Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"සා/පෙළ සිසුන් 13588කට විෂයන් නවයටම A" | "2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්‍ෂ නවදහස් හත්සිය හැටඑක් දෙනකු අ.පො.ස. උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇතැයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කියයි. එය සියයට 72.07 ක ප්‍රතිශතයකි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ-9 සාමාර්ථ ලබාගත් සිසුන් ගණන දහතුන් දහස් පන්සිය අසූඅටකි. 2022 වසරට අදාළව පසුගිය මැයි 29 වැනිදා... |
"නූපන් පරම්පරා වෙනුවෙන් ඒකීය රට රැකගැනීමට ලලිත් ඇතුලත්මුදලි තම ජීවිතය පරිත්‍යාග කළා – අගමැති දිනේෂ් ගුණවර්ධන" | "අපනයන භෝග පමණක් නොව, නව තාක්ෂණය සහ සන්නිවේදනය මගින් අපගේ තරුණ තරුණියන්ට ශ්‍රී ලංකාවේ ගවේෂණය නොකළ අත්දැකීම් සංචාරක ලෝකයට සම්බන්ධ කිරීමට හැකි වනු ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අගමැතිවරයා මේ බව සඳහන් කළේ ලලිත් ඇතුලත්මුදලි පදනම, ප්‍රජාතන්ත්‍රවාදය සහ නායකත්වය සඳහා වූ ආයතනය සහ නිදහස සඳහා නවුමාන් පදනම සංවිධානය කො... |
"පළමු ස්ථාන 10 ගැන ඇමැති සුසිල් කියයි" | "අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව ලංකාවේ පළමු ස්ථානය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සිසුවියකටද, දෙවන ස්ථානය යාපනය වෙම්බඩි උසස් විද්‍යාලයේ හා තෙවන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් තිදෙනාට ද හිමිව ඇති බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (01 දා) පැවසීය. එමෙන්ම සිව්වන ස්ථාන දෙකක් ඇ... |
"ඩීසල් මිල අඩු කළාට බස් ගාස්තු අඩු කරන්න බෑ – ගැමුණු – අංජන කියති" | "ඩීසල් මිල රුපියල් 27 කින් අඩු කළ ද බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නැතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට ඊයේ (01වැනිදා) පැවසීය. අඩුම වශයෙන් රුපියල් 40 කින් හෝ 42 කින් ඩීසල් මිල අඩු කළහොත් බස් ගාස්තුව තවදුරටත් අඩු කළ හැකි බව ද හෙතෙම කීය. සමස්ත ලංකා අන්තර් බස් සමාගම් සම්මේලනයේ ල... |
"සිංහල සිනමාවේ ‘සුරතලිය’ නික්ම යයි" | "සිංහල සිනමාවේ 50 දශකයේ ජනප්‍රියතම නිලියක වූ ලීනා ද සිල්වා මහත්මිය ඊයේ (01 දා) කැනඩාවේදී තම දිවිසැරියට සමුදුන්නාය. 1954 ‘අහංකාර ස්ත්‍රිය’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය ‘සුරතලී’, ‘සොහොයුරෝ’, සුනේත්‍රා ‘යස ඉසුරු, ‘සිරි මැදුර’, ‘අවගිර’ ‘සීමා පවුරු’, ‘පොරොන්දුව’ ඇතුළු චිත්‍රපට රාශියක රඟපෑවාය. ඇය ප්‍රවීණ නළු දිවංගත රවීන්ද්... |
"පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති ගෘහ නිර්මාණ සංරක්‍ෂණයට" | "පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඇති ගෘහ නිර්මාණ, සංස්කෘතික සංකේතනයන් හා කලා නිර්මාණ විනාශ වීමට ඉඩනොදී සංරක්‍ෂණය කිරීමට තීරණය කර තිබේ. සෙංකෝලය, රිදී දොරටුව, තඹ දොරටුව, සිංහ දොරටුව සභා ගර්භය සීමාව, පිත්තල කොඩි 18, පොකුරු පහන, උත්සව ධජ 18, රේඛා චිත්‍ර බිතු සිතුවම්, දැව චිත්‍ර, ඡායාරූප ද මේ යටතේ සංරක්‍ෂණය කිරීමට කථානායක මහින්ද ... |
"පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති ගෘහ නිර්මාණ සංරක්‍ෂණයට" | "පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඇති ගෘහ නිර්මාණ, සංස්කෘතික සංකේතනයන් හා කලා නිර්මාණ විනාශ වීමට ඉඩනොදී සංරක්‍ෂණය කිරීමට තීරණය කර තිබේ. සෙංකෝලය, රිදී දොරටුව, තඹ දොරටුව, සිංහ දොරටුව සභා ගර්භය සීමාව, පිත්තල කොඩි 18, පොකුරු පහන, උත්සව ධජ 18, රේඛා චිත්‍ර බිතු සිතුවම්, දැව චිත්‍ර, ඡායාරූප ද මේ යටතේ සංරක්‍ෂණය කිරීමට කථානායක මහින්ද ... |
"සෞඛ්‍ය පද්ධතිය අවදානමක – GMOA කියයි" | "ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මතුව ඇති නව ප්‍රවණතා නිසි ලෙස කළමනාකරණය නොකළහොත් ඉදිරි වර්ෂයේදී සමස්ත සෞඛ්‍ය පද්ධතියම බිඳවැටීමේ දැඩි අවදානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මතුව ඇති ඖෂධ අර්බුදය පිළිබඳව සිය සංගමය වසර දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ බලධාරීන් දැනුවත් කර අර්බුදයට විසඳුම් ලෙස දස... |
"සුරාසල් විවෘත කරන වේලාවල් සංශෝධනයට පියවර" | "සුරාසල් විවෘතව තබන වේලාව සංශෝධනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ සඳහා අදාළ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බව ද ඇමතිවරයා කීය. සුරා සම්බන්ධයෙන් රට තුළ පවතින ඇතැම් නීති ද ජනතාව නීති විරෝධී මධ්‍යසාර වෙත යොමු කිරීමට පොළඹවන බවද ඇමතිවරයා පෙන්වා දෙයි. ශ්‍රී ලංකා සුරා බදු නිලධාරීන්ග... |
"ශ්‍රීලනිප කාන්තා පෙරමුණ විසුරුවයි" | "ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කාන්තා පෙරමුණ විසුරුවා හැර ඇත. පක්‍ෂ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ. වර්තමානයේ කාන්තා පෙරමුණ තුළ ඇතිවී තිබෙන ආරවුල් සහ පැනනැඟී ඇති ගැටලු හේතුවෙන් මෙසේ කාන්තා පෙරමුණ විසුරුවා හැර ඇත. අරුණ බෝගහවත්ත" |
"එන්නත් මගඩියේ මහ මොළකරුවන් අත්අඩංගුවට ගන්නේ නෑ -සීඅයිඩීයට එරෙහිව පොලිස් කොමිසමට පැමිණිලි" | "ප්‍රශ්න ගත හිහුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිජීවක එන්නත් කුප්පි සහ රෙටෝපීමැබ් එන්නත් වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මහ මොළකරුවන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව ඊයේ (01 දා) ‘මගෙන් රටට’ සංවිධානය පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. අධිකරණය මගින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්න... |
"පාර්ලිමේන්තු කතාවලට නඩු දමන්න බෑ – සජිත්ගේ ප්‍රශ්නයට කථානායකගෙන් උත්තරයක්" | "පාර්ලිමේන්තුව තුළදී මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන ප්‍රකාශවලට එරෙහිව නඩු කටයුත්තක් පැවරීම ‘සම්පූර්ණ වැරදි ක්‍රියාවක්’ යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30 දා) සඳහන් කළේය. නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට මන්ත්‍රීවරුන්ට සම්පූර්ණ නිදහස පවතින බව ද ඒවාට එරෙහිව යම් අධිකරණයක අභියෝගයකට ලක්කිරීමට ‘පැහ... |
"උසාවියට අපහාස කළාද? රොෂාන්ට එරෙහි නඩුවට මැදිහත් වෙන්න නීතිඥ සංගමයත් අවසර ඉල්ලයි" | "හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා නීතිඥ දිනිති සිරාජ් ඔගස්ටස් මහත්මිය ගොනුකර ඇති පෙත්සමට අතරමැදි පාර්ශ්වකරුවකු ලෙස මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවින් මාරපන මහතා ඊයේ (30දා) අ... |
"ජනපති ඩුබායි යයි" | "එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගි වීම සඳහා (cop 28) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30 දා) ඩුබායි බලා පිටත්ව ගියේය. මෙවර පැවැත්වෙන්නේ 28 වැනි සමුළුවය. මෙම මස 12 වැනිදා දක්වා ඩුබායිහි එක්ස්පෝ නරගයේදී සමුළුව පැවැත්වේ. අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ දේශගුණික යුක්ති ස... |
"වැඩ බලන පොලිස්පති වැඩ පටන් ගනී" | "වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පෙරේදා (29 දා) පත්කරන ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (30දා) පොලිස් මූලස්ථානයේ දී රාජකාරී ආරම්භ කළ අයුරු." |
"ජෙරොම් පැය 8 1/2ක් සීඅයිඩීයට උත්තර බඳී" | "ආගමික සංහිඳියාවට හානිවන අන්දමේ දේශන පැවැත්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30 දා) පැය අටහමාරක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය.අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශය වෙත ඊයේ පෙරවරුවේ පැමිණි දේවගැතිවරයා පැය අටහමාරක් තිස්සේ සිය ප්‍රකාශය ලබා... |
"කොළඹ රාජකීය විද්‍යාලයේ දරුවෝ ජනාධිපති මන්දිරයට පැමිණිදා…." | "පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ අවට පවතින අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂී ස්ථාන නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව අවස්ථාව උදාකර දී ඇත. ඒ අනුව (29) දින කොළඹ රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමය සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිසුන් 107 දෙනෙක් ජනාධිප... |
"පාස්කු ප්‍රහාරයට දේශීය දේශපාලන බලවේග සම්බන්ධ බව 53% ක් පිළිගනී – සින්ඩිකේටඩ් සර්වේස් සමීක්‍ෂණ ආයතනයක් කියයි" | "2019 වර්ෂයේ පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරයට දේශීය දේශපාලන බලවේග සම්න්ධ බවට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක්, එනම් 53% ක් විශ්වාස කරන බව පසුගිය ඔක්තෝබර් මාසයේ දී සිදුකරන සින්ඩිකේටඩ් සර්වේස් සම්ක්‍ෂණයකින් අණාවරණය වී ඇත. සමීක්‍ෂණයට සහභාගි වූවන් වෙත ප්‍රහාරය පිටුපසින් සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳව ... |
"ග්‍රාමීය ජනයාගෙන් 82%ක ආර්ථිකය අවදානමේ – විපක්‍ෂ නායක සජිත් මැතිසබයේදී කියයි" | "සමීක්ෂණවලට අනුව ග්‍රාමීය ජනතාවගෙන් සියයට 82ක් ආර්ථික අවදානම් තත්ත්වයක සිටින බවත් කාන්තාවන් මූලික කර ගත් ගෘහ ඒකක බහුතරයක් අවිදිමත් ක්ෂුද්‍ර මූල්‍ය ණයවල පැටලීමත් සමඟ ඇතිව තිබෙන ණය බර නිසා කණකර පවා උගස් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එසේම නීති විරෝධී ලෙස ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන සංවිධාන 11... |
"රාජ්‍ය ආයතනවල කොළ පිරවීමට වජිර ‘තිත’ ඉල්ලයි" | "රාජ්‍ය ආයතනවලට එන මහජනතාවට තවදුරටත් පැරණි ක්‍රමවේද ඔස්සේ කොළ පුරවන යුගය සහමුලින්ම නිමකොට පද්ධති කටයුතු ‘ස්මාර්ට්’ කළ යුතු යැයි එජාප සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. ලෝකයම නවීකරණය වෙත්දී අපට පැරණි ක්‍රමවේදවලට සිරවී සිටින්න බැහැ. මා විෂය භාර ඇමැතිව සිටියදී පුද්ගල හැඳුනුම්පතින් සියලු කටයුතු කළ හැ... |
"ප්‍රා. ලේ. ට එකම තැන අවුරුදු 6ක් විතරයි – දිස්ත්‍රික්කයේ අවුරුදු 10යි" | "ප්‍රාදේශීය ලේකම්වරයකුට එකම කොට්ඨාසයක සේවය කළ හැකි උපරිම කාලය වසර 6කට හා එකම දිස්ත්‍රික්කයේ සේවය කළ හැකි උපරිම කාලය වසර 10ක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ දීර්ඝ කාලයක් එකම ස්ථානයක සේවය කරන ප්‍රාදේශීය ලේකම්වරුන් ජන වාර්ගිකත්වයට හානි නොවන ලෙස දිස්ත්‍රික්කය තුළට මාරු කිරීමට ද තීරණය කර තිබේ. ... |
"IMF දෙවැනි වාරිකය දෙසැම්බර්වල හරි බංකොලොත් භාවයත් ඉවරයි – ඇමැති ෂෙහාන් සේමසිංහ" | "මෙම වසරේ දෙසැම්බර් මාසය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය හිමිවී රටම බංකොලොත් භාවයෙන් මිදීමට හැකිවනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30 දා) සඳහන් කළේය. එම දෙවැනි වාරිකය ලද පසුව ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන සහයෝගය ලබාගෙන රටේ ව්‍යාපෘති ආරම්භ කිරීමේ මූල්... |
"ප්‍රතිව්‍යුහගතකරන එකඟතාවෙන් අයි.එම්.එෆ්. දොරත් ඇරෙයි" | "ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය බාහිර ණය හිමියන් සමග ඇතිකර ගත් එකඟතාව ශ්‍රී ලංකාවට ලබාදෙන අයිඑම්එෆ් දෙවන ණය වාරිකය නිදහස් කිරීමට මගපාදනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පවසා ඇත. මේ අනුව ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදල් පළමු සමාලෝචනය සිදුකර එහි දෙවන... |
"1.5% සිට 3.4% ට උද්ධමනය නගියි" | "කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ නොවැම්බර් මස උද්ධමනය සියයට 3.4 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉකුත් ඔක්තෝබර් මාසයේ උද්ධමනය සියයට 1.5 ක් විය. ඉකුත් ඔක්තෝබර් මාසයේදී සියයට සෘණ 5.2ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේදී සියයට සෘණ 3.6 ක් දක්වා අඩුවී ඇත. එසේම ඉකුත් ඔක්තෝබර් මාසයේ සියයට 4.9 ක් වූ ආහාර නොවන කණ්ඩයේ ... |
"අවුරුදු 3ට අඩු බබාලාට යළිත් ත්‍රිපෝෂ- ඇමැති රමේෂ්" | "වයස අවුරුදු 03ට අඩු දරුවන් වෙනුවෙන් ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන ලබන මස සිට නැවත ආරම්භ කරන බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (30දා) කීය. ඒ සඳහා පසුගිය සතියේ කැබිනට් අනුමැතිය හිමිවූ බවද එම අමාත්‍යාංශය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය අතරතුර කියා සිටියේය. එම වැඩසටහන දුර්වලවීමට හේතු වූයේ ත්‍රිපෝෂ න... |
"වෛද්‍ය සැපයුම් අධ්‍යක්‍ෂ කපිල ප්‍රධාන සිද්ධි වූ 2022 දී තනතුරු දරා නෑ – ඇප ඉල්ලමින් නීතිඥයා උසාවියට කියයි" | "ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් සිය සේවාදායකයාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇතත් එයට අදාළ සියලුම ප්‍රධාන සිද්ධීන් සිදුවී ඇති 2022 වසරේ දී ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ වෛද්‍ය සැපයුම් අංශයේ කිසිදු තනතුරක් දරා නොමැති බවත් එම වසරේ ඔහු විදේශයක රැකියාවක නිරත... |
"සේනක බිබිලේ ප්‍රතිපත්තියට වෙච්ච දෙයක් නෑ – මෛත්‍රි කියයි" | "තම ජනාධිපති ධුර කාලයේ දී සම්මත කරනු ලැබූ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය මේ වනවිට ක්‍රියාත්මක වන්නේ නැතැයි හිටපු ජනාධිපති පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (30 දා) පැවසීය. සේනක බිබිලේ ප්‍රතිපත්තිය අනුව සකසන ලද ඖෂධ පනතට මේ වනවිට සිදුවුණේ කුමක් දැයි කියා සොයාගැනීමට වත් නොහැකි යැය... |
"මෙරට ධීවර කර්මාන්තය නැංවීමට ඇමෙරිකාවේ සහය" | "පවතින නීති රීතිවල අඩුපාඩු සකස්කර ධීවර පනතක් ඉතා ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කළේය. ධීවර අමාත්‍යාංශ කාර්යාලයේ දී ඊයේ (30 දා) ඇමරිකානු තානාපතිනි ජුලි චංග් මහත්මිය ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කර තිබේ. ඒ සඳහා ලෝක ආහාර සංවිධානයේ ආධාර ඇතිව නව ධී... |
"දඹුල්ලේ එළවළු මිල 100%කින් නගී" | "දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු ගණනාවක තොග මිල සියයට සියයකින් ඊයේ (30 දා) ඉහළ ගියේය. පහතරට, උඩරට, වයඹ සහ යාපනය කලාපවලින් ලැබුණු එළවළු තොග සියයට පනහකින් පමණ පහළ ගිය බව ද දඹුල්ල විශේෂ ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ අනුශාසක යූ. බී. ඒකනායක මහතා පැවැසීය. එළවළු වර්ග 12ක තොග මිල කිලෝවකට රුපියල් 300 ඉක්මවා සහ එළවළු ව... |
"වැඩබලන පොලිස්පති දේශබන්දු" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර තිබේ. පොලිස්පති ධුරයේ සේවා දිගු තුනක් ලබා ගත් සී.ඩී. වික්‍රමරත්න පසුගියදා විශ්‍රාම ගිය අතර ඒ වෙනුවට වැඩබලන පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා මෙසේ පත්කර ඇත. ශ්‍රී ලංකාව් වඩාත්ම අභියෝගාත්මක පොලිස් ... |
"දේශබන්දු පත් කිරීමට කාදිනල්තුමාගේ විරෝධය" | "වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමේ තීරණයට මැල්කම් රංජිත් කාදිනල්තුමන් විරෝධය පළ කරන බව ඊයේ (29දා) කතෝලික සභාව නිකුත් කළ නිවේදනයක දැක්වේ." |
"ජාතික ආරක්‍ෂාව ප්‍රමුඛ ‘ඩියුටියයි’" | "ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් මූලිකව කටයුතු කිරීම තම රාජකාරි ප්‍රමුඛතා ලැයිස්තුවේ පළමු වැන්න බව වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (29 දා) ප්‍රකාශ කළේය. වසර විසිපහක කාලයක් මුළුල්ලේ පොලිසියේ විවිධ තනතුරු දැරූ තමා එම අත්දැකීම් සමගින් ශ්‍රී ලංකා ජනතාවගේ යහපත උදෙසා පොලිස් ... |
"උදුරාගත් උරුමය යළි අපට" | "ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර රාජ්‍ය ත්‍රාන්තික සබඳතා ශක්තිමත් කරගැනීමේ ප්‍රයත්නයක් ලෙස ශත වර්ෂ දෙකකට පමණ පෙර මෙරටින් රැගෙන ගොස් නෙදර්ලන්තයේ සුප්‍රසිද්ධ Rijks museum කෞතාගාරයෙහි තැන්පත් කර තිබූ සුවිශේෂී පෞරාණක වටිනාකමකින් යුත් කෞතුක භාණ්ඩ හයක් නැවත මෙරටට ගෙන එනු ලැබිණි. මෙම පුරාවස්තු අතරට රන් හා රිදී කස්තාන දෙකක්, රන්... |
"කාඩ් නැතිව ලයිසන් ලක්‍ෂ 10ක් ගොඩගැහිලා" | "රියැදුරු බලපත් මුද්‍රණය සඳහා කාඩ්පත් නොමැති නිසා රියදුරු බලපත්‍ර ලක්‍ෂ දහයක් පමණ මුද්‍රණය කර ගැනීමට නොහැකිව ගොඩගැසී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව කියා සිටී. විදෙස්ගත වන අයට හා අත්‍යවශ්‍ය පුද්ගලයන්ට පමණක් දිනකට රියදුරු බලපත්‍ර දෙසීයක් පමණ මුද්‍රණය කරන බව ද දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැ... |
"ණය ප්‍රතිව්‍යුහගතකරණයට කමිටුවේ එකගතාවක්" | "ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ණය හිමි රටවල නිල කමිටුව සහ ශ්‍රී ලංකාව අතර ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. මෙම එකඟතාවට අනුව දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5.9 ක හිඟ රාජ්‍ය ණය සහ දිගුකාලීන මිශ්‍රණයකින් සමන්විත ණය කල් පිරීම් දිගු කිරීමේ සහ පොලී අනුපාත අඩුකිරීමක් අදාළ වන බව... |
"පොලිස්පතිට අවුරුදු 3යි – කැබිනට් මණ්ඩලයට යෝජනාවක්" | "පොලිස්පති ධුරයට පත්වන නිලධාරියාගේ ධුර කාලය උපරිම වශයෙන් අවුරුදු තුනකට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. පොලිස්පති තනතුරට පත්වන නිලධාරියාගේ සේවා කාලය තුළ අවුරුදු 60 සම්පූර්ණ නොවන්නේ නම් ඉහත තීරණය එම නිලධාරියාට අදාළ වේ. අමාත්‍ය මණ්ඩලය මෙම තීන්දුවට එකඟතාවය පළකිරීමෙන් පසු ඉදිරියේදී පොලිස්පති ධු... |
"මුහුද සමාගම්වලට: ධීවරයන්ට හුළං යෝජිත ධීවර පනත හූනියමක් – පුබුදු ජයගොඩ" | "යෝජිත නව ධීවර පනත හූනියමක් බවත් ඉන් සිදුවන්නේ ධීවරයා මුහුදෙන් ඉවත් කිරීම බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (29දා) පැවසීය. නුගේගොඩ එම පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය. ජයගොඩ මහතා මෙසේද කීවේය. මුහුද විදේශ සමාගම්වලට බදු දෙන්න මේ පනතෙන් ඉඩකඩ හදලා තියෙනවා පමණක් ... |
"අයි එම් එෆ් රාමුව ඇතුළේ වැඩ කරන්න වෙනවා – ජනාධිපති කියයි" | "අයි එම් එෆ් ගිවිසුම තුළ පවතින රාමුව ඇතුළත ශ්‍රී ලංකාවට වැඩ කිරීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එය රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමක් බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන සාකච්ඡාවන්ට ඇතුළත්ව තිබෙන්නේ රටක් ලෙස ඉදිරියේදී ක්‍රියාත්මක කරන ආර්ථික මූලධර්ම බවද ඉන් ඉවත් වුවහොත... |
"වැහුණත්….. ඇරුණත් සල්ලි? – සුරාබදු ලොක්කන්ගේ අයථා වත්කම් සොයයි" | "සුරාබදු ඇතැම් ප්‍රධානීන් අයථා ලෙස මුදල් උපයාගෙන ඇති ද යන්න සෙවීම සඳහා රජයේ විශේෂ අවධානයක් යොමුවී තිබේ. මේ වනවිටත් සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලවීමත් සමග මෙම විමර්ශන කඩිනම් කිරීමට පියවර ගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. මේ අතර බදු නොගෙවීම සහ වෙනත් සිදුවීම් නිසා වසා දැමෙන සුරාබ... |
"රොෂාන් රණසිංහ උසාවියට අපහාස කළා – නීතිඥයකුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්" | "හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා නීතිඥ දිනිති සිරාජ් ඔගස්ටස් මහත්මිය අභියාචාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. නීතිඥ සුභාෂණී ජයලත් මහත්මිය මගින් එම පෙත්සම ගොනුකර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙ... |
"අඹේවෙල ඉන්ධන පිල්ලියක් – විගණනයෙන් හෙළිවෙයි" | "ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මිල්කෝ ආයතනයට අයත් අඹේවල කර්මාන්තශාලාව සඳහා ඉකුත් වසර අටේ දී (2015 වර්ෂයේ සිටි 2022 අගෝස්තු 31 දක්වා) නිකුත් කරනු ලැබූ රුපියල් එක්කෝටි හැත්තෑ දෙලක්ෂ, නමදහස් හාරසිය හැටහතක් වටිනා (17,209,467) ඩීසල් ලීටර් 165,300ක් මිල්කෝ ආයතනයේ කර්මාන්තශාලාවේ තෙල් ටැංකිවලට ගොඩබෑමේ කටයුතු සිදුවී නොමැති බව... |
"සජිත්-මොන්ටෙක් සිං හමුවක්…" | "විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දියාවේ ආර්ථික සමෘද්ධියේ නිර්මාණ ශිල්පියා වන මොන්ටෙක් සිං මහතා අතර හමුවක් සිදුවිය. මෙම පෞද්ගලික හමුවේ දී ආර්ථික ජයග්‍රහණ අත්පත් කරගැනීමේ මාවත පිළිබඳව ද සාකච්ඡා වී ඇත." |
"කැබිනට් තීරණ ගැන වරප්‍රසාද ප්‍රශ්න මතු කළ හැකි ද" | "ජනාධිපති කාර්යාලය නීතිපතිගෙන් අසයි කැබිනට් මණ්ඩලයේදී ගන්නා ලද තීරණයක් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ප්‍රශ්න කරන්නට හැකියාව තිබේ දැයි ජනාධිපති කාර්යාලය නීතිපතිවරයා ගෙන් කරුණු විමසා ඇත. අය-වැය විවාදයේදී ඇතැම් මන්ත්‍රීවරුන් වරප්‍රසාද ප්‍රශ්න ලෙස අමාත්‍ය මණ්ඩල තීරණ අභියෝගට ලක්කරන බව ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් කළ පැමි... |
""සහල් මෙට්‍රික් ටොන් 50,000ක් දෙසැම්බර් මුල පිටරටින් එයි"" | "මෙරට පවතින සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස රජය මගින් ගෙන ඒමට තීරණය කළ සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂයෙන් මෙට්‍රික් ටොන් පනස්දහසක් (50,000) දෙසැම්බර් මුල් සතියේ සිට මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා දිවයිනට ඊයේ (29දා) පැවැසීය. මෙම සහල් තොගය උත්සව සමය ඉලක්ක කර ගෙන එන බවත් ඒවා ... |
"සා.පෙළ ප්‍රතිඵල අද හෝ හෙට – ඇමැති සුසිල් කියයි" | "සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (30) හෝ හෙට (01) දින නිකුත් කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (29 දා) පැවසීය. හෙතෙම මේ බව කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී බී.වයි.ජී. රත්නසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද සඳහන් කළේය. පහේ ශිෂ්‍යත්ව ප්‍ර... |
""රු.20,000 දියව්! – සෞඛ්‍ය සේවකයෝ අද රෝහල් ඉදිරිපිට විරෝධතාවල"" | "රුපියල් විසිදහසක අවම මාසික දීමනාවක් ලබා නොදීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (30 දා) දහවල් 12.00ට කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් ඉදිරිපිටදී විරෝධතාවක නිරත වීමට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත. වෛi වෘත්තිකයන් ඇතුළු සියලු සෞඛ්‍ය සේවකයන් ඉකුත් දිනවල රුපියල් 20,000ක වැටුප් දී... |
"කෝටි 35ක බාල ඖෂධ විනාශ කරයි" | "වැරදි සැපයුම් කළමනාකරණය හේතුවෙන් රුපියල් මිලියන 349 ක් වටිනා (රුපියල් කෝටි 35 කට ආසන්න) වෛද්‍ය සැපයුම් පසුගිය වසරේ දී විනාශ කර ඇතැයි වාර්ෂික විගණන වාර්තාවෙන් හෙළිකර තිබේ. ඖෂධ, රසායන ද්‍රව්‍ය ශල්‍ය අයිතම ඇතුළු සැපයුම් තොගයක් පසුගිය වසරේ දී මෙලෙස විනාශ කර ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි. එමෙන්ම තවත් රුපියල් මිලිවන 33කට වැඩ... |
"අපේක්ෂිත අරමුණ ඉටුකර ගැනීමට සියලුදෙනා එක්ව ඉතා ඉවසීමෙන් ඉදිරියට යා යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 සණස ජාතික සම්මේලනය අමතමින් කියයි" | "රටක් ලෙස වැටුණු තැනින් අප ඉදිරියට පැමිණ තිබුණද, තවම ගමන අවසන් නැති බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂිත අරමුණ ඉටුකර ගැනීමට නම් සියලුදෙනා එක්ව ඉතා ඉවසීමෙන් යුතුව ඉදිරියට යා යුතු බව පැවසීය. දේශපාලන ප්‍රතිපත්ති මාලා වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 06 වන පරිච්ඡේදයේ “රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මය හ... |
"ජනපතිගේ ප්‍රශ්නවලට මා නිරුත්තර වුණැයි පළවන පුවත් බොරු – හිටපු ඇමැති රොෂාන් කියයි" | "ජනපතිවරයා ඇමැති මණ්ඩල රැස්වීමේදී කළ ප්‍රශ්න කිරීම්වලට තමා නිරුත්තර වූ බවට පළවන ප්‍රචාර අසත්‍ය බවත් හැටනව ලක්ෂයක ජනවරමකින් තේරී පත්වූ තමා දූෂණයට, වංචාවට එරෙහිව සෘජුව සිටින බවත් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ඊයේ (28 දා) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් පැවසීය. මෙහිදී අදහස් දැක්වූ හිටපු ඇමැතිවරය... |
"රොෂාන් නෙරපීම ක්‍රිකට් තහනම ඉවත් කිරීමට සුබ බලපෑමක් – ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය කියයි" | "රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනම ඉවත් කරලීම උදෙසා සුබවාදී බලපෑමක් ඇති කළ හැකි බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කරයි. ක්‍රිකට් පරිපාලනය සඳහා තවදුරටත් දේශපාලන බලපෑම් සිදු නොකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයෙන... |
""‘යස් සර්, යස් සර්’ ගගා නොහිටියොත් රොෂාන්ට අත්වෙච්ච දේම වේවි – සජිත් කියයි"" | "මෑත කාලයේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම හොරකමට එරෙහිව ඒකමතිකව එකතු වූ අවස්ථාවක් ලෙස ක්‍රිකට් පරිපාලනයට විරුද්ධ පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීම හැඳින්විය හැකි වුවත් මේ වන විට මේ යෝජනාවට පයින් ගසා හොරකම හෙළි කළ පුද්ගලයා ඉවත් කර හොරකම් කළ කණ්ඩායම රැක ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. හොරකම් කළාට කමක් ... |
"පුනර්ජීවනයෙන් හා සුරක්ෂිතතාවෙන් ආහාර නිෂ්පාදනය ඉහළ ගියා – අගමැති දිනේෂ් ගුණවර්ධන" | "ආර්ථික පුනර්ජීවන සහ ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළ නිසා ආහාර නිෂ්පාදනය වැඩි කිරීමේ උත්සාහය සාර්ථක කර ගැනීමට හැකි වූ බවත්, ඒ තුළින් උද්ධමනය පහළ අගයකට රැගෙන ඒමට හැකි වූ බවත් අගමැති හා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (28 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. අගමැති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ ... |
"පාඩු ලබන රූපවාහිනි සංස්ථාව හා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී පවසයි" | "ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන බව ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය. ඒ එම කාරක සභාව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 23 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. 2015 සිට සං... |
"නව වාරිමාර්ග අමාත්‍යවරිය වැඩ බාර ගනී" | "නව වාරිමාර්ග අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ පෙරවරුවේ මහවැලි අධිකාරි ගොඩනැගිල්ලේ පිහිටි අමාත්‍ය කාර්යාලයේදී වැඩ බාර ගන්නා ලදි. පත්වීම බාර ගැනීමෙන් අනතුරුව එම ලිපිය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා වෙත බාර දෙන ලදී. මෙම අවස්ථාවට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ... |
"ඡන්දෙ විතරක් අරන් පුංචි මිනිස්සු අහක දාන්න එපා – සණස නිර්මාතෘ ජනපතිගෙන් ඉල්ලයි" | "රට හදන්න බලය ඉල්ලූ සෑම අවස්ථාවකම මහජනතාව අත දිගහැර ඔබතුමාලාට බලය දුන්නත් අන්තිමට ඉතුරු වී තිබෙන්නේ මොන වගේ රටක් දැයි ආපසු හැරී බලන්නැයි ස.ණ.ස. නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙනිය මහතා ඊයේ (28 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඉල්ලා සිටියේය. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (28දා) පැවති 2023 සණස ජාතික ස... |
"ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මත සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගන්නවා – අධ්‍යාපන අමාත්‍යාංශය" | "ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මත ගුරු සේවා ව්‍යවස්ථාව පරිදි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙසේද සඳහන් කර ඇත. සංවර්ධන නිලධාරීන් දැනටමත් රාජ්‍ය සේවකයන් වේ. 2019 වර්ෂයේදී සංවර්ධන නිලධාරීන් 20,000කට පමණ විශේෂ... |
"ප්‍රභාකරන්ගේ මියගිය දියණිය කෘත්‍රිම බුද්ධියෙන් කතා කරයි" | "ප්‍රභාකරන්ගේ මියගිය දියණියගේ යැයි කියැවෙන කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ වීඩියෝවක් ටැමිල්ඔලි නම් වෙබ් අඩවිය ඔස්සේ පසුගිය සඳුදා (27 දා) විකාශය කර ඇත. පොළොවෙහි දියණිය එනම් ද්වාරකාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස මෙය නම් කර තිබිණි. දෙමළ භාෂාවෙන් කතා කළ ඇය විනාඩි 12ක් තිස්සේ සිය දේශනය පැවැත්වූවාය. දෙමළ ජනතාවගේ සන්නද්ධ අරගල... |
"කෘෂි අභියෝග ජයගන්න අහිතකර බලපෑම් අවම කරන ව්‍යාපෘතියක්" | "ශ්‍රී ලංකාවේ වියළි කලාපය ආශ්‍රිතව මතුව ඇති දේශගුණ විපර්යාස හේතුවෙන් කෘෂිකර්මාන්තය වෙත එල්ල වී ඇති අභියෝග ජය ගැනීමට කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකයන් සවිබල ගැන්වීමත්, කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීමත් යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අවධානය යොමු කරමින් ක්‍රියාවට නැංවෙන විශේෂ ව්‍යාපෘතියක් ලෙස “කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහි... |
"ව්‍යාජ එන්නත් දීමෙන් මියගිය හා පීඩාවට පත් රෝගීන් සඳහා වන්දි ගෙවන්න – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරි සංගමය" | "ප්‍රශ්නගත ව්‍යාජ ඉමියුනොගොබියුලින් එන්නත ලබාදීමෙන් ජීවිතක්‍ෂයට පත් වූ සහ පීඩාවන්ට ලක් වූ රෝගීන් වෙනුවෙන් වන්දි ගෙවීමට රජය වහාම පියවර ගත යුතු බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රෝගියකු මරණයෙන් බේරා ගැනීමට ලබාදෙන ඉතාම සංවේදී ඖෂධයක් වන මෙම ‘ඉමියුනොගොබියුලින්’ එන්නත මෙරට දී හොරට නිෂ්පාදනය කර රෝගීන් දහස් ගණනකට ල... |
"බාල එන්නත් සිද්ධිය: මුදල් ලේකම්ගෙන් සීඅයිඩීය ප්‍රශ්න කරයි" | "ප්‍රශ්න සහගත හියුමන් ඉමියුනෝගොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඊයේ (28 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටිති. හියුමන් ඉමියුනෝගොබියුලි... |
"වතුර බිලටත් සූත්‍රයක් හදනවා අවසන් කෙටුම්පත දෙසැම්බරයේ – ඇමැති ජීවන් තොණ්ඩමන්" | "ජල ගාස්තු සඳහා සූත්‍රයක් අවශ්‍ය බවත් එම සූත්‍රය සැකසීම පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් තිබෙන බවත් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පෙරේදා (27 දා) සඳහන් කළේය. ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ තිරසරභාවය පවත්වාගෙන යෑම සඳහා එම කටයුතු සිදු කරන බව කී හෙතෙම ජලයේ ගුණාත්මකභාවය රැකගැනීම සහ පිරිවැ... |
"අධ්‍යාපන ලේකම්ට එරෙහිව ලංකා ගුරු සංගමයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්" | "2023 වර්ෂයේ පාසල්වලට අවිධිමත් ලෙස සිසුන් විශාල පිරිසක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වහා විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා අධ්‍යාපන ලේකම්වරයාට එරෙහිව ලිඛිත පැමිණිල්ලක් ඊයේ (28 දා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ගොස් භාරදුන් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘දිවයින’ට පැවසීය. අමාත්‍යවරුන්, පාර්ලිමේන්... |
"“අපි සාමකාමීයි කඳුළු ගෑස් එපා” – කංචනගේ දොරකඩ ළඟට විදුලි පාවිච්චි කරන්නෝ අද උද්ඝෝෂණයකට එති" | "‘විදුලි බිල හා ඉන්ධන මිල අඩු කරනු’ යන තේමාව යටතේ අද (29 දා) සවස හතරට කොළඹ 7, මල් පාරේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට තම සංගමය විරෝධතාවක් පවත්වන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (28 දා) පැවසීය. ඊට එක් වන ලෙස රටේ ජනතාවට ආරාධනා කරන බවත් එක් වීම හැර විකල්ප නැති බවත් හෙතෙම සඳහන් කළ... |
"ඇමැති තනතුරුවලින් රොෂාන් දොට්ට" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම සියලුම ධුරවලින් ඊයේ (27දා) සවස ඉවත් කර ඇත. කැබිනට් මණ්ඩල සතිපතා රැස්වීම පාර්ලිමේන්තු කමිටු ශාලා අංක 04 හි ඊයේ පවත්වා ඇති අතර එහිදී රොෂාන් රණසිංහ ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සාකච්ඡා... |
"මගේ ජීවිතයට හානියක් වුණොත් ජනපති සහ සාගල වගකිව යුතුයි" | "මේ ක්‍රිකට් ප්‍රශ්නය නිසා මාව මහ මඟ මරලා දාන්න පුළුවන්. ඒක හෙටද අදද අනිද්දාද දන්නේ නෑ. මට එහෙම වුනොත් ඒකට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක වගකියන්න ඕනෑ යැයි ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27දා) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්නය මෙවර අවසන් නොවුණ... |
"බලතල කප්පාදු කරලා රොෂාන්ට මඩ ගහන්නත් පටන් අරන්" | "“ක්‍රීඩා ඇමැතිවරයාගේ බලතල කැබිනට් තීන්දුවක් මගින් කප්පාදුවට ලක්වී ඇති අතර හෘද සාක්ෂිය අනුව වැඩ කරපු ක්‍රීඩා ඇමැතිට දැන් ඇතුළෙන්ම මඩ ගහන්නත් පටන් අරන්” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27දා) පැවසීය. මේ රට පාලනය කරන්නේ ආඥාදායකයකු හෝ ඒකාධිපතියකු හෝ රජ කෙනකු නොවන බවත් ව්‍යවස්ථාදායකය විධායකය සහ අ... |
"සහල් මිල ඉහළ දාගන්න මහ මෝල්ලුන්ගේ වැඩක් – නාමල් කරුණාරත්න" | "වෙළෙඳපොළ තුළ ඊයේ (27 දා) වන විට සම්බා සහල් හිඟයක් ද ඇති වී තිබේ. අස්වනු නෙලීමට සති 07 ක් තිබියදී ගොවියාගෙන් තුට්ටු දෙකට වී මිලදී ගැනීමේ අරමුණින් රට තුළ වී හිඟයක් ඇති කරමින් කීරි සම්බා මෙන්ම සම්බා සහල් මිල ද ඉහළ දමා ගැනීමේ අරමුණින් යුතුව මහා පරිමාණ මෝල් හිමියන් විසින් මෙම කෘත්‍රිම සහල් හිඟය නිර්මාණය කර ඇතැයි සමස්ත ලංකා... |
"තේරීම් කාරක සභාවක් ගැන ව්‍යවස්ථාවේ නෑ…. – ජනපතිට මැදිහත් වෙන්නත් බැහැ" | "විසිඑක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිට වූ ස්වාධීන ආයතනයක් වන ව්‍යවස්ථාදායක සභාව තුළ යම් බෙදීමක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය ඇත්තේ කථානායකට සහ පාර්ලිමේන්තුවට පමණක් යැයි ආචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා ‘දිවයින’ ට පැවසීය. ව්‍යවස්ථාදායක සභාවේ යම් බෙදීමක් ඇත්නම් ඒ පිළිබඳව ද ක්‍රියාකළ යුත්තේ කථ... |
"ව්‍යවස්ථාදායක සභාව සෙවීමට තේරීම් කාරක සභාවක් පත් කිරීම නීති විරෝධියි – ජී. එල්. පීරිස්" | "ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව කටයුතු සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම නීති විරෝධී බව නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (27 දා) පැවසීය. ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායක සභාව අතර උග්‍ර මත ගැටුමක් ඇති බව නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ (2... |
"පාසල් දරුවන්ට සපත්තු සමග ලබන වසරේ සිට සිසුවියන්ට සනීපාරක්‍ෂක තුවා ලබා දෙනවා" | "පාසල් දරුවන් සඳහා සපත්තු ලබාදීමේ ව්‍යාපෘතියට අමතරව ලබන වසරේ සිට ගැහැනු ළමයින් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහනක් ද ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27දා) පැවසීය. හෙතෙම මේ බව කියා සිටියේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සමගිජන බලවේගය මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් ළමා සහ කාන්ත... |
"සෑම ගමකම ව්‍යවසාය ගම්මාන ඇති කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ 2024 අයවැය යෝජනාවක් වන “උරුමය”... |
"වෙලේසුදාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කරාපිටිය ජේ.එම්.ඕ.ගෙන් උසාවිය වාර්තාවක් ඉල්ලයි" | "බූස්ස බන්ධනාගාරයට ගොස් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්පල විතානගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදා නමැත්තා පරීක්‍ෂා කොට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (27දා) කරාපිටිය ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛi නිලධාරිවරයාට නියෝග කළේය. එම විත්තිකරු මින් පෙර... |
"ඉදිකිරීම් රැකියාවට ජපන් යන අයට නව නිපුණතා පරීක්‍ෂණයක්" | "ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ විශේෂිත නිපුණතා සේවකයන් ලෙස ජපානයේ සේවය කිරීමට යන සේවකයන් සඳහා නව නිපුණතා පරීක්‍ෂණයක් දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බව මෙරට ජපාන තානාපති කාර්යාලය ඊයේ (27 දා) නිවේදනය කළේය. එහි ලියාපදිංචිය පිළිබඳ වැඩි විස්තර සඳහා පරීක්‍ෂණ පවත්වනු ලබන Prometric හි පහත වෙබ් අඩවියට පිවිසිය යුතු වේ. ඉදිකිරී... |
"බැංකු බලපත්‍ර ගාස්තු ඉහළට" | "බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා අයකරන වාර්ෂික බලපත්‍ර ගාස්තු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වැඩි කර ඇත. මේ අනුව දැනට ශ්‍රී ලංකාවේ පවත්නා බලපත්‍රලාභී බැංකුවල වත්කම් පදනම මත මෙම ගාස්තු අය කිරීම සිදුකෙරෙන අතර එහිදී රු. බිලියන 25 කට වඩා අඩු වත්කම් පදනමක් ඇති කුඩා පරිමාණයේ බලපත්‍රලාභී බැංකු සඳහා 2023... |
"තහඩුවට බත් පැකට් එකට ඡන්දය භාවිත කළ යුගය අවසන් කළ යුතුයි – මැල්කම් රංජිත් කාදිනල්තුමා" | "පාරම්පරික දේශපාලන පක්‍ෂ වෙනුවට රටට ලැදියාවක් තිබෙන නව නායකයන් කණ්ඩායමකට සැවොම ක්‍රියා කළ යුතුව ඇතැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා කතෝලික ජනමාධ්‍ය සේවා ආයතනය සංවිධානය කළ සිග්නිස් සිනමා සම්මාන උත්සවයේදී ප්‍රකාශ කළේය. මෙම උළෙල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත් 26 දා (පෙරේදා) රාත්‍රියේ පැවැත්විණි. කාද... |
"ෂම්මිගේ ක්‍රිකට් පෙත්සම අද යළි විභාගයට" | "ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම අද (28 දා) දක්වා කල්දැමීමට අභියාචනාධිකරණය ඊයේ (27 දා) නියෝග කළේය. සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන් හමුවේ එම... |
"අවුකන බුදු රුවට වස්ත්‍රයක් පැළැඳවීම ගැන විමර්ශන අරඹයි" | "සුප්‍රකට අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් අරඹා ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. ... |
"රෝහල් යන්ත්‍ර සූත්‍ර නඩත්තුවේ ඒකාධිකාරයෙන් විශාල මුදලක් අපතේ යනවා" | "රෝහල් පද්ධතිය සතුව පවතින යන්ත්‍ර සූත්‍ර නඩත්තු කටයුතු වෙනුවෙන් පෞද්ගලික සමාගම් ඉදිරිපත් කරනු ලබන මිල ගණන් ඒකාධිකාරීත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්ෂිකව විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය පවසයි. යන්ත්‍ර සූත්‍ර නඩත්තු කටයුතු සිදුකරනු ලබන පුද්ගලික සමාගම් විසින් ගෙන යනු ලබන... |
"නාගරාසාගේ මරණය පහරදීමක් – පොලිසියේ 4ක් රිමාන්ඩ්" | "රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය වඩුක්කෝඩෙයි පොලිසියේ පොලිස් නිලධාරීන් සිව්දෙනකු මේ මස 29දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස යාපනය මහෙස්ත්‍රාත් ඒ. ඒ. ආනන්ද රාජා මහතා පෙරේදා (25දා) නියෝග කළේය. තවත් එක් පොලිස් නිලධාරියකු මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන... |
"බඩුමුට්ටුත් අස්කරගෙන පොලිස්පති විශ්‍රාම යයි – අලුත් නමක් තාමත් නෑ" | "පොලිස්පති ධුරයේ සහ වැඩබලන පොලිස්පති ධුරයේ වසර හතරකට ආසන්න කාලයක් රාජකාරි කළ සී. ඩී. වික්‍රමරත්න මහතා පසුගිය 24 වැනිදා සිය ධුරයෙන් විශ්‍රාම ගියේය. පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ ඒ මහතා සිය නිල කාමරයේ තිබූ තමන්ට අයත් සියලු භාණ්ඩ සහ ලිපිගොනු ඉවත්කර ගත් බවයි. සී. ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගිය ද මේ වන තුරුත් නව පො... |
"කටුනායක ගුවන්තොටුපළේ පරිගණක පද්ධතිය අක්‍රීය වෙයි – මගීහු කුපිත වී යකා නටති" | "කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය 26 දින දහවල් 11ග30 පමණ සිට අක්‍රීය වීමත් සමග විදෙස්ගතවීමට පැමිණි දහස් සංඛාත ගුවන් මගීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපළ තුළ කුපිත වී සිටින බවට තොරතුරු වාර්තා වේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙම පරිගණක පද්ධතිය පෞද්ගලික අංශයේ සමාගම් කීපයක් විසින් සකස් කර පවත්වා ගෙන ය... |
"කීරි සම්බා සීනි මාෆියාව ජනතාව පෙළයි" | "මේ රටේ මහා පරිමාණ හාල් මෝල් හිමියන් හා සීනි ව්‍යාපාරිකයන් විසින් කීරි සම්බා සහ සීනි තොග සඟවා උත්සව සමයේ කෘතිම හිඟයක් නිර්මාණය කර ඇති බව වෙළෙඳ හා වානිජ ආහාර සුරක්‍ෂිතතා කටයුතු අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී හෙළිවී තිබේ. මේ නිසා එක් පියවරක් ලෙස කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් තොගයක් ගෙන්වීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ ඇම... |
"බාල එන්නත් නඩුවේ සමාගම් හිමිකරුගෙන් පෙත්සම් දෙකක්" | "ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නිෂ්පාදනය කොට සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපවූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ ඉදිරි කටයුතු සිදුකිරීම වළක්වන නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා එම එන්නත් සැපවූයේ යැයි කියන සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු නමැ... |
"හිටපු ඇමැති නසීර් කෝටි 20 ක වාහන දෙකක් ගෙදර අරන් ගිහින්" | "හිටපු පරිසර ඇමැති නසීර් අහමඩ් මහතා අමාත්‍යවරයාව සිටි කාල සීමාවේදී ඒ මහතාට නිකුත් කර තිබූ රුපියල් කෝටි 20 කට ආසන්න වටිනාකමෙන් යුත් අධිසුඛෝපභෝගී ජීප් රථ දෙක ඇමැති ධුරය අහිමි වීමෙන් පසුව ආපසු භාර නොදී සිය පාවිච්චියට යොදාගෙන සිටින බව වාර්තා වෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් මත මීට මාස දෙකකට පමණ පෙර නසීර් අහමඩ් මහතාගේ... |
"විපක්‍ෂයට ආණ්ඩුව සමග කටයුතු කර ලබාගන්නා පළපුරුද්දෙන් ආණ්ඩු බලය ලබාගැනීමට හැකියි" | "රට ගොඩනඟන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. නමුත් විපක්ෂය සිතන්නේ තමන් ගැන පමණක් බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගය ආණ්ඩුව සමඟ එක්වීම බවත්, ආණ්ඩුව සමඟ කටයුතු කර ලබාගන්නා පළපුරුද්ද අනුව ඊළඟ මැතිවරණයකදී ආණ්ඩු බලය ලබාගැනීමට ඔවුන්ට උත්සාහ කළ ... |
"මේ උත්සාහය අගය කළ යුතුයි" | "තිලෝගුරු බුදුපියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් අටවෙනි වසරෙහි වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දිනයක (ක්‍රි. පූ. 519/520) පන්සියයක් මහරහතන් වහන්සේ සමග මණිඅක්ඛික නාරජුගේ ආරාධනයෙන් ලක්දිවට වැඩම කළ අවස්ථාවේ පැන්පහස ලබා උන්වහන්සේ සිවුරු පිරිකර තැබූ ස්ථානය ශෛලමය බුදුරුවක් සහිතව ප්‍රතිනිර්මාණය කරමින් බැතිමතුන්ගේ වන්දනාමානයට ව... |
"සා. පෙ. ප්‍රතිඵල මේ සතිය මැද" | "සාමාන්‍ය පෙළ ප්‍රතිඵල (2022) මේ සතිය මැද නිකුත්කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී. පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීමේ අවසන් අදියරේ පවතින අතර ප්‍රතිඵල බදාදා හෝ බ්‍රහස්පතින්දා (29 හෝ 30) නිකුත්කිරීමට අදහස් කරන බව උසස් නිලධාරියෙක් පැවසීය. ප්‍රතිඵල නිකුත්කිරීමේදී දිවයිනේ හෝ දිස්ත්‍රික්කයේ ලබාගන්නා ස්ථාන පිළිබඳව වි... |
"ඔන්ලයින් පනතින් සමාජ මාධ්‍ය භාවිතයේ නිදහස අහිමි වෙනවා" | "මාර්ගගත සුරක්‍ෂිත භාවය පිළිබඳව පනතින් සමාජ මාධ්‍ය භාවිතයට ඇති නිදහස අහිමිවන බව වෙරිටේ රිසර්ච් කර ඇති සමීක්‍ෂණයකට සහභාගි වූ සියයට පනස් හයක් (56%) ප්‍රකාශ කර ඇතැයි අනාවරණය වෙයි. මෙම පනත සම්බන්ධයෙන් ඇසූ ‘සමාජ මාධ්‍ය තුළ හැසිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ඔබ ඒ ගැන දන්නව... |
"විභාගය සමත් 2238කට පෙ.බ. 4දාට පෙර ග්‍රාම නිලධාරි පත්වීම්" | "ග්‍රාම නිලධාරි විභාගය සමත් 2238ක් ලබන පෙබරවාරි 04 දිනට පෙර බඳවාගන්නා බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පැවසීය. 2021 වසරේ අයදුම්පත් යොමුකළ සුදුසුකම්ලත් අපේක්‍ෂකයන් සඳහා දෙසැම්බර් 02 වැනිදා විභාග දෙපාර්තමේන්තුව විසින් විභාගය පවත්වන බව ද රාජ්‍ය ඇමැතිවරයා කීය. ග්‍රාම නිලධාරීන් සේවා ව්‍යවස්ථාව ඉතා කඩිනමින් ... |
"ගණේමුල්ලේ සංජීවගේ පිස්තෝලයක් මුල්ලේරියාවෙන් හමුවෙයි" | "සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන සංජීව කුමාර හෙවත් ‘ගණේමුල්ලේ සංජීව’ භාවිත කළ බවට සැක කෙරෙන පිස්තෝලයක් සහ ඒ සඳහා භාවිත කරන පතරොම් ගැබක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන ඇත. රැඳවුම් නියෝග මත ගම්පහ, වීරඟුල පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරන ගණේමුල්ල සංජීවගේ ප්‍රකාශවලින් පසුව මෙම පිස්තෝලය මුල්ලේරියාවේ කැ... |
"පානදුර ගොඩනැඟිල්ලක බලෙන් රැඳී සිටිම: සති දෙකක් තුළ රු. ලක්‍ෂ 92ක් උසාවියේ තැන්පත් කිරීමට සක්‍යා හිමිකරුට නියෝග" | "සති දෙකක කාලයක් ඇතුළත රුපියල් අනූදෙලක්‍ෂ පනස්හය දහස් පන්සියයක මුදලක් (9,256,500) ඇපයක් ලෙස තම අධිකරණය හමුවේ තැන්පත් කරන ලෙස නුගේගොඩ දිසා විනිසුරු කල්හාරී කේ. ලියනගේ මහත්මිය සාක්‍යා අධ්‍යාපන ආයතනයේ හිමිකරු වන බණ්ඩාර දිසානායක මහතාට පසුගියදා නියෝග කළාය. පෙරකී විත්තිකරු විසින් බදු ගිවිසුම උල්ලංඝනය කරමින් බලහත්කාරයෙන් සහ න... |
"රාජපක්ෂලාගෙන් වන්දි ගන්න දිසා අධිකරණයට යන්න: ඉන්ධන පෝළිම් හදපු උද්දච්ච ඇමැතිලාට එරෙහිව මීළඟ නඩුව ඇසිය යුතුයි – පාඨලී චම්පික රණවක" | "ආර්ථික අර්බුදයේ වගකිවයුත්තන් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නම් කළ රාජපක්ෂවරුන්ට එරෙහිව දිස්ත්‍රික් අධිකරණයේ නඩු පවරා වන්දි ලබාගැනීමට මේ රටේ ජනතාව පෙරට ආ යුතු යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. බෙහෙත් නැතුව මියගිය අයගේ ඥාතීන්, ගෑස් පෝලිම්වල මියගිය අයගේ ඥාතීන්, ගෑස් පිපිරීම් න... |
"‘දෙරණ’ ඩ්‍රීම් ස්ටාර් කිරුළ අංජලීට" | "‘දෙරණ’ ඩ්‍රීම් ස්ටාර් SEASON – XI සිහින තාරකාවිය ලෙස අංජලී හේරත් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පෙරේදා (25) කිරුණ පැළඳවූවාය. විදුෂා රාජගුරු අනු ශූරතාවද අපූර්වා ආශාවරී තෙවන ස්ථානයද දිනා ගත්හ. අංජලීට සම්මානය දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා ප්‍රදානය කළ අයුරු." |
"මෙරට ගොවීන්ට පළමුවරට අබ ප්‍රභේදයක්" | "මෙරට වගාබිම් සඳහා යෝග්‍ය අබ ප්‍රභේදයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පළමුවරට නිර්දේශ කර තිබේ. පසුගිය 23 වෙනිදා ගන්නොරුවේදී පැවති ප්‍රභේද නිදහස් කිරීමේ කමිටු රැස්වීමේදී මේ සඳහා අනුමැතිය හිමිවූ අතර, එය කමිටුව වෙත ඉදිරිපත් කරනු ලැබුවේ අඟුණකොළපැලැස්ස මාශ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ... |
"රැඳවියෙක් බූස්සේ සීසීටීවී 23 කට හානි කරලා – විශේෂ විමර්ශනයක් අරඹයි" | "දරුණු ගණයේ අපරාධකරුවකු වන පොඩි ලැසී ඇතුළු අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධිආරක්‍ෂිත බන්ධනාගාරයේ CCTV කැමරා 23 කට අලාභ හානි කළ සිද්ධියක් සම්බන්ධයෙන් සහකාර බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇත. මංකොල්ලකෑම් සහ කප්පම් ගැනීම් චෝදනා යටතේ අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරයට මාරු කර එවා තිබූ රැඳවියක... |
"කැබිනට් එක කොහොමද රටේ නීති උල්ලංඝනය කරන්නේ" | "ක්‍රීඩා පනත ප්‍රකාරව ක්‍රීඩා ඇමැතිවරයාට අන්තර්වාර කමිටු ඇති කිරීමේ බලය තිබුණත් එවැනි අන්තර්වාර කමිටුවක් පත්කළ හැක්කේ කැබිනට් එක විසින් අනුමත කළ පසුව බවට වන තීන්දුවක් කැබිනට් මණ්ඩලය ගෙන ඇති බවත් එය අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ තීන්දුව හරහා රටේ නීතිය පවා අභිබවා යෑමට කැබිනට් මණ්ඩලය කටය... |
"රටට වැඩිම විදේශ විනිමයක් ලබාදෙන කඳුකර දෙමළ ජනතාව සිටින්නේ දරිද්‍රතා රේඛාවේ පහළම" | "මෙරටට වැඩිම විදේශ විනිමයක් ලබාදෙන කඳුකර දෙමළ ජනතාව දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී 25දා පැවසීය. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. එහිදී මන්ත්... |
"ගාසා තීරයට අපේ ශ්‍රමිකයන් යවන්නෙත් නෑ : යුද පුහුණුව දෙන්නෙත් නෑ" | "ගාසා තීරයේ යුද ගැටුම් පවතින ප්‍රදේශවලට මෙරට ශ්‍රමිකයන් නොයවන බවත් කිසිදු ශ්‍රමිකයකුට යුද පුහුණුව ලබා නොදෙන බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (25දා) පැවසීය. සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැ... |
"කොට උඩ ගිය ව්‍යාපෘතිවලට බිලියන 19ක දොළපිදේනි" | "මෙරට ව්‍යාපෘති මෙහෙයුම් ඒකකවල පවතින අඩුපාඩු හේතුවෙන් විදේශ ණය ලබාගෙන ඉකුත් වසර දහයේ දී (2012-2022) මෙරට ක්‍රියාත්මක වූ ආයෝජන ව්‍යාපෘතිවල කටයුතු ගිවිසුම් පරිදි අවසන් නොකිරීම නිසා රජය රුපියල් බිලියන 19ක බැඳීම් ගාස්තු නිෂ්කාර්යව ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. ආයෝජන ව්‍යාපෘති සඳහා ඒ ඒ ණය දෙන ආයතන සමග එළඹ තිබූ ග... |
"වැඩිකළ රු.දහදාහෙන් 5000ක් ජනවාරි සිට" | "මෙවර අයවැය මගින් රජයේ සේවකයන් සඳහා ලබා දීමට යෝජනා කළ රුපියල් දසදහසක වැටුප් වැඩි කිරීමෙන් රුපියල් 5000 ක් ලබන ජනවාරියේ සිට ලබා දීමට රජයේ අවධානය යොමු වී තිබේ. එහිදී විශ්‍රාමිකයන් සඳහා වන රුපියල් 2,500ක දීමනා වැඩි වීම සම්පූර්ණයෙන්ම ජනවාරියේ සිටම ලබා දීමට ද එකඟතාව පළ වී ඇත. අදාළ රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමෙන් කොටසක් ලබන ජ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.