Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"තරුණයින් ඇසූ ප්‍රශ්න වලට ජනපති දුන් පිලිතුරු" | "ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ජනාධිපතිවරයා සඳහන් කළේ ඒ බව තමා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී අවශ්‍ය නම් උපකාර කිරීමට ද පොරොන්දු වූ බවයි.ඊයේ (26) පස්වරුවේ තරුණයින් පිරිසක් විසින් සංවිධානය කර තිබූ #AskRanilLive නම් ප්‍රශ්න ඇසීමේ වැඩසටහනකට... |
"කැමති ඡන්ද මධ්‍යස්ථානයක ඡන්දය දාන්න අවස්ථාවක්" | "එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින්ට තමන්ට නියමිත මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඊට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව අවධාරණය කළේ සුදුසුකම්ලත් ඡන්ද දායකයින්ට තමන්ට නියමිත ස්ථානයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වීම පිළිබඳ සාධාරණ ... |
"මෛත්‍රී සහාය දෙන ජනපති අපේක්ෂකයා" | "මෙවර ජනාධිපතිවරණයේදී තමාගේ සහාය විජයදාස රාජපක්ෂ මහතා වෙත ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරිම සදහා මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබූ බව ද ඒ මහතා සඳහන් කරයි." |
"යුරෝපා සංගමය කොටි තහනම දික් කරයි" | "යුරෝපා සංගමය තුළ LTTE සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.ඒ අනුව ජුලි 26 වැනිදා සිට ඉදිරි මාස 06ක කාලයක් සඳහා මෙම තහමන වලංගු බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව සඳහන් කරයි." |
"පොහොට්ටුවෙන් සජබයට පැන්න හෙට්ටිගේ" | "හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා සමගි ජන බලවේගය පක්ෂයේ මාතර දිස්ත්‍රික් සංවිධායක ලෙස පත්වී ඇත.ඊට අදාල පත්වීමේ ලිපිය එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් පසුගිය දා ලබා ගනු ලැබීය." |
"මාලිමාවේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු හිටපු DIG දෙදෙනෙක්ට" | "පසුගිය 15කට වැඩි කාලයක් මැතිවරණ කටයුතු බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා ජාතික ජන බලවේගය පක්ෂයේ ( මාලිමාවේ) විශ්‍රාමික පොලිස් සාමුහිකයට එක්වීමෙන් ඔහුට එම පක්ෂයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධාන කාර්යභාරයක් පවරා ඇත. එම මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය ඉකුත් 26දා සිට ආරම්භ කරන බව නිල වශයෙන් ප්‍රක... |
"රනිල් සහ බැසිල් සතර කන් මන්ත්‍රණයේ රහස් හෙළිවේ" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර ඉකුත් 25 වැනිදා පැවති සාකච්ඡාවේ තොරතුරු කිහිපයක් මාධ්‍ය වෙත හෙළි වී ඇත . එම තොරතුරු අතර ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.මෙහිදී ජනාධිපතිවරයා විසින් පළාත... |
"කමලා හැරිස් ට චෝදනාවක්" | "දරුවන් නැති කාන්තාවකට ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමට ඉඩ දිය යුතු නැතැයි රිපබ්ලිකන් පක්ෂයේ උප ජනාධිපති ලෙස නම්කර ඇති ජේම්ස් ඩේවිඩ් වැන්සි සඳහන් කරයි.ඔහු මෙම චෝදනාවලට එල්ල කර ඇත්තේ මෙවර ඇමෙරිකාවේ ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරග වදින ඇමෙරිකාවේ උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය වෙතය.ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධි... |
"අනුර කුමාර ගේ උකුසු ඇස් දේශබන්දු ට" | "දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම පිළිබඳව අගමැතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය." |
"චමරිලා T20 අවසන් මහා තරගයට" | "ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී පාකිස්ථානය කඩුලු 03 කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඊයේ සමත් විය.තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තානයට ලබා දුනි.ඒ අනුව පාකිස්තානය නියමිත පන්දුව... |
"ජනපති සටනට සුමන්තිරන් සැරසෙන හැටි" | "ඉලංගෙයි තමිල් අර්සු කච්චි පක්ෂය ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි.නමුත් තම පක්ෂය ජනාධිපතිවරණයේදී සහාය දීම සම්බන්ධව ප්‍රධාන අපේක්ෂකයින් සමග සාකච්ඡා පවත්වන බව පවසයි." |
"ජනපති සටනට අපේක්ෂකයින් සිව් දෙනෙක් ඇප මුදල් බඳිති" | "2024 ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වනවිට අපේක්ෂකයින් සිව්දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.එසේ ඇප තැන්පත් කර ඇත්තේ ස්වාධීන අපේක්ෂකයින් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සරත් කීර්තිරත්න,අභිනව නිවහල් පෙරමුණ වෙනුවෙන් ඕෂල හේරත් සහ ශ්‍රී ලංකා කම්කරු පක්ෂ නායක ඒ. එස්.පී. ල... |
"බංග්ලාදේශ අගමැතිනියගේ ඇඩිල්ලට දැඩි විවේචන" | "බංග්ලාදේශ රජයේ රැකියා කෝටා ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලමින් පැවති සිසු උද්ඝෝෂණවලදී විනාශ වු දුම්‍රිය ස්ථානයකට සිදුව ඇති හානිය දැක කදුළු සලන එරට අගමැතිනී ෂෙයික් හසීනාගේ ජායාරූපයක් බංග්ලාදේශ අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.බංග්ලාදේශයේ මීර්පුර් නගරයේ පිහිටි උද්ඝෝෂකයන් විසින් විනාශ කළමෙට්‍රෝ දුම්රිය ස්ථානය... |
"දමිතා අබේරත්න ඇතුලු කාන්තාවන් තිදෙනෙකුට ඩි.එන්.ඒ පරික්ෂණයක්" | "රංගන ශිල්පිනි දමිතා අබේරත්න ඇතුලු කාන්තාවන් තිදෙනෙකුගේ රුධිර සාම්පල් ඩි.එන්.ඒ පරික්ෂණයක් සඳහා ලබන 27 වැනිදා රජයේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද නියෝග කළාය.2022 ජුලි මස 09 වැනිදා ජනාධිපති ලේකම්කාර්යාලයේ කලහාකරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සි... |
"පැරීසියේ අධිවේගී දුම්රිය මාර්ග කිහිපයකට ගිනි තබයි" | "2024 ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය අද ප්‍රංශයේ පැරිස් නුවරදී එරට වේලාවෙන් රාත්‍රී 7.30ට ( ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.00ට) ආරම්භ වීමට නියමිතව ඇත. ඊට පැය කිහිපයක් තිබියදී අද උදෑසන ප්‍රංශයේ ජාතික දුම්රිය සේවයේ අධිවේගී දුම්රිය මාර්ග කිහිපයකට ආසනික් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.ඉන් දුම්රිය මාර්ග කිහි... |
"මැතිවරණ සමයේත් ‘උරුමය’ වැඩ" | "සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ උරුමය වැඩසටහන කිසිසේත්ම දේශපාලනවැඩසටහනක් නොවන බවත් එබැවින් මැතිවරණ පැවැත්වෙන කාලයන්හි වුවද අඛණ්ඩව එමවැඩසටහන ක්‍රියාත්මක වන බවත් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්නවිදානපතිරණ මහතා පැවසීය.උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දීම වසර දෙකක්තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන... |
"තැපැල් දුම්රියට තරුණයෙක් බිලි වෙයි" | "කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ දෙමෝදර ගවරවෙල ප්‍රදේශයේදී අද උදෑසන පුද්ගලයෙක් ගැටී මියගොස් ඇතැයි ඇල්ල පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ රබර්වත්ත කොටස ගවරවෙල දෙමෝදර ලිපිනයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය විමර්ශන සිදුකරයි." |
"හමාස් නායකයෙක් මිය යයි" | "පලස්තීන බටහිර ඉවුරේ හමාස් නායකයා ලෙස කටයුතු කළ මුස්ටාෆා මුහම්මද් අබූ අරා ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඔහු ඊශ්‍රායල් හමුදා භාරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. පලස්තීන බලධාරීන් චෝදනා කරන්නේ දකුණු ඊශ්‍රායලයේ සිර කඳවුරක රඳවා සිටි මුස්ටාෆා ට ඔහුගේ රෝගී තත්ත්වය සඳහා නිසි ප්‍රතිකාර ලබා දීමට ඊශ්... |
"පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා සඳුදා" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව ලබන සඳුදා පැවැත්වෙන දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණය කරන බව එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි." |
"විපක්ෂයට උසාවි යන්නැයි කථානායක කියයි" | "පොලිස්පතිවරයා පත්කිරීමේදී තමා ව්‍යවස්ථාදායක සභාවේ නීතිවලට පිටින් කිසිදු කටයුත්තක් සිදුකර නැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.එබැවින් ඒ සම්බන්ධව කිසිවෙකුට ගැටලුවක් ඇත්නම් අධිකරණයට ගොස් එය විසඳා ගන්නා ලෙසද සඳහන් කළේය.කථානායකවරයා මෙම ප්‍රකාශය කළේ පොලිස්පතිවරයා පත්කිරීමේදී කථානායකවරය... |
"වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් නොකරන බව අගමැතිගෙන් ප්‍රකාශයක්" | "ශ්‍රේෂ්ඨාධිකරණය අපේක්ෂා කරන පරිදි වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් නොකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.තවමත් පොලිසිපති ධූරය දරන්නේ වැඩ තහනම් කරන ලද දේශබන්ධු තෙන්නකෝන් බවද එම ධූරය හිස්ව නොමැති බවද අග්‍රාමාත්‍යවරයා කීවේය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ තීරණ ප්‍රශ්න කළ හැක්කේ පාර්ලිමේන්තුවට පම... |
"පාන් මිල අඩු වෙයි" | "අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි." |
"ජනපති සටනට සරත් කීර්තිරත්නත් ඇප මුදල් තැන්පත් කරයි" | "2024 ජනාධිපතිවරණය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සරත් කීර්තිරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කර ඇත." |
"ජනපති සටනට රනිල් වෙනුවෙන් ඇප තැන්පත් කරයි" | "ඉදිරි ජනාධිපතිවරණ සදහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා මහතා මැතිවරණ කොමිසම වෙත අද පෙරවරුවේ පැමිණ ඇප මුදල් තැන්පත් කර තිබේ." |
"ජනපති ගෙන් කථානායකට විශේෂ දැනුම් දීමක්" | "ඉදිරි ජනාධිපතිවරණ සමය තුළදී සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නීති උපදෙස් ලැබී ඇත.ඒ අනුව තමා මෙම කටයුතුවලට මැදිහත්වීමෙන් වැළකී සිටින බව ජනාධිපතිවරයා අද පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත... |
"ජනපති සටනට නාමයෝජනා භාර ගැනීම ඇරඹේ" | "ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ අද පෙරවරු 8.30 සිට නාමයෝජනා කැඳවීමේ දිනය වන 2024 අගෝස්තු මස 15 වැනිදා ට පෙර දිනය වන අගෝස්තු මස 14 වැනිදා මධ්‍යහ්න 12 දක්වා ජනාධිපතිවරණ අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.ඒ අනුව අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරනු ලබන අපේක්ෂකයෙ... |
"ජනපතිවරණ දිනය තීන්දු කරයි" | "ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21 වැනිදා සෙනසුරාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.නාම යෝජනා කැදවීම අගෝස්තු මස 15 වැනිදා සිදු කරනු ලබයි.ඊට අදාල ගැසට් නිවේදනය මේ වනවිට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇත." |
"ජනපතිවරණ ගැසට්ටුව ගසයි" | "ජනාධිපතිවරණයට අදාල ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා ඊයේ රාත්‍රියේ දී රජයේ මුද්‍රණාලය වෙත මැතිවරණ කොමිසම විසින් යවා ඇත.එය අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම ආරංචි මාර්ග සඳහන් කරයි." |
"දික්කසාද වීම පහසු කරයි" | "දික්කසාද නීතිය සම්පූර්ණයෙන් ඉවත් කර ‘වරදක් නැති දික්කසාද’ නමින් නව නීතියක් හඳුන්වා දීමට රජය සැලසුම් කරමින් සිටින බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කරයි.‘වරදක් නැති දික්කසාද’ පනත් කෙටුම්පත මේ වන විට අවසන් කර ඇති බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.නව පනත් කෙටුම්පත මගින් දික්කසාද නඩු සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් තොරව... |
"රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සම්මත වෙයි" | "රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි.පනත් කෙටුම්පත් ද්විත්වයෙහි කාරක සභා අවස්ථාවන් හිදී ඊට සංශෝධන එක්වූ අතර අනතුරුව තෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය." |
"රනිල් පොහොට්ටුව කඩන බව නාමල් කියයි" | "ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට අවංකව උදව් කළ බවත් අවසානයට ලැබෙන ප්‍රතිඵය ඔහු තම පක්ෂය දෙකට කඩන්න උත්සාහා කිරීමක් නම් ඒ පිළිබඳවත් කල්පනා කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. දේශපාලන පක්ෂ කැඩීම ජනාධිපතිවරයාගේ පුරුද්දක් බවත් ඒ සම්බන්ධව... |
"පොලිස්පතිධුරය හිස්ව නැතිලු" | "ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස් වී නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නීති උපදෙස් ලැබී තිබේ.ඒ අනුව 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පති ධුරය හිස්ව නොමැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට හැකියාවක් නැ... |
"ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරයෙකු පත්කිරීමට එරෙහි පෙත්සම් විභාගය අවසන්" | "අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමෙන් කථානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ගොනු කර ඇති මූලික පෙත්සමෙහි විභාගය අද අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි නියෝගය ප්‍රකාශය ... |
"තිලංගගේ නඩුවට වාරණයක්" | "තිලංග සුමතිපාල මහතා විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව අගෝස්තු මස 6 වැනිදා දක්වා වාරණය කරමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.නිමල් සිරිපාල සිල්වා මහතා විසින් ගොනු කර තිබූ රීට් පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.අ... |
"සොරකමක් නිසා අලවතුගොඩ සමන් දේවාලයේ ඇසළ පෙරහැර නතරවන ලකුණු" | "වළගම්බා රජ සමයට අයත් වසර 700 කට වඩා ඉපැරණි මහනුවර අලවතුගොඩ ඓතිහාසික සමන් දේවාලය කඩා රජ සමයේ සිට එහි තැන්පත් කොට තිබූ මිල කළ නොහැකි කෞතුක වස්තුන් රැසක් සොරකම් කොට ඇති බව දේවාල බස්නායක නිලමේ කුලතුංග බණ්ඩාර පවසයි.ඉතාමත් ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් මෙම අලවතුගොඩ සමන් දේවාලයේ දොර අගුළු කඩා ඊයේ රාත්‍රී හෝ අද අලු... |
"ජනපතිවරණ ගැසට්ටුව හෙට" | "ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනය හෙට නිකුත් කරන බව මැතිවරණ කොමිසම සදහන් කරයි.නාමයෝජනා දිනය සහ ඡන්දය පැවැත්වෙන දිනය එහි ඇතුළත් කරන බව ද මැතිවරණ කොමිසම පවසයි.අද රැස්වූයේ මැතිවරණ කොමිසම මෙම තීරණය ගෙන තිබේ." |
"වැඩබලන පොලිස්පති පත්කරන හැටි" | "වැඩ බලන පොලිස්පතිවරයෙක් පත්කිරීමට ජනාධිපතිවරයාට හැකි බවත් ඒ සඳහා ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතිය අවශ්‍ය නොවන බවත් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් පසු පොලිස්පතිවරයා එම ධූරයේ රාජකාරි කළහොත් එය උසාවියට කරන උපහාසයක් බවත් කීවේය." |
"විජයදාස රාජපක්ෂත් ජනපති සටනට" | "ඉදිරි ජනාධිපතිවරණ සදහා තමාද අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදි පැවසීය.තමා ඉදිරිපත් වන පක්ෂය සහ ලකුණ ලබන මස පළමුවැනිදායි න් පසු පවසන බවද ඔහු සඳහන් කළේය." |
"මීළග පොලිස්පති" | "දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය හේතුවෙන් පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කෙරෙනු ඇතැයි පොලිස් ආරංචි සඳහන් කරයි.පොලිස් දෙපාර්තමේන්තුවේ මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙස සැලකෙන්නේ පතිනායක මහතාය.පාස්කු ඉරු දින ප්‍රහාරය... |
"ෆොනී ජනපති සටනට" | "තමා ඉදිර ජනාධිපතිවරණ සදහා ඉදිරිපත් වන බව සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා X පණිවිඩයක් නිකුත් කරමින් පවසයි." |
"රාජ්‍ය සේවකයින් පිරිසකට විශේෂ නිවාඩු" | "පසුගිය මැයි සහ ජුනි මාසවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ. කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම විශේෂ නිවාඩු හිමි වේ.එම ... |
"ආචාර්ය වික්‍රමබාහු සමුගනී" | "නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත.මිය යන විට ඒ මහතා 81වැනි වියේ පසු විය.වාමාංශික දේශපාලන නායකයෙකු වූ ඒ මහතා කම්කරු සටන් වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක නිරත විය.ඒ වෙනුවෙන් සිරගතවීමට පවා ලක්විය." |
"ඡන්ද දෙකකට මැතිවරණ කොමිසම සූදානම්ලු" | "පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරියහොත් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට හැකියාව ඇතැයි එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.එය එකම දිනක නොව වෙන වෙනම දින දෙකකදී පවත්වන බව ද ඒ මහතා කීවේය.එසේම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ ද ජනාධ... |
"චමරිලා අපරාජිතව ඉදිරියට යයි" | "ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිසීමට අද ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායම සමත් විය. තායිලන්ත සමග අද පැවැති තරගයෙන් කඩුලු 10ක ජයක් හිමි කර ගනිමින් මෙලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. තරගයේ කාසියේ වාසිය දිනූ තායිලන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.ඒ අනුව නියමිත පන්දුව... |
"අද විශේෂ කැබිනට් රැස්වීමේ දී ගත් තීරණය" | "පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිරීමට අද (24දා) ජනාධිපති ප්‍රධානත්වයෙන් රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතු... |
"හදිසි කැබිනට් රැස්වීමක්" | "ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හදිසි කැබිනට් රැස්වීමක් අද කැඳවා ඇත.එය මේ වනවිට ජනාධිපති මන්දිරයේ දී පැවැත්වෙන බව වාර්තාවේ." |
"දුෂ්මන්ත චමීරට ඉන්දියාව සමග තරගාවලිය අහිමි වෙයි" | " ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ඉන්දියාව සමග පැවැත්වෙන තරගාවලිය අහිමිවී තිබේ. එක්දින තරග 3කට සහ 20යි විස්ස තරග 3කට සහභාගී වීම සඳහා ඉන්දීය කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි." |
"ගුවන් අනතුරකින් 18ක් මරුට" | "නේපාලයේ කත්මණ්ඩු අගනුවර අද උදෑසන සිදුවූ ගුවන්යානා අනතුරකින් ගුවන් යානයේ සිටි පිරිසෙන් 18 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. අනතුරට ලක්වන විට එම යානයේ කාර්ය මණ්ඩලයේ 2ක් ඇතුළුව 19 දෙනෙක් ගමන්කරමින් සිට ඇත. 17 දෙනකු වෙනත් ගුවන්යානයක් අලුත්වැඩියා කිරීම සඳහා පොකාරා ගුවන්තොටුපොළ වෙත යමින් සිටි සෞර්යා ගුවන්සේවයේ සේවක... |
"ඇමෙරිකාවේ රහස් ඔත්තු ප්‍රධානී ඉල්ලා අස්වෙයි" | "ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට නොහැකිවීම රහස් ඔත්තු සේවාවල වරදක් බවට රහස් ඔත්තු ප්‍රධානී කිම් චීට්ල් මහත්මිය පිළිගෙන සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. අමෙරිකානු කොංග්‍රසය හමුවේ අදහස් පළ කළ ඇය පැවසුවේ දශක ගණනාවක් තුළදී සිදුවූ බරපතළ දෝෂය මෙය වන බැවින් ඒ සම්බන්ධ සියලු වගකීම ... |
"දේශබන්දු වෙනුවට වැඩ බලන්න කෙනෙක් පත්කරන්න නියෝග" | "දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමග මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කර ඇත. යසන්ත කෝදාගොඩ, අචල වෙං... |
"පොලිස්පතිට අතුරු තහනම් නියෝගයක්" | "දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.පොලිස්පතිවරයා පත්කිරීමට එරෙහිව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනුකර ඇති පෙත්සම විභාගයට ගනිමින් මෙම නියෝගය නිකුත් කළේය.ඒ අනුව පෙත්සම් විභාගය අවසන් වන තුරු මෙම අතුරුතහනම් ... |
"පොලී අනුපාත පහළට" | "ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර ඇත.ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ.ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.... |
"වතු කම්කරු වැටුප් වැඩි කරන ගැසට්ටුවට වෙච්ච දේ" | "වතු සේවකයින් සඳහා දිනක වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නංවමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් කම්කරු අමාත්‍යාංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත." |
"ක්ලබ් වසන්ත ඝාතනයට සැක තවත් දෙදෙනෙක් අත්අඩංගුවට" | "සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ වෙඩිතැබීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත් දකුණ අපාරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (23දා) සවස අතුරුගිරිය හා බත්තරමුල්ල ප්‍රදේශවලදී එම අපරාධයට අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අතුරුගිරිය... |
"සෙනසුරු අද රෑ සඳට මුවාවේ" | "දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් වන සෙනසුරු ග්‍රහලෝකය, චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය අද මධ්‍යම රාත්‍රී 12.00ට ආරම්භ වන බව ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානයේ සභාපති සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.එය පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට ලාංකිකයින්ට අවස්ථාව උදාවන බවත් ඒ සඳහා රාත්‍රී 1... |
"පිරිවෙන් ගිහි පැවිදි සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය හෙට" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සීල මාතාවන් මෙන්ම ගිහි සිසුන් සඳහා ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ගිහි පැවිදි සිසුන් 3000කට ශිෂ්‍යත්ව ප්‍රදානය හෙට (24දා) පස්වරු 3.00ට අරලියගහ මන්දිරයේ දී ... |
"ඉන්දියාව සමග තරග වදින T20 ශ්‍රී ලංකා කණ්ඩායම" | "සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් අනුමැතිය ලබා දී ඇති 16 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙසේය. නායක චරිත් අසලංක, පැතුම් නිශ්ශංක ,කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු ,කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් ,කමිඳු මෙන්ඩ... |
"ඉදිරි මැතිවරණය සඳහා සජබයෙන් සන්ධානයක්" | "සමගි ජන බලවේගය ප්‍රමුඛ ඉදිරි මැතිවරණය සඳහා ගොඩනඟන සමගි ජන සන්ධානය අගෝස්තු මස 8 වැනිදා එළිදක්වන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා මෙසේ ද පැවැ... |
"උකස් කළ රන් භාණ්ඩ වලට පොලී සහනයක්" | "පසුගිය කාලයේ රට තුළ පැවති දරුණු ආර්ථික අර්බුධය නිසා බලපත්‍ර ලාභී බැංකු මගින් තනි පුද්ගලයින් ලෙස උකස් අත්තිකාරම් ලබාගෙන ඇති අඩු ආදායම් ලාභීන් වෙත පොළී සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.ඒ අනුව තනි පුද්ගල පදනම මත 2024 ජුනි මස 30 හෝ ඊට පෙර බලපත්‍ර ලාභී බැංකු මගින් ලබාගත් රුපියල් ලක්ෂය (රුපියල් 100,000) නොඉක්මවන... |
"රන්මිණිතැන්නට ආයෝජකයෙක් සොයයි" | " රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීමේදී අදාල ආයෝජකයා සමග වසර 30ක කාලයක් සඳහා බදු ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.ඒ සඳහා මුදල් ,ආර්ථාක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල කැ... |
"කොවිඩ් මළ සිරුරු ආදාහන ප්‍රතිපත්තියට රජය සමාව ඉල්ලයි" | "කොවිඩ් 19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ සමාජ කොටස්වලින් ශ්‍රී ලංකා රජය සමාව අයැදීමට තීරණය කර ඇත.ඊට අදාලව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර සහ ජලසම්පාදන සහ වතු යටිතල පහස... |
"ජනාධිපතිවරණයට නාමල් ඇඳුම් මහනවාලු" | "තමාගේ රාජකාරිය ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය සහාය ලබාදෙන අපේක්ෂකයාට ඇඳුම මැසීම මිස එම ඇඳුම ඇඳගැනීම නොවේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.බොහෝ දේශපාලඥයින්ට වරදින්නේ තමාගේ රාජකාරිය නිසි ලෙස හඳුනාගෙන නොතිබීම බව ද ඒ මහතා සඳහන් කළේය.රනිල් වික්... |
"රාජ්‍ය සේවා වැටුප් සංශෝධනයට යෝජනා කැඳවයි" | "රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත වැටුප් දීමනා සංශෝධනය කිරීම සඳහා වන යෝජනා කැඳවීම ආරම්භ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඊට අදාළ අයදුම් පත්‍රය ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන www.presidentsoffice.gov.lk මඟින් බාගත කර ගත හැකිය. සියළු යෝජනාවල PDF ආකෘතිය... |
"කේ.සුජීවා ජාතික රෝහලින් පිටව යයි" | "වෙඩි ප්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පිණී කේ.සුජීවා මහත්මිය රෝහලෙන් පිටව ගොස් තිබේ.ඉකුත් 8 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක් මියගියහ.එහිදි... |
"අක්ෂි රෝහලේ වර්ජනය අත්හිටුවයි" | "ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව ඔහුගේ පත්වීමට විරෝධය පා ආරම්භ කිරීමට සැළසුම් කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක අත්හිටවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. " |
"ජනපතිවරණය ගැන ජනපති දුන් සහතිකය" | "අයවැයෙන් මුදල් වෙන්කළේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට පවසා ඇත. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී රැස්ව තිබේ.එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ... |
"තරුණ මළ සිරුරක් වෝඩ් පෙදෙසේ ත්‍රී රෝද රථයක" | "තියුණු පිහියකින් ඇන ඝාතනයට ලක්වූ පුද්ගලයකුගේ මළ සිරුරක් වෝඩ් පෙදෙසේ නතර කර තිබූ ත්‍රී රෝද රථයක තිබී පොලීසිය සොයාගෙන ඇත.මිය ගොස් ඇති පුද්ගලයා 33 හැවිරිදි වියේ පසුවන බව හඳුනාගෙන තිබේ." |
"බංග්ලාදේශ සිසු උද්ඝෝෂණ නවතී" | "බංග්ලාදේශයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් රටපුරා ආරම්භ කර තිබූ විරෝධතා උද්ඝෝෂණ මාලාව අත්හිටුවා තිබේ.රජයේ සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ දී ක්‍රියාත්මක කළ රැකියා කෝටා ක්‍රමයට විරෝධය පා මෙම උද්ඝෝෂණ මාලාව ආරම්භ විය. එම රැකියා කෝටා ක්‍රමයට අනුව 1971 රණවිරු පවුල්වල සාමාජිකයන්ට රජයේ රැකියා කෝටාවෙන් සියයට 35ක් හිමිවේ.මෙය අත්හිටුවී... |
"බයිඩන්ගේ තැන කමලා හැරිස්ට" | "ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනින් ජනාධිපති ජෝ බයිඩන් මහතා ඉවත් වීමෙන් පසු ඩිමොක්‍රටික් පක්ෂයේ නව අපේක්ෂකයා ලෙස උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය ඉදිරිපත් වීමට නියමිතය.ඒ සඳහා නිල අනුමැතිය අගෝස්තු මස 17 වැනිදා පැවැත්වෙන පක්ෂ සමුළුවේදී ගැනීමට නියමිතය. මේ අනුව ඇමෙරිකානු ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වන පළමු කාන්තාව බවට ඇය පත්වේ. ... |
"ක්‍රිකට් කෙල්ලන්ට ලකුණු 144ක පහසු ජයක්" | "ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මලයාසියානු කාන්තා කණ්ඩායම ලකුණු 144කින් පරාජය කරමින් දෙවන ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (22) සමත් විය. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත ... |
"ටැටූ මල්ලි රහස් ප්‍රකාශය දෙයි" | "ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු (දුලාන් සංජය) කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා හමුවේ අද (22දා) සවස රහස් විශේෂ ප්‍රකාශයක් ලබා දී ඇත. ඒ අනුව අදාළ නඩුව අද දින අධිකරණයේ දිවා විවේකයෙන් පසු යළි විභාගයට ගත් අතර එහිදී සැකකරු අදාළ රහස් ප්‍රකාශය ලබාදී තිබේ. දුලාන් ස... |
"ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එයි" | "තරග තුන බැගින් සමන්විත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි දෙකක් සඳහා සහභාගී වීමට ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම විශේෂ ගුවන් යානයකින් අද (22දා) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ. මුලින්ම විස්සයි විස්ස ක්‍රිකට් තරග 03කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 27, 28 සහ 30 යන දිනවලදී රාත්‍රී 07ට මහනුවර පල්ලෙකැලේ... |
"ජුනි උද්ධමනය නගී" | "ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ජූනි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව 2024 මැයි මාසයේ දී සියයට 1.6ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූනි මාසය සඳහා සියයට 2.4 ක් දක්වා වැඩි වී ඇත. 2024 මැයි මාසයේ දී 0.5 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ල... |
"තොණ්ඩමන් අත්අඩංගුවට ගැනීමට නියෝගයක්" | "වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත් ජයමිණී අඹගහවත්ත මහතා විසින් අද(22දා) නුවරඑළිය පොලීසියට නියෝග කර ඇත. තොන්ඩමන් මහතා පසුගිය මැයි 30වැනි දින ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් කැලණි වැ... |
"චමරි ගෙන් 100ක්" | " ආසියා කුසලාන විස්සයි-20 (කාන්තා) තරඟාවළිය යටතේ ශ්‍රීලංකාව මුහුණ දෙන දෙවැනි තරඟයේදී මැලේසියාවට එරෙහිව ශ්‍රීලංකා පිළ කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 184එහිද නායිකා චමරි අතපත්තු නොදැවී 119ක් ලබා ගැනීමට සමත්විය." |
"චමරි අතපත්තුගෙන් 50ක්" | "චමරි අතපත්තුගෙන් 50ක්ආසියා කුසලාන විස්සයි-20 (කාන්තා) තරඟාවළිය යටතේ ශ්‍රීලංකාව මුහුණ දෙන දෙවැනි තරඟය මේ වන විට මැලේසියාව අතර පැවැත්වෙමින් තිබේ.එහිදී ප්‍රථමයෙන් පනදුවට පහර දෙන ශ්‍රී ලංකා පිළ මේ වන විට කඩුළු 02ක් පමණක් දැවි ලකුණු 84ක් ලබා සිටී. නායිකා චමරි අතපත්තුගෙන් 50ක් ලබා කඩුල්ලේ රැඳී සිටී. " |
"ගල්වලක නෑමට ගිය මව සහ දරුවන්ගේ සිරුරු හමුවේ" | "තිස්සමහරාම කොඩි ගහවැව ආසන්නයේ පිහිටි අතහැර දැමූ ගල්වලක දිය නෑමට ගිය මවක් සහ දරුවන් දෙදෙනෙකු එම ගල්වලට වැටි මියගොස් ඇත. වලේ වැටී මිය ගොස් සිටි මවගේ දේහය ඊයේ (21 වනදා) රාත්‍රී 8 පමණ ප්‍රදේශවාසීන් විසින් සොයාගත් අතර දරුවන් දෙදෙනාගේ මෘත දේහයන් අද උදෑසන තිස්සමහාරාම පොලිසියේ කිමිදුම් කණ්ඩායමක් විසින් සොයා ගත්තේය. එහෙත් එම ග... |
"මිද්දෙණියේ වෙඩි තැබීමක්" | "මිද්දෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය – ජුලම්පිටිය මාර්ගයේදී ඊයේ (21දා) රාත්‍රී 10ට පමණ වෙඩි තැබීමක් සිදුකර ඇත. එහිදී බිරිඳ සමග යතුරුපැදියෙන් නිවාස බලා ගමන්කරමින් සිටියදී 42 හැවිරිදි පිරිමි පුද්ගලයාට වෙඩි වැදී ඇති අතර ඔහුගේ බිරිඳ ට තුවාල සිදුවී ඇත්තේ යතුරුපැදිය පෙරළීම හේතුවෙනි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය සභා ... |
"ඥානසාර හිමිට මහාධිකරණයෙන් ඇප" | "ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළේ යැයි වසර හතරක සිරදඬුවමක් ලබාසිටින බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයකට අනුව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (22දා) නියම කරනු ලැබීය." |
"ටැටූ හිමිකරු ඇතුළු සැකකරුවන් අධිකරණයට" | "අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකුව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 7 දෙනා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් ඇත . ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන්ට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබේ ." |
"හිරුණිකාට ඇප" | "බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.ඒ අනුව රුපියල් 50,000ක මුදල් හා 500,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකාරිය මුදා හැරිණි.... |
"ගල්වළක නෑමට ගිය තිදෙනෙක් මරුට" | "තිස්සමහාරාම කාවන්තිස්ස පුර ප්‍රදේශයේ ගල්වළක දියේ නෑමට ගොස් මව සහ දරුවන් දෙදෙනෙකු ගිලී මියගොස් ඇත.තිස්සමහාරාම පොලීසිය පැවසුවේ මවගේ සිරුර ඊයේ (21දා) රාත්‍රියේම සොයාගෙන ඇති බවය. දරුවන් දෙදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි.මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි මව සහ 14 හැවිරිදි සහ 9 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකි.... |
"ජනපති සටනින් ජෝ බයිඩන් ඉවත් වෙයි" | "ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනින් තමා ඉවත් වන බව වත්මන් ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රකාශ කරයි.තම ඩිමොක්‍රටික් පක්ෂයට සහ රටට යහපතක් ලෙස සලකා තමා මෙම තීරණය ගත් බව ද ඒ සම්බන්ධයෙන් ඉදිරි සතියේ දී ජාතිය අමතන බවද සමාජ මාධ්‍ය හරහා පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි." |
"LPL 2024 ශූරතාව JKට" | "ගෝල් මාවේල්ස් ( GAM) කණ්ඩායම පරාජය කරමින් LPL ශූරතාව සිව් වැනි වරටත් තමන් සතු කර ගැනීමට ජැෆ්නා කිංග්ස් ( JK) අද සමත් විය.ලකුණු 185ක ඉලක්කයක් හඹා ගිය චරිත් අසලංක ගේ නායකත්වයෙන් යුත් JK පන්දු වාර 15.4කදී එය සපුරා ගනිමින් කඩුලු 09ක ජයග්‍රහණක් හිමි කර ගත්තේය.එහිදී රයිලී රුස්සෝව් නොදැවී 106ක් සහ කුසල් මෙන්ඩිස් නොදැවී 72ක් ... |
"GAM 184/06" | "ලංකා ප්‍රිමිය ලීග් ( LPL) 2024 විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් (JK ) ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ගෝල් මාවේල්ස් (GAM) සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 184ක් ලබා ගැනීමට සමත් විය.භානුක රාජපක්ෂ 82යි.පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු 35/3යි.තරගය කොළඹ ආර්... |
"ජනපති ගැන ෆයිල් දෙකක් තමා ළග ඇතැයි අනුර කුමාර පවසයි" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ෆයිල් දෙකක් තමා සතුව ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.ඒ මහතා මේ බව සඳහන් කළේ ජපානයේ සුකුබා හිදී පැවති රැස්වීමකදීය. මේ වන විට රට තුළ මතයක් ඇතිකර ඇත්තේ ජනාධිපතිවරණය පැවැත්වීම ගැන නොව රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාද නැද්ද යන්න බවත් පැවසූ ඒ මහත... |
"සජිත්ට සහ අනුර කුමාරට ජනපතිගෙන් ආරාධනාවක්" | "රටේ අනාගතය දේශපාලන න්‍යාය පත්‍රය අනුව සකස් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොතබන බවත් ඔබේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද කඩවතදී පැවති එක්ව ජයගමු අපි ගම්පහ දිස්ත්‍රික් ජන රැළියේදී පැවසීය.ඒ සදහා සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ට ද තමා ආරාධනා කර සිටින බවද ජන... |
"රනිල් ජනපති අපේක්ෂක යෝජනාවක් සම්මත වෙයි" | "ඉදිරි ජනාධිපතිවරණ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට යෝජනාවක් අද පස්වරුවේදී කඩවත නගරයේ දී පැවැති ‘එක්ව ජයගමු අපි ගම්පහ ‘ ජන හමුවේදී ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ අතර එය සියලු දෙනා දෑත් ඔසවා ඒකමතිකවම සම්මත කරනු ලැබීය. " |
"දකුණු අධිවේගයේ රිය අනතුරක්" | "දකුණු අධිවේගයේ කොළඹ දෙසට වූ මාර්ගයේ අද පස්වරුවේදී මෝටර් රථ දෙකක් ගැටීමෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.එම අනතුර සිදුව ඇත්තේ බද්දේගම සහ පින්නදූව අතරය. " |
"වීසා වාර්තාවට මුදල් කාරක සභාවේ විරෝධය" | "වීසා නිකුත් කිරීම සඳහා වීඑෆ්එස් ආයතනයට අවසර දීම සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව මුදල් කාරක සභාවේ බහුතර මන්ත්‍රීන් විසින් ප්‍රතික්ෂේප කරන බව දන්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධනට ලිපියක් බාර දී ඇතැයි වාර්තා වේ. බෙහෙවින් ආන්දෝලනයට ලක්වූ මෙම වීඑෆ්එස් වීස... |
"අතුරුගිරියේදී අත්අඩංගුවට ගත් තරුණිය දින දෙකක් පොලිසියේ" | "සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ වැලිගම මිරිස්ස ප්‍රදේශයේ දී ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණිය කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය කළ ඉල්ලීමට එහිදී අධිකරණය අවසර ලබාදී ඇත.බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය... |
"බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්" | "රජයේ රැකියාවලින් සියයට 93ක් කුසලතා මත සහ සියයට 07ක් අනෙකුත් කාණ්ඩවලට වෙන් කරන ලෙස බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.එරට ශිෂ්‍ය විරෝධතාවලට හේතුවී ඇත්තේ රජයේ රැකියා කෝටාව අඩු කිරීමය.මෙම විරෝධතාවය නිසා මේ වන විට පුද්ගලයින් 150කට වැඩි පිරිසක් පොලිස් වෙඩි ප්‍රහාරවලට ලක්ව මියගොස් ඇත.දහසක... |
"19 ගැන මෛත්‍රී කට අරී" | "තමන් ජනාධිපතිව සිටි සමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම ජනාධිපති ධූරයේ කාල සීමාව අවුරුදු 06 සිට 05 දක්වා නීත්‍යානුකූලවම අඩු කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසූවේ අද පොළොන්නරුවනව නගරයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල ... |
"ක්ලබ් වසන්තගේ ඝාතනයට සැක තරුණියක් අත්අඩංගුවට" | "අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පැමිණි සිටියදී වෙඩි ප්‍රහාරයකින් මිය ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් සැක පිට 21හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගෙන ඇත." |
"අසංක අබේගුණසේකර කටුනායක දී අත්අඩංගුවට" | "ජාතික ආරක්ෂක විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේගුණසේකර මහතා විදේශ ගතවීමට පැමිණ සිටියදීම කටුනායක ගුවන් තොටුපොල හිදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට අදාලව ඔහුට විදේශ ගමන් තහනමක් පනවා ඇත." |
"බයිඩන්ගෙන් නිවේදනයක්" | "කොවිඩ් 19 වෛරස රෝගය ආසාදන වී නිරෝධායන ප්‍රතිකාර ලබමින් සිටින ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා යළි සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ලබන සතියේ ආරම්භ කරන බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.ඉකුත් බදාදා ඔහුට කොවිඩ් ආසාදන වී ඇති බව ධවල මන්දිරය ප්‍රකාශ කළේය. මේ අතර ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණ සටනින් ඉවත් විය යුතු බව ඔහුගේ ඩි... |
"අද කාලගුණය" | "බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තුවිය හැකි බවය.මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ ප... |
"බංග්ලාදේශය පරාදයි" | "ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් විය.එම ජයග්‍රහණය ලැබූවේ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමිනි.රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා ... |
"හෙට LPL අවසන් මහා තරගයට JK සුදුසුකම් ලබයි" | "ලංකා ප්‍රිමිය ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ හෙට පැවැත්වෙන ගෝල් මාවේල්ස් ( GAM) සමග වූ අවසන් මහා තරගයට ජැෆ්නා කිංග්ස් (JK) සුදුසුකම් ලැබීය.කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද රාත්‍රී පැවැති කැන්ඩි ෆෝල්කන්( KAF) සමග තරගයේ දී එක් ලකුණකින් සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට JK සමත් විය.පළමුව පන්ද... |
"‘එක්ව ජයගමු ‘ හෙට රැළිය ගැන හෙළිවූ රහසක්" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම හෙට කඩවත දී පැවැත්වෙන ‘එක්ව ජයගමු ‘ ගම්පහ දිස්ත්‍රික් ජන රැළියේදී සිදු නොවනු ඇතැයි එම රැළිය සංවිධානය කරන නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දිවයිනට පැවසීය.එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ද මෙම රැළියට සහභාගී වීමට සිටිය මුත් අසනී... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.