Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"සජිත්ටත් ඉන්දියාවෙන් ආරාධනයක්" | "නිල සංචාරයකට පැමිණෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ද ඉන්දියාවෙන් නිල ආරාධනයක් ලැබී තිබේ. එරටට පැමිණෙන ලෙස කිහිප විටක්ම විපක්ෂනායකවරයාට ආරාධනා ලැබී තිබුණු බව සමගි ජන බලවේගය මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘දිවයින’ට පැවසීය. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා තමා යොදාගත් අත්‍යවශ්‍ය වැඩ රාජකාරි ... |
"පොදු ප්‍රවාහනයේ ලිංගික හිංසන මැඬපවත්වන්න පොලිසියෙන් අලුත් වැඩක්" | "කුඩා දරුවන්ට සහ කාන්තාවන්ට පොදු ප්‍රවාහනයේ දී සිදුවන ලිංගික හිංසනයන් මැඬපැවැත්වීම සඳහා පොලිසිය ඊයේ (07 වැනිදා) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත. සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් මගින් වැඩිපුර ගමන් ගන්නා වේලාවල්වල පොදු ප්‍රවාහන සේවාවල යොදවා කාන්තාවන්ට සහ දරුවන්ට විවිධ ලිංගික අතවර කරන පුද්ගලයන් අත්... |
"භාරවූ එල්ටීටීඊ සාමාජිකයන් ගැන තොරතුරු නොදීම හමුදාවට නොතිසි" | "එල්. ටී. ටී. ඊ. සංවිධානය හා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා අතර යුද්ධයේ අවසන් අදියරේදී යුද හමුදාවට භාරවූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සම්බන්ධයෙන් තොරතුරු ලබානොදීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සමක් පිළිබඳ කරුණු විමසීම සඳහා ලබන මාර්තු 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය ඊයේ (07දා) ශ්‍රී ලංකා යුද හමුද... |
"මට බෑ මම යන්නෑ – කෙහෙළිය කියයි" | "පාර්ලිමේන්තු සැසිවාරය ඊයේ (07දා) ආරම්භ වන අවස්ථාවේදී හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඊට සහභාගිවීම සඳහා බන්ධනාගාරයෙන් අවසරය ලබා දුන්නත් ඒ මහතා පාර්ලිමේන්තුවට යෑම දින තුනම ප්‍රතික්ෂේප කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා ‘දිවයින’ ට පැවසීය. රඹුක්වැල්ල මහතා ඊයේ (07දා) අද (08දා) ... |
"නුවරඑළිය තැපෑල හෝටලයක් කරනවාට විරුද්ධව රීට් ආඥාවක් ඉල්ලීම සළකා බැලීම මාර්තු 06 දා" | "පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් ලෙසට නම්කර ඇති නුවරඑළිය මූලස්ථාන තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැඟිල්ල නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන සංචාරක හෝටලයක් පවත්වාගෙන යෑම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට රජයට ගෙන ඇති තීරණය වළක්වන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රීට් ආඥා පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන මාර... |
"අඩුබර පාන් විකිණූ බේකරි 100 කට නඩු" | "පාන්වල නියමිත බර සඳහා වූ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා පෙරේදා (06දා) සිට වැටලීම් ආරම්භ කිරීමෙන් පසු නියමිත බර ප්‍රමාණය නොමැති පාන් අලෙවි කළ බේකරි 100 කට අධික ප්‍රමාණයකට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර තිබේ. මෙම හෝටල් බොහොමයකම පාන්වල මිල ප්‍රදර්ශනය කර නොතිබූ බව ද එම අධිකාරිය... |
"මාළු බහාලන ටැංකියක විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් ධීවරයෙක් මරුට – තවත් හත්දෙනෙක් රෝහලේ" | "අම්බලන්ගොඩ ධීවර වරායේ නවතා තිබූ ධීවර යාත්‍රාවක මාළු බහාලන ටැංකියක් තුළදී විෂ වායුවක් ආඝ්‍රාණය වීම හේතුවෙන් ඊයේ (7 දා) ධීවරයකු මියගොස් තිබේ. එහිදී තවත් ධීවරයන් 7දෙනකු බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ." |
"පාසල් 4983ක් අවට මත් තිප්පොළවල් වැටලුවා – පොලිස් මූලස්ථානය" | "දිවයින පුරා ඇති පාසල් 10,221 අතරින් පාසල් 4983 ක් අවට මත්ද්‍රව්‍ය සංසරණයක් තිබෙන බවට හඳුනාගෙන ඒවා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව වටලා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. මෙහිදී මත්ද්‍රව්‍ය අලෙවි කළ සැකකරුවන් 517 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද එම මූලස්ථානය කියයි. එහිදී මත්කුඩු ග්‍රෑම් 85ක්ද, අයිස් ග්‍රෑම් 48ක්ද, මත්... |
"අපේක්‍ෂා රෝහලේ පරිපාලන නිලධාරියාට මන්නෙන් කොටා පලාගිය සේවකයා පොලිසියට කොටු" | "මහරගම අපේක්ෂා රෝහලේ සේවක හා කාර්යාල පරිපාලන නිලධාරී වශයෙන් කටයුතු කළ එන්. ඩබ්ලිව්. සී. ප්‍රදීප රසාංග මහතාට රාජකාරී ගැටලුවක් මුල් කර ගනිමින් එම රෝහලේම සේවය කළ සෞඛ්‍ය කාර්ය සහායක වරයකු විසින් ඉකුත් 06දා රෝහල් කාර්යාලයේදී තියුණු ලෙස කැපෙන මන්නයකින් කොටා බරපතළ තුවාල සිදුකොට පලා ගොස් අවිස්සාවේල්ල ප්‍රදේශයේ සැඟව සිටියදී පහර... |
"ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෝ ඊයේ රටපුරා උද්ඝෝෂණවල" | "ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසින් දියත් කරන ලද උද්ඝෝෂණ රට පුරා පැවැත්විණි. සියලු සේවක සංගම් හා වෘත්තීය සමිති එක්ව දීපව්‍යාප්තව සංවිධානය කරන විරෝධතාවට හා උද්ඝෝෂණයට සහය දක්වමින් මහනුවර විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසින් දැක්වූ විරෝධයේ අවස්ථාවකි මේ. වෘත්තීය සමිති මර්දනය වහා නවතනු, ජනතාවගේ විදුලි බිල වහා අඩු කරනු, වැඩ තහන... |
"මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට ව්‍යවසාය සංවර්ධන යෝජනාවලියක්" | "මධ්‍යම පළාත වෙනුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය වෙනුවෙන් සකස් කළ විශේෂ යෝජනාවලියක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා වෙත පිළිගැන්වීම පසුගියදා දඹුල්ලේදී සිදුවිය. දේශීය ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම හා දිරිගැන්වීම වෙනුවෙන් මධ්‍යම පළාතේ අදාළ සියලු රාජ්‍ය ආයතනවල සහයෝගය හා දායකත්වය ලබාදෙන ලෙස... |
"බාල බෙහෙත් වංචාවට ඇතුළට ගිය කෙහෙළිය අස්වෙයි – ජනපති අස්වීම පිළිගනී" | "දැනට බන්ධනාගාරගතව සිටින පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (6 දා) සිය ඇමැති පදවියෙන් ඉල්ලා අස්විය. ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබේ. එම අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. ප්... |
"බාල එන්නත් ගනුදෙනුව – සෞඛ්‍ය අතිරේක ලේකම්ගේ කාර්යාලයේ සියලු ලේඛන සීඅයිඩී භාරයට ගනී" | "ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීමේදී සිදුවී ඇති රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගේ නිල කාර්යාලයේ තිබූ සියලු ලිපි ලේඛන සිය භාරයට ගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පෙරේදා (... |
"කංසා කැබිනට් පත්‍රිකාවක් ආවේ නෑ – ඇමැති බන්දුල සහ රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි කියති – ඩයනා කියන්නේ බොරුද?" | "ඖෂධීය කංසා ශ්‍රී ලංකාව තුළ වගාකර අපනයනය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට කිසිදු කැබිනට් පත්‍රිකාවක් පෙරේදා (05දා) පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් නොවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එබැවින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව තමාට වගකීම භාරගත නොහැකි... |
"සල්ලි හරි – ජනාධිපතිවරණයේ බලය ජූලියෙන් පසු කොමිසම අතට" | "ලබන ජූලි මාසයේ සිට ජනාධිපතිවරණය කැඳවීමේ බලය මැතිවරණ කොමිසමට ලැබෙයි. ඒ අනුව අගෝස්තු මාසයේ නාමයෝජනා කැඳවීමටත් ඔක්තෝබර් මාසයේදී ජනපතිවරණ ඡන්ද විමසීම සිදුකිරීමටත් බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර ඔක්තෝබර් පළමු සතියේ මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන බවට සංචාරක හා ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා ද ඊයේ... |
"අපේ දරුවන් ලක්‍ෂයකට වඩා මන්දපෝෂණයෙන්" | "මෙරට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන වයස අවුරුදු 5ට අඩු දරුවන් 15758 දෙනකු සහ මධ්‍යස්ථ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 120230 දෙනකු හඳුනාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් 2023 වසරේ පෝෂණ මාසයේ කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මෙම සමීක්ෂණයට අනුව වයස අවුරුදු 05ට වඩා අඩු දරුවන් අතර අඩුබර දරුවන්ගේ සංඛ්‍යාව 232004කි. එමෙන්ම වයස ... |
"පාර්ලිමේන්තු නව සභාවාරය විවෘත කිරීම අද චාම් අයුරින්" | "නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය විවෘත කිරීම අද (07 දා) පෙ.ව. 10.30 ට සිදු කිරීමට නියමිතය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත වෙනදා මෙන් මෙම විවෘත කිරීමේ අවස්ථාව උත්සවාකාරයෙන් සිදු නොකර චාම් ලෙස සිදුකරන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. මෙහිදී සභාවාරයේ මුලසුන හොබවමින් ජනාධිපති රන... |
"ජනතාවට සල්ලි නැති නිසා පෑලියගොඩ මාළු අලෙවිය භාගෙට භාගයක්ම බැහැලා" | "ජනතාව අත මුදල් නොමැති නිසා මත්ස්‍ය අලෙවිය සියයට පනහකින්ම පහළ වැටී ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණ වෙළෙඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා ‘දිවයින’ට පැවසීය. මාළු අලෙවිය භාගෙට භාගයකින්ම පහළ වැටීම නිසා මාළු මිල ද අඩුවී ඇතැයි ඒ මහතා කීය. මාළු අලෙවිය මේසා විශාල ලෙස පහළ යෑම නිසා ව්‍යාපාරිකයන් මෙන්ම ධීවරයන් ද අර්බුදයකට මුහු... |
"ඖෂධ හිඟ යයි කියූ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම්ට විනය පරීක්‍ෂණ" | "රෝහලේ පැවැති ඖෂධ සහ උපකරණ හ`ිගය මත රෝගීන් මුහුණ දී සිටි අසරණ තත්ත්වය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය හමුවේ දැනුවත් කර පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර විනය පරීක්ෂණයකට කැඳව... |
"අධ්‍යයන නිවාඩු ගෙන රට ගිය 9 දෙනකුගෙන් පොල් පර්යේෂණ මණ්ඩලයට කෝටි 5ක පොල්ලක්" | "පොල් පර්යේෂණ මණ්ඩලයේ බැඳුම්කර ගිවිසුම් කඩකළ නිලධාරින් 09 දෙනකුගෙන් රුපියල් පන්කෝටි දෙලක්ෂ තිස්නවදහස් හත්සියහැත්තෑවක් (50,239,770) අයවීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ. පොල් පර්යේෂණ මණ්ඩලයේ සේවය කරමින් සිටියදී අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වූ නිලධාරින් 06 දෙනකු මණ්ඩලය සමග ඇති ක... |
"අනුර කුමාර දිසානායක ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි" | "ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස (05දා) රාත්‍රියේ විදේශ ලේකම් Vinay Mohan මහතා හමුවිය. එම හමුව නවදිල්ලි නගරයේ Taj Mansingh හෝටලයේදී පැවැත්විණි. එම දූත පිරිස ඉන්දියාවේ Observer Research Foundation සහ Unique Identification Authority of India (UIDAI) ආයතන නැ... |
"යුක්තියට දින 50 යි: අපරාධකරුවෝ 56541 ක් කොටු" | "‘යුක්තිය’ මෙහෙයුම ආරම්භ කර දින 50 ක් සම්පූර්ණ වූ ඊයේ (06දා) දිනය වන විට මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාල ක්‍රියාකාරකම්, වරෙන්තුකරුවන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 56,541 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් දෙසැම්බර් මස 17 වැනිදා යුක්තිය මෙහෙයුම ආරම්භ කළ අතර එය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරිණි. මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය... |
"ආණ්ඩුව නිහඬ නම් සටන දැඩි කරනවා" | "ලබාදීමට අනුමත කළ දසදහසේ දීමනාව සහ අනිකුත් ඉල්ලීම් පිළිබඳව රජය අවධානය යොමු නොකරන්නේ නම් සිය වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන බව, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති. මෙම ඉල්ලීම් ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා එම සංගමයේ හෙද හෙදියෝ ඊයේත් (6 දා) නිල ඇඳුම් වර්ජනය කරමින් සාමාන්‍ය ... |
"කොටසකගේ සහායෙන් විශාල වැඩ කොටසක් කළා නම් සියලුදෙනා සහාය දුන්නොත් රට කොතැනද?" | "පාර්ලිමේන්තුවේ කොටසකගේ පමණක් සහාය ඇතිව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට ආණ්ඩුව සමත් වූවා නම් පාර්ලිමේන්තුවේ සියලුදෙනාගේ සහාය ඇතිව රට ඔසවා තැබිය හැක්කේ කුමන ස්ථානයකට කියා සියලු දෙනා සිතා බැලිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේබව ස... |
"ජනවාරියේ පමණක් සංචාරකයන්ගෙන් මිලියන 500 ක ආදායමක්" | "2024 ජනවාරි මාසයේදී පමණක් මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් රුපියල් මිලියන 500 කට ආසන්න ආදායක් ලබා ඇතැයි, සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 2023 වසරේ ජනවාරි මාසය සමඟ සැසඳීමේදී එය 104% ක වර්ධනයක් බවත්, මේ වසරේදී මෙරටට සංචාරකයන් ලක්ෂ 23 ක පමණ පිරිසක් ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් එම අධිකාරිය කියයි. ඉකුත් මාසයේදී මෙරටට සංචාරකයන් ... |
"6න් ඉහළ පාසල් දරුවන් බහුතරයක් ප්‍රචණ්ඩ වෙලා" | "6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි දක්වා පාසල් දරුවන් බහුතරයක් ප්‍රචණ්ඩ වී ඇතැයි කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා ‘දිවයින’ට ඊයේ (06දා) පැවසීය. සමාජ මාධ්‍ය සහ චිත්‍රපටිවලින් ප්‍රදර්ශනය වන ගහමරා ගැනීම්, වෙඩි තැබීම්, පළිගැනීම් වැනි දර්ශන නැරඹීම සහ වීඩියෝ ක්‍රීඩා මෙලෙස දරුවන්ගේ ප්‍රචණ්ඩ හැසිරීමට බලපා ඇතැය... |
"ලබන 10 තෙක් වැසි නෑ – කාලගුණේ කියයි" | "දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත්, ලබන 10 වැනිදා දක්වා මෙම තත්ත්වය පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදනී කරුණාපාල මහත්මිය ‘දිවයින’ට ඊයේ (6 දා) පැවසුවාය. 10 වැනිදායින් පසු වැසි සහිත කාලගුණික තත්ත්වයක් පවතින බව ද ඇය කියා සිටියාය. හිමිදිරි උදෑසන කාලයේදී... |
"අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 6 ක මිල සංශෝධනයක්" | "අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය හයකට නිකුත් කර තිබූ උපරිම තොග සහ සිල්ලර මිල ඊයේ (06 දා) සිට සංශෝධනය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. ඒ අනුව වියළි මිරිස්, සුදු සීනි, ආනයනික හාල්මැස්සන්, ආනයනික ලොකු ලූනු සහ ආනයනික අර්තාපල්, මයිසූර් පරිප්පු යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් මෙලෙස සංශෝධනය කර ඇත. වියළි ම... |
"හරිනි ගොනු කළ පෙත්සම මාර්තු 1දා කැඳවයි" | "පසුගිය මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට නිගමනය කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ගොනු කර තිබූ පෙත්සම් හතරක් ලබන මාර්තු 5 වැනිදා යළි කැඳවීමට ... |
"විදුලි බිලට සහනයක් දෙන බව කීව ආණ්ඩුව අද මුනිවත රකිනවා – තිස්ස අත්තනායක" | "විදුලි බිලට සහනයක් දෙන බව ආණ්ඩුව කීවත් තවම කිසිම විසඳුමක් ඒ සඳහා දී නැති බවත්, ලංකා විදුලිබල මණ්ඩලය අධික ලාභ ලබද්දී එහි සහනය ජනතාවට ලබාදෙන්න ආණ්ඩුව අසමත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. 76 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් රජය ලක්‍ෂ 2000ක් වියදම් කර තිබෙන බවත්, නමුත් ලක්‍ෂ 2000ක් වියදම් කර සම... |
"හිටපු ඇමැති සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී නිදහස් දින සැමරුමක්" | "පටු ත්‍රස්තවාදී ආකල්ප, කුලවාදී සිතිවිලිවලින් මිදී ශ්‍රී ලංකා ධජය ඔසවමින් දමිළ ජනතාව එක්ව යාපනයේ 76 වැනි නිදහස් සැමරුම හිටපු මහජන ආරක්‍ෂක ඇමැති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අවස්ථාව. අරුන් සිද්ධාර්ථන් සංවිධානය කළ මෙම නිදහස් සමරුව යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්විණි. " |
"ගම්පොල ජාත්‍යන්තර පාසලේ සිසුවා මාරක ගසට බිලි" | "ගම්පොල නගරයේ ඇති ජාත්‍යන්තර පාසලක ඊයේ (05 දා) දහවල් විවේක කාලයේදී එහි පෙර පාසල් දරුවන් මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී ගසක් කඩා වැටීමෙන් එක්දරුවකු මියගොස් තවත් දරුවන් දෙදෙනකු තුවාල ලබා ගම්පොල හා මහනුවර රෝහල්වලට ඇතුළත් කර තිබෙන බව පරීක්‍ෂණ පවත්වන ඇත්ගාල පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ ගම්පොල ඉල්ලවතුර ප්‍රදේශයේ පදිංචි ම... |
"උරුමය ඉඩම් ඔප්පු ප්‍රදානය අරඹමින්…" | "ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්‍ෂිත කිරීමට ඉඩම්වල සින්නක්කර අයිතිය ලබාදීමේ ‘උරුමය’ වැඩසටහනේ පළමු අදියරේ ඔප්පු ප්‍රදානය රන්ගිරි දඹුළු ක්‍රීඩාංගණයේදී ඊයේ (5දා) සිදුවූ අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආදිවාසියකුට ඔප්පුවක් පිරිනැමූ අයුරු. උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්‍ෂ 20 කට නිදහස් සින්නක්කර ඔප්පු ප්‍රදානය ක... |
"ගිය වසරේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට" | "ගිය වසරේ (2023) දී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 9.1 කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අනුව 2022 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 13106ක් වූ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ගිය වර්ෂයේ දී (2023) ඇමරිකානු ඩොලර් මිලියන 11,911ක් දක්වා පහත වැටී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බ... |
"ගිය වසරේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට" | "ගිය වසරේ (2023) දී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 9.1 කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අනුව 2022 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 13106ක් වූ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ගිය වර්ෂයේ දී (2023) ඇමරිකානු ඩොලර් මිලියන 11,911ක් දක්වා පහත වැටී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බ... |
"නාසා නව ග්‍රහලෝකයක් සොයා ගනී" | "ජීවයට හිතකර නව ග්‍රහලෝකයක් සොයාගත් බව නාසා ආයතනය පවසයි. එය පෘථිවියට ආලෝක වර්ෂ 137ක් දුරින් පිහිටා තිබේ. එය රතු පැහැති කුඩා තාරකාවක් වටා පරිභ්‍රමණය වන බවත් ඒ සඳහා දින 19ක් ගතවන බවත් සොයාගෙන ඇත." |
"කන්දකාඩු මොකද වෙන්නේ – රැඳවියෝ 34ක් අත්අඩංගුවට" | "වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාවිත් බස් රථයක් පැහැර ගැනීමට තැත් කළ රැඳවියන් 20 ක් සහ පුනරුත්ථාපන කඳවුරේ යුද හමුදා සෙබළුන් සමග ගැටුම් ඇතිකරගත් රැඳවියන් 14 ක් වැලිකන්ද සහ පුලතිසිගම පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇත. සෝමාවතිය වැඳ පුදාගෙන බැංකු නිවාඩු නිකේතනයක රැඳී සිටි පිරිසක් සමග ආරවුලක් ඇතිකරගෙන බස්... |
"කලබල කළොත් රිමාන්ඩ් කරනවා – ඇමැති විජයදාස රාජපක්‍ෂ" | "පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රඳවා සිටින රැඳවියන් මින් ඉදිරියට කලහකාරී ලෙස කටයුතු කළහොත් ඔවුන් එම මධ්‍යස්ථානවලින් ඉවත් කර රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්නා බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට ඊයේ (5 දා) පැවසීය. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ඇතුළු වීමෙන් මෙම මධ්‍යස්... |
"ළමා පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා" | "ළමා පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ ට ඊයේ (05 දා) පැවසීය. මීට වසර කීපයකට පෙර වසරකට ළමා පිළිකා රෝගීන් 500 ක් වාර්තා වූවත් වසර දෙකක් තුළ ජනගහනයේ වැඩිවීමත් සමඟ වසරකට ළමා පිළිකා රෝගීන් 900 ක් පමණ වාර්තා වන බව ද, ළමා පිළිකා රෝගීන් අතරේ ල... |
"ඩෙංගුවලින් ආරක්‍ෂා වෙන්න බ්‍රසීලයෙන් එන්නතක්" | "දකුණු ඇමරිකානු රටක් වන බ්‍රසීලයේ බුටන්ටන්ට් ආයතනය මගින් නිපදවා ඇති නව ඩෙංගු මර්දන එන්නත හරහා ඩෙංගු රෝගයට ගොදුරු වීමෙන් වැළකීම සඳහා සියයට 80 ක ආරක්ෂාවක් සලසන බව මෙතෙක් කරන ලද අත්හදාබැලීම්වලින් සනාථ වී ඇතැයි ‘නිව් එංග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින්’ සඟරාව විසින් වාර්තා කර තිබේ. බ්‍රසීලයේ බුටන්ටන් ආයතනය මගින් වසර ගණනාවක් මුළු... |
"13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමෙන් පුරාවිද්‍යා විනාශය වේගවත් වෙනවා" | "13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමෙන් සිදුවන්නේ උතුරට එක නීතියකුත් දකුණට තව නීතියකුත් ක්‍රියාත්මක වීම බවත් එමගින් පුරාවිද්‍යා බලතල පළාත් සභා සතුවීමෙන් දැනට මහා පරිමාණයෙන් සිදුකරන පුරාවස්තු විනාශය තවදුරටත් කරගෙන යෑමට ඉඩ ලැබෙන බවත් බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය නිකුත් කර ඇති ප්‍රකාශයක සඳහන් වේ. ගෝලීය දෙමළ සංසද... |
"අද සාකච්ඡාවෙන් විසඳුමක් නැතිනම් සෞඛ්‍ය වෘත්තීය සමිති යළි සටනට" | "මුදල් අමාත්‍යාංශය සමග අද (6 දා) පැවැත්වෙන සාකච්ඡාවලදී සාර්ථක විසඳුමක් නොලැබුණොත් යළි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක දීමනාව තමන්ටද ලබාදෙන ලෙස රජයට බලකරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72 කින් සමන්විත ‘සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය’ දිගින් දිගටම උද්ඝෝ... |
"ඔන්ලයින් පනත නිසා රටට අහිතකර විපාක විඳින්න වෙනවා – ජී. එල්. පීරිස්" | "මාර්ගගත ආරක්‍ෂණ පනත මගින් ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් රටට අහිතකර ප්‍රතිවිපාක භුක්ති විඳීමට සිදුවනවා යැයි නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (5 දා) පැවසීය. කථානායකවරයා විපක්‍ෂයේ අදහස්වලට පයින් ගසා මාර්ගගත ආරක්‍ෂක පනත සම්මත කරගත් බවත්, එය පාර්ලිමේන්තු සම්ප්‍රදායට මරු පහරක... |
"කෙහෙළියගේ නිවස ඉදිරිපිට මල්වඩමක් තැබීමේ සිද්ධියට – වෛද්‍ය චමල්ට ඇප" | "පසුගිය ජනවාරි පළමුවැනිදා, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල්වඩමක් තබා අප්‍රසාදය පළ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට තිබියදී නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාර වූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා රුපියල් 25,... |
"ජනවාරියේ සංචාරකයෝ දෙලක්‍ෂයක් ලංකාවට ඇවිත්" | "පසුගිය ජනවාරි මාසයේදී දෙලක්ෂය ඉක්මවා යමින් 208,253 ක විදෙස් සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙම මාසය තුළ දී වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් මෙරටට පැමිණි රට ලෙස ඉන්දියාව වාර්තා වන අතර එම සංඛ්‍යාව 34,399 ක් වේ. මීට අමතරව රුසියාවෙන් සංචාරකයන් 31,159 ක්, එක්සත් රාජධානියෙන් 16,665 ... |
"නිදහස් උත්සවයේ වියදම්වලින් පාසල් දියුණු කරන්න තිබුණා" | "නොච්චියාගම පාසලේ පැවැති උත්සවයේදී විශේෂ අවශ්‍යතා සහිත දැරියකගේ දුක්ගැනවිල්ල විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ඇගේ මව ඉදිරිපත් කළ මොහොත. පාරවල බැරියර් දමා ආරක්ෂක මුර භට කණ්ඩායම් යොදවා රටේ පොදුජනතාවට සහභාගි වීමට අවස්ථාව නොදී 76 වැනි නිදහස සැමරීම විහිලුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මාර්ගගත සුරක්ෂිත... |
"තහනම් කොටි සැමරුම් ගැන ටී අයි ඩී යෙන් විමර්ශන" | "අප රට තුළ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් බවට නම්කර ඇති එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මියගිය සාමාජිකයන් සැමරීම සඳහා ජාතිවාදය, ජාතීන් අතර අසමගිය හා ජනතාව කුපිත කරවන ආකාරයෙන් පවත්වනු ලබන සැමරුම් උත්සව සංවිධානය කරන පිරිස් පිළිබඳව විමර්ශන ආරම්භ කොට ඇතැයි, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඊයේ (05 දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහත... |
"අනෙක් ආගමික සභ්‍යත්වයන් සමග නොගැටෙන එකම සභ්‍යත්වය සිංහල බෞද්ධ දැක්මයි" | "අනෙක් ආගමික සභ්‍යත්වයත් සමග නොගැටෙන එකම සභ්‍යත්වය සිංහල බෞද්ධ සභ්‍යත්වය බවත්, අපේ අනන්‍යතාව වූ එය සමග බියවිය යුතු නැති බවත් මව්බිම ජනතා පක්‍ෂයේ නායක දිලිත් ජයවීර මහතා පැවැසීය. 76 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් මව්බිම ජනතා පක්‍ෂයේ ජාතික විරු සමරුව බොරැල්ලේ පිහිටි පක්‍ෂ මූලස්ථානයේදී පැවැත්විණි. මෙම උත්සවය සඳහා ප්‍රධාන ... |
"සනත් නිශාන්තගේ රියැදුරුට ඇප" | "කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පසුගියදා සිදුවූ හදිසි අනතුරින් මියගිය හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ රියැදුරු ඇප මත මුදා හැරීමට වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (5 දා) නියෝග කර ඇත. මෙම අනතුරින් සනත් නිශාන්ත හිටපු රාජ්‍ය ඇමැතිවරයා හා ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා මරණයට පත්වූහ. අනතුරින් තුවාල ලැබූ රියැදුරු රාගම රෝහලට ඇතුළ... |
"මං දන්නේ නෑ කියා ඇඟ බේරා ගන්න ඇමැතිවරයකුට බැහැ – මහෙස්ත්‍රාත්" | "ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සැපයීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල අටවැනි සැකකරු ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය වර්තමාන පරිසර කටයුතු පිළිබඳ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 15 වැනිදා දක්වා රක... |
"නිදහස් සැමරුම අභිමානවත් ලෙස රැව්දෙයි" | "76 වන ජාතික නිදහස් දින සැමරුම ‘හදමු අලුත් රටක්’ යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04දා) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී අභිමානවත්ව පැවැත්විණි. මෙහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තාවීසින් මහතා එක්ව සිටි අතර ලොව සියලු දෙනාගේ සහාය ඇතිව යළි ගොඩනැඟෙමින් සිටින ... |
"ශ්‍රී ලංකා – තායිලන්ත සබඳතා තර කෙරෙන ගිවිසුම් 3කට අත්සන් තබති" | "ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කෙරෙන නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහත්වරුන් ඉදිරියේ පෙරේදා (03දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ එරට වාණිජ අමාත්‍ය ෆුම්තාම් වෙචයචායි සහ ශ්‍ර... |
"රැඳවියෝ 754 ක් නිදහස්" | "76 වන නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ රැඳවියන් 754 දෙනකු නිදහස් කිරීමට ඊයේ (4 දා) පියවර ගෙන ඇත. කාන්තා රැඳවියන් 25ක් සහ පිරිමි රැඳවියන් 729ක් මේ අතර සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ඩී. දිසානායක මහතා ඊයේ (04 දා) පැවසීය. මත්ද්‍රව්‍ය ජාවාරම, සංවිධානාත්මක අපරාධ, මනුෂ්‍ය ඝාතන ඇත... |
"ආඩම්බරය “දිවයින” නාමයෙහි ඇත" | "ගාමිණි සුමනසේකර" |
"සජබයට ගත යුතු හා නොගත යුතු පුද්ගලයන් ගැන බලපෑම් කරන්න එපා – සජිත් සැරට කියයි" | "තමා දේශපාලනය කරන්නේ පවුල හෝ පවුලේ සාමාජිකයන් හෝ වෙන කවුරුන් හෝ රජකරවන්න නොව රටේ ජනතාව රජ කරවීමට බවත් එම නිසා පක්‍ෂයට ගත යුතු සහ නොගත යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් බලපෑම් නොකරන ලෙසත් වසර ගණනාවක අත්දැකීම් ඇති නිසා නිවැරදි දේ තමා දන්නා බවත් ජනතාව වෙනුවෙන් සේවය කරන්න බැරි නම් පක්‍ෂය හැරදා ගියාට තමා අමනාප නොවන බවත් විපක්‍ෂ නා... |
"පරිසර ඇමැති ධූරයෙන් කෙහෙළිය ඉවත්වීමේ සූදානමක්!" | "බන්ධනාගාර ගතකර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති සහ වත්මන් පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනට දරමින් සිටින පරිසර ඇමැති ධුරයෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බව තහවුරු නොකළ රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. බන්ධනාගාරගතව සිටින අයෙකු තවදුරටත් කැබිනට් මණ්ඩලයේ තබා ගැනීම අවුල් සහගත මෙන්ම රජයට හානිකර බව ද ඉහළ අංශ රජයට දැනුම් දී තිබේ. චමින... |
"කැබිනට් මණ්ඩලයෙන් කෙහෙළිය ඉවත් කරන්න – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව" | "රජයේ මුදල් අපහරණය ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වහාම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඉල්ලා සිටී. ඔහු තවදුරටත් කැබිනට් මණ්ඩලයේ තබාගතහොත... |
"කෙහෙළිය බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ගන්නේ වෛද්‍ය නිර්දේශ මත – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක" | "ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයූ බවට චෝදනා එල්ලවීම නිසා බන්ධනාගාර ගතකර සිටින ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන්නේ වෛද්‍ය නිර්දේශ මත බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා ‘දිවයින’ට පැවසීය. මාළිගාකන්ද අධිකරණය මගින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර ගත කිරීමට දුන් නිර්දේශය අන... |
"සමෘද්ධිමත් රටක් වෙනුවෙන් සියලු රටවල් සමඟ හවුල්කාරිත්වයන් ගොඩනඟා ගන්නවා – ජනපති තායිලන්ත අග්‍රාමාත්‍ය සමඟ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියයි" | "ශ්‍රී ලාංකික ජනතාවට සමෘද්ධිමත් රටක් ගොඩනඟා දීම වෙනුවෙන් ලොව සියලු රටවල් සමඟ හවුල්කාරිත්වයන් ගොඩනඟා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කර සිටියේ තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතා සමඟ පෙරේදා (03දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡ... |
"බලපත්‍රලාභීන්ගේ විරෝධයත් සමග සුරාබදු බලපත්‍ර ගාස්තු බස්සයි" | "වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු නැවත සංශෝධනය (අඩුකිරීමට) කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සංශෝධන සිදුකර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. සුරාබදු ආඥා පනතට අනුව 2024 ජනවාරි 12 වැනිදා සිට සංශෝධනයන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණත් වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු අධි... |
"පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් පුටුව මාස 8 ක් තිස්සේ හිස් – පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ සභාපති" | "රාජ්‍ය ආයතන බිඳ වැටී යන මෙවන් කාලයක ලංකාවේ රාජ්‍ය ආයතන අතර පැරැණිතම රාජ්‍ය ආයතනයක් වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ වනවිට ඉතා බරපතළ ලෙස අකර්මණ්‍ය කර ඇති බවත් මාස 8 කට අධික කාලයක් තිස්සේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් පුටුව හිස්කර තිබෙන බවත් පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ පවසති. උන්වහන්සේ මේ... |
"1948 නිදහස් දින දා සමරු අඹ පැළය රෝපණය කළ පුදබිමේ නිදහස් සැමරුම" | "1948 පෙබරවාරි මස 4 වැනි දින නිදහස ලැබීමෙන් පසුව එවකට අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා මෙම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් සිදුකොට තිබේ. එතැන් සිට මේ දක්වා සෑම වර්ෂයකම මෙම නිදහස් දින සැමරුම අඛණ්ඩව සිදුකර ඇති අතර, මෙවර පැවැති සැමරුම් උත්සවය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගි විය. විහාරාධිපති ආචාර්ය බණ්ඩාරව... |
"මැති සබයේදී එදා මට එරෙහිව එසවුණු අත් ඇමැති කෙහෙළියට විශ්වාස භංගයේදී පක්‍ෂ වුණත් අධිකරණය අද යුක්තිය ඉටු කරලා – ජනක රත්නායක" | "ජනතාව වෙනුවෙන් කතා කළ තමාව පදවියෙන් ඉවත් කරන්න ඔසවන්න මැති සභයේ එසවුණු අත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව එල්ල වූ විශ්වාස භංගයේදී ද ඔහුව සාධාරණීකරනය කරන්නට එස වුණත් මේ රටේ උත්තරීතර අධිකරණය යුක්තිය සැබෑ ලෙසම ඉටුකර තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ එවන් යුක්තිය රජයන ශිෂ්ඨ සම්පන්න දේශපාලනයක් සහ රටක් යැයි මහජන උපයෝගීතා කොමිෂන් ස... |
"පාසල් අද ඇරැඹේ" | "රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර අදින් (5 දා) ආරම්භ වේ. උසස් පෙළ විභාගය හේතුවෙන් දෙසැම්බර් 23 වැනිදා පාසල් නිවාඩු ලබාදී පෙබරවාරි 01 දා ආරම්භ වීමට නියමිතව තිබුණි. එහෙත් කෘෂි විද්‍යා I සහ II ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිටවීම හේතුවෙන්, එම විෂයට අදාළ විභාගය යළි පෙබරවාරි 01 වැනිදා පැවැත්වීමට විභාග... |
"අධිවේගයේ හෙමින් ගියොත් දැඩි පියවර" | "අධිවේගී මාර්ගවල අවම වේගයට වඩා අඩු වේගයකින් රිය ධාවනය කරන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය අදහස් කර ඇත. මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මූලික වශයෙන් උපදෙස් මාලාවක් මේ සතිය ඇතුළත නිකුත් කිරීමට අදහස් කරන බව, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්. වීරකෝන් මහතා පැවසීය... |
"ජනධිපතිවරණයේදී අපේ උදව් නෑ – පොහොට්ටුව ජනපතිට මූණටම කියයි" | "ඉදිරි ජනාධිපතිවරණයට තම පක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බැවින් එළැඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට නොහැකි බව ඔහු වෙත පැවසුවේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. මහලේකම්වරයා... |
"දිවයිනට 42යි – යුග මෙහෙවර සංවත්සරය අද" | "ශ්‍රී ලාංකීය මුද්‍රිත මාධ්‍ය සම්ප්‍රදායේ අභිමානවත් නව ගමන් මඟක පියවර තැබූ දිනපතා දිවයින පුවත්පත අද (4දා) 42 වන සංවත්සරය සමරයි. 1982 පෙබරවාරි 04 වැනිදා ‘දිනපතා දිවයින’ අප මාතෘ භූමියට දායාද විය. එදා මෙදා තුර ශ්‍රී ලාංකීය පාඨක ජනතාවගේ අභිවෘද්ධිය තකා නිදහස් මාධ්‍ය සම්ප්‍රදායක පිළිවෙත සපථ කළ අප සමග රොද බැඳුණු ලක්‍ෂ සංඛ්‍යා... |
"රට ගොඩනගන්න හැකි ශක්තියෙන් දායක වෙන්න – ජනපති නිදහස් පණිවිඩයෙන් කියයි" | "බංකොලොත් රටක් ලෙස නම්කර තිබූ රට යළි ආර්ථික ස්ථාවර මට්ටමට ගෙන ඒමට හැකිවූ බැවින් රට යළි ගොඩනැංවීමේ අභිමානවත් මෙහෙවරට හැකි ශක්ති ප්‍රමාණයෙන් දායක වන ලෙස ශ්‍රී ලංකා භූමියේත්, ඉන් පිටතත් වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 76 වැනි නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් ක... |
"ජනපති සටනේ අලි හෙණ්ඩුව රොනල්ඩ්ට" | "ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කිරීමට පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන අනෙකුත් පක්ෂ සමඟ සම්බන්ධ වෙමින් පක්ෂයේ මෙහෙයුම් කටයුතු කිරීම මෙම කමිටුවට පැවැරෙන ප්‍රධාන... |
"වැට් ෂොට් එකෙන් ඉන්ධන හල් හබක්" | "තෙල් සංස්ථාව සහ විදේශීය තෙල් සමාගම් ඉන්ධනහල් හිමියන් වෙත ගෙවනු ලබන වට්ටම මුදල මත පතිත කර ඇති සියයට 18ක වැට් බද්ද වහාම ඉවත් කර ගැනීමට රජය ක්‍රියා නොකළහොත් තමුන්ට ඉන්ධනහල් වසා දමා එම ව්‍යාපාරයෙන් ඉවත් වීමට සිදුවනු ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය රජයේ නිලධාරීන්ට දැනුම් දී තිබේ. ඉන්ධන අලෙවියෙන් තමන්ට ලබා දෙන්නේ සියයට... |
"නෙළුම් කුලුන බලන්න ලක්ෂ 16ක්" | "නෙළුම් කුලුන විවෘත කිරීමෙන් පසුව එය නැරඹීම සඳහා දේශීය සහ විදේශීය සංචාරකයන් දහසය ලක්‍ෂයකට වඩා වැඩි පිරිසක් පැමිණ ඇත. ඒ අනුව කුලුන විවෘත කර ගතවූ මාස 16 තුළ එය නැරඹීමට දේශීය නරඹන්නන් පහළොස් ලක්‍ෂ පනස්හතර දහස් පන්සිය දහසයදෙනකු (15,54,516) පැමිණ ඇතැයි නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විශ්‍රාමික ... |
"අස්වැසුමට පස්ස හරවන නිලධාරීන්ට වෙට්ටුවක්" | "අස්වැසුම වැඩපිළිවෙළ මන්දගාමී කරන දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රධාන වගකිවයුතු සියලු නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමට වන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඔවුන්ට දැඩිව දැනුම් දී ඇත. පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන අස්වැසුම වැඩසටහන ඉක්මනින් ක්‍රියාත්මක කොට ජනතාවට සහන දීමේ රජයේ අපේක්ෂාව කි... |
"දයාගේ පැමිණීමෙන් සජබ කැළඹෙයි" | "හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා හදිසියේම සමගි ජන බලවේගයට එක්කර ගැනීම සම්බන්ධයෙන් පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති වීමට හේතු වී ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී. දයා රත්නායක රාජපක්‍ෂ හිතවාදියකු බවත් එවැනි අයකු පක්‍ෂයට සම්බන්ධ කර ගැනීමට පෙර පක්‍ෂයේ කළමනාකරණ කමිටුවෙන් හෝ මතය විමසිය යුත... |
"ශ්‍රීලනිප සන්ධානයෙනුත් ජනපති අපේක්ෂකයෙක්" | "ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ගොඩනගන නව සන්ධානයෙන් ජනාධිපති අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට නියමිත බව නිදහස් පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ගොඩනගන එම නව සන්ධානයට පත්කිරීමට නියමිත නායකත්ව මණ්ඩලය විසින් ජනාධිපති අපේක්‍ෂකයා තෝරා පත්කර ගැනීමට නියමිත බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ... |
"නව පාසල් වාරය හෙට" | "නව පාසල් වාරය හෙට (05 දා) සිට ආරම්භ කිරීමට නියමිතව ඇත. 2023 (2024) අ.පො.ස. (උ.පෙළ) විභාගය පැවැති බැවින් පසුගිය 01 දින ආරම්භ වීමට නියමිත වූ 2023 පාසල් වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අධ්‍යන කටයුතු හෙට දින සඳුදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබිණ. එමෙන්ම සියලුම පාසල්වල 2023 පාසල් වර්ෂයේ තෙ... |
"ටින් එක වසරක් පමා කරන්නලු" | "අවශ්‍ය පහසුකම් හා රැමිස් තාක්‍ෂණ පද්ධතියේ වෙනස්කම් සිදුකරන තෙක් බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකය (ටින් අංකය) අනිවාර්යය කිරීම වසරකින් පමණ කල් දමන ලෙස වෘත්තිය සමිති වශයෙන් රජයෙන් ඉල්ලා සිටින බව දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීවේය. බදු අංකය ලබාදීම සඳහා අනුමැතිය ලබාදෙන මම්ටම... |
"හරක් කටාගේ පැමිණිලි පිට පාරේ ගිහින්" | "හරක් කටා පොලිසියට එරෙහිව කළ පැමිණිලි හා ලිපි කීපයක් පිටස්තර පුද්ගලයන් අතට පත්කර ඇතැයි හෙළි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින රහස් පොලිසියේ කොස්තාපල්වරයා මෙසේ ඡායාරූප ගත කළ ලිපි හා පැමිණිලි පිටපත් වට්ස් ඇප් මගින් පිටස්තර පුද්ගලයන්ට යවා ඇති බව විශ්වාස කෙරේ. මෙම කොස්තාපල්වර... |
"ඇමරිකාවෙන් දේශසීමා පාලන පද්ධතියක්" | "ගුවන්තොටුපළ සහ වරාය හරහා මෙරටට පැමිණෙන පුද්ගලයන් ගැන සේම ගුවනින් හා මුහුදින් දේශසීමා උල්ලංඝනය කරන්නේ ද යන්න පිළිබඳව ක්ෂණිකව වාර්තා වන නවීන තාක්ෂණයෙන් යුතු දේශසීමා පාලන පද්ධතියක් ශ්‍රී ලංකාවට ලබා දීමට ඇමරිකානු එක්සත් ජනපද රජය කැමැත්ත පළ කර ඇත. ඔවුන් එලෙස කැමැත්ත පළ කර ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක හා... |
"අලුත් තෙත් බිම් කලාප තුනක්" | "තෙත් බිම් කලාප තුනක් අලුතින් ප්‍රකාශයට පත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. ඒ අනුව මන්නාරම දිස්ත්‍රික්කයට අයත් වෙඩිතලතිව් ස්වභාවික රක්‍ෂිතය, ආදම්ගේ පාලම ජාතික උද්‍යානය සහ යාපනය දිස්ත්‍රික්කයට අයත් චුන්ඩිකුලම් ජාතික උද්‍යානය මෙලෙස නව තෙත් බිම් ලෙස මෙම වසර තුළ නම් කිරීමට නියමිතය. රැම්සාර් සම්මුතිය යටතේ මෙම තෙ... |
"රජීව් ඝාතනය: සාන්තනුත් ශ්‍රී ලංකාවට ගෙන්වයි" | "ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී සිටිය දී ඉන්දියානු අධිකරණය මගින් නිදහස් කළ සාන්තන් නැමැත්තා ලංකාවට රැගෙන ඒමට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පියවර ගනිමින් ඇත. සාන්තන් යාපනයේ පදිංචිකරුවකු වන අතර ඔහුගේ මව සහ සහෝදරයන් විසින් යාපනයේදී ඇමැතිවරයාගෙන් කළ ඉල්ලීම මත ඉන්දීය රජය සමග... |
"රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් කෙරේ" | "ඉදිරි මාස දෙක තුන ඇතුළත ලංවිම, ලිට්‍රෝ සමාගම, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. මේ වන විටත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් මිලදී ගැනීම සඳහා ඉන්දියානු සහ චීන සමාගම් දෙකක් සුදුසුකම් ලබා තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය ද ... |
"නිදහස් සැමරුමේ ආරක්ෂාවට පොලිසියෙන් 3000ක්" | "මෙවර නිදහස් සැමරුම් උත්සවයට උපරිම පොලිස් ආරක්‍ෂාවක් යොදවන බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. මෙම ආරක්‍ෂක වැඩපිළිවෙළට පොලිස් නිලධාරීන් තුන්දහසක් පමණ යොදවන අතර රාජ්‍ය බුද්ධි අංශ රහස් පොලිස් නිලධාරීන් ද සේවයේ යෙදවීමට නියමිතය. මීට අමතරව ඩ්‍රෝන කැමරා මගින් ද ආරක්‍ෂක තත්ත්වයන් න... |
"ආයුර්වේද ඖෂධ සංස්ථා සේවකයන්ට රූලට පිටින් කෝටි 61ක්" | "ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් චක්‍රලේඛ නියමයන්ට පටහැනිව මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ඉකුත් වසර 08 ක කාලයේ දී දිරි දීමනා වශයෙන් සංස්ථාවේ සේවකයන් සඳහා රුපියල් හැට එක්කෝටි දසලක්ෂ හෑත්තෑඑක්දහස් පන්සිය හැටනවයක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි. 2022 වර්ෂයේ ද... |
"නව සැසිය දා පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්" | "නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය ලබන 07 වැනිදා උදේ 10.30 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරේ. පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කෙරෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය. එම ... |
"පැය 10ක් සීඅයිඩීයේ සිටි කෙහෙළිය අත්අඩංගුවට" | "ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් තොගයක් රජයේ රෝහල්වලට බෙදා හරිමින් සිදුකළ බව කියන රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (02දා) පැය දහයක පමණ කාලය ප්‍රශ්න කිරීමෙන් පසු රාත්‍රී හතට පමණ ඔහු අත්අඩංගුවට ගනු ලැබිණි. ඊයේ... |
"නිදහස් උළෙල හෙට ගාලුමුවදොරදී" | "76 වැනි නිදහස් දින සැමරුම් උළෙල ‘හදමු අලුත් රටක්’ යන තේමාව යටතේ ගාලුමුවදොර අබියසදී පෙබරවාරි 4 දා අභිමානවත් ලෙස සැමරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ආරාධනය පරිදි මෙවර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අගමැති සෙට්ඨා තවිසින් මහතා සහභාගි වන බව ස්ව... |
"රෝහල් වර්ජනය අඟහරුවාදා තෙක් අත්හිටුවයි" | "දින දෙකක් තිස්සේ දහස් ගණනක රෝගීන් දැඩි අපහසුතාවට පත් කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ (02 දා) පස්වරුවේ සිට ලබන අඟහරුවාදා (06 දා) තෙක් තාවකාලිකව අත්හිටු වූ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා ‘දිවයින’ ට පැවසීය. මේ ගැටලුව පිළිබඳව මුදල් අමාත්‍යාංශයේදී සාකච්ඡා කිරීම... |
"‘ඩැට්’ දොස්තරලාට විතරයි වෘත්තීය සටන අසාධාරණයි – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය" | "වෛද්‍ය නිලධාරීන්ට ලබාදෙන බාධා කිරීම් හා ප්‍රවාහන විශේෂ දීමනාව (ඩැට්) සෞඛ්‍ය අංශයේ අනෙකුත් කාණ්ඩවලට හිමි නොවන එකක් බැවින් සෞඛ්‍ය වෘත්තීය සමිති ගෙනයන සටන ඉතා අසාධාරණ යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියා සිටී. එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ඒ. ඩී. කේ. එස්. එන්. ජයවර්ධන සහ එහි ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥාණසේකරම් යන මහත්වරු... |
"ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු හැටි එදා ඩොනල්ඩ් ෆ්ලොයිඩ්ගේ පින්සලෙන්" | "1948 පෙබරවාරි 4 වැනිදා අප රටට නිදහස ලබාදීමේ රාජ්‍ය උත්සවය කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවැත්වෙත්දී බි්‍රතාන්‍ය ජාතික ඩොනල්ඩ් ෆ්ලොයිඩ් එම අවස්ථාව සිතුවමට නගා තිබූ අයුරු. මෙම චිත්‍රයේ මුල් පිටපත සීවලී විජයවර්ධන මහතා සතු විය." |
"තායි අගමැති අද එයි: නිදහස් වෙළෙඳ ගිවිසුමත් අත්සන් කරයි" | "දෙදින නිල සංචාරයක් සඳහා අද (03 දා) මෙරටට පැමිණෙන තායිලන්ත අග්‍රාමාත්‍ය සේට්ඨා තව්සින් මහතා ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට හා ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය හා තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතය. තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සමඟ මෙම සංචාරය... |
"ගෑස් මිල ගෑස් නොපෙන්වයි" | "මාසික ගෑස් මිල සූත්‍රයට අනුව මෙවර ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයට ලක් නොකරන බව එම සමාගම පවසයි. ලිට්‍රෝ ගෑස් සමාගම රුපියල් කෝටි 700ක ලාබයක් ලබා තිබීම හා ජනතාවගේ ආර්ථික තත්ත්වය සලකා බලා මෙම තීරණය ගනු ලැබූ බව ද ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි. ඒ අනුව ඉකුත් මාසයේදී සිදුකළ සංශෝධනයට අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල... |
"දිළිඳුකම පිටුදැකීමට සහ දරුවන්ගේ පෝෂණය නැංවීමට ජනපතිගේ විශේෂ අවධානය – සාගල රත්නායක කියයි" | "මෙරට ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම සහ දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අවධානයක් යොමුකර කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම ඇතිව මේ වන විට වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙන බවත් ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල... |
"කතානායක අත්සන් කළ ඔන්ලයින් පනත ජනතාවගේ කටවල් වහන රාජ්‍ය ත්‍රස්තවාදයක් – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "කතානායකවරයා විසින් මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනත බලාත්මක කිරීමට අත්සන් තැබූ බවත් මාර්ගගත සුරක්ෂිතභාවයට පෙර මාර්ගගත අධ්‍යාපනික පහසුකම් දිරි ගැන්වීම සඳහා නීති සම්පාදනය කිරීමට රජයට නොහැකි වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව පැවසූවේ ඉකුත් 01 වැනිදා සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩස... |
"ඔන්ලයින් පනතට එරෙහි පෙත්සම් 31 ක විභාගය අවසන්" | "රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති විශේෂ පෙත්සම් 31 ක් සම්බන්ධයෙන් විභාගය ඊයේ (02දා) අවසන් කෙරිණි. එම පෙත්සම් සම්බන්ධයෙන් සිය අධිකරණයේ නිගමනය කඩිනමින් පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය. කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් ... |
"පුරවැසියන් රැකීමට සමාජ මාධ්‍ය තුළ නියාමනයක් ඕනෑ – බිනර ජයවර්ධන (එජාප)" | "කිසිම වාසියක් නැතිව රටේ අනාගතය වෙනුවෙන් පමණක් කැපවෙන නායකයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව හැඳින්විය හැකි බව කඩුවෙල එක්සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක බිනර ජයවර්ධන මහතා එජාප සිරිකොත මූලස්ථානයේ දී ඊයේ (2 දා) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය. ජනාධිපතිවරයා භාරගනු ලැබුවේ බංකොලොත් වූ රටක බවද හෙතෙම කීය. තවදුරටත් කතා ... |
"දැවිතෙල් පාඩුව පෙට්‍රල් භූමිතෙල් මිල උඩින් යවලා – ආනන්ද පාලිත කියයි" | "මෙවර භූමිතෙල් ලීටරයක මිල රුපියල් විසිහයකින් සහ 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් පහකින් ඉහළ දැමීමට හේතු වූයේ විදුලි බලාගාර සඳහා තෙල් සංස්ථාව මිලදී ගත් නැප්තා සහ දැවි තෙල් වලින් සිදුවූ ඩොලර් මිලියන විසිපහක පාඩුවක් පියවා ගැනීමට යැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිතිය පවසයි. එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කියන පරිදි සංස්ථාව මිලදී ... |
"ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ගිලන් ගුවන් ප්‍රවාහන සේවාවක්" | "ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ගිලන් ගුවන් ප්‍රවාහන සේවාවන් ලබන මාර්තු මාසයේ පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කිරීමට දෙරටේ රජයන් තීරණය කර තිබේ. මාලදිවයිනේ ප්‍රවාහන සහ ගුවන් සේවා ඇමැති කපිතාන් මොහොමඩ් අමීන් සහ වරාය නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා (30 දා) ... |
"මූල්‍ය ආරක්‍ෂණ ජාලය ශක්තිමත් කරන්න ඩොලර් මිලියන 150ක්" | "මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය පහසුකමක් ලබාගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ශක්තිමත් කිරීමෙන් ශ්‍රී ලංක... |
"උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය විවෘත කෙරේ" | "උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් චැතැම් වීදිය, පැරණි ස්ටෑන්ඩර්ට් චාර්ටඩ් ගොඩනැගිල්ලේ දී පෙරේදා (01දා) විවෘත කෙරිණි. ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය මත ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු ප්‍රදානය කිරීමට රජය සැලසුම් කර ති... |
"කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම්වලට ග්‍රැන්ටි දොඹකර 3ක් ගෙනඑයි…." | "කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සඳහා ඇනවුම් කරන ලද ගැන්ට්‍රි දොඹකර 12න් පළමු ගැන්ට්‍රි දොඹකර 03, ඊයේ (02දා) ෂෙන් හුවා -24 නෞකාවෙන් කොළඹ වරායෙහි නැගෙනහිර පර්යන්තය වෙත ගෙන එන ලදී. නැගෙනහිර පර්යන්තයේ ගැන්ට්‍රි දොඹකර 12 ක් සහ පර්යන්ත දොඹකර 40 ක් මෙහෙයුම් කටයුතු සඳහා සවි කිරීමට නියමිත අතර ඒවායේ සමස්ත වටිනාකම ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.