Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"පඩි වැඩි කරන්න ගත් තීරණය මැතිවරණයට බලපෑමක් – පැෆරල් මැ.කො.ස. ට පැමිණිලි කරයි" | "රාජ්‍ය සේවකයන්ගේ වැටුප 2025 වර්ෂයේ සිට රුපියල් 25,000 කින් ඉහළ දැමීමට රජය ගත් තීරණයෙන් මැතිවරණයේදී රාජ්‍ය සේවකයන්ට ඍජු බලපෑමක් එල්ල වන බව පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත. මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර රජයේ සේවකයන් රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ඉල්ලා උද්ඝෝෂණය කළ අවස්ථාවේදී වැටුප් වැඩි කිරීමට... |
"පෝස්ටර් ගලවන්න පොලිසිය වැඩට බසී – 1500ක බළකායක්" | "ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කරන නීති විරෝධී කටවුට් පෝස්ටර් ඇතුළු සියලු සැරසිලි ඉවත් කිරීමේ මෙහෙයුම් පොලිසිය විසින් ඊයේ (16 දා) සිට ආරම්භ කර ඇත. නීති විරෝධී අන්දමින් ඉදිකරන කටවුට්, පෝස්ටර් ඇතුළු සියලු සැරසිලි දීපව්‍යාප්ත අන්දමින් ඉවත් කිරීමේ කටයුතු සඳහා කම්කරුවන් 1500කට අධික පිරිසක් පොලිස් ස්ථාන මට්ට... |
"නාමල් රාජපක්‍ෂ ශ්‍රී මහ බෝ සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබාගනියි" | "නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් ඊයේ (16 දා) ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි සෑ රදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්හ. මෙහිදී ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති රළපනාවේ ධම්මජෝති නාහිමිපාණන් ඇතුළු ම... |
"බංකොලොත් රට ගොඩගන්න මට පුළුවන් – ජනපති අපේක්‍ෂක ජනක රත්නායක" | "වසර 76ක් රට පාලනය කළ සියලු දේශපාලකයන් වත්මන් බංකොලොත් භාවයට සෘජුව වගකිව යුතු බවත් ඉන් රට මුදාගැනීමට සිය ව්‍යාපාරික දැනුමට සහ පළපුරුද්දට හැකියාව පවතින බවට තමා විශ්වාස කරන බවත් එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේය. ඊයේ (16දා) පැවති මාධ්‍ය හමුවකදී ඒ ම... |
"සැලුන් දොරවල් තිබෙන අම්බලම් පක්ෂ වෙනුවට රටට ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් ඕනෑ – ජාතික ජන බලවේගයේ තිහාරිය ජනහමුවේදී අනුර කුමාර කියයි" | "දැන් අපේ රටට අවශ්‍ය ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජාතික ජන බලවේගයේ ගම්පහ, තිහාරිය ජනහමුව අමතමින් වැඩිදුරටත් කතාකළ ඒ මහතා මෙසේද කීය. “අපේ රටේ වෙනසක් සිදුකළ යුතු බවට සාකච්ඡාවක් කාලයක පටන් පවතිනවා. ඒ වගේම වෙනස පිළිබඳව විශාල කඩිමුඩියකුත් තිබුණා. 2019 විශාල ජනවරමකින්... |
"දෙමළ ජාතික සන්ධානයේ ජාතිවාදය පරාජය කිරීමට තරුවේ මංගල රැලිය යාපනයෙන් අරඹනවා – මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී උදය ගම්මන්පිල" | "දිලිත් ජයවීර මහතා ජනාධිපතිවරණය සඳහා අනෙක් අපේක්ෂකයින්ට වඩා වෙනස් උපාය මාර්ගික මැතිවරණ ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක සහ සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානි උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (16දා) පැවති සර්වජන මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදු... |
"දෙමළ ජාතික සන්ධානයේ ජාතිවාදය පරාජය කිරීමට තරුවේ මංගල රැලිය යාපනයෙන් අරඹනවා – මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී උදය ගම්මන්පිල" | "දිලිත් ජයවීර මහතා ජනාධිපතිවරණය සඳහා අනෙක් අපේක්ෂකයින්ට වඩා වෙනස් උපාය මාර්ගික මැතිවරණ ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක සහ සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානි උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (16දා) පැවති සර්වජන මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදු... |
"ඉන්ෆ්ලුවෙන්සා උණ හැදුණු දරුවන්ගේ වැඩිවීමක්" | "ඉන්ෆ්ලුවෙන්සා උණ වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් යළිත් දක්නට තිබෙන බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (16 වැනිදා) පැවැසීය. යම් දරුවකු උණ රෝගී තත්ත්වයෙන් පසුවෙන්නේ නම් දරුවා ළඟම වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස ද හෙතෙම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය. තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද... |
"ඉහළ වැටුප් නිසා උද්ධමනයත් ඉහළට" | "ඉහළ වැටුප් නිසා උද්ධමනය ඉහළ යෑමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අනුව ලබන වසරේ (2025) දෙවන මාස හයේදී උද්ධමනය තාවකාලිකව වැඩිවිය හැකි බවත් ඉන් පසු සියයට 5ක ඉලක්කගත මට්ටමේ ක්‍රමයෙන් ස්ථායි වනු ඇති බවත් මහ බැංකුව කියයි. එසේම 2025 වසරේ මුල් කාර්තුව දක්වා උද්ධමනය ඉලක්කගත මට්ටමට වඩා අඩු මට්ටමක පැවැතිය හැකි බවද ... |
"රනිල්ලා සාමාන්‍ය තත්ත්වයට ගෙනාවා කියන රටේ 46%ක් කන්නෙ දෙවේලයි – ජන අරගල සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ" | "“රනිල් වික්‍රමසිංහල සාමාන්‍යකරණය කළා කියූ රටේ ජනතාවගෙන් සියයට 46ක් කෑම කන්නෙ දෙවේලක් පමණයි” යැයි ජන අරගල සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා ඊයේ (16 දා) පැවසීය.මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. නුවන් බෝපගේ මහතා මෙසේද පැවසීය.පොහොට්ටු ගෝල බාලයන් එක්ක සම්මුතියකට ආපු රනිල් වික්‍රමසිංහ කියනවා... |
"වැසි වැඩි වෙයි" | "ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැලඹිලිකාර තත්ත්වය හේතුවෙන් අද දිනයේදී (17 දා) වැසි වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළියථ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද දිනයේදී ඇතිවෙන බව එම දෙපාර්තමේන්තුව... |
"ජනපති අපේක්‍ෂකයන්ට ආරක්‍ෂාව දෙන්න විශේෂ කමිටුවක් – අවසන් තීරණ බුද්ධි තොරතුරු අනුව" | "ජනාධිපතිවරණ සමයේ අපේක්ෂකයන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය. බුද්ධි තොරතුරු මත එක් එක් අපේක්ෂකයාට ලබා දෙන ආරක්ෂාව පිළිබඳව තීරණය කරන බව ද හෙතෙම කීය. “මේ ජනාධිපතිවරණ කාලසීමාවේ දී අපේක්ෂකයින්ගේ ... |
"සිවිල් ආරක්‍ෂකයන්ට ගෙවල් හදන්න බළකායෙන්ම ශ්‍රමය" | "සිවිල් ආරක්‍ෂක බළකායේ නිවාස නොමැති සාමාජිකයන්ට නව නිවසක් සාදා ගැනීමට හා තිබෙන නිවාස අලුත්වැඩියා කටයුතු කරගෙන යෑමට සිවිල් ආරක්‍ෂක බළකායේම ශ්‍රමදායකත්වය ලබාදීමට රජය තීරණය කර ඇත. එහි මුල්ම පියවර ලෙස තෝරාගත් 100 දෙනකු සඳහා ශ්‍රම දායකත්වය ලබාදීමට පියවර ගෙන ඇත. ඊට අමතරව සිවිල් ආරක්‍ෂක බළකා සාමාජිකයන් සඳහා මෙතෙක් ලබාදුන් රු.... |
"මා කාටවත් සහාය දෙන්නේ නෑ – මෛත්‍රී" | "ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට සහයෝගය දීමට තමා තීරණය කර නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. ඇතැම් මාධ්‍ය හා ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලඥයන් මා පිළිබඳව කරන ප්‍රකාශවල කිසිදු සත්‍යයක් නොමැති බවද කාරුණිකව ... |
"ජනපති සටනට 39ක් නම් දෙති" | "නව වැනි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයෝ 39 දෙනෙක් ඊයේ (15දා) සුදුසුකම් ලැබූහ. නාම යෝජනා පත්‍ර භාර ගැනීම රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී ඊයේ පෙරවරුවේ සිදුවිය. අපේක්ෂකයන් 40 දෙනකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබූ නමුත් නාම යෝජනා පත්‍ර භාරදී තිබුණේ 39 දෙනකු පමණි. ස්වාධීනව තරග කිරීමට ඇප මුදල් තැන්පත් ක... |
"ජනතා හරසර පිළිගනිමින්….." | "ඡායාරූප:- නිශාන් එස්. ප්‍රියන්ත, කමල් බෝගොඩ, ජූඩ් ඩෙන්සිල් පතිරාජ, නිමල් දයාරත්න, සමන් රණවීර, ධර්මසේන වැලිපිටිය, තුෂාර අතපත්තු ආයුබෝවන්… ජනපති සහ සජිත් අනුර-නාමල් සුහදව" |
"ජනපති රනිල් නාමයෝජනා දී ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනී" | "ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරට පැමිණ ශ්‍යාමෝපාලි වංශික මහ නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහ නායක හිමිපාණන් හා ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ... |
"පොදුජන යුගයක් බිහි කිරීමට එක් වෙමු – සජිත් ප්‍රේමදාස" | "පොදුජන යුගයක් බිහි කිරීමට එක්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය. ජනාධිපතිවරණය සඳහා ඊයේ (15දා) නාමයෝජනා භාර දීමෙන් අනතුරුව පැමිණ සිටි පාක්ෂිකයන් අමතමින් ඒ මහතා මේ බව පැවසීය. අපේ දේශය සහ ලක්ෂ 220ක් ජනතාව දුකින් මුදා ගන්නා සැමට සෞභාග්‍යය ලැබෙන සැමට සංවර්ධනය උදා කරන නව යුගයක්, දූෂණය වංචාව හොරකම තුරන් කර... |
"ලෝක සෞඛ්‍ය සංවිධානය මන්කිපොක්ස් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස යළි නම් කරයි" | "වරක් හදිසි සෞඛ්‍ය තත්ත්ව දර්ශකයෙන් ඉවත් කර තිබූ ‘එම්පොක්ස්’ හෙවත් ‘මන්කිපොක්ස්’ රෝගය ජාත්‍යන්තර වශයෙන් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නැවත නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පියවර ගෙන තිබේ. බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන කොංගෝ රාජ්‍යයේ ශීඝ්‍රයෙන් පැතිර ගොස් පසුව තවත් අප්‍රිකානු රටවල් රැසකට පැතිර ගොස් ඇති එම්පොක්ස් රෝගයෙ... |
"නාමයෝජනා දුන් ජනපති අපේක්‍ෂකයෝ කියූ කතා" | "බංකොළොත් වූ රටක් භාරගෙන වසර දෙකක් තුළ සාමාන්‍ය තත්ත්වයට පත් කළ තමා ඉදිරි පස් වසර තුළ ශක්තිමත් ආර්ථිකයක් ඇති කළේ රටේ අනාගතය ස්ථාවර කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15 දා) ඉදිරි ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් අනතුරුව රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිටට රැස්ව සිටි සිය පාක්ෂිකයන් අමතා කීවේය. නාමයෝජනා භාරදීමෙන... |
"ජනපති අපේක්ෂකයන්ගේ මංගල ජන රැලි හෙට" | "ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසුව ප්‍රධාන පෙළේ අපේක්ෂකයන් වෙනුවෙන් සංවිධානය කරන මංගල ජන රැලි හෙට (17දා) පැවැත්වෙයි. ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මංගල ජන රැලිය හෙට සවස අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ජනපතිවරයාට සහාය දෙන සන්ධාන හා පක්ෂ රැසක එකමුතුවෙන් එම රැලිය පැවැත්වෙයි. විපක්ෂ නායක හ... |
"සජබයේ වේලු කුමාර් ජනපති ළඟට රිෂාඩ් හා පොහොට්ටුවේ කරුණාදාස සජිත් ළඟට" | "සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා ඊයේ (15දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනපතිවරණයේදී ජනාධිතිවරයාට සහාය දෙන බවට ප්‍රකාශ කර තිබේ. නාමයෝජනා භාරදීමට සුළු මොහොතකට පෙර කොළඹ මල් පාරේ පිහිටි නිවසට පැමිණි මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා හමුවී මේ බව පවසා ඇත. මේ අතර ශ්‍රී ලංකා ප... |
"පාර්ලිමේන්තුව ලබන බදාදා පමණක් රැස්වෙයි" | "පාර්ලිමේන්තුව ලබන සතියේ 21 වැනිදා (බදාදා) පමණක් රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. එදින සුරාබදු ආඥා පනත යටතේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නිවේදනය සහ කොළඹ වරාය නගරය ආර... |
"ලබන වසරේ රාජ්‍ය ආදායමේ වර්ධනයක්: මුදල් අමාත්‍යාංශය ඉලක්කය කියයි" | "ලබන වසර (2025) අග වන විට මුළු රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 15.1ක් දක්වා වර්ධනය කර ගැනීමට ඉලක්ක කර ඇතැයි මුදල් අමාත්‍යාංශය කියයි. එසේම වර්ෂ 2027 වන විට මුළු රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 15.3 ක් දක්වා ද වර්ධනය කර ගැනීමට ද එම අමාත්‍යාංශය අපේක්ෂා කරයි. වර්ෂ 2025-2027 ය... |
"ජනතා ජයග්‍රහණය අතළඟයි – සජිත් අගලවත්ත රැලියේදී කියයි" | "අද එන්න එන්නම ජනතාව තුළ අපේක්ෂාවන් ප්‍රාර්ථනයන් වර්ධනය වී ඇති බවත්, සාමාන්‍ය ජනතාව ජයග්‍රහණය කරන යුගය අතළඟ බවත්, සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය තුළ ශක්තිමත් ජනතා කේන්ද්‍රීය ගමනක් ගියත් අනික් කණ්ඩායම් කයිවාරුව පමණක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එසේම සමහර නායකයන් වසර 20-30 දේශපාලන පක්ෂ... |
"හරීන්ගේ – මනුෂගේ අමාත්‍යාංශ 3ක් ජනපති යටතට" | "හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් විසින් දරන ලද කැබිනට් අමාත්‍යාංශ තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඉඩම්, සංචාරක, ක්‍රීඩා, කම්කරු සහ විදේශ රැකියා යන අමාත්‍යාංශ මෙලෙස ජනාධිපතිවරයා යටතට පත්කර ගෙන තිබේ." |
"ජනකගෙන් අල්ලස් ඉල්ලූ බව කියන එක්සත් ලංකා පොදුජන පක්ෂයේ දෙදෙනෙක් රිමාන්ඩ්" | "ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම් සභාවේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට නාමයෝජනා දීම සඳහා රුපියල් ලක්ෂ 300ක මුදලක් ලබාගැනීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ එම පක්ෂයේ හිටපු ලේකම් සහ පක්ෂ සාමාජිකයකු ලබන 27 වැන... |
"GMOA ඉදිරිපත් කළ සේවා යෝජනාවලිය සෞඛ්‍ය අමාත්‍යාංශයට" | "රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කර ඇති වෛද්‍ය නිලධාරීන්ගේ සේවා තත්ත්වයන් සහ පහසුකම් වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවලිය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ එකඟතාව හිමිව තිබේ. එම සංගමය ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වෛද්‍ය පාර්ලිමේන්තු ... |
"තැපැල් ඡන්ද පහසුකම නොදී සෞඛ්‍ය සේවකයන්ට ඡන්ද අයිතිය අහිමි කළොත් ලේකම්ට නඩු දානවා – සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති" | "හෙද හෙදියන් ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ජන්ද අයිතිය අහිමි වුවහොත් සැප්තැම්බර් 21 වැනිදායින් පසුව අනිවාර්යයෙන්ම සෞඛ්‍ය ලේකම්වරයාට එරෙහිව අධිකරණ පියවර ගන්නා බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහදවආරච්චි මහතා ඊයේ (15දා) පැවසීය. මාතලේ පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වූ ඔහු තවදුරටත් කියාසිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී සම... |
"අපි ජනපතිට උදව් කරන්නේ අභියෝගය භාරගත් පුද්ගලයා රැකගත යුතු නිසයි – දුමින්ද දිසානායක" | "මෙම ජනාධිපතිවරණයේදී අපි සහාය දෙන්නේ රනිල් වික්‍රමසිංහ නමැති පුද්ගලයාට නොව වැටුණු රට ගොඩගැනීමේ අභියෝගය භාරගත් තැනැත්තා ආරක්ෂා කර ගැනීමේ අදිටනින් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි ප්‍රධාන ලේකම් හිටපු ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය. තෙල් පෝලිම්, ගෑස් පෝලිම්වලින් ජනතාව හෙම්බත්වී වැටුප් ගෙවා ගන්නවත් බැරිවෙච්ච රට නැඟිට්ටුවේ... |
"අතාවුල්ලාගේ ජාතික කොංග්‍රසය ජනපති සමග එක්වෙයි" | "පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.’එල්.’එම්. අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වෙයි. ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා ඇතුළු එහි නියෝජිතයන් පිරිසක් ඉකුත් 14 දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ පිළිබඳ නිල වශයෙන් දැනුම් දුන්නේය. මෙරට ජනවාර... |
"නවවැනි ජනාධිපතිවරණය 40ක් ඇප බඳිති" | "නවවැනි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා පත්‍ර භාරගැනීම අද (15දා) පෙරවරු 9.00 සිට 11.00 දක්වා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ. තරග කිරීමට අපේක්ෂා කරන අපේක්ෂකයන් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමේ කාලසීමාව ඊයේ (14දා) මධ්‍යහ්න 12.00ට අවසන් වූ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනකු වෙනුවෙන්... |
"රනිල් නාමයෝජනා අත්සන් තබමින්" | "එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14දා) සිය නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබීම කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී සිදුකළ අවස්ථාව. මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරමින්ද අන්‍යාගමික පූජකවරු ආගමික වතාවත් සිදු කරමින්ද ජනාධිපතිවරයාට ආශිර්වාද කළහ. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාද මැ... |
"ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව කටයුතු නොකළ රනිල් ජනාධිපතිවරණයට සුදුසු නෑ" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති නියෝග අනුව කටයුතු නොකිරීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් ලබන මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නුසුදුසු අයකු බවට නිගමනය කරන ලෙස හා එම ජනාධිපති මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීම වළක්වන අතුරු තහනම් නිය... |
"අද රාජගිරියේ විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් – පොලිසියේ දහසක් මහ පාරට" | "ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදෙන අද (15 වැනිදා) මැතිවරණ ලේකම් කාර්යාලය පිහිටි රාජගිරිය ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීම අද පෙරවරු 8.00 සිට පෙරවරු 11.00 දක්වා සිදුකෙරෙන අතර ඒ අනුව අද පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා එම විශේෂ ආ... |
"බදු ගෙවන්නන්ට සහනයක් රජයෙන් IMF වෙත යෝජනා" | "පසුගිය කාලයේ සිදුකළ බදු ප්‍රතිසංස්කරණවලින් පීඩාවට පත් මධ්‍යම මට්ටමේ බදු ගෙවන්නන් සඳහා සහන සැලසීමේ අරමුණින් පුද්ගල ආදායම් බදු මට්ටම රු. 500,000 සිට රු. 720,000ක් දක්වා සංශෝධනය කිරීමට රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෝජනා කර ඇත. මේ වසරේ (2024) බදු ආදායමේ පෙන්නුම් කරන ලද ශක්තිමත් කාර්යසාධනය හේතුවෙන් රජය මේ යෝජනාව මූ... |
"අපේ රටේ ඩිජිටල් තාක්ෂණය කියන්නේ ඩර්ටි පොලිටික්ස් – අපි මේ කැත දේශපාලන පොරපිටිය සුද්ද කරනවා" | "ඩිජිටල් තාක්ෂණය ගැන කතා කළාට අපේ රටේ තියෙන්නේ ඩර්ටි පොලිටික්ස්. අපි මේ කැත දේශපාලන පොරපිටිය සුද්ද කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සමුළුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. විවිධ ක්ෂේත්‍රවල, විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා කරමින්, අයි.ටී. ක්ෂේත... |
"අපේක්‍ෂකයන් 40කගේ නම් එකම ඡන්ද පත්‍රිකාවේ උඩ සිට පහළට" | "ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයන් 40 දෙනාගේම නම් සහ ලාංඡන සාමාන්‍ය වර්ෂවල මෙන් තනි ඡන්ද පත්‍රිකාවේ (කොළයේ) උඩ සිට පහළට මුද්‍රණය කිරීමේ හැකියාව පවතින බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය ඊයේ (14දා) පැවැසුවාය. ඡන්ද පත්‍රිකාව අඟල් 27ක දිගකින් යුක්ත වන බවත් ඡන්ද පත්‍රිකාවේ අපේක්‍ෂකයන්ගේ නම් සහ ලා... |
"ව්‍යවස්ථාවට හානි නොවන ලෙස දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න සජිත් පොරොන්දු වුණා" | "තමන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් දෙමළ ජනතාවගේ ප්‍රශ්න සියල්ල විසඳා දෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙමළ පක්ෂ නියෝජිතයින්ට කොළඹදී පොරොන්දු වූ බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා ඊයේ (14 දා) පැවසීය. මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ දෙමළ පක්ෂ කීපයක මන... |
"කෝටි 3ක් අල්ලස් ගනිද්දී ජනක ඇප බැන්ද පක්ෂයේ ලේකම් ඇතුළු 7ක් දැලේ" | "එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා තමාගෙන් රුපියල් කෝටි තුනක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා සිටියේ යැයි, මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කළ පැමිණිල්ලකට අනුව එම පක්ෂයේ ලේකම්වරයා ඇතුළු හත් දෙනකු ඊයේ (14දා) සවස අත්අඩංගුවට ගෙන ඇත. බොරැල්ල වැලිකඩ ප්... |
"වැය කරන හැම රුපියලකටම ප්‍රතිලාභ ඕනෑ" | "ලබන වර්ෂය (2025) සඳහා රාජ්‍ය වියදම් දැරීමේදී වැය කරන මුදලට අගය සහ වැය කරන සෑම රුපියලකටම උපරිම මහජන ප්‍රතිලාභ ලැබෙන බවට තහවුර කරගත යුතු බවට මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත. ජාතික අය වැය චක්‍රලේඛය නිකුත් කරමින් ලබන වසර සඳහා වාර්ෂ... |
"වතු කම්කරු වැටුප 1700ක් කළ ගැසට්ටුවට එරෙහි විරෝධතා 28ට පෙර ඉල්ලයි" | "තේ සහ රබර් වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දැමීමට නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව විරෝධතා ඇත්නම් ලබන 28 වැනිදා මධ්‍යහ්න 12.00ට පෙර තමා වෙත යොමු කරන ලෙස පඩි පාලක සභාවේ සභාපති කම්කරු කොමසාරිස් ජනරාල් එච්. කේ. කේ. ඒ. ජයසුන්දර මහතා ඉල්ලා සිටී. විරුද්ධවීමට හේතු ඉදිරිපත් කරන ලෙසද හෙතෙම පවසයි. වතු කම්කරු දෛනික ... |
"පවුල් පාලනයෙන් හා ගජ මිතුරු වාදයෙන් තොර පාලනයක් බිහි කිරීමට ඇපකැප වෙනවා – සජිත් ප්‍රේමදාස" | "මෑත ඉතිහාසයේ ප්‍රථම වරට පවුල් පාලනය හා ගජ මිතුරු වාදය බැහැර කළ පාලනයක් ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව බිහි කිරීමට සමගි ජන සන්ධාන රජය යටතේ ඇප කැප වන බව සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (14දා) පැවසීය. හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක... |
"පෝය හේවිසි පූජා මංගල්‍යය 19 – 20 දෙදින අනුරාධපුර පුදබිමේදී" | "ජයසිරි මහා ස්වර්ණමාලි සෑ පෝය හේවිසි පූජා මංගල්‍යය ලබන 19 වැනිදා (නිකිණි පෝදා) සහ 20 වැනිදා යන දෙදින ඓතිහාසික අනුරාධපුර පුදබිමේදී පැවැත්වෙන බවත්, එම උතුම් පිංකමට සුදුවතින් සැරසී විනය ගරුකව සහභාගි වන ලෙසත් ශ්‍රී ලංකා සකල කලා සංසදයේ සභාපතිනි කලා ශිල්පිණි ශ්‍රියානි දිසානායක මහත්මිය ඉල්ලා සිටී. මෙම අවස්ථාවට හේවිසි වාදන ශිල... |
"තැපැල් ඡන්ද විමසීම සැප්. 4-5-6 තෙදින" | "ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් මස 4, 5, 6 දිනවලදී පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිසියේ නිලධාරීන් තැපැල් ඡන්ද සලකුණු කිරීම 04 වැනිදා සිදු කිරීමට නියමිත අතර අනෙකුත් තැපැල් ඡන්දදායකයන් 5 සහ 6 දිනවල ඡන්ද සලකුණු කිරීමට නියමිතය.රනිල් ධර්මසේන" |
"ආරක්‍ෂක අංශ රටේ නීතිය හා සාමය ස්ථාපිත කළ නිසා අද ජනපතිවරයෙක් තෝරා ගන්න ජනතාවට අවස්ථාව ලැබිලා" | "2022 ජූලි මාසයේදී රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ නිසා 2024 සැප්තැම්බර් 21 දා තම ඡන්දය භාවිතා කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට රටේ ජනතාවට අවස්ථාව ලැබී ඇති බවත්, ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළ මෙරට සියලු ආරක්ෂක අංශ සාමාජිකයන්ට තම ස්තූතිය පිරිනමන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රම... |
"දෙවැනි වරටත් උසාවි නියෝගය පැහැර හැරිය 4කට නොතිසි" | "තම අධිකරණය විසින් දෙවැනි වරටත් ලබාදුන් නියෝගය අනුව කටයුතු නොකිරීමෙන් අධිකරණයට කළ අපහාසයට දඬුවම් නොකිරීමට නිදහසට කරුණු ඇත්නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා සුප්‍රකට සමාගම් කළමනාකාර අධ්‍යක්‍ෂවරයකු ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට නොතිසි නිකුත් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කළේය. සිය ... |
"රනිල් – සජිත් – අනුර කෑගැහුවාට ක්‍රම වෙනසකට එන්නේ ජන අරගල සන්ධානයයි" | "රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක මොන විදිහට කෑ ගගහා සමුළු තිබ්බත් ක්‍රම වෙනසක් යෝජනා කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එකම දේශපාලන ව්‍යාපාරය ජන අරගල සන්ධානය යැයි එම සන්ධානයේ ජනාධිපති ධුරාපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසීය. ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙන එම සන්ධානය පැවැත්වූ පළමු රැලිය ඊයේ ( 14 දා) නු... |
"නාමල් නාමයෝජනා අත්සන් තබයි" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ඊයේ (14දා) උදෑසන සුබ මොහොතින් නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය. කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැති සෙත්පිරිත් සජ්ඣායනාවෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තබා ඇත. එම අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන් වන මහින... |
"නාමල් ජනපති කරන ගමන ඉදිරියට යනවා – මහ ලේකම් සාගර කියයි" | "සැප්තැම්බර් 22 වැනිදා වනවිට මෙරට 9 වන විධායක ජනාධිතිවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා පත් කිරීමට අවශ්‍ය ගමන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ (13දා) පැවැසීය. මහ ලේකම්වරයා එසේ කියා සිටියේ ඊයේ උදෑසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ඇප මුදල් තැන්පත් කිරීමෙන... |
"රට අරාජික වෙද්දී ජනපති ඉදිරිපත් වී විශාල කැපවීමක් කළා" | "අප පත්කළ ජනාධිපතිවරයකු 2022 දී ජනතා අරගලය නිසා සිය තනතුර අත්හැර රටින් පිටවී යන්න සිදුවුණා. පවතින ආර්ථික ක්‍රමය සැමදා පිළිගන්න බැරි නිසා ජනතාවට මහ පාරට බහින්න සිදුවුණා. අපගේ ආර්ථිකය කඩාවැටීම පිළිබඳව ආර්ථිකය දෙස අප ඇස් ඇරලා බලලා නැහැ. කුමන අභියෝග පැමිණියත් රනිල් වික්‍රමසිංහ මහතා වගකීම භාර ගනිමින් රට භාර ගත්තා. අප අද ආරම... |
"සිසුන් 21ක් විසින් සිසුවියක කෙලෙසීම වසන් කළ තණමල්විල විදුහල්පති ඇතුළු 4ක් අත්අඩංගුවට" | "තණමල්විල පාසලක 16 හැවිරිදි ශිෂ්‍යාවකට ශිෂ්‍යයන් 21 දෙනකු විසින් ලිංගික අතවර කළ බව කියන සිද්ධියට අදාළ අපරාධය පිළිබඳ තොරතුරු වසන් කිරීම, ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ එම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු සිව් දෙනකු තණමල්විල පොලිසිය මගින් ඊයේ (13දා) සවස අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර විදුහල්ප... |
"අනුප්‍රාප්තික අගමැතිකම් ජනාධිපතිකම් ලබා නොගත්තේ හොරු රකින්න කැමති නැති නිසයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහියංගන සජබ ජන පවුරේදී කියයි" | "අනික් පක්ෂ ඡන්ද දිනන එක ගැන සමීක්ෂණ කරන විට සමගි ජන බලවේගය රට ගොඩනගන ආකාරය සම්බන්ධයෙන් සමීක්ෂණ කර ඇති බවත් අද රටේ බෙදුම් රේඛාවක් ඇති බවත් එක් පැත්තකින් කයිවාරු කාරයෝ සිටින විට අනික් පැත්තේ වැඩ කරන වැඩ කාරයෝ සිටින බවත්, එක පැත්තක හොරු මෙන්ම අනික් පැත්තේ අවංක සමාජ සේවය හා සංවර්ධනය ඇති බවත්, එක් පැත්තක ආත්මාර්තකාමීත්වය ඇ... |
"ඡන්ද ව්‍යාපාරය සාධාරණ වනු ඇතැයි විශ්වාසයක් නෑ – මාලිමාවේ ඡන්ද ප්‍රචාරක කටයුතු 17 දා අරඹනවා" | "මැතිවරණ ව්‍යාපාරය සාධාරණ එකක් වේවි යැයි විශ්වාස නොකරන බව ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13 දා) පැවසීය. ආණ්ඩුව මෙන්ම ප්‍රධාන විපක්ෂය ද රාජ්‍ය සම්පත් මැතිවරණය සඳහා යොදාගනිමින් ඇති බව සඳහන් කළ ඒ මහතා රාජ්‍ය මාධ්‍ය මෙන්ම ඇතැම් පෞද්ගලික මාධ්‍යය ද තෝරාගත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරමින් සිටින බව... |
"දැන් 36ක් – ඇප බැඳීම අදින් අවසන්" | "ජනාධිපතිවරණයට තරග කරන අපේක්‍ෂකයන්ගේ නාම යෝජනා පත්‍ර භාර ගැනීම හෙට (15දා) පෙරවරු 9.00 සිට 11.00 දක්වා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ. හෙට උදෑසන සිට දහවල් දක්වා මැතිවරණ කොමිෂන් සභාව පිහිටි රාජගිරිය සරණ මාවත ප්‍රදේශය ආරක්‍ෂිත කලාපයක් බවට පත් කෙරෙන අතර අවසර ලත් අයට හැර වෙන කිසිවකුට එම කාල සීමාව තුළ ... |
"රාජිත රනිල් ළඟට යයි අත්සන් තබා සහතික වෙයි" | "සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (13දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදෙන බව දැනුම් දුන්නේය. කොළඹ හුණුපිටිය ගංගාරාම සීමාමාලකයේදී ජනාධිපතිවරයා සමග ලිපියකට අත්සන් තබමින් ඒ බවට සහතිකයක් ද දුන්නේය.පිංතූරය – ධර්මසේන වැලිපිටිය" |
"ශ්‍රී ලංකාව නව ආර්ථික යුගයකට ප්‍රවේශ වෙමින් සිටිනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "ශ්‍රී ලංකාව මේ වන විට නව ආර්ථික යුගයකට ප්‍රවේශ වෙමින් සිටින බවත් ලබන වසර මැද භාගය වන විට මෙරට ආර්ථිකය මීට වඩා දියුණු තත්ත්වයකට පත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහනුවර දිස්ත්‍රික් වෙළෙඳ සංගම් නියෝජිතයන් සමග හමුවකට (10 දා) මහනුවරදී එක් වෙමිනි. මහනුවර එක්සත් වෙළෙඳ පෙරම... |
"දේශපාලනය අපි ඔබට ආදර්ශයෙන්ම ඔප්පු කරනවා – ජාජබ නායක අනුර කුමාර දිසානායක මහරගම ව්‍යාපාරික හමුවේදී කියයි" | "දේශපාලනය කියන්නෙ මොකක්ද කියලා අපි ඔබට ආදර්ශයෙන් ඔප්පු කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජාතික ජන බලවේගයේ මහරගම ව්‍යාපාරික හමුව එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. ඔබ, සැප්තැම්බර් 21 මැතිවරණයකට මුහුණ දෙනවා. මේ ඔබ මුහුණ දෙන පළමු මැතිවරණය නොවෙයි. ඔබ මෙතෙක් ආණ්ඩු හැදුවත්, නා... |
"සජිත් දිනවන්න පක්‍ෂ 27ක සන්ධානයක්" | "විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් පක්‍ෂ 27ක් සමගි ජනබල සන්ධානය සමග එක්වී සන්ධානගත වීම ඊයේ (13දා) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සිදුවිය. රටට නව යුගයක් උදාකරලීමට සියලු දෙනාටම එක් වන ලෙස ප්‍රේමදාස මහතා එහිදී ඉල්ලීමක් කර සිටියේය." |
"පාස්පෝට් ගත් අයගෙන් 77% ක්ම රට ගිහින් නෑ – ඇමැති ටිරාන් කියයි" | "විදේශ ගමන් බලපත්‍ර ලබාගත් අයගෙන් සියයට 77%ක් විදේශ ගතවී නැතැයි අනාවරණය වී තිබෙන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසයි. ගමන් බලපත්‍ර ලබාගත් අයගෙන් 23%ක් පමණක් විදේශ ගතව ඇතැයි මේ පිළිබඳව අප කළ විමසීමකදී ඇමැතිවරයා පැවැසීය." |
"අරමුණ දේශපාලනිකයි නිදහස් චතුරස්‍රයේ ජය පිරිත් දේශනාව මැ.කො. නවත්වයි" | "දේශපාලනමය අරමුණක් වෙනුවෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (14දා) දින පැවැත්වීමට නියමිතව තිබූ බව කියන ජය පිරිත් දේශනාවක් මැතිවරණ කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් නැවැත්වූ බව කොමිෂන් සභාව සඳහන් කරයි. ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්‍ෂකයකු වෙනුවෙන් ආශීර්වාදය පතා නිදහස් චතුරස්‍රයේ ජය පිරිත් දේශනාවක් පැව... |
"බෝපගේ ඇප බඳියි : පළමු රැලිය අද නුගේගොඩ දී" | "ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතීඥ නුවන් බෝපගේ මහතා සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (අගෝස්තු 13) පෙ.ව.10.00 ට රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සිදුකෙරිණි. ඇප තැන්පත් කිරීම සිදු කරනු ලැබුවේ ධර්මසිරි ලංකාපේලි මහතා විසිනි. එම අවස්ථාවට නුවන් බෝපගේ, වසන්ත මුදලිගේ, ධර්මසිරි ලංකාපේලි, නිරෝෂා ගුරුගේ, දුමින්ද නාගමුව මහත්ම මහත... |
"රනිල් ළඟට ගිය ප්‍රේමලාල් යළි නාමල් ළඟට යයි" | "පක්‍ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කර නොතිබූ නිසා ජනාධිපතිවරයාට සහයෝගය ලබාදීමට සූදානම් වුවත්, මේ වනවිට පක්‍ෂය විසින් අපේක්ෂකයකු ඉදිරිපත් කර ඇති නිසා ඔහුගේ ජයග්‍රහණය සඳහා කටයුතු කරන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පැවසීය. මන්ත්‍රීවරයා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූ... |
"අලුතින් බාර් ලයිසන් 200 ක් දෙන කතාව බොරුවක් – සුරාබදු කොමසාරිස් ජනරාල්" | "නව සුරාබදු බලපත්‍ර 200ක් ලබාදීමට යන බවට මත්පැන් අලෙවිකරුවන්ගේ සංගමය සිදුකරන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා “දිවයින”ට පැවසීය. මැතිවරණය ඉලක්ක කරගෙන හෝ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නව සුරාබදු බලපත්‍ර ලබාදීමට තීරණයක් නොගත් බවත්, 2024 ජනවාරි සිට මේ දක්වා නව සුරා... |
"රජයේ වැටුප් සංශෝධන යෝජනා ලබන වසරේ අය – වැයට" | "රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ලබා ගැනීමට පත් කර ඇති විශේෂඥ කමිටුවේ අතුරු වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති යෝජනා ලබන වසරේ (2025) අය – වැය ලේඛනයට ඇතුළත් කර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. එම අතුරු වාර්තාව මගින් යෝජනා 17ක් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා ඇමැති මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය අනුමැතිය ද ... |
"විජිත් විජයමුණි සොයිසාත් ජනපති රනිල්ට එක්වෙයි" | "සමගි ජන බලවේගය පක්ෂයේ කටාන ආසන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට එක් වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (12 දා) හමු වූ විජිත් විජයමුණි සොයිසා මහතා ඒ බව නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත දැනුම් දුන්නේය. දේශපාලනය ක... |
"නාමල් අද ඇප බඳී" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අද (14දා) උදෑසන ඇප මුදල් තැන්පත් කිරීමට නියමිතය. නාමල් රාජපක්ෂ මහතා 15 වැනිදා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව අනුරාධපුරය, මහනුවර සහ කතරගම යන ප්‍රදේශවල ආගමික නායකයන්ගේ ආශීර්වාදය ලබාගැනීමට සහ පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීමට නියමිතය. නාමල් රාජපක්ෂ මහතාගේ මංගල... |
"නාමල් බලයට පත්වූ පසු 2015 රටේ සංවර්ධන කටයුතු නැවතුන තැන සිට යළි අරඹනවා – රාජ්‍ය ඇමැති ඩී. වී. චානක (ශ්‍රීලපොපෙ)" | "නාමල් රාජපක්ෂ මහතා බලයට පත්වූ පසු 2015 දී මේ රටේ සංවර්ධන කටයුතු නැවතුන තැන සිට යළි ආරම්භ කරන බව රාජ්‍ය ඇමැති ඩීවී චානක මහතා පැවසීය. ඊයේ (13 දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවේ දී මන්ත්‍රීවරයා ඒ පිළිබඳ සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. අද උදෑසන ශ්‍රී ලංකා පො... |
"හඳුනාගත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය" | "හඳුනාගත් රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව එම රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලියාපදිංචි පොදු සමාගම් බවට පත් කිරීමට නියමිතව තිබේ. එසේම වර්ෂ 2030 වනවිට රාජ්‍ය සේවයේ සමස්ත සේව... |
"වීසා පෝලිමෙන් සංචාරකයෝ හෙම්බත්" | "ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් ඇතුළු සෙසු පුද්ගලයන්ට මාර්ගගත ක්‍රමයට (OnlineVisa) වීසා නිකුත් නොකිරීම නිසා ගුවන් තොටුපළේදී වීසා (On Arrivel Visa) ලබාගැනීමට කටුනායක ගුවන් තොටුපළේ දිගු පෝලිම් ඇති වෙමින් තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉකුත් 2 වැනිදා නිකුත් කළ නියෝගයක් අනුව ශ්‍රී ලංකාවට පිවිසීමට වීසා නිකුත් කිරීමේ කට... |
"ශාන්ත මාටින් දූපත ඇමරිකාවට දුන්නා නම් මට මෙහෙම වෙන්නේ නැහැ" | "බංග්ලාදේශයට අයත් ප්‍රකට ශාන්ත මාටින් (සෙන්ට් මාටින්) දූපතේ ස්වාධිපත්‍යය ඇමරිකාවට පවරා දෙමින් බෙංගාල බොක්කේ ආධිපත්‍යය දැරීමට අවස්ථාව දුන්නා නම් තමාට තවදුරටත් බංග්ලාදේශයේ පාලන බලය පවත්වාගෙන යෑමට හැකිව තිබූ බව බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂික් හසීනා පවසා ඇතැයි අයි.ඒ.එන්.එස්. හෙවත් ඉන්දු – ආසියානු ප්‍රවෘත්ති සේවය වාර්තා කර ති... |
"ජනපති සටනට දැන් 32ක්" | "ජනාධිපතිවරණයට තරග කරන අපේක්‍ෂකයන්ගෙන් ඇප මුදල් තැන්පතු භාරගැනීම හෙට (14දා) මධ්‍යහ්න 12.00ට අවසන් වෙයි. ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්‍ෂකයන් 32 දෙනකු ඊයේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබිණි. ඊයේ පමණක් අපේක්‍ෂකයන් 05 දෙනෙක් ඇප මුදල් තැන්පත් කරනු ලැබූහ. ඡන්ද හිමියකු නාමයෝජනා කළ අපේක්‍ෂකයකු ලෙස එම්. තිලකරත්න, අපේ ජනබල ප... |
"සජබ මන්ත්‍රී ධුර දෙකක් හිස් – වැ.බ. මහලේකම් මැ.කො.ට දන්වයි" | "මනූෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසි වීම හේතුවෙන් නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර දෙකක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා තිබේ. 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1)... |
"ජනපතිවරණයට මුදල් ගැටලුවක් නෑ – මැ.කො. ඉල්ලන වෙලාවටම මුදල් දීමට ලෑස්තියි" | "ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම විසින් ඉදිරිපත් කරන ඇස්තමේන්තු සඳහා ඒ ඒ අවස්ථාවේදී අවශ්‍ය මුදල් ලබාදීමට සූදානමින් සිටින බව මුදල් අමාත්‍යාංශය පවසයි. තවමත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ වියදම් ඇස්තමේන්තුව රු. බිලියන 10 සීමාව ඉක්මවා ගොස් නැති බවද ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන ඇස්තමේන්තු සඳහා මුදල් ලබාදීමට මුදල් අමාත්‍යාං... |
"දේශීය විදේශීය නිරීක්‍ෂකයන් ජනපතිවරණය නිරීක්‍ෂණයට විශාල පිරිසක් ඉල්ලීම් කර තිබෙනවා – මැතිවරණ කොමසාරිස් ජනරාල්" | "යුරෝපා සංගමයේ සහ ආසියානු මැතිවරණ නිරීක්ෂකයන්ගේ සංගමයේ නිලධාරීන් විශාල පිරිසක් සහ දේශීය මැතිවරණ නිරීක්ෂකයන් විශාල පිරිසක් ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා ඉල්ලීම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. සමන් ශ්‍රී රත්නායක මහතා එසේ කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි සඳහා යොදවන ... |
"ලයින් කාමර පිහිටි ඉඩම් නැවත රජයට පවරා ගන්නවා- ලයින් කාමරවල ජීවත්වන ජනතාවට ගම්මානයක ජීවත්වීමේ අයිතිය ලබාදෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ නුවරඑළියේ ව්‍යාපාරික හමුවකට එක් වෙමින් කියයි" | "මෙරට ඉතිහාසයේ පළමු වතාවට ලයින් කාමරවල ජීවත්වන ජනතාවට ගම්මානයක ජීවත්වීමේ අයිතිය හිමි කර දෙන බවත් ඒ වෙනුවෙන් වැවිලි සමාගම්වලට බදුදී තිබෙන ලයින් කාමර පිහිටි ඉඩම්වල බදු ගිවිසුම් අහෝසි කර එම ඉඩම් නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම ජනතාවට ඉඩම් අයිතිය ලබාදී, නිවාස ඉදිකර ගැනීමටද ර... |
"වරදාන වරප්‍රසාදවලට එහෙට මෙහෙට පනින දේශපාලනේ අවසන් කළ යුතුයි – ජාජබ නායක අනුර කුමාර දිසානායක කැබිලිතිගොල්ලෑවේදී අවධාරණය කරයි" | "සල්ලිවලට, තනතුරුවලට, අමාත්‍ය ධුරවලට එහෙට මෙහෙට පනින දේශපාලනයක් තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ පැන්නොත් මන්ත්‍රී ධුරය අහෝසි වෙන නීතියක් සම්පාදනය කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. හෙතෙම මේ කරුණු අවධාරණය කළේ කැබිලිතිගොල්ලාවේ පැවති ජනහමුවක් අමතමිනි. එහිදී ඔහු මෙසේද පැවසීය. සැප්තැම්බර් 21 ඡන්... |
"පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උරුමකර දෙනවා – නාමයෝජනා අත්සන් කිරීමෙන් පසු අනුර කියයි" | "එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඊයේ (12දා) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්ව... |
"පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උරුමකර දෙනවා – නාමයෝජනා අත්සන් කිරීමෙන් පසු අනුර කියයි" | "එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඊයේ (12දා) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්ව... |
"බංගලාදේශයේ මෙන් කැලෑ නීතිය රජයන සමාජයක් ලංකාව තුළ ඇති වීම ජනාධිපති ව්‍යර්ථ කළා – ඇමැති ප්‍රසන්න රණතුංග" | "බංගලාදේශයේ මෙන් නීතිය, සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කර කැලෑ නීතිය රජයන අති බිහිසුණු සමාජයක් ලංකාව තුළ ඇති කිරීමට අරගලකරුවන් එදා ගත් උත්සාහය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ ව්‍යර්ථව ගිය බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ බියග... |
"ජනපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකුගේ ඇප මුදල රුපියල් මිලියන 10 දක්වා ඉහළ නැංවිය යුතුයි – පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල" | "ජනපතිවරණයට ඉදිරිපත්වන ස්වාධීන අපේක්ෂකයෙකු තැබිය යුතු ඇප මුදල රුපියල් මිලියන 10 දක්වා ඉහළ නැංවිය යුතු බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ ඊයේ පෙරවරුවේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. වැඩිදුරටත් එහිදී අදහස් දැක්වූ ඒමහතා මෙසේද පැවසීය. ... |
"වතු ප්‍රජාවට නැවුම් පරිච්ඡේදයක් නිර්මාණය කිරීමට කැප වෙනවා – ප්‍රඥප්තියක් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි" | "උඩරට පහතරට වතු ප්‍රජාවට නැවුම් පරිච්ඡේදයක් නිර්මාණය කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. උඩරට හා පහතරට වතු ප්‍රජාව වෙනුවෙන් ප්‍රඥප්තියක් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය. වතු ජනතාවට අහිමි වූ අවස්ථා බොහෝමයක් ඇති නිසා ඒවා ඉවත් කර එම ප්‍රජාවට හිමිකමක් ලබාදෙන වැදගත් ගිවිසුමකට ප... |
"පාස්පෝට් නඩුවෙන් කීර්තිනාමයට හානි වූවැයි විමල් රජයෙන් කෝටි 10ක් වන්දි ඉල්ලයි" | "අවිධිමත් ගමන් බලපත්‍රයක් භාවිත කළ බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසත්‍ය චෝදනා නඟමින් නඩු පැවරීමෙන් තමන්ගේ කීර්තිනාමයට සිදුවූ හානියට රජයෙන් රුපියල් මිලියන 100ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ ඊයේ (12දා) නඩු පවරනු ලැබීය. නීතිඥ දින... |
"විශ්‍රාමිකයන්ට වැඩි කළ 3000 හිඟ මුදල් ද සමග ඔක්තෝබරයේ සිට – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය" | "කැබ්නට් අනුමැතිය හිමි වූ විශ්‍රාමිකයන්ගේ රු. 3000ක අන්තර්කාලීන මාසික දීමනාව හිඟමුදල් ද සමග ඔක්තෝබර් මස සිට ගෙවන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. විශ්‍රාමිකයන් සඳහා පසුගිය අප්‍රේල් මාසයේ සිට ගෙවන රු. 2500ක දීමනාවට අමතරව වැටුප් විෂමතා ඉවත් කරන තෙක් මෙම රු. 3000ක අන්තර්කාලීන දීමනාව ගෙවන බවද ඇමතිවරයා ක... |
"රටේ අනාගතය ගොඩනැඟිය හැක්කේ ජනපතිට පමණයි – රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න" | "ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් හේවාහැට ආසනය සූදානම් කිරීමේ කටයුතු පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා අධිකරණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගුරුදෙණිය එලිගන් රේන්ජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. “එක්ව ජයගමු – ජනපති දිනවමු” මැයෙන් සංවිධානය එහිදී ... |
"අපි රනිල්ට බෑ කිව්වේ 13 දෙනවා කිව්ව නිසයි – ජානක තිස්සකුට්ටිආරච්චි (ශ්‍රීලපොපෙ)" | "13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ තිබෙන ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාවලට ලබාදෙන බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා ඊයේ (12දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවැති මාධ්‍යහමුවේදී පැවසීය. එහිද... |
"මේ වසරේ මාස 6ට විදෙස් සංචාරකයන්ගෙන් ඩොලර් මිලියන 1556ක ආදායමක්" | "මේ වසරේ (2024) පළමු මාස හයේදී මෙරටට විදේශ සංචාරකයන්ගෙන් ලැබුණු ආදායම ගිය වසරේ (2023) පළමු මාස හයට සියයට 77.9කින් වර්ධනය වී ඇත. මේ අනුව ගිය වසරේ පළමු මාස හයේදී ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 875 සිට මේ වසරේ පළමු මාස හයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1556.6ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක... |
"ගොත අසංකගේ අවි ගබඩාවක් බන්ධනාගාර නියාමකගේ නිවසේ" | "පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීන් විසින් රාජගිරියේ පිහිටි දෙමහල් නිවසක් වටලනු ලැබුවේ බන්ධනාගාර නියාමකයකු විසින් පවත්වාගෙන ගිය පාතාල කල්ලි නායක ‘ගොත අසංක’ නමැත්තාට අයත් අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ගබඩාවක් බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබූ නිසාය. බන්ධනාගාර මූලස්ථානයේ රාජකාරි කරන නියාමකවරයා විසින් පවත්වාගෙන ගිය මෙම අවි ... |
"මහනුවර දෙවැනි කුඹල් පෙරහැර වීදි සංචාරය කරමින්…." | "සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවැනි කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරිණි. රාත්‍රී හත පසුවී මිනිත්තු විසිහතට දකුණු දිශාභිමුඛව නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාල පෙරහැර සමගින් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර වීදි සංචාරය කෙරිණි. එම පෙරහැර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය, ඔස... |
"ඡන්ද පැමිණිලි 320ක් – දැන් 27ක් ඇප බැඳලා" | "ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 320ක් පෙරේදා (10දා) වනවිට මැතිවරණ කොමිසමට වාර්තා වී ඇත. මෙම පැමිණිලි පසුගිය ජූලි 01 සිට අගෝස්තු 10 දක්වා ලැබී ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. පෙරේදා දිනයේදී පමණක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 25ක... |
"හොර වෙබ් අඩවියට එරෙහිව මැකො පොලිසි යයි" | "ශ්‍රී ලාංකිකයන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පවතින බවට මැතිවරණ කොමිසමට තොරතුරු ලැබී ඇත. ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස ශ්‍රී ලංකා පොලිසියේ සයිබර් අපරාධ අංශය වෙත පැමිණිලි කළ බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා ‘දිවයින’ට ඊයේ (11දා) පැවසීය. මෙම වෙබ... |
"හෙට අලුයම උල්කාපාත වර්ෂාවක්" | "හෙට (13දා) රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට උදාවෙයි. පර්සීඩ් උල්කාපාත වර්ෂාවේ උච්චතාවය වෙන බව ආතර් සී ක්ලාක් ආයතනය නිවේදනය කර තිබේ. 13 වැනිදා පාන්දර දෙකෙන් පසුව මෙය නිරීක්ෂණය කළ හැකිය. මෙම උල්කාපාත පර්සියසර් තාරකා රාශිය පසුබිම් කොටගෙන දිස්වන බැවින් පර්සීඩ් උල්කාපාත වර්ෂාව ලෙස හැඳින්වේ.චතු... |
"මාලිමා ආණ්ඩුවකින් පුරවැසියන්ට ලස්සන ජීවිතයක් උරුම කරදෙන රටක් හදා දෙනවා" | "මේ රටේ පුරවැසියන්ට ලස්සන ජීවිතයක් උරුම කරදෙන රටක් ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ හදන බවත්, ඒ සඳහා මාලිමාව වටා රටම පෙළගැහෙමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (10දා) ඇඹිලිපිටියේදී පැවැසීය. “පුනරුදයම රටම එකට” යන තේමාව යටතේ ජාතික ජන බලවේගය ඇඹිලිපිටිය නගරයේදී සංවිධානය කළ දැවැන්ත රැලියේදී එසේ... |
"ගැසට් කළ සේවා ව්‍යවස්ථාවට එරෙහිව ග්‍රාම නිලධාරීන්ගෙන් අද සිට කළු විරෝධතා සතියක්" | "ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති සේවා ව්‍යවස්ථාවට විරෝධය පළ කරමින් ග්‍රාම නිලධාරීන් අද (12 දා) සිට ලබන 19 වැනිදා දක්වා කළු විරෝධතා සතියක් ආරම්භ කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා ‘දිවයින’ ට පැවැසීය. එසේම අද සහ හෙට (13දා) දෙදින රාජකාරි කටයුතුවලින් ඉවත් වී සිටින බවත් මෙම දින දෙක තුළ ... |
"ගැසට් කළ සේවා ව්‍යවස්ථාවට එරෙහිව ග්‍රාම නිලධාරීන්ගෙන් අද සිට කළු විරෝධතා සතියක්" | "ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති සේවා ව්‍යවස්ථාවට විරෝධය පළ කරමින් ග්‍රාම නිලධාරීන් අද (12 දා) සිට ලබන 19 වැනිදා දක්වා කළු විරෝධතා සතියක් ආරම්භ කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා ‘දිවයින’ ට පැවැසීය. එසේම අද සහ හෙට (13දා) දෙදින රාජකාරි කටයුතුවලින් ඉවත් වී සිටින බවත් මෙම දින දෙක තුළ ... |
"VFS ක්‍රමයෙන් බිලියන 4.5ක් රජයට ලැබුණා – ඔක්තෝබර් සිට ඊ පාස්පෝට් එකක්" | "වී.එෆ්.එස්. ආයතනය මගින් වීසා ලබා ගැනීමේ ක්‍රමවේදය හඳුන්වාදීමෙන් පසු රුපියල් බිලියන හතරයි දශම පහක (4.5) ආදායමක් ලැබී ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවසීය. මෙම ක්‍රමය හඳුන්වාදීම සඳහා රජයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් හෝ මහජනතාවගෙන් කිසිදු මුදලක් වැය නොවූ බවත් VFS ක්‍රමය හඳුන්වාදීමට පෙර මොබිටෙල් ආයතනයට මසකට ලබ... |
"හිස් වුණු ඇමැති ධුර ගැන රජයෙන් අද තීරණයක්?" | "හිස්ව තිබෙන ඇමැති ධුර සඳහා නව අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් අද (12දා) රජය තීරණයක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් නිසා ඇමැති ධුර අහිමිවූ මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු මහත්වරුන්ගෙන් හිස්වූ ඇමැති ධුර සඳහා නව අමාත්‍යවරුන් පත්කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමුවී ඇති බව එම ආරංචි ... |
"බොරු ප්‍රචාර පැතිරුණාට මත්පැන් මිල බහින්නේ නෑ" | "මත්පැන් මිල අඩු කරන බවට ඇතැමුන් ප්‍රචාරයන් ගෙන ගියත් එවැනි මිල අඩු කිරීමක් සිදුනොවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසයි. මත්පැන් නිෂ්පාදකයන් සමග පැවති සාකච්ඡාවකදී නීති විරෝධී මත්පැන් (කසිප්පු) භාවිතය අඩු කිරීමට රජයේ අනුමත මත්පැන් මිලෙහි අඩු කිරීමක් සිදුකළ හැකිදැයි තමා විමසූ විට බදු මුදල් අඩු කරනවා න... |
"1700 වැටුප සාකච්ඡාවට වතු හාම්පුතුන් අද පඩි පාලක සභාවට කැඳවනවා- ජනපති" | "වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700ක් කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් වතු හාම්පුතුන් අද (12දා) පඩිපාලක සභාවට කැඳවා සාකච්ඡා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රුපියල් 1700 දෛනික වැටුප ලබාදීමට වතු සමාගම් 07ක් එකඟතාව පළ කර තිබෙන බව ලංකා කම්කරු කොංග්‍රසය විසින් පෙරේදා (10දා) මහනුවර කරළිය සම්මේලනය හා රංග කලා ම... |
"රනිල්ගේ ප්‍රවර්ධනයට ඇප බැන්ද කුලරත්නට ඉඩ දෙන්න එපා" | "මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයකු වෙනත් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඇප තැන්පත් කර ඇතැයි ද එබැවින් ඔහුට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම සඳහා අවස්ථාව ලබා නොදෙන මෙන් ඉල්ලා නීතිඥ දසුන් නාගස්හේන මහතා ඊයේ (11දා) මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. කේ. ආනන්ද කුලරත්න නමැති එකී ජනාධිපති ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.