Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"වැටුණු ආර්ථිකයක් වසර දෙකකින් උඩට ආවේ ලංකාවේ පමණයි" | "රටක බිඳ වැටුණු ආර්ථිකයක් වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර මට්ටමකට ගෙන ආවා නම් එය සිදු වූයේ ශ්‍රී ලංකාවේ පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. රටක් ලෙස ලැබූ එම ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සියලු දෙනා එක්විය යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමස... |
"නියත ජනවරමක් සමග අපි අලුත් ගිවිසුමකට ප්‍රවේශ වී ප්‍රතිසංස්කරණයක් සිදු කරනවා" | "වෙන්දේසි ලන්තයක් බවට පත්වී තිබෙන රට වෙන්දේසිකරුවන්ගෙන් මුදවාගෙන විශිෂ්ඨ ස්ථිර වරමක් හරහා තාවකාලික භාරකාර ආණ්ඩුවක් යටතේ හෝ ආරක්ෂා කිරීමට යුතුකම් ඉෂ්ඨ කරනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. ඒ මහතා මෙම අදහස් පළ කළේ මොනරාගල භික්ෂු උපදේශක සභාවේ රැස්වීමක් ඉකුත් 10 වැනිදා මොනරාගල දිස්ත්‍රික් පුස්තකාල ශ්‍රවනාගාර... |
"විජයමුණි- විමලවීර- වඩිවේල් රනිල්ට ළං වෙති" | "එළැඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි විශේෂඥ වෛi සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (11දා) පැවසුවාය. ඊයේ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක කාර්යාලයේදී හමුවී ඇය තම සහාය දෙන බව පළ කළාය. ගම්පහ දිස්ත්‍රික්කයේ කීර්තිමත් ... |
"හෝමාගම බාර් දෙකක ලයිසන් අත්හිටුවූ සුරාබදු නිවේදන උසාවියෙන් තහනම් කරයි" | "හෝමාගම ප්‍රදේශයේ පිහිටි දේශීය හා විදේශීය මත්පැන් අලෙවිහල් දෙකකට ලබාදී තිබූ බලපත්‍ර දෙකක් තාවකාලිකව අත්හිටුවමින් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ නිවේදන දෙකක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය. ජනතාවගෙන් විරෝධතා එල්ලවී ඇති බවට චෝදනා නඟමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන... |
"ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා ජාතික කණ්ඩායමේ අනුලාවියන්ට පාසලෙන් මහත් හරසර" | "24 වැනි ආසියානු ක්‍රිකට් කුසලානය මව්බිමට දිනාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා ජාතික කණ්ඩායමේ සාමාජිකාවන් මෙන්ම නුගේගොඩ අනුලා විදුහලේ ආදරණීය අනුලාවියන් ත්‍රිත්වයක් වන හර්ශිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කෞශිනි සෙනෙවිරත්න මහත් හරසරින් උණුසුම් අන්දමින් පිළිගැනීමේ විශේෂ උත්සවයක් පසුගියදා විදුහල් පරිශ්‍රයේ දී පැවැත්විණි. නුගේ... |
"ජයම්පතිගේ සහාය සජිත්ට" | "19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පුරෝගාමී මෙහෙවරක නිරතවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදෙන බවට ඊයේ (11දා) ප්‍රකාශ කළේය." |
"පොදුජන පෙරමුණේ මංගල රැලිය 21 දා අනුරාධපුරයේදී – ජොන්ස්ටන්" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය මේ මස 21 වැනිදා අනුරාධපුරයේදී පැවැත්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේ මංගල රැලිය පැවැත්වෙන අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ භූමිය සූදානම් කිරීමේ කටයුතු සොයා බැලීමට ඊයේ (11දා) පැමිණි අවස්ථාවේදී... |
"ඉදිරි දිනවල රට පුරා සවස් කාලයේ ගිගුරුම් වැසි" | "ඉදිරි දින කීපයේදී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (12 දා) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක්... |
"මැතිවරණ වියදම් නියාමන පනත කඩ කළ අයකු දිනුවත් ධුරය අහෝසි කළ හැකියි- විජයදාස" | "2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය පනත උල්ලංඝනය කර යම් අපේක්ෂකයකු ජයග්‍රහණය කළහොත් ඔහුගේ ජනාධිපති ධුරය අහෝසි කිරීමට අධිකරණයට බලය ඇතැයි ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. එබැවින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීමේදී එකී පනත අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත් එසේ නොවුණහොත් ජනතාවගෙන් ලැබෙන ඡන්... |
"චෞර තන්ත්‍රවාදය වෙනුවට කුසලතාවාදයට මුල්තැන දෙනවා – සජිත්" | "අද වන විට රටේ පවතින්නේ දුටු දුටු තැන සමාජ ආර්ථික අසාධාරණත්වය රජවීම බවත් සුළුතරයකගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන්න බහුතරය යටකර ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් චෞර තන්ත්‍රවාදය ක්‍රියාත්මක වන බවත් පටු වාසි තකා මේ රටේ සුවහසක් ජනතාව ලක්ෂ 220ක් ජනතාව බිල්ලට තබා මේ ක්‍රියාත්මක වන අසාධාරණ ක්‍රමය වෙනස් කළ යුතු බවත් විපක්ෂනායකව... |
"ඉල්ලීම් ලැබෙනතුරු ගුරුවරු අකුරට වැඩ – ස්ටාලින්" | "ලංකා ගුරු සේවා සංගමය විසින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය කවරකු ජනපති වුවත් සිය ඉල්ලීම් ලැබෙනතුරු ඉදිරියටත් සිදු කිරීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා ‘දිවයින’ට පැවැසීය. පාසල් සිසුන්ට අසාධාරණයක් වන ලෙස කිසිම ක්‍රියාවලියක් සිදු නොකරන බවද, දහවල් 1.30න් පසු... |
"ෆොනී වෙනුවට ඉම්තියාස්" | "සමගි ජනබලවේගය සභාපති ධුරයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් එම ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පත්වීමට නියමිතය. ඒ අනුව ඒ මහතා එම ධුරය සඳහා ඉදිරියේදී නම් කිරීම සිදුවන අතර සජබ පක්ෂ සම්මේලනයකදී එය නිල වශයෙන් යෝජනා කොට ස්ථිර කර ගැනීම සිදුවනු ඇත. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු... |
"පාස්පෝර්ට් ගත් 23%ක් රට ගිහින් නෑ" | "විදේශ ගමන් බලපත්‍ර ලබාගත් 23%ක පිරිසක් මෙතෙක් විදේශගත වී නැතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා (09 දා) පැවසීය. එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවට ඉදිරිපත් වෙමින් ඇමැතිවරයා සඳහන් කළේය. වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීය. ගුවන් ගමන් බලපත්‍රයක් (පාස්පෝට්) ලබා ගැනීම වසර 23ක් තිස්සේ එකම ආයතනයකින් නිසි ටෙන්ඩර් කැඳවීමකින් ... |
"ගැම්ම සහ බැල්ම…" | "විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ගමන්මග දෙස ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයාත්, අගමැතිවරයා හා කථානායකවරයා මෙසේ විමසිල්ලෙන් බලා සිටින්නේ අපවත්වී වදාළ ගල්බොඩ ඤාණිස්සර නාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවයේදීය. ඡායාරූප – කමල් බෝගොඩ " |
"අධිකරණය හරින් – මනුෂ ගෙදර යවයි" | "සමගි ජනබලවේගය පක්‍ෂය විසින් සිය පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ගත් තීරණය නීති විරෝධී තීරණයක් බවට නිගමනය කර එම තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අමාත්‍ය හරින් ප්‍රනාන්දු හා අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුන් ගොනුකර තිබූ පෙත්සම් දෙක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් (09දා) ප්‍රතික්‍ෂේප කරන ලදී. සමගි ජනබලවේගය පක්‍ෂ පෙත්සම්කරුවන්ගේ පක්‍ෂ... |
"අපි ජනපතිට බැහැලාම වැඩ" | "රට ගොඩනැඟීමට ජනාධිපතිවරයාට සහය පළකිරීමට එකතු වූයේ මගේ මන්ත්‍රී ධුරය අවදානමට ලක්වන බව දැනගෙනයි. රටේ ප්‍රශ්නය මගේ පැත්තෙන් විසඳන්න පුළුවන් දේ කරපු එක ගැන මා සතුටු වනවා යැයි හිටපු ක්‍රීඩා හා සංචාරක ඇමැති හරින් ප්‍රනාන්දු මහතා කීවේය. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන ඇමැතිවරුන්ගේ පාර්ලිමේන්තු මන... |
"දේශප්‍රේමින් පැන යද්දි උදව් කළ අය ගැන ජනපති කියයි" | "දේශප්‍රේමය ගැන කතා කළ අය පැන යද්දී රට ගොඩගැනීමට තමන්ට විදේශීය කාන්තාවන් තිදෙනකු උදව් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “කාන්තා අපේ බලය” මැයෙන් කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී (09 දා) පෙරවරුවේ පැවති කාන්තා සමුළුව අමතමිනි. පක්ෂ ... |
"ජනපති සටනට නාමයෝජනා 15දා ගැනේ" | "මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ නාමයෝජනා පත්‍ර භාරගැනීම සිදු කරනු ලබන 15 වැනිදා දින රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය අවට ආරක්‍ෂාව තර කිරීමට කොමිසමේ උපදෙස් පරිදි පොලිසිය තීරණය කර ඇත. එමෙන්ම නාමයෝජනා පත්‍ර භාරදීමට පැමිණෙන අපේක්‍ෂකයන්ගේ නියෝජිතයන් ප්‍රමාණයද සීමාකර ඇත. අපේක්‍ෂක පිළිගැනීම සඳහා පක්‍ෂවලට විවිධ ස... |
"මැති ඇමැතිලා 53ක් වත්කම් හංගලා!" | "පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් 53දෙනකු මෙම වර්ෂයේ (2024) ජුනි මස 30 වැනිදා වන විට සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දී නොමැති බැව් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වෙයි. මෙම වර්ෂයේ ජුනි මස 30 වැනිදා වන විට පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් 116 දෙනෙකු සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ... |
"ජනාධිපතිවරණයට නිරීක්‍ෂණ සංවිධාන 9ක්" | "ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිරීක්‍ෂණය කිරීම සඳහා දේශීය නිරීක්‍ෂණ සංවිධාන 09ක් එක්වන බව පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. පොදු රාජ්‍ය මණ්ඩලය හා යුරෝපා සංගමයේ නිරීක්‍ෂකයන් මෙරටට පැමිණීම සම්බන්ධව මැතිවරණ කාර්යාලය සාකච්ඡා පවත්වමින් පවතින අතර ඔවුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් ත... |
"සජිත් දිනවන්න ශ්‍රීලනිපයෙන් ජන හමු" | "ජනාධිපතිවරණයේදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ජනහමු මාලාවක් දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජනහමු මාලාව පැවැත්වීමට පියවර ගෙන ඇත. මුල්ම රැස්වීම කුරුණෑගලින් ආරම්භ කිරීමට තීරණය කර ත... |
"නාමල් ජයසිරි මහා බෝධිය වැඳ වැඩට බසී" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා දිස්ත්‍රික් හා ආසන මට්ටමින් මැතිවරණ ප්‍රචාරක රැස්වීම් 125ක් පැවැත්වීමට සැලසුම් කර ඇති බැව් පොදුජන පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන ප්‍රධාන රැස්වීම් හි... |
"අනුර දකුණෙන් පිටියට" | "ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීමෙන් පසු මෙම මස 17 වැනිදා දකුණු පළාතේ ප්‍රධාන මැතිවරණ ප්‍රචාරක රැලි තුනක් පවත්වා මැතිවරණ ප්‍රචාරක කටයුතු වේගවත් කිරීමට සැලසුම් කර ඇති බැව් ජාතික ජනබලවේගයේ විධායක සභික හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා පවසයි. ... |
"ගෙවල් ගිනි ගත් මන්ත්‍රීලාට කෝටි 105ක්" | "රටේ පැවැති අර්බුදකාරී වාතාවරණයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික දේපළවලට සිදු වූ හානි සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 41 දෙනකු සඳහා රුපියල් එකසියපන් කෝටි තුන්ලක්ෂ තිස්නම දහස් හයසිය විසිහයක මුදලක් (1,050,339,626) වන්දි වශයෙන් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් වේ. රාජ්... |
"බෙහෙත් හිඟය උප්පරවැට්ටියක්" | "පසුගිය 2023 වර්ෂයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට විවිධ අංශයන්ගෙන් රුපියල් මිලියන 21,324ක් ලැබී තිබියදීත් රෝහල්වල ඖෂධ සහ උපකරණ හිඟයක් ඇතිව තිබීම පිළිගත නොහැකි තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ පවසයි. ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු ප්‍රවර්තන වැඩසටහන, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රජය මගින්ද මෙලෙස අදාළ මුදල් ප්‍රතිපාදන ලැබී ඇතැයි තොරතුරු දැන ගැ... |
"ගෝඨාගේ ජනපති කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ටොක්කක්" | "පසුගිය 2015-2019 යහපාලන රාජ්‍ය සමයේ සිදු වූයේ යැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිෂන් සභාව ලබාදුන් සියලුම නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ඊයේ (09 දා) බලරහිත කරන ල... |
"ඔට්ටමාවඩි බලාගාරයෙන් මිලියන 2317ක් කඩා වැටේ" | "මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන්ද අවසර ලබා නොගෙන ටෙන්ඩර් පටිපාටියද උල්ලංඝණය කරමින්, ඔට්ටමාවඩි ප්‍රදේශයේ ඉදිකරනු ලබන මෙගාවොට් සියයක සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් වාර්ෂිකව මෙරටට රුපියල් මිලියන 2317ක මුදලක් අහිමි වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති හෙළි කරයි. මැතිවරණ සමයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක විදුලිබල ඇ... |
"හරින් සහ මනුෂ මන්ත්‍රී ධුරවලින් දොට්ට – ඇමැති ධුරත් අහිමි වෙයි" | "සමගි ජන බලවේගය පක්‍ෂය විසින් සිය පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ගත් තීරණය නීති විරෝධී තීරණයක් බවට නිගමනය කර එම තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ඇමැති හරින් ප්‍රනාන්දු හා ඇමැති මනුෂ නානායක්කාර යන මහත්වරුන් ගොනුකර තිබූ පෙත්සම් දෙක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (09දා) ප්‍රතික්‍ෂේප කරන ලදී. සමගි ජන බලවේගය පක්‍ෂය පෙත්සම්කරුවන්ගේ පක... |
"ගෝඨාගේ ජනපති කොමිසම දුන් සියලු තීරණ බල රහිතයි" | "පසුගිය 2015-2019 යහපාලන රාජ්‍ය සමයේ සිදු වූයේ යැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිෂන් සභාව ලබාදුන් සියලුම නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ඊයේ (09 දා) බලරහිත කරන ල... |
"ජීවන බර සැහැල්ලු කර ශක්තිමත් ආර්ථිකයක් හදනවා- ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි" | "කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂික බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරමින් මතු පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට සහාය වන ලෙස මෙරට සමස්ත කාන්තා පරපුරෙන් ඉල්ලා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “කාන්තා අපේ බලය” මැයෙන් කොළඹ ශ්‍රී ලං... |
"සල්ලිවලට-ඇමතිකම්වලට එහෙට මෙහෙට පනින දේශපාලනය අවසන් කළ යුතුයි" | "වරදාන, මුදල්, ඇමති ධුර වෙනුවෙන් එහෙට මෙහෙට පනින දේශපාලනය අවසන් කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. බියගම, මල්වාන පැවති ජාතික ජන බලවේගයේ මුස්ලිම් සහෝදරත්වයේ රැලිය අමතමින් වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය. රට පුරා විසිරී සිටින මුස්ලිම් ජනතාව වෙත ජාතික ජන බලවේගයේ පණිවිඩය ගෙනයන්න විශාල කැපව... |
"ෆොන්සේකා සජබ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි" | "සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ඉල්ලා අස්වී ඇත. ඒ බව ෆොන්සේකා මහතා සජබය වෙත ලිපියකින් දන්වා තිබේ. කැලණිය ආසන සංවිධායක ධුරයෙන් ද තමා අස් වෙන බව එම ලිපියේ සඳහන්ය. තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා ඒ මහතා සජබ නායකත්වයට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝග... |
"පොලිස්පති නැතිව යුක්තිය අඩපණයි – ඇමැති ටිරාන් කියයි" | "පොලිස්පතිවරයකු නොමැති වීම නිසා යුක්තිය මෙහෙයුම අඩපණ වී ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ඊයේ (09දා) පැවැසීය. පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ධුරයේ ක්‍රියාකාරීව කටයුතු කළ සමයේ යුක්තිය මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා දෛනික වැඩසටහන් සකස් කරමින් නිලධාරීන් මෙහෙයවීම සිදු කළ බවත් ඔහු නොමැතිවීම නිසා එම මෙහෙයුම් අඩපණ වී... |
"පට්ට සතුටක් මට තියෙන්නේ – හරින් කියයි" | "රට ගොඩනැඟීමට ජනාධිපතිවරයාට සහය පළකිරීමට එකතු වූයේ මගේ මන්ත්‍රී ධුරය අවදානමට ලක්වන බව දැනගෙනයි. රටේ ප්‍රශ්නය මගේ පැත්තෙන් විසඳන්න පුළුවන් දේ කරපු එක ගැන මා පට්ට විදිහට සතුටු වනවා යැයි හිටපු ක්‍රීඩා හා සංචාරක ඇමැති හරින් ප්‍රනාන්දු මහතා ඊයේ (9දා) කීවේය. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන ඇමැතිව... |
"බාල හොකී පිටිය හදන අය උත්තර බඳින්න ලෑස්ති වෙන්න – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "ජනපතිවරණයට නාමයෝජනා දීමට පෙර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් තත්ත්වයෙන් බාල හොකී පිටියක් සාදා විවෘත කිරීමට ගන්නා උත්සාහය ඉතා වැරදි බවත් මෙවැනි වැරදි සම්බන්ධයෙන් ජනාධිපතිවරණයෙන් පසු වගකිවයුත්තන්ට උත්තර බඳින්න සිදු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසීය. එහිදී ඔහු මෙසේද කීවේය. ... |
"දූෂණය පිටුදැක විනයගරුක රටක් බිහි කිරීමට මා ඇපකැප වෙනවා – ෆොන්සේකා කියයි" | "වහල් දේශපාලනයෙන් තොරව සැමට එක හා සමාන වරප්‍රසාද හිමිවන රටක් බිහිකරීම සඳහා මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස තමා ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කීවේය. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (09දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ෆොන්සේකා මහතා ම... |
"මනුෂගේ පුරප්පාඩුවට බන්දුලාල්" | "හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අධිකරණයෙන් ලබාදුන් සාධාරණ තීන්දුවට තමන් ගරු කරන බව සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය. හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් සමගි ජනබලවේගයෙන් නෙරපීම නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබ... |
"දැන් අපේක්ෂකයෝ 27යි" | "මෙවර ජනාධිපතිවරණය සඳහා තවත් අපේක්‍ෂකයන් තුන් දෙනෙක් ඊයේ ඇප මුදල් තැන්පත් කළහ. නව සම සමාජ පක්‍ෂයේ අපේක්ෂකයා ලෙස ප්‍රියන්ත පුෂ්පකුමාර මහතාත්, ඡන්ද හිමියකු විසින් නාමයෝජනා කළ අපේක්‍ෂකයකු ලෙස එම්. තිලකරත්න මහතාත්, අපේ ජනබල පක්ෂයේ අපේක්ෂකයා ලෙස ජේ. ඩී. කේ. වික්‍රමරත්න මහතාත් ඊයේ මෙසේ ඇප මුදල් තැන්පත් කළහ. මේ අනුව ඊයේ වනවි... |
"හිස් මන්ත්‍රී පුටු දෙක පිරවීම පාර්ලිමේන්තු ලේකම් දැනුම් දුන්පසු" | "හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන මහත්වරුන් ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුර පිරවීම, පාර්ලිමේන්තු මහ ලේකම්වරිය නිල වශයෙන් දැනුම් දුන්පසු සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.කේ.ජී. රත්නායක මහතා දිවයිනට පැවසීය. මන්ත්‍රීධුර දෙකෙහි පුරප්පාඩු පවතින බවට මුලින්ම පාර්ලිමේන්තු මහ ලේකම්වරිය මැතිවරණ ... |
"කෙහෙළියට ඇප ද: තීරණය යළි කල්යයි" | "ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ සැකකරුවකු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදාහරින්නේද නැතිද යන නියෝගය ලබන සැප්තැම්බර් මස 4 වැනිදා දක්වා නැවතත් කල් තැබීමට අභියාචනාධිකරණය ඊයේ (09දා) නියෝග කළේය. ක... |
"මන්නාරමේ සමූහ මිනී වළ ස්කෑන් කරන්නැයි නියෝග" | "මන්නාරම සතොස සමූහ මිනී වළේ කැණීම් කටයුතු අවසන් කොට ඇතත් එම වළ පිහිටි ප්‍රදේශය ස්කෑන් පරීක්ෂණයකට ලක් කරන ලෙස මන්නාරම මහෙස්ත්‍රාත් එස්. සාජිත් මහතා කැණීම් බාර නිලධාරීන්ට 8 දා නියෝග කළේය. මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ මන්නාරම සතොස සමූහ මිනී වළ සම්බන්ධයෙන් යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතී සංගමය විසින් ගොණුකොට තිබ... |
"එක්ස්ප්‍රස් පර්ල් ගිනිබත් වීමෙන් අගතියට පත් පාර්ශ්වවලට නිසි වන්දියක් හිමි වුණේ නෑ- විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වීම හේතුවෙන් රටේ සමුද්‍රීය පාරිසරික පද්ධතියට සිදුවූ හානිය අතිවිශාල බවත්, මෙහිදී ආර්ථිකමය හානියක්ද සිදුවූ බවත්, නමුත් එයින් අගතියට පත් පාර්ශ්වවලට සම්පූර්ණ වන්දි මුදල් හිමි වී නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. එක්ස්ප්‍රස් පර්ල් අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටු වාර්තා... |
"සාගරට එරෙහි අනුරගේ නඩුව දෙසැම්බර්වලට කල්යයි" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් රුපියල් බිලියන 10ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනුකර ඇති නඩුව ලබන දෙසැම්බර් 20 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා ඊයේ (09 දා) නියෝග කළ... |
"ජන අරගල සන්ධානයෙන් රැලි 25ක් – ජනහමු 500ක්" | "ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජන අරගල සන්ධානය දිස්ත්‍රික් මට්ටමින් ප්‍රධාන ජනරැලි 25ක් සහ ජනහමු පන්සීයක් සංවිධානය කර ඇත. එම සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා ප්‍රධාන ජනරැලි විසි පහටම සහභාගි වීමට නියමිතය. වසන්ත මුදලිගේ මහතා ඇතුළු එම සන්ධානයේ විධායක සභිකයින් ද එම ප්‍රධාන ජනරැලි අමතන බව ජන අරගල සන්ධානය ක... |
"අල්ලස් ගත් පිළියන්දල හිටපු කොස්තාපල් වසර 4ක් හිරේ" | "වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ රියැදුරකුගෙන් රුපියල් 2000ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු චෝදනා හතරකට වරදකරු වූ පිළියන්දල පොලිසියේ රථවාහන අංශයේ හිටපු පොලිස් කොස්තාපල්වරයාට වසර 08ක සිර දඬුවමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඊයේ (09) නියම කරන ලදි. චරිත් ශ්‍රීමාල් නමැති හිටපු පොලිස් කොස්තාපල්වරයාට මෙම දඬුවම නියම ක... |
"මැතිවරණ සමයේ වුවත් – ගුරු විදුහල්පති අකුරට වැඩ තවදුරටත්" | "ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලු ගැන අධ්‍යාපන බලධාරීන් කල්මරමින් සිටීම හේතුවෙන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය මැතිවරණ සමයේ වුවත් තවදුරටත් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘දිවයින’ ට ඊයේ (09 වැනිදා) පැවසීය. තුනෙන් එකක වැටුප් විෂමතාව ලබානොදීම, දෙමාපියන්ට අධ්‍යාපන බර පැටවීම ඇතුළු... |
"තවත් බිත්තර රටින් ගෙන්වයි" | "ඉදිරි දින 10 ඇතුළත නැවතත් බිත්තර ආනයනයට පියවර ගන්නා බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඊයේ (09දා) සඳහන් කළේය. දේශීය වෙළෙඳපොළ බිත්තරයක මිල රුපියල් 50 ඉක්මවා අලෙවි වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය ද හිමිව තිබිණි.සුජීව තත්පර" |
""පෑලියගොඩ තොග වෙළඳපොලේ එළවළු, පලතුරු, මාළු මිල ගණන්"" | "කැරට් කිලෝව රු. 200යි, බෝංචි 300යි, ලීක්ස් 200යි, කරවිල 200යි, රාබු 50යි, බණ්ඩක්කා 100යි, වට්ටක්කා 120යි, බීට්රූට් 100යි, දෙහි 250යි පෑලියගොඩ එළවළු මිල ගණන්වල අඩු වීමක් ඊයේ (09 වැනිදා) දිනයේ දක්නට ලැබුණු බව පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග මහතා ‘දිවයින’ ට පැවසීය. එළවළු තොග ඊයේ ... |
"ඉතාම ජනාකීර්ණ සුගතදාස ක්‍රීඩාංගණය අසල මරු කපොලු" | "කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අසල පදික මාර්ගයන් වසර කීපයක සිට ඉතා අනතුරුදායක තත්ත්වයක පවතින බව පදිකයෝ චෝදනා එල්ල කර සිටිති. එම මාර්ගවල අතුරා ඇති කොන්ක්‍රීට් කැට කැබලි බොහොමයක්ම ගැලවී ගොස් ඇති බවත්, තවත් සමහර කැට කැබලි බුරුල් වී සෙලවෙමින් ඇති බවත්, මේ තත්ත්වය තුළ එම පදික මාර්ගයේ ගමන් ගන්නා පදිකයින්ගේ ජීවිත අනතුරේ බවත... |
"දඩ කොළෙන් වෙඩි වදී – චෝදනා නැති අයෙක් මරුට" | "සීදුව කොටුගොඩ මස්කඩේ හන්දිය ප්‍රදේශයේ ඊයේ (08දා) අලුයම පොලිස් නිලධාරීන් සිදුකළ වාහන පරීක්ෂාවකදී බීමත්ව සිටි බව කියන පුද්ගලයකු පොලිස් නිලධාරියකු සතු ගිනි අවියක් උදුරා ගැනීමට උත්සාහ කිරීමේදී සිදුවූ වෙඩි වැදීමකින් එම පුද්ගලයා මියගොස් ඇති අතර පොලිස් සැරයන්වරයකු ද තුවාල ලබා රෝහල් ගතකර ඇත. මෙහිදී මියගොස් ඇත්තේ පූගොඩ ප්‍රදේශ... |
"එල්ලුම්ගහේ සිටි ළමාහේවා නිදොස් කොට නිදහස්" | "වැලිකඩ බන්ධනාගාරය තුළදී 2012 නොවැම්බර් 10 වැනිදා ඇති වූ ගැටුම්කාරී තත්ත්වයකින් අනතුරුව සිරකරුවන් හා රැඳවියන් අටදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට අනුබලදීම ඇතුළු චෝදනාවලට වරදකරු කර කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් මරණීය දණ්ඩනය නියම කර තිබූ හිටපු බන්ධනාගාර කොමසාරිස් ළමාහේවගේ එමින් රන්ජන් ළමාහේවා මහතා සියලුම චෝදනාව... |
"කඳුළෙන් පිරුණ මේ දේශයේ කඳුළු පිස දමන හැම දෙනාම දිනන ගමනට එකතුවෙන්න – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "සමගියෙන් ගොඩනැගුනු සමගි ජන බලවේගය සහ සමගි ජනසන්ධානය විනාශ කිරීමට ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව නිර්ලජ්ජිත ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන බවත් සමගි ජන සන්ධානය මත්පැන් බලපත්‍රවලට, වරදාන වරප්‍රසාදවලට වෙන්දේසි කිරීමට කිසිදු අවස්ථාවක සුදානම් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. වංචනික දේශපාලන රටාවෙන් බැහැරවී රටේ දුක... |
"මොන සන්ධාන ගැහුවත් ජනතා අභිලාෂය මාලිමාව සමගයි – අනුර කුමාර" | "කවර සන්ධානයක් බිහිවුව ද ජනතා අභිලාෂයන් ඇත්තේ මාලිමාව කෙරෙහි පමණකැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවසීය. මෙවන් සන්ධාන බිහිවීම පස්සා දොරින් එළියට බැස ප්‍රධාන දොරටුවෙන් නිවසට ඇතුළුවීමක් යැයි ද ඔහු කීය. පසුගිය ආණ්ඩුවල වගකීම් දැරූ වංචා දූෂණයන්ට හවුල්ව ඇති කිසිවකු ජාතික ජන බලවේගය සමග එක් කර නොගන්නා බවත... |
"ජාතික රෝහලේ සී.ටී. ස්කෑන් දෙකක් කැඩිලා" | "කොළඹ ජාතික රෝහලේ සී. ටී. ස්කෑන් යන්ත්‍ර දෙකක සේවා බිඳවැටීමෙන් රෝගීන් සහ කාර්ය මණ්ඩලය ද දැඩි අපහසුතාවට පත්ව ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. එම රෝහලේ හදිසි අනතුරු අංශයේ සහ ප්‍රධාන විකිරණ අංශයේ පවතින යන්ත්‍ර දෙක පමණක් ක්‍රියාත්මක ඇති අතර මේ වනවිට එම යන්ත්‍ර දෙකෙන් පරීක්‍ෂණ සිදු කරන බවද එම සංගමය සඳහන... |
"තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද රෑ අවසන්" | "ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (9දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මෙතෙක් අයැදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ සියලු දෙනාට අද දිනය ඇතුළත ඉදිරිපත් කළ හැකි බවද කොමිසම සඳහන් කරයි. තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ඉකුත් 06 වැනිදා අවසන් කිරීමට නියමිතව තිබුණ ද තවත් දින ක... |
"ජනාධිපති අපේක්ෂකත්වයට නාමල් දමා පොහොට්ටුව මුළු රටම හිනස්සනවා" | "ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර මුළු රටම හිනස්සවන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙන්ති මහතා පැවසීය. සුනිල් හඳුන්නෙන්ති මහතා ඒ බැව් කියා සිටියේ ජාතික ජන ජන බලවේගය විසින් දීප ව්‍යාප්තව දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරනු ලබන බැංකු මූල්‍ය සංසදයේ... |
"පොලිසියෙන් භාගයක්ම ප්‍රභූ ආරක්ෂාවට යොදවලා – ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය" | "රටේ ඉහළම තැන අධිකරණයට ගරු කරන්නේ නැත්නම් රටේ නීතිය කඩා වැටෙනවා යැයි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙරේදා (07දා) පැවසීය. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්විට රටේ ඉහළ සිට පහළට විවිධ පාර්ශ්ව එයට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමක් රටේ කවදාවත් ඇති වී නැතැයි ද ‘ක්‍රමයේ වෙනසක් සඳහා නීති ප්‍රතිසංස්කරණ ජාතික සමුළුව’ (2024) අමතමින් ... |
"නිපුණ රාමනායක සිද්ධිය: හිටපු ඩී.අයි.ජී. වාස්ට තවත් සිර දඬුවමක්" | "බලහත්කාරයෙන් පැහැර ගනු ලැබූ මාලබේ තොරතුරු තාක්ෂණ විiා ආයතනයේ සිසුවකුව සිටි නිපුන රාමනායක නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසයේ අයුතු ලෙස රඳවා තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ එවකට එම කොට්ඨාසය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට බරපතළ වැඩසහිත වසර හතරක සිර දඬුවම් නියම කළ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු අමල් ... |
"දෙමළ ජනතාවගේ පොදු අපේක්ෂකයා අරියනේත්‍රන්" | "ජනාධිපතිවරණය සඳහා ‘දෙමළ ජනතාවගේ පොදු අපේක්ෂකයා’ යන තේමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පාකියසෙල්වම් අරියනේත්‍රන් මහතා නම් කර තිබේ. යාපනය සෙල්වා කලාගාරයේ ඊයේ (08දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ප්‍රකාශයට පත්කර ඇත. සී.වී. විග්නේශ්වරන් මහතාගේ දෙමළ ජනතා සන්ධානය, ටෙලෝ, ප්ලොට්, ඊපීආර්එල්එෆ්, දෙමළ ජ... |
"දැන් අපේක්ෂකයෝ 24 යි" | "ජනාධිපතිවරණය වෙනුවෙන් ඊයේ තවත් අපේක්ෂකයන් දෙදෙනකු ඇප මුදල් තැන්පත් කිරීමත් සමග මේ වන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ගණන විසි හතර දක්වා ඉහළ ගොස් තිබේ. ඡන්ද හිමියකු විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයකු ලෙස සිඩ්නි ජයරත්න මහතා සහ ඡන්ද හිමියකු විසින් නාම යෝජනා කරන ලද අපේක්ෂකයකු ලෙස ඩී.එම්. බණ්ඩාරනායක මහතා මෙසේ ඊය... |
"‘ඔන්ලයින්’ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට" | "මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඊයේ (08) ඉදිරිපත් කෙරිණ. මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා වෙනුවෙන් සභානායක ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පනත් කෙටුම්පත ඉදිරිපත් කළේය. මෙම පනත් කෙටුම්පතට පසුගිය 22 වැනිදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය ඇති ... |
"මාස අටට දකුණු කොරියාවට 3694ක් ගිහින්" | "2024 අගෝස්තු මස වනවිට ශ්‍රී ලාංකිකයන් 3694 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත. දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ තවත් ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙකු ඉකුත් 06දා දකුණු කොරියාව බලා පිටත්ව ගියේය. මෙම පිරිස අතරට තරුණියන් 08 දෙනෙකුද ඇතුළත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ශ්‍රී... |
"ප්‍රචාරණ වැඩට පොලිතින් එපා – පරිසර ලේකම් මැකොගෙන් ඉල්ලයි" | "ජනාධිපතිවරණ සමයේදී සැරසිලි කටයුතු සඳහා පොලිතින්, ප්ලාස්ටික් භාවිතයෙන් වළකින ලෙසට නාමයෝජනා ඉදිරිපත් කරන සියලු අපේක්‍ෂකයන් දැනුවත් කරන්නැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් ඩී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටී. 2017 සැප්තැම්බර් මස 01 දිනැති අංක 2034/37 දරන ගැසට් නිවේදනය පරිදි සැරසි... |
"IMF ගිවිසුම බිඳ දැමුවොත් රට යළි පෝලිම් යුගයකට යාවි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සමුපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන් මග පිළිබඳ සාකච්ඡා කිරීමට (07 දා) කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති හම... |
"පොහොට්ටුවේම ඉන්නවා රනිල්ට සහාය දෙනවා – පවිත්‍රාගෙන් නිවේදනයක්" | "ඉදිරි ජනාධිපතිවරණයේ දී තම සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව වාරිමාර්ග සහ වනජීවී හා වනසම්පත් සංරක්ෂණ ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ සම්බන්ධව ඇය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් කර ඇත. 2022 වර්ෂයේ අපගේ මාතෘ භූමිය ආර්ථීක, දේශපාලන සහ සාමාජීය වශයෙන් බරපතල අස්ථාවරත්ව... |
"කවුරු මොන සන්ධාන ගැහුවත හරි ප්‍රතිපත්තියකට ඡන්දය ඉල්ලන්නේ ජන අරගල සන්ධානය පමණයි" | "කවුරුන් කුමන සන්ධාන බිහි කළත් රටේ ප්‍රශ්නවලට නිවැරදි විසඳුම් සහිතව ජනතාවාදී ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ජන අරගල සන්ධානය පමණක් යැයි එම සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා ඊයේ පැවසීය. එම සන්ධානයේ කෑගල්ල දිස්ත්‍රික් විධායක සභාව පිහිටුවීම වෙනුවෙන් කෑගල්ල සණස ශාලාවේ ... |
"ප්‍රථම රූපවාහිනි නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි" | "ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනි නිවේදිකාව මෙන්ම සම්මානිත ප්‍රවීණ ජ්‍යෙෂ්ඨතම නිවේදිකාවක වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය සිය දිවිසැරිය ඊයේ (08දා) උදේ නිමා කළාය. මියයන විට 80 වැනි වියේ පසුවූ ඇය දෙදරු මාතාවකි. සිය මාධ්‍ය දිවිය ආරම්භ කිරීමට පෙර ඇය ගුවන් හමුදා නිලධාරිනියක ලෙස ද රාජකාරි කළාය. හමුදා සේවයට සමුදුන් ඈ, 1962 ජූලි 01 ... |
"චන්ද්‍රගුප්තට- සමන් රත්නායකට ඇප – කෙහෙළියලා යළි රිමාන්ඩ්" | "ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය අදාළ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ඉතා කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද ප්‍රධාන මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය වෙත ඊයේ (8) දැනුම් දුන්නාය. සිද්ධිය... |
"ප්‍රථම රූපවාහිනි නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි" | "ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනි නිවේදිකාව මෙන්ම සම්මානිත ප්‍රවීණ ජ්‍යෙෂ්ඨතම නිවේදිකාවක වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය සිය දිවිසැරිය ඊයේ (08දා) උදේ නිමා කළාය. මියයන විට 80 වැනි වියේ පසුවූ ඇය දෙදරු මාතාවකි. සිය මාධ්‍ය දිවිය ආරම්භ කිරීමට පෙර ඇය ගුවන් හමුදා නිලධාරිනියක ලෙස ද රාජකාරි කළාය. හමුදා සේවයට සමුදුන් ඈ, 1962 ජූලි 01 ... |
"අභියෝගය භාර ගත්තා – අපි දිනනවා ….. ! – හැරගිය අය යළි එන්න" | "ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව ඊයේ (07දා) ප්‍රකාශයට පත් කෙරිණි. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ උත්සවයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ... |
"මාතෘ භූමියේ දිනුම් කණුව සජිත් – දයාසිරි කියයි" | "ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අවබෝධතා ගිවිසුමට ඊයේ (07දා) අත්සන් තැබිණි. එම ගිවිසුම අත්සන් තැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සහ සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතරය. මෙහිදී... |
"රටේත් ජනතාවගේත් අනාගතය තීරණය වන්නේ ජනාධිපතිවරණය මතයි" | "මගේ ඉදිරි ගමන ජනාධිපතිවරණය මත – මන්ත්‍රීවරුන්ගේ අනාගතය පාර්ලිමේන්තු ඡන්දය මත – දූෂණ චෝදනා ඇති අයගේ තීරණය ජනතාව අතේබංග්ලාදේශයේ මම හිටිය නම් විපක්ෂ නායකව එළියෙ තියනව බස් එළව එළව ඉන්න ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකයකුගේ අනාගතය තීරණය කරන්නක් නොව රටේත්, ජනතාවගේත් ඉරණම තීරණය කරන මැතිවරණයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ... |
"විජයදාසගෙන් හිස්වූ අධිකරණ ඇමැති ධුරය ජනපති යටතට" | "විජයදාස රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අධිකරණ, බන්ධනාගාර හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ජනාධිපති යටතේම පවත්වාගෙන යෑමට තීරණය කර ඇත. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ (7දා) නිකුත් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (3) ව්‍යවස්ථාව යටතේ ... |
"ඩුබායි පැන්න බදුවත්තේ චාමර ඇතුළු 2කට ඉන්ටර්පෝල් රතු වරෙන්තු" | "මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිසියට ඔත්තු දුන්නැයි සැකපිට ග්‍රෑන්ඩ්පාස් බදුවත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි 56 හැවිරිදි කාන්තාවක හා 31 හැවිරිදි ඇගේ ඥාතියකු වෙඩි තබා ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුව දුන් බව කියන, මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බදුවත්තේ චාමර ඇතුළු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද... |
"විදෙස්ගත අය එවන මුදල්වලින් සංචිත වැඩිවීම රනිල් වික්‍රමසිංහගේ වික්‍රමයක් නෙවෙයි – විජිත හේරත් (ජාජබ)" | "දැන් තිබෙන බදු බරින් ජනතාව හෙම්බත් කරන ක්‍රමය වෙනුවට අපනයන අභිමුක ආර්ථිකයක් ඉදිරියේදී ඇති කරන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (7දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. යෝජනාව ඉදිරිපත් කරමින් අද... |
"මැලිබන් සභාපති අභාවප්‍රාප්ත වෙයි" | "මෙරට කීර්තිමත් දේශීය ව්‍යාපාර ආයතනයක් වන මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති ඒ.ජී. රත්නපාල සමරවීර මහතා අභාවප්‍රාප්ත විය. දේශීය බිස්කට් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ගෙනයෑම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ ඒ.ජී. හින්නිඅප්පුහාමි මහතාගේ පුත්‍රයා ද වේ. අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව සඳහන් කරයි." |
"නුවන් බෝපගේ ‘කුඩය’ යටින්" | "ජන අරගල සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ.. මහතා කුඩය ලකුණ යටතේ තරග කරන බව එම සන්ධානය ඊයේ (07දා) සඳහන් කළේය. ඔහු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ලබන 12 වැනිදා හෝ 13 වැනිදා සිදුකරන බව එහි විධායක සභික පුබුදු ජයගොඩ මහතා පැවසීය. ඡන්ද ලකුණ එළි දැක්වීමේ උත්සවය ඊයේ (07දා) කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.අනුරා... |
"වාස්ගේ පෙත්සම්වල තීන්දුව අද" | "මරණීය දණ්ඩනය ඇතුළු දණ්ඩන නියෝගයන් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් විසින් ගොනුකර ඇති අභියාචනා පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව අද (08දා) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කිරීමට දින නියම කර ඇත. ලලිත් ජයසූරිය, සරෝජනී කුසලා වීරවර්ධන හා අමේන්ද්‍ර සෙනෙවිරත්න යන ත්‍රිපුද්ග... |
"ඉන්දියා යන මගී නැව යළිත් ලබන සතියේ සිට" | "ඉන්දියාවේ නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ අතර පවත්වා ගෙන ගිය මගී නැව් සේවාවේ දෙවැනි අදියරය යළිත් ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිත බව ‘ශිව ගංගා’ නැව් සමාගම 6 දා නිවේදනය කර තිබේ. මුලින්ම මෙම නැව් සේවාව ක්‍රියාත්මක වූ අවස්ථාවේදී ‘චෙරියපානී’ නැව් සමාගම විසින් දෙරට අතර මගී නැව් සේවාව පවත්වා ගෙන ගිය අතර හදිසියේම ඇති වූ කාලගුණි... |
"පොහොට්ටුවේ විජයග්‍රාහී ජනාධිපති අපේක්‍ෂකයා නාමල්" | "ජනපතිවරණය ජයග්‍රහණය කළ හැකි, රටට ආදරය කරන, ජන හදවත් දිනාගත හැකි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ (07දා) පැවැසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ප්‍රකාශයට පත් ... |
"අපේක්ෂකයන් වැඩිපුර ආරක්ෂාව ඉල්ලුවත් තීරණය මැ.කො. අතේ පොලිසිය කියයි" | "ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් තමන්ට මරණීය තර්ජන ඇති බව කියමින් වැඩිපුර පොලිස් ආරක්ෂාව ඉල්ලුවත් ඒ පිළිබඳව පියවර ගන්නේ මැතිවරණ කොමිසම යැයි පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලය පවසයි. අපේක්ෂකයකු විවිධ හේතු කියමින් වැඩිපුර පොලිස් රැකවල් ඉල්ලා සිටීමේදී ඒ පිළිබඳව සොයාබලා රැකවරණ ලබාදීමට මැතිවරණ කොමිසමට හැකි බවත් සියලු ජනාධිපති අපේක්ෂකය... |
"විදෙස් සංචාරකයෝ දොළොස් ලක්ෂයක් මේ වසරේ ලංකාවට ඇවිත්" | "මේ වසරේ (2024) මේ දක්වා පැමිණි මුළු විදෙස් සංචාරකයන් ප්‍රමාණය දොළොස් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ඉකුත් අගෝස්තු 04 වැනිදා වන විට මෙරටට පැමිණි මුළු විදෙස් සංචාරකයන් ප්‍රමාණය 12,24948ක් වේ. මේ වසරේ (2024) මුල සිට ජූලි මස අග දක්වා 11,98059ක මුළු විදේශ සංචාරකයන් පිරිසක් පැමිණ තිබූ අතර අගෝස්තු මස මුල් දින හතර තුළ පැමිණි 26,889ක... |
"පොහොට්ටුවේ විජයග්‍රාහී ජනාධිපති අපේක්‍ෂකයා නාමල්" | "ජනපතිවරණය ජයග්‍රහණය කළ හැකි, රටට ආදරය කරන, ජන හදවත් දිනාගත හැකි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ (07දා) පැවැසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ප්‍රකාශයට පත් ... |
"දැන් අපේක්‍ෂකයෝ 22ක්" | "තවත් අපේක්‍ෂකයෝ සිව් දෙනෙක් ඊයේ (07දා) ජනපතිවරණයට ඇප මුදල් තැන්පත් කළහ. පානි විජේසිරිවර්ධන (සමාජවාදී සමානතා පක්ෂය) සහ ඡන්ද හිමියකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයන් ලෙස බියන්විලගේ ඇන්ටනි විකටර් පෙරේරා, ඒ මුහම්මද් ඉල්යාස්, මරක්කල මානගේ පේමසිරි ඇප මුදල් තැන්පත් කළහ. මේ අනුව ඊයේ වනවිට අපේක්‍ෂකයන් 22ක් ජනපතිවරණය සඳහා ඇප මුදල්... |
"රට බාරදීමට සුදුස්සා තේරීමේදී ජනතාව ගොනා පස්සේ යනවා වාගේ යන්න ගියොත් රටක් ඉතුරු වෙන්නේ නැහැ" | "ඡන්දදායකයින් ඇතැම් අපේක්ෂකයින් පසුපස තවලම පසුපස යන ගොනුන් සේ ගමන් කරනවා. පාර දන්න ගොනා ඒ පාර දිගේ ගමන් කරන කොට අනික් ගොන්නු ටිකත් ඒ පස්සේ යන්නං වාලේ ඔහේ යනවා. රට බාරදීමට නියම සුදුස්සා කවුද යන්න තෝරා ගැනීමේදී ජනතාව මේ ආකාරයට ගොනා පස්සේ යනවා වාගේ යන්න ගියොත් රටක් ඉතුරු වෙන්නේ නැතැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්... |
"සත් වන දින අදයි පින් අනුමෝදන් කෙරුමේ" | "අදට (08දා) යෙදෙන සත් දින සමරුව නිමිත්තෙනි." |
"සිවිල් සංවිධාන එකමුතුව හා විපක්ෂ නායක සජිත් අතර විශේෂ හමුවක්" | "විපක්ෂ නායක, සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, සජිත් ප්‍රේමදාස මහතා සහ සිවිල් සංවිධාන එකමුතුව අතර විශේෂ හමුවක් ඊයේ (07දා) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන 30ක් නියෝජනය කරමින් ඉදිරි මැතිවරණයේ දී සහාය ලබාදීම වෙනුවෙන් සැකසුණු අටවැදෑරුම් එකඟතාවය... |
"මාස හතට ඩෙංගු ලෙඩ්ඩු තිස්තුන් දහසක් මරණ 14 ක්:" | "මෙම වසරේ ගතවූ මාස 7 යි දින 7 ක් තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 33,518 දෙනකු වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මෙම කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු මරණ 14 ක් ද වාර්තා වී තිබේ. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 8024 කි. එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් 3684 ක්ද, කළුතර දිස්ත්‍ර... |
"ඒකාධිපති පාලනයක් කරා යන ගමනට බාධාවක් එල්ල වන නිසා අධිකරණය අකර්මන්‍ය කිරීමට සැලසුමක් ක්‍රියාත්මක වෙනවා" | "2015 දී සිදුවූ මහ බැංකු මංකොල්ලයට වඩා වී.එෆ්.එස්. ගනුදෙනුව හරහා සිදුවූ මුල්‍ය වංචාව විශාල බවත් මහ බැංකු මංකොල්ලය සිදුකළේ පාර්ලිමේන්තු මැතිවරණයක් ආසන්නයේ බවත් වී.එෆ්.එස් මංකොල්ලය සිදුකළේ ජනාධිපතිවරණයක් ආසන්න මොහොතක බවත් ඒ අනුව මෙලෙස මුදල් සොයන්නේ මැතිවරණ වෙනුවෙන් බව පැහැදිලි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය ජී. එල්. ... |
"හිරේ සිටි විපක්ෂ නායිකාවට නිදහස" | "බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා වාසෙඩ් ඉල්ලා අස්වී රටින් පලා ගොස් දැන් දිල්ලි නුවර රහසිගත නිවසක වෙසෙන බව ඉන්දීය මාධ්‍ය කියයි. මේ අතර අගමැතිනිය ධුරයෙන් පහකිරීමට මූලික වූ ශිෂ්‍ය ප්‍රජාව ප්‍රමුඛ විරෝධතාකරුවන් හා හමුදාව අතර මත ගැටුමක් ඇතිව තිබේ. හමුදාව ප්‍රමුඛ රජයක් පිළිනොගන්නා බව බංග්ලාදේශ ශිෂ්‍ය විරෝධතාකරුවන් පවසන බව එර... |
"අනුර ඇප බඳී – දැන් 18යි" | "ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඊයේ (06දා) එම පක්ෂය ඇප මුදල් තැන්පත් කළේය. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු නියෝජිතයෝ ඇප මුදල් තැන්පත් කිරීමට රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණියහ. ජාතික ජන බලවේගයේ ජාතික සංවිධායක විජිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචා... |
"අනුරට රට භාරදීමට ජනතාව බලා සිටිනවා – විජිත හේරත්" | "ප්‍රපාතයෙන් රට බේරාගැනීම සඳහා නිවැරදි දැක්මක්, වැඩපිළිවෙළක් ඇති ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට රට භාරදීමට ජනතාව සූදානමින් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. ඊයේ (06දා) ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන සිය පක්ෂයේ අපේක්‍ෂකයා වන ජා.ජ.බ. නායක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඇප මුදල... |
"පොහොට්ටුවේ ජනපති අපේක්‍ෂක අද කලඑළි බසී" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා අද (07දා) පෙරවරු 7.00 ට නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවැත්වෙන විශේෂ උත්සවයකදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් එම පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ප්‍රකට ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා එම ප... |
""දිගා, මනෝ, රාධා සහාය සජිත්ට"" | "ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක, එහි නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට දමිළ ප්‍රගතිශීලී සන්ධානය තීරණය කර ඇත. දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, නියෝජ්‍ය නායක පලනි තිගාම්බරම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (0... |
"සජිත්-දයාසිරි-එජනිස ගිවිසුම් අත්සන් කිරීම අද" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීම අද (07දා) සිදු කිරීමට නියමිතය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානය හා මානුෂ... |
"පළාත් සභා මැතිවරණ සංශෝධන කෙටුම්පත ටීඑන්ඒ ඡන්ද ගන්න ගුණ්ඩුවක් – විමල් වීරවංශ" | "ආණ්ඩුව පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන්ගේ ඡන්ද ලබා ගැනීමේ ගුණ්ඩුවක් ලෙස යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) චෝදනා කළේය. එම පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායක සභාවට යොමු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් දැනුම් දීම... |
"මට කිසිදිනක මැතිවරණ කල් දැමීමට අවශ්‍ය වුණේ නැහැ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටලු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කර ඔවුන්ගේ සේවා ගිවිසුම් පිළිබඳ සොයා බැලීමට එම කොමිසමට බලතල ලබාදීම පිළිබඳව ඉදිරි නව පාර්ලිමේන්තුව යටතේ අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේ පැවසුවේ “රට වටා මාධ්‍යවේදියෝ සංවිධානය... |
"දෘශ්‍යාබාධිතයන්ට ජාතික සභාවේ නියෝජනයක් ලබාදෙනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "දෘශ්‍යාබාධිත ජනතාවගේ අයිතීන් සොයා බැලීමට ලැබීම ගැන සතුටු වන බවත් මේ අයට ජාතික සභාවේ නියෝජනයක් ලබා දීමටත් දෘශ්‍යාබාධිත අයට අවශ්‍ය උපකරණවලට ගසා ඇති බදුවලට විසඳුමක් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය සමග පැවැති සාකච්ඡාවකදී විපක්ෂ නායකවරයා මේ බව කියා සිටිය්ය. එසේම ජ... |
"2040දී පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගන්නවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "පුනර්ජනනීය බලශක්ති විභවයන් භාවිතයට ගැනීම, කෘෂිකර්මාන්තය නවීකරණය සහ ජල හිඟයට විසඳුම් ලබාදීම වැනි කඩිනම් ක්‍රමවේද ඔස්සේ 2040 වසර වන විට තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහ ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන තත්ත්වය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ... |
"ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවලට 10%ක පොලියක්" | "ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා සියයට 10ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මේ අනුව වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රු. මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා මෙම සියයට 10ක වාර්ෂික පොළී අනුපාතය වර්ෂ 02ක් සඳහා ලබාදීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. මුදල් ආර්ථික ස්... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.