Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"පොලිසියට අරක්ගත් ත්‍රාඩ කල්ලියක් සමාජ ප්‍රශ්න ගැන හඬ නගන විශ්වවිද්‍යාල සිසුන් මර්දනයට වෙනමම වැඩපිළිවෙළක් දියත් කරලා"
"පොලිසියට අරක්ගෙන සිටින ත්‍රාඩ කල්ලියක් සමාජ ප්‍රශ්න ගැන හඬ නගන විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිස් මර්දනය කිරීම සඳහා වෙනමම වැඩපිළිවෙළක් දියත් කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය. බොහොම නින්දිත ආකාරයේ අණපනත් සම්මත කිරීම එහි එක් කොටසක් බවත් මෙම තත්ත්වය පරාජය කළ යුතු බවත් හෙතෙම කීවේය. එක්සත...
"අද සීඅයිඩීයේ පෙනී සිටින්නැයි කෙහෙළියට උසාවි නියෝගයක්"
"හිටපු සෞඛ්‍ය ඇමැති වර්තමාන පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විදේශගතවීම වළක්වමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (01දා) පස්වරුවේ නියෝගයක් නිකුත් කළාය. අද (02දා) පෙරවරු 9.00ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට තම අධිකරණය හමුවේ කැඳවනු ලබන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් තොගයක්...
"රෝහල් වර්ජනයෙන් රෝගීහු අමාරුවේ"
"රජයේ වෛද්‍යවරුන්ට රුපියල් තිස්පන්දහසකින් වැඩිකළ ‘ඩැට්’ දීමනාව (රාජකාරි බාධා පැමිණීමේ හා ප්‍රවාහන දීමනා) තමන්ටද එසේ වැඩිකර ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති හැත්තෑදෙකක් එක්ව ඊයේ (01 වැනිදා) රටපුරා ක්‍රියාත්මක කළ වර්ජනයෙන් රෝහල්වල කටයුතු සම්පූර්ණයෙන් පාහේ නතරවීමෙන් රෝගීහු දැඩි අපහසුතාවට පත්වූහ. මෙම වර්ජනයට සෞඛ්‍ය...
"ඔන්ලයින් පනත – කථානායකගේ අත්සන"
"පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත කරනු ලැබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට ඊයේ (01දා) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ලෙස බලාත්මක වේ. එමෙන්ම පාර්ලිමේන්තුවේ විවාද කොට සංශෝධ...
"නීති ගෙන ඒමේ වරදක් නෑ – මල්වතු මහ නාහිමියෝ කියති"
"අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සත්‍යය යැයි විකෘති වී ප්‍රචාරණය වීමෙන් නැති ප්‍රශ්න ඇතිවන වාතාවරණයක් ඇති වෙමින් පවතින බැවින් එය පාලනය කිරීම සඳහා නීති හඳුන්වාදීම වරදක් නොවන බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති. පදනමකින් තොරව තමන් වහන්සේට ඉකුත් සමයේ සමාජ මාධ්‍ය ඔස්සේ...
"පනත බරපතළ තර්ජනයක් – මාර්තු 12 ව්‍යාපාරය"
"මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත 2024 ජනවාරි 24 වැනි දින සම්මත කිරීම ‘මාර්තු 12 ව්‍යාපාරය’ තරයේ හෙළා දකින බව නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ. එහි මෙසේද සඳහන් වේ. මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී ...
"ටික ටික ගෙවන්න විදුලිය දෙන්න කංචනගෙන් උපදෙස්"
"නව විදුලි සම්බන්ධතා ඇතුළු විදුලිබල මණ්ඩලයේ සේවා මහජනතාවට ලබාදීමේ දී පහසු ගෙවීමේ ක්‍රම ඇතිකරන ලෙස විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත. 2024 වසරේ විදුලිබල උත්පාදනය සැලසුම, අයක්‍රමය, සේවාවල වියදම්, විදුලිබල උත්පාදනය සඳහා අවශ්‍ය වන ඉන්ධනවල මිල, කාලගුණික අනාවැකි වැනි කරුණු සම්බන්...
"බස් ගාස්තු 10%කින් වැඩි කළ යුතුයි – ගැමුණු කියයි"
"මාස හතක කාලයක් තිස්සේ ඉන්ධන මිල ගණන් උච්චාවචනය වීමට සමගාමීව ඩීසල් ලීටරයක මිල රුපියල් විසිදෙකකින් ඉහළ ගොස් තිබීම මත බස් ගාස්තු ලබන 15 වැනිදා වනවිට සියයට දහයකින්වත් ඉහළ නැංවිය යුතු බව ලංකා පෞද්ගලික බස්රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට පැවසීය. විශේෂයෙන්ම බස් මත පටවා තිබෙන වැට් බදු ඉවත් කොට බස් මංතීරු ක්‍රමය...
"වැඩිවීමක් නෑ කොමිසම කියයි"
"ඩීසල් මිල පෙරේදා (31දා) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි වුවද බස් ගාස්තු වැඩි කළ නොහැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. බස් ගාස්තු වැඩිකිරීමට අදාළ මිල සූත්‍රයට අනුව ඩීසල් මිල වැඩිවීම සමස්ත කිලෝමීටරයක ධාවන පිරිවැයට අදාළව සියයට 4% කට වඩා වැඩිවිය යුතු බව පවසයි.නමුත් පෙරේදා වැඩිවූ ඩීසල් මිල ධාවන පිරිවැයට අනුව සියයට 2.6...
"ඉන්ධන මිල ගෑස් පෙන්වන්නේ මිල කොමිසම නැති නිසයි – බෙදුම්කරුවෝ කියති"
"ඉන්ධන මිල ගණන් හිතූ හිතූ ලෙස ඉහළ දැමුවත් ඊට එරෙහිව පියවර ගත නොහැකිව ඇත්තේ ස්වාධීන මිල කොමිසම ස්ථාපිත නොකර තිබීම නිසා යැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කියා සිටී. ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර පොරොන්දුවූ පරිදි ස්වාධීන මිල කොමිසම පිහිටුවා තිබුණේ නම් මෙයාකාරයට තෙල් මිල අඩු වැඩි කළ නොහැකි වන බව ද එහි ...
"1-5 ශ්‍රේණි සියලු දරුවන්ට මාර්තු සිට නොමිලේ දිවා ආහාරය"
"පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන ලක්ෂ දහසයක් වන සියලුම දරුවන්ට ලබන මාර්තු මාසයේ සිට නොමිලේ දිවා ආහාරය ලබාදෙන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. ඒ සඳහා රුපියල් බිලියන 16 ක් (කෝටි 1600) ක් වෙන්කර ඇතැයිද ඇමැතිවරයා කියා සිටී. ඒ අනුව දිනකට එක් දරුවෙකු වෙනුවෙන් වෙන්ව ඇති මුදල රුපියල් 110 දක...
"පාස්පෝට් ගාස්තු වැඩි කිරීමෙන් ආගමන විගමන මල්ල තරවෙයි"
"සාමාන්‍ය සේවය යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමේ දී අය කරන ගාස්තුව රුපියල් පන්දහසේ සිට රුපියල් දසදහස දක්වා ඊයේ (01 වැනිදා) සිට ඉහළ දැමීමත් සමඟ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම ඉහළ ගොස් ඇත. සාමාන්‍ය ක්‍රමවේදය යටතේ දිනකට සාමාන්‍යයෙන් ගමන් බලපත්‍ර එක්දහස් පන්සියයක් පමණ දිනපතාම නිකුත් කරන බව එහි උසස් නිලධාරියෙක් ‘දි...
"තෙල් සංස්ථාවට බිලියන 88.6ක ශුද්ධ ලාභයක්"
"ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස අටේදී රුපියල් බිලියන 88.6 ක ශුද්ධ ලාභයක් වාර්තාකොට ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ. 2022 වර්ෂයේ පළමු මාස අටේදී වාර්තාවූ රුපියල් බිලියන 632 ක්වූ අලාභයට සාපේක්ෂකව මෙම ශුද්ධ ලාභය වාර්තාවී ඇති...
"නිදහස්දා සුරාසල් වැසේ"
"76 වැනි නිදහස් දිනය නිමිත්තෙන් දිවයිනේ සියලු සුරාසැල් ලබන 04 වැනිදා වසා තබන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසයි. මේ සම්බන්ධයෙන් සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරීමට කටයුතු කළ බවත්, බලපත්‍ර නීති උල්ලංඝනය කරන ස්ථානවලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන් බවත් ඒ මහතා පවසයි. චමි...
"අමරවීර හා තිලංග එජනිස ලේකම් ධුරයට සමුදෙති"
"එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස ප්‍රකාශකර සිටි ඇමැති මහින්ද අමරවීර හා තිලංග සුමතිපාල යන මහත්වරුන් ඊයේ (01 දා) එම ධූරයෙන් ඉවත්වී ඇත. ඊට අදාළ ලිපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාරදී තිබේ. ඒ අනුව ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්‍ෂ නායකයන්ගේ සහභාගීත්...
"දයා රත්නායක එහෙ ගියේ නෑ – සුජීව කියයි"
"සමගි ජන බලවේගය සමග එකතු වූ හිටපු යුද හමුදාපති දයා රත්නායක මහතා මව්බිම ජනතා පක්ෂය සමග එක්වූ බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තා අසත්‍ය බව සමගි ජන බලවේගය පක්ෂයේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මහතා පවසයි. සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූපය පැරණි ඡායාරූපයක් බවද හෙතෙම සඳහන් කරයි."
"උ/පෙළ උත්තර පත්‍ර සමීක්‍ෂණ ඇරැඹෙයි"
"පැවැති උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර සමීක්‍ෂණ කටයුතු ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවරද පසුගිය වසරේ ගෙවන ලද ගාස්තු ප්‍රමාණයම ඒ ආකාරයෙන් උත්තර පත්‍ර පරීක්‍ෂා කරන ප්‍රධාන පරීක්‍ෂකවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට ගෙවීමට කටයුතු කරන බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. උසස් පෙළ විභාගය (2022/23) ඊයේ (01...
"අපට දේශපාලන නිදහසක් ලැබුණත් ආර්ථික නිදහසක් තවමත් ලැබී නෑ – මහාචාර්ය තිස්ස විතාරණ"
"1948 දේශපාලන නිදහසක් ලැබුණද ආර්ථික නිදහසක් තවමත් ලැබී නැතැයිද වත්මන් රජය නොබැඳි බවෙන් ඈත්වී ඇමෙරිකානු ගැති බවකට රට ගෙන යමින් සිටින බව ලංකා සමසමාජ පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි. අප රටේ ඉඩම් හා දේශීය ආර්ථීකය සූරාකෑමට විදේශ රටවලට ඉඩනොදී සැබෑ ජාතික ආර්ථිකයක් ගොඩනගා ගනිමින් අපේ අවශ්‍යත...
"කූට ව්‍යාපාරිකයෝත් මහ බැංකු ලාංඡනය ගහගෙන"
"විවිධ වංචනික පුද්ගලයන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය යොදාගෙන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කූට ව්‍යාපාර ක්‍රියාත්මක කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.එම කිසිදු ව්‍යාපාරයකට ශ්‍රී ලංකා මහ බැංකුවේ කිසිදු සම්බන්ධයක් නැති බවද මහ බැංකුව අවධාරණය කරයි. සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ කූට ව්‍යාපාර ක්‍රියාත්මක කරන්නන් ඒවාට ශ්‍ර...
"රුපියල ඊයේත් ශක්තිමත් වෙයි"
"ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.320.40 දක්වා අඩුවී ඇත. ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා (31 දා) දිනයේ රු. 321.85 ක් විය. එසේම ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය පෙරේදා (31 දා) පැවති රු. 312.09 සිට ඊයේ දිනයේදී රු. 310....
"පෙරහුරුවේදී කලකිරී පොලිසිය ආපසු හැරෙයි"
"ජාතික නිදහස් උත්සවයේ ඊයේ (31 දා) පැවැති පෙරහුරුවේදි ඇතිවූ මතභේදාත්මක සිද්ධියක් නිසා එම පෙරහුරුවට එක්ව සිටි පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ සියලු ඒකක පුහුණුවීම්වලින් ඉවත්වී ඇත.පොලිස් ආරංචි මාර්ග කියා සිටියේ සාම්ප්‍රදායානුකූලව නිදහස් උළෙලට ජනාධිපතිවරයා පැමිණෙන රථය ...
"ත්‍රස්ත පනතින් මාධ්‍ය දංගෙඩියට! – ප්‍රවෘත්තියකට තොරතුරු සෙවීමත්"
"පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතින් ජනමාධ්‍යකරණයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවත්, ජනමාධ්‍යවේදීන් සිය ප්‍රවෘත්ති සඳහා තොරතුරු රැස්කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා එම පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බවත් නීතිඥ ස්වස්තිකා අරුලිංගම් මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නාය. තරු...
"විරෝධය නොතකා ජනපති කැලණියේ"
"ජනාධිපතිවරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් සිසුන් විරෝධතාවක නිරත වෙද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පෙරවරුවේ කැලණිය සරසවියේ පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනය විවෘත කළේය. එම උළෙලේ අවස්ථාවකි මේ."
"ගිය වසරේදී සූර්ය පැනලවලින් විදුලි ඒකක මිලියන 630ක් ජාතික පද්ධතියට"
"පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය (Rooftop Solar System) යටතේ පසුගිය වසරේ (2023) විදුලි ඒකක මිලියන 630 ක් ජාතික පද්ධතියට එකතු කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. මේ වන විට හතලිස් දහස් එකසිය හැටහයක පාරිභෝගිකයින් පිරිසක් පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය භාවිතා කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශ...
"පෙළපාලිවලට ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ 6125ක්"
"76 වැනි නිදහස් දින සැමරුම් උළෙල ‘හදමු අලුත් රටක්’ යන තේමාව යටතේ ගාලුමුවදොර අබියසදී පෙබරවාරි 4 දා අභිමානවත් ලෙස සැමරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ආරාධනය පරිදි මෙවර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අගමැති සෙට්ඨා තවිසින් මහතා සහභාගි වන බව ස්ව...
"සනත් නිශාන්ත වෙනුවට ජගත් ප්‍රියංකර ගැසට් වෙයි"
"හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී ධුරයට එල්. කේ. ජගත් ප්‍රියංකර මහතා නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (31දා) නිකුත් කරනු ලැබීය. සනත් නිශාන්ත මහතාගේ අභාවය හේතුවෙන් මන්ත්‍රීධුරය පුරප්පාඩු වී ඇති බවට පාර්ලිමේන්තු මහලේකම් වරි...
"ජනපති පොහොට්ටුවට අතවනයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද(01) සවස 5.00 ට පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී පැවැත්වේ. ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා එම පක්ෂයේ භාණ්ඩාගාරි...
"සීඅයිඩිය ළඟ සත්‍යග්‍රහ කළ වෛද්‍ය චමල් ඇතුළු 10ක් අත්අඩංගුවට"
"හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් දහ දෙනෙකු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත රැගෙන ගොස් ඇති අතර ...
"සීඅයිඩිය ළඟ සත්‍යග්‍රහ කළ වෛද්‍ය චමල් ඇතුළු 10ක් අත්අඩංගුවට"
"හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් දහ දෙනෙකු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත රැගෙන ගොස් ඇති අතර ...
"සනත් නිශාන්තගේ ඇමැති ධුරය ශෂීන්ද්‍ර රාජපක්‍ෂට"
"වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ඊයේ (31 දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ මහතා මීට පෙර වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරය දැරූ සනත් නිශාන්ත මහතාගේ අභාවයත් සමග හිස් ව...
"සජබට අනීතිකව පහර දීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනවා – ස.ජ.බ. මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර"
"සමගි ජන බලවේග විරෝධතාවට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට නියෝග දුන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට සහ පොලිස් නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ. මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (31 දා) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පා...
"උ/පෙළ කෘෂිකර්මයට අද 20722 ක් ලියති"
"නැවත පවත්වනු ලබන අ.පොස. උසස් පෙළ කෘෂි ප්‍රශ්න පත්‍රය සඳහා සිසුන් 20,722 දෙනකු අද (01 දා) පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. කෘෂි විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 8.30 සිට පෙරවරු 11.40 දක්වා ද, කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රය දහවල් 1.00 සිට 3.00 දක්වාත් පැවැත්වේ. මෙම කෘෂි විභාගය ප්‍රශ...
"දේශබන්දුට එරෙහි මුජිබර්ගේ පෙත්සම යළි කැඳවීම 7 දා"
"දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ධුරයෙන් ඉවත් කරන ලෙස හා ඔහු පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 7 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31දා) නියෝග කළේය. දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන...
"ඉන්දියානු බිත්තරය 7 දා තෙක් කෙකර ගායි"
"ලබන මස 07 වැනිදා තෙක් ඉන්දියන් බිත්තර ලැබීමේ ප්‍රමාදයක් සිදුවන බව ලක් සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (31 දා) පැවසීය. සතොසෙන් දිනකට බිත්තර ලක්‍ෂ 10 ක ඉල්ලුමක් තිබුණත් ලැබෙන්නේ ලක්‍ෂ 05ක් බව ද ඒ මහතා කීය. රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් ඉන්දියන් බිත්තර ඇණවුම් කිරීමේදී ඇතිවූ ගැටලුවක් නිසා එම බිත්තර න...
"නිදහස් දා තායිලන්ත අගමැති කොළඹ කොටහේන තායි රාජ මහ විහාරයට…"
"තායිලන්තයේ නව අග්‍රාමාත්‍ය ශෙත්‍රා තව්සින් මහතා පෙබරවාරි 04 දින දහවල් කොළඹ කොටහේන දිපදුත්තාරාම තායි රාජ මහා විහාරයට පැමිණීමට නියමිතව ඇති අතර, එහිදී තත් විහාරාධිපති ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයේ සභාපති හා අමරපුර ශ්‍රී සම්බුද්ධ සාසනොදය මහා සංඝ සභාවේ අතිපූජ්‍ය මහානායක ආචාර්ය වස්කඩුවේ මහින්දවංස මාහිමිපාණන් වහන්සේගේ හා කප...
"රාමා සීතා පුවතේ ඓතිහාසික ස්ථාන නරඹන්න ඉන්දීය සංචාරකයෝ විශාල පිරිසක් ලංකාවට එති"
"ඉන්දීය සංචාරකයන් විශාල වශයෙන් මේ දිනවල ශ්‍රී ලංකාවේ ඓතිහාසික රාමා සීතා කතා පුවතට අයත් ස්ථාන නැරැඹීම සඳහා පැමිණෙමින් සිටින බව දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පල්ලේබෝවෙල ඥාණානන්ද හිමියන් කියා සිටී. මේ වනවිට රටේ පවතින යහපත් තත්ත්වය මත විශාල වශයෙන් ඉන්දීය සංචාරකයින් මෙරටට පැමිණිමට පටන්ගෙන ඇති බවත් උන්වහන්සේ කිය...
"උපාලි විජයවර්ධන සමරු පිංකම් රට පුරා"
"උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මැතිතුමන්ගේ 41 වැනි ගුණසමරුව පෙබරවාරි 13 වැනි අඟහරුවාදාට යෙදී තිබේ. මේ නිමිත්තෙන් උපාලි සමූහ ව්‍යාපාර අලෙවි නියෝජිතයන්, සේවක සේවිකාවන් සහ ජනතාව විසින් දිවයින පුරා ආගමික ගුණසමරු උත්සව සහ පිංකම් රැසක් සංවිධානය කර ඇත. 13 දා අඟහරුවාදා උදේ 9.00ට දිව්‍ය පූජාවක් මට්ටක්කුලිය දේවස...
"එන්නත් මගඩිය: – සෞඛ්‍ය අතිරේක ලේකම්ගෙන් සීඅයිඩීය පැය 8ක් ප්‍රශ්න කරයි"
"මතභේදාත්මක ප්‍රතිදේහ එන්නත් (ඉමියුනොග්ලොබියුලින්) ඖෂධ වංචා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගෙන් ඊයේ (31 දා) පැය 8ක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත. හෙට (02දා) යළි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දන්වා ඇත. මෙම සිද්ධ...
"ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටේ ආර්ථිකය ගොඩනැගිය හැකියි – ජනපති කැලණියේදී කියයි"
"දැනුවත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැගිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ නව ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට (31 දා) එක් වෙමිනි. ජීවිත අරගලය ජය ගැනීම සඳහා බුදුන් වහන්සේ දේශනා...
"උද්ධමනය 6.4% ට නගී"
"ඉකුත් ජනවාරි මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට 6.4 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. පසුගිය දෙසැම්බර් මස වාර්තාවූ උද්ධමනය කොළඹ පාරිභෝගික දර්ශකය අනුව සියයට 4ක් විය. පසුගිය දෙසැම්බර් මස සියයට 0.3 ක්වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 ජනවාරි මාසයේදී සියයට 3.3 ක් දක්වා ද එසේම පසුගිය දෙසැම්බර් මාසයේ ස...
"පාර්ලිමේන්තුවේ 07 වැනි වේත්‍රධාරී ලෙස කුෂාන් සම්පත් ජයරත්න වැඩ අරඹයි"
"පාර්ලිමේන්තුවේ 07 වැනි වේත්‍රධාරී ලෙස කුෂාන් සම්පත් ජයරත්න මහතා ඊයේ (31 දා) පෙරවරුවේ සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය. කුෂාන් සම්පත් ජයරත්න මහතා 1994 සිට 2007 දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාන්විත රාජකාරි කොට තිබේ. ඒ මහතා හොරගස්මුල්ල ප්‍රාථමික විද්‍යාලයෙන් සහ ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලෙන් ප්‍රාථමික අධ්‍ය...
"සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද වර්ජනයේ"
"වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස්පන්දහසක දීමනාව තමන්ටද ලබාදීමට රජය පියවර නොගැනීම හේතුවෙන් අද (01 දා) දින සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් වැඩවර්ජනයක නිරත වන බවත්, ඉන් රෝගීන්ට සිදුවන අපහසුතාවයන්හි වගකීම රජය භාරගත යුතු බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා “දිවයින” ට ඊයේ (31දා) පැවසීය. දිවයින පුරා ඇත...
"ආණ්ඩුවට එරෙහි සජබ විරෝධයට කඳුළු ගෑස්"
"‘වෙනසක් හදන වසරක්’ මැයෙන් සමගි ජන බලවේගය ඊයේ (30දා) දහවල් විහාරමහා දේවි උද්‍යානය අසලින් ආරම්භ කළ විරෝධතා පාගමන ආරම්භයේදීම දැඩි ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් ආරක්ෂක අංශ විසින් විසුරුවා හරිනු ලැබීය. ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් විරෝධතාව විසුරුවා හැරීමේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්...
"පෙරහුරුවේදී පැරෂූට් පැටලී 3ක් රෝහලේ"
"ජාතික නිදහස් උත්සවයේ පෙර පුහුණුවීම් කටයුතුවල නිරතවෙමින් සිටි පැරෂුට් භටයන් තිදෙනකු අඩි 8000ක් උසින් බිමට පැනීමේදී සිදුවූ අනතුරකින් තුවාල ලබා ඊයේ (30 දා) උදේ රෝහල්ගත කර ඇත. මෙම අනතුරින් ගුවන් හමුදා භටයන් දෙදෙනකු සහ එක් යුද හමුදා භටයකු තුවාල ලැබූ අතර ඔවූහු යුද හමුදා රෝහලේ සහ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. මේ සම්බන...
"සමුගන්නා වේත්‍රධාරීගෙන් නව වේත්‍රධාරීට සෙංකෝලය සහ අසිපත…"
"විශ්‍රාම යෑමට නියමිත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් අනුප්‍රාප්තික වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ වේත්‍රධාරී අසිපත භාරදීම ඊයේ (30දා) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභාගැබට පිවිසෙන රිදී ද්වාරය අසලදී සිදුකළ අයුරු. පාර්ලිමේන්තුවේ 6 වැනි වේත්‍රධාරී වන නරේන්ද්‍ර ප්...
"සනත් නිශාන්තගෙන් හිස්වූ රාජ්‍ය ඇමැති ධුරය ශෂීන්ද්‍රට"
"සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් හිස්වූ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පත් කිරීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (31 දා) දිවුරුම් දීමට නියමිත අතර ඒ මහතා මේ වන විට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරයි. සිරිමන්ත රත්නසේකර"
"ජනපති ගෙන්වනවාට අපි විරුද්ධයි – කැලණි සිසු විරෝධය පැය 7කට අත්හිටුවයි"
"කැලණිය විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණිය පීඨය විවෘත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇරියුම් කිරීමට එරෙහිව විරෝධය දැක්වූ සිසුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමටත් පොලිසිය පන්න පන්නා පහර දීමටත් එරෙහිව එම විශ්වවිද්‍යාල සිසුන් පරිපාලන ගොඩනැඟිල්ල වටකර පැවැත්වූ විරෝධතාව ඊයේ (30 දා) පැය 7 කට පසු තාවකාලිකව නතර කළ බව කැ...
"අස්වැසුම සහන දික් කරයි"
"අස්වැසුම සුදුසුකම්ලාභී සමාජ කාණ්ඩ අතරින් කාණ්ඩ දෙකක් සඳහා ප්‍රතිලාභ හිමි වලංගු කාලය මේ වසර අග (2024.12.31 දා) දක්වා දීර්ඝ කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇත. මේ අනුව අස්වැසුම සුදුසුකම්ලාභී සමාජ කාණ්ඩ අතරින් අවදානමට ලක් වූ සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ හිමි වලංගු කාලය 2024.04.01 වැනිදා සිට 2024.12.31 දා දක්වාත්, සංක්‍රාන්තික...
"පිට කොන්දක් ඇත්නම් ඡන්දයක් ලබාදී ජනතාව ඉදිරියට එන්න – ‘වෙනසක් කරන වසරක්’ විරෝධතා රැළියේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ජනාධිපති රනිල්ට හා හිටපු ජනාධිපති මහින්දට අභියෝගයක්"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිට කොන්දක් ඇත්නම් මැතිවරණයක් ලබාදී ජනතාව ඉදිරියට පැමිණෙන ලෙස අභියෝග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (30දා) සවස කොළඹදී පැවසීය. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතා පා ගමනට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල...
"මුහුදට බහින ධීවර යාත්‍රාවල ආරක්‍ෂාව තහවුරු කර දෙන්න – බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලයි"
"දැනට ධීවර කටයුතුවල නියැලෙන පන්සීයකට ආසන්න බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව තහවුරු කර දෙන මෙන් සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී. හලාවත පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. “බහුදින යාත්‍රා ඉතිහා...
"තුවාල ලැබූ පාක්ෂිකයින්ගේ සුවදුක් බලන්න සජිත් රෝහලට යයි"
"සමගි ජන බලවේගය කොළඹ දී ඊයේ (30දා) පැවැත්වූ විරෝධතාව මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ පාක්ෂිකයන්ගේ සුවදුක් සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ගියේය. එහි දී විපක්ෂ නායකවරයා විසින් විරෝධතාව අතරතුර තුවාල ලැබූ මන්ත්‍රීවරුන් ...
"අදහස් ප්‍රකාශ කිරීමේ හා රැස්වීමේ නිදහස හිතළු පිළිගෙන නවත්වන්නට උසාවියට බැහැ -පොලිසිය ඉල්ලූ තහනම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් කියයි"
"අධිකරණය සෑහීමට පත් වන පරිදි සුදුසු හා ප්‍රමාණවත් කරුණු හා සාක්ෂි ඉදිරිපත් නොකොට මෙලෙස සිදුවිය හැකි යැයි කියන මනඃකල්පිත සිතුවිලි (හිතළු) ඉදිරිපත් කළ පමණින් ඒවා පිළිගෙන රටේ ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකරදී ඇති රැස්වීමේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් උල්ලංඝනය වන පරිදි නියෝග නිකුත් කළ නොහැකි බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍...
"අද යුක්තිය ඉටු නොවුණොත් හෙට සිට රෝහල් ලෙඩ වෙයි"
"වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 දීමනාව තමනට ද ලබාදී සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීමට අද (31දා) දිනය තුළ රජය හෝ මුදල් අමාත්‍යාංශය පියවර නොගන්නේ නම් හෙට (01දා) සිට දිවයින පුරා රෝහල්වල දී අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත. මෙම වැඩ වර්ජනය සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති 7...
"කොරියානු තානාපතිනිය හා රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ හමුවක්…"
"කොරියානු රජයේ ශ්‍රී ලංකා තානාපතිනි මියෝන් ලී (Miyon Lee) මහත්මිය ඊයේ (30දා) කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය හමු වූවාය. එහිදී කොරියානු දේශයේ ශ්‍රී ලංකා කාන්තා ශ්‍රමිකයන්ට රැකියා අවස්ථාවන් ලබාගැනීම පිළිබඳව සාකච්ඡා වූ අතර ඒසඳහා දෙරටේ අදාළ අමාත්‍යාංශ සමඟ සාකච්ඡා කර කඩිනම් තීන්දුවක් ගැනීම...
"ත්‍රස්ත විරෝධී පනත භයානකයි – ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා"
"රජය විසින් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත එයාකාරයෙන්ම සම්මත වුවහොත් රට තුළ පවත්වන ඕනෑම සාමකාමී උද්ඝෝෂණයක් හෝ විරෝධතාවක් රජයට එරෙහි ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට අර්ථ දක්වා තහනම් කිරීමේ ඉඩකඩ හා විරෝධතා මෙහෙයවන්නන් හා සහභාගි වන පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ තර...
"සමාජ මාධ්‍ය ක්‍රියාකාරික පියත් නිකේෂල රිමාන්ඩ්"
"මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සිදුකළ ප්‍රකාශයක් මහජනයා නොමඟ යවන සුළු ආකාරයෙන් යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ ප්‍රචාරය කළේ යැයි චෝදනා කරමින් සමාජ මාධ්‍ය නියාමන පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන පියත් නිකේෂල අද (31) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මතතා ඊය...
"නිදහස් දිනය වෙනුවෙන් සඳුදා නිවාඩු දෙනවාද මෙතෙක් තීරණයක් නෑ"
"නිදහස් දිනය යෙදෙන පෙබරවාරි 04 වැනිදා ඉරිදා දිනයක් බැවින් එම නිවාඩුව පසුදින (05 දා) ලබාදෙනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ 04 වැනිදාට යෙදෙන නිදහස් දිනය නිමිත්තෙ...
"වී මෝල් හිමියන්ට සහ ගබඩාකරුවන්ට සහන පොලියට ණය"
"සහනදායී පොලී අනුපාත යටතේ 2023/24 මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහ ගබඩාකරුවන්ට ණය ලබාදීමට රජය තීරණය කර ඇත. ඔඩපණ ණය යෝජනා ක්‍රමය යටතේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා මෙම ණය ලබාදීමට නියමිතය. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ කැබිනට් යෝජනාව ඉදිරිපත් කර...
"මේ වසරේ දින 28ට සංචාරකයෝ 189574 ක් ලංකාවට ඇවිත්"
"මේ වසරේ (2024) මුල සිට ඉකුත් ජනවාරි 28 දක්වා කාලපරිච්ඡේදය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 189574 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙම වකවානුව තුළ මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති දිනය ලෙසින් පසුගිය ජනවාරි 15 වැනි දා වාර්තා වන අතර එදින පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 8541 ක් වේ. ම...
"හොර පිළිකා එන්නත් ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්"
"ව්‍යාජ ලේඛන සකස්කර රිටොක්සි මැප් නමැති පිළිකා රෝගීන් භාවිත කරන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත්, රජයේ රෝහල්වලට බෙදාහැර රුපියල් කෝටි 11ක පමණ වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කොට තිබේ. අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා කළ...
"දෙමළ පක්ෂ පොදු මතයකට ආ යුතුයි – ඉන්දීය මහ කොමසාරිස්"
"දෙමළ දේශපාලන පක්ෂ පොදු මතයක සිට කටයුතු කළ යුතු බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ප්‍රකාශ කළේය. ඉන්දියාව ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවද හෙතෙම සඳහන් කර ඇත. මෙරට දෙමළ දේශපාලන පක්ෂ සමග පැවැති සම්මන්ත්‍රණයකදී ඉන්දීය මහ කොමසාරිස්වරයා මේ කරුණු අනාවරණය කර ඇත. උතුරු – නැඟෙනහිර සංවර්ධ...
"කෙහෙළියගේ කාර්යාලයෙන් සීඅයිඩී භාරයට ගත් බාල එන්නත් ගනුදෙනුවේ කැබිනට් සංදේශවල කාර්යය සටහන් අතුරුදන්!"
"හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අමාත්‍ය කාර්යාලයේ තිබී පොලිස් භාරයට ගත් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළ කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනුවල කාර්ය සටහන් අතුරුදන්වී තිබීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කාර්යාලයේ...
"ලොහාන්ට තවත් රාජ්‍ය ඇමැති ධුරයක්"
"වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද ඊයේ (29 දා) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද සහභාගි විය."
"සීෂෙල්ස් වෙරළාරක්‍ෂක බළකාය ධීවරයින් සමග ලොරෙන්සෝ පුතා මුදාගනී – සෝමාලියානු කොල්ලකරුවෝ 3කුත් අත්අඩංගුවට"
"සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුව තිබූ “ලොරෙන්සෝ පුතා 04’ බහුදින යාත්‍රාව සහ ධීවරයන් 06 දෙනා සීෂෙල්ස් වෙරළාරක්ෂක බළකාය විසින් මුදාගෙන ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා ‘දිවයින’ට පැවසීය. මෙම බහුදින යාත්‍රාව කොල්ලකනු ලැබූ මුහුදු කොල්ලකරුවන් තිදෙනකු ද ආයුධ සමග අත්අඩං...
"‘ඩකා’ සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්‍ෂ සම්මානය ජගත් මනුවර්ණට"
"22 වන ඩකා අන්තර් ජාතික සිනමා සම්මාන උළෙලේ ආසියානු අංශයේ හොඳම අධ්‍යක්‍ෂකණය සඳහා වන සම්මානය ‘රහස් කියන කඳු’ අධ්‍යක්‍ෂණය කළ ජගත් මනුවර්ණට හිමිවී තිබේ. ඔහු විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘රහස් කියන කඳු’ චිත්‍රපටය වෙනුවෙන් මෙම සම්මානය හිමිවී ඇති අතර ‘රහස් කියන කඳු’ ජගත් මනුවර්ණ අධ්‍යක්‍ෂණය කළ පළමු චිත්‍රපටය ද වේ. චිත්‍රපටයේ සරත...
"හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සජබ සමග එක්වෙයි"
"ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුද හමුදාපතිවරයා වූ ජෙනරාල් දයා රත්නායක මහතා ඊයේ (29දා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජනබලවේගය හා එක්විය. එහිදී ජෙනරාල් දයා රත්නායක මහතා සමගි ජනබලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය. කුරුණෑගල මලි...
"පෞද්ගලික සමාගමක් සමග එක්ව රජය බඩඉරිඟු මිලදී ගැනීම අරඹයි"
"මෙවර පෞද්ගලික අංශය සමග එක්ව ගොවීන්ගෙන් බඩඉරිඟු මිලදී ගැනීම ආරම්භ කර ඇති බව ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති පාලින්ද සාගර මහතා පවසයි. ඒ අනුව බඩඉරිඟු මිලදී ගැනීමේ අත්දැකීමක් ඇති පෞද්ගලික සමාගමක් වන සීමාසහිත කෝන් කිංඩම් සමාගම රජය සමග එක්ව බඩඉරිඟු මිලදී ගැනීම සිදුකරයි. හෙක්ටයාර් 15,000ක් පමණ ආවරණය වන පරිදි අනුරාධපුරය, ...
"සමාජ මාධ්‍ය ක්‍රියාකාරක පියත් නිකේෂල අත්අඩංගුවට"
"සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන පියත් නිකේෂල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (29 දා) අත්අඩංගුවට ගෙන තිබේ. යූ ටියුබ් සමාජ මාධ්‍යයෙහි පළකර තිබූ විඩියෝවක් ගැන ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු ඊයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි."
"බංකොලොත් කාරක සභාවට දුන් අසත්‍ය සාක්ෂි ගැන මහ බැංකු අධිපතිගෙන් වාර්තාවක්"
"රටේ මූල්‍ය බංකොලොත් භාවයට හේතු පරීක්ෂා කිරීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සාක්ෂි ලබාදුන් ඇතැම් සාක්ෂිකරුවන් ලබාදී ඇති අසත්‍ය සාක්ෂි පිළිබඳව අනාවරණය කරමින් විශේෂ ලිඛිත වාර්තාවක් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මේ සතිය තුළ භාර දීමට නියමිතය. රටේ මූල්‍ය බංකොලොත් භාවය...
"මාතෘ භූමියේ සතුරන්ගේ එකම විරුද්ධවාදියා ලෙස ජාතික ජන බලවේගය තෝරාගෙන"
"රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා හවුලක් නොබෝ දිනකින්ම එනවා. රනිල් වික්‍රමසිංහට එරෙහිව අවලාද නැගූවන් පවා ඒ කණ්ඩායමට එකතු වෙනවා. නැගෙමින් එන ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාරය පරාජය කරන්න තව සමහරක් එක වේදිකාවේ නොවුණාට වේදිකා දෙකක සිට එකම වැඩේ කරන්න පටන් ගන්නවා. ජනතාවගේ, මාතෘ භූමියේ සතුරන් තමන්ගේ එකම විරුද්ධවාදියා ලෙස ජාතික ජන බලවේගය තෝ...
"සබරගමුව නවකවධ සිද්ධියේ සැකකරුවන්ට ඇප"
"සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක ශිෂ්‍යාවක අමානුෂික නවක වධයට ලක් කළ බව කියන සිද්ධියකට සමනල වැව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ශිෂ්‍යයන් හයදෙනකු සහ ශිෂ්‍යාවක ඊයේ උසාවිය ඇප මත මුදාහරිනු ලැබීය. සමනල වැව පොලිසිය මගින් පෙරේදා (28 දා) අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගත් ශිෂ්‍යයන් හයදෙනා වයස අවුරුද...
"පැවිදි භාවයෙන් නෙරපුවත් බුදු දහමට අපහාස කරන මේනක යළි රිමාන්ඩ් කරන්න"
"ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය විසින් පැවිදි භාවය හා උපසම්පදාව අවලංගු කර තිබියදීත් රත්නපුරේ විශ්ව බුද්ධි නමින් පෙනී සිට බෞද්ධ ධර්මයට දැඩි ලෙස අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කරන රොෂාන් මේනක රණසිංහ නමැත්තා ඇප අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නීතිපතිවරයා ඊයේ (29 දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය. බු...
"පාලකයින්ගේ ආර්ථික ත්‍රස්තවාදයෙන් රට බේරාගැනීමට මානුෂීය මෙහෙයුමක් අවශ්‍යයි"
"රණවිරුවන් විසින් ත්‍රස්වාදයෙන් මුදාගත් රට මේ වන විට දේශපාලඥයින්ගේ ආර්ථික ත්‍රස්වාදයට යටවී ඇති බවත් ඉන් රට බේරාගැනීමට නැවත වරක් මානුෂීය මෙහෙයුමක් අවශ්‍යව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒමහතා මේබව පැවසූවේ ඉකුත් 28 වැනිදා කෑගල්ලේදී පැවති රණවිරු සමුළුවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකව...
"ලංකාවට එන තායි අගමැති වෙළෙඳ ගිවිසුම අත්සන් තබන මොහොතටත් එක්වෙයි"
"ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබීම ලබන 3 වැනිදා මෙරටට පැමිණෙන තායිලන්ත අගමැති සෙට්ඨා තවිසින් මහතාගේ නිරීක්‍ෂණය යටතේ සිදුකිරීමට නියමිතය. තායිලන්ත රාජධානියේ අග්‍රාමාත්‍ය සේට්ඨා තවිසින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමෙන් ලබන පෙබරවාරි 03-04 යන දිනවල ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වන ...
"ඔන්ලයින් පනතට අත්සන් තැබීමට පෙර කථානායක දෙවරක් සිතා බැලිය යුතුයි – ජී. එල්. පීරිස්"
"ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රවාදය මුළුමනින්ම යටපත් කරමින් ආණ්ඩුව මාර්ගගත ආරක්‍ෂණ පනත ලහි ලහියේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් බවත් එයට කථානායකවරයා අත්සන් කිරීමට පෙර දෙවරක් සිතා බැලිය යුතු බවත් නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. මෙම පනත සම්මත කර ගැනීම පාර්ලිමේන්තු සම්ප්‍රද...
"පාසල් පාවහන් තිළිණ පත්වල වලංගු කාලය දික් කරයි"
"පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබාදුන් පාසල් පාවහන් තිළිණ පත්වල වලංගු කාලය පෙබරවාරි මස 17 වැනිදා දක්වා දීර්ඝ කළබව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙම තිළිණපත්වල වලංගු කාලය පෙබරවාරි 01 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණි. එම පාවහන් සැපයුම්කරුවන් කළ දැනුම් දීමකට අනුව මෙලෙස කාලය දීර්ඝ කිරීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් ක...
"විශේෂඥ වෛද්‍ය චමල් යළි සේවයේ පිහිටුවීමට අමාත්‍යාංශය කල් මරයි"
"විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා යළි රාජ්‍ය සේවයට එක්කර නොගැනීම පිළිබඳව තම නිරීක්‍ෂණ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගෙන් කරුණු විමසා ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය චමල් සංජීව මහතා කළ ප්‍රකාශයක් මත 202...
"ශ්‍රීලනිප ලේකම්ට බාධා එපා දයාසිරිට පැනවූ වාරණය දික් කරයි"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතාට එම ධුරයේ කටයුතු කිරීමට බාධාවක් හෝ අවහිරයක් සිදු කිරීම වළක්වමින් තම අධිකරණය විසින් එම පක්ෂයේ හිටපු මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතාට නිකුත් කර ඇති වාරණ නියෝගය ලබන මස 12 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊ...
"විමල්ට එරෙහි වත්කම් නඩුව මාර්තු 1ට කල්යයි"
"අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ වසර පහක කාලය තුළදී සිය වැටුපෙන් හා ආදායම්වලින් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75 කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන මාර්තු 1 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (29 දා) නියෝග කළේය...
"භික්ෂුන් වහන්සේලාට අපහාස කරන වැඩපිළිවෙළක් දියත් වෙලා"
"භික්ෂූන් වහන්සේ නිර්ධය ලෙස විවේචනය කරමින් උන්වහන්සේලාට නොයෙක් ආකාරයෙන් අපහාස කිරීමේ වැඩපිළිවෙළක් රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් බෞද්ධ ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවත් අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පවසති. සමාජ විරෝධී ක්‍රියාවන් හි නිරත බහුතරයක් ...
"නව ජනාධිපති නීතිඥවරු 10 ක් දිවුරුම් දෙති"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කරන ලද නව ජනාධිපති නීතිඥවරු දස දෙනෙක් ඊයේ (29 දා) පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේදී දිවුරුම් දුන්හ. ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ලෙස කටයුතු කළ එරාජ් ද සිල්වා, විරාන් කොරයා, උපුල් කුමාරප්පෙරුම, කෞෂල්‍ය නවරත්න, ...
"මහලේකම් අවුල ලෙහාගන්න අමරවීර – තිලංග එකඟතාවට දෙදෙනාම ධුරය අත්හරිති"
"එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරය පිළිබඳව ඇති වී තිබෙන අර්බුදය විසඳා ගැනීමට හිටපු මහලේකම් මහින්ද අමරවීර සහ නව මහලේකම් තිලංග සුමතිපාල යන මහත්වරුන් එකඟතාවට පැමිණ ඇත. ඒ අනුව ඔවුන් දෙදෙනා මහලේකම් ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ‘දිවයින’ට පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා හිට...
"ලොරෙන්සෝ පුතා – 4 – කපිතාන් ඇතුළු ධීවරයන් 6ක් යාත්‍රාවේ – කොල්ලකරුවෝ තාම නිහඩයි"
"අඩි 50 ක් දිගැති ලොරෙන්සෝ පුතා – 4 බහුදින ධීවර යාත්‍රාව සිය ප්‍රථම ගමනේදීම සීෂෙල්ස් උතුරු මුහුදේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුව තිබේ. මෙම බහුදින ධීවර යාත්‍රාව අරාබි මුහුදේ ගමන් කරමින් සිටියදී පෙරේදා (27 දා) මෙලෙස මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුව තිබේ. මෙහි කපිතාන්වරයා ඇතුළු ධීවරයන් හයදෙනකු සිට ඇත. බ...
"අනතුරු අතවනයි – අධිවේගය අඳුරේ"
"අධිවේගී මාර්ගවල පවතින වීථි ලාම්පු සහ පරිවර්තන (දිස්න ගහන) ස්ථානවල නිසි නඩත්තුවක් සිදු නොවන නිසා රාත්‍රි කාලයේ වාහන ධාවනය කිරීමේදී අනතුරට පත්වීමේ වැඩි ඉඩක් ඇති බැවින් එම ස්ථාන කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලති. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ යම් ස්ථානවල පෙරේදා (29 දා) දිනයේදී අඳුරේ පවතින අයුරු දක්නට ල...
"පිළිකා රෝගීන්ට තුන්බියක්"
"මේ වන විට පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ 20 ක පමණ හිඟයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය. ඖෂධ හිඟයට අමතරව පවතින ඖෂධවල මිල ඉහළ යෑම, පැරණි විකරණ යන්ත්‍ර භාවිත කිරීම ඇතුළු ගැටලු රැසක් ද මතු වී තිබෙන බව ද ඒ මහතා කීය. පියයුරු, අක්මා, ...
"IMF පළමු අදියරේ කැපවීම් 73 කින් 60 ක්ම ඉටු කරලා"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉකුත් වසරේ ආරම්භ කරන ලද දැනට ක්‍රියාත්මක විස්තීරණ අරමුදලේ පහසුකම් වැඩසටහනේ පළමු අදියර තුළ අප රට ඉටු කළ යුතු කැපවීම් 73 කින් 60 ක්ම ඉටුකර ඇතැයි ද කැපවීම් 13 ක් ඉටු කිරීමට නොහැකි වී ඇති බව ද වෙරිටේ රිසර්ච් IMF මීටරයේ අලුත්ම ඇගයීම් වාර්තාව ප්‍රකාශ කරයි. ඉටු නොකළ කැපවීම් 13 න් 08 ක් දෙවන අද...
"කොචි සිට කොළඹ දක්වා ඉන්දියාව එල්එන්ජී නළ මාර්ගයක් හදනවා – ඉන්දීය මහ කොමසාරිස්"
"ඉන්දියාවේ කොචි සිට කොළඹ දක්වා ද්‍රව ස්වභාවික වායු හෙවත් එල්එන්ජී නළ මාර්ගයක් සැකසීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසයි. මෙරට විදුලි පිරිවැය අඩුකිරීම සඳහා එය වඩාත් මහෝපකාරී වනු ඇතැයි ද සන්තෝෂ් ජා මහතා පවසයි. එරට 75 වැනි ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දියා හවුස් හි පැවති උත්...
"නිල විදේශ සංචිත ඩොලර් බිලියන 4.4 ට නගී"
"මේ වසර (2024) මුල වන විට ශ්‍රී ලංකාව සතු දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.4ක් දක්වා සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත. මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් විදේශ විනිමය ශුද්ධ පදනමින් මිලදී ගැනීම සහ ජාත්‍යන්තර බහුපාර්ශ්වික නියෝජිතායතනවලින් ලද මූල්‍ය පහසුකම් මගින් දළ නිල සංචිත ප්‍රමාණය ශක්තිමත්ව ඉහළ නංවා ගැ...
"බිත්තර මිලියන 15 ක් ඉන්දියාවෙන් ඇණවුම් කළා – එස්ටීසී සභාපති"
"ඉන්දියාවෙන් බිත්තර මිලියන 15 ක් ලබාගැනීමට ඇණවුම් කර ඇතැයි රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ඊයේ (28 දා) පැවසීය. මින් බිත්තර මිලියන 05 ක් හෙට (30 දා) වන විට කොළඹ වරායට ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවද ඒ මහතා කීය. රතු මුහුදේ මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජන හේතුවෙන් බොහෝ රටවල් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරී...
"ඔන්ලයින් පනත සම්මත කරගෙන රජය ලබන තාවකාලික සැනසීම තව මාස කීපයකින් ඉවරයි"
"රජය මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත අනුමත කර ගත්තේ මැතිවරණ වසරක් තුළ රාජ්‍ය කේන්ද්‍රීය මර්දන ක්‍රියා ක්‍රියාත්මක කර රටේ පොදු ජනතාවගේ දේශපාලන අයිතිය කොල්ල කා මර්දනය ක්‍රියාත්මක කිරීමට බවත් මේ පනත හරහා මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ත්‍රස්...
"විශාල ජනකායකගේ සෝ සුසුම් මැද සනත් නිශාන්ත දැයෙන් සමුගනී"
"රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ ජලසම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දහස් සංඛ්‍යාත ජනකායකගේ සහභාගිත්වයෙන් ඊයේ (28 වැනිදා) ආරච්චිකට්ටුව රජකදලුව කතෝලික සුසාන භූමියේදී සිදුවිය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ ඇතු...
"ඇමැති ධුරයේ සිටින තෙක් ජාත්‍යන්තරයට ඕනෑ ලෙස ‘යුක්තියේ මෙහෙයුම’ නතර කරන්නේ නෑ"
"මම අමාත්‍ය ධුරය දරන තාක්කල් රටට ගැළපෙන ආකාරයට මිස ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට කටයුතු නොකරන බව ප්‍රකාශ කරන්නට කැමතියි. ඒ වගේම ජාවාරම්කරුවන්ගේ, අපරාධකරුවන්ගේ කිසිදු බලවේගයකට අප නතර කිරීමට හැකියාවක් නැහැ යැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය. ඒ මහතා මෙම අදහස් පළකළේ මීගමුව ප්‍රදේශයේ පැවති ප්‍රජා පොලිස් කමිටු දැ...
"ඩුබායි සිට කුඩු ජාවාරමකුගෙන් ගම්පහ HQI ට මරණ තර්ජන"
"ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ‘කෙහෙල්බද්දර පත්මේ’ නමැති ප්‍රධාන පෙළේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඩුබායි සිට දුරකථනයෙන් මරණීය තර්ජන එල්ල කර තිබේ. ‘යුක්තිය’ මෙහෙයුමේදී ගම්පහ පොලිසිය මගින් ප්‍රාදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධව පොලිස් පරීක්‍ෂකවරයාට මෙසේ මරණීය තර්ජන එල්ල කර ඇතැයි පොලිස් ම...
"මතින් මිදීමට සහාය ගන්න 1927 අමතන්න"
"මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් හට ඉන් මිදීම සඳහා ස්වෙච්ඡාවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට හා පුනරුත්ථාපනය වීමට විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා වූ කාර්ය සාධක බළකාය මගින් ‘1927’ ක්‍ෂණික දුරකථන අංකය හඳුන්වා දීම සිකුරාදා (26 දා) සිදු කෙරිණි. එම කාර්ය සාධක බළකායේ සභාපති ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරා...
"අධිවේගයේ රිය අනතුරින් මියගිය කොස්තාපල් සැරයන් නිලයට"
"කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේදී සිදු වූ මාරක රිය අනතුරින් පසුගිය 25 වැනිදා ජීවිතක්‍ෂයට පත්වූ ඇමැති ආරක්‍ෂක කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතා (72542) සැරයන් නිලයට උසස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ‘දිවයින’ ට ඊයේ (28 දා) පැවසීය. ජයකොඩි මහතා ජල සම්පාදන රාජ්‍ය අම...
"නිදහස් සැමරුම පෙරහුරුවට හෙට සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්"
"76 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලට අදාළ පෙරහුරු කටයුතු වෙනුවෙන් හෙට (30 දා) සිට පෙබරවාරි 03 වැනිදා දක්වා කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසයි. මේ හේතුවෙන් හෙට සිට 03 වැනිදා දක්වා ගාලු පාර – කොල්ලුපිටිය මංසන්ධියේ සිට ගාලුමුවදොර මාර්ගය දක්වා මාර්ගය පෙරවරු 6.00 සිට 8.30 දක්වා ද, ...
"ඔන්ලයින් පනතින් ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය ආරක්‍ෂා වෙනවා – එජාප සභාපති වජිර"
"සමාජ මාධ්‍ය ජාලා නීති රීති නොතිබීම නිසා රටේ සියදිවි නසාගත් ජීවිත ප්‍රමාණය වෙනම ගණන් බලා සමාජ ගත කළ යුතුව ඇති බවත් ඔන්ලයින් පනත හරහා ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරය ආරක්‍ෂා වන බවත් එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. ලෝකයේ රටවල් 194 කින් මේ පනත ක්‍රියාත්මක වන බවත් එම කිසිදු රටක ආර්ථිකය වි...
"යුක්තිය මෙහෙයුමෙන් පැය 24 කදී අපරාධකරුවෝ 803ක් දැලේ"
"‘යුක්තිය’ මෙහෙයුම යටතේ ඊයේ (28 වැනිදා) පෙරවරු 6.00 න් අවසන්වූ ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 803 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධ සැකකරුවන් 562 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 241 දෙනක...
"ගාල්ලේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට විශේෂ කොමිසමක් පත් කරනවා"
"ගාල්ල සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ගාල්ල සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට ඉකුත් 27දා එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල නගරයේ සහ ගාල්ල කොටුව ප්‍රදේශය අවට සංචාරය කරමින් එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය. ගාල්ල ...
"විශාලතම සන්ධානය ඉදිරියේදී ගොඩනගනවා – නව සන්ධානයේ පළමු ජනරැළියේදී නිර්මාතෘ නිමල් ලාන්සා කියයි"
"විශාලතම මන්ත්‍රී සංඛ්‍යාවක්, විශාල පක්ෂ සංඛ්‍යාවක් එකතු කරලා විශාලතම සන්ධානය ඉදිරියේදී ගොඩ නගන බව නව සන්ධානයේ නිර්මාතෘ නිමල් ලාන්සා මහතා පවසයි. නව සන්ධානය ‍‍ගොඩනැගීම වෙනුවෙන් 27දා ජා ඇල නගරයේ පැවති පළමු ජනරැළිය අමතමින් නිමල් ලාන්සා මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා ඉතිහාසයේ පළමු වතාවට ...