Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"චීනයේ චෑන්ජි – 06 සඳ මතට"
"චීනය විසින් කාර්ය මණ්ඩලයක් නොමැති අභ්‍යවකාශ යානයක් සඳෙහි ඈත පැත්තට චීනයේ බීජිං වේලාවෙන් අද උදෑසන 6.23 ගොඩ බැස්සවූ බව චීනයේ අභ්‍යවකාශ ඒජන්සිය පවසයි. එය අඳුරු චන්ද්‍ර අර්ධගෝලයෙන් ලොව ප්‍රථම පාෂාණ සහ පස් සාම්පල ලබා ගැනීම අරමුණු කරගත් සුවිශේෂී මෙහෙයුමක් බව ද චීනයේ අභ්‍යවකාශ ඒජන්සිය සඳහන් කරයි.සඳෙහි අභ්‍යවකාශයට මුහුණ ලා ඇත...
"වැස්ස නිසා මදුරු මර්දන සතියත් දික්වේ"
"පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ක්‍රියාත්මක වූ මදුරු මර්දන සතියට තව දුරටත් ඉදිරියට සතියක, දෙකක කාලයක් එලෙසම පිරිසිදු කිරීමේ කටයුතු සහ ධූමායන කටයුතු සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කරයි.නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග ඉදිරියේදී ඩෙංගු මදුරුවන් බෝවීමේ වර්ධනයක් සිදුවිය හැකි බැවින් මැයි ...
"ගංගා පිටාර ගලයි"
"බස්නාහිර ,සබරගමුව සහ ගාල්ල හා මාතර ප්‍රදේශ වලට මිලි මීටර් 150කට අධික තද වැසි ඇදහැලීම නිසා මේ වන විට ප්‍රදේශ රැසක් ගංවතුරින් යටවී ඇත.කැලණි,කළු සහ නිල්වලා ගංගා පිටාර ගැලීම නිසා කැලණිය පට්ටිවිල සහ එගොඩ කැලණිය ප්‍රදේශ ද මිලන්කන්ද සහ පිටබැද්දර ප්‍රදේශ ද ජලයෙන් යටවී තිබේ."
"විස්සයි විස්ස ක්‍රිකට් ඇමෙරිකාවට ජයක්"
" විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැනඩා කණ්ඩායමට එරෙහිව අද පැවති තරගය කඩුලු 7කින් ජය ගෙන ඇත. ලකුණු 194ක ඉලක්කය හඹාගිය අමෙරිකාව පන්දුවාර 17යි පන්දු 4කදී කඩුලු 3ක් දැවී ලකුණු 197ක් රැස්කරමින් තරගයේ ජය හිමිකරගැනීමට සමත් විය."
"ගම්මිරිස් අස්වැන්න වැඩි වෙයි"
"ශ්‍රී ලංකාවේ වාර්ෂික ගම්මිරිස් අස්වැන්න ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.සාමාන්‍යයෙන් මෙරට වාර්ෂික අස්වැන්න මෙට්‍රික් ටොන් 23,000ක් පමණ වේ. නමුත් පසුගිය වසරේ දී මෙරට ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 30,000 ඉක්මවා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබේ. 2019 න් පසු මෙරට ගම්මිරිස් වගාවේ ඉහළ...
"ආපදා මරණ හයක් වාර්තා වේ"
"දෙයියන්දර, පල්ලේවෙල ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ පස් කන්දක් කඩා වැටී තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ.මීට අමතරව තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇල්ලේවෙල රෝහලට ඇතුළත් කර තිබේ . මියගොස් ඇත්තේ, වයස අවුරුදු 20 හා 27 යන වයස්වල පසුවන දෙනගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.මෘත ශරීර ඇල්ලේවෙල රෝහලේ තැන්පත් කර ඇත. දෙයියන්දර පොලීසිය වැ...
"ඇමෙරිකාවෙන් ලොවට ක්‍රිකට් අද සිට"
"20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බටහිර ඉන්දිය කොදෙව් සහ ඇමෙරිකාවේ සම සත්කාරකත්වයෙන් අද ආරම්භ වේ.ඇමෙරිකාව ක්‍රිකට් ලෝක කුසලානයක් සඳහා සම සත්කාරකත්වය දරන පළමු අවස්ථාවය.මෙවර තරගාවලිය සඳහා රටවල් 20ක් කාණ්ඩ 4ක් යටතේ තරග වදිති. A කාණ්ඩයට පාකිස්තානය සහ ඉන්දියාව කැනඩාව, අයර්ලන්තය සහ ඇමෙරිකාව ඇතුළත්ය.B කාණ්ඩයෙන් වත්මන් ශූර...
"ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්"
"තායිවාන විවෘත මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක් මීටර් 400 පිරිමි සහ කන්තා ඉසව් දෙකෙන් පළමු ස්ථාන හිමි කරගෙන තිබේ.එලෙස පළමු ස්ථානය හිමිකර ගෙන ඇත්තේ, අරුණ දර්ශන සහ තරුෂි කරුණාරත්නය.අරුණ දර්ශන මීටර් 400 පිරිමි ඉසව්ව තත්පර 45.82කින් නිම කරමින් පළමු ස්ථානයට පත් වූ අතර තරුෂි කරුණාරත්න කාන්තා මීටර් 4...
"පොහොට්ටුවෙන් ජනපතිට අභියෝගයක්"
"මහමැතිවරණය හා ජනාධිපතිවරණය කල්දැමීමට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළහොත් ආණ්ඩුවෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු...
"රුපියල් මිලියන හතක දුම්වැටි සහ දුරකථන අත්අඩංගුවට"
"ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තය තුළ සිදු කරන ලද විශේෂ ආවේක්ෂණ රාජකාරියකදී ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 226 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට මෙරටට පැමිණි සැක සැකකටයුතු මගින් තිදෙනෙකු නීති විරෝධී දුම්වැටි සහ ජංගම දුරකථන රැසක් සමග හරිත මාර්ගයේදී අත්අඩංගුවට...
"විපක්ෂයෙන් ආණ්ඩුවට පිල් මාරුවක්"
"පාර්ලිමේන්තුව යළි රැස්වන ජුනි 4 වැනිදා විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ආණ්ඩු පක්ෂයට එක්වීමේ සුදානමක් පවතින බවඉතා විස්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.එම ආරංචි මාර්ග වලට අනුව ඔවුන් ඉන් අනතුරුව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා රට හමුවේ කරුණු දැක්වීමට නියමිතව ඇතැයි ද පැවසේ.පාර්ලිමේන්තුව ලබන 4 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්ව...
"පාඨලීගේ පක්ෂ සමුළුව අද"
"එක්සත් ජනරජ පෙරමුණේ ජාතික මහා සමුළුව අද සවස 3.00 ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.රට බංකොලොත් කිරීමට එරෙහිව නැගී සිටිමු යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වීමට පියවර ගෙන ඇත.සමුළුවට විපක්ෂයේ දේශපාලන නායකයන් ද සහභාගී වීමට නියමිතය."
"බයිඩන් ‘සාම කුරුල්ලෙක්’ වෙයි"
"ඊශ්‍රායල හමාස් ගැටුම නවත්වා, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ද ස්ථිරසාර විසඳුමක් ලබා දීමේ අරමුණ ඇතිව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නව සාම සැලැස්මක් සකස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.‘දැන් ඇති යුද්ධ කළා. මේ යුද්ධය අවසන් වෙන්න ඕනෑ’ යැයි කියමින්, ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙම නව සාම සැලැස්ම ඉදිරිපත් කළ බව ඇමෙරිකන් මාධ්‍ය වාර...
"මෝදිගේ ආසනයට ඡන්දය අද සිට"
"ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර, අද ආරම්භ වෙයි.මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ලබන 4 වැනිදා සිදු කරනු ලබයි. එසැණින් ප්‍රතිඵල ද නිකුත් කෙරෙනු ඇත.අවසන් අදියරේ දී ආසන 57 ක් වෙනුවෙන් මැතිවරණ පැවැත්වෙයි. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ වරණාසි ආසනය ද ඒ අතර වෙයි. වරණාසි යනු අග්‍රාමාත්‍ය නරේන්ද්‍...
"අද කාලගුණය"
"බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.ඌව, උතුරු-මැද සහ...
"Starlink බලපත්‍රය ගැන තීරණයක්"
"Starlink අන්තර්ජාල සේවය මෙරට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන බලපත්‍රය පිළිබඳව අවසන් තීන්දුව ලබන සතියේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කරයි. චන්ද්‍රිකා තාක්ෂණය හරහා අන්තර්ජාල පහසුකම් සැපයීමේ සේවාවන් සඳහා පළමුවරට මෙවැනි ඉල්ලීමක් සිදුකර ඇති බවත් ඒ සඳහා අවශ්...
"ඔස්මන් පුෂ්පරාජ් අත්අඩංගුවට"
"ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ සහ සහාය වූ බවට සැක කෙරෙන අත්‍යාවශ වූ සැකකරු වන ඔස්මන් පුෂ්පරාජ් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍ර...
"සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනයක්"
"අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇත. ඉන්ධන වර්ග දෙකක මිල ගණන් නොවෙනස්ව පවතී. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇත. එහි නව මිල රුපියල් 355කි.ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පවතී. එහි මිල...
"මාලදිවයින විදේශ ඇමැති එයි"
"මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මහතා මෙරට සිව්දින සංචාරයක නිරත වීමට නියමිතව බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි. ඒ අනුව ලබන ජූනි මස 03 වැනිදා සිට 06 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි. මෙම සංචාරයේදී මාලදිවයින් විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ...
"උසස් පෙළ හපන්නු"
"උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර තිබේ.ඒ අනුව ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පහන්මා උපනි ලෙනෝරා හිමිකර ගෙන ඇති අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ ඩව්. ඒ. චිරාත් නිරෝධ ගණිත අංශයෙන් පළමු ස්ථානය දිනාගෙන ඇත."
"‘සයිටම්’ මොරටුව වෛද්‍ය පීඨයට"
"සයිටම් ආයතනය (south Asian Institute of Technology) සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට පැවැරීමට තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.2025 වසරේ ජනවාරි මාසයේදී ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට නියමිත බවද සඳහන් කරයි."
"උසස්පෙළින් සරසවි වරම් ලද්දෝ"
"අපොස උසස්පෙළ 2023 විභාග ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා 173,444 දෙනෙක් සුදුසුකම් ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එසේම විභාග අයැදුම් කරුවන් 190 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවා තිබේ. මෙවර විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයැදුම් කරුවන් 269613 ඉදිරිපත් වූ බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.නැවත ප්‍රතිඵල...
"ලලිත් කොතලාවලගේ මරණයට හේතුව හෙළිවේ"
"සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ මරණය ස්වභාවිකව සිදුවූවක් බව තීන්දු කරමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළේය.මරණයට අදාළ වාර්තා සහ සාක්ෂිකරුවන් ලබාදුන් සාක්ෂි සලකා බැලීමෙන් පසු මරණයට හේතුව හෘදයාබාධයක් බව තීරණය කරමින් නඩු කටයුතු අවසන් කරන ලදි.ඒ මහතා ලංකා හොස්පිට්ල්ස් හ...
"උසස් පෙළ ප්‍රතිඵල අද සවස"
"අපොස උසස් පෙළ 2023 විභාග ප්‍රතිඵල අද සවස නිකුත් කළ හැකි බව විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.මෙවර ප්‍රතිඵල සමග දිවයිනේ ස්ථානය සහ දිස්ත්‍රික් ස්ථානය ද නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි."
"ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලංකා හොස්පිටලස් වෙතින් ඉවත් වෙයි"
"මෙරට ලැයිස්තුගත සෞඛ්‍ය සේවා සැපයුම් සමාගමක් වන ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය හිමි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් විසින් සිය කොටස් හිමිකාරීත්වය මහා භාණ්ඩාගාරය වෙත පැවරීමට තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් ලංකා හොස්පිටල්ස් සමාගම පවසන්නේ අදාළ තීරණය පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යව...
"කොළඹ ජාතික රෝහල් ගොඩනැගිල්ලක් උඩ සුළු සේවකයෙක්"
" කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එම ධුරයෙන් ඉවත්කරන ලෙස ඉල්ලා රෝහලේ සුළු සේවකයෙක් රෝහල් ගොඩනැගිල්ලක් මත නැග උපවාසයක් ආරම්භ කර ඇත."
"කබ්රාල් ඇතුළු පිරිස නිදහස්"
"2012 වසරේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනයක් සිදුකිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි...
"බෑග් හොරා අත්අඩංගුවට"
" කොළඹ පිටකොටුවේ පෞද්ගලික බස් රථයක් තුළදී විදේශීය ජාතික තරුණියකගේ ගමන් මල්ල සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි."
"හරක්කටාගේ මස්සිනාට වෙච්ච දේ"
"පාතාල නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන මිදිගම රුවන් ඩුබායි සිට මෙරටට රැගෙනවිත් තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුව රැගෙනවිත් ඇත.මොහු නදුන් චින්තක හෙවත් හරක් කටාගේ මස්සිනා වන අතරපසුගියදා හරක් කටා හෙවත් නදුන් චින්තක ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත...
"ට්‍රම්ප් අනියම් සබඳතාවකට වැරදිකරු වෙයි"
"නිල් චිත්‍රපට නිළියක සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය ‘යට ගැසීමට’ ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු විය.නිව්යෝක් අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර, ට්‍රම්ප්ට චෝදනා 34 ක් එල්ල වී තිබුණි. හිටපු ජනාපධිතිවරයා චෝද...
"රත්නපුරයට ලොකු ගං වතුර අවදානමක්"
"කළු ගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළයෑම හේතුවෙන් රත්නපුරයේ ගංවතුර තත්ත්වයක් මතුව ඇත .කළු ගගේ ජල මට්ටම පුළුඟුපිටිය ජල මාපක 07 සීමාව කරා ළඟාවෙමින් ඇති බවද වාර්තා වෙයි.මේ හේතුවෙන් රත්නපුර අළුපොත ප්‍රධාන බස් මාර්ගය ඇත්ඔය ප්‍රදේශයෙන් යළි යටවී ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.ප්‍රධාන මාර්ගවලට ප්‍රවේශ වන අතුරු මාර්ග රැසක් ද ජලයෙන් යටවී ඇත...
"සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න දිවි සැරිය නිමා කරයි"
"ඉතා මියුරු ගීත තනු සිය ගණනක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහතා 94 වියේ පසුවිය.ඔහු පදිංචිව සිටියේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඔහුගේ පුතණුවන් සමගය. ඒ මහතාගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දීමට නියමිතය.මාමිනි මාමිනි දෙයියා….,අහසේ තරු ගනින්න වෙයිද දන...
"මියන්මාරයේ තරුණයින් බේරා ගැනීමට විපක්ෂ මන්ත්‍රීවරු ගත් පියවර"
"ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන නීතිඥ වසන්න යාපාබණ්ඩාර, ජේ.සී. අලවතුවල, සුජිත් සන්ජය පෙරේරා යන මන්ත්‍රීවරුන් මියන්මාරයේ මියාවඩි ප්‍රදේශයේ පරිගණක අපරාධකරුවන් විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 49 දෙනා බේරාගැනීම සඳහා මියන්මාරයේ යැංගුම් නුවර සිට කිලෝමීටර් 500ක් පමණ දුරින් නෙප...
"ගංවතුර අවදානමක්"
"මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර මහතා පවසන්නේ මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශ හා අතු ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් තිබීම හේතුවෙන් අතු ගංගා හරහා ගමන් කිරීම, දියනෑම අවදානම් වියහැක...
"කොළඹ වරායේදී ඉන්ධන කාන්දු වූ නැවකින් වන්දි ඉල්ලයි"
" කොළඹ වරායේ නැංගුරම්ලා තිබිය දී ඉන්ධන කාන්දුවක් සිදුවූ ඉන්දීය සමාගමකට අයත් නෞකාව සිය භාරයට ගෙන ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. අදාළ නෞකාවෙන් සිදුවූ ඉන්ධන කාන්දුව සම්බන්ධයෙන් එම නෞකාව අයත් සමාගමට සහ රක්ෂණ සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි. අලුත්වැඩියා...
"‘ශේෂ’ට කෑන්ස් සම්මානයක්"
"ශ්‍රී ලංකාවේ සිනමා පටයක් වන “ශේෂ” 2024 ලෝක කෑන්ස් ( “Cannes” ) සම්මාන උළලේදී හොඳම නර්තන චිත්‍රපටය ( BEST DANCE FILM) අංශයේ සම්මානය දිනගෙන තිබේ.හෙළයාගේ අස්පර්ශ මූලාශ්‍රය ලෙසින් හඳුන්වා දුන් “ශේෂ” සිනමා පටය ඉසුරු ගුණතිලකයේ නිර්මාණයකි. ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ විසින් එහි ප්‍රධාන චරිතය නිරූපණය කරයි."
"අද කාලගුණය"
"සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව අද අලුයම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත .ඒ අනුව අද දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවෙයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.බස්නාහිර සහ ස...
"ක්‍රීඩා සංගම් කිහිපයක නිලවරණ අත්හිටුවයි"
"ශ්‍රී ලංකා පාපැදි, රගර්,ඔටෝමොබයිල් සහ නෙට්බෝල් සංගමය යන ක්‍රීඩා සංගම් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.ඒ අනුව ඒවායෙහි නිලවරණ පැවැත්වීම අත්හිටුවීමට ක්‍රීඩා සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් වරයා පියවර ගෙන තිබේ."
"රුසියාවට යන අය ගැන පූර්ණ අධීක්ෂනයක්"
"ඉදිරියේදී ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය ලබාදීමෙන් අනතුරුව පමණක් රුසියාවට ගමන් කිරීම සඳහා අපේක්ෂා කරන හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා වීසා නිකුත්කිරීමට කටයුතු කරන බව විදේශ අමාත්‍යවරයා කියා සිටී.සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඒ බව සඳහන් කරයි."
"අමෙරිකානු තානාපතිනි මැතිවරණ කොමිසමේ"
"අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය හා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා අතර අද (29දා) පෙරවරුවේදී විශේෂ හමුවක් සිදුව තිබේ. රටේ ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා ඇය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී ඇති අතර මැතිවරණ පැවැත්වීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ද ඇය මැතිවර...
"අස්වීම ලිව්වත් දෙන්න කෙනෙක් හිටියේ නෑ-ජනපතිගෙන් මාර කතාවක්"
"ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයෙකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ ක‍ර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (28) පවැති වැඩමුළුවට එක්වෙමිනි....
"ඉන්දියාවේ උෂ්ණත්වය නගී"
"ඉන්දියාවේ උතුරු සහ මධ්‍යම ප්‍රදේශයේ ප්‍රාන්ත රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවූ බව එරට මාද්‍ය වාර්තා කර සිටී. ඒ අනුව රාජස්තානයේ චුරු සහ හර්යානා සර්සා හි සෙල්සියස් අංශක 50 ඉක්මවා ගොස් ඇත. දිල්ලි නුවර කාලගුණ මධ්‍යස්ථාන තුනක උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 49ක් හෝ ඊට වැඩියෙන් වාර්තා වී ඇත.. දිල්ලි හි මුංගේෂ්පූර් සහ නරේ...
"හෙට අනිද්දා පාසල් සාමාන්‍ය පරිදි"
"හෙට සහ අනිද්දා (30 සහ 31 දිනයන්හි) සියලු‍ම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී."
"ආචාර්ය පුන්සරට ඇප"
"අත්අඩංගුවට ගත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ මහතාව ඇප මත මුදාහැර තිබේ. ආචාර්යයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මෙලෙස මුදාහැර ඇත.අයිසිස් සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු සම්බන්ධයෙන්...
"ආචාර්ය පුන්සර අමරසිංහ සීඅයිඩී අත්අඩංගුවට"
"කොතලාවල ආරක්ෂක පීඨයේ කථිකාචාර්ය, ආචාර්ය පුන්සර අමරසිංහ මහතා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉන්දියාවේදී අත්අඩංගුවට පත් වූ මෙරට අයිසිස් සාමාජිකයන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කළේ යැයි යන චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ."
"අයිස් සමඟ ඇල්ලූ තරුණයා ළඟ ගල්කටස්"
" මහරගම පොලිස් වසමේ ඇරවල ප්‍රදේශයේ පදිංචිව සිටින තරුණයකු මෙත් ඇම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමෙහි නියැලෙන බවට ලද තොරතුරක් මත සැකකරු සම්බන්ධයෙන් කළ පරීක්ෂාවේදී ඔහු සන්තකයේ තබාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 520 ක ප්‍රමාණයක් සහ නිවසේ රහසිගත ස්ථානයක සඟවා තිබූ මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ කුඩා ග...
"ඉදිරි පැය 24 ගැන රතු නිවේදනයක්"
"ඉදිරි පැය 24 තුළ තද සුළං ඇතිවීම සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන අතර දිවයිනට වටා මුහුදු ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන්නැයි දැනුම්දී ඇත. එම ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70ත් අතර වැඩි වෙ...
"මෛත්‍රීට එරෙහි වාරණය දීර්ඝ කෙරේ"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන මස 12 වන දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනුකර තිබූ මෙම පැමිණිල්ල අද (29) කොළඹ දිසා විනිසුරු සඳුන් වි...
"ගල්කිරියාගම ගැටුමින් පියා මරුට-පුතා රෝහලේ"
"ගල්කිරියාගම බණ්ඩාරපොතානදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී පිය පුතු දෙදෙනකුට සිදුකළ පහර දීමකින් පියා මිය ගොස් පුත්‍රයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ගල්කිරියාගම පොලිසිය පවසයි. ගල්කිරියාගම පොලිස් වසමට අයත් පුබ්බෝගම බන්ඩාරපොතාන ප්‍රදේශ‍යේදී ඊයේ (28දා) සවස මෙම ගැටුම ඇතිව තිබූ අතර ගැටුමින් මිය ගොස් ඇත්තේ අබ්දුල් හකීම් නමැත...
"වටරැක කාන්තාවක් ඝාතනය කෙරේ"
"පාදුක්ක වටරැක ප්‍රදේශයේ නිවසක් සිටි කාන්තාවකට අද (29) පෙරවරුවේ එල්ල කරන ලද තියුණු ආයුධ ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කල පසු මියගොස් ඇත. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පාදුක්ක වටරැක කරුණාවතී නැමැති 65 හැවිරිදි එක්දරු මවකි. ඝාතනයට ලක් වූ කාන්තාව යම්කිසි අවශ්‍යතාවයක් සදහා අළුයම් කාළයේදී නිවසෙහි ඉදිරිපස කාමරයකට ගිය අවස්ථ...
"යාපනය රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට අනතුරක්"
"යාපනය ශීක්ෂණ රෝහලේ හදීසි අනතුරු වාට්ටුවට මහ රාත්‍රියේ යතුරු පැදියකින් කඩා වැදුණු තරුණයින් දෙදෙනෙකු රෝහල් සේවකයෙකුට පරිගණක මුද්‍රණ යන්ත්‍රයකින් හිසට පහර දීම නිසා ඔහු බරපතල ලෙස තුවාල ලබා ඊයේ (28දා) රාත්‍රී රෝහල් ගත කොට තිබේ.යතුරු පැදියෙන් රෝහලේ හදිසි අනතුරු වාට්ටුව තුළටම පැමිණි තරුණයින් දෙදෙනා අධික ලෙස බීමත්ව සිට ඇති අත...
"බාලිකා පාසලේ නේවාසිකාගාරය වධකාගාරයක්ලු"
"යාපනයේ ප්‍රදේශයේ බාලිකා පාසලක නේවාසිකාගාරයේ අමානුෂීය ලෙස සිදුවන පහර දීම් ඉවසා ගත නොහැකිව සිසුවියන් 11 දෙනෙකු පොලීසියට පැමිණ බාර වීමත් සමගම පොලීසිය එම නේවාසිකාගාරයේ පාලිකාව අත්අඩංගුවට ගෙන තිබේ.යාපනයේ ඌර්කාවතුරේ පොලීසිය වෙත එම සිසුවියන් පැමිණ බාර වූ අවස්ථාවේදී ඔවුන්ගෙන් ප්‍රකාශයන් ලබා ගැනීමටවත් නොහැකි ලෙස සිසුවියන් පහර ...
"උසස් පෙළ ප්‍රතිඵල අනිද්දා එයි"
"අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා (31දා) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත මහතා පැවසීය. විභාගය සඳහා අයඳුම්කරුවන් තුන්ලක්ෂ හතලිස් දෙදහස් අටසිය අසූ අට දෙනකු පෙනී සිටි අතර පසුගිය ජනවාරි 04 වැනිදා සිට 30දා තෙක් විභාගය පැවැත්විණි."
"බස් රථය පල්ලමට වැටී 27ක් තුවාලයි"
"කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය ආසන්නයේ දි පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී බසය මාර්ගයෙන් ඉවතට පෙරළි සිදු වූ අනතුරින් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත. ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථය බස් රථය දෙසට එද්දි ත්‍රිරෝද රථය බසයේ ගැටිම වැලක්විමට බස් රියදුරු උත්සාහ ගෙන ඇති අ...
"අයිස් කිලෝවක් මන්නාරමෙන් අල්ලයි"
"අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ලගයෙකු මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි."
"විස්සයි-20 ලෝක කුසලානය පරාජයකින් අරඹයි"
"මෙවර විසිසයි 20 ලෝක කුසලානය වෙනුවෙන් නෙදර්ලන්තය සමග පැවැත්වුණු පළමු පුහුණු තරගයෙන් ලකුණු 20ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. අමෙරිකාවේ ෆ්ලෝරිඩා හිදි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුහු නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවි...
"ප්‍රධාන මාර්ගයේ දුම්රිය අදත් ප්‍රමාදයි"
"ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රිය අද (29) පෙරවරුවේ ද ප්‍රමාද වී ධාවනය වන බවත් දුම්රිය පාලක මැදිරිය පැවසීය. ගම්පහ දුම්රිය ස්ථානය අසල දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් ඇත."
"වැඩිහිටි ගරුසරු වැඩි වෙයි"
"විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මනූෂ නානායක්කාර අමාත්‍යවරයා පවසයි.ඔහු පැවසුවේ “ගරුසරු” වැඩසහනට සමගාමීව සකස් කෙරෙන මෙම ක්‍රියාවලිය සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම ද මේ වන විට ආරම්භ කර ...
"ගාසා ළමා අරමුදල වහන්න තව දින තුනයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව 2024 මාර්තු 04 වැනිදා ආරම්භ කරන ලද ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලින් හා විවිධ ආයතන විසින් මේ දක්වා රුපියල් මිලියන 127ක මුදලක් පරිත්‍යාග කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඊට දායක වූ සියලුදෙනා වෙත ජනාධිපතිවරයා සහ ජනාධිපති කාර්යාලයේ ස්තූතිය පළ කර ස...
"පාස්කු ඉරිදා ප්‍රහාර පෙත්සමක් කල් යයි"
"පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 25 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද ...
"වැස්සට එළවළු හා මාළු ගණන් යයි"
"‍පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග වෙළෙඳපොළේ එළවළු මිල යළි ඉහළ ගොස් තිබේ.වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග එළවළු ඵලදාව විනාශ වීම මෙම මිල ඉහළ යාමට හේතුවී ඇති බව වාර්තා වේ.මෙම තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් එළවළු මිල තවදුරටත් ඉහළ යා හැකි බව මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති අජිත් කළුතරගේ මහතා සදහන් කරයි.මේ අතර මාළු මිල ගණන් ද ම...
"‘දුරකථනයේ ‘ කෑලි හැලේ"
"සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ අත්තනෝමතික ක්‍රියා කළාපයන් නිසා හට ගෙන තිබෙන අභ්‍යන්තර ගැටුම් හමුවේ දේශපාලන පක්ෂ දෙකක් ඉවත්ව යාමට කල් බලමින් සිටින බව වාර්තා වේ.රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා නායකත්වය දරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානය එසේ ඉවත්ව යාමට කල...
"අද කාලගුණය"
"සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවය.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවේ.ඌ...
"ෆොන්සේකාත් ජනපති අපේක්ෂකත්වය ඉල්ලයි"
"සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන සරත් ෆොන්සේකා හා තිස්ස අත්තනායක මහත්වරුන් අතර පැවති සාකච්ඡා බිඳ වැටී ඇතැයි වාර්තා වේ.ඒ ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකත්වය තමන්ට ලබා දෙන ෆොන්සේකා මහතා ඉල්ලා සිටීම හේතුවෙනි.ෆොන්සේකා හා සමගි ජන බලවේගය පක්ෂය අතර පවතින අර්බුදය සමථයකට පත් කර ගැනීම සඳහා පක්ෂයේ ජාතික සංවිධායක...
"සජබ යළිත් මාලිමාවෙන් දින ඉල්ලයි"
"රටේ ආර්ථික ප්‍රතිපත්තිය කෙසේ විය යුතු දැයි කියා පවත්වනු ලබන විවාදය කඩිනමින් පැවැත්වීම සඳහා සාකච්ඡාවකට පැමිණෙන ලෙස සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය වෙත ලිඛිත ආරාධනයක් කර සිටී.එම පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානි සහ විවාද සම්බන්ධිකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ජාතික ජන බලවේගය,විධායක සභික, වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා ...
"තාඹුගලට ඇප"
"රිමාන්ඩ් ගතකර සිටි අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගල මහතාව ඇප මත මුදාහැර ඇත. මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තාඹුගල මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදාහැර තිබේ."
"විජයදාසට යළි මාසයක වාරණයක්"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ජුනි මස 27 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කළේයග කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ මෙම නඩුව අද (27) කැඳවනු ලැබීය"
"චීනය හෙල්ලෙයි"
" චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ මූලී නම් ප්‍රදේශයේ අද (27දා) ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබේ. එහි ප්‍රබලත්වය රිච්ටර් පරිමාණ ඒකක 5.0ක් ලෙස දැක්වුණු බව චීනයේ භූ කම්පන සම්බන්ධයෙන් තොරතුරු නිකුත්කරන මධ්‍යස්ථානය පැවසීය."
"මාතර-වැලිගම වෙඩි පත්තුවේ"
"මාතර, වැලිගම, බටවල, පාතේගම ආදර්ශ ප්‍රාථමික විදුහල අසල අද (27) පෙරවරුවේ වෙඩිතැබිමක් සිදුව ඇත. සිය දරුවන් දෙදෙනා රැගෙන යතුරු පැදියකින් බටවල පාතේගම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය වෙත පැමිණි පුද්ගලයකුට මෙම වෙඩි තැබිම සිදු කොට ඇතැයි පොලිසිය කියයි. පාතාග කල්ලියකට සම්බන්ධ බව කියන මොහු පුද්ගලයෙකුට වෙඩි තැබිමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ...
"මෛත්‍රීලා ඩාර්ලි පාරෙන් සමුගනී"
"පවතින දේශපාලන වාතාවරණය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු වෙනත් ස්ථානයක සිට සිදුකරගෙන යාමට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තීරණය කර ඇති බව වාර්තා වෙයි.ඒ අනුව ඉදිරි දේශපාලන කටයුතු සිදු කරගෙන යාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය නොව කොළඹ පිහිටි වෙනත් ස්ථානයක් යොදා ගැනීමට නියමිත බව වාර්තා ව...
"විමල් සහ උදයලා ‘සර්ව ජන බලය’ ට එක්වෙති"
"එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘සර්ව ජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවනු ලැබීය.ඒ සඳහා මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික...
"මියගිය ප්‍රංශ තානාපති ගැන තීරණය අද"
"මෙරට ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රාන්කොයිස් පැක්ටෙක් මහතාගේ අභාවය පිළිබඳව අවසන් තීරණයක් මේ දක්වාත් ගෙන නොමැති බව ප්‍රංශ තානාපති කාර්යාලය පවසයි.ඒ අනුව ඔහුගේ අවසන් කටයුතු මෙරටදී සිදුකරන්නේ ද එසේත් නොමැති නම් දේහය ප්‍රංශයට ගෙන යන්නේ ද යන්න පිළිබඳව අද අවසන් තීරණයක් ගන්නා බව තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.ඒ මහතා රාජගිරි...
"5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව අයැදුම් පත් අද සිට"
"ශිෂ්‍යත්ව විභාගයට අදාළව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාර ගැනීම අද සිට ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.ඒ අනුව ජුනි මස 14 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාරගැනීම සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.ජුනි මස 14 වැනිදා මධ්‍යම රාත්‍රී 12න් පසුව මාර්ගගත ප්‍රවේශය...
"2024 IPL කිරුළ KKR ට"
"2024 IPL තරගාවලියේ අද පැවැති අවසන් මහා දී ජයග්‍රාහී කිරුළ හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය. සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කොල්කටා කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 3ක් අවසානයේ කඩුලු 8ක් අතැතිව එම ඉලක්කය හිමිකරගත්තේය.වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වෙන්කටේෂ් අයියර් පන්ද...
"ප්‍රවීන සංගීතඥ ආනන්ද පෙරේරා දිවි සැරිය නිමා කරයි"
"ප්‍රවීන සංගීතඥ සහ ගායක ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.මිය යන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය.මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත විය.ශක්ති සංගීත කණ්ඩායමේ නායකත්වය දැරූ ඔහු පසුව සීහශක්ති නමින් ද සංගීත කණ්ඩායමක් ද බිහි කර එහි නායකත්වය ද දැරීය."
"අදත් කොළඹ පාරවල් රැසක් වසයි"
"කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග කිහිපයක් අද රාත්‍රියේත් වසා තබන බව පොලීසිය පවසයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ අධික සුළං සමග ගස් කඩාවැටීමෙන් සිදුවිය හැකි අනතුරු වළක්වාගැනීමේ අරමුණ පෙරදැරිව මෙලෙස මාර්ග කිහිපයක් වසා තබන බවය.ඒ අනුව බෞද්ධාලෝක මාවත මලලසේකර මංසන්ධියේ සිට තුම්මුල...
"සීතා සහ අනුරාධා ජනපති සටනට"
"ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගොඩ නැගීමට උත්සාහ කරන නව දේශපාලන සංවිධානයේ කාන්තා අඩුව පිරවීම සඳහා හිටපු නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් යොදා ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා ම අදාළ දේශපාලන සන්ධානය ගොඩ නැගීමට ක්‍රියාකරන බවත් ශ්‍රී ලංකා නිදහ...
"ජනපති විග්නේෂ්වරන්ගේ සුව දුක් විමසයි"
"දැනට රෝගාතුරව සිටින උතුරු පළාත් සඵාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගොස් ඇත.යාපනයේ පිහිටි විග්නේෂ්වරන් මහතාගේ නිවසට ඊයේ රාත්‍රී ගොස් ඇති ජනාධිපතිවරයා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ."
"IPL අවසන් මහා තරගය අද"
"ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වේ.ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරය.එම තරගය චෙන්නායි හිදී රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.මූලික වටයේදී කොල්කටා කණ්ඩායම තරග 14කට මුහුණ දෙමින් ඉන් තරග 09ක් ජයගෙන ඇත.සන්රයිසස් කණ්ඩායම තරග 14කට මුහුණ දී ඇති අතර ඉන්...
"අදත් වැස්ස"
"නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය අද දිනයේත් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම...
"ගින්නකින් 20ක් මරුට"
"ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කෝට් නගරයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක හටගත් ගින්නකින් පුද්ගලයින් 20දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.එලෙස මියගිය පිරිස අතර ළමුන් 12 දෙනෙකු පමණ සිටින බව වාර්තා වේ.සිදුවීම සැලවීමත් සමඟ සහන කණ්ඩායම් එම ස්ථානයට පැමිණ ගින්න නිවීමටත්, මුදාගැනීම් සිදුකිරීමටත් කටයුතු ...
"ජනපති කපුකමකට සැරසෙයි"
"දැඩි විරසකභාවයකට ලක්වී සිටින බැසිල් රාජපක්ෂ සහ නිමල් ලන්සා ප්‍රමුඛ කණ්ඩායම එක්සත් කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මූලික වී ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.ජනාධිපතිවරයාගේ ප්‍රචාරක කමිටුව මේ වනවිට දෙවරක් රැස්වී ඇති අතර එම අවස්ථා දෙකේදීම නිමල් ලන්සා ඇතුළු පිරිස සහභාගී නොවී වර්ජනය කරනු ල...
"කොළඹ ගස් 50ක් කඩා වැටේ"
"නිරිත දිග මෝසම් තත්ත්වය සමග පවතින සුළං තත්ත්වය හේතුවෙන් මේ වනවිට කොළඹ මහනගර සීමාව තුළ ගස් 50ක් පමණ කඩා වැටී ඇති බව වාර්තා වෙයි.එහෙත් එම කඩා වැටුණු කිසිඳු ගසක් මීට පෙර හඳුනාගත් අවදානම් සහිත තත්ත්වයේ ඒවා නොවන බව කොළඹ මහ නගර සභාව සඳහන් කළේය.ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක දී අනාවරණය වී ඇත්තේ එම ගස්වලින් බොහෝ සංඛ්‍යාවක් සු...
"කොළඹ වෙසක් කලාප වෙත එන අයට දැනුම් දීමක්"
"මේ වනවිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවෙන සිද්ධි වළක්වාගැනීම වෙනුවෙන් අද (25) රාත්‍රියේ කොළඹ මාර්ග කිහිපයක් වසා තැබීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.කොළඹ බ්‍රේබෘෘක් පෙදෙස, කනත්ත වටරවුමේ සිට තුම්මුල්ල මංසන්ධිය, බෞද්ධාලෝක මාවත,පෙරහර මාවත ජේම්ස් පීරිස් මාවත හන්දියේ සිට රොටුන්ඩා මංසන්ධිය දක්වා මාර්ග එසේ වසා තැබී...
"අතින් සහ මාලිමාවෙන් තිදෙනෙක් දුරකථනයට"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිප දෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. ඒ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ජන පවුර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේදී ය.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු අමත්‍යවරයකු වූ...
"පොඩි වැස්සටත් ගංවතුර අවදානමක්"
"මෝසම් වැසි සක්‍රිය වීමත් සමග ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 350කට අධික වර්ෂාවක් ලැබී ඇති බවට වාර්තා වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් ඉදිරියේදී ඇදහැලෙන සුළු වර්ෂාවකදී පවා නායයෑමේ අනතුරක් සිදුවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනතුරු අඟවයි.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ...
"ජනපති කිලිනොච්චි මහ රෝහලේ කාන්තා සෞඛ්‍ය මධ්‍යස්ථානය විවෘත කරයි"
"කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකළ නව කාන්තා සෞඛ්‍ය සේවා සඳහා විශිෂ්ටතා මධ්‍යස්ථානය (Center of Excellence for women’s healthcare) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ විවෘත කළේය.රුපියල් මිලියන 5,320ක් වැය කර මෙම මධ්‍යස්ථානය ඉදිකර ඇත.දිවයින පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩපිළිවෙල යට...
"යුපුන්ට රන් පදක්කම්"
"ජර්මනියේ පැවති ඇන්හල්ට් මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් විය. ඊයේ පැවති මෙම ඉසව්ව ඔහු අවසන් කළේ තත්පර 10.16කිනි. යුපුන් මූලික වටයේදී තත්පර 10.15 දක්ෂතාවක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය දිනා අවසන් තරගයට සුදුසුකම් ලැබීය. එම කාලය වාර්තා වුණේ යුපුන් මෙම ...
"ඩයනා වෙනුවෙන් සජිත් යවපු ලියුම"
"ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස පත්කිරීමට අදාළව සමඟි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවටත් මැතිවරණ කොමිසමටත් යොමුකරන ලද ලිපිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පාර්ලිමේන්තුවේ සභා ගත කර තිබේ.ඒ අනුව අදාළ ලිපියේ සඳහන් වන ආකාරයට ”පාර්ලිමේන්තු මැතිවරණය 2020 ආ...
"වසර 46කට පසු යාපනය වෛද්‍ය පීඨයට ගොඩනැගිල්ලක්"
"වසර 46කට පසු යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පියවර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.සායනික සහ පර්යේෂණ අංශය සඳහා මෙම ගොඩනැගිල්ල ඉදි කරනු ලබයි.ඒ සදහා වැය වන මුදල රුපියල් කෝටි 94.2කි."
"සුළං තදයි"
"දිවයින හරහා නිරිතදිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩිවීම හේතුවෙන් විටින්විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.හෙට (25) දිනයේ උදෑසන 10:30 වන තෙක් වලංගු වන පරිදි අද (24) පෙරවරු 10:30ට මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත."
"විමල් වෙසක් දින සිංදු කියලා"
"ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් නවතම ගීතයක් එලිදක්වා ඇත.ඔහු විසින් ගායනා කරනු ලබන එන ගීතයට රූප රචනාවක්ද සහිතව අන්තර්ජාලයට මුදා හැර ඇත.‘සලපතල මළුව’ නමින් වෙසක් පොහොය දිනය මෙම ගීතය එලි දක්වා ඇත. මේ සම්බන්ධයෙන් දිවයිනට අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙය බොදු බැති ගීයක් බැවින් වෙසක් දි...
"පොට්ට නෞෆර්ගේ පුතෙක් ISIS සාමාජිකයෙක්"
"ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සිව්දෙනා සමග සමීප සබඳතා පැවැත් වූ ශ්‍රී ලාංකිකයෙකු මාලිගාවත්තේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අතඅඩංගුවට ගෙන තිබේ.ඉන්දියාවේදී අත්අඩංගුවට පත් සිව්දෙනා අතර සිටින මොහමඩ් නුෆ්රාන් නැමැත්තා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ පොට්ට නෞෆර්ගේ දෙවැනි විවාහයේ පුත්‍ර...
"ඉරාන ජනපතිගේ මරණයට ඇමෙරිකාවට චෝදනා"
"ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ මරණයට ඇමරිකාව වගකිය යුතු බව ඉරානයේ හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ජාවාඩ් සරීෆ් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර ඇත.ඔහු වැඩිදුරටත් පවසන්නේ ඇමරිකාව මූලිකව ඉරානයට සම්බාධක පැනවීමට මූලිකව කටයුතු කළ බවත්, ඒ හරහා ඉරානයට ගුවන් යානා සහ ගුවන් යානා අමතර කොටස් මිලදී ගැනීම් සඳහා බාධා පැමි...
"යතුරුපැදියක් දුම්රියක ගැටී මරණ තුනක්"
"බූස්ස පින්තාලිය දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.මරදානේ සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව වාර්තා වෙයි.පොලීසිය පැවසුවේ අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ත් 19ත් අතර තරුණයන් තිදෙනෙකු බවය.එක් තරුණයෙකු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇති අත...
"කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත්වේ"
"නිෂ්පාදන හා ධීවර අංශයන්ට අදාළව පැවැති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත. ඉන් අයදුම්කරුවන් 3,422ක් සමත් වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 3,580ක පිරිසක් ඉදිරිපත් වී තිබුණි. ඉන් සමත් සංඛ්‍යාව මුළු පිරිසෙන් සියයට 95.6 ක් බව විදේශ සේවා නියුක්ති ...
"රුසියාවට සහ මියන්මාරයට විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් යති"
" මියන්මාරයේ රඳවාගෙන සිටින ශ්‍රි ලාංකික තරුණ තරුණයින් බේරාගැනීමට සහ රුසියානු යුක්රේන යුද්ධයට මැදිව සිටින ලාංකික සෙබලුන් බේරාගැනීමට අදාල සාකච්ඡාවන් සඳහා විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් මියන්මාරයට සහ රුසියාවට යාමට තීරණය කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ වසන්ත යාපාබණ්ඩාර, ජේ.සී. අලවතුවල, සුජිත් සංජය පෙරේරා සහ වෛද්‍ය ...
"දන්සලට පෙර නින්දට ගිය දෙදෙනෙක් මරුට"
"විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කර නින්දට ගිය පුපුරැස්ස නෙස්ටා ජනපදයේ පදිංචිව සිටි පියෙකු සහ පුතෙකු අද අලුයම ජීවිතක්ෂයට පත්වී ඇති බව පුපුරැස්ස පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ පුපුරැස්ස නෙස්ටා ජනපදයේ පදිංචිව සිටි සනත් රෝහණ නම් 40 හැවිරිදි අයෙක් සහ ගගණ මධුසංඛ නමැති 17 හැවිරිදි අයෙකි. ජීවිතක්ෂයට පත්වූ දෙදෙනා වෙසක් සැ...
"ඉරාන ජනාධිපති අවසන් කටයුතු අද සවස"
"ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී පැවැත්වීමට නියමිතය. ජීවිතක්ෂයට පත් ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දෙල්ලාහියාන් ඇතුළු පිරිසගේ දේහයන් ටෙහෙරානයේ ආසාදී චතුරස්‍රය වෙත ...
"ශාරුක් ඛාන් රෝහල් ගතකරයි"
"ඉන්දිය සිනමාවේ කිං ඛාන් ලෙස හැදින්වෙන සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් රෝහල්ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.ශරීරයට අධික උණුසුම පාලනය කරගත නොහැකි වීමෙන් විජලනයෙන් ඇතිවූ රෝගී තත්ත්වයත් හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගතකර ඇත. මේ වනවිට ඔහුගේ තත්ත්වය යහපත් වුවත් තවදුරටත් වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවන බව එම වාර්තා සඳහන් කරයි."