායක සැසිය අමතමින් පවසයි.ගෝලිය දකුණේ හඩ සමුළුවේ රාජ්‍ය නායක සැසිය අනුරාධපුර ජනාධිපති මන්දිරයේ සිට ඊයේ මාර්ගගත ක්‍ර... |
"ප්‍රසංග සහ සැණකෙළි වලට පොලිසියෙන් බාධා" | "ප්‍රසංග සහ සැණකෙළි පැවැත්වීමට ජනපතිවරණය අවසන් වනතුරු පොලිසිය අවසර නොදීම හේතුවෙන් රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් සහ මෙම කර්මාන්තය මත යැපෙන ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, වේදිකා නිර්මාණකරුවන් සහ වෙළෙඳුන් ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇතැයි ශ්‍රී ලංකා ප්‍රසංග සැණකෙළි සංවිධායකවර... |
"ඉන්දීය වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමට එරෙහිව විරෝධතා" | " 31 හැවිරිදි පුහුණු ඉන්දීය වෛද්‍යවරියක් රාජකාරිය අතරතුර රෝහල තුළදීම දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් මුල්කරගෙන ඉන්දීය වෛද්‍යවරු ජාතික වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර ඇත. දූෂණය කිරීමෙන් අනතුරුව ඝාතනයට ලක්වූ එම වෛද්‍යවරියකගේ නිරුවත් මෘතදේහය කොල්කටා හි රෝහලක සම්මන්ත්‍රණ ශාලාවක වැටී තිබියදී ඉකුත් 09 වැනිදා හමුවී තිබේ. ඇයගේ සිර... |
"ජැක්සන් ඇන්තනීගේ බිරිඳ සජිත්ට එක්වෙයි" | "සමගි ජන බලවේගය පක්ෂයෙන් ජනාධිපතිවරණයට තරග කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරමින් අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳවන කුමාරි මුණසිංහ මහත්මිය එම පක්ෂයට එක්ව තිබේ.ඒ අනුව ඇය එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයට ද පත්කිරීමට විපක්ෂ නායකවරයා පියවර ගෙන ඇත." |
"ග්‍රාම නිලධාරි වෘත්තිය සටන නතර කරයි" | "ග්‍රාම නිලධාරීන් විසින් ආරම්භ කළ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසයි. ග්‍රාම නිලධාරියා මැතිවරණ නිලධාරියෙක් බැවින් එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය උපරිම දායකත්වය ලබාදීමේ අරමුණෙන් එම තීරණය ගත් බව එහි සම සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේය. ග්‍රාම... |
"චමරිලාගේ තීරණාත්මක තරගය අද" | "සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හිදී පස්වරු 3.15ට ආරම්භ වීමට නියමිතය. දෙරට අතර පැවති පළමු එක්දින තරගයේ ජය අයර්ලන්ත කාන්තා කණ්ඩායම හිමි කර ගත් අතර අද තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් වී තිබේ." |
"නාමල් කිරිවෙහෙරට එයි" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කතරගම පුදබිමට පැමිණ කිරිවෙහෙර රජමහා විහාධිකාරී තලගල ඥානින්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.ඉන්පසු කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත ගොස් පුද පුජා පවත්වා ආශිර්වාද ලබා ගැනීම ද සිදු කළේය." |
"අපයෝජනයට පත් දැරියට තර්ජනය කළ දොස්තරට ඇප" | "තණමල්විල බාලවයස්කාර දැරියක් සමූහ අපයෝජනය කිරීමේ සිද්ධියට අදාල දැරිය වෛද්‍ය පරික්ෂණ සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර සිටියදී දැරියව පරීක්ෂා කළ වෛද්‍ය වරයා විසින් දැරියට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට අදාලව ලද පැමිණිල්ලකට අනුව කොළඹ ළමා ආරක්ෂක අධිකාරීයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු වෛද්‍යවරයා රු... |
"අදත් වැස්ස" | "බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද දිනයේදීත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව පව... |
"වෙනිසියුලා විපක්ෂය ලොව පුරා විරෝධතා ව්‍යාපාරයක" | "වෙනිසියුලාවේ යළි ජනාධිපතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා එරට විපක්ෂ නායක මාරියා කොරිනා මචාඩෝ ලොව පුරා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.සත්‍යය වෙනුවෙන් විරෝධතා ( Protest for truth) නමින් මෙම විරෝධතා ව්‍යාපාරය නම් කර තිබේ.ඉකුත් මාසයේදී පැවති එරට ජනාධිපතිවරණයෙන් ජනාධිපති නිකොලස් මදුරෝ යළි බලයට පත් විය.නමුත් ජනාධිපතිවරයා නිල ඡන්ද ... |
"වසන්කළ තවත් බාල වයස්කාර අතවරයක්" | "තවත් බාලවයස්කාර දැරියකට ලිංගික අතවර සිදුකළ බව කියන පාසල් ගුරුවරයෙකු සහ එම සිදුවීම වසන් කළ බවට චෝදනා එල්ලවූ අදාළ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය මහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද පැමිණිල්ලක් මත මහවෙල පොලීසිය සිදුකළ විමර්ශනයකින් පසු සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.12 හැවිරිදි අදාළ ද... |
"මාලිමාව බලයට පැමිණි පසු පළමු කටයුත්ත අනුර පවසයි" | "ජාතික ජන බලවේගය රජයක් යටතේ පළමු කටයුත්ත ලෙස පාසල් පොත් සහ පාසල් උපකරණ සඳහා දැනට අයකරනු ලබන බදු ඉවත් කරන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද තංගල්ලේදී පැවති ජනපතිවරණ සටනේ පළමු ජන රැළිය අමතමින් පැවසීය.එසේම ඉන්ධන සහ විදුලි ගාස්තු අඩුකරන වැඩ පිළිවෙලක් ද ඉදිරිපත් කරන බව කීවේය.ඔඖෂධ සඳහා බද්දක් අය කරන බවත් එයත් ඉවත... |
"අල්ලසට දුන් මත්පැන් බලපත් අහෝසි කරන බව සජිත් කියයි" | "රටක් ගොඩනගන්න නම් පැහැදිලි වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් රජයක් තුළ ඉහළින් පහළට අදහස් ගලා යාම මෙන් ම පහළින් ඉහළට ද අදහස් ගලා යාමක් සිදුවිය යුතු වුවත් අද රටේ සිදුවන්නේ ඉහළින් පහළට අදහස් ගලා යන චෞර තන්ත්‍රවාදය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද බණ්ඩාරගම දී පැවැති ජනාධිපතිවරණ ජන රැළියක් අමතමින් පැවසීය.එහිදී වැඩිදුරටත... |
"සජිත්ට සහ අනුරට ජනපතිගෙන් අභියෝගයක්" | "ඉන්ධන ගෑස් විදුලිය නැතිව ජනතාව දුක් වින්ද කාලයේ ඔවුන් බේරා ගැනීම සඳහා ඉදිරිපත් නොවී සැඟවී සිටියේ කොහේදැයි යන ප්‍රශ්නයට පිළිතුරු දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී අද(17දා) අභියෝගයක් කෙළේය.රට සහ ජනතාව අමාරුවේ වැටී සිටි මොහොතේ අභියෝගය බාර නොගෙන පලා ගියේ මන්දැයි යන ප්‍රශ්නයට සජිත් සහ අනුර පැහැදිලි පිළ... |
"පොහොට්ටුව මන්ත්‍රීවරයෙක් දුරකථනයට" | "ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් අද අකුරැස්ස හිදී පැවති සමගි ජන බලවේගය පක්ෂයේ ජන රැළියට එක්විය." |
"කැන්බරා හි නි.මහකොමසාරිස්වරියට එරෙහි නඩුව ගැන නිවේදනයක්" | "කැන්බරා නුවර හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරිය වන හිමාලි අරුණතිලක මහත්මිය ට එරෙහිව පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් ලබා දුන් තීන්දුව පිළිබඳව පළ වී ඇති පුවත් වාර්තා කෙරෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ. ඔවුන්ගේ නිල නියෝජන රාජකාරිවලට සහය වීම පිණිස ගෘහ සහායක සහායිකාවන... |
"කළුතර ප්‍රදේශ කිහිපයකට ගං වතුර අවදානමක්" | "කුඩා ඔයේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් ඉදිරි පැය 48 තුළ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව මෙම අවදානම මතුව ඇත්තේ බුලත්සිංහල, පාලින්දනුවර සහ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ප්‍රදේශවලටය. එබැවින් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ... |
"සජබ බේරුවල ආසන සංවිධායක තිලකරත්න ඩිල්ෂාන් ඕස්ට්‍රේලියානු පුරවැසියෙක්" | "සමගි ජන බලවේගය පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් වීමෙ පසු එම පක්ෂයේ බේරුවල සංවිධායක ධුරය ලැබූ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය ලැබූ අයෙක් බැවින් පාර්ලිමේන්තු මැතිවරණයකදී තරග කිරීමේ ගැටලුවක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳ... |
"මාලිමාවේ පළමු ජන රැළිය තංගල්ලේදී" | "ජාතික ජන බලවේගය පක්ෂයෙන් මාලිමාව ලකුණ යටතේ මෙවර ජනාධිපතිවරණයට තරග කරන අනුර කුමාර දිසානායක මහතාගේ පළමු ජන රැළිය අද පස්වරුවේදී තංගල්ල නගරයේ දී පැවැත්වේ." |
"ජනපතිගේ ජනපතිවරණ මංගල රැළිය අනුරාධපුරයේදී" | "2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු ජන රැළිය අද පස්වරුවේදී අනුරාධපුරය සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. " |
"සජබ ජන රැලි දෙකක් අද" | "සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ තවත් දැවැන්ත ජන රැලි දෙකක් අද පැවැත්වේ.ඒ අනුව, අද පෙරවරුවේ බණ්ඩාරගම නගරයේදීත් පස්වරුවේදී අකුරැස්ස නගරයේදීත් එම ජන රැලි පැවැත්වෙනු ඇත.සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සංවිධායකවරුන්, පාක්ෂිකයින් ඇතුළු විශාල ප... |
"ටිකල් පාරේ වාහන ධාවනය අද සිට වෙනසක්" | "බොරැල්ල පොලිස් වසමේ පාර්ලිමේන්තු පාර මොඩ්ල්ෆාම් හන්දිය සහ ඩී.එස්.සේනානායක හන්දිය අසල ටිකල් පාර ආසන්නයේ ගිලා බැස ඇති මාර්ගය අද සිට යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරන බව කෙළඹ නගර සභාව මහ ජනතාවට දැනුම් දී සිටියි.අද සිට දින 20ක පමණ කාලයක් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ගතවිය හැකි බව සදහන් කරයි.ඒ අනුව එම මාර්ගයට ඇතුළු ව... |
"නාය යෑමේ අනතුරු අඟවයි" | "පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක තුනක් සඳහා අද පස්වරු 7.30 දක්වා පූර්ව නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය, නාගොඩ, යක්කලමුල්ල යන ප්‍රදේශ සඳහාත් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, මතුගම මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප... |
"මෛත්‍රී ගෙන් විශේෂ නිවේදනයක්" | "මෙවර ජනාධිපතිවරණයේදී තමා කිසිදු අපේක්ෂකයකුට සහාය නොදීමට තීරණය කර ඇතැයි හිටපු ජනාධිපතිවරයකු වන මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.එබැවි තමා සම්බන්ධයෙන් ප්‍රචාරය වන විවිධ තොරතුරු අසත්‍ය බව ද සදහන් කරයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වන බැවින් තවම පක්ෂයේ සභාපතිවරය... |
"අදත් තද වැස්ස" | "ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය අද (17) දිනයේදී තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවල අද දිනයේදීත් විටින් විට ... |
"ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවයක්" | "ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී ප්‍රවාහන යාත්‍රා සේවයක් කන්කසන්තුරේ සිට ඉන්දියාවේ නාගපට්ටිනම් දක්වා ආරම්භ කර ඇත.ශිවගනගායි නමින් ඊයේ සිට ආරම්භ කර ඇති මෙම මගී ප්‍රවාහන යාත්‍රා සේවය ඉන්ශ්‍රී නැමැති පෞද්ගලික යාත්‍රා සේවය විසින් මෙහෙයවනු ලබයි.නාගපට්ටිනම් සිට කන්කසන්තුරය දක්වා පැය 04ක කාලයකදී මගීන් 50ක් එකවර ප්‍රවාහනය කළ හැ... |
"අයර්ලන්තයට කඩුලු 03ක ජයක්" | "සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ බෙල්ෆාස්ට් හිදී පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු 03කින් ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.ජයග්‍රහණය සඳහා ලකුණු 261ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම පන්දු වාර 49.2කදී කඩුලු 07ක් දැවී ජයග්‍රහණය තහවුරු කර ගත්තාය.එහිදී ඔර්ලා ප්... |
"විශ්මිගේ ශතකයත් සමග ශ්‍රී ලංකාව 260/08" | "සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට 18 හැවිරිදි විශ්මි ගුණරත්න අද සමත් විය.ඒ අයර්ලන්තයට එරෙහිව බෙල්ෆාස්ට්හි පැවැති පළමු එක්දින තරගයේදීය.මේ සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවක වන චමරි අතපත්තු හැරෙන්නට එක්දින තරගයක දී ශතකයක් රැස්කළ පළමු ක්‍රීඩිකාව බවට පත් වීමට ද විශ්මි ගුණරත්න සමත් වුණි.අයර්ලන්ත කණ්ඩායමට ... |
"නිරෝෂන් දික්වැල්ලට ක්‍රිකට් තහනමක්" | "ලංකා ප්‍රිමිය ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අතරතුර තහනම් උත්තේජක භාවිතා කර ඇති බවට තහවුරු වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු සියලුම ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කිරීම අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත." |
"නිරෝෂන් දික්වැල්ලට යළිත් චෝදනා" | "ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු වී තිබේ. 2024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය අතරතුර සිදුකළ තහනම් උත්තේජක පරීක්ෂණයකදී ඒ බව හෙළිවී ඇත." |
""ගෑස් සිලින්ඩරය ,ලන්තෑරුම,ටයරය සමග තරගයට එන ස්වාධීන අපේක්ෂකයෝ"" | "මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරග කරන සරත් ෆොන්සේකා මහතාට හිමිව ඇති ඡන්ද ලකුණ වන්නේ ලන්තෑරුමය.2010වසරේදී ඒ මහතා ජනාධිපතිවරණයට තරග කළේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂය යටතේ හංසයා ලකුණෙනි.හිටපු ක්‍රීඩා ඇමැති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ද මෙවර ස්වාධීන අපේක්ෂයෙක් ලෙස පළමුවරට ජනාධිපතිවරණයකට තරග ක... |
"“පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට අත්සන් තබයි" | "දේශපාලන පක්ෂ සහ සන්ධාන 34 කින් සමන්විත “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට අත්සන් තබනු ලැබුයේ දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නොව සියලුදෙනා එක් කර ගනිමින් රටේත්, ජනතාවගේත් අනාගතය ගොඩනැඟීම වෙනුවෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.මෙම සම්මුතියට අත්සන් තැබුයේ එදා ආර්ථික අභියෝගය හමුවේ බැහැ කියා පැන ගිය පිරිස... |
"කාන්තාවක් වවුනියාවේදී අඹ ගෙඩියක් ලක්ෂ දෙකකට මිලදී ගනී" | " වවුනියාවේ කෝවිලක පැවති මංගල්ලයෙන් පසුව දෙවියන්ට පූජා කරණ ලද අඹ ගෙඩියක් වෙන්දේසියේ විකිණූ අවස්ථාවේදී එම අඹ ගෙඩිය රුපියල් දෙලක්ෂ අසූපන් දහසකට කාන්තාවක් විසින්මිලට ගෙන තිබේ.එම මංගල්ලය හා දේව පූජාව පවත්වන ලද්දේ වවුනියාවේ උක්කුලාන්කුලම ශ්‍රී සිත්ති වින්යාර් කෝවිලේදීය.කෝවිලේ උත්සවයට තුන් දහසක පමණ බැතිමතුන් පිරිසක් සහභාගී ව... |
"තායිලන්තයට ළාබාලතම අග්‍රාමාත්‍යවරියක්" | "තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාලක පේයු තායි පක්ෂයේ පෙටොන්තාර්න් ෂිනවත්‍රා එරට පාර්ලිමේන්තු විසින් පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.37 හැවිරිදි ඇය තායිලන්තයේ හිටපු අගමැතිවරියක වන තක්ෂින් ෂිනවත්‍රා මහත්මියගේ දියණියකි.මේ අනුව තායිලන්තයේ ළාබාලතමඅග්‍රාමාත්‍යවරිය බවට පෙටොන්ගතාර්න් ෂිනවත්‍රා පත්ව තිබේ.හිටපු අග්‍රාමාත්‍ය... |
"සජිත් මල්වතු අස්ගිරි නාහිමිවරු බැහැදකී" | "ජනාධිපතිවරණයට තරග කරන සමගි ජන බලවේගය පක්ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ මල්වතු අස්ගිරි නාහිමිවරු බැහැ දැක ආශීර්වාද ලබා ගත්තේය. ඉන්පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා පැවසූවේ සමගි ජන බලවේගය රජයක් තුළ කිසිදා මත්පැන් යුගයක් නිර්මාණය නොකරන බවත් සූදුවට නැවතීමේ තිත තබන බවත්ය." |
"මහින්ද සහ නාමල් සිරිමා බෝ සමිදු වන්දනා කරති" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අද උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදා ආශිර්වාද ලබාගෙන ඇත. අනතුරුව මහා සංඝරත්නය වෙනුවෙන් දානමය පිංකමක් ද සංවිධාන කර තිබේ." |
"වෙල්ගම සහ ෆවුසි රනිල්ට" | "මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ ඒ.එච්.එම් ෆවුසි යන මහත්වරු තීරණය කර ඇත." |
"පොලිස් වෙඩි පහරින් වන අලියෙක් මරුට" | "රාජා, නමින් හඳුන්වන වයස අවුරුදු 35ක් පමණ වූ එක් ඇසක් නොපෙනෙන බවට විශ්වාස කරන වනඅලියෙකුට පොලීසිය විසින් සිදුකළ වෙඩිතැබීමකින් එම වනඅලියා මියගොස් ඇති බව වනජීවි නිලධාරීන් පවසයි. දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ බකමූණ දමනයාය දම්පුර ප්‍රදේශයේදී මෙම වනඅලියා ඊයේ රාත්‍රියේ මහමග ගමන් කරමින් සිටියදී වෙඩිවැදී මියගොස් තිබේ. බකමූණ පොලී... |
"වැස්ස යළි වැඩි වෙයි" | "දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද සහ හෙට බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවද එම නිවේදනයේ සඳහන් කර ඇත. එම නිවේ... |
"දෙවැනි පාසල් වාරය අදින් අවසන්" | "රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 වසරේ දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.ඒ අනුව රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය අදින් අවසන් වී තෙවන පාසල් වාරයේ පළමු අදියර ලබන 26 වැනිදා සඳුදා ආරම්භ කරන බව ද අධ්‍යාපන අමාත්‍යංශය... |
"වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට" | "අද අලුයම ශ්‍රී පුර ප්‍රදේශයේ දී සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ඝාතනයට ලක්වී ඇතැයි පොලීසිය පවසයි.එම වෙඩිතැබීම සිදුකර තිබුණේ ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දියේදී ය.යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි.මෙම වෙඩිතැබීමෙන් තුවාල ලද 26 හැවිරිදි ප... |
"ජනපති සටන ගැන ගීතා නොසතුටින්" | "මෙවර ජනාධිපතිවරණය සඳහා කාන්තා නියෝජනයක් නොතිබීම ගැන තමා කනගාටු වන බව ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.එය හබලක් නැති ඔරුවක් හා සමාන බවද ඇය සදහන් කළාය.පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ද සියයට 06කට අඩු කාන්තා ප්‍රතිශතයක් යැයි ද කීවාය. මේ සම්බන්ධයෙන් තමා කනගාටු වන බව ද රාජ්‍ය අමාත්‍ය ගීත... |
"‘මංකිපොක්ස් ‘ ස්වීඩනයට පනී" | "අප්‍රිකානු මහද්වීපයෙන් පිටත වාර්තා වූ ප්‍රථම මංකිපොක්ස් රෝගියා ස්වීඩනයෙන් වාර්තාවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රභේදය වේගයෙන් ව්‍යප්ත වන බවට හඳුනාගෙන ඇත.අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රදේශ කිහිපයක පැතිරයන ‘එම්පොක්ස්’ හෙවත් ‘මංකිපොක්ස්’ වසංගතය ලොව අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධ... |
"බස් වර්ජනයක්" | "කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා ක්‍රියාත්මක වන පරිදි අද උදෑසන ආරම්භ කළ නව සුඛෝපභෝගී බස් රථ සේවාවට විරෝධය පළකරමින් ගුවන්තොටුපොළේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන සුඛෝපභෝගී බස් රථ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබේ.මෙහිදී එම බස් රථ සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර ම... |
"සයිබර් මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුදා ගනී" | "මියන්මාරයේ සයිබර් අපරාධ සම්බන්ධ මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසුව සිටි ශ්‍රී ලාංකිකයින් 20 දෙනකු මුදා ගැනීමට හැකිවූ බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති විජයන්ති එදිරිසිංහ මහත්මිය ඊයේ මෙම මුදාගත් පිරිස හමුවී ඇත. එහිදී ඇය ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ සුබ සාධන කටයුතු සම්බන්ධව සොයා බලා ඇතැයි ද ව... |
"ජනක රත්නායකගෙන් අල්ලස් ගත් දෙදෙනෙක් රිමාන්ඩ්" | "2024 ජනාධිපතිවරණයට තරග කරන ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට ඊයේ සවස අත්අඩංගුවට ගත් එම පක්ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා මෙම මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය. එම සිද්ධිය සම්බන්ධයෙන්... |
"ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂයකට නාමයෝජනා අමතකවේ" | "ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වන ලිබරල් පක්ෂයේ ප්‍රධානින්ට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පළාත් පාලන ආයතන මැතිවරණය සදහා නාමයෝජනා අවසන් වන දිනයට පෙර භාර දීමට නොහැකි වීම හේතුවෙන් එම පක්ෂයේ ඉදිරිපත් වීමට සිටි 100 කට අධික අපේක්ෂකයින් පිරිසකට මැතිවරණ යට තරග වැදීමේ අවස්ථාව අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.ලිබරල් ප... |
"78 වැනි ඉන්දීය නිදහස් දින සැමරුමක් කොළඹදී" | "ඉන්දියාවේ 78 වැනි නිදහස් දිනය වෙනුවෙන් සැමරුම් උළෙලක් අද පෙරවරුවේ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේදී පැවැත්විණි.ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිදහස් සැමරුම් උළෙල සංවිධානය කර තිබුණි." |
"ජනපති සටනට රනිල් ගෑස් සිලින්ඩරයෙන්" | "2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ලකුණ ලබාදී ඇත.මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් එකඟත්වය පළ කර තිබේ.ඒ අනුව සමගි ජන බලවේගය පක්ෂ... |
"ජනපති සටනට සුදුසුකම් ලැබූවෝ" | "2024 වසර ජනාධිපතිවරණය සඳහා තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් 39 දෙනාගෙන් සුදුසුකම් ලැබූ අපේක්ෂයින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක මහතා ප්‍රකාශ කළේය.ඔවුන් මෙසේය.රනිල් වික්‍රමසිංහ,සජිත් ප්‍රේමදාස,අනුර කුමාර දිසානායක,සරත් ෆොන්සේකා,නාමල් රාජපක්ෂ,දිලිත් ජයවීර,ඒ.එස්.පී. ලියනගේ,විජයදාස රාජපක්ෂ,... |
"අපේක්ෂකයෝ 39 දෙනෙක් නාමයෝජනා භාරදෙති" | "ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් 40 දෙනාගෙන් 39 දෙනෙක් නාමයෝජනා භාරදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක මහතා ප්‍රකාශ කළේය.නාමයෝජනා භාරගැනීම අද පෙරවරු 11.00ට අවසන් විය.පෙරවරු 11.30 දක්වා විරෝධතා කාලය සඳහා වෙන් කර ඇතැයි ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය." |
"රනිල්ගේ සහායට තවත් සජබ මන්ත්‍රීවරයෙක්" | "සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එම් වේලු කුමාර් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇත. ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්විය." |
"කැබිනට් ඇමැතිධූර තුනක් ජනපති යටතට" | "හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අය දැරූ ඇමැතිධූර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍ය ධූර ජනාධිපතිවරයා යටතට ගෙන තිබේ." |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.