Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"2024 ගෝලීය මැතිවරණ වසරක්: ලොව පුරා ප්‍රධාන පෙළේ ඡන්ද 40ක්" | "ලැබුවා වූ 2024 නව වසර ගෝලීය මැතිවරණ වසරක් ලෙස හඳුන්වා දී ඇති විදෙස් මාධ්‍ය මෙම වසරේ ලොව පුරා ප්‍රධාන පෙළේ මැතිවරණ 40 කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන් කර තිබේ. මෙසේ මැතිවරණ පැවැත්වෙන රටවල් අතර ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වන ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව හා ඉන්දුනීසියාව වන අතර එම මැතිවරණවලදී ජන... |
"රු. මිලියන 858 ක මත්ද්‍රව්‍ය යුක්තියට මාට්ටු – ජාවාරමුන්ගේ මිලියන 558 ක දේපළ තහනම්" | "පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ආරම්භ කර තිබෙන යුක්තිය මෙහෙයුම මගින් පෙරේදා (31 දා) වන විට රුපියල් මිලියන 858 ක් වටිනා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් රුපියල් මිලියන 558 ක දේපළ තහනම් කර ඇත. මෙම මෙහෙයුම දෙසැම්බර් 17 වැනිදා ආරම්භ කළ අතර 31 දා වන විට එම මෙහෙයුමට දින 15 ක් ගෙවී තිබිණි.... |
"විදෙස් සංචාරකයෝ ලක්‍ෂ 14 ක් ගිය වසරේ ලංකාවට ඇවිත්" | "ගිය වර්ෂයේදී (2023) විදෙස් සංචාරකයන් 1,487,303 ක් මෙරටට පැමිණ ඇත.මේ අනුව 2022 වර්ෂයට සාපේක්‍ෂව ගිය වර්ෂයේදී (2023) පැමිණි විදෙස් සංචාරකයන් ප්‍රමාණය සියයට 106.6 කින් වර්ධනය වී ඇත. 2022 වසෙර්දී මෙරටට පැමිණි මුළු විදෙස් සංචාරකයන් ප්‍රමාණය 719,978 ක් වේ.මෙම සංචාරකයන්ගෙන් 210,352 ක්ම පැමිණ ඇත්තේ ඉකුත් දෙසැම්බර් මාසයේදීය. ශ... |
"රේගුවට වැඩිම ආදායම ගිය වසරේ රු. බිලියන 970 ක්" | "ශ්‍රී ලංකා රේගුව විසින් ඉතිහාසයේ එකතු කළ වැඩිම ආදායම 2023 වර්ෂයේදී උපයා ඇති අතර එය රුපියල් බිලියන 970 ක් වේ. ශ්‍රී ලංකා රේගුව විසින් මීට පෙර එකතු කළ වැඩිම ආදායම 2018 වසරේ උපයා ඇති අතර එය රුපියල් බිලියන 923 ක් යැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලී අරුක්ගොඩ මහතා පවසයි. 2023 වසරේ මුදල් අමාත්‍යාංශය විසින... |
"බස් ගාස්තුව වැඩි කරන්න අදහසක් නෑ – ගැමුණු කියයි" | "බස් ගාස්තුව වැඩි කරන්නට අදහසක් නැතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ ට ඊයේ (01 දා) පැවසීය. ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. අද හුඟදෙනකුට ලොකු අමාරුවක් තිබෙනවා, බස් ගාස්තුව වැඩි කරනවා කියලා අපේ කටින් කියවා ගන්න. කවුරු මොනවා හිතුවත්, කිව්වත් බස් ගාස්තුව වැඩි කරන්න අපේ අදහසක් නැහැ.නෝ... |
"වැරදුණු උණ්ඩයට දිවිදුන් පොලිස් සැරයන් උප පොලිස් පරීක්‍ෂක තනතුරට උසස් කරයි" | "පාතාලයේ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිගමට ගිය මොහොතේ වැරදීමකින් සිදුවූ වෙඩි තැබීමකින් මියගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයාගේ සේවය උප පොලිස් පරීක්‍ෂක තනතුරට උසස් කර ඇත. මෙම පොලිස් නිලධාරියාගේ සේවය වෙනුවෙන් ඔහුගේ දරු පවුලට වන්දි මුදලක් ලබාදීමට ද පොලිස් මූලස්ථානය තීරණය කර ඇත. මේ අතර මෙම පොලිස් නිලධ... |
"වැට් බදු මුවාවෙන් නැති රකුසෙක් මවන අයට නීතිය තදින් – සාගල රත්නායක" | "වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කරන පාර්ශ්වවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් දැඩි තීන්දු ගෙන, නීතියෙන් කටයුතු කරන බව ද ඔහු කීවේය. වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් ජනතාව අතර සාවi මත සමාජගත කර ඇති බව රජය පවසයි. වැට් බද්... |
"අයි.එම්.එෆ්. අභියෝගාත්මකයි බැහැර වීම අනර්ථකාරී විය හැකියි – ශ්‍රී ලංකා මහ බැංකුව" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවන්ට අනුව කටයුතු කිරීම අභියෝගාත්මක වුවත් ඉන් බැහැර වීම මූල්‍ය පද්ධතියට මෙන්ම ආර්ථිකයට අනර්ථකාරී මෙන්ම යථා තත්ත්වයට පත්කළ නොහැකි ප්‍රතිවිපාක ඇති කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ නිසා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් පහසුකම පිළිබඳ එකඟතාවය මගින් අප... |
"ණය ආපසු ලබාගැනීමට නීතිය ක්‍රියාත්මක කරන්නේ තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්‍ෂාවටයි" | "බැංකු විසින් ණය ගැනුම්කරුවන්ගෙන් ණය ආපසු ලබාගැනීමට නීතිමය ක්‍රියාමාර්ග (පරාටේ නීතිය) ක්‍රියාත්මක කරන්නේ තම තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කිරීම සඳහා බව ශ්‍රී ලංකා බැංකු සංගමය පවසයි. එසේ නීතිමය පියවර ගන්නේ තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කිරීමේ අවසාන විකල්පය ලෙස බවත් එම සංගමය ප්‍රකාශ කරයි. බැංකු විසින් මෙසේ තැන්පත්කරුවන්ගේ ... |
"හිටපු ජනාධිපතිගේ ගජ මිතුරු සහනයෙන් සිදු වූ බදු හානියට වැට් බදු වැඩි කරන්න වුණා" | "හිටපු ජනාධිපතිවරයා සිය ගජමිතුරන්ට බදු සහන ලබාදී රටේ බදු පද්ධතියට හානිකළ නිසා වැට් වැඩි කිරීමට සිදුවූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ඊයේ (01 දා) පැවසීය. ඇතැමුන් විසින් වැට් බදු වැඩි කිරීම ගැන නොයෙකුත් විවේචන සිදුකරන බවත්, බදු වැඩි නොකර සිටියා නම් ජනතාවට අස්වැසුම ඇතුළු ඇතැම් සහන ලබාදිය නොහැකි බව ද ඒ... |
"හමුදාවේ වැරදුණු ඉලක්කයෙන් සැරයන් මරුට" | "මෙහෙයුමක් සඳහා ගොස් සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් ගමන් ගත් වෑන් රථයකට වැලිගම නගරයේදී මත්ද්‍රව්‍ය මෙහෙයුමකට එක්ව සිටි යුද හමුදා සෙබළකු ඊයේ (31 වැනිදා) අලුයම එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම වෑන් රථයේ ගමන් කළ පොලිස් සැරයන්වරයකු මියගොස් උපපොලිස් පරීක්‍ෂකවරයකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත. පාතාල සන්නද්ධ කණ්ඩායම... |
"2024 රට දිනවන කඳුළ නිවෙන නව වසරක් වේවා…." | " ලස්සන කරවමින් නව වසරක මිහිරලත් අභියෝග මැද ජයගමු ගිරිශිඛරඋස් අදහස් ම පුබුදා මිනිසුන් අතරසෙත් සුව සදාගමු විස්සයි විසිහතර අනුරාධ හිරිපිටියගේ" |
"වැට් වදින හැටි – භාණ්ඩ 97කට අලුතින් වැට්" | "භාණ්ඩ හා සේවා මත අය කරන එකතු කළ අගය මත බදු (වැට්) අනුපාතය සියයට 18 දක්වා වැඩිවීම අද (01දා) සිට ක්‍රියාත්මක වේ. දැනට පවතින වැට් බදු අනුපාතිකය සියයට 15 ක් වන අතර මේ අනුව දැනට වැට් බද්ද අදාළ වන භාණ්ඩවල බදු ප්‍රතිශතය සියයට 3 කින් ඉහළ යනු ලබයි. එසේම දැනට වැට් බද්ද අදාළ නොවන ඇතැම් භාණ්ඩ හා සේවා මත අලුතින් සියයට 18 කින් එම බ... |
"පාලකයෝ අපට බයේ ඡන්ද කල් දානවා" | "අද ප්‍රවෘත්තියක් විකාශනය වුණා භූමි කම්පනයක් හේතු කොට ගෙන ලංකාවට සුනාමි අවදානමක් කියලා නැවතත් මධ්‍යානය වන විට නැවත විකාශනය කරා සුනාමි අවදානම් තත්ත්වය බැහැර වුණා කියලා හැබැයි අද මාතරට නම් සුනාමියක් ආවා ඒ ගැහැණු සුනාමියක් හරිනි සහෝදරිය සමග අපි අවස්ථා කිහිපයකදීම මේ සමුළුව ගැන සාකච්ඡා කළා. අපට විශ්වාසය ගොඩනැගුවා. අපි මේ වැ... |
"අලුත් අවුරුදු සුබ පැතුම්" | "‘අපේ මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජයගන්නට 2024 වසරේදී අදිටන් කර ගනිමු’ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර ඇති නව අවුරුදු සුබ පැතුම් පණිවුඩයෙහි දැක්වේ. එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. 2024 නව වසරට අප පියනගන්නේ ශ්‍රී ලංකාව යළි නඟාසිටුවීමේ අභියෝගය හා අපේක්‍ෂාව හදැතිවය. දහසකුත් එකක් පුද්ගලික අපේක්‍ෂාවන් අ... |
"දෙසැම්බරයේ විදෙස් සංචාරකයෝ ලක්‍ෂ 2 ක් ලංකාවට ඇවිත්" | "දෙසැම්බර් මාසයේ පමණක් ලක්‍ෂ දෙකකට අධික සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණ තිබේ. වසර හතරකින් පසුව වාර්තා වූ වැඩිම සංචාරකයන් ප්‍රමාණය මෙයයි. පසුගිය වසර පුරාම මෙරටට පැමිණි සංචාරකයන් ප්‍රමාණය මිලියන 1.5 ඉක්මවා ඇත.චතුර පමුණුව" |
"එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හිර ගෙවල්වල සිටි ශ්‍රී ලාංකිකයෝ 44 කට රාජකීය සමාවක්" | "එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ බන්ධනාගාරවල දඬුවම් විඳිමින් සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස්හතර දෙනකුට රාජකීය නියෝගයකින් සමාව ලබා දී තිබේ. මේ පිරිස පසුගිය සති අන්තයේ නිදහස් කර නියමිත කාලය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයේ වියදමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව විදේශ අමාත්‍යාංශය කියයි. දෙසැම්බර් 2 වැනිදාට ය... |
"අධික බදු බර නිසා රටේ නිවාසවල ආදායම් මට්ටම 60% කින් අඩුවෙලා" | "රටේ නිවාසවල ආදායම් මට්ටම 60% කින් අඩුවන විට වියදම් මට්ටම 90% කින් වැඩිවී ඇති බවත් ආර්ථික අර්බුදය නිසා සියයට 22 ක් ණය බරින් පෙළෙන බවත් විපක්‍ෂ නායකවරයා පැවසීය. එසේම පෙර පාසල් මට්ටමේ සිට විශ්වවිiාල මට්ටම දක්වා අධ්‍යාපනයේ නියැලෙන සියයට 55 කගේ අධ්‍යාපනයට බලපෑම් එල්ල වී ඇති නමුත් ආර්ථික අර්බුදය හමුවේ වුවත් 3.4% කගේ ආදායම ව... |
"විදුලි සංදේශ සේවා ගාස්තුත් අද සිට ඉහළට" | "වැට් බදු සංශෝධනය කිරීමට රජය ගත් තීරණයත් සමඟ අද (01 දා) සිට විදුලි සංදේශ සේවා සඳහා වැඩිකළ වැට් බද්ධ එකතුවන බව දුරකථන සමාගම් පවසයි. මේ වනවිට සියයට 15ක්ව පැවැති වැට් බද්ද අද සිට සියයට 18 ක් දක්වා ඉහළ දැමීමට රජය පියවර ගත් අතර එම හේතුවෙන් විදුලි සංදේශ සේවා සඳහා වන ගාස්තුව සියයට 03 කින් ඉහළ නැංවෙන බව සඳහන් වේ. ඒ අනුව සියලුම... |
"චාමර වීරසිංහ තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ" | "ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා තවදුරටත් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ (MICU) ප්‍රතිකාර ලබන බව එම රෝහල් අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය සාගරී කිරිවන්දෙනිය මහත්මිය ‘දිවයින’ට ඊයේ (31 දා) පැවසුවාය. නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් රෝහල් ගත කෙරුණු ඒ මහතාගේ පෙනහළුවල ගැටලුවක් මතුවී ඇති බවත් එබැවින්... |
"බදු දැලෙන් රිංගා යෑමට අදින් පසු කාටවත් බැහැ- ආශු මාරසිංහ" | "බදු නොගෙවන කිසිදු සමාගමකට බදු දැලට හසුනොවී සැඟවී සිටීමට අද (01 දා) සිට ඉඩ නොතබන බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා පැවසීය. බදු ගෙවන්නේ කවුද, බදු නොගෙවන්නේ කවුද යන්න විමර්ශනය කිරීමට ක්‍රමවේදයක් සකසා තිබෙන බව ද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙරේදා (30 දා) පැවසීය... |
"හෝටල් කෑමටත් වැට් වදී" | "රජය වැට් බදු වැඩිකිරීමත් සමඟ කිරි තේ, ප්ලේන්ටී, බත්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, පරාටා, බිත්තර රොටි ඇතුළු ෂෝටීස් මිල ඉහළ නංවන බව සමස්ත ලංකා ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා “දිවයින” ට ඊයේ (31 දා) පැවැසීය. කෙසේ වෙතත් පිටිවලින් බලපෑමක් ඇති නොවීම නිසා බිත්තර ආප්ප හා ප්ලේන් ආප්ප මිල වැඩිනොකරන බව... |
"ගිය වසරේ රට වටෙන්ම ඩෙංගු ලෙඩ්ඩු අසූඅටදහසක් – මරණ 62 ක්" | "ගතවූ 2023 වර්ෂය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් අසූඅටදහසක් (88,000) වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මෙම කාලය තුළ ඩෙංගු මරණ 62 ක් වාර්තාවී ඇතැයිද එම ඒකකය පවසයි. වැඩිම ඩෙංගු රොගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත්, එම සංඛ්‍යාව 39,000 කට අධික බවත් එම ඒකකය කියයි. මීට අමතරව මධ්‍යම පළාතෙන් 11,223 දෙ... |
"රණ්ඩු නොවී මේ වසරේදීවත් එකතුවෙමු" | "දේශපාලනයේ රණ්ඩු වී බෙදීම් ඇතිකරගෙන මන්ත්‍රීවරයෙක් වියහැකි වුවත්, ඉන් රටට සිදුවන්නේ විනාශයක් නිසා සියලු දෙනා නව වසරේදීවත් රට ගොඩනැඟීමට එක්විය යුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය. රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ලෙස පත්වන විට රටේ ආර්ථිකය ඉතා පහළ මට්ටමක පැවැති බවත් ඒ මහතා ජනා... |
"රතිඤ්ඤා කඳුළු හැම තැනම" | "මෙදා නත්තල් කාලේ සිට මෙදා 2024 අලුත් අවුරුද්ද දක්වා මෙම කාන්තාව රතිඤ්ඤා විකුණා ලැබූ ආදායම ඊට වැය කළ මුදලවත් පියවා ගැනීමට නොහැකිවී ඇති බව ‘දිවයින’ට කඳුළින් පවසන්නීය. මිනිස්සුන්ට අද රතිඤ්ඤාවලට වඩා ජීවිතය ගැට ගසා ගන්න එක ලොකු ප්‍රශ්නයක්. මෙදා රතිඤ්ඤා වෙළඳාම තුට්ටුවට ගියේ මිනිස්සුන්ට ජීවත් වෙන්න හරි හැටි ආදායමක් නැති නිසා... |
"මහ මැතිවරණය පස්සට! ජනපති සටන පටන් ගනී" | "ලබන වසරේ (2024) පැවැත්විය යුතු ජාතික මැතිවරණය ජයග්‍රහණය කිරීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය මාධ්‍ය ප්‍රචාරක වැඩසටහන ආරම්භ කිරීමට අවශ්‍ය මූලික සාකච්ඡා ආරම්භ කර ඇත. ඒ අනුව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් දිනිත් චින්තක, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ ජෙන... |
"යුක්තියෙන් බන්ධනාගාරයට පාඩුයි" | "යුක්තිය මෙහෙයුම මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරන සැකකරුවන් ගණන දිනෙන් දින ඉහළ යෑමත් සමඟ රැඳවියන් නඩත්තු කිරීමට දිනකට වැයවන මුදල රුපියල් පන්කෝටියකට ආසන්න වී ඇතැයි බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. රටපුරා පිහිටි බන්ධනාගාරවල රඳවා තැබිය හැකි රැඳවියන් ගණන එකොළොස් දහසක් වුවත් මේ වනවිට බන්ධන... |
"පඩි වැඩි – ඉල්ලීම් කුණු කූඩයේ නම් වෛද්‍යවරු සටනේ" | "වෛද්‍යවරුන්ට ආර්ථික සහනයක් ලබාදීම සඳහා බලධාරීන් විසින් ලබා දුන් විසඳුම් ප්‍රකාශයට පත් නොකිරීම සහ සෞඛ්‍ය පද්ධතියේම පවතින අර්බුදයට විසඳුම් ඉල්ලා රජයට ඉදිරිපත් කළ අටවැදෑරුම් යෝජනා මාලාවට ද නිසි ප්‍රතිචාර නොලැබීමට විරෝධය දක්වමින් අදින් (31 දා) පසු එළැඹෙන ඕනෑම දිනයක වෘත්තීය ක්‍රියාමාර්ග වෙත පිවිසීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ... |
"උ.පෙළ ජනවාරි 4දා සිට" | "අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස (ජනවාරි) 04 දා ආරම්භ කෙරේ. ඒ අනුව එම විභාගය විභාග මධ්‍යස්ථාන 2600 කට වැඩි ප්‍රමාණයක පැවැත්වෙන අතර විභාගයට මුහුණ දෙන සිසුන් පැය භාගයකටවත් පෙර සිය විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා ඉල්ලා සිටී. විභාගයට මුහුණ දීමට විභාග ප්‍රවේශ පත්‍රය සහ ජා... |
"නව වසරේ රජයේ නිවාඩු 25ක්" | "හෙටින් උදාවන 2024 වසරට අදාළව රජයේ නිවාඩු දින 25ක් ප්‍රකාශයට පත්කර ඇත. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් මගින් එම නිවාඩු ප්‍රකාශ කර ඇති අතර වැඩිම නිවාඩු දින සංඛ්‍යාවක් ඇත්තේ අප්‍රේල් මාසයේදීය. එම ප්‍රමාණය 04 කි. ජනවාරි මස 15, 25, පෙබරවාරි 04, 23, මාර්තු 08, 24, 29, අප්‍රේල් 11, 12, 13, ... |
"ලබන වසරේ මැතිවරණවලට…" | "එක්සත් ජාතික පක්‍ෂය හෙට (ජනවාරි 01 දා) සිට නායකත්ව මණ්ඩලයක් පත්කර දේශපාලන කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. ඉදිරියේ පැවැත්වෙන ජාතික මැතිවරණ ඉලක්ක කර ගනිමින් බිම් මට්ටමින් පක්‍ෂයේ ප්‍රචාරක යාන්ත්‍රණය දියත් කිරීම මෙම නායකත්ව මණ්ඩලයේ අරමුණ වී ඇත. එම නායකත්ව මණ්ඩලය සඳහා රුවන් විජයවර්ධන, රවී කරුණානායක, වජිර අබේවර්ධන, අකි... |
"දරුවන්ගෙන් 55%කගේ අධ්‍යාපනයට දැඩි බලපෑම්" | "පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත් වයස අවුරුදු 3 සිට 21 අතර අධ්‍යාපනය හදාරන දූ දරුවන්ගෙන් සියයට 54.9 එමගින් සෘජු බලපෑම් එල්ල වී ඇති බවත් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත්කර නවතම වාර්තාවේ දැක්වේ. එකී වාර්තාව අනුව ඉහත සඳහන් කළ වයස් කාණ්ඩය තුළ නාගරිකව සියයට 54... |
"ලොකු ලූනු නිෂ්පාදනය පහළටම" | "ඉකුත් වර්ෂයේ දී (2022) මෙරට ලොකු ලූනු නිෂ්පාදනය පෙර වසරට (2021) සාපේක්ෂව මෙට්‍රික් ටොන් 17,799 දක්වා සියයට 73කින් කැපීපෙනෙන ලෙස පහළ ගොස් ඇති බැව් ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි. මෙම තත්ත්වය හේතුවෙන් ඉකුත් වර්ෂයේ ලොකු ලූනු ආනයනය මෙට්‍රික්ටොන් 263,781 දක්වා සියයට 2... |
"මත් ජාවාරම අඩකින් අඩුවෙලා" | "පොලිසිය මගින් දීප ව්‍යාප්ත අන්දමින් සිදුකරනු ලබන යුක්තිය මෙහෙයුම නිසා මත්ද්‍රව්‍ය ජාවාරම සියයට පනහකින් අඩුවීමක් පෙනෙන බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්‍ද්‍රකුමාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය. මෙම වැටලීම්වල ප්‍රගතිය පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සිදුකළ ... |
"ඩෙංගු – ඉන්ෆ්ලුවෙන්සා දරුවන්ගේ වැඩිවීමක්" | "ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ පැවසීය. එවැනි දරුවන් වැඩි වශයෙන් මේ වනවිට රෝහලට පැමිණෙන බවද හෙතෙම කීය. කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව, උණ වැනි රෝග ලක්‍ෂණ ඇත්නම් දරුවන් වහාම ළඟම සිටින වෛද්‍යවරයකු වෙත රැගෙන ... |
"ඉන්ධන මිල ඉහළට" | "ඉන්ධන සඳහා අලුතින් වැට් බදු පැනවීම නිසා හෙට (01 වැනිදා) සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් හතළිස් දෙකකින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් හතළිස් පහකින් පමණ වැඩිවන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පැවසීය. පෙට්‍රල් හා ඩීසල් ලීටරයක මේසා විශාල ගණනකින් ඉහළ යන්නේ දැනට ඉන්ධන මත පනවා තිබෙ... |
"ෆයිසර් එන්නත් ලක්ෂ 79ක් කල් පනී" | "කොවිඩ් වසංගතය මැඬලීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා මිල දී ගෙන තිබූ රුපියල් මිලියන 10,736ක් වටිනා ෆයිසර් එන්නත් මාත්‍රා හැත්තෑනව ලක්ෂ පනස්එක්දහස් හත්සිය දහයක් (7,951,710) ඉකුත් වර්ෂයේ (2022) ජුලි මස 31 දින වන විට කල් ඉකුත් වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධනයේ සභාපති ව... |
"ජල මණ්ඩලේ පාඩු මැද මිලියන ගණන් දීමනා දීලා" | "ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය රුපියල් බිලියන 03ක පාඩුවක් ලබා තිබිය දී අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය යටතේ 2022 වර්ෂයේ ප්‍රසාද දීමනා වෙනුවට පලදායි දීමනා ලෙස රුපියල් මිලියන 269ක මුදලක් එහි සේවකයින්ට ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව 2021 නොවැම්බර් මස 17 වැනිදා නිකුත් කළ මෙහෙයුම් අත්පොත... |
"වරාය අධිකාරියෙන් බහාලුම් ගැලවෙයි!" | "කොළඹ වරායේ බහාලුම් මෙහෙයවීමේ කාර්යය මේ වන විට වරාය අධිකාරියෙන් ක්‍රමානුකූලව ගිලිහී පුද්ගලික අංශය වෙත නතුකර ගනිමින් සිටින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි. එකී විගණන වාර්තාවට අනුව කොළඹ වරායේ 2022 වර්ෂයේ දී බහාලුම් මෙහෙයවීමේ කාර්යයන්ගෙන් සියයට 72ක්ම සිදුකොට ඇත්තේ පෞද්ගලික සමාගම් දෙකක... |
"මත්ජාවාරමුන්ගේ මිලියන 1743 ක දේපොළ රජයට" | "මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ පාතාල අපරාධකාරයන්ට අයත් රුපියල් මිලියන 1743ක දේපොළ නීති විරෝධී වත්කම් පවරා ගැනීමේ විශේෂ පොලිස් ඒකකය මගින් පසුගිය වසර 2ක කාල සීමාවේදී රජයට පවරාගෙන ඇත. මේ අතර මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන ජාවාරම්කාරයන් සහ පාතාල අපරාධකාරයන් 1220දෙනෙකුට අයත් රුපියල් කෝටි ගණනක දේපොළ රජයට පවරා ගැනීමේ විමර්ශන... |
"ආර්ථික අර්බුදය : දියවැඩියාවට – ප්‍රෙෂර්වලට 40%ක් බෙහෙත් බොන්නෙ නෑ" | "දියවැඩියාව, අධිරුධිරපීඩනය වැනි බෝ නොවන රෝගවලට ගොදුරුව සිටින පිරිස අතරින් සියයට 40%කට වැඩි පිරිසක් නිසි ලෙස එම රෝග පාලනය සඳහා ඖෂධ නොගන්නා බව අනාවරණය වී ඇත. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පවතින ආර්ථික අර්බුදය නිසා ඖෂධ මිලදී ගැනීමේ දුෂ්කරතා මතුවීම බව එම රෝගීන් සඳහන් කර තිබේ. මෙම ඖෂධ වර්ගවල මිල ඉහළ ගොස් ඇති නිසා වෙනදා මෙන් ම... |
"කහවත්තේ මව මැරුවේ රන් බඩු පලහිලව්වකට!" | "කහවත්ත, වැල්ලදුර වෙලේවත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී හැත්තෑ එක් හැවිරිදි තිදරු මවක අභිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු කහවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා වෙත ඊයේ (29 දා) ඉදිරිපත් කළ පසු ලබන 01 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මෙලෙස ඝාතනයට ලක් වූයේ කහවත... |
"18 ට වැඩි නම් ජනවාරි 1 සිට ‘අංකය’ අනිවාර්යයි" | "ලබන වසරේ ජනවාරි මස සිට වයස අවුරුදු දහඅටට වැඩි සියලුම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තු ලියාපදිංචි අංකය (TIN Number) ලබාගත යුතු බව දේශීය ආදායම් කොමසාරිස් ඒ එම්. නෆීර් මහතා පවසයි. බදු ගෙවීම සඳහා ආදායමක් පවතින්නේ නම් පමණක් ඔවුන් ආදායම් බදු ගෙවිය යුතු බවත් හැම දෙනාටම ජාතික හැඳුනුම්පත් අංකයක් තිබෙන ආකාරයට (TIN Number) එකක් ල... |
"කොවිඩ් ගැන අනියත බියක් එපා – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි" | "කොවිඩ්-19 ඇතුළු බෝවන රෝග සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇතිකර ගතයුතු නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. දිවයින පුරා ප්‍රධාන රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගෙන් අදාළ සාම්පල ලබාගනිමින් බෝවන රෝග පිළිබඳව පරීක්‍ෂණ සිදුකිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි ද සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, වෛද්‍ය ජී. විජේසූරිය මහතා මාධ්‍ය ... |
"තැන්පතු ආරක්‍ෂාවට නීතිය වැදගත් පරාටේ එපා කියන්නේ ණය පැහැර හරින කල්ලි – මහබැංකු අධිපති කියයි" | "පරාටේ නීතිය අහෝසි කරන ලෙස ඉල්ලීම් කරන්නේ බැංකුවලින් ණය ලබාගෙන පැහැර හැර සිටින සංවිධානාත්මක සුළු පිරිසක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. සුළු පිරිසකගේ අවශ්‍යතාවට පරාටේ නීතිය ක්‍රියාත්මක නොකළොත් තැන්පත්කරුවන්ට විශාල අසාධාරණයක් වන බවද, එසේම ඉදිරියේදී ණය ලබාගන්න අපේක්‍ෂා කරන අයටද ලොකු අසාධාරණයක් ... |
"ඉන්ධන අලෙවිය 40%කින් පහළට" | "දැඩි උද්ධමනය හමුවේ ඉන්ධන මිලදී ගැනීමට ජනතාව අත මුදල් නොමැති නිසා දෛනික ඉන්ධන අලෙවිය සියයට හතළිහකින් පමණ පහළ බැස ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කියා සිටී. රටේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයේ තිබූ සමයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් පන්දහසක් පමණ දිනකට අලෙවි වුවත් මේ වනවිට දිනකට අලෙවි වන පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් දෙදහසකි... |
"‘අර්තාපල් හිල්’ වහන්න සමාගම එකඟ වෙයි!" | "යාපනය කුප්පවේලි ප්‍රදේශයේ ගබඩාවක තිබිය දී නරක් වූ බීජ අර්තාපල් තොගය වෙනුවට අලුතින් බීජ අර්තාපල් ලබාදීමට ඒවා ආනයනය කළ සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයට එකඟ වී ඇත. මෙම බීජ අර්තාපල් තොගය ගොවීනට නොමිලයේ ලබාදීමට ගබඩා කර තිබූ ඒවා බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. පසුගිය කාලය පුරා යාපනය ප්‍රදේශයට ඇදහැළුණු වැස්ස නිසා ගබඩාවට ජලය ක... |
"දෙසැම්බර් උද්ධමනය 4%ට නගී" | "කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය දෙසැම්බර් මාසයේදී සියයට 4ක් දක්වා වැඩිවී ඇත. එම උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේදී සියයට 3.4ක් විය. නොවැම්බර් මස පැවති ආහාර උද්ධමනය සියයට ඍණ 3.6 සිට දෙසැම්බර් මාසයේදී සියයට 0.3 දක්වා වැඩිවී ඇත. එමෙන්ම ආහාර නොවන උද්ධමනය නොවැම්බර් මාසයේ පැවති සියයට 6.8 සිට දෙසැම්බර් මාසයේදී ස... |
"දෙරටේ නායකයන් එකඟවූ දාහතර වැදෑරුම් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම අරමුණයි – ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අගමැති හමුවේ කියයි" | "නැවත වරක් කොළඹට පැමිණීමට ලැබීම තමා ලද වරප්‍රසාදයක් ලෙස සළකන බවත්, ශ්‍රී ලංකාවේ යහපත දෙරටේ නායකයන් ඇති කරගත් එකඟතා මත ක්‍රියාත්මක කිරීමට එකඟවූ දාහතර වැදෑරුම් වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනයෑම තම අරමුණ බවත් ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසීය. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ්... |
"දේශබන්දු පොලිස්පති කරන්න එපා – කාදිනල්තුමා ඇතුළු පිරිසක් උසාවි යති" | "දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් සහ ඔහු පොලිස්පති ධුරයට පත් කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සත්‍ය හා යුක්තිය සඳහා වූ නීතිඥ සංවිධානයේ නීතිඥ අමිල එගොඩමහවත්ත, නීතිඥ මනෝජ් නානායක්කාර ඇතුළු පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලි... |
"ඉන්දීය සාගරයේ භූමිකම්පා 4ක් – ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ" | "ඉන්දීය සාගරය තුළ ඊයේ (29දා) උදෑසන භූ කම්පන හතරක් වාර්තා විය. අලුයම භූ කම්පන දෙකක් ද ඉන් පසු පෙරවරු 8.00ට පමණ තවත් භූ කම්පන දෙකක් ද වාර්තා වී ඇතැයි භූ විද්‍යා සමීක්‍ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරයි. පළමු භූ කම්පන දෙක රිච්ටර් මාපක 4.8ක් සහ 5.8ක් ලෙස වාර්තා වී තිබිණි. දෙවැනි භූ කම්පන දෙක රිච්ටර් මාපක 5.2ක් සහ 5ක් ලෙස සටහන... |
"අවසන් කටයුතු අද" | "අභාවප්‍රාප්ත කෘතහස්ත මාධ්‍යවේදී නන්දසේන සූරියආරච්චි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (30 දා) සවස කොහුවල සුසාන භූමියේදී සිදු කෙරේ. ඔහු මිය යන විට 78 වැනි වියෙහි පසු වූයේය. වසර 50කට වැඩි කාලයක් දිනමිණ, සිළුමිණ, දිවයින, රිවිර ඇතුළු පුවත්පත් ගණනාවක කතුවරයකු ලෙස සේවය කළ ඔහු ලියා ඇති ග්‍රන්ථ ගණන 55ක් පමණ වේ. දකුණු පළාතේ බ... |
"කොළඹ අවදානම් ගස් 200ක් කපන්න හදයි" | "කොළඹ නගරය තුළ හඳුනාගත් අනාරක්‍ෂිත ගස් 200කට අධික සංඛ්‍යාවක් ඉදිරියේ දී කපා ඉවත් කිරීමට කොළඹ මහ නගර සභාව සැලසුම් කර ඇත. පේරාදෙණිය උද්භිද උද්‍යානය සහ ශාක විශේෂඥයන් සිදුකළ පර්යේෂණ අනුව තවත් ගස් 200ක පමණ අතු සමබර කිරීමට නියමිත බවද එම නගර සභාව කියයි. අයහපත් කාලගුණික තත්ත්වය පවතින අවස්ථාවල ජනතාවට සිදුවිය හැකි ආපදා තත්ත්වයන්... |
"රෝහල් රැසක ශ්වසන රෝග ඖෂධ හිඟයක්" | "රජයේ රෝහල් බොහොමයක ශ්වසන රෝග සඳහා ලබාදෙන ඖෂධවල හිඟයක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ශීත කාලගුණික තත්ත්වයත් සමග ඇදුම, හතිය, ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදන ඇතුළු ශ්වසන රෝගවල වැඩිවීමක් සිදුව ඇති බැවින් පවතින මෙම අත්‍යවශ්‍ය ඖෂධ හිඟය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ද එම සංගමයේ ලේකම්, වෛද්‍ය ජයන... |
"සරම්ප වසංගත තත්ත්වයට පත්වීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගත යුතුයි – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ්" | "සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය නැවත මතුවීම සහ මාස කිහිපයක් තුළ රෝගීන් හත්සියයක් වාර්තා වීමෙන් වසංගත තත්ත්වයක් රට තුළ යළි නිර්මාණය වීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගත යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි. එමෙන්ම නැවත හිස ඔසවා ඇති ළාදුරු, මැලේරියා, බරවා රෝග මෙන්ම පාලනයකට යටත් කර තිබූ ඩ... |
"අද වැසි" | "නැඟෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (30 දා) විටින්විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බවත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක වැසි ඇති වියහැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු පළාතෙත් අනුරාධපුර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇතිවන බවත්... |
"චෙක්පත් වංචා වැළැක්වීම සඳහා පත්කළ කමිටු වාර්තාව අධිකරණ ඇමැතිවරයා අතට" | "චෙක්පත් මගින් ගනුදෙනු කිරීමේදී සිදුවන වංචා, අක්‍රමිකතා සහ අතපසුවීම් හේතුවෙන් මෙරට ව්‍යාපාරික ප්‍රජාව හා සාමාන්‍ය ජනතාවට මුහුණදෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ඒ සම්බන්ධව පවතින නීති වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජ... |
"කේක් අලෙවිය 75%කින් පහළට" | "මෙවර නත්තල් හා උත්සව සමයේ දී කේක් අලෙවිය සියයට 75කින් අඩුවී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය. පසුගිය වසරවලට සාපේක්‍ෂව කේක් අලෙවිය සියයට 25ක් දක්වා අඩුවී ඇතැයි ද හෙතෙම කීය. මේ වනවිට බිත්තර ඇතුළු කේක් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ද සොයාගැනීමේ දැඩි අපහසුතා... |
"තෙල් ගෑස් වැට් වදී" | "ඉන්ධන සහ ගෑස් සඳහා 2024 ජනවාරි පළමු වැනිදා සිට වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉන් ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය පැවසුවාය. ඒ අනුව ඉන්ධන සඳහා සියයට 18ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී සියයට 7.5ක වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉවත්වනු ඇති බව ඇය සඳහන් කළාය. ... |
"කුඩු රොෂාන්ගේ ලක්ෂ 550ක් රජයට ගනී" | "වරකාපොලදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කුඩු රොෂාන්ට අයත් රුපියල් ලක්‍ෂ 550කට අධික දේපොළ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් රජයට පවරා ගැනීමට පියවර ගෙන ඇත. වරකාපොලදී අත්අඩංගුවට ගත් කුඩු රොෂාන් ඇතුළු 15 දෙනකු රඳවා තබාගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කරගෙන යන අතර එම සැකකරුවන්ට අයත් රුපියල් කෝට... |
"නව අල්ලස් කොමිසම පත්වෙයි" | "අල්ලස් කොමිසම සඳහා නව සභාපතිවරයකු සහ සාමාජිකයන් දෙදෙනකු පත් කර ඇත. ඒ අනුව එහි සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවල මහතා පත් කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස පළපුරුදු බැංකුකරුවකු වන චේතිය ගුණසේකර සහ නීති විශාරදයකු වන ආර්. බී. රාජපක්ෂ යන මහත්වරුන් පත් කර තිබේ. 2024 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම් ... |
"ජනපති සටනට දයාසිරිත්" | "ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තමා සූදානම් බව ශ්‍රීලනිප හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය. ශ්‍රීලනිපයේ බහුතර කැමැත්ත තමා සතු බවත් ඔවුන් ඉල්ලීමක් කළහොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් මන්ත්‍රීවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය. තමා ශ්‍රීලනිප මහලේකම් ධුරයෙන් ඉවත් ... |
"රනිල් එන බව වෙලාවට කියයි" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරණයට තරග කරන බවට නියමිත වේලාවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිත්‍ය වශයෙන්ම ජනපතිවරණය පවත්වනු ඇති බව එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නියමිත වේලාවට ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසු ශ්‍රී ලාංකික සමස්ත මහජනතාව තමන්ට සි... |
"රටක් ඉදිරියට යන්න හොඳ ආර්ථිකයක් වගේම එක්සත් ජනතාවක් සිටිය යුතුයි – ජනපති රනිල් වික්‍රමසිංහ" | "රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟීම සහ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම අද රට හමුවේ ඇති ප්‍රධාන වගකීම් බවත්, කුමන පක්ෂයක් නියෝජනය කළද එම අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් තමන් සමඟ එක්වන ලෙස තමා සියලු දේශපාලන පක්ෂ වෙත නැවත ආරාධනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටේ සියලු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරම... |
"කොවිඩ් විජයකාන්ත් බිලිගනී" | "ජනප්‍රිය දකුණු ඉන්දීය (කොලිවුඩ්) නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 71 වැනි වියෙහි පසු විය. ඩී.එම්.ඩී.කේ. හෙවත් දේශීය මුර්පොක්කු ද්‍රවිඩ කසාගම් පක්ෂයේ නිර්මාතෘවරයා ලෙස ද වන විජයකාන්ත්, මියගොස් ඇත්තේ කොවිඩ් 19 නව වෛරසය ආසාදනය වී ඇති වුණු සංකූලතා හේතුවෙනි. හමුදා නිලධාරීන්... |
"යුක්තිය පැය 24ට 1422ක් අල්ලයි" | "යුත්කිය මෙහෙයුම මගින් පෙරේදා (27දා) මධ්‍යම රාත්‍රියේ සිට ඊයේ (28දා) මධ්‍යම රාත්‍රිය දක්වා සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී සැකකරුවන් 1422 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ඉන් සැකකරුවන් 35 දෙනකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය කියයි. එහිදී හෙරොයින් ග්‍රෑම් 347ක්, අයිස් 827ග්‍රෑම් ක්, ග... |
"ලවණ බාධකය ළඟ පවිත්‍රා හිටගනී" | "මාතර දිස්ත්‍රික්කයට ගංවතුර ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය ගැන කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා ලෙස වාරිමාර්ග හා වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අදාළ නිලධාරීන්ට දැනුම්දී ඇත. ජලසම්පත් මණ්ඩලය විසින් නිල්වලා ගඟ හරස් කොට මෙම ලවණ බාධකය යොදා තිබේ. මෙම ලවණ බාධකය නිසා මාතර ද... |
"වෛද්‍ය බෙල්ලන පැය 5ක් සීඅයිඩියේ" | "බාල ඖෂධ ගෙන්වීමේ මහ මොළකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂා කරන්නේ යැයි සිදුකළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28) පැය 5 ක් පමණ ප්‍රශ්න කළේය. එහිදී වෛද්‍ය බෙල්ලන විසින් හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධි... |
"දයාසිරිගේ තටු තවත් කපයි" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා මෙතෙක් දැරූ කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වයෙන් ඔහු ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇත. මේ අතර පක්‍ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය 23 දා බිංගිරියේදී දිස්ත්‍රික් සංවිධායකවරුන් හමුවී පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කර ඇත. ජයසේකර මහතා ඉවත... |
"කෘතහස්ත මාධ්‍යවේදී නන්දසේන සූරියආරච්චි අභාවප්‍රාප්ත වෙයි" | "ප්‍රවීණ මාධ්‍යවේදියකු හා කෘතහස්ත ග්‍රන්ථ කතුවරයකු වූ නන්දසේන සූරියආරච්චි මහතා අභාවප්‍රාප්ත වූයේය. ඔහු මිය යන විට 78 වැනි වියෙහි පසු වූයේය. වසර 50කට වැඩි කාලයක් දිනමිණ, සිළුමිණ, දිවයින, රිවිර ඇතුළු පුවත්පත් ගණනාවක කතුවරයකු ලෙස සේවය කළ ඔහු ලියා ඇති ග්‍රන්ථ ගණන 55ක් පමණ වේ. දකුණු පළාතේ බද්දේගම උනන්විටියේදී 1945 මාර්තු 27... |
"‘කිංබානට්’ හරිත් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි" | "ප්‍රවීන මාධ්‍යවේදියකු සහ දැන්වීම් නිර්මාණ ශිල්පියකු ලෙස කටයුතු කළ හරිත් ගුණවර්ධන මහතා ඊයේ (28දා) උදෑසන අභාවප්‍රාප්ත විය. කලක් ‘දිවයින’ පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ ඔහු ‘දිවයින ඉරිදා සංග්‍රහයෙහි’ අතිශය ජනප්‍රියත්වයට පත් ‘කිං බානට්’ නමැති තීරු ලිපියේ රචකයා ද විය. ඔහු විසින් රචනා කළ තවත් ජනප්‍රිය තීරු ලිපියක් වූය... |
"කොමිසමේ ලිඛිත අවසරය නැතත් අල්ලස් නඩු දාන්න පුළුවන් – අභියාචනාධිකරණය තීන්දු කරයි" | "අල්ලස් පනත යටතේ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලිඛිත අනුමැතිය අත්‍යවශ්‍ය නොවන බව ඊට අදාළ අභියාචනයක් සලකා බලමින් අභියාචනාධිකරණය තීන්දු කළේය. බාල ඉන්ධන මිලදී ගනිමින් රජයට පාඩුවක් සිදු කළැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2013 ජනවාරි මස 22දා එවකට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ල... |
"දිනකට එක් අයකුට විතරක් එන්න දෙන්න – ජෙරොම් බන්ධනාගාරයට කියයි" | "රක්‍ෂිත බන්ධනාගාරයේ පසුවෙන දේවගැති ජෙරොම් ප්‍රනාන්දු තමාගේ සුවදුක් බැලීම සඳහා සතියකට හත්දෙනකුට පමණක් පැමිණීමට අවසර ලබාදෙන ලෙස බන්ධනාගාර ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇත. ඊට අවසර ලැබී තිබේ. මේ අනුව ඔහු බැලීම සඳහා බන්ධනාගාරයට පැමිණිය හැක්කේ දිනකට එක් අයකුට පමණකි. ජෙරොම් ප්‍රනාන්දුට වඩාත් හිතවත් විදේශීය වෛද්‍යවරයකු ඔහු බැලීම සඳහා... |
"අපනයන ආදායම පහළට" | "ගිය වසරේ (2022) නොවැම්බර් මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව ඉකුත් නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 968.8 දක්වා සියයට 2.67කින් අඩු වී ඇත. ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව මේ අපනයන පසුබෑම වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. 2023 ඔක්තෝබර් මාසයට... |
"වරකාපොල හෝටලයකදී කුඩු රොෂාන් ඇතුළු 8 ක් අත්අඩංගුවට" | "මට්ටක්කුලිය ප්‍රදේශයේ ප්‍රබලම මත්කුඩු ජාවාරම්කරුවකු ලෙස සැලකෙන කුඩු රොෂාන් සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ලැයිස්තුගත තවත් මත්කුඩු ජාවාරම්කාර කාන්තාවන් හා පිරිමි හත්දෙනකු වරකාපොලදී ඊයේ (27 දා) පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් කුඩු රොෂාන් ඇතුළු අටදෙනා අතර මත්කුඩු ජාවාරම්කාර කාන්තාවන් සිවුදෙනෙකු සිටින අත... |
"මං ගියේ නෑ: එයාලා ආවා – සී.අයි.ඩීයට පැය දෙකක් ප්‍රකාශ දුන්නා" | "ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව සම්බන්ධයෙන් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 2ක කාලයක් ප්‍රකාශ ලබාදුන් බව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ‘දිවයින’ට ඊයේ (27 දා) කියා සිටියේය. හිටපු ඇමැතිවරයා මේ බව කියා සිටියේ ඊයේ ‘දිවයින’ ප්‍රධාන සිරස්තලය යටතේ පළවී තිබූ ඉමියුනොග්ලොබියුලින් වංචාව කෙහෙළිය ගෙන් පැය 0... |
"ඉදිරි මැතිවරණයේදීත් ආණ්ඩු බලය ලබාගැනීම බලාපොරොත්තුවයි" | "ඉදිරි මැතිවරණයේදීත් ආණ්ඩු බලය ලබා ගැනීම තම බලාපොරොත්තුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. හිටපු ජනාධිපති මහතා මේ බව සඳහන් කළේ ‘කිරිඳිවැල සතුටු පවුල’ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශන සැණකෙළියේ දෙවැනි දින සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි. ආණ්ඩු බලය ගන්නවා මිස විපක්ෂයට යෑමට හෝ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම ලබා ගැන... |
"45ක් වන නිවාඩු දින 25 දක්වා කපන්නයි හදන්නේ: – රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න යෝජනා ගෙනත්- දුමින්ද නාගමුව" | "රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට වූ යෝජනාවක් යහපත් රාජ්‍යකරණය පිළිබඳ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කර ඇතැයි කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා ඊයේ (27 දා) පැවසීය. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි ද ඒ මහතා කියා සිටියේ නුගේගොඩ දී ඊ... |
"කොවිඩ් යුගයෙන් පසු හෘදයාබාධ වැඩිවීමක්" | "කොවිඩ් 19 වසංගතය පැතිරගොස් ගතවී යන පශ්චාත් යුගයේදී හෘදයාබාධ ඉහළයෑමේ ගෝලීය අවදානමක් පිළිබඳ ජපන් පර්යේෂකයන් පිරිසක් මගින් අනතුරු අඟවා තිබේ. 02 – පිටුවට රසායනාගාර තුළ සිදු කළ ප්‍රාථමික සෛල ක්‍රියාවලියක් මගින් මෙම පර්යේෂණය කර ඇත. මේ අතර කොවිඩ් 19 ජේ. එන්. වන් කොවිඩ් උප ප්‍රභේදයක් ලොව රටවල් කිහිපයක ව්‍යාප්ත වී තිබුණත් එහි ... |
"රජයේ හිස් ගොඩනැඟිලි හිරගෙවල් වෙයි – ඇමැති විජයදාස" | "‘යුක්තිය’ මෙහෙයුම මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන රැඳවියන් ප්‍රමාණය දිනෙන් දින ඉහළයෑම නිසා බන්ධනාගාර පිරී ඉතිරී යෑම හේතුවෙන් රජය සතු හිස් ගොඩනැඟිලිවල රැඳවියන් තැබීමට පියවර ගන්නා බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ‘දිවයින’ට පැවසීය. යුක්තිය මෙහෙයුම ආරම්භ කළ පසු රට පුරා පිහිටි බන්ධනාගාර විසිඅටෙහි අලුත් රැඳවියන් ද... |
"හීනටියන මහේෂ්ගේ ඕඩරයකට ජීවිත තුනකට ඉව ඇල්ලූ ‘මිනුවන්ගොඩ කියා’ දැලේ" | "ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයකු බව කියන හීනටියන මහේෂ් නමැත්තාගේ නියෝග මත මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් තිදෙනකු ඝාතනය කිරීම සඳහා සූදානමින් සිටි පාතාල අපරාධකරුවකු අවි ආයුධත් සමග කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ‘මිනුවන්ගොඩ කියා’ නමින් හඳුන්වන මෙම අපරාධකරු හීනටියන මහේෂ්ගේ ප්‍රධාන ... |
"සියලුම පක්ෂවලට ජනපතිගෙන් යළි ආරාධනා" | "රටේ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීම සහ ජනවාර්ගික ගැටලුවට විසඳුම් සෙවීම රට හමුවේ ඇති ප්‍රධාන වගකීමක් බවත් ඒ සඳහා තමන් සමග එක්වන ලෙස සියලු පක්ෂවලට නැවත වරක් ආරාධනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මෙම ආරාධනාව කරනු ලැබුවේ බදුල්ල ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ සියවස් සැමරුමට එක්වෙමිනි. එහිදී වැඩිදුරට... |
"සියලුම පක්ෂවලට ජනපතිගෙන් යළි ආරාධනා" | "රටේ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීම සහ ජනවාර්ගික ගැටලුවට විසඳුම් සෙවීම රට හමුවේ ඇති ප්‍රධාන වගකීමක් බවත් ඒ සඳහා තමන් සමග එක්වන ලෙස සියලු පක්ෂවලට නැවත වරක් ආරාධනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මෙම ආරාධනාව කරනු ලැබුවේ බදුල්ල ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ සියවස් සැමරුමට එක්වෙමිනි. එහිදී වැඩිදුරට... |
"ජපන් මුදල් ඇමැති දින දෙකකට දිවයිනට" | "ජපාන මුදල් ඇමැති ෂුනිචි සුසුකි මහතා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව ඇත. ඒ මහතා ජනවාරි මස 11 සහ 12 යන දෙදිනේ මෙරට සංචාරය කිරීමට නියමිත බව ජපාන තානාපති කාර්යාලය පවසයි. මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.ශ්‍යාම් නුවන් ගනේවත්ත" |
"විදුලිබිල අඩු කිරීම ජනාධිපතිවරණ අල්ලසක් – අශෝක් අබේසිංහ" | "ජනාධිපතිවරණය වෙනුවෙන් ජනතාවට අල්ලසක් ලබාදීම සඳහා ජනවාරි මාසයේ සිට විදුලි බිල සියයට දහයකින් අඩු කිරීමට ආණ්ඩුව ක්‍රියාකරනු ඇතැයි,කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය. ලබන වසර මැතිවරණ වසරක් ලෙස නම් කර තිබීම හේතුකොට ගනිමින් ආණ්ඩුව ඉන්ධන මිල ද යම්තාක් දුරට අඩුකිරීමේ බලාපොරොත්තුවෙන් පසු... |
"ජෙරොම් යළිත් රිමාන්ඩ්" | "ආගමික සහජීවනයට හානිවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ජනවාරි මස 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඊයේ (27 දා) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නියෝග කෙරිණි. විදේශගතව සිට පසුගිය මස 29 වැනිදා දිවයිනට පැමිණි දේවගැති ජෙරොම් ප්... |
"පහර කා මියගිය කළුතර රැඳවියාගේ මරණය ගැන විවෘත තීන්දුවක්" | "පහරදීමක් හේතුවෙන් රෝහල් ගතකර සිටියදී මියගිය කළුතර බන්ධනාගාර රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් ඊයේ (27 දා) කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී තිබේ. කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ශ්‍රියන්ත අමරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇත. කළුතර, ම... |
"මහා අරියවංශ දේශනාවට යන්න විශේෂ දුම්රිය සේවාවක්" | "අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියසදී පැවැත්වීමට නියමිත “මහා අරියවංශ දේශනාව” වෙනුවෙන් බෙලිඅත්ත සහ කොළඹ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය සේවයක් යොදවා ඇත. ඒ අනුව අනිද්දා (30 දා) සහ ඊට පසු දින (31 දා) දක්වා මෙම විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටී. එම දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් 30 දා පෙරව... |
"රටේම විදුලිය බිඳවැටීම – මහජන උපයෝගිතා කොමිසම කියන්නේ බොරු" | "පැය හයකට ආසන්න කාලයක් ඉකුත් 09 වැනිදා සිදුවූ රටේම විදුලිය බිඳවැටීමේ සිද්ධියට ලංවිම වරද පිළිගත් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කළ ප්‍රකාශය සාවද්‍ය යැයි ලංවිම මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා කියා සිටී. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය එච්. ඒ. ආර්. මංජුල ප්‍රනාන්දු මහත... |
"හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත ඇතුළු 6දෙනා යළි රිමාන්ඩ්" | "ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුළු සැකකරුවන් 06 දෙනකු ජනවාරි මස 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඊයේ (27 දා) ඔවුන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදි... |
"රටේම විදුලිය බිඳවැටීම – මහජන උපයෝගිතා කොමිසම කියන්නේ බොරු" | "පැය හයකට ආසන්න කාලයක් ඉකුත් 09 වැනිදා සිදුවූ රටේම විදුලිය බිඳවැටීමේ සිද්ධියට ලංවිම වරද පිළිගත් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කළ ප්‍රකාශය සාවද්‍ය යැයි ලංවිම මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා කියා සිටී. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය එච්. ඒ. ආර්. මංජුල ප්‍රනාන්දු මහත... |
"මද්‍යසාර නිසා බිලියන 237ක සෞඛ්‍ය හා ආර්ථික හානියක්" | "මද්‍යසාර භාවිතයෙන් මේ වසරේදී මෙරටට රුපියල් බිලියන 237ක සෞඛ්‍ය හා ආර්ථික හානියක් සිදුවී තිබෙන බව ශ්‍රී ලංකාවේ මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ (ඇඩික් සංවිධානයේ) උපදේශක පුබුදු සුමනසේකර මහතා කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල කළ අධ්‍යයනයකට අනුව මේ බව අනාවරණය වී තිබෙන බවත් ශ්‍රී ලංකාවේ මද්‍යසාර සහ මත... |
"නව ට්‍රාන්ස්ෆෝමර් මගින් ශ්‍රීපාදස්ථානයට වසර පනහක් අඛණ්ඩව විදුලිය සැපයිය හැකියි – ලංවිම ඉංජිනේරු ධම්මික බණ්ඩාර" | "නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ රතු අම්බලම හා ඉඳිකටුපාන යන ස්ථානවල මේ දිනවල ස්ථාපිත කරන අධිබල නව විදුලි ට්‍රාන්ෆෝමර් (පැරා පැවි) 04 මගින් ඉදිරි වසර 50 කට වැඩි කාලයක් ශ්‍රීපාදස්ථානයට අඛණ්ඩ හා ගුණාත්මක විදුලි සැපයුමක් ලබාදිය හැකි බව එම විදුලි යෝජනා ක්‍රමයේ ඉදිකිරිම් භාරව සිටින ලංකා විදුලිබල මණ්ඩලයේ මධ්‍යම පළාත් තැනීම් ඉංජින... |
"ඉමියුනොග්ලොබියුලින් වංචාව: කෙහෙළියගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි" | "ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් රෝහල්වලට බෙදාහරිමින් රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (26 දා) පැය 7ක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය. ඊයේ පෙරවරු 9.00ට රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙප... |
"රට පැන්න පාතාලයන් මත් ජාවාරමුන් 60ක් ගේන්න යයි" | "විදේශගතව සිටිමින් මෙරට පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන පෙළේ පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 60 දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කර ඇති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසයි. ඩුබායි සහ ඉන්දියාව ඇතුළු රටවල් කීපයක සිට මෙරටට මත්ද්‍රව්‍ය තොගපිටින් එවන ප්‍රධාන පෙළ... |
"සුනාමි සැමරුම් පැරෑලියේදී" | "සුනාමි ඛේදවාචකය සිදුවී වසර 19ක් පිරීම නිමිත්තෙන් සුනාමියෙන් මියගිය අය සිහිපත් කෙරෙන ප්‍රධාන සුනාමි සැමරුම් උත්සවය ඊයේ (26දා) පෙරවරුවේ ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අබියසදි දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.. ගාල්ල තෙල්වත්ත ප්‍රදේශයේදී සුනාමි රළ හේතුවෙන් අනතුරට පත් දුම්රිය මගීන් සිහි... |
"‘යුක්තිය’ දෙවැනි අදියර අද සිට වැඩ අරඹයි" | "මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාල සන්නද්ධ කණ්ඩායම් විනාශ කිරීම සඳහා ආරම්භ කළ ‘යුක්තිය මෙහෙයුමේ’ දෙවැනි අදියර අද (27 දා) සිට නැවත ආරම්භ කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඉකුත් 17 වැනිදා ආරම්භ කළ ‘යුක්තිය’ මෙහෙයුමේ පළමු අදියර 24 වැනිදා අවසන් විය. නත්තල් උත්සවය වෙනුවෙන් ආරක්ෂාව ලබාදීම සඳහා 25 සහ 26 දිනවල යු... |
"ඩෙංගු අධික රටවල් 30 අතර ශ්‍රී ලංකාවත්" | "ලොව ඉහළම ඩෙංගු වසංගත තත්ත්වයක් පවතින රටවල් 30 අතර ශ්‍රී ලංකාව ද සිටින බව ඩෙංගු රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නිවේදනයක සඳහන් කර තිබේ. එම නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ද අයත් අග්නිදිග ආසියාතික කලාපයේ රටවල් 11 න් 10 කම ඩෙංගු වසංගතය එම රටවලට ආවේණික (එන්ඩමික්) තත්ත්වයක් බවට පත්ව ඇති අ... |
"සුනාමියෙන් මියයන 137කගේ අස්ථි කොටස් තවමත් කරාපිටිය වෛද්‍ය පීඨයේ – විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය යූ.සී.පී. පෙරේරා" | "සුනාමි ඛේදවාචකයෙන් මියගිය අනන්‍යතාවය තහවුරු කර නොගත් පුද්ගලයින් 137 දෙනෙකුගේ මළ සිරුරුවල අස්ථි කොටස් වසර 19ක් තිස්සේ තවමත් ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ තැන්පත් කොට ඇති බැව් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය යූ.සී.පී. පෙරේරා මහතා පවසයි. එබැවින් මෙම මළ සිරුරුවල අස්ථි කොටස් පර්යේෂණ හා අධ්‍යයන කටයුත... |
"ජේඑන් -1 කොවිඩ් අවදානම ඉතා අඩුයි – සෞඛ්‍ය අමාත්‍යාංශය" | "කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ වසංගතයක් ලෙස පැතිරයෑමේ අවදානම ඉතා අවම බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම උප ප්‍රභේදය පැතිරයෑම සම්බන්ධව වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් කොවිඩ් 19 රෝගයට අදාළව සිදුකරනු ලබන සාම්පල පරීක්‍ෂාවේදී කිසිදු සාම්පලයක කොවිඩ් 19 ලෙස හඳුනාගෙන නැතැයි ද සඳහන් කරයි. කෙසේ වෙතත් JN-1 උප ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.