Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොවියා රජකරවන යුගයක් බිහි කරනවා – සජිත් ප්‍රේමදාස වන්නි හත්පත්තු ගොවි සමුළුව අමතමින් කියයි" | "අද රටේ ක්‍රියාත්මක වන රනිල් රාජපක්ෂ රට වනසන හවුල් ආණ්ඩුව මේ රටේ ගොවි ජනතාව විපතට පත් වී ඇති මොහොතක සමගි ජන බලවේගය ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් ඇති බවත් එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොවියා රජකරවන යුගයක් බිහි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහ... |
"බහාලුම් තුළ රඳවා ඇති ඖෂධ ගැන වගකීමෙන් ගැලවෙන්න බැහැ – වෛද්‍ය චමල් සංජීව" | "මෙරටට ගෙන්වන ඖෂධ බහාලුම් තුළ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් තමන්ට වගකීමක් ගත නොහැකි බවට වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කරන ප්‍රකාශ හෙළා දකින බව විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා පැවසීය. රාජ්‍ය ආයතනයක් වන ඖෂධ නීතිගත සංස්ථාව ආනයනකරුවකු ලෙස කටයුතු කරමින් ගෙන්වූ එම ප්‍රතිජීවක ඖෂධ තොග සම්බන්ධව සෞඛ්‍ය අමා... |
"ඇමරිකානු ෂෙල් සමාගම තෙල් සංස්ථාව සමග ගිවිසුම් ගතවෙයි" | "දේශීය ඉන්ධන වෙළෙඳ පොළ විදේශීය ආයෝජකයින් සඳහා විවෘත කිරීමෙන් අනතුරුව ඇමරිකානු සමාගමක් වන ෂෙල් ආර් එම් පාක්ස් (Shell-RM Parks) හා ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම ඉන්ධන ගබඩා කිරීම හා බෙදාහැරීම සඳහා ඊයේ (12 දා) ගිවිසුම් ගතවිය. කොළොන්නාව, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත ප්‍රධාන කාර්යාලයේ දී මෙම ගිවිසුම් ගතවීම සිදුවිය. මේ ... |
"සාකච්ඡා අසාර්ථකයි සෞඛ්‍ය වෘත්තීය සමිති අද සිට දිගට ම වර්ජනයේ" | "වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 දීමනාව (ඩැට්) තමනට ලබා නොදීමට විරෝධය පළ කරමින් අද (13 දා) උදෑසන 6.30 සිට රට පුරා රෝහල්වලදී යළි අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත. සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආර්ථික යුක්තිය ඉටුකර දීම සඳහා පත් කළ කමිටුව මුදල් අමාත්‍යාංශය සමග ඊයේ (12 දා) පැවැත්වූ සාකච්ඡා ... |
"උතුරු මැද හිටපු මහ ඇමැතිට එරෙහි නඩුවේදී අල්ලස් කොමිසම වටේ යනවා" | "උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සමරකෝන් හා ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට එරෙහිව තම අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ පැමිණිල්ල එම විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව සාක්‍ෂි මෙහෙයවන බව පෙනී යන්නේ යැයි කොළඹ මහාධිකරණ විනිසු... |
"දරුවන් අතර ශ්වසන හා චර්ම රෝග පැතිරීමේ ඉඩක්" | "පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දරුවන් අතර ශ්වසන රෝග සහ චර්ම රෝග ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. දරුවන්ට නිසි පරිදි ජලය හා දියර වර්ග පානයට ලබා නොදෙන්නේ නම් තාප කම්පන තත්ත්වයට ලක්වී අනතුරට ලක්විය හැකි බවද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අනතුරු අඟවයි.... |
"5 ශිෂ්‍යත්ව අභියාචනා අද සිට 29 තෙක් ඔන්ලයින් ඔස්සේ කැඳවයි" | "2023 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් අද (13 දා) සිට ලබන 29 දා දක්වා මාර්ගගත ක්‍රමයට (One line) යොමු කිරීමේ හැකියාව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පසුගිය වර්ෂයේ (2023) පැවැති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්‍ෂණයේ ප්‍රතිඵල මත සිසුන්ට 2024 වර්ෂයේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අදාළ අභියාචනා ඉදිරිපත් කළ හ... |
"පොලිස් නිලධාරීන්ගේ නේවාසික හා ආහාර දීමනාව අද සිට දෙනවා- ඇමැති ටිරාන් කියයි" | "පොලිස් නිලධාරීන්ගේ නේවාසික සහ ආහාර දීමනාව අද (13 දා) සිට ලබාදීමට තීරණය කළ බව මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා ‘දිවයින’ ට ඊයේ (12 දා) පැවැසීය. වෙනදා බටා දීමනාව ලෙස හැඳින්වූ මෙම දීමනාව ඊට වඩා වැඩි මුදලක් ලැබෙන ආකාරයට නේවාසික සහ ආහාර දීමනාව යනුවෙන් හඳුන්වා ලබාදීමට සලස්වන බව ද ඇමැතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ පොලිස් ... |
"නීතිපතිගේ විරෝධතා ඉවතට: ත්‍රිකෝණමඩු හා සිංහරාජ පෙත්සම් විභාගයට" | "වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්‍ෂේප කළ අභියාචනාධිකරණය, ත්‍රිකෝණමඩු රක්‍ෂිත වනාන්තර කලාපය එළිපෙහෙළි කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සමක් හා සිංහරාජ වනාන්තරය හරහා මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට ඊයේ (12 දා) අවසර ලබාදුන්නේය. පරිසර යුක්... |
"ශ්‍රීලනිප ජනහමු මාලාවකට මෛත්‍රී ඇතුළු 3ක් ඇමරිකා යති" | "හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (12 දා) අලුයම ඉන්දියාව හරහා ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපළ කාර්ය භාර නිලධාරිවරයා සනාථ කළේය. ඒ මහතා ඊයේ අලුයම 02.50 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ. අයි. – 284 දරන ගුවන් යානයෙන් නවදිල්ලි නුවර වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ය... |
"හිටපු ජනාධිපතිවරු සියලු දෙනාටම වඩා වැඩි වැඩකොටසක් රනිල් වික්‍රමසිංහ බලයට ඇවිත් සිදු කළා" | "ඇතැම් ජනාධිපතිවරු අවුරුදු 12 ක් මේ රට පාලනය කරන්න ඇති, ඇතැම් අය අවුරුදු 5 ක් මේ රට පාලනය කරන්න ඇති, නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලයට පැමිණි පසු සිදුකළ වැඩ කොටස ඒ සියලු ජනාධිපතිවරු සිදුකළ වැඩකොටසට වඩා වැඩියැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. පසුගියදා පැවති ගම්පහ දිස්ත්‍ර... |
"උමා ඔය ව්‍යාපෘතියෙන් ජනතා යහපැවැත්ම අගය කරන නව දේශපාලන සංස්කෘතියට සුවිශේෂී අවස්ථාවක් සැලසෙනවා" | "උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ ජනතාවගේ යහපැවැත්ම සඳහා යටිතල පහසුකම් ව්‍යාපෘති මගින් ලබාදෙන දායකත්වය අගය කරන නව දේශපාලන සංස්කෘතියක් මේ රටේ ආරම්භ කිරීමට සුවිශේෂී අවස්ථාවක් සැලසෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනය කර සිටී. එම සම්පුර්ණ නිවේදනය මෙසේය. උමා ඔය ව්‍යාපෘතියේ මෙගාවොට් 120 ක ජල විදුලි බලාගාරය ... |
"කොල්ලුපිටිය වාළුකාරාමයේ ප්‍රතිෂ්ඨාපනය කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ ප්‍රතිමාව ජනපති අතින් ජනතා දැක්මට…" | "කොල්ලුපිටිය වාළුකාරාමය ඇතුළු පංච මහා විහාරාධිපති, විචිත්‍ර භාණක මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේගේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙන් කොල්ලුපිටිය වාළුකාරාම විහාර මන්දිරයේ ප්‍රතිෂ්ඨාපනය කරන ලද කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ගේ ලෝහමය ප්‍රතිමාව නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12දා) සිදුවිය. ... |
"සමාජ සාධාරණත්වය කණපිට පෙරළන ජනපති විපක්‍ෂයට ඇරයුම් කරනවා – ජී. එල්. පීරිස්" | "සමාජ සාධාරණත්වය කණපිට හරවමින් ජනාධිපතිවරයා ආණ්ඩුවට එකතු වන ලෙස විපක්‍ෂයට ආරාධනා කරන බව නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (12 දා) පැවසීය. ආණ්ඩුවේ නොහැකියාව විපක්‍ෂය මත පැටවීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුවට එකතු වෙන්න යැයි ආරාධනා කරන බවද නිදහස් ජනතා සභා කාර්යාලයේ ඊයේ (12 දා) පැවැ... |
"සබරගමුවේ සිසුහු හත්දෙනා රිමාන්ඩ්" | "සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ සිසුන් දෙදෙනකුට හා සිසුවියකට පහරදීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන සමනලවැව පොලිසිය මගින් ඊයේ (12දා) බලන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට එම පීඨයේම සිසුන් හත් දෙනෙකු ඉදිරිපත් කරන ලදි. එහිදී බලන්ගොඩ මහෙස්ත්‍රාත් බී. කේ. වී. හේෂානි රොඩ්රිගෝ මහත්මිය විසින් එම සිසුන් හත්දෙනා ලබන 14 දා ද... |
"මන්ත්‍රී අමරකීර්ති ඝාතනය: විත්තිකරුවන්ට ඇප දීමට එරෙහි නීතිපතිගේ පෙත්සම ජූලි 9දා විභාගයට" | "පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා හා ඔහුගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයා ඝාතනය කිරීම ඇතුළු චෝදනා යටතේ පරවා තිබූ නඩුවේ විත්තිකරුවන් ඇපමත මුදාහැරීමට ගම්පහ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ලබාදුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සම ... |
"මල්වතුහිරිපිටියේදී සැරයන්ට වෙඩි තබා පැනගිය සැකකරු අල්ලයි" | "මල්වතුහිරිපිටිය පොලිසියේ සැරයන්වරයකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකර රිවෝල්වරයද පැහැරගෙන පලාගිය සැකකරු බිංගිරිය ප්‍රදේශයේ සැඟවී සිටියදී පොලිස් විශේෂ බළකාය විසින් ඊයේ (11දා) සවස අත්අඩංගුවට ගනු ලැබීය. පැහැරගත් ගිනි අවියද ඔහු සතුව තිබී සොයාගෙන තිබේ. සැකකරු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් පොලිස් සැරයන් (55547) ශ්‍රියන්ත මහතාගේ මුඛ්... |
"ව්‍යාපාරිකයාගේ නිවසට පැන්න කොල්ලකරු අසල්වැසියාගේ කඩු ප්‍රහාරයෙන් මරුට" | "මිනුවන්ගොඩ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසකට තියුණු ආයුධවලින් සන්නද්ධව කඩා වැදී මුදල් සහ දේපොළ කොල්ලකමින් සිටි කොල්ලකරුවන් තිදෙනකුට අසල්වැසි තරුණයකු විසින් සිදුකළ පහරදීමකින් එක් කොල්ලකරුවකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇත. ඊයේ (11 දා) අලුයම 3.30ට පමණ සිදුවූ මෙම පහරදීමෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 30 හැවිර... |
"පාතාලය පන්න පන්නා වෙඩි තබා මීගමුවේදී ‘කුරණ චූටි’ මරා දමලා" | "මීගමුව ගල්කන්ද හන්දියට පෙරේදා (10 දා) රාත්‍රි යතුරුපැදියකින් කඩාවැදුණු සන්නද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු යතුරුපැදියක යමින් සිටී ‘කුරණ චූටි’ නමැත්තාට පන්න පන්නා වෙඩි තබා ඔහු ඝාතනය කර පලා ගොස් ඇත. ඝාතනයට ලක්වූ සල්ගාදු නමැත්තාට ද එරෙහිව මිනී මැරුම් සහ නීති විරෝධී අවි ළඟ තබා ගැනීම් සම්බන්ධයෙන් චෝදනා ඇති බව පොලිසිය පවසයි. ප... |
"උපාලි විජයවර්ධන සමරු පිංකම් රට පුරා" | "උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මැතිතුමන්ගේ 41 වැනි ගුණසමරුව පෙබරවාරි 13 වැනිදාට (හෙටට) යෙදී තිබේ. මේ නිමිත්තෙන් උපාලි සමූහ ව්‍යාපාර අලෙවි නියෝජිතයන්, සේවක සේවිකාවන් සහ ජනතාව විසින් දිවයින පුරා ආගමික ගුණසමරු උත්සව සහ පිංකම් රැසක් සංවිධානය කර ඇත. 13 දා අඟහරුවාදා උදේ 9.00ට දිව්‍ය පූජාවක් මට්ටක්කුලිය දේවස්... |
"අදානි සමූහය ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ 3ක බලය අල්ලයි" | "ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ 3ක පරිපාලනය ලබාගැනීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අදානි සමූහය සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, රත්මලාන ගුවන්තොටුපළ සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ කළමනාකරණ සම්බන්ධයෙන් මෙරට බලධාරීන් සමග සාකච්ඡා පවත්වා ඇති බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබේ. ඉ... |
"ජනාධිපතිවරණය කල් දමන්න ඉඩ දෙන්නේ නැහැ" | "අද මේ රට පාලනය කරන්නේ අයාලේ යන ආණ්ඩුවක් සහ පිටරට යන ජනාධිපති කෙනෙක් බවත් ආණ්ඩුව වෙනම කටයුතු කරන විට ජනාධිපතිවරයා තමන්ගේ න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා (10දා) හම්බන්තොට දිස්ත්‍රික් සමගි ජන බලවේග රණවිරු සමුළුව අමතමින... |
"77 එකටම මැති සබයට ආ මිතුරා බලන්න ජනපති ගිහින්" | "දැනට රෝගාතුරව සිටින හිටපු අමාත්‍යවරයකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (11 දා) පෙරවරුවේ කුරුණෑගල කටුගම්පොල පිහිටි ඒ මහතාගේ නිවසට ගියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාත් පළමුවරට පාර්ලිමේන්තුවට තේරීපත් වූයේ 1977 වසරේදීය. එහිදී රනිල් වි... |
"විදෙස් රටකට යෑමෙන් රාජ්‍ය නායකයන් හමු වීමෙන් ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ" | "පිටරටකට යෑම සහ රටක රාජ්‍ය නායකයන් මුණ ගැසීම සිය දේශපාලන හෝ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කර ගැනීමට හේතුවක් නොවේ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (10දා) කටුනායක ගුවන්තොටුපළේදී පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ සිය ඉන්දීය සංචාරය නිමා කර කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැ... |
"ඉන්දියාවයි ලංකාවයි භේද කරන්න චීනය වැඩ කරලා නෑ- ජනපති ඉන්දිය මාධ්‍යයට කියයි" | "ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර බෙදීමක් ඇති කිරීමට චීනය කිසිවිටකත් කටයුතු කර නැතැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. ජනපතිවරයා මේ කරුණු පවසා ඇත්තේ ඉන්දීය වියොත් රූපවාහිනිය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සබඳතා ඉතා හොඳින් වර්ධනය වී ඇති බවත් ආර්ථික අර්බුදය සමයේදී ඉන්දියාව ලබාදුන් ආ... |
"රේගුවට හොරෙන් වාහන 400 ක් ලියාපදිංචි කරලා" | "රජයට සැලකිය යුතු මූල්‍ය අලාභයක් සිදුකරමින් රේගුව මගහැර වාහන 400 කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි කළ බව කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් පස්දෙනෙකු ඇතුළු පුද්ගලයන් හත්දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නීතිමය පියවර ගැනීම ආරම්භ කර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්... |
"කලාපීය සහයෝගීතාව වෙනුවෙන් ඉන්දියාව සමඟ අවබෝධය ඉතා වැදගත්" | "කලාපීය සහයෝගීතාවයේ වර්ධනය වෙනුවෙන් ඉන්දියාව සමඟ අවබෝධය ඉතා වැදගත් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. හේරත් මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මේ කරුණු අනාවරණය කළේය. එහිදී ඔහු මෙසේද කියා සිටියේය. ඉන්දියාවෙන් කළ ආරාධනයක් අනුව ජාතික ජන බලවේගයේ අප යෙදුණු සංචාරය පිළිබඳව ජනතාවට ... |
"වෛද්‍ය සැපයුම් ඒකකය භාර නොගැනීමෙන් කෝටි ගාණක ඖෂධ වරායේ ගුවන්තොටේ පුස්කයි – වෛද්‍ය චමල් සංජීව" | "ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මාස කීපයකට පෙර ගෙන්වන ලද රුපියල් මිලියන ගණනක් වටිනා ඖෂධ වෛද්‍ය සැපයුම් ඒකකය මගින් භාර නොගැනීම නිසා එම ඖෂධ වරායේ හා ගුවන්තොටුපළේ අනාරක්‍ෂිත ලෙස ගබඩා කර තැබීමෙන් ඖෂධ තොග විනාශවීමේ අවදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් ස... |
"පොලිසියේ අලුත් චක්‍රලේඛයෙන් සීසර්ලාට වැඩ වරදී" | "වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානවලට නිකුත් කරන ලද නව චක්‍රලේඛයක් නිසා ඉදිරියේදී ලීසිං ආයතනවලට කිසිදු ආකාරයකට අත්තනෝමතිකව වාහන ලබාගැනීමක් හෝ සීසර්ලා ලවා වාහන පැහැර ගැනීමටද නොහැකි බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා පවසයි. පොලිසියේ මැදිහත්වීම පිළිබඳව මෙම චක්‍රලේඛය හරහා ... |
"දේශීය වෙදකමේ භාවිත කරන ඖෂධ මත්ද්‍රව්‍ය ලෙස අල්ලන්න එපා – ආයුර්වේද වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරි වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා" | "ආයුර්වේද පනත තුළ නීතිගත කර තිබෙන ඖෂධ වර්ග මත්ද්‍රව්‍ය සේ සලකා අත්අඩංගුවට ගැනීමෙන් සිය වෘත්තීය ගෞරවයට හානියක් වන බව ආයුර්වේද වෛද්‍යවරු පවසති. යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ලැයිස්තුවේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ භාවිත වන කාමේෂ්වරී සහ මදනමෝදක වැනි දෑ සඳහන් වීමෙන් සිය වෛද්‍ය ක්‍රමය පිළිබඳ වැරදි ප්‍රතිරූ... |
"වස මිශ්‍ර කළ කිරි පැකට් දුන් සැකකරු තාමත් නිදැල්ලේ – කිරි බීපු දෙදෙනා රෝහලෙන් සිර ගෙදරට" | "ආදුරුප්පුවීදියේ පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනකුට වස මිශ්‍ර කළ කිරි පැකට්ටුවක් ලබාදීමෙන් පසු එය පානය කළ දෙදෙනා අසාධ්‍යව රෝහල් ගත කිරීම සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශනවලට අදාළව කිරිපැකට්ටුව ලබාදුන් සැකකරු ඊයේ (11දා) දහවල් වනවිටත් අත්අඩංගුවට ගෙන නැතැයි පොලිසිය පවසයි. කිරි පැකට්ටුව පානය කළ දෙදෙනා සිහිසු... |
"කුඩු ජාවාරමේ පැටළුණු කාන්තාවෝ 750 ක් හිරගෙවල්වල" | "මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූ කාන්තාවන් 750 දෙනකු මේ වනවිට බන්ධනාගාරගතවී සිටින බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා ‘දිවයින’ ට පැවසීය. මෙම කාන්තාවන් පොලිසි ඇතුළු බන්ධනාගාර කිහිපයකම රඳවා සිටින බවද කී ඒ මහතා මේ අනුව විවිධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ කාන්තාවන් 1250 දෙනකු මෙසේ රඳවා සිටින බව ද පැවසී... |
"ජනපති බටහිර ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක…" | "7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සංචාරයක නිරතවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් 10 වැනිදා බටහිර ඕස්ට්‍රේරලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. කොන්සල් ජනරාල් ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා සහ ප්‍රියංකා ගමගේ මහත්මිය විසින් පිළිගනු ලැබූ ජනාධිපතිවරයා කොන්සල් ජනරාල්... |
"යුක්තිය වැටලීම් 563 කින් සැකකරුවෝ 564 ක් කොටුවෙති" | "මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මත්ද්‍රව්‍ය බෙදාහරින ජාවාරම්කරුවන්ගේ ජාලය මර්දනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේ පෙරේදා (10 දා) දිනයේ සිදුකළ වැටලීම් 563 කදී සැකකරුවන් 564 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් 10 දෙනකු සැකකාරියන් බවද පොලිස් ... |
"රස්නෙට ජලය බොන්න" | "මේ දිනවල පවතින රස්නය හමුවේ වැඩිහිටියකු ජලය ලීටර් 3 ක්ද, කුඩා දරුවකු ජලය ලීටර් 1 1/2 ක්ද පානය කිරීම ශරීරයට වඩාත් යෝග්‍ය බව ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යායතනයේ පෝෂණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ‘දිවයින’ට ඊයේ (11 දා) පැවසුවාය. මීට අමතරව දෙහි යුෂ, දොඩම්, කොමඩු බීම වර්ග පානය කිරීම ඉතා සුදුසු බවද ඇය සඳහන් කළ... |
"පහර කෑමට ලක්ව කෘෂි පීඨයේ සිසුහු තුනක් රෝහලේ" | "ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවන වසරේ සිසුන් පිරිසකට එම පීඨයේම සිසුන් පිරිසක් විසින් පහරදීම හේතුවෙන් සිසුන් දෙදෙනකු හා එක් සිසුවියක් තුවාල ලබා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇත. මේ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන සමනලවැව පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ ඉකුත් 9 වැනිදා රාත්‍රියේ මෙම ගැටුම විශ්වවිද්... |
""ඉන්දියාවේ තෙල්, ගෑස් මුහුද යටින් ලංකාවට"" | "ඉන්දියාවේ නාගපට්ටම් සිට ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය දක්වා පිරිපහදු කළ ඉන්ධන හා ස්වභාවික වායු ගෙන ඒම සඳහා නළ මාර්ගයක් ඉදිකිරීමට ඉන්දීය රජය සූදානම් වේ. මේ සම්බන්ධයෙන් ඉන්දීය තෙල් සමාගමේ (අයිඕසී) ප්‍රධානීන් හා විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඇතුළු මෙරට නිලධාරීන් සමග ඉකුත්දා සිදුකළ සාකච්ඡා සාර්ථකව සිදුව ත... |
"විශාලතම සෙල්ලිපියෙන් රහස් රැසක් එළියට" | "ක්‍රිස්තු පූර්ව දෙවන භාගයේ හෝ ඊට පෙර සමයක, ජනාවාසයක්, කුමාරවරයෙක්, ගම්පාලකයකු ගැන මෙන්ම මැණික් කර්මාන්තය, භික්ෂූන් වහන්සේලා, ආදී මූලාශ්‍රයන් 10ක් පිළිබඳ අතිශය දුර්ලභ තොරතුරු දිඹුලාගලින් හමුවී ඇති සෙල් ලිපියෙන් දැනට අනාවරණය වී ඇතැයි ඒ පිළිබඳව පත් කළ විද්වත් කමිටුවේ සම සභාපති ආචාර්ය මාලනි ඩයස් මහත්මිය කියා සිටියාය. මෙය ... |
"ප්‍රතිව්‍යුහගතකරණයට සජබත් සූදානම්" | "සමගි ජන බලවේගය ආණ්ඩුවක් යටතේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ජනතාවාදී වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ජනතාවාදී වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතුයි. රාජ්‍ය ආයතනවල සිටින පිරිසගේ අයිතීන් සුරක්ෂා වන වැඩපිළිවෙළක් හරහා ප්‍රතිව්‍යුහගත කිරීම... |
"යුක්තිය නවත්වන්න අල්ලස් සෙල්ලම්" | "‘යුක්තිය’ මෙහෙයුම දිගටම කරගෙන යද්දී මුදල් අල්ලස් දී හෝ එම වැටලීම් නතර කිරීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොලිස් ප්‍රධානීන්ට බලපෑම් කරන බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා ‘දිවයින’ ඉරිදා සංග්‍රහයට පැවසීය. මෙම බලපෑම්වලට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් නිලධාරීන්ට මරණ තර්ජන එල්ලවීම අද සාමාන්‍ය තත්ත්වයක ඇතැ... |
"මෛත්‍රිත් ඉන්දියාවට" | "ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරි සතියේදී ඉන්දියාව සහ ඇමරිකාවේ සංචාරය කිරීමට නියමිත බව නිදහස් පක්‍ෂ මාධ්‍ය අංශය සඳහන් කරයි. ඉන්දීය රජයේ නිල ආරාධනාවකට අනුව මෙසේ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා යෑම මෙහිදී සිදු කෙරේ. එහිදී වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව එරට නායකයන් සමග සාකච්ඡ... |
"ඉම්රාන් පෙරමුණට" | "පකිස්ථාන මහා මැතිවරණයේ ඊයේ (09) සවස වන විට නිකුත් කර තිබූ මැතිවරණ ප්‍රතිඵලවලට අනුවබන්ධනාගාරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පකිස්ථාන් ටෙහ්රීක් ඊ ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයට සහය දක්වන ස්වාධීන අපේක්ෂකයන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ඊයේ සවස 2.00 පමණ වන විට ආසන 266 කින් සමන්විත පකි... |
"ජාතික රෝහල වටලන්න හෙද හෙදියෝ කොළඹට" | "හෙද සේවයේ පවතින දීමනා ගැටලු ඇතුළු අනෙකුත් ප්‍රශ්නවලට විසඳුම් නොදීම ගැන විරෝධය පළ කිරීම සඳහා සමස්ත ලංකා හෙද සංගමයට අයත් හෙද හෙදියෝ ලබන බදාදා (14 දා) කොළඹ පිහිටි ජාතික රෝහල ඉදිරිපිටට පැමිණ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට තීරණය කර ඇත. තම සංගමයට අයත් හෙද නිලධාරීන්, හෙද නිලධාරිනියන් විශාල පිරිසක් ඒ සඳහා සම්බන්ධ කරගනිම... |
"උපාලි විජයවර්ධන සමරු පිංකම් රට පුරා" | "උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මැතිතුමන්ගේ 41 වැනි ගුණසමරුව පෙබරවාරි 13 වැනි අඟහරුවාදාට යෙදී තිබේ. මේ නිමිත්තෙන් උපාලි සමූහ ව්‍යාපාර අලෙවි නියෝජිතයන්, සේවක සේවිකාවන් සහ ජනතාව විසින් දිවයින පුරා ආගමික ගුණසමරු උත්සව සහ පිංකම් රැසක් සංවිධානය කර ඇත. 13 දා අඟහරුවාදා උදේ 9.00ට දිව්‍ය පූජාවක් මට්ටක්කුලිය දේවස... |
"විදුලි ආදායම දෙගුණයකින් වැඩිවෙයි" | "විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් ඉකුත් වර්ෂයේ (2023) මුල් මාස අට තුළ විදුලි අලෙවියෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් උපයා ඇති ආදායම රුපියල් බිලියන 402 දක්වා වැඩි වී ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි. 2022 වර්ෂයේ මෙම කාලසීමාවේ දී විදුලිය අලෙවියෙන් උපයා ඇති ආදායම රුපියල්... |
"නැනෝ පොහොර මිලියන 49ක් ගිලී" | "නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීමේ දී අදාළ සැපයුම්කාර සමාගමට රුපියල් මිලියන 49ක වැඩිපුර මුදලක් ගෙවා ඇති බවත් එම මුදල අදාළ සමාගමෙන් ආපසු අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බවත් ජාතික විගණන කාර්යාලය පවසයි. මෙසේ වැඩිපුර ගෙවනු ලැබූ මුදල අදාළ සමාගමෙන් හෝ නියමිත පරිදි ඇගැයීම් කිරීමකින් තොරව ගෙවීම් කිරීමට තීරණය කරනු ලැබූ පාර්ශ්වයෙ... |
"ළමයින්ට වන කරදර ගැන පැමිණිලි 11414ක්" | "ළමා අපයෝජන, ළමා හිංසන, ඇතුළු තවත් වැරදි සම්බන්ධයෙන් පසුගිය වසරේදී (2023) පැමිණිලි එකොළොස්දහස් හාරසිය දහහතරක් ලැබී ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. අදාළ පැමිණිලි ඊමේල් ඔස්සේ 1929 ළමා උපකාරක දුරකථනය මාර්ගයෙන්, ජනාධිපති ලේකම් කාර්යාලය මගින් හ... |
"වී මිලට මණ්ඩලය ලන්සු තියයි" | "මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අවම මිල ගණන් ඉදිරිපත් කර ඇත. ඒ අනුව තෙතමනය සියයට 14% ක් සඳහා වන වී සඳහා නිර්දේශ කර ඇති මිල ගණන් වනුයේ නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 105 ක්ද සම්බා වී කිලෝවක් සඳහා රුපිය්ල 120 ක්ද සහ කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 130 කි. තෙතමනය සියයට 14% කට වැඩි වී සඳහා නා... |
"ලන්සලා දෙවැනි රැලියට හයිඩ් යති" | "පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් විසින් පිහිටුවූ නව සන්ධානයේ දෙවැනි මහජන රැලිය ලබන 24 වැනිදා කොළඹ හයිඩ් පිටියේ දී පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් වෙමින් තිබේ. ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ මූලිකත්වයෙන් සහ සුගීශ්වර බණ්ඩාර මහතාගේ සංවිධානත්වයෙන් එම කටයුතු සිදුකෙරෙන බව රාජගිරිය ප... |
"සජබයේ ඉෂාක් ජනපති සමග රට ගිහින්" | "ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන සාගර ආරක්ෂක සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පසුගිය බ්‍රහස්පතින්දා අලුයම පිටත්ව ගිය නිල දූත පිරිසට සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ද ඇතුළත්ව තිබේ. ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වීම සඳහා ජනපති සමග ගි... |
"සීඅයිඩී පොඩ්ඩන්ගේ වත්කම් සොයයි" | "රහස් පොලිසියේ සේවය කරන පහළ ශ්‍රේණිවල ඇතැම් පොලිස් නිලධාරීන්ගේ වත්කම් පිළිබඳව මේ දිනවල විශේෂ විමර්ශනයක් සිදුකරගෙන යන බව එහි ආරංචි මාර්ග කියා සිටී. ‘හරක්කටා’ සමග සබඳතා පැවැත්වූ පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන් දෙතුන් දෙනකු පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසු මෙම විමර්ශන කටයුතු මෙසේ ආරම්භ කර ඇත. දැනට අත්අඩංගුවට ගත් මෙම නිලධ... |
"ටවර් නාට්‍ය උළෙල ඇරඹේ" | "ටවර් හෝල් රඟහල පදනම, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල 2024 යටතේ පෙබරවාරි 11 දා (අද) වේදිකාගත වන්නේ, එල්ෆින්ස්ටන් රඟහල – ප.ව. 3.30 හා ප.ව. 6.30 පරාක්‍රම නිරිඇල්ලගේ ‘සෙක්කුව’, ටවර් රඟහල – ප.ව. 3.30 හා ප.ව. 6.30 පැතුම් දනන්සූරියගේ ‘රුචිරා දේවි... |
"මුදල් අමාත්‍යාංශය නිහඬ නම් සෞඛ්‍ය සේවක සටන යළිත්" | "සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටුකිරීමට, හෙට (12දා) මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග පැවැත්වෙන සාකච්ඡාවේදී සාධනීය යෝජනාවක් ඉදිරිපත් නොවන්නේ නම් ඕනෑම මොහොතක දිවයින පුරා රජයේ රෝහල්වලදී යළි අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය කියා සිටී. සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සහ මුදල් අමාත්... |
"පරිපාලන III විභාග වසර දෙකක සිට නෑ" | "ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය වසර දහයක් තිස්සේ පවත්වා නැතැයි රාජ්‍ය පාළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ ලේකම් අමිල බණ්ඩාර මහතා පැවසීය. එම විභාගය සඳහා අවසන් වරට අයදුම්පත් කැඳවා ඇතතේ 2013 වසරේදී බව ද ඔහු සඳහන් කළේය. අදාළ තරග විභාගය සඳහා පැවැති අධිකරණ නියෝගයක් මත මෙම ශ්‍රේණ... |
"නළු නිළි විශ්‍රාම වැටුප එක තැන පල්වෙයි" | "සිනමා නළු නිළියන් වෙනුවෙන් පිරිනමන විශ්‍රාමික දීමනාව වැඩිකරන බවට කාලාන්තරයක් තිස්සේ කතාබහක් පැතිරී තිබුණත් එය මෙතෙක් විසඳී නැතැයි එම ක්‍ෂේත්‍රයට සම්බන්ධ කලා ශිල්පියෝ පවසති. මෙම මුදල වැඩි කරන බවට මුල් පොරොන්දුව සිදුකර ඇත්තේ යහපාලන ආණ්ඩුව සමයේදීය. රටේ පැනනැගී ඇති වාතාවරණය සලකා එම විශ්‍රාම දීමනාව වැඩිකරදීම සාධාරණ බව එම ක... |
"බන්ධනාගාර ආගමික ස්ථානවලත් රැඳවියෝ" | "බන්ධනාගාර රැඳවියන් ශීඝ්‍ර වශයෙන් ඉහළ යෑම නිසා එම බන්ධනාගාරවල පිහිටි ආගමික ස්ථානවල පවා ඔවුන් රඳවා ගැනීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. මේ හැර සිවිල් වැරදිවලට සම්බන්ධ රැඳවියන් නිවාස අඩස්සියේ රඳවා තැබීම පිළිබඳව කෙටුම්පතක් ළඟදීම ඉදිරිපත් කරන බවත් මෙය මත්ද්‍රව්... |
"වී අලෙවි මණ්ඩලයේ ගබඩා ලෙල්ලටම හිඳිලා" | "වී අලෙවි මණ්ඩලය සතුව පළාත් 07ක වී මෙට්‍රික්ටොන් 327,285 ක ධාරිතාවකින් යුතු ගබඩා 356ක් පැවැතිය ද ඉකුත් වර්ෂයේ (2023) ජුලි මස 26 වැනිදා වන විට මෙකී ගබඩාවල පැවතියේ වී මෙට්‍රික්ටොන් 7511ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය පවසයි. පළාත් හතේ පැවැති ගබඩා ධාරිතාවයෙන් ප්‍රයෝජනයට ගෙන තිබුණේ සියයට 2.3ක් පමණක් බව ද විගණනය මගින් අනාවර... |
"ගොවීන්ට ගෙනා සහන පොහොර මගඩියක්!" | "රජයේ අනුමැතිය ඇතිව සහනාධාර මිලකට ගොවීන්ට ලබාදීම සඳහා මෙරටට ආනයනය කළ රසායනික පොහොර ගොවීන්ට ලබානොදී වසර හයකට ආසන්න කාලයක් තිස්සේ පිටස්තර පාර්ශ්වවලට වැඩි මිලට අලෙවි කොට රුපියල් කෝටි ගණනක් වංචා කළේ යැයි චෝදනා එල්ලවී තිබියදී තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්‍ෂිත ඇප ලබාදෙන ලෙසට පොහොර ආනයනයන සමාගමක අධ්‍යක්‍ෂවරුන් දෙදෙනකු කළ... |
"ජනපතිගෙන් බටහිර ඔස්ට්‍රේලියා අගමැතිට ඇරයුමක්" | "ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන හත්වන ඉන්දීය සාගර සමුළුවට සහභාගි වීම සඳහා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටහිර ඔස්ට්‍රේලියාවේ අගමැති රොජර් කුක් මහතා හමුවූ අවස්ථාව. ශ්‍රී ලංකාවට පැමිණ මෙරට ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බලන ලෙස ද ජනපතිවරයා කුක් මහතාගෙන් ඉල්ලා ඇත." |
"දැනෙන්න විදුලි බිල අඩු කරන්න – සජිත් මැතිසබයේදී කියයි" | "දැනට පවතින විදුලි බිල ජනතාවට දැනෙන ලෙස අඩු කිරීමක් සිදු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09දා) ඉල්ලා සිටි අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා ද විදුලි බිල අඩු කරන ලෙස ඉල්ලා සිටියේය. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ වෙරිටේ රිසර්ච් ආයත... |
"මුදල් කාරක සභාවේ මුල් පුටුව යළි හර්ෂට" | "රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා විපක්ෂ මන්ත්‍රී (සජබ) ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා යළි පත් කර තිබේ. තේරීම් කාරක සභාව විසින් නව සභාවාරය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරයන් පත් කිරීම සිදුවූ අතර එහිදී සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර ඇත. මෙම කාරක සභාව සඳහා පත් කර ඇති සෙසු සාමා... |
"අනුර කේරළයට අද දිවයිනට" | "ඉන්දියානු රජයේ නිල ආරාධනයකට අනුව එරට පස්දින නිල සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු නියෝජිත පිරිස ඊයේ (09 දා) ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ වාමාංශික සන්ධානය බලය හොබවන කේරල ප්‍රාන්තයේ සංචාරයක නිරත වූහ. තුන්කෝටි පනස් ලක්ෂයකට අධික ජනගහනයකින් යුත් කේරල ප්‍රාන්තය අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර අ... |
"පාඨලීගේ පුටුව ගොඩහේවාට දෙයි" | "නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය අවසන් කෙරෙන තුරු රජයේ මුදල් කාරක සභාව සහ ක්‍රම සහ විධි කාරක සභාව සඳහා විපක්ෂය වෙනුවෙන් නියෝජනය කළ මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නම් නොකිරීමට විපක්ෂය තීරණය කර ඇත. ඒ වෙනුවට විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතාගේ නම ඉදිරිපත් කර ඇත. නව වැනි පාර්ලිමේන්තුවේ සිව්... |
"තෝනිගල සෙල් ලිපිය ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව" | "වවුනියාව, හොරොව්පතාන පාරේ පිහිටි ඓතිහාසික තෝනිගල සෙල් ලිපියේ ආරක්ෂිත මඩ තට්ටු ඉවත් කිරීමෙන් පසුව දැන් මහජනතාවට දක බලා ගැනීම පිණිසත්, පර්යේෂකයන්ට ඒ පිළිබඳ තොරතුරු හැදෑරීමටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වසර තිස් අටකට පසුව අවස්ථාව සලසා දී තිබේ. එමෙන්ම මෙම සෙල් ලිපියේ ආරක්ෂාව පිණිස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප... |
"ජෝර්දානයේ ඇඟලුම් කම්හල්වලින් එළියට වැටුණු 66ක් සියලු වරප්‍රසාද රැගෙන ලංකාවට එති" | "ජෝර්දානයේ පවත්වා ගෙන යමින් තිබූ ඇඟලුම් කර්මාන්තශාලා දෙකක ආයෝජකයන් එහි සේවය කළ සේවකයන්ට නොදන්වා අතුරුදන්වීම නිසා, වසා දැමීමට ලක් වී තිබූ එම කම්හල්වල, අසරණ වී සිටි සේවක සේවිකාවෝ 66 දෙනෙක් ඊයේ (09 දා) අලුයම, තමන්ට හිමි සියලුම වරප්‍රසාද ලබාගෙන කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ. ජෝර්දානයේ අසිල් සහ හයි ඇපරල් නමැති මෙම කර... |
"ටවර් නාට්‍ය උළෙල" | "ටවර් හෝල් රඟහල පදනම, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල – 2024 යටතේ පෙබරවාරි 10 වේදිකා ගතවන්නේ, එල්ෆින්ස්ටන් රඟහල:- ප. ව. 3.30 හා ප. ව. 6.30 ට රිචඩ් මානමුදලිගේ ‘ආයෙත් ඇවිත්” ටවර් රඟහල :- ප. ව. 3.30 හා ප. ව. 6.30 සුජීව සෙනවිරත්නගේ ‘පඹයා ගිය ඉස්ක... |
"යුක්තියට 553 ක් කොටු වෙති" | "දිවයින පුරා ක්‍රියාත්මක ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමට අදාළව පෙරේදා (8 දා) දිනයේ සිදුකළ වැටලීම් 557 කට අදාළව සැකකරුවන් 543 දෙනකු සහ සැකකාරියන් 10 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ඉන් සැකකරුවන් 3 දෙනකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. බස්නාහිර පළාත ආවරණය වන පරිදි කළ වැටලීම්වලින් හෙරොය... |
"පර්ත් නුවර ශ්‍රී ලාංකිකයන් හා ජනපති අතර හමුවක්: රට ගොඩනගන දිගුකාලීන ප්‍රතිපත්තියකට රජය කැප වෙනවා – ජනාධිපති කියයි" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර හමුවක් ඊයේ (09 දා) පෙරවරුවේ සිදුවිය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය මෙන්ම ආර්ථික නවීකරණ සැලසුම් පිළිබඳ මෙහිදී ශ්‍රී ලාංකිකයන්ට කරුණු දැක්වූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය සමග සක්‍රීයව එක... |
"ආර්ථීක අර්බුදයට ආණ්ඩුව අනුගමනය කරන්නේ ප්‍රායෝගික මොඩලයක් – අගමැති දිනේෂ් ගුණවර්ධන" | "ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව මොඩලයකට යෑමට ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට හැකි වූ බවද ආණ්ඩුව අනුගමනය කරන්නේ ප්‍රායෝගික මොඩලයක් බවද අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (9 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව පැවති විවාදයේ දෙවැනි දින විවාදය ආරම්භ කරමින් අගමැත... |
"නෙදර්ලන්තයෙන් උතුරේ සංවර්ධනයට අත හිත" | "නෙදර්ලන්ත රජය විසින් 2024 හා 2025 වසර දෙක තුළ උතුරු ප්‍රදේශයට සංවර්ධන ව්‍යාපෘති කීපයක්ම ලබා දීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ සිටින නියෝජ්‍ය නෙදර්ලන්ත තානාපති ඉවාන් රූට්ජෙන්ස් මහතා යාපනයේදී පැවසීය. යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර පී. එම්. එස්. චාර්ල්ස් මහත්මිය හමු වූ අවස්ථාවේදී තානා... |
"මැතිවරණ කාලෙට වයි-ෆයි දෙනවා යැයි සිහින මවා බලය ලැබුණු පසු මහ දවාලේ සොරා කනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "වත්මන් රජය අපේ රට සුහුරු රටක් බවට පත් කරන්නේ සුහුරු පක්ෂයක් ගොඩනැගීම තුළින් යැයි පවසන නමුත් සමගි ජන බලවේගය සුහුරු රටක් ගොඩ නගන්නේ සුහුරු අධ්‍යාපනය, සුහුරු පාසල, සුහුරු සිසුවා, සුහුරු තාරුණ්‍යය, සුහුරු පුරවැසියා, සුහුරු රට සහ සුහුරු ගෝලීය පුරවැසියා තුළින් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ... |
"කෙහෙළිය අත්අඩංගුවට පත්වීම අත්තනෝමතික කැබිනට් ඇමැතිවරුන්ට හොඳ පාඩමක් – වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව" | "ප්‍රශ්න සහගත හියුමන් ඉමියුනොග්ලොබින් ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට පත්වීමේ සිදුවීම සියලු කැබිනට් ඇමැතිවරුන් ඉතා බරපතළ ලෙස කියවා ගත යුතු කරුණක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා සඳහන් ක... |
"මුදලාලිලාගේ ඒකාධිකාරියට ඉඩ දීලා බෑ – වී අලෙවි මණ්ඩලය අනිවාර්යයෙන් වී මිලට ගත යුතුයි – එස්. එම්. චන්ද්‍රසේන" | "ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු එකතුව වී සහ සහල් ඒකාධිකාරියක් පවත්වාගෙන යන බැවින් වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් අනිවාර්යයෙන් සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ දින (09දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. ... |
"බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයේ සැකකරුවෙක් තුංතොට පාලම අසලදී පලාගිහින්" | "බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයකු විසින් පදවන ලද මෝටර් රථයක් පිටුපස තංගල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් හඹා යෑමේදී සැකකරු එම මෝටර් රථය දුම්මලසූරිය පොලිස් වසමට අයත් දුම්මලසූරිය නගරයට ආසන්න තුංතොට පාලම අසල දමා පලාගොස් ඇත . තංගල්ල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අකුරැස්ස ප්‍රදේශයේ සිටම සැකකරු ලුහුබැඳ ... |
"වෙලේ සුදාගේ බැංකු ගිණුම් පිටපත් විත්තියට දෙනවිට අත්සන නෑ – නීතිපතිගේ ක්‍රියාදාමය වැරදියි – ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි" | "යම් නඩුකරයක් පැවරීමේදී එකී චෝදනා සනාථ කිරීමට නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන ලේඛනවල පිටපත් චෝදනා පත්‍රය සමගම විත්තියට ලබාදිය යුතු වුවත් සිය සේවාදායක ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට පවරා ඇති මෙම නඩුවේදී නීතිපතිවරයා එම ක්‍රියාදාමය අනුගමනය නොකිරීම නිසා විත්තියට බලවත් අගතියක් සිදුවන්නේ යැයි ජනාධිපති නීතිඥ නලින් ල... |
"පොලිස් කූඩුවේ සැකකරුවන් 2 කට කිරි පැකට් දීම: ආදුරුප්පුවීදිය වැ.බ. ඕඅයිසී ඇතුළු 3 කගේ වැඩ තහනම්" | "ජින්තුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ආදුරුප්පුවීදිය පොලිසියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනකුට පිටතින් පැමිණි පුද්ගලයකු විසින් පෙරේදා (7 දා) ලබාදුන් කිරිපැකට්ටුවක් පානය කිරීමෙන් පසු ඔවුන් සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ... |
"දකුණු ආසියාවේ ලොකුම ලයිට් බිල ශ්‍රී ලංකාවේ ගෙවල්වලට" | "දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත්තේ ශ්‍රී ලංකාවේ බවත් නිවාසවල විදුලි ගාස්තු ලෙස ගෙවන මුදල කලාපයේ වෙන රටවලට වඩා 2.5% සිට 3% දක්වා වැඩි අගයක් ගන්නා බවත් විශ්ලේෂණයකින් හෙළිවී තිබෙන බව වෙරිටේ රිසර්ච් සඳහන් කරයි. ආර්ථිකය හා බැඳුනු විශ්ලේෂණාත්මක තොරතුරු සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන publicfinance.lk පළ කරන ලද මෙ... |
"දිඹුලාගලින් හමුවූ මෙරට විශාලතම සෙල්ලිපිය හෙළි කරන්නේ මොනවාද?" | "ශ්‍රී ලංකාවේ දැනට සොයාගෙන ඇති විශාලතම සෙල් ලිපිය ලෙස සැලකෙන පොළොන්නරු දිඹුලාගල සෙල් ලිපියේ අනු පිටපත ඊයේ (08 දා) බුද්ධ ශාසන හා ආගමික සංස්කෘතික ඇමැති විදුර වික්‍රමනායක මහතාගේ නිරීක්‍ෂණයට ලක් විය. එම සෙල් ලිපිය මීට වර්ෂ 2200කට ඉහතදී නිර්මාණය වූවක් බව සඳහන්ය. අඩි 10ක් උස අඩි 48ක් පළලින් යුත් මෙම සෙල් ලිපිය තුළ දේශපාලන තො... |
"ඉන්දීය සාගර සමුළුවට ජනපති ඔස්ට්‍රේලියාවට" | "ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08 දා) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය. ඉන්දියා පදනමේ සහ ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මීට එක්ව සිටින අතර හත්වැනි ඉන්දීය සාගර සමුළුව අද (9 දා) සහ හෙට (10 දා) ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී පැව... |
"රාජ්‍ය බැංකු දෙකක අක්‍රිය ණය බිලියන 602ක් – ඇමැති විජයදාස රාජපක්ෂ" | "රාජ්‍ය බැංකු දෙකක තුන්වැනි අදියරේ අක්‍රීයව පවතින ණය ප්‍රමාණය රුපියල් බිලියන 602කට අධික බව අධිකරණ, බන්ධනාගාර පුනරුත්ථාපන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08 දා) පැවසීය. මෙරට කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්තකරුවන්ට සාධාරණ පොලියකට ණයක් ගැනීමට නොහැකිව සිටියදී එම රාජ්‍ය බැංකු ණය නැවත අයකර ගැනීමකින් තොරව අ... |
"මගේ සහය රනිල්ට" | "ජනාධිපතිවරණයේ දී තම පක්ෂයේත් තමාගේත් පූර්ණ සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දෙන බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී. වී. විග්නේශ්වරන් මන්ත්‍රීවරයා 7 දා පැවසීය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටි විග්නේශ්වරන් මන්ත්‍රීවරයා දැනට ශ්‍රී ලංකාවේ සිටින දේශපාලනඥයන්ගෙන් හා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පුද්ගලයන්ග... |
"ජනපති ගත් තීන්දුවලින් රටේ ආර්ථිකය නිවැරැදි දිසාවට ගමන් කළා – ඇමැති නිමල් සිරිපාල ද සිල්වා" | "රට වෙනුවෙන් අවශ්‍ය මොහොතේ ජනපතිවරයා නිවැරදි තීන්දු තීරණ ගත් නිදා අද වනවිට රටේ ආර්ථිකය නිවැරදි දිසාවට ගමන් කර ඇති බවත් එවැනි එඩිතර නායකයකු රටට ලැබීම ගැන ජනතාව සතුටුවන බවත් වරාය හා නාවික කටයුතු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (8 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය. ජනපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව ඊයේ (... |
"ජනාධිපතිවරණ සල්ලි ගැන ඇහුවාම මැ.කො.ස. ගොත ගැහුවා – ලක්ෂ්මන් කිරිඇල්ල" | "සිවිල් සමාජයේ බළල් අත් අල්ලා ගෙන ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහයක් තිබෙනවා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (8 දා) පැවසීය. ජනාධිපති විසින් පෙරේදා (07 දා) දින ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය. එහිදී ඔහ... |
"මැද මාවතේ යන ප්‍රතිපත්ති 20ක් ගැන සජිත් මැතිසබයට කියයි" | "සමගි ජන බලවේගය ආණ්ඩු බලය ලබා ගත් පසුව සමබර මැද මාවතක ගමන් කරමින් රට ගොඩ නැගීම සඳහා අනුගමනය කරන්නේ යැයි කියනු ලබන ප්‍රතිපත්ති විස්සක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) විස්තර කරන ලදී. සමගි ජන බලවේගය අනුගමනය කරන්නේ අන්ත දක්ෂිණාංශක නව ලිබරල්වාදයත් අන්ත වාමාංශික සමාජවාදයත් අතර සමබර මැද මා... |
"කෘතහස්ත චිත්‍ර ශිල්පී තලංගම ජයසිංහ අභාවප්‍රාප්ත වෙයි" | "පෑනෙන් තෙළි තුඩෙන් තම ප්‍රතිභාව විදහා පෑ කෘතහස්ත චිත්‍ර ශිල්පියකු හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ තලංගම ජයසිංහ මහතා අභාවප්‍රාප්ත විය. චිත්‍ර කතා මාධ්‍යයට තම තෙලි තුඩින් අග්‍රගණ්‍ය මෙහෙවරක් ඉටුකළ තලගොඩ ජයසිංහයන් පුවත්පත් සඳහා අඳින ලද සිත්තම් විශාල ප්‍රමාණයකි. ඔහු මියයන විට 88 වැනි වියේ පසුවිය. 1956 දී ලේක් හවුසියෙන් මාධ්... |
"අනුර ඇතුළු පිරිස ගුජරාට් ප්‍රාන්තයේ අයි හබ් නිරීක්‍ෂණ චාරිකාවක…" | "ඉන්දියානු සංචාරයේ සිව්වැනි දිනය වූ ඊයේ (08) දින අහමදාබාද්හි පිහිටි ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුබද්ධ අයි හබ් සමාගමේ සංචාරයක නිරත වූයෙමු. එම ආයතනය ස්ථාපිත කරනු ලැබ ඇත්තේ ශිෂ්‍යයන්ට හා ආධුනික ව්‍යවසායකයින්ට උපදේශන සේවා, විද්‍යාගාර ඇතුළු යටිතල පහසුකම් සපයන සහ ආයෝජකයන් මගින් අරමුදල් සම්පාදනය කර දීම... |
"අනුර ඇතුළු පිරිස ගුජරාට් ප්‍රාන්තයේ අයි හබ් නිරීක්‍ෂණ චාරිකාවක…" | "ඉන්දියානු සංචාරයේ සිව්වැනි දිනය වූ ඊයේ (08) දින අහමදාබාද්හි පිහිටි ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුබද්ධ අයි හබ් සමාගමේ සංචාරයක නිරත වූයෙමු. එම ආයතනය ස්ථාපිත කරනු ලැබ ඇත්තේ ශිෂ්‍යයන්ට හා ආධුනික ව්‍යවසායකයින්ට උපදේශන සේවා, විද්‍යාගාර ඇතුළු යටිතල පහසුකම් සපයන සහ ආයෝජකයන් මගින් අරමුදල් සම්පාදනය කර දීම... |
"ප්‍රධාන පාර්ශ්වකරු ලක්දනවි සමාගම : ශ්‍රී ලංකාවේ පළමු මහා පරිමාණ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ඇරඹේ" | "තිරසර බලශක්ති ජනනයේ ඓතිහාසික පියවරක් තබමින් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ රිවිදනවි (පෞද්ගලික) සමාගම මෙගාවොට් සියයක ජනන ධාරිතාවක් සහිත සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ඉදි කෙරෙන සූර්ය බලාගාරයේ විදුලිය මිලදී ගැනීම සඳහා ගිවිසුම්වලට අත්සන් තැබීම දෙපාර්ශ්වයේ නියෝජිතයන් විසින් ඊයේ (08 වැනිදා) සිදු කරනු ලැබීය. ඇමෙරිකානු ඩොලර් මිලියන 15... |
"ආබාධිත-වැඩිහිටි සහ වකුගඩු දීමනා ඉහළට" | "ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ජනවාරි සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. මේ අනුව රු. 5000ක්ව පැවති ආබාධිත සහ වකුගඩු දීමනාව රු. 7500 ක් දක්වා සහ රු. 2000ක්ව පැවති වැඩිහිටි දීමනාව රු. 3000ක් දක්වාද ඉහළ නංවන බව මුදල් රාජ්‍ය ඇමැතිවරයා කියයි. එසේම දැනට අස්වැසුම ප්‍රතිලාභ පවුල්... |
"ඔන්ලයින් පනතෙන් මැතිසබය ඊයේත් උණුසුම්" | "සම්මත කර ගනු ලැබූ සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ පනත සම්බන්ධයෙන් විපක්ෂය සහ ආණ්ඩුව අතර පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) දිනයේදී ද වාදයක් ඇතිවිණ. අදාළ පනතට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් සංශෝධන ඇතුළත් නොකිරීමෙන් ආණ්ඩුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා එහිදී පැවසීය. පනතෙහි අඩුපාඩු ඇති බැවින් ... |
"පාසලේ දී සහ නිවසේ දී දරුවන්ට ශාරීරික දඬුවම් දීම සම්පූර්ණයෙන් තහනම් කළ යුතුයි – යුනිසෙෆ් කියයි" | "නිවාස සහ පාසල් ඇතුළු ස්ථානවලදී ළමුන්ට ශාරීරික දඬුවම් පැමිණ වීම සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බව යුනිසෙෆ් ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් පවසයි. මේ අතර යම් වරදකට දරුවන් ආයතන ගතව රඳවා තැබීම කළ යුත්තේ අවසන් විකල්පය ලෙස බව පවසන යුනිසෙෆ් සංවිධානය එක්සත් ජාතීන් ළමා ප්‍රඥප්තිය ද එය අවධාරණය කර ඇති බවද සඳහන් කරයි. නිසි ... |
"මහ බැංකුවෙන් බැංකුවලට දෙන ණයට තිබූ සීමා ලිහිල් කෙරේ" | "මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ලබාදෙන නිත්‍ය පහසුකම මත පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට පෙරේදා (07 දා) පැවැති මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත. විවට වෙළෙඳපොළ කටයුතු යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකුවලට මෙම නිත්‍ය පහසුකම ලබාදෙනු ලබයි. මේ අනුව 2024 ජනවාරි මස 16 වැනිදායින් ආරම්භ වන සංචිත ප... |
"ජනපති කරන්නේ ලොරියේ බුදුසරණයි ගසාගෙන හොර හරක් ඇදීමක්ද? – ඩලස් අලහප්පෙරුම අසයි" | "ජනාධිපතිවරයා සියලු දෙනාට එකතු වෙන්න කථා කළත් එකතුවී කරන්නේ කුමක්ද යන්න කියන්නේ නැතැයි නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (8දා) පැවසීය. සාමකාමී උද්ඝෝෂණවලට පහරදිදී විපක්‍ෂයේ අයට එකතුවෙන්න කියමින් විරුද්ධ පක්‍ෂ මර්දනය කිරීමක් සිදුකරන බවද අලහප්පෙරුම මහතා නිදහස ජනතා සභා කාර්යාලයේදී ඊයේ ... |
"විදෙස් ප්‍රේෂණ 57.5% කින් ඉහළට" | "ගිය වසරේ (2023) මෙරට ලැබුණු මුළු විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය 2022 වසරට සාපේක්‍ෂව 57.5් කින් ඉහළ ගොස් ඇත. 2022 වසරේදී මෙරටට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 3789ක් වූ විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය ගිය වසරේ (2023) දී ඇමරිකානු ඩොලර් මිලියන 5970 ක් දක්වා වැඩිවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකව නිකුත් කළ නවතම වාර්තාවක දැක් වේ. එසේ... |
"පොහොට්ටුව අමනාපකම් දුරු කළා නම් සජබට – ජවිපෙට එහෙම බැරි ඇයි?" | "මෙරට ආර්ථිකය කඩා වැටුණේ උල්කාපාත වේගයකින් වුවත් එය රොකට් වේගයෙන් යළි ඔසවන්නට සමත් වූ බවත් ඉදිරියේදී ශක්තිමත් ආර්ථිකයක් කරා යෑමට ළඟදීම ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ සඳහා ආයතන අලුතෙන් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය විවෘත කරමින් ප්‍රතිපත්ත... |
"සිපෙට්කෝ ෂෙඩ් 40 ක් ඊයේ ඉන්ධන නැතිව වැහුණා" | "රටපුරා පිහිටි තෙල් සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධනහල්වලින් සියයට හතළිහක් පමණ ඉන්ධන නොමැතිවීම නිසා ඊයේ (07 දා) වසා දැමීමට සිදුවූ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පැවසීය. මීට හේතුවී ඇත්තේ පෙරවරු 10.00 ට පෙර සංස්ථා ගිණුමට, ඇණවුමට අදාළ සම්පූර්ණ මුදල බැරකළ යුතු බවට නව නීතියක් දැමීම යැයිද එම සංගමයේ ප්‍රකාශකයෙක් කීය. බැංකු විව... |
"හිටපු නාවික හමුදාපති දයා සඳගිරි සජිත්ට එකතු වෙයි – සජබයෙන් උපදේශක තනතුරක්" | "ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වැනි නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහයෝගය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක් විය. සමුද්‍රීය හා නාවුක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඒ මහතාට ඇති හසල දැනුම හා පළපුරුද්ද මත විපක්ෂ නායකවරයා විසින් ඒ මහතා සමගි ජනබලවේගයේ සමුද්‍රීය හ... |
"පුටුව චන්ද්‍රිකාට" | "පොදුජන එක්සත් පෙරමුණේ (පුටුව) පිහිටුවන නායකත්ව මණ්ඩලයේ නායකත්වයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්කිරීමට තීරණය කර ඇත. එම පෙරමුණේ ව්‍යවස්ථා සංශෝධනය කිරීම සඳහා පෙරේදා (06දා) රැස්වූ විධායක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබේ. ඉදිරියේ පැවැත්වෙන මැතිවණවලට තරග කිරීම සඳහා පොදුජන එක්සත් පෙරමුණ යටතේ නව ... |
"කුඩු රොෂාන්ට හා සහෝදරයාට ඇප" | "යුක්තිය මෙහෙයුමෙන් බේරීම සඳහා පලාගොස් වරකාපොළ හෝටලයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ප්‍රසාද් රුවන් හෙවත්, මට්ටක්කුලියේ කුඩු රොෂාන් සහ ඔහුගේ බාල සහෝදරයා රුපියල් තුන්කෝටි පනස් ලක්‍ෂයක මුදල් ඇප හා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 11ක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේම... |
"අනුර ඇතුළු පිරිස ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව හමුවෙති" | "ඉන්දීය සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස 06 වැනිදා නව දිල්ලියේ පිහිටි Observer Research Foundation හෙවත් ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව හමුවූහ.Observer Research Foundation යනු ඉන්දියානු රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේදීත් තීරණ ගැනීමේදීත් ඉන්දියාවේ දේශපාලකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.