Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"මැ.කො වෙත ජනපතිවරණ පැමිණිලි 153ක්" | "ජනාධිපතිවරණයට අදාලව පැමිණිලි 153ක් මේ දක්වා ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.ඉන් වැඩි ප්‍රමාණයක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් බව පවසයි.රාජ්‍ය සම්පත් අවභාවිතය,පත්වීම් ලබාදීම හා ස්ථාන මාරු කිරීම් වැනි සිද්ධීන් සම්බන්ධයෙන් වූ පැමිණිලි ඒ අතර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.මෙම ස්යලු පැමිණිලි සම්බන... |
"ඉන්දීය නාවික සබ්මැරීනයක් කොළඹ වරායට" | "ඉන්දීය නාවික හමුදාවට අයත් INS Shalki සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ කොළඹ වරායට පැමිණ ඇත.ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගත් බව නාවික හමුදාව සඳහන් කරයි. දිගින් මීටර් 64.4ක් වන මෙම සබ්මැරීනයෙහි 40කින් යුතුකාර්ය මණ්ඩලයක් සේවය කරති.මෙම සබ්මැරීනය 04 වැනිදා දිවයිනෙන් පි... |
"උතුරට නිර්ලවණ පවිත්‍රාගාරයක්" | "ආසියානු සංවර්ධන බැංකුවේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ලද ,යාපනය – කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණ කරන පවිත්‍රාගාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට අද... |
"චමරිලා අයර්ලන්ත සංචාරයක" | "එක්දින තරග 03කින් හා විස්සයි විස්ස තරග 02කින් යුත් ක්‍රිකට් තරගාවලියක් සඳහා ආසියානු ශූර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තයේ සංචාරක නිරත වීමට නියමිතය. මෙය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් අයර්ලන්තයේ සංචාරයක නිතර වන පළමු අවස්ථාවද වෙයි. ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 05ක් පැවැත්... |
"ලෙබනන් යන අය වෙතටයි" | "මැදපෙරදිග මතුව ඇති ගැටුම්කාරී වාතාවරණය මත අත්‍යවශ්‍ය කටයුත්තකට හැර ඉදිරි දින කිහිපයෙහි ලෙබනනයේ සංචාරය කිරීමෙන් වලකින ලෙස විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියි." |
"අන්තර්ජාලය හරහා අපරාධකරන තවත් පිරිසක් කොටුවෙති" | "අන්තර්ජාලය හරහා අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් චීන ජාතිකයින් ඇතුළු 08 දෙනෙකු ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගාල්ල වරාය පොලිස් වසමේ උඩුගම ප්‍රදේශයේ තාවකාලික ලැඟුම්හලක් පරීක්ෂා කිරීමේදී මෙම විදේශ ජාතිකයින් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. මෙම සැකකරුවන් අවුරුදු 24 හා 36 ... |
"විදේශ ප්‍රතිපත්ති ගැන ශ්‍රී ලංකාවට පැසසුම්" | "විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුම උපයෝගී කරගෙන විදෙස් රටවල් නිසි ලෙස කළමනාකරණය කරගෙන ඉදිරියට යෑමට හැකියාව ලැබුනු නිසා ජයග්‍රහණ රැසක් අත් කරගැනීමට හැකිවූ බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.පසුගිය මාසය තුළ ජපානය, සිංගප්පුරුව, රුමේනියාව සහ පෝලන්තය යන රටවල්වල සිදුකළ සංචාරයන් ඉතා... |
"ඔන්ලයින් පනත ගැසට් කරයි" | "මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය 22 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණි." |
"ෂානි ඝාතන සැලසුම් පෙත්සම සලකා බලයි" | "තමන් රිය අනතුරකට ලක් කර ඝාතනය කිරීමේ සැලසුමක් ඇතැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා මෙම මස 09 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අ නියෝග කර ඇත.තමන් රිය අනතුරකට ලක් කර ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බැවින් දැනට ලබාදී තිබෙන ආරක... |
"ආරක්ෂක ලේකම්ගෙන් නිවේදනයක්" | "නීති විරෝධී මාර්ගවලින් මියන්මාරයේ රැකියා සඳහා යාමෙන් වළකින ලෙස ආරක්ෂක ලේකම්වරයාශ්‍රී ලාංකිකයිගෙන් ඉල්ලා සිටී. නීති විරෝධී විදෙස් රැකියා ඒජන්තවරුන් මෙන්ම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් සහ ආයතන හරහා මියන්මාරයේ රැකියා සඳහා අනීතිකව පිටත්ව ඇති ශ්‍රී ලාංකිකයින් පිරිසක් මියන්මාරයේ ත්‍රස්තවාදී කණ්ඩායම්වල පාලනය යටතේ පිහිටි ... |
"ජනපති සටනේදී දමිතලාගේ සහාය" | "දමිතා අබේරත්න මහත්මිය ඇතුළු කලාකරුවන් පිරිසක් මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇත.අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා සමග සිටින්නේ හොරු රැළක් බවය.කපුටු කාක්..කාක්.. කාක් ක... |
"ජනපති සටනට ඇප තැන්පත් කළ අය" | "2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.ඒ අනුව ස්වාධීන අපේක්ෂකයන් ලෙස රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න සහ කේ.කේ. පියදාස යන මහත්වරු ද අභිනව නිවහල් පෙරමුණ පක්ෂයෙන් ඕෂල හේරත්, ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන් ඒ. එස්. පී. ලියනගේ, සමගි ජන බලවේගය පක්ෂයෙන්... |
"පාස්පෝට් එකත් වෙනස් වෙයි" | "රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර සඳහා යාවත්කාලීන කළ වර්ණ තුනකින් සහ නව මුහුණුවරක් සහිත නව විදෙස් ගමන් බලපත්‍ර ලබන ඔක්තෝම්බර් මාසයේ සිට නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි." |
"දිනේෂ්ලාත් රනිල්ට" | "ජනාධිපතිවරණයේ දී මහජන එක්සත් පෙරමුණේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමට එම පක්ෂය තීරණය කර ඇත.පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගෙන තිබේ." |
"SDIG පතිනායකට වැඩ බලන තනතුරක්" | "ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ශ්‍රී ලංකා පොලිසියේ වැඩ බලන ( පරිපාලන) ලෙස පොලිස් කොමිසම විසින් පත්කර තිබේ. දැනට ඒ මහතා රාජකාරි කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මධ්‍යම පළාත ) තනතුරට අමතරව මෙම රාජකාරි කටයුතු පවරා ඇත.අද රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන තිබේ.එම ධූරයෙහි කටයුතු කළ... |
"ජනපතිවරණයෙන් පසු ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන ADB මතය" | "ජනාධිපතිවරණයෙන් පසුව ද දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු යැයි ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ ටකෆුමි කඩොනො මහතා පවසයි.ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා රජය නිවැරදි මාර්ගයේ ගමන් කරමින් සිටින බව ද ඒ සදහා රජය හොද කාර්‍යභාරයක් කරමින් සිටින ඔහු අවධාරණය කරයි.ආසියානු සංවර්ධන බැ... |
"ජනාධිපති අරමුදල ශිෂ්‍යත්වලාභීන් වෙතටයි" | "ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සුදුසුකම්ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අගෝස්තු මාසයට අදාළ ශිෂ්‍යත්ව වාරිකමුදල් අද (01) දින ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම යොමු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මෙම ශිෂ්‍යත්ව වාරික මුදල් බැංකු වෙත යොමු කිරීමේදී ඒ පිළිබඳව කෙටිපණිවිඩයක් (SMS) මගින් ... |
"ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි" | "ආබාධයන්ට ලක්වීම හේතුවෙන් වේගපන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මදුශංක වම් පාදයේ ආබාධයකට ලක්ව ඇති අතර පතිරණගේ දකුණු උරහිස ආබාධයකට ලක්ව ඇති බව සඳහන්ය. ඔවුන් දෙදෙනා වෙනුවට මොහොමඩ් ශිරාස් සහ එෂාන් මාලිංග ව සං... |
"ලොකු පැටී හරිලු…කංජිපානි සහ රොටුඹ අමිල ගැන තවම නැහැ" | "රුසියාවට පළා ගොස් සිටියදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන ඇති පාතාල නායකයෙක් ලෙස සැලකෙන රුවන් කුමාර හෙවත් ලොකු පැටී අත්අඩංගුවට ගැනීම පිළිබඳව ජාත්‍යන්තර පොලිසිය විසින් මෙරට ආරක්ෂක අංශ වෙත නිල වශයෙන් දැනුම්දී ඇතැයි පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය. ඔහු සමග අත්අඩංගුවට පත්ව ඇතැයි කියන කංජිපානි ඉම්රාන් සමග රොටුඹ අ... |
"මෛත්‍රීට එරෙහි වාරණය යළි දිගුවේ" | "හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබූ වාරණ නියෝගය ඔක්තෝබර් 04 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කරමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද නියෝගයක් නිකුත් කළේය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කු... |
"අනියම් බිරිඳක් සොයා යද්දී වරෙන්තුකරුවෝ සිව්දෙනෙක් පොලිසියට කොටුවෙති" | "වරෙන්තු 18ක් ඇති දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් සිව් දෙනකු අනියම් බිරිඳක් සොයා අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිට මෝටර් රථයකින් ගම්පොළ කුරුඳුවත්ත ප්‍රදේශයට පැමිණෙමින් සිටියදී කුරුඳුවත්ත පොලිසිය මඟින් ඊයේ රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල, ඉහළ තල්දූව ,දෙහිඕවිට, ප්‍රදේශවල පදිංචි වයස 27,25, 2... |
"ඊශ්‍රායලයට පහර දෙන ලෙස ඉරාන උත්තරීතර නායකයාගෙන් නියෝගයක්" | "ඊශ්‍රායලයට පහර දෙන ලෙස ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකදී නියෝග කර ඇත. මෙම රැස්වීම ඉකුත් බදාදා රැස්කර තිබේ. හමාස් නායක ඉස්මයිල් හනියේ ටෙහෙරානයේ දී ඝාතනයට ලක්වීමට පළිගැනීමක් ලෙස මෙම නියෝගය නිකුත් කර ඇතැයි ඉරාන ආරක්ෂක අංශ සඳහන් කරයි." |
"ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීමේ සැලසුමක් සජිත් හෙළි කරයි" | "ග්‍රාම නිලධාරින්ට හිමි දීමනා නොගෙවා රජය ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීමේ සැලසුමක සිටිනවාදැයි සැකයක් මතුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි .ඡන්දය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන මොවුනට ඡන්ද නාම ලේඛන සදහා රුපියල් 13ක දිමනාව රුපියල් 30 දක්වා වැඩි කිරීමට මැතිවරණ කොමිසම තීන්දු කළත් තවමත් එය ක්‍රියාත්මකවී නැති බවත් ... |
"ගාසා හි ළමා අරමුදල ගැන නිවේදනයක්" | "ගාසා හි ළමා අරමුදල සඳහා දායකවීමේ අවස්ථාව ජූලි මස 31 වැනිදායින් අවසන් කර තිබෙන බවත් තවදුරටත් ඒ සඳහා මුදල් බැර නොකරන ලෙසත් ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 2024 ජූලි 31 දිනෙන් පසු යම් තැන්පත් මුදලක් සෘජුවම ජනාධිපති කාර්යාලයේ නිල බැංකු ගිණුමට ප්‍රේෂණය කළහොත් එම මුදල සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහා ජන... |
"තමා නිවැරදිකාරිය යැයි ඩයනා අධිකරණයට කියයි" | "ආගමන හා විගමන පනත යටතේ වූ වැරදි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකළ චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය. ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ චෝදනා පත්‍ර 07ක් අධිකරණය හමුවේ කියවා දීමෙන් අනතුරුව ඇය ම... |
"විජයදාස වෙනුවෙන් ඇප මුදල් බඳී" | "ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් අද මැතිවරණ කොමිසම හමුවේ ඇප මුදල් තැන්පත් කර ඇත.එම පක්ෂයේ නියෝජිතයෙක් මැතිවරණ කොමිසම වෙත පැමිණ අදාල ඇප මුදල් තැන්පත් කර තිබේ." |
"ධීවර බෝට්ටුවක් පෙරළී අයෙක් මරුට" | "ඩෙල්ෆ් දූපත ආසන්නයේ මෙරට මුහුදු සීමාවේ දී සිදුවු අනතුරකින් ඉන්දීය ධීවරයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව ඇතැයි නාවික හමුදාව පවසයි. නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔවුන් ගමන්ගත් යාත්‍රාව පෙරළී මෙම අනතුර සිදුව තිබේ. අනතුරෙන් ධීවරයින් සිව්දෙනෙකු මුහුදට වැටී ඇති ... |
"දුම්රිය ආසන වෙන් කිරීමේ නව ක්‍රමයත් ප්‍රමාදයි" | "ජාලගත ක්‍රමය ඔස්සේ ( online) දුම්රිය ආසන වෙන්කිරීමේ වේලාව අද සිට සංශෝධනය කිරීමට නියමිතව තිබුණ ද එය සිදුනොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.එම ක්‍රමය ඔස්සේ ආසන වෙන්කිරීම සෑම දිනකම රාත්‍රී 7.00ට ආරම්භ විය. එය සංශෝධනය කරමින් උදෑසන 10.00ට ආරම්භ කිරිමට තීරණය කර තිබිණි.කෙසේවෙතත් පද්ධතියේ පවතින තාක්ෂණික දෝෂ තත්ත්වයක් හේතු... |
"පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා කල් යයි" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම කල් දමා ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.ලබන සතිය තුළ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව ලකුණ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරී... |
"ජවිපෙ සහ මාලිමාවට ජන අරගලය ජනාධිපති අපේක්ෂකගෙන් චෝදනා" | "එක්සත් ජාතික පක්ෂයේ සහ ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රතිපත්ති වල කිසිදු වෙනසක් නැතැයි ජන අරගලය ජනාධිපති අපේක්ෂක නීතීඥ නුවන් බෝපගේ මහතා පවසයි.එනිසා ජනතා විමුක්ති පෙරමුණට හෝ ජාතික ජන බලවේගය පක්ෂයට අරගලයේ අභිලාෂයන් ඉටු කළ නොහැකි බව ද සදහන් කරයි.මාලිමාව ඉන්දියාවට පක්ෂයි, අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කරනවාට කැමතියි,රාජ්‍ය දේපළ වික... |
"කංජිපානි සහ ලොකු පැටී අත්අඩංගුවට" | "කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොළකරුවන් ලෙස සැලකෙන පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.කංජිපානි ඉම්රාන් නැමැත්තා බෙලරූස් හිදී සහ ලොකු පැටී නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව ද එම ආරංචි මාර්ග ... |
"KDUට එරෙහි පෙත්සම විසිවෙයි" | "කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට (KDU ) වෛද්‍ය සිසුන් බඳවා ගැනීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කර ඇත. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වෛද්‍ය උපාධිය සඳහා සම්මත නිර්ණායකයන්ට පටහැනි ලෙස සිසුන් බඳවා ගැනීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මහාචාර්... |
"ඉන්ධන මිල සංශෝධනය නොවේ" | "මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව අගෝස්තු මාසය සඳහා කිසිදු ඉන්ධන වර්ගයක මිල සංශෝධනයක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි." |
"පොහොට්ටුව රනිල්ට සහාය නොදෙන හේතු ජොනී හෙළි කරයි" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කවුරු ගියත් ඡන්දදායකයන් පක්‍ෂය හැර නොයන බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා හැර කවුරු පක්‍ෂය හැර ගියත් ඔවුන්ට ඡන්ද රැගෙන යා නොහැකි බවත් ඒ මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 92 ක් පක්‍ෂයේ තීරණයට විරුද්ධ වී නොමැති බවත් එම පිරිසේ ස... |
"ශ්‍රීලනිපයේ සහාය රනිල්ට" | "2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුණි.එහිදී දුමින්ද දිසානායක මහතා සඳහන් ක... |
"රැකියා විරහිත උපාධිධාරීන්ට සජිත්ගෙන් පොරොන්දුවක්" | "අසහනයට පීඩනයට පත් වු විරැකියාවෙන් පෙළෙන උපාධිධාරීන් 50000කට ආසන්න බවත් මොවුන්ට අදාළ විසදුම් වත්මන් රජයෙන් ලබා දෙන්නේ නැත්නම් සමගි ජන බලවේග රජයක් තුළ ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පසුගිය කාලයේ මේ ගැන තමා අවස්ථා රැසකදී පාර්ලිමේන්තුවේ කතා කළ බවත් පැවසූ විපක්ෂ නායකවරයා සෑම උපාධිධාරියකුටම රැකියාවක් ලබා... |
"ජනපති සටනට ඇප තැන්පත් කළ අපේක්ෂකයින්" | "2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් හය දෙනක් මේ දක්වා ඇප තබා ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනය කරයි.මේ දක්වා රනිල් වික්‍රමසිංහ සහ සරත් කීර්තිරත්න යන මහත්වරු ස්වාධීන අපේක්ෂකයන් ලෙස ද ඕෂල හේරත් මහතා අභිනව නිවහල් පෙරමුණ පක්ෂයෙන් ද ඒ. එස්. පී. ලියනගේ මහතා ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන් ද සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බල පක්ෂයෙන් ද ස... |
"දික්කසාද වන්දි මුදලකට අල්ලස් ගත් කාති උසාවි විනිසුරු අත්අඩංගුවට" | " දික්කසාද නඩුවකින් වන්දි මුදල් ලබා දීමේ පොරොන්දුව මත කාන්තාවකගෙන් රුපියල් දසදහසක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බව කියනකාති උසාවියේ විනිසුරුවරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.77 වැනි වියේ පසුවන අදාළ විනිසුරුවරයා මාතලේ මන්දණ්ඩාවල කාදි උසාවියේ විනිසුරුවරයෙකු බවත් මාත... |
"කොළඹ උද්ධමනය නගී" | "ජූලි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 ජූලි මාසය සඳහා සියයට 2.4 ක් දක්වා වැඩි වී ඇත. එය පසුගිය ජුනි මාසය සඳහා සියයට 1.7 ක් ලෙස වාර්තා වී තිබුණි." |
"පොහොට්ටුවට පිටුපෑ අයට එරෙහිව තීරණ ගනී" | "ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂය ගනු ලැබූ තීරණයට එරෙහිව යන සියලු මන්ත්‍රීවරුන් පක්ෂයේ දැරූ වගකීම්වලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර ඇත. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් මූලික කටයුතු සැලසුම් කර ඇති බවය. ඒ අනුව ආසන සංවිධායක ධුර මෙන්ම පක්ෂයේ නිලතලවලින් ඔවුන් ඉවත් කිරීමට නියමිත... |
"තැපැල් ඡන්ද ලියාපදිංචිය අවසන් දිනය" | "ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම අගෝස්තු මස 05 වැනිදා අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි.ඊට අදාල තොරතුරු www.elections.gov.lk වෙබ්අඩවිය මගින් ලබාගත හැකි බව ද සදහන් කරයි. " |
"ආරක්ෂක ඇතුළු කමිටු තුනක් ජනපති පත් කරයි" | "ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස ජාතික ආරක්ෂව පිළිබඳව කමිටුවක් සහ ආර්ථිකය පිළිබඳව කමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.එස... |
"අගෝස්තු ලිට්‍රෝ ගෑස් මිල" | "අගෝස්තු මාසය සඳහා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල වෙනස් නොවන බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසයි." |
"ගිනි අවි සමග මවුලවිවරයෙක් සහ සොහොයුරා අත්අඩංගුවට" | "ඔට්ටමාවඩි ප්‍රදේශයේදී ගිනි අවි සහ පතොරම් සමග මවුලවිවරයෙක් සහ ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත ටී-56 අවි දෙකක්, මැගසින් දෙකක්, පතොරම් 60ක්, දුරදක්නයක් සහ කඩුවක් සමග එම සැකකරුවන් ව අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (30) රාත්‍රී ... |
"හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සෙට් එකක් රනිල්ගේ සහායට" | " ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 116 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පලකර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.ඒ අනුව ඔවුන් ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බව පොරොන්දුවී ඇතැයිද සඳහන් කරයි.... |
"දුම්රිය ආසන වෙන් කිරිම හෙට සිට පරණ වෙලාවටම" | "දුම්රිය ආසන වෙන් කිරිමේ වේලාව අද (01දා) සිට යලිත් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව අද දින සිට පෙරවරු 10.00 ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. මේ දක්වා ආසන වෙන් කටයුතු ආරම්භ වූයේ රාත්‍රී 07ට වන අතර ඒ අනුව නැවතත් පෙර පරිදි උදෑසන 10ට ආරම්භ කිරීමට වේලාව සංශෝධනය කොට ඇත." |
"මම රනිල් ලඟ-ඇමැති ප්‍රසන්න මහින්දට කියයි" | "හෘද සාක්ෂිය ඇති මිනිසෙකු ලෙසින් තමාට පක්ෂයේ තීරණයට එකඟවිය නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙන බවත් රට වෙනුවෙන් සිතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත රටේ ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීම සඳහා තමන් කැපවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක – ඇමැති ප්‍රසන්න රණතුංග රණතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු ... |
"මැකො මහජන ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම් කැඳවයි" | "මහජන ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම් සහ මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ව මැතිවරණ කොමිසම වෙත කැඳවා අද (31දා) දිනයේ ඇති බව වාර්තා වේ. මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්.ඒ. එල්. රත්නායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුකු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔවුන් ව මැතිවරණ කොමිසම ව... |
"ජනපති සටනට සජිත් ඇප තියයි" | "ජනාධිපතිවරණයේ දී සමගි ජන බල පක්ෂය වෙනුවෙන් තරග කරන එහි නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මැතිවරණ කොමිසම වෙත අද පැමිණ ඇප මුදල් තැන්පත් කර ඇත." |
"ෂාරුක්ගේ අක්ෂි සැත්කම මුම්බායි හිදී සාර්ථක නොවේ" | "ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් හදිසි අක්ෂි ශල්‍යකර්මයක් සඳහා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ෂාරුක් ඛාන් අක්ෂි ආබාධයක් සඳහා මුම්බායි රෝහලකින් ප්‍රතිකාර ලබාගත් බවත් ප්‍රතිකාරය සැලසුම් කළ පරිදි සිදු නොවූ නිසාවෙන් එක්සත් ජනපදය බලා පිටත්ව යාමට හේතුව බවත් සදහන් වේ." |
"හමාස් ප්‍රධානියා සහ හමුදා නායකයා මරුට" | "ලෙබනන් හමාස් සංවිධානයේ හමුදා නායක ෆුවාඩ් ෂුකර් ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඊශ්‍රාලය හමුදාව විසින් ලෙබනනයේ බීරූට් නගරය ඉලක්ක කර එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇතැයිද පවසයි.මෙම ප්‍රහාරයෙන් එම සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හනියේ ද මිය ගොස් ඇතැයිද විදෙස් මාධ්‍ය... |
"නොසැලකිලිමත්කමට විශේෂඥ දොස්තර සහ පෞද්ගලික රෝහලට දුන් අධිකරණ නියෝගය" | "නොසැලකිලිමත් ලෙස සිසේරියන් සැත්කමක් සිදු කිරීම නිසා තම ජීවිතය අනතුරුදායක තත්වයකට පත් කළ බවට චෝදනා කරමින් කාන්තාවක් කොළඹ ප්‍රධාන දිසා අධිකරණයේ ගොනු කර තිබූ නඩුවක් විභාග කළ අධිකරණය සැත්කම කළ විශේෂඥ වෛද්‍යවරයාට සහ අදාල පෞද්ගලික රෝහලට රුපියල් ලක්ෂ 30ක වන්දියක් ගෙවීමට නියෝග කළේය.කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සදුන් විතාන මහතා ... |
"සුපිරි පන්දු වාරයේදී තෙවැනි T20 ජයත් ඉන්දියාවට" | "සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ රාත්‍රී පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැති තෙවැනි සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය සුපිරි පන්දු වාරයේදී හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.ඒ අනුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය ... |
"ජනපති ආර්ථික ත්‍රස්තවාදීන් රකින බව විපක්ෂ නායකගෙන් චෝදනා" | "රටේ ප්‍රධානියා ප්‍රසිද්ධියේ උත්තරීතර නීතියට පිටුපා රට බංකොලොත් කළ ආර්ථික ත්‍රස්තවාදීන්ට රැකවරණය දෙනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. අප රටේ ආර්ථික සමාජීය දේශපාලන මෙන්ම ආගමික පැතිකඩත් සෝදාපාලුවකට ලක්වන බවත් රටේ ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ රටේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම අභියෝගයට... |
"රනිල්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක්" | "ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92ක් එක්ව සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. මෙම මන්ත්‍රීවරුන් අද සවස ජනාධිපතිවරයා හමුවී සිය සහයෝගය ලබාදීම තහවුරු කර ඇතැයිද පවසයි" |
"ශ්‍රී ලංකා එක්දින සංචිතය" | "සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ඒ සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.දෙරට අතර, තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය... |
"දුම්රිය ආසන වෙන් කිරීම යළි පරණ විදිහට" | "දුම්රිය දෙපාර්තමේන්තුවේ ආසන වෙන් කිරීමේ කටයුතු ලබන සැප්තැම්බර් මස 01 වැනිදා සිට පෙරවරු 10.00 ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි නිවේදනය කරයි. මේ දක්වා ආසන වෙන් කටයුතු ආරම්භ වූයේ රාත්‍රී 07.00 ටය. ඒ අනුව නැවතත් පෙර පරිදි උදෑසන 10.00 ට ආසන වෙන් කටයුතු ආරම්භ කිරීමට වේලාව සංශෝධනය කොට ඇත." |
"රනිල් එක්ක පෑහෙන්න බැරි හේතුව නාමල් කියයි" | "ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක්සත් ජාතික පක්ෂය සමග ඇත්තේ ප්‍රතිපත්තිමය ගැටලු මිස පුද්ගලයෙක් සම්බන්ධ ගැටලුවක් නොවේ යැයි එම පෙරමුණ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.තම පක්ෂය නියෝජනය කරන්නේ වමේ දේශපාලනය බවත් එනිසා එජාපයේ ප්‍රතිපත්ති සමග පෑහීමට නොහැකි බවක් ඇතැයි ද කීවේය.මේ මොහොතේ කිසිවෙකුත් මනා... |
"පොලිස්පතිවරයෙක් ගැන මැ.කො අද තීරණය කරයි" | "පොලිස්පතිවරයකු හෝ වැඩ බලන පොලිස්පතිවරයකු පත්කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.එම කොමිසම අද රැස්වූ මොහොතේ මෙම තීරණය ගෙන තිබේ. " |
"රූමත් හෙදියකගේ ළැම අතගෑ හිටපු විදුහල්පතිට වැඩ වරදී" | " බස් රථයක් තුළදී 25 හැවිරිදි රූමත් හෙද නිළධාරිනියකගේ ළැම පෙදෙස ස්පර්ශ කළ බව කියන 63 හැවිරිදි විශ්‍රාමික විදුහල්පති වරයෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි . පැමිණිලිකාර හෙදිය කොළඹ සිට මාතර බලා ධාවනයවූ බස් රථයේ ගමන් කරන අතරතුර ඇය අසල වාඩිවී සිටී සැකකරු ළැම පෙදෙස ස්පර්ශ කළ බවට කොන්දොස්තර වරයාට දැනුම් දී ඇත. ඒ ... |
"ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවකට ගුවනේදී අඩන්තේටමක්" | " කුවේට් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ යූ.එල්.- 230 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයෙහි සේවයේ නිරත වී සිටි ගුවන් සේවිකාවකට එහි ගමන් ගත් මගියෙකු විසින් අතින් ඇද පරුෂ වචනයෙන් බැණ වැදීමේ සිදු වීමක් පිළිබඳ එම ගුවන් මගියා අත් අඩංගුවට ගෙන විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අද ආරම්භ කර තිබේ . අද අලු... |
"මෛත්‍රීට එරෙහි වාරණය තවදුරටත්" | "මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් එම පක්‍ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව නිකුත්කර තිබූ වාරණ නියෝග ඔක්තෝබර් මස 09 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියම කළේය. කොළඹ දිසා විනිසුරු සඳුන් ... |
"ජනපතිට එරෙහිව විමල්ගෙන් මහනාහිමිවරුනට ලිපියක්" | "ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, ත්‍රෛනිකායික මහනාහිමිවරුන් වෙත දීර්ඝ ලිපියක් යොමු කරමින්, වත්මන් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් න්‍යාය පත්‍ර 05ක් යටතේ සිදුකරමින් සිටින, ශ්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යටත් කිරීමේ මහා සැලැස්ම පරාජය කිරීම සඳහා මැදිහත් වන ලෙස ගෞරව පූර්වක... |
"පොහොට්ටුවේ අනුරපුර කට්ටියත් රනිල්ට" | "ජනාධිපතිවරණය සදහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පවසයි." |
"යෝජිත ක්‍රිකට් ව්‍යවස්ථාවට කැබිනට් අනුමැතිය" | "විශ්‍රාමික විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව විසින් සකස් කළ යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව විධිමත් පරිදි සම්මත කර ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ." |
"රනිල්ගේ සහායට තවත් නි.අමාත්‍යවරු දෙදෙනෙක්" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්ත ද තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය පළකරන බව ජාතික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ රට බේරාගත් ජනාධිපතිවරයාට ඉදිරියේ දීත් සහායෝගය ලබාදෙන බවය.මේ අතර ... |
"යළි බිත්තර ආනයනයට අවසර" | "නැවත බිත්තර ආනයනය සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.ඉදිරියේදී පැමිණෙන රාමසාන් සහ නත්තල් උත්සව වෙනුවෙන් කේක් සහ බේකරි නිෂ්පාදනවල අවශ්‍යතා සඳහා මෙම තීරණය ගෙන ඇත." |
"බ්‍රිතාන්‍යයේ පිහි ඇනුමකින් දරුවන් දෙදෙනෙක් මරුට;09 දෙනෙකුට තුවාල" | "බ්‍රිතාන්‍යයේ සවුත්පෝර්ට් ප්‍රදේශයේ 17 හැවිරිදි පිරිමි දරුවෙකු විසින් සිදුකළ පිහි ඇනුමෙන් ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ.ළමා නර්තන වැඩමුළුවකදී එම පිහි ඇනුම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මියගොස් ඇත්තේ 06 හැවිරිදි සහ 10 හැවිරිදි දරුවන් දෙදෙනෙකි. එහිදී තවත් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 6 දෙනෙකුගේ තත්... |
"පොහොට්ටුවේ මැති ඇමතිවරු ගත් තීරණය" | "ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) දේශපාලන මණ්ඩලය ගෙන ආ යෝජනාවට විරුද්ධ වූ පිරිස ඇතුළු මැති ඇමතිවරුන් කණ්ඩායමක් ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇත. ඊයේ රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී ඇති ඔවුන් එහිදී තීරණය දැනුම් දී ත... |
"අද තද සුළං" | "තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද නිකුත්කර තිබේ. එම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ආරබි මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාවට මෙම රතු නිවේදය පිළිබඳව සැලකිලිමත්වන ල... |
"පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලයේ දී මන්ත්‍රීවරු 11ක් රනිල්ට අත උස්සලා" | "ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදී පොහොට්ටුව ලකුණ යටතේ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීන්දු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විජේරාම මාවත පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී පැවති ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වී ඇත්තේ එම පක්ෂය නියෝජනය කරන පාර්ලිම... |
"පොහොට්ටුවේ රනිල්ට කැමති සෙට් එක මල් පාරේ" | "ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන මණ්ඩලය විසින් පොහොට්ටුව ලකුණින් ජනපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරිම සඳහා ගෙන ආ යෝජනාවට විරුද්ධ වූ පිරිස ඇතුළු මැති ඇමතිවරුන් කණ්ඩායමක් අද රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී තිබේ.ඔවුන් එහිදී තීරණය කර ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමටය. මෙම ම... |
"තොණ්ඩමන්ලා උසාවි එති" | "ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සහ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් තිදෙනෙක් අද නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින් පෙනි සිටි බව නුවරඑළිය මුලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසීය.අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහ... |
"පොහොට්ටුව ලකුණින් ජනපති අපේක්ෂකයෙක්" | "ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අද (29දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවති දේශපාලන මණ්ඩලයේ දී තීරණය කර ඇත.එම අපේක්ෂකයා ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය." |
"සජිත් ජනපති සටන කුරුණෑගලින් අරඹයි" | "ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රථම ප්‍රචාරක රැස්වීම ලබන මස (අගෝස්තු) 16දා සවස කුරුණෑගලින් ආරම්භ කිරීමට නියමිතය. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ සමයේ දිවයින පුරා ප්‍රධාන ප්‍රචාරක රැළි 100ක් ඇමතීමට නියමිත බව සජබ ජාතික සංවිධායක” පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ (29ද... |
"ඔලිම්පික් පිහිනුම් මූලික වටයේ ජයක්" | "මෙවර පැරිස් ඔලිම්පික් උලළේ දී මීටර් 100 පසුපස ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරගයකින් පළමු ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගංගා සෙනවිරත්න සමත්ව තිබේ." |
"ජන අරගල අපේක්ෂක නීතිඥ බෝපගේ" | "ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කර තිබේ. කොළඹදී අද (29දා) පැවති මාධ්‍ය හමුවක දී ඔවුන් ඒ බව ප්‍රකාශයට පත් කළේය." |
"නාමල්ට එරෙහිව බන්දුල පොලිසි ගිහින්" | "ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට කිසිදු දැනුම් දීමක් නොකර හෝමාගම පොහොට්ටු රැස්වීමක් සංවිධානය කලැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට එරෙහිව ඇමැතිවරයා හෝමාගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත. එම පැමිණිල්ලේ දක්වා ඇත්තේ නාමල් රාජපක්ෂ පක්ෂ විනය කඩකර ඇති බවය. මෙහිදී පොලිසිය පවසා ඇත්තේ එවැනි කරුණු සදහා පොලිසියට ක්‍රියාත්මක... |
"පැෆරල් සංවිධානයෙන් මාලිමාවට චෝදනාවක්" | "ජාතික ජන බලවේගය පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති හෙද සමුළුවට හෙදියන් නිල ඇඳුමින් සැරසී පැමිණීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් යැයි පැෆරල් සංවිධානයෙන් විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබියදී ඊට තරග කිරීමට සූදානමින් සිටින අපේක්ෂකයෙකු වන අනුර කුමාර ද... |
"අධිකරණ ඇමැති විජයදාස අස්වෙයි" | "අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කරයි.ඉදිරි ජනාධිපතිවරණය තරඟ කිරීමේ අරමුණින් සිය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වන බව හෙතෙම කියා සිටී. වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා- කැබිනට් මණ්ඩලයේ තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කරන කිසිවෙකුත් තවම ඉදිරිපත් වී නෑ. අපි දෙන්නම ආගන්තුක පක්... |
"තැපැල් ඡන්ද අයදුම්පත්‍ර ගන්නා දිනය කියයි" | "ඉදිරි ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද අයදුම්පත්‍ර අගෝස්තු මස 05 හෝ එදිනට පෙර දිස්ත්‍රීක් තේරීම් භාර නිළධාරීන්ට ලබා දිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටී. තැපැල් ඡන්ද අයදුරම් භාරගැනීම අවසන් දිනයේ දී එනම් අගෝස්තු 5 වන දින මධ්‍යම රාත්‍රී 12ට පෙර ඒවා නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබිය යුතු අතරල එදිනට අයදුම... |
"කාලගුණයෙන් රතු නිවේදනයක්" | "ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව එහි සඳහන් වේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ අරාබි මුහුදු ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 1ත් 2... |
"බොන්දුපිටිය කණිෂ්ඨ විද්‍යාලය ගිනි තියයි" | "තල්ගස්ගොඩ, බොන්දුපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ පංති කාමරවලට ඇතුළුවී ගිනි තබා දේපොළ සොරාගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය පරීක්ෂණ පවත්වයි. එහ විදුහලේ විදුහල්පති වලගෙදර ලකුරුදිප්පිට පදිංචි හේමන්ත ජයසිංහ මහතා විසින් පොලීසියට කරන ලද පැමිණිල්ල අනුව මෙම පරීක්ෂණ ආරම්භ කොට තිබේ. තමා නිවසේ සිටියදී විදුහලේ 2 වන ශ්‍රේණි... |
"හබරාදූවේ ඊයේ රෑ ගිනි අවි පත්තු වෙයි" | "හබරාදූව – හරුමල්ගොඩ ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ රාත්‍රී තානායමක් ඉදිරිපිට දී පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇත.වෙඩිවැදිමෙන් එක් ... |
"අද කාලගුණය" | "ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් අද නිකුත් කර ඇත.සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව එහි සඳහන් කර තිබේ .එම නිවේදනයට අනුව අරාබි මුහුදු ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 1ද ත් 20 ... |
"T 20 දෙවැනි තරගයේත් ජය ඉන්දියාවට" | "සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි 20යි විස්ස ජාත්‍යන්තර තරගය ඩක්වර්ත් ලුවිස් නියමය අනුව ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.ඒ කඩුළු 07කිනි කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර... |
"ආසියානු කාන්තා T 20 කුසලානය ශ්‍රී ලංකාවට" | "ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ශූරතාව පළමු වරට හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.ඒ ඉන්දීය කණ්ඩායම කඩුළු 08 කින් පරාජයට පත් කරමිනි.අද දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළාය.ඒ අනුව ඔවුන් සිය පන්දු වාර 20 අවසානයේදී කඩුළු 06... |
"පොලිස්පති ගැටලුව විසඳන හැටි ජනපති කියයි" | " පොලිස්පතිවරයා සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හෝමාගම බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී අද පැවති ජයගමු ශ්‍රී ලංකා ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය ස... |
"කාසියේ වාසිය ඉන්දියාවට" | "ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් මහා තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායම දිනා ගැනීමට සමත් විය.ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කර ඇත.මෙම තරගය දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතය." |
"හඳ මාමාහි පෙත්තප්පූ හඩ නිහඩ වේ" | "වසර පනහකට අධික කාලයක් විවිධ හඬ අනුකරණය කරමින් රසික සිත් සැනසූ හඬ අනුකරණ ශිල්පී මංගල ප්‍රේමදාස මහතා අද අභාවප්‍රාප්පත වී ඇත. කාලයක් රෝගාතුරව පසු ඒ මහතා මිය යන විට 72 වියේ පසුවිය. හෙතෙම දෙදරු පියෙකි. හඬ ශිල්පියකු ලෙස චිත්‍රපට ටෙලිනාට්‍ය ගුවන් විදුලි නාට්‍ය රැසකට දායක වී ඇති ඒ මහතා ඉන් වසර හතළිහක් ශ්‍රී ලංකා ගුවන් විදුලි ... |
"කාන්තා ආසියානු කුසලාන T 20 අවසන් මහා තරගය අද" | "9 වැනි කාන්තා ආසියානු කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරුවේ රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වේ. ඒ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරය. මෙවර තරගාවලියේදී ඒ කාණ්ඩයෙන් තරග බිමට පිවිසි ඉන්දීය කණ්ඩායම අපරාජිතව අවසන් තරගයට පැමිණ සිටී. සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවනුත් මෙවර අවස... |
"ජනපති සටනේ මූළික මුද්‍රණ කටයුතු අවසන්" | "ජනාධිපතිවරණයට අදාළව මූළික මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කරයි. ඒ අනුව ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා සහ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර ඇති බව ඇය පවසයි. මැතිවරණ නිලධාරී... |
"මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි" | "මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී.පී. අතළුවගේ මහතා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.අදාළ ඉල්ලා අස්වීම ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දැනුවත් කර ඇති බව අතළුවගේ මහතා සඳහන් කරයි.මාර්ග සංවර්ධන අධිකාරියේ රාජකාරී කටයුතු සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමා... |
"විශ්‍රාම යෑමට සිටින දේශපාලන නායකයන් ගැන ජනපති කියයි" | "තමාත් මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්ම මහත්මීන් සිටින්නේ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමේ සීමාවේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එබැවින් රට දියුණු කර තරුණ පරපුරට භාරදීම මිස තවදුරටත් එකිනෙකා ගැනීමෙන් ඵලක් නැතැයි ද කීවේය.ජනාධිපතිවරයා මෙම අදහස් පැවසුවේ ඊයේ ගාල්ල නගර සභා ක... |
"ජනපති සටනට IGP වැඩක් නැහැලු" | "වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති අතුරු තහනම් නියෝගය ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොවන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කාර්යයන් වෙතොත් මැතිවරණ කටයුතු භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ කර ගනිමින් සි... |
"තෙල් මිල අඩු වේ" | "ලෝක වෙළදපොළේ බොරතෙල් මිල පහළ ගොස් ඇත. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.43%කින් පහළ ගොස් තිබේ. ඒ අනුව මේ වනවිට එම තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 77.16ක් ලෙසය.එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.13ක් ලෙස දැක්වේ. එය 1.51%ක පහළ යෑමකි." |
"T20 පළමු තරගයේ ජය ඉන්දියාවට" | "ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 43කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.ඒ අනුව ඔවුන් සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 21... |
"ජනපති සටනට පොලිසිය සූදානම්" | "ජනාධිපතිවරණයේ මැතිවරණ රාජකාරි අධීක්ෂණ කටයුතු සඳහා මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති අසංග කරවිට මහතාට අමතරව තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු පත්කර තිබේ.ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති පී. ලියනගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඩී.ජී.එල්.ඒ ධර්මසේන යන මහත්වරුන් ඒ සඳහා පත්කර තිබේ. පොලිස් ම... |
"ජනපති සටනට එන බව රනිල් පවසයි" | "තමා ජනාධිපතිවරණ සදහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ගාල්ල නගර සභා ක්‍රීඩා පිටියේ දී පැවැති එක්ව ජයගමු රැස්වීම් මාලාවේ දී පැවසීය.මෙම ජන රැළිය සදහා රජයේ අමාත්‍යවරුන් ඇතුළු දේශපාලන නායකයින් 40කට අධික පිරිසක් සහභාගී වූහ." |
"ගීතා රනිල් ගේ ගාල්ල රැළියට නගී" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එක්ව ජයගමු රැස්වීම් මාලාව යටතේ ගාල්ල නගර සභා ක්‍රීඩා පිටියේ දී අද පැවැත්වෙන අපි ගාල්ල රැස්වීමට ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ද එක්වූවාය.මෙම ජන රැළියට හිටපු ආණ්ඩුකාරවරයෙක් වන අසාද් සාලි මහතා ද සහභාගී විය." |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.