Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"කොළඹ අහස යා කළ හෝටලය" | "‘ITC Ratnadipa Colombo’ අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කළේය. එය ඉන්දියාවේ ITC හෝටල් සමූහය, ඉන්දියාවෙන් පිටත ඉදිකළ ඔවුන්ගේ පළමු සුඛෝපභෝගි හෝටලය වීම ද විශේෂත්වයකි. මේ සඳහා කර ඇති ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 400කි. එහි හෝටල් කාමර 350ක් පවතී. ප්‍රධාන කුලුනු දෙකක් යා කරමින් අඩි 100ක් ඉහළ... |
"හෙට්ටිවීදියේ රන් මිල පහළට" | " අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ,කැරට් 22, රන් පවුමක මිල රුපියල් 173,000ක් දක්වා පහළ ගොස් ඇත. ඊයේ එය දැක්වුණේ රුග 174,800ක් ලෙසය.ඒ අනුව රුපියල් 1,800කින් රන් මිල පහළ ගොස් තිබේ. රුපියල් 190,000ක් ලෙස පැවති ,කැරට් 24, රන් පවුමක මිල අද වනවිට රුපියල් 188,000ක් දක්වා සුළු අගයකින් පහත වැටී ඇති බව ද කොළඹ හෙට්ටි... |
"විදුලි බල කෙටුම්පත පාර්ලිමේන්තුවට" | "යෝජිත ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එම නව පනත් කෙටුම්පත යටතේ විදුලිබල කේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණ කිහිපයක් යෝජනා කර තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ සති දෙකක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කෙටුම්පත අභියෝගයට ලක්කිරීමට හැකි... |
"සාපෙළ උපකාරක පන්තිවලට දැනුම්දීමක්" | "මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන කටයුතු අත්හිටවනු ඇති බව එහි... |
"අද කාලගුණය" | "බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල... |
"ශ්‍රී ලංකාව සහ ඉරානය අතර ගිවිසුම් පහක් අත්සන් කරයි" | "ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.එම සාකච්ඡාවෙන් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් පහකට ද අත්සන් තබා ඇත.එම ගිවිසුම් ලෙස දෙරට අතර චිත්‍රපට කර්මාන්තය, මාධ්‍ය සංචාරක, සමූපකාර, පුස්තකාල, සංස්කෘති... |
"රනිල් බැසිල් හමුවී ගත් තීරණ" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුව ඇත.වැඩිදුරටත් වාර්තාවන්නේ ඊයේ (23) පස්වරුවේ පැවති එම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් කරුණු 3ක් පිළිබඳව අවධානය යොමුකර ඇති බවය.එහිදී එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කර ඇති අතර දෙපාර්ශ්වය එකඟතාව පළකර ඇත්තේ ව්‍ය... |
"කිරි පිටි මිල පහළට" | "හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.ඒ අනුව එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 250ත් 300ත් අතර මිලකින් පහළ දැමෙනු ඇති බවය.එසේම ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 100ත් 130ත් අතර මිලකින් පහළ දමනු ඇති බවද එම සංගමය වැඩිදුරටත් පවසයි." |
"ලංකාවේ රිලවියන්ට පවුල් සැලසුම් ලූප" | "රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු ලැබීය.රිළවියන් ගේ යෝනි මාර්ගය ඔස්සේ ලූපයක් ඇතුළු කර ගැබ් ගැනීම් වැලක්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දිගින් දිගටම පර්යේෂණ සිදු කෙරුණු අතර ඒ සඳහා කුඩා ප්‍රමාණයේ නව ලූපයක්... |
"ෆොක්ස් හිල් ධාවකයින්ට ඇප" | "ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා ඇප මත මුදාහැර තිබේ.ඒ ඔවුන්ව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.එම ධාවකයින් දෙදෙනා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අනතුරට අදාළව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය... |
"ඇමැති විජයදාසට වාරණයක්" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.එසේම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස දුෂ්මන්ත මිත්‍රපාල මහතා කටයුතු කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක් නිකුත් කළේය.එසේම වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා විසින් ගනු ලැබුණත් තීන්දු තීර... |
"උමා ඔය විවෘත කරති" | "ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද පෙරවරුවේ විවෘත කළහ." |
"දමිතාට ඇප" | "විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබේ.එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය." |
"අමරවීරලා මැයි 08 දා තෙක් ශ්‍රීලනිපයේ" | "අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 08 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියම කළේය.තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් ... |
"ඉරාන ජනාධිපති දිවයිනට එයි" | "ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා මීට සුළු වේලාවකට පෙර දිවයිනට පැමිණියේය.ඒ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළිනි.ඉරාන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයාගේ පැමිණීම හේතුවෙන් විශේෂ... |
"නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි" | "එම්. ජී. වීරසේන ගමගේ මහතා පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.ඒ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහාය.අද (24) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළ අවස්ථාවේ දී කථානායකවරයා ඉදිරියේ වීරසේන මහතා එලෙස දිවුරුම් දෙනු ලැබීය." |
"බස්නාහිර ත්‍රීරෝද නියාමනයට කල් දෙයි" | "බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ නියාමනය සඳහා ජූනි මස 30 වැනිදා දක්වා කාලය ලබා දී ඇති බව එක්සත් මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි.එහි සභාපති රහුමාන් පල්ලි මහතා සඳහන් කළේ, ත්‍රීරෝද රථ රියදුරන් සඳහා සහන මිලට ගාස්තු මීටර ලබා දීමට රජය වැඩපිළිවලක් සකස් කළ යුතු බවය." |
"හෙට සිට පාසල් යළි ඇරඹෙයි" | "සිංහල සහ හින්දු අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු හෙට සිට යළි රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වාරය ආරම්භ වේ.අලුත් අවුරුදු වෙනුවෙන් පසුගිය 10 වැනිදා පාසල් නිවාඩුව ආරම්භ විය." |
"චමරි අංක එකට" | "ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත්ව තිබේ.එහිදී ඇය හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 773කි." |
"විදේශ අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්" | "විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මෙම මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි .එම නිවේදනයේ දැක්වෙන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය බත්තරමුල්ල, ශ්‍රී සුභූතිපුර පාරේ පිහිටි “සුහුරුපායේ” 16 වැනි මහලෙහි ඇති නව කාර්යාල පරිශ්‍රය වෙතට රැගෙන යාමේ ... |
"සජබ සහ ජාජබ විවාදයේ අලුත්ම තොරතුරු" | "ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදයට ලබන මැයි මාස 7, 9, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සූදානම්ව බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ලිඛිතව දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේ... |
"හෙලිකොප්ටර් දෙකක් ගැටී දහයක් මරුට" | "මැලේසියාවේ හමුදා පුහුණුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට පත්ව තිබේ. එම අනතුරින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එරට නාවික හමුදාවේ සැමරුම් උත්සවයක් සඳහා පෙරහුරුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් එලෙස ගුවනේදී ගැටී අනතුර සිදුව ඇත." |
"ෆොක්ස් හිල් අනතුරට කමිටුවක්" | "දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සත්පුද්ගල කමිටුවක් පත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර තිබේ.මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම කමිටුව පත්කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර මහතා පැවසුවේය.අනතුර සම්බන්ධයෙන් දැනට පවති... |
"ඉරාන ජනපති සංචාරය අරඹයි" | "ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මහතා හෙට (24) මෙරට සංචාරය කිරීමට නියමිත බව ඉරාන මාධ්‍ය පවසයි. ඒ අනුව ඉරාන ජනාධිපතිවරයා සිය සංචාරය ආරම්භ කරමින් ඊයේ පකිස්ථානය බලා පිටත්ව ගිය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කෙසේවෙතත් ඉරාන ජනාධිපතිවරයා මෙරට සංචාරය කරන දිනය මෙතෙක් තහවුරු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි." |
"දුම්රිය සාමාන්‍යාධිකාරී දිවියෙන් සමුගනී" | "දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාර මහතා හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වී ඇත." |
"රාජ්‍ය ආයතන 05ක් කෝප් හමුවට" | "ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතන තිබේ.හෙට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.අනිද්දා දිනයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ව්‍යාප... |
"වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට" | "මොරගහහේන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.මොරගහහේන ටයර් කර්මාන්තශාලාව ආසන්නයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇත.පොලීසිය වැඩිදුරටත් පවසන්නේ වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථය තුළ සිටි තවත් පුද්ගලයෙකු ඉන් පළාගොස් ඇති බවය." |
"උඩතලවින්න දුම්රිය ස්ථානාධිපතිට මැර ප්‍රහාරයක්" | "මහනුවර මාතලේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ පිහිටි උඩතලවින්න දුම්රිය ස්ථානයට බීමතින් කඩා වැදුණු පුද්ගලයින් තිදෙනෙකු සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ දුම්රිය ස්ථානාධිපතිවරයා ප්‍රතිකාර සඳහා වත්තේගම රෝහල වෙත ඇතුළත් කර ඇතැයි වත්තේගම පොලීසිය පවසයි. මෙම පහරදීම ඊයේ (21) දින රාත්‍රී 11.40 ට පමණ සිදුව තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගම්ම... |
"මාලදිවයින් මැතිවරණයෙන් ජනපතිගේ පක්ෂයට ජය" | " මාලදිවයින් මහා මැතිවරණයෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කරගැනීමට වත්මන් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පක්ෂය සමත්ව ඇත. ඊයේ (21දා) පැවති මරතිවරණයෙන් ඔවුන් දිනා ඇති ආසන ගණන 66කි. මැතිවරණය පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ ආසන ගණන 93ක් වේ." |
"උලපනේ හිමි බන්ධනාගාරයට" | " ගුරු-විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.අලුත්කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (22දා) පැවති අදාළ නඩු විභාගය සඳහා පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු සැකකරුවන් සහභාගී වී තිබේ.පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේ දී ඊට විරෝධය පළකර බාධාකිරීමේ ච... |
"ෆොක්ස් හිල් අනතුර-රියදුරන් 2ක් අත්අඩංගුවට" | "දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අනතුරින් ඔවුන් දෙදෙනා ද තුවාල ලබා රෝහලගත කර සිටිය දී එලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකුට දිවි අහිමි කරමින් තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා තිබිණ." |
"ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මිය යයි" | "ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (22දා) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට චන්ද්‍රසිරි බණ්ඩාර මහතා 63 වන වියේ පසුවු අතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් තිබේ." |
"ජගත් මිහිතල දිනය අදයි" | "ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබේ.මෙවර ජගත් මිහිතල දින තේමාව වන්නේ “මිහිතලය සහ ප්ලාස්ටික්” යන්නය.ප්ලාස්ටික් භාවිතයෙන් මිනිසාගේ සහ පාරිසරික සෞඛ්‍යයට ඇති කරන අහිතකර බලපෑම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමයි එහි අරමුණ වී තිබේ.වර්ෂ 1970 අප්‍රේල් 22 දින ප්‍රථම වරට අමෙරිකා එක්සත් ජනපදයේදී ජගත් මිහිතල දිනය සමරා ඇති බව සඳහන්ය.... |
"අදත් උණුසුම් කාලගුණයක්" | "දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමුකළ යුතු මට්ටමක” පවතිනු ඇති බව එම දෙපා... |
"ඡන්දය දාන්න ඇවිත් සුපිරි නළු විජෙයිට වෙච්ච දේ.." | "ඉන්දීය මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි අවස්ථාවේ දකුණු ඉන්දීය සුපිරි නළු විජෙයි අකරතැබ්බයකට මුහුණ දී තිබේ.චෙන්නායි හි පිහිටි ඔහුට අදාළ ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි අවස්ථාවේ ඔහුව දැකබලාගැනීමට විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව ඇත.එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් අනතුරුව පොලීසිය පැමිණ තත්ත්වය පාලනය කර පෝලිමේ... |
"විජයදාස ‘අත’ ගන්න ‘පොහොට්ටුව’ අතහරීද?" | "තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද මාධ්‍ය වෙත පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස පත්වූ ඒ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ (පොහොට්ටුව ) සමාජිකයෙක් බවත් ඔහු ශ්‍රීලනිපයේ ද සාමාජිකත්වය ලබා ගෙන ඇත්නම් පක්ෂ දෙකක් සාමාජිකත්වය ලබා සිටින්නේ කෙසේද කියා පැහැද... |
"ධාවන පථයෙන් ඉවතට පැන්න මෝටර් රථයට පහක් බිලි" | "දියතලාවේ අද පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසයි." |
"විලී දකුණෙන් යයි" | "දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී තිබේ.එළැඹෙන මැයි මස 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය මෙලෙස භාරදී ඇත." |
"ශ්‍රීලනිප මූලස්ථානය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්" | "කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මේ වන විට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුව ඇත.පක්ෂයේ එක් පාර්ෂවයක් පක්ෂ මූලස්ථානයට ඇතුළුවීමට උත්සාහා කිරීම ඊට හේතුවී තිබේ.පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන දොරටුව මෛත්‍රී පිළ සහ චන්ද්‍රිකා පිළ පසුගිය දා වෙන වෙනම යතුරු දමා වසා දමනු ලැබීය." |
"ආචාර්ය සරත් ගුණපාලගෙන් තවත් සොයාගැනීමක්" | " ශාකවලින් වාෂ්ප කෙරෙන ජල වාෂ්ප ප්‍රමාණය (උත්ස්වේදනය) අධෝරක්ත කිරණ මගින් ග්‍රහණය කරගෙන එම ශාකවල සෞඛ්‍ය තත්ත්වය (නිරෝගී බව) මැනිය හැකි විශේෂිත චන්ද්‍රිකාවක් ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඉකුත් 18 වැනි බ්‍රහස්පතින්දා අළුයම අභ්‍යවකාශ ගතකිරීමට ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍ර, නාසා ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතාගේ මූලිකත්වයෙන... |
"රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් මරුට" | " ඇල්පිටිය – අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇත. ත්‍රිරෝද රථයක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි. අනතුරින් මියගොස් ඇත්තේ 68 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරු සහ ඔහුගේ 10 හැවිරිදි මුණුපුරා සහ සත් හැවිරිදි මි... |
"“අත” වැඩබලන සභාපතිධුරය රාජපක්ෂවරයෙක්ට දෙයි" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත්කිරීමට අද රැස්වූ ශ්‍රීලනිප විධායක සභාව තීරණය කර ඇත." |
"වතු සේවක වර්ජනයක්" | " තම දෛනික වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා වතු සේවකයින් හෙට සිට වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. එම වැඩ වර්ජනයට දමිළ ප්‍රගතිශීලි සන්ධානය පුර්ණ සහයෝගය ලබාදෙන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පැවසීය. වතු සේවකයින් ගේ දෛනික වැටුප රු 1,700 දක්වා වැඩි කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විස... |
"විනාඩි දෙකක නිහඬතාවයක්" | "පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකර අද දිවයින පුරා සියලුම දේවස්ථානවල විනාඩි 2ක නිහඬතාවයක් පැවැත්විය.කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ අද පෙරවරු 8.45ට එලෙස විනාඩි දෙකක නිහඬතාවයක් පැවැත්වූ බවය." |
"දඹුල්ල බංග්ලාදේශය මිලදී ගනී" | "මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනස් වී තිබේ.ඒ අනුව ගියවර දඹුල්ල අවුරා ලෙස තරග වැදුණු දඹුල්ල කණ්ඩායම මෙවර තරග වදින්නේ දඹුල්ල තන්ඩර් නමිනි.බංග්ලාදේශ ව්‍යවසායකයින් දෙදෙනෙකු විසින් මෙවර දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය ලබාගෙන ඇත." |
"පාස්කු ප්‍රහාරයට අදට වසර පහයි" | "පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර පහක් සපිරේ.එය සිහිපත් කරමින් කොච්චිකඩේ සිද්ධස්ථානයේ සිට කටුවපිටිය දේවස්ථානය දක්වා යැදුම් පෙරහැරක් ඊයේ මධ්‍යම රාත්‍රීය පුරා වීථි සංචාරය කරනු ලැබීය.2019 වසරේ අප්‍රේල් 21 වැනිදා යෙදුණු පාස්කු ඉරුදිනයේ සහරාන් හෂීම් ප්‍රමුඛ මිලේච්ඡ අන්තවාදීන් කණ්ඩායම් දිවයිනේ ස්ථාන 08කදී මරාගෙන මැරෙන ප්... |
"මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ආරක්ෂක හමුදා නිලධාරීන් ඇතුළු පිරිස රඳවාගෙන ප්‍රශ්න කරයි" | "මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා ඇතුළු සිව්දෙනා ලබන 26 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) අවසර ලබාදී තිබේ.අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සමග නාවික හමුදාවේ ලුතිනන් කොමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු මුල්ලේරියාව පොලීසිය මගින් මෙලෙස අත්අඩංගුව... |
"කෝටි දෙකක කොකේන් සමග විදෙස් කාන්තාවෝ දෙදෙනෙක් අත්අඩංගුවට" | "සිය ශරීරය අභ්‍යන්තරයේ සඟවා මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ගිනි ජනරජයට අයත් වයස අවුරුදු 40 සහ 42 වියැති විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ... |
"ඉන්දීය මහ මැතිවරණයේදී ශ්‍රී ලාංකික කතක් ඡන්ද දෙයි" | "ඉන්දියාවේ සරණාගත කඳවුරක දිවි ගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් ඉන්දීය මහමැතිවරණය සඳහා සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.ඒ අනුව ඉන්දීය මැතිවරණයක් සඳහා ඡන්දය භාවිත කළ ශ්‍රී ලාංකික සරණාගතයින්ගේ පළමු වැනියා බවට 38 හැවිරිදි කේ.නාලනී පත්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.1986 වසරේ අප්‍රේල් මස ඉන්දියාවේ, තමිල්නාඩු මණ්ඩපම් හිදී කේ.නාලනී උ... |
"ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගයක් අතර ගිනි තබා ගැනීමක්" | "හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන මෑන්හැටන් අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකු ගිනි තබාගෙන තිබේ.විදෙස් වාර්තා සඳහන් කළේ ඔහු දියරයක් ඇඟට ගල්වා ගනිමින් මෙම ගිනිතබා ගැනීම සිදුකරගෙන ඇති බවය.ගිනි තබා ගැනීමට හේතුව කුමක්ද යන්න අපැහැදිලි බව පොලීසිය පවසා ඇත.ඩොනල්ඩ් ට්‍රම්ප් ජූරි සභාවට ඉදිරිපත් වන අවස්ථාවේද... |
"පාසල්හි නාට්‍ය පෙන්විය හැකි අයුරු" | "සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය නිර්දේශ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයෙන් නම්කර ඇති දේශීය නාට්‍යකරුවන්ගේ නාට්‍ය හැර අන් සියලු නාට්‍ය පාසල් කාල වේලාවේ නැරඹීමට සිසුන් සහභාගි නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් අධ්‍යාපන බලධාරීන්ට සහ විදුහල්පතිවරුන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ.පාසල් කාල වේලාවේ සහභාගි කරවිය යුත්තේ ද විෂ... |
"අද එළියට යන විට පරිස්සමින්" | "දිස්ත්‍රික්ක 4ක් හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයක් අද (20) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව නුවරඑළිය, මහනුවර, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්ක හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල උෂ්ණාධික කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව එම දෙපාර්තම... |
"ත්‍රිවිධ හමුදාවට පොදු සමා කාලයක්" | "නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා මෙම මස.20 වැනිදා සිට මැයි මස.20 වැනිදා දක්වා ප්‍රකාශයට පත්කරන ලද පොදු සමා කාලය නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින අධිකාරිලත් නිලධාරීන් සඳහා අදාල නොවන බව ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. 2023.12.31 දින හෝ ඊට පෙ... |
"බලවේග කට්ටල නැතිව දුම්රිය වාර රැසක් 25 දා තෙක් නවතී" | "දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය කටයුතු කොට ඇත. මෙසේ අවලංගු කිරීමට කටයුතු කොට ඇත්තේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් හා කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකකි. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 07.15 පාදුක්ක බලා ධාවනය වන දුම්රිය ද උදෑසන 07.02ට ක... |
"ඊශ්‍රායල් මිසයිල් ප්‍රහාරය ලොව කළඹයි" | "ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ආසියානු වෙළෙඳපොළෙහි අද දිනයේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා 3්‍රකින් වැවී ඇත.රන් මිල අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 2,400ක් ලෙසය. එසේම ජපානයේ, හොං කොං සහ දකුණු කොරිය... |
"සිරිල් ගාමිණී පියතුමන් CID එයි" | "පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට ඥානාර්ත ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණි පියතුමන් අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත. ,පාස්කු ප්‍රහාරයට අදාළව අවස්ථා ගත කරුණු ඔබ දන්නා බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් කරුණු විමසීමට අදහස් කර ඇති බව, අදාළ... |
"ඉරානයට ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාර" | "ඉරානයේ නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් ඉල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ප්‍රහාරය එල්ලවී ඇති ප්‍රාන්තයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති බවත් විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි." |
"ඉන්දීය මහ මැතිවරණය අද සිට" | "ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රථම අදියරේ ඡන්ද විමසීම අද ආරම්භවේ. ලෝකයේ දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය මෙය බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරයි.18 වැනි ලෝක් සභාව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කරගැනීම සඳහා අදියර හතකින් පැවැත්වෙන මෙවර ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා බිලියන 1.44ක් වන සමස්ත ඉන්දීය ජනගහනයෙන් ලියාපදිංචි වී... |
"ඉරාන ජනපති ශ්‍රී ලංකා සංචාරයට ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ විරෝධය" | "උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ නිල උත්සවයට සහභාගී වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරයට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විරෝධය පළ කර ඇත. එම විරෝධය කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇතැයි වාර්තාවේ. ඉරාන ජනාධිපතිවරයා මෙම මස 24වැනිදා මත්තල ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.ඉරා... |
"මියන්මාරයේ බේරාගත් පිරිස යළි දිවයිනට" | "මියන්මාරයේ මියාවඩි සයිබර් අපරාධ කලාපයෙන් මුදාගත් ශ්‍රී ලාංකිකයින් 08 දෙනා අද (18දා) මෙරටට පැමිණ ඇත.එම අට දෙනාට කාන්තාවන් 02කු ඇතුලත්ය." |
"පාරිසරික වැරදි කියන්න අංක මෙන්න" | "පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. පරිසරය විනාශ කිරීම් සම්බන්ධව වැටලීම් සිදුකිරීම සඳහා මහජනතාවගෙන් ලැබෙන තොරුතුරු ඉතා වැදගත් බැවින් පොලිස්පතිවරයා විසින් එම දුරකථන අංක හඳුන්වා දී තිබේ." |
""කළුතර,ඉසුරු උයනේ කාන්තා සිරුරු දෙකක්"" | "කළුතර , ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන ඇත.එලෙස මියගොස් ඇත්තේල අවුරුදු 65ක් හා 79ක් වූ කාන්තාවන් දෙදෙනෙකු බවට අනාවරණය වී තිබේ.එම කානු්තාවන් පදිංචි සිටි නිවස ආසන්නයෙන් දැඩි දුර්ගන්ධයක් හමන බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් කළුතර දකුණ පොලිස් ස්ථානයට පණිවුඩයක් ලැබී තිබ... |
"ඒඩ්ස් හිස ඔසවයි" | "පසුගිය වසර තුනක කාලය තුළ ලිංගාශ්‍රිත ආසාදිතයන් 1700ක් පමණ මෙරටින් හඳුනාගෙන ඇති බව ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ වැඩ බලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනක වේරගොඩ මහතා සඳහන් කරයි. මෙරටින් හමුවෙන එච් .අයි .වී ආසාදිතයන් සංඛ්‍යාව වසරෙන් වසර වර්ධනය වන බවද ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි." |
"ශ්‍රිපාදයේ තදබදයක්" | "සිංහල හිංදු අලුත් අවුරුද්ද නිමවිමෙන් පසුවද ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා මෙම දිනවල විශාල වශයෙන් වන්දනාකරුවන් පැමිනෙන බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය.මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ සිංහල හිංදු අලුත් අවුරුද්ද නිමවිමෙන් පසුවද මෙම දිනවල විශාල වශයෙන් ශ්‍රිපාදය ව... |
"මෛත්‍රිගේ වාරණය යළි දීර්ඝ කෙරේ" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය ලබන මස (මැයි) 09 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද(18) නියෝග කළේය." |
"කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් වාර්තා රැසක් පිහිටුවයි" | "දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගෙන තරගාවලිය සම විය එක් තරංගයක් වර්ෂාව නිසා අත්හිටුවීය. ඊයේ දිනයේ අවසන් වු තෙවන එක්දින තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුව... |
"අලුත් අවුරුද්දේ අවසන් නැකැත අද" | "සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍රවල අවසන් චාරිත්‍රය වන පැළ සිටුවීමේ චාරිත්‍රය අදට යෙදී තිබේ.අද පූර්වභාග 10.16ට යෙදී ඇති සුබ නැකතින් රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළසිටුවීම මැනවි බව අවුරුදු නැකැත් චාරිත්‍රයේ දැක්වේ." |
"අද කාලගුණය" | "බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ... |
"හිරුණිකාටත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා" | "මැයි මස 08 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබේ.ඒ, ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් ස... |
"පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව" | "හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලිසැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරුවී තිබේ.කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. එම්. ටී. බී. ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද කළුතර... |
"සිරිල් ගාමිණී පියතුමන් යළි CID කැඳවයි" | "සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මෙම මස 19 වැනිදා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත.පාස්කු ප්‍රහාරයට අදාළව කරුණු විමසීම සඳහා නැවත මෙලෙස සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ට කැඳවීමක් සිදුකර තිබේ.ඒ අනුව 19 වැනිදා සිකුරාදා උදෑසන 10ට CIDය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ." |
"ලිස්සන ගස කඩා වැටී හතරක් තුවාල ලබති" | "ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ලිස්සන ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. අලුත් අවුරුදු උත්සවය සඳහා නැකතට අනුව මුලින්ම සෑදූ ලිස්සන ගස මෙසේ කඩා වැටි ඇත." |
"ජන ගීය විකෘති කළ සුරාබදු නිලධාරියා රිමාන්ඩ්" | "ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ ගීතයක් විකෘති කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියා අද කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමෙන් පසු මෙම මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. රෝහණ බැද්දගේ මහතා විසින් රන්වල බළකාය සමග ගායනා කරනු ලබන අවුරුදු සමයේ නිරන්තරයෙන් විකාශය වන .සූර්ය මංගල්‍යය. ... |
"ශ්‍රීලනිපයට පිරිමි නායකත්වයක් ඕනෑ යැයි ඇමැති නිමල් සිරිපාල කියයි" | "ලෝකයේ කිසිදු රටක මේ වනවිට වමේ දේශපාලනයක් නොමැති බවත් එය හුදෙක් බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වී ඇති බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී අද පැවැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 108 වැනි ජන්ම දින සංවත්සර උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්ව... |
"දමිතා යළි රිමාන්ඩ්" | "විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මේ මස 24 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලක... |
"කොත්තු මුදලාලිට ඇප" | "කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ ආහාර මිලදී ගැනීමට පැමිණි විදේශිකයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යපාරිකයෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කර තිබේ." |
"මියන්මාරයේ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින්ට පොදු සමාවක්" | "මියන්මාරයේ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනාට එරට රජය විසින් පොදු සමාවක් ලබා දී ඇත. මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් මේ බව තහවුරු කර තිබේ. පසුගිය දෙසැම්බර් මාසයේ දී එම පිරිස මියන්මාර බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන්ට වසර 7ක සිරදඬුවමක් නියම කෙරිණි." |
"දමිතා උසාවි රැගෙන එයි" | "කොරියාවේ රැකියා ලබා දෙන බව පවසමින් මුල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මියව අද උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ." |
"බස් සහ දුම්රිය සුපුරුදු ධාවනයට" | "අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා ගිය මගී ජනතාවගේ පහසුව සඳහා අද බස් රථ වැඩි ධාරිතාවයකින් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමයන්ගේ සංගමය පවසයි.එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, දිවයින පුරා බස්රථ 9,000ක් යොදා ඇති බවය.අද සිට සමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකරන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ නිය... |
"ජන ගීය විකෘති කළ පුද්ගලයා අත්අඩංගුවට" | "ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ ගීතයක් විකෘති කළ බවට සැකකෙරෙන සුරාබදු නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.රෝහණ බැද්දගේ මහතා විසින් රන්වල බළකාය සමග ගායනා කරනු ලබන අවුරුදු සමයේ නිරන්තරයෙන් විකාශය වන ‘සූර්ය මංගල්‍යය’ ගීතය එලෙස විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇති බවට පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව ප... |
"සර්වෝදය නිර්මාතෘ ඒ.ටී ආරියරත්න දිවි සැරිය නිමා කරයි" | "සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ.ටී ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත.මියයන විට ඒ මහතා 93 වැනි වියේ පසු විය.කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබේ." |
"පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි" | "හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි.මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ." |
"අධිවේගයට අවුරුදු සරුවෙයි" | "2023 වසරට සාපේක්ෂව මෙවර 2024 අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 80කින් පමණ වර්ධනය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සුරියබණ්ඩාර මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මේ වසරේ අප්‍රේල් මස 10 වැනිදා සිට 15 වැනිදා දක්වා වු දින 06 තු... |
"ජයග්‍රහණය රැකගන්නැයි IMF වෙතින් උපදෙස්" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන ආරම්භයේ සිට ශ්‍රී ලංකාව දැඩි කැපවීමෙන් ලබාගත් ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින් ඒවා ඉදිරියට පවත්වාගෙන යාමට කැපවන්නැයි එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇත. වොෂින්ටන් හි පැවත්වෙන වසර මැද ස්ප්‍රිං සමුළුවට සහභාගී වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතු... |
"ගල්කිස්සේදී පුද්ගලයෙකු ඝාතනය කරයි" | " ගල්කිස්ස ප්‍රදේශයේදී අද අලුයම පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ බොරුපන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිය නිවස තුළ නිදාසිටියදී එම පුද්ගලයා මෙලෙස ඝාතනයට ලක්ව ඇත. පොලීසිය පවසන්නේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බවය." |
"සුනඛයින්ටත් පළමු පංතියේ ගුවන් සවාරියක්" | "සුරතල් සුනඛයින්ට පළමු පංතියේ ගුවන් ගමන් අත්දැකීමක් විඳීමට අවස්ථාව ලබා දීමට ඇමෙරිකාවේ සුනඛ සෙල්ලමි බඩු සමාගමක් වන බාර්ක් ( BARK) සමාගම පියවර ගෙන ඇත. ඒ සඳහා ප්‍රකට චාටර් ජෙට් ගුවන් සමාගමක් සමග එක්වීමට BARK සමාගම හවුල් වී තිබේ.එම පළමු ගුවන් ගමන මැයි මස 23 වැනිදා නිව්යෝක් නුවර සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව තම සුන... |
"සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබූ අය හඳුනාගනී" | "ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විකී සහබ් සහ සාගර් ශ්‍රීජෝගේන්ද්‍ර නමැති දෙදෙනෙකි. ගුජරාට් ප්‍රාන්තයේ භූජ් විහාරයක සැඟව සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඔවුන් කුප්‍රකට බ... |
"ඉරාන ජනාධිපති ශ්‍රී ලංකාවට" | "ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි මහතා ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. එම සංචාරයේදී ලබන 24 වනදා පැවැත්වීමට නියමිත උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට ඉරාන ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය." |
"දුම්රිය ගමන්වාර 11ක් අවලංගු වෙයි" | " අද උදෑසන කාර්යාල දුම්රිය ගමන්වාර 11ක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ රියදුරන් සහ නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු වී ඇති බවය. ඒ අනුව කොළඹ කොටුව සිට මොරටුව, පානදුර, වාද්දුව, මීගමුව, අඹේපුස්ස, පාදුක්ක සහ රාගම දක්වා සහ එම... |
"රාජ්‍ය අමාත්‍ය චාමර ගමන් කළ රථය ගිනි ගනී" | " රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් කළ රථය අද අලුයම හදිසි ගිනිගැනීමකට ලක්ව ඇත. බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍යවරයා ගමන්කළ රථය මෙලෙස එක්වරම ගිනි ගැනීමකට ලක්ව තිබේ. අද අලුයම 12.45ට පමණ මෙම සිදුවීම වී ඇත. ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නොමැත. බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි න... |
"ඡන්දෙට කලින් මන්ත්‍රීවරු “කාර් පර්මිට්” ඉල්ලති" | "මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් සහ රජයේ ප්‍රධානීන්ගෙන් පසුගියදා නැවත වරක් ඉල්ලීමක් කර තිබේ.මේ අනුව මෙම ගැටළුව පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී ... |
"වික්ටෝරියා ජලාශයට බිලි වූ ජීවිත තුන" | "වික්ටෝරියා ජලාශයේ දියේ ගිලීමෙන් මියගිය යුවළ බේරාගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ දියේ ගිලී මියගොස් ඇත.දිගන, කුඹුක්කඳුර ප්‍රදේශයෙන් වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය අඹුසැමි යුවළක් ද ඊයේ පස්වරුවේ දියේ ගිලී තිබුණි.එහිදී ඔවුන් බේරාගැනීම සඳහා ඉදිරිපත් වූ 30 හැවිරිදි වියේ පසුවූ ප්‍රදේශවාසියෙකුවූ මෙම පුද්ගලයා ද මෙලෙස ද... |
"ඉන්දියාවෙන් යළි ලොකු ලූණු" | "ශ්‍රී ලංකාවට ලොකු ලූණු අපනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් පනවා තිබු තහනම ඉවත් කර තිබේ.මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි ඒ අනුව ලොකු ලූණු මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා ආනයනය කිරීමට මෙමගින් අවසර ලබා දී තිබේ." |
"ඔස්ට්‍රේලියාවේ දේවස්ථානයක පිහි ඇනුමක්" | "ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දේවස්ථානයක් තුළදී පිහි ඇනුමක් සිදුව තිබේ.ඉන් බිෂොප්වරයෙක් සහ තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.දේවස්ථානයේ පැවති දේවමෙහෙයක් අතරතුරදී කළු ඇඳුමින් සැරසුණු අයෙකු පැමිණ එක්වරම මෙම පිහි ප්‍රහාරය එල්ලකර තිබේ." |
"අවුරුදු මාර්ග අනතුරු" | " ඉකුත් පැය 24 තුළ මාර්ග අනතුරු 08ක් වාර්තාවී ඇත. ඉන් මරණ 10ක් වාර්තා වී තිබේ. පොලීසිය සඳහන් කරන්නේ මෙම අනතුරු 8න් 05ක් සිදුවී ඇත්තේ මාර්ගයේ වාහන ලිස්සා යාමෙන් බවය. බොහෝ මාර්ග අනතුරු රියදුරන්ගේ නොසැලකිල්ල නිසා සිදුවන බව නිරීක්ෂණය වී තිබේ." |
"මැණික් ගැරූ සෙට් එකක් අධිකරණයට" | "මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, ඩනටා මාර්ගයේ අනවසරයෙන් මැණික් ගැරීමේ නිරතව සිටි වතු කම්කරුවන් සිව් දෙනෙක් මස්කෙළිය, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා මස්කෙළිය පොලීසියේ නිලධාරීන් එක්ව ඉකුත් 10 දා අළුයම කරන ලද වැටලීමකදී අත් අඩංගුවට ගෙන ඇත.මැණික් ගැරීමට උපයෝගී කර ගන්නා උදළු, අලවංගු හා මැණික් ගරන කූඩ සැකකරුවන් සමග ම... |
"හිස තෙල් ගෑමේ නැකත උදාවිය" | "සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ තවත් සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (15) පෙරවරු 10යි 17 ට යෙදී තිබුණි.ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත්‍ර යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි බව නැකැත් පත්‍රයේ සඳහන් වෙයි." |
"මතීෂ පතිරණගෙන් ඊයේත් සුපිරි පන්දු යැවීමක්" | "ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ඊයේ (14) පැවති තරගයෙන් ලකුණු 20ක ජයක් හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.එම තරගයේදී සුපිරි පන්දුයැවීමක නිරතවූ මතීෂ පතිරණ ලකුණු 28ක කඩුලු 4ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට සමත් වුණි.තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන... |
"උණුසුම් කාලගුණය ගැන අවවාදයක්" | "උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.බස්නාහිර හා වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන සඳහා අදාළ නිවේදනය නිකුත් කර ඇත.උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව එහි සඳහන්ව තිබේ.ඒ අනුව ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු... |
"ජන ගී විකෘති කිරීමට එරෙහිව පැල්පොළ විපස්සී හිමියෝ ද නැගී සිටිති" | "සෑම ජාතියක්ම තම සංස්කෘතිය ආරක්ෂා කළ යුතු බවත් එය විනාශ කිරීමට හෝ විකෘති කිරීමට උත්සාහා ගන්නා පුද්ගලයින්ට එරෙහිව දැඩි දඩුවම් ලබා දියයුතු බවත් පැල්පොළ විපස්සී ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අග්නිදිග ආසියානු කලාපයේ සංඝනායක පැල්පොළ විපස්සී නාහිමියෝ සඳහන් කරති. මුස්ලිම් ආගමට අපහාස කළ බවට චෝදනා එල්ල කරමින් බොදුබල සේනා සංවිධානයේ ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.