Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"නිගමන වැඩක් නෑ සම්පූර්ණ වාර්තාවක් ඕනෑ – සෞඛ්‍ය වෘත්තීයවේදී විද්වත් සංගමය" | "ජේ එන්-1 කොවිඩ් උප ප්‍රභේදය පිළිබඳව වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදු කළ නියැඳි පරීක්ෂාවේ නිගමන පමණක් රටට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. කොවිඩ් පැතිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයට අනුව මේ පිළිබඳ පරීක්ෂණ සඳහා මේ වනවිට රෝහල් මට්ටමින් ක්‍රියාත්මක වන ක්‍රමවේදය ගැන සෑ... |
"ශ්‍රී ලංකන් චෙන්නායි ගමන අවලංගු කරයි – කටුනායකට ආ මගීන් අනාථයි" | "කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ චෙන්නායි නුවර දක්වා ඊයේ (26 දා) උදෑසන පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් හිටිහැටියේ ගමන් වාරය අවලංගු කිරීම නිසා මගීන් මහත් අපහසුතාවට පත්වූ බව ‘දිවයින’ට වාර්තා වේ. කිසිදු පෙර දැනුම්දීමකින් තොරව එසේ ගමන් වාරය අවලංගු කර ඇත්තේ යූ.එල්. 121 ගුවන් යාන... |
"තෙල් තිබුණත් අලෙවිය අඩුයි – රෑ 9ට – 10ට ෂෙඩ් වැසෙයි" | "ඉන්ධන හල්වල ඉන්ධන තොග අවශ්‍ය තරම් පැවතියත් ඉන්ධන අලෙවිය අඩු වී ඇතැයි ඉන්ධන හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට ඊයේ (26 දා) පැවසීය. ඉන්ධන හල්වල ඉන්ධන අලෙවිය අඩුවීමත් විදුලි බිල වැඩිවීමත් නිසා බොහෝ ඉන්ධන හල් රාත්‍රී 9.00 හෝ 10.00 වනවිට වසා දමන තත්ත්වයක් පවතින බව ද ඒ මහතා කීය. වෙනත් වර්ෂවලදී උත්... |
"සිරිපා කරුණාවටත් ගැසැට්ටුවක්" | "සිරිපා වන්දනා සමයේදී බැතිමතුන් විසින් අනුගමනය කළ යුතු සහ නොකළයුතු ක්‍රියාකාරකම් සම්බන්ධයේ රජය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙවර ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (26 දා) උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ කෙරුණු අතර ඒ නිමිත්තෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ... |
"දහම් පාසල් අවසාන විභාගය හෙට සහ අනිද්දා" | "දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය මෙම මස 28 සහ 29 දිනවල විභාග මධ්‍යස්ථාන 669කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. විභාගයට අදාළ ප්‍රවේශපත්‍ර ඒ ඒ දහම් පාසල් වෙත තැපැල් කර ඇති බව ද ඒ මහතා පවසයි. කෙසේ වෙතත් ප්‍රවේශපත්‍ර නොලද දහම් පාසල් ප්‍රධානීන් ඔවුන් වෙත නිකුත්කර ඇති පරිශීලක නාමය හා මුරපදය... |
"කොවිඩ් ජේ.එන්.-1 ගැන ජනතාව ඇනුවත් කරන්න – වෛද්‍ය හරිත අලුත්ගේ" | "කොවිඩ් – 19 වෛරසයේ ජේ. එන් – 1 උප ප්‍රභේදය පිළිබඳව අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ කඩිනමින් මහජනතාවට නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ‘දිවයින’ ට ඊයේ (26 දා) සඳහන් කළේය. කොවිඩ් වෛරසයේ මෙම විකෘති ප්‍රභේදය මේ වනවිට රටට ඇතුළුවී ඇති බවට විශ්වාසයක් ප... |
"මිනුවන්ගොඩ රෝහලට ගත් එක්ස්රේ යන්ත්‍රය මුදල් නාස්තියක් – විකිරණ විද්‍යා තාක්ෂණවේදී සංගමය" | "තාක්ෂණික ඇගයීම් කමිටුව සහ විකිරණ තාක්ෂණවේදීන්ගේ සහාය ලබා නොගෙන රුපියල් ලක්ෂ 345ක් වැයකර මිනුවන්ගොඩ මූලික රෝහලට මිලදී ගෙන ඇති ‘එක්ස්’ කිරණ යන්ත්‍රය රජයේ මුදල් අවභාවිතාවක් බව රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය පවසයි. මෙම යන්ත්‍රය මේ වනවිටත් නිසි ලෙස ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බවට තහවුරුවී නොමැති බැවින් එම යන්ත්‍ර... |
"අනවසර ඉදිකිරීම් වැළැක්වීමට පනත් සංශෝධන කිහිපයක් ගෙන එනවා – රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර" | "අනවසර ඉදිකිරිම් වැළැක්වීම සඳහා පළාත් පාලන පනතට ඉදිරියේදී සංශෝධන කිහිපයක් ගෙන එන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට පවතින බාධක මෙමගින් දුරුවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය. වරිපනම් බදු ඇතුලුව පළාත් පාලන ආයතනවල සියලු ගෙවීම් අන්තර්ජාල ... |
"අපරාධවලින් හංවැල්ල හෙල්ලූ මන්නා රොෂාන් සහ ගෝලයා වෙඩි තබා මරති" | "හංවැල්ල ප්‍රදේශය කේන්ද්‍රකර ගෙන කප්පම් ගැනීම් ඇතුළු විවිධ අපරාධවල නිරත වූ මන්නා රොෂාන් සහ ඔහුගේ සමීප ගෝලයකු පාදුක්ක තුන්නාන ප්‍රදේශයේදී නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් විසින් ටී. 56 අවිවලින් වෙඩි තබා ඊයේ (25දා) අලුයම ඝාතනය කර ඇත. මන්නා රමේෂ් ගමන් ගත් ජීප් රථය, පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ කොටස් කර විකිණීමට ඇති ඉඩමකට රැගෙන ගොස් ... |
"සුනාමි ව්‍යසනයට වසර 19යි" | "2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා සිදු වූ සුනාමි ව්‍යසනයට අදට වසර 19 ක් සපිරේ. මේ විපත නිසා ශ්‍රී ලංකාවේ මිනිස් ජීවිත 31,225 කට වැඩි ප්‍රමාණයක්ද ඇතුළුව ලොව පුරා 2,25,000කට අධික පිරිසකට තත්පර කිහිපයකදී දිවි අහිමි විය. පෙරවරු 9.27ට ගොඩබිමට පැමිණි උදම් රළ පහරට හසු වූ පැරෑලියේ දුම්රිය අනතුර නිසා 1250කට අධික පිරිසක් මියගියහ. ත... |
"සුනාමි අනතුරු ඇගවීම් දුරකථනයෙන්" | "සුනාමි අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ගේ ජංගම සහ ස්ථාවර දුරකථන අංක හැටදහසකට ආසන්න ප්‍රමාණයක් වෙත සයිරන් ශබ්දයක් සමග ක්ෂණික පූර්ව අනතුරු ඇඟවීමේ රිගින් ටෝන් නිවේදනයක් යොමු කිරීමට හැකි පරිදි නවීන තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ නිසා වෙරළබඩ ආශ්‍රිතව වෙසෙන ජනතාවට රාත්‍රී කාලයේදී සයි... |
"කෙහෙළියගේ කාලයේ ගෙන්වූ ඖෂධ 38ක් කටුනායක හිරවෙලා – වෛද්‍ය චමල් සංජීව" | "ජනාධිපති නිර්දේශ උල්ලංඝනය කරමින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ සමයේ රටට ගෙනා තවත් ඖෂධ තිස්අටක් (38ක්) කටුනායක ගුවන්තොටුපළේ තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. ප්‍රශ්න ගත ඉමියුනොගොලොබියුලින් ගනුදෙනුව සිදුවන සමයේ ඉන්දියා... |
"උඳුවප් පොහොය අදයි" | "වසරේ අවසන් පොහොය වන උඳුවප් පොහොය (26 දා) අදට යෙදී ඇත. මෙරට භික්‍ෂුණී ශාසනය ආරම්භ කිරීම, සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස සිරිලක්දිවට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කිරීම, ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීම උඳුවප් පොහොයේ සිදු වූ වැදගත් සිද්ධීන් වේ." |
"නත්තල් ආහාරය දරුවන් සමග" | "දිළින්දන් සමග නත්තල සැමරීම අර්ථවත් කරමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන භූමියේදී ඊයේ (25දා) දිවා ආහාර පිළිගැන්වීමක් සිදුවිය. ඊට එක් වූ අගරදගුරුතුමන් පැමිණ සිටි පිරිස සමග දිවා ආහාරය භුක්ති විඳි අයුරු ඡායාරුපයෙන් දැක්වේ." |
"සියයට 18 කින් නොවේ ආණ්ඩුව දහ අටයි දශම හතරයි පහකින් වැට් බදු වැඩි කරනවා – ජාජබ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති" | "ආණ්ඩුව විසින් ජනවාරි මස පළමු වැනිදා සිට වැට් බදු ඉහළ දමන්නේ සියයට 18 කින් නොව සියයට දහ අටයි දශම හතරයි පහක් බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අනාවරණය කළේය. සමාජ ආරක්ෂණ බද්ධ පනවා ඇති භාණ්ඩ සඳහා බදු අය කිරීමේදී එම තත්ත්වය උදාවන බවත් මේ ආණ්ඩුව බදුවලටත් බද... |
"දූෂණයෙන් ඉහළ ගිය ආර්ථික ගැටලු නිසා ජනතාව අසරණ වෙලා – නත්තල් දේව මෙහෙයේදී කාදිනල්තුමා කියයි" | "අද මේ රටේ ජනතාව ආර්ථික අපහහසුතා නිසා පීඩා විඳිනවා. දූෂණයෙන් ශ්‍රී ලංකාව මුල්තැන ගෙන සිටිනවා යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමෝ කටාන හල්පේ ශාන්ත ප්‍රැන්සිස් සේවියර් දෙව්මැඳුරේ පැවැති නත්තල් දේව මෙහෙයේ දී ප්‍රකාශ කළහ. කුසගින්නේ සිටින පවුල් ගණන අද ඉහළ ගොස් ඇතැයි කී කාදිනල්තුමා දරුවන්ගේ පොතපත මෙන් ඔවුන්ට අවශ්‍ය... |
"දේව මෙහෙයට ගොස් සිටියදී කෝටිපතියාගේ නිවසින් ලක්‍ෂ 70ක බඩු උස්සලා" | "උඩප්පුව, පුනවිටිය ප්‍රදේශයේ පදිංචි පොල් හා ඉස්සන් ගොවි පළක් හිමි කෝටිපති ව්‍යාපාරිකයකු ඊයේ (25 දා) අලුයම දේව මෙහෙයට ගොස් සිටියදී ඔහුට අයත් නිවසට ඇතුළු වී රුපියල් ලක්‍ෂ 70කට ආසන්න රන් හා මුදල් පැහැරගෙන ගොස් ඇතැයි උඩප්පුව පොලිසිය පවසයි. කෝටිපති ව්‍යාපාරිකයා තම බිරිඳ හා දරුවන් සමග පුනපිටිය ජේසු බිලින්ඳා දේවස්ථානයේ පෙරේදා... |
"විශේෂඥ වෛද්‍ය චමල් සේවයේ පිහිටුවීම සෞඛ්‍ය අධ්‍යෂ ජනරාල් කරඅරී" | "දරුවන්ගේ මන්දපෝෂණය ගැන හෙළි කිරීම නිසා වැඩ තහනමට ලක්ව සිටින වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා නැවත සේවයේ පිහිටුවන ලෙස සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ මහතා දී තිබෙන උපදෙස් මෙතෙක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ක්‍රියාත්මක කර නැතැයි සෞඛ්‍ය අමාත්‍යාං... |
"ජාතිවාත්සල්‍යයෙන් සහ දෑ අනුරාගයෙන් පිරුණු සැබෑ දේශපාලන නායකත්වය ජනාධිපතිවරණයේදී කරළියට රැගෙන ආ යුතුයි" | "සිංහල, දෙමළ, මුස්ලිම් අපි සියලු දෙනාම එක්ව මේ රට හදමු..! යන මතයෙහි සිටින ජාතිවාත්සල්‍යයෙන් සහ දෑඅනුරාගයෙන් පිරුණු බලවේගවල “සැබෑ දේශපාලන නායකත්වය” ඊළඟ ජනාධිපතිවරණයේදී කරළියට රැගෙන ආ යුතු බවත් එසේම මහා සංඝරත්නය ප්‍රමුඛ එම දෑහිතකාමී බලවේග එම අවස්ථාව කිසිදු අපේක්ෂකයෙකුට කොල්ලකෑමට ඉඩ නොදිය යුතු බවත් උත්තර ලංකා සභාගයේ සභාප... |
"අධිවේගී මාර්ගවල 23දා ආදායම කෝටි 5 පනී" | "අධිවේගී මාර්ගවල පසුගිය 23 වැනිදා දිනයේ පමණක් රුපියල් කෝටි පහ ඉක්මවා ආදායමක් උපයා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්. වීරකෝන් මහතා පවසයි. එය සාමාන්‍ය දිනකට වඩා සියයට 40 ක වර්ධනයක් බව ද ඒ මහතා පවසයි. දෙසැම්බර් 22 වැනිදා අධිවේගී මාර්ගවල වාහන 140,791 ක් පමණ ගමන් කර ඇති අතර, එදින ආදායම රුපියල් 46,457,600 ක්... |
"ගරුත්වයක් සහ ශක්තියක් ඇතිව කඳුරට කම්කරු ජනතාවට ජීවත් වීමේ අයිතිය හිමිවිය යුතුයි" | "උඩරට කඳුරට කම්කරු ජනතාවට ලැබිය යුතු නිසි ගරුත්වය සහ ස්ථාවර ශක්තිය ලැබී නොමැති බවත් එබැවින් අනාගත සමගි ජන බලවේග රජයක් තුළ ඔවුන්ට ජීවත් වීමේ අයිතිය ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. කම්කරු ප්‍රජාව ලෙස හඳුන්වන උඩරට වතු ජනතාව සදහටම කම්කරුවන් වීම නොව තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් ලෙස හැඳින්විය හැකි බවත් ඔවු... |
"අස්වැසුමට ජනවාරියේ යළි අයදුම්පත් කැඳවනවා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය" | "අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන සඳහා ලබන ජනවාරි මාසයේ දී යළිත් අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මෙහි පළමු අදියර ක්‍රියාත්මක කළ බවත් එහිදී සුදුස්සන් සොයා ගැනීම ඇතුළු ගැටලු රැසක් පැවැති බවත් එය නිවැරදි කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් නැවත ජනවාරි මාසයේ දී අයදුම්පත් කැඳවන ලෙස... |
"ශ්‍රීපාද වන්දනා වාරය අදින් ඇරැඹෙයි" | "2023-2024 වර්ෂය සඳහා ශ්‍රීපාද වන්දනා වාරය අද (26දා) උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බව ශ්‍රීපාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසූහ. පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පූජා භාණ්ඩ ඊයේ (25 දා) අලුයම රත්නපු... |
"ගරුත්වයක් සහ ශක්තියක් ඇතිව කඳුරට කම්කරු ජනතාවට ජීවත් වීමේ අයිතිය හිමිවිය යුතුයි" | "උඩරට කඳුරට කම්කරු ජනතාවට ලැබිය යුතු නිසි ගරුත්වය සහ ස්ථාවර ශක්තිය ලැබී නොමැති බවත් එබැවින් අනාගත සමගි ජන බලවේග රජයක් තුළ ඔවුන්ට ජීවත් වීමේ අයිතිය ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. කම්කරු ප්‍රජාව ලෙස හඳුන්වන උඩරට වතු ජනතාව සදහටම කම්කරුවන් වීම නොව තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් ලෙස හැඳින්විය හැකි බවත් ඔවු... |
"සිකුරාදාට පසු උ.පෙළ ටියුෂන් තහනම්" | "උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු සියලු ප්‍රචාරක කටයුතු ලබන සිකුරාදා (29 දා) මධ්‍යම රාත්‍රියෙන් පසු සිදුකළ නොහැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයුන්දර මහතා පවසයි. විභාගයට අදාළ සම්මන්ත්‍රණ, වැඩමුළු ඇතුළු සියලු ප්‍රචාරණ නවතා දමා ජනවාරි 04 දා සිට විභාගය පැවැත්වීමට සියලු දෙනාගේ සහාය ලබාදෙන ලෙස ද ඒ මහතා... |
"සිංහල බෞද්ධ බලය යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළක්" | "සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නායකත්වයෙන් රටපුරා ඇති බෞද්ධ සංවිධාන ඒකරාශී කර සිංහල බෞද්ධ බලය යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළක් ඊයේ (25දා) බොරැල්ලේ පිහිටි බෞද්ධ සම්මේලන මූලස්ථානයේදී ආරම්භ විය.දිවයින පුරා පිහිටි බෞද්ධ සංවිධාන රැසක නියෝජිතයන් මේ රැස්වීමට එක්ව සිටි අතර ඔවුන් සියලුදෙනාගේ ශක්තිය හා දායකත්වය ඇතිව සිංහල බෞද්ධ බලය ය... |
"පෑලියගොඩ ඉගිල්ලෙන වාහන ජීවිතවලට තර්ජනයක්" | "පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වන කන්ටේනර් ඇතුළු වාහනවලට යටවී ඉකුත් මාස කිහිපයේදී ව්‍යාපාරිකයින් ඇතුළු පුද්ගලයන් හය දෙනකු මියගොස් තිබේ. ඊයේ (25දා) සහ පෙරේදා (24 දා) සිදුවූ රිය අනතුරු දෙකකින් මාළු ව්‍යාපාරිකයකු හා පාරිභෝගිකයකු අවාසනාවන්ත ලෙස මියගිය බව එම මත්ස්‍ය සංකීර්ණයේ ලේකම් ජයන... |
"මියන්මාරයේ වහල්කම්වලට ලාංකිකයන් විකිණූ චීනා අල්ලයි" | "මියන්මාරයේ සයිබර් අපරාධ වහල් කඳවුරුවලට ශ්‍රී ලාංකික තරුණ තරුණියන් විකිණූ ජාවාරමේ මෙරට ප්‍රධානියා ලෙස සැළකෙන චීන ජාතිකයා ඇතුළු සිව් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් සිව්දෙනාගෙන් සෙසු තිදෙනාම ශ්‍රී ලාංකිකයෝ වෙති. මේ අතර මේ මහා ජාවාරමට සම්බන්ධ තවත් සංවිධානාත්මක පිරිසක් අත්අඩංගුවට... |
"සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා!" | " දෙව්මැඳුරුවලින් ඇසෙන සීනු නාදය හා ගීතිකා හඬ මැද ඊයේ (24දා) මැදියම් රැයේ නත්තල උදාවිය. මෙවර නත්තලේ තේමාව වූවේ දිළින්දන් සමඟ නත්තල් උත්සවය සැමරීමයි. හල්පේ ශාන්ත ප්‍රැන්සිස් සේවියර් මුණිතුමාගේ දෙව්මැඳුරේ පැවැති නත්තල් දේව මෙහෙය සිදු කරනු ලැබුවේ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් විසිනි. රටේ පවතින ආර්ථික අසීරුතා ... |
"උගත් තරුණ පිරිසක් මියන්මාර ජාවාරම්කරුවන්ට හසුවීම අවාසනාවක් – මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති" | "මියන්මාරයේ ජාවාරම්කරුන්ට හසුවී ඇති බොහෝ තරුණ තරුණියන් උගත් බුද්ධිමත් දරුවන් වීම අභාග්‍ය සම්පන්න කරුණක් බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා මෙසේ ද පැවසීය. “මම කනගාටු වෙන්නේ මේ පිරිස මැදපෙරදිග රැකියා සොයාගෙන යන අහිංසක අය නෙ... |
"නත්තල්දා දෙව් මැඳුරුවල ආරක්ෂාවට පොලිසියේ 7500ක්" | "නත්තල් දිනයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 7500 ක් යොදවා තිබේ. දේවස්ථාන හා අනෙකුත් ආගමික ස්ථානවල ආරක්ෂාව සඳහා මෙම නිලධාරීන් යොදවා ඇත. නත්තල් උත්සව සමයේ මූලික කරගෙන මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ." |
"ගාසා වැසියන්ට ශ්‍රී ලංකාවෙන් තේ කිලෝ දහසක්" | "ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් 1000ක් ගාසා වැසියන් වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත. සෞදි අරාබි ආණ්ඩුව හරහා මේ ආධාර ගාසා තීරය වෙත යැවීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සිදුකරන මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් සෞදි අරාබියේ රියාද් වෙත නුදුරේදීම රැගෙන යෑමට නියමිතය. සෞදි රජය පලස්තීනුවන්ට ආධාර එකතු ... |
"දින 7ක් තුළ ‘යුක්තිය’ මෙහෙයුමෙන් අයිආර්සී 1107 ක් දැලේ – කෝටි 50ක දේපළ රාජසන්තකයි" | "මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඬපැවැත්වීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ආරක්ෂක අංශ ආරම්භ කළ ‘යුක්තිය මෙහෙයුම’ යටතේ දින හතක් තුළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ විශේෂ කාර්යාංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 4665 දෙනෙකු අතරින් ඊයේ (24 දා) වනවිට සැකකරුවන් 1107 ක් සමඟ මත්ද්‍රව්‍ය හා දේපළ රැසක් ආ... |
"මාධ්‍යවේදී ධම්මික සමුගනී" | "නවලිය කර්තෘ මණ්ඩලයේ සේවයේ නියුතුව සිටි ධම්මික හේවාවසම් මහතා ඊයේ (24 වැනිදා) හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇත. ඒ මහතා උපාලි පුවත්පත් ආයතනයට සෝදුපත් කියවන්නෙකු ලෙස එක් වී පසුව නවලිය පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදියකු ලෙස හා දිවයින ඉරිදා සංග්‍රහයේ මීවිත කලා අතිරේකයේ ලිපි සපයන්නකු ලෙස ද කටයුතු කළේය. මිය... |
"ශ්‍රීපාද වන්දනා සමය හෙටින් ඇරැඹෙයි" | "මෙවර ශ්‍රීපාද වන්දනා සමය හෙටට (26 දාට) යෙදෙන උඳුවප් පුන් පොහොය දිනයෙන් ආරම්භ කිරීමට නියමිතය. පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ ඓතිහාසික සමන් දේව ප්‍රතිමාව සධාතුක කරඬුව සහ දේවාභරණ එදින අලුයම ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව විශේෂ රථ තුනක තැන්පත් කරනු ඇත. ඉන් අනතුරුව ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ... |
"ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි අභාවප්‍රාප්ත වේ" | "සිංහල සිනමාවේ ප්‍රතාපවත් නළුවකු ලෙස කීර්තියක් දිනා සිටි ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඒ මහතා 85 වැනි වියේ පසුවිය. සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට අමරණීය හැඩයක් එක් කළ ඒ මහතා චිත්‍රපට 150 කට ආසන්න ප්‍රමාණයක රංගනයෙන් දායක වී තිබේ. නිල්ල සොයා, මරුවා සමඟ වාසේ, මුවන්පැලැස්ස, බයිසිකලය, කො... |
"එජාපයට යළි නායකත්ව මණ්ඩලයක් – නව මහලේකම් ඡන්දවලට නෑ" | "ලබන ජනවාරි මස පළමුවැනිදා සිට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු නව නායකත්ව මණ්ඩලය හරහා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. පක්ෂයේ තීරණ ගැනීම හා බලතල ක්‍රියාත්මක කිරීම මෙම මණ්ඩලය සතු වන අතර එහිදී සෙසු නිලතල රැසක් අහිමි වනු ඇත. රුවන් විජයවර්ධන, රවි කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, හරීන් ප්‍රනාන්දු, නවීන් දි... |
"හයිවේ රාජකාරිවලින් එස්ටීඑෆ් ඉවතට" | "අධිවේගී මාර්ගවල රාජකාරීවලින් පොලිස් විශේෂ කාර්ය බළකාය ඉවත් කර ගැනීමට රජයේ අවධානය යොමු වී ඇත. මෙරට අධිවේගී මාර්ගවල දැනට රාජකාරියේ යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බළකාය ඉටුකරනු කාර්යයන් සහ එහිදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ජනාධ... |
"නත්තල් සුබපැතුම් පණිවුඩ – කුරුසියේ පණිවුඩය සැබෑ ලෙස සමරන්නට කැප වෙමු" | "උදාවූ නත්තල කුරුසියේ පණිවුඩය සැබෑ ලෙස සමරන්නට සියලුම කිතුනු බැතිමතුන් කැපවන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ නත්තල් දිනය වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයෙන් ඉල්ලා සිටිති. එසේම මෙවර නත්තලේදී දුගී දුප්පත් පවුල් වලට සහ කුසගින්නේ සිටින දරුවන්ට ආහාර වේලක් ලබාදෙමින් ඔවුනට සිඟන්නන්ට මෙන් නොසලකා ගෞරවය දක්වමින... |
"නැගී එන පක්ෂයක් කරටි කඩන් එයි" | "විපක්ෂයේ නැගී එන දේශපාලන පක්ෂයක් සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ ඉහළම නිලධාරියකු ආණ්ඩුවට විශේෂ බුද්ධි අංශ වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා වේ. එකී වාර්තාව මගින් එම දේශපාලන පක්ෂයේ වර්ධනය සහ ජනප්‍රියත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ජාතික මැතිවරණයන්හිදී ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳව ද සවිස්තරාත්මකව කරු... |
"පොහොට්ටු 50ක් ශ්‍රීලනිපයට!" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස්දෙනකුට අධික පිරිසක් යළි සම්බන්ධ කර ගැනීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ඉදිරියේ පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා නිදහස් පක්‍ෂය ශක්තිමත් කරමින් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ද ... |
"අසිරිමත් නත්තල අද මැදියමේ උදාවෙයි" | "බෙත්ලෙහෙම්පුර දිළිඳු ගවහලක උපත ලැබූ කිතු සමිඳාණන් සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල් උත්සවය අද (24 දා) මධ්‍යම රාත්‍රී (25දා) උදාවෙයි. කෝටි සංඛ්‍යාත කිතුනු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබන නත්තල වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කිතුනු දෙව්මැඳුරුවල නත්තල් සැමරුමේ දේව මෙහෙයන් රැසක් පැවැත්වේ. මෙදා නත්තල් උළෙල දිළිඳු පවුල් සමග බෙදා... |
""යුක්තියේ දින 6 ට 10,456 ක් මාට්ටු"" | "මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මුළුමනින්ම පාලනය කිරීම සඳහා ආරම්භ කළ යුක්තිය මෙහෙයුම යටතේ දින 06 ක කාලසීමාවක් තුළදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු විවිධ අපරාධවලට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ සංඛ්‍යාව 10,456ක් බව පොලිස් මූලස්ථානය සඳහන් කර සිටී. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 517 දෙනකු රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ... |
"රට ඉන්න මහ කුඩ්ඩෝ ‘යුක්තියට’ මඩ ගසති" | "රට පුරා ක්‍රියාත්මක කර තිබෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැටලීමේ ‘යුක්තිය’ මෙහෙයුම අඩපණ කිරීම සඳහා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් දැවැන්ත මඩ ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. රුපියල් කෝටි ගණන් මුදල් වැය කරමින් විවිධ සමාජ ජාලා වෙබ් අඩවි, යූටියුබ් නාලිකා ඇතුළු ඇතැම් මාධ්‍ය යොදාගනිමින් මෙම මත්ද්... |
"දිවයින කර්තෘ නාරද නිශ්ශංකගේ පුත් ඉසුර අභාවප්‍රාප්ත වෙයි" | "දිවයින දිනපතා පුවත්පතේ ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක මහතාගේ ජ්‍යෙෂ්ඨ පුතණුවන් වූ ඉසුර ලකිත නිශ්ශංක තරුණ මහතා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත විය. කලක් ඒබීසී මාධ්‍ය ජාලයේ හිරු එෆ්. එම්. ගුවන් විදුලියේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ ඉසුර, මියයන තුරුම ඔහුගේම යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගියේය. ඔහු ප්‍රදේශයේ ප්‍රකට තරුණ සමාජ ක්‍ර... |
"සිරිපා සමය අනිද්දා සිට" | "අනිද්දා (26 දා) උදාවන උඳුවප් පෝදා සිට සිරිපා වන්දනා සමය ඇරැඹෙයි. ඒ අනුව මෙවර 2024 වෙසක් පුන්පෝදා දක්වා සිරිපා කරුණා කරන්නට අවස්ථාව උදාවෙයි. මේ වෙනුවෙන් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජ මහා විහාරස්ථානයේ සිට ශ්‍රීපාදස්ථානය කරා සධාතුක කරඬුව සුමන සමන් දේව ප්‍රතිමාව ඇතුළු පූජනීය වස්තූන් වැඩම කරවීමේ පෙරහැර සිරිපා අඩවිය ආවරණය වන ... |
"නිෂ්පාදන අපේක්ෂා යහපත් මට්ටමක" | "ඉදිරි මාස තුනේ රටේ නිෂ්පාදන කටයුතු සඳහා වූ අපේක්ෂාවන් යහපත් මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ආර්ථික කටයුතු ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් වීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි ද මහ බැංකුව කියයි. එසේ වුවත් 2024 ජනවාරි සිට බලපැවැත්වෙන බදු සංශෝධන හේතුවෙන් සිය කටයුතුවලට සිදුවන බලපෑම පිළිබඳව සමාගම් අවධාරණය කර ... |
"රට බෙදන්න ‘හිමාලයා’ එයි – වසන්ත බණ්ඩාර කියයි" | "මෙරට ඒකීයභාවය අහෝසි කර පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බවට පත්කිරීම සඳහා ‘හිමාලයා ප්‍රකාශනය’ නමින් යෝජනාවලියක් ගෝලීය දෙමළ සංසදය සහ භික්‍ෂූන්වහන්සේ කිහිපදෙනකුගේ අත්සනින් යුක්තව ප්‍රකාශයට පත් වී ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වසන්ත බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර ඇත. බහුවාර්ගිකත්වය ආරක්‍ෂා කිරීම සහ සුළුජන... |
"ප්‍රබල දේශපාලකයකුට දරු සුරතල්" | "මෙරට ප්‍රබල දේශපාලනඥයකු මේ දිනවල දියණියකගේ දරු සුරතල් විඳිමින් සිය දේශපාලන කටයුතු කරගෙන යන බව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා වේ. කාලයක පටන් දරු සුරතල් බැලීමට ඉතා ආසාවෙන් සිටි මෙම දේශපාලන නායකයාට එම වාසනාව උරුමවීම සම්බන්ධයෙන් සුබ පැතීමට මෙම පුවත ‘දිවයින’ මෙසේ පළ කර සිටී. දැනට මාස පහකට හයකට පමණ පෙර එම දරු උපත සිදුකර ඇත... |
"රටවල් හතරක වධකාගාර – යන්නේ බලාගෙනයි" | "තොරතුරු තාක්‍ෂණයට අදාළ ඉහළ වැටුප් සහිත රැකියා ලබාදෙන බව කියමින් මෙරට තරුණ තරුණියන් විශාල පිරිසක් සිරකරගෙන ඔවුන් විවිධ වධ බන්ධනයන්ට ලක්කරමින් පරිගණක අපරාධ සඳහා ඔවුන් යොදාගන්නා පාතාල කල්ලි ගණනාවක් කාම්බෝජය, මියන්මාරය, තායිලන්තය සහ ලාඕසය යන රටවල ක්‍රියාත්මක වී තිබෙන බව මෙරට බුද්ධි අංශ විසින් මේ වනවිට අනාවරණය කරගෙන ඇත. එබ... |
"ඖෂධ මගඩියේ ලිපි රස පරීක්ෂක ළඟට" | "ඖෂධ ගෙන්වීමේ වංචාවන්ට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා ඔවුන් පරිහරණය කළ ලිපි ගොනුවල අඩංගු අත්සන් සහ ඇඟිලි සලකුණු සහිත ලිපි රැසක් රජයේ රස පරීක්‍ෂකවරයාගේ පරීක්‍ෂණවලට ලක් කෙරෙයි. මෙම බෙහෙත් ගනුදෙනුව සිදුකළ ලිපි අනුව ඊට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරු හඳුනා ගැනීමට පහසුවෙන බව රජයේ රස පරීක්‍ෂක කාර්... |
"ඉංජිනේරු වැඩවලින් මිලියන 2528ක් පාඩුයි" | "මධ්‍යම ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම විසින් ඉකුත් වර්ෂ තුන තුළදී (2020, 2021, 2022) සම්පූර්ණයෙන් ම නිම කරනු ලැබූ ඉදිකිරීම් ව්‍යාපෘතිවලින් රුපියල් මිලියන 2528.87ක පාඩුවක් ලබා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. 2022 වර්ෂයේදී සම්පූර්ණයෙන්ම නිම කරනු ලැබූ ඉදිකිරීම් ව්‍යාපෘතිවලින් රුපියල් මිලියන 667.42ක්, 2021 වර්ෂයේ දී රුපි... |
"ධම්මික පෙරේරා පක්ෂ සමග කතා" | "ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා තමාට සෙසු පක්‍ෂවල සහාය ලබාගන්නා ආකාරය පිළිබඳව කතාබහ ආරම්භ කරන බව ප්‍රකට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය. ඒ අනුව එම පක්‍ෂවලින් සියයට 51 ක සහයෝගයක් ලබාගැනීම සිය අපේක්‍ෂාව බව හෙතෙම පැවසීය. ධම්මික පෙරේරා මහතාගෙන් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ කළ... |
"විකිණිල්ලට එරෙහිව වෘත්තිය සමිති සටනට" | "ආණ්ඩුව විසින් සිදුකිරීමට යන විදුලිබල, බැංකු, රක්ෂණ, ටෙලිකොම්, තැපැල් පෞද්ගලීකරණයට එරෙහි ඒකාබද්ධ ක්‍රියාමාර්ග රැසකට අවතීර්ණ වීමට වෘත්තීය සමිති ගණනාවක් තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා මේ සතියේ දී ආරම්භ වීමට නියමිතය. විවිධ දේශපාලන පක්ෂවලට අනුබද්ධ වූ සහ දේශපාලන පක්ෂවලට අයත් නොවූ විවිධ වෘත්තීය සමිතිවලින් සැදුම්ලත් ක... |
"ඕනෑවට වඩා වැඩි ඖෂධ සැපැයුම් ඒකකය එපා කියයි" | "නියමිත ටෙන්ඩර් පටිපාටිය යටතේ ගෙන්වන ලද රුපියල් මිලියන ගණනාවක වටිනාකමින් යුත් ඖෂධ තොග බොහොමයක් භාර ගැනීම වෛද්‍ය සැපයුම් ඒකකයේ නව පරිපාලනය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. රටට අවශ්‍ය කරන ඖෂධ ඇනවුම් ප්‍රමාණයට වඩා වැඩි ඇනවුම් ප්‍රමාණයක් අදාළ ටෙන්ඩර් මගින් මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බැවින් එම අතිරේක ඖෂධ තොග සඳහා තමනට වගකීම භාර... |
"බන්ධනාගාර ‘වාන් දමයි’ වියදම බිලියන 8.3 ක්" | "මෙරට බන්ධනාගාර පද්ධතියේ බන්ධනාගාර ධාරිතාව ඉක්මවා රඳවා සිටින රැඳවියන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වීම නිසා ඉකුත් වර්ෂයේ දී (2022) පමණක් රැඳවියන් නඩත්තු කිරීමට බිලියන 8.3ක මුදලක් රජයට වැය වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ. මෙරට බන්ධනාගාර පද්ධතියේ බන්ධනාගාර ධාරිතාව ඉක්මවා ... |
"ජනපති අස්වැසුම තවත් බෙදයි" | "අස්වැසුම ප්‍රතිලාභී ප්‍රමාණය ලබන වසරේ සිට තවත් ඉහළ දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. ඒ අනුව ලබන වසරේදී අස්වැසුම ලබන ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව පවුල් ලක්ෂ 04 කින් පමණ ඉහළ යෑමට නියමිත අතර ඉන් පසුව පවුල් ලක්ෂ 24 කට අස්වැසුම හා අනෙකුත් දීමනා හිමිවීමට නියමිතය. අස් වැසුම හිමි වන පවුල්වල සිටින ව... |
"මන්ත්‍රීලාගේ නිවාස 101ට කුලිය ගෙවා නෑ" | "පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පන්නිපිටිය වීර මාවතේ පිහිටි නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක 101ක් වාර්ෂික කුලිය රුපියල් මිලියන 69ක් රජයෙන් නාගරික සංවර්ධන අධිකාරියට ගෙවීමේ පදනම මත ලබා දී තිබුණද මෙම වර්ෂයේ (2023) ජුලි මස වන විටත් මෙම නිවාස කුලී මුදල රජයෙන් අධිකාරිය වෙත ගෙවා නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. එමෙන්ම එක් එක්... |
"යුක්තිය කොරස මෙහෙයුම කුඩු ජාවාරමාගේ වාහන 10ක් පොලිස් භාරයට" | "මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඬලීමේ යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ (22දා) බෙම්මුල්ල පොලිස් බල ප්‍රදේශයේ කොරස ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මහා පරිමාණ හෙරොයින් ජාවාරමේ නිරත සැකකරුවකු සතුව තිබූ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන වාහන 10ක් පොලිස් භාරයට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.සිව් මහල් සුපිරි නිවාසය... |
"සාක්ෂි ලැබුණොත් කෙහෙළිය අත්අඩංගුවට – ඇමැති ටිරාන් අලස් කියයි" | "ප්‍රමිතියෙන් බාල ඖෂධ සම්බන්ධයෙන් නිශ්චිත ලෙස සාක්ෂි ලැබුණහොත් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගනු ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ කෙහෙලිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නේදැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි. “සී.අයි.ඩී. එකෙන් ... |
"ලක්‍ෂ 2938 ක දේපළ යුක්තියෙන් පවරා ගනී" | "මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරීන් මර්දනය කිරීම සඳහා ආරම්භ කර ඇති ‘යුක්තිය’ ක්‍රියාන්විතය යටතේ මේ දක්වා (22 දා) සිදුකර ඇති සමස්ත දේපළ පවරා ගැනීම්වල වටිනාකම රුපියල් ලක්ෂ 2938.73 ක් බව මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යාංශය නිවේදනය කර සිටී. ඒ යටතේ පවරා ගනු ලැබූ වාහනවල වටිනාකම රුපියල් ලක්ෂ 1427 ක් වන අතර ඉඩම් නිවාස, ස්පා සහ ... |
"ඉන්දීය නව මහ කොමසාරිස් සන්තෝෂ් ජා ජනපති හමුවී" | "මෙරට නව ඉන්දීය මහ කොමසාරිස් ලෙස සන්තෝෂ් ජා මහතා පත්ව තිබේ. නව ඉන්දීය මහ කොමසාරිස්වරයා ඊයේ දින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අක්තපත්‍ර භාරදීමෙන් පසු සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. වැඩබලන විදේශ ඇමැති රමේෂ් පතිරණ මහතා හා ජනපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙහි වෙති." |
"අහිංසකයන් එක්ක නත්තල සමරමු" | "උදාවෙන නත්තල් උත්සවය අප සැමරිය යුත්තේ මේ රටේ අද ආර්ථිකයෙන් පීඩා විඳින අහිංසක ජනතාව සම්බන්ධ කරගෙන යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ‘දිවයිනට’ කියා සිටියේය. මෙදා නත්තල් උළෙල සඳහා නිකරුණේ මුදල් වැය කර සාද පවත්වනවාට වඩා එම මුදල් දිළින්දන් වෙනුවෙන් වැය කිරීම ආදර්ශවත් යැයි ද කාදිනල්තුමා කීවේය. රට ආර්ථිකයෙන් විශා... |
"නත්තලට ගමේ යන්න අමතර බස් 100ක් දුම්රියත් සූදානමින්" | "නත්තල සහ පාසල් නිවාඩුවත් සමග ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ හා දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ සියයක් යෙදවීමට පියවරගෙන ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පවසයි. එම බස් රථ ධ... |
"ඔමික්‍රෝන් සොයන්න පහසුකමක් නෑ – රවි කුමුදේශ්" | "ඉන්දියාවේ මේ දිනවල පැතිර යන ඔමික්‍රෝන් ජේ. එන්. 1 නව කොවිඩ් වෛරස ප්‍රභේදය මෙරටට ඇතුළු වී ඇති බවට සෞඛ්‍ය අංශ සැක පළ කළත්, ඒ පිළිබඳව පරීක්‍ෂණ සිදුකිරීමට අවශ්‍ය ප්‍රතික්‍රීයක සැපයීමට පියවර ගෙන නැතැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි. මේ වනවිට කොවිඩ් පරීක්‍ෂණ සිදුකළ හැකි ‘රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්’ ‘කිඩ්’ යම් ... |
"ජනපති හා උතුර නැගෙනහිර ද්‍රවිඩ මන්ත්‍රීවරුන් අතර හමුවක්…" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඉකුත් 21දා පස්වරුවේ පැවැත්විණි. උතුරු හා නැගෙනහිර පළාතේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීම, නැවත පදිංචි කිරීම් කටයුතු හා සංහිඳියාවට අදාළ නීති ක්‍රියාත්මක කිරීම, ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී... |
"තලංගම දේවානන්ද හිමියන්ට ඇමරිකානු තානාපතිනිය අතින් අක්තපත්‍ර" | "අභිනව සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමියන්ට අක්තපත්‍ර පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලිචන් මහත්මිය විසින් පසුගියදා සිදුකරනු ලැබිණි. මෙම උත්සවය ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරයේදී පසුගිය 17 වැනිදා පැවැත්විණි. එම උත්සවය සඳහා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ද සහභාගිව සි... |
"චාමර තව කෙටි කාලයක් රෝහලේ – කළුබෝවිල රෝහල් අධ්‍යක්‍ෂ" | "කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතාට තවත් කෙටි කලක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නට සිදුවනු ඇති බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය ‘දිවයින’ට ඊයේ (22 දා) ප්‍රකාශ කළාය. චාමර වීරසිංහ මහතා අසනීප තත්ත්වයක් මත පසුගිය ඉරිදා (17 දා) කළුබෝවිල රෝහලේ හදිසි ප්... |
"ඩෙංගු මර්දනයට නීති තිබුණත් ජනතාව දැනුවත් කරමින් එය පාලනය කිරීම වැදගත් – සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ" | "ඩෙංගු මර්දනයට නීති තිබුණත් ජනතාව දැනුවත් කරමින් ජනතාව සම්බන්ධ කරගනිමින් ඩෙංගු පාලනය කිරීම වැදගත් බවත්, මෙය බහුපාර්ශවීය කටයුත්තක් වන බැවින් මාධ්‍ය ඇතුළු සියලුදෙනාගේම සහාය මේ සඳහා අවශ්‍ය වන බවත් සෞඛ්‍ය හා කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (21 දා) බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වූ... |
"රෝහල් රැසක ස්කෑන් යන්ත්‍ර කැඩිලා" | "රජයේ රෝහල් රැසක විකිරණ තාක්‍ෂණික උපකරණ ක්‍රියාවිරහිත වී ඇතැයි, රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය පවසයි. මහරගම අපේක්‍ෂා රෝහලේ පවතින ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර පහෙන් 2ක් ද මේ වනවිට අක්‍රිය වී ඇති අතර කරාපිටිය ශික්‍ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ කොබෝල්ට් ප්‍රතිකාර යන්ත්‍රය ද සති 2ක් තිස්සේ බිඳවැටීමකට ලක්ව පවතින බ... |
"සීඅයිඩිය කෙහෙළියගෙන් අනිවාර්යයෙන් ප්‍රශ්න කළ යුතුයි – වෛද්‍ය නලින්ද ජයතිස්ස" | "ප්‍රශ්නගත ඉමියුනිග්ලොබියුලීන් ඖෂධ ගෙන්වීමේ වංචාව සම්බන්ධයෙන් එවකට විෂය භාර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන්ම ප්‍රශ්න කළ යුතු බවත් එය තවදුරටත් ප්‍රමාද වීම ප්‍රශ්නාර්ථයක් බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (22 වැනිදා) සඳහන් කළේය. මෙම ඖෂධ ලබා ගැනීම ... |
"හරියට ‘ප්ලේ’ කළා නම් චන්ද්‍රගුප්ත අහුවෙන්නේ නෑ – පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය" | "හියුමන් ඉමියුනිග්ලොබියුලින් එන්නත් වංචාවටද වඩා විශාල වංචා දූෂණ සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුව ඇති බැවින් ඒ පිළිබඳව කඩිනමින් විමර්ශන ආරම්භ කරන ලෙස පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය රජයෙන් සහ නව සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටී. රටේ ජනතාවට සෞඛ්‍ය සේවාව පිළිබඳව නැවත විශ්වාසයක් ඇති කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය... |
"මගේ කෝටි 20 පවරා ගන්න එපා – අඟුලානේ සනා හඬා වැටෙයි" | "ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තවත් ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු වන ‘අඟුලානේ සනා’ නමැත්තාට අයත් මොරගහහේනේ පිහිටි තුන්මහල් අති සුඛෝපභෝගී නිවසක් ඇතුළු රුපියල් කෝටි 20 ක පමණ දේපළ පවරාගැනීමේ මූලික විමර්ශන සඳහා එහි ගොස් සිටි වලාන දූෂණ මර්දන බළකායේ පොලිස් නිලධාරීන්ට දුරකථනයෙන් කථා කර ඇති මෙම ජාවා... |
"පාතාලය – මත්ද්‍රව්‍ය ජුනිවලින් ඉවරයි – ඇමැති ටිරාන් අලස්" | "මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ මෙහෙයුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ ආශිර්වාදය ලැබී තිබෙන බවත් එබැවින් කුමන බලපෑමක් පැමිණියත් එම මෙහෙයුම් කිසිසේත්ම නතර නොකරන බවත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (21දා) ජනා... |
"මියන්මාරයේදී ප්‍රාණ ඇපයට ගත් ලාංකිකයන් 56 බේරා ගන්න ත්‍රස්තයන් සමග සාකච්ඡා" | "මියන්මාරයේ පරිගණක අපරාධ කඳවුරක ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයන් 56 දෙනා මුදා ගැනීම සඳහා ඔවුන් රඳවාගෙන සිටින ත්‍රස්තවාදී කණ්ඩායම සමග මියන්මාර රජයේ මැදිහත්වීමෙන් සාකච්ඡා අරඹා ඇතැයි මියන්මාරයේ සිටින ශ්‍රී ලාංකීය තානාපති ජානක බණ්ඩාර මහතා පවසයි. දැනටමත් එම කඳවුරේ රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 32 ද... |
"කොරෝනා උප ප්‍රභේදයක් රටවල් 40ක පැතිරෙයි" | "මෙම දිනවල ‘ජේඑන් .1’ නමැති කොරෝනා වෛරස් උප ප්‍රභේදය ලොව පුරා රටවල් ගණනාවක ශීඝ්‍රයෙන් පැතිර යන බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සිය සාමාජික රටවලින් ඊයේ (21 දා) විශේෂ ඉල්ලීමක් කර තිබේ. ‘ඔමික්‍රෝන්’ කොරෝනා වෛරස් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් වන මෙම ‘ජේඑන් .1’ නමැති උප වෛරස් ප්‍රභේදය සිංගප්පූරුව, ඉන්දියා... |
"ශ්‍රී ලංකාවේ ආර්ථීක වර්ධනය වේගවත් කිරීමට පුළුල් උපාය මාර්ග අවශ්‍යයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | " ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. වර්තමාන අභියෝගයන්ට සියලුදෙනා එක්ව, ශක්තිමත්ව මුහුණදුනහොත් ඉදිරි වසර කිහිපය තුළ මෙරට ආර්ථික සමෘද්ධිය සුරක්ෂිත කර ගැනීමටත්, ආර්ථික අභියෝග ජය ගැනීමටත් අනිවාර්යයෙන් හැකියාව ලැබෙන බවද... |
"ලංවිම ඉංජිනේරු සංගමයේ සියල්ලෝ ඉල්ලා අස් වෙති" | "ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සියලු නිලධාරීන් ඊයේ (21 වැනිදා) සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇත. ඊයේ පැවති හදිසි විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර නව නිලධාරී මණ්ඩලය අද පත් කිරීමට නියමිත බව ද වාර්තා වේ. මතගැටුම් ගණනාවක් හේතුවෙන් මෙම හදිසි තීරණය ගෙන ඇති බව සඳහන්ය. සිරිමන්ත රත්නසේකර" |
"හිටපු ඩී.අයි.ජී. රවි වෛද්‍යලංකාර ක්‍රිෂ් සමාගමෙන් අල්ලස් අරන්! – වසන්ත සමරසිංහගෙන් අල්ලස් කොමිසමට පැමිණිලි" | " මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර මහතා ක්‍රිෂ් සමාගමෙන් අල්ලස් ලබා ගෙන ඇති බව සඳහන් කර ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා 20 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදි... |
"දෙසැම්බර් අස්වැසුම දෙයි" | "අස්වැසුම ප්‍රතිලාභී පවුල් දාහතරලක්‍ෂ දහදහස් හැටහතරකට (1410064 ක්) සඳහා දෙසැම්බර් මාසයට අදාළ රු. මි. 8793 ක මුදල් බැංකු වෙත ලබා දී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා කියයි. මෙම පවුල් සංබ්‍යාවට අදාළ ජුලි සිට දෙසැම්බර් දක්වා අස්වැසුම දීමනා ගෙවීම් ලෙස රුපියල් මිලියන 51967 ක මුදලක් මේ වන විට රජය ගෙවා ඇති බව ඇමැති... |
"බන්ධනාගාරගත වූ 53%ක් මත්ද්‍රව්‍ය වැරදිකරුවෝ විගණනයෙන් හෙළිවෙයි" | "මෙරට (2022) ඉකුත් වර්ෂයේදී බන්ධනාගාරගතවූ රැඳවියන්ගෙන් සියයට 53ක් එනම් රැඳවියන් 13,794 දෙනකු බන්ධනාගාරගතවී ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි. ඉකුත් වර්ෂයේ දී (2022) රැඳවියන් 26176 දෙනකු බන්ධනාගාරගතවී තිබුණි. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්... |
"රඹුක්කන හා කෑගල්ලෙන් කෝටි 6ක දේපොළ සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට" | "වැ.බ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රට පුරා දියත් කර ඇති යුක්තියේ මෙහෙයුමට අදාළව කෑගල්ල හා රඹුක්කන යන ප්‍රදේශවල පෙරේදා (20දා) කරන ලද මෙහෙයුම්වලින් රුපියල් කෝටි 6ක දේපළ හා මත්ද්‍රව්‍ය සොයා ගත් බව කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්‍ෂ මහතා පැවසීය. රුපියල් දෙකෝටි දොළොස් ලක්‍ෂ හැත්තෑ අටදහස් හත්සියක හෙරොය... |
"කටාර් සහ මෙරට මත් ජාවාරමේ මහ මොළකරු අත්අඩංගුවට" | "කටාර් රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාව තුළ මත් කුඩු ජාවාරමකට සම්බන්ධ මහ මොළකරුවකු වන ‘අළුබෝමුල්ලේ පිංකි’ නැමත්තා ඇතුළු ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම, රමුක්කන, අළුබෝමුල්ල සහ මහ බෙල්ලන යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් සිව්දෙනකි. ප්‍රධාන සැකකරු කිසි... |
"ඇමැති කංචනට අස් වෙන්න කියා අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක්" | "විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතාට සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට වහාම එම ධුරවලින් ඉවත් වන ලෙස බල කරමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය හා සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කළ සත්‍යග්‍රහයක් ඊයේ (21දා) පෙරවරුවේ සිට සවස හතර දක්වා කොළඹ මල් පාරේ පිහිටි එම අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ වි... |
"කුඩු ජාවාරමුන් 3කගේ – මත් ජාවාරමුන් 3 කගේ කෝටි 100ක දේපළ පවරා ගනී" | "මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනකුට අයත් රුපියල් කෝටි 100 කට අධික වටිනාකමෙන් යුත් දේපොල රජයට පවරා ගැනීම සඳහා නීතිවිරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ඒකකය පරීක්‍ෂණ ආරම්භ කර ඇත. මෙම මත්ද්‍රව්‍යජාවාරම්කරුවන්ට අයත් කහතුඩුව මූණමලේවත්ත දෙහිවල මුහුදු තීරය සහ පානදුර අළුබෝමුල්ල ප්‍රදේශවල පිහිටි මෙම දේපොළ රජයට පවරා ග... |
"පුවත්පත් අඹර බබළවන සිරි රණසිංහයන්ට උපහාර…" | "කෘතහස්ත පුවත්පත් කතුවර ලංකාදීප ප්‍රධාන කර්තෘ සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිරි රණසිංහ මහතාට උපහාර පිදුම් උළෙලක් ඊයේ (20 දා) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. එහිදී සී/ස විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා සිරි රණසිංහ මහතාට සුබ පැතූ අයුරු සහ සී/ස උපාලි පුවත්පත් සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්... |
"‘පරාටේ’ අත්හිටුවන්න හැකිදැයි සොයයි" | "බැංකු පද්ධතියෙන් ලබාගත් ණය ගෙවීමට නොහැකි වූ ව්‍යාපාරිකයන්ගේ දේපළ බැංකුවලට පවරාගෙන එම ණය මුදල් පියවා ගැනීමට දැනට කරගෙන යනු ලබන ක්‍රියාමාර්ගය (පරාටේ නීතිය) තාවකාලිකව අත්හිටුවීමට ඇති හැකියාව සොයා බැලීමට අද (21දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජස්මින් ශාලාවේ දී විශේෂ හමුවක් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ ප... |
"දැන් ආණ්ඩුවේ ප්‍රධානියා අපට වඩා වෙනස් – ඉදිරි මැතිවරණය තෙක් ආණ්ඩුව රකිනවා" | "අනාගතයේ දී සෑම ඡන්දදායකයෙකුම තමන් ඡන්දය දෙන පක්ෂයේ බදු ප්‍රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු යැයි හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. වෘත්තිකයන්ගේ සංගම් සහ වෘත්තීය සමිති 40 ක් පමණ මාස ගණනාවක සිට ආදායම් බදු අඩු කරන ලෙ... |
"නාගොඩ ඊසීජී නැවතී රෝගීහු අමාරුවේ – කරාපිටිය හදිසි අනතුරු අංශයේ විකිරණ යන්ත්‍රය මාස 6 ක් තිස්සේ කැඩිලා" | "කළුතර නාගොඩ මූලික රෝහලේ ඊසීජී පරීක්ෂණ වාර්තා මුද්‍රණය කිරීමට නොහැකි වීම නිසා කඩිනමින් සැත්කම්වලට භාජනය විය යුතු රෝගීන් ගණනාවකගේ ජීවිත අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ. එම පරීක්ෂණ වාර්තා මුද්‍රණය කරනු ලබන මුද්‍රණ යන්ත්‍රය සති ගණනාවක සිට අක්‍රිය වී තිබීම ඊට හේතුවී තිබේ. මෙම තත්ත්වය මත රෝගීන් විසිදෙනකුගේ පමණ පරීක්ෂණ වාර්තා... |
"පාස්ක- ප්‍රහාරය ගැන හෙළිවූ කරුණු විමර්ශනය නොකරන හේතු සොයන්න පරීක්‍ෂණයක් ඕනෑ – කාදිනල්තුමා" | "පාස්කු ප්‍රහාරය පිළිබඳව චැනල් 4 නාලිකාව මගින් පැවසූ කරුණු හා එම ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ කොමිෂන් සභා වාර්තා මගින් හෙළි වූ තොරතුරු නිසි විමර්ශනයකට ලක් නොවීමට හේතුව කුමක් දැයි සොයා බැලීමට අපක්‍ෂපාතී පුළුල් පරීක්‍ෂණයක් පැවැත්විය යුතු යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පෙරේදා (19 දා) අගරදගුරු මැඳුරේ ප... |
"ජෙරොම්ගේ පෙත්සමට නීතිපතිගේ විරෝධතා ගැන නියෝගය හෙට" | "කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් තමාව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කරමින් පසුගිය 1 වැනිදා ලබාදුන් නියෝගය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳ නියෝග... |
"ලංවිම බෝනස් කපයි – 25% ක වැටුප් වර්ධකත් නෑ" | "ලංකා විදුලිබල මණ්ඩල සේවකයන් සඳහා මෙම වර්ෂයේදී ප්‍රසාද දීමනා හෝ අනෙකුත් දීමනා ලබා නොදීමට තීරණය කර ඇත. විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා මේ බව දැනුම්දී තිබේ. එමෙන්ම වසර 03 කට වරක් සිදුකරනු ලබන 25% ක වැටුප් වර්ධක ද ක්‍රියාත්මක නොකරන ලෙසට ඇමැතිවරයා විසින් වැඩිදුරටත... |
"ලෝක බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 250 ක්" | "ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි ප්‍රගතිය සලකා තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව තීරණය කර ඇත. මේ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ප්‍රකෘතියට පත් කිරීමේ RESET සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම යටතේ වන ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක වැඩසටහනේ දෙවැනි වාරිකය වශයෙන් ඇමරිකානු ඩොලර් මි... |
"උසාවි නියෝග නැතිව දේපළ වෙන්දේසි එපා – පරාටේ නීතියට සජිත්ගෙන් බකට් එකක්" | "කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ දේපළ, ව්‍යාපාර සහ සම්පත් අධිකරණයේ මැදිහත් වීමකින් තොරව පරාටේ නීතිය හරහා ක්ෂණික වෙන්දේසියකට ලක් කිරීම වහා නැවැත්වීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. මෑතකදී ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග මේ පරාටේ නීතියේ පරාසය 3 වැනි පරාසයක් දක්වා පුළුල් ... |
"නිලාවේලි පරෙවි දූපත තාවකාලිකව වසා දැමේ" | "ත්‍රිකුණාමලය නිලාවේලි පරෙවි දුපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඊසාන දිග මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමග මුහුදේ වාරකන් සමය එළැඹීම හේතුවෙන් දුපත නැරඹීමට බෝට්ටු මගින් යන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළැඹි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ ... |
"පාතාලය – මත්ද්‍රව්‍ය මාස හයෙන් ඉවරයි – වැඩබලන පොලිස්පති සහතික වෙයි" | "රටේ මහා වසංගතයක් බවට පත්ව තිබෙන මත්ද්‍රව්‍ය සහ පාතාලය මාස 06ක කාලයක් තුළ සම්පූර්ණයෙන් පාලනය කිරීමට කටයුතු කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ‘දිවයිනට’ ඊයේ (20 වැනිදා) පැවසීය. මුළු රට ම ගිලගෙන තිබෙන මත්ද්‍රව්‍ය සහ පාතාලය පාලනය කර රටේ ජනතාවට නිදහසේ සාමකාමීව ජීවත්වීම සඳහා අවශ්‍ය කරන පරිසරය සැකසීමට මෙම මෙහෙයු... |
"උ/පෙළ ශිෂ්‍යත්ව අයැදුම්පත් හෙටින් අවසන්" | "උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට අදාළ අයැදුම්පත් භාර ගැනීම හෙටින් (22 දා) අවසන් වන බව ජනාධිපති අරමුදල පවසයි. වලංගු කාල සීමාව නැවත දීර්ඝ කිරීමට අපේක්ෂා නොකරන බැවින් නියමිත දිනට හෝ ඊට පෙර අයැදුම්පත් භාර දෙන ලෙස සුදුසුකම්ලාභීන්ගෙන් ඉල්ලා සිටියි. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය... |
"තව වසර පහකින් මම දේශපාලනයෙන් සමුගන්නවා – සුමන්තිරන් කියයි" | "තවත් වසර පහකින් තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා 19 දා ප්‍රකාශ කළේය. ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ කාරතීව් ශාඛා කාර්යාලයේ දී ඔහු මේ බව කියා සිටියේය. “තව මාස දෙකකින් මට වයස අවුරුදු 60ක් වෙනවා. මම මගේ සියලුම දේශපාලන කටයුතුවලි... |
"අපේ රජයක් යටතේ රාජ්‍ය දේපළ කොල්ලකන යුගය අවසන් කරනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "දැන් මේ රටේ පවතින්නේ හොර ආණ්ඩුවක් යැයි ද එම හොර ආණ්ඩුව පලවා හරින දිනය වැඩි ඈතක නැතැයි ද ඉන්පසුව පිහිටුවන සමගි ජන බලවේගයේ රජයක් යටතේ මේ රටේ රාජ්‍ය දේපළ කොල්ලකන යුගය අවසන් කරන්නේ යැයි ද සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් පේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා එසේ පැවසුවේ බියගම, පේරගස්හන්දිය ‘ලව්ලි’ ක්‍රීඩාංගණයේ පැවත... |
"ශ්‍රී ලාංකේය රංග කලාව සුපෝෂණය කළ කලාකරුවෝ – ශිල්පීහු ඇගයෙති" | "ශ්‍රී ලාංකේය රංග කලා ක්‍ෂේත්‍රය ස්වකීය විශිෂ්ට නිර්මාණවලින් සුපෝෂණය කළ කලාකරුවන් හා ශිල්පීන් ඇගයීමට ලක් කෙරෙන රාජ්‍ය නාට්‍ය උළෙල – 2022 සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා රඟහලේ දී (19 දා) පස්වරුවේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව උදෙස... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.