Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ඩෙංගු මර්දනයෙන් පීඑච්අයිලා ඉවත් කිරීමේ තැතක්" | "ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා පවතින ආයතන ඩෙංගු මර්දන ව්‍යාපාරයක් බවට පත් කරගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඩෙංගු මර්දන කටයුතුවලින් ක්‍රමයෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ඩබ්. ඩී. රෝෂන් කුමාර මහතා චෝදනා කරයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් පසුගිය... |
"උ. පෙළ සිසුන්ට ජනාධිපති අරමුදලින් පිරිනමන ශිෂ්‍යත්ව දීමනාව රු. දහසකින් නංවයි" | "2021 (2022) වර්ෂයේ පවත්වන ලද අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමු වරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේදී අ.පො.ස (උසස් පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් පිරිනමන ශිෂ්‍යත්ව දීමනාව 2024 පෙබරවාරි මස සිට රුපියල් දහසකින් වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. ශිෂ්... |
"ඕඩරය පාතාලයෙන් වෙඩිල්ල කඳවුරෙන්" | "පාතාල සන්නද්ධ කණ්ඩායම් විසින් සිදුකරන මිනිස් ඝාතනවලට සක්‍රීය සේවයේ යෙදී සිටින ආරක්‍ෂක අංශ සාමාජිකයන් කුලී ඝාතකයන් ලෙස යොදාගැනීම මේ වනවිට බහුල වශයෙන් සිදුවන බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත. ඇතැම් ආරක්‍ෂක අංශ සාමාජිකයන් රාජකාරි වේලාවේ පවා සිය කඳවුරුවලින් පිටතට පැමිණ සිය රාජකාරි ගිනි අවියෙන්ම කොන්ත්‍රාත් මිනී මැරුම් සිද... |
"පසමිතුරු මත නිමයි" | "හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්වරු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේ සුහද කතාබහක යෙදුණු අයුරු." |
"සත්තයි බංකොලොත් කිව්වේ නෑ" | "රට බංකොලොත් යැයි කිසිදු අවස්ථාවක රජය විසින් ප්‍රකාශයට පත් නොකළ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රට බංකොලොත් භාවයට පත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර ඇත. ඒ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම අවස්ථා... |
"ශ්‍රීලනිප සන්ධානයේ නායකත්වය චන්ද්‍රිකාට" | "ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කර ගනිමින් ගොඩනඟන නව සන්ධානයේ නායකත්වය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ලබාදීමට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් තීරණය කර ඇත. ඒ සඳහා හිටපු ජනාධිපතිනිය කැමැත්ත පළ කර ඇති බව ද නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ මංත්‍රීවයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය... |
"වේත්‍රධාරි සේවයට සමුදෙයි" | "දැනට පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දශක හතරක සේවා කාලයකින් පසුව අනිද්දා (30 දා) විශ්‍රාම යෑමට නියමිතව ඇත. පැරණි සහ නව පාර්ලිමේන්තු දෙකෙහිම සේවය කර ඇති ඒ මහතා වේත්‍රධාරි ධුරයෙහි වසර පහමාරක පමණ කාලයක් කටයුතු කළේය. ඒ මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ එම ක්‍රියා මාර්ග ආරක්ෂ... |
"නිදහස් උළෙලේ ගෞරවනීය ආරාධිත තායි අගමැති" | "76 වැනි නිදහස් සමරු උළෙලේ ගෞරවනීය ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැවිසින් මහතා සහභාගි වීමට නියමිතය. තැවිසින් මහතා පෙබරවාරි තුන් වැනිදා ලංකාවට පැමිණෙන අතර ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම ඔහුගේ පැමිණීමේ තවත් එක් අරමුණක් වී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනය මත තායිලන්ත අග්‍ර... |
"පාසල් ඇරඹූ පසු දැවැන්ත ගුරු උද්ඝෝෂණ – ස්ටාලින් කියයි" | "ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප රුපියල් 20,000 කින් වැඩි කිරීම සහ පාසල් දරු දැරියන්ගේ දෙමාපියන්ට අනවශ්‍ය විදිහට අධ්‍යාපන වියදම් බර පැටවීමට එරෙහිව ඇතුළු ගැටලු රැසකට රජය විසඳුම් ලබා නොදීම හේතුවෙන් මීළඟ පාසල් වාරය ආරම්භ කළ පසු දෙමාපියන් සමග දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ... |
"අයි.එම්.එෆ්. වැඩ සාගලට" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසි ලෙස ඉටුවන්නේ දැයි සොයා බලා එම කරුණු නිසි ලෙස ඉටු කිරීමේ වගකීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත පවරා තිබේ. මෙරට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලාධාරීන් අතර පසුගියදා පැවැති හමුවකදී මෙම තීරණයට එළැඹ ඇත. රාජ්‍යයේ නාස්තිය, වංචාව, දූෂණය නතර කිරී... |
"මාර්ග ආරක්ෂාව ජාතික සභාව හිස්" | "මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පිහිටුවා වසර 17ක් ගතවී ඇතත් එය කොමිෂන් සභාවක් ලෙස ස්ථාපිත කර නොතිබීම නිසා සභාවේ කාර්යයන් ඉටුකිරීමට නීතිමය බලතල ලැබී නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙම තත්ත්වය නිසා කොමිෂන් සභාවේ කටයුතු සඳහා විදිමත් කාර්යමණ්ඩලයක් ද පත්කිරීමට නොහැකි වී තිබුණි. මේ හේතුවෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධ... |
"විදෙස් තෙල් බෙදිල්ලෙන් ජනතාවට සෙතක් නෑ" | "තරගකාරිත්වය මත කාර්යක්‍ෂම සේවාවක් ඇති කිරීමට යැයි කියමින් මෙරට තෙල් ව්‍යාපාරයට විදෙස් සමාගම් එක්කර ගත්තත් ඉන් පාරිභෝගික ජනතාවට සෙත සැලසී තිබේ දැයි යන්න පිළිබඳ වහා සොයා බැලිය යුතු බව සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය කියා සිටී. එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කියා සිටින්නේ මෙරට තෙල් ව්‍යාපාරයට සමාගම් එක්කර ගැනීමත් සමඟ... |
"බඩු මිල යළි නගීලු" | "ඉකුත් 2023 වසරට සාපේක්ෂව මෙම වසරේ ඉදිරි මාස දෙක තුන ඇතුළත නැවත වතාවක් අත්‍යවශ්‍ය බඩු මිල ඉහළ යා හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි. දේශීය නිෂ්පාදන ඉහළ දමමින් රටේ ආර්ථිකය නංවාලීමට රජයට කිසිදු සැලසුමක් නැති බැවින් මෙවර සිංහල අලුත් අවුරුදු සමයේද මහජනතාවට... |
"කුලී ගෙවල්වලට බිල්ලන්ගේ බැල්ම" | "මේ දිනවල විශාල මුදලක් ගෙවා නිවෙස් කුලියට ගැනීමට පැමිණෙන පුද්ගලයන් පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා නිවෙස් අයිතිකරුවන් ගෙන් ඉල්ලීමක් කරයි. මේ හැර නිවෙස් කුලියට ගෙන සිටින පුද්ගලයන්ගේ ක්‍රියාකලාප පිළිබඳවද ප්‍රදේශවාසීන් සැලකිලිමත් විය යුතුව ... |
"විශ්වවිද්‍යාලවල බැඳුම්කර පොල්ල මිලියන 1317ක්" | "මෙරට විශ්වවිද්‍යාල 21ක අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයන් 514 දෙනකු බැඳුම්කර කඩකිරීම නිසා රුපියල් මිලියන 1,317 ක මුදලක් 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වන විට ඔවුන්ගෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අය වීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි. අධ්‍යයන කටයුතු... |
"සමෘද්ධිලාභීන්ට ‘ලූනු බිකක්’" | "දිවි නැගුම ප්‍රජාමුල බැංකුවල සමෘද්ධි ප්‍රතිලාභින් විසින් තැන්පත්කොට ඇති රුපියල් බිලියන 149ක මුදලක් ඉහළ පොලී අනුපාත යටතේ ආයෝජනය කොට තිබුණ ද සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ඉතිරිකිරීම් තැන්පතු සඳහා ගෙවා ඇත්තේ සියයට තුනක් වැනි අඩු පොලී මුදලක් බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. ඒ අනුව සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීම අරමුණු කර ගෙන ප්‍රජා... |
"වෛද්‍ය සංගම් එකම පීල්ලකට" | "වෛද්‍ය සේවාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සියලු වෛද්‍ය සංගම් එක්ව නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනයට ඇතුළු සියලු වෛද්‍ය ක්‍ෂේත්‍රවල වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මේ සම්... |
"ඛනිජතෙල් බදු ආදායම 97.1%කින් ඉහළට" | "පෙට්‍රල් හා ඩීසල් ලීටරයක් මත පනවා ඇති නිෂ්පාදන බද්ද රුපියල් 25කින් වැඩි කිරීම හේතුවෙන් ඛනිජතෙල් නිෂ්පාදන බදු ආදායම ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස නමයේ දී රුපියල් බිලයන 72.3 දක්වා සියයට 97.1කින් සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බැව් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි. 2022 වර්ෂයේ ... |
"දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල වර්ධනයක්" | "දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල වර්ධනය තවදුරටත් තිරසාරව සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. වෙළෙඳපොළ පොලී අනුපාත අඩුවීම, ණය ඉල්ලුම ඉහළ යෑම, ව්‍යාපාර සහ ආයෝජකයන්ගේ අපේක්ෂා වර්ධනය වීම, සැපයුම් තත්ත්වය වැඩි දියුණු වීම සහ විදේශ ඉල්ලුම් තත්ත්වයන්ගේ අපේක්ෂිත ක්‍රමික වර්ධනය මගින් මෙසේ දේශීය ආර්ථික ක්‍රියාකා... |
"බලපත්‍රය ගන්න රේගුව මැදිහත් වෙලා: කුණු මාළු කන්ටේනර් 98ක් ගොඩබාන්න අවසර දීලා" | "නෞකාවක නරක් වූ මාළු බහාලුම් 98ක් කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් සඳහා මෙරට ගොඩබෑමට ශ්‍රී ලංකා රේගුවේ ඉල්ලීමට ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් බලපත්‍රක් නිකුත් කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පසුගිය 23 වැනිද... |
"අයි.එම්.එෆ්. කතාවට ඔක්කොම එන්න – ජනපතිගෙන් ඇරැයුම්" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි කළමනාකාර අධ්‍යක්ෂවරිය සමග සාකච්ඡාවකට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කළේය." |
"ත්‍රස්ත පනතට පෙත්සම් 38ක්" | "රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් 38ක් සම්බන්ධයෙන් විභාගය ඊයේ (26 දා) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේදී ආරම්භ කෙරිණි. පුරා ත... |
"ලිට්‍රෝ ලාභයෙන් බිලියන 3ක් රජයට – සභාපති කියයි" | "ලිට්‍රෝ සමාගම 2023 වර්ෂයේ ලැබූ ලාභාංශවලින් රුපියල් බිලියන 3ක් රජයට ගෙවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඊයේ (26 දා) පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ කොළඹදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. ලිට්‍රෝ සමාගම හැටියට අපි නැවත වතාවක් 2023 වර්ෂයේ ලාභාංශ විදිහට රුපියල් බිලියන 3ක් ගෙවන්න තීරණය කළා. ඒ අනුව රජයට අපි රුපිය... |
"“අම්මේ අඬන්න එපා….”" | "අභාවප්‍රාප්ත ජල සම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ දේහය ආරච්චිකට්ටුවේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයට ඊයේ රැගෙන ගිය අවස්ථාවේ ඒ මහතාගේ බිරිඳ නීතිඥ චමරි පෙරේරා මහත්මිය සොවින් තැවෙද්දී පුංචි දරුවන් සිවුදෙනා ඇයගේ කඳුළු පිසදමන්නට උත්සාහ දැරූ අන්දම." |
"සනත් නිශාන්තගේ අවසන් කටයුතු හෙට" | "හදිසි අනතුරකින් ඉකුත්දා අභාවප්‍රාප්ත වූ ජලසම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ අවසන් කටයුතු හෙට (28දා) සවස රාජකඳළුව රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදුකෙරේ. සනත් නිශාන්ත මහතාගේ දේහය මේ වනවිට ආරච්චිකට්ටුවේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ තැම්පත් කර ඇත. මේ අතර මෙම අනතුරින් මියගිය පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතාගේ අවසන් ක... |
"මහ බැංකුවට නව සහකාර අධිපතිවරු 6 දෙනෙක්" | "ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ලෙස කටයුතු කළ නිලධාරීන් හය දෙනෙකු නව සහකාර අධිපතිවරුන් ලෙස උසස් කර ඇත. මේ අනුව නව සහකාර අධිපතිවරුන් ලෙස ආචාර්ය සී. අමරසේකර, ආචාර්ය පී.කේ.ජී. හරිශ්චන්ද්‍ර, ඩබ්ලිව්. ඒ. දිල්රුක්‍ෂි, ඩී. එස්. ඩබ්ලිව්. සමරතුංග, ඊ.එච්. මොහොට්ටි සහ ආර්.ඩී.ටී. ගුණසේකර යන මහත්ම මහත්මීන් පත්කර ඇත.... |
"බියගම උදාහරණයට ගෙන මුළු රටම ඉදිරියට ගෙනියනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "බියගම උදාහරණයට ගෙන ඉදිරි වසර කිහිපය තුළ රටම ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේය. තම දේශපාලන ජීවිතය ආරම්භ කළ බියගම ආසනයට එදා තමා පැමිණෙන විට එම ප්‍රදේශය ඉතා නොදියුණු ප්‍රදේශයක්ව තිබූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා බියගම ආයෝජන කලාපය ඇති කිරීම ඇතුළුව එදා තමා ගත් නිවැරදි ආර්ථික තීන්දු තීර... |
"පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට වේත්‍රධාරී නරේන්ද්‍ර ඉටු කළ මෙහෙවර අතිශය ප්‍රශංසනීයයි – කථානායක මහින්ද යාපා අබේවර්ධන" | "වසර 42කට අධික කාලයක් පාර්ලිමේන්තුවේ සේවය කොට එළැඹෙන ජනවාරි 30 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සේවය අගයමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් (24දා) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළහ. සම්ප්‍රදානුකූලව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයකු විශ්‍රාම ගන්නා විට ඔහුගේ සේවය ඇගයීමේ යෝජනාවක්... |
"පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමිවූ 273 දෙනා ශුද්ධවූ වරයට ඔසවා තබනවා – කාදිනල්තුමා" | "පාස්කු ප්‍රහාරය සිදුකර ලබන අප්‍රියෙල් 21 වැනිදාට වසර පහක් පිරීම නිමිත්තෙන් එම පාස්කු ප්‍රහාරයේදී ජීවිත අහිමිවූ 273 දෙනා ශුද්ධවන්ත භාවයට ඔසවන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සඳහන් කළේය. කඳාන ශාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයේ පැවැති වාර්ෂික මංගල්‍ය දිනට පෙරදින පැවැති සැඳෑ මෙහෙයේදී කාදිනල්තුමා එසේ සඳහන් කළේ... |
"ඔන්ලයින් පනතට අධිකරණය ලබාදුන් සංශෝධන වහාම ඇතුළත් කරන්න – හර්ෂණ රාජකරුණා (සජබ)" | "මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත සඳහා අධිකරණය ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳ සොයාබලා ඒ පිළිබඳ පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර ප්‍රජාතන්ත්‍රවාදි ආකාරයට මෙම කටයුතු විසඳීම කතානායකවරයා සතු වගකීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (26 දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්... |
"75 වැනි ඉන්දීය ජනරජ දිනය සැමරේ" | "කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (26 දා) 75 වැනි ඉන්දීය ජනරජ දිනය සමරන ලදී. ලොව විශාලතම ලිඛිත ව්‍යවස්ථාව වන ඉන්දියානු ව්‍යවස්ථාව බලාත්මක කෙරුණේ 1950 වසරේ ජනවාරි 26දා ව්‍යවස්ථාවේ පූර්විකාව ඉන්දියාව ස්වෛරී, සමාජවාදී, නිරාගමික, ප්‍රජාතාන්ත්‍රික ජනරජයක් බව ප්‍රකාශ කරයි. ජනරජ දින සැමරුමේදී මහ කොමසාරිස් සන්තෝෂ් ජා ... |
"රාජ්‍ය නිලධාරීන් ලක්‍ෂ 17 නඩත්තුවට – ජනතාවට විශාල බදු මුදලක් ගෙවීමට සිදුවෙලා – හිටපු මුදල් ඇමැති රවි කරුණානායක" | "රටේ ජනාධිපතිවරයා, ප්‍රධාන කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තාම රජයේ නිලධාරීන් එම තීන්දු තීරණ ක්‍රියාත්මක නොකර රට අර්බුදයකට තල්ලුකර ජනතාව අපහසුතාවට සහ අසහනයට පත් කිරීමෙන් පැහැදිලි වන්නේ ඔවුන්ගේ ත්‍රස්තවාදය යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජතික පක්‍ෂ නායක හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා චෝදනා කර සිටියි. රවි කරුණානායක මහතා... |
"එම්.ආර්.අයි. ස්කෑන් දිගු පෝලිමක්" | "ප්‍රධාන පෙළේ රජයේ රෝහල් රැසක ‘එම්.ආර්.අයි’ ස්කෑන් පරීක්‍ෂණ සඳහා දිගු පොරොත්තු ලේඛන පැවතීමෙන් රෝගීන් දැඩි අපහසුතාවයට ලක්ව ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණ වේදීන්ගේ සංගමය සඳහන් කරයි. රජයේ රෝහල් සතුව ඇති එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍ර 13න් 12 ක් සක්‍රීයව ඇතත් එම යන්ත්‍රවලින් පැය 24 පුරාවට පරීක්‍ෂණ සිදුකිරීමට අවශ්‍ය අනුමැති... |
"බස්නාහිර පළාතේ ලාදුරු රෝගීන් වැඩි වෙලා" | "බස්නාහිර පළාතින් ලාදුරු රෝගීන්ගේ ව්‍යාප්තියක් වාර්තා වන බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය සඳහන් කළාය. පසුගිය කාලසීමාවේදී මෙරටින් ලාදුරු රෝගීන් 1550 දෙනකු වාර්තාවී ඇති අතර ඉන් රෝගීන් 599 දෙනකු (40% ක්) බස්නාහිර පළාතින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක... |
"න්‍යෂ්ටික අවි හරණයට එරෙහිවීම ගැන ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සම්මානයක්" | "න්‍යෂ්ඨික අවි හරණයට එරෙහි ලෝක ප්‍රඥප්තිවලට වසර 03ක් සපිරීම හා ශ්‍රී ලංකාව ඊට අත්සන් තැබීම හා ඒ වෙනුවෙන් ජාත්‍යන්තරය තුළ පෙනී සිටිමින් කළ කාර්යභාරය අගයමින් ඇමෙරිකාවේ සී.පී.එස්.ආර්. ආයතනය ශ්‍රී ලංකාවට සම්මාන සහතිකයක් පිරිනැමුවේය. රට වෙනුවෙන් එය භාරගැනීමේ වගකීම ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාට පැවරුණු අත... |
"රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට මරු කැඳවූ මාරක රිය අනතුර – පැයට කි.මී. 160ක වේගයෙන් ඇවිල්ලා" | "අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න හිතාගෙන ආවේ. ඒ වෙනකොට ඇමැතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මං තීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ දඩෝං ගාලා හැප්පුණා. ජීප් එක කන්ට්‍රෝල් නැතිව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා යැයි රාජ්‍ය ඇමැති සන... |
"ජනපති සොව පළකරයි" | "අභාවප්‍රාප්ත රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ ඥාතීන් හමුවීමට කොළඹ විජේරාම මාවතේ නිල නිවසට ඊයේ පෙරවරුවේ ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය ප්‍රකාශ කර තිබේ." |
"අවසාන සෙල්ෆිය!" | "ජල සම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 11 කණුව අසලදී සිදුවූ රිය අනතුරින් මියයෑමට පෙර හලාවත හිතවත් ඥාතියකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වී එම මනාල යුවළ සමග ලබාගත් සෙල්ෆි ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. එම මනාල යුවළ විසින් රාජ්‍ය අමාත්‍යවරයා රිය අනතුරකට ලක්ව මිය... |
"මන්ත්‍රී අසුන ජගත් ප්‍රියංකරට" | "දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත්වීමෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින ජගත් ප්‍රියංකර මහතා පත්වනු ඇත. ජගත් ප්‍රියංකර මහතා ගිය මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පුත්තලම් දිස්ත්‍රික්කයට තරග කර හයවැනියා බවට පත් විය. එ... |
"මම කම්පනයට පත් වුණා – ජීවන් තොණ්ඩමන්" | "රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ හදිසි වියෝව තමන් දැඩි සේ කම්පනයට පත් කර ඇති බවත් කඩිසර, තරුණ දේශපාලනඥයකු ලෙස ජනතාවට සේවය කළ ඔහුගේ වියෝව ඛේදනීය බවත් ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා නිවේදනය කරයි. තොණ්ඩමන් මහතා රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ අභාවය සම්බන්ධයෙන් නිකුත් කළ ශෝක පණිවිඩය මෙසේය. අද අලුයම සිදුවූ රිය අනතුරින් ගරු ජල ... |
"පුත්තලමේ මන්ත්‍රීවරු තිදෙනෙක් රිය අනතුරුවලින් මියගිහින්" | "ගෙවීගිය වසර 30ක කාලයේ පුත්තලමේ ප්‍රබල දේශපාලනඥයින් තිදෙනකුම මාර්ග රිය අනතුරු වලින් මරණයට පත්වී ඇත. (ඊයේ 25) අලුයම කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් මියගිය ජල සම්පාදන රාජ්‍ය ඇමැති, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා මෙන්ම පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුවූ නීතිඥ ... |
"රස කැවිලි කර්මාන්තය ප්‍රමුඛ අපනයන ක්ෂේත්රයක් බවට පත්කරන්නට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙනවා – ජනපති කියයි" | "රසකැවිලි කර්මාන්තය ප්‍රමුඛ අපනයන ක්ෂේත්රයක් බවට පත් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. කොකෝවා ඇතුළු බෝග වගා කිරීමට රජයට අයත් වතු බදු පදනම මත ලබා දීමට රජය සැලසුම් කර තිබෙන බව ද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (24) පස්වරුවේ කොළඹ ස... |
"ජාතික ආර්ථිකයට සවිය දුන් කැන්ඩොස් නිර්මාතෘ උපාලි විජයවර්ධන මැතිඳුන් වෙනුවෙන් ජනපති සම්මාන" | "රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ 30 වන මහා සභා රැස්වීමේ දී රසකැවිලි නිෂ්පාදකයන් රටට කළ මෙහෙවරට ජනපති සම්මාන පිදීමේ දී කැන්ඩොස් බිහි කළ උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතා වෙනුවෙන් පිරිනැමුණු සම්මානය උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම මහතා විසින් ලබාගත් අවස්ථාව. උපාලි විජයවර්ධන මහතා ... |
"පිරිමි ළමයින් දූෂණය කිරීම සාපරාධී ක්‍රියාවක් බවට නීති" | "දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණය පිළිබඳව නීති සංශෝධනය කිරීම සඳහාත්, ස්ත්‍රී දූෂණය සම්බන්ධ නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සඳහා සහ පිරිමි ළමයින් දූෂණය කිරීම සාපරාධී ක්‍රියාවක් බවට පත් කිරීම සඳහාත් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත. එම සංශෝධන සිදු කරමින් සකස් කළ පනත් කෙටුම්පත රජයේ ග... |
"විනිමය බිල්පත් ආඥාපනතට සංශෝධන" | "1927 අංක 25 දරන විනිමය බිල්පත් ආඥාපනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා ඉදිරිපත් කළ... |
"ලංවීම සේවකයකුට කැකිල්ලේ තීන්දුවක් – වෘත්තීය සමිති" | "අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබියදී උද්ඝෝෂණය කළ වරදට සේවය අත්හිටවූ ලංවීම කවුළු ලිපිකරුවන් හැටඅට දෙනා අතර එම දිනයන්හි රාජකාරී කළ අයකු සිටින බව වෘත්තීය සමිති කියා සිටිති. මෙලෙස නිරපරාදේ එම දඬුවමට ලක්ව ඇත්තේ අවිස්සාවේල්ල ලංවීම මුදල් කවුළු ලිපිකරුවවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ... |
"ඝාතන රැල්ල නිසා කන්න බොන්න නැතිව සිටින ජනතාවට පාරට බහින්නත් බැරිවෙලා – ජේ. සී. අලවතුවල (සජබ)" | "ජීවත් වීමට නොහැකිව අරගලයක නිරත වී සිටින ජනතාවට අද වනවිට ආරක්ෂාව සම්බන්ධයෙනුත් ප්‍රශ්න මතුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පැවැසීය. විපක්ෂ නායක කාර්යාලයේ (24 දා) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා මේ බව පැවැසූ අතර මෙම මාධ්‍ය හමුවේදී රෝහිණි කවිරත්න මහත්මියද අද... |
"උමා ඔය විදුලි පද්ධතියට බලපෑම් කළේ ජනතා විමුක්ති පෙරමුණයි – ඇමැති ඉන්දික අනුරුද්ධ" | "උමා ඔය විදුලි පද්ධතිය ලබන මාසයේ දී ජාතික පද්ධතියට එක් කරන බවත් මීට වසර හත අටකට පෙර පද්ධතියට එකතුවීමට තිබූ එයට දැඩි බලපෑම් කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බවත් රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදි රාජ්‍ය ඇ... |
"ඔන්ලයින් පනත සම්මතයි" | "මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) වැඩි ඡන්ද 46කින් සංශෝධන සහිතව සම්මත කරනු ලැබීය. විපක්ෂයේ දෝෂදර්ශනයට ලක්වුණු සහ රටේ ආන්දෝලනයට තුඩුදුන් එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඊයේ (25 දා) සහ (24 දා) පෙරේදා පැවැති දෙදින විවාදය අවසානයේදී පනත සම්මත කිරීමට ඡන්දයක් පැවැති අතර එහිදී ඊට පක්ෂ... |
"මෙවර කැලණි දුරුතු මහා පූජෝත්සවයේ අවසන් මහා පෙරහැර ඇරැඹීමට පෙර…" | "ඓතිහාසික කැලණිය රජමහා විහාරයේ වාර්ෂික දුරුතු මහා පූජෝත්සවයේ අවසන් මහා පෙරහැර ඊයේ (24දා) රාත්‍රි සැදැහැවතුන් දස දහස් සංඛ්‍යාත පිරිසකගේ ආශිර්වාද මධ්‍යයේ වීථි සංචාරය කළේය. අලංකාර සංස්කෘතික සංදර්ශනයන් රැසකින් වර්ණවත් වූ අවසන් මහ පෙරහැර ඇරඹීම සඳහා කැලණිය රජමහා විහාරයේ බස්නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මහතා කරඬුව වැඩම කර ව... |
"මිසදිටුවා මානසික ලෙඩෙක් වෛද්‍ය වාර්තාවෙන් කියයි" | "බොදු දහමට අපහාස වන ආකාරයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කොට තිබූ මහින්ද කොඩිතුවක්කු හෙවත් අවලෝකිතේෂ්වර නමැත්තාට තවදුරටත් මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු බවට අංගොඩ මුල්ලේරියාව ජාතික මානසික වෛද්‍ය විද්‍යා ආයතනයේ මානසික රෝග පිළිබඳ අධිකරණ විශේෂඥ වෛද්‍ය සී. ඒ. ඩී. ප්‍රනාන්දු ... |
"නුවර රගර් සර් සිසුන්ට කුඩු විකුණලා" | "පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය සහ මත්පෙති අලෙවි කළ බව කියන මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක බාහිර රගර් පුහුණුකරුවකු මත්පෙති සහ හෙරොයින් සමඟ අලවතුගොඩ පොලිසිය මගින් පෙරේදා (23 දා) අත්අඩංගුවට ගෙන ඇත. විසි දෙහැවිරිදි වියේ පසුවන මෙම සැකකරු සතුව තිබී මත්පෙති 4100ක් සහ හෙරොයින් ග්‍රෑම් 2 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු මහනු... |
"ඩුබායිවලින් ආපු කන්ට්‍රැක්ට් එකකට අපි ගැහුවා – බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයේ සැලසුම්කරු කියලා" | "ඩුබායිවලින් ආව කන්ට්‍රැක්ට් එකකට තමයි සමන් පෙරේරායි අනිත් අයයි වෙඩි තියලා මැරුවේ යැයි බෙලිඅත්තේදී සිදුවූ පංච පුද්ගල මිනිස් ඝාතනයේ ප්‍රධාන සැලසුම්කරු බව කියන සමන් කුමාර නමැත්තා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියේය. මෙම පංච පුද්ගල ඝාතනය සඳහා සන්නද්ධ පිරිස පැමිණි පැජරෝ වර්ගයේ ජීප් රථය ගාල්ල විiාලෝක පිරිවෙන් රථ ගාලේ න... |
"සුරාබදු ආදායම බිලියන 40ක් අහිමිවෙලා" | "මත්පැන් මිල ඉහළ යෑම නිසා අලෙවිය අඩුවී 2023 වර්ෂයේදී රුපියල් බිලියන 40ක සුරාබදු ආදායමක් රජයට අහිමි වී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයකදී හෙළිවී ඇත. මෙම අහිමි වූ මුදල නීති විරෝධී මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය සඳහා වැයවන්නට ඇතැයි සැකකරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ‘දිවයින’ට ඊයේ (23දා) පැ... |
"ඩුබායිවලින් ආපු කන්ට්‍රැක්ට් එකකට අපි ගැහුවා – බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයේ සැලසුම්කරු කියලා" | "ඩුබායිවලින් ආව කන්ට්‍රැක්ට් එකකට තමයි සමන් පෙරේරායි අනිත් අයයි වෙඩි තියලා මැරුවේ යැයි බෙලිඅත්තේදී සිදුවූ පංච පුද්ගල මිනිස් ඝාතනයේ ප්‍රධාන සැලසුම්කරු බව කියන සමන් කුමාර නමැත්තා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියේය. මෙම පංච පුද්ගල ඝාතනය සඳහා සන්නද්ධ පිරිස පැමිණි පැජරෝ වර්ගයේ ජීප් රථය ගාල්ල විiාලෝක පිරිවෙන් රථ ගාලේ න... |
"ජාතික ජන බලවේගයේ නායකයන් ඉන්දියානු මහ කොමසාරිස් අතර සුහද හමුවක්" | "ජාතික ජන බලවේගයේ නායකයන් (23 දා) ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ නව ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවිය. නව ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මුල්වරට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවිය. මෙහිද... |
"සමාජ මාධ්‍ය මර්දන පනත හකුළා ගනු!" | "සංශෝධන එපා! සමාජ මාධ්‍ය මර්දන පනත වහා හකුළා ගනු! මැයෙන් සිවිල් සංවිධාන සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් එක්ව, පාර්ලිමේන්තු මාර්ගයේ පොල්දූව මංසන්ධියේදී ඊයේ (24 දා) උදෑසන පැවැත්වූ විරෝධයේ අවස්ථාවකි. ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත" |
""සිංහල, දෙමළ, මුස්ලිම් අපි එකට එකතු වී චෞර පාලනය පළවා හරිමු – අනුර කුමාර දිසානායක (ජාජබ)"" | "රාජ්‍ය සේවය මහජනයාට ගෞරවාන්විතව සේවය සලසන තැනක් බවට පත්කරන්න ඕනෑ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය ජාතික ජන බලවේගයේ පුත්තලම ආසන සමුළුව අමතමින් පසුගියදා ඒ මහතා මේ බව සදහන් කළේය. එහීදී වැඩිදුරටත් කතා කළ දිසානායක මහතා මෙසේද කීය. රාජ්‍ය සේවය මහජනයාට ගෞරවාන්විතව සේවය සලසන තැනක් බවට පත්කරන්න ඕනෑ. දේ... |
"ලබන වසරේ සිට විභාග හරිම වෙලාවට – ඇමැති සුසිල් කියයි" | "කොවිඩ් සහ රටේ පැවැති නොසන්සුන්කාරී තත්ත්වයක් හමුවේ කල් ගිය පාසල් සිසුන්ගේ විභාග ලබන වසරේ දී (2025) සිට නියමිත කාල සීමාවට පැවැත්වීමට අදාළ ක්‍රමවේදය සකසා ඇතැයි අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24 දා) පැවසීය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහ... |
"පොලිස් මාධ්‍ය ප්‍රකාශක තල්දූව DIG තනතුරට උසස් කෙරේ" | "පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත. මෙම උසස්වීමත් සමගම නිහාල් තල්දූව මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ දිගටම රාජකාරි කරන අතර අපරාධ දිසාව භාරව ද රාජකාරි කිරීමට නියමිතය. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන නිහාල් තල්දුව මහතා 199... |
"අතිඋතුම් පූජ්‍යස්ථාන ආරක්ෂා කිරීම ශ්‍රී ලාංකේය පුරවැසියන්ගේ වගකීමයි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "ශ්‍රී ලාංකේය පුරවැසියන් ලෙස රටේ ඇති අතිඋතුම් පූජ්‍යස්ථාන ආරක්ෂා කිරීම වගකීම බවත් පූජා භූමි ආරක්ෂා කිරීම ආගමික සිද්ධස්ථාන රැක ගැනීම රටේ පුරවැසියන් සියලු දෙනාගේම වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. බුදුදහමට අනුව අපගේ ගති පැවතුම් ක්‍රියාකලාපයන් උසස් සාරධර්ම කේන්ද්‍ර කර ගෙන ශිෂ්ටසම්පන්න ජන සමාජයක් තුළ නිහත... |
"1201ක් මරණ දඬුවමට පෝලිමේ" | "මරණ දඬුවමට නියමව රැඳවියෝ 1194 දෙනකු ඊයේ (24 දා) වනවිට බන්ධනාගාරයේ සිටියහ. මින් 445 දෙනකු මරණ දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇත. මරණ දඬුවම නියම වූ 749 දෙනකු සිටින අතර එයට කාන්තාවන් 15 දෙනකු ඇතුළත් වී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පවසයි. අභියාචනා කළ රැඳවියන් 445 දෙනා අත... |
"වාහන හිමිකාරිත්වය පවරාගන්න සහන කාලයක් ඉල්ලයි" | "වාහන මිලදී ගෙන එහි හිමිකාරිත්වය පවරා නොගත් හිමිකරුවන්ට දඩ ගෙවීමකින් තොරව වාහන පවරා ගැනීම සඳහා යම් සහන කාලයක් ලබාදෙන ලෙස වාහන හිමියෝ ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටී. සී සී ටී වී කැමරා මගින් නිවැරදි හිමිකරු පොලිසියට හඳුනාගැනීමටත් මෙය පිටිවහලක් වනු ඇති බවත් ඔවූහු කියා සිටිති. මීට වසර කිහිපයකට පෙර එවැනි... |
"ලෝකප්‍රකට ඉන්දීය සංගීතඥ ඉලයරාජා දිවයිනට" | "ලෝකප්‍රකට ඉන්දීය සංගීතඥ ඉලයරාජා දින 6 ක ශ්‍රී ලංකාවේ සංගීත චාරිකාවක් සඳහා ඊයේ සවස දිවයිනට පැමිණියේය. ඔහු සමග ගායක ගායිකාවන් 7 ක් සහ සංගීත ශිල්පීන් 27 ක් ද පැමිණියහ. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මෙම 25 වැනිදාත්, 27, 28 යන දිනවල සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ ද සංගීත ප්‍රසංග දෙකකට සහභාගි වෙති. ශ්‍රී ලංකා ඉන්දීය සංචාරක ප්... |
"හැඳුනුම්පත බලාගෙන ‘ටිං’ දෙන්න සැරසෙයි" | "පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සමූහ වශයෙන් ‘ටින්’ අංකය ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා ඊයේ (24දා) මේ බව ප්‍රකාශ කළේය. ‘ටින්’ අංකය ලබා ගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය ක්‍ර... |
"පාර්ලිමේන්තුව වාර අවසාන කෙරේ" | "පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (24දා) රාත්‍රී පළ කරන බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට සඳහන් කළේය. ඒ අනුව නව වැනි පාර්ලිමේන්තුව සිව්වැනි සභාවාරය අවසන් වූ අතර නව සැසි වාරය ලබන මස (පෙබරවාරි) 07 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරෙනු ඇත. නවවැනි පාර... |
"හොර ගිනි අවි ගැන හරි ඔත්තුවලට මුදල් තෑගි – ටී – 56ට රු .ලක්‍ෂ 2ක්" | "“යුක්තිය මෙහෙයුම” යටතේ නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා නිවැරදි තොරතුරු ලබාදෙන ඔත්තුකරුවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා තීරණය කර ඇත. නීති විරෝධී අවි ආයුධ පිළිබඳ ඔත්තු ලබාදෙන පුද්ගලයන්ගේ රහස්‍යභාවය ආරක්‍ෂා කිරීමට වගබලා ගන්නා බව සඳහන් කරන තෙන්නකෝන් මහතා එවැනි ආයුධ පිළිබඳ තො... |
"බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය සිදුවූ දුරුතු පොහොය අදයි" | "බෞද්ධ ඉතිහාසයේ ඉතා සුවිශේෂි සිදුවීම් සමූහයකට පාදක වූ දුරුතු පුර පසළොස්වක පොහොය අදයි. බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමන, බුදුරදුන්ගේ කේශ ධාතු මහියංගණ දාගැබේ තැන්පත් කිරීම, තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ උකහා ගත් මහා ප්‍රතිඥාව සියලු සත්ත්වයාට දේශනා කිරීමට මුල් පියවර තැබීම, උරුවෙල, කාශ්‍යප, නදි කාශ්‍යප, ගයා කාශ්‍යප ප්‍රධ... |
"විශ්ව බුද්ධි යළි රිමාන්ඩ්" | "සුනඛයකුට චීවරයක් අන්දවා බොදු දහමට අපහාස වන අයුරින් කටයුතු කිරීම ඇතුළු චෝදනා යටතේ දෙවන වරටත් අත්අඩංගුවට ගෙන තිබූ රත්නපුරේ විශ්ව බුද්ධි නමින් පෙනී සිටි චීවරධාරියා ලබන 29 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (24 දා) නියෝග කළේය. එම සැකකරු එදින කොළඹ ප්‍රධාන මහෙස්ත්... |
"අරුවක්කාලු කසළ වැඩ මාර්තු මස අවසන් – ඇමැති ප්‍රසන්න" | "පුත්තලම අරුවක්කාලු කසළ ව්‍යාපෘතියේ වැඩ කටයුතු මාර්තු මාසය තුළ අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කසළ ප්‍රවාහනයට දුම්රිය එන්ජින් 04 ක් සහ පෙට්ටි 94 ක් ගෙන්වා ඇතැයි ඇමැතිවරයා කීය. චීන සමාගමක් වන චයිනා හාබර් ඉංජිනේරු සමාගම සහ සවුත් වෙස්ට් මියුනිසිපල් ඉංජිනියරිං ඇන්ඩ් රිසර්ච් ඉන්ස්ටිටිය... |
"මුදල් ලේකම් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන්න – දයාසිරි" | "විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් සඳහා විමධ්‍යගත අරමුදල් මෙතෙක් ලබා නොදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වහාම වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන ලෙස පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධයෙන් පසුව විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය කෑකෝ ගැසීම් සිදු කළහ. දයාසිරි ජයසේකර මහතා අදාළ කාරණය වරප්‍රස... |
"කහටාන පන්සලකට කඩාවැදුණු අවිගත් යක්‍ෂයෝ දන් වළඳමින් සිටි හිමිනම ඝාතනය කරති" | "මල්වතුහිරිපිටිය කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයට ඊයේ (23 දා) පෙරවරුවේ කඩාවැදුණු සන්නද්ධ කණ්ඩායමක්, එහි වැඩ විසූ කලපළුවාවේ ධම්මරතන හිමියන්ට ටී 56 අවියකින් වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇත. මෙම ඝාතනය කුමන හේතුවක් නිසා සිදුවූයේ ද යන්න මෙතෙක් හෙළිවී නැත. හඳහන් බැලීම, නැකැත් සැදීම ඇතුළු ජ්‍යොතිෂ වැඩවල නිරතවෙමින් සිටි මෙම හිමියන... |
"කැලණි රජමහා විහාරයේ පහත මළුවේ පෙරහැර ඊයේ අරඹමින්…." | "ඓතිහාසික කැලණි රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පූජෝත්සවයේ පහත මළුවේ පෙරහැර ඊයේ (23 දා) ආරම්භවීමට පෙර සධාතුක කරඬුව බස්නායක නිලමේ ධම්මික ආටිගල මහතා විසින් වැඩම කරවූ අවස්ථාව. කැලණි රජමහා විහාරාධිපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් ද මෙහි වෙති. කැලණි මහ පෙරහැරේ අවසන් මහ පෙරහැර අද (24 දා) රාත්... |
"ජුනිවලට පෙර විදේශ ණය හිමියන්ගේ එකඟතාව ගන්නවා – ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති කියයි" | "මේ වසරේ (2024) ජුනි මාසයට පෙර විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් විදේශ ණය හිමියන්ගෙන් අවසන් එකඟතාවක් සඳහා කැමැත්ත ලබාගත හැකිවනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. අයිඑම්එෆ් ණය මුදලේ තුන්වැනි ණය වාරිකය ලැබෙනවා කියන්නෙම විදේශ ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් එකඟත්වයට පැමිණ ඇති... |
"ජනවාරි මස උද්ධමනය 7%කින් ඉහළ යා හැකියි – මහ බැංකුව කියයි" | "මේ මාසය තුළදී උද්ධමනය සියයට 7 ක් පමණ දක්වා ඉහළ යනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. වැට් බදු වැඩිවීම සහ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සැපයුම් අංශයට සිදුවූ බලපෑම් හේතුවෙන් මෙසේ උද්ධමනය ජනවාරි මාසයේදී ඉහළ යනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා ඊයේ (23 දා) මහ බැංකු මුලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී... |
"නිල්වලා ලවණ බාධකය මහා ජාතික අපරාධයක් – කතානායක" | "නිල්වලා ලවණ බාධකය ඉදිකිරීමේදී අත්තනෝමතිකව කටයුතු සිදු කිරීම නිසා මහා ජාතික අපරාධයක් සිද්ධ කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවසීය. නිල්වලා ලවණ බාධකය ඉදිකිරීමෙන් ඇතිවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළ මොහොතේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රකාශයක්... |
"උ/නැ අර්බුදයට විසඳුම් ඉල්ලා දෙමළ පක්ෂ නායකයෝ ඉන්දීය නව මහකොමසාරිස් හමුවෙති" | "උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුමක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කොට සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙස දෙමළ දේශපාලන පක්ෂ නායකයින් පිරිසක් නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝස් ජා මහතාගෙන් ඉල්ලීමක් කොට තිබේ. කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ඉකුත් 22 වැනිදා ගිය දෙමළ දේශපාලන පක්ෂ නායකයෝ පැය දෙකක පමණ කාලයක් නව ඉන්... |
"වැරදි කළ රියැදුරෝ 125ක් සීසීටීවීයට කොටුවෙති 31දා සිට දඩ" | "සීසීටීවී කැමරා මගින් රථවාහන වැරදි හඳුනා ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමෙන් පසුව පෙරේදා (22 දා) දිනයේ පමණක් එවැනි වැරදි කළ රියැදුරන් 125 දෙනෙක් හඳුනාගෙන ඇත. මූලික අදියර යටතේ මෙම වැරදි කළ රියැදුරන්ට අවවාද කිරීමට කටයුතු කළ බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය. සීසීටීවී කැමරා පද්ධතිය යටතේ රථවාහන වැරදි කරන රියැදුරන් හඳුනාග... |
""35,000 හරි දොස්තරලා අද වැඩ"" | "රජය විසින් රුපියල් 35,000 කින් ඉහළ දමනු ලැබූ වෛද්‍යවරුන්ගේ රාජකාරි බාධා සහ පැමිණ සිටීමේ දීමනාව (ෘ්ඔ) ගෙවීම තාවකාලිකව අත්හිටුවමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ ලිපිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමත් සමග අද (24 දා) පෙරවරු 8.00 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර... |
"විදුලි සේවක දඩයමට එරෙහිව 5දා දැවැන්ත විරෝධතාවක්" | "විදුලිබල මණ්ඩලයේ සේවකයන් හැත්තෑහය දෙනකුගේ සේවය අත්හිටුවා වෘත්තීය සමිති මර්දනය කිරීමට රජය ගෙනයන දඩයම වහා නතර කරන ලෙසට බලකරමින් ලබන 05 වැනිදා, කොළඹ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපිට වෘත්තීය සමිති රැසක් ඒකාබද්ධව දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා පැවසීය. ලංකා විදුල... |
"නව සන්ධානය 27 දා ජාඇලින් වැඩ අරඹයි" | "නව සන්ධානය දේශපාලන පක්ෂයේ පළමු මහජන රැලිය මෙම මස 27 වැනිදා පස්වරු 3.00 ට ජාඇල නගර මධ්‍යයේ පවත්වන බව එම සන්ධානය සඳහන් කරයි. නව සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් නායක වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ සංවිධානත්වයෙන් පැවැත්වෙන මෙම රැලිය සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, හිටපු අමාත්‍යවරුන් සහ ව... |
"ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව තවත් පෙත්සම් පහක්" | "රජය විසින් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට හා එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙස ඉල්ලා පාර්ශ්ව කිහිපයක් ඊයේ (23 දා) තවත් විශේෂ පෙත්සම් පහක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළහ. නීතිඥ... |
"රට බංකොලොත් කළ රාජපක්ෂ පවුල ආර්ථික ත්‍රස්තවාදීන් රකින ජනාධිපතිගේ සෙවණේ සුරසැප විඳිනවා" | "යුද ජයග්‍රහණයේ නාමයෙන් මේ රටේ පාලන බලයට පැමිණි රාජපක්ෂ පවුල් පරපුර ආර්ථික ත්‍රස්තවාදීන් ලෙස කටයුතු කර රට බංකොලොත් කර රට විනාශ කර රට කාබාසිනියා කර ඉන් සෑහීමකට පත් නොවී අද ආර්ථික ත්‍රස්තවාදීන් රකින ජනාධිපතිවරයකුගේ සෙවණක් යටතේ සුරසැප විඳින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඉකුත... |
"පස්දෙනා මැරුවේ කොස්ගොඩ සුජීගේ නියෝගයකට!" | "දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී ඊයේ (22 දා) උදෑසන 8.50ට පමණ සන්නද්ධ කණ්ඩායමක් විසින් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස්දෙනෙක් වෙඩිතබා ඝාතනය කිරීම, දකුණු පළාත සිය රාජධානිය කරගෙන සිටින කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ නියෝග මත සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත. තංගල්ල අධිකරණයේ විභාග වෙම... |
"ඓතිහාසික කැලණි මහ පෙරහැරේ උඩමළුවේ පෙරහැර ඊයේ ආරම්භ කරමින්…" | "ඓතිහාසික කැලණි රජමහා විහාරස්ථානයේ, දුරුතු මහා පූජෝත්සවයේ උඩමළුවේ පෙරහැර ඊයේ ආරම්භ වූ අවස්ථාවේ සධාතුක කරඬුව කැලණි රජමහා විහාරාධිපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් විසින් බස්නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මහතාට භාරදුන් අවස්ථාව. දෙවන වීථි පෙරහැර අද (23 දා) පැවැත්වෙන අතර අවසන් මහ පෙරහැර හ... |
""2006 – 2021 කෝටි 553,000ක වත්කම් ලේඛන ගතනොවීම බරපතල තත්වයක් – පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල"" | "2006 සිට 2021 දක්වා ආණ්ඩුව අත්පත් කරගත් ස්ථාවර වත්කම් වලින් කෝටි 553,000ක් නොහොත් ට්‍රිලියන 5.5ක් වටිනා වත්කම් ආණ්ඩුවේ ලේඛනවල සටහන්ව නැතැයි විගණකාධිපති විසින් පෙන්වාදීම ඉතාම බරපතල තත්වයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒමහතා මේබව සඳහන් කර සිටියේ ඊයේ පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථ... |
"කඩා වැට්ටූ රට නගාසිටුවීමේ නැවුම් දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි" | "කඩා වැට්ටූ රට ශිෂ්ටසම්පන්නභාවයට ගෙන එන නැවුම් දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය. දිසානායක මහතා මේ කරුණු ප්‍රකාශ කළේ ‘ගැහැනු අපි එක මිටට’ මැයෙන් පැවැත්වූ ජාතික ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි. එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය. අද පවුරු, මිථ්‍යා මත බිඳ ද... |
"දෙසැම්බර් උද්ධමනය සියයට 4.2 යි" | "ඉකුත් දෙසැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට 4.2 ක් දක්වා වැඩි වී ඇත. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මේ උද්ධමනය ගණනය කර ඇත. 2023 නොවැම්බර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට 2.8 ක් ලෙස වාර්තා විය. 2023 නොවැම්බර් මාසයේදී සියයට සෘණ 2... |
"ආර්ථික ත්‍රස්තවාදය අකාර්යක්ෂම දූෂිත පාලනයේ නිර්මාණයක්" | "රටේ ඇති අර්බුදය ස්වාභාවිකව නිර්මාණය නොවූ බවත් අකාර්යක්ෂම දූෂිත පාලනය නිසා සිදුවූ බවත් මෙය නිර්මාණය වූ අර්බුදයක් බවත් මෙය ආර්ථික ත්‍රස්තවාදයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මෙම ආර්ථික ත්‍රස්තවාදීන් හොර කල්ලි මැර කල්ලි ගජමිතුරුන් සමග අත්වැල් බැඳගෙන රට බංකොලොත් කර ලෝකය වටේ සවාරි යමින් ජනතාවගේ ජනදුක පිළිබඳ... |
"රු. 35000ක් ඉල්ලා – සෞඛ්‍ය සටන අද අනුරාධපුරෙන් යළි ඇරඹේ" | "වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබාදී ආර්ථික යුක්තිය ඉටු කරන ලෙසට කරන ලද ඉල්ලීමට රජය සාධනීය ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් අද (23 දා) අනුරාධපුර මහ රෝහල ඉදිරිපිටදී යළි උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි. අද (23 දා) දහවල් 12.00ට අනුරාධපුර දී ආරම්භ කරන මෙම සෞඛ්‍ය ... |
"ඉන්දු – ශ්‍රී ලංකා යා කරන නව පාලම ගැන ඉන්දීය රජය ශක්‍යතා වාර්තාවක් කැඳවයි" | "ශ්‍රී ලංකාව හා ඉන්දියාව යා කරමින් ඉදිකිරීමට යෝජිත පාලම පිළිබඳ ශක්‍යතා වාර්තාවක් කැඳවීමට ඉන්දීය රජය තීරණය කර ඇත. ඉන්දියාවේ ධනුෂ්කොඩි හා තලේමන්නාරම යා කරමින් මෙම පාලම ඉදිකිරීමට යෝජිතය. එහි දිග කිලෝ මීටර් 23 කි. පසුගිය වසරේ ජූලි මාසයේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ඉන්දීය සංචාරයේදී මේ පාලම ගැන සාකච්ඡා විය. 2015 වසරේ... |
"ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව සජබ මහ ලේකම් උසාවි යයි" | "රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස හා එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ... |
"අමන්දොළුව ව්‍යාජ ප්‍රතිදේහ නිෂ්පාදන කම්හල ඊයේත් පරීක්‍ෂා කරයි" | "සීදුව, අමන්දොළුව ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් තිබූ ව්‍යාජ ප්‍රතිදේහ විශේෂයක් වූ “ඉමුයුනොග්ලොබියුලීන් ” නිෂ්පාදන කළ ආයතනය විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් ඊයේ (22දා) දහවල් 12.00 සිට පස්වරු 05.00 දක්වා පරීක්ෂා කිරීමකට ලක් කිරීම සිදු කෙරුණි. මේ සඳහා ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ දීපිකා බුලත්සිංහල මහත්මිය ඇතුළු පිරිස... |
"ලලිත් කොතලාවලගේ මරණ පරීක්‍ෂණ වාර්තාව ඉල්ලා – ජේඑම්ඕට යළිත් නොතීසි" | "සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට යළිත් නොතීසි නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසිංහ ඊයේ (22දා) නියෝග කළේය. කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් මීට පෙරද... |
"ගෝලීය මූල්‍ය ව්‍යුහයේ ප්‍රතිසංස්කරණයක් වර්තමානයේ මතුව තිබෙනවා" | "මේ දිනවල උගන්ඩාවේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්ටෝනියෝ ගුට්රාස් හමුවූ අවස්ථාව. විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතාද මෙහි වෙයි. ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජන... |
"රජයේ ඉඩම් අයිතිය පැවරෙන ‘උරුමය’ 5 දා ඇරඹේ" | "රජයේ ඉඩම්වල පූර්ණ අයිතිය ජනතාවට ලබාදීමේ ජාතික වැඩසටහන පෙබරවාරි මස 05 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. උරුමය වැඩසටහන නමින් නම් කර ඇති මෙහි පළමු අදියර යටතේ නිදහස් ඔප්පු 10,000 ක් ප්‍රදානය කිරීම සිදුවනු ඇත. වර්ෂ 1935 දී ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර සහ කොන්දේසි සහිත දීමනා පත්‍ර මත බැ... |
"උ.පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර නැවත ලිවීමේ වියදම් ප්‍රශ්න පත්‍ර පිටකළ අයගෙන් අයකර ගන්නවා" | "උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කිරීම නිසා එය නැවත පැවැත්වීමට යෑමෙන් රජයට වූ පාඩුව ප්‍රශ්න පත්‍රය පිටකළ අයගෙන් අයකර ගැනීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී. කෘෂි විද්‍යා I, II ප්‍රශ්න පත්‍ර දෙකම පිටකර ඇති බවට හෙළිවීම නිසා එම ප්‍රශ්න පත්‍රය පෙබරවාරි 01 වැනිදා පැවැත්වීමට කටයුතු කරන බව නියෝජ්‍ය විභාග කොමස... |
"සා. පෙළට අයැදුම්පත් කැඳවීම ජන : 23 සිට පෙබ: 15 දා දක්වා" | "සාමාන්‍ය පෙළ (2023/2024) විභාගයට පෙනී සිටීම සඳහා අයැදුම් පත්‍ර කැඳවීම ජනවාරි 23 සිට පෙබරවාරි 15 දක්වා මාර්ගගත ක්‍රමයට පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සියලුම පාසල් අයැදුම්කරුවන් තම පසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයැදුම්කරුවන් පෞද්ගලිකවම අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. පෞද්ග... |
"වැඩබලන පොලිස්පතිට එරෙහිව කාදිනල්තුමන් ගොනු කළ පෙත්සම 31 දා සලකා බලයි" | "දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් හා ඔහු පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනුකර ඇති මූලිකඅයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 31 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22 දා) නියෝග කළේය. එම පෙත... |
"වැරදි කරන රියැදුරන් කොටු කරන කොළඹ සීසීටීවී හෙට සිට රෙඩී" | "කොළඹ නගරය තුළ මාර්ග නීති උල්ලංඝනය කරනු ලබන රියැදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පොලිසිය මගින් ක්‍රියාත්මක කරනු ලබන නව සී.සී.ටී.වී. නිරීක්‍ෂණ ක්‍රමවේදය ඊයේ (22 දා) සිට සක්‍රීය කිරීමට පොලිසිය පියවර ගෙන ඇත. ඒ අනුව කොළඹ නගරයට ඇතුළුවන රථවාහන සී.සී.ටී.වී. කැමරා 108 ක් මගින් නිරීක්‍ෂණයන්ට ලක් කෙරනු ඇත. එහිදී මාර්ග නීති උ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.