Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"හමාස් නායකයාගේ ඝාතනයෙන් එල්ල විය හැකි බලපෑම්වලට මුහුණදීමට කමිටු 3ක්"
"ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමග ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස විශේෂ කමිටු 03ක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටු...
"ප්‍රදේශ රැසකට අද කඩින් කඩ වැසි සහ තද සුළං"
"බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (1 වැනිදා) කඩින් කඩ වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියයි. වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ. බදුල්ල, අම්පාර සහ මඩක...
"දුම්රිය ආසන වෙන් කිරීම අද සිට පෙ.ව. 10 ට ඇරැඹේ"
"දුම්රිය ආසන වෙන්කිරීමේ වේලාව අද (01දා) සිට යළි සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව අද සිට දිනපතා පෙරවරු 10.00 ට එම කටයුතු ආරම්භ කෙරේ. මේ දක්වා ආසන වෙන් කටයුතු රාත්‍රී 07 ට ආරම්භ වූ අතර නැවතත් පෙර පරිදි උදෑසන 10 ලෙස එම වේලාව සංශෝධනය කොට ඇත.අකිත පෙරේරා"
"සූර්ය පැනලවලින් උත්පාදනය කරන විදුලියට ගෙවන ගාස්තු සංශෝධනයෙන් දේශීය ආයෝජකයන් අනතුරේ"
"වහල මත සවි කරන සූර්ය පැනලවලින් උත්පාදනය කරන විදුලිය සඳහා ගෙවන ගාස්තු ජූලි 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරිවරයා අත්තනෝමතිකව ගත් තීරණයට පුනර්ජනනීය බලශක්ති සුරකින්නන්ගේ සංගමය විරෝධය පළ කරයි. එම සංගමය සඳහන් කළේ මෙම තීරණය හේතුවෙන් දේශීය ආයෝජකයන් අධෛර්යවත් වී පුනර්ජනනීය බලශක්ති ක්ෂේ...
"අපේ සහාය දෙනවා – මන්ත්‍රීවරු 92ක් ජනපතිට කියති"
"ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 92 දෙනකු ඒකමතිකව තීරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් ජනාධිපති මන්දිරයේදී ඊයේ (30) පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ...
"පොලිස්පති ගැටලුව… කඩිනමින් විසඳන්න – මැ.කො. ජනපති ලේකම්ට දන්වයි"
"පොලිස්පති ගැටලුව පිළිබඳව කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (30දා) ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ලිඛිතව දැනුම්දී ඇත. මැතිවරණ කොමිෂන් සභාව ඊයේ දහවල්, මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී රැස්වූ අතර පොලිස්පති ගැටලුව පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. ජනාධිපතිවරයා ජනපති අපේක්‍ෂකයෙක් බවට පත්වුවද වැඩබලන...
"මන්ත්‍රීලා 100ක් හිටියත් පොහොට්ටුවේ රැස්වීමට ආවේ 18යි – ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරේදා (29දා) කැඳවූ දේශපාලන මණ්ඩල රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයක් ඉන්න පක්‍ෂයෙන් සහභාගි වූයේ දහඅටදෙනකු පමණක් බව ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (30දා) පැවැසීය. පළාත් සභා මන්ත්‍රීවරුන් සියයකට අධික පිරිසක් සිටින නමුත් පැමිණ ඇත්තේ පස්දෙනකු යැයි ද එවැනි රැස්වීමකදී...
"ජනාධිපතිගේ නීතිය හා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ කතාවලින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය විනාශයට ලක් වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පොළොන්නරුවේ භික්ෂු උපදේශන සභාවේදී කියයි"
"රටේ ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ රටේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම අභියෝගයට ලක් කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු තුනේ තිබිය යුතු සංවරණ සහ තුලන ක්‍රියාදාමය ඇතුළු මුළු මහත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයම සමූල විනාශයකට ලක් කරන බවත් තවත් පැත්තකින් දැවැන්ත අපරාධ රැල්ලක් ක්‍රියාත්මක නිසා සමස්ත සමාජයම බරපතල ...
"චන්ද්‍රසේනගේ නිවසේදී රනිල්ට සහාය දෙන්න තීන්දුවක්"
"අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ නිවසට ඊයේ (30) රැස්වූ අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයෝ බහුතරයක් මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස තරග කරන වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහාය ලබා දිය යුතු බව තීර...
"නිල ඇඳුමෙන් ඒම රෙගුලාසිවලට යටත් නීත්‍යනුකූලයි – අනුර කුමාර දිසානායක"
"පසුගියදා පැවති ජාතික හෙද සමුළුවට තම පක්ෂයට අනුබද්ධ සමස්ත ලංකා හෙද වෘත්තීය සමිතිය නියෝජනය කරමින් හෙද හෙදියන් නිල ඇඳුමින් සහභාගි වීම රජයේ රෙගුලාසි සහ චක්‍රලේඛවලට යටත්ව නීත්‍යනුකූලව සිදුවූවක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. එම ක්‍රියාව සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සිය අප්‍රසාදය පළ කිරීම ස...
"පාලකයා විසින්ම ශ්‍රී ලංකාව විදෙස් ආධිපත්‍යයට නතු කරන සැලසුම පැරදවීමට මැදිහත් වන්න – විමල් මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලයි"
"පාලකයා විසින්ම ශ්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යටත් කිරීමේ මහා සැලසුම පරාජය කිරීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ත්‍රෛනිකායික මහනාහිමිවරුන් වෙත ඊයේ (30දා) දීර්ඝ ලිපියක් යොමු කර ඇත. වත්මන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් න්‍යාය පත්‍ර 05ක් යටත...
"දේශබන්දුගේ සේවය ඉල්ලා මහ සඟරුවන මහ පාරට…"
"පාතාලය හා මත්ද්‍රව්‍ය මර්දනයට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කළ මෙහෙවර ඔහුගෙන් තවදුරටත් ලබාදීමට කටයුතු කරන ලෙසත්, පොලිස්පති ලෙස සේවය කිරීමට ඉඩ දෙන ලෙසත් මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, හක්මන නන්දාලෝක හිමි, ඇඹිලිපිටියේ රතනජෝති හිමි, මාලිගාවිල අස්සජී හිමි ඇතුළු මහා සංඝරත්නය ඊයේ (30දා) කොළඹ කොටුවේදී එකට රැස්ව ඉල්ලා සිටි...
"පුරවැසියන්ට නව ජීවිතයක් ලබාදෙන ජාතික පුනරුද යුගයක් ගොඩනගනවා – ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක"
"පුරවැසියන්ට නව ජීවිතයක් ලබාදෙන ජාතික පුනරුද යුගයක් ගොඩනගමු යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පසුගියදා පැවැත්වූජාතික ජන බලවේගයේ හලාවත ජන රැලිය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. පසුගිය අවුරුදු 50ක 60ක කාලය තුළ මේ රටේ ජනතාවට රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂලා පෙනුණේ එකිනෙකාට එරෙ...
"බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය – මේ වනවිටත් බිත්තර මිලියන 224ක් ගෙන්වලා"
"තවදුරටත් රටට අවශ්‍ය බිත්තර තොග ආනයනය කිරීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මෙතෙක් බිත්තර ආනයනය කිරීමට ලබාදී තිබූ කාලය ඉකුත් අප්‍රේල් 30 වැනිදායින් අවසන්ව තිබේ. මේ අනුව එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ බිත්තර තොග ආනයනය කිරීම සඳහා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ක...
"ශ්‍රී ලංකාවේ අනාගතය ගොඩනැගීමට දැනට තිබෙන දේශපාලන ක්‍රමය අනිවාර්යයෙන් වෙනස්විය යුතුයි – එජාප සභාපති වජිර අබේවර්ධන"
"ශ්‍රී ලංකාවේ අනාගතය ගොඩනැගීමට නම් දැනට පවතින දේශපාලන ක්‍රමය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු බවත්, එය වෙනස් කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ පොදු එකඟතාවයකට පැමිණිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පෙරේදා (29 දා) පැවැති ශ්‍රී ලංකා ප්‍රගතිශීලී ප...
"කථානායක දිවයිනට පැමිණි පසු පොලිස්පති ධුරය ගැන සාකච්ඡාවක්"
"පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව කථානායකවරයා දිවයිනට පැමිණි පසුව විශේෂ හමුවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ වන ඉරාන නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම සඳහා ඉරානය බලා පිටත්ව ගොස් සිටී. ...
"කථානායක දිවයිනට පැමිණි පසු පොලිස්පති ධුරය ගැන සාකච්ඡාවක්"
"පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව කථානායකවරයා දිවයිනට පැමිණි පසුව විශේෂ හමුවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ වන ඉරාන නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම සඳහා ඉරානය බලා පිටත්ව ගොස් සිටී. ...
"පසුගිය වසරේ මුල් මාස පහට සාපේක්ෂව 2024 අයවැය හිඟය සියයට 63.8කින් පහළට"
"පසුගිය වසරේ (2023) මුල් මාස පහට සාපේක්ෂව මේ (2024) වසරේ මුල් මාස පහ තුළ අයවැය හිඟය සියයට 63.8 කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මේ අනුව 2023 වසරේ මැයි මස 31 දක්වා කාලය තුළ රුපියල් බිලියන 1014 ක් වූ අයවැය පරතරය, මෙම වසරේ (2024) එම කාලය තුළ අයවැය පරතරය රුපියල් බිලියන 366ක් දක්ව...
"දුම්රිය බලපත් ගත්තේත් නීතියට අනුවයි – සමස්ත ලංකා හෙද සංගමය ‘කැෆේ’ට ලියයි"
"සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික වාර්ෂික සමුළුවට නිල ඇඳුමෙන් සහභාගි වූයේත්, රාජකාරි නිවාඩු හා දුම්රිය බලපත්‍ර ලබා ගත්තේත් නීත්‍යනුකූල පදනමක සිට බව දන්වා ‘සමස්ත ලංකා හෙද සංගමය’, ‘කැෆේ’ සංවිධානය වෙත ඊයේ (30දා) ලිපියක් යොමු කර ඇත. පසුගිය 28 දා පැවැත්වූයේ ජාතික ජන බලවේගයේ සමුළුවක් නොවන බවත්, එය සිය සංගමයේ ජාතික වාර්ෂික සමුළුව ...
"ඡන්ද පත්‍රිකා මුද්‍රණයට රජයේ මුද්‍රණාලයට පොලිස් මුරපොළක්"
"ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට නියමිතව ඇති බැවින් ඉදිරියේදී රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව සඳහා පොලිස් මුරපොළක් ස්ථාපිත කෙරෙන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ‘දිවයින’ ට ඊයේ (30 වැනිදා) පැවසුවාය. ඒ අනුව පොලිස් නිලධාරීන් 65 දෙනකුගෙන් සමන්විත ආරක්ෂාවක් රජයේ මුද්‍රණාලයට ලබාදීමට නියමිතය. ලබන 15...
"රජයේ මුද්‍රණාල සේවකයෝ රාජකාරියේදී නිදහස ඉල්ලති"
"මැතිවරණ සමයේ රජයේ මුද්‍රණාලයට එම වැඩ කටයුතු ස්වාධීනව කරගෙන යෑමට ඉඩකඩ සලසා දෙන්නැයි රජයේ මුද්‍රණාල සේවකයෝ රජයේ බලධාරීන්ගෙන් ඊයේ (30දා) ඉල්ලා සිටියහ. රජයේ මුද්‍රණ සමගි සේවක සංගමයේ සභාපති නුවන් බුද්ධික මහතා මෙසේ පැවැසීය. “මේ මැතිවරණ කාලයේ අපි රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කකුල් මාට්ටු දාන්නෙ නැතිව සේවකයින්ට ස්වාධීනව ත...
"රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව නියෝජිත ආයතනයට නව පනතක්"
"රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව නියෝජිතායතනය සඳහා නව පනතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව මෙසේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. මෙම නියෝජිතායතනය විසින් රාජ්‍ය...
"අගමැති ඇතුළු කැබිනට්ටුවට නොතීසි"
"ගුවන්තොටුපළ ආශ්‍රිතව ක්‍රියාත්මක වීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් රටේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ වැදගත් තොරතුරු ලෝකයට විවෘත වීමේ අවදානමක් මතුව ඇති බැවින් එම ක්‍රමවේදය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමට අගෝස්තු 02 දා කැඳවන ලෙස දින නියම කළ ශ්‍රේෂ්ඨාධි...
"රනිල්ට සහාය නෑ – පොහොට්ටුවෙන් අපේක්‍ෂකයෙක්"
"ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ (29දා) තීරණය කරනු ලැබූ බව එම පක්‍ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේ පැවති එ...
"අධිකරණ ඇමැති ධුරයෙන් විජයදාස ඉල්ලා අස්වෙයි"
"අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (29දා) සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය. 2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට බලාපොරොත්තු වන හෙයින් තමා ඇමැති තනතුරෙන් ඉල්ලා අස්වූ බව ඊයේ (29දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා නිල වශයෙන් දැනුම් දුන්නේය. දැනට කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින්...
"රාජ්‍ය ඖෂධ සංස්ථාව විකුණා දැමීමේ කැබිනට් පත්‍රිකාවට එරෙහිව අද ජනපතිට පැමිණිල්ලක්"
"රාජ්‍ය ඖෂධ සංස්ථාව ඉන්දියානු සමාගමකට විකුණා දැමීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් වෙමින් පවතින බව, වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානය තොරතුරු අනාවරණය කරයි. මෙරට ජනතාවට අඩු මිලට ගුණාත්මක ඖෂධ ලබා දීම සඳහා පිහිටුවන ලද රාජ්‍ය ඖෂධ සංස්ථාව මෙලෙස විකුණා දැමීම නතර කිරීම සඳහා වහාම පියවර ගන්නා...
"අරගලයේ ජනපති අපේක්‍ෂක නීතිඥ නුවන් බෝපගේ"
"ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා ඉදිරිපත් කරන බව එම සන්ධානය ඊයේ (29දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. කොළඹ මහජන පුස්තකාලයේ පැවති එම සන්ධානයේ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කෙරිණි. එම සන්ධානයේ විධායක සභිකයන් වන ළහිරු වීරසේකර, වසන්ත මුදලිගේ, නූර් මොරීන්, දුමින්ද නාගමුව, පුබුදු ජයගොඩ ඇතුළු ...
"තමාට නොදන්වා වැයික්කියේ රැස්වීමක් තිබ්බැයි – නාමල්ට එරෙහිව බන්දුල පොලිසි යයි"
"තමන්ට කිසිදු දැනුම්දීමක් නොකර තම බල ප්‍රදේශයේ පොදුජන එක්සත් පෙරමුණ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා විසින් රැස්වීමක් පැවැත්වූ බව කියමින් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් හෝමාගම පොලිසිය වෙත පෙරේදා (28දා) පැමිණිලි කර ඇත. අමාත්‍යවරයාගේ පැමිණිල්ල ලේකම්වරයකු විසින් හෝමාගම පොලිසිය වෙත කර තිබේ...
"ලබන 16 කුරුණෑගලින් සජිත් ජනපති සටන අරඹයි"
"ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රථම ප්‍රචාරක රැස්වීම ලබන මස (අගෝස්තු) 16දා සවස කුරුණෑගලින් ආරම්භ කිරීමට නියමිතය. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ සමයේ දිවයින පුරා ප්‍රධාන ප්‍රචාරක රැළි 100ක් ඇමතීමට නියමිත බව සමගි ජනබලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊ...
"අපේ අපේක්ෂාව සෑම අතින්ම පොහොසත් රටක්"
"සෑම අතින්ම පොහොසත් රටක් කිරීම තමයි අපේ අපේක්ෂාව. ලෝකයේ පිළිගැනීමට භාජනය වන පොහොසත් රටක්. සමාජ ආකල්පවලින් පෝසත් රටක්. සේවයක් නිර්මාණය කිරීමේ පොහොසත් රටක්. අපේ අපේක්ෂාවට එක්කව පොර බැදුවොත් තමයි අපිට හොඳ රටක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඒ අදහස් ප්‍රකාශ කළේ මාතර දිස්ත්‍රි...
"තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම 5දා අවසන්"
"ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ලබන 05 වැනිදා අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. තැපැල් ඡන්ද අයැදුම් කිරීම සඳහා 2024 ඡන්ද හිමි නාමලේඛනය සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරි කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇති බව කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නාය...
"පෞද්ගලික වාහන ගෙන්වීමේ බලාපොරොත්තු ලබන වසරට ඇදෙයි"
"පෞද්ගලික රථ වාහන ආනයනය පිළිබඳ සලකා බැලිය හැක්කේ 2025 වසරේ මුල් කාර්තුවේ දී බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. ඔක්තෝබර් මාසය වන විට පොදු ප්‍රවාහනයට සහ වාණිජ කටයුතු සඳහා වන රථ වාහන ආරම්භ කිරීමට හැකි වනු ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා පවසයි. රථ වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීමට අදාළ වාර්තාව අගෝස්තු ...
"කථානායක සහ අගවිනිසුරු සාකච්ඡාවකින් පොලිස්පති ගැටලු‍ව නිරාකරණය කරනවා"
"කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා කර පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු‍ව සතියක් තුළ නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ හෝමාගම බස් නැවතුම් පොළ පරිශ්‍රයේ 28දා පැවති ‘ජයගමු ශ්‍රී ලංකා’ කොළඹ දිස්ත්‍රික් ව...
"හෙද හෙදියන් නිල ඇඳුමෙන් මාලිමාවේ සමුළුවට සහභාගි වීම වැරදියි"
"ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29දා) පැවති ජාතික සමස්ත ලංකා හෙද සමුළුවට රජයේ හෙද හෙදියන් සිය නිල ඇඳුමින් සහභාගිවීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට සඳහන් කරමින් කැෆේ සංවිධානය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කර ඇත. මහජන බදු මුදල් වැයකර ලබාදෙන නිල ඇඳුම මෙලෙස දේශපාලන කාර්යයක් ...
"ප්‍රසම්පාදන ක්‍රියාවලිය අඩපණ වීමෙන් බාල ඖෂධ ගජරාමෙට"
"ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අඩපණව පැවතීම හේතුවෙන් හොර ඖෂධ, බාල ඖෂධ සහ ලියාපදිංචි නොවූ ඖෂධ මෙරට රෝහල් පද්ධතියට එක්වීමේ දැඩි අවදානමක් මතුව තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමය අනතුරු අඟවයි. මේ අයුරින් එන්නත් ඇතුළු ඖෂධ කීපයක් කොළඹ ජාතික රෝහලට මිලදී ගැනීමේ සූදානමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇතැයිද එම සංගමයේ සභාප...
"ව්‍යවස්ථාවට ගරු කරන්න බැරි ජනාධිපති වහාම ඉල්ලා අස්විය යුතුයි"
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන්න බැරි නම් ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස් වියයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. බුත්තල සතිපොළ පරිශ්‍රයේදී ඉකුත්(28)දා පැවැති මොනරාගල දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, ඩබ්ලිව්.එච්.එම්. ධ...
"බොරැල්ලේ අතුල හිමි අමරපුර සිරි සද්ධම්මවංශ පාර්ශවයේ අනුනායක පදවියෙන් පිදුම් ලබති"
"කොළඹ, බොෟද්ධාලෝක මාවත, අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ සහ බොරැල්ල ඤාණාලංකාර භික්ෂු ගිලන් මධ්‍යස්ථාන විහාර ගණයේ ආධිපත්‍ය හොබවන ත්‍රිපිටකාචාර්ය බොරැල්ලේ අතුල ස්වාමීන් වහන්සේට ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ අමරපුර සිරි සද්ධම්මවංශ පාර්ශ්වයෙන් ස්ව නිකායේ අනුනායක පදවියේ අක්තපත්‍ර පිරිනැමීම, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින...
"විජයදාසට – දුෂ්මන්තට පැනවූ වාරණය දික් කරයි"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති සහ වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස තේරී පත්වූ විජයදාස රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත යන මහත්වරුන්ට එම ධුරවල කටයුතු කිරීම සහ එම තෝරා පත්කර ගැනීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝග සැප්තැම්බර් මස 24 වැනිදා දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා ව...
"තේ පෝර සහනාධාරය රු. 4000ට නංවයි"
"තේ වගාවට පොහොර යෙදීම සඳහා රජය විසින් ලබාදීමට තීරණය කර ඇති රුපියල් 2000ක සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ දැමීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත. මේ වනවිට රටේ වාර්ෂික තේ නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් මිලියන 260ක් දක්වා පහත බැස ඇති අතර එම ප්‍රමාණය මෙටි්‍රක් ටොන් මිලියන 300ක් දක්වා ඉහළ දමා ගැනීමේ අරමුණින් ම...
"තැපැල් නිලධාරීන් 8000ක් ජනපතිවරණයට සූදානම්"
"ජනාධිපතිවරණයේදී තැපැල් කටයුතුවලට සහය දීමට තැපැල් නිලධාරීන් 8000ක් සූදානම්ව සිටින බවත්, තැපැල් කටයුතු සිදුකිරීම සඳහා තැපැල් වෘත්තිය සමිතිවල සහාය ලබාදීමට ඔවුන් එකඟවී සිටින බවත් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය. මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර තැපැල් කටයුතු සඳහා රුපියල් බිලියන එකයි දශම හතරක (1.4) මුදලක් අවශ්...
"දෙමළ ජනතා ඉල්ලීම්වලට රනිල් ඇහුම්කන් දීම අගය කරනවා සහාය දෙන බව කියන්න කල් වැඩියි"
"ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ උත්සාහයට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය අනුබල නොදෙන බවත් එවැනි අපේක්ෂකයකුට සහාය පළකිරීමක් නොකරන බවත් ප්‍රකාශ කරන එම පක්ෂයේ නායක එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා දෙමළ ජනතාවගේ අයිතීන් සුරකින අයකුට සහාය දීමට තීරණය කරන බව ඊයේ (29 දා) කිළිනොච්චියේදී පැවසීය. කිළිනොච්චියේදී මාධ්‍...
"තමාගේ ඡන්ද මධ්‍යස්ථානයට යෑමට නොහැකිනම් ඡන්දය දාන්න වෙනත් තැනක්"
"තමාගේ ඡන්ද මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශයේ පවතින තත්ත්වය හේතුකොට ගෙන, එම ඡන්ද මධ්‍යස්ථානයට ගොස් තමාගේ ඡන්දය දීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇති ඡන්ද හිමියන්ට වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය දීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලුම් කිරීමට ප්‍රතිපාදන සලසා ඇති බව, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනය කර තිබ...
"සමස්ත රාජ්‍ය ව්‍යුහයම පරිවර්තනය කරනවා"
"සමස්ත රාජ්‍ය ව්‍යුහයම සම්පූර්ණ පරිවර්තනයකට ලක් කරන වැඩපිළිවෙළක් ජන අරගල සන්ධානය විසින් ඉදිරිපත් කරන බව එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා ඊයේ (29දා) පැවසීය. එම සන්ධානයේ අපේක්ෂකයා ලෙස ඔහු නම් කිරීමෙන් අනතුරුව කොළඹ මහජන පුස්තකාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව කීවේය. එහිදී ඔහු මෙසේද පැ...
"ඉන්දියාවේ පූසාල් බන්ධනාගාරයේ රඳවා සිටි ශ්‍රී ලාංකික ධීවරයෝ 07 ක් නිදහස් කෙරෙති"
"ඉන්දියාවේ රාමනාතපුරම් වෙරළාරක්ෂක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි දකුණේ ධීවරයින් හත් දෙනෙකු තමිල්නාඩු අධිකරණයෙන් ලත් නියෝගයක් මත 27 දා නිදහස් කොට තිබේ. මේ ධීවරයින් පිරිස තිසි මහා – 6 නැමති බෝට්ටුවෙන් පසුගිය මැයි මස 18 වෙනිදා මුහුදු ගොස් සිටියදී ඔවුන්ගේ බෝට්ටුව කාර්මික දෝෂයකට ලක් වීම නිසා එම බෝට්ටුව වෙරළ දෙසට ගසා ගෙන...
"පොලිසියට අවශ්‍ය නියෝග දීමට ව්‍යවස්ථාවෙන් මැ.කො.ට බලය තිබෙනවා"
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104G හා 104GG යන වගන්ති ප්‍රකාරව ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා පොලිසියට අවශ්‍ය නියෝග දීමට මැතිවරණ කොමිෂන් සභාවට පූර්ණ බලය ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (29දා) පැවසීය. දින 14ක් සඳහා වැඩබලන පොලිස්පතිවරයකු පත්කිරීමට ජනාධිපතිවරයාට බලය ඇති බවත් තමා ජනාධිපතිවරණයට ඇප මුදල් ...
"මෙරට ප්‍රථම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණු පාසල කළුතර දී විවෘත වේ"
"මෙරට ප්‍රථම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණු පාසල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දී විවෘත කෙරිණි. එයට අමතරව දුරස්ථ අධ්‍යාපන ඒකකය ද ලේකම්වරයා අතින් විවෘත විය. මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයට අවශ්‍ය මානව හා භෞතික සම්පත් සංවර්ධනය කරමින් මෙරටට අ...
"සම්ප්‍රදායානුකූල දේශපාලනයේම යෙදුණොත් තෙවැනි සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානමක්"
"ඉදිරි ජනාධිපතිවරණයේදී සම්ප්‍රදායානුකූල දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත් රට තුළ යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවදානමක් ඇති බවත්, එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එහි වගකීම අදාළ පාර්ශ්ව විසින් භාරගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නේය. නව ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තු සභිකයන් 225ම එකඟතාව...
"කම්කරුවන් නැතිකොට ශ්‍රමිකයන් හදන වැඩපිළිවෙළක් ආරම්භ කරනවා"
"ලෝකයේ අනෙක් රටවල් සමග බලනවිට අපේ රටේ ශ්‍රම බළකායේ ඵලදායිතාව සීයකටත් වඩා අඩු මට්ටමක පවතින බවත්, එනිසා කම්කරුවන් නැතිකොට ශ්‍රමිකයන් හදන වැඩපිළිවෙළක් ආරම්භ කළ බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අතර ...
"ජන්දේ කටේ තියාගෙන රැකියා පනස්දහසක් – මැ.කො.ස. තදින්: අද පියවරක් ගන්නා බව කියයි"
"ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමට දිනකට පෙර (24දා) උපාධිධාරීන් 50,000ක් බඳවා ගැනීම සඳහා ආණ්ඩුකාරවරුන්ට බලය පැවරෙන ලෙස කැබිනට් මණ්ඩලය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් අද (29දා) පියවරක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක මහතා ‘දිවයින’ට ඊයේ (28දා) පැවසීය. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සිදුවන බවට මේ වනවිට කො...
"කථානායක-අගවිනිසුරු සාකච්ඡා කර පොලිස්පති ගැටලුව විසඳාගන්න – ජනපති දන්වයි"
"පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව කථානායකවරයාත්, අග්‍රවිනිශ්චයකාරවරයාත් සාකච්ඡා කර විසඳාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28දා) දැනුම් දී ඇත. ජනාධිපතිවරයා මෙම දැනුම්දීම කරන ලද්දේ ඊයේ පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාටත් අග්‍රවිනිශ්චකාර ජයන්ත ජයසූරිය මහතාටත් වෙන වෙනම දුරකථනයෙන් අමතමිනි....
"ව්‍යවස්ථාදායක සභාවේ පත්කිරීමක් ඉවත්කිරීමට අධිකරණයට පුළුවන්ද ?"
"ව්‍යවස්ථාදායක සභාව විසින් නාමයෝජනා අනුමත කර පත්කරනු ලැබූ නිලධාරියකු ඉවත් කිරීමට අධිකරණයට බලයක් තිබේද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ද ජනාධිපතිවරයා සූදානම් වන බව රජයේ ආරංචි මාර්ග පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමාට පැවරී ඇති බලතල යොදා ගනිමින් මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. පො...
"ලොක්කන්ගේ නියෝග නැතිව පොඩ්ඩෝ වැඩ අත්හැරලා – ‘යුක්තිය’ දැන් නමට පමණයි!"
"පාතාල අපරාධකාරයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුම මේ වනවිට නමට පමණක් සීමා වී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. යුක්තිය මෙහෙයුම නතර කර නැතත් කිසිම මෙහෙයුමක් මේ වනවිට විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බවද වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී උසස් පොල...
"ඉතිහාසයේ තීව්‍රතම බල හුවමාරුව සිදුවන මැතිවරණය මෙයයි"
"ලංකා ඉතිහාසයේ තීව්‍රතම බල හුවමාරුව සිදුවන මැතිවරණය බවට මෙම ජනපතිවරණය පත්වේවි. බල හුවමාරුවේදී තමන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙසත් පවතින නීති රාමුවලටත් යටත්ව ජාතික ජන බලවේගය උපරිම කැපවීම ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජාතික ජන බලවේගය AKD වෙබ් පිටුව NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය සහ මැතිවරණ නිරීක්ෂ...
"76 වසරක් රටේ තියෙන ලෙඩේට නව ඖෂධයක් ඕනෑ"
"වසර 76ක් තිස්සේ රට තුළ පවතින ලෙඩේට බෙහෙත් ලෙස නව ඖෂධයක් අවශ්‍ය වී ඇතැයි ද ඒ සඳහා සැප්තැම්බර් 21 වැනිදාට එම වෙනස සිදු කිරීමට එක්වන ලෙස ද ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ මහරගම තරුණ සේවා සභා රංගශාලාවේදී පැවැති ජාතික හෙද සමුළුවේදීය. මෙම සමුළුව සමස්ත ලංකා හෙද සංගමය විසින් සංවිධානය කර ...
"ගාල්ලේ පොහොට්ටු මැති ඇමැති 5න් 4ක්ම රනිල්ගේ වේදිකාවේ"
"ගාල්ල දිස්ත්‍රික්කයේ දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමැතිවරුන් 05 දෙනාගෙන් සිව්දෙනෙක්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (27දා) ගාල්ල නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති ‘එක්ව ජයගමු අපි ගාල්ල’ ජන රැලිය සඳහා සහභාගි වූහ. මෙම ජන රැලිය සංවිධානය කිරීම සඳහා නායකත්වය ලබාදෙනු ලැබූ ශ්‍රී ලංකා පොදු...
"නිදහස් සාධාරණ මැතිවරණයකට අනීතික ක්‍රියා බැහැර කරන්න – මැ.කො.ස.ගෙන් චක්‍රලේඛයක්"
"නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා සියලු අනීතික ක්‍රියාවලින් බැහැරව කටයුතු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ජී.එල්. රත්නායක මහතා රජයේ සහ පළාත් සභාවල ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ. ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කොට අවසන් වනතෙක් රජයට අයත් දෙපාර්තමේන්තු, සංස්...
"උසාවි තීන්දුවට රජයේ ස්ථාවරය තේරුමක් නෑ"
"පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට දුන් අධිකරණ තීන්දුව ගැන රජයේ ස්ථාවරය අර්ථශූන්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති පත්කිරීම් පිළිබඳව විමසා බැලීමට අධිකරණ බලයක් නොමැති බවට වන රජයේ ස්ථාවරය අර්ථශූන්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සං...
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවයෙන් කාටවත් බැහැර වෙන්න බැහැ – සියලු දෙනා එක්ව දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනගමු"
"අපි වසර ගණනක් දේශපාලන වශයෙන් බෙදී වැඩ කළ බවත් දැන් අපි සියලු දෙනා එක්ව දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනගා දෙමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ පැවසූවේ ගාල්ල නගර සභා ක්‍රීඩාංගණයේදී පෙරේදා (27දා) පැවති “එක්ව ජය ගමු – අපි ගාල්ල” ජන හමුව අමතමිනි. එහිදී ජනාධිපතිවරයා ප්‍රථම වරට ජනතාව හමුවේ ඉදිරි ජනාධි...
"ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගන්නෙ නෑ කියලා පුළුවන් නම් එළියට ඇවිත් කියන්න"
"අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තමන්ගේ ගෝලයා වන අගමැති දිනේෂ් ගුණවර්ධන දමා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට සැගවී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළිගන්නෑ කියන බවත් ඔවුන්ට මේ කතාව පාර්ලිමේන්තුවේ කියන්නේ නැතිව එළියට ඇවිත් කියන ලෙස කැබිනට් මණ්ඩලයට, අගමැති දිනේෂ් ගුණවර්ධනට සහ ජනාධිපතිවරයාට අභියෝග කරන බවත් එසේ කිව්වොත් එය උසාවියට අපහාස කිර...
"අරගලයේ අපේක්ෂකයා අද කියයි"
"ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරීන්ගෙන් සැදුම්ලත් ජන අරගල සන්ධානයේ අපේක්ෂකයා අද (29 දා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. අද පස්වරු 1.00ට කොළඹ මහජන පුස්තකාලයේ දී පැවැත්වෙන විශේෂ වැඩසටහනක දී එම අපේක්ෂකයා මෙසේ ප්‍රකාශයට පත් කරනු ඇත. ඔහු දීර්ඝ කාලයක් ජනතා අරගලවල ක්‍රියාකාරීව සිටි අයකු බව එම සන්ධානයේ ප්‍රකාශකයෙක් පැවසීය. අනුරාධ හිර...
"පොහොට්ටුවේ සහාය ඉල්ලා රනිල්ගෙන් ලිපියක්"
"ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන්ට සහයෝගය ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. එම ඉල්ලීම අද (29දා) රැස්වන පොදුජන පෙරමුණේ දේශපාලන බල මණ්ඩලයේදී සලකා බැලීමට නියමිත බව පැවසේ. පසුගිය සිකුරාදා (26දා) මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිප දෙන...
"සල්ලි දෙන්න භාණ්ඩාගාරය ‘රෙඩි’ පිට – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය"
"මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඉල්ලා සිටින ආකාරයට ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය අයවැයෙන් මැතිවරණ කටයුතු සඳහා රුපියල් බිලියන 10 ක මුදලක් වෙන් කළ අතර මුදල් ප්‍රවාහ අතර කිසිදු ගැටුමක් නොවන ආකාරයට එම මුද...
"ගුරු – විදුහල්පතිවරු දෙවැනි සතියටත් අකුරට වැඩ"
"ලංකා ගුරු සේවා සංගමය විසින් ආරම්භ කර ඇති දිවයින පුරා පාසල්වල අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවැනි සතියටත් අද සිට ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම්, ජෝෂප් ස්ටාලින් මහතා ඊයේ (28දා) දිවයිනට පැවසීය. රජය තම සංගමයේ සියලු ඉල්ලීම් ලබා දෙනතුරු දැඩි ස්ථාවරයක සිටින බව ද හෙතෙම කියයි. ගුරු – විදුහල්පතිවරුන් ල...
"ජනපති අපේක්ෂක තෝරාගන්න පොහොට්ටුවේ විශේෂ සාකච්ඡාවක් අද"
"ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු තෝරාපත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ සාකච්ඡාවක් පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29දා) සවස 4.00ට කොළඹ විජේරාම මාවතේ හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී පැවැත්වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ වෙනවාද නොඑසේ නම් එක්ව ඉදිරියට ගමන් කරනවාද නැද්ද යන්න ...
"පාතාලය හෝ මැරයන් ඡන්දයට බැස්සොත් වහාම දන්වන්න"
"කවර හෝ ජනාධිපතිවරණ අපේක්ෂකයකු පාතාලයේ සහ මැරයන්ගේ සහාය ලබාගැනීමට තැත් කරන්නේ නම් රටපුරා කොට්ඨාස 45ක පිහිටා තිබෙන පොලිස් මෙහෙයුම් මැදිරියට වහාම දැනුම් දෙන ලෙස පොලිස් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටී. ජනාධිපතිවරණ අපේක්ෂකයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබාදෙන බව ද එම ආරක්ෂාව පිළිබඳ කිසිවකු හෝ සෑහීමකට පත්නොවන...
"මන්ත්‍රීලා පිල් මාරු කළාට තීන්දුව ජනතාව අතේ – ජී.එල්. පීරිස්"
"පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිල් මාරු කළාට මැතිවරණයේදී තීන්දුව දෙන්නේ ජනතා ඡන්ද බලයෙන් බවත් වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයක් ලබාගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (28දා) පැවසීය. ජනාධිපතිවරණය කල්දැමීම සඳහා රජය විවිධ උපක්‍රම භාවිතා කළද ඒ සියල්ලම ව්‍යර්ථ ව...
"ජනපතිගේ ආර්ථික වැඩපිළිවෙළ නිසා මහ භාණ්ඩාගාරයේ ඩොලර් සංචිතය බිලියන 5.6ට වැඩි කරගත්තා"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගන්නා විට මහ භාණ්ඩාගාරය සතුව ඇමරිකන් ඩොලර් මිලියන 20ක් පැවැති බවත් දැන් එය ඇමරිකන් ඩොලර් බිලියන පහයි දශම හයක් (5.6) දක්වා වැඩිකර ගැනීමට ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙළ හරහා හැකිවී ඇති බවත්, එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ ජාතික සංවිධායක හා දේශකයන්ගේ සංගමයේ සාමාජි...
"ජනපති නාමයෝජනා අගෝ. 15 බාරගැනේ"
"ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා සිදු කෙරේ. මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (26දා) නිකුත් කරනු ලැබීය. ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර භාරගැනීම ලබන මස 15 වැනිදා පෙරවරු 9.00 සිට 11.00 දක්...
"ජනපති සටනේ ප්‍රබලයෝ"
"ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද යන්න හෙට (29දා) එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වී තීරණය කරන බව එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී පැවති සාකච්ඡා...
"පොලිස් ලොක්කා පරණ කෙනාමයි"
"ශ්‍රේෂ්ඨාධිකරණයට පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම තහනම් කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැත යන ස්ථාවරයේ සිට කටයුතු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. එබැවින් ජනාධිපතිවරයාට පොලිස්පති ධුරයෙහි වැඩබලන පත්වීමක් ද කළ නොහැකි බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබා දුන්න ද තවමත් පො...
"පොලිස් ලොක්කන්ට පළාත් බලතල"
"ඉදිරි මැතිවරණ කාලසීමාවේදී රටේ ආරක්ෂාව තර කිරීම සඳහා ඒ ඒ පළාත්වල පොලිස් ප්‍රධානීන්ට පොලිස් මූලස්ථානය මගින් බලතල ලබාදී ඇත. ඊට අමතරව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ට යොදවන ආරක්ෂාව පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන ආරක්ෂක කමිටුවක් සඳහා භාරදී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් ‘දිවයින ඉර...
"තේරීම් නිලධාරීන්ට මැකො එන්න කියයි"
"ජනාධිපතිවරණයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම සඳහා මැතිවරණ කොමිසම ඉදිරි දින කිහිපයේදී දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවීමට නියමිතය. රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී මෙම හමුවීම පැවැත්වෙනු ඇත. මැතිවරණ නිලධාරීන් හමුවීමෙන් පසුව සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් කැඳවන බව මැතිවරණ කොමිසමේ සභාප...
"මුද්‍රණාලයට තවත් ඡන්ද වැඩ 200ක්"
"ඡන්ද පත්‍රිකාවලට අමතරව මැතිවරණය සඳහා විවිධ කාර්යයන් දෙසීයක් පමණ වෙනුවෙන් විශේෂ මුද්‍රණ කටයුතු ඉදිරි දින කීපය ඇතුළත රජයේ මුද්‍රණාලය වෙත පැවරෙන බව මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසුවාය. මේ අනුව ඉදිරි සති කීපය ඇතුළත මැතිවරණ කටයුතු සඳහා මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණාලය පැය 24 කාල...
"මැතිවරණය සමයේ කෘත්‍රිම බුද්ධි ජිල්මාට් – අවසන් ප්‍රතිඵලය හොල්ලයිද?"
"ඉදිරි ජනාධිපතිවරණ සමයේදී රටේ සමස්ත ජනතාව කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් ඉතා හොඳ අවබෝධයක් මත කටයුතු කළ යුතු යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය විජිත හේරත් මහතා කියා සිටී. ලෝකයේ දියුණුතම නවීන තාක්ෂණ ක්‍රමවේදයක් වන කෘත්‍රිම බුද්ධිය භාවිතය දෙපැත්ත කැපෙන ආයුධයක් භාවිත කරනවා හ...
"දකුණේ නායකයෝ උතුරේ ඡන්ද හඹායති"
"ජනාධිපතිවරණයේදී උතුරු නැඟෙනහිර දෙමළ ජනපති අපේක්‍ෂකයන් සමග ඉදිරි දින කිහිපයේදී විශේෂ සාකච්ඡා පවත්වන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කර ඇත. ජනාධිපතිවරණය සඳහා උතුරෙන් හෝ නැඟෙනහිරෙන් දෙමළ අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණයක් ගෙන නැති අතර ඒ වෙනුවට දකුණේ ප්‍රධාන අපේක්‍ෂකයන් සමග සා...
""හොර,මැර,ඝාතන මුදුනටම නගී""
"ඉකුත් වසර හයක කාලසීමාවේ දී ගෙවල් බිඳීම් හා කොල්ලකෑම්, මනුෂ්‍ය ඝාතන සහ බරපතල තුවාල සිදුකිරීම් වැඩිම සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ 2023 වර්ෂයේ දී බැව් අනාවරණය වී ඇත. 2023 වර්ෂයේ දී බරපතල තුවාල සිදුකිරීම් හා මනුෂ්‍ය ඝාතන 2030ක් වාර්තා වී තිබුණි. එමෙන්ම 2023 වර්ෂයේ මුල් මාස දහයේදී වාර්තා වී තිබූ මනුෂ්‍ය ඝාතන 488න් 52ක් වෙඩි තැබ...
"අල්ලස් පැමිණිලි දහස් ගණන්"
"අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉකුත් වර්ෂයේ දී (2023) පැමිණිලි 3,431 ලැබී ඇති බැව් එම කොමිසම් සභාව සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති කාර්යසාධන වාර්තාවේ සඳහන් වෙයි. මින් පැමිණිලි කමිටුව වෙත යොමුකොට තිබූ පැමිණිලි සංඛ්‍යාව 2,789කි. අල්ලස් පැමිණිලි 131ක්, දුෂණ පැමිණිලි 945ක්, අයුතු වත්කම් ඉපයීම් ස...
"ප්‍රභූ ආරක්‍ෂක වියදම් ඉහළට"
"ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ සාමාන්‍ය වාර්ෂික වියදම රුපියල් මිලියන 4,342ක් වුවද ඉකුත් වර්ෂයේ (2023) ප්‍රභූ ආරක්ෂක වියදම රුපියල් මිලියන 5,833 දක්වා වැඩි වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ. ප්‍රභූ ආරක්ෂාව සැලසීමට අදාළ පොලිස්පතිගේ 2020 සැප්තැම්බර් මස 30 දිනැති අංක 2687/2020 දරන චක්‍රලේඛයට පරි...
"වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර"
"පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා සති දෙකක කාලයක් විදේශ ගතවීම නිසා වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පත්කර ඇත. නිහාල් තල්දුව මහතා පෞද්ගලික සංචාරයක් සඳහා මෙසේ විදේශගත වූ බව රුවන් ගුණසේකර මහතා කීවේය. නෝමන් පලිහවඩන"
"පක්‍ෂ ඇතුළේත් ජනපති සටන්"
"ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීම සහ එම මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන් සහ ඒවායේ නායකයන්, සිය අපේක්ෂකයන් සමග මෙම සතියේ තීරණාත්මක අවසන් සාකච්ඡා රැසක් පැවැත්වීමට නියමිතය. ඒ අනුව ඒ ඒ පක්ෂවලින් ඉදිරිපත් කරනු ලබන ජනාධිපති අපේක්ෂකයා, ලකුණ ආදී අතිවිශේෂ අවසන් කරුණු තීරණය කර ගැනීම මෙන්ම ජනාධිපතිවරණයට ඉද...
"ඇහැට වන්දි බොරුව උඩුදුවයි"
"හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන සමයේදී මෙරටට ගෙන්වන ලද අක්ෂි දියරය භාවිතයෙන් කාලීන හා පූර්ණකාලීන අන්ධභාවයට ලක්වූ රෝගීන් එකසිය පනහකට ආසන්න පිරිසකට වන්දි ලබාදෙන බවට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ලබාදුන් පොරොන්දුව මේ දක්වා ඉටුකර නැතැයි වින්දිතයෝ චෝදනා කරති. වන්දි ලබාදීමේ කටයුතු සිදු නොවීම සම්බන්ධයෙන් වත්මන් සෞ...
"පාර්ලිමේන්තුව කෝටි 23 ක කාලා"
"ඉකුත් 2023 වර්ෂයේ පාර්ලිමේන්තුවට ආහාරපාන මිලදී ගැනීම සඳහා රුපියල් විසිතුන්කෝටි දෙලක්ෂ හැටහත්දහස් අටසීයයි ශතඅනූහතක මුදලක් (230,267,800.97) වැය කර තිබුණි. පානීය ජල බෝතල් මිලදී ගැනීම සඳහා රුපියල් විසිපන්ලක්ෂ හැත්තෑතුන් දහස් විසිපහක මුදලක් (2,573,025) වැය කර තිබුණි. ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව මිල ගණන් කැඳවා එම භාණ්ඩ ම...
"ජනපතිවරණයේදී ආරක්‍ෂාව උපරිමයෙන් දෙන්න – ඇමැති ප්‍රමිතගෙන් උපදෙස්"
"එළැඹෙන ජනාධිපතිවරණය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එම කාලයේ දී ජනාධිපති අපේක්ෂකයන්ගේ, පුරවැසියන්ගේ මෙන්ම සමස්ත රටේම ආරක්ෂාව උපරිම අයුරින් තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නේය. ආරක්ෂක...
""2020 තීරණය හදිසියේ පැන එයි – ඡන්ද කටේ ගුරු පත්වීම් 50,000ක්""
"උපාධිධාරීන් 50,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට 2020 වසරේදී එවකට ඇමැති මණ්ඩලය ගත් තීරණයක් බලාත්මක කරමින් මීට දින කීපයකට ඉහත දී හදිසි කැබිනට් මණ්ඩල සංදේශයක් අනුමත කරගෙන තිබේ. එම සංදේශයට අනුව උපාධිධාරීන් බඳවා ගැනීමට පළාත් ආණ්ඩුකාරවරුන්ට බලය පවරා ඇත. මෙම කැබිනට් සංදේශයට මුදල් ඇමැතිවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අත්ස...
"බාල බෙහෙත් හොල්මන් තවත්"
"ලියාපදිංචියෙන් තොර ඖෂධ තවදුරටත් රටපුරා භාවිත වෙමින් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. තරගකාරී ලෙස ඖෂධ ගෙන්වීම සඳහා සැපයුම්කරුවන් ඖෂධ නියාමන අධිකාරිය විසින් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රට පුරා රජයේ රෝහල්වල සහ පෞද්ගලික ඔසුසල්...
"මැතිසබ රැස්වීම් ‘හේබාපු’ හැටි හෙළිවෙයි"
"පාර්ලිමේන්තු රැස්වීම් වාර 105ක් ඉකුත් වර්ෂයේ (2023) පවත්වා තිබුණ ද ඒ සඳහා මන්ත්‍රිවරුන් 200දෙනකුට වඩා වැඩියෙන් සහභාගි වී ඇත්තේ රැස්වීම් වාර තුනකට පමණක් බැව් අනාවරණය වී ඇත. මන්ත්‍රීවරුන් 225 අතුරින් 150දෙනකුට වඩා අඩුවෙන් සහභාගි වී තිබූ රැස්වීම් වාර ගණන 24කි. මන්ත්‍රීවරුන් 150ත් 200ත් අතර පිරිසක් රැස්වීම් වාර 78කට සහභාග...
"නවවන විධායක ජනාධිපති තේරීම: නාම යෝජනා භාරගැනීම අගෝස්තු 15දා"
"ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා සිදු කෙරේ. මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (26දා) නිකුත් කරනු ලැබීය. ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර භාරගැනීම ලබන මස 15 වැනිදා පෙරවරු 9.00 සිට 11.00 දක්...
"ඇප මුදල් තැන්පත් කරති"
"ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප තැන්පත් කිරීම ආරම්භ කරමින් මුලින්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඊයේ (26දා) ඇප තැන්පත් කරනු ලැබීය. ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කිරීමට ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා මහතා මැතිවරණ කොමිෂමට ඇප තැන්පත් කළේය. මේ අතර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ...
"පොහොට්ටුවේ තීරණය සඳුදා"
"ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුද යන්න එම පක්‍ෂයේ දේශපාලන බල මණ්ඩලය ලබන සඳුදා (29දා) රැස්වී තීරණය කරන බව මහලේකම් සාගර කාරියවසම් මහතා ඊයේ (26දා) පැවැසීය. එහිදී රටට හොඳ තීරණයක් ගනු ඇති බවත් මහලේකම්වරයා තවදුරටත් පැවැසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය අපේක්‍ෂා කරන ජනාධිපති රන...
"හිටපු පොලිස්පති චන්දන හා කොමිසමේ නිලධාරීන් මූලික අයිතීන් කඩලා – ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි"
"සහකාර පොලිස් අධිකාරි ධුරවලට උසස්වීම් ලැබීමට සුදුසුකම් ලබා තිබූ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් පිරිසක් සිටියදීත් ඔවුන්ගේ සුදුසුකම් නොසලකා පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතාට සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස්වීමක් ලබාදීමෙන් එවකට වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ චන්දන වික්‍රමරත්න හා ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිලධාරීන් පෙ...
"පොලිස්පතිට පැනවූ වාරණය නීතියෙන් වලංගු නෑ: ශ්‍රේෂ්ඨාධිකරණය දීපු නියෝගය අපි පිළිගන්නේ නෑ – අගමැති ආණ්ඩුවේ මතය කියයි"
"පොලිස්පතිවරයකු හදිස්සියේම කනෙන් අල්ලා දොට්ට දාන්න බෑ. එමනිසා ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර් 11 වැනිදා දක්වා වැඩ අත්හිටුවා ඇති නියෝගය බල රහිත කළ යුතු යැයිද ඒ සඳහා කථානායක හැකි ඉක්මනින් මේ සඳහා මැදිහත් විය යුතු යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26 දා) විශේෂ ප්‍රකාශයක් කරමින් කීය. පොලිස්පති සම්බන්ධය...
"මම වැරදි නම් අධිකරණයට ගිහින් නිවැරදි කරගන්න – කථානායක මැතිසබයේ දී කියයි"
"පොලිස්පති තනතුර සම්බන්ධයෙන් මතුව තිබෙන අර්බුදකාරී තත්ත්වය විසඳීම ගැන දැන් ජනාධිපතිටවත් තීන්දුවක් ගන්න බැරි තැනක තමයි තිබෙන්නේ. ඒ නිසා මම වැරදි නම් තමුන්නාන්සේලා අධිකරණයට ගිහින් නිවැරදි කරගන්න යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26දා) ප්‍රකාශ කළේය. දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ලබා දුන් ...
"උසාවි තීන්දුවට ගරුකර වැඩබලන පොලිස්පතිවරයකු පත් කරන්න – – විපක්‍ෂ නායක සජිත් මැතිසබයේ දී කියයි"
"පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට රාජකාරි කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගයට ගරු කරමින් වැඩ බලන හෝ වෙනත් පොලිස්පතිවරයකු පත් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26 දා) ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අදාළ ත...
"උසාවි තීන්දුව පිළිනොගැනීම වැරදි පූර්වාදර්ශයක් – ටිල්වින්"
"ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුව පිළිනොගැනීම ඉතා වැරදි පූර්වාදර්ශයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (26 වැනිදා) ‘දිවයින’ට පැවසීය. රටේ ඉදිරි ප්‍රගමනය උදෙසා විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණ යන ආයතන තුනම සමබරව පැවතිය යුතු බවත් හෙතෙම කීවේය. පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළින...
"පොලිස්පති ධුරය හිස්ද නැද්ද ව්‍යවස්ථාදායක සභාව තීරණය කළ යුතුයි – සභා නායක ඇමැති සුසිල්"
"පොලිස්පතිවරයාගේ ක්‍රියාත්මක වීම පමණක් අධිකරණය විසින් අත්හිටුවා ඇති බැවින් පොලිස්පති ධුරය හිස් වී ඇති ද කියා ව්‍යවස්ථාදායක සභාව විසින් තීරණය කළ යුතු යැයි සභානායක, ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26 දා) කීවේය. පොලිස්පති ධුරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් හෙතෙම මේ බව කී ...
"දේශබන්දු නිල ඇඳුමෙන් එක ලියුමකට අත්සන් කළොත් අපි උසාවි යනවා: පොලිස්පති ගැන උසාවි නියෝගය පිළිගන්නේ නෑ කියා පුළුවන්නම් දිනේෂ් එළියෙදි කියන්න – දුමින්ද නාගමුව"
"පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළිගන්නේ නැහැ යැයි පුළුවන්නම් පාර්ලිමේන්තුවෙන් පිටතදී ප්‍රකාශ කරන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට අභියෝග කරන්නේ යැයි ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව මහතා ඊයේ (26දා) පැවසීය. මරදානේ සීයේ සාර් ශාලාවේදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව ක...
"සිවිල් සංවිධානවලිනුත් අපේක්ෂකයෙක්"
"ඉදිරි ජනාධිපතිවරණය සඳහා සිවිල් සංවිධාන අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ‘අල්ලස දූෂණයට එරෙහි ජනතා ව්‍යාපාරය’ පවසයි. සිවිල් සංවිධාන තිහකට වැඩි සංඛ්‍යාවක් අතුරින් තෝරාගනු ලබන ජනපති අපේක්ෂකයා සහ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එළැඹෙන සතියේදී ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව එම ව්‍යාපාරයේ කැඳවුම්කරු ජාමුනි කමන්ත තුෂාර මහතා ‘දිවයින’ට ප...
"රනිල්ගේ වේදිකාවට අද ගීතා යයි දොඩංගොඩ නොයයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27දා) දින ගාල්ල නගරයේ දී පැවැත්වෙන ‘එක්ව ජයගමු අපි ගාල්ල’ රැලිය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ, පොදුජන පෙරමුණේ බලපිටිය ආසනයේ ප්‍රධාන සංවිධායක චන්න සාලිය මෙන්ඩිස් යන මහත්වරුන් ඇතුළු හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීව...
"සිරකරුවන්ට ඡන්ද පහසුකම ඉල්ලීම: ඇමැති විජයදාස ඇතුළු පිරිසකට නොතීසි"
"ඉදිරි මැතිවරණවල දී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසමින් මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් මැතිවරණ කොමිසම, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙත නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (26 දා) නියෝග කළේය. සිර...
"දමිතා ඇතුළු කතුන් තුනකගේ රුධිර සාම්පල් ඩීඑන්ඒ පරීක්ෂණයකට"
"රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඇතුළු කාන්තාවන් තිදෙනකුගේ රුධිර සාම්පල් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා ලබන 27 වැනිදා රජයේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ නියෝග කළාය. 2022 ජුලි මස 09 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ...