Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"අත්‍යවශ්‍ය ඖෂධ හිගය 52ට බසී" | "දැනට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අත්‍යවශ්‍ය ඖෂධ 862ක් හඳුනාගෙන ඇති බවත් ගිය වසර වන විට එම ඖෂධ 250ක හිඟයක් පැවති බවත් කීවේය.නමුත් වර්තමනය වන විට ජාතික මට්ටමේ හිඟතාවක් ලෙස වාර්තා වී ඇත්තේ ඖෂධ 52ක... |
"හිටපු සෞඛ්‍ය ලේකම් සහ අතිරේක ලේකම්ට ඇප" | "ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් තිදෙනෙක් එළඹෙන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අත... |
"ගාසා හි ළමා අරමුදලට ශ්‍රී ලංකාවෙන් ඩොලර් ලක්ෂ පහක්" | "ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ මූලිකඅවශ්‍යතා සැපයීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබා දීම වෙනුවෙන් ජනාධිපති රනිල්වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පිහිටුවන ලද ගාසා හි ළමා අරමුදලවෙත ලැබුණු තවත් ඇමරිකානු ඩොලර් පන්ලක්ෂ අනූදහසක(590,000 ) මුදලක් පලස්තීන රජය වෙත නිල වශයෙන් භාරදීම ජනාධිපති රනිල්වික්... |
"ෂෙයික් හසිනා බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ඉල්ලයි" | "බංග්ලාදේශයේ පැවැති ගැටුම්කාරී වාතාවරණය අතරතුර ඉන්දියාවට පලා ගිය අගමැතිනී ෂෙයික් හසිනා මේ වන විට නවදිල්ලි නුවර ඉන්දීය ගුවන් හමුදා කඳවුරක රැඳී සිටින බවත් ඇය බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ඉල්ලා ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඇය රටින් පලා ගිය පසු ඇයගේ අවාමි ලීගයේ නායකයින් 29 දෙනකු ද ඝාතනයට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.එස... |
"වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට කොළඹ මහාධිකරණයෙනුත් දඩුවම්" | " මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවෙකු වූ නිපුණ් රාමනායක පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා සුලු තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාලව චෝදනා ලැබ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 05 දෙනකුට කොළඹ මහාධිකරණයේ විනිසුරු අමල් රණරාජා මහතා විසින් අද වසර 04ක බරප... |
"ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ ඇමෙරිකාවට" | "පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට අැමෙරිකා එක්සත් ජනපදය සමත් ව සිටී. එහිදී ඔවුන් රන් පදක්ම් 27ක්, රිදී පදක්කම් 35ක් සහ ලෝකඩ පදක්කම් 32ක් ලබාගෙන ඇත.ඒ අනුව ඔවුන් දැනට හිමිකරගෙන ඇති පදක්කම් සංඛ්‍යාව 94කි. පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ චීනයයි.ඔවුන් රන් පදක්කම් 25ක් රිදී පදක්ක... |
"ජනපති සටනට දෙමළ පොදු අපේක්ෂකයෙක්" | "ඉදිරි ජනාධිපතිවරණයසඳහා දෙමළ පක්ෂවලින් ඉදිරිපත් කෙරෙන පොදු අපේක්ෂකයා ලෙස දෙමළ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.අරියනේන්ද්‍රන් මහතා නම් කර ඇත." |
"පවිත්‍රාත් රනිල්ට" | "ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට මහවැලි සහ වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර ඇත." |
"සමගි ජන සන්ධානය එළි දකී" | "ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගොඩනැගෙන සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය එළිදැක්වීමේ උත්සවය මේ වනවිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර පාර්ශවය, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙ... |
"රනිල්ට අගමැතිකම ලද හැටි විජයදාස හෙළිකරයි" | "පසුගිය අරගල සමයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට අගමැතිධූරය භාරගන්නා ලෙස ඉල්ලීමක් කළ බවත් නමුත් පොදුජන පෙරමුණේ පිරිසක් තමාට එම අවස්ථාව අහිමි කළ බවත් හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ සඳහන් කරයි.අනුරාධපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. රට සන... |
"හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් එල්ලුම් ගසින් නිදහස්" | "වැලිකඩ බන්ධනාගාරය තුළ 2012 වසරේදී ඇතිවූ ගැටුම්වලින් සිරකරුවනගේ ඝාතන චෝදනාවලට වරදකරු බවට කෙරුණු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. එම දඬුවමට එරෙහිව විත්තිකාර ළමාහේවා මහතා... |
"හිටපු නි.පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසගේ මරණ දඩුවම් වෙනස් නොවේ" | " 2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පැනවූ මරණීය දණ්... |
"මෙරට ප්‍රථම රූපවාහිනී නිවේදිකාවගේ දිවි සැරිය නිමාවේ" | "මෙරට ප්‍රථම රූපවාහිනී නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.මියයන විට ඇය 80 වැනි වියේ පසු වූවාය." |
"අපි නිදාගත යුතු කාලය" | "එක් එක් වයස් කාණ්ඩ අනුව දෛනිකව නිදාගත යුතු පැය ගණන සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ ඉදිරිපත් කර ඇති බව විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි. ඒ අනුව”උපතේ ඉඳලා මාස තුනක විතර කාලයේ දී පැය 14 – 17ක් පමණ නිදා ගත යුතුයි. මාස 4 සිට අවුරුද්ද දක්වා පැය 12 සිට පැය 16කුත්, අවුරුද්දේ සිට අවුරුදු 2 දක්වා පැය 1... |
"පොලිසිය මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී පුද්ගලයෙක් මරුට" | "සීදූව පොලිස් වසමේ කොටුගොඩ පොලිස් මාර්ග බාධකයේ දී මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේ දී පුද්ගලයෙකු විසින් පොලිස් සැරයන්වරයාගේ ගිනිඅවිය උදුරාගැනීමට උත්සාහ කිරීමේදී ඇතිවූ ගැටුමකින් පුද්ගලයකු මියගොස් ඇත. සීදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සීදූව දෙස සිට පැමිණි මෝටර් රථයක් පරීක්ෂා කිරීමට උත්සාහා කිරීමේදී මෙම සිද්ධ... |
"මාලිමාවේ වත්කම අනුර හෙළිකරයි" | "මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ ජාතික ජන බලවේගය පක්ෂයේ මූල්‍ය වාර්තාවේ රුපියල් මිලියන 83ක් ඇතැයි සඳහන්ව තිබෙන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. මට මතක හැටියට එජාපයට මිලියන 35ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මිලියන 17ක් තියෙනවා. ඒකට හේතුව ඒගොල්ලෝ කළු සල්ලි පාවිච්චි කරන එක. ඔවුන්ගේ ගිණුම්වල මුදල් නැහැ. නමුත් අප... |
"ශ්‍රී ලංකාව වසර 27කට පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගනී" | "ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලකුණු 110කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකින් යුත් තරගාවලියේ තරග දෙකක් ජය ගෙන තරගාවලියද ජයග්‍රහණය කළේය.ජයග්‍රහණය සඳහා ලකුණු 249ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 26.1කදී ලකුණු 138කට සියලු දෙනා දැවී ගියහ.පන්දු යැවීමේදී දුනිත් වෙල්... |
"විපක්ෂයේ දේශපාලන සන්ධානයට අත්සන් තැබීම හෙට" | "සමගි ජන බලවේගය ප්‍රමුඛ කරගත් විපක්ෂයේ පුළුල් දේශපාලන සන්ධානය ට අත්සන් තැබීම හෙට පෙරවරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන උත්සවයකදී සිදු කරනු ලබයි. එහිදී මහාචාර්ය ජී .එල් පීරිස් ප්‍රමුඛ නිදහස ජනතා සභාව ද නිල වශයෙන් එක්වීමට නියමිතය. ඒ අනුව නිදහස ජනතා සභාව නියෝජනය කරමින් එහි නායක මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා සන්ධ... |
"ශ්‍රී ලංකාව 248/07" | "ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද ආරම්භ වූ තුන්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 248ක් රැස් කළේය.අවිශ්ක ප්‍රනාන්දු 96, කුසල් මෙන්ඩිස් 59යි.තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ." |
"මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති අභාවප්‍රාප්ත වෙයි" | "මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති ඒ.ජී.රත්නපාල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඔහු මෙරට බිස්කට් කර්මාන්තය ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත ගෙන යාමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඒ.ජී හින්නි අප්පුහාමි මහතාගේ පුත්‍රයා ද විය.අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව සදහන් කරයි." |
"එංගලන්තට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය" | "එංගලන්තට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 03කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එම සංචිතය මෙසේය. ධනංජය ද සිල්වා – නායක,දිමුත් කරුණාරත්න,නිශාන් මධුෂ්ක, පැතුම් නිස්සංක,කුසල් මෙන්ඩිස් – (උප නායක), ඇන්ජලෝ මැතිව්ස්,දිනේෂ් චන්... |
"ජනපතිට තවත් අමාත්‍යධූරයක්" | " අධිකරණ බන්ධනාගාර හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යධුරයෙන් විජයදාස රාජපක්ෂ මහතා ඉවත්වීම නිසා හිස්වූ එම අමාත්‍යධූර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පවරාගෙන ඇත.ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ." |
"රන්ජන් මඩුගල්ලේ අද සුවිශේෂී ක්‍රිකට් කඩයිමක් පසුකරයි" | "එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 400ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ ලොව පළමු තරග තීරකවරයා ලෙසින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී කඩයිමක් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම තරග තීරකවරයා ලෙසින් සැලකෙන රන්ජන් මඩුගල්ලේ මහතා අද සමත් විය.ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී... |
"ජවිපෙ හිටපු ඇමැතිවරයෙක් සජිත් සමග" | "ජනතා විමුක්ති පෙරමුණ හිටපු ධීවර ඇමැතිවරයෙක්වූ චන්ද්‍රසේන විජේසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජනබල පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට එම පක්ෂය සමග එක්වී ඇත.ඔහු ජනතා විමුක්ති පෙරමුණ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා සමග ජවිපෙන් ඉවත්ව වෙනම දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමටද කටයුතු කළේය." |
"කාසියේ වාසිය ශ්‍රී ලංකාවට" | "ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද පස්වරු 2.30ට කොළඹ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිතය. එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක සමත් විය.ඒ අනුව පළමුව පන්දුවට පහරදීම සඳහා ඔහු තීරණය කළේය." |
"පොහොට්ටුවේ පෙති සහ නැට්ට තියෙන තැන් නාමල් පවසයි" | "රටට තරුණ නායකත්වයක් අවශ්‍ය වන්නේ අභියෝග ඇති මොහොතක යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක සහ එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.ඔහු මේ බව පැවසූවේ අද පෙරවරුවේ නෙළුම් මාවතේ පක්ෂ මූලස්ථානයේදී පැවති ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා වූ උත්සවයේදීය.එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ ... |
"ජනපති සටනේදී රනිල්ට ඇති අභියෝග" | "තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වූයේ කිසිවකු සමග සටන් කිරීමට නොවේ යැයි ද තමා එන්නේ ප්‍රතිපත්ති සමග යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඇත්ත කියලා රට බේරගන්න ලෑස්තිද නැතිනම් බොරු කියල රට අවුල් කරන්නද කියලා අපි හිතන්න ඕනේ. කැමති නම් මට ඡන්දය දෙන්න.මම මේක ඉදිරියට ගෙනියනවා. මම අනෙක් අය වගේ පොරොන්දු දෙන්නේ නෑ. මම කරල... |
"රනිල් සමග ඇති අවුල හර්ෂ පාර්ලිමේන්තුවට හෙළි කරයි" | "තමා දේශපාලනය ඉගෙන ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් යැයිද ඔහු සමඟ කිසිම පෞද්ගලික අවුලක් නැතැයිද සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. එසේම තමා දේශපාලනයට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය. රෝයල් තෝමියන් මැච් එකේදිත් අපි හමුවෙලා හොඳට බ... |
"ක්ලබ් වසන්තලාගේ ඝාතකයින් ගිය බස් රථය හමුවේ" | "සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට පැමිණි ඝාතකයන් පලා ගිය බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී සොයාගැනීමට පොලිසියට හැකිවී ඇත. අපරාධයට අනුබල දුන් සැකකරුවෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පියසේදී අගෝස්තු මස 06 වැනිදා අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී මෙම බස් ර... |
"දයාසිරිලාගේ ‘අත’ සජිත්ට" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පාර්ශවය ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීම සඳහා ගිවිසුම් ගතවීමේ උත්සවය අද පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී ආරම්භ විය.මෙම අවස්ථාවට සජිත් ප්‍රේමදාස සජබ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය,නිදහස ජාති... |
"ට්‍රම්ප් ඝාතන තැතට පකිස්ථානුවෙක් අත්අඩංගුවට" | "හිටපු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ ගැනිමේ සිද්ධියට අදාලව සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවත් එම සැකකරු පාකිස්ථාන ජාතිකයකු බවත් විදෙස් මාධ්‍ය පවසයි. අත්අඩංගුවට ගත් 46 හැවිරිදි සැකකරු ඉරානය සමඟ ද සම්බන්ධයක් ඇතැයි විමර්ශවලදී අනාවරණය වී තිබේ. ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාර එල්ල වූයේ මැතිවරණ රැලියක් අමතමින්... |
"රිෂාඩ්ලා කාටද?" | "හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙම මස 14 වැනිදා පැවැත්වෙන පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ දී තීරණය කරන බව පවසයි.තම පක්ෂය දැනට සමගි ජන බලවේගය පක්ෂය සමග කටයුතු කරන බව ද සදහන් කරයි. " |
"පොහොට්ටුව ජනාධිපති අපේක්ෂක නාමල්" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ. අද පෙරවරුවේ බත්තරමුල්ල නෙලුම් මාවත පිහිටි එම පක්ෂ මූලස්ථානයේ දී පැවැති උත්සවයකදී මෙම නම් කිරීම සිදු කර ඇත.මෙම අවස්ථාවට පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ... |
"අරුණ අවුට්" | "ඊයේ රාත්‍රියේ දී පැවැති පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී 05 වැනි ස්ථානය හිමි කර ගත් ශ්‍රී ලංකාව නියෝජනය කළ අරුණ දර්ශන සිංහපුරගේ මං තීරු නීතිය (TR17.2.3) උල්ලංඝනය කිරීම නිසා තරගයෙන් ඉවත් කර ඇත.එහිදී තත්පර 44. 75ක කාලයක් සටහන් කළ ඔහු මෙම ඉසව්වෙන් දැක්වූ පෞද්ගලික ඉහළම දක්ෂතාවය... |
"හමාස්ට නව නායකයෙක්" | "ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයා ලෙස එම සංවිධානය, යහ්යා සින්වාර් තෝරාගෙන ඇත. හමාස් සංවිධානය ඔවුන්ගේ දේශපාලන අංශ නායකයා ලෙස යහ්යා සින්වාර් තෝරා ගෙන ඇත්තේ එම ධුරයේ කටයුතු කළ ඉස්මායිල් හානියේ ඝාතනය වීමෙන් පසුය.ඉස්මායිල් හානියේ ඝාතනය කළේ ඊශ්‍රායලය බවත්, ඇමෙරිකාවේ ද සහාය ඊට හිමිවුණු බවටත් චෝදනා එල්ල වී... |
"අරුණ 05 වැනියා වෙයි" | "ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.14ට ආරම්භ වූ මීටර් 400 දෙවැනි අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන සිංහපුරගේ තත්පර44.75කින් තරගය අවසන් කර 05 වැනි ස්ථානය හිමි කර ගත්තේය.ඒ අනුව ඔහුට අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි විය.ඔහු සහභාගී වූ වටයේ පළ... |
"ගම්පහ තම්මිට ප්‍රදේශයේ දී ද වෙඩි තැබීමක්" | "ගම්පහ තම්මිට ප්‍රදේශයේදී අද රාත්‍රී කාලයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇත.වෙඩි වැදී ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙකුටය.ඔහු ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.පොලීසිය සඳහන් කළේ ඔහු උඩුගම්පොළ ප්‍රදේශ... |
"ධම්මික පෙරේරාගෙන් විශේෂ ප්‍රකාශයක්" | "තමා ඉදිරි ජනාධිපතිවරණ සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.එය පෞද්ගලික හේතුවක් බව ද ඔහු සඳහන් කරයි.ඒ අනුව පක්ෂ නායකත්වය විසින් වෙනත් අයෙකු ඒ සදහා නම් කරනු ඇතැයිද ඒ මහතා පවසයි.ඇතැම්විට ඔහු පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විය හැක... |
"මාකේවිටදී පුද්ගලයෙකුට වෙඩි තබයි" | "අද රාත්‍රී කාලයේදී ජා-ඇළ පොලිස් වසමේ මාකවිට ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් ඔහු තුවාල ලබා ඇත. වෙඩිකකරුවන් පළාගොස් තිබේ.වෙඩිවැදී ඇත්තේ 43 හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය. ඔහු ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබයි." |
"රනිල් සහ සජිත්ට ගලගොඩඅත්තේ හිමිගෙන් කපු කමක්" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එකට එක්වී එක්සත් ජාතික පක්ෂය යළි ජයග්‍රහණය කරවීමට පියවර ගතයුතු යැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.රට කඩා වැටී ඇත්නම් ජනතාවට හුස්ම ගැනීමට හෝ බැරි මට්ටමක පවතී නම් රටේ දේශපාලඥයන් සියලු දෙනා කළ යුත්තේ එකට එක්වී රට ගොඩ නැගීම මිස එකිනෙකාට චෝදනා එල්ල කර ගැන... |
"පොහොට්ටුව අපේක්ෂකයා හෙට උදේ හතට කියයි" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන සිය අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම හෙට පෙ.ව 7.00 බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී සිදු කරන බව පවසයි.මෙම අවස්ථාවට පක්ෂ නායක මහින්ද රාජපක්ෂ,පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ,පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ,පක්ෂ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ඇ... |
"අතුරුදන්ව සිටි දුම්රිය අංගන සේවකයාගේ සිරුර හමුවේ" | "අතුරුදන්ව සිටි දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයාගේ සිරුර එහි අනාරක්ෂිත ළිඳක තිබී අද පස්වරුවේ සොයාගෙන ඇත.46 හැවිරිදි වියේ පසුවූ ඔහු තාක්ෂණ ශිල්පියෙකු ලෙස සේවය කර ඇත. 46 හැවිරිදි සුජීව කුමාර නැමැති මොහු මාතර ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙකි.මෙම සේවකයා අතුරුදන්වී සිටීම නිසා එහි සෙසු සේවකයෝ සේවා කටයුතු වලින් අද පෙරවරුවේ ඉවත... |
"බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවයි" | "බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත.ඊට අදාල නිවේදනය ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් විසින් අද නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ අතර විපක්ෂ නායිකා කලීඩා ෂියා ඇතුළු සිර දඩුවම් විඳිමින් සිටි එරට විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සියලු දෙනා නිදහස් කිරීමට ද බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් නියෝග කර තිබේ. ජනාධිපතිවරය... |
"නාමල් වෙනුවට දොලවත්ත කාරක සභා තනතුරකට" | " ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී ඇත.එම පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා නම් කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය." |
"විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කරයි" | "රාජ්‍ය සේවයේ පවතින විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට රජය තීරණයකර ඇත.ඒ අනුව 2016 ජනවාරි මස 01 වැනිදා සිට 2020 ජනවාරි මස 01 වැනිදා දක්වා විශ්‍රාම ගන්නා ලද රාජ්‍ය නිලධාරීන්ට අසාධාරණයක් සිදුව ඇති බව නිරීක්ෂණය වී තිබේ. එම වැටුප් විෂමතාව ඉවත් කිරීම තුළින් විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් 83,000කට පමණ සහන ලබාදිය හැකි බව රජය අපේක... |
"ජනපති සටනේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහාය සජිත්ට" | "දෙමළ ප්‍රගතිශීලි සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන පක්ෂවල සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබේ.ඒ අනුව මනෝ ගනේෂන්,පලනි දිගම්බරම්,වී.රාධාක්‍රිෂ්ණන්,එම්.උදයකුමාර් යන මන්ත්‍රීවරු ඇතුළු සාමාජිකයින් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පලකරන බව කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්ව... |
"අනුර කුමාර වෙනුවෙන් ඇප තැන්පත් කරයි" | "ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව හමුවේ සිදුකර ඇත.එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් පැමිණ ඇප මුදල් තැන්පත් කර තිබේ." |
"ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වාසියක්" | "ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙන පොලී අනුපාත වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.ඒ අනුව ඔවුනගේ රුපියල් ලක්ෂ 10ක උපරිම ස්ථාවර තැන්පතු සඳහා සියයට 10ක පොලියක් වසර දෙකක කාලයක් සඳහා ලබාදීමට තීරණය කර ඇත.දැනට ඒ සඳහා ලබා දෙන්නේ සියයට 8.5 පොලියකි.මුදල්,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ... |
"අරුණගේ අවසන් පූර්ව තරගය අද" | "මෙවර ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අරුණ දර්ශන සහභාගී වන තරගය අද රාත්‍රී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.5ට පමණ පැවැත්වීමට නියමිතය. මීටර් 400 ඉසව්වේ මූලික වටයේ 5 වැනි තරගයට සහභාගී වූ අරුණ දර්ශන එහිදී තෙවන ස්ථානය හිමිකර ගත්තේය. එහිදී අරුණ දර්ශන තත්ත්පර 44 දශම 9.9කින් තරගය අවසන් ක... |
"දුම්රිය ගමන්වාර අවලංගුවීමේ අවදානමක්" | "දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයකු අතුරුදන් වූ බව කියන සිද්ධියක් මුල් කරගෙන එහි සේවකයින් සිය සේවා කටයුතු වලින් ඉවත්ව ඇත.මෙම තත්ත්වය නිසා දුම්රිය ගමන් වාර අවලංගුවීම් සහ ප්‍රමාදයන් ඇති විය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි." |
"ජනපති සටනට 17 ක් ඇප බඳිති" | "2024 ජනාධිපතිවරණ සදහා මේ වනවිට අපේක්ෂකයින් 17 දෙනෙකු ඇප තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එසේ ඇප තැන්පත් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ, සරත් කීර්ති රත්න,ඕෂල හේරත්,ඒ.එස්.පී.ලියනගේ, සජිත් ප්‍රේමදාස,පී.ඩබ්ලිව්.එස්.කේ.බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ,කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා,කේ.ආනන්ද කුලරත්න,සරත්... |
"ඇමෙරිකානු ජනපතිවරණය කලු සුදු සටනක් වෙයි" | "මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණය සුදු ඇමෙරිකානුවන් සහ කලු ඇමෙරිකානුවන් අතර සටනක් බවට පත්ව ඇතැයි( battle of the black and white )දේශපාලන විචාරකයෝ පවසති.රිපබ්ලිකන් අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන්නේ සුදු ඇමෙරිකානුවන් බවත් ඩිමොක්‍රටික් අපේක්ෂක උප ජනාධිපති කමලා හැරිස් නියෝජනය කරන්නේ කලු ඇමෙරිකානුවන් බවත් ඔව... |
"බ්‍රිතාන්‍යයේත් කලබල" | "සංක්‍රමණික ජනතාවට එරෙහි විරෝධතා එංගලන්තය පුරා පැතිරයාම සම්බන්ධයෙන් ගතයුතු පියවර සාකච්ඡා කිරීම සඳහා අද (05දා) බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයේදී විශේෂ හමුවක් කැඳවා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.සංක්‍රමණික ජන කොටස් වලට එරෙහිව සති අන්තයේ එරට ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවති අතර එහිදී පොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇතිකරගත් 150 දෙනෙ... |
"ඩකා ගුවන් තොටුපල වසයි" | "රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන්ගේ කලහකාරී හැසිරීම් නිසා බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපල තාවකාලිකව වසා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.බංග්ලාදේශ හමුදාව පවසන්නේ ගුවන් තොටුපල පැය 06කට වසා දමා ඇති බවය." |
"ගංගාරාම පොඩි හාමුදුරුවෝ දැයෙන් සමුගනිති" | "අපවත්වී වදාළ කොළඹ ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඥානිස්සර හිමියන්ගේ (පොඩි හාමුදුරුවෝ) ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව අද සවස විහාරයට නුදුරින් පිහිටි පිටියේ දී සිදු කෙරිණි.මහා සංඝරත්නය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්... |
"තැපැල් ඡන්ද අයදුම්පත් කාලය දික් කරයි" | "ඉදිරි ජනාධිපතිවරණ සදහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මෙම මස 09 වැනිදා මාධ්‍ය රාත්‍රිය දක්වා දීර්ඝ කර ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.එම අයැදුම් පත් භාරගැනීම අදින් අවසන් වීමට නියමිතව තිබුණි." |
"බංග්ලාදේශ අගමැති ඉන්දියාවට පැන යයි" | "බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරන බව එරට හමුදාපතිවරයා පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.ඒ එරට අගමැතිනී, ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉවත්වී ඉන්දියාවට පළායාම හේතුවෙනි.හමුදාපති ජෙනරාල් වෙකර් උස් – සමාන් පවසන්නේ, විරෝධතා පවත්වන සිසුන් දැන් සිය නිවෙස් වෙත යා යුතු බවය. මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ හසීනා සහ ඇයගේ ස... |
"ඩයනා ගමගේට එරෙහි පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ" | " අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනු තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05දා) තීන්දු කළේය. පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අතර අදාළ ප... |
"බංග්ලාදේශ අගමැතිනි රටින් පළා යයි" | "බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ සිය ධුරයෙන් ඉවත් වීමට අගමැතිනිය පියවර ගෙන ඇත. මේ වනවිට ඇය බංග්ලාදේශයෙන් පළා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. මේ වනවිට විරෝධතාකරුවන් අගමැති නිල නිවසට කඩා වැදී තිබේ." |
"ක්‍රිකට් කණ්ඩායමෙන් පොඩි හාමුදුරුවන්ට අවසන් ගෞරව" | " අපවත්වී වදාල හුණුපිටිය ගංඟාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගලබොඩ ඥානීස්සර නාහිමියන්ට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට පැමිණඅවසන් ගෞරව දැක්වීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සහ අනෙකුත් පුහුණුකරුවන් වන උපුල් චන්දන, තිළිණ කණ්ඩම්බි, ජෙහාන් ම... |
"ෆොන්සේකා ඇප බඳී" | " මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද (05දා) ඇප මුදල් තැන්පත් කර තිබේ. ධම්මික රත්නායක මහතා විසින් මීට සුළු වේලාවකට පෙර එම ඇප මුදල් තැන්පත් කර ඇත." |
"ජවිපෙ මන්ත්‍රී ජනපති සටනට" | "ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ මහතා ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති කේන්ද්‍රය වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර ඇත.ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද වේ. ඒ අනුව මේ දක්වා ඇප මුදල් භාරදී ඇති මුළු අපේක්ෂකයින් සංඛ්... |
"පුවක් ගණන් උස්සයි" | "පුවක් ගෙඩියක මිල මේ දිනවල වෙළද පොළේ රුපියල් 20කින් පමණ වැඩිවි ඇති අතර මෙම තත්ත්වය නිසා බුලත් විට වෙළදුන් ගැටළු රැසකට ලක්ව ඇති බව ඔවුහු පෙන්වා දෙති. ගාල්ල සහ ඒ අවට ප්‍රදේශවල මේ දිනවල පුවක් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 22ක මිලකට වන අතර මෙම තත්ත්වය නිසා බුලත් විටක මිල රුපියල් 60,70 දක්වා වැඩි වි ඇත. පුවක් අස්වැන්නේ හිගයක්... |
"ලොව වේගවත්ම මිනිසා නූලෙන් දිනයි" | "ලොව වේගවත්ම මිනිසා බවට පත්වෙමින් මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාවේ නෝවා ලයිල්ස් සමත් විය. පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් තරගය මෙරට වේලාවෙන් ඊයේ (04දා) රාත්‍රියේදී පැවති අතර එහිදී නෝවා ලයිල්ස් තරගය අවසන් කිරීම සඳහා තත්පර 9.784ක කාලයක් වාර්තා කළේය. මෙහි රිදී පදක්කම දිනාගත් ජැමෙයිකා... |
"ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ" | "ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 03කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන එංගලන්ත සංචිතය එරට විසින් නම් කර ඇත. තරග තුනකින් යුත් ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ මස 21වැනිදා මැන්චෙස්ටර්හිදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා තරගාවලිය සඳහා නම්කළ එංගලන්ත සංචිතය පහත පරිදිය- බෙන් ස්ටෝ... |
"හෂාන් සහ බිරිඳ සජබයට බැට් කරයි" | "ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු නායකයකු වන හෂාන් තිලකරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය හා එක්විය. තිලකරත්න මහතා බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලබනු අතර අප්සාරි තිලකරත්න මහත්මිය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැඳවුම්කරු ලෙස කටයු... |
"ශ්‍රී ලංකාවට ලකුණු 32 සුපිරි ජයක්" | "ජෙෆ්රි වැන්ඩර්සේගේ අතිවිශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32ක සුපිරි ජයක් හිමිකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද රාත්‍රියේ අවසන් වූ මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 241ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය පිතිකරුවන්ට පන... |
"ශ්‍රී ලංකාව 240/09" | "සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 තුළදී කඩුලු 09ක් දැවී ලකුණු 240ක් රැස්කර ගත්තේය.දුනිත් වෙල්ලාලගේ පන්දු 35කින් ලකුණු 39ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී වොෂින්ටන් සුන්දර් ලකුණු 30... |
"අතුරුදන්ව සිටි තලවකැලේ වතුයායක සිසු සිසුවියන් පිරිස හමුවේ" | "තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට්වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ ඉකුත් මස 14 වැනිදා සිට අතුරුදන්ව සිටි පාසල් සිසුවියන් තිදෙනා සහ සිසුවා ගාල්ල මීටියාගොඩ ප්‍රදේශයේ නවාතැන්පොළක සිටියදී අද පොලිස් භාරයට ගෙන ඇත. මෙම සිවුදෙනා මීටියාගොඩ ප්‍රදේශයේ කුරුඳු සකස් කරන කර්මාන්ත ශාලාවක රැකියාවකට ගොස් ඇති බවත් එම සිසු සිසුවියන් අවුරුදු 14... |
"සර්වජන බලය සන්ධානයෙන් ජනපති සටනට දිලිත් ජයවීර" | "සර්වජන බලය සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස දිලිත් ජයවීර මහතා ඉදිරිපත් වන බවට අද එම සන්ධානයේ ජාතික සමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ප්‍රකාශයට පත් කළේය.එම සමුළුව අද සවස සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විනි." |
"හකීම්ලා සජිත්ට" | "ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බල පක්ෂ නායක සහ ජනාධිපති අපේකෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර ඇත.එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය පක්ෂ නායක රාවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තිරණය ගෙන තිබේ. " |
"පාර්ලිමේන්තු මාර්ගයේ මාරක රිය අනතුරේ පුද්ගලයෙක් රිමාන්ඩ්" | "පාර්ලිමේන්තු මාර්ගයේ ඊයේ සිදු වූ මාරක රිය අනතුරකින් තරුණයකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියට අදාල මෝටර් රථයේ ගමන් ගත් අයෙක් අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 06 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකළ බව තලංගම පොලිසිය පවසයි. මියගිය තරුණයා වයස අවුරුදු 16 ක අයෙක් වන අතර මෝටර් රථයේ අධික... |
"මාලිමාව රජයකින් අබාධිතවූවන්ට සලකන හැටි" | "ජාතික ජන බලවේගය රජයක් යටතේ ආබාධ සහිත අය වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරන බව එහි නායක සහ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.මෙම ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගන්න ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදැක්වීම අපේ රටේ විශේෂ අවස්ථාවක් බවත් තමා නියෝජනය කරන්නේ ශාරීරික ආබාධිත සහිත දරුවන් සම්බන්ධයෙන් බවත් ඔහු සඳහන්... |
"උරුමය වැඩසටහන මැ.කො තාවකාලිකව නතර කරයි" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක උරුමය ඉඩම් ඔප්පු ලබාදීමෙි වැඩසටහන ජනාධිපතිවරණය අවසන් වන තුරු තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.ජනාධිපතිවරණයෙන් පසු නැවත මෙම වැඩසටහන ආරම්භ කිරීමට හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි." |
"රෝහිත අබේගුණවර්ධන රනිල්ට" | " ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇත. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.රට මේ ඉදිරියට යන ගමන ජනතා විමුක්ති පෙරමුණට මේ රට ද... |
"සර්වජන බලය ජනාධිපතිවරණ අපේක්ෂකයා නම්කිරීම අද" | "සර්වජන බලය ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමේ ජාතික මහා සම්මේලනය අද සවස 2.30ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.මෙහිදී සර්වජන අපේක්ෂාව ප්‍රකාශයට පත්කිරීමද සිදුකිරීමට නියමිතය.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල සහ මව්බිම ජනතා පක්ෂ නායක දිලිත් ජයවීර යන මහත්වරුද සහභාගී වෙති." |
"කුවෙට්හි දී අත්අඩංගුවට ගත් කලාකරුවන් නිදහස් කරයි" | " කුවෙට්හි දී පසුගිය 2 වනදා අත්අඩංගුවට ගත් ඉන්ද්‍රචාපා ලියනගේ, සමනලී ෆොන්සේකා, ජොලි සීයා සහ උපේකා නිර්මාණි ඇතුළු 26 ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් 24 දෙනෙකු නිදහස් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත එම පිරිස ඊයේ රාත්‍රී කාලයේ නිදහස් කර ගැනීමට හැ... |
"අද අලුයම වෙඩි තැබීම් වැලක්" | "අද අලුයම සිදුකළ වෙඩිතැබීම් කිහිපයකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.පොලීසිය ප්‍රකාශ කළේ අලුයම 2.45ට පමණ අම්පාර, නාමල්ඔය ප්‍රදේශයේ නිවසක දී වෙඩිතබා පොලිස් නිලධාරියෙකු ඝාතනය කර ඇති බවය.මෙලෙස මියගොස් ඇත්තේ කරාඬුගල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි. ඉඟිනියාග... |
"පොලිස් නිලධාරීහු දෙදෙනෙක් මරුට" | "අම්පාර සහ මොනරාගල ප්‍රදේශයේ වලදී පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙඩිතැබීම් දෙකකින් ජීවිතක්ෂයට පත් ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි. එක් පොලිස් නිලධාරියෙකුට කිසියම් අයෙකු අද අලුයම ඔහුගේ නිවසට පැමිණ සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් ඇත. ඔහු ඉඟිනියාගල පොලිස් වසමේ අම්පාර, නාමල් ඔය ප්‍රදේශයේ සිය නිවසේදී මෙලෙස ඝාතනයට ලක්වී ඇත. ඔහු... |
"වනිදුට වෙච්ච දේ" | "ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි .දෙරට අතර ඉකුත් සිකුරාදා පැවති පළමු එක්දින තරගයේ වනිඳු ඔහුගේ සිය 10වැනි පන්දුවාරය යොමුකරමින් සිටියදී වම් පාදයේ ආබාධයකට ලක්ව තිබේ.ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද එම්.ආර්.අයි. ... |
"කුවේට් හි සංගීත ප්‍රසංගයකදී ශ්‍රී ලංකාවේ 24ක් අත්අඩංගුවට" | "කුවේට් හිදී සංවිධානය කරන ලද සංගීත ප්‍රසංගයකට සහභාගී වූ ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු කුවේට් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ‘එතෙර අපි’ සංවිධානය විසින් එම සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබුණි.එම පිරිස නිදහස් කර ගැනීම සඳහා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශ්‍ය කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්... |
"පොහොට්ටුවේ දිස්ත්‍රික්ක හතරකට නව පත්වීම්" | "ශ්‍රී පොදුජන පෙරමුණේ ගම්පහ, අනුරාධපුර, මාතර හා ගාල්ල දිස්ත්‍රික් නායක ධුර දැරූ අමාත්‍යවරුන් තිදෙනෙකු සහ මන්ත්‍රීවරයෙක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීම හේතුවෙන් එම තනතුරුවල වැඩ බැලීම සඳහා අලුතින් සිව් දෙනෙකු පත් කිරීමට පියවර ගෙන ඇත.ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් නායක ලෙසින් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.... |
"දයාසිරිලා සජිත්ට" | "2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දීමට තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.ඊයේ කොළඹදී පැවැති ශ්‍රීලනිපයේ විශේෂ රැස්වීමකින් පසු ඔහු මෙම තීරණය මාධ්‍ය වෙත දැනුම් දුන්නේය.මෙම අවස්ථාවට තිල... |
"ජනපති උතුරට ගොස් සර්ව ආගමික ආශීර්වාද ලබා ගනී" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ සංචාරයක නිරත වෙමින් සර්ව ආගමික නායකයින්ගේ ආශීර්වාද ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.ඒ අනුව ඊයේ පස්වරුවේදී යාපනය වෙත පැමිණි ජනාධිපතිවරයා පළමුව ශ්‍රී නාග විහාරය වෙත ගොස් විහාරාධිපති මීගහජඳුරේ සිරිවිමල නාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබා ගෙන ඇත.ඉන්පසු නල්ලෙයි ආදීන් ආශ්‍රාමාදිප... |
"ජනපති සටනට පෙර කමලා හැරිස් ලැබූ ජය" | "ඇමෙරිකාවේ ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය ඒ සඳහා සුදුසුකම් ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.අපේක්ෂකත්වය සඳහා අවශ්‍ය පක්ෂ නියෝජිතයන්ගේ අවම ඡන්ද සංඛ්‍යාව වන නියෝජිතයින්. 2,350කගේ සහාය ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස ඇයට හිමිව තිබේ.ඒ අනුව මෙම මස අවසානයේ දී... |
"ඔලිම්පික් ගිය තරුෂිට හිමිවූ තැන" | "2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ මූලික තරගයට ඊයේ රාත්‍රියේ සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි කරුණාරත්නට 08 වැනි ස්ථානය හිමිවිය.ඇයට තරගය නිම කිරීමට ගත වූ කාලය විනාඩි 2යි තත්පර 7යි දශම 7.6කි.එම ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් 50ක් නිර්දේශ වී සිටිති. එම ක්‍රීඩිකාවන් අතරින් ඇයට 45 වැනි ස්ථානය හිමි විය.කෙ... |
"ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ ශ්‍රී දේහය අවසන් ගෞරව සඳහා" | "අපවත්වී වදාළ කොළඹ ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඥානිස්සර හිමියන්ගේ (පොඩි හාමුදුරුවෝ) ශ්‍රී දේහය අවසන් ගෞරව සඳහා අද උදෑසන සිට විහාරස්ථානයේ තැම්පත් කර ඇත.ආදාහන පූජෝත්සවය සඳුදා සවස රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතය.අපවත්වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසු වූහ." |
"ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනයට ජගත් සම්මානයක්" | "ට්‍රැවල් වර්ල්ඩ් ඔන්ලයින් (TWO) විසින් සංවිධානය කරන ලද 2024 ගෝලීය සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) “හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය” සම්මානයෙන් පිදුම් ලබා ඇත.මෙම සම්මාන උළෙල ඉන්දියාවේ නවදිල්ලී නුවර හීදි පැවැත්වුණි." |
"රාජ්‍ය අමාත්‍ය විලෙයාන්ද්‍රන්ගේ ලේකම්වරයෙක් අල්ලස් දැලේ" | "රාජ්‍ය අමාත්‍ය එස්. විලෙයාන්ද‍්‍රන්ගේ පෞද්ගලික ලේකම්වරයා අල්ලස් මුදලක් ලබා ගනිද්දී මඩකලපුවේදී අල්ලස් හා දූෂණ විමර්ශන චෝදන කොමිෂන් සභා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ භූ විද්‍ය හා පතල් කැණීම් කාර්යාංශයෙන් බලපත්‍රයක් ලබා දීමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ පහළොවක අල්ලස් ලබා ගන්නා ... |
"පළමු එක් දින තරගය ජය පරාජයෙන් තොරව අවසන්" | "ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය කණ්ඩායම දෙකම ලබාගත් ලකුණු සම වීම නිසා ජය පරාජයෙන් තොරව අවසන් විය.ජයග්‍රහණය සඳහා ලකුණු 231ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 47.5කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 230කි. රෝහිත් ෂර්මා 58යි.පන්දු යැවීමේ... |
"ජනපති සටනට 14ක් ඇප බැඳලා" | "ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 14 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.ඒ අනුව රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, කේ. ආනන්ද කුලරත්න, සරත්... |
"රාජ්‍ය අමාත්‍ය කන්න හේරත් සමග පොහොට්ටුවේ 18ක් රනිල්ට" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් නායක රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා රඹුක්කන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 18 දෙනා සමඟින් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.රාජ්‍ය අමාත්‍යවරයා විසින් අද (02) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ බව පැවසීය." |
"ගලබොඩ නාහිමි අපවත්වීම ගැන විපක්ෂ නායකවරයා සොව පළ කරයි" | "හුනුපිටිය ගංගාරාම විහාරයේ ප්‍රධාන සංඝනායක ගලබොඩ ඥානිස්සර මහනායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීම සම්බන්ධයෙන් තමා අතිශය කණගාටුවට ලක්වන බවත් උන්වහන්සේ ගංගාරාම පූජනීය සිද්ධස්ථානය ඇතුළු විවිධ ප්‍රදේශවල අතිශය දක්ෂ ලෙස නිර්මාණශීලී සංවර්ධන කටයුතු රාශියක් සිදු කළ බවත් විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.කිසිදු අවස්ථාවක කුමන කාර්යකදී... |
"ශ්‍රී ලංකාව 230/08" | "ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම .තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 230ක් ලබා ගත්තේය.එහිදී සිය මංගල අර්ධ ශතකය වාර්තා කරමින් දුනිත් වෙල්ලාගේ නොදැවී ලකුණු 67ක් රැස්කිරීමට සම... |
"විද්‍යුත් වීසා සඳහා අතුරු තහනමක්" | "විද්‍යූත් වීසා සඳහා පැවති ක්‍රම වේදය වෙනස් කර විදෙස් සමාගම් වෙත ලබා දීමට ගෙන ඇති අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනමක් නියෝගයක් නිකුත් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒම්.ඒ.සුමන්තිරන්, රවුෆ් හකීම් සහ පාටලී චම්පික රණවක ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට... |
"ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය සඳුදා" | "අපවත්වී වදාළ කොළඹ ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඥානිස්සර හිමියන්ගේ (පොඩි හාමුදුරුවෝ) ආදාහනය කටයුතු රාජ්‍ය ගෞරව සහිතව ලබන 05 වැනිදා සඳුදා සවස සිදු කිරීමට ආදාහන කමිටුව තීරණය කර ඇත.ගංගාරාම විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගණයේ දී ආදාහන පූජෝත්සව කටයුතු සිදු කරනු ලැබේ.දේහය හෙට පෙරවරු 6.00 සිට ගංගාරාම විහාරස්ථානයේ තැම්පත් කර තබන බව ද... |
"අදානිගේ සුළං විදුලි බලාගාරයට එරෙහි පෙත්සම් සලකා බලයි" | "මන්නාරම වෙඩිතලතීවූ ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියාවේ අදානි සමාගම වෙත ලබා දී තිබෙන අමාත්‍ය මණ්ඩල අනුමැතිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 14 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු ප... |
"ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික සැලසුමේ පිටපතක් මාලිමාවටත්" | "ලංකා වාණිජ මණ්ඩල සභාපති දුමින්ද හුලංගමුව මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නායක නුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.ලංකා වාණිජ මණ්ඩලය විසින් සම්පාදනය කරන ලද‘Vision 2030 – පස් අවුරුදු ආර්ථික සැලැස්ම ප්‍රකාශනයේ පිටපතක් මෙම අවස්ථාවේදී ජාතික ජන බලව... |
"කාසියේ වාසිය ශ්‍රී ලංකාවට" | "සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණ කර ඇත.තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය." |
"ගංගාරාම පොඩිහාමුදුරුවෝ අපවත්වෙති" | "කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක ගල්බොඩ ඥානිස්සර හිමියෝ (පොඩි හාමුදුරුවෝ) අපවත්වී ඇත.උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වී තිබේ.අපවත්වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසු වූහ." |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.