Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"අරලියගහ මන්දිරයට ඩ්‍රෝන යැවූ ඉන්දියානු ජාතිකයින් දෙදෙනා කොටු"
"අරලියගහ මන්දිරයට ඩ්‍රෝන යානයකට සමාන ක්‍රීඩා උපකරණයන් යැවූ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙක් කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇතග මෙම ඉන්දියානුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 24 වෙනිදා රාත්‍රී කාලයේදීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි සහ 36 හැවිරිදි ඉන්දිවානු ජාතිකයන් දෙදෙනෙකි."
"ගුරු විරෝධතාවට කඳුළු ගෑස්"
"ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් විරෝධතාවයේ නිරත ගුරු විදුහල්පතිවරු කොළඹ කොටුවේදී කළ විරෝධතාවයට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. අදාල විරෝධතාවය හේතුවෙන් පිටකොටුව සහ ඕල්කොට් මාවත සහ අවට මාර්ග වල දැඩි වාහන තදබදයක් ද ඇතිව තිබුනු අතර විරෝධතාවය හේතුවෙන් ලෝටස් මාර්ගය වසා දමා තිබිණ."
"මල්ශාලා හිමිකරු අවමංගල රථයේම ඝාතනය කෙරේ"
" අම්බලන්ගොඩ රෙමන් මල්ශාලාවේ හිමිකරු ඊයේ (25දා) රාත්‍රි තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කොට ඇති බැව් අම්බලන්ගොඩ පොලිසිය පවසයි. නාදුනන පුද්ගලයෙකු විසින් මල්ශාලා හිමිකරුගේ හිසට පහරදි මෙම ඝාතනය සිදුකොට ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇති අතර මල්ශාලා හිමිකරු අවමංගල රථයේ රියදුරු අසුන තුලදි ඝාතනය කොට ඇති අතර මෙසේ ඝාතනය කොට ඇත්තේ ...
"හෙට අනිද්දා රෙජිස්ටාර්ලාත් නෑ"
"තම වෘත්තීය ගැටලුවලට දිරග කාලයක් තිස්සේ විසඳුම් ලබා නොදිමට විරෝධය පල කරමින් රෙජිස්ටාර් ජනරාල් දෙපාරතමේන්තුවේ සියලුම රෙජිස්ටාරවරුන් හෙට සහ අනිද්දා (27,28) දෙදින ලෙඩ නිවාඩු වාරතාකර සේවයෙන් ඉවත්වන බව රෙජිස්ටාර් සේවා නිලධාරි සංගමය පවසයි."
"කල් පනින ගුවන් ගමන් බලපත්‍ර වලට වෙන දේ"
"ජූලි 01 වැනිදා සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර වල කාලය වසරකින් දීර්ඝ කර ඇත. ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ, ඊ පාස්පෝර්ට් ලබාදිමේ අරමුණින් එම තීරණය ගත් බවය. කිසියම් විදෙස් ගමන් බලපත්‍රයක් වලංගු වසර 10ක කාලසිමාව ඉක්මවීමෙන් පසුව ඊට තවත් වසරක කාලයක් ලබා දෙන්නේ ඊ පාස්පෝර්ට් නිකුත් කරන තුරු පමණක්...
"යාපනයේ කටුසු බයිට්"
" යාපනයේ පේදුරුතුඩුව සෙල්වචන්නිධි කෝවිලේ මංගල්ලය පැවැත්වෙන සමයේ ඉදි කළ තාවකාලික වෙළද සැලකින් අලෙවි කළ බයිට් පැකැට් එකක් තුළ විශාල කටුස්සෙකු රෝස් වී සිටියදී පාරිභෝගිකයෙකුට හමු වී තිබේ.වහාම එම පාරිභෝගිකයා අදාල බයිට් පැකැට් එක පේදුරුතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය වෙත රැගෙන යාමෙන් පසුව නිලධාරීන් පිරිසක් පැමිණ වෙළද සැල ...
"ඉන්දීය ලෝක් සභාවේ කතානායක ඕම් බිර්ලා"
"ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ යෝජනාකින් ඉන්දීය ලෝක් සභාවේ කතානායක ධුරය සඳහා ඕම් බිර්ලා තේරීපත්විය.මේ අතර 18 වැනි ලෝක් සභා සැසිවාරයේ පළමු දිනයේ, අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරු 262 දෙනෙක් දිවුරුම් දුන්හ."
"ඩක්වර්ත් -ලුවිස්ගෙන් ඩක්වර්ත් හැලේ"
"වර්ෂාවෙන් බාධා එල්ලවන ක්‍රිකට් තරගවල ප්‍රතිඵලය තීරණය කිරීමට යොදාගන්නා ඩක්වර්ත් – ලුවිස් ක්‍රමවේදයේ නිපැයුම්කරුවෙක් වූ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් (අවු.84) ජීවිතක්ෂයට පත්වී ඇත. සංඛ්යානවේදීන් වන ඩක්වර්ත් සහ ටෝනි ලුවිස් විසින් නිර්මාණය කරන ලද එම ක්‍රමවේදය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විධිමත් ලෙස සම්මත කරන ලද්දේ 2001 දීය."
"ගුරු විරෝධතාවයට තහනම් නියෝගයක්"
"කොළඹ කොටුවදී අද (26දා) දහවල් පැවැත්වීමට නියමිත තිබූ ගුරු – විදුහල්පති විරෝධතාවයට සම්බන්ධ වන කිහිපදෙනෙකුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කර ඇත. ඒ අනුව ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහල අමි, සඳරුවන්ල වාස් ගුණවර්ධන, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, මයුර සේනානායකල පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි, පුංචිහෙට්...
"කාලගුණ රතු නිවේදනයක්"
"තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අද නිකුත් කර තිබේ.එම නිවේදනය අද අලුයම 3.30 නිකුත් කර ඇති අතර ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වේ.ඒ අනුව අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියාකරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව සඳහා වඩාත් සැලකිලිමත් වන ලෙස අදාළ නිවේදනයේ දැක්වේ.සක්‍රීය නිරිතදිග...
"ගුරු විදුහල්පති ලෙඩ නිසා පාසල් අඩපණයි"
"ගුරු- විදුහල්පති වෘත්තීය සමිති අද දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරතව සිටින බව ලංකා ගුරු සංගමය පවසයි.එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, සියලුම ගුරු – විදුහල්පතිවරුන් කොළඹට කැඳවා විරෝධතාවක් පැවැත්වීමටද නියමිත බවය.අද දිනයේ ගුරුවරු ලෙඩ නිවාඩු වාර්තා කර ඇති බැවින් බොහෝ පාසල්වල දරුවන්ට...
"A9 මාර්ගයේ අනතුරකින් තිදෙනෙක් මරුට"
"මාන්කුලම් පොලිස් වසමේ මහනුවර – යාපනය ඒ 9 මාර්ගයේ පනිච්චන්කුලම් ප්‍රදේශයේ දී ඊයේ රෑ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.යාපනය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් ආපදාවකට ලක්ව ඇති අවස්ථාවක රියදුරු සහ එහි සිටි මගීන් කිහිපදෙනෙකු බස් රථයෙන් බැස එය අලුත්වැඩියා සිදුකරමින් සිටිය දී එම දිසාවෙන් ම පැමිණ...
"රනිල් ජනපති කළ අය මහින්දානන්ද හෙළි කරයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කරනු ලැබූවේ හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරු හා බැසිල් රාජපක්ෂ මහතාගේ එකගතාවයක් මත බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.එබැවින් එහි වගකීම ඔවුන්ට පැවරෙන බවත් තමා එම තීරණය අනුව කටයුතු කරන බවත් සඳහන් කරයි....
"ඇෆ්ගනිස්ථාන නායකගෙන් නව වාර්තාවක්"
"විස්සයි විස්ස ක්‍රිකට් තරගාවල වේගයෙන් කඩුලු 150ක් දවා ගත් ක්‍රීඩකයා බවට පත් වෙමින් නව වාර්තාවක් තැබීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායක රෂිඩ් ඛාන් සමත් විය. ලෝක කුසලාන තරගාවලියේ බංගලාදේශය සමඟ පැවැත්වෙන තරගයේ දී රෂීඩ් හුසෙයින්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ ඔහු තරග 92ක දී මෙම කඩුලු 150 සංඛ්‍යාව දවාගෙන ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා ස...
"අගමැති විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවයි"
"2024 ජූලි මස 02 වැනිදා අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව මෙම කැඳවීම සිදුකර ඇතැයි පාර්ලිමේන්තු සංනිවේදන අංශය සඳහන් කරයි. එබැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටින බ...
"උසස් පෙළ සිසුවෙක් ගිනි අවියකින් දිවි නසාගෙන"
" උසස් පෙළ පාසල් සිසුවෙක් පියා සතු ගිනි අවියෙන් වෙඩි තබා ගෙන සියදිවි නසාගෙන ඇත.මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ පාර උලපනේ පදිංචි කේ.එම්.බී.ආර්.ජී. කුලසේකර නමැති 18 හැවිරිදි සිසුවෙකි.ගම්පොළ ඇත්ගාල පොලීසිය පැවසුවේ රැකියාවට යන මවට වැඳ කාමරයට ගොස් ඇති අදාළ සිසුවා කාමරයේ දොර අගුල් දමාගෙන පතොරම් තුවක්කුවකින් මුඛයට වෙඩිතබා ගෙන මියගො...
"ඈන් කුමරියට අශ්වයෙක් පහරදීලා"
" බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ සොහොයුරිය වන ඈන් කුමරියට ආධුනික අශ්වයෙකු පහරදීම නිසා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි එරට මාධ්‍ය පවසයි. කුමරිය මෙම අනතුරට ලක්ව ඇත්තේ ඊයේ ගැට්කොම්බි උද්‍යාන වතුයායේදී බව බකින්හැම් මාළිගයේ රාජකීය පවුල විසින් නිකුත් නිල නිවේදනයෙහි සඳහන් කර ඇත. අනතුරින් කුමරියගේ හිසට තුවාල සිදුවී ඇති අතර ඇය මේ වනවිට...
"චීන සමාගමකින් ඩීසල් නැව් තොග හතරක්"
"ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත ඩීසල් නැව් තොග 04ක් මිලදී ගැනීම සදහා චීන සමාගමකට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට රජය තීරණය කර ඇත.ඒ අනුව අගෝස්තු මස 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය සදහා ඩීසල් බැරල් 280,000 බැගින් වූ නැව් තොග 04ක් චීනයේ zhongxi Energy Development (Ningbo) සමාගම වෙත පිරිනැමීම සඳහා විදුලි බල හා බලශක්ති ඇ...
"ඇෆ්ගනිස්ථානයේ සිහින සැබෑවේ"
"විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුපිරි අට වටයේ අද පැවැති ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතර තරගය ලකුණු 08කින් ජය ගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 115ක් ලබා ගැනීමට සමත් විය. බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට...
"ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේදී නාවික සෙබලෙක් මරුට"
"ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී තුවාල ලැබූ නාවික හමුදා සෙබළෙක් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි නාවික හමුදාව පවසයි. ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධීව ට්‍රෝලර් යාත්‍රාවකින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම අනතුර සිදුව ඇත."
"ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර්"
" ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් ලබාදීමට අනුමත කර ඇත. ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම මූල්‍යාධාරය අනුමත කර තිබේ."
"විකිලීක්ස් වෙබ් නිර්මාතෘට නිදහස"
"රහස් තොරතුරු හෙළිදරව් කිරීමේ වෙබ් අඩවියක් වන විකිලීක්ස්හි නිර්මාර්තෘ ජූලියන් අසාන්ජ්ව වසර ගණනාවකට පසුව එක්සත් රාජධානියේ බන්ධනාගාරයකින් නිදහස් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.ඇමෙරිකාව සමග ඇති කරගත් ගිවිසුමක් සම්බන්ධයෙන් ඇති වූ එකඟත්වය මත ජුලියන් අසාන්ජ්ට එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් මෙම නිදහස හිමිව ඇත.විකිලීස් වෙඩ්...
"පරිපාලන වෘත්තීය සමිති සටන අත්හරී"
"අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.එම සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා සඳහන් කළේ, ජුනි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දීමනා වැඩිවීමක් ලබා දීමට එකඟතාව පළවූ බවය.වැටුප් වැඩිවීම ඇතුළු ...
"ඉන්දියාවත් අවසන් පූර්ව වටයට"
"විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ (24දා) පැවති තරගය ලකුණු 27ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත්විය. පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දු ඕවර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 205ක් රැස් කළේය.එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් නායක රෝහිත් ශර්මා පන්දු 41කට මුහ...
"ක්‍රීඩා ඇමැති ඉල්ලා අස්වෙන්න හදයි"
"විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විනය විරෝධී කටයුතු සිදු කර ඇති බවට එල්ලවන චෝදනා ඔප්පු කළොත් තමා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වනු බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ සුභ සාධනය සදහා විශාල වැය බරක් දැරීමට රජය කටයුතු කර ඇති බවත් එහිදී ජාත්‍...
"හෙට තද වැසි"
" ප්‍රදේශ රැසකට හෙට (25දා) දිනයේ මිලිමීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී. සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල එලෙස තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වන බවද...
"රුසියාවට ත්‍රස්ත ප්‍රහාරයක්"
"රුසියාවේ ”‍ඩගෙස්ටාන් ”‍ පළාතට අයත් නගර දෙකක පිහිටි පල්ලි .පොලිස් ස්ථාන හා යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ඊයේ (23දා ) එල්ල වූ දැවැන්ත ත්‍රස්තවාදී ප්‍රහාරයකින් පොලිස් නිළධාරීන් 15දෙනෙකු සහ සිවිල් වැසියන් ගණනාවක් මරුමුවට පත්ව ඇති අතර එහිදී එල්ල වූ ප්‍රතිප්‍රහාරයන් හේතුවෙන් ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන් හයදෙනෙකු මියගොස් ...
"ගුරුවරිය සහ සැමියා කෝටියක හෙරොයින් එක්ක මාට්ටු"
" පොසොන් සමය ඉලක්ක කර ගනිමින් අනුරාධපුරයට පැමිණෙන මත්ද්‍රව්‍ය ලෝලීන්ට මත්කුඩු බෙදා හැරීමට සූදානම්ව සිටිල අනුරාධපුර නගර මධ්‍යයේ ඇති ප්‍රධාන පාසලක පුහුණු ගුරුවරියක් සහ ඇගේ සැමියා රුපියල් කෝටියකට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක් සහ එය ප්‍රවාහනය කල කාන්තා යතුරු පැදියක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.මෙ...
"හජ් වන්දනාකරුවන් 1301ක් මරුට"
"මෙවර හජ් වන්දනා සමයේදී පුද්ගලයින් අධික උණුසුම නිසා 1301ක් මියගොස් ඇතැයි සෞදි අරාබිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. මිය ගිය බහුතරය නීතිවිරෝධී ලෙස දැඩි උණුසුම මධ්‍යයේ දීර්ඝ දුරක් ඇවිදිමින් පැමැණි අය බවත් සඳහන්ය."
"බේරුවල මැණික් මල්ලක් අතුරුදන්"
"මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවෙසින් රුපියල් ලක්ෂ 30 ක් වටිනා මැණික් මල්ලක් ඇතුළු රුපියල් ලක්ෂ 35 මාරක් පමණවටිනා දේපොළ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බේරුවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.බේරුවල පදිංචි මොහොමඩ් අන්සාර් මොහොමඩ් අර්කාන් (අවු. 27) යන අය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ල අනුව මෙම පරීක්ෂණ ආරම්භ කොට තිබේ. තමා,මව ලප...
"ප්‍රේමය නතර නොකළැයි අත කපයි"
"ප්‍රේම සම්බන්ධයක් නතර නොකිරීම නිසා කෝපයට පත් පෙම්වතියගේ ඥාතීන් විසින් කිළිනොච්චියේ විනයාගපුරම් ප්‍රදේශයේ තරුණයෙකුගේ අතක් කපා දමා තිබේ. අත කපා දැමීම නිසා බරපතල ලෙස තුවාල ලැබූ විනායකපුරම් ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි සෙන්තිල් කුමාර් තනුජන් නැමැති අයව කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු...
"දකුණු අප්‍රිකාව ඇතුලට-කොදෙව් ඉවතට"
"විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ තීරණාත්මක තරගයක් අද (24) දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්විණ. ඉන් කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත්වීමත් සමග අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. එහදී -සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගාව...
"නව රාජ්‍ය ඇමැතිවරයෙක්"
"වෙළෙද හා පරිසර නව රාජ්‍ය ඇමැති ලෙස සතාසිවම් වියලේන්දිරන් මහතා අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත."
"රනිල් නිර්පාක්ෂික ජනපති අපේක්ෂකයා බව කියන දිනය"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණ සදහා ඉදිරිපත් වන බවට මෙම මස 26 වැනිදා ජාතිය අමතමින් ප්‍රකාශ කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.කොළඹදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය."
"අද කාලගුණය"
"බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි‍. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකිය.වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ...
"සුපිරි ජයක් සමඟ එංගලන්තය පැන්න පිම්ම"
"විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ එංගලන්තය සහ අමෙරිකාව අතර අද (23) පැවැති තරගය කඩුලු 10කින් ජය ගැනීමට එංගලන්තය සමත් විය.කාසියේ වාසිය හිමිකර ගත් එංගලන්තය පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව අමෙරිකාවට ලබා දුනි.ඒ අනුව පන්දුවට පහරදුන් අමෙරිකාව පන්දුවාර 18.5කදී සියල්ලන් දැවී ලකුණූ 115ක් ලබා ගත්තේය...
"ට්‍රම්ප් දුන් ඡන්ද ගුණ්ඩු"
"මෙවර ජනාධිපතිවරණය ජයගෙන තමන් බලයට පත්වීමෙන් පසුව සංක්‍රමණික ප්‍රතිපත්ති ලිහිල් කරමින් ඇමෙරිකානු විශ්වවිද්‍යාලයකින් උපාධිය ලැබූ විදෙස් සිසුන්ට ”‍ග්‍රීන් කාඩ්”‍ එනම් අමෙරිකානු ස්ථිර පදිංචිය ලබාදෙන බව හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.සංක්‍රමණිකයින් සම්බන්ධව දැඩි ප්‍රතිපත්ති අන...
"එංගලන්ත කොටි තහනම ඉවත් නොකරයි"
"එල්ටීටීඊ තහනම තවදුරටත් පවත්වා ගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා x පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. එක්සත් රාජධානියේ ,තහනම් සංවිධාන ආභියාචන කොමිසම, එල්ටීටීඊ තහනම ඉවත් නොකළ යුතු බවට නියෝග කර ඇත. එරට මහාධිකරණ විනිසුරුවෙක් ප්‍රධානත්වය දරන එම කොමිසම එරට පාර්ලිමේන්තුව මගින් ස්ථාප...
"අනියම් සම්බන්ධය කෙලවර කළ ඝාතනය"
" කටුවන පොලිස් වසමේ අමුදමන ප්‍රදේශයේදී ඊයේ අලුයම් කාලයේදී ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදී තවත් පුද්ගලයෙක්ව ඝාතනය කර ඇත. එලෙස මියගොස් ඇත්තේ අමුදමනල කටුවන ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු හා ඔහුගේ මස්සිනා අතර ඇතිවූ අමනාපයක් මත බහින් බස්වීමක් දුරදිගයාමෙන් මස...
"පියුමි ගෝඨාගේ ජීප් එක ගත්ත හැටි"
"නිළියක හා නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ අංක සීබී එම් 1949 දරන රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය 2021 වර්ෂයේදී මිලදී ගැනීමේ ගනුදෙනුව ලෙස රුපියල් ලක්ෂ 780ක් ලෙස සටහන්වූ බවත් වැලිබල් ෆිනෑන්ස් සමාගමෙන් රුපියල් ලක්ෂ 400කකල් බදු පහසුකමක් ලබාගෙන මුල් කොටස ගෙවූ පියුමි පසුව අවස්ථා ...
"ඇෆ්ගනිස්ථානයට ඕස්ට්‍රේලියාව පරදී"
"විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුපිරි අට වටයේ ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද පැවැති තරගයේ දී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 21ක ජයක් හිමි කර ගැනීමට සමත් විය.පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 148ක් ලබාගත්තේය.ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දු වාර 19.2කදී ස...
"ඉන්දියාවට ලකුණු 50ක ජයක්"
"විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය ලකුණු 50කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.ඒ අනුව, ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 1...
"සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ පමාවීම ගැන ජනපති සොයයි"
"පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානියට ලක්වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය .එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත දේවස්ථානයේ අලුත් වැඩියා කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා...
"බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට AI අපේක්ෂකයෙක්"
"එළැඹෙන ජූලි 4 වැනිදා ට යෙදී ඇති බ්‍රිතාන්‍ය මහා මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස කෘත්‍රිම බුද්ධියෙන් (AI) නිපදවූ චරිතයක් ඉදිරිපත්ව ඇත.ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත්වන 59 හැවිරිදි අපේක්ෂක ස්ටීව් එන්ඩකොට් සිය මැතිවරණ ප්‍රචාරණ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ AI ස්ටීව් නම් කෘත්‍රීම බුද්ධි චරිතය පාදක කරගෙනය.ඔහු...
"පාසැල් දැරියක් ඊයේ සමූහ දූෂණයකට ලක්වෙලා"
"පාසල් සිසුවියක් ඊයේ සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.කොස්ගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවියක් මෙලෙස ඊයේ පොසොන් පොහොය දින සමූහ දූෂණයකට ලක්ව තිබේ.ඇය උදෑසන සිය පුංචි අම්මා සමග දන්සැල් වෙත ගොස් ඇත.අනතුරුව පොත් කඩයකට යන බවට සිය පුංචි අම්මාට පවසා ඇති ඇය සිය ...
"ජනපති නව දිස්ත්‍රික් ලේකම් ගොඩනැගිල්ලක් විවෘත කරයි"
"රුපියල් මිලියන 1,055ක වියදමින් ඉදිකළ මඩකලපුව තිරායිමඩු ප්‍රදේශයේ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද පෙරවරුවේ ජනතා අයිතියට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි."
"කොදෙව්වන්ට කඩුලු 09ක ජයක්"
"විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇමෙරිකාව අතර තරගය කඩුලු 09කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් විය.පළමුව පන්දුවට පහරදුන් ඇමෙරිකානු කණ්ඩායම පන්දු වාර 19.5ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 128කි.බටහිර ඉන්දීය කොදෙව් පිල පන්දුවාර 10.5ක දී එක් කඩුල...
"රාජිතගෙන් ජනපතිට චරිත සහතිකයක්"
"බංකොලොත් වීමෙන් පසු කෙටිම කාලයක් තුළ ඉන් මිදුණු එකම රට ශ්‍රී ලංකාව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අර්බුදය සමයේ ආණ්ඩුව භාරගත් නිසා අද වන විට රට අර්බුදයෙන් ගැලවී ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා,”බෙහෙත් පෙ...
"අද කාලගුණය"
"බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින්විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සිහින් වැසි...
"දකුණු අප්‍රිකාවට ලකුණු 07ක ජයක්"
"විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපර් 08 වටයේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද පැවැති තරගය ලකුණු 7කින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාණු කණ්ඩායම සමත්විය. කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ජොස් බට්ලර් ගේ ආරාධනය අනූව පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 1...
"ඉන්දියාවේ ධනවත්ම නළුවා ෂාරුක් ඛාන්"
"ෆෝර්බ්ස් සඟරාවේ නවතම වාර්තා අනුව ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් ඉන්දියාවේ ධනවත්ම නළුවා බවට පත්ව ඇත. එක් චිත්‍රපටයක් වෙනුවෙන් ඔහු ඉන්දීය රුපියල් කෝටි 150 ඉක්මවූ මුදලක් අය කරන බවත් සම්පූර්ණ දළ වත්කම ඉන්දීය රුපියල් කෝටි 6,300ක් බවත් එම සගරාව පවසයි. ෆෝර්බ්ස් සඟරාවේ ධනවත්ම ඉන්දීය නළුවන් අතරට අමීර් ඛාන්, අක්ෂේ කුමාර් සහ සල්ම...
"චමරිලා වසර 16කට පසු ලද ජය"
" සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද පැවති අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුණු 161කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමුවට පන්දුවට දුණි.එහිදී නියමිත පන්දුවාර 50 තුළ ...
"දිවයින බුදුමඟ ධර්ම සංග්‍රහයේ නිල වෙබ් අඩවිය දියත් කෙරෙයි"
"ජූනි මස 07 වැනි දිනට වසර 15ක් සපිරුණු දිවයින බුදුමඟ ධර්ම සංග්‍රහයේ නිල වෙබ් අඩවිය පූජනීය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේ අතින් ජූනි මස 21, පොසොන් පොහෝ දින දියත් කරන ලදි. කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී පැවැති, දිවයින සහ බුදුමඟ පුවත්පත්වල බැතිබර මුද්‍රිත මාධ්‍ය දායකත්වයෙන්, සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානය විසින් ස...
"අද සවස වැසි"
"බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දහවල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවද පව...
"පොසොන් පොහොයට බන්ධනාගාර රැඳවියන් රැසකට විශේෂ සමාව"
" පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවූවන් පිරිසක් සඳහා විශේෂ රාජ්‍ය සමාවක් හිමිවී තිබේ. ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අනුව සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවූවන් 289 දෙනෙකු සඳහා අද දිනයේ විශේෂ රාජ්‍ය සමාව ලබාදී ඇති බව බන්ධනාගාර ...
"ඕස්ට්‍රේලියාවට DLS ජයක්"
"විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර තරගය අතර ඇදහැලුණ වර්ෂාව නිසා ඩක්වර්ත් ලුවිස් නියමය ( DLS ) අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 28ක ජයක් හිමි විය.පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 140ක් ලබා ගැනීමට සමත් විය.ඕ...
"ඉන්දියාවට ලකුණු 47ක ජයක්"
"විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපර් 8 වටයේ ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයෙන් ඉන්දියාවට ලකුණු 47ක ජයක් හිමි විය. පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 181ක් රැස්කළේය. සූර්යකුමාර් යාදව් ලකුණු 53යි.පන්දු යැවීමෙන් ෆසල්හක් ෆරූකි සහ රෂීඩ් ඛාන් කඩුලු 3 බැ...
"බුද්ධ ශාසන ඇමැතිගෙන් ඉල්ලීමක්"
"කරණීයමෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති පුද්ගලයින් සොයාබලා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට උපදෙස් ලබාදී ඇති බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. එවැනි දර්ශන ඇතුළත් වීඩියෝ එකිනෙකා අතරේ හුවමාරු කිරීමෙන් වැළකී සිටින ලෙස ද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි."
"පොසොන් පෝය අදයි"
"ශ්‍රී ලාංකික ජනතාවගේ ජාතික සංස්කෘතියේ සමාරම්භක දිනය ලෙස චිරාගතව ශ්‍රී ලාංකික බෞද්ධයන් අතිමහත් බැතියෙන් සමරනු ලබන පොසොන් පොහෝ දිනය අදයි.ලෝකවාසී බෞද්ධ බැතිමතුන් ද පොසොන් පොහෝ දිනය බැතියෙන් සමරනු ලබති."
"කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සම්මතයි"
"කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේදී තුන්වන වර කියවා සංශෝධන සහිතව සම්මත කර ගත්තේය."
"ඉන්දීය විදේශ අමාත්‍යවරයා විපක්ෂ නායක හමුවෙයි"
"නිල සංචාරයක් සදහා අද දිවයිනට ඉන්දීය විදේශ අමාත්‍ය ජය ශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද සවස කොළඹදී සිදු විය. ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘතිය සහ සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා ඉන්දීය රජයෙන් ලැබුණු දායකත්වය කිසිදා අමතක නොකරන බව විපක්ෂ නායකවරයා මෙහිදී සදහන් කර තිබේ."
"‘උරුමය’ වේගවත් කරයි"
"සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම මස 26 සිට 30 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය කටයුතු කර ඇත.ඉඩමක් සඳහා සින්නක්කර ඔප්පුවක් ලබාදීමට අවශ්‍ය සියලුම රාජ්‍ය නිලධාරීන් ගම තුළට ගොස් ජනතාවගෙන් තොරතු...
"තරුණ අරුණ සමුළුව මහනුවරදී"
"වැවිලි ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වෙන තරුණ අරුණ සමුළුව මෙම මස 22 වැනිදා මහනුවර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ.ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතාගේ සම්බන්ධීකරණයෙන් එම අමාත්‍යංශය විසින් මෙය සැලසුම් කර ඇත. මීට සමගාමීව ලංකා වාණිජ මණ්...
"කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල සතියක්"
" කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ජූලි මස 08 වැනිදා සිට14 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට රජය තීරණය කර ඇත.ජාතික චිත්‍රපට සංස්ථාව සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මූලිතක්වයෙන් මෙම චිත්‍රපට උළෙල පැවැත්වීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන මහත්වරු විසින් ඒකාබද්ධව ඉදිරිපත් ...
"පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ චක්‍රලේඛය සංශෝධනය කරයි"
" පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම සඳහා දැනට ක්‍රියාත්මක චක්‍රලේඛය සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.ඒ අනුව 2025 වසර සහ ඉන් ඉදිරි වර්ෂයන් සඳහා පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම සංශෝධිත චක්‍රලේඛය අනුව සිදුකිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැති...
"යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී"
"යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ මහතා පත්කර ඇත."
"දිවයිනට පැමිණි විගස ඉන්දීය විදේශ ඇමැති වැඩ අරඹයි"
"අද උදෑසන දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමෙන් පසු ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර,නුවරඑළිය සහ මාතලේ ප්‍රදේශවල ඉදිකෙරුණු නිවාස 106ක් විවෘත කිරීමට අදාල ඩිජිටල් සමරු ඵලකය නිරාවරණය කිරීමට එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.ඊ...
"ඉන්දීය විදේශ ඇමැති ජනපති හමුවෙයි"
" අද උදෑසන දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්ග ජෙයිශංකර් මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි."
"එංගලන්තයට කඩුලු 08ක ජයක්"
"එංගලන්තය සහ සම-සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් අතර පැවති 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ “සුපර් 8” තරගය කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය.ශාන්ත ලුසියා හි පැවති එම තරගයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වෝ සිය ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 180ක් රැස් කළේය.ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම පන්දු ඕවර 17.2කදී කඩුලු 02ක්...
"අද කාලගුණය"
"බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.නැගෙනහිර සහ ඌව පළාත්වල ...
"ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට"
"ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.මෙම සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමට නියමිතය. එසේම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා විදේශ අමාත්‍ය අලි සබ්...
"සුපිරි අට වටයේ පළමු ජය ද.අප්‍රිකාවට"
"විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුපිරි අට වටයේ පළමු තරගය වූ දකුණු අප්‍රිකාව හා ඇමෙරිකාව අතර ඊයේ පැවැති තරගය ලකුණු 18කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 04ක් දැවී ලකුණු 194ක් ලබා ගැනීමට සමත් විය.ඇමෙරිකානු කණ්ඩායමට සිය ප...
"කුලී ආදායම් බද්ද ධනවතුන්ටලු"
"යෝජිත කුලී ආදායම් බද්ද මගින් මෙරට ජනතාවගෙන් 90%කට හිතකර බලපෑමක් ඇති වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.එම බද්දට යටත් වන්නේ 10%ක් තරම් වන ඉහළ ධනවතුන් පමණක් බවද සඳහන් කරයි.එබැවින් සාමාන්‍ය ජනතාව මෙම බද්ද සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බව අමාත්‍යවරයා අවධාරණය කරයි. කැසිනෝ ශාලා සඳහ...
"ඉන්දියාවේ රෝහල් සහ ගුවන් තොටුපල රැසකට බෝම්බ තර්ජන"
"ඉන්දියාවේ මුම්බායි නගරයේ රෝහල් 50 කට අධික සංඛ්‍යාවකට හා ඉන්දියාව පුරා පිහිටි ගුවන් තොටුපොළවල් 41 කට අද උදෑසනින් අවසන් වු පැය 24 ක කාලය තුළදී විද්‍යුත් තැපෑල (ඊ මේල්) හරහා බෝම්බ තර්ජන ලැබීම හේතුවෙන් එම රෝහල් හා ගුවන් තොටුපලවල දැඩි කළබල කාරි තත්ත්වයක් හටගෙන තිබු බව ඉන්දීය මාධ්‍ය පවසයි.මුම්බායි නගරයේ ජස්ලොක්,කොහිනූර්,ජේජ...
"ශ්‍රීලනිපයට නව සභාපති සහ මහ ලේකම් වරයෙක්"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව විධායක සභාපති ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ මහ ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු අද රැස්වූ පක්ෂයේ විධායක සභාව විසින් ඒකමතිකවම පත් කර ගෙන ඇත."
"කරුණාගේ සහාය රනිල්ටලු"
"උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව මෙවර සිය ඡන්දය භාවිත කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් බව කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් පවසයි.එසේම තම පක්ෂය ද සහාය දක්වන්නේ ජනාධිපතිවරයාට බවද සඳහන් කරයි.ඔහු මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ පානදුර කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි."
"වාහන Tun up දන්සැලක්"
"පොසොන් පොහොය නිමිත්තෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් වාහන සුසර කිරීමේ (tune up) දන්සැලක් අද ආරම්භ කර ඇත.මෙය හෙට (20දා) දින ද නාරාහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පැවැත්වෙයි.ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණතම මෝටර් රථ අලුත්වැඩියා කරන්නන් යොදාගෙන මෙම දන්සල පවත්වන බව මෝටර් රථ ප්‍රව...
"වවුනියාව භූ කම්පනයට හේතු"
"එකතුවී තිබෙන ශක්තිය මුදා හැරීම සාමාන්‍ය තත්වයක් බවත් මෙය සාමාන්‍යයෙන් පොළොවෙහි භූගත මට්ටම්වල ශක්තිය මුදා හැරීමක් ලෙස නිරීක්‍ෂණය වන බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා හා භූගර්භ දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.මෙවැනි භූ කම්පන තත්ත්වයක් වසර දහයකට පෙර එම ප්‍රදේශයේම සිදුව ඇති බව කී මහාචාර...
"පියුමි හංසමාලිගේ බැංකු ගිණුම් සොයන්න අවසර"
"උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි සැක කෙරෙන පියුමි හංසමාලී නිරූපිකාව මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිකාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා රහස් පොලිසියට අවසර ලබා දුන්නේය.රහස් පොලිසියේ නීති විරෝධී ...
"කර්මාන්ත නංවන්න නව ආයතන තුනක් ගැන ජනපති කියයි"
"ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අනතුරුව තරඟකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා නව වාණිජ බැංකුවක්, ආර්ථික කොමිෂන් සභාවක් සහ ,එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, නමින් නව ආයතනයක් පිහිටුවා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය න...
"ශ්‍රී ලංකා කණ්ඩායම අද කටුනායකදී සාමාන්‍ය මගී පර්යන්තය මගහරී"
" විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද උදෑසන මෙරටට පැමිණියේය. වෙනදා සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණිය ද අද මුදල් ගෙවා පහසුකම් සලසා ගත යුතු සිල්ක් රූට්ල පර්යන්තය ඔස්සේ ගුවන්තොටුපොළෙන් පිටතට පැමිණීමට ඔවුන් කටයුතු කර තිබුණි. එහිදී මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රි...
"තැපැල් ගාස්තු වැඩි කරන්න යයි"
" දැනට රුපියල් 50ක්ව පවතින අවම තැපැල් මුද්දර ගාස්තුව රුපියල් 100ක් දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පවසයි.තැපැල් දෙපාර්තමේන්තුව වාර්ෂිකව රුපියල් කෝටි 700ක් පාඩු ලබන බවත් ඒ අනුව එම පාඩුව පියවා ගැනීම සඳහා මෙලෙස තැපැල් මුද්දර ගාස්තු වැඩි කිරීමට අවසර ඉල්ලා ඇති බවත් ලේකම්වරයා සඳහ...
"ඇපල් සමාගම පරාදයි"
" ඇපල් සමාගමේ වටිනාකම අභිබවා යමින් ලෝකයේ වටිනාම සමාගම බවට Nvidia (නිවිදියා) සමාගම පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එහි කොටස් වටිනාකම ඊයේ සියයට 3.5කින් ඉහළ ගොස් තිබුණි. ඒ අනුව එහි අගය දැක්වුණේ ඩොලර් 136ක් ලෙසටය.කෘත්‍රීම බුද්ධිය භාවිත කෙරෙන මෙවලම් සඳහා අවශ්‍ය පරිගණක චිප් මෙම සමාගම විසින් නිපදවනු ලබයි. එහි නිෂ්පාදන ...
"රියැදුරුට නින්ද යාමෙන් මෝටර් රථ අනතුරක්"
" හොරණ සිට නුවරඑළිය දක්වා එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් අදඅලුයම මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වී ඇති බව හැටන් පොලීසිය පවසයි. අනතුර සිදු වී ඇත්තේ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේය. අද අලුයම 5.15ට පමන මෙම අනතුරුව සිදුව ඇත. මෝටර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් එය මාර්ගයෙන් ඉවතට පැන තේ...
"ආයුර්වේද උපාධි නේවාසික පුහුණුව යළිත්"
"රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ආයුර්වේද උපාධිධාරීන්ගේ ඇනහිට තිබූ සීමාවාසික පුහුණුවීම් යළි ආරම්භ කළ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.ඒ අනුව මාසයකට රුපියල් 67,500ක ගෙවීමක් සහිතව ආයුර්වේද උපාධිධාරීන් සඳහා වන සීමාවාසීක පුහුණුව ආරම්භ කළ බවත්, ඊට රජය රුපියල් මිලියන 320ක් වැය කරන බවත් රාජ්‍ය අමාත...
"පුටින් උතුරු කොරියාවට යයි"
"වසර 24කට පසු රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා උතුරු කොරියාවේ දින දෙකක සංචාරයක් සඳහා අද පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන් මහතා විසින් රුසියානු ජනාධිපතිවරයා පිලිගනු ලැබීය.රුසියානු තාක්ෂණය මත නිපදවනු ලබන බැලස්ටික් මිසයිල කර්මාන්ත ශාලා නැරඹීමට ද රුසියානු ජනාධිපතිවරයා මෙම සංච...
"හජ් වන්දනාවේදී 550ක් මරුට"
"මෙවර හජ් වන්දනා සමයේ, ඊට සහභාගී වූ ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනකු දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ තෙරපීම් හේතුවෙන් මියගොස් ඇති බව සෞදි රජය පවසයි.මියගිය එම 550 දෙනාගෙන් 323 දෙනකු ඊජිප්තු ජාතිකයන් බව වාර්තාවේ. මොවුන්ගෙන් වැඩි දෙනා දැඩි ලෙස විජලනයට පත්ව සිටි බව ද වාර්තා වේ. දැඩි උණුසුම් කාලගුණය මැද බැතිමතුන් පොරකමින් වන්ද...
"සර්වජන බලය නුගේගොඩ දී"
"සර්වජන බලය ජාතික ව්‍යාපාරයේ පළමු ජන රැලිය අද නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදීය ආරම්භ විය.69 ලක්ෂයක ජනතා බලාපොරොත්තු යළි බලගැන්වීම මැයෙන් ජන රැලිය පැවැත්විණි.විමල් වීරවංශ,උදය ගම්මන්පිල, දිලිත් ජයවීර ඇතුළු දේශපාලන නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙම ජන රැළිය පැවැත්විය."
"නීතිපතිගේ සේවා දිගුව ප්‍රතික්ෂේප වෙයි"
"නීතිපති සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය මාස හයකින් දීර්ඝ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව ව්‍යවස්ථා දායක සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.නීතිපතිවරයාගේ සේවා කාලය මෙම මස 30 වැනිදා යින් අවසන් වේ.පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ජනාධිපති විමර්ශන කමිටුවේ සාමාජිකයෙකු බැවින් ඒ මහතාගේ සේවා...
"ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුළු 05ක ජයක්"
"ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර අද හම්බන්තොටදී පැවැති දෙවැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 05ක ජයක් හිමිවිය. පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 31කදී සියලු දෙනා දැවී ලකුණු 92ක් ලබා ගත්තේය.ශ්‍රී ලංකා කණ්ඩායම පන්ද...
"පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ බස් සේවයක්"
"පොසොන් පොහොය නිමිත්තෙන් මෙම මස 20 වැනිදා සිට පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ බස් සේවයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කරයි.මෙම බස් සේවාව අනුරාධපුරය,තන්තිරිමලේ,මිහින්තලේ,යන පූජා නගර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද පවසයි.කොළඹ මධ්‍යම බස් රථ කාර්යාලය,මහනුව...
"විරෝධතාවයකට පොලිසියෙන් ජල ප්‍රහාර"
" රැකියා විරහිත උපාධිධාරීන් විසින් අද දහවල් ආරම්භ කළ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොල්දූව මංසන්ධියේ දී පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ."
"විදුලි සංදේශ පනත් කෙටුම්පත සම්මත කරන හැටි"
" විදුලි සංදේශ පනත් කෙටුම්පත ක්‍රියාත්මක කිරීමටනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත වියයුතු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බ...
"කුලී ආදායම් බද්ද ගැන ජනපති පහදයි"
"පුද්ගලයකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදායම් ලබන්නන් වෙත පැනවෙන බවත් කීවේය."
"කොදෙව්වන්ට ලකුණු 104ක ජයක්"
"ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයේ දී ලකුණු 104 ක ජයක් හිමි කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 218ක් ලබා ගැනීමට සමත් විය.නිකොලස් ප...
"රනිල්ගේ සහායට රාජිත මන්ත්‍රීවරු සියයක් සොයයි"
"සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීම සඳහා මන්ත්‍රීවරුන් 100කගේ පමණ එකමුතුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ඉකුත් සෙනසුරාදා කොළඹදී පැවැති ජනමාධ්‍ය හමුවක් අමතමින් සේනාරත්න කියාසිටියේ තමන් නියෝජනය කරන කණ්ඩායම සහ රනිල් වික්‍රමසිංහ එකම ස්ථා...
"හෙට සිට වැස්ස වැඩියි"
"දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (19දා) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය.ඌව පළාතෙත් අම්පාර...
"නව දුම්රිය මාර්ගයක් ජනතා අයිතියට"
"ඉන්දීය ණය ආධාර යටතේ ඉදිකළ අනුරාධපුරය සිට මිහින්තලය හන්දිය දක්වා වූ නව දුම්රිය මාර්ගය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නවීකරණය කරන ලද මිහින්තලේ දුම්රිය මාර්ගය අද විවෘත විය.ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එය මහජන අයිතියට පත් කරන ලදී.කිලෝ මීටර් 14.78ක මෙම මාර්ගයට පාළ...
"සියයට 29.5ක් දරිද්‍රතා රේඛාවේ පහළින්"
"ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රිලාංකිකයින්ගෙන් සියයට 29.5ක් ඉකුත් වර්ෂයේ දි (2023) දරිද්‍රතා රේඛාවෙන් පහළින් ජිවත් වු බව ලෝක බැංකුවේ නවතම තොරතුරු මගින් අනාවරණය වි ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මගින් නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සදහන් වේ."
"කෝටි 02කට වැඩි හොර සිගරට් අත්අඩංගුවට"
"නීති විරෝධීව මෙරටට ගෙන්වනු ලැබු රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුතු විවිධ වර්ගයේ විදේශීය දුම්වැටි එක්ලක්ෂ විසිදහක් සැකකරුවන් තිදෙනෙකු සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. වෙරළබඩ පොලිස් වසමේ කොළඹ 10 ප්‍රදේශයේදී ඊයේ (16දා) විශේෂ කාර්ය බළකාය සිදුකළ මෙහෙයුමකදී මෙම දුම්වැටි සහ සැකකරුවන...