Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ගුරුවරිය කොල්ලකෑ සැකකරුට තරුණයින් කළ දේ" | "කුරුණෑගල බලා පිටත් වීමට නියමිතව තිබූ බස් රථයක සිටි ගුරුවරියකගේ ලක්ෂ දෙකකට ආසන්න ගෙල බැඳි රන්මාලය කොල්ලකා පලා ගිය සැකකරුවෙකු අද (17දා) දහවල් ලුහු බැඳ ගොස් අල්ලා ගත් තරුණ පිරිසක් එම සැකකරු අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාර දීමට කටයුතු කළහ. කැබිතිගොල්ලෑව දුටුවැව ප්‍රදේශයේ සිට අනුරාධපුරයට පැමිණල රැකියාව සිදු කරන වාරියපොල සු... |
"යාපනයේ සිසුවකු හදිසියේම මරුට" | "යාපනයේ තෝල්පුරම් විග්නේස්වර විද්‍යාලයේ සිසුවකු මහ පාරේ ගමන් කරමින් සිටියදී සිහිසුන්ව ඇද වැටී ඊයේ (16 දා) මියගොස් තිබේ.ඔහු පාසලේ පැවති පන්තියකට ගොස් ආපසු මිතුරකු හමු වී ඔහු සමග සිසිල් බීම පානය කිරීමට අසල වූ වෙළද සැලක් වෙත යමින් සිටියදී එක්වරම ඔහු බිම ඇද වැටී ඇත.අවට සිටි පිරිස වහාම ඔහුව යාපනය ශීක්ෂණ රෝහලට රැගෙන යාමට පිය... |
"හජ් උත්සවය අදයි" | "ඉස්ලාම් ජනතාව මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (17දා) යෙදී තිබේ. පසුගිය සතියේ නව සද බැලීමෙන් පසු කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ අද දිනයේ එම උත්සවය සැමරීමට කටයුතු කරන බවය. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේ දී පවත්වන උත්සවය මෙම නමින් හැදින්වේ." |
"ශ්‍රී ලංකාවට ලකුණු 83ක ජයක්" | "ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද පැවැති තරගයේ දී ශ්‍රී ලංකාවට ලකුණු 83ක ජයක් හිමි විය.ජයග්‍රහණය සදහා ලකුණු 202ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 16.4 කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 118කි." |
"පාකිස්තානයට සහ බංග්ලාදේශයට ජය" | "විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති බංග්ලාදේශය සහ නේපාලය අතර තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 21ක ජයක් හිමි විය.පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 19.3කදී සියලු දෙනා දැවී ලකුණු 106ක් ලබා ගත්තේය.නේපාල කණ්ඩායම පන්දුවාර 19.2කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 85කි. එසේම පාකිස්තනය සහ ... |
"මහරගම පැත්තට අද ජලය නැහැ" | "කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය රැගෙන එන නලයක් පුපුරා යාම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට යළි දැනුම් දෙනතුරු ජල සැපයුම අත්හිටුවා තිබේ.ඒ අනුව ගොඩගම, හෝමගම, පන්නිපිටිය, රක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්‍රදේශ වල ලක්ෂයකට අධික නිවාස ඒකක සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්දිය ආසන්න ප්‍රදේශයක දී... |
"ශ්‍රී ලංකාව 201/6" | "ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද ආරම්භ වූ තරගයේ දී පළමු පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 201ක් ලබා ගැනීමට සමත් විය.කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක ලකුණු 46 බැගින් ලබා ගත්හ." |
"අද කාලගුණය" | "බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද ස... |
"ශ්‍රී ලංකාව දැන් 39/2" | "ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.ඒ අනුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දු වාර 05ක් අවසානයේ දී කඩුලු 02ක් දැවී ලකුණු 39ක් ලබා සිටී.ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණ... |
"නෙදර්ලන්තයේ සුපිරි අට සිහිනය සහ ශ්‍රී ලංකාව" | "ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර හෙට පැවැත්වෙන තරගය විශාල ලකුණු ගණනකින් ජය ගතහොත් නෙදර්ලන්ත කණ්ඩායමට සුපිරි අට වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවේ.එසේම නේපාලය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගය නේපාලයද ජය ගත යුතුය.ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් පැවති කිසිදු තරගයක් ජය ගෙන නැත.එනිසා පරාජයේ ලැජ්ජාවෙන් ගැලවීම සඳහා මෙම තරගය ජය ගත ය... |
"පළාත් පාලන ආයතනවල අස්ථිර සේවකයන්ට සුභ ආරංචියක්" | " පළාත් පාලන ආයතනවල අස්ථිර සේවකයන් ගිය සිකුරාදා සිට ස්ථිර සේවකයන් බවට පත් කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අමාරුකම් මධ්‍යයේ රාජ්‍ය සේවකයන්ට ලබා දිය හැකි දීමනා වැඩිකර තිබෙන බවත් ඉදිරි අයවැයේදී රාජ්‍ය සේවකයන්ට හා විවිධ ක්ෂේත්‍රවල සේවකයන් තුළ ඒ විශ්වාසය තව තවත් වැඩි කරන බවත් සඳහන් කරයි." |
"ආපු වැඩේ කරන්න බැරිවීම ගැන මැතිව්ස් දුක් වෙයි" | " ආපු වැඩේ කරගන්න බැරිවීම ගැන කනගාටු වන බවත් කණ්ඩායමක් වශයෙන් මුළු රටෙන්ම සමාව ඉල්ලන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස් මෙසේද කීවේය. අපි බොහොමත්ම කනගාටු වෙනවා කණ්ඩායමක් විදිහට අපේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වීම ගැන. අපි බොහොමත් ... |
"බිරිඳ සමග නැටූ තරුණයා සැමියා අතින් මරුට" | " කළුතර ගමගොඩ ප්‍රදේශයේ කුමුදු ක්‍රීඩාංගණයේ පැවැති සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණ දෙපාර්ශ්වයක් අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් ගෙල කපා තරුණයෙකු ඝාතනය කර ඇත. එලෙස ඝාතනය කර ඇත්තේ දොඩංගොඩ ජනඋදාන ගම්මානයේ පදිංචිව සිටි මෙනුර නිම්තර වනිගසේකර නමැති 20 හැවිරිදි තරුණයෙකි. සැකකරු ප්‍රදේශයේ තරුණියක සමග විවාහ වී සිට ඇත. ඇය ඔහුව අත... |
"ජනපති මන්නාරම රදගුරු හමුවෙයි" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම රදගුරු අති උතුම් ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු මිහිපාණන් අතර හමුවක් අද පෙරවරුවේ මන්නාරම රදගුරු නිල නිවසේදී සිදුවිය.මෙහිදී රටේ ආර්ථික අර්බුද සහ මන්නාරම සිට පේදුරුතුඩුව සහ මුලතිව් පුනර්ජනනීය බල ශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳවද සාකච්ඡා ක... |
"දුම්රිය ප්‍රධාන නියාමකවරයෙක් දුම්රියෙන් ඉවතට විසිවේ" | " අද උදෑසන කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන දුම්රියේ ප්‍රධාන නියාමක 55 හැවිරිදි කේ.එස් රංජිත් මහතා දුම්රියෙන් ඉවතට විසිවී ඇත. ගනේමුල්ල – බුලුගහගොඩ යන දුම්රිය ස්ථාන අතර දී එම අනතුර සිදුව තිබේ. දුම්රිය සංඥා පරීක්ෂාකිරීමේ යෙදී සිටියදී ඔහු මෙලෙස අනතුරට ලක්ව ඇත. තුවාල ලැබූ දුම්රිය නියාමකවරයා මේවන විට රාගම රෝහලට ඇත... |
"ඕස්ට්‍රේලියාවට කඩුලු 05ක ජයක්" | "විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති ඕස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තය තරගය කඩුලු 05කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 05කි දැවී ලකුණු 180ක් රැස් කළේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව පන්දු වාර 19.4කදී කඩුලු 05ක් දැවී ... |
"එංගලන්තයට DLS ජයක්" | "ලෝකකුසලාන තරගාවලියේ B කාණ්ඩය යටතේ එංගලන්තය සහ නැමීබියාව අතර අද පැවැති තරගයට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වූ එම තරගය DLS ක්‍රමවේදයට අනුව ලකුණු 41 කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.තරගය පන්දුවාර 10කට සීමා විය.එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පන්වාර 10 තුළදී කඩුලු 5කට ලකුණු 122ක් රැස් කළේය.එහිදී හැරී... |
"මාස හයකට පසු දුටු කේට් කුමරිය" | "පිළිකා රෝගයකින් පෙළෙන වේල්ස් හි කේට් කුමරිය මාස හයකට පසු ඊයේ පළමු වරට ප්‍රසිද්ධ උත්සවයකට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.iii වැනි චාල්ස් රජුගේ උපන්දිනය වෙනුවෙන් පැවැත්වෙන සංදර්ශනයකට ඇය සිය සැමියා වන විලියම් කුමරු සහ දරුවන් සමඟ සහභාගී වී තිබේ.42 හැවිරිදි ඇය තිදරු මවකි.පිළිකා රෝගය නිසා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ... |
"අද කාලගුණය" | "බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට... |
"ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හදන්න වාර්තාවක්" | "ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද භාරදී තිබේ.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය සහ ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීමටත් ඉන් යෝජනා කර ඇත. එම වාර්තාව විශ්‍රාමික විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ප්‍රමුඛ කමිටුවක් මගින් එම නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කර තිබේ." |
"හෙල්ල විසිකිරීමෙන් රන් පදක්කමක්" | "දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ තරගයේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.ඔහු එහිදී නව තරග වාර්තාවක් මෙන්ම නව ශ්‍රී ලංකා වාර්තාවක් ද ඔහු පිහිටුවනු ලැබීය.රුමේෂ් පිරිමි හෙල්ල විසි කිරීම තරගයේ මීටර් 85.45 ක දක්ෂතාවයක් දක්වා තිබේ." |
"කොහුවල හන්දිය අද සිට මාස දෙකක් Traffic" | "කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් කටයුතු හේතුවෙන් අද සිට මාස දෙකක් එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කාළේය.”කොළඹ සිට පිළියන්දල දක්වා ගමන් කරන මාර්ගයේ කොහුවල මංසන්ධියේ ස්ථාපිත කරමින් පවතින ගුවන් පාලමේ අලුත්වැඩියා කටයු... |
"නේපාලයෙන් තියුණු සටනක්" | "විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඇමෙරිකාවේ කිංග්ස් ටවුන් හිදී අද පැවැති දකුණු අප්‍රිකාව හා නේපාලය අතර තරගයේ දී දකුණු අප්‍රිකාවට එක් ලකුණක ජයක් හිමි විය. පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 115ක් ලබා ගැනීමට සමත් විය.නේපාල කණ්ඩායමට සිය පන්දු වාර 20 අවසාන... |
"පාස්කු ප්‍රහාරයට තවත් ‘බෝම්බයක් ‘" | "පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර පිළිබඳ ලද පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග විමර්ශනයට අදාළව ජනාධිපතිවරයා පත්කළ කමිටුව නොපිළිගන්නා බව කතෝලික සභාව සඳහන් කරයි.කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ප්‍රහාරයේ වගකිව... |
"T20 සුපිරි 08ට එක්වූවෝ" | "2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට මේ දක්වා සුදුසුකම් ලබාඇත්තේ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකාවය.ශ්‍රී ලංකාව සහ නවසීලන්තය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට පළමු වටයෙන්ම ඉවතට විසිවිය.එංගලන්තය, බංග්ලාදේශ,පාකිස්තානය ... |
"කෙහෙළියලා යළි රිමාන්ඩ්" | "ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් මෙම මස 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස... |
"ට්‍රැෆික් පොලිස් දීමනාව ඉහළට" | "රථවාහන රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට ගෙවන මුදල වැඩි කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත. ඊට අදාළව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද නියමිතය.මෙම චක්‍රලේකය අනුව කොස්තාපල්වරයෙකුට ගෙවූ රුපියල් 1600ක මාසික දීමනාව රු. 6,000ක් දක්වා ඉහළ දැමේ. ස්ථානාධිපති රථවාහන ධුරය දැරූ නිලධාරියෙක් ට... |
"තායිලන්තයේ දුර්ලභ නිවුන් අලි උපතක්" | "තායිලන්තයේ බැංකොක් අගනුවර සත්ත්වෝද්‍යානයක සිටින ඇතින්නක් විසින් දුර්ලභ ඝනයේ නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු අද බිහි කර තිබේ.36 හැවිරිදි ”චම්චුරි”නමැති ඇතින්න විසින් මෙසේ බිහි කර ඇති නිවුන් අලි පැටවුන් දෙදෙනා ගැහැණු හා පිරිමි අලි පැටවුන් දෙදෙනෙකි. ලොව අලි උපත් අතර නිවුන් පැටවුන් මෙන්ම විෂම ලිංගික නිවුන්නු විරල බව වාර්තා ... |
"ශ්‍රී ලංකාවේ මැතිවරණ ගැන IMF තීරණය" | "ශ්‍රී ලංකාවේ මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ පසු ඊට අනුකූලව සිය විස්තීර්ණ ණය වැඩසටහනේ කාලසටහන සකස් කරගැනීම පිළිබඳව බලධාරීන් සමග සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනේ තුන්වැනි වාරිකය මුදාහැරීමෙන් අනතුරුව වොෂින්ටන් නුවර අද පැවති මාධ්‍ය හම... |
"පාර්ලිමේන්තුව ලබන සතියේ යළි රැස්වේ" | "පාර්ලිමේන්තුව ලබන අගහරුවාදා ( 18 වැනිදා) සිට බ්‍රහස්පතින්දා (20 වැනිදා) දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කරයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත. ඒ අනුව ජූනි 18 වැනි අඟහරු... |
"විජයදාසගේ වාරණය යළි දිගුවේ" | " ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීමට වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන බව කොළඹ දිසා අධිකරණය අද නියෝග කළේය. මෙම නඩුව අද කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසුරිය මහත්මිය හමුවේ කැඳවනු ලැබීය.ඒ අනුව අදාළ උත්තර හා විරෝධතා ගොනුකිරීමට ජූලි මස 18 වැනිදා ද... |
"ශ්‍රී ලංකා චීන රාජ්‍යතාන්ත්‍රික උපදේශන 13 වැනි සාකච්ඡා වටයට සැරසේ" | "ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශන සාකච්ඡාවල 13 වැනි වටය මෙම මස 17 වැනිදා බෙයිජිං නුවරදී පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.ශ්‍රී ලංකා දූත පිරිසෙහි නායත්වය විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් දරනු ලබන බවද චීනය වෙනුවෙන් චීන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය... |
"මහින්දානන්ද අධිකරණයට යන්න සැරසෙයි" | "පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ තමන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට පහරදුන් බවට ඔහු මාධ්‍ය ඔස්සේ අසත්‍ය චෝදනාවක් සිදුකළ බවය." |
"T 20 පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට" | "2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.ශ්‍රී ලංකාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වූයේ D කාණ්ඩය යටතේ නෙදර්ලන්තයට එරෙහිව පැවති තරගය බංග්ලාදේශය ලකුණු 25කින් ජය ගැනීමත් සමඟය.ශ්‍රී ලංකා කණ්ඩායම 20-20 ලෝක කුසලාන ක්... |
"පහරදීම ගැන ගුණතිලක රාජපක්ෂගෙන් හෙළි දරව්වක්" | "මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා තමාට ක්ෂණිකව තදින් පහරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පවසයි.එසේස තමාට පහරදීමේ සිද්ධිය පිළිබඳව දැනට සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බවත්, නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයන බවත් ඒ මහතා පවසයි.පහරකෑමේ සිද්ධියට ලක්වීමෙන් දින 10කට පසුව කොළඹ පිහිටි සිය... |
"උද්දිකගේ වෙඩි තැබීමේ රංගනය හෙළිවේ" | "හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය මන්ත්‍රීවරයා ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමග එක්වී සැලසුම්සහගතව සිදු කළ එකක් බව අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි. 2023 වසරේ සැප්තැම්බර් 17 වැනිදා අනුරාධපුර... |
"බංග්ලාදේශයට ලකුණු 25ක ජයක්" | "විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර තරගය ලකුණු 25කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය.ඒ අනුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 159ක් ලබා ගැනීමට සමත් විය.ෂ... |
"දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වැරුමකට සැරසෙති" | "උසස්වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.සිය ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට (14) පස්වරු 2.00 පෙර සාධනීය විසඳුමක් ලබා නොදෙන්නේ නම් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව එම සංගමය පවසයි." |
"මුහුදුබඩ අවහිර වූ දුම්රිය එක් මාර්ගයක් දැන් හරි" | "පානදුරේදී අද පෙරවරුවේ දුම්රියක් පීලි පැනීමෙන් අවහිරවූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්යක් මේ වනවිට විවෘත කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.පානදුර සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක් පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙලෙස පීලි පැනීමට ලක්වී තිබුණි." |
"සරසවි පිවිසුම් online හෙට සිට" | "2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම 2024 ජුනි 14 වනදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.ඒ අනුව හෙට පෙරවරු 6.00 සිට www.ugc.ac.lk වෙත පිවිස අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ.අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2024 ජුලි 05 වනදා බව විශ්වවිද්‍යා... |
"තාඹුගල රහසක් කියන්න සැරසෙයි" | "රුපියල් කෝටි 7කට ආසන්න මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක් සම්බන්ධයෙන්සැකකරුවකු වශයෙන් නම් කර සිටින ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතා විසින් රහස්‍ය ප්‍රකාශයක් සිදුකිරීමට සූදානම් බවට කළ ඉල්ලීමකට අනුව එය ලබන 18 වැනිදා සිදුකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහ... |
"කවුද? ජනපති; මත විමසුමක්" | "පසුගියදා අවසන් වූ ඉන්දීය මැතිවරණයේදී නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය ගැන අනාවැකි පළ කළ අන්තර්ජාතික තොරතුරු තාක්ෂණ සමාගමක් විසින් මෙරට සියලුම ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳ පුළුල් මත විමසුමක් ආරම්භ කර තිබේ.ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානුවන් විසින් පවත්වාගෙන යනු ලබන මෙම සමාගම මෙරට පුරවැසියන් මිලියන 9.3කගේ පමණ සමාජ මාධ්‍ය ගිණුම් අ... |
"කොදෙව්වන්ට ජය" | "විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්තය අතර පැවති තරගය ලකුණු 13කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත්විය. පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 149ක් රැස්කළේය. නවසීලන්තය ට සිය පන්දුවාර විස්ස අවසානයේදී ලබාගැනීමට හැකිවූයේ කඩුලු 9ක් දැවී ලකුණු 136ක් පමණි." |
"මුහුදුබඩ දුම්රිය මාර්ගය අදත් අවහිර වෙයි" | "පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ අද පෙරවරුවේ දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. පානදුර සිට මරදාන බලා ධාවනය වන අංක 8339 දරණ මන්දගාමී දුම්රියක් මෙලෙස පීලි පැනීමකට ලක්ව තිබේ. දුම්රියේ එක් මැදිරියක් අසල තිබූ දුම්රිය සංඥා පුවරුවේ ගැටී දුම්රිය සංඥා පද්ධතිය... |
"ද.ආසියාවේ ස්ත්‍රී පුරුෂ පරතරයෙන් ශ්‍රී ලංකාවටත් ස්ථානයක්" | " ගෝලිය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ තෙවන ස්ථානයට පත්ව ඇත. වාර්ෂික ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ බංග්ලාදේශයට වන අතර නේපාලය දෙවන ස්ථානයේ පසුවේ.ඉන්දියාව පස් වැනි ස්ථානයේත් පාකිස්තානය හත් වැනි ස්ථානයේත් පසුවේ. ලෝකයේ ස්ත්‍රී පුරුෂ ප... |
"තැපෑල අද ලෙඩින්" | "අසනීප නිවාඩු වාර්තා කරමින් ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, අද මධ්‍යම රාත්‍රී දක්වා දිවයින පුරා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවය.තැපැල් දෙපාර්තමේන්තුවේ පවති... |
"IMF දෙවැනි සමාලෝචනය අනුමතයි" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර තිබේ.ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 336ක් නිකුත් කර ඇත. මෙම මුදලත් සමග ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම් ලබාදී තිබේ.මෙම අනුමැතිය අනුව ශ්‍රී ලංකාවට සිය ඉදිරි ආර්ථික සංවර්ධන කටයුතු ක... |
"ත්‍රෛයිලෝක විජයපත්‍ර වගාවට ආයෝජකයින් කැඳවයි" | "වෛද්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය ලෙස අපනයනය සඳහා ත්‍රෛයිලෝක විජයපත්‍ර වගා කිරීමට ආයෝජන මණ්ඩලය විසින් ආයෝජකයින් වෙත අයැදුම් කැදවා ඇත.අයැදුම්පත්‍ර ගාස්තු ලෙස ඇමෙරිකානු ඩොලර් 400ක් අය කරනු ලබයි.ව්‍යාපෘතිය තක්සේරු ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 1250කි.කොන්දේසි සපුරාලීමට සමත් ආයෝජකයින් ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක ආරක්ෂක තැන්පතුවක් ආය... |
"ඉන්දියාවට කඩුලු 07ක ජයක්" | "විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සහ ඇමෙරිකාව අතර ඊයේ නිව්යෝර්ක් හිදී පැවති තරගයේදී කඩුලු 07ක ජයක් ඉන්දියාවට හිමි විය.පළමුව පන්දුවට පහරදුන් ඇමෙරිකානු කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 110ක් ලබා ගැනීමට සමත් විය.ඉන්දීය කණ්ඩායම පන්දුවාර 18.2කදී කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 11... |
"පාස්කු ප්‍රහාරයයේ බලධාරීන්ගේ වගකීම් සොයා බැලීමට කමිටුවක්" | " පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබූ බවට පැවසෙන පෙර සහ බුද්ධි අංශ තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය, ජාතික බුද්ධි අංශ ප්‍රධානියා සහ අනෙකුත් බලධාරීන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විමර්ශන කමිටුවක් පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර ඇති එම කමිටුවේ ප්‍රධානියා වශයෙන් විශ්‍රාමික වි... |
"කුකුල් චමින්දගේ පහරදීම් වීඩියෝ කළාට ලක්ෂ 5ක්" | " වැලිඔය ප්‍රදේශයේ නිවසකදී කුකුල් චමින්ද විසින් කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය යේ ප්‍රසිද්ධ කළ තරුණයාට රුපියල් ලක්ෂ 05ක ත්‍යාග මුදලක් ලබා දී ඇත. දැරියට පහරදෙන අවස්ථාවල කුකුල් චමින්ද ගේ තර්ජන හමුවේ වීඩියෝ කළ තරුණයාට අද (12දා) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහ... |
"පෙට්‍රල් තොග ගන්න කොන්ත්‍රාත්තුව දෙයි" | " පෙට්‍රල් 92 නැව් තොග පහක් මිලදී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඉදිරි මාස හයක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත පෙට්‍රල් සපයා ගැනීම සඳහා එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම් කරුවන් වෙතින් ලංසු කැඳවා තිබේ." |
"මන්ත්‍රී රියෙහි ගැටුණු තරුණයා මරුට" | "කෝන්ගස්දෙණිය හන්දිය අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගේ රියෙහි ගැටුණු තරුණයා කොළඹ ජාතික රෝහලේදී අනතුර සිදුවූ දින 08කට පසුව මරණයට පත්වී ඇත.මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ තිහාරිය කළගෙඩිහේන පදිංචි වයස අවුරුදු 22ක් වන තරුණයෙකි." |
"කසිප්පු විකුණූ තුම්පනේ මන්ත්‍රී උසාවියේ" | "තුම්පනේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකු වූ තිලකරත්න බංඩා නොහොත් (අතුල) කසිප්පු ස්ප්‍රීතු බෝතල් දෙකක්ද සමග හතරලියද්ද පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හතරලියද්ද පොලිස් බලප්‍රදේශයේ, පොල්වත්ත ඉහළගම ප්‍රදේශයේ ඔහුගේ නිවස ආසන්න ස්ථානයක නීති විරෝධී කසිප්පු අළෙවි කරන බ... |
"කහටගස්දිගිලිය ප්‍රාථමිකයේ දරුවන්ට ආහාර විෂවීමක්" | "කහටගස්දිගිලිය ප්‍රාථමික විද්‍යාලයේ 03 ශ්‍රේණියේ පාසල් සිසුන් පිරිසක් අද (12දා) උදෑසන පාසලින් ලබා දුන් ආහාර විෂ වීමකින් ආසාත්මික තත්ත්වයට පත්වී කහටගස්දිගිලිය මූලික රෝහලට ප්‍රථිකාර සඳහා ඇතුලත් කළේය. දිනපතා මේ දිනවල පාසලෙන් උදෑසන ලබාදෙන ආහාර වේල ආහාරයට ගෙන තිබුණි. පසුව කෙටි වේලාවක් ගතවනවාත් සමඟ ඇග කැසීම් තත්ත්වයක් හටගෙන ... |
"හිටපු මන්ත්‍රී ශිවමෝහන් අනතුරක" | "දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශිවමෝහන් මහතාගේ වාහනය විදුලි කණුවක ගැටීම නිසා වාහනයේ රියදුරු බරපතල තුවාල ලබා ඊයේ (11දා) මඩකලපුවේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ මඩකලපුව කාත්තන්කුඩි ප්‍රධාන මාර්ගයේ තලංගුඩා ප්‍රදේශයේදීය.වෛද්‍යවරයෙකු හා වවුනියාවේ පෞද්ගලික රෝ... |
"මෛත්‍රීට එරෙහි වාරණය දීර්ඝ කරයි" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 19දා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය." |
"ශිවාජිලිංගම් ජනපතිවරණයට එයි" | "ඉදිරි ජනාධිපතිවරණය සදහා තමන් ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් තරග කරණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා දෙමළ ජනතා සන්ධාන පක්ෂයේ මහලේකම් එම්.කේ.ශිවාජිලිංගම් මහතා ඊයේ (11දා) යාපනයේදී පවසීය.යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දෙමළ දේශපාලන පක්ෂ වලට ජනාධිපතිවරණය සදහ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එතරම් වුවමනාව... |
"ඉදිරි ජනාධිපතිවරණය රටේ සාර්ථකත්වයයි" | " ඉදිරි ජනාධිපතිවරණය පෞද්ගලික ජයග්‍රහණ හෝ පරාජයට වඩා රටේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තරුණ නියෝජිතයන් සමඟ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවැති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කීයා සිටියේය." |
"අධිවේගී හුවමාරු බස් නැවතුම්පලේ අනතුරක්" | "කොට්ටාව, මාකුඹුර අධිවේගී මාර්ග හුවමාරු බස් නැවතුම්පලේදී පෞද්ගලික බසයක් නැවතුම්පොළට ධාවනය වීමෙන් අද (12දා) උදෑසන සිදු වූ අනතුරකින් පුද්ගලයන් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි. පාදුක්ක සිට පිටකොටුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික සාමාන්‍ය බස් රියක් බස් නැවතුම්පොළට ඇතුල් කිරීමට උත්සාහ දැරීමේදී බසයේ තිරිංග ක... |
"අදත් දුවන වැහි" | "බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්පලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි අතර ඌව පළාතේ සහ අම්පාරල මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ... |
"අනුර පළාත් සභා ඉල්ලයි" | "පළාත් සභා පවතින ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතු බවට ජාතික ජන බලවේගය පිළිගන්නා බව අනුර කුමාර දිසානායක මහතා පවසයි.ඔහු පවසන්නේ, එය තවදුරටත් ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කළ යුතු බවය.දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සමග යාපනයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මන්... |
"මුහුදු බඩ දුම්රිය ප්‍රමාදයක්" | "සාගරිකා දුම්රිය කළුතර දී කාර්මික දෝෂයකට ලක්වී ධාවනය ඇනහිට ඇතැයි දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි. ඒ අනුව මුහුදු බඩ දුම්රිය ප්‍රමාදයක් ඇතැයි පවසයි." |
"විදුලි ගාස්තු සංශෝධනය ජූලි මැද" | "නව විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට යොමුකර ඇති යෝජනාවලියට අනුමැතිය ලබාදීම ජූලි මස මැද බාගයේදී පමණ වියහැකි බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පවසයි. විදුලිබල මණ්ඩලයෙන් යොමුකර ඇති නව ගාස්තු සංශෝධන පිළිබඳ යෝජනාව සඳහා මහජන අදහස් ලබාගැනීමට ද අපේක්ෂා කරන බව ද ඉන් අ... |
"ශ්‍රී ලංකා තරගය වැස්සට අත්හරී ;ද.අප්‍රිකාව පෙරට" | "විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ. මේ අතර දකුණු අප්‍රිකාව සුපිරි කණ්ඩායම් අට සදහා තේරී පත්වී ඇත." |
"ශ්‍රී ලංකා තරගයට වැස්ස හරහට" | "විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර අද ඇමෙරිකාවේ ලුඩර්හිල් හිදී පැවැත්වීමට නියමිත තරගය වර්ෂාව නිසා මෙතෙක් ආරම්භ කිරීමට නොහැකි වී ඇත.D කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය තරගාවලියේ 23 වැනි තරගයයි.ශ්‍රී ලංකාව මෙතෙක් පැවති තරග දෙකේදීම පරාජයට පත්විය.ඒ දකුණු අප්‍රිකාවට සහ බංග්ලාදේශයටය.තරගය ... |
"පාකිස්තානයට කඩුලු 07ක ජයක්" | "T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැනඩාවට එරෙහිව ඊයේ නිව්යෝර්ක් හිදී පැවති තරගයෙන් පාකිස්තානය කඩුලු 7ක ජයක් හිමිකර ගත්තේය.කාසියේ වාසිය දිනු පාකීස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට කැනඩා කණ්ඩායමට ආරාධනා කළේය.එහිදි කැනඩා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 106ක් රැස් කළේය. ආරොන් ජොන්සන් 52යි. ජය ... |
"මලාවි උප ජනාධිපති ගුවන් අනතුරකින් මරුට" | "මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලීමා ගුවන් අනතුරකින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.උප ජනාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු සමග ඊයේ උදෑසන අතුරුදන් වූ ගුවන්යානය කඩාවැටි තිබුණේ එරට චිකන්ගාවා නම් වනාන්තරයට ය.අයහපත් කාලගුණය මැද පියාසර කළ ගුවන්යානය රේඩාර් පථයෙන් අතුරුදන් වී තිබුණි.ඒ ලලොන්ග්වේ අගනුවර ගුවන්ත... |
"ලබන අය වැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න කමිටුවක්" | "රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කර ඇත.එහි ලේකම් ලෙස හිටපු ජනාධිපති ලේකම් වරයකු වන උදය සෙනෙවිරත්න මහතා පත්කර තිබේ.සෙසු සාමාජිකයන් වනුයේ ජාතික අය වැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ඩී.ජේ නිලුක්ෂාන්, කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්... |
"රනිල් සමග ඉන්න ‘පොහොට්ටුවේ’ මන්ත්‍රීවරු 23 දෙනා" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණ යේදී සෘජුවම සහාය දක්වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරුන් 23දෙනකු හඳුනා ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.එම පිරිස වනුයේ ජෝන් සෙනෙවිරත්න, චාමර සම්පත් දසනායක, ලසන්ත අලගියවන්න, නිමල් සිරිපාල ද සිල්වා, නිමල් ලන්සා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද අමරවීර, අලි සබ්‍ර... |
"වැලිගම හිටපු ප්‍රා. සභාපති රිමාන්ඩ්" | "කොටවිල පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ සහ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මෙම මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මාතර මහෙස්ත්‍රාත්වරයා වෙත අද ඔහු ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නික-ුත් කර ඇත." |
"LPL සඳහා ප්‍රමිතියක්" | "අනාගතයේදී යම්කිසි පාර්ශ්වයක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවන කණ්ඩායමක් මිලදී ගන්නේ නම් එය නිසි ක්‍රමවේදයකට සිදුකිරීමට අදාළ නීති ගෙන එන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.එමගින් නුසුදුසු පාර්ශ්ව LPL කණ්ඩායම් මිලදී ගැනීම වැළකෙන බව ඔහු පැවසීය." |
"රුසියානු විදේශ ඇමැති ශ්‍රී ලංකාවට දුන් පොරොන්දුව" | "විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ඉල්ලීමක් අනුව රුසියානු සන්නද්ධ හමුදාවන්ට මින් ඉදිරියට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම අත්හිටුවීමට රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සහායෙන් ලැව්රොෆ් මහතා එකග වී ඇත. රුසියාවේ සංචාරයක යෙදෙන විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා එරට විදේශ අමාත්‍යවරයා හමුවී පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇතැයි ව... |
"අන්ත දිළිදු අය මෙන්න" | "වර්තමාන ගෝලීය ආර්ථික තක්සේරුවට අනුව දිනකට ඩොලර් 1.5කට වඩා ( රුපියල් 500ක් පමණ ) අඩුවෙන් ආදායම් ලබන අය අන්ත දිලිඳු කාණ්ඩයට අයත් යැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් සදහන් කරයි.තිරසර ගෝලීය සංවර්ධනයට අදාළ වැඩ පිළිවෙලක් සකස් කිරීම සදහා වූ නවතම යෝජනාවලියෙහි මේ බව සඳහන් කර ඇත.මෙම යෝජනාවලිය එළිදැක්වීම අද කොළඹ ගලධාරි හෝටලයේ ... |
"විජයදාසගේ වාරණය තවදුරටත්" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම සහ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියම කළේය.මෙම නඩුව අද (11) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබීය. එහිදී නඩුවක අදාළ විරෝධතා ඉදිරිපත් කිර... |
"සැමියා සහ යහළුවෙක් බිරිඳ ඝාතනය කරලා" | "කුළී නිවසක පදිංචිව සිටි යුවළකගේ සැමියා සහ යහළුවකු විසින් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබූ කාන්තාවගේ මළ සිරුරක් අද අලුයම තලංගම, තලාහේන ප්‍රදේශයෙන් හමුවී ඇත. ඉකුත් 06 වැනිදා මරණකාරිය හා ඇයගේ ස්වාමි පුරුෂයා අතර ඇති වූ බහින්බස් වීමක් මත ස්වාමි පුරුෂයා සහ ඔහුගේ යහළුවා විසින් තියුණු ආයුධයකින් පහරදී එම කාන්තව ඝාතනය කර නි... |
"ලැගුම්හල් සේවකයෙක් දිවි නසාගනී" | "බත්තරමුල්ල ප්‍රදේශයේ ලැඟුම්හලක සේවය කළ අවුරුදු 50ක පමණ පිරිමි පුද්ගලයෙක් අද පෙරවරුවේ ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පොලිසිය පවසයි.මෙම පුද්ගලයා තනිව එම ලැඟුම්හලේ සිට ඇති බවත් ඔහු එම ස්ථානය බලාගත් පුද්ගලයා බවත් වාර්තාවේ. අදාළ මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන තලංගම පොලීසිය විසින් සිදුකරනු ලබයි." |
"නීතිපතිගෙ සේවා දිගුවට බාලගිරි දෝෂයක්" | "නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 06ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කල්දමා තිබේ.ඊයේ (10දා ) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අදාළ යෝජනාව ඉදිරිපත්ව ඇත. ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට එහිදී තීරණය වී ඇති බව වාර්තා වේ.නීතිපති සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය මේ මස අග... |
"ද.අප්‍රිකාවට බංග්ලාදේශය පරදී" | "විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ පැවැති තරගය ලකුණු 4කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නි... |
"රජ විය යුතු කුලය සමන්තභද්‍ර හිමියෝ පවසති" | "අඩු කුලයේ මිනිහෙක් රජ වුවහොත් ග්‍රාමසේවකයෙකු රජ වූ කලක මෙන් මුළු රට ම විනාශ වන බව සමන්තභද්‍ර හිමියෝ පවසති.අඩු කුලයේ මිනිහෙක් රජ වුවහොත් ඔහුට නින්දා කළ ගැරහුම් කළ බොහෝ පාර්ශ්වලට පිළිතුරු දීමට මිස රටේ දියුණුවට වැඩ කිරීමට කාලයක් නැති බව ද උන්වහන්සේ සඳහන් කරති.රාජ්‍යත්වයට පත්විය යුත්තේ රජ කුලයේ අයකු බවත් ඉතිහාසය කියවා මේ ... |
"එජාපට ජාතික ලේකම්වරයෙක්" | "එක්සත් ජාතික පක්ෂයේ නව ජාතික ලේකම් ලෙස හිටපු මුදල් ඇමතිවරයෙක් වන රවි කරුණානායක මහතා පත්ව ඇත.පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල පත්වීම සිදු කර තිබේ.තමා පක්ෂයේ බෙදී ගිය සියලු කොටස් එක්කර පක්ෂය ශක්තිමත් කර ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරා ගෙන යන බව සඳහන් කරයි." |
"මෝදි ලංකාවට" | "ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලබන අගෝස්තු මාසයේදී මෙරටේ සංචාරයක නිරත වෙනු ඇතැයි ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ නවදිල්ලි නුවර දී අද (10දා) පැවසීය. අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයෙන් පසු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන... |
"ආරක්ෂක ප්‍රධානීන්ගේ සේවා කාලය දීර්ඝ කෙරේ" | "සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් අග දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාටද සේවා දිගුවක් ලැබී ඇත්තේ ජනාධිපතිවරයා ගත් මෙම තීරණය පදනම් කරගෙන වන අතර දෙසැම්බර් මාසයට පෙර සේවා කාලය අවසන් වීමට නියමිතව ඇති ත්‍රිවිධ හමුදාපතිව... |
"අහුංගල්ලේ ලොකු පැටීගේ පොඩි පැටව් කොටු" | "මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින අහුංගල්ලේ ලොකු පැටීගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ප්‍රධාන ගෝලයන් තිදෙනෙකු පිස්තෝල අවි දෙකක් රුපියල් කෝටි තිහකට ආසන්න වටිනාකමකින් යුතු හෙරොයින් හා කුෂ් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩ... |
"දුම්රිය වර්ජනය අවසන්" | "දින 04ක් තිස්සේ ක්‍රියාත්මක වූ දුම්රිය වැඩ වර්ජනය මීට සුළ් මොහොතකට පෙර අවසන් කර ඇත.ඒ දුම්රිය බළධාරීන් සහ රියදුරු වෘත්තීය සමිති අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවය." |
"මුහුණ කමිසයෙන් වසා ඝාතනය කළ අයකුගේ සිරුර වාද්දුව වෙරළේ" | " ඇ`දසිටි කමිසයෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැක මළසිරුරක් වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ තිබී හමුව ඇති බව වාද්දුව පොලිසිය පවසයි. මියගොස් ඇති පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලිසිය කීය. නිල් පැහැති දිග කලිසමකින් සහ සුදු මේස් බැමියමක් ඇද සිටින පුද්ගලයා වයස අවුරුදු 40 – 45 ත් අතර වියේ’ පසුවන අයෙකු බවට ප... |
"යාපනයේ උපාධිධාරීහු පාරේ" | "යාපනයේ රැකියා විරහිත උපාධිධාරීන් විසින් යාපනය දිසාපති කාර්යාලය ඉදිරි පිට ඊයේ (09දා) විරෝධතවයක් දියත් කළහ.‘’උපාධියේ මලගම’’ වශයෙන් නම් කොට තිබූ මෙම විරෝධතාවයට රැකියා විරහිත උපාධිධාරීන් විසින් මළ මිනියක් රැගෙන යන ආකාරයට සකස් කරණ ලද ගොක් කොල සැරසිල්ලක්ද කරේ තබා ගෙන යාපනය දිසාපති කාර්යාලය ඉදිරි පිටට පැමිණ සිටියහ.යාපනයේ රැක... |
"කට්ටි පැන්න කත යුක්තියට කොටු" | "වසර හයක පමණ කාලයක් තිස්සේ අධිකරණය මග හරිමින් සිටි කාන්තාවක් යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ (09දා) ගාල්ල බලගොඩ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලිසිය පවසයි.එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 55 හැවිරිදිවියේ පසුවන කාන්තාවකි. ඇය 2016 වර්ෂයේ දි අතින් පයින් පහරදිමේ සිද්ධියක් සමබන්ධයෙන් අධිකරණය මගින් නියම කළ දඩ මුදලක් නොගෙවා අධිකරණය... |
"ඊශ්‍රායල විපක්ෂනායකට ආණ්ඩුව එපාවේ" | "ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය සමඟ එක්වී සිටි එරට විපක්ෂ විපක්ෂ නායක බෙනී ග්‍රෑන්ට්ස් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස් වී ඇත.අග්‍රාමාත්‍ය නෙදන්යාහු ප්‍රමුඛ රජය කෙරෙහි ඊශ්‍රායල වැසියන්ගේ විශ්වාසය පළුදු වී ඇති බව පෙන්වා දෙන ඔහු කඩිනමින් මැතිවරණයකට යා යුතු බව ද පවසයි." |
"දකුණේ යළි වෙඩිල්ලක්" | "හුංගම – රන්න ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැලක හිමිකරුවෙකු වෙඩි වැදීමකින් ඊයේ (09දා) රාත්‍රියේ මියගොස් තිබේ.වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 51 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිව හාඩ්වෙයාර් වෙළෙඳසැලක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකි.මෙය මනුෂ්‍ය ඝාතනයක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවර... |
"පොලිසියේ හිටපු ලොක්කන් සෙට් එකක් මාලිමාවට" | "මහරගම ජාතික තරුණු සේවා සභා ශ්‍රවණාගාරයේ පැවති ජාතික ජන බලවේගය සංවිධානය කළ විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ ජාතික සමුළුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඡේ.එ.කේ.මාර්ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අ... |
"බිත්තියට යටවී බිළිඳා මරුට" | "ඕමන්ත පුදියවේලර් සින්නකුලම් ප්‍රදේශයේ නිවසක බිත්ති කොටසක් කඩා වැටී මාස 02ක් වයසැති බිළිදෙකු මියගොස් ඇතැ. අනතුරින් පසු බිළිදා වවිනියා රෝහලට ඇතුළු කර ඇති අතර ඒ වන විටද බිළිදා මිය ගොස් ඇතැයි පොලීසිය කියයි." |
"රුපියල් කෝටි 30ක හෙරොයින් කාගේද?" | "ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන “අහුංගල්ලේ ලොකු පැටී” නම් පුද්ගලයාගේ ප්‍රධාන සගයින් තිදෙනෙකු රුපියල් කෝටි 30කට ආසන්න හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇත.පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඊයේ පස්ව... |
"ප්‍රංශ රජය විසුරුවයි" | "ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත.ඒ අනුව නව මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සඳහා වූ මැතිවරණය මෙම මස 30 වැනිදා සිට ජූලි මස 07 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය." |
"අද කාලගුණය" | "බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහ... |
"ඉන්දියාවට ලකුණු 06ක ජයක්" | "ඇමෙරිකාවේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පකිස්තනය අතර තරගයෙන් ඉන්දියානු කණ්ඩායම ලකුණු 6ක තියුණු ජයක් හිමි කර ගැනීමට සමත් විය. කාසියේ වාසිය දිනු පාකිස්තාන කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළේය.ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දු වාර 19ක් අවසානයේ සියලුදෙනා දැ... |
"අදත් දුම්රිය වර්ජනය" | "දුම්රිය රියදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සිව් වන දිනටත් අද (10) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසයි.ඒ අනුව අද උදෑසන කාර්යාල දුම්රිය ගමන් වාර 20ක් පමණ අවලංගු වන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මු... |
"හර්ෂ CID පරීක්ෂණ එපා කියයි" | "ජීවිත තර්ජනයක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම්දී තිබේ.පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි .CIDය විසින් විමර්ශන ආරම්භ කර ඊට අදාළ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම්ද... |
"තෙවැනිධුර කාලයට මෝදි දිවුරුම් දෙයි" | "ශ්‍රී ජවහර්ලාල් නේරු තුමා ගෙන් පසු ඉන්දියාවේ තෙවරක් අඛණ්ඩව අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ දෙවැන්නා ලෙසින් භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් නරේන්ද්‍ර මෝදි මහතා අද රාත්‍රී 7.15ට ඉන්දීය ජනාධිපති ද්‍රොව්පදි මුර්මු මහත්මිය ඉදිරියේ දී රාශ්ටපති භවන් හිදී දිවුරුම් දුන්නේය.ඒ සමග නව රජයේ කැබිනට් මන්ත්‍රීවරු 72ක් ද ජනාධිපතිනිය ඉදිරියේ... |
"කෘතහස්ත නිළි අයිරාංගනී සේරසිංහ 97 වැනි ජන්ම දිනය අදයි" | "සිංහල සිනමාවේ , වේදිකා නාට්‍ය සහ ටෙලිනාට්‍ය කලාවේ සම්මානනීය රංගන ශිල්පිනියක වන කෘතහස්ත නිළි අයිරාංගනී සේරසිංහ මහත්මියගේ 97 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ.ආචාර් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව චිත්‍රපටයේ කතිරිනාහාමි චරිතය නිරූපණය වෙනුවෙන් දීපෂිකා සම්මානයෙන් 1956 වසරේ දී පිදුම් ලැබූ ඇය සාගරයක් මැද චිත්‍රපටයේ රංගනය වෙනු... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.