Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"නාමයෝජනා භාරදීම ඇරඹේ" | "2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීම මේ වනවිට රාජගිරිය පිහිටි මැතිවරණ කොමිෂන්සභා ප්‍රධාන කාර්යාලයේදී ආරම්භවී ඇත.මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනකු මුදල් ඇප තැන්පත් කර තිබේ.එම පිරිස අතරින් දිලිත් ජයවීර,ඒ.එස්.පී ලියනගේ,නුවන් බෝපගේ,සරත් ෆොන්සේකා සිරිපාල ගම්ලත් යන අපේක්ෂකයින් මේ වන විට නාමයෝජනා භාරදෙනු ලැබූහ." |
"දළදා මාළිගයේ රන්දෝලි පෙරහැර අද සිට" | "ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද වීදි සංචාරය කරයි.මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර පසුගිය 10 වැනිදා සිට ඊයේ (14දා) දක්වා වීදි සංචාරය කෙරුණි.අද දිනයේ සිට රන්දෝලී පෙරහැර වීදී සංචාරය සිදුකෙරෙන අතර අවසන් රන්දෝලී පෙරහැර 19 වැනිදා රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී දළදා මාළිගාවේ ප්‍ර... |
"මැ.කො අසල අද පෙරවරුවේ වාහන ගමන් කරන හැටි" | "ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීම අද රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිත බැවින් අද උදෑසන 8.00 සිට පස්වරු 2.00 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය නිවේදනය කරයි.ඒ අනුව පොල්දූව දෙස සිට සහ නාවල පාරෙන් කොළඹට ඇතුළු වන සියලුම වාහන සාමාන්‍ය පරිදි වැලිකඩ හන්දියට පැමිණ එතැන් සිට ආයු... |
"රටවල් තුනක ඉල්ලීම් ඉරානය ඉවත දමයි" | "ටෙහෙරානයේ දී හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනයෙන් පසු ඊශ්‍රායලයට එරෙහි එහි තර්ජනය නතර කරන ලෙස ප්‍රංශය, ජර්මනිය සහ එක්සත් රාජධානිය කළ ඉල්ලීම් ඉරානය ප්‍රතික්ෂේප කර තිබේ. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සහ බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ත... |
"රිෂාඩ්ලා සජිත්ට" | "ඉදිරි ජනාධිපතිවරණයට සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර ඇත .අද එම කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස්වී මෙම තීරණය ගෙන තිබේ." |
"දෙවැනි T20 ජය අයර්ලන්තයට" | "සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමත් විය.ඊයේ (13දා) පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණි.ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්... |
"අතාවුල්ලා ගේ සහාය රනිල්ට" | "ජාතික කොංග්‍රසයේ නායක දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇත. දේශප්‍රේමී ජන බලවේගය පක්ෂයේ නායක සුගත් හේවාපතිරණ මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිත පිරිසක් ද ජනාධිපති රනිල් වික්‍රමසිං... |
"ජනපති අපේක්ෂකමට ජනක රත්නායකගෙන් අල්ලස් ඉල්ලූ පිරිසක් අත්අඩංගුවට" | "එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් තමාගෙන් ඉල්ලා සිටියේය යැයි මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා කළ පැමිණිල්ලකට අනුව එම පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. එම පක්ෂයෙන් ජනාධ... |
"කමිඳු සහ ජෙෆ්රිට එංගලන්තයට යන්න වීසා ලැබේ" | "ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නම්කර සිටින කමිඳු මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩර්සේ වෙත වීසා ලැබීම නිසා ඔවුන් දෙදෙනා හෙට එංගලන්තය බලා පිටත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය 11 වැනිදා එංගලන්තය බලා පිටත් වූ අතර මෙම ක්‍රීඩකයින් දෙදෙනාට වීසා ලැබීම ප්‍රමාද වීම නිසා එදින යාමට නොහ... |
"ආදායම් බදු සංශෝධනට රජයෙන් යෝජනා" | " පසුගිය සමයේ සිදු කළ බදු ප්‍රතිසංස්කරණවලින් පීඩාවට පත් මධ්‍යම මට්ටමේ බදු ගෙවන්නන් සඳහා සහන සැලසීමේ අරමුණින් පුද්ගල ආදායම් බදු මට්ටම සංශෝධනය කිරීමට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෝජනා කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.ඒ අනුව රුපියල් ලක්ෂ 05 සිට (රුපියල් 500,000) සිට රුපියල් හත් ලක්ෂ විසිද... |
"රනිල් නාමයෝජනා පත්‍රයට අත්සන් කරයි" | "ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14දා) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී අත්සන් තබනු ලැබිණ." |
"තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කෙරේ" | "තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් ව ධුරයෙන් ඉවත් කිරීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ. එරට විනිසුරුවරයෙකුට අල්ලස් දීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිරගතව නිදහස් වූ නීතිඥවරයෙකු කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කිරීම හේතුවෙන්ය." |
"ලිංගික අතවර සිද්ධිය වසන් කළ විදුහල්පති ඇතුළු පිරිසට ඇප" | "තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 16 හැවිරිදි ශිෂ්‍යාවකට පාසල් ශිෂ්‍යයින් පිරිසක් ලිංගික අතවරකිරීමේ සිද්ධිය වසන්කිරීමේ චෝදනාව මත අත්අඩංගුවටගත් විදුහල්පතිවරයා ඇතුළු සිව්දෙනා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප මත මුදාහැර ඇත.වැල්ලවාය මහේස්ත්‍රාත් චතුර ඊ. දිසානායක මහතා වෙත ඉදිරිපත් කරන ලදුව එක් අයෙකු ර... |
"බෙන් ස්ටොක්ස්ට ශ්‍රී ලංකා තරගාවලිය අහිමිවේ" | "එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස්ට එළැඹෙන ශ්‍රී ලංකා -එංගලන්ත ටෙස්ට් තරගාවලිය අහිමි වී තිබේ.ඔහුගේ වම් පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙම තරගාවලිය අහිමි වී ඇති අතර ඔහු වෙනුවට එංගලන්ත කණ්ඩායමේ නායකත්වය ඔලි පෝප් ට පවරා ඇත. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය අගෝස්තු 21 වනදා මැන්චෙස්ටර් හිදී පැවැත්වීමට නියමිතය... |
"පාඨලී සජිත් සමග සන්ධාන ගතවේ" | "එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට තීරණය කර ඇත. ඒ සඳහා එම පෙරමුණ සමගි ජන සන්ධානය සමග සන්ධාන ගත වීම අද තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී සිදු විය." |
"නව සන්ධානය පුටුවට නගී" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශවය සහ නව සන්ධානය අද (14දා) පොදුජන එක්සත් පෙරමුණ ලෙස සන්ධානගත විය.ඒ ුනුව එම සංධානයේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාට පිරිනැමුණු අතර එහි මහ ලේකම් ලෙස ලසන්ත අලගියවන්න මහතා ද භාණ්ඩාගාරික ලෙස චාමර සම්පත් මහතාද පත්කර තිබුණි.එහිදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින්... |
"පාසල් දෙවන වාරයේ නිවාඩුව අනිද්දා" | "2024 වර්ෂයේ රජයේ සහ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එම පාසල්වල දෙවන පාසල් වාරය අගෝස්තු 16 වන සිකුරාදා දින අවසන් වන අතර තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 26 වන සඳුදා ආරම්භවීමට නියමිතය." |
"වැඩ බලන පොලිස්පති කෙනෙක් ඉල්ලා පෙත්සමක්" | "වැඩ බලන පොලිස්පතිවරයෙකු පත්කරන ලෙස ජනාධිපති වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (14දා) ඉදිරිපත් විය. නීතිඥ ආර්.එස්.පී. රණසුරිය මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා නීතිපතිවරයා නම් කර තිබේ." |
"ඇප භාර ගැනීම අවසන්-40ක් ඇප බැඳලා" | "2024 ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් භාර ගැනීමේ කටයුතු අද (14දා) දහවල් අවසන් වු අතර ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇත. පිළිගත් දේශපාලන පක්ෂ 20ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන අපේක්ෂකයින් ලෙස පුද්ගලයින් 17 දෙනෙකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා අද දහවල් වන විට ඇප මුදල් ත... |
"ජනක රත්නායකත් ඇප බඳී" | "එක්සත් ලංකා පොදුජන පක්ෂය වෙනුවෙන් මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අතර ඒ මහතා වෙනුවෙන් අද (14දා) ඇප තැන්පත් කරනු ලැබීය. එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් නිහාල් ප්‍රේම කුමාර දේශප්‍රිය විසින් ජනක රත්නායක මහතා වෙනුවෙන් ඇප තැන්පත් කරනු ලැබීය." |
"තැපැල් ඡන්ද ප්‍රකාශ කරන දින" | "2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කරන දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑලට භාරදීමමෙම මස 26 වැනිදා සිදුකරන බව එම කොමිසම සඳහන් කරයි. තැපැල් සලකුණු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා වෙන්කර ඇත්තේ සැප්තැම්බර් 4 වැනිදාය. ම... |
"ජයතිස්ස රණවීර රනිල්ට" | "හිටපු අමාත්‍යවරයෙකු වන ජයතිස්ස රණවීර ජනපති සටනේ දී වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ වෙත සහය පළ කිරීමට එක්ව තිබේ.ඒ මහතා රත්නපුර කොළොන්න ආසනය නියෝජනය කරමින් දිගු කලක් දේශපාලනයේ නියැලුණු අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඔහු අමාත්‍යවරයෙක් ලෙසද කටයුතු කරනු ලැබීය. " |
"උසස් නිලතල පිළිබඳ කාරක සභාවෙන් පත් කිරීම් රැසක්" | "නව තානාපතිවරයන් හය දෙනෙක්, මහ කොමසාරිස්වරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් සහ ව්‍යවස්ථාපිත ආයතන සභාපතිවරයෙක් පත්කිරීමට පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය ලබා දී තිබේ. ඒ අනුව ඉන්දුනීසියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එස්.ඒ.පී.පී. සේරම් මහත්මියගේ නමද කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා... |
"තිලකරත්න ඩිල්ශාන්ගේ සහාය සජිත්ට" | "ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ශාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ." |
"ඇප තැන්පත් කිරීම අද දහවල් 12න් අවසන්" | "මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (14දා) දහවල් 12න් අවසන් කිරීමට නියමිතව ඇත. ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම හෙට (15) පෙරවරු 09ට ආරම්භ කිරීමට නියමිත එදින අතර පෙරවරු 11 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකිරීමට නියමිතය." |
"නාමල්ට ඇප තැන්පත් කරයි" | "ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා අද පෙරවරුවේ මැතිවරණ කොමිසම වෙත පැමිණි ඇප මුදල් තැන්පත් කර ඇත." |
"මෙවර ජනාධිපතිවරණය ලැබුණු හැටි ජනපති පැහැදිලි කරයි" | "2022 ජූලි මාසයේදී රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීම හේතුවෙන් තම ඡන්දය භාවිතා කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට රටේ ජනතාවට අවස්ථාව ලැබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ශ්‍රී ජයවර්ධනපුර විශේෂ මෙහෙයුම් විධානය විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමිනි. ඇතැම් පිරිස් උත්... |
"අද සවස වැසි ඇද හැලේ" | "බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකිය.මධ... |
"වතු සේවක පඩි වැඩි කරන ගැසට්ටුව නිකුත් කරයි" | "වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට අදාළ ගැසට් නිවේදනය පඩි පාලක සභාවේ සභාපති එච්. කේ. කේ. ඒ. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත. එම ගැසට් නිවේදනයට අනුව තේ වතු කම්කරුවකුගේ දෛනික වැටුප 1,350 ලෙස එහි සඳහන්ය. එම වැටුප සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් ගෙවීම්වලට යටත්ව සිදු... |
"නාමල්ගේ ගොං තීරණයක් එස්.බී පවසයි" | "ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ගනු ලැබූවේ ගොං තීරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.එනිසා අවසන් මොහොතේ හෝ ඔහු ජනපති සටනින් ඉවත් වුවහොත් එය බුද්ධිමත් තීරණයක් බව ද ඒ මහතා සඳහන් කරයි.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තු මන්ත්... |
"විෂ වායුවකින් දෙදෙනෙක් මරුට" | "රසායනික ද්‍රව්‍ය කිහිපයක් මිශ්‍ර කරීමට යාමේදී මාලබේ කහන්තොට පාර ජයන්ති මාවතේ නිවසක් තුළ විෂ වායුවක් ආඝ්‍රාණ වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 65ක සහ 45ක පුද්ගලයන් දෙදෙනෙකි.ඔවුන් දෙදෙනා යම්කිසි රසායන ද්‍රව්‍ය කිහිපයක් මිශ්‍ර කිරීමට යාමේදී මෙම විෂ වායුව ආඝ්‍රාණ වී තිබේ. එහිදී ඇතිවූ හුස්ම... |
"රාජිත රනිල්ට" | "ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට කලුතර දිස්ත්‍රික් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.ඊට අදාල ගිවිසුම් ගතවීම අද සවස කොළඹ ගංගාරාම විහාර සීමා මාලකයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි ." |
"කෙටි පණිවිඩයකින් රුපියල් ලක්ෂ 40ක් වංචා කරයි" | " මෝටර් රථයක් හා ස්ටර්ලින් පවුම් 875 , 000 ක ත්‍යාග මුදලක් ලැබී තිබෙන බවට කාන්තාවකගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලබා දී රුපියල් හතලිස් පන් ලක්ෂ තිස් දහසක මුදලක් වංචා කිරීම සම්බන්ධව අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 02 අධිකරණයේ මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය නියම ... |
"රනිල්ගේ සහායට හෙට නව සන්ධානයක්" | "වාමාංශික සහ දක්ෂිණාංශික දේශපාලනය එකතු කරමින් ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සඳහා නව සංධානයක් හෙට බත්තරමුල්ල වෝටස් ඒජ් හෝටලයේදී එළිදකින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.මෙම සංධානයේ මහලේකම් ධුරය සඳහා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නම යෝජනා කර ඇතැයිද ඒ මහතා... |
"කෝටි හතරක රන් බිස්කට් අත්අඩංගුවට" | "රුපියල් හාර කෝටි හතලිස් ලක්ෂයක් පමණ වටිනා රත්‍රං බිස්කට් 16ක් නීති විරෝධී ලෙස රැගෙන ආ ව්‍යාපාරිකයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොල හිදී අත්අඩංගුවට ගෙන ඇත.මොහු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ව්‍යාපාරිකයෙකි." |
"නුවන් බෝපගේ වෙනුවෙන් ඇප බඳී" | "ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත. එසේ ඇප මුදල් තැන්පත්කර ඇත්තේ එම පක්ෂයේ විධායක කමිටු සාමාජික ධර්මසිරි ලංකාපේලි මහතා විසිනි.ඒ අනුව ජනාධිපතිවරණය සඳහා මේ දක්වා අපේක්ෂකයින් 34 දෙනෙක් සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ." |
"බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම පෞද්ගලික සමාගමකට" | "ශ්‍රී ලංකා තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම සඳහා STARLINK ලංකා පෞද්ගලික සමාගමට අදාළ බලපත්‍රය නිකුත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පැවසුවේ, එම සමාගමට විදුලි සංදේශ සේවා සැපයීමේ බලපත්‍රය අගෝස්තු 12 වැනිදා ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ බවය." |
"පොහොට්ටුව තවත් මන්ත්‍රීවරයෙක් රනිල්ට" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර ඇත. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයාට සහාය පළ කරන බව ඔහු පවසා තිබේ. " |
"අමු ඉගුරු ආනයනය කරයි" | "දේශීය වෙළෙඳ පොළේ ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇති ඉගුරු මිල සලකා බලා ඉදිරි මාස 03ක කාලය සඳහා අමු ඉගුරු මෙට්‍රික් ටොන් 3,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් අදියරගතව මෙම ඉගුරු ආනයනය කරනු ලබයි. ඊට අදාල කැබිනට් පත්‍රිකාව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහ... |
"වතු සේවකයින්ටත් අස්වැසුම" | "ලයින් කාමරවල ජීවත්වන වතු සේවක පවුල් ද අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට දායක කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.ඒ අනුව ලැයින් කාමරවල ජීවත් වන වතු සේවකයින් එක් පවුල් ඒකකයක් ලෙස නොසලකා පවුල් වල සත්‍ය සංඛ්‍යාව සැලකිල්ලට ගෙන කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට ... |
"ජල ගාස්තු අඩු කිරීමට කැබිනට් අනුමැතිය" | "විදුලි ගාස්තු අඩුකිරීම සහ ඉන්ධන සහ රසායනික ද්‍රව්‍ය මිල අඩුවීම මත ජල ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.ඒ අනුව සමෘද්ධිලාභීන් සහ නාගරික වතු ජනාවාස හැර ගෘහස්ථ කාණ්ඩයේ ජල ගාස්තුව සියයට 07කින් අඩු කිරී්මට යෝජනා කර තිබේ.රජයේ රෝහල් සඳහා සියයට 4.5ක් ද පාසල් සහ පුණ්‍ය ආයතන සඳහා 6.3කින් ද අඩු කිරීමට යෝජනා කර ඇත. ම... |
"නාමල්ගේ සහායට රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල්" | "ජනාධිපති සටනට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට සහාය පලකරන බව වරාය සහ නාවික කටයුතු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි." |
"දිලිත්ට ඇප මුදල් තැන්පත් කරයි" | "2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන දිලිත් ජයවීර මහතා වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව හමුවේ අද ඇප මුදල් තැන්පත් කර ඇත.වෛද්‍ය ජී.වීරසිංහ මහතා විසින් මෙම ඇප මුදල් තැන්පත් කර තිබේ." |
"හිරුණිකාට මුස්ලිම් කොංග්‍රසයේත් සහාය" | "සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් හිස් වූ මන්ත්‍රී ධුරයට වඩාත් සුදුසු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යැයි යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ජනාධිපති නීතිඥ හිෂාම් කාරියප්පර් මහතා පවසයි එම මන්ත්‍රී ධුරය තම පක්ෂය ඉල්ලා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ද ඔහු සඳහන් කරයි.ජාකිත ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ හරීන් ප්‍රන... |
"ත්‍රිමාණ ක්‍රමයට නිවාස මුද්‍රණය කරයි" | "ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් ආධාරයෙන් නිවාස 100ක් ඉදිකිරීම ඇමෙරිකාවේ අයිකොන් මුල්කන් නැමැති සමාගම සමත්ව තිබේ.ටෙක්සාස් ප්‍රාන්තයේ මෙම නිවාස ඉදිකර ඇත.වර්ග අඩි 1500ත් 2000ත් අතර ප්‍රමාණයේ නිවාස ඉදිකර තිබේ.එක් නිවසක වටිනාකම ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 04ත් 06ත් අතර වේ.අඩි 45ක් පළල ටොන් 4.75ක් බර ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් ආධාරයෙ... |
"ට්‍රම්ප්ව හැක් කිරීම ගැන FBI සොයයි" | "ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනේ රිපබ්ලිකන් අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ මැතිවරණ වෙබ්අඩවිය ඉරාන හැකර්වරුන් ගේ ග්‍රහණයට හසු වීම සම්බන්ධයෙන් ඇමෙරිකානු බුද්ධි අංශය (FBI ) විමර්ශන ආරම්භ කර ඇත.ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ ද වෙබ්අඩවියට මෙම හැකර් කරුවන් ඇතුළු වී ඇතැයි වාර්තාවේ." |
"සිංහල සිනමාව පෝෂණය කළ නිෂ්පාදක සහ අධ්‍යක්ෂවරයෙක් දිවි සැරිය නිමා කරයි" | "ප්‍රවීන චිත්‍රපට නිෂ්පාදකවරයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වූ ඇලරික් ලයනල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.දශක හතරකට වැඩි කාලයක් සිංහල සිනමාවට නව නිර්මාණ දායාද කිරීමට දායක වූ ඒ මහතා 1978 වසරේ දී අනූපමා චිත්‍රපටය නිෂ්පාදනය කරමින් සිනමාවට එක් විය.ක්‍රිස්තු චරිතය, රන්දම්වැල්,මැවිලා පෙනේවි රූපේ,දළුලන ගිනි, සෙනෙහසින් පෑවා,ආදර ... |
"වතු දෛනික වැටුපට පඩි පාලක සභාවේ අනුමැතිය" | "වතු සේවකයින්ගේ දෛනික වැටුප ලෙස රුපියල් 1700ක් ලබාදීමේ තීරණය අද (12දා) පඩි පාලක සභාවේ දී සම්මත වී තිබේ. වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් එහිදී ඡන්ද විමසීමක් ද පවත්වා ඇති අතර වැටුප් වැඩි කිරීමට පක්ෂව 14 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර ඇති අතර වතු සමාගම් තුනක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ." |
"ජූලි මාසයේ ක්‍රීඩිකාව චමරි" | "ජූලි මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තෝරාගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය." |
"පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දෙකක් පුරප්පාඩුවී ඇති බව දැනුම් දේ" | " මනූෂ නානායක්කාර සහ ගරු හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අහෝසි වීම හේතුවෙන් මන්ත්‍රී ධුර දෙකක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා තිබේ. සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානා... |
"විදේශ ඇමැතිට තවත් ඇමැති ධුරයක්" | "විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා අද අධිකරණ , බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍යවරයා ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.එම කැබිනට් අමාත්‍ය ධුරය දැරූ විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඉවත්වීම නිසා ඇතිවූ පුරප්පාඩුව සඳහා මෙම දිවුරුම් දීම සිදු කර... |
"රොෂාන් රණසිංහ ඇප තියයි" | "ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් අද (12දා) පෙරවරුවේදී ඇප තැන්පත් කර තිබේ. ඒ මහතාගේ ඥාති පුත්‍රයෙකු වන ආලෝක රණසිංහ මහතා විසින් එලෙස ඇප මුදල් තැන්පත් කර ඇත." |
"වතු ප්‍රජාව වෙනුවෙන් සජිත් ගිවිසුම් අත්සන් කරයි" | "වතු ජනතාව සවිබල ගැන්වීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උඩරට හා පහතරට වතු ප්‍රජාව වෙනුවෙන් ප්‍රඥප්තියක් අත්සන් කරනු ලැබීය. මෙම ප්‍රඥප්තිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා, පලනි දිගම්බරම් මහතා සහ එම්. උදයකුමාර යනාදී වතු ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්සන් තබන තැබූහ." |
"අනුර කුමාර නාම යෝජනා අත්සන් කරයි" | "ජාතික ජන බලවේගය පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක මහතා අද සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තබා ඇත.පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද පෙරවරුවේ ඊට අත්සන් තැබීම සිදු කර තිබේ. " |
"හරීන්ගෙන් සජිත්ට යෝජනාවක්" | "තම මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමග හිස්වූ සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා හැකිනම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පත්කරන ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියි.එසේ තමා කරනු ලබන යෝජනාව ඉටු කළහොත් බාහිර පුද්ගලයින්ගේ බලපෑම් වලට යට නොවී කෙලින් තීරණ ගැනීමට හැකි අ... |
"සමහර ජනපති අපේක්ෂකයින් ට පවුලේ අයගේ ඡන්දවත් නැහැලු" | "සියයට පහකවත් ඡන්ද ප්‍රතිශතයක් නැති අය ජනාධිපතිවරණයට තරග කිරීම ජාතික අපරාධයක් යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.මෙවර ජනාධිපතිවරණයට තරග කරන පිරිස ඉහළ ගොස් තිබෙනවා. නමුත් ප්‍රධාන අපේක්ෂකයින් දෙතුන්දෙනා හැරෙන්නට අනෙක් අපේක්ෂකයින්ට අඩුම තරමින් සියයට දෙකකවත් ඡන්ද පදනමක් නැහැ. සමහරුන්ට තමන්ගේ ... |
"අයර්ලන්තයේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ පළමු ජය වාර්තා කරයි" | "සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ පැවැති පළමු විස්සයි 20 තරගය කඩුලු 07කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව අයර්ලන්ත කණ්ඩායමට ලබා දුනි. ඒ අනුව අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු... |
"ඇමෙරිකාව එකවී ඔලිම්පික් නිමාවේ" | "ප්‍රංශයේ පැරිස් නුවර පැවති 2024 ඔලිම්පික් උළෙල ඊයේ නිමාවට පත් වූයේ පදක්කම් සටහනේ පළමු තැන ඇමෙරිකාවට හිමි වෙමිනි.ඇමෙරිකාව රන් පදක්කමක් 40ක් රිදී පදක්කම් 44ක් සහ ලෝකඩ පදක්කම් 42ක් සහිතව පදක්කම් 126ක් හිමි කර ගැනීමට සමත් විය.දෙවැනි ස්ථානය චීනයට හිමි විය.ඔවුන් රන් පදක්කමක් 40ක් රිදී පදක්කම් 27ක් සහ ලෝක පදක්කම් 24ක් සමග පද... |
"අරගලය පසුපස ඇමෙරිකාව ඇති බව ශෙයික් හසීනා පවසයි" | "තමා බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය පිටුපස ඇමෙරිකාව සිටින බවත් රැඩිකල්වාදී කණ්ඩායම් වලට හසුනොවන ලෙස බංග්ලාදේශ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විරෝධතා හමුවේ ධුරයෙන් ඉල්ලා අස්වූ බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පවසයි.බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ බලය තහවුරු කරගැනීම සඳහා ශාන්ත මාර්ටින් දූපත් ප්‍රදේශයේ ස්වෛරීත්වය ඇමෙර... |
"රොෂාන් රණසිංහත් ජනපති සටනට" | "ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.අද කොළඹදී පැවැති උත්සවයකදී ඒ බව හෙළි කළේය." |
"ඩකා නුවර යළි විරෝධතා" | "ශිෂ්‍ය ව්‍යාපාරවලට මුවාවීම ඇතැම් පිරිස් සිදු කරන ප්‍රහාරවලින් තමන් ආරක්ෂා කරන්නැයි බලකරමින් සුළුතර හින්දු ප්‍රජාව ඩකා අගනුවර ඇතුළු කලාප කිහිපයක දැවැන්ත විරෝධතා ආරම්භ කර තිබේ.සුළු ජාතීන්ට හිංසා කරන අයගේ නඩු විභාග කඩිනම් කිරීම සඳහා විශේෂ විනිශ්චය මණ්ඩලයක්, සුළු ජාතීන්ට පාර්ලිමේන්තුවේ ආසනවලින් සියයට 10ක් වෙන්කිරීම වැනි ඉ... |
"අද රෑට අහස බලන්න" | "පියවි ඇසට දැකගැනිමට හැකි උල්කාපාත වර්ෂාවක් අද මධ්‍යම රාත්‍රියෙන් පසු උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසයි.perseus තාරුකා රාෂිය ආසන්නයේ එම උල්කාපාත වර්ෂාව දිස්වීම හේතුවෙන් එම උල්කාපාත වර්ෂාව perseus ලෙස නම්කර ඇතැයිද ඔහු සදහන් කරයි. ජුලි මස මැද සිට අගොස්තු මස මැද භාගය දක්වා එම උල්කාපාත වර්ෂා... |
"කොළඹ වරායේ නැවක හදිසි ගින්නක්" | "අද අලුයම කොළඹ වරායේ JCT 4 ජැටියේ නැංගුරම් දමා තිබූ නැවක හදිසි ගින්නක් ඇතිවී තිබේ. වරායේ ගිනි නිවන අංශය විසින් එම ගින්න සාර්ථකව මැඩ පැවැත්වීමට පියවර ගත් බවත් මේ වනවිට සම්පූර්ණයෙන්ම ගින්න නිවා දමා ඇතැයි වරාය අධිකාරිය පවසයි. ස්විට්සර්ලන්තයේ ජිනීවාහි නෞකා සමාගමට අයත් මෙම MSC Captown නෞකාව සිංගප්පූරු වරායේ සිට කොළඹ වරායට ප... |
"ආචාර්ය ජයම්පති වික්‍රමරත්නත් සජිත්ට" | "ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් වාමාංශික පෙරමුණ තීරණය කර ඇත." |
"ග්‍රාම නිධාරීන් වෘත්තීය සටනක් අරඹයි" | " ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන ග්‍රාම සේවක නිලධාරීන් හෙට සිට විරෝධතා සතියක් ආරම්භ කරන බව පවසයි. ඒ අනුව හෙට සහ අනිද්දා සේවයෙන් ඉවත් වීමට ද කටයුතු කරන බව සඳහන් කරයි. ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව පැවසීය." |
"නාමයෝජනා භාරගන්නා දින මැ.කොට දැඩි ආරක්ෂාවක්" | "2024 ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගන්නා ලබන 15 වැනිදා රාජගිරිය පිහිටි මැතිවරණ කොමිෂන්සභාව අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යෙදවීමට තීරණය කර ඇත.ඒ අනුව ඩ්‍රෝන කැමරා,ස්නයිපර් තුවක්කුකරුවන් සහ පන්දහසකට ආසන්න පොලිස් නිලධාරීන් යෙදවීමට යොජනා වී ඇත. මැතිවරණ කොමිෂන් සභාවේ දී ඉකුත් 09 වැනිදා පැවති නාමයෝජනා දින ආරක්ෂක සැලසුම පිළිබඳ සාක... |
"ඔළිම්පික් උළෙලේ චීනය පෙරමුණේ" | "2024 පැරිස් ඔළිම්පික් උළෙලේ පෙරමුණ ගැනීමට චීනය සමත්වී ඇත.අද වන විට චීනය රන් පදක්කම් 39ක් රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 24ක් ලබා සම්පූර්ණ පදක්කම් සංඛ්‍යාව 90ක් හිමිකර ගෙන සිටී.ඇමෙරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 38ක් රිදී පදක්කම් 42ක් සහ ලෝකඩ පදක්කම් 42ක් සහිතව පදක්කම් 122ක් ලබාගෙන දෙවැනි ස්ථානයේ පසුවේ.ඔස්ටේ්‍රලියාව ර... |
"රිය අනතුරකින් සොහොයුරන් දෙදෙනා මරුට දරුවන් දෙදෙනාට තුවාල" | "ත්‍රීවිල් රථයක් හා කැබ් රථයක් ඊයේ සවස පමණ මස්කෙළිය බ්‍රවුන්ලෝ ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීවීල් රථයේ ගමන් කරමින් සිටි එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගොස් ඇත.මෙසේ මිය ගොස් ඇත්තේ නල්ලතන්නිය මරේ තේ වතුයායේ වලදල කොටසේ පදිංචිව සිටි 65 හැවිරිදි වේළු සෙල්වනායගම් සහ 50 හැවිරිදි ... |
"ගනේමුල්ල සංජීව නිසා වැඩ තහනම් වූ ජේලර්" | "බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින දරුණු ඝනයේ අපරාධකරුවකු වන ගනේමුල්ල සංජිව නැමැත්තා වෙනත් සිරකුටියකට මරුකරණ ලෙස බන්ධනාගාර අධිකාරිවරයා විසින් ලබාදුන් නියෝගය ප්‍රතික්ෂේප කිරිම සම්බන්ධයෙන් බුස්ස බන්ධනාගාරයේ ජේලර්වරයකුගේ වැඩ තහනම් කිරිමට කටයුතු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ( පුනරුත්ථාපන) ගාමිණ... |
"සුදර්ශනී සජිත්ට" | "ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය පවසයි. ඇය ඒ බව පැවසුවේ අද උදෑසන කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි." |
"අද කාලගුණය" | "ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට අද මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළ... |
"මාලිමාවේ පොරොන්දු 26දා පවසයි" | "ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණයට අදාල මැතිවරණ ප්‍රකාශනය මෙම මස 26 වැනිදා එළිදක්වන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඇඹිලිපිටියේ දී ඊයේ සවස පැවති ජන රැලියකදී ඔහු ඒ බව සඳහන් කළේය." |
"පක්ෂ තුනක ප්‍රබලයින් තිදෙනෙක් රනිල් ගේ සහායට" | "සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග කළ, හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා , ලංකා ජාතික එක්සත් පෙරමුණ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක යන මහත්වරු ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ... |
"ගිනි අවි සමග හත් දෙනෙක් අත්අඩංගුවට" | "රාජගිරිය ප්‍රදේශයේදී අවිආයුධ සමග පුද්ගලයින් 07 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අද සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී T56 ගිනි අවියක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, T56 ජීව උණ්ඩ 300ක්, මිලිමීටර් 9 පතොරම් 50ක් ද සොයාගෙන තිබේ." |
"අරගලකරුවන්ගේ බලපෑමට බංග්ලාදේශ අගවිනිසුරු ඉල්ලා අස් වෙයි" | "බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ඔබයිදුල් හසන් මහතා ඉල්ලා අස්වීමට එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඒ, බංග්ලාදේශයේ අරගලකරුවන්ගෙන් එල්ලවූ දැඩි බලපෑම් හමුවේ ය.අරගලකරුවන් බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය වටකරගෙන විරෝධතාවයේ නිරත වෙමින් අගවිනිසුරුවරයා ට වහාම ඉවත් වන ලෙස බලපෑම් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි." |
"සුමන්තිරන් සහ නාමල් හමුවෙති" | "දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ එම්. ඒ. සුමන්දිරන් මහතාගේ කොළඹ පිහිටි නිවසේදී පැවැත්විණි.එම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ද සහභාගිවිය.වත්මන් දේශපාලන තත... |
"වතු සේවක වැටුප් වැඩි කිරීමට ජනපති සැරසෙයි" | "වතු සමාගම් 7ක් සේවකයන්ට දිනකට රු:1,700ක වැටුපක් ලබාදීමට එකඟවී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඒ අනුව ලබන සඳුදා වැටුප් මණ්ඩලය කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කරන බවත් අවශ්‍යතා අනුව ඊට අදාළ විශේෂ නීති සම්පාදනය කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු සංගම් සහ තරුණ නා... |
"මැ.කො හොර වෙබ්අඩවියක්" | "මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර ඇති බවට ලැබී ඇති තොරතුරු අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසා සිටියි.එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණගල මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බ... |
"කැලණි ගඟේ මළ සිරුරක්" | "ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලඟ පැරණි පොළ අසල කැලණි ගඟේ නාඳුනන මළ සිරුරක් හමුවී තිබේ. මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත. ඔහු වයස අවුරුදු 45ත් 50ත් අතර වූ පිරිමි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි." |
"ශ්‍රී ලංකා මහජන පක්ෂයත් රනිල්ට" | "ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත.අද පෙරවරුවේ කුරුණෑගල වැව රවුම මහ ගෙදර හෝටලය පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න සභාපති ඇල්ෆඩ් රාමනායක ,ජ්‍යෙෂ්ට උපසභාපති සමීර සේනානායක ,භාණ්ඩාගාරික ගාමිණි වීරසිංහ, ... |
"රටට ආදරය කරන ජනපති අපේක්ෂකයින් ට මැ.කොගෙන් පණිවුඩයක්" | "ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකු සඳහා රුපියල් කෝටි 20ක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි විශ්වාස කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. දැනට අපේක්ෂකයින් 27දෙනකු ඉදිපත්ව සිටිති.එක් අපේක්ෂකයෙක් වැඩිවූ විට අඩුම තරමින් රුපියල් මිලියන 200ක් ( රුපියල් කෝටි 20ක් )පමණ වියදම වැඩි වන බවද ඒ මහතා ස... |
"ගුවන් අනතුරකින් 61ක් මරුට" | "බ්‍රසීලයේ මගී ගුවන් යානයක් අනතුරකට ලක්වීමෙන් එහි ගමන් ගත් 61දෙනාම මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.සාවෝ පාවුලෝ හි ගුවන් තොටුපල දක්වා අද පෙරවරුවේ එරට වේලාවෙන් පෙරවරු 11.00ට පමණ පියාසර කරමින් තිබූ මෙම ගුවන් යානය හදිසියේ ම නිවාස සංකීර්ණයක් ආසන්නයේ භූමියකට ගොඩ බෑමට උත්සාහා කර තිබේ.එහිදී ගුවන් යානය අනතුරට ලක්ව ගිනි ... |
"හරින්ගේ අසුනට තුන් කොන් සටනක්" | "හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගය පක්ෂයෙන් නෙරපීම සමග හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තුන් කොන් සටනක් මතුව ඇතැයි වාර්තාවේ.හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සුජීව සේනසිංහ සහ අජිත් පී පෙරේරා යන අය මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉල්ලීම් කර තිබේ." |
"ශානිගේ ආරක්ෂාව ගැන අධිකරණයට පොරොන්දුවක්" | "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට දැනට ලබාදී තිබෙන ආරක්‍ෂාව ලබන 29 වැනිදා තෙක් ඒ ආකාරයෙන්ම බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. තමන්ට ලබා දී තිබෙන ආරක්ෂාව තර කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් ඉදිරිපත් කළ ... |
"ජනපති සටනට දැන් 27ක්" | "ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට නව සමසමාජ පක්ෂය වෙනුවෙන් වෘත්තිය සමිති නායක ප්‍රියන්ත වික්‍රමසිංහ , අපේ ජනබල පක්ෂය වෙනුවෙන් ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න සහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එම්.තිලකරාජා යන මහත්වරු වෙනුවෙන් අද දිනයේ ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මේ දක්වා ඇප තැන්පත් කර ඇති අපේක්ෂක... |
"බංග්ලාදේශ අන්තර්වාර ආණ්ඩුවේ ඇමැතිවරු නැහැ" | "හිංසන ක්‍රියාවන් ව්‍යාප්ත වී ඇති බංග්ලාදේශය එක්සේසත් කරන බවට පවසමින් බංග්ලාදේශයේ නව අගමැති මහාචාර්ය මුහමඩ් යුනුස් සහ ඇමැතිවරුන් වෙනුවට උපදේශකයන් 17 දෙනෙකුගෙන් සමන්විත නව අන්තර්වාර ආණ්ඩුව ඊයේ රාත්‍රියේ එරට ජනාධිපති මොහොමඩ් ශහබුද්දින් ඉදිරියේ දිවුරුම් දී තිබේ. බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි ජනාධිපති මැදුරේ පැවති අදාළ දිව... |
"ජනපති සටනට එන හැටි ෆොනී පවසයි" | "තමා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.බත්තරමුල්ල වෝටස් ඒජ් හෝටලයේදී මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.තමා කිසිදු පක්ෂයක අපේක්ෂකයකුට සහාය නොදක්වන බවද කීවේය." |
"සජිත් ජාතික රැකී රක්ෂා ප්‍රතිපත්තියක් ඉල්ලයි" | "පෞද්ගලික අංශයේ රැකියා කරන ප්‍රජාව වෙනුවෙන් ඉටු විය යුතු වගකීම් වහාම ඉටු කරන්නැයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. පෞද්ගලික අංශයේ සේවය කරන සේවක ප්‍රජාවගේ සේවක සුරක්ෂිතභාවය, සේවක රැකවරණය, වේතනය පිළිබඳව පැහැදිලි ක්‍රමවේදයක් රටේ නීති පද්ධතිය තුළ ක්‍රියාත්මක නොවන බවද විපක්ෂ නායකවරයා කීවේය. ආදා... |
"යුක්තිය මෙහෙයුම අඩපණවී ඇතැයි ඇමැති ටිරාන් පිලිගනී" | " පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සිය ධුරයේ රාජකාරි කටයුතු කිරීම වලකාලමින් අධිකරණය නිකුත් කළ නියෝගය නිසා යුක්තිය මෙහෙයුම අඩපණ වී ඇතැයි තමා පිලිගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද එම අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.යුක්තිය මෙහෙයුම සම්පූර්ණයෙන්ම මෙහෙයවනු ලැබුවේ පොලිස්පතිවරයා බවත් අමාත්‍යවරයා කීව... |
"පාස්පෝට් අයැදුම්කරුවන් වෙතටයි" | "දැනට විදේශ ගමන් බලපත්‍ර ලබාගන්නා අයගෙන් සියයට 23ක් එය භාවිතාකර නැති බව හෙළිවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.එබැවින් විදේශ ගමන් බලපත්‍ර අත්‍යවශ්‍ය අය පමණක් සැප්තැම්බර් මාසය අවසන් වනතුරු ඒ සඳහා අයැදුම් කරන ලෙස ඉල්ලා සිටියි.ඔක්තෝබර් මාසයේ සිට නවීන තාක්ෂණික පහසුකම් සහිත නව විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් ක... |
"ශෙයික් හසීනා යළි එන බව ඇගේ පුතු පවසයි" | "බංග්ලාදේශයේ භාරකාර රජය විසින් මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශෙයික් හසීනා යළි එරටට පැමිණෙනු ඇති බව ශෙයික් හසීනාගේ පුත් සජීබ් වසීඩ් ජෝයි විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. බංග්ලාදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීම පිටුපස පාකිස්තානය සිටින බවට ද සජීබ් වසීඩ් විසින් චෝදනා කරයි. රට තුළ නොසන්සුන්කාරී තත්ත්වය ඇති කිරීම ... |
"ෆොනී සජබ තනතුරු අත්හරී" | "පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී තිබේ .ඒ අනුව සජබ කැලණිය ආසනය සංවිධායක ධූරයෙන් ද ඉල්ලා අස්වී ඇත. 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා... |
"මනූෂ වෙනුවට බන්දු ලාල් බණ්ඩාරිගොඩ" | "සමගි ජන බල පක්ෂයේ සාමාජිකත්වය අහෝසිවීම නිසා මන්ත්‍රීධුරය අහිමිවූ කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වෙනුවට එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරග කළ බන්දු ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම මැතිවරණ කොමිසමට යොමුකරන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසය... |
"මනූෂ සහ හරින්ගේ පක්ෂ සාමාජිත්වය අහෝසි බව අධිකරණය තීන්දු කරයි" | "අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කරනු ලැබීය. සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනුෂ නානායකාර සහ හරින් ප්‍රනාන්දු ... |
"රනිල්ගේ සහායටත් සන්ධානයක්" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේ දී සහාය දැක්වීම සඳහා සන්ධානයක් ලබන 14 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.එය පොදු ජන එක්සත් පෙරමුණ විසින් සංවිධානය කරන බවත් ඒ මහතා සඳහන් කළේය." |
"ලෝක ආදිවාසී දිනය අදයි" | "ලෝක ආදිවාසී දිනය අදට යෙදී ඇත.සෑම වසරකම අගෝස්තු මස 9 වැනිදා ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබන්නේ ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම සඳහාය.මෙවර එහි තේමාව වී ඇත්තේ ආදිවාසී සංස්කෘතියේ වෙනස්කම් පිළිබඳව තීරණ ගැනීමට ආදිවාසී තරුණ තරුණියන් නියෝජිතයන් ලෙස හඳුනාගැනීම යන්නය.මෙරට ආදිවාසී ජනයාද දඹාන කොටබ... |
"SDIG රන්මල් ගැන විමර්ශනය කරන්නැයි අධිකරණයෙන් නියෝගයක්" | "කිසිදු හේතුවක් නැතිව ව්‍යාපාරිකයෙකු අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන ලිංගික හිරිහැර කිරීම සහ අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් පිළිබඳව විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නීතිපතිවරයාට නියෝග කර ... |
"ලාල්කාන්ත අත්අඩංගුවට ගන්නැයි අනුර කුමාරත් කියයි" | "රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිරීම වෙනුවෙන් දණ්ඩ නීති සංග්‍රහයේ පවතින නීති ප්‍රකාරව ජාතික ජන බලවේගයේ විධායක මණ්ඩල සභික කේ .ඩී. ලාල්කාන්ත මහතා වහා අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදිය යුතු බව සමගි නීතිඥ සංගමය පවසයි. අරගලය පාර්ලිමේන්තුව දෙසට හැරවීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවට කේ.ඩී. ලාල්කාන්ත මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයට එරෙහිව එ... |
"ජනපති සටනට අද දිනට අපේක්ෂකයින් 24ක්" | "මෙවර ජනාධිපතිවරණය සඳහා අද වනවිට අපේක්ෂකයින් 24 දෙනෙක් මුදල් ඇප තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඉන් 11 දෙනෙකු පිලිගත් දේශපාලන පක්ෂ වලින් වන අතර 12දෙනකු ස්වාධීන අපේක්ෂකයන් ලෙස ද එක් අයෙකු වෙනත් දේශපාලන පක්ෂයකින් ද ඉදිරිපත්ව ඇතැයි සඳහන් කරයි.මෙලෙස අපේක්ෂකයින් ඉහළ යාමෙන් ඡන්ද පත්‍රිකාව A4 කොලයක ප්‍රමාණයෙන් මු... |
"සමගි ජන සන්ධානයේ දුටු එකම වෙනස අනුර කුමාර පවසයි" | "අද ගොඩ නැගුන සමගි ජන සන්ධානය ජාතික ජන බලවේගයට කිසිදු අභියෝගයක් නොවේ යැයි එම බලවේගයේ නායක සහ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසයි.මෙය එකම කට්ටිය යළි යළිත් එකතුවීම සිදුවීමක් පමණක් බවත් සිදුවූ එකම වෙනස සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙම සන්ධානයෙන් ඉවතට ගොස් ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.