Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"අදත් වැස්ස තදයි"
"නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිගමී 150 පමණ ඉතා තද වැසි ඇති විය හැකි බවද සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල වි...
"තවත් ජාතික රෝහලක්"
"කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.මේ වන විට කොළඹ ජාතික රෝහලට අමතරව මහනුවර ශික්ෂණ රෝහල ද ජාතික රෝහලක් ලෙස නම්කර ඇත."
"දඹුල්ල තන්ඩර්ස් අයිතීන් අත්හිටුවයි"
"දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ලංකා ප්‍රිමියර් ලීග් පියවර ගෙන ඇත.එසේම එහි හිමිකාරීත්වයේ වෙනසක් සමග මෙම තරගාවලිය ඉදිරියේ දී පැවැත්වෙන බව සඳහන් කරයි.එසේම එළඹෙන එල්පීඑල් තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව ද ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයින් පවසයි. 2024 ලංකා ප...
"විදුලිය බිඳවැටීම් වැඩි වෙයි"
"අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින 3 තුළ පාරිභෝගිකයින් 300,000කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය නිල ඞ ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ විදුලිය බිඳවැටීමේ සිදුවීම් 36,900ක් ද ඒ අතර වාර්තා වී ඇති බවය. එම බිඳවැටීම් යථා තත්ත්ව...
"මෙවර වෙසක් කලාප රැසක්"
"මෙවර වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා වෙසක් කලාප 420කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.දිවයින පුරා තොරණ 321කට වැඩි සංඛ්‍යාවක් ඉදිකර ඇති බව වාර්තා වේ.සෑම වසරකම පවත්වන දෙමටගොඩ, තොටලග, පිටකොටුව, නවලෝක ආදී තොරණ මෙවර ද විචිත්‍රවත්ව ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ.කොළඹ දිස්ත්‍රික්කයට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශ...
"ග්‍රාම නිලධාරී වැටුප් වැඩිවේ"
" මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ අනුව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත කිරීම සඳහා එම සේවා ව්‍යවස්ථා කෙටුම්පත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුම...
"දඹුල්ල තන්ඩර්ස්හි තමීම් රහමාන් රිමාන්ඩ්"
" ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත කණ්ඩායමක් වන දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම හා සම්බන්ධ බංග්ලාදේශ ජාතිකයෙක් වන තමීම් රහමාන් මෙම මස 31 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර ඇත. තරග පාවාදීමට යෝජනා කිරීමට උත්සාහ කිරීම, සම්බන්ධයෙන් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර...
"5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අයැදුම්පත් කැඳවයි"
"මෙවර 5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ සඳහා 2024 මැයි 27 දින සිට 2024 ජුනි 14 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවනු ලබයි. කිසිඳු හේතුවන් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බ...
"අත්අඩංගුවට ගත් ව්‍යාපාරික තාඹුගල රිමාන්ඩ්"
" මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙක් වන විරංජිත් තාඹුගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු කෝමාරිකා පිටරට යැවීම සම්බන්ධයෙන් ද ප්‍රසිද්ධියක් ඉසිලීය. අත්අඩංගුවට ගත් විරජන්ජිත් තාඹුගල මහතා කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 27 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත."
"ජනපති ඉරාන ජනපති අභාවයට සොව පළ කරයි"
"අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් සිය ශෝකය පළ කළේය.ඉරාන තානාපති ආචාර්ය අලි හිංසා ඩෙල් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ජනාධිපතිවරයා පිලිගනු ලැබීය."
"අද සිට මූදු යන්න අවසර නෑ"
"අද දින සිට නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසයි.දිවයින වටා මුහුදු ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී දැඩි වර්ෂාපතනයක් දැඩි සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාර්තාවීමත් සමග එම ...
"විජයදාසලා ගැන තීන්දුව කල් යයි"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩබලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු පත්වීම නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති පැමිණිල්ලක් නිෂ්ප්‍රභ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනා ප...
"ඉරාන තානාපතිට පහරදුන් ව්‍යාපාරිකයාට ඇප"
" මෙරට ඉරාන තානාපතිට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ව්‍යාපාරිකයා ඇප මත මුදාහැර ඇත. මෙම සැකකාර ව්‍යාපාරිකයා අද කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා හමුවට ඉදිරිපත් කිරීමේ අනතුරුව එලෙස ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ. කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී මෙරට ඉරාන තානාපතිට පහරදුන් බවට ස...
"IPL අවසන් මහා තරගයට කොල්කටා කණ්ඩායම"
"IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයෙන් ජය හිමිකරගත් කොල්කටා කණ්ඩායම අවසන් මහා තරගයේ තම ස්ථානය තහවුරු කරගත්තේය. ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමිනි. අහමදාබාද්හි පැවති එම තරගයේ කාසියේ වාසියේ දිනූ හයිද්‍රාබාද් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි සන්රයිසස් කණ්ඩායමේ...
"ඉරාන ජනාධිපතිට පාර්ලිමේන්තුවේදී කළ ගුණ සලකයි"
" අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා වෙනුවෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුව විනාඩියක නිහඩතාවයක් පැවැත්වීය.ශ්‍රී ලංකාව සමග සමීප සබඳතාවයක් පැවැත්වූ ඉරාන ජනාධිපතිවරයා ගුවන් අනතුරින් මියයාමට පෙර අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණි බව මෙහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය."
"ඊශ්‍රායලය යළි සටන් අරඹයි"
"පලස්තීන බටහිර ඉවුරේ ජෙනින් නගරයට ඊශ්‍රායල හමුදාව විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබේ.ඉන් වෛද්‍යවරයෙක් සහ ගුරුවරයෙක් ඇතුළු පලස්තීනුවන් 7 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායලය පැවසුවේ ජෙනින් නගරයේ ක්‍රියාත්මක සන්නද්ධ කල්ලි ඉලක්ක කර එම ප්‍රහාරය එල්ලකර ඇති බවය.එම නගරයේ හමාස්, ෆාටා, සහ ඉස්ලාමීය ජිහාඩ්...
"ඉරාන ජනපති අවමගුලට ශ්‍රී ලංකා නියෝජනයක්"
"ගුවන් අනතුරකින් මරණයට පත් වූ ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසිස් මහතාගේ හෙට පැවැත්වෙන අවමගුල් උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්‍ය අලිසබ්‍රි මහතා සහභාගී බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.ඒ අනුව විදේශ අමාත්‍යවරයා අද රාත්‍රී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය."
"LPL වැඩිම ලංසුව මතීෂට"
"ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලංකා ප්‍රිමිය ලීග් ( LPL) ක්‍රීඩක වෙන්දේසියේ දැවැන්ත මුදලකට මිලදීගනු ලැබීය.කොළඹදී පැවති LPL ක්‍රීඩක වෙන්දේසියේදී ඔහුට හිමිවූ මුදල ඇමෙරිකානු ඩොලර් 120,000කි.කොළඹ කණ්ඩායම ඔහුව එම මුදලට මිලදීගනු ලැබීය.LPL වෙන්දේසියේදී මේ දක්වා ක්‍රීඩකයෙකුට හිමිවූ වැඩිම මුදල එයයි."
"හෙල්ල විසිකිරීමෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්"
"ජපානයේ පැවැත්වෙන ලෝක පැරා මළල ක්‍රීඩා උළෙලේ දී පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත් විය.එහිදී ඔහු අඩි 44 දුර හෙල්ල විසි කිරීමට සමත් විය."
"වාහන ආනයනයට සැරසෙයි"
"රටේ අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී වාහන ආනයනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, වාහන ආනයනය තවදුරටත් වසා තබාගෙන සිටීමට රජය සූදානම් නොමැති බවය.මේ වනවිට මෙරට සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලයන 5.5ක ප්‍රමාණයක් ඇති බවද මුදල් රාජ්‍ය අ...
"ඩයනාට ඇප"
"අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් වු හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා අග...
"චීන තේ සංස්කෘතික වැඩසටහනක්"
"ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සංවිධානය කළ සමගිය සඳහා තේ සංස්කෘතික වැඩසටහන් අද පෙරවරුවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මරීනෝ බීච් හෝටලයේදී ආරම්භ විය.එහිදී චීන සම්ප්‍රදායික තේ සහ කෝපි පානයන් ඉදිරිපත් කරනු ලැබීය.මෙහිදී උත්සව සභාව ඇමතූ චීන තානාපතිවරයා සදහන් කළේ චීනය මෙන්ම ශ්‍රී ලංකාවට ද සුවිශේෂ වූ...
"හෝර්ටන්තැන්නේ අද සැමරුමක්"
"ලෝක ජෛව විවිධත්ව දිනය අදට යෙදී තිබේ.”Be Part Of the Plan” යන්න මෙවර මෙහි ජාත්‍යන්තර තේමාවයි. එය “ජෛවවිවිධත්ව සංරක්ෂණ සැලැස්මේ කොටස්කරුවන් වෙමු” ලෙස සිංහලට නඟා තිබේ.ජෛවවිවිධත්ව දින ජාතික උත්සවය මෙවර ලෝක උරුම “හෝර්ටන්තැන්න” ජාතික උද්‍යානයේදී පැවැත්වීමට ජෛවවිවිධත්ව සම්මුතියේ කේන්ද්‍රීය ආයතනය වන පරිසර අමාත්‍යංශය කටයුතු යො...
"මාතර තවත් රැඳවියෙක් මොළේ උණට බිලි"
"උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබේ.මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (20) රාත්‍රී මෙම රැඳවියා මියගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. මීට මාස 03කට පමණ පෙර ද බන්ධනාගාර ගතවූ 24 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබේ.අදාළ රැඳවියා මොළේ උණ රෝගී තත්ත්වය හේතුවෙන් මියගොස් ඇති බවට...
"අදත් තද වැස්ස"
"නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළුවලින් බරව පවතිනු ඇති බවය.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර...
"අද ශෝක දිනයක්"
"ගුවන් අනතුරකින් මරණයට පත් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාට ගෞරව පිණිස අද ශෝක දිනයක් ලෙස ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත් කර ඇත.ඒ අනුව රජයේ සෑම ආයතනයකම ජාතික කොඩිය අඩකුඹු කළ යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කරයි."
"ජනපති ඉරානයට සොව පළ කරයි"
"ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිල විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන්ගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , එක්ස් , ගිණුමෙහි සටහනක් තබමින් මෙලෙස සිය ශෝකය ප්‍රකාශ කර තිබේ."
"ලංකාවෙන් ගිය අයිසිස්ලා 04ක් ඉන්දියාවෙන් අල්ලයි"
"ශ්‍රී ලංකාවේ සිට පැමිණි අයිසිස් ත්‍රස්තවාදීන් 04 දෙනෙකු අහමදාබාද් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. මේ හේතුවෙන් එම ගුවන් තොටුපල පුරා ආරක්ෂාව තර කර ඇත.අයිපීඑල් කණ්ඩායම් තුනක් සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා අහමදාබාද් ගුවන් තොටුපළට පැමිණීමට පෙර මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබේ."
"බන්ධනාගාර කොමසාරිස්ට අධිකරණ නියෝගයක්"
"බන්ධනාගාර නිලධාරින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණවීම පිළිබඳ වහාම අද (20දා) දිනය තුළ අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන විනිසුරු තිළිණ ගමගේ මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේය. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අද දිනට නියමිත නඩු කටයුතු ආරම්භ කළ අවස්ථාවේ රැඳවියන් අධිකරණයට රැගෙනවිත් නොතිබී...
"ප්‍රජා පොලිස් එස්අයි හොර අරක්කු පෙරා මාට්ටු"
"කවරක්කුලම පොලිස් ස්ථානයේ සේවයෙහි නියුතුව සිටි ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරපරීක්ෂකවරයෙකු නීති විරෝධී මත්පැන් සහ පෙරීමේ උපකරණ තොගයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත තිරප්පනේ පොලීසිය විසින් ඊයේ (19දා) සවස සැකපිට අත් අඩංගුවට ගෙන ඇත. අනුරාධපුර කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපත...
"අධිවේගය වේගය අඩු කරයි"
"පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට මාර්ග සංවර්ධන අධිකාරිය විශේෂ දැනුම්දීමක් සිදුකරනු ලබයි. ඒ අනුව රිය ධාවනයේදී වේගය පැයට කිලෝමීටර 60ක වේගයෙන් පවත්වාගන්නා ලෙස එම අධිකාරිය දන්වා සිටී."
"අයිස් ගැසූ තරුණිය පොලිසියට බියෙන් පැන නසී"
"පන්නිපිටිය – බෝගහවෙල පාරේ දෙමහල් නිවසක ඉහළ මාලයෙන් බිමට පැන්න තරුණියක් මියගොස් තිබේ.මෙම තරුණිය අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටියදී පොළිසිය එම ස්ථානයට පැමිනීම හේතුවෙන් කලබල වී ඇය මහල් නිවසින් බිමට පැන ඇත. මෙසේ මරණයට පත් වූයේ බිමනි හිමංසා (21) නැමති බෝපේ, කුරුන්දෙනියල පාදුක්ක පදිංචි අයෙකි. තම ස්වාමියා තවත් දෙදෙනෙකු ...
"හොරණ වෙඩික්කාර සෙබළා කොටු"
" හොරණ ව්ව්‍යාපාරිකයකුට පසුගිය 05 දා වෙඩිතබා පලාගොස් සිටී වෙඩික්කරු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයිගකොට්ටාව ප්‍රදේශයේ කුලී නිවසක සැඟව සිටියදී සැකකරුවත් අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේල කොට්ටාව ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙකු බවත්ල’ ඔහු යුධ හමුදාවෙන් පලා...
"අනුරාධපුර හිරගෙදරින් රැදවියෙකු පලායයි"
"මත්ද්‍රව්‍ය තබා ගැනීමේ චෝදනාව මත සිර දඩුවම් විදිමින් සිට පසුව අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කදවුරේ පුනරුත්ථාපනය ලබමින් සිටියදී ඊයේ (19) සවස රැදවියෙකු ඉන් පලාගොස් ඇති රැදවියෙකු සොයා අනුරාධපුර පොලීසිය සහ බන්ධනාගාරය මගින් විමර්ශනයක් ආරම්භ කොට ඇත. අනුරාධපුර බන්ධනාගාරයේ සේවයෙහි නියුතු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් බන්ධනාගා...
"ඉරාන බලය මොහොමඩ් මොක්බර් ට"
"ඉරාන ජනාධිපතිවරයකු අසනීප, මරණයට පත්වීම හෝ දෝෂාභියෝගය සහ පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම හේතුවෙන් ජනාධිපතිවරයෙකුට තම රාජකාරි ඉටු කිරීමට නොහැකි වන අවස්ථා සඳහා ඉස්ලාමීය ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සෘජු පිළියමක් ඇත. ඒ අනුව මෙම අවස්ථාවේ එරට බලය එරට උප සභාපතිවරයාවන මොහොමඩ් මොක්බර්ට – රටේ කටයුතු මෙහෙයවීම සහ පාර්ලිමේන්තුවේ...
"ඥානසාර හිමිට සමාව ඉල්ලති"
" දැනට සිර සඬුවම් විඳින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට ජනපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහ නාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර ඇත. ජාතින් අතර අසමගිය ඇතිවන අකාරයට කටයුතු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උන්වහන්සේට වසර හතක සිර දඬුවමක් නියම විය. එම ලිපිය පහත දැක...
"ඉරාන ජනපති මරුට"
"ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍යවරයා සහ ඔවුන් සමඟ ගමන් ගත් සෙසු පිරිස ඊයේ (19) සිදුවූ හෙළිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු වී තිබේ."
"ඉරාන ජනපති ගැන අලුත්ම පුවත"
"ජීවිත ආරක්ෂක කණ්ඩායම් විසින් ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි සමග අනතුරට ලක්වූ හෙළිකොප්ටර් යානය වැටුණු ස්ථානය සොයාගෙන ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කරයි.මේ අතර ඉරාන රතු අඩසඳ සමාජයේ ප්‍රධානියා සඳහන් කර ඇත්තේ, වාතාවරණය ‘යහපත් නොවන’ බවය.ඉරාන ජනාධිපතිවරයා, ජීවිතුන් අතර සිටිනවා ද? නැද්ද? යන්න පිළිබඳ මෙතෙක් නිශ්චිතව ප්...
"බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු"
"බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසයි.ඒ අනුව අද සිට ලබන 22 වැනිදා දක්වා එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව ඔවුන් සඳහන් කරයි.රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් බන්ධනාගාර නිලධාරීන් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය...
"පාසල් පටන් ගනී"
"රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ විය.පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වැනිදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි."
"ඉරාන ජනපති ඇතුළු පිරිසක් සමග හෙලිකොප්ටරයක් අතුරුදන්"
"ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දුල්ලා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ගමන් කරමින් තිබූ හෙළිකොප්ටර් යානාව අසර්බයිජානයේ කඳුකර ප්‍රදේශයකට හදිසියේ ගොඩබෑ බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අධික වැසි සහ සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එසේ සිදුකර ඇති බව සඳහන් වෙයි. තවමත් ජනාධිපතිවරයා සහ...
"කොළඹ වරායේ ගින්නක්"
"කොළඹ වරාය ඇතුළත පිහිටි ගොඩනැල්ලක ගින්නක් හට ගෙන ඇත.ගිනි නිවන හමුදාව මේ වනවිට ගින්න පාලනය සදහා ගිනි නිවන රථ යවා ඇතැයි කොළඹ ගිනි නිවන හමුදා මූලස්ථානය සඳහන් කරයි."
"“සුරක්ෂා” යළිත්"
"ආර්ථික ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද සුරක්ෂා සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය යටතේ ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාව ජුනි මස මුල් සතියේ සිට උදාවේ. මීට අදාළව මුදල්ල ආර්ථික ස්ථ...
"ජනපති ඊලෝන් මස්ක් හමුවෙයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් ව හමුවී තිබේ. ඒ ඉන්දුනීසියාවේ වැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවවේ ඉහළ පෙළේ රැස්වීමක් අතරතුරදීය. එහිදී  ශ්‍රී ලංකා තුළ Starlink ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ඊලෝන් මස්ක් සමග සාකච්ඡා ...
"කාලගුණ රතු නිවේදනයක්"
"තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද නිකුත් කරඇත. එම නිවේදනයට අනුව බස්නාහිර සහ වයඹ පාළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකිය. එමෙන්ම සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිගමී 100ට වැඩි තද වැසි ඇති වි...
"බුද්ධරශ්මි වෙසක් කලාපය මෙවරත්"
"අත්තනො ව අවෙක්ඛ්‍යෙය කතානි අකතානිච (අනුන් කළ දේ නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාව යටතේ කොළඹ ගංගාරාම විහාරස්ථානය ,ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය එක්ව සංවිධානය කරන බුද්ධරශ්මි වෙසක් කලාපය මැයි 23,24,25 සහ26 දිනවල ජනාධිපති කාර්යාලය,ෂැංග්‍රිලා හරිත භූමිය සහ ගංගාරාම...
"රිය අනතුරකින් පා පැදිකරුවෙක් මරුට"
"පානදුර මාර්ගයේ මහවිල ප්‍රදේශයේදී පාපැදියක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් පාපැදිකරු මියගොස් ඇත.අනතුරින් මියගොස් ඇත්තේ අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පින්තාරු රැකියාවේ යෙදුණු අයෙකි. මියගිය පුද්ගලයා පාපැදියෙන් හොරණ පානදුර මාර්ගයේ පානදුර දෙසට යමින් සිටියදී එම දිසාවටම ගමන්කරමින් තිබූ යතුරුපැදියක් පාපැදියේ ...
"අද උදෑසන ත්‍රිත්ව ඝාතනයක්"
" මාලදෙණියල නාල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින්අද උදෑසන එකම පවුලේ තිදෙනෙකු නිවස තුළදී ඝාතනය කර ඇත. 42 හැවිරිදි පුද්ගලයෙකු විසින් එම ඝාතන සිදුකර ඇති බව පොලීසිය පවසයි. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 80 හැවිරිදි පියා 77 හැවිරිදි මව සහ 42 හැවිරිදි පුත්‍රයාය. සිද්ධිය සමසම්බන්ධයෙන් මාලදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි."
"අපේ රබර් වගාවට යුරෝපයේ සතුට"
"වනාන්තර විනාශ නොකර රබර් වගා කිරීම සදහා රබර් නිෂ්පාදනය කරනු ලබන රටවලට යුරෝපා සංගමය විසින් නිෂ්පාදන නියාමන පනතක් ( European Union Deforestation free Regulations- EUDR ) හඳුන්වා දී තිබේ.මේ සඳහා ශ්‍රී ලංකාව ද රබර් නිෂ්පාදනය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන රටක් වශයෙන් එම පනතේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කර ඇ...
"රණවිරු සැමරුමට රථ වාහන සැලැස්මක්"
"ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පැවැත්වේ.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී එම උත්සවය පැවැත්වීමට නියමිතය.ඒ හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.ඒ අනුව පස්වරු 03 සිට රණවිරු දින සැමරුම් උත්සවය අවසන්...
"නාය අනතුරු අඟවයි"
"දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සදහන් කළේ අද අලුයම 03 සිට හෙට අලුයම 03 දක්වා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවය. ඒ අනුව අදියර 02 යටතේ වන අනතුරු ඇගවීමේ නිවේදන බදු...
"තරුණ ව්‍යාපාරිකයන්ට සම්මාන"
"මෙරට පළමු වරට වයස අවුරුදු 45 ට අඩු ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ 54 දෙනෙකු ඇගයිමට සහ සම්මානය පාත්‍ර කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ඊයේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්විනි.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සංවිධානය කරන ලද්දේ ...
"වැස්සෙන් පීඩා"
"පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.අධික වර්ෂාව, තද සුළං සහ නායයෑම් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 11කට අයත් පුද්ගලයින් 47 දෙනෙකු පීඩාවට පත්වී ඇති අතර නිවාස 11කට අර්ධ හානි සිදුවී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.රත්නපුර දිස්ත්‍රි...
"ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියේ සමාව ගතයුතු යැයි මානවහිමිකම් කියයි"
"දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා රජය අර්ථාන්විත පියවර අනුගමනය කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඊයේ (17) වාර්තාවක් නිකුත් කරමින් දන්වා ඇත.එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, එම අපරාධ සඳහා රාජ...
"ජනපති ඉන්දුනිසියා යයි"
"ඉන්දුනීසියාවේ දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිවයිනෙන් පිටත්ව ගියේය.එරට ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ ආරධනාවකට අනුව ජනාධිපතිවරයා මෙම නිල සංචාරයේ නිරත වේ.එහිදී ජනාධිපතිවරයා 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළ සාකච්ඡා සදහාද සහභාගී වීමට නියමිතය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි."
"විජයග්‍රහණයට වසර 15යි"
"දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති කොටි ත්‍රස්තවාදය සහමුලින්ම පරාජයට පත් කර ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව විජයග්‍රහණය ලද දිනය අදට යෙදී ඇත.2009 වසරේ මැයි මස 18 වැනිදා එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයින් ඝාතනය කර මෙම විජයග්‍රහණය ලැබීය.ඒ අනුව එම විජයග්‍රහණයේ 15 වැනි සමරුව අද සමරනු ලබයි."
"ඇල්ල වැල්ලවාය මාර්ගය වසයි"
"ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේ දී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම වර්ධනය වී ඇති බැවින් එම මාර්ගය ඔස්සේ රථවාහන ධාවනය ඉතා අනතුරුදායක වී ඇති බැවින්ද අද රාත්‍රී අට සිට හෙට අළුයම හය දක්වා එම මාර්ගය වසා තැබීමට තීරණය කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට ...
"කෘත්‍රිම බුද්ධිය කෘෂිකර්මයට දෙන්න ජනපති සැරසෙයි"
"කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්ථනයක් සිදුකිරීමට රජය සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.මේ වෙනුවෙන් බැංකු ණය ක්‍රමවේදයක් යෝජනා කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී නිලධා...
"කොළඹ විරෝධතා පා ගමනක්"
"පලස්තීන යුද්ධයට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතා පාගමනක් හේතුවෙන් කොල්ලුපිටිය ආනන්ද කුමාරස්වාමි මාවත පොලීසිය විසින් වසා දමා තිබේ."
"යුරෝපා සංගමය ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගැන සොයයි"
"යුරෝපා සංගමය මෙටා සමාගමේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල පිළිබඳව නිල විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. සමාජ මාධ්‍ය ජාලවල ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් යුරෝපා සංගමය පනවා ඇති නීති උල්ලංඝනය කර ඇති බවට මෙටා සමාගමට එල්ලවී ඇති චෝදනා මත මෙම විමර්ශනය ආරම්භ කර ඇත. ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා දරු...
"හොර දොස්තරලා අල්ලන්න හොට් ලයින් එකක්"
"රටපුරා ව්‍යාජ වෛද්‍යවරු 40,000ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ එවැනි සමහර පුද්ගලයින් ජනතාවට විවිධ මත් පෙති වර්ගද අලෙවි කරන බවය. එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ක්ෂණික දුරකථන අංකය වන 1907ට ලබාදෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි."
"(විශ්‍රාමික) ජෙනරාල් මහේෂ් සේනානායක සජබට"
" හිටපු හමුදාපති මෙන්ම හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී (විශ්‍රාමික) ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සමගි ජන බලවේගයට එක්වී ඇත. ඒ සමගම සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස ඔහුව පක්ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පත්කර තිබේ."
"රතුපස්වල නඩු තීන්දුව"
" වැලිවේරිය නගරයේදී රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු හමුදා මේජර්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද නියෝග කළේය. අදාළ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත්කරමින් මෙම නියෝගය නිකුත් කළේය."
"ඉන්දු ශ්‍රී ලංකා මගී ප්‍රවාහන බෝට්ටු සේවය අදත් කල් යයි"
"ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරය දක්වා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති මගී ප්‍රවාහන බෝට්ටු සේවය ආරම්භ කරන දිනය දෙවැනි වරටත් කල්ගොස් ඇත.එය ඉකුත් 13 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණි. නමුත් අද දිනය දක්වා එය කල් ගියේය.අද දිනයේදී ද එම මගී ප්‍රවාහන බෝට්ටු සේවය ආරම්භ කීරීම කල් ගොස් ඇත.ඒ සම්බන්ධයෙන් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් ...
"ජනපතිවරණ ගැසට්ටුව නිකුත් කරන මාසය"
"ජනාධිපතිවරණය පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය ඉදිරි ජූලි මාසයේ නිකුත් කිරීමට සූදානම් කරමින් ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.ජනාධිපතිවරණයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු කිසිදු සංවර්ධන කටයුත්තක් කළ නොහැකි බවත් මැතිවරණය අවසන් වන තෙක් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉඩ නොලැබෙන බවත් ඔහු පෙන්වා දෙයි. ...
"අද කාලගුණය"
"ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත...
"රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න පෝටර් වරයකුට පහර දෙයි"
"කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන සේවකයෙක් හෙවත් පෝටර්වරයෙකුට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පහරදී ඇතැයි වාර්තා වෙයි.එමෙන්ම ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුටද රණවීර රාජ්‍ය අමාත්‍යවරයා විසින් තර්ජනය කර ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.කුඩා හා මධ්...
"ශ්‍රී ලංකාවේ UPI සේවයට ඉන්දියාවේ ජවය"
" ශ්‍රී ලංකාවේ UPI සේවාවන්ට තවදුරටත් ජවය ලබාදෙමින් 2024 මැයි 15 වන දින PhonePe හා LankaPay හවුල්කාරීත්වයෙන් PhonePe UPI ගෙවීම් ශ්‍රී ලංකාවේ දියත් කරන ලදී. ඉන්දියාවේ ප්‍රමුඛතම ඩිජිටල් පසුම්බි සහ ගෙවීම් යෙදුම වන මෙය ශ්‍රී ලංකාවේ සමාරම්භ කිරීමේ අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචා...
"ඇල්ල වැල්ලවාය මාර්ගය වසයි"
"අද උදෑසන සිට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල වැල්ලවාය මාර්ගය අද සවස 6 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.ඒ, හෙට (17) උදෑසන 6 දක්වා බලපැවැත්වෙන පරිදිය.දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ඒ බව දැනුම්දෙයි. මලිතගොල්ල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයක එම මාර්ගයේ පවතින අවදානම් තත්ත්වයක් හේතුවෙන් මෙම පියව...
"පළමු ක්‍රීඩා ඔම්බූඩ්ස්මන්"
"ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බූඩ්ස්මන්වරයා ලෙස ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා පත් කර තිබේ.ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශ්‍රාමික) විශේෂ ශ්‍රේණිධාරියෙකු බවය.ඒ අනුව පනත ප්‍රකාරව ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්‍රියාවකින් අගතියත...
"මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්ට මරණ තර්ජන"
"මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාට මරණ තර්ජන එල්ල වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.ඊයේ පස්වරුවේ දුරකථනය ඔස්සේ රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලය වෙත අදාළ දුරකථන ඇමතුම ලැබී ඇති බව සඳහන්ය.ඉදිරි මැතිවරණ කටයුතු සඳහා ඉදිරිපත් වීමට ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයාට ඉඩ නොතබන අත...
"රජයේ විශේෂ දූත පිරිසක් රුසියාවට යති"
"රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන්සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපතිරනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරකබාලසූරිය මහතාපවසයි. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, රුසියාවේ හිටපු තානාපති සහ විදේශකටයුතු අමාත්‍යාංශයේ නිලධාර...
"පාර්ලිමේන්තු විසුරවන දිනය කථානායක කියයි"
" පාර්ලිමේන්තුව අද හෙට විසුරුවාහරින බවට පළවන වාර්තා අසත්‍ය බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.මෙය දැවැන්ත සමාජ බෝම්බයක් බවත් ඉන් හානියට ලක්වන්නේ රටේ අනාගතය බවත් ඒ මහතා සඳහන් කළේය.නිසි කාලයට පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත් ඊට පෙර එය සිදු නොකරන බවට තමා සහතික වන බවත් කථානායකවරයා වැඩිදුරටත් කීවේය."
"රජයේ සේවක වැටුප් යළි වැඩි වන හැටි"
" මෙම වර්ෂයේ ඉදිරි කාලය තුළ රජයේ සේවකයින් සඳහා නැවත කිසිදු වැටුප් වැඩිවීමක් ලබා දීමට හැකියාවක් රජයට නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.සත්ව නිෂ්පාදන හා පශු සම්පත් සංවර්ධන අංශයට අයත් සේවක මණ්ඩල කිහිපයක් නියෝජනය කරන වෘත්...
"ජනපති යළි රට යයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙම මස 18 වැනිදා ඉන්දුනිසියාව බලා පිටත්ව යන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.එරට ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයෙන් එරට සංචාරය කරන ජනාධිපතිවරයා 18 වැනිදා සිට 20 වැනිදා දක්වා ඉන්දුනිසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ මට්ටමේ රැස්වීමට ද සහභාගීවීමට නියමිත බව...
"විජයදාසලාට වාරණ නැහැ"
" ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතාත් වැඩබලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතාත් පත් කර ගැනීමට ගනු ලැබූ තීරණය මත එම පක්ෂය එහි සංවිධාන හා නිලධාරීන් ක්‍රියා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි අද...
"සජිත් සහ අනුර විවාදයට රජයෙන් නිවාඩු දිනයක්"
" විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ විවාදය ජනතාවට දැක බලා ගැනීම සඳහා එදින රජයේ නිවාඩු දිනයක් කළ යුතු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. එහෙත් ඔහු පෙන්වාදෙන්නේ අදාළ විවාදය පැවැත්වීම සඳහා එම දෙපාර්ශවයටම උනන්දුවක් නොමැති බවය."
"‘අයෝරා ‘ ෂැංග්‍රි-ලා හිදී"
"ඉන්දියානු සාගර ආශ්‍රිත රටවල සංගමයේ සභාපතිත්වය යටතේ, විදේශ කටයුතු අමාත්‍යාංශය, අයෝරා ව්‍යාපාරික සංසදයේ වත්මන් සභාපතිධූරය දරන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සමඟ සහයෝගීතාවෙන්, මෙම 28 වැනි දින සිට 29 වැනි දා දක්වා ෂැංග්‍රි-ලා හෝටලයේදී පළමු ව්‍යාපාරික සංසදය ශ්‍රී ලංකාවේ සභාපතිත්වය යටතේ පැවැත්වීමට නියමිතයි. “තිරසාර වර්ධනය – වෙරළ ඉ...
"අදත් තද වැසි"
"දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.බස්නාහිර, මධ්‍යම, සබරගමුවසහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි....
"ෆොක්ස් හිල් මරණ ගණන වැඩිවේ"
"දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.ඇය බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියහ.දියතලාව පොලිස් වසමේ ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි එම දැරියගේ මෘත ශරීරය මේ වනවිට බදුල්ල මහා රෝහලේ තැන්පත් කර තිබේ....
"ඉම්රාන්ට ඇප"
"සිර දඬුවම් ලබා සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින තවත් එක් නඩුවක් සම්බන්ධයෙන් ඔහුට ඇප නියමවී තිබේ.ඒ ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එල්ල වී තිබූ චෝදනාවකට අදාළවය.හිටපු අගමැති ඛාන් පාකිස්තානයේ අගමැතිව සිටි කාලයේ දී නීති විරෝධී උපකාර සඳහා ත්‍යාග වශයෙන් දේපොළ වෙළෙඳාම්කරුවෙකු ලබාදුන් ඉඩම් සම්බන...
"ස්ලෝවැකියානු අගමැතිට වෙඩි තබයි"
"ස්ලෝවැකියාවේ අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝ රෝහල්ගතකර ඇති බවය.කැබිනට් රැස්වීමකින් පසුව මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආරක...
"මිලියන නවයක මත්ද්‍රව්‍ය තැපෑලේ ඇවිත්"
"මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විදෙස් රටවල් කිහිපයක සිට පැමිණි පාර්සල් කිහිපයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.එම නිලධාරීන් විසින් සිදුකළ ආවේක්ෂණ රාජකාරීවලදී මෙරටට එවා තිබූ සැකසහිත පාර්සල් කිහිපයක තිබී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.එහි තිබී මත්පෙති 150ක්, කුෂ් ග්‍රෑම් 466ක් ස...
"අසිතට වීසා එයි-කුසල්ට හෙට"
" විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඇමෙරිකානු වීසා ප්‍රතික්ෂේප වූ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට අද (15) වීසා ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටී. කුසල් මෙන්ඩිස්ගේ වීසා පිළිබඳව ද මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ඔහුට ද හෙට දින වීසා ලැබෙනු ඇතැයි විශ්වාස කරන අතර වීසා අයදුම් කිරීමේදී අයදු...
"වනිඳු උඩටම එයි"
" විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි සම පළමු තැන හිමිකරගැනීමට ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග සමත්ව තිබේග එහි සම පළමු ස්ථානය හිමිව ඇති අනෙක් ක්‍රීඩකයා වන්නේ බංග්ලාදේශ ක්‍රීඩක ෂකීබ් අල් හසන්ය."
"සාමාන්‍ය පෙළ දරුවන්ට නිදහස් ලකුණු දෙකක්"
"අ.පො.ස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 09 සහ 39 ප්‍රශ්න සඳහා එලෙස නිදහස් ලකුණු දෙක ලබාදීමට තීරණය කර බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය."
"ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්"
"අල්ලස් දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (15දා) පෙරවරුවේ පැවැත්වූ විරෝධතාවේදී උණුසුම් තත්ත්වයක් ඇති විණි. එම විරෝධතාවය සඳහා ගෙන එන ලද බැනර් හකුළා ඉවත් කිරීමට පොලිසිය ක්‍රියාත්මක වූ අවස්ථාවේ විරෝධතාකරුවන් සහා පොලීසිය අතර කලබල ස්වරූපයක් හටගෙන තිබිණ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්...
"විජේදාසගේ වාරණය යළි දිගුවේ"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති සහ වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස තේරී පත් වූ අධිකරණ ඇමති අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරථි දුෂ්මන්ත මහත්වරුන්ට එම ධූරවල කටයුතු කිරීම මෙන්ම එම තෝරා පත් කරගැනීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝග ලබන 27 දින දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධා...
"තරුණයෙක් මැරූ අයියා මලෝ රිමාන්ඩ්"
"මහඔය සමගිපුරදී පසුගිය 13 වැනිදා බීමතින් තියුණු ආයුධයකින් පහරදී 26 හැවිරිදි තරුණයෙක් ඝාතනය කළැයි අත්අඩංගුවට ගත් අයියා මලෝ දෙදෙනා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට’ දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත්’ එච්..එම්.පිුයන්ත බණ්ඩාර හල්යාල මහතා නියෝග කර ඇත.සුම් තාක්ෂණය ඔස්සේ මෙම චුදිතයන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇ...
"හොර සිගරට් 21000ක් කටුනායකින් අල්ලයි"
"නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් ලක්ෂ විසි එකක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ඒවා මෙරටට රැගෙන ආ පුද්ගලයා ද ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (15) දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ. මොහ...
"විජයදාසට එරෙහි දුමින්දගේ නඩුව විභාගයට"
"ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවරු නඩුව විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා තීරණය කළේය. එම නඩුවේ කරුණු අද (13දා) තහවුරු කරන ලෙසට පැමිණිලි පාර්ශවයට දන්වා සිටියේය."
"මහින්ද රාජපක්ෂ තලාවෙන් සටන පටන් ගනී"
"ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් රටවටා මැතිවරණ ආසන මට්ටමින් පැවැත්වීමට සැලසුම් කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජන රැලිය හා සම්මේලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 26 වැනිදා පස්වරු 03ට අනුරාධපුර තලාව නගරයේ දී පැවැත්වීමට නියමිතව තිබේ . ක...
"සාපෙළට ගිය සිසුවියන් දෙදෙනෙක් අතුරුදන්"
"අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඊයේ (14) ගිය පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බවට ඔවුනගේ දෙමාපියන් ගිනිගත්හේන පොලීසියට පැමිණිලි කර ඇත. අදාළ සිසුවියන් දෙදෙනා ඊයේ උදෑසන විභාගයට පෙනී සිටීම සඳහා අඹගමුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානය වෙත ගොස් ඇති අතර ගිනිගත්හේනල අග්‍රඔය සහ නාවලපිටිය නාගස්තැන්න ප්‍ර...
"සිංගපූරුවේ බලය වෙනස් වෙයි"
"ඉතා දීර්ඝ කාලයක් සිංගප්පුරුව පාලනය කළ අග්‍රාමාත්‍ ලී හසින් ලූන්ග් (Lee Hsien Loong) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ සමගම එරට දේශපාලනයේ එක් පරිච්ඡේදයක් නිමාවට පත්වන බව දේශපාලන විචාරකයෝ පවසති.වසර විස්සක් සිංගප්පුරුව පාලනය කිරීමෙන් අනතුරුව ලී සිය බලතල අද රාත්‍රියේ එරට නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍යවරයා ලෙස ක...
"අදත් තද වැසි"
"ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වී පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් අද දිනයේ දී දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි .දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර, මධ්‍...
"ඩයනාගේ අනාගතය"
"ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන බවට තහවුරු වූ හිටපු සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ පාර්ලිමේන්තු සහ රාජ්‍ය ඇමැති වරප්‍රසාද භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි ඉල්ලීමක් ඇත්නම් එය සිදුකළ හැකි බව පාර්ලිමේන්තුව තහවුරු කර තිබේ.ඩයනා ගමගේ එක්සත් රාජධානියේ පුරවැසියකු වීම නිසා ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට...
"අද හවස තද වැසි"
"බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඉදිරි පැය 36ට අදාළව කාලගුණ නිවේදනය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත.එසේම ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වී පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැස...
"අධික උණුසුම ඉන්දීය මහ මැතිවරණයටත් බලපායි"
"අදියර හතකින් පැවැත්වෙන ලොව දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී මහ මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරවලට ළගා වෙද්දී ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති සෙල්සියස් අංශක 45 ක(ෆැරන්හයිට් අංශක 113) අධික උෂ්ණත්වය හේතුවෙන් මැතිවරණ අපේක්ෂකයන් හා ජන්ද දායකයන් ක්ලාන්ත වී වැටිමේ සිද්ධින් හා ජන්දය භාවිත කරන පිරිස අඩු වීමේ තත්ත්වයන් ...
"සාපෙළ අවසන් වූ වහාම උසස් පෙළ පංති පටන් ගනී"
"අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.සිසුන්ගේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගෙන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.ඒ අනුව උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට ගුරුවරුන්ට ප්‍රමාණවත...
"දැන්වීම් පුවරුවක් කඩා වැටී 14ක් මරුට"
"ඉන්දියාවේ මුම්බායි නගරයේ විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.මුම්බායි නගරය හරහා හමා ගිය තද සුළං තත්ත්වයත් සමග මෙම දැන්වීම් පුවරුව කඩා වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.එහිදී තවත් පුද්ගලයින් 60කට අධික පිරිසක් තුවාල ලබා තිබේ."