Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"තැපෑල පැය 24ම විවෘත කරන්න හදයි"
"තැපැල් සේවාවන් පැය 24 පුරාම මහජනතාවට ලබා දීමට තැපැල් කාර්යාල විවෘතව තැබීමට දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙහි අත්හදා බැලීමේ නියමු ව්‍යාපෘතිය බස්නාහිර පළාතේ ආරම්භ කර ඇත. බස්නාහිර පළාතේ කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව බත්තරමුල්ල, දෙහිවල, මොරටුව කොම්පඤ්ඤ...
"ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාව: කෙහෙළියගෙනුත් ප්‍රශ්න කරන්න යයි"
"ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් රෝහල්වලට බෙදා හරිමින් රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි දිනවල දී හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍යාංශ අතිරේක ලේකම් සමන් රත්නායක යන මහත්වරුන් ඇතුළු ඉහළ නිලධාරින් රැසකගෙන් ප...
"දින දෙකක් තුළ කෝටි 7ක වාහන අල්ලයි – දේපළ රාජසන්තකයි!"
"මෙරට සහ විදේශ රටවල සැඟවී සිටින සියලුම පාතාල අපරාධකාරයන්ට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් දැනට හඳුනාගෙන ඇති කෝටි 7ක වාහන ඇතුළු සියලු දේපළ රාජසන්තක කිරීමට කටයුතු කරමින් සිටින බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. මෙරට සහ විදේශ රටවල සැඟවී සිටින පාතාල මැරයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 3320 දෙනකු මේ වනවිට...
"අපරාධකරුවෝ 2166ක් පෙරේදා ‘යුක්තියට’ කොටු – දින දෙකට 4287ක් මාට්ටු"
"වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක කර තිබෙන ‘යුක්තිය’ මෙහෙයුමේදී පෙරේදා (18 වැනිදා) සිදු කළ වැටලීම්වලින් විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 2166 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව ගතවූ දින දෙකකදී ‘යුක්තිය’ මෙහෙයුමෙන් අත්අඩංග...
"අලුත් ගාස්තුවෙන් සිපෙට්කෝ ඉන්ධන හල් වැසී යෑමේ අවදානමක්"
"ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන හල් දෙසිය තිස් අටම ලබන 25 වැනිදායින් පසුව වැසී යෑමට ඉඩ ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය (ඉන්ධන හල් හිමියෝ) පවසති. සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන හල් හිමියන්ට දැනට ලැබෙන 2.75%ක කොමිස් මුදලින් සියයට තිස් පහක මාසික බෙදුම්කාර ධුර ගාස්තුවක් අලුතින් අය කර ගැනීමට සංස්ථාව තීරණය කර...
"ජනවාරි මාසයේ විදුලි බිලට සහනයක් – ඇමැති කංචන කියයි"
"ජනවාරි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි බිල සංශෝධනයේ දී ජනතාවට සහනයක් ලබා දීමට හැකි වනු ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. එම විදුලිබිල සංශෝධනයට එකතු කළ අගය මත බද්දෙහි (VAT) කිසිදු බලපෑමක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර සිටිය...
"වසර නිම වීමට පෙර තවත් බිත්තර මිලියන 18ක් ඉන්දියාවෙන් ගෙන්වන්න අනුමැතිය"
"දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් ඉන්දීය ගොවිපොළ වෙතින් බිත්තර ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. මේ අනුව 2023-12-31 දිනට පෙර තවත් බිත්තර මිලියන 18 ක් ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබ ඇත. සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) න...
"වැට් බද්දෙන් සූර්ය පැනල මිලත් නහුතෙට නගී – ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ලේකම්"
"පුනර්ජනනීය බලශක්තියෙන් (සුළං/ සූර්ය) විදුලිය නිෂ්පාදනය ඉහළ දැමීමට කතාබහ කළත් ලබන ජනවාරි සිට අය කෙරෙන සියයට දහ අටක වැට් බදු නිසා සූර්ය පැනලයක මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ වැඩිවන බව ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ ලේකම් ලක්මල් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ ට පැවසීය. සූර්ය බලයෙන් විදුලිය නිපදවීමට තිබෙන අවස්ථාව මේ නිසා මඟහැරී යන බ...
"අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12ක විසිදහසක් පීඩාවට"
"අධික වැසි, තද සුළං, පස් කඳු නාය යෑම්, හදිසි ගංවතුර ඇතුළු දිවයින පුරා පවතින ආපදා තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පවුල් 3200කට අයත් පුද්ගලයන් 20,000ක් පමණ පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් නිවාස 61කට අර්ධ හානි සිදුවී ඇතැයි ද එම මධ්‍යස්ථානය කියයි. එසේම පවුල් 8...
""කීරි සම්බාවලට සමාන සහල් මෙට්‍රික්ටොන් 50,000ක් ගෙන්වන්න අවසර දෙයි""
"කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් වර්ගයෙන් මෙට්‍රික්ටොන් 50,000ක් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවස්ථාව ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත. වෙළෙඳපොළේ සහල් මිල පාලනය කිරීම සඳහා ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශය පරිදි මෙසේ සහල් මෙට්‍රික් ටොන් 50000ක් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවස්ථාව ලබාදීමට තීරණය...
"පුංචි ඡන්දයට නම් දුන් රාජ්‍ය නිලධාරීන්ට සහන"
"පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන්ට සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්තැබීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලු විසඳීම සඳහා කමිටුවක් පත්කිරීම යෝග්‍ය බවට මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් රාජ්‍ය පරිපාලන, ස...
"තමිල් අරුසු කච්චි තුනට කැඩෙයි!"
"ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ (ITAK) මධ්‍යම කාරක සභාව වවුනියාවේදී පැවැත්වීමට කලින් සූදානම් කොට තිබූ නමුත් එම සමුළුව ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට පෙරේදා (18දා) තීරණය කිරීමත් සමගම එම පක්ෂයේ සාමාජිකයෝ මත තුනකට බෙදී සිටිති. මධ්‍යම කාරක සභා රැස්වීම 2024 ජනවාරි මස 21 වැනිදා ත්‍රිකුණාමලයේදී පවත්වා පක්ෂයට නව නායකයකු තෝරා පත්...
"අන්තර් ජාතික සංඝ සමුළුව බුද්ධගයාවේ දී"
"සියවසේ දැවැන්ත ම අන්තර් ජාතික බෞද්ධ සමුළුව වන “ISFB – 2023” (International Sangha Forum Bodhagaya – 2023) ජාත්‍යන්තර බෞද්ධ සංවිධාන සියයකට අධික සංඛ්‍යාවක එකතුවෙන් හා සහභාගීත්වයෙන් ලබන 20, 21, 22 හා 23 යන දිනයන් හි සිද්ධාර්ථ ගෞතමයන් ශ්‍රී සම්බුද්ධත්වයට පත් වූ ඉන්දියාවේ බිහාර් හී බුද්ධගයාවේ දී පැවැත්වේ. ශුද්ධෝත්තම 14වැනි...
"ඩෙංගු මඬින වොල්බැකියා ව්‍යාපෘතිය කොළඹ හා ගම්පහටත් ක්‍රියාත්මක කරන්න – ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක උපදෙස් දෙයි"
"කොළඹ උතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ඩෙංගු මර්දනය සාර්ථක කර ගැනීමට ඉවහල් වූ වොල්බැකියා විශේෂ ඩෙංගු මර්දන ව්‍යාපෘතිය කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි ඩෙංගු ව්‍යාප්තිය බහුල සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලද ක්‍රියාත්මක කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාග...
"ආන්දෝලනාත්මක ඉමියුනොග්ලොබියුලින් වංචාව – හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත රිමාන්ඩ්"
"ආන්දෝලනාත්මක ප්‍රශ්න සහගත ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍ර ගුප්ත මහතා මෙම 27 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම විරසිංහ මහත්මිය ඊයේ නියෝග කළාය.එහිදී...
"‘යුක්තිය’ අතිසාර්ථකයි – පෙරේදා පමණක් 2121 ක් දැලේ"
"රටට මහත් ව්‍යසනයක් බවට පත් වී ඇති මත්ද්‍රව්‍ය සහ පාතාලය සහමුලින් විනාශ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා පෙරේදා (17 වැනිදා) සිට ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම ඉතාම සාර්ථක බව පවසන තෙන්නකෝන් මහතා මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට සහ පාතාල අපරාධකාරයන්ට ක...
"මිල්කෝ සභාපති ධුරයෙන් රේණුක පෙරේරා අස් වෙයි"
"මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා ඊයේ (18දා) සිය ධුරයෙන් ඉල්ලා අස් විය. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් රේණුක පෙරේරා මහතා මේ බව ඊයේ දැනුම් දී තිබේ. 2022 වසරේ ජනවාරි 21 වන දින සිට රේණුක පෙරේරා මහතා මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. මේ වන විට රජයේ ප්‍රතිපත්ති තීරණයක් අනුව මිල්කෝ ආයතනය පෞද...
"මොන ආණ්ඩුවක් ආවත් IMF වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි – මහ බැංකු අධිපති"
"ඉදිරි මැතිවරණයකදී කුමන ආණ්ඩුවක් බලයට පත් වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව බංකොළොත් බවට කිසිදු ප්‍රකාශයක් නොකළ බව ද රට වැටී තිබූ අසීරු අවස්ථාවේ තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම පමණක් සිදු කළ බව ද මහ බැංකු අධිපතිවරයා ...
"රජය අයිඑම්එෆ් ගියානම් එහි ඵල විපාකවලටත් මුහුණ දියයුතුයි"
"රාජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුගත වූවා නම් එහි ප්‍රතිවිපාකවලට ද මුහුණ දියයුතු බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. තමා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුගත නොවුණේ එහි ප්‍රතිවිපාක දැනගෙන බවත් එහි අහිතකර ප්‍රතිවිපාක ...
"පාරිභෝගික ආරක්‍ෂණ පනත සංශෝධනය කර සහල් සඟවන ස්ථාන වටලනවා – ඇමැති අමරවීර කියයි"
"සහල් හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය සඟවන පුද්ගලයන්ට නඩු පැවරීමට හෝ එවැනි ස්ථාන පරීක්‍ෂා කිරීමට පාරිභෝගික ආරක්‍ෂණ පනත යටතේ බලතල නැතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එම පනත මගින් බලතල ඇත්තේ වැඩි මිලට අලෙවි කරන පුද්ගලයන් සහ ආයතන සඳහා නඩු පැවරීමට පමණක් යැයි පැවසූ අමාත්‍යවරයා එබැවින් පාරිභෝගික ආරක්‍...
"මිහින්තලා පුදබිමට ආරක්‍ෂාව දෙන්න – මල්වතු අස්ගිරි මහ නායක හිමිවරු ඉල්ලති"
"වහාම මිහින්තලය පුදබිමට අවශ්‍ය ආරක්‍ෂාව ලබාදීමට ක්‍රියාකරන ලෙස මල්වතු අස්ගිරි මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් ඊයේ (18) ඉල්ලීමක් කර සිටියහ. ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතියේ තිඹිරිගෙය මෙන්ම මෙරට සංස්කෘතික පෞඪත්වය ලොවට විදහා දක්වන මෙම පුණ්‍ය භූමිය ථෙරවාදී මහා විහාරීය බෞද්ධ සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථා...
"ප්‍රසම්පාදන කමිටුවේ උපදෙස් මත ඖෂධ භාර ගත්තා මිස සැපයුම්කරු සමග සබඳතාවක් නෑ"
"සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයූ බව කියන සමාගම් හිමිකරුට ඒ සඳහා ආධාර අනුබල දුන් බවට හෝ එම සමාගම් හිමිකරු භාර දී ඇති ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතිකය ව්‍යාජ ලෙස සකස් කිරීමට සිය සේවාදායකයා ආධාර අනුබල දුන් බවට කිසිදු සාක්‍ෂියක් විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කොට නොමැති නිසා ඔහු ඕනෑම කොන්දේ...
"මහනුවර පුරවරයේ ඓතිහාසික සහ සංස්කෘතික උරුමය සුරැකෙන පරිදි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කළ යුතුයි"
"මහනුවර සංවර්ධන සැලැස්මේ අවසන් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම 17දා පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී සිදු විය. එම සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ අදාළ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම පිළිබඳ ජයිකා ආයතනය සමඟ සාකච්ඡා කරන බවයි. ඓතිහාසික මහනුවර නගරය මනා සැලසුම් සහගත, සංවිධානාත්මක සහ ...
"ලංකාවේ තිබෙන ලොකුම මොන්ටිසෝරිය පාර්ලිමේන්තුවයි – ඇමැති විදුර වික්‍රමනායක"
"ලංකාවේ තිබෙන ලොකුම මොන්ටිසෝරිය තමයි පාර්ලිමේන්තුව. වාසනාවට හෝ අවාසනාවට හෝ මමත් එහි සාමාජිකයෙක්. අපේ රටේ නම ශ්‍රී ලංකාව කියනවා වෙනුවට කකුළුලන්තය කියලා කියනවානම් හොඳයි කියලයි මට නම් හිතෙන්නේ. අපේ රටේ බහුතරයක් වැඩිහිටියන් කකුළුවෝ වගේ ඇදේට ගිහින් බාල පරපුරට කියනවා ඇදේට නොගිහින් කෙලින් යන්න කියලා. වැඩිහිටියෝ දෙස බලාගෙන තමය...
"පොරොන්දු ලොසිංජර දෙන දේශපාලනයක් අපි ළඟ නැහැ"
"විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසබිංගිරිය තරුණ බල මණ්ඩලයේදී කියයි තරුණයන්ට දේශපාලන පොරොන්දු ලොසිංජර ලෙස ලබාදී තරුණයන් අතරමං කරන දේශපාලන සංස්කෘතියක් අප රටේ තිබුණත් සමගි ජන බලවේගය බංකොලොත් රට තුළ තාරුණ්‍යය වෙනුවෙන් දැවැන්ත වැඩසටහනක් ආරම්භ කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය(16)දා බිංගිරිය ආසනයේ තරුණ බල මණ්ඩලය ...
"ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සමග පේරාදෙණිය සරසවිය පෙරමුණට ගේනවා – ශත සංවත්සරික සංවර්ධන සැලැස්ම ගැන උපකුලපති කියයි"
"ශත සංවත්සර සැමරුම නිමිත්තෙන් ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුකරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පෙරමුණට ගෙන එන බව එහි උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා පවසයි. මේ දක්වා සිදුකරන අධ්‍යාපන, පර්යේෂණ හා සමාජ මෙහෙවර තවදුරටත් ගුණාත්මක හා ප්‍රමාණත්මක වශයෙන් ඉහළ නැංවීම එහි එක් ඉලක්කයක් යැයි ද ඒ මහතා කීවේය. පේරාදෙණිය විශ්වවිද්‍...
"ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සමග පේරාදෙණිය සරසවිය පෙරමුණට ගේනවා – ශත සංවත්සරික සංවර්ධන සැලැස්ම ගැන උපකුලපති කියයි"
"ශත සංවත්සර සැමරුම නිමිත්තෙන් ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුකරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පෙරමුණට ගෙන එන බව එහි උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා පවසයි. මේ දක්වා සිදුකරන අධ්‍යාපන, පර්යේෂණ හා සමාජ මෙහෙවර තවදුරටත් ගුණාත්මක හා ප්‍රමාණත්මක වශයෙන් ඉහළ නැංවීම එහි එක් ඉලක්කයක් යැයි ද ඒ මහතා කීවේය. පේරාදෙණිය විශ්වවිද්‍...
"කෘෂිකර්ම ලේකම් මිල්කෝ නව සභාපති"
"මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා පත් කර ඇත.කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා විසින් මේ පත්කිරීම කර ඇති අතර මේ අනුව ජනක ධර්මකීර්ති මහතා අමාත්‍යාංශ ලේකම් ධුරයට අමතරව මිල්කෝ සභාපති ධුරය ද දරනු ඇත."
"ආර්ථික පීඩනයෙන් බැටකන ජනතාවගේ පෝෂණය නඟාසිටුවීමට ආණ්ඩුව වහා මැදිහත් විය යුතුයි"
"ආර්ථික පීඩනය තුළින් බැටකන ජනතාව මුදා ගැනීමට හා ඔවුනගේ පෝෂණ තත්ත්වය නඟාසිටුවීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතුව ඇතැයි ලංකා සමසමාජ පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා එම පක්‍ෂයේ 88 වන සංවත්සරය අමතමින් පැවසීය. මතුගම ශ්‍රවණාගාරයේදී පැවැති එම සංවත්සර සමුළුව අමතමින් මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙසේද කීය. වත...
"දරුවන්ට අහිතකර දෑ විකුණන පාසල් අවට ස්ථාන නිවාඩුව නිමවීමට පෙර ඉවත් කරන්න – වැ. බ. පොලිස්පති දන්වයි"
"පාසල් අවට ළමුන්ට අහිතකර දේවල් අලෙවි කරන සියලු ස්ථාන මීළඟ පාසල් නිවාඩුව නිමවන විට ඉවත් කරන ලෙස වැ.බ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් දී තිබේ. ඒ අනුව පාසල් අවට මීටර් 500 සීමාවේ ඇති එවන් ස්ථාන ඉවත් කිරීමට පියවර ගැනෙනු ඇති බව වැ.බ. පොලිස්පතිවරයා සඳහන් කර තිබේ."
"බාල පාසල් උපකරණවල පිළිකා කාරක රසායනික!"
"ප්‍රමිතියෙන් තොර ආනයනික පාසල් උපකරණ භාවිතයෙන් දරුවන් බරපතළ සෞඛ්‍ය අවදානමකට ලක්විය හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ තත්ත්ව පාලන අංශයේ ප්‍රධාන වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි මහතා ප්‍රකාශ කරයි.ඔහු පෙන්වා දෙන්නේ මෙරටට ආනයනය කරන ලද බාල තත්ත්වයේ පැන්සල්, පාට පැන්සල්, ප්ලාස්ටික් වතුර බෝතල් සහ කෑම පෙට්ටි සම්බන්ධව පවතින ගුණාත්මක භා...
"දේශබන්දු පොලිස්පති කරනවාට වැඩියෙන්ම විරුද්ධ වුණේ කුඩුකාරයන් වෙනුවෙන් පෙනී සිටින ඇතැම් නීතිඥවරුන් – ඇමැති ටිරාන් මාතරදී කියයි"
"“දේශබන්දු පොලිස්පති කරනවාට වැඩියෙන්ම විරුද්ධ වුණේ කුඩුකාරයන් වෙනුවෙන් පෙනී සිටින ඇතැම් නීතිඥවරුයි. මෙරට පාතාලය හා මත්ද්‍රව්‍ය උවදුර මර්දනයේදී මොන ලොක්කාගේ බලපෑම් ආවත් කිසිදු ඉඩක් දෙන්නේ නෑ. 17 වැනිදායින් ඇරැඹෙන ඉදිරි සතිය තීරණාත්මකයි දේශබන්දු පොලිස්පති කළේ ඒ වෙනුවෙන් ” යැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා...
"ජනතා පරමාධිපත්‍ය හා ශ්‍රී ලාංකීය අනන්‍යතාව රැකගැනීම ද ආරක්ෂක හමුදාවට පැවරෙනවා"
"මෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදාවට විශාල වගකීමක් පැවරෙන බවත් එයට අත තැබීමට හෝ සීමා කිරීමට කිසිවකුට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.ජනතා පරමාධිපත්‍ය හා ශ්‍රී ලාංකීය අනන්‍යතාව රැකගැනීම ද ආරක්ෂක හමුදාවට පැවරෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වර්ගවාදී සහ ආගම්වාදී ලෙස වෙන්ව ක්‍රියා කිරීම...
"සජබ සමඟ එක්ව පුළුල් විපක්‍ෂ බලවේගයක් ගොඩනඟනවා – ජී. එල්. පීරිස්"
"ඉදිරියේදී සමගි ජනබලවේගය සමඟ එක්ව පුළුල් විපක්‍ෂ බලවේගයක් ගොඩනඟන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. අතිශයින් භයානක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව ජනතාව ආරක්‍ෂා කර ගැනීම සිය අපේක්‍ෂාව බව ද ඒ මහතා කීය. ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති රාමක්‍ඳ්ක්‍ඳ මහා නිකායේ අනුනායක කැප්පිටියාගොඩ ...
"පුනකරි වැව ආශ්‍රිත සූර්ය බලශක්ති ව්‍යාපෘතිය අන්ත දූෂිත ගනුදෙනුවකට මුල පිරීමක් – සජිත් ප්‍රේමදාස"
"මෙගාවොට් 700ක සූර්ය බලශක්ති බලාගාරයක්, 100%ක බැටරි බලශක්ති පද්ධතියක් සහ රැහැන් මාර්ග ඇතුළත් කිලිනොච්චි පුනකරි වැව ආශ්‍රිතව සූර්ය බලශක්ති නිෂ්පාදන බලාගාරයක් ඉදි කිරීමට රජය සැලසුම් කර ඇති නමුත් එම ව්‍යාපෘතිය සඳහා නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදවලින් බැහැරව ඔස්ටේ්‍රලියානු සමාගමක් සමඟ ගිවිසුමකට එළැඹීමට රජය කටයුතු කර ඇති බවත් එය...
"වනජීවිය අද ලෙඩින්"
"දිවයින පුරා වනජීවී නිලධාරීන් අද (18දා) අසනීප නිවාඩු වාර්තා කරමින් එක් දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා එකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසයි. වනජීවී නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, වනජීවී නිලධාරීන්ගේ සේවය ඇගයීමට ලක් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ...
"ගජමෑන් බිහිකළ කැමිලස් නික්ම යයි"
"ගජමෑන්, මගෝඩිස්, සිරිබිරිස්, තෙපානිස් සහ දැක්කොත් පත්මාවතී ඇතුළු කාටුන් චරිත රැසක් නිර්මාණය කළ ප්‍රවීණ කාටුන් චිත්‍ර ශිල්පී කැමිලස් පෙරේරා මහතා ඊයේ (17 දා) මීගමුවේදී අභාවප්‍රාප්ත විය. මියයන විට 84 වැනි වියේ පසු වූ ඒ මහතාගේ අවසන් කටයුතු ඊයේම සිදුවිය."
"උදේ මිනී මරලා සවස ඩුබායි පනිනවා – වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්"
"සිවිල් ආරක්ෂක කමිටු නායකයන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පැවති මෙම රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා මෙසේද කීවේය. ලංකාවේ පාතාලයට සම්බන්ධ අයගේ තොරතුරු ඇතුළත් කරලා දත්ත පද්ධතියක් හදලා තියෙනවා. පාතාලයට සම්බන්ධ අය 1091ක් ඉන්නවා. මේ අයගේ අලගිය තැන් මුලගිය තැන් සේරම අපි හොයාගෙන තියෙන්නේ. කවුද ...
"මහ වැස්සෙන් උතුරේ 6719 ක් පීඩාවට"
"උතුරු පළාතට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පවුල් 2142 කට අයත් පුද්ගලයින් 6719 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 8 ක් විවෘත කිරීම නිසා පහත් බිම් යටවීමෙන් කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 1245 කට අයත් පුද්ගලයින් 3959 දෙනෙකු මේ වනවිට පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්...
"ඉන්දියානු ආර්ථික කලාපය ගැන ත්‍රි’මලේ ජනතාව අවදි කරවයි"
"යෝජිත ඉන්දියානු ආර්ථික කලාපයෙන් ත්‍රිකුණාමලයේ ජනතාවට තම ගම් බිම් අහිමිවීමේ අවදානමක් පවතින බව ප්‍රකාශ කරමින් ජන අරගල ව්‍යාපෘතිය ජනතාව දැනුවත් කිරීමේ විරෝධතාවක් දියත් කෙරිණි. එහි අවස්ථාවකි මේ. සමන් මල්ලවආරච්චි – ත්‍රිකුණාමලය"
"කුඩු ජාවාරමුන් 50 ක් සහ මත්කුඩු හා ගිනි අවි සමග 100 ක් ‘යුක්තියට’ කොටුවෙති"
"දිවයින පුරා ඊයේ (17 වැනිදා) අලුයම 4.00 සිට ආරම්භ කරන ලද ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේදී මත්කුඩු මෙරටට ගෙන්වා ඒවා ගම් ප්‍රදේශවලට බෙදාහරින මහා පරිමාණ ජාවාරම්කරුවන් 50 දෙනෙකු සහ මත්කුඩු, අයිස්, ගංජා, ගිනිඅවි ඇතුළු ආයුධ සමඟ සැකකරුවන් 100 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ‘දිවයින’ ට ප...
"බැසිල්ගේ තනතුර හිස්ව තබා පොහොට්ටුව නව නිල මඬුල්ල පත් කර ගනී"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය නව නිලධාරී මණ්ඩලය ඊයේ (17දා) පත් කළ බවත් නමුත් බැසිල් රාජපක්ෂ මහතා විසින් දරන ලද ජාතික සංවිධායක ධුරය තවමත් පුරවා නොමැති බවත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී රැස්වූ පක්ෂයේ විධායක සභාව මෙම තීරණවලට එළැඹ තිබෙන...
"බිත්තර මිල පාලනයට ඉන්දියාවෙන් බිත්තර කෝටි 5 ක් ගෙන්වයි"
"වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ යෑම පාලනය සඳහා ඉන්දියාවෙන් බිත්තර කෝටි පහක් ආනයනය කිරීමට වෙළෙඳ හා පාරිභෝගික අමාත්‍යාංශය පියවර ගෙන ඇත. රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව මගින් මෙම බිත්තර ආනයනය කරන බව වෙළෙඳ හා පාරිභෝගික අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර එක්කෝටි පනස්ලක්‍ෂයක පළමු තොගය ඊයේ (17ද...
"අයිඑම්එෆ් සාර්ථකවීමත් සමග සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනවා"
"බොරලන්ද සිට හෝර්ටන්තැන්න දක්වා ඔහිය ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් නැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය. ඔහිය ප්‍රදේශයේ සිදුකර තිබෙන ඉදිකිරීම් නිසා ඒ ආශ්‍රිතව දැඩි පරිසර විනාශයක් සිදුව ඇති බව තමාට නිරීක්ෂණයවූ බව පැවසූ ජනාධිපතිවරයා එම තත්ත්වය වහා වළක්වා නො...
"යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් හරේන්‍ද්‍ර පීරිස්"
"යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් හරේන්‍ද්‍ර පීරිස් මහතා පත්කර තිබේ. ඔහු නව පදවියට පත්වීමට පෙර ආරක්‍ෂක සේවා ආඥාපති (බටහිර) ලෙස කටයුතු කරමින් සිටියේය."
"දිවි දෙවැනි කොට රැකගත් මාතෘභූමිය කිසිවෙකුට කෑලිවලට කැඩීමට කිසිඳු ඉඩක් දෙන්නේ නැහැ"
"දිවි දෙවැනි කොට රැකගත් අප මාතෘභූමිය කිසිවෙකුගේ හෝ වුවමනාවකට කෑලිවලට කඩා ආපස්සට ගැනීමට කිසිඳු ඉඩක් නොතබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. මෙය අප සියලු‍ දෙනාගේම උපන් බිම බව පෙන්වා දෙන ඒ මහතා තිස් අවුරුදු යුද්දයේදී මේ රටේ කිසිම නායකයෙකුට ප්‍රභාකරන් සමඟ මුහුණට මුහුණලා ය...
"සාදවලට පවා මුදල් ගෙවා ඇත්තේ රටේ බදු ගෙවන ජනතාවයි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"අපේ රටේ ජීවත්වන ලක්‍ෂ 220ක් වූ ජනතාවට අත්වූ ඉරණම ගැන කනගාටු වන බවත් රටේ ඇත්තේ ශෝචනීය ඛේදනීය තත්ත්වයක් බවත් පොදු ජනතාව අමතක කර සුපිරි පොහොසතුන් රජ කරවන අයවැයක් හරහා ජන සමාජයේ කිසිදු පාර්ශ්වයකට යහපතක් ඉටුනොවන බවත් මෙය ඉතාම පහත් අයවැයක් ලෙස හැඳින්විය හැකි බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. IMF එකේ තව වාරික 8ක...
"බස්නාහිර – සබරගමුව මධ්‍යම හා දකුණට අද තද වැසි"
"බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද (18 වැනිදා) මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එසේම, උතුර, උතුරු මැද, නැඟෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බවද එම දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිඟුරු...
"මිහින්තලා පුදබිම ආරක්ෂා කිරීම රජ දවසේ සිට පාලකයින්ගේ වගකීමක්"
"ඓතිහාසික මිහින්තලා පුදබිම ආරක්ෂා කිරීමේ වගකීම රජ දවසේ සිටම රටේ පාලකයින්ට සෙල්ලිපි මගින් භාරදී ඇති බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නා හිමියෝ පැවසූහ. රටේ ජනතාව වෙනුවෙන් කටයුතු නොකරන වත්මන් ආණ්ඩුවට එරෙහිව සිදු කළ ප්‍රකාශ හේතුවෙන් තමන්වහන්සේගෙන් පළිගන්නවා වෙනුවට ආඥාදායකයින් ලෙස...
"ජනපතිවරණය පස්සට මහ ඡන්දය කලින්ම"
"රටේ දැනට පවතින තත්ත්වය මත ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇතැයි ආණ්ඩු පක්‍ෂ ආරංචි මාර්ග කියා සිටී. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවසන් තීන්දුවක් ගතහොත් පාර්ලිමේන්තුව ලබන වසරේ (2024) ජනවාරි මස දී විසුරුවා හැර ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර (අප්‍රේල්) පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇතැයි එම ආරංචි මාර්ග ...
"සජබ සන්ධානයේ ‘දෙක’ ඩලස් ඉල්ලයි"
"සමගි ජන බලවේගය ප්‍රමුඛ කරගෙන ජාතික මැතිවරණ ඉලක්ක කර ගනිමින් නිර්මාණය කිරීමට යන දේශපාලන සන්ධානයේ නියෝජ්‍ය නායකත්වය තමන්ට ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඉල්ලා ඇත. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකතවය යටතේ එම ධුරය ලබාදෙන ලෙස ද ඉල්ලා තිබේ. කෙසේ වෙතත් මන්ත්‍රීවරයාගේ ඉල්ලීමට සමගි ජන බලවේගයේ බහු...
"මැති ඇමැති 25ක් සජබට"
"ඇමැතිවරුන් ද ඇතුළුව ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25දෙනකු ඉදිරියේ දී සමගි ජන බලවේගය සමග එක්වීමට තීරණය කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට පැවසීය. එම ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් පසුගිය මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ අය බවත් සේනසිංහ මහතා කීය. ...
"රජයේ රෝහල් රෝගීන්ගෙන් පිරෙයි"
"පවතින දැඩි ආර්ථික අර්බුදය හා ඖෂධ මිල ගණන් දරාගත නොහැකි ලෙස ඉහළ යෑම හමුවේ රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටී. ආර්ථික අර්බුදය උත්සන්න වීමට පෙර මෙරට රෝගීන්ගෙන් සියයට පනහක් පමණ රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයටත් (OPD) තවත් සියයට පනහක් පමණ පෞද්ගලික රෝහල්...
"ලූනූ සැරට බේත් නෑ"
"ලොකු ලූනූ මිල පාලනය කිරීමට එම ලූනූ ආනයනය කිරීම සඳහා රටක් තවම හමුනොවූ බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. කිසිදු රටක් මේ වනවිට ලොකු ලූනූ අපනයනය නොකරන බවත් කෙසේ නමුත් ලොකු ලූනූ මිල පාලනය කිරීමට එම වෙළෙඳ මාෆියාවට එරෙහිව ඉදිරියේ දී කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් කීය. නෝමන් පළිහවඩන"
"ලබන සැරෙත් ජය අපටයි – සම්මේලනයේදී මහින්ද කියයි"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවීමෙන් පසු පැවති මැතිවරණ තුනෙන්ම තම පක්‍ෂය ජයග්‍රහණය කළ ආකාරයට මීළඟට පවත්වන මැතිවරණයෙන් ද නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (15දා) පැවති එම පක්‍ෂයේ දෙවැනි මහා සම්මේලනයේදී පැවසීය. එහිදී තවදුරටත් අදහස් ප්‍රකාශ කළ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ...
"ඩිජිටල් හැඳුනුම්පත ජනවාරියේ"
"ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට අදාළ මූලික මට්ටමේ කරුණු ලබන ජනවාරියේ සිට ආරම්භ කිරීමට ඉන්දීය හා ශ්‍රී ලංකා රාජ්‍යයන් අතර එකඟතාවය පළවී තිබේ. එලෙස එකඟතාවය පළව ඇත්තේ ඉන්දීය රජයේ නියෝජිතයන් හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා අතර ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවකදීය. රුපියල් බිලියන හතරක ඉ...
"පුනර්ජනනයට පිටුපෑමෙන් බිලියන 5කට ‘කරන්ට්’ වදී"
"ලංකා විදුලිබල මණ්ඩලය විසින් පුනර්ජනනීය බලශක්ති බලාගාර ක්‍රියාත්මක කිරීමේ සැලසුමට අනුව කටයුතු නොකිරීම නිසා ඉකුත් වර්ෂයේ දී (2022) රුපියල් බිලියන 5ක් වටිනා ගිගාවෝට් පැය 60.33ක අතිරේක විදුලි බලයක් මිල දී ගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. විදුලි බල පනතේ වගන්තිවලට පටහැනිව නියාමකගේ බලය ලබා නොගෙන උත්පාදන බලපත්‍රයක් ලබ...
"එජනිස ලේකම් අවුල ලිහන්න මෛත්‍රීලා කතා"
"අර්බුදයකට පත්ව තිබෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා එම සන්ධානයට අයත් පක්‍ෂ නායකයන් හමුවී සාකච්ඡා පවත්වා ඇත. සන්ධානයේ මහ ලේකම් ලෙස සිටි මහින්ද අමරවීර මහතා එම ධුරයෙන් ඉවත්කර ඒ සඳහා තිලංග සුමතිපාල මහතා පත්කර තිබුණු අතර එය නීති විරෝධී බව සඳහන් කරමින් අමරවීර මහතා අධිකරණය හමුවට ගියේය. එ...
"ඉන්දියන් සාගරය රකින මූලස්ථානය ශ්‍රී ලංකාවට"
"ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කලාපයේ රටවල් තීරණයකට එළඹ තිබේ. මොරිසස් දිවයිනේ පැවැති ආරක්ෂක උපදේශකවරුන්ගේ සමුළුවේ දී මෙම තීරණයට එළැඹ ඇති අතර ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ කොළඹ ආරක්ෂක ප්‍රකාශය ද මෙහිදී එළි දක්වා ඇත. ඉන්දියාව සහ දකුණු ආසියා කලාපයේ සාගරය ආශ්‍රිත ...
"කොළඹ එන චීන නැව ගැන ඉන්දියාව බියෙන්"
"කොළඹට පැමිණීමට නියමිත චීන නැවක් පිළිබඳව ඉන්දියාව දැඩි කලබලයට පත්ව තිබේ. ලබන ජනවාරි 5 වැනිදායින් පසු ලංකාවට පැමිණීමට නියමිත ෂියැන්ග් යැන්ග් හොන් 05 නම් පරයේෂණ යාත්‍රාව ගැන ඉන්දීය ආරක්‍ෂක බලධාරීන් කලබලයට පත්ව තිබේ. මෙම පර්යේෂණ යාත්‍රාව කොළඹට මෙන්ම මාලේ නුවරටත් යාත්‍රා කිරීමට නියමිතය. මෙය දකුණු ඉන්දීය මුහුදේ පර්යේෂණවල නි...
"පුරනැගුම ව්‍යාපෘති 33ක් කොට උඩ"
"පළාත් පාලනය වැඩිදියුණු කිරීමේ ආංශික ව්‍යාපෘතිය (පුරනැගුම) යටතේ රුපියල් මිලියන 3809ක මුදලක් වැයකර ආරම්භ කර තිබූ ව්‍යාපෘති 33ක් විවිධ හේතු නිසා අතරමග නවතා දමා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. ජලසම්පාදන පහසුකම් නොමැතිවීම, ප්‍රවේශමාර්ග නොමැති වීම, ගොඩනැඟිලි සැලසුම්වලට අනුකූල නොවීම, ආදාහනාගාර සඳහා මහජන ඉල්ලුමක් නොමැති වී...
"බස් ටිකට් වැට් කඩයි"
"රජය වැට් බදු වැඩි කිරීමත් සමග ලබන වසරේ (2024) ජනවාරි මාසයේ සිට පෞද්ගලික බස් ගාස්තු වැඩිවීමේ අවදානමක් මතුවී තිබේ. මේ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් විමසූවිට කියා සිටියේ ජනවාරි මාසයේ වැට් බදු වැඩිවීමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවය. මීට අමතරව වැට් බදු සංශෝධනයත් සමග ...
"ජෙරොම්ගේ කැසිල්ල වැඩිවෙයි"
"රිමාන්ඩ් බන්ධනාගාරයේ පසු වෙන ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා එම බන්ධනාගාරයේ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත. තමාගේ සිරුරේ කැසිල්ලක් හටගෙන ඇති බව පවසමින් ඔහු වෛද්‍යවරයාට පවසා ඊට ප්‍රතිකාරයක් ලබාගෙන තිබේ. නෝමන් පලිහවඩන"
"ඉතුරු ගිනිකෙළි අඩුවට වෙළඳ පොළට"
"පසුගිය සිංහල අවුරුදු උත්සව සමයේ දී අලෙවි කිරීමට නොහැකි වූ ගිනිකෙළි තොග මෙදා නත්තල් අවුරුදු සමයේ අලෙවි කරන බව සමස්ත ලංකා ගිනිකෙළි සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. මේ අනුව ඇතැම් ගිනිකෙළි නිෂ්පාදකයින් එම ගිනිකෙළි දැනටමත් අඩු මුදලකට වෙළෙඳ පොළට නිකුත් කිරීම නිසා අලුතින් ගිනිකෙළි නිෂ්පාද...
"රට යවන්න වවන තරුණයන්ට ලක්ෂ 10 ක්"
"කෘෂිකර්මාන්තය සඳහා තරුණයින් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තරුණයින් දහසක් තෝරා ගෙන ඔවුනට රුපියල් ලක්ෂ දහය බැගින් ලබාදී අපනයනය ඉලක්ක කරගත් වගාවන් සඳහා යොමු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට මෙවර අයවැය මගින් 2024 වසර සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 3000 ක මුදලින් රුපියල් ...
"වසර එකහමාරකදී දොස්තරලා 1198ක් රට හැර ගිහින්"
"සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්තවලට අනුව පසුගිය වසර එකහමාර තුළ විශේෂඥ වෛද්‍යවරුන් 348 දෙනකු සහ වෛද්‍යවරුන් 850 දෙනකු රට හැරගොස් ඇති බැව් වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය කසුන් ගමගේ මහතා පැවසීය. ඒ අනුව 2022 වර්ෂයේ ජනවාරි මස සිට 2023 ජුනි මස දක්වා කාලයේ දී මෙම වෛද්‍යවරුන් රට හැර ගොස් ඇති බව ද හෙතෙම කීය. ම...
"ඉන්දියාවෙන් ගෙන්නුවා කී බෙහෙත් ලංකාවේ හදපුවා"
"ඖෂධ නියාමන අධිකාරියේ නිසි ලියාපදිංචියකින් තොරව ඉන්දියාවෙන් ගෙන්වූ බව පවසා මෙරටදී නිෂ්පාදනය කරනු ලැබ ඇති ඖෂධ කාණ්ඩ හතරක් සොයා ගැනීමට හැකි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන ඇත. මෙම ඖෂධ කාණ්ඩ හතර ද මින් පෙර ප්‍රශ්න සහගත ඉමියුනිග්ලොබියුලින් වංචාවට සම්බන්ධ, මේ වනවිට අත්අඩංගුවේ පසු වන සැපයුම්කරු විසින්ම මෙරට...
"බාල බෙහෙත් 4ම රෝගීන්ට දීම නවත්වයි"
"ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධය ගෙන්වූ සැපයුම්කරු විසින් ලබාදුන් බව කියන ප්‍රමිතියෙන් තොර ඖෂධ හතර මේ වනවිට රෝගීන්ට ලබාදීම නතර කර ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. මෙසේ භාවිතයෙන් ඉවත් කර ඇත්තේ ගුද මාර්ගයේ සහ මහ බඩවැල් ආශ්‍රීත පිළිකා රෝගීන්ට ලබාදෙන Invinotec...
"සමසමාජ පක්‍ෂයේ 88 සංවත්සරය අද"
"ලංකා සමසමාජ පක්‍ෂයේ 88 වන සංවත්සර සැමරුම අද (17 දා) ප.ව. 1.00ට මතුගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී එම පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. මෙරට අධිරාජ්‍යවාදයෙන් නිදහස හා දුප්පත් කමින් මිදුනු දේශයක් උදෙසා එම පක්‍ෂය 1935 දෙසැම්බර් 18 වැනිදා ...
"නැවෙන් එන අයටත් ඩියුටිෆ්‍රී වෙළෙඳ සැල්"
"ඉන්දියාවේ චෙන්නායි සිට කන්කසන්තුරේ බලා නෞකාවෙන් පැමිණෙන පුද්ගලයින් වෙනුවෙන් තීරු බදු රහිත වෙළෙඳ සැල් දෙකක් ආරම්භ කිරීමට වරාය සංවර්ධන බලධාරීන් පියවර ගෙන ඇත. දැනටමත් මේ සඳහා මූලික වැඩ කටයුතු රාශියක් නිම කර ඇති අතර ජනවාරි මාසයේ මැද භාගයේ සිට මෙම ඩියුටිෆ්‍රි වෙළෙඳ සැල් දෙක විවෘත කිරීමට නියමිතය. නෝමන් පලිහවඩන"
"දේශපාලන රැකවරණ මත ගිංගඟේ වැලිගොඩ දැමීම හා කැලෑ කැපීම: හිටපු IGP OICගේ මූලික අයිතීන් කඩලා"
"තෙලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. එල්. එම්. ජනක්ප්‍රිය මහතාට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදීමෙන් හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා එම නිලධාරියාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15 දා) තීන්දු කළේය. ගාල්ල ද...
"පොහොට්ටුවේ සමුළුවට මහ පිරිසක්"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ හා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම පක්‍ෂ සම්මේලනයට පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ, ගාමිණි ලොකුගේ, ටිරාන් අලස්, ඩග්ලස් දේවානන්දා, ජීවන් තොණ්ඩමන්, නාමල් රාජපක්‍ෂ, සාගර කාරියවසම්, පවිත්‍රා වන්නිආරච්චි, ධම්මික පෙරේරා යන මැති...
"අපරාජිත බව හෙටත් ස්ථීරයි: පාණ්ඩුවක් නොවන ආණ්ඩුවක් හදනවා – පොහොට්ටුවේ දෙවැනි සමුළුවේදී බැසිල් කියයි"
"පාණ්ඩුවක් නොවන ආණ්ඩුවක් මීළඟ මැතිවරණයෙන් පසුව හදන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (15දා) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අමතමින් පැවසීය. තර්ජන මැද්දේ සම්මේලනයට සහභාගි වූ එම පක්‍ෂයේ පාක්‍ෂිකයන්ට ස්තුතිවන්ත වන බවත් බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය. බල්ලෙකුට ගලකින් පහර දුන් විට...
"ඉහළ පෙළේ සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස හෝර්ටන්තැන්න සංවර්ධනය කළ යුතුයි – ජනපති හෝර්ටන්තැන්නේදී කියයි"
"හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන්ගේ (High-end Tourism) කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව කීවේ ඊයේ (15) පෙරවරුවේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ අඩ...
"පොහොට්ටු සමුළුවට එජාප සභාපතිත්…"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන සමුළුවට එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති වජිර අබේවර්ධන, සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) සහ ඇමැතිවරුන් වන ජීවන් තොණ්ඩමන්, ටිරාන් අලස් එක්ව සිටි අයුරු."
"තණකොළ සහ පිදුරුවලින් විරෝධයක්"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුව ඊයේ පැවැත්වෙද්දී රටේ තැන තැන තණකොළ මිටි ප්‍රදර්ශනයට තබා පුවරුද ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධයක්ද ක්‍රියාත්මකව තිබිණි. මේ එම අවස්ථාවකි."
"විශේෂඥ වෛද්‍යවරුන්ට අවුරුදු 63 තෙක් ඉඩ – අභියාචනාධිකරණය නියෝග කරයි"
"රාජ්‍ය සේවයේ නිරත විශේෂඥ වෛද්‍යවරුන්ට වයස අවුරුදු 63 වන තෙක් සේවය කිරීමට වහාම අවසර ලබාදෙන ලෙස අභියාචනාධිකරණය සෞඛ්‍ය අමාත්‍යවරයාට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා කැබිනට් මණ්ඩලයට ඊයේ (15 දා) නියෝග කළහ. වයස අවුරුදු 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවයේ නිරත විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් 2022 ඔක්...
"අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කිරීමට මහපොළට හැකිවුණා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"දැනුමින් සන්නද්ධ පුරවැසියන් නිර්මාණය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙන්ම විවෘත ආර්ථිකයේ ප්‍රතිලාභ ගමට ගෙන යෑමට මහපොළ තුළින් හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දස වසරකට පසු නැවත මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කිරීම තුළින් විශාල පිරිසකට උසස් අධ්‍යාපනයේ දොරටු විවර වන බව ප...
"ජල ප්‍රහාරයට එරෙහිව හරිනිලා උසාවියට"
"පසුගිය 4 වැනිදා තමන් ඇතුළු ජාතික ජන බලවේගය කාන්තා සංවිධානයේ ක්‍රියාකාරීන් හා සාමාජිකාවන් පිරිසක් බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය අසල පැවැත්වූ සාමකාමී විරෝධතාවට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ජල ප්‍රහාර එල්ල කළ බවත් එම පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝගයක් කරන ලෙසත් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි...
"ශ්‍රී ලංකාව හා චීනය අතර සංස්කෘතික හුවමාරු වැඩසටහන් රැසකට පියවර ගත්තා – ඇමති විදුර වික්‍රමනායක"
"චීනය සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ දර්ශනය සහ සංස්කෘතික හුවමාරු වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේය. තවදුරටත් කතා කළ ඇමැතිවරයා ප්‍රකාශ කළේ මහජන චීනයේ වයිට් හෝස් විහාර පරිශ්‍රයේ ශ්‍රී ලංකේය සම්ප්‍රදායේ බෞද්ධ විහාරස්ථානයක් ඉදික...
"නිවාඩු කාලයේ දී දරුවන් පාසල් ගෙන්වා ගැනීම නවත්වන්න – ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය ඇමැතිට ලියයි"
"දරුවන්ගේ මානසික, කායික නිදහස හා අන්තර් සම්බන්ධතා වර්ධනය කර ගැනීම වෙනුවෙන් ලබාදෙන පාසල් නිවාඩු කාලයේදී ඇතැම් පාසල් දරුවන් දිගට ම පාසලට ගෙන්වා ගෙන ඉගැන්වීමට කටයුතු කරමින් සිටින බැවින් එය වැළැක්වීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් දිවානි හෙට්ටිගේ මහත්මිය අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටී. දරුවන්...
"හොරා කාපු සල්ලි සෙලවන හැටි පොහොට්ටුවේ සමුළුවෙන් ටිකක් දැක්කා – වසන්ත සමරසිංහ"
"රට බංකොලොත් කරපු අය හොරා කාපු සල්ලි එළියට එන හැටි පොහොට්ටුවේ සමුළුවෙන් අපි දැක්කා. කොහොම හරි රටින් හූරා කෑ සල්ලි ජනතාව අරගෙන භුක්ති විඳ නිසි වේලාවට ‘මාලිමාවට’ ඡන්දය දෙනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා ඊයේ (15දා) පැවසීය. පොහොට්ටුවේ අය සමුළුවට ආපු හැටි අපි දැක්කා. ඒ අයගේ හෘද සාක්ෂිය නි...
"අයිඑම්එෆ් දෙවැනි වාරිකයත් සමග රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වෙනවා – රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය හිමිවීමත් සමග රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වෙන බව මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපගේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මෙරට ණය හිමියන් සහ අනිකුත් බහුපාර්ශ්වීය මූල්‍ය පහසුකම් සලසන ආයතන ක්‍රියාත්මක වන ආකාරයත් ඉතා වැදගත් වුණා. ජාත්‍යන්තර මූල...
"බිත්තර සැර නත්තල් තෙක්ම"
"නත්තල් සමය අවසන් වනතුරු බිත්තර මිල පහළ දැමිය නොහැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. මේ වනවිට වෙළෙඳ පොළෙහි බිත්තරයක මිල රුපියල් 60ත් 65ත් අතර මිලක පවතී. රුපියල් 42ත් 55ත් අතර මිලක පැවැති බිත්තර මිල මෙලෙස ඉහළ ගොස් ඇත්තේ මේ වනවිට පවතින ඉල්ලුම සහ පසුගිය වැසි සමය නිසා බිත්තර නිෂ්පාදනය අඩු වීම හේතුවෙන් බව ද බිත්තර නිෂ...
"ත්‍රිමලේ අක්කර 7000ක් ඉන්දියාවට දෙන්න හදනවා – දුමින්ද නාගමුව"
"ඉන්දියාව ශ්‍රී ලංකාවේ සිදු කරන ආර්ථික මැදිහත්වීමට එරෙහිව අද (16 දා) දිනයේ ත්‍රිකුණාමලයේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බව ජන අරගල ව්‍යාපාරය කියයි. අද පෙරවරු දහයට එය තිකුණාමලය නගරයේ පැවැත්වෙන බව එහි මධ්‍යම කාරක සභික දුමින්ද නාගමුව මහතා ඊයේ පැවසීය. ‘ගම්බිම් අහිමි කර ත්‍රිමලේ ජනතාව වහලුන් කරන ඉන්දියානු ආර්ථි...
"සුමන්තිරන් හා ශ්‍රීධරන් අතරට තවත් තරගකරුවෙක්"
"ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය (TNA) සඳහා නව නායකයකු තෝරා ගැනීමට අයැදුම් පත් කැඳවීමේදී මේ දක්වා අයැදුම් පත් දෙකක් පමණක් ඉදිරිපත් වී තිබූ නමුත් පසුව තවත් එක් අයැදුම් පත්‍රයක් ඉදිරිපත් වී තිබේ. ඒ නැගෙනහිර පළාත නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී යෝගේෂ්වරන් නමැති අයගෙනි. මීට පෙර පක්ෂයේ නායකත්වය සඳහා අයැදුම් පත් යොමු ...
"අයවැයෙන් සහන බලාපොරොත්තු වූ ජනතාවට ලැබුණේ අධික බදු බරක් – සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර"
"2024 අයවැයෙන් සහන රැසක් ලැබෙයි කියා ජනතාව බලාපොරොත්තුවන් සිටියත් ජනතාවගේ එම බලාපොරොත්තු කඩ වී ඇති බවත් අයවැයෙන් ලැබී තිබෙන්නේ සහන නොව අධික බදු බරක් බවත් 2023 අවුරුද්දට වඩා අති භයානක අවුරුද්දක් බවට 2024 අවුරුද්ද පත්වෙන බවත් සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය. විපක්ෂ නායක කාර්...
"සියලු සත්ත්ව ගොවිපොළවල් ලියාපදිංචියට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් තීරණයක්"
"සියලු කිරි ගොවිපොළවල් ලබන වසරේ ජනවාරි මාසයේදී ලියාපදිංචි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙරට සත්ත්ව ගොවිපොළ 2,90,592ක් පැවතියත්, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇත්තේ ඉන් ගොවිපළ 58,137ක් පමණක් බවද අමාත්‍යාංශය සදහන් කරයි. අදාළ ලියාපදිංචි සිදු නොකිරීමෙන් රජය මගින් ගොවීන්ට ලබාදෙන සහන සේව...
"කුරුණෑගල රාජසභා මණ්ඩපය කැඩූ හිටපු නගරාධිපතිට සිරදඬුවම්"
"කුරුණෑගල බුවනෙකබාහු රාජසභා මණ්ඩපය කඩා අලාභ හානි කිරීමේ චෝදනාවට වරද පිළිගත් කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා වසර තුන බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් ඊයේ (14දා) නියම කළේය. සිර දඬුවමට අමතරව රාජසභා මණ්ඩපයට කළ අලාභහානිය වෙනුවෙන් රුපියල් එක්කෝටි තිස්හත් ලක්ෂ පනස් දහසක ...
"ඈන් කුමරිය දින තුනකට ශ්‍රී ලංකාවට"
"එංගලන්තයේ ඈන් කුමරිය දින තුනක සංචාරයක් සඳහා ලබන වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.ඒ අනුව ජනවාරි මස 10 වැනිදා සිට 13 වැනිදා දක්වා ඇය මෙරට සංචාරයේ නිරතවනු ඇත. සිය සංචාරය සඳහා ඇයගේ සහකරු වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස්ද එක්වන බව සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාව සහ...
"සංවේදී සෞඛ්‍යයට 0% සිට 18% දක්වා වැට් ගහලා"
"සෘජු බදු දරා ගත නොහැකි ලෙස වෘත්තිකයන්ගේ සහ ජනතාවගේ කර මත හෙලූ ආණ්ඩුව වක්‍ර බදුද කන පැළෙන්න ජනතාව මතම පටවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සනසවමින් සිටින්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය. රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් පෙරේදා (13 දා) වෘත්තීයවේදීන්ගේ වෘත්තී...
"පොස්පේට් වංචා සොයන්න ජනපති කොමිසමක් පත්කරන්න නියෝග කරන්න – පරිසර යුක්ති කේන්ද්‍රයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්"
"එප්පාවල පොස්පේට් නිධියෙන් කැණීම් කර ලබාගන්නා ඛනිජ ද්‍රව්‍ය විදේශවලට විකිණීමේදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට රජයට අයවිය යුතු මුදල් මහා පරිමාණයෙන් වංචා කිරීම ඇතුළු අක්‍රමිකතා සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර විශේෂ විමර්ශනයක් සිදුකිරීමට ජනාධිපතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකර...
"පරිපාලකවරිය ගැන විමර්ශනයක්: ඇස් රෝහලේ වර්ජනය පැය දෙකෙන් නවතියි"
"කොළඹ අක්‍ෂි රෝහලේ පරිපාලකවරියකගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට සෞඛ්‍ය ලේකම්වරයා පොරොන්දු වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය. එම පොරොන්දුව අනුව ඊයේ (14 දා) කොළඹ අක්ෂි රෝහලේ ආරම්භ කළ එක් දින වැඩවර්ජනය පැය දෙකක පමණ කාලයකදී අත්හිටුවීමට තීරණය කළ බව ඔහු කීවේය...
"පොහොට්ටුවේ ශක්තිය අද සමුළුවෙන් පෙන්වනවා – පොදුජන පෙරමුණේ මහ ලේකම්"
"ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ශක්තිය අද රටට පෙන්වන බව එම පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ‘දිවයින’ හා අදහස් දක්වමින් පැවසීය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අද (15 දා) සවස 2.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ...
"රට බංකොළොත් කළ පුද්ගලයන් අනාවරණය කිරීම ඓතිහාසිකයි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ ලබාදුන් ඓතිහාසික විප්ලවීය තීන්දුවක් ලෙස පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය රට බංකොළොත් කළ පුද්ගලයන් අනාවරණය කරමින් ලබා දුන් බවත් එය ජනතාවට මහ අස්වැසිල්ලක් වූ බවත් විධායකය, ව්‍යවස්ථාදායකය රට බංකොළොත් කළ දූෂිත පාලකයන්ගේ දුෂණවලට විරුද්ධව කටයුතු නොකරපු අවස්ථාවක රටේ ස්වාධීන අධිකරණය යුක්තිය උදෙසා දැවැන්ත ප...
"ස්විට්සර්ලන්ත තානාපතිනි සිරි වෝල්ට් හා ජාජබ නායක අනුර කුමාර අතර හමුවක්"
"ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි සිරි වෝල්ට් සහ ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් (13 දා) පස්වරුවේ පැලවත්ත ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. මෙම හමුව සඳහා තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පළමු ලේකම් ජස්ටින් බොයිලට් සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත්ද එක්ව සිටියහ. මේ වනවිට රට ත...
"ගෑස් එකටත් වැට් උෂ්ණය – රු.600 කින් නගින ලකුණු"
"එකතු කළ අගය මත බදු (වැට් බද්ද) ජනවාරි 01 වැනිදා සිට සියයට දහඅටකින් ඉහළ දැමීමෙන් පසු එම බද්ද නිසා පමණක් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක (කිලෝග්‍රෑම් 12.5) මිල අවම වශයෙන් රුපියල් හයසියයකට ආසන්න මුදලකින් ඉහළ යනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. ලෝක වෙළෙඳපොළේ යම් මිල උච්චාවචනයක් සිදුවුවහොත් ඒ මිල ඉහළ යෑමේ ප්‍රතිශත...
"ජලය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ බලශක්ති භාවිතය පරිවර්තනීය වෙනසකට – ඇමැති ජීවන් තොණ්ඩමන් කියයි"
"ජලය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී යොදා ගැනෙන බලශක්ති භාවිතය ලබන වසරේ පරිවර්තනීය වෙනසකට ලක් කිරීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමති ජීවන් තොණ්ඩමන් මහතා ඊයේ (14 වැනිදා) සඳහන් කළේය. දැනට සිදුවන අධික විදුලි පිරිවැය අවම කර පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සඳහා යොමුවන බවත් ඒ සඳහා ව්‍යාපෘති ගණනා...
"විදුලිබිල වැඩි කිරීමේ උත්සාහයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්"
"මෙම වසර තුළදී තෙවරක්ම විදුලි ගාස්තු ඉහළ නංවා තිබියදීත් සිව්වන වරටත් විදුලි බිල ඉහළ දැමීමට දරන වෑයම බලරහිත කරන නියෝගයක් නිකුත්කරන්නැයි ඉල්ලා විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික හේමසිරි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදුලිබල අමාත...
"සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇරැඹීමට ජපානය සමග තවදුරටත් සාකච්ඡා – ඇමති ප්‍රසන්න රණතුංග"
"සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පෙන්වා දෙයි. ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර පැවති සාකච්ඡාවකදී මෙම ව්‍යාපෘතිය යළි ඇස්තමේන...