Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයක් තුළින් රට සෞභාග්‍යය කරා ගෙන යනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "මානුෂීය ධනවාදයත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් එකට එක් කරගෙන රටක් ලෙස අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයක් තුළින් අප රට සෞභාග්‍යය සම්පන්න රටක් ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබන රටක් බවට පත්කර එහි ප්‍රතිලාභ සමානාත්මතාව තහවුරු වන ආකාරයට සැවොම බෙදාගත් ආර්ථිකයක් කරා කණ්ඩායම සමග යා හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ නව ... |
""උ/නැ ඒකාබද්ධ කරන්නෙත් නෑ ඉඩම්, පොලිස් බලතල දෙන්නෙත් නෑ"" | "ඡන්ද කාලයේ දී උතුරු නැගෙනහිර ජනතාවට බොරු පොරොන්දු දී රවට්ටා පලක් නැති බවත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමත් පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල ලබාදීමත් තමන් කිසිසේත් නොකරන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ඊයේ (21දා) පැවසීය. නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ම... |
"වැසි සුළං ආපදාවලින් මරණ 2ක්: 3432ක් විපතේ" | "පවතින වැසි, සුළං, ආපදා ඇතුළු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (21දා) වනවිට පුද්ගලයන් දෙදෙනකු මරුමුවට පත්වී දිස්ත්‍රික්ක 20ක පවුල් 1119කට අයත් පුද්ගලයන් 3432 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඥාති නිවෙස් තුළ අවතැන්වූ පවුල් 295කට අයත් පුද්ගලයන් 1038 දෙනකු ඊයේ ව... |
"විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට ස්ථිර පොරොන්දුවක් ඕනෑ" | "මීළඟ පාර්ලිමේන්තුවේ පළමු වසර තුළ දීම විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට ස්ථිර ලෙසම හා විවෘතව පොරොන්දු වන ලෙස සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින බව ප්‍රකට නීතිවේදීන්, විද්වතුන් හා වෘත්තිකයන් විසින් ලිඛිත ආයාචනයක් කර තිබේ. 2022 වසරේ සිට මෑතකාලීන අත්දැකීම් දක්වා අවධාරණය වී තිබෙන්නේ මෙම විධායක ජනපති ක්‍රමය ඒකාධිපති ක්‍රමයක් ... |
"මේ වසරේ මාස 8ට මාරක රිය අනතුරු 1352 කින් ජීවිත 1417ක් අහිමිවෙලා" | "මෙම වසරේ (2024) ජනවාරි 05වැනිදා සිට අගෝස්තු 10වැනිදා දක්වා කාලය තුළ දිවයින පුරා සිදු වූ මාරක රිය අනතුරු 1352කින් 1417 දෙනකු මරුමුවට පත්වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. යතුරුපැදි අනතුරුවලින් වාර්ෂිකව පුද්ගලයන් දහසක් පමණ මිය යන බව රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පෙරේදා (20 දා) මාධ්‍ය හමුවේ පැවැ... |
"සජබයේ වඩිවේල්ට අලි සහීර්ට ඇමැති පදවි" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව අමාත්‍යවරුන් දෙදෙනකු ඊයේ (21දා) පත්කර ඇත. ඒ අනුව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවේල් සුරේෂ් මහතා කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අලි සහීර් මවුලානා මහතා සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබේ. ඔවුහු ජනාධිපතිවරණයේදී ජනාධි... |
"සත්‍ය සෙවීමේ පනත හකුළා ගන්න සර්වජන බලය විරෝධතාවේ" | "ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති රණවිරුවන් පාවාදෙන ‘සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත’ හෙවත් ‘ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභා පනත් කෙටුම්පත’ වහා හකුළා ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් සර්වජන බලය දේශපාලන එකමුතුව (21) පාර්ලිමේන්තු වටරවුම අසල දී විරෝධතාවක නිරත විය. මෙම විරෝධ... |
"මාර්තු 12 විවාද මාලාවට අපේක්ෂකයන් 39ටම ඇරයුම්" | "ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් පවත්වන විවාද මාලාවට අපේක්ෂකයන් 39 දෙනාටම විවෘතව ආරාධනය කරන බව මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කරයි. කලින් සංවිධානය කළ පරිදි විවාදය සැප්තැම්බර් මස 07වැනිදා පැවැත්වෙන බවත් අනෙකුත් අපේක්ෂකයන්ගේ උනන්දුව පිළිබඳ සැලකිල්ලට ගෙන විවාදය අදියර කිහිපයක් යටතේ පැවැත්වීමට තීන්දු කළ බවත් මාර්තු 12 ව්... |
"පුංචි ඡන්දය නොපැවැත්වීමට එරෙහි පෙත්සම් හතරේ තීන්දුව අද" | "මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබූ පරිදි 2023 මාර්තු 09වැනිදා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් මෙරට ජනතාවගේ හා තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව අද (22දා) පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධ... |
"කෙහෙළියට ඇප ඉල්ලන පෙත්සමට විරෝධතා ගොනු කිරීමට කල් දෙයි" | "ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කර රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමේ වග උත්තරකරුවන්ගේ විරෝධතා ගොනු කිරීමට සැප්තැම්බර් 12 වැනිදා දක්වා කල් ලබා දීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (21) න... |
"ජූලි මස උද්ධමනය සියයට 2.5ට නගී" | "ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ජූලි මස උද්ධමනය සියයට 2.5ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. ජුනි මස ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට 2.4ක් විය. ඉකුත් ජුනි මස සියයට 1.9ක් වූ ආහාර උද්ධමනය ජූලි මාසයේදී සියයට 2.9ක් දක්වා සාපේක්‍ෂව සැලකිය යුතු ඉහළ යෑමක් වාර්තා කර ඇත. මේ අතර ඉකුත් ජුනි මාසයේ සි... |
"හිඟ බදු අය කර ගන්න දේශීය ආදායම් බැංකු ගිණුම් අත්හිටුවීමේ නියෝග 900 ක් අරන්" | "හිඟ බදු අයකර ගැනීම සඳහා බැංකු ගිණුම් අත්හිටුවීමේ නියෝග නවසියයක් පමණ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය. ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඒ ... |
"කුඩු සලිඳුගේ ගෝල පියුමා රිමාන්ඩ්" | "විදේශගතව සිට මෙරට පාතාල කල්ලි මෙහෙයවීමත් මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සිදුකළේ යැයි චෝදනා එල්ල වී ඇති සලිඳු මල්ෂිත හෙවත් කුඩු සලිඳු නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු යැයි කියන හපුතන්ත්‍රිගේ දොන් පියුම් හස්තික හෙවත් පියුමා නමැත්තා ලබන සැප්තැම්බර් 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ ... |
""පසුගිය මාස 7ට දිවයිනෙන් ඩෙංගු රෝගීන් 35,375ක්"" | "මෙම වසරේ (2024) ගත වූ මාස 7 යි දින 21ක කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 35,375 දෙනකු හඳුනාගෙන ඇති බවත් ගතවූ කාලය තුළ ඩෙංගු මරණ 17ක් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවත්, එම සංඛ්‍යාව 14,488 දෙනකු බවත් එම ඒකකය කියයි. මීට අමතරව උතුරු පළාතෙන් රෝග... |
"කඳානේ ෂෙනාල්ගේ මරණය: හෙල්මට් නැතිව අණ නොතකා ගිහින් ටිපරයේ ගැටී මරණය සිදුවුණා – පොලිසිය කියයි" | "පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරුපැදියක් කඳාන, වැලිගම්පිටිය මංසන්ධියේදී ටිපර් රථයකට යටවී 18 හැවිරිදි තරුණයකු මියයෑමේ සිද්ධියක් නිසා පෙරේදා (19දා) සවස කඳාන ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් උද්ගත විය. මරුමුවට පත්වූ තරුණයාගේ පවුලේ ඥාතීන් පවසන්නේ වැලිගම්පිටිය මංසන්ධියේ දී පොලිස් නිලධාරියකු යතුරුපැදියට පා පහරක් එල්ල කිරීම නිස... |
"ඡන්ද පත්‍රිකාවේ නම් පිළිවෙළ මෙහෙමයි" | "ජනාධිපතිවරණයේ දී ඡන්ද පත්‍රිකාවල අපේක්‍ෂකයන්ගේ නම් මුද්‍රණය කරනු ලබන අනුපිළිවෙළ අනුව අපේක්‍ෂකයන්ගේ නම් සහ එක් එක් අපේක්‍ෂකයාට වෙන් කර දෙන ලද ලකුණු" |
""තැපැල් ඡන්ද ඉල්ලුම්පත් 24,268ක් විසිවෙයි"" | "ජනාධිපතිවරණයට අදාළව කැඳවූ තැපැල් ඡන්ද ඉල්ලුම්පත් 24,268ක් ප්‍රතික්‍ෂේප වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඉල්ලුම්පත් 736589ක් ලැබී තිබුණු අතර ඉන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත්තේ ඡන්දදායකයන් 712321 දෙනකු පමණි. තැපැල් ඡන්ද විමසීම ලබන 4, 5 හා 6 දිනවලදී සිදුකෙරේ. රනිල් ධර්මසේන " |
"පැෆරල් විවාදයට විජයදාසගේ විරෝධය – මැ.කො.ස. ට පැමිණිලි කරයි" | "තෝරාගත් ජනාධිපති අපේක්ෂකයන් 06 දෙනකු පමණක් යොදාගෙන පැෆරල් සංවිධානය විසින් ප්‍රසිද්ධ විවාදයක් පැවැත්වීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත පෙරේදා (19දා) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම පෙරමුණින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා... |
"පෙරහැර සංදේශය ජනපතිට…" | "මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර දේවාලයන්හි වාර්ෂික ඇසළ මහ පෙරහැර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සාර්ථකව පවත්වා අවසන් කළ බව සැලකෙරෙන සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඊයේ (20දා) මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වූ අයුරු. " |
"නාමල්ගේ මංගල රැලිය අද අනුරාධපුරදී" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය අද (21දා) පස්වරු 2.00ට අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පිරිස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වුවද ජනතාව එසේ කටයුතු නොකරන බවත්, බිම් මට්ටමේ සියලු දෙනා නැවත පොහොට්ටුව සමග එක්ව ඇ... |
"ආර්ථික අර්බුදය විසඳීමට පක්ෂ භේදයෙන් තොරව අලුත් වැඩපිළිවෙළකට යායුතුයි – Ask Ranil වැඩසටහනට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ කියයි" | "කිසිවකුට විසඳිය නොහැකි යැයි පැවසූ ආර්ථික අර්බුදය විසඳීමට තමන් සමත් වුවත් නිසි ආර්ථික පරිවර්තනයක් සිදු නොකර මෙම වැඩපිළිවෙළ අතරමඟ නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. එබැවින් මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තම අනාගතය පිළිබඳ සිතා තීන්දුවක් ගත යුතුව ඇති බවද ජනාධිපතිවරයා පෙන්ව... |
"විවාදය තහනම් කරන්න – ජනක මැ.කො.ට කියයි" | "ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 39 දෙනකු ඉදිරිපත්ව සිටියදී අපේක්ෂකයන් හය දෙනකු පමණක් ප්‍රවර්ධනය වන අයුරින් තෝරා ගෙන ප්‍රසිද්ධ විවාද පැවැත්වීමට පැෆරල් සංවිධානය කරන සැලසුම තමා තරයේ හෙළා දකින බව ජනාධිපති ධුර අපේක්‍ෂක ජනක රත්නායක මහතා මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇත. ජනාධිපති අපේක්ෂකයන් සියලු දෙනාම එක හා සමාන තරගකරුවන් නම් හය... |
"රනිල් ළඟට ගිය පොහොට්ටු මන්ත්‍රීන් වෙනුවෙන් නව පක්‍ෂයක්" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක් බිහිකිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (20 වැනිදා) කොළඹදී පැවැත්විණි. ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මෙම නව දේශපාලන පක්ෂය හරහා අපේක්ෂකයින් ඉදිරිපත් කිරීම... |
"පලනි සහ වේලු ගුටි බැට හුවමාරුවක" | "ජනාධිපතිවරණය සම්බන්ධ පෞද්ගලික රූපවාහිනි විවාදයක සජීවී පටිගත කිරීමකට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පලනි දිගම්බරන් සහ එම්. වේලුකුමාර් යන මහත්වරු විවාදය අතරතුර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ගුටිබැට හුවමාරුවකට එක්ව තිබේ. දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ නියෝජනය කරමින් දිගම්බරන් මහතා ද ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුණ නියෝ... |
"ආර්ථිකය ගජමිතුරු කොල්ලකරුවන්ගේ රජදහනක් වෙලා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මාවනැල්ලේදී හා මීරිගමදී කියයි" | "තමා අවස්ථාවාදී දේශපාලනය අනුගමනය නොකරන බවත් 2018 දින 52 කුමන්ත්‍රණය අවස්ථාවේ තමාට 71 වතාවක් අගමැතිකම බාරගන්න ලෙස ආරාධනා කළත් තමා එය ප්‍රතික්ෂේප කළේ තමාට එවක අගමැතිකමට ජනවරමක් නොලැබුණු නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. තමා ඒ ගමන ගියා නම් මේ රටේ සම්පත් දේපළ මුදල් හොරා කෑ හොරුන්ගේ රැකවලා බවට තමා පත් වන බව... |
"අපි පාතාලයට ණයත් නෑ – බයත් නෑ – ජාජබ නායක අනුර කුමාර දිසානායක කොටිකාවත්තේදී කියයි" | "මත් උවදුරෙන් පාතාලයෙන් මේ රට ගලවා ගන්නවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජාතික ජන බලවේගයේ කොටිකාවත්ත රැලිය අමතමින් වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය ලබන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන්නේ අපේ රටේ ඉතිහාසයේ වැදගත්ම ඡන්දයක්. මෙයට පෙරත් ඡන්ද ඇවිත් තිබෙනවා; ජනතාව ඡන්දය දීලා තිබෙනවා; නායකයෝ මාරු... |
"විධායක බලතල ඉවත් නොකළ යුතුයි – සරත් ෆොන්සේකා" | "ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් නොකළ යුතුයි. එම තනතුරට සුදුසු පුද්ගලයකු පත්වී පාර්ලිමේන්තුවේ සිටින සොරුන් ඉවත් කර දූෂණය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන පිරිසිදු කළ යුතු බව ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ පෙරේදා (19දා) පස්වරුවේ ඓතිහාසික රුවන්වැලි සෑ රදුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැන... |
"වංචා දූෂණ නතර කර වංචනිකයින්ට දඬුවම් දෙනවා – අනුර කුමාර අනුරාධපුරදී කියයි" | "ජාතික ජන බලවේගය පක්ෂයේ ජනපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19දා) පස්වරුවේ අනුරාධපුරයට පැමිණ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක අනතුරුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් රට ... |
"රට යන අත ගැන හිතලා කටයුතු කළොත් හෙට එච්චර කළුවර නැහැ – ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන" | "රට ඉදිරියේ ඇති අභියෝගය ජාති, ආගම්, කුල, වර්ණ, ලිංග සහ පක්ෂ බේදයෙන් තොරව රට යන අත ගැන හිතලා කටයුතු කළොත් හෙට එච්චර කළුවර නැති බැව් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ලෝක ඡයාරූප දිනය නිමිත්තෙන් ගාල්ල නගර ශාලාවේ දී පැවැති සැමරුම් උත්සවයකට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය. ඇමතිවරයා මෙ... |
"රටේ ආර්ථිකය නඟා සිටුවීමට විශාල දායකත්වයක් ලබා දුන්නා – ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්.ඩබ්. සිරිල්" | "රටේ ආර්ථිකය නඟා සිටුවීම සඳහා පසුගිය වසර දෙක තුළ විශාල දායකත්වයක් ලබාදුන් බව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්.ඩබ්.සිරිල් මහතා සඳහන් කළේය. ඒ අනුව, 2023/2024 වසරවල සිය මණ්ඩලයට අයත් ගොවිපළවල් තිස්දෙකක් හරහා ලැබෙන ආදායම ගොවිපළවල් මට්ටමින් ක්‍රියාත්මකවන ව්‍යාපෘතීන් පවත්වාගෙන යෑම හරහා රටේ සංවර්ධන වැඩපිළිව... |
""ලංවිමට මාස 6 ට කෝටි 11,920 ක ලාභයක්"" | "ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ (2024) පළමු මාස හයේදී රු. කෝටි 11,920 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇත. මේ වසරේ පළමු කාර්තුවේදී රු. කෝටි 84.67ක ශුද්ධ ලාභයක් සහ දෙවන කාර්තුවේදී රු. කෝටි 3,453 ක ශුද්ධ ලාභයක් ද වශයෙන් විදුලිබල මණ්ඩලය මේ ලාභය මේ වසරේ පළමු මාස 6 සඳහා වාර්තා කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය ගිය වසරේ (2023) දෙවන කාර්තු... |
""මම තරග කරන්නේ දිනන්න නොව, කියන්නයි – මෛලයග අරියසල් අරංගම් නායක ජනාධිපති අපේක්ෂක එම්. තිලකරාජ්"" | "තමන් ජනාධිපති මැතිවරණයට තරග කරණුයේ දිනන්න නොව, ඒ ගැන කියන්න බව මෛලයග අරියසල් අරංගම් නායක ජනාධිපති අපේක්ෂක එම්. තිලකරාජ් මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදී මේ බව පැවසූ එම්. තිලකරාජ් මහතා වැඩි දුරටත් කතා කරමින්, 1948 වර්ෂයේ දී නිදහස ලැබීමෙන් පසුව 1949 වර්ෂයේ දී පාර්ලිමේන්තු පනතකින් මේ වතුකර ජනතාවගේ පුරවැසි ... |
"දේශපාලන තීන්දු ගතයුත්තේ ප්‍රතිපත්ති මත මිස මුදල් මත නොවේ – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ" | "මැතිවරණ කොමිෂන් සභාව එක් ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ හැක්කේ රුපියල් 109ක් බව ප්‍රකාශ කළත් සමහර දේශපාලන පක්ෂ එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් රුපියල් 1000ක් වැය කිරීම සඳහා අවසර ඉල්ලා තිබූ බවත් කොමිෂන් සභාව යම් මුදලක් නිශ්චය කළා නම් ඒ පිළිබඳව සොයාබලා අවශ්‍ය පියවර ගතයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන... |
"ජනපති අපේක්‍ෂකයෝ 6ක් ලබන 7දා එකම වේදිකාවේ – ඇයි මම ඡන්දයට එන්නේ" | "ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු දැනට ආරම්භ කර සිටින ප්‍රධාන අපේක්ෂකයන් 06 දෙනකු එකම වේදිකාවට කැඳවා “ඇයි මම ඡන්දයට එන්නේ” ඇතුළු විශේෂ වැඩසටහනක් සැප්තැම්බර් 07 වැනිදා සවස 3.00 සිට 5.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට පැෆරල් සංවිධානය සැලසුම් කර ඇත. මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක සජිත් ප... |
"සරණයි දළඳා සමිඳුන්නේ…" | "මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්ලයේ රන්දෝලි අවසන් මහ පෙරහැර ඊයේ (19දා) වීථි සංචාරය කළේය. ඉන්දිරාජා ඇතු සධාතුක කරඬුව වැඩම වූ අතර දෑලේ ඇතුන් ලෙස කෝට්ටේ රාජා සහ මියන් රාජා ඇත්තු ගමන් කළහ. දියවඩන නිලමේ නිලංග දෑල මහතා පෙරහැරේ ගමන් ඇරඹු අයුරු මෙහි දැක්වේ. පෙරහැර නැරඹීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මහනුවර නගරයට රැස්ව සිටියහ.සමන... |
"බංකොලොත් බවින් මිදුණේ ඉන්දියාව දුන් හයියෙන් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන නිසා බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ වැදගත්කම දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, බිම්ස්ටෙක් සංවිධානයේ සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකාව, ඉන්දියාව සමග සමීප ආර්ථික ඒකාබද්ධතාවයකින් යුතුව, ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගිතා ගිවිසුම් ඇති කර ගැනීමට... |
"දළදා පෙරහැරට ඩ්‍රෝනා එවලා – තරුණයෝ දෙදෙනෙක් උසාවියට" | "මහනුවර පෙරහැර වීදි සංචාරය කරන අවස්ථාවේදී නීති විරෝධී ලෙස ඩ්‍රෝන කැමරා ගුවන්ගත කළ අවුරුදු 19 හා 20 වයස්වල පසුවූ තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. මහනුවර ඇසළ පෙරහැරේ සිව්වන රන්දෝලි පෙරහැර පෙරේදා (18දා) රාත්‍රියේ වීදී සංචාරය කරමින් තිබිය දී ආරක්ෂක අංශවල අනුමැතියකින් තොරව ඩ්‍රෝන කැමරාවක් පෙරහැර මාර... |
"කටුනායක ෂට්ල් බස් සේවාව තාවකාලිකව නතර කරයි" | "කටුනායක ගුවන්තොටුපළේ සිට කොළඹ – කොටුව දුම්රිය ස්ථානය වෙත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ඉකුත් 15 වැනිදා ආරම්භ කළ සුඛෝපභෝගී…. බස් රථ සේවාව (Air Port Terminal Shuttle Service) ඊයේ (19දා) උදෑසන 11.00 පමණ සිට තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බව කටුනායක ගුවන්තොටුපළ කාර්ය භාර නිලධාරිවරයා පැවසීය. මෙම බස් රථ සේවාව ... |
"ලබන වසරේ අය-වැය හිඟය 5%කට අඩුවෙන් – මුදල් අමාත්‍යාංශයෙන් ඉලක්කයක්" | "ලබන වසර (2025) සඳහා ඉදිරිපත් කරන අය – වැයෙන් 2025 වසරේ සිට ඉදිරියට අය – වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5කට අඩු මට්ටමකින් පවත්වාගෙන යෑමට මුදල් අමාත්‍යාංශය ඉලක්ක කර ඇත. වර්ෂ 2025 – 2027 යන වර්ෂ තුනට අදාළ රාජ්‍ය මූල්‍ය ඉලක්කවල මේ බව දැක්වේ. එසේම විචක්ෂණශීලී ලෙස වියදම් කළමනාකරණය කරමින් 2025 වසරෙන් ඔබ්... |
"මන්ත්‍රීවරුන් වෙළෙඳුන්ගෙන් කප්පම් ගැනීම සැප්තැම්බර් 21දා අවසන් කරනවා" | "“දශක ගණනාවක් වෙළාගෙන තිබුණු පළාතේ මන්ත්‍රී, වෙළෙඳුන්ගෙන් කප්පම් ගන්නා යුගය සැප්තැම්බර් 21 වැනිදායින් පසු මා නතර කරනවා. තමන්ගේ ව්‍යාපාර සඳහා පහසුකම් සපයන ආණ්ඩුවක් අපි බිහි කරනවා…” යැයි ජනාධිපති ධුර අපේක්ෂක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ඔහු එසේ පැවසුවේ “රට අනුරට” කිරිබත්ගොඩ විජයග්‍රාහී රැලිය පෙ... |
"මම පලා ගියේ නෑ පලා යන්නෙත් නෑ – පක්‍ෂ නායකත්වය රැකගන්න වෙනත් කෙනෙක් ඉදිරිපත් කළෙත් නෑ" | "එක් කෙනෙක් දැන් වේදිකාවල කියාගෙන යනවා මම රට භාර ගන්න කියපු වෙලාවේ රට භාරගන්නේ නැතිව දුවලා ගියා නේද කියලා. දුවලා ගියා තමයි. රාජපක්ෂලා ඉන්න තැන මම මොහාතක්වත් ඉන්නේ නෑ. රාජපක්ෂලාට කත් ඇදලා රට විනාශ කරලා, රට බංකොලොත් කරපු කණ්ඩායම්වල ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වෙලා අද ජනාධිපතිවරයා. රාජපක්ෂලා ආරක්ෂා කරන පොලිස්පති වෙලා. ඒ නිසා... |
""ඡන්ද මධ්‍යස්ථාන 13,000ක් – රාජකාරියට රාජ්‍ය නිලධාරීන් 225,000 ක්"" | "ජනාධිපතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථාන 13,000ක පමණ ඡන්ද විමසීම සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ, වෙනත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයන් සඳහා ඡන්ද සලකුණු නිකුත් කර ඇතැයි ද ඒ මහතා පවසයි. මැතිවරණයේ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයන් දෙලක්ෂයත්, දෙලක්ෂ විසිපන්දහසත් අතර සං... |
"ප්‍රාග්ධන ලාභ බදු වාර්තා නියම දිනට ගොනු නොකළොත් දඩ" | "ප්‍රාග්ධන ලාභ බද්ද ගෙවා වාර්තාව නියමිත දිනට ගොනු කිරීමට අපොහොසත් වුවහොත් දේශීය ආදායම් පනතේ 178 වගන්තිය ප්‍රකාරව දඩ පැනවීමට ලක්විය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එසේම දේශීය ආදායම් පනතේ 190 වගන්තිය ප්‍රකාරව වරදකරුවකු කරනු ලැබූ විට දඩ පැනවීමකට හෝ බන්ධනාගාරගත කිරීමකට හෝ එම දෙකටම ද යටත් කළ හැකි බව එම දෙපාර්තමේන... |
"ගෑස් පෝලිම් නැති කරන්න මුදල් හෙව්වේ ගෝඨාභය – ඩී. වී. චානක" | "ගෑස් පෝලිම් නැති කිරීමේ පියවරුන් ලෙස කවුරුන් පෙනී සිටියත් එම පෝලිම් නැති කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400ක ණයක් ලබාගැනීමට කටයුතු කළේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතා පැවසීය. 2022 අප්‍රියෙල් 27 වැනිදා ලෝක බැංකුවෙන් එම ණය මුදල අනුමත කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේ යැයි ... |
"ජාතික කොඩිය – ආගමික සලකුණු ඡන්ද වැඩට ගත්තොත් නීතිය තදින්- මැ.කො. කියයි" | "මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික සලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබේ. ජාතික කොඩිය හෝ ආගමික සලකුණු ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද එම කොමිසම ප්‍රකාශ කර සිටී. මැතිවරණ කාර්යාල සකස් කිරීමට අදාළව නිකුත් කර ඇති චක්... |
"ආයුර්වේද පනත් සංශෝධිත ගැසට්ටුවෙන් සමස්ත ආයුර්වේදයම අවදානමේ" | "ආයුර්වේද පනත සංශෝධනය කරමින් නිකුත් කර ඇති 2024 අප්‍රේල් 8 දින ගැසට් පත්‍රයේ යම් යම් වගන්ති මගින් සමස්ත ආයුර්වේද පද්ධතියම කඩා වැටෙන තත්ත්වයට පත්ව ඇති බවත් එහි ඇති අහිතකර බලපෑම් ඉවත්කර දීමට කටයුතු කරන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු නීතිඥ රන්ජන් වෙත්තසිංහ මහතා පැවසීය. ... |
"මහින්ද – නාමල් කැලණියේ….." | "පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය පියාණන් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එම පක්ෂයේ ආධාරකරුවන් සහ පාක්ෂිකයන් පිරිසක් සමග ඊයේ (19 දා) උදෑසන පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට සහ කැලණිය රජමහා විහාරස්ථානය වෙත පැමිණ තෙරුවන් නැමඳ නායක හිමිපාණන් වහන්සේලා මුණගැසී ආශීර්වාද ලබා ගත්හ. පෑලියගොඩ ව... |
"ඊයේ වනවිට මැතිවරණ පැමිණිලි 18ක්" | "බරපතළ නෑ – පොලිසිය කියයිජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඊයේ (19 දා) වනවිට පැමිණිලි 18ක් පොලිසිය වෙත ලැබී තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි. මේ වනවිට වාර්තා වී ඇති පැමිණිලි බරපතළ තත්ත්වයේ ඒවා නොවන බව ද, දැනට ලැබී ඇති පැමිණිලි බැණ තර්ජනය කිරීම් සහ ආරවුල් සම්බන්ධයෙන් වාර්තා වූ ඒවා බව ද පොලිසිය ... |
"අන්තර්වාර පාලනයට දින 10ක් ගත වුණත් බංග්ලාදේශය තාමත් අවුල්" | "බංග්ලාදේශ අන්තර්වාර ආණ්ඩුව පිහිටුවා දින දහයක් ගත වූවත් එරට පරිපාලන කටයුතු අවුල් සහගත තත්ත්වයේ පවතින බව ‘ඩකා ටි්‍රබියුන්’ පුවත්පත කියයි. ආණ්ඩුවේ ආයතනවල ඉහළ නිලධාරීන්ට එරෙහිව සේවකයන් උද්ඝෝෂණය කිරීම නිසා අවුල් සහගත තත්ත්වයක් මතුව තිබේ. විරෝධතාකරුවන් දූෂිත නිලධාරීන් ඉවත් කරන බව පවසන නිසා විවිධ ගැටුම් මතුව තිබේ. මේ නිසා මහ... |
"ජනාධිපති කම්කරු සහ විදේශ රැකියා උපදේශක ධුරය මනූෂට" | "ජනාධිපති කම්කරු සහ විදේශ රැකියා උපදේශක ධුරයට මනුෂ නානායක්කාර මහතා පත් කර තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම පත් කිරීම සිදුකර තිබේ. මෙම පත් කිරීමට අදාළ ලිපිය ජනාධිපතිවරයා විසින් ම... |
"නැගෙනහිර දමිළ ජනතා සහාය දිලිත් ජයවීරට සම්මුතියකට අත්සන්" | "සර්ව ජනබලය ජනාධිපතිවරණ අපේක්ෂක නීතිඥ දිලිත් ජයවීර මහතාට සහයෝගය පළ කරමින් නැගෙනහිර දමිළ ජනතාව නියෝජනය කරන ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ නායක තංගරාජා විෂ්ණු කාන්තන් මහතා අදිටන් සම්මුතියකට ඊයේ (19දා) අත්සන් තැබීය. විමල් වීරවංශ, ගෙවිඳු කුමාරතුංග, උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පී.වී.ඩී. ති... |
"තරුණ නාවික වෘත්තිකයන්ගේ ගෝලීය සමුළුව ශ්‍රී ලංකාවේදී" | "තරුණ නාවික වෘත්තිකයන්ගේ ගෝලීය සමුළුව ප්‍රථම වරට මෙරටදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම සමුළුව ලබන නොවැම්බර් 16 සිට 19 දක්වා කොළඹ මෙන්ම ගාල්ල නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත අතර, මේ සඳහා රටවල් 25ක නියෝජිතයන් සහභාගි වීමට නියමිත වේ. මෙරට සංචාරක ව්‍යාපාරයට ශක්තියක් ලබා ගැනීම පිණිස මෙම කටයුත්ත සංවිධානය කර ඇති බව,... |
"රාමක්‍ද්ක්‍ද නිකායේ අභිනව අනුනාහිමියන්ට අක්තපත්‍ර පිළිගන්වයි…." | "රාමඤ්ඤ නිකායේ අභිනව අනුනායක පදවියට පත් ත්‍රිපිටක විශාරද රාජකීය පණ්ඩිත සඳගිරි දුනුවිල තපෝවන පිරිවෙන් කෘත්‍යාධිකාරී අංකුඹුරේ පේමවංස හිමිපාණන් වෙත අක්තපත්‍ර පිළිගැන්වීම පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී ඉකුත් 18 වැනිදා සිදු විය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් රාමඤ්ඤ නිකායේ අනුනායක අතිපූජ්‍ය අංකුඹුරේ පේමවං... |
"ඉෂාක් – හැරිසන් – ඒකනායක – මුතුහෙට්ටිගම ඇතු පිරිසකට එජාපයෙන් නව තනතුරු" | "පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයකු ලෙස එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී තම පත්වීම් ලිපිය ලබාගැනීම ඊයේ (19දා) සිදුවිය. මීට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. බී. ඒකනායක මහතා අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකයි... |
"ජනපති ඇරැඹූ වැඩසටහනෙන් රට පුරා පාසල් දරුවන් තිස්පන්දහසක් කොළඹ වැදගත් ස්ථාන බලන්න ඇවිත්" | "පාසල් දරුවන් තිස්පන්දහසක් පමණ පසුගිය වසර දෙක තුළ ජනාධිපති මන්දිරය, පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටි ජනාධිපති කාර්යාලය, වරාය නගරය, මහ බැංකුව, පාර්ලිමේන්තුව, නෙළුම් කුලුන ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් සහිත ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ. මෙවන් විශාල සිසු පිරිසකට මෙම වටිනා අවස්ථාව හිමි වූයේ ඉතිහාසයේ... |
"ඡන්දදායකයකු වෙනුවෙන් අවම වියදම් ගැසට්ටුවක් එයි" | "ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ඡන්දදායකයකු වෙනුවෙන් දැරිය යුතු වියදම් ප්‍රමාණය ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් බොහෝ දුරට අද (19දා) නිකුත් කිරීමට නියමිතව ඇත. මැතිවරණ ප්‍රචාරක වියදම් අවම කිරීමේ පනතේ ඇතුළත් විධිවිධාන ප්‍රකාරව මෙම වියදම් මුදල සකස් කළ බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට ... |
"ජනපති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනී" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (17දා) උදෑසන අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. අනුරාධපුර පුදබිම වෙත පැමිණි ජනධිපතිවරයා පළමුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය. අනතුරුව ජනාධිපතිවරයා උඩමළුව වෙත පැමිණ ආගමික වතා... |
"එක් ඡන්ද දායකයකුට වැය කළ හැකි උපරිම මුදල රු. 20ක් කරන්න – ජනක රත්නායක ඉල්ලයි" | "2023 මැතිවරණ නියාමන පනතට අනුව ජනපති අපේක්ෂකයන් එක් ඡන්ද දායකයකු හට වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 20ක් කරන ලෙස ජනපති අපේක්ෂකයකු වන මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයකු වූ ජනක රත්නායක මහතා මැතිවරණ කොමිෂන් සභාවෙන් ලිඛිතව ඉල්ලා තිබේ. ඉකුත් 16 වැනිදා ජනපති අපේක්ෂකයන් කැඳවා මැතිවරණ කොමිෂන් සභාව පැවැත්වූ සාකච්ඡා... |
"මං කාගෙවත් කොන්ත්‍රාත්කාරයෙක් නොවේ – විජයදාස මහරගමදී කියයි" | "තමා කාගේවත් කුලී කොන්ත්‍රාත්කරුවකු නොවන බව ජනපති අපේක්ෂක හිටපු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. රාජපක්ෂ මහතා මේ කරුණු සඳහන් කර සිටියේ පසුගියදා මහරගම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සමග පැවති හමුවකදීය. මෙම හමුව මහරගම ශ්‍රීලනිප සංවිධායක සමන් පුෂ්පකුමාර මහතා විසින් සංවිධානය කර තිබිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ... |
"මහනුවර මහ පෙරහැර අද" | "සිව්වන රන්දෝලි මහ පෙරහැර ශ්‍රී දළදා මාලිගාවෙන් ඊයේ පිටත් වූ අවස්ථාව මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ රන්දෝලි අවසන් මහ පෙරහැර ඉන්දිරාජා ඇතු සධාතුක කරඬුව වැඩම කරවමින් අද (19දා) රාත්‍රියේ වීථි සංචාරය කරයි. දෑලේ ඇතුන් ලෙස කෝට්ටේ රාජා සහ මියන් රාජා ඇතුන් ගමන් කරති. මහ පෙරහැර අවසානයේ රාත්‍රී දොළහයි 45 ට උතුරු දිශාභිමුඛව... |
"කෙටි කලක් තුළ විදුලිබිල තුනෙන් දෙකකින් අඩුකරනවා වගේම මාලිමා රජයක් යටතේ පළමු අයවැයෙන්ම අත්‍යවශ්‍ය ආහාරවල වැට් බදු ඉවත් කරනවා" | "ජාතික ජන බලවේගයේ රජයක් යටතේ ඉදිරිපත් කරනු ලබන පළමු අයවැය ලේඛනය තුළින්ම ආහාර, ඖෂධ, සෞඛ්‍ය හා සෞඛ්‍ය සේවා සැපයුම්, අධ්‍යාපන උපකරණ සඳහා පනවා ඇති එකතු කළ අගය මත බද්ද (වැට් බදු) ඉවත් කිරීමට කටයුතු කරන බැව් ජාතික ජනබලවේගයේ නායක හා එම පක්ෂයේ ජනාධිපතිවරණ ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (17 දා) ගාල්ල, මාතර සහ තංගල්... |
"ඡන්දය නිමවන තෙක් ප්‍රසංග නතර කිරීමෙන් ලක්‍ෂ ගාණක් අනාථයි" | "මැතිවරණය අවසන් වනතුරු ප්‍රසංග සහ සැණකෙළි පැවැත්වීමට පොලිසිය අවසර නොදීම හේතුවෙන් රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් සහ එම කර්මාන්තය මත යැපෙන ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්,වේදිකා නිර්මාණකරුවන් සහ වෙළෙඳුන් ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. මේ සම්බන්ධයෙන් කොළඹ පෙරේදා (17දා) පැවති... |
"ජනතාව දුක්විඳින කාලයේ සජිත් සහ අනුර හිටියේ කොහේද?" | "ඉන්ධන ගෑස් විදුලිය නැතිව ජනතාව දුක් වින්ඳ කාලයේ ඔවුන් බේරා ගැනීම සඳහා ඉදිරිපත් නොවී සජිත් සහ අනුර සැඟවී සිටියේ කොහේදැයි යන ප්‍රශ්නයට වහා පිළිතුරු දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී පෙරේදා (17 දා) අභියෝගයක් කළේය. රට සහ ජනතාව අමාරුවේ වැටී සිටි මොහොතේ අභියෝගය බාර නොගෙන පලා ගියේ මන්දැයි යන ප්‍රශ්නයට සජ... |
"සජබ රජයක මුල්තැන දෙන්නේ පොදු ජනයා ජීවත් කරන්නයි" | "අද රටට අවශ්‍ය කයිවාරුකාරයන් නොව වැඩ කරන පිරිසක්. ඒ වගේම රටට අවශ්‍ය සංදර්ශන නොව සංවර්ධනයයි. ජාතික සම්පත් රකිමින් රටට ආදරය කරමින් පොදු ජනතාව ජීවත් කරවීමට මුල්තැන දෙන යුගය තම පාලනයක් යටතේ බිහි කරන බව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගල පැවැති මංගල ජන රැලිය අමතා පැවසීය. 2024... |
""ශ්‍රී ලාංකික සිසුන් 1,200 කට චීනය වාර්ෂිකව ශිෂ්‍යත්ව සහ පුහුණුව ලබා දෙනවා – ශ්‍රී ලංකාවේ චීන තානාපති"" | "චීනය මේවන විට සෑම වසරකදීම ශ්‍රී ලාංකික සිසුන් 1,200 කට අධික සංඛ්‍යාවකට පූර්ණ ශිෂ්‍යත්ව සහ කෙටිකාලීන පුහුණුවීම් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා පවසයි. චීන තානාපතිවරයා මේ කරුණු අනාවරණය කළේ 2023/2024 වසර සඳහා ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිරිසකට චීනයේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට ඉකුත් 15 වැනිදා කොළඹ ච... |
"ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් වැසි – මීගස්තැන්නේ ගංවතුර මරණයක්" | "දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් ප්‍රදේශ රැසකට අද (19දා) දිනයේදී ද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද අපේක්ෂා කරන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ... |
"නඩුවේ පුවත ගැන විදේශ අමාත්‍යාංශය කරුණු පහදයි" | "කැන්බරා නුවර හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරියට එරෙහිව පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් අධිකරණය විසින් ලබා දුන් තීන්දුව පිළිබඳව පළවී ඇති පුවත් වාර්තා කෙරෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුකරමින් නිවේදයක් නිකුත් කර ඇත. නිල නියෝජන රාජකාරිවලට සහාය වීම පිණිස ගෘහ සහායක සහායිකාවන් රැගෙන යෑම සඳ... |
"ඡන්දයට සහාය දීමට ග්‍රාම නිලධාරීහු වෘත්තීය ක්‍රියා අත්හිටුවති" | "ජනාධිපතිවරණ කටයුතු සඳහා උපරිම කැපවීම ලබාදීමට ග්‍රාම නිලධාරීන් දියත්කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ (18 දා) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කර තිබෙන බව ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති සන්ධානය පවසයි. ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාව හා දීමනා පවතින ආර්ථික තත්ත්වයට අනුව සැකසීම ඇතුළු ඉල්ලීම් අරඹයා ඉකුත් 12 වැනිදා සිට එම ... |
"අයි.එම්.එෆ්. කෙවිටෙන් ජනතාවට තලන සෙට් එක එකට තියා පරාජය කළ යුතුයි – වසන්ත මුදලිගේ" | "අයි.එම්.එෆ්. කෙවිටෙන් ජනතාවට තැලීමට බලය ඉල්ලන සියලු දෙනා එකට තබා පරාජය කළ යුතු යැයි ජන අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ මහතා පැවසීය. රටේ ඇත්ත වෙනසක් කිරීමට නම් නුවන් බෝපගේ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ යුතු යැයි ද ඔහු කීවේය. ජන අරගල සන්ධානයේ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (18 දා) කොළඹදී පැවැති අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් ... |
"ලංකාවේ හැම කෙනකුගේම ජීවිත සතුටු කරන වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කර තිබෙනවා" | "අපේ උපායමාර්ගික වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබෙන්නේ සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් උතුර, නැඟෙනහිර විතරක් නොවෙයි ලංකාවේ හැම කෙනකුගේම ජීවිත සතුටු කරන වැඩපිළිවෙළක් බව, සර්වජන බලය එකමුතුවෙහි ජනපති අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා යාපනයේ පැවැති සිය මංගල ජන රැළිය අමතමින් පැවැසීය. පළමුව නාග විහාරයට ගිය ජයවීර ම... |
"ජනපතිවරණයට අනිසි ලෙස වැය කරන මුදල් තුන්වේල කන්න බැරි ජනතාව උදෙසා කැප කරන්න" | "ලංකාවේ ජනගහනයෙන් 40%ක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. ඒ විනාශයට වගකිව යුත්තේ වසර 76ක් රට විනාශ කරපු දේශපාලනඥයෝ. ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්වී සිටින ජනාධිපති අපේක්‍ෂකයන් අනිසි ලෙස වියදම් කරන මුදල් මන්දපෝෂණයෙන් පෙළෙන ජනතාව සඳහා යොදවන ලෙස තමා ඉල්ලා සිටින බව මෙවර ජනාධිපතිවරණයට එක්සත් ලංකා පොදුජන පක්ෂයේ නායක ස්... |
"ප්‍රචාරක වියදම් ගැන කොමිසම සහ පක්ෂ ගැටේ" | "ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි උපරිම මුදල පිළිබඳව එකඟතාවකට ඒමට දේශපාලන පක්‍ෂ හා මැතිවරණ කොමිසමට නොහැකි වී තිබේ. ජනාධිපතිවරණයට තරග කරන දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් හා මැතිවරණ කොමිසම අතර පසුගිය සිකුරාදා මැතිවරණ ප්‍රචාරක වියදම් සීමා කිරීම පිළිබඳව සාකච්ඡාවක් පැවැති අතර එහිදී දේශපාලන පක්‍ෂ විසින් ... |
"ජනපති සටන ඇරඹේ – තව දින 34" | "ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් මේ වනවිට සිය ප්‍රචාරණ වැඩපිළිවෙළ සහ ප්‍රධාන රැළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මංගල රැළිය අද (18දා) අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගල සත්‍යවාදි පිටියේ පැවැති මංගල රැළියෙන් සිය ප්‍රචා... |
"ප්‍රතිවාදී යෝජනා…" | "මෙවර ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරුන් වෙත සිය නාමයෝජනා භාරදුන් අයුරු." |
"අවසන් රන්දෝලි පෙරහැර හෙට" | "මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්ලයේ රන්දෝලි අවසන් මහ පෙරහැර ඉන්දිරාජා ඇතු සධාතුක කරඬුව වඩම්මවමින් හෙට (19දා) රාත්‍රියේ වීදි සංචාරය කරයි. දෑලේ ඇතුන් ලෙස කෝට්ටේ රාජා සහ මියන් රාජා ඇතුන් ගමන් කිරීමට නියමිතය. මහ පෙරහැර අවසානයේ රාත්‍රි 12.45ට උතුරු දිශාභිමුඛව දන්ත ධාතු මන්දිරයේ පෙරහැර සිව් දේවාලයන්හි පෙරහැරක් සමග පිටත්ව දළද... |
"අපි රට හදමු" | "ගම දියුණු කර රට හැදීමට නම් දැනට කරගෙන යනු ලබන වැඩපිළිවෙළ තවත් අවුරුදු 05ක් ඉදිරියට ගෙන යා යුතු බවත් ඒ සඳහා තමන් සමග එක්වන ලෙස සැමට ආරාධනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. හෙතෙම මේ බව සඳහන් කර සිටියේ ‘පුළුවන් ශ්‍රී ලංකා සම්මුතිය’ අත්සන් තැබීම වෙනුවෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ 16 දා පෙරවරුවේ පැවැති ... |
"රටේ ප්‍රශ්න විසඳනවා" | "රටේ සියලුම ප්‍රශ්න විසඳීමේ ගමන ලබන සැප්තැම්බර් 22 වැනිදා සිට ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් පසුවය. එහිදී තවදුරටත් කතා කළ හෙතෙම මෙසේද කීය. ශ්‍රී ලංකාව ලොව අංක එකට ගෙනඒමේ ප්‍රතිපත්තිය තුළ සියලු දේ කැපක... |
"මජර පාලනයට තිත" | "දැනට රටේ පවතින මජර දේශපාලනය තම පාලනයක් යටතේ අවසන් කරන බව ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් පසුවය. එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය. ‘ජාතික ජන බලවේගයේ දොරට හුඟක් කට්ටිය තට්ටු කරනවා. නමුත් ඒ තට්ටු කරන අය ගන්න අදහසක් නෑ.... |
"තරුණ පාලනයක් මගෙන්" | "රට මෙහෙයවන තරුණ නායකත්වය තමා විසින් ආරම්භ කරනු ලබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුවය. තවදුරටත් කතා කළ හෙතෙම මෙසේද කියා සිටියේය. ඊළඟ නූතන පරම්පරාවේ රට මෙහෙයවන තරුණ නායකත්වය මගෙන් ඇරැඹෙනවා. මේ රට තරුණයන්ට පමණක... |
"ඡන්ද හිමි නාම ලේඛනයට මිලියන 210ක වියදමක්" | "ඡන්ද හිමි නාම ලේඛනයට පිළියෙල කිරීම, නාම ලේඛන මුද්‍රණය, පුවත්පත් දැන්වීම් පළකිරීම, ගණන් ගන්නා නිලධාරීන්ට ගෙවීම් සඳහා මැතිවරණ කොමිෂන් සභාවට ඉකුත් වර්ෂයේ (2023) දී රුපියල් මිලියන 209.9ක මුදලක් වැය වී ඇති බැව් එම කොමිසම සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති කාර්යසාධන වාර්තාවේ සඳහන් වේ. ඡන්දහිමි නාම ලේඛන පිළියෙල කිරී... |
"පීකර් දාන්න උපදෙස් දෙයි" | "මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ශබ්දවාහිනි යන්ත්‍ර පරිහරණය කරන ආකාරය පිළිබඳව අදාළ දේශපාලන පක්‍ෂවලට පොලිසිය මගින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 6.00 සිට රාත්‍රී 10.00 දක්වාත් සිකුරුදා දිනවල උදෑසන 6.00 සිට රාත්‍රී 11 දක්වාත්, සෙනසුරාදා දිනවල උදෑසන 6.00 සිට අලුයම 1.00 දක්වාත්, ඉරිදා දිනවල... |
"පෝස්ටර් ගලවන්න කම්කරුවෝ 1500ක්" | "මැතිවරණ නීතිරීතිවලට පටහැනිව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කර තිබෙන බැනර්, කටවුට් පෝස්ටර් ඉවත්කිරීම සඳහා කම්කරුවන් 1500ක් පමණ දෙනා තාවකාලිකව බඳවා ගත් බව පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලය කියයි. මෙම වැඩපිළිවෙළ අනුව බැනර් පෝස්ටර් කටවුට් ඉවත්කිරීම දැනටමත් ආරම්භ කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.... |
"පෝස්ටර් ගලවන්න කම්කරුවෝ 1500ක්" | "මැතිවරණ නීතිරීතිවලට පටහැනිව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කර තිබෙන බැනර්, කටවුට් පෝස්ටර් ඉවත්කිරීම සඳහා කම්කරුවන් 1500ක් පමණ දෙනා තාවකාලිකව බඳවා ගත් බව පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලය කියයි. මෙම වැඩපිළිවෙළ අනුව බැනර් පෝස්ටර් කටවුට් ඉවත්කිරීම දැනටමත් ආරම්භ කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.... |
"මෛත්‍රී කාටවත් නෑ" | "ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වී සිටින කිසිදු ජනපති අපේක්‍ෂකයකුට තමා සහයෝගය ලබා නොදෙන බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටී. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම මේ බව කියා සිටින අතර එමගින් මෙසේද කියයි. ඇතැම් මාධ්‍ය හා ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනඥයන් මා පිළිබඳව කරන ප්‍රකාශවල කිසිදු සත්‍යයක් නොමැති බවද කාරුණ... |
"මන්ත්‍රීලාට ගිනිඅවි" | "පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට අවශ්‍ය නම් ගිනි අවියක් ලබාගත හැකි බව ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් කීපදෙනෙකු අවි ලබාගෙන ඇති බව දැනගැනීමට ලැබුණු බවද කථානායකවරයා පැවසීය. මේ පිළිබඳව තමා වැඩිදුරටත... |
"රට හදන ප්‍රතිපත්ති පක්‍ෂ දොරකඩ" | "ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව ඇති සියලු අපේක්‍ෂකයන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශයන් එළිදැක්වීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇත. ඒ ඒ පක්‍ෂවල දැක්ම සහ දර්ශනය ජනතාවට පිළිබිඹු වන ආකාරයෙන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයන් සැකසෙනු ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ආර්ථිකය නැවත නගාසිටුවීම, ජනතාවගේ ආදායම් වැඩි කිරීම මෙන්ම මේ... |
"බාල අපරාධ 3119ක්" | "ළමුන්ට එරෙහි බාල අපරාධ 3119ක් ඉකුත් වර්ෂයේ දී (2023) සිදුවී ඇති බැව් ශ්‍රී ලංකා පොලිසිය විසින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති කාර්යසාධන වාර්තාවේ සඳහන් වෙයි. ළමුන්ට එරෙහිව බරපතල ලිංගික අපයෝජන 605ක් ඉකුත් වර්ෂයේ දී සිදු වී ඇති අතර වයස අවුරුදු 16ට අඩු දැරියන් 1262 දෙනකු එම දැරියන්ගේ කැමැත්ත ඇතිව දූෂණයට ලක්ව ඇති බව ද මෙම... |
"රනිල් රැලි 100ක" | "මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට පුරා ජනහමු 100කට වැඩියෙන් ඇමතීමට නියමිතය. ප්‍රථම රැලිය ඊයේ (16දා) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ආරම්භ කළ අතර අවසන් රැලිය සැප්තැම්බර් 18 දා මරදානේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත. ජනාධිපතිවරයා දිනකදී ජනහමු තුනක් හෝ හතරක් ඇමැතීමටත්, මැතිවරණ දින ළං ව... |
"CTB බස් දොස් මිලියන 3010ක්" | "ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ආසන 32 බස් රථ 500ක් මිල දී ගැනීමේ දී බස් රථයක ඇස්තමේන්තු මිල වූ රුපියල් මිලියන 05ට වඩා වියදම් කර බස් රථයක් රුපියල් මිලියන 11.02ක් බැගින් මිල දී ගැනීම නිසා රුපියල් මිලියන 3,010ක මුදලක් වැඩිපුර ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි. බස් රථයක ... |
"ඒඩ්ස් 3550ට නගී" | "මෙරටින් මේ වනවිට හඳුනාගෙන ඇති ඒඩ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව 3550ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශ ලිංගාශ්‍රිත බෝවන රෝග මර්දන ව්‍යාපාරය අනාවරණය කර සිටී. ඒ අනුව වැඩිහිටි රෝගීහු 3500 දෙනෙක් සහ රෝගයට ගොදුරු වූ ළමයි 50 දෙනෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිව ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවෙති. 2018 වසරේදී ඒඩ්... |
"දික්වැල්ලට ක්‍රිකට් තහනම්" | "2024 ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අතරතුර තහනම් උත්තේජක භාවිතා කර ඇති බවට තහවුරු වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු සියලුම ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කිරීම අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත." |
"ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනස් කළොත් ආර්ථිකය අවදානමේ" | "දැනට කරගෙන යන ආර්ථික ප්‍රතිසංස්කරණවල දැඩි වෙනස්වීමක් ඇති වුණොත් ඉදිරියේදී හිතන්න බැරි අවදානමක් ආර්ථිකයට ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා අනතුරු අඟවයි. එම ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණවල දැඩි වශයෙන් වෙනස්වීමක් වුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැනට පවතින වැඩසටහනින් ඈත්වීමක... |
"නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ළඟ ළඟ ම" | "ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙම මස අන්තිම සතියේ දී හෝ ලබන මස පළමු වැනි දින ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි. නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමග වෘත්තීය සංවිධාන හා වාණිජ්‍ය මණ්ඩලවල නියෝ... |
"ඔස්ට්‍රේලියාවේ හිටපු නි. මහ කොමසාරිස් ගෘහ සේවිකාව වහල් සේවයේ යොදවලා" | "සිය නිවසේ සේවය කළ ගෘහ සේවිකාවට නොගෙවන ලද වැටුප් වශයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් පන් ලක්ෂ හතළිස් තුන්දහසක මුදලක් ගෙවන ලෙස ඔස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණයක් නියෝග කර තිබේ. ඔස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කර ඇ... |
"ඡන්ද පත්‍රිකාව මුද්‍රණාලයට අද භාර දෙයි" | "ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය ඇනවුම අද (17දා) මැතිවරණ කොමිසම විසින් රජයේ මුද්‍රණාලයට භාරදීමට නියමිතය. ඡන්ද පත්‍රිකාව මුද්‍රණය සඳහා පෙර සෝදුපත් බැලීම ඊයේ දිනයේදී සිදු කර ඇති අතර එම කටයුතු අද අවසන් කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. සෝදුපත් කටයුතු අවසන් වීමෙන් අනතු... |
"රටේ අනාගතය ගොඩගන්න පක්‍ෂ සහ සන්ධාන 34ක් එක්වී ‘පුළුවන් ශ්‍රී ලංකා’ සම්මුතිය ගොඩනැඟුවා – සම්මුතියට අත්සන් තබමින් ජනාධිපති රනිල් කියයි" | "දේශපාලන පක්ෂ සහ සන්ධාන 34 කින් සමන්විත “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට අත්සන් තබනු ලැබූයේ දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නොව සියලුදෙනා එක්කර ගනිමින් රටේත්, ජනතාවගේත් අනාගතය ගොඩනැඟීම වෙනුවෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙම සම්මුතියට අත්සන් තැබූයේ එදා ආර්ථික අභියෝගය හමුවේ බැහැ කියා පැනගිය පිරිසක්... |
"අනුර මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකියි…" | "ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (16 දා) පස්වරුවේ මහනුවර දී මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය. ඔහු මහනුවර මල්වතු මහා විහාරයේ දී සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් ද, මල්වතු පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය දිඹුල... |
"සජිත් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකියි…" | "ජනාධිපතිවරයා හැමදේම සාමාන්‍යයයි කිව්වත් රටේ ඇත්තේ නව සාමාන්‍යකරණයක් බවත් මේ තුළ ජනතාවගේ රැකියා අහිමිවීම ජීවනෝපාය අහිමිවීම දුප්පත්කම ඇතිවීම නිසා ජනතාව දුකෙන් පෙළෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ජනතාවගේ ආර්ථිකය කුඩා කර ජනතාවගේ ජන ජීවිත කුඩාකර ජනතාවගේ මුදල් පසුම්බියට පික්පොකට් ගැසීම නිසා වියදම් කළ නොහැකි ... |
"වැඩබලන අභියාචනාධිකරණ සභාපති ආර්. එම්. සෝභිත රාජකරුණා" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා පත්කර තිබේ. ඒ අනුව ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා ඊයේ (16 දා) වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අභියාචනාධ... |
"තෙවැනි රන්දෝලි පෙරහැර අද" | "මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද (17 දා) සෙනසුරාදා පස්වරු 6.51 ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාභිමුඛව දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ කෙරේ. එතැනින් ඇරඹෙන පෙරහැර දළදා වීදිය (වෝඩ් වීදිය) ඊ.එල්. සේනානායක (කොටුගොඩැල්ල වීදිය) හරස් වීදිය, කුමාර වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට ගොස්... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.