Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ලොරියක් පෙරළී හතරක් මරුට" | "බදුල්ල -සොරණාතොට මාර්ගයේ වැලිහිඳ ප්‍රදේශයේදී අද දහවල් 12 ට පමණ ලොරි රථයක් මාර්ගය මැද පෙරළීමෙන් එහි ගමන්කළ පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙක්ට බරපතළ තුවාල සිදුව ඇතැයි බදුල්ල පොලීසිය පවසයි. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මාර්ගවල මගී ආවරණ සවි කිරීම සඳහා මොනරාගල සිට පැමිණි පිරිසකි. තුවාලකරුවන් බදුල්ල මහරෝහලට ඇතුළත් කර කර ති... |
"වැසූ A 09 මාර්ගයේ කොටස යළි අරී" | " අකුරණ අවන්හලක ඇති වූ ගින්නක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු මහනුවර – මාතලේ ඒ 09 මාර්ගය මේ වන විට යළි විවෘත කර ඇති බව පොලීසිය පවසයි. එම ගින්න හේතුවෙන් මහනුවර – මාතලේ මාර්ගය පෙරවරු 6.30ට පමණ තාවකාලිකව වසා දැමුණි. ගින්න තවත් වෙළඳසැල් කිහිපයකට ද පැතිරයාම හේතුවෙන් මෙලෙස මාර්ගය තාවකාලිකව වසාදැමීමට කටයුතු කළ බව පොලීසිය සඳහන... |
"ගීතාට සුභ උපන්දිනයක්" | "ගීතාට සුභ උපන්දිනයක්පුරා වසර 50කට ආසන්න කාලයක් සිංහල සිනමාවේ නිළි රැජිනියන් අතර වැජඹෙන ප්‍රවීන සහ සම්මානනීය නිළි සහ වත්මන් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියගේ උපන්දිනය අදට යෙදී ඇත.1975 වසරේදී ලස්සන කෙල්ල චිත්‍රපටයෙන් සිය සිනමා දිවිය ආරම්භ කළ ඇය චිත්‍රපට 70කට ආසන්න ගණනක රගපා තිබේ.පෙම්බර මධූ,පාළ... |
"පොහොට්ටුවේ තීන්දුව දෙන තුරු ධම්මික බලා සිටී" | "තමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බව ප්‍රකට ව්‍යාපාරික සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.ඒ සම්බන්ධව පක්ෂයේ තීරණය අපේක්ෂාවෙන් සිටින බවද ඒ මහතා පවසයි." |
"දයාසිරි පක්ෂ මූලස්ථානය ඉදිරිපිට සිට වැඩ අරඹයි" | "අධිකරණය විසින් ලබා දුන් වාරණ නියෝගයෙන් පසු තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාගේ තනතුර හොබවන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද එම පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී වැඩ භාරගත්තේය. පක්ෂයේ දොර යතුරු සම්බන්ධව නිමල් සිරිපාල ද සිල්වා සහ මෛත්‍රීපාල සිරිසේන යන පාර්ශව දෙක අතර පවතින අර්බුධයක් මත පොලීසිය ඔහුට... |
"ශ්‍රීලනිප මූලස්ථානයට අද දැඩි ආරක්ෂාවක්" | "කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ආසන්නයේ ආරක්ෂාව අද තර කිරීමට පොලීසිය කටයුතු කර ඇත. අද උදෑසන තම පක්ෂ මූලස්ථානයට එන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගෙන් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව එම ස්ථානයේ කලබලකාරී තත්ත්වයක් ඇති වෙතැයි අනුමාන කර මෙම තීරණය ගෙන ඇත." |
"කෙහෙළියගේ පවුලේ ගිණුම් අත්හිටුවයි" | " හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් 6දෙනකුගේ ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු මාස 3කට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අදාළ නියෝගය නිකුත්කර ඇත. එම ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු වල වටිනාකම රුපියල් කෝටි 9.... |
"A9 මාර්ගයේ කොටසක් වසයි" | "මහනුවර මාතලේ A9 මාර්ගයේ අකුරණ ප්‍රදේශයේ පිහිටි වෙළෙද සැලක ගින්නක් හට ගෙන ඇත.එබැවින් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලිසිය පවසයි." |
"අද කාලගුණය" | "බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.උතුරු සහ උතුර-මැද පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැක... |
""බ්‍රිතාන්‍ය ආණ්ඩුව පරාදයි :Labour -412, Conservatives-121"" | " බ්‍රිතාන්‍යයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් විපක්ෂය නියෝජනය කළ කම්කරු පක්ෂය ජයග්‍රහණය ලබා ඇත.පාර්ලිමේන්තු ආසන 650න් ආසන 412ක් ලබා ගැනීමට එම පක්ෂය සමත් වී තිබේ.ඒ අනුව බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස කම්කරු පක්ෂ නායක 61හැවිරිදි කෙයිර් ස්ටාර්මර් පත්වීමට නියමිතය.වසර 14කට පසු විපක්ෂය මෙලෙස බලයට පත්ව තිබේ.අගමැති රිෂි සුනාක් න... |
"ජනපතිවරණ පෙත්සම සලකා බලයි" | "ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ව්‍යවසායකයෙකු සී.ඩී. ලෙනව මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.ඒ, ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණය... |
"ජල සැපයුම අත්හිටුවීමක්" | "හදිසි නඩත්තු කටයුත්තක් නිසා අද රාත්‍රී 9.00 සිට පැය 18ක ජල සැපයුම අත්හිටුවීමක් කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය,කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි." |
"වතු කම්කරු වැටුප් වැඩි කිරීම වලක්වාලයි" | " වතු කම්කරු දෛනික වැටුප් රුපියල් 1,700 දක්වා වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කර ඇත. අදාළ වැටුප් වැඩි කිරීමට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨ... |
"රේගුවේ ලෙඩ නිවාඩු නවතී" | "ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර ඇත.මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන තිබේ." |
"ඇල්පිටිය PHI මැරූ වෙඩික්කරු අත්අඩංගුවට" | "අල්පිටිය, පතිරාජ මාවතේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ව ඝාතනය කිරීමේ සිදුවීමට අවශ්‍යව සිටි වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය පැවසුවේ, ගිනිඅවි දෙකක් ද සමග ගල්කිස්ස ප්‍රදේශයේ දී එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවය.ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර මහතා ඉකුත් පෙබරවා... |
"හිරුණිකාට ඇප දෙනවාට විරෝධය" | " බරපතළ වැඩසහිතව වසර තුනක සිර දඬුවම් නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුන්නේය. මෙම ඇප ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ සලකා බැලුණි. එහිදී රජයේ නීතිඥව... |
"ප්‍රවීන ගුවන්විදුලි නිවේදිකා සුමනා ජයතිලකයන්ගේ දිවි සැරිය නිමා විය" | " මෙරට බිහිවූ මහා සාහිත්‍යවේදියකු වන කේ.ජයතිලක මහතාගේ බිරිඳ වන ප්‍රවීන ගුවන්විදුලි නිවේදිකා සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත විය.ගුවන්විදුලියේ හඳ මාමා ළමා වැඩසටහන අඛණ්ඩව දශක කිහිපයක් මෙහෙයවූ ඇය මියයන විට 87 වැනි වියේ පසුවිය.1953 මැයි 24 වැනිදා කේ.ජයතිලක මහතා සමග විවාහවූ ඇය දරුවන් සිව් දෙනෙකුගේ මවකි." |
"දයාන් ලෙනව ගොනු කළ පෙත්සම රනිල් දන්නේ නැහැලු" | " 2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහාය පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරයේ විශ්වාස කරන බව එම නිවේදනයේ සඳහන් කර ඇත. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු ද... |
"රේගුව අද ලෙඩින්" | " සිය ඉල්ලීම්වලට බලධාරීන් නිසි විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීම ආරම්භ කළ බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි.මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට දිනයේදීද ක්‍රියාත්මක කරන බවද සඳහන් කරයි. අත්තනෝමතික ලෙස ආදායම් අධිකාරී පනතක් ගෙන ඒමත් රේගු ආඥා පනතේ වගන්ති ක... |
"අල්ලස් ගත් IP කෙනෙක් අත්අඩංගුවට" | "මහබාගේ පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් රුපියල් 25,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරු විසින් ලබාදී ඇති අගරු චෙක්පත් 2කට අදාළව මහබාගේ පොලිස් ස්ථානයේ කර ඇති ... |
"ඉන්දියාවේ තෙරපීමකින් මිය ගිය ගණන වැඩිවේ" | "උතුරු ඉන්දියාවේ හතරාස් ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මිය ගිය පුද්ගලයින් ගණන 121දක්වා ඉහළ ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.මියගිය පිරිස අතර කාන්තාවන් 112ක් ද ළමුන් 07ක් ද සිටින බව උත්තර ප්‍රාන්තයේ පොලිස්පති ප්‍රශාන්ට් කුමාර් මහතා පවසයි.තුවාල ලබා ඇති පිරිස 80ක් පමණ බවත් ඔවුන් ප්‍රතිකාර සදහා... |
"GAM ට ලකුණු 07ක ජයක්" | "LPL තරගාවලියේ ගෝල් මාවේල්ස් (GAM) සහ කොළම්බු ස්ට්‍රයිකර්ස් (CLS) අතර පැවති තරඟයේදී ලකුණු 07ක ජයක් GAM හිමි කර ගත්තේය.පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ඊයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් GAM සිය පන්දු වාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී ලකුණු 179ක් ලබා ගැනීමට සමත් විය.නිරෝෂන් දික්වැල්ල 50, ඉසුරු උදාන 52යි.පිළිතුරු ඉනිම ක්... |
"වාසනා දිල්රුක්ෂි රට පනී" | "මරණ දඬුවම නියමවී සිටින පාතාල කල්ලි නායක දෙමටගොඩ චමින්දගේ බිරිඳ වන වාසනා දිල්රුක්ෂි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගැනීමට සූදානම්වීමේදී රටින් පළාගොස් ඇත. ඇයව අත්අඩංගුවට ගැනීමට සූදානම්වී ඇත්තේ, ඇය විසින් උකස් මධ්‍යස්ථානයකට රුපියල් ලක්ෂ 30ක පමණ රන් භාණ්ඩ තොගයක් උකස් කළ බවට තහ... |
"මහනුවර අධිකරණ සංකීර්ණයෙහි බෝම්බ බිය ඇතිකළ අය අත්අඩංගුවට" | " මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබාදුන් පුද්ගලයා අද දහවල් ගිනිගත්හේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර පොලීසිය විසින් ගිනිගත්හේන පොලීසියට ලබාදුන් තොරතුරක් මත අදාළ දුරකථන අංකයේ හිමිකරු වන ගිනිගත්හේන කඩවල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් එලෙස සැකපිට අත්අඩ... |
"පක්ෂ කිහිපයකින් මැතිවරණ කොමිසමට පෙත්සමක්" | "ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදී ආණ්ඩුකාරවරුන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් මැදිහත්වී මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් රාජ්‍ය දේපොළ අවභාවිතා කරන බවට සමගි ජන බලවේගය,නිදහස ජනතා සභාව ඇතුළු පක්ෂ කිහිපයක් අද සවස මැතිවරණ කොමිෂන් සභාවට පෙත්සමක් භාරදී ඇත.බඩු මළු බෙදා දීම ආදී කටයුතු රාජ්‍ය දේපොළ අවභාවිතා කරමින් සිදුකරන බවත් ... |
"ට්‍රම්ප්ට නඩු දාන්න බැහැලු" | "හිටපු අැමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ධුරයේ සිටියදී සිදුකළ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අපරාධ නඩු ගොනුකළ නොහැකි බවට අමෙරිකානු උපරිමාධිකරණය ඊයේ තීන්දුකරමින් මෙම නියෝගය නිකුත් කර ඇත. අැමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයක් මෙවන් තීන්දුවක් ලබාදී ඇත්තේ ඉතිහාසයේ පළමුවරටය. හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පාර්ශ්ව කිහිපය... |
"මහනුවර අධිකරණයේ බෝම්බ බිය 16 දා තෙක්" | " මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇතැයි අද පෙරවරුවේ පැතිර ගිය රාවය හේතුවෙන් නතර කළ අධිකරණ කටයුතු මෙම මස 16 දා තෙක් නවතා දැමීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මහනුවර අධිකරණ සංකීර්ණයේ මෙලෙස බෝම්බයක් තිබෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් හේතුවෙන් අද පෙරවරුවේ සියලු අධිකරණ කටයුතු නවතා විනිසුරුවරු, නීතඥයි... |
"ජාතික ආණ්ඩුවකට සජබ කැමැති නෑ" | " වර්තමාන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිදු යෝජනාවකට සහයෝගය නොදිය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු කණ්ඩායම අද තීරණය කර ඇත. එවැනි යෝජනාවකට සහයෝගය නොදිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ගෙන ආ යෝජනාවට අද රැස්වූ සජබ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව අනුමත කර තිබේ." |
"දයාසිරිගේ ශ්‍රීලනිප ලේකම්ධුරයට දුන් අධිකරණ තීන්දුව" | "පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් හා ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂය ගනු ලැබූ තීරණය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය විසින් අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට එරෙහිව දයාසිරි ජයසේකර මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතු... |
"අනුර කුමාරව අමාරුවේ දමන හැටි ජනපති හෙළිකරයි" | "මෙරට සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 37ක් බවත් එය තමා බලයට පත්වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 71 ක් වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද කළ විශේෂ ප්‍රකාශයේදී සඳහන් කළේය.නමුත් මෙරට ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 100ක් දක්වා ඉහළ දමා ඇති බවට ව්‍යාජ සංඛ්‍යා දක්වමින් අනුර කුමාර දිසාන... |
"ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල අඩු කරයි" | "ගෘහස්ථ එල්පී ගෑස් මිල අද මධ්‍යම රාත්‍රී සිට අඩුකිරීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන ඇත.ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුවේ.එහි නව මිල රුපියල් 3690කි.කිලෝ ග්‍රෑම් 5 සිල්න්ඩරයක මිල රුපියල් 40කින් අඩුවේ.එහි නව මිල රුපියල් 1482කි.කිලෝ ග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 18කින් අඩුවේ.එහි නව මිල රුපියල් 6... |
"ණය ගෙවීමේ කාලය අඩුවීම ගැන සජිත් විමසයි" | "ජාත්‍යන්තර ණය ගෙවීමේ ක්‍රියාවලිය 2033 වසරේ සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අවස්ථාව ලබා දී තිබියදී එය 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සිදුව ඇත්තේ රජයේ දුර්වලතාවය නිසා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ... |
"ජනපති කී සුභ ආරංචි" | "ගොල්ෆේස් පිටියට ගොස් ගුටිකා පලාගිය දේශපාලඥයින්ට දැන් උතුරේ සිට දකුණට රටේ ඕනෑම තැනකට යාමේ නිදහස ඇතිකර දීම සුභ ආරංචියක්ද අසුභ ආරංචියක්දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය හමුවේ පැවසීය.තෙල් පෝලිම් නැති කිරීම,පෙට්‍රල් පෝලිම් නැතිකිරීම,විදුලිය කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබාදීම,රුපියල ස්ථ... |
"ජාත්‍යන්තර අත්දැකීම් නැති දේශපාලඥයින් කියන කථා ජනපති පාර්ලිමේන්තුවේදී පවසයි" | " කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගීම සඳහා තමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරුණු හතරක් ඔස්සේ සාකච්ඡා කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.ඒ අනුව රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කිරීම,ණය දෙන රටවල් සමග විශ්වාසයක් ගොඩනගා ගැනීම,විදේශ ආයෝජන ශක්තිමත් කරගෙන අපනයන ආර්ථි... |
"ගජ මුතු සමග ලාන්ස් කෝප්‍රල්වරයෙක් අත්අඩංගුවට" | " යුධ හමුදා ලාන්ස් කෝප්‍රල් වරයෙකු ගජ මුතු තුනක් සමග තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් තංගල්ල නගරයේදි අත්අඩංගුවට ගෙන ඇත.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය ගජබා රෙජිමේන්තුවේ 14 වැනි බලඇණියට අනුයුක්තව සේවය කරන මීමල් වැවල කල්ලංචියල අනුරාධපුරය ලිපිනයේ පදිංචි 26 හැවිරිදි ලාන්ස් කෝප්‍රල් වරයෙකි.සැකකාර යුධ හමු... |
"සම්බන්ධන් අභාවයට මෝදි දුක් වෙයි" | " ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා කෘතහස්ත ද්‍රවිඩ ජාතික සන්ධාන (TNA) නායක ආර්. සම්බන්ධන් මහතාගේ අභාවය වෙනුවෙන් සංවේගය පළ කළරමින් ශෝක පණිවුඩයක් නිකුත් කර ඇත. එය මෙසේය.“කෘතහස්ත TNA නායක ආර්. සම්බන්ධන් මහතාගේ පවුලේ සාමාජිකයන් සහ මිත්‍රයන්ට මාගේ සාතිශය සංවේගය පළ කර සිටිමි. එතුමා සමඟ පැවති හමුවල සොඳුරු මතක සැම... |
"මුහුදුබඩ දුම්රිය පමාවක්" | "බම්බලපිටිය සහ වැල්ලවත්ත අතර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අනතුරකට ලක්වී ඇති නිසා මුහුදු බඩ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි." |
"අද කාලගුණය" | "බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (02දා) වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම නිවේදනයට අනුව සඳහන් කරන්නේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හ... |
"LPL පළමු ජය KAFට" | "ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති පළමු තරගය කඩුලු 06කින් ජයගැනීමට කැන්ඩි ෆැල්කන්ස් (KAF) කණ්ඩායම සමත් විය.ඒ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම(DAS) කඩුලු 06කින් පරාජයටපත් කරමිනි.තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්විය.ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දඹුල්ල සික්සර්ස් කණ්ඩ... |
"පාර්ලිමේන්තු දෙදින විවාදය නෑ" | "විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සම්මත කිරීම සඳහා යෝජනා කර තිබූ පාර්ලිමේන්තු දෙදින විවාදය නොපැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී අද (01දා) තීරණය කර තිබේ. ඒ අනුව හෙට (02දා) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් පමණක් සිදු කරන බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය පැවසුවාය." |
"අභාවප්‍රාප්ත සම්බන්ධන්ගේ අවසන් කටයුතු ඉරිදා" | "අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්දන් මහතාගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක හෙට (02) සිට මහජන ගෞරවය පිණිස තැන්පත් කිරීමට නියමිතව ඇත. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ඒ මහතාගේ දේහය මේ වන ිවට එම මල් ශාලාව වෙත රැගෙන ගොස් ඇත. දේහය අනිද්දා දින ත්‍රිකු... |
"හිරුණිකා ඇප ඉල්ලයි" | "බන්ධනාගාර ගත කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමජයන්ත මහත්මියට ඇප ලබා ගැනීමේ අරමුණින් ඇයගේ නීතිඥයන් විසින් අභියාචනාකරණයට ඇප අයදුම්පත්‍ර ඉදිරිපත් කර ඇත. තමන්ට නියම වී ඇති වසර තුනක සිරදඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් අභියා... |
"දිවි බේරුණු ධීවරයා හම්බන්තොට රෝහලට" | "ඩෙවොන් 5 නමැති බහුදින ධීවර යාත්‍රාවේ සිට දිවි බේරාගත් ධීවරයා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාව මඟින් අද (01දා) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන විත් තිබේ. පසුව ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත ඔහුව ඇතුළත් කර ඇත." |
"රෝහලෙන් පලා යමින් සිටි රෝගියෙකු මරුට" | "එන්නත් ලබා දීම සම්බන්ධයෙන් බියට පත් වූ රෝගියෙකු වවුනියාව මහ රෝහලෙන් පලා යමින් සිටියදී වාහනයක ගැටීමෙන් ඊයේ (30දා) මහමග මියගොස් තිබේ.වවුනියාවේ ආච්චිපුරම් ප්‍රදේශයේ පදිංචි ඇලෝසියස් ෂෙල්ටන් නැමති 52 හැවිරිදි මෙම පුද්ගලයා රෝගී තත්ත්වයක් හේතුවෙන් වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.මේ පුද්ගලයා ඖෂධ එන්නත් ලබා ගැනීමට අකැමති ඒ ග... |
"එල්ලෙන බව කියමින් පෙම්වතිය බිය කළ තරුණයා නසී" | "පෙම්වතිය බිය කිරීමට බෙල්ලේ ලණුවක් ගැට ගසා ගසක එල්ලෙන බව කියමින් සිටි වවුනියාවේ තරුණයෙකු එම ලණුවේ ගැටය සිරවීම හේතුවෙන් ඊයේ (30දා) මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ වවුනියාව බෝගස්වැව පදිංචි 17 හැවිරිදි තරුණයෙකි.ඔහු නන්දිමිත්‍රගම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි තරුණියක සමග ප්‍රේම සබදතවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර දෙදෙනා කිසිය... |
"හිරුණිකා බලන්න සජිත් වැලිකඩට" | "සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සුවදුක් විමසීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් තිබේ. එහිදී විපක්ෂ නායකවරයා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සහ ඉදිරි නීතිමය කටයුතු සම්බන්ධයෙන් දීර්ඝව ඇය සමග සාකච්ඡා කොට ඇති බව පැවසෙන අතර සජබ කාන්තා සංවිධානය... |
"හංසමාලි වත්කම් විමර්ශන ඒකකයට" | "නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලීව අද (01දා) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ තිබේ. සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇතැයි කියමින් ලද පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය මෙලෙස එම ඒකකයට පැමිණ ඇත. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ස... |
"වැඩබලන නීතිපති දිවුරුම් දේ" | "ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දී ඇත. එිටපු නීතිපති සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වැනිදායින් අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණි. නව නීතිපති පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශය ඉදිරියේ දී ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුක... |
"අද තද සුළං සහ වැසි" | "අද තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.ඒ අනුව අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාවට සැලකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුද ප්‍රදේශය ඉතා රළු විය හැකිය.මේ අතර බස්නාහි... |
"බස් දෙකක් ගැටී 15කට තුවාල" | "කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී අද උදෑසන ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇත.ඉන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.තුවාලකරුවන් වතුපිටිවල සහ වරකාපොළ රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ." |
"ආර්.සම්බන්ධන් දිවියෙන් සමුගනී" | "ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු විපක්ෂ නායක ආර්.සමබන්ධන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහතා 91 වැනි වියේ පසු විය.පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මිය ගොස් ඇත." |
"සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනයක්" | "අද (30 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇත. ඉන්ධන වර්ග දෙකක මිල ගණන් නොවෙනස්ව පවතී. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකර ඇත. එහි නව මිල රුපියල් 344කි.ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල 41කින් අඩුකර... |
"ප්‍රවාහන සේවයට ගැසට්ටුවක්" | "පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් රජය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත්තේ ජනාධිපති ලේකම්වරයා විසිනි. මේ අනුව මගින් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා හෝ පොදු ගමනාගමන සේවා මෙන්ම මංමාවත්, පාලම... |
"හිටපු ජනපති චන්ද්‍රිකාගෙන් උපන්දින පණිවුඩයක්" | " මා රට වෙනුවෙන් කළ ඇතැම් දෑ මටත් අමතක නම් රටේ ජනතාවට ඒවා මතක තිබේවි යැයි සිතීම උත්ප්‍රාසජනක බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියසිය උපන් දිනය වෙනුවෙන් ෆේස්බුක් ගිණුමේ සටහනක් සඳහන් කරයි.1945 ජූනි 29 වැනිදා උපන් ඊයේ ඇයගේ 79 වැනි උපන් දිනය යෙදී තිබුණි. මා මේ පොළොව මත ගතකළ හැත්තෑ නවවන වසර ගෙවා දමා ... |
"කෝලි සහ ෂර්මා T20 වලට සමු දෙති" | "විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව ජයග්‍රහණය කිරීමෙන් පසු ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි ප්‍රකාශ කළේ තමන් 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බවය.විරාත් කෝලි 20යි 20 ජාත්‍යන්තර වරම් හිමි කරගත්තේ 2010 වසරේද ජුනි 12 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදීය.කෝලි 20යි 20 ජාත්‍යන්තර ත... |
"මිරිස් වලින් අයිස්ක්‍රීම්" | " කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂි අංශ නවීකරණ වැඩ සටහනේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය යටතේ අප රටේ පළමුවරට මිරිස්වලින් නිෂ්පාදනය කරන ලද අයිස්ක්‍රීම් හඳුන්වා දීමට නව නිපැයුම්කරුවෙකු වන වැලිමඩ දරගල පදිංචි ලසන්ත රුවන් ලංකාතිලක මහතා ( දුරකථන අංක 077-1719988, 071-2503676) විසින් පියවර ගෙන ඇත. ඒ මහ... |
"හිරුණිකාට හිර ඇඳුම් දෙයි" | "බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර තිබේ.ඒ, වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහාය.බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ඇය වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ ආර් වාට්ටුවේ රඳවා සිටින බවය .හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර... |
"විස්සයි විස්ස ලෝක ශූරයෝ ඉන්දියාව" | "2024 විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.ජයග්‍රහණය සදහා ලකුණු 177ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක්දැ වී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 169ක් පමණි.ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 07ක ජයක් හිමි විය. මේ සමග ඉන්දියාව වසර 14කට පසු නැවත ලෝක ශුරයින් බවට පත්... |
"ඉන්දියාව 176/07" | "විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 07 දැවී ලකුණු 176ක් ලබා ගැනීමට සමත් විය.විරාත් කෝලි 76යි.මෙය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගයක එක් කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවය." |
"කාසියේ වාසිය ඉන්දියාවට" | "ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය බටහිර ඉන්දීය කොදෙව් හිබ්‍රිජ්ටවුන්හි පැවැත්වීමට නියමිතය.කාසියේ වාසිය දිනූ ඉන් පසුව කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර ඇත.තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතය.අපරාජිතව අවසන් මහා තරගයට පැමිණ... |
"පියුමිටත් FCID යන්න වෙයි" | "සැකකටයුතු අන්දමින් රුපියල් කෝටි ගණනක දේපළ උපයාගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.ඇය රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 09ක පවත්වා ගෙන යන බැංකු ගිණුම් 19 ක තොරතුරු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ඉල්ලා ඇති අතර එම තොරතුරු විමර්ශනය කිරීමෙන් පසු හ... |
"රනිල් ෆොන්සේකා ගෙන් වැඩ ගන්න හදයි" | "ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුදාවේ දී මෙන්ම සිවිල් ජීවිතයේ අභියෝග රැසකට ද මුහුණ දීමට සිදු වූ බවත් එහිදී ඔහු තනි වූ අවස්ථාවේ සහ බන්ධනාගාරගත වූ අවස්ථාවේ තවත් ශක්තිමත් චරිතයක් බවට පත් වී යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඉන් පසුව යහපාලන රජය යටතේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර එතුමාට ෆීල්ඩ... |
"හිරුණිකා ඇප ඉල්ලයි" | "ඩිෆෙන්ඩර් රථයක් යොදාගෙන තරුණයකු පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ කොළඹ මහාධිකරණය විසින් වසර 3ක සිර දඬුවම් නියම කළ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප ඉල්ලා සිටීමට නියමිත බව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ කොළඹ මහාධිකරණයට දන්වා ඇත.වරදට එරෙහිව අභියාචනයක් ගොනුකර ඇ... |
"රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට" | "එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර රිය අනතුරක් සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.කරුවලගස්වැව 07 කණුව මී ඔය ආසන්නයේ අලිමංකඩ ප්‍රදේශයේදී අද (29) අලුයම 4.30 පමණ ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීවිල් රථයක ගැටීමෙන් මෙම අනතුරු සිදුවී ඇත.අනතුර... |
"සරත් ෆොන්සේකාගේ කෘතිය ජනගත කරයි" | "සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත ‘මම මේ යුද්ධය ඊළග යුද්ධ හමුදාපතිට ඉතිරි නොකරමි’ ග්‍රන්ථය එළි දැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ සවස නෙලුම් පොකුණ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.එහිදී සරත් ෆොන්සේකා මහතා විසින් සිය කෘතිය ජනාධිපතිවරයා වෙත පළමුව ... |
"කෙහෙළියලා තවදුරටත් රිමාන්ඩ්" | " ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් ඖෂධ ගෙන්වීම සම්බන්ධ චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජුලි මස 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනගාරගතකිරීමට නියෝග කර ඇත. සැකකරුවන් අද මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.... |
"ඔන්ලයින් මූල්‍ය වංචා කළ ඉන්දියානුවන් 137ක් අත්අඩංගුවට" | " ඔන්ලයින් ඔස්සේ මූල්‍ය වංචා සිදුකරමින් සිටි ඉන්දීය ජාතිකයින් 137 දෙනෙක් ඊයේ දිනය තුළදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. මීට පෙර ඉන්දුනිසියානු, බංග්ලාදේශ, පාකිස්තාන සහ වෙනත් රටවල පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.මොවුන් සමග ජ... |
"‘වේ ප්‍රෝටීන්’ අස්සේ රුපියල් කෝටි 18ක මත් ද්‍රව්‍ය" | " කායවර්ධන ක්‍රීඩකයින් තම මස් පිඩු වර්ධනය කර ගැනීම සදහා භාවිතා කරන , වේ ප්‍රෝටීන් , අඩංගු බෝතල් 13 ක් තුළ අසුරා තිබූ රුපියල් දහ අට කෝටි පනස් ලක්ෂයක් වටිනා , කුෂ් , නැමැති ගංජා තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් අද අත්අඩංගුවට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සමත්විය. ගුවන් තැපැල් පාර්සල් සේවය ඔස්සේ ස... |
"අස්වැසුමට රුපියල් බිලියන 11.6ක් මුදා හරී" | " අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ 2024 ජුනි මාසය සඳහාසංක්‍රාන්තික හා අවධානමට ලක්වූ කාණ්ඩවලට අයත් ප්‍රතිලාභීන්ට විශේෂ දීමනාගෙවීම සඳහා රුපියල් බිලියන 11.6ක මුදලක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින්සමස්ත ප්‍රතිලාභීන් 622,495 දෙනෙකුගේ බැංකු ගිණුම් වෙත ඊයේ මුදා හැරඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. වත්මන් ආර... |
"බස් ගාස්තු අඩු කරයි" | "ජූලි 1 වැනිදා සිට බස් ගාස්තු සියයට 5කින් පහළ දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් 28කි. වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර අද පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන තිබේ." |
"සංජය මහවත්ත රිමාන්ඩ්" | "ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් ,මගෙන් රටට, නමැති සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතාව ජුලි 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය. පොලීසිය පිළිබඳව හා උසස් පොලිස් නිලධාරීන් පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීමේ චෝදනාවකට ඔහු ඊයේ පෙරවරුවේ ත්‍රස්ත වි... |
"විදෙස් ණය ගිවිසුම් විවාදය දින දෙකක්" | "ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන් ලබාගෙන ඇති ණය සම්බන්ධ ගිවිසුම් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගැන විවාදය ලබන මස 02 වැනිදා සහ 03 වැනිදා යන දෙදින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිඹඳ රැස්වීමේදී තීරණය කර ඇත.විවාදය සම්බන්ධ ඡන්ද විමසීම 03 වැනිදා සවස සිදුකිරීමට ද තීරණය කර තිබේ." |
"ලෝටස් පාර අදත් වසයි" | " ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කර තිබෙන විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් මාර්ගය වසා දැමීමට පොලිසිය පියවර ගෙන ඇත.විරෝධතාකරුවන් එම මාර්ගයේ පා ගමන සංවිධානය කර තිබේ. ඉන් මතුව ඇති අවහිරතාවය නිසා මාර්ගය වසා දැමීමට පියවර ගත් බව පොලිසිය පවසයි." |
"හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ" | " කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව හෙට පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15ක කාලයක් ජලසැපයුම අත්හිටුවනු ලබයි. කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා බලප්‍රදේශ ද මහරගම, බොරලැස්ගමුව,කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශ සහ කොටිකාව... |
"රට ඉදිරියට ගෙන යාහැකි එකම නායකයා රනිල් යැයි ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමියෝ පවසති" | " ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනඟමින් රට ඉදිරියට ගෙන යාමට හැකි එකම නායකයාජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් එතුමාගේ වැඩපිළිවෙළට සමස්ත මහාසංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්මමහා සංඝ සභාවේ මහා නායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපතිඅග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාය... |
"ට්‍රැෆික් කොස්තාපල්වරයෙක් දිවි නසාගනී" | "තංගල්ල මුලස්ථාන පොලිසියට අනුයුක්තව රථවාහන රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල් වරයෙකු ඊයේ සවස රාජකාරී නිමා වී නිවසට පැමිණීමෙන් පසු ගෙළ වැළලාගෙන මියගොස් ඇතැයි හක්මන පොලිසිය කියයි.මෙලෙස ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන ඇත්තේ තංගල්ල මුලස්ථාන පොලිසියට අනුයුක්තව රථ වාහන රාජකාරියේ නිරත හක්මන පොත්තෙවෙල පදිංචි 38 හැවිරිදි තිදරු පියෙකු ... |
"දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ අනතුරකින් තිදෙනෙක් මරුට" | " ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී සිදුවූ අනතුරකින් 3 දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. සිකුරාදා උදෑසන ඇතිවූ අධික වර්ෂාව සහ සුළඟ හේතුවෙන් එම ගොඩනැගිල්ලේ වහලේ කොටසක් කඩා වැටී තිබේ. ඉන් පෞද්ගලික මෝටර් රථ සහ ටැක්සි රථ කිහිපයකට හානිවී තිබුණි. මේ ... |
"හිරුණිකාට සිර දඬුවම්" | "දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් අද නියම කළේය.කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබ... |
"ලංකාවේ ගැහැණු හරි අඩක්ම මහතලු" | "ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට 50ක් පමණ ස්ථූලතාවයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා පවසයි. ළමුන් අතර ද ස්ථුලතාවය ඉහළ යමින් පවතින බව ද ඒ මහතා සඳහන් කරයි. “අපි ස්ථුලතාවය කියන කාරණය අමතක කරලා තියෙන්නේ. හැම වෙලාවෙන මන්දපෝෂණය ගැන තමයි අවධානය යොමු කරන්නේත නම... |
"‘මගෙන් රටට’ සභාපති අත්අඩංගුවට" | "ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් මත මගෙන් රටට ව්‍යාපාරයේ සභාපති සංජය මහවත්ත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත." |
"එංගලන්තය පැරදූ ඉන්දියාව අවසන් මහා තරගයට" | "එංගලන්තය ලකුණු 68 කින් පරාජයට පත් කරමින් ඉන්දියාව හෙට (29දා ) සෙනසුරාදා දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.ඊයේ පැවති අවසන් පූර්ව තරගයේදී කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.ඒ අනුව පන්දුව... |
"ජනපතිට තහනම් නියෝගයක් නිකුත් කිරීමේ පෙත්සම කඩිනමින් විභාගයට" | " අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා විනිසුරුවරුන් නම් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම කඩිනමින් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කර ඇත. අදාළ තහනම් නියෝගය ඉවත් කිරීමේ හෝ වෙනස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පූජ්‍ය දඹර අ... |
"ඉන්දියාව ශ්‍රී ලංකාවට දිගටම සහාය දෙන බව පවසයි" | " ශ්‍රී ලංකාව විදේශ රටවලින් ලබාගත් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් නිල ණය හිමියන්ගේ කමිටුව ඊයේ දින අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම මගින් පෙන්නුම් කරන්නේ ආර්ථිකය ස්ථායිකිරීම සම්බන්ධයෙන් සහ ප්‍රතිසංස්කරණ සහ වර්ධනය වෙත යන ගමනේදී ශ්‍රී ලංකාව විසින් ලබා ඇති ශක්තිමත් ප්‍රගතිය යැයි කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිව... |
"පවිත්‍රාගේ ගැසට්ටුවට අධිකරණය හරස් වෙයි" | " විල්පත්තුව ආශ්‍රිත වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයේ කොටසක් ඉස්සන් වගාව සඳහා වෙන්කරමින් වනජීවි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් වහාම ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. පරිසර සංවිධාන කිහිපයක් විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙ... |
"බච්චන්ට එහා ගිය රංගන ශිල්පීන් ගැන විපක්ෂ නායක පවසයි" | "ලෝකයේ හොඳම සිනමා ශිල්පීන් වන්නේ සිනමා කරුවන් වුවත් අප රටේ හොඳම රංගන ශිල්පීන් වී ඇත්තේ පාලකයෝ බවත් ඔවුන් අමිතාබ් බච්චන්ටත් එහා ගිය රංගනයක නිරත වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එම නිසා ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීම ජනතාවගේ වගකීම බවත් මේ රජය සමහර දත්ත පවා සඟවා ඇති බවත් පවසන විපක්ෂ නායකවරයා අර්ථ සාධක අරමුදලට ... |
"කොළඹ ගංවතුර ගැන සාගල විමසයි" | " කොළඹ දිස්ත්‍රික්කයෙහි ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි මූලික වාර්තාවක් සකස් කර සති දෙකක් තුළ ජනාධිපති කාර්යාලය වෙත ලබා දෙන ලෙසත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේ... |
"රජයේ අනියම් සේවකයින් 8435 දෙනෙකුට ස්ථිර පත්වීම්" | " පළාත් පාලන ආයතන තුළ තාවකාලිකල අනියම් ආදේශකළ කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන් 8435 දෙනෙකුට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයටකට අනුව මෙම පත්වීම... |
"බොලිවියානු හමුදා කුමන්ත්‍රණය පරදී" | " බොලිවියාවේ රජය පෙරළා දමා හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගැනීමට තැත් කළ එරට හමුදා ජෙනරාල් ජුආන් ජෝසි සුනිගා අත්අඩංගුවට ගැනීමට බොලීවියානු පොලිසිය සමත්වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඔහුගේ නායකත්වය යටතේ හමුදා කණ්ඩායමක් ලා පාස් අගනුවර පිහිටි ජනාධිපති මන්දිරයට ඊයේ සවස කඩා වැදී තිබුණි. එසේම රජයේ ප්‍රධාන ගොඩනැගිලි පිහිටා ඇති... |
"ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුත් ඉල්ලා අස්වෙයි" | " ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පෞද්ගලික හේතු මත ඔහු එම තීරණය ගෙන ඇති බව දන්වා ඇතැයිද එම නිවේදනයේ සඳහන් කර ඇත." |
"ජනපති දළදා සමිදු ආශීර්වාද ලබා ගනී" | " ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගයට ගොස් දළදාවහන්සේ වැඳපුදාගෙන ආශීර්වාද ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි." |
"රටේ මීළග දේශපාලන බලවේගය නාමල් රාජපක්ෂ හෙළි කරයි" | "මේ මහ පොළොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ දේශපාලන පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.ඒ හේතුවෙන් අපේ රටේ ශක්තිමත්ම දේශපාලන බලවේගය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ගොඩනැඟුණු ශ්‍රී ලංකා පොදුජන පෙර... |
"ද.අප්‍රිකාව අවසන් මහා තරගයට" | "ඇෆ්ගනිස්ථානය කඩුලු 09කින් පරාජයට පත් කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු වරට අද විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.ජයග්‍රහණය සදහා ලකුණු 57ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව පන්දු වාර 8.5කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 60ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය." |
"අඩුම ලකුණු සංඛ්‍යාවකට ඇෆ්ගනිස්ථානය දැවී යයි" | "ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ අද ආරම්භ වූ පළමු අර්ධය අවසන් පූර්ව තරගය වන දකුණු අප්‍රිකාව හා ඇෆ්ගනිස්ථාන අතර තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දු වාර 11.5කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 56කි.මෙය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අර්ධ අවසන් පූර්ව තරගයකදී කණ්ඩායමක් විසින් ලබා ... |
"ජනපති යළි පරාදයි" | "නීතිපති සංජය රාජරත්නම්ගේ ධුර කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබේ.මෙහිදී ඡන්දයක් පවත්වා ඇත. අදාළ යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ පක්ෂව මන්ත්‍රීවරු 3 දෙනෙකු ඡන්දය භාවිත කර තිබේ.මීට පෙරද මෙලෙසින් අදාල යෝජනාව ... |
"ජනපති කළ විශේෂ ප්‍රකාශය" | "ඇතැමුන් ජනාධිපතිධූරය වෙනුවෙන් වෙහෙසෙද්දී තමා වෙහෙසෙන්නේ රට වෙනුවෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය. අද අපේ රටේ මෑත ඉතිහාසයේ වැදගත් දවසක්. සුවිශේෂී සංධිස්ථානයක්. පසුගිය කාලය පුරාම අප වෙහෙසුණු කාර්යයක යහප... |
"මහේල ඉල්ලා අස්වෙයි" | "ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණු තනතුරින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි." |
"ෆොනීගේ පොත එළිදැක්වීමේ උළෙලට ජනපතිත්" | "සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත ග්‍රන්ථය එළි දැක්වීම මෙම මස 28 වැනිදා පස්වරු 4.00ට කොළඹ නෙළුම් පොකුණ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.මෙම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි." |
"ඩොලර් බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගතකරණය කරයි" | "ඩොලර් බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගතකරණය සදහා චීන එක්සිම් බැංකුව හා ශ්‍රී ලංකාව අතර ගිවිසුම් අත්සන් තැබීම චීනයේ බීජිං නුවරදී සහ කොළඹදී අද සවස සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මෙම ප්‍රතිව්‍යුහගත කිරීම මගින් රටට සැලකිය යුතු ණය සහන සැලසෙන බවත් අත්‍යාවශ්‍ය පොදු සේවාවන් සදහා වැඩි අරමුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට මෙන්ම යට... |
"ගුරු වර්ජනය හෙටත්" | "කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද පැවැති ගුරු උද්ඝෝෂණයට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වා හෙට (27දා) දිනයේදීද ගුරු-විදුහල්පති සංගම් වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසීය." |
"ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟයි" | "ශ්‍රී ලංකාව මෙරට ද්වීපාර්ශික ණය හිමියන්ගේ නිල කමිටුව සමග අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගතකරණ අවසන් එකඟතාවට අද (26දා) පැරසියේදී එළඹී තිබේ. මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන අතර අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වා ගැනීමටත් සංවර්ධන අවශ්‍යතා සඳහා මූල්‍ය පහසුකම් සපයා ගැනීමටත් හැකිවන බව ජනාධ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.