Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ත්‍රිවිධ හමුදාවට පොදු සමා කාළයක්" | " ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින්ට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ මේ මස 20 වැනිදා සිට මැයි මස 20 වැනිදා දක්වා මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර ඇති බවය" |
"දමිතාට සැමියාට රට යන්න තහනම්" | "රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගයක් නිකුත් කර ඇත. මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට චෝදනා එල්ලවී තිබේ." |
"කෙහෙළියට අදත් ඇප නෑ" | "බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප ඉල්ලා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට කොළඹ මහාධිකරණය අද (03දා) නියම කරනු ලැබීය." |
"තායිවාන කම්පනයෙන් ජපානයට සුනාමියක්" | " තායිවානයේ නැගෙනහිර ප්‍රදේශයට රික්ටර් මාපාංක 7.4ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. මේ හේතුවෙන් දකුණු ජපානයේ සහ පිලිපීනයේ ඇතැම් ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර ජපානයේ මියාකොජිමා දූපත ඇතුළු කලාපයේ ජපන් දූපත් සඳහා මීටර් තුනක් පමණ උස සුනාමි රළ පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. පසුව එම අනතුරු ඇඟවීම් වල ප්... |
"ඉනිමක ජය වැළකේ" | "බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි ඉනිම ලකුණු 318කට සීමා කරමිනි. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 531ක් රැස්කළේය. ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම රැස්කළේ ලකුණු 178ක් පමණි. කෙසේවෙතත් බංග... |
"හංසනීගෙන් නව වාර්තාවක්" | "තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත්විය. හංසනී ගෝමස් ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 76ක බරක් ඔසවමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත්වු අතර මෙය ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් වේ." |
"රුමේනියා රැකියා සිහින පෙන්වූ කත රිමාන්ඩ්" | "රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 08කට වැඩි මුදලක් වංචා කළ බව කියන සැකකාරියක් අප්‍රේල් 8 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාළිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා නියම කර තිබේ.මාළිගාවත්ත – ලක්විරු සෙවන නිවාස සංකීර්ණයේ සැඟවී සිටි කාන්තාවක්ව පසුගිය දා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන... |
"අද කාලගුණය" | "බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල අද පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය." |
"සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය අත්හිටුවයි" | "සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සති 03කට අත්හිටුවීමට තීරණය කර ඇත.සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් හෙවත් ප්‍රවාහන හා නිර්බාධක දීමනාවට සමාන්තර දීමනාවක් තමන්ටද ලබා දෙන බවට සෞඛ්‍ය අමාත්‍යංශය ලිඛිතව දැනුම් දීම නිසා මෙම තීරණය ගත් බව ය. මැයි මාසයේ... |
"සේනක බටගොඩට ගීත 07ක වාරණයක්" | "ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට ඔහු ගායනා කළ ගීත 7ක් මින් ඉදිරියට ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද වාරණයක් නිකුත් කළේය. අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් යන ගීත 7 ගායනය කිරීම වළක්වමින් එලෙස වාරණ නියෝගය නිකුත් කර ඇත. ඒකා... |
"කථිකයෝ නැතිව පාර්ලිමේන්තුව අත්හිටුවයි" | "බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී අදහස් දැක්වීමට නම් කෙරුණු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයේ නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 4 දක්වා කල්තැබීය. විවාදයේදී අදහස් දැක්වීමට නියෝජ්‍ය කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකුගේද ආණ්ඩ... |
"ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ඉවතට" | " බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කර ඇත. ඥානසාර හිමියන්ට සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතාම විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. දැනට නියම කර තිබෙන වසර හතරක සිරදඬුවමට එරෙහිව අභි... |
"වාහන ආනයනයට ලැබුණු කැබිනට් අනුමැතිය" | "සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එම වාහන ආනයනය සඳහා විශේෂ බදු සහන හිමි නොවෙයි. ඒ අනුව විශේෂයෙන්ම සංචාරකයන් ප්‍රවාහනය කිරීම... |
"අරගලයේ විදෙස් බලපෑම් හොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලයි" | "පසුගිය අරගල සමයේදී සිදුවූ බවට සැක කෙරෙන දෙස් විදෙස් කුමන්ත්‍රණ පිළිබඳ සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය. එහිදී මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ එම තේරිම් කාරක සභාවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක් කරන ලෙසය. එමෙන්ම අරගල සමයේදී සිද... |
"බංග්ලාදේශයට ලොකු ඉලක්කයක්" | "ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේ සිව් වැනි දිනය වන අද ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබා සිටියදී අත්හිටුවීය. ඒ අනුව මෙම තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 511ක් ලබාගත යුතුය. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56ක් ලබාගත්තේය. තරගයේ පළමුව පන්දුවට පහරදුන... |
"අල්ලස් හෝ දූෂණ නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්" | "අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී.විජේරත්න මහතා පත් කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුව මෙම පත්කිරීම කර තිබේ." |
"පොලිස්පතිට එරෙහි පෙත්සම් සලකා බලයි" | "පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලේ. කාදිනල් මැල්කම් ... |
"දිනේෂ් චන්දිමාල් ගෙදර එයි" | "බංග්ලාදේශයට එරෙහිව දෙවැනි ටෙස්ට් තරඟයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවෙකු වන දිනේෂ් චන්දිමාල් තරඟයෙන් ඉවත්ව නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඔහුගේ පවුලේ සාමාජිකයෙකු හදිසි වෛද්‍ය අවශ්‍යතාවයක් හේතුවෙන් ඔහුට තරඟයෙන් ඉවත්වීමට අනුමැතිය දුන් බවද ශ... |
"අදත් හවසට වැස්ස" | "බස්නාහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වයඹ සහ මධ්‍යම පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ... |
"ඇහැලේපොළ වලව්ව දළදා මාලිගාවට" | "ඇහැලේපොළ වලව්ව හා ඊට අයත් භූමිය පූජා ඔප්පුවක් මගින් දළදා මාලිගාව වෙත පවරාදීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඇහැලේපොළ පවුල ප්‍රමුඛ කර ගනිමින් වසර සිය ගණනකට එපිට පැවති මහනුවර රාජධානිය ශ්‍රී විභූතිය හා එම පරිසරයේ පසුබිම නිරූපණය වන අයුරින් මෙම ගොඩනැගිල... |
"පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා" | "පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන හතරක් පමණ වන අතර වැඩිවියට පත් ශිෂ්‍යාවන් මිලියන 1.2 ක් පමණ සිටින බව ගණනය කර තිබේ. එම ශිෂ්‍යාවන් අතුරින් අති දුෂ්කර පාසල් ,දුෂ්කර පාසල්, හුදෙකලා පාසල් ,වතු පාසල් හා දරිද්‍රතා සිසු සිදුවියන් සහිත නාගරික ... |
"ලාෆ් ගෑස් මිලත් අඩු කරයි" | "අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ද පහත දැමීමට ලාෆ් ගෑස් සමාගම තීරණය කර ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 625කින් අඩුකරයි.එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,111කි.එසේම කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 248කින් පහළ දැමීමට තීරණය කර ඇත. එහි නව මිල ... |
"බංග්ලාදේශය 178 දැවී යයි" | "දෙවන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයේ ලකුණු 178කට සියලුදෙනා දැවී ගියේය.එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු පන්දුවාර 10යි පන්දු 4කදී ලකුණු 34කට කඩුලු 4ක් දවාගත්තේය.ළහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්විය.ඒ අනුව බංග්ලාදේශ කණ්ඩාය... |
"ඩාලි නැවේ විෂ අපද්‍රව්‍ය තිබිලා" | "අමෙරිකාවේ බැල්ටිමෝර්හි පාලමක ගැටී අනතුරට පත් ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් පැවැති ඩාලි බහාලුම් ප්‍රවාහන නෞකාව තුළ විෂ සහිත අපද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් පැවති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.ඔවුන්ට අනුව එහි තිබී ඇති අපද්‍රව්‍ය තොගයේ බර ටොන් 746කි. අමෙරිකාවේ බැල්ටිමෝර්හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටී අනතුරට ලක්වූ ද ඩ... |
"ශ්‍රීලනිපයට වාරණයක්" | "දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් පසුගිය සෙනසුරාදා (30) ඉවත්කර තිබුණි." |
"ගෑස් මිල අඩු කරයි" | "අප්‍රේල් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර ඇතැයි එම සමාගමේ සභාපති, මුදිත පීරිස් මහතා පැවසීය.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමා ඇත. එහි නව මිල 4,115කි.කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර තිබේ. එහි නව මිල රුපියල් 1,652කි.කිලෝග්‍රෑම් 2.3ක... |
"සජිත්ගේ ගුරු ගැටළුවට සුසිල් දුන් උත්තරය" | "බස්නාහිර පළාතේ ගුරු විභාගයෙන් උපාධිධාරීන් 2,400ක පිරිසක් මේ වනවිට තෝරාගෙන අවසන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උපාධිධාරී ගුරු පත්වීම් සම්බන්ධයෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ගුරු විභාගය සමත් ඉතිරි පිරිස සම්බන්ධ... |
"මියන්මාරයේ ශ්‍රී ලාංකිකයන් ගැන මැතිසබේ කථා බහ" | "මියන්මාර් රැකියාවලට ගොස් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර කුමක්දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.එම ශ්‍රී ලාංකිකයන් මාස හතරකට වඩා වැඩි කාලයක් තිස්සේ විවිධ වදහිංසාවලට ලක් වෙමින් සිටින බව කී කිරිඇල්ල මහතා මේ සම්බන්ධයෙන් රජය වහාම... |
"පාස්පෝට් නඩුවෙන් විමල් නිදහස්" | "විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිතා කිරීම සම්බන්ධ නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කොට තිබේ.ඒ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් මතය." |
"අස්වැසුම සිංහල අවුරුද්දට පෙර" | "දිස්ත්‍රික්ක 4ක මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියලුදෙනාට සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමග ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.ඒ අනුව කෑගල්ල , නුවරඑළිය , බදුල්ල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක 04 හි අස්වැසුම ප්‍රතිලාභ යටතේ රු. 2,500 දීමනාව මෙලෙස ලබාදීමට නියමිතය." |
"අද සිට අක්කර 500ක කීරි සම්බා වගා කරයි" | "බිත්තර වී ලබා ගැනීමේ අරමුණින් අම්බලන්තොට, වීරකැටිය සහ තංගල්ල ප්‍රදේශවල අක්කර 500ක කීරි සම්බා හෙවත් BG 360 වී ප්‍රභේදය වගා කිරීමේ නියාමණ ව්‍යාපෘතිය අද සිට ආරම්භ වීමට නියමිතය.යල කන්නයේ කීරි සම්බා වගාව ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය බීජ වී ගොවීන් වෙත නොමිලයේ බෙදා දීම ඉකුත් 29 වැනිදා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද... |
"ජනපති සටනට ශ්‍රීලනිපයේ කැමැත්ත රාජපක්ෂ කෙනෙක්ට" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය බාර ගන්නැයි එම පක්ෂයේ විධායක සභිකයෝ සහ ආසන සංවිධායකයෝ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. පක්ෂයේ විධායක සභිකයන්ගේ සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී ඉකුත්... |
"අද කාලගුණය" | "බස්නාහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල අද පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.වයඹ සහ මධ්‍යම පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ... |
"අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්" | "අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇත.ඒ අනුව රුපියල් 447ක් වන පෙට්‍රල් 95 වර්ගය ලීටරයක මිල රුපියල් 07කින් අඩුවේ.නව මිල රුපියල් 440කි. රුපියල් 458ක් වන සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් අඩුවේ.නව මිල රුපියල් 386කි.රුපියල් 257ක් වන භූමිතෙල් ලීටරයක මිල රුපියල් 12කින් අඩුවේ.නව ම... |
"ශ්‍රී ලංකාව 531යි" | "බංග්ලාදේශයට එරෙහිව චැතෝග්‍රෑම්හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 531ක් රැස්කරගත්තේය. එහිදී කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් රැස්කරගැනීමට සමත් විය.කුසල් මෙන්ඩිස් ලකුණු 93ක්, දිමුත් කරුණාරත්න ලකුණු 86ක්, ධනංජය ද සිල්වා ලකුණු 70ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 59ක්, නි... |
"නුවරඑළිය හෝටලයක ගින්නක්" | "නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන හෝටලයක අද දහවල් ගින්නක් හටගෙන තිබේ. ඉන් මුළුතැන්ගෙය මුළුමනින්ම විනාශ වී ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි. ප්‍රධාන වීදීයේ ප්‍රධාන හෝටලයක් තුළ මෙම ගින්න හටගෙන තිබේ. ගින්නට හේතුව ගෑස් කාන්දු වීමක් බව මූලික පරීක්ෂණවලින් අනාවරණය කර ගැනීමට හැකිවූ බවද නුවරඑළිය පොලිසිය සඳහන් කරයි. ගින්න ඇතිවී ... |
"සූදු පොළ වටලද්දී පොලිස් ගිනි අවියක් පත්තුවේ" | "තිස්සමහාරාම රන්මිණිතැන්න ප්‍රදේශයේ සූදු පොලක් වැටලීමට ගිය අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙකු හා සිදු වු පොර බැදිමක් අතරතුර පොලිස් නිළධාරීයෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වී අද අළුයම 12.30ට පමණ පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රථිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කල බව තිස්සමහාරාම පොලිසිය පවසයි.මෙලෙස පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ල... |
"කිඹුලා ඩැහැගෙන ගිය කත මරුට" | " මීගලෑව පොලිස් වසමේ කලංකුට්ටිව ඇලේ දිය නාමින් සිටි කාන්තාවක්ව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් යාමෙන් තුවාල ලබා මරණයට පත්ව තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ ලීකොළවැව උස්ගලසියඹලංගමුව ප්‍රදේශයේ පදිංචි ව සිටි 66 හැවිරිදි කාන්තාවකි. එම කාන්තාව ඉකුත් 29 වැනිදා සවස ඇලේ දියනෑමට ගිය අවස්ථාවේ එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි. ප්‍රද... |
"ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමේ බදු අඩු කරයි" | "ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ රැසක වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද හෙවත් ,පැල්, අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ. මාර්තු මස 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 10ක් වූ පැල් බද්ද සියයට 6 දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකා – සිංග... |
"අවුරුද්දට බිත්තර මිල අඩුවෙනවාලු" | "දේශීය බිත්තරයක මිල අප්‍රේල් මාසයේ රුපියල් 35 ට ගෙන ඒමට නියමිත යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.දෛනික දේශීය කුකුළු බිත්තර නිෂ්පාදනය සමස්ත දෛනික අවශ්‍යතාවය ඉක්මවා ගොස් ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.සාමාන්‍යයෙන් මෙරට දෛනික බිත්තර අවශ්‍යතාවය බිත්තර ලක්ෂ 65කි. දැනටමත් දේශීය කුකුළු ගොවිපොල... |
"අද හවසට වැස්ස" | "බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල අද ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ප.ව. 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.සබරගමුව සහ ... |
"පූර්ණ සූර්යග්‍රහණයක්" | "අප්‍රේල් මස 8 වැනිදා සඳුදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවීමට නියමිත බව අමෙරිකාවේ නාසා ආයතනය පවසයි.මෙය 2024 වසරේ පළමු පූර්ණ සූර්ය ග්‍රහණය වෙයි.මෙක්සිකෝව, කැනඩාව සහ අමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල වැසියන්ට එම සූර්ය ග්‍රහණය හොඳින් දැකබලා ගැනීමට අවස්ථාව හිමි වෙයි.නාසා වාර්තා අනුව මීළඟ පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවන්නේ 2044 වසරේදීය.... |
"පොහොට්ටුවෙන් ගිය අයට නාමල්ගෙන් ආරාධනාවක්" | "පක්ෂයෙන් වෙන්න ගිය සියලු දෙනාට නැවත එක්වන ලෙස ආරාධනා කරන බවත් එකට එක්වී සාකච්ඡා කර වමේ දේශපාලනය ශක්තිමත් කරමු යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නව ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද ඉල්ලා සිටියේය.ඔහු එම ඉල්ලීම කළේ හම්බන්තොට නගරයේ අද පැවැති සටන අරඹමු හම්බන්තොටින් තේමාව යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමු... |
"ශ්‍රී ලංකාව පළමු දිනයේදී 314/4" | "ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අද (30) බංග්ලාදේශයේ චට්ටෝග්‍රෑම් හිදී ආරම්භ වුණි.කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.ඒ අනුව අද දිනට තරගය නතර කරන විට කඩුලු 04ක් බිඳවැටී ලකුණු 314ක් රැස් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. නිශාන් මධුෂ්ක 57, දිමුත් කරුණාරත්... |
"ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ මුහුණු තුනක් ගැලවේ" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කළ දුමින්ද දිසානායක මහතා වෙනුවට මහියංගනය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන මහතා පත්කර තිබේ.එසේම භාණ්ඩාගාරික ධුරයෙන් ඉවත් කළ ලසන්ත අලගියවන්න මහතා වෙනුවට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතා පත්කර ඇත. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර ... |
"මැතිවරණ සිතියම අගෝස්තු තෙක් අකුලයි" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමති මණ්ඩලය හා මැතිවරණ කොමිසම දැනුම්වත් කර තිබේ.රට ආර්ථික වශයෙන් ඉදිරියට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ... |
"කඩා වැටුණු පාලමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන ගණනක්" | "අමෙරිකාවේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීමෙන් සිදුවූ අලාභහානි වෙනුවෙන් ගෙවිය යුතු රක්ෂණ වන්දිය ඇමෙරිකානු ඩොලර් බිලියන 03 ඉක්මවිය හැකි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පාලම කඩා වැටීමෙන් පසු සුන්බුන් ඉවත් කිරීම සඳහා නැගෙනහිර එක්සත් ජනපද මුහුදු තීරයේ තිබෙන විශාලතම දොඹකරය බැල්ටිමෝර් වෙත ගෙන්වා තිබේ.විදෙස් වාර්තා සඳහන් කළේ... |
"අද කාලගුණය" | "බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරුමැද, ඌව සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසුවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කව... |
"ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට" | "වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වී බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇත. ඥානසාර හිමිගේ සුවදුක් බැලීමට පැමිණි රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ මේ බව සඳහන් කළහ." |
"කාන්තාවන් ගල් ගසා මරා දැමීම යළි අරඹයි" | "අනාචාරයේ හැසිරෙන කාන්තාවන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරණයට පත්කිරීමේ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඒ සම්බන්ධයෙන් තලෙයිබාන් උත්තරීතර නායක මුල්ලා හිබතුල්ලා අකුන්සාදා විසින් නිල නිවේදනයක් නිකුත් කර ඇති බව ද සඳහන් කරයි." |
"කැනඩාවේ සය පුද්ගල ඝාතකයා අධිකරණය හමුවට" | "ඉකුත් මාර්තු 06වැනිදා මුළු මහත් කැනඩාවම කම්පාවට පත් කළ එකම පවුලේ ශ්‍රී ලාංකීය මවක් හා ඇයගේ දරුවන් සිවුදෙනා ඇතුළු හය දෙනෙකු පිහි ඇණුම් ප්‍රහාරයකින් මරණයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලාංකීය සිසුවෙකු වන 19 හැවිරිදි ෆේබ්‍රියෝ ඩි සොයිසා ඊයේ කැනඩාවේ ඔටාවා නගරයේ අධිකරණය හමුවේ දුරකථ... |
"සිරකරුවන් දෙදෙනෙක් පලා යති" | "අනුරාධපුර එළිමහන් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දෙදෙනෙකු පළා ගොස් ඇත. එළිමහන් සිරකඳවුරේ ආපන ශාලාවේ සේවය කළ රැඳවියන් දෙදෙනකු අද දහවල් මෙලෙස පළාගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා සඳහන් කළේය. ඉන් එක් අයෙකු අනුරාධපුර ශ්‍රාවස්තිපුර පදිංචිකරුවෙකු වන අතර අනෙක් රැඳවියා කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බ... |
"සිරිපා වදින්න ආ විදේශිකයෙක් ප්‍රපාතයකට වැටෙයි" | "රත්නපුර – ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට අද අලුයම විදෙස් ජාතිකයෙක් ඇද වැටී තුවාල ලබා ඇත. මෙසේ තුවාල ලබා ඇත්තේ ඉන්දියාවේ මුම්බායි මහාරාෂ්ට්‍ර හි පදිංචි භාරත් චන්ද්‍රදාස් නැමති 25 හැවිරිදි තරුණයෙකි. තුවාලකරු තවත් පිරිසක් සමග රත්නපුර – ශ්‍රී පාද මාර්ගය ඔස්සේ ශ්‍රී පාද උඩමළු... |
"කෝටි 11ක වාහන හා දේපල තහනම් කරයි" | "නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය රුපියල් ලක්ෂ 1,103ක් හෙවත් රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි. තහනම් කළ දේපළ අතරට ලොරි රථයක්, වෑන් රථයක්, ත්‍රීරෝද දෙකක්, යතුරු පැදිය 9ක්, බැකෝ යන්ත්‍රයක් ,බහුදින ධීවර යාත්‍රා තුනක්,කෝටි පහකට අධික වටිනාකමින් යුත් ... |
"‘ක්‍රිප්ටෝ රජු’ වසර 25ක් හිරගෙට" | "ඇමෙරිකන් බිලියනපති වූ ව්‍යාපාරික, සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඞ් ට වසර 25 ක සිරදඬුවමක් නියම විය. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව්යෝක් අධිකරණය හමුවේ වරදකරු වීමෙනි. 31 හැවිරිදි සෑම් බෑන්ක්මන් ‘ක්‍රිප්ටෝ රජු’ ලෙස ද හැඳින්වෙයි. ‘ක්‍රිප්ටෝ කරන්සි’ ඩිජිටල් මුදල් ගනුදෙනු හරහා සෑම් බෑන්ක්මන් සිය සේවාදාය... |
"මුහුදුබඩ දුම්රිය ප්‍රමාදයක්" | " අද සිට 31 වැනිදා දක්වා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වැල්ලවත්ත සහ කොටුව අතර දුම්රිය ධාවනය එක් මන්තීරුවකට සීමා කිරීම මීට හේතුවී ඇත. නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර ඇති නල මාර්ගයක සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙ... |
"දේවස්ථාන වෙත අද විශේෂ ආරක්ෂාවක්" | "ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලොව පුරා කිතුනු බැතිමතුන් අද (29) සමරනු ලබයි.අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමය තුළ යැදුම්, උපවාස, පුණ්‍ය ක්‍රියා සිදුකරමින් එය භක්තියෙන් මෙනෙහි කරනු ලබන කිතුනු බැතිමතුන් අද දිනයේදී දෙව් මැදුරුවල පැවැත්වෙන සුවිශේෂී දේව මෙහෙයන්ට එක්... |
"ද.අප්‍රිකාවේ දරුණු රිය අනතුරක්" | "පාස්කු දේවමෙහෙයක් සඳහා සහභාගීවීමේ අරමුණින් ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් දකුණු අප්‍රිකාවේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් තිබේ.ඊසාන දිග ලිම්පෝපෝ කලාපයේ මොරියා නගරයේ පැවැත්වෙන දේවමෙහෙය සඳහා සහභාගීවීමට අදාළ පිරිස ගැබරොන් සිට ගමන් කර ඇති බව වාර්තා විය.බස් රථයේ වේගය පාලනය කරගත නොහැකි... |
"අද කාලගුණය" | "අද සවස 2න් පමණ පසු බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඌව සහ වයඹ පළාත්වලත් ස්ථාන ස්වල්පයක ප.ව. 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට ම... |
"මෛත්‍රීට උසාවි නියෝගයක්" | "පාස්කු දින ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රේල් මස 4 වැනිදා ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද නියෝග කර තිබේ.නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද එම අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝග... |
"කෙහෙළිය ඇතුළු පිරිස යළි රිමාන්ඩ්" | "ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.අද ඔවුන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත." |
"අල්ලස් කොමිසමෙන් කබ්රාල්ට නඩු" | "2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට රුපියල් කෝටි එකසිය අසූහතරකට අධික මුදලක් (රුපියල් 1,843 267,595ක් ) පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ නඩු... |
"ටයර් කඩයක ගින්නක්" | "ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක මේ වන විට ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් ගිනි නිවීමේ රථ 5ක් යොදවා ඇතැයි පොලිසිය පවසයි." |
"පුද්ගලයකුගේ අවම මාසික වියදම" | "ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තා වල සඳහන් වෙයි. මෙම රුපියල් 17,014 ක වියදම රටටම බලපාන පරිදි සාමාන්‍ය අගයක් ලෙස ප්‍රකාශ කළ බව පවසන එම දෙපාර්තමේන්තුව එය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් ව... |
"ලුණුගම්වෙහෙර ‘ඉබ්බා’ කපා කොටා ඝාතනය කරලා" | "ලුණුගම්වෙහෙර ධීවර ගම්මානයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු අද අළුයම 01.30ට පමණ කපා කොටා ඝාතනය කර ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය පවසයි.මෙලෙස ඝාතනය කර ඇත්තේ ලුණුගම්වෙහෙර ධීවර ගම්මානයේ පදිංචි කැළුම් තුෂාර හෙවත් ඉබ්බා නැමති අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන 32 හැවිරිදි පුද්ගලයෙකි.මියගිය පුද්ගලයා ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයෙකු හා ... |
"මුලතිව් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී රිය අනතුරකින් මරුට" | "මුලතිව් දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා මාරක රිය අනතුරකට ලක්වී ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුර සිදුවී ඇත්තේ ඊයේ සවස වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදීය. වවුනියාව දෙස සිට යාපනය දෙසට ගමන්ගත් ටිපර් රථයක්ල මුලතිව් සිට වවුනියාව දක්වා සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා ගමන්ගත් කැබ් රථයේ ගැටී ඇති බව පොලිසිය පවසයි. අනතුරින් බරපතළ... |
"සහල් හා ලූනු බදු අඩු කළ හැටි" | " සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අප්‍රේල් 03 වැනිදා දක්වා රුපියලක් දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.මෙම වෙළෙඳ බද්ද අදාල වන්නේ දැනට ආනයනය කර නිදහස්කර නොගත් වරායේ ඇති සහල් සඳහා පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ලොකු ලූනු (රෝස ලූනු) ආනයනය සඳහා ද එම බද්ද 20... |
"පොහොට්ටුවේ පොඩි දෙදෙනෙක් පොඩි ගැටුමක" | "කතරගම නගරයේ මැද වීදියේ වෙළද සැලක් අසලදි කතරගම ප්‍රාදේශීය සභාවේ එකම පක්ෂයේ හිටපු සභාපති වරයා හා මංත්‍රි වරයෙකු අතර ඇති වු බහින් බස්විමක් දුර දිගයාමෙන් ගුටිබැට හුවමාරුවක් සිදුව ඇතැයි කතරගම පොලිසිය පවසයි.මෙලෙස කතරගම නගරයේ වෙළද සැළක් අසලදි ගුටිබැට හුවමාරුව සිදුව ඇත්තේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙ කතරගම ප්‍රාදේශීය සභාවේ හිටප... |
"පාඨලිත් ජනපති සටනට" | " ඉදිරියේදී නිර්මාණය කරනු ලබන නව සන්ධානය යටතේ ජනාධිපති මැතිවරණයේ අපේක්ෂකත්වය තමන්ට ලබාදුනහොත් එය ප්‍රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි. ඔහු පවසන්නේ රට ගොඩනැගීමේ අරමුණින් දේශපාලන පක්ෂ සමග නව සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවය." |
"ඥානසාර හිමිට සිරදඩුවම්" | " ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් අද නියම කළේය. ඥානසාර හිමිවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමින් මෙලෙස දඩුවම් නියම විය. 2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහ... |
"තෑගි පෙන්වා තොරතුරු ගනී" | "උත්සව සමය තුළ ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් සමාජ මාධ්‍ය යෙදවුම් හරහා පුද්ගලයන්ගේ තොරතුරු ලබාගැනීමේ සිදුවීම් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක ධම්මපොල මහතා සඳහන් කළේ නොමිලේ ත්‍යාග හිමිවන බවට පවසමින් ජංගම දුරකථනවලට කෙටි පණිවුඩ යොමුකරමින් අදා... |
"අද කාලගුණය" | "අද බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකිය.නැගෙනහිර පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ද සදහන් කරයි." |
"බොරැල්ලේ සිට මරදානට මාර්ග තදබදයක්" | "වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් බොරැල්ලේ සිට මරදාන දක්වා මාර්ගයේ රථවාහන ඇති වී තිබේ." |
"නාමල් ජාතික සංවිධායක ධුරයට" | "ශ් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර ඇත.එම පක්ෂයේ විධායක කමිටු රැස්වීම අද (27දා) පස්වරුවේ කොළඹ විජේරාම මාවතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්වූ අතර මෙම පත් කිරීම සිදු කර තිබේ." |
"රෑට දඩ ගෙවන්න තැපැල් මෙන්න" | "රාත්‍රී කාලයේදී රථවාහන දඩ පත් ගෙවීමේ සඳහා රාත්‍රී සේවා සහිත තැපැල් කාර්යාල මගින් පහසුකම ලබා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටී. ඒ අනුව රථ වාහන දඩ පත්‍රිකා රාත්‍රී කාලයේදී ගෙවීමට පහසුකම් සලසා ඇති තැපැල් කාර්යාල ලේඛනය තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී. සත් කුමාර මහතා විසින් නිකුත් කර ඇත." |
"නාගමුවලා යළි රිමාන්ඩ්" | "ජන අරගල ව්‍යාපාරය විසින් පසුගිය 20දා කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගැනුණු දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි අප්‍රේල් මස 03 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය. ඒ සැකකරුවන් අද (27) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය." |
"තැඹිලි ආදර්ශ ගම්මානය හෝමාගම" | " කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් දිවයිනේ ගම්මාන 85ක් අපනයනය ඉළක්ක කරමින් තැඹිලි වගා ආදර්ශ ගම්මාන ලෙස තැඹිලි වගා කිරීම සඳහා තෝරාගෙන ඇත. මෙම ගම්මාන 85 තුළ මෙම වසරේ දී තැඹිලි පැළ 50ල000ක් රෝපණය කිරීමට නියමිත අතර කොළඹ දිස්ත්‍රික්කයේ පළමු තැඹිලි වගා ආදර්ශ ගම්මානය ලෙස හෝමාගම දාම්පේ ගම තෝරාගෙන තිබේ. ඒ අනුව දාම... |
"පොලිසියට ගැසූ 04ක් කඩු සහ කුඩු සමග අත්අඩංගුවට" | " පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී නිල ඇඳුම් ඉරා දමා පලායාමට සූදානම් වූ පුද්ගලයින් සිව් දෙනකු කඩු පොලු සමග අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි 19, 27, 28 සහ 29 හැවිරිදි පුද්ගලයින් බව පොලිසිය කියයි. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (26) රාත්‍රී අලුත්ගම දර්ගා නගරය ප්‍රදේ... |
"මාවුස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම තවත් බසී" | "මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙන් ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවති.ඒ අනුව අද (27) පෙරවරු 06වන විට මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ සිට පිලිවෙළින් අඩි 31 ක් හා අඩි 26 ක් වශයෙන් පහත බැස ඇති බ... |
"මිනුවන්ගොඩ කලවාන පාලම ලඟ අමුතු බෝම්බයක්" | " විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් හා යුද හමුදාවේ භාවිතා කරන ලද කෑම මල්ලක් මිනුවන්ගොඩ කලවාන පාලම අසල කුඩා ඇලක වැලිතලාවක තිබී ඊයේ (26) සවස සොයා ගැනීමට පොලිසියට හැකිවී ඇත." |
"දකුණු ආසියාවේ ලොකුම මාතෘ රෝහල ජනපති විවෘත කරයි" | "දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන කරාපිටියේ ඉදිකළ ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27දා) පෙරවරැවේ විවෘත කරනු ලැබීය. මහල් හයකින් යුක්ත මෙම රෝහල ඇඳන් 640කින් ශල්‍යාගාර 06කින් සමන්විත අතර හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු... |
"පාතාල මුතුවාට වෙඩි ප්‍රහාර" | "සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන මනෝජ් මුතු කුමාරණ නොහොත් ,මුතුවා, නැමැත්තාට අයත් අතුරුගිරිය ගල්වරුසාව පාර ප්‍රදේශයේ පිහිටි නිවසට අද (27) දින අළුයම වෙඩි ප්‍රහාර අටක් පමණ සිදු කර ඇති බව නවගමුව පොලිසිය කියා සිටී. මුතුවා නැමැත්තා විදේශගතව සිටින අතර එම වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුට හානි සිදුව නොමැති බවත් නිවසේ දොර ජනෙල් සහ බි... |
"සවස කාලගුණය ගැන අනාවැකියක්" | "දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (27දා) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේහවලට සවස 02න් පසු වැසි ඇති වනු ඇත. බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති වන බව ද කාලගුන විද්... |
"පොලිසියේ වෙඩිල්ලට ජාවාරම්කරු බිලි" | "ජංගම දුරකථන අඩු මුදලට විකුණන ජාවාරම්කාර කණ්ඩායමක් සහ ඒවා මිලදී ගැනීමට මෝටර් රථයකින් පැමිණි හතර දෙනෙකුට කඩුවලින් පහර දෙන බවට පොලිසියට ලද තොරතුරක් අනුව නාරම්මල වේරගල ප්‍රදේශයට පැමිණි පොලිසියට සොරු කණ්ඩායම විසින් පහර දීමට ගිය අවස්ථාවේදී සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මිය ගොස් ඇත.සමාජ මාධ්‍යයේ පළකර තිබූ දැන්වීමකට අන... |
"අයියෝ සාමී වෙනුවෙන් වින්ඩිට ජගත් සම්මානයක්" | " ශ්‍රී ලංකික ද්‍රවිඩ ගීතයක්වන ,අයියෝ සාමී, ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වැනි එඩිසන් සම්මාන උළෙලේදී 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට හිමි සම්මානය දිනාගෙන තිබේ. මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට ගීත ඇගයීම සඳහා පසුගියදා ඉන්දියාවේ පැවැත්වුණි. සම්මාන උළෙල සඳහා ගීතය රචනා... |
"චීනය හා ශ්‍රී ලංකාව ගිවිසුම් 09ක් අත්සන් කරයි" | "චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තබා තිබේ.චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම් අත්සන් කර ඇති බව සඳහන්ය.චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් තියන්මාන් චතුරස්‍රයේ රණවිරු ස්මාරකයේදී දිවිපිදූ රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමෙ... |
"වෙඩි තැබීමකින් කොල්ලකරුවෙක් මරුට" | "නාරම්මල ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, මුදල් මංකොල්ලයක් සඳහා පැමිණි පුද්ගලයින් තිදෙනෙකුගෙන් අයෙකු මෙලෙස වෙඩි වැදීමෙන් මිය ගොස් ඇති බවය.මංකොල්ලකරුවන් පිරිස ඇපල් වර්ගයේ ජංගම දුරකථන අලෙවිකරණ බවට පුවත්පත් දැන්වීම් පළ කර එලෙස ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණෙන පුද්... |
"ජාතික අවම වැටුප ඉහළට" | "ජාතික අවම වැටුප රුපියල් 5000කින් වැඩි කිරීම සඳහා ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.ඒ අනුව මේ වනවිට පවතින ජාතික අවම වැටුප රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා ඉහළ යනු ඇත.ජාතික අවම දෛනික වැටුප රුපියල් 500 සිට රුපියල් 700 දක්වා රුපියල්... |
"හරක්කටාගේ ඉල්ලීම් සලකා බලයි" | "අධිකරණ නියෝග මත තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තා විසින් ඉල්ලා සිටින පහසුකම් ප්‍රදානය කිරීමට හැකියාවක් තිබේදැයි සොයා බලා අප්‍රේල් මස 08 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළේය.’හරක් කටා’ නමැත... |
"ටෙන්ට් රෙද්දක් නිසා කළුතර උණුසුම්වේ" | "කළුතර නගර මධ්‍යයේ අද දහවල් ජනඅරගල ව්‍යාපාරයේ විරෝධතා කරුවන් පිරිසක් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. ජීවන බර බදු මිල විදුලි බිල ත්‍රස්තපනත සහ විරෝධතා කරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජන අරගල ව්‍යාපාරය ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට මෙම විරෝධතාව පවත්වන ලදි . දැඩි අව් රශ්මිය මධ්‍යය... |
"අධිවේගී මාර්ග සමාගමක් යටතට" | "මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. අධිවේගී මාර්ග ජාලය අධිවේගී මාර්ග සතු ඉඩම් අධිවේගී මාර්ග ණය(දේශීය) සහ අදාල කාර්ය මණ්ඩල වඩාත් වානිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කොට අදාළ සමාගමට පැවරීමට ... |
"පියාගේ යතුරු පැදි අලෙවි සැලේ සිට පුතා මත්පෙති විකුණලා" | "සිය පියාට අයත් යතුරු පැදි අලෙවි සැලේ සේවය කරන අතරතුර ධීවරයන්ට හා තරුණ ළමුන්ට මත් කරල් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු පුතෙකු තංගල්ල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිළධාරීන් විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. අම්බලන්තොට නගරයේ ප්‍රධාන පෙළේ යතුරු පැදි අලෙවි සැළක සේවයේ නියතුව සිටි මොහු අම්බලන්තොට වලවෙවත්ත පදිංචි 28 හැවිරිදි ද... |
"කොටුව මහෙස්ත්‍රාත් ඝාතන තැතක්" | "කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් දී ඇත. ඔත්තුකරුවෙක් විසින් යොමු කරන ලද ලිපියකට අනුව අමාත්‍ය ටිරාන් අලස් මහතා එම උපදෙස් ලබා දී තිබේ. රාජ්‍ය ඔත්තුකරුවෙකුට ලැබුණු තොරතුරක... |
"ධුරයෙන් ඉවත් නොවන බව මහ බැංකු අධිපති කියයි" | "තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය. අද මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය.එහිදී වැඩිදුරටත් අදහස් දක්විමින් මහ බැංකු අධිපතිවරයා මෙස... |
"ප්‍රවීන ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි දිවියෙන් සමුගනී" | "ප්‍රවීන ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි මහතා අභාවප්‍රාප්තවී ඇත.මියයන විට ඒ මහතා 76 වැනි වියේ පසුවිය.ඇගෙ සිනහව තහනම් ,ගම මහනුවරයි ඔහු ගැයූ ගීත අතර අතිශය ජනප්‍රියත්වයට පත්විය." |
"අවුරුදු නැකත් ගැන රජයෙන් නිවේදනයක්" | " මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර රාජ්‍ය නැකත් සීට්ටුව අනුව සිදුකරන ලෙස බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.විවිධ මතිමතාන්තරවලට නොරැවටෙන ලෙසද සමාජ මාධ්‍ය ඔස්සේ එසේ විවිධ මත ඉදිරිපත් කරන ජෝතීර්වේදියා රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස් කළ නැකත් සීට්ටුව නැකත් ශාස්ත්‍රානුකූල සහ... |
"හොලිවුඩ් සුපිරි නළු ආනෝල්ඩ් තවත් සැත්කමකට" | "ලොවක් ආදරය කරන බටහිර සිනමාවේ සුපිරි වීරයා ආනොල්ඩ් ෂ්වොට්ස්නෙගර් තවත් සැත්කමකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් මේ සම්බන්ධයෙන් අදහස් පළකර ඇත.එමගින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් හෘද සැත්කම් 3කට මීට පෙර මුහුණ දී ඇති බවත් මේ වනවිට pacemaker උපකරණයක් සවිකර ඇති බවත්ය.එසේම ඔහු සඳහන් කර ඇ... |
"මහ බැංකුව පොලී අනුපාත අඩු කරයි" | "ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ.ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සිය... |
"අද කාලගුණය" | "දකුණු පළාතේත්, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (26) මි. මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු සහමධ්‍යම පළාත්වලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.නැගෙනහිර සහ... |
"කෙහෙළියගේ ඇප තීන්දුව ලබන 03දා කියයි" | "බන්ධනාගාරගතකර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප ඉල්ලා ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය අප්‍රේල් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කර ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා මෙම තීන්දුව ලබා දී තිබේ." |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.