Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"ලෝක කුසලානෙට ශ්‍රී ලංකා කණ්ඩායම යයි"
"20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනෙන් පිටත්විය.එම තරගාවලිය මෙවර අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලදී පැවැත්වෙයි.ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස වනිඳු හසරංග කටයුතු කරයි."
"සෞඛ්‍ය වර්ජනය අද සබරගමුවේ"
"සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද සබරගමුව පළාතේ වැඩවර්ජනයක නිරත වේ.අද පෙරවරු 08 සිට දහවල් 12 දක්වා පැය 04ක කාලයක් සේවාවලින් ඉවත් වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේය."
"විනෝදෙට පැද්ද යතුරුපැදි වලට දඩ"
"නීතිවිරෝධී ලෙස මාර්ගයේ යතුරුපැදි ධාවන තරගවල නිරත වූ පිරිසකට අධිකරණය විසින් රුපියල් 427,500ක දඩ නියම කර ඇති බව පොලීසිය පවසයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ එහිදී අධිකරණය විසින් සැකකාර යතුරුපැදිකරුවන් 15 දෙනෙකුගේ රියදුරු බලපත්‍ර මාස 6ක කාලයකට අත්හිටුවීමට ද නියෝග කර ඇති බවය.එම ...
"ශ්‍රී ලනිපයට අද දුන් උසාවි නියෝගය"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස පත්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ වැඩ බලන මහ ලේකම් ලෙස පත් වූ කීර්ති උඩවත්ත හා දේශපාලන මණ්ඩලයට පක්ෂයේ කටයුතු කරගෙන යාමට බාධා කිරීම සියලු පක්ෂ වලට වලක්වාලමින් කඩුවෙල දිසා අධිකරණය විසින් අද නියෝගයක් නිකුත් කර ඇත."
"උද්ඝෝෂණයකට ජල ප්‍රහාරයක්"
"කොළඹ බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් අද පැවැත්වූ උද්ඝෝෂණයක් විසුරුහැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ."
"පාර්ලිමේන්තුවේ අද විවාද"
"අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය, රේගු ආඥාපනත යටතේ යෝජනා සම්මතය, ආනයන අපනයන පනත යටතේ රෙගුලාසි අනුමත කිරීමට සහ සීමාසහිත ජය බහලුම් පර්යන්තයේ වාර්ෂික වාර්තාව විවාදයකින් තොරව අනුමත කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.පස්වරු 5.00 සිට...
"ඉන්දු ලංකා මගී බෝට්ටු සේවය කල් යයි"
"ඉන්දීය නැව් සමාගම විසින් 2023 ඔක්තෝබර් මස ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය ආසන්නයේ කන්කසන්තුරය අතර ආරම්භ කරන ලද මගී ප්‍රවාහන බෝට්ටු සේවා අද යළි ආරම්භ කිරීමට නියමිතව තිබුණද එය මෙම මස 17 වැනිදා දක්වා කල්ගිය බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. මෙම බෝට්ටු සේවාව ඉන්දීය නැව් සමාගම විසි...
"ඇමෙරිකානු නි.ලේකම්වරයෙක් දිවයිනට"
"දකණු ආසියානු සහ මධ්‍යම ආසියාව පිළිබඳ ඇමෙරිකානු නියෝජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ බිගැන් මහතා අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.ඔහු දේශපාලන සහ සිවිල් සමාජ කටයුතු පිළිබඳ ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර සහයෝගීතාව පිළිබඳ කටයුතු සම්බන්ධීකරණය කරයි."
"කැරට් කෑල්ලක් දරුවකු මරයි"
"කැරට් කැබැල්ලක් උගුරේ සිරවීමෙන් සාලියවැව ප්‍රදේශයේ සිඟිත්තෙකුට දිවි අහිමිවී ඇත.එලෙස මියගොස් ඇත්තේ, සාලියවැව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුද්දයි මාස 7ක් වූ සවීන් දුල්සඳ නැමති පිරිමි දරුවෙකි.මව ආහාර පිසමින් සිටින අවස්ථාවේ මියගිය දරුවාගේ සහෝදරිය වූ අවුරුදු 4ක් වූ පුංචි දියණිය විසින් මල්ලීට කැරට් කැබැල්ලක් ලබාදී ඇත.එම කැරට්...
"කුලියාපිටිය පෙම්වතා ඝාතනයට පෙම්වතිය අත්අඩංගුවට"
"කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබේ.ඝාතනයට ආධාර අනුබල දීම සහ අපරාධය වසන් කිරීමේ චෝදනා මත සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.අත්අඩංගුවට ගත් සැකකාරිය 18 හැවිරිදි වස්සාවුල්ල, ඉලුක්හින්න ප්‍රදේශයේ පදිංචිකාරියකි."
"අද මධ්‍යම රෝහල් ලෙඩවේ"
"ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් අද (13) උදෑසන මධ්‍යම පළාතේ රෝහල් තුළ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.සිය ඉල්ලීම් සඳහා රජය නිසි ප්‍රතිචාර නොදක්වන්නේ නම් එළැඹෙන 22 වන දා සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේය."
"ගම්පහට තද වැසි"
"අද බොහෝ පළාත්වල සවස් කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි හටගෙන තිබේ.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වනවිට ගම්පහ ප්‍රදේශයෙන් මිලිමීටර් 101ක වර්ෂාපතනයක්, වතුපිටිවල ආශ්‍රිතව මිලිමීටර් 98.5ක වර්ෂාපතනයක්, පලාබද්දල ප්‍රදේශය ආශ්‍රිතව මිලිමීටර් 81.5ක වර්ෂාපතනයක් වාර්තාවී ඇති බවය."
"කාන්තාවන් සවිබල ගන්වන පනත් දෙකක්"
" ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන්අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත් ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමුඅවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් පනත් කෙටුම්පත්දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් අදාළ පනත් කෙටුම්පත් එළඹෙන ජූනි මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට බලාපො...
"‘අත’ මෛත්‍රී පිලේ වැඩ බලන සභාපති"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයේ වැඩබලන මහලේකම්වරයා ලෙස නීතිඥ කීර්ති උඩවත්ත මහතා පත්කර ඇත. එම පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමක් අද පෙරවරුවේ පිටකෝට්ටේ පෞද්ගලික හෝටලයකදී ආරම්භ වුණි.එහිදී මෙම පත්වීම සිදුකර තිබේ."
"හිටපු ජනපති මහින්දගෙන් විශේෂ නිවේදනයක්"
"රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු මහජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇත. වත්මන් ආණ්ඩුවේ මෙම පියවරට පාදක වී ඇත්තේ පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා වන වියදම් අවම කිරීමට සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි සපුරාලීමට බව ...
"මෛත්‍රී ඉල්ලා අස්වේ"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා අස්වී ඇත.එම හිස්වූ ධුරයට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත්කර තිබේ.අද කොළඹදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල කණ්ඩායමේ විශේෂ විධායක සභා රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත."
"රජයේ සේවක වැටුප් වැඩිකරන බව ජනපති කියයි"
"2025 වසරේදී රටේ ආර්ථික වර්ධන වේගය සියයට 3ක් දක්වා වනු ඇති බව තමන් අපේක්ෂා කරන බවජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවසීය.ඒ අනුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට පියවර ලන්නා බවද කීවේය.ජනාධිපතිවරයා මේ බව පැවසූවේ ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමිනි."
"අකුණු පහරකින් වලස්මුල්ල රෝහලට වෙච්ච හදිය"
"පෙරේදා රාත්‍රියේ ඇති වූ මහවැස්සත් සමග වලස්මුල්ල මූලික රෝහලට එල්ල වූ අකුණු පහරකින් එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය මුළුමනින්ම විනාශ වී ගොස් තිබේ. අකුණු පහරත් සමග එම ඒකකයේ තිබු විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සියලුම උපකරණ විනාශ වී ඇති අතර අකුණු පහර නිසා ඇති වූ ගින්නෙන් ගොඩනැගිල්ලට ද හානි සිදුවී තිබේ.අකුණු පහර නිසා හදිසි ප්‍ර...
"අද ලෝක මව්වරුන්ගේ දිනයයි"
" අද ලෝක මව්වරුන්ගේ දිනයයි.සෑම වසරකම මැයි මස 12 වැනිදා ලෝක මව්වරුන්ගේ දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත.මවගේ ආදරය අඳුරුතම දිනයකදී පවා අපගේ ජීවිතය බබළවන ආලෝකය බව මෙවර තේමාව වී තිබේ."
"ටියුෂන් ගුරෙකුට වැඩ වරදී"
"මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වි‍ශේෂ විමර්ශන ඒකකය විසින් අද එම සැකකරු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.අදාළ වට්ස්ඇප් සමූහයේ සාමාජිකයින් 1,025 දෙනක...
"ඔලිම්පික් ගිණිසිළුව රැගෙන යන අපේ කොල්ලා"
"ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව රැගෙනයාමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රංශයේ සම්මානනීය බේකරි නිෂ්පාදකයෙකු වන තර්ශන් සෙල්වරාජ් ට අවස්ථාව උදාවී තිබේ.මෙවර ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව පැරිස් නුවර වෙත රැගෙන ආ අතර ඊට පුද්ගලයින් 10,000ක් සම්බන්ධ කර ගැනුණි.ගිනිසිළුව රැගෙනයාමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ සම...
"වැල්ලේ සාරංග ගේ ගෝලයෙක් අත්අඩංගුවට"
"සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින “වැල්ලේ සාරංග” ගේ ප්‍රධාන සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.එම බළකාය සඳහන් කළේය මනුෂ්‍ය ඝාතනයක් සඳහා පැමිණි පුද්ගලයෙකුට ආධාර අනුබල සහ නවාතැන් දීම සම්බන්ධයෙන් වන චෝදනාව මත මෙම පු...
"අද කාලගුණය"
"දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බව...
"මත්පැන් මිශ්‍ර කරන්නන්ගේ 29 වැනි තරගය ඇරඹේ"
"29 වැනි ජාතික මත්පැන් මිශ්‍ර කරන්නන්ගේ තරගය (National Bartenders Competition) ආරම්භ වී ඇත. තරගාවලියේ අවසන් මහා තරගය ජුනි 16 සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වේ.ජාත්‍යන්තර ඩිස්ටලීස් සමාගම(International Disteillers LTD ) විසින් මෙම තරගාවලිය සංවිධානය කරයි.ජයග්‍රාහකයාට මුදල් ත්‍යාගයක් හා කුසලානයක් පිරිනමයි.මෙම තරගය විනිශ්...
"ප්‍රතිදේහ එන්නත් වංචාවට ඖෂධ සැපයුම්කරුවෙක් වෙත ඇස"
"ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවීමට පෙර ඇඩ්ලිටෙක් හිමිකරු වන ලිනන් සත්‍යරාජ් ජොශූවා නමැත්තකු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කාර්යාලයේ පැවැත්වු සාකච්ඡාවලටත් සහභාගි වී ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද ම...
"ඩයනාගේ පෙත්සම කැඳවයි"
"තමන් සමගි ජන බලවේගයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම මෙමස 28 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.මෙම පෙත්සම අද ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේ...
"මුජිබුර් අද පාර්ලිමේන්තුවට"
"පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබුර් රහුමාන් මහතා අද (10) දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබේ. ඔහු සඳහන් කළේ උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව තමා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට නියමිත බවය."
"ඩයනාගේ ‘දුරකථනය’ගොලුවෙයිද?"
"ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙක් දේශපාලන පක්ෂයක ලේකම්වරයෙක් ලෙස සිටිය හොත් නීතිමය තත්ත්වය කෙසේද ? යන ප්‍රශ්නයට මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැහැදිලි කිරීමක් සිදුකර ඇත.”දේශපාලන පක්ෂවල නිලධාරීන් ශ්‍රී ලාංකික පුරවැසියන් ද යන්න පරීක්ෂා කිරීමට අවශ්‍යතාවයක් මැතිවරණ කොමිසමට ඇතිවෙලා නැහැ. ඒක අවශ්‍යයි...
"ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්"
"නීති විරෝධී මාර්ග හරහා රුසියා – යුක්‍රේන යුද්ධය සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධව තොරතුරු ලබාගැනීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විශේෂ අංශයක් පිහිටුවා ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.ඒ අනුව, මේ වනවිට විවිධ මාර්ග ඔස්සේ රුසියා – යුක්‍රේන යුද්ධය සඳහා පිටත්ව ගොස...
"කටුනායක වීසා ගැටලුව"
"කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාදයන් නිසා ඊයේ මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබුණ...
"බස් ගාස්තු හබක්"
"ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.පසුගිය 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙ‍රුණු අතර එහිදී ඩීසල් මිල රුපියල් 30කින් අඩු කෙරුණි.එහෙත් බස් සංගම් පැවසුවේ මීට පෙර ඉන්ධන මිල ඉහළ දැමුණු අවස්ථා දෙකේදීම බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවූ බැවින් ...
"නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් දිවුරුම් දෙති"
"දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද වයඹ පළාත් අණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතා ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේය."
"රොක් ඇන්ඩ් රෝල් සංගීත නිර්මාතෘවරයෙක් දිවි සැරිය නිමා කරයි"
" අමෙරිකාවේ ජනප්‍රිය ගිටාර් වාදන ශිල්පියෙක් වූ ඩුවාන් එඩි ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 86 හැවිරිදි වියේ පසුවූ ඩුවාන් මියගොස් ඇත්තේ පිළිකාව වැළඳීමෙනි. ,රොක් ඇන්ඩ් රෝල්, සංගීතයේ එක් නිර්මාතෘවරයෙක් ලෙසද ඩුවාන් ගරුබුහුමන් ලැබීය. 1950 – 60 අතර කාලයේදී සංගීත භාණ්ඩ භාවිතයෙන් ජනප්‍රිය වූ නිර්මාණ රැසක් බිහි කිරීම...
"අද සිට උද්ඝෝෂණ රැල්ලක්"
"වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (02) සහ හෙට (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.ඊට සමගාමීව අද කොළඹ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද පැවැත්වෙන බව එම සංගමයේ සභාපති කේ.එල්.උදයසිරි මහතා සදහන් කරයි.මේ අතර වැටුප් විෂ...
"බස් ගාස්තු ගැන තීරණය අද"
"ඉන්ධන මිල අඩු වීමත් සමග බස් ගාස්තු අඩුකරන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙ‍රුණු අතර එහිදී ඩීසල් මිල රුපියල් 30කින් අඩු කෙරුණි.එහෙත් බස් සංගම් පැවසුවේ මීට පෙර ඉන්ධන මිල ඉහළ දැමුණු අවස්ථා දෙ...
"දෙමළ ඩයස්පෝරාව දේශපාලනයට බසී"
"දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයින් පිරිසක් විසින් එකතු වී එක්සත් ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් යාපනයේදී පිහිටුවා ගෙන තිබේ.එම පක්ෂයේ සභාපතිවරයා ලෙස අප්පියා රාජවේන්දන් නැමති අය කටයුතු කරණ අතර ඔහු 2021 වසරේදී දෙමළ ඩයස්පෝරා නායක පුලේන්ද්‍රන් උදයකුමාර් විසින් පිහිටුවා ගන්නා ලද බහුජන සංවිධානයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන්ද කට...
"ශ්‍රීලනිප ජනපති අපේක්ෂකයා"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.ඒ මහතා මෙම අදහස් පළකළේ වෘත්තීය වෘත්තීය සමිති නායක T.B ඉලංගරත්න මහතාගේ ගුණසමරු උත්සවයට එක්වෙමිනි."
"ජනපති වතු සේවක වැටුප් වැඩි කරයි"
"වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700කට වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.කොටගල පැවති කම්කරු දින සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කළ බවද සඳහන් කරයි."
"සිමෙන්ති මිල අඩු කරයි"
"අද සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.එම සමාගම් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දැමීමට තීරණය කර තිබේ.එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම නව මිල සංශෝධනය අනුව සිමෙන්ති බෑගයක මිල රුපියල් 2,400 වනු ඇති බවය."
"‘මන්නා සමන්ත’ බලු වෙයි"
"බස්නාහිර පළාතේ මාර්ගවල ගමන් කරන කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින්ට මන්නා පෙන්වා දණ ගස්වා, කොල්ලකෑම් සිදුකරන යතුරුපැදි කල්ලියේ පැදිකරු හෙරොයින් සමග මොරටුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය පැවසුවේ, මෙම කල්ලියේ ප්‍රධාන සැකකරු වන “මන්නා සමන්ත” නමැති අපරාධකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවය."
"‘නාමල් උයන’ කළගුණ සලකයි"
"ජාතික නාමල් උයන 33 වැනි සංවත්සරයට සමගාමීව නාමල් උයන මතු පරපුර වෙනුවෙන් රැකගැනීම සඳහා උරදුන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවලට උපහාර පිදීමේ උත්සවය අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන් රණසිංහ, සිරි රණසිංහ ඇතුළු මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන මෙහිදී ඇ...
"ඉන්ධන මිල පහළට"
"අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල පහත දමා ඇත.ඒ අනුව රුපියල් 368ක් වන ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහත දමා තිබේ.නව මිල රුපියල් 420කි. ඔක්ටේන් 92පෙට්‍රල් ලීටරක් රුපියල් 03කින් අඩු කර තිබේ.එහි නව මිල රුපියල් 368කි. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහත දමා ඇත...
"රතුපස්වල නඩුව කල්යයි"
"පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මැයි 17 වනදා දක්වා කල් තැබුණි.ඒ් ගම්පහ මහාධිකරණයේ දී අද (30) අදාළ නඩුව කැඳවූ අවස්ථා...
"ගුවන්තොටුපලදී ගිනි අවියක් පත්තුවේ"
"කටුනායක ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය ආසන්නයේ සේවයේ යෙදී සිටි ගුවන් භටයෙකුගේ ගිනි අවිය අත්වැරදීමකින් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.අද (30) උදෑසන 10ත් 11ත් අතර කාලයේදී සිදුවූ එම සිදුවීමෙන් කිසිවෙකුත් තුවාල ලබා නොමැති බව ඔහු පැ...
"ජනපති අමතන මැයි රැළි"
"ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (01) මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිතය. ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළිය හෙට පෙ.ව 10.00ට ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් කොටගල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය හෙට ප.ව 2.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාළ...
"මහින්දානන්ද නිදහස්"
"අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.කොළඹ ...
"තවත් සංචාරක ගමනාන්ත 49ක්"
"සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවාසංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරනබව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. සංචාරක කර්මාන්තයේ සිදුවන වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනමකමිටුවක් පත් කිරීමට සැළසුම් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන්ක...
"ඡන්දහිමියන්ට නිවේදනයක්"
"ඡන්ද හිමි ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව 2007.01.31 දිනට පෙර උපන් පුරවැසියන්, ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි වහාම ග්‍රාම නිලධාරීවරයාගෙන් විමසීමක් කරන ලෙස දැනුම් දී ඇත.එසේ නොමැති නම් http://ec.lk/vrd යන වෙබ් අඩවියට පිවිස තමාගේ විස්තර නිවැරදිව ඇත්දැයි පරීක්ෂා ක...
"අද කාලගුණය"
"බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල අද (30) ප.ව. 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.එමෙන්ම බස්නාහිර,...
"සමිතාගේ පියා මියයයි"
"ප්‍රවීණ ගායන ශිල්පී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහතා 91 හැවිරිදි වියේ පසුවිය"
"මැතිවරණවලට ගියොත් ආර්ථිකය බකල් වෙයිලු"
"ඉදිරි මැතිවරණයට පෙර හෝ පසුව මෙතෙක් අත්කරගත් රජයේ ආදායම් වැඩිකර ගැනීම ඇතුළු රාජ්‍ය මුල්‍ය අංශයේ ප්‍රගතිය ආපසු හැරවීමට ක්‍රියා කළහොත් එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන අඩාල කර, ආර්ථිකය අස්ථාවර කිරීමට හේතුවනු ඇතැයි මහ බැංකුව පවසයි.ඉන් 2022 වසරේ ඇති වූ සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදයට වඩා දරුණු අර්බුදයක් ඇති වීමට හේතුවන...
"ප්‍රභල අකුණු ගැන අවවාදයක්"
"ප්‍රභල අකුණු ඇතිවිය හැකි බවට අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (29) නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, මධ්‍යම, දකුණු, සබරගමුව, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිග...
"මැණික්හින්න රෝහලේ පුංචි යුද්ධයක්"
"ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගියෙකුගේ පාර්ශවයට මැණික් හින්න රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සිදුකළ බැණ වැදීමක් මුල්කර ගනිමින් රෝගියාගේ පාර්ශ්වයත් රෝහල් කාර්ය මණ්ඩලයත් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු 10 දෙනෙකු ප්‍රතිකාර සඳහා පේරාදෙණිය හා මැණික්හින්න රෝහල් වලට ඇතුළත් කර තිබේ. ගැ...
"ජපන් විදේශ ඇමැතිනිය මෙහෙට එයි"
"ජපන් විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය ලබන මස (මැයි) 04 වැනි දින සිට 05 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතව ඇත."
"විජේදාසගේ වාරණයට එරෙහි පෙත්සම 02 කැඳවයි"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් ඉකුත් දා නිකුත් කරන ලද වාරණ නියෝගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය. රාජපක්ෂ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි."
"ශ්‍රීලනිපය ඇරේ"
" ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබීය. ඒ අනුව පොලිස් ස්ථානීය විමර්ශන නිලධාරීන් පැමිණ මූලස්ථාන ගොඩනැගිල්ලේ පරීක්ෂණයක් ආරම්භ කළ අතර එම පක්ෂයේ ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන් එම කාර්යාලය ඉබියතුරු දමා තිබිණි."
"රංගන ශිල්පී ජගත් මනුවර්ණ වෙඩි වැදී රෝහලේ"
"චිත්‍රපටියක රූගත කිරීමක් අතරතුර ජනප්‍රිය රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතාට වෙඩි වැදී අනතුරකට ලක්ව ඇත.එය අත්වැරදීමකින් සිදුවූවක් බවයි වාර්තා වන්නේ. අනතුරින් මනුවර්ණ මහතාට සුළු තුවාල සිදුව ඇති අතර ඔහු කොලඹ ජාතික රෝහලට ඊයේ (28) රාත්‍රියේ ඇතුලත් කර ඇතැයි වාර්තා වේ."
"ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට දෝස්මුරයක්"
"ඇල්පිටිය පොලිස් වසමේ කහදූව ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකගේ මරණයක් සම්බන්ධයෙන් නිසි පරිදි රාජකාරී නොකළ බවට චෝදනා කරමින් ඇල්පිටිය පොලිස් ස්ථානයේ නඩු කටයුතු මෙහෙයවන උප පොලිස් පරීක්ශක ශ්‍යානදාස මහතා සහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ශක අනුර විජේසිංහ මහතා ඇල්පිටිය පොලිස් අධිකාරි කාර්යාලයට කැඳවා ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධි...
"තොණ්ඩමන්ලා මැයි කොටගල සමරති"
"ලංකා කම්කරු කොන්ග්‍රසයේ මැයි දින පෙලපාලිය සහ රැලිය කොටගල ප්‍රාදේශිය සභා ක්‍රිඩාංගණයේදි පැවැත්විමට එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා තිරණය කර ඇත.එම පක්ෂයේ මැයි දින රැලියට රජය නියෝජනය කරමින් ඇමතිවරුන් කිහිපදෙනෙකු සහභාගි වන බවයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ දේශපාලන අංශයේ නායකයින් කියා සිටියේය."
"පාඨලී සී.අයි.ඩීයට කැඳවයි"
" රත්නපුර ප්‍රදේශයේ පැවැති පක්ෂ රැස්වීමක දී සිදු කරන ලදැයි කියන කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හෙට (30දා) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත."
"ශ්‍රීලනිපය ජනාධිපතිවරණයට නෑ-චන්ද්‍රිකා"
" ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තරම් සුදුසු නායකයකු මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නැතැයි එහි අනුශාෂිකා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මිය පදනම් ආයතනයේදී මීට සුළු මොහොතකට පැවැති මාද්‍ය හමුවේදී සඳහන් කළාය. කෙසේවෙතත් ශ්‍රිලනිපයේ ඉදිරි කටයුතු වලට තමන් තිරය පිටුපස සිට සහාය දක්වන අතර මේ වන ...
"ෆවුසිට නොතීසි"
"හිටපු ඇමැති ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ලබන මස (මැයි) 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද (29දා) නියම කළේය. නෙදර්ලන්ත රජය විසින් ලබාදුන් ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීම තුළින් රජයට රුපියල් මිලියනයකට අධික පාඩුවක් සිදු කළේ යැයි ඔහු චෝදනා ලබා සිටී. මෙම නඩුව අද...
"ජනගහනය පහළට"
"මෙරට වාර්ෂික ජනගහනය ඉකුත් වර්ෂයේ දි (2023) මිලියන 22.037 දක්වා සියයට 0.6කින් පහත වැටි ඇති බැව් ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති නවතම වාර්තාවක සදහන් වේ. රෙජිස්ට්‍රාර් ජෙනරාල් දේපාර්තමේන්තුව විසින් ඇස්තමේන්තු කර ඇති පරිදි උපත් අඩුවිම හා සහ මරණ වැඩිවිම හේතුවෙන් වාර්ෂික ජනගහනය පහත වැටි ඇති බැව් මෙම වාර්තාවේ සදහන...
"චන්ද්‍රිකාගෙන් විශේෂ ප්‍රකාශයක්"
"හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් තව සුළු මොහොතකින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට නියමිතය."
"බලුකිස්තානයේ පිරිසක් මත් ද්‍රව්‍ය සමග කොටුවෙති"
"පාකිස්තානයේ සිට මෙරටට ප්‍රවාහනය කරමින් තිබු රුපියල් කෝටි 600ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දීය වෙරළාරක්ෂක බුද්ධි අංශ මඟින් අත්අඩංගුවට ගෙන ඇත.”අල් රාසා” නැමති යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබු මෙම මත්ද්‍රව්‍ය තොගය සමග කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සඳහන් කරයි.මෙම ම...
"‘ලීක්’ එක හොයන්න කට්ටියක් බදුලු යති"
"උමා ඔය ව්‍යාපෘතියට කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරින් පිහිටි කරඳගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වූ නායයාමේ අවදානම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥයින් පිරිසක් අද දිනයේ විශේෂ නිරීක්ෂණයකට එක්වීමට සැලසුම් කර ඇත.බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, නාය අවදානම අවම කිරීම සඳහා කඳුකර භූමියේ ඉහළ රැඳී ඇති ජල...
"අද සංවර්ධන නිලධාරීන්ට අසනීපයි"
"ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර තිබේ. එම සම්මේලනයේ සභාපති අනුරාධ සෙනෙවිරත්න මහතා කියා සිටියේ දිවයින පුරා 14,000කට අධික ආර්ථික සංවර්ධන නිලධාරීන් මෙම ක්‍රියාමාර්ගයට එක්වන බවය.සිය ඉල්ලිම් සඳහා විසදුම...
"සහල් චෝදනා ගැන පරීක්ෂණ"
"අඩු ආදායම්ලාභී පවුල් වෙත නොමිලේ සහල් බෙදාදීමේ රජයේ වැඩසටහනේදී එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබේ.ඒ කල් ඉකුත් වූ සහල් බෙදාදෙන බවටත්, සහල් වෙනුවෙන් මුදල් අයකරන බවටත් ප්‍රෙද්ශ කිහිපයකින් චෝදනා එල්ලවී ඇති පසුබිමකය."
"මුදල් ලේකම්ට සේවා දිගුවක්"
"මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර තිබේ.ඒ අනුව ඒ පසුගිය අප්‍රේල් මස 26 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතාගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කර ඇත."
"EPF පොළී වැඩි කරයි"
"සේවක අර්ථසාධක අරමුදලේ පොළී අනුපාතික සියයට 9% සිට සියයට 13% දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.එය 2023 වසර සිට බලපාන ආකාරයට ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි."
"ඔට්ටු ඇල්ලීමේ චෝදනාවට බොලිවුඩ් නළුවෙක් අත්අඩංගුවට"
"ඉන්දීය ජනප්‍රිය නළුවෙකු වන සාහිල් ඛාන්ව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔට්ටු ඇල්ලීමේ යෙදවුමක් හරහා මූල්‍ය වංචා සිදුකිරීමට අදාළ චෝදනාවකට ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.”මහාදේව්” නමැති අදාළ ඔට්ටු ඇල්ලීමේ යෙදවුම ප්‍රවර්ධනය සඳහා ද ඔහු පෙනී සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ...
"ජනාධිපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්"
"ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බවට සඳහන් කරමින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ආයෝජකයින්, රැකියා අපේක්ෂිත තරුණ පිරිස් සහ විවිධ රටවලට වීසා බලපත්‍ර ලබාගැනීමට අපේක්ෂා කරන්නන් රවටා මුදල් ලබාගැනීමේ සිදුවීම් වාර්තා වී ඇත. මෙවැනි වංචනිකයින්ගෙන් ප්‍රවේසම් වන ලෙස ජනාධිපති කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර එවැනි පුද්ගලයින් පිළි...
"මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්"
"‍ දකුණු කොරියාවේ පදිංචියට යන බවට තමා සම්බන්ධව පළවන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. තමන්ට දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිදු රටක පදිංචියට යාමට අවශ්‍යතාවක් නොමැති බවද ඔහු සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ දේශපාලන ප්‍ර...
"චීනයට ගොස් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් වාර්තාවක් තබයි"
"ජාත්‍යන්තර වූෂු තරගාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට කවීෂ් බණ්ඩාර සමත්විය.චීනයේ පැවති ජාත්‍යන්තර ආරාධිත වූෂු තරගාවලියේදී 7 වැනි ස්ථානය දිනූ ඔහු ලකුණු 9.6ක් රැස් කරමින් එම වාර්තාව පිහිටුවනු ලැබීය."
"111 වැනි චාල්ස් රජුගේ සෞඛ්‍යය අයහපත්ලු"
"111වැනි චාල්ස් රජුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් තත්ත්වයන් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.චාල්ස් රජුගේ හෙළි නොකළ පිළිකා රෝගය දිගටම පවතින බවත් ඔහුගේ සුවය සම්බන්ධයෙන් බකිංහැම් මාලිගය දැඩි ලෙස මුනිවත රකින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.ඔපරේෂන් මෙනායි බ්‍රිජ් යන සංකේත නාමයෙන් චාල්ස් රජුගේ අවමංගල්‍ය කටයුතු හැදින්වේ.ඔහු සිංහාස...
"ඉන්දීය මහ කොමසාරිස් සහ බැසිල් අතර හමුවක්"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් ඊයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දී සිදුවී තිබේ.X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ රටේ දේශපාලන තත්ත්වය ඇතුලු අන්‍යොන්‍ය උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව මෙහිදි සුහද...
"ආරක්ෂක ලේකම් රුසියාවේ"
"රාජ්‍ය ආරක්‍ෂක කටයුතු පිලිබඳ සාකච්ජා කිරීම සඳහා වන 12 වැනි ජාත්‍යන්තර හමුව ලොව පුරා රටවල් නියෝජනය කරන උසස් නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 2024 අප්‍රේල් 22 සිට 25 දක්වා රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හිදී පැවැත් විණි.ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඊට සහභාගී වූ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුව...
"‘රනිල්ට ඉඩ දෙමු ‘ යතුරු පැදි රැළිය ඇරඹේ"
"රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය” කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද පෙරවරුවේ ඇරැඹිණි.රට වටා දිස්ත්‍රික්ක රැසක සංචාරය කරන මෙම යතුරු පැදි රැළිය අවසානයේ මැයි පළවෙනි දා එක්සත් ජාතික පක්ෂයේ මාලිගාවත්තේ මැයි දින රැලියට සම්ප්‍රාප්ත වීමට නියමිතව ඇත."
"වාසනාව දියේ ගිළී යයි"
"හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ කළුගඟේ මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබේ. ඊයේ (26) දහවල් කාලයේ මෙම පුද්ගලයා කළු ගඟේ මැණික් ගරමින් සිටින අතර වාරයේ දියේ ගිලි බරපතළ තත්ත්වයෙන් හොරණ රෝහලට ඇතුළත් කර ඇත. එහිදී ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි.මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි."
"මත් කිලෝ 30ක් සමග 30හැවිරිදි අයකු අත්අඩංගුවට"
"කිලෝග්‍රෑම් 30කට ආසන මත්ද්‍රව්‍ය‌ තොගයක් සමඟ 30 හැවිරිදි පුද්ගලයෙකු කඩුවෙල, බෝමිරිය ප්‍රදේශයේදී බියගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15 ක්, හෑෂ් කිලෝග්‍රෑම් 14 ක් සහ හෙරොයින් ග්‍රෑම් 941 ක් තිබු බව පොලීසිය පවසයි."
"ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්"
"වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 4X400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.තරගාවලිය ඊයේ ඩුබායි හිදි පැවැත්විණි."
"හොරට රුමේනියා යැවූ අයෙක් අත්අඩංගුවට"
" කූට ලේඛන හා නිල මුද්‍රා ව්‍යාජ අයුරින් භාවිතා කරමින් තරුණයින් පිරිසක් රුමේනියාවේ රැකියා සඳහා යැවීමට උත්සහා කළ පුද්ගලයෙකු රඳවාගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කාර්යාංශයේ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් කටයුතු කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂ...
"හෙට කොළඹට ජලය කපයි"
"හෙට පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 5 සහ 6, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව නගර සභා බලප්‍රදේශ, ජයන්තිපුර සහ පැලවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුව...
"මත්තල ඉන්දියාවට හෝ රුසියාවට"
"මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කළමනාකරණය සඳහා අභිලාෂ කැඳවූ ආයතන 05ක් අතරින් 02ක් නිර්දේශ කර ඇත. ඒ අනුව ඉන්දියාවේ Shaurya Aeronautics Pvt. Ltd සහ රුසියාවේ Airports of Regions Management Company වෙත හෝ එහි බද්ධ ව්‍යවසායක් වෙත වසර 30ක කාලසීමාවක් සඳහා කළමනාකාරීත්වය පැවරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ."
"කෘෂිකර්ම ඇමැති ඉරානයට යයි"
"කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පෙරවරුවේ ඉරානය බලා පිටත්ව ගියේය. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන එක්ස්පෝ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ මහතා සහභාගි වන අතර ඉරාන කෘෂිකර්ම අමාත්‍ය මොහොමඩ් අලි නික්බක්ත් මහතා හමුවී සාකච්ඡා කිරීමට ද නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. ඉරානයේ දී එරට කෘෂික...
"හරක් කටාලාගේ නඩුව විභාගයට"
" අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී පළායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව මැයි මස 15 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළේය. එදින මෙම නඩුවේ අධිකරණය මඟහැර සිටින විත්තිකරුවකුට අදාළව එම විත්තිකරුව නොම...
"නඩු ප්‍රමාදය ගැන පාර්ලිමේන්තුවේ අවධානය"
"අධිකරණයේ විභාග වන නඩු වසර ගණනක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් වහාම විමර්ෂණය කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මාස දෙකක් ඇතුළත නඩු විභාගයක් අවසන් කළ යුතුව ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගයටද වසර දෙකකට ආසන්න කාලයක...
"උලපනේ සුමංගල හිමි ඇතුළු සැකකරුවන්ට ඇප"
" අධිකරණ නියෝගවලට අවනත නොවී රාජ්‍ය නිලධාරින්ගේ කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. ඒ අනුව සුමංගල හිමි ඇතුළු සැකකරුවන් 04දෙනෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර අප මත මුදාහැරීමටත් තවත් සැ...
"හමුදා කැබ් රථයක් අනතුරට ලක්ව සෙබලෙක් මරුට"
" අද අලුයම් කාලයේදී මාන්කුලම වසන්තනගර් හංදිය අසලදී මෙම යුද හමුදා සෙබළුන් ගමන් කළ කැබ් රථය අනතුරට පත්වීමෙන් එක් සෙබලෙකු මියගොස් නව දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇත තුවාල ලැබූ සෙබළුන් කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය සඳහන් කළේ පිරිස ගමන් කළ කැබ් රථයට පිටුපසින් පැමිණි ලොරි රථයක් කැබ් රථයේ ගැටීමෙන් අනතුරකට ලක්වී ඇති ...
"අනුර කුමාර ස්වීඩන් යයි"
" ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනය වෙත පිටත්ව ගොස් ඇත. ඊයේ රාත්‍රියේ ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.එරට පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීම වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයේ නිරත වෙයි."
"රනිල් යළි ජනපති කරන්න පක්ෂ රැසක් සැරසෙයි"
"ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සහභාගීවී ඇත.එහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙළ, සංවර්ධන ව්‍යාප...
"අද කාලගුණය"
"බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද (26) සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම කාලගුණ නිවේදනය මගින් ඒ බව පෙන්වා දෙයි.ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හ...
"පාස්පෝට් සල්ලි ගන්න Fake වෙබ් අඩවිය"
"ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.එමගින් දැනුම්දී ඇත්තේ මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන ලෙසටය.ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වාදෙන්නේ http://www.srilankaevisa.lk වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි වෙත ...
"තවත් රජයේ සේවකයින් පිරිසකට ස්ථිර පත්වීම්"
"පළාත් පාලන ආයතනවල සිටින සේවකයින් සඳහා ස්ථීර පත්වීම් ලබාදීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව පැවසීය.ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින...
"ශ්‍රීලනිපයට වැඩ බලන මහලේකම්වරයෙක්"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබේ.එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී රැස්වුණේ පක්ෂ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි."
"වැඩ බලන්න GMR කෙනෙක්"
"දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නිලධාරියකු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන තුරු, දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.එස් මු...
"මෛත්‍රී සති දෙකක් තුළ කෝටි සියයක් ඉල්ලයි"
"මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත එන්තරවාසියක් යොමුකර තිබේ.එමගින් දන්වා ඇත්තේ එම කරුණු හරහා සිදුවූ අලාභය හෝ වන්දි මුදල වන රුපියල් මිලියන 1000ක මුදලක්( කෝටි 100 )දින 14ක් තුළ මෛත්‍රී...
"සන්නස්ගලට ඇප"
"රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබේ.කඳාන පොලීසිය විසින් ඒ මහතාව අත්අඩංගුවට ගෙන වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ."
"මුදල් වංචාවකට සන්නස්ගල අත්අඩංගුවට"
"හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා කඳාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඒ මහතා මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත."
"ගෝඨාගෙන් කාදිනල් හිමිට පිළිතුරක්"
"පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පසුගිය දා පැවැත්වූ සැමරුමක දී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. කාදිනල් හිමිපාණන් විසින් එල්ල කරන ලද ප්‍රධාන චෝදනා 4 මෙසේය. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනා...