Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"විශ්ව රූ රැජන කිරුළ නිකරගුවාවේ ශේනිස්ට…."
"2023 විශ්ව රූ රැජන කිරුළ නිකරගුවාවේ ශේනිස් පැලක්ලොස් විසින් දිනාගෙන ඇත. රටවල් 84 කින් ඉදිරිපත් වූ තරගකාරියන් පරාජය කරමින් ශේනිස් මේ කිරුළ දිනා ගත්තේ එල්සැල්වදොර් රාජ්‍යයේ සෙනසුරාදා (18 දා) රාත්‍රීයේ පැවැති අවසන් මහා තරගයෙනි."
"PHI ලා අනිද්දා සිට බෝවන රෝග පාලනයෙන් ඉවතට"
"දිවයිනේ සියලුම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ලබන 22 වැනිදා සිට බෝවන රෝග පාලන කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ‘දිවයින’ට ඊයේ (19 දා) පැවසීය. අවස්ථා රැසකදී කළ සිය ඉල්ලීම්වලට රජයෙන් ප්‍රතිචාර නොලැබීම නිසා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹී බව ද හෙතෙම කීය. මෙහිදි ත...
""බද්දට පෙර ගෙන්වූ සීනි මෙට්‍රික් ටොන් 19,000ක් තාමත් රටේ තිබෙනවා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය""
"බදු ඉහළ නැංවීමට පෙර ආනයනය කළ සීනි මෙට්‍රික් ටොන් 19,000ක් තවමත් රට තුළ පවතින බවත් එබැවින් සීනි හිඟයක් හෝ අනවශ්‍ය මිල ඉහළ යෑමක් සිදු වීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පාරිභෝගික සේවා අධිකාරිය මගින් පාලන මිලට වැඩියෙන් සීනි අලෙවි ක...
"රාජපක්ෂලාගේ ප්‍රජා අයිතිය අනතුරේ?"
"රට බංකොලොත්භාවයට පත් කිරීමට ක්‍රියා කළ ගෝඨාභය, මහින්ද, බැසිල් යන රාජපක්ෂවරුන් සහ පීබී ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, එස්. ආර්. ආටිගල, ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මෙන්ම මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් යුත් එම කණ්ඩායමේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී 17දා යෝජනා කළේය. ඒ සඳහා ක්‍...
"අතුරේ යන රාජ කතා"
"දිවංගත ඩී. ඒ. රාජපක්‍ෂ මහතාගේ 56 වැනි ගුණානුස්මරණ දෙසුම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති අවස්ථාවේ (16දා) හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන හා හිටපු කථානායක චමල් රාජපක්‍ෂ යන මහත්වරු එක්වූ අවස්ථාව."
"රොෂාන්ගේ නිවසටත් පොලිසිය"
"ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාට දැනට ලබාදී තිබෙන ඇමැති ආරක්‍ෂක නිලධාරීන් දස දෙනාට අමතරව ඔහුගේ නිවස ආසන්නයටද පොලිස් නිලධාරීන් යොදවා ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. මීට අමතරව ඔහුගේ රාජකාරි නිල සංචාරවලදී පවා අදාළ පළාත්වල පිහිටි පොලිස් නිලධාරීන්ගේද රැකවරණය ලැබෙන බවද එම පොලිස් නිලධාරියා සඳහන් කළේය. තම...
"හරක්කටාලාගේ කුඩු ජාලය අවුලක"
"‘හරක්කටා’ සහ ‘ගණේමුල්ලේ සංජීව’ යන පාතාල නායකයන් දෙදෙනාගේ රැකවරණය ලබමින් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මෙරට පාතාල කල්ලි සාමාජිකයන් පනස් දෙනෙකුට ආසන්න පිරිසක් මේ වනවිට දැඩි ආර්ථික අපහසුතාවන්ට සහ අනාරක්‍ෂිත තත්ත්වයකට පත්ව අසරණවී සිටින බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී ඇත. ඊට හේතුවී ඇත්තේ මීට මාස කීපයකට උඩදී හරක්කටා සහ ගණේමුල...
"ශ්‍රී ලංකා ක්‍රිකට් අනිද්දා ගොඩඑයිද"
"ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කරනවාද නැත්නම් තවදුරටත් පවත්වා ගෙන යනවාද යන්න පිළිබඳව තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් අනිද්දා (21 වැනිදා ) ගනු ලැබීමට නියමිතය. එම ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් අනිද්දා පැවැත්වෙන අදාළ හමුවේ දී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම සම්බන්ධයෙන...
"පාස්කු සටන අත්නොහරින්න පාප්වහන්සේගෙන් උපදෙස්"
"පාස්කු ඉරිදා ප්‍රහාරයේ සාධාරණය, යුක්තිය, ඉටුවෙනතෙක් ඒ සඳහා සිදුකරන විරෝධතා අත්නොහරින ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තමාට උපදෙස් දුන් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමෝ පැවසූහ. සාන්තුවරයන්ගේ මංගල්‍ය නිමිත්තෙන් කොළඹ අගරදගුරු මැඳුරේ දිව්‍ය හෘදය දෙව්මැඳුරේ පැවැති දේවමෙහෙයේදී විශේෂ දේශනයක් සිදුකරමින් කාදිනල...
"බංකොලොත් කල්ලියේ පෙන්ෂනුත් කපන්න"
"රට බංකොලොත් කිරීමට වගකිවයුත්තන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී වරදකරුවන් වූ කිසිවකුට සිය තනතුරුවලින් විශ්‍රාම ගිය පසු හිමිවන වරප්‍රසාද ලබාදීම සිදු නොකළ යුතු බව දන්වමින් දූෂණ විරෝධී බලවේගය ජනාධිපති ලේකම් වෙත ලිපියක් යොමු කර ඇත. එම බලවේගයේ සභාපති, මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ සහ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්කගේ යන මහත්වරුන්ගේ ...
"කෝප් සභාපතිට කථානායක කතාකරයි"
"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධව පැනනැඟී තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳව සිදුකරන කෝප් කමිටු රැස්වීමේ දී එහි සභාපතිවරයා තම පුතා එම කමිටුවට රැගෙන ඒම පිළිබඳව ඉදිරි දින දෙක තුන ඇතුළත සභාපතිවරයාගෙන් නිලවශයෙන් කරුණු විමසන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය. කෝප් කමිටුවේ සභාපති රංජිත් බණ්ඩාර ...
"සීනි දිරියට කෝටි 32ක්"
"මහා භාණ්ඩාගාරය මගින් අනුමත කරන ලද දිරි දීමනා යෝජනාක්‍රමයක් සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගමේ ක්‍රියාත්මකව නොවී තිබිය දී එම සමාගමේ සේවකයන් සඳහා 2022 වර්ෂයේ දී රුපියල් තිස්දෙකෝටි හැත්තෑ හය ලක්ෂ අනූ දෙදහස් නමසිය අනූනමයක මුදලක් (327,692,999) දිරි දීමනා වශයෙන් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර...
"හොර පිළිකා ඖෂධයටත් මිලියන 100ක්"
"ප්‍රශ්න සහගත ‘ඉමියුනෝග්ලොබියුලන්’ ඖෂධය ගෙන්වූ සමාගම විසින්ම ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කළ බවට වූ ව්‍යාජ සහතිකයක් ඉදිරිපත් කරමින් ගෙන්වූ ‘රිට්‍රක්සිමැස්’ නමැති පිළිකා ප්‍රතිකාරක එන්නත් තොගයක් රුපියල් මිලියන සියයකට වැඩි මුදලකට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිලදී ගෙන ඇතැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. ව්‍...
"බද්දට දුන් ඉඩමේ කෝටි 17ක හිල්"
"ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් බදු පදනම මත ලබා දීම වෙනුවෙන් 2022 වර්ෂයට අදාළව රුපියල් විසිහතරකෝටි තිස්දෙලක්ෂ විසිපන්දහස් නමසිය විසිදෙකක (243,225,922) මුදලක් අයවීමට ඇතත් මින් අයකර ගෙන ඇත්තේ ලැබිය යුතු බදු මුදලින් සියයට 29ක් පමණක් බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. ඉකුත් වර්ෂයේ බදු ආදායම වශයෙන් අයකර ගෙන ඇත්තේ ...
"මාළු රටින් ඩොලර් නතින්"
"මත්ස්‍යයන් හා ඒ ආශ්‍රිත සැකසුම් ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ (2023) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මාස නමය තුළ ඩොලර් මිලියන 50.7ක මුදලක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේ පමණක් මත්ස්‍යයන් හා ඒ ආශ්‍රිත සැකසුම් ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක් වැය වී ඇති බව ද මහ බැං...
"මාස දෙකට දැරියන් 299ක් අපයෝජනය වෙලා"
"දැරියන් 299 දෙනකු ගතවූ මාස 02 ඇතුළත අපයෝජනයට ලක්ව ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිනී රේණුකා ජයසුන්දර මහත්මිය පැවසුවාය. ඒ අතරින් දැරියන් 32 දෙනකු ගර්භණි භාවයට පත්ව ඇතැයි ද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය කියා සිටියාය. සැප්තැම්බර් මාසයේදී අවුරුදු 16ට අඩු දැරියන් 168 දෙනකු ළමා ස්ත්‍රී දූෂණයට ලක්ව ...
"ශිෂ්‍යත්ව අභියාචනා ඉල්ලයි"
"මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුවකුගේ ලකුණු පිළිබඳව නැවත පරීක්ෂාවක් සිදුකරගැනීමට අවශ්‍ය වන්නේ නම් ලබන 27 වැනිදා සිට දෙසැම්බර් 04 වැනිදා දක්වා මාර්ගගතව අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. මේ ගැන වැඩිදුර විමසීම් 1911 ක්ෂණික ඇමතුම් අංකයට හෝ 0112-784208/ 0112-7...
"කෝටි 162ක් ටැප් එකේ"
"ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල සබඳතා විසන්ධි කළ ජල පාරිභෝගිකයන්ගෙන් 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදාට හිඟ ණය මුදල් වශයෙන් එකසිය හැට දෙකෝටි විසිහත්ලක්ෂ අසූහතරදහස් පන්සිය නමයක (1,622,784,509) මුදලක් අයවීමට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙකී හිඟ ණයගැති ශේෂයෙන් සියයට 73කට සමාන රුපියල් එකසිය විසිකෝටි එක...
"හිටපු ජනපතිලා 4කට එරෙහිව උසාවි තීන්දු"
"මෙරට හිටපු විධායක ජනාධිපතිවරුන් හතරදෙනකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු ලබාදී ඇත. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්‍ෂ, මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්ම මහත්මීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා කිහිපයක දීම තීන්දු ලබාදී තිබේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට එරෙහිව වෝටර...
"අහු නොවී රට පනින්න අලුත් උපක්‍රමයක්: ඝාතනවලට පෙර පාතාලයෝ පාස්පොට් හදති"
"පාතල මිනිස් ඝාතන සිදුකරන පාතාල මිනීමරුවන් පොලිස් අත්අඩංගුවට පත්වීමට පෙර හොර රහසේම රටින් පලායෑම මොවුන්ගේ අලුත්ම ක්‍රමවේදය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. සිය ඉලක්කගත ඝාතනය ක්‍රියාත්මක කිරීමට පෙර වෙනත් රටකට පලා යෑම සඳහා අවශ්‍ය කරන වීසා බලපත්‍ර, විදේශ ගමන් බලපත්‍රය මෙන්ම ගුවන් ගමන් ප්‍රවේශපත්‍රය ද මොවුන් කල්තියාම සූද...
"ලකුණු 198 ක් ගත් හපන්නු – සිසුහු 50664ක් කඩඉම පසුකරති"
"මෙවර 2023 පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පෙරේදා (16 වැනිදා) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණු අතර, එහිදී පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් කඩඉම් ලකුණ අබිබවා ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යාව 50,664 ක් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. ජේ. එම්. සී. දමිත් ජයසුන්දර මහතා පවසයි. මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයට සිසුන් තුන්ලක්‍ෂ තිස්අටදහස්...
"කෝප් රැස්වීම් සියල්ලම අත්හිටුවයි"
"පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සියලුම රැස්වීම් නැවත දැනුම් දෙන තුරු අත්හිටවූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (17 දා) දැනුම් දෙනු ලැබීය. ඒ අනුව එහි සභාපති විසින් සාමාජිකයන්ට පමණක් ඊයේ දහවල් 1.00ට කැඳවා තිබූ විශේෂ රැස්වීමද අත්හිටවූ බව ද කථානායකවරයා කීය. මේ වනවිට කෝප් සභාව සම්බන්ධයෙන් මතුව ඇති අව...
"මහාචාර්ය රංජිත්ගේ ක්‍රිකට් හාදකම සභාගත කෙරේ"
"පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සිදු කරනු ලබන ව්‍යාපාර කටයුතුවලට අදාළ ලිපිගොනු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (16 දා) පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය. ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේ සභාපතිවරයා ක්‍රිකට් ආයතනයට පක...
"ජෙරම් ගුවන්තොටේදී අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්"
"බොදු දහමට අපහාසයක් කළේ යැයි චෝදනා එල්ල වී ඇති ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන විට කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී හෝ අතරමග දී අත්අඩංගුවට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තහනම් නියෝගයක් නිකුත් කළේය. තමා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දරන උත්සාහය වළක්වන නියෝග...
"දයාසිරිගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි"
"තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට හා තමන් දැරූ පක්ෂ මහ ලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ගොනුකර තිබූ අභියාචනය බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනාධිකරණය මගින් ප්‍රතික්ෂේප කරන ලදී. ශ්‍රී. ල. නි. ප. සභාපති ...
""අධ්‍යාපනය සිංහල සහ දෙමළවලට පමණක් සීමා කළ නොහැකියි : ඉංග්‍රීසි, ජපන්, චීන, අරාබි, කොරියන් ආදී සියලු භාෂාවන්ගෙන් දරුවන් සන්නද්ධ කළ යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ""
"භාෂා දැනුම සිංහල සහ දෙමළ භාෂාවන්ට පමණක් සීමා කළ නොහැකි බවත්, අනෙකුත් භාෂා දැනුමද සිසු පරපුරට ලබාදිය යුතු අතර 2030 වන විට ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන මෙරට සියලු පාසල්වල ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ (16 දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ස...
"ඇස් කාච ගන්න බැරි නම් මා හමුවන්න – ඇස් රෝහලේ අධ්‍යක්‍ෂ කියයි"
"“ඇස් කාච දැමීමේ ශල්‍යකර්මයක් සඳහා රෝගියකු ඇස් රෝහලට ඇතුළත් වුණාට පස්සේ ඒ කාච එළියෙන් ගන්න අපහසුතාවක් තියෙනවා නම් මාව හමුවෙන්න. මං ළඟ හොඳ ඇස් කාච තියෙනවා” යැයි කොළඹ ජාතික අක්‍ෂි රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඒ. ආර්. එම්. තවුෆික් මහතා (13 වැනිදා) එම රෝහල් ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය වැඩමුළුවක දී පැවසීය. අක්‍ෂි කාච ශල්‍යකර්ම සඳහා...
"ශ්‍රී ලංකාවේ වාර්තා චිත්‍රපටය අද ලොව පුරා එකවර"
"ප්‍රවීණ ගුවන්විදුලි මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද “The Saga of Mountain Dwellers” වාර්තාමය චිත්‍රපටය මේ මස 18 වැනි සෙනසුරාදා (අද) දහවල් 12.30ට ජාතික ලේඛනාගාර පරිශ්‍රයේදී ප්‍රදර්ශනය කෙරෙන අතර ඒ මොහොතේම ලොව පුරා රටවල් 11ක සමගාමී විකාශයක් ද සිදු කෙරේ. නුවන් ජූඩ් ලියනගේ මහතා ප්‍රකට පුරාවිද්‍යා...
"රජයේ සේවකයන්ගේ වැටුප් රු. දසදහසකින් වැඩි කිරීමට හැකිවීම විශිෂ්ට ජයග්‍රහණයක් – අගමැති දිනේෂ් ගුණවර්ධන"
"රාජ්‍ය සේවකයන් බහුතරයක් රැකියාවලින් ඉවත් කරාවි සහ ඔවුනට මාසික වැටුප් ගෙවීමට නොහැකිවේ යැයි මත පළවෙද්දී මෙවර අයවැයෙන් රුපියල් දසදහසක වැටුප් වැඩිවීමක් ලබා දීමට හැකිවීම විශිෂ්ට ජයග්‍රහණයක් යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (16දා) පැවසීය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කි...
"මහ බැංකු පාලක මණ්ඩලයෙන් සංජීව ජයවර්ධන අස්වෙයි"
"ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සාමාජික ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා එම සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇතැයි ‘දිවයින’ට වාර්තා වේ. සංජීව ජයවර්ධන මහතා මීට පෙර පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජික ලෙස ද කටයුතු කළේය. ඔහු පෙර පැවති මුදල් මණ්ඩලයේ සාමාජිකයන් අතුරින් නව පාලක මණ්ඩලයට පත් වූ එකම මුදල් මණ්ඩලයේ ස...
"ශිෂ්‍යත්ව ලකුණු සන්සන්දනය කරන්න එපා අසමත් දරුවන්ට බනින්න එපා – මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්"
"පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වූ දරුවන්ට බනින්න ගහන්න එපා. දෙමාපියන් එසේ කිරීම තුළින් දරුවන් අනාගතයේදී මුහුණ දෙන විභාගවලදී දැඩි ලෙස බියට පත්විය හැකි යැයි කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මනෝ විද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා ‘දිවයින’ට ඊයේ (17 දා) පැවසීය. පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසු දරු දැරියන්ගේ දෙමාපියන්ට ල...
"විදෙස් සංචාරකයෝ ලක්‍ෂ 12ක් ඇවිත්"
"මේ වසරේ (2023) මුල සිට ඉකුත් නොවැම්බර් 15 වැනිදා දක්වා මෙරටට පැමිණ ඇති මුළු විදේශ සංචාරකයන් ගණන දොළොස් ලක්‍ෂය ඉක්මවා යමින් 1,200,119ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වසරේ (2023) නොවැම්බර් මස පළමු දින 15 තුළ පමණක් පැමිණ ඇති විදෙස් සංචාරකයන් ප්‍රමාණය 74664ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. නොවැම්බර් මස පළමු දින 15දී...
"ගෙවීගිය මාස තුනේදී නීති විරෝධී මත්ද්‍රව්‍ය කිලෝ 50ක් රේගු භාරයට අරන් – මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය"
"ගෙවී ගිය මාස තුනක කාලය තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් රේගු භාරයට ගෙන ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. ඒ අතර කුෂ් සහ හෂීස් යන මත්ද්‍රව්‍ය වන බව ද ඇමැතිවරයා සඳහන් කළේය. කැනඩාවේ සිට මෙරටට ආනයනය කළ බහාලුමක තිබී පසුගිය දා සොයා ගත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ...
"දිවංගත ඩී. ඒ. රාජපක්ෂගේ 56 වැනි ගුණසමරුව"
"දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 56 වැනි ගුණසමරු දේශනය කොළඹ 7, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පෙරේදා (16 දා) සවස පැවැත්විණි. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ධනන්ජය ගමලත් මහතා එහිදී මුඛ්‍ය දේශනය පැවැත් වූ අතර ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ උඩුකය පි...
"ක්‍රිකට් පෙත්සමෙන් තවත් නඩුකාරයෙක් ඉවත් වෙයි"
"ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනුකළ පෙත්සම සලකා බැලීමෙන් තවත් විනිසුරුවරයකු ඊයේ (16 දා) ඉවත්වීම නිසා එම පෙත්සම ලබන 20 වැනිදා සඳුදා වෙනත් විනිසුරු මඬුල්ලක් ඉදිරියේදී යළි විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ දින නියම කළේය. මෙම පෙත්සම ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬු...
"සභාපතිගේ පුතා කෝප් එකේ වාඩිවුණේ කොහොමද"
"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයකු ලෙස සේවය කරන කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ක්‍රිකට් ආයතනය පසුගියදා කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ සිය පුත්‍රයා ද එම කමිටුවට සහභාගි කරවාගෙන බරපතළ වරදක් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (16දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. රටේ විපක්ෂ නායක ලෙස කෝප් කමිටුව...
"ඕකට මම ගහලා දානවා- ප්‍රබලයෙක් කියලා – ඇමැති රොෂාන් ආරක්‍ෂාව ඉල්ලයි"
"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ තමා විසින්ම පත් කළ සුදත් චන්ද්‍රසේකර තමන්ට විවිධ තර්ජනාත්මක ප්‍රකාශ කර ඇති හෙයින් තමාගේත් තම පවුලේ සාමාජිකයන්ගේත් ආරක්ෂාව තහවුරු කරන ලෙස ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (16දා) විශේෂ ඉල්ලීමක් කළේය. ක්‍රිකට් ආයතනයේ නිලධාර...
"රට ගැන කැක්කුමයි නම් ඇවිත් විශ්වවිද්‍යාල හදන්න – ඩයස්පෝරාවට ජනපති කියයි"
"රට ගැන කැක්කුමක් ඇත්නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නව විශ්වවිද්‍යාල අරඹන ලෙස මෙරටින් පිටවී සිටින සිංහල ඩයස්පෝරාවට සහ දෙමළ ඩයස් පෝරාවට විවෘතව ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සඳහන් කළේය. භාෂා දැනුම සිංහල දෙමිළවලට පමණක් සීමා කළ නොහැකි බවත් 2030 වන විට “සැමට ඉංග්‍රීසි” වැඩපිළිවෙළ සියලු ...
"අයවැය ඉලක්ක සපුරා ගැනීම අභියෝගාත්මකයි – ෆිච් රේටිංග්ස් කියයි"
"ලබන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතියට පත්වීමක් අපේක්ෂා කළ හැකි වුවද 2024 වසර සඳහා අයවැයෙන් දක්වා ඇති ඉලක්ක සපුරාගැනීම අභියෝගාත්මක වනු ඇති බව ජාත්‍යන්තර ණය ශ්‍රේණි ආයතනයක් වන ෆිච් රේටිංග්ස් පවසයි. මෙවර අයවැයනේ බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදනය නොමැතිව වුවද 2024 අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන්...
"සිනීවලට වෙච්ච දෙයින් කිහිපදෙනකුගේ මල්ල පිරුණා"
"රජය බදු සහන ලබාදීමට ක්‍රියා කළ යුත්තේ ජනතාවට මිස අයුතු ලෙස මුදල් උපයන ව්‍යාපාරිකයන්ට නොවේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටී. එම ව්‍යාපාරයේ සභාපති, කරු ජයසූරිය මහතාගේ අත්සනින් යුත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි. පසුගියදා සීනි ආනයනයට අදාළව පනවන ලද නව බදු ක්‍රමය නිසා ඉන් මේ රටේ ජනතාව...
"සීනි බදුවලින් ගහපු සල්ලි ආපසු ගන්න හදයි – ක්‍රම සහ විධි කාරක සභාවෙන් උපදෙස්"
"සීනි සහ තිරිඟු පිටි ආනයන සීමා සහ බදු සංශෝධන නිසා සමාගම් අසීමිත ලාභ ලැබීමත් රටට බදු මුදල් අහිමිවීමත් පිළිබඳ අවධානය යොමුකර ඒවා අයකර ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඊයේ උපදෙස් ලබාදෙන ලදි. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාග...
"වැරදි මූල්‍ය කළමනාකරණ කතාව මම පිළිගන්නේ නෑ වෙලාව ආවිට උසාවියට නිදහසට කරුණු කියනවා – මහින්ද කියයි"
"“වැරදි මූල්‍ය කළමනාකරණය නිසා රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වී යැයි ලබා දුන් තීන්දුව පිළිබඳ බොහොම පැහැදිලිව කිව යුතු වෙනවා එම අදහස මම පිළිගන්නේ නැහැ” යැයි හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ 15 දා පැවැති ආගමික වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්...
"ඔන්මැක්ස් ටීඩී අධ්‍යක්‍ෂවරුන්ට දැඩි කොන්දේසි මත ඇප"
"නීත්‍යනුකූල නොවන පිරමිඩ ජාවාරමක නිරතවී රුපියල් මිලියන 300කට ආසන්න මුදලක් වංචා කළේ යැයි චෝදනා කරමින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔන්මැක්ස් ටීඩී සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (16 වැනිදා) නියෝග කළේය. සැකකරුවන් වෙනුවෙන් ...
"පාරිභෝගික අධිකාරියේ වැටලීම්වලින් කෝටි 22ක දඩ ආදායමක්"
"මේ වසරේ ගතවූ මුල් මාස දහයක කාලයේ දී දිවයින පුරා කළ වෙළෙඳ සැල් වැටලීම්වලින් රුපියල් කෝටි 22කට අධික මුදලක් දඩ ලෙස අයකර ගෙන ඇතැයි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි. ඒ අනුව භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීම, තොග සැඟවීම, කල් ඉකුත්වූ භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු විවිධ නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙ...
"කෝටි 11ක රන් ජෙල් කරල් ගුවන්තොටේදී අත්අඩංගුවට"
"රුපියල් කෝටි එකොළහක් වටිනා රත්තරන් ජෙල් කරල් 16 ක් කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් ඊයේ (16දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. රේගු නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත, රත්තරන් ජෙල් කරල් රැගෙන පැමිණි ගුවන් මගියා සිටි ගුවන් යානය තුළට ගොස් අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. මොහු 32 හැවිරිදි කොළඹ – 02 කොම්පඤ්ඤ වීදිය ප...
"මිලියන 60ක කුෂ් පාර්සලය රේගු දැලේ"
"නීති විරෝධී අයුරින් පාර්සලයක් සේ සකසා සූක්‍ෂම අයුරින් මෙරටට එවා තිබූ රුපියල් මිලියන 60කට ආසන්න වටිනාකමින් යුත් ‘කුෂ්’ නැමති විෂ මත්ද්‍රව්‍ය තොගයක් රේගු ආදායම් අධීක්‍ෂණ ඒකකය මගින් ඊයේ (16 දා) අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ මත්ද්‍රව්‍ය කිලෝ 06ක ප්‍රමාණයක් මෙහිදී රේගුව සිය භාරයට ගෙන ඇති අතර, කැනඩාවේ සිට මෙරට ගනේමුල්ල ප්‍රදේශය...
"වෛද්‍ය සැපයුම් සියලු වැඩ වහාම අසේල යටතට"
"වහාම ක්‍රියාත්මක වන පරිදි වෛද්‍ය සැපයුම් අංශයේ සියලු රාජකාරීමය කටයුතු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අධීක්‍ෂණය යටතට පත්කර ඇත. සෞඛ්‍ය ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් මත, සෞඛ්‍ය ලේකම්, එස්. ජනක චන්ද්‍රගුප්ත මහතා විසින් ඉකුත් 14දා ලිපියක් යොමුකරමින් මේ බව දැනුම් දී තිබේ. සුජීව තත...
"ඩී. වී. චානකගේ මාමා මැරූ පාතාලයෝ පැනලා!"
"විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතාගේ මාමණ්ඩිය ගාල්ල නගර මධ්‍යයේදී වෙඩි තබා ඝාතනය කළ කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ ගෝලයන් දෙදෙනා හොර රහසේම විදේශගතව ඇති බවට පොලිසිය සැකපහල කරයි. පොලිස් ආරංචි මාර්ග පවසන්නේ ඩී. වී. චානකගේ මාමණ්ඩිය ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරු සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයා කොස්ගොඩ සුජී ව...
"කොවිඩ් සමයේ මුහුණු පොතේ සටහනක් තැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාට මිලියනයක වන්දි ගෙවන්න රජයට නියෝග"
"මුස්ලිම්වරුන් මතවාදී අරගලයකට වහාම සූදානම් විය යුතු බවට සිය මුහුණු පොත ඔස්සේ මතයක් පළකළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන මොහොමඩ් රාසික් මොහොමඩ් රම්සි මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එයට වන්දියක් ලෙස එම පෙත්සම්කරුට රුපියල් ලක්ෂ 10 ක මුදලක් ගෙවන ල...
"හොඳම ගායිකාව නන්දා මාලනිය – හොඳම නළුවා කුමාර තිරිමාදුර"
"2019 සහ 2020 තිරගත වූ සිංහල චිත්‍රපට සලකා බැලුන ජනාධිපති සිනමා සම්මාන උළෙල පෙරේදා (14 දා) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති අවස්ථාවේදී, 2020 හොඳම පසුබිම් ගායිකාව ලෙස ආචාර්ය නන්දා මාලනීය ද ‘නිවුස් පේපර්’ චිත්‍රපටය උදෙසා සම්මාන ලැබුවාය. ජනාධිපතිවරයා වේදිකාවෙන් බැස ඇය අසලට ගොස් එම සම්මානය ගෞරවයෙන් ඇයට පිදීම සුවිශේෂී අවස්ථාව...
"ඇමැති රොෂාන්ගේ ආරක්ෂාවට පොලිසියෙන් තවත් තිදෙනෙක්"
"ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පොලිසියෙන් කළ ඉල්ලීමක් පරිදි ඊයේ (15 දා) සිට ඔහුගේ ආරක්ෂාවට ඇමැති ආරක්ෂක අංශයේ තවත් පොලිස් නිලධාරීන් තිදෙනකු ලබාදීමට ක්‍රියාකර ඇත. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය පරිදි ඔහුට මෙම ආරක්ෂාව ලබාදීමට ක්‍රියාකර තිබේ. මේ අනුව ක්‍රීඩා ඇමැතිවරයාට ආරක්ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් හත්දෙනාට...
"දිනේෂ් ෂාෆ්ටර්ගේ රක්ෂණ මුදල් ගෙවීම අත්හිටුවීමේ නියෝගය ඉවත් කෙරේ"
"අභිරහස් ලෙස මියගිය ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයෙක් වන දිනේෂ් ෂාෆ්ටර් මහතා වෙනුවෙන් රක්ෂණ මුදල් ගෙවීම සතියක කාලයක් දක්වා අත්හිටුවන ලෙස දන්වමින් ෆෙයාෆස්ට් හා ජනශක්ති රක්ෂණ සමාගමට පසුගිය නඩුවාරයේදී කළ නියෝගය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ (15) ඉවත් කිරීමට නියෝග කළාය. අදාළ පාර්ශ්වයන් වෙත රක්ෂණ මුදල් ග...
"රට බංකොලොත් කළ රාජපක්‍ෂලා – ලක්‍ෂ 220ක ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළා"
"රට බංකොලොත් කරමින් රාජපක්ෂවරුන් ඇතුළු පිරිස ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට අධිකරණය හමුවේ ඔප්පු වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, පී.බී. ජයසුන්දර සහ ආටිගල යනාදීන් රට බංකොලොත් කිරීමට වගකිව යුතු බවට සමගි ...
"දොස්තරලා වෘත්තීය සටනකට"
"වෛද්‍යවරුන් රට හැර යෑම වළක්වා ගැනීමට පියවර නොගැනීම ඇතුළු තවත් ගැටලු රැසකට ආණ්ඩුව විසඳුම් ලබා නොදීම හේතුවෙන් ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් විජේසිංහ මහතා ‘දිවයින’ ට ඊයේ (15 දා) පැවසීය. මෙවර රජය ඉදිරිපත් කළ අයවැයේදී වුවත් අප ඉල්ලා සිටි සමහර ඉල...
"කලා නිර්මාණවලින් වාරණය ඉවත් කළ යුතුයි"
"ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තරය අතික්‍රමණය කළ යුතු බවත් ඒ වෙනුවෙන් නව තාක්ෂණයට ගැලපෙන ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව ඇතුළු ඊට අනුබද්ධ සියලුම ආයතන ප්‍රතිසංවිධානය කිරීමට රජය මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ පෙරේදා (14දා) පස...
"ක්‍රිකට් කෝප් කමිටුවට ගේන විට විපක්‍ෂයට සභාපතිකම දෙන්න – ඇමැති රොෂාන්"
"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙරේදා (14 දා) දින පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවූ අවස්ථාවේදී කෝප් සභාපති ක්‍රිකට් බලධාරීන්ට පක්ෂපාතී ලෙස විවිධ සංඥා පවා ලබා දෙමින් හැසිරුණු බවත් මින් ඉදිරියට ක්‍රිකට් ආයතනය කමිටුව හමුවට කැඳවන්නේ නම් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නොමැතිව එම පරීක්ෂණ කටයුතු කරන ලෙසත් විපක්ෂ නා...
"අධ්‍යාපන වැය ශීර්ෂයදා ගුරුවරු පාර්ලිමේන්තුව ළඟට – ස්ටාලින් කියයි"
"ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය ගැන ආණ්ඩුව වචනයක්වත් කතා කළේ නැහැ. මේ නිසා අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය පැවැත්වෙන දෙසැම්බර් 02 වැනිදා පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන්න තීරණය කළා යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘දිවයින’ට ඊයේ (15දා) පැවසීය. මෙම උද්ඝ...
"රට කරන්නේ ඇමැතිලා නොවෙයි: වෙනමම පාර්ශ්වයක් ඇමැති බන්දුල මැතිසබයේදී කියයි"
"රට හෝ ආණ්ඩුව පාලනය කිරීම ඇමැතිවරුන් විසින් නොව, වෙනත් පාර්ශ්වයක් විසින් සිදුකරන බව ප්‍රවාහන මහමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (15 දා) කීය. විපක්ෂ මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මෙම ප්‍රකාශය සිදු කළේය. එහිදී ඇමැතිවරයා මෙසේ ද කීය. ක...
"වැඩ කරන ජනතාවගෙන් ලක්‍ෂ තුනක් දියවැඩියාව නිසා අන්ධවෙලා"
"දියවැඩියාව හා සම්බන්ධ දෘෂ්ටිවිතානයේ ආබාධ බොහෝ විට පෙනීම නැතිවෙන තුරු තමන්ට නොදැනෙන බවත්, එබැවින් දියවැඩියා රෝගීන් වහා අක්ෂි රෝහල ඇතුළු දිවයිනේ රෝහල් තුළ ඇති අක්ෂි රෝග සායන වෙත පැමිණ අක්ෂි පරීක්‍ෂණයකට භාජනයවීම ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකා අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පැව...
"රටේ ආර්ථික පරිහානියට ගෝඨාභය මහින්ද බැසිල්ලා වගකිව යුතුයි -ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි"
"රට තුළ සිදුවූ ආර්ථික පරිහානියට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්‍ෂ හා බැසිල් රාජපක්‍ෂ, හිටපු මහා භාණ්ඩාගාර ලේකම්වරුන් වන ආචාර්ය පී. බී. ජයසුන්දර, එස්. ආර්. ආටිගල, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන ඩබ්ලිව්. ඩී. ලක්‍ෂ්මන් හා අජිත් නිවාඩ් කබ්රාල්, සේවක අර්ථසාධක අරමුදලේ නියෝජිතයකු වන සම...
"පාර්ලිමේන්තුවේදී අසාධාරණ ලෙස විවේචනය කළැයි අභියාචනාධිකරණ සභාපති හා විනිසුරු ක්‍රීඩා ඇමතිගේ නඩුවලින් ඉවත් වෙති"
"ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා නව අතුරු පාලක මඬුල්ලක් පත් කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අදාළ නඩු කටයුතු විභාග කිරීමෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා හා අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඊයේ (14 දා) ඉවත් වූහ. ක්‍රීඩා අමාත්‍ය...
"මටත් ඕනෑ ක්‍රිකට්වලින් යළි රට දිනවන්නයි – ජනපති කියයි"
"මටත් ඕන ක්‍රිකට්වලින් ශ්‍රී ලංකාව දිනවන්නයි. ආර්ථික යුද්ධය ජය ගනිමින් සිටින අපට නැවත ක්‍රිකට්වලින් රට දිනවන්න බැරිකමක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14 දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී පැවසීය. එදා ගාමිණි දිසානායක මහතා විසින් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ලොව ඉදිරියේ නගාස...
"ක්‍රිකට් තහනම ගැන තීරණ ගැනීමේ බලය අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට පවරයි"
"ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට ලබා දී ඇත. එසේම මින් ඉදිරියට ක්‍රිකට් අතුරු කමිටු පත්කරන්නේ නම් ඒ සඳහා කැබිනට් අනුම...
"ගිය වසරේ අයවැය යෝජනා ඉටු කිරීම අන්ත දුර්වලයි මේ අයවැය ගැනත් විශ්වාසයක් නෑ – විපක්‍ෂ නායක සජිත් කියයි"
"රජය විසින් 2023 වසරේදී ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා ඉටුකිරීම අන්ත දුර්වල තත්ත්වයක පවතින බවත් අයවැය යෝජනා අධීක්ෂණය සඳහා කාර්යසාධන බළකායක් ස්ථාපිත කරන බව පැවසුවත් එයද මෙතෙක් පිහිටුවා නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (14දා) පැවසීය. 2023 අයවැය ප්‍රගතිය සම්බන්ධයෙන් කිසිදු විශ්ලේෂණයකින් තොරව ලබ...
"අයවැයට විවේචන විනා විපක්ෂයෙන් විකල්ප කෝ? – වජිර අබේවර්ධන අසයි"
"රට පවතින තත්ත්වය තේරුම් නොගෙන පටු අරමුණු මුල්කරගෙන වැඩ වර්ජනවලට යොමු වුවහොත් රට තවත් පහතට වැටෙනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (14දා) පැවසීය. බංකොලොත් වී සෘණ ආර්ථිකයක සහ ප්‍රශ්න ගණනාවක තිබූ රට මේ තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කළේ දේශපාලනඥයකුට එහා ගිය ආර්ථික දාර්ශනි...
"ඩයනලාගේ ගැටුම සොයන කමිටුවේ වාර්තාව කථානායකට භාර දෙයි"
"පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සහ රෝහණ බණ්ඩාර, සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරුන් අතර ඇතිවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ඊයේ (14දා) භාරදී තිබේ. එම සිද්ධියට අදාළ තිදෙනාගේ ක්‍රියා කලාපය පිළිබඳව මෙමගින් වෙන වෙනම නිර්දේශ ලබා දුන් බව ...
"හඬක් නැති අයට වැඩක් ඇති අයවැයක් – රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය"
"රාජ්‍ය සේවකයන්ට, විශ්‍රාමිකයන්ට හා අඩු ආදායම්ලාභී මිලියන ගණනක් වන හඬක් නැති පුරවැසියන්ට ආර්ථිකය ගොඩනගන අසීරු මොහොතේ සහන සැලසීමට මෙවර අය වැයෙන් ක්‍රියාකර ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (14 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න (සජබ) – ජනාධිපතිවරයා අය වැය කතාව ඉදිරිපත් කරමි...
"හඬක් නැති අයට වැඩක් ඇති අයවැයක් – රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය"
"රාජ්‍ය සේවකයන්ට, විශ්‍රාමිකයන්ට හා අඩු ආදායම්ලාභී මිලියන ගණනක් වන හඬක් නැති පුරවැසියන්ට ආර්ථිකය ගොඩනගන අසීරු මොහොතේ සහන සැලසීමට මෙවර අය වැයෙන් ක්‍රියාකර ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (14 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න (සජබ) – ජනාධිපතිවරයා අය වැය කතාව ඉදිරිපත් කරමි...
"අම්බුළුවාවේ ප්‍රවේශ පත්‍ර තොරතුරු ගිනි තියලා කෝටි ගණනක වංචාවක් යට ගහලාද සැකයක්"
"අම්බුළුවාවේ ජෛව විවිධත්ව සංකීර්ණය නැරඹීමට පැමිණෙන අය සඳහා නිකුත් කරන ප්‍රවේශ පත්‍ර තොරතුරු කිසියම් පුද්ගලයකු විසින් ගිනි තබා විනාශ කිරීම නිසා ඉන් ලැබෙන නියම ආදායම නිසි පරිදි ගණනය කිරීමට නොහැකි වී ඇත. විගණකාධිපති කාර්යාලය විසින් ඒ පිළිබඳව තොරතුරු ඉල්ලා සිටිය ද එම ජෛව විවිධත්ව සංකීර්ණයේ කළමනාකාරීත්වයට පිළිතුරු දීමට නොහැ...
"පරිසර හිතකාමී විද්‍යුත් විදුලි බිල්පත තවත් ප්‍රදේශ කිහිපයක ප්‍රචලිත කරයි"
"ලංකා විදුලිබල මණ්ඩලයේ පරිසර හිතකාමී විද්‍යුත් බිල්පත් ක්‍රමය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ තවත් ප්‍රදේශය කිහිපයක් වෙත එම බිල්පත් ක්‍රමය හඳුන්වා දීමට එම මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව දෙහිවල කැලණිය ශ්‍රී ජයවර්ධනපුර මාතර සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයන් වෙත විද්‍යුත් බිල්පත් ලබාදීමට කටයුතු කරන බව ලංකා විදුලි...
"පුංචි ඡන්දයට මුදල් නොදීම මුදල් ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් ඉවතට"
"මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය මාර්තු මස පැවැත්වීමට සැලසුම් කර තිබූ පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා නොදීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී තිබියදීත් ඒ අනුව කටයුතු නොකළ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගැනීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ මූලික ...
"අයවැයේ හොඳ නරක දෙකම තියෙනවා පොහොට්ටුව හොඳ ඒවාට සහාය දෙනවා – හිටපු ජනපති මහින්ද කියයි"
"මෙවර ඉදිරිපත් කළ අයවැයේ හොඳ සහ නරක යෝජනා දෙවර්ගයම ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම යෝජනාවලින් හොඳ ඒවාට සහයෝගය ලබාදෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (14දා) එම පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත පැවසීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ අයවැය යෝජනා හරියට ක්‍රියාත්මක කිරීම...
"රාජ්‍ය සේවකයන්ට දස දහසක දීමනාවක්"
"රාජ්‍ය සේවක වැටුපේ රුපියල් 7800 ක ජීවන වියදම් දීමනාව 17800 දක්වා රුපියල් 10000කින් වැඩි කෙරේ. වැඩිවීම අප්‍රේල් මාසයේ සිට වැටුපට ජනවාරි සිට මාර්තු දක්වා හිමිවිය යුතු හිඟ මුදල ඔක්තෝබර් සිට වාරික ලෙස ගෙවයි. රාජ්‍ය සේවකයන්ගේ වැටුප සඳහා ලබන ජනවාරියේ සිට ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍...
"මහෙස්ත්‍රාත් අභිමතය පරිදි පුද්ගලයින් ඕනෑම කාලයක් රඳවා ගන්න ගෝඨාභය පැනවූ රෙගුලාසි නීතිය හමුවේ බලරහිතයි"
"ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරනු ලබන ඕනෑම සැකකරුවකු මහෙස්ත්‍රාත්වරයකුගේ අභිමතය පරිදි දීර්ඝ කාලයක් රඳවා තබාගැනීමට අවසර ලබාදීමට බලය පවරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2021.03.12 වැනිදා නිකුත් කළ 1/2021 දරන රෙගුලාසි, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි, නීතිය හමුවේ බ...
"ජවිපෙ 34 වැනි ඉල්මහ සමරුව"
"ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල්මහ සමරුව මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ ඊයේ පැවති අවස්ථාවේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක හා ටිල්වින් සිල්වා මහත්වරුන් ඇතුළු ක්‍රියාකාරීන් පිරිසක් ඊට එක්ව සිටි අයුරු. පින්තුරය – තුෂාර අතපත්තු"
"ජවිපෙ 34 වැනි ඉල්මහ සමරුව"
"ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල්මහ සමරුව මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ ඊයේ පැවති අවස්ථාවේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක හා ටිල්වින් සිල්වා මහත්වරුන් ඇතුළු ක්‍රියාකාරීන් පිරිසක් ඊට එක්ව සිටි අයුරු. පින්තුරය – තුෂාර අතපත්තු"
"පාලකයන්ට දිව්‍ය ලෝකය පෙන්වා ජනතාවට අපාය පෙන්නුවා"
"ජනාධිපතිවරයා විසින් ජනතාව මුළා කරමින් සටකපට අයවැයක් ඉදිරිපත් කළ බවත් පාලකයන්ට දිව්‍ය ලෝකය පෙන්වා ජනතාවට අපාය පෙන්නූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. බුදුදහම පදනම් කර ගෙන අයවැය කතාව ආරම්භ කිරීමෙන් බුදුදහමට නිග්‍රහයක් සිදු කළ බවත් බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළේ පිදිය යුත්තන් පිදිය යුතු බව වුවත් වත්මන් ජනාධ...
"ජනපති අයවැයෙන් මවන මිථ්‍යාව හෙට අනිද්දා ජනතාවට තේරෙයි"
"ජනාධිපතිවරයා අයවැය තුළින් මවාපාන ලෝකය මිථ්‍යාවක් බව හෙට අනිද්දා වන විට තහවුරු වනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (13 වැනිදා) ‘දිවයින’ට සඳහන් කළේය. රාජ්‍ය වියදම් පියවා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිවක් ප්‍රකාශ කර නැති බවත්, එම වියදම් පියවා ගන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් බවත් කී හ...
"කෝටියේ අල්ලස: සභාපතිට ඇප – සෙසු දෙදෙනා යළි රිමාන්ඩ්"
"පරිසර ආරක්‍ෂණ බලපත්‍රයක් නිකුත් කිරීමට දැවි තෙල් පිරිපහදු කිරීමේ ආයතනයකින් රුපියල් ලක්‍ෂ 100 ක අල්ලසක් ඉල්ලා තැරැව්කරුවන් දෙදෙනකු මගින් එකී අල්ලස ලබා ගැනීමට තැත් කළේ යැයි චෝදනා එල්ල වී තිබූ මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් ශෂේන්‍ද්‍ර පතිරගේ මහතා රුපියල් විසිපන්දහසක මුදල් හා රුපියල් ලක්‍ෂ 25 බැගින් වූ ශරීර ඇප...
"ජල විදුලිය උපරිමයෙන් ඉන්ධන මගින් විදුලිය උත්පාදනය බිංදුවට බසී"
"ඉන්ධන භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය පෙරේදා (12දා) වන විට බිංදුව දක්වා අඩුව තිබූ බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා ඊයේ (13දා) පැවසීය. ජල විදුලි නිෂ්පාදනය උපරිමයෙන් සිදුකර ඉන්ධන භාවිතය අවම කර ගැනීමට කටයුතු කරන බව ද ඔහු කීය. ජල විදුලි නිෂ්පාදනය සියයට පනහට (52.34%) අධික තත්ත්වයක පැවැති බවත් ...
"ශ්‍රී ලංකා ක්‍රිකට් යෝජිත විශේෂඥ ආරක්ෂක උපදේශක තනතුර 2021 දීම මම එපා කීවා"
"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පිළිගැනීමට යෝජිත විශේෂඥා ආරක්ෂක උපදේශක තනතුර භාර නොගන්නා බව දන්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිට 2021 නොවැම්බර් 5 වැනිදා ලිඛිතව දැනුම් දී තිබේ. ආයතනික සංග්‍රහයේ ඞඞඞ වැනි පරිච්ඡේදයේ සඳහන් පරිදි රජයේ නිලධාරීන් සි...
"සනත් නිශාන්තට එරෙහි පැමිණිලි 3 ගැන විභාගය ජන. 31 සිට"
"අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිලි තුන සම්බන්ධයෙන් විභාගය ලබන ජනවාරි 31 වැනිදා ආරම්භ කිරීමට දින නියම කළ අභියාචනාධිකරණය එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වෙත නොතිසි නිකුත් කිරීමට ද නියෝග කළේය. එදිනට පැමිණිල්ලේ සාක...
"බදු අංකය අනිවාර්ය අවස්ථා 4 ක් අයවැයෙන් කියයි"
"ප්‍රධාන අවස්ථා හතරකදී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඇතුළත් සහතිකයේ පිටපතක් ඉදිරිපත් කිරීම ඊයේ (13දා) ඉදිරිපත් වූ අයවැයෙන් අනිවාර්ය කර ඇත. මීට අදාළ මාර්ගෝපදේශ, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් ඉදිරියේදී නිකුත් කරනු ඇත. මේ අනුව ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලැස්මක් සඳහා ඉල්ලුම්කරුවකු විසින් අ...
"සනත් නිශාන්තට එරෙහි පැමිණිලි 3 ගැන විභාගය ජන. 31 සිට"
"අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිලි තුන සම්බන්ධයෙන් විභාගය ලබන ජනවාරි 31 වැනිදා ආරම්භ කිරීමට දින නියම කළ අභියාචනාධිකරණය එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වෙත නොතිසි නිකුත් කිරීමට ද නියෝග කළේය. එදිනට පැමිණිල්ලේ සාක...
"ලබන වසරේ සමස්ත අයවැය හිඟය රු. බිලියන 2851 ක්"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ලේඛනය අනුව ලබන වසරේ (2024) සමස්ත අයවැය හිඟය රු. බිලියන 2851 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය සහිතව මේ සමස්ත අයවැය හිඟය ගණනය කර ඇත. මේ අනුව මේ වසරේ (2023) සංශෝධිත අයවැය හිඟය වන රු. බිලියන 2402 ට සාපේක්‍ෂව ලබන වසරේ (2024) සමස්...
"අයවැයෙන් පසු තේපැන් වෙනුවට දිවා භෝජන සංග්‍රහයක්"
"මෙවර අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු සම්ප්‍රදායිකව පවත්වන තේ පැන් සංග්‍රහය වෙනුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (13දා) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සෙසු ආරාධිතයන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ලබා දී ඇත. පාර්ලිමේන්තු කටයුතු ඊයේ මධ්‍යහන 12.00ට ආරම්භ වීම සහ සවස 02.00 පමණ වන විට අයවැය ඉදිරිපත් කර අවසන් වීම හේතු...
"මරණීය තර්ජන හමුවේ රොෂාන් ඉල්ලූ ආරක්‍ෂාව තාමත් නෑ"
"ක්‍රිකට් පාලක මණ්ඩලයේ වංචා දූෂණ හෙළිදරව් කිරීමත් සමගම තමන්ට එල්ලවී ඇති මරණීය තර්ජන හමුවේ තම ආරක්‍ෂාව වැඩිකර දෙන ලෙස ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියද ඊයේ (12 දා) වන තුරුත් එම විශේෂ ආරක්‍ෂාව ලබාදීමට කටයුතු කර නොතිබිණි. ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීමට කටයුතු කිරීමෙන් පසු තමන්ට විවිධ පා...
"අපට සමාවෙන්න ටීම් එකේ අඩුපාඩු තිබුණා – කුසල්"
"ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායමේ අඩුපාඩු පැවති බවත් තරග පරාජයවීම සම්බන්ධයෙන් ප්‍රේක්‍ෂකයන් ඇතුළු සියලු පාර්ශ්වවලින් සමාව ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් මහතා ඊයේ (12 දා) ප්‍රකාශ කළේය. තමන් සෑම තරගයකටම සහභාගි වූයේ ජයග්‍රහණය කිරීමේ සූදානමින් බවත් එය රට වෙනුවෙන් සිදුකිරීමට බවත් ශ්‍රී ලංකා...
"විපක්‍ෂ නායක සජිත් ගීත කෝකිලාවියට චිර ජීවනය පතමින්…"
"හෙළයේ ගීත කෝකිලාවිය කලාසූරී ලතා වල්පොල මහත්මියගේ 89 වැනි ජන්ම දිනය සැමරීමට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇගේ නිවසට ගියේය. ඇය සමඟ උපන් දින කේක් එක කැපීමට ද එක් වූ ප්‍රේමදාස මහතා ඇයට චිර ජීවනය පතමින් ලතා වල්පොල මහත්මිය සමඟ ගීතයක් ගැයීමට ද එක් වූයේය."
"අය වැය අද"
"ලබන වසර (2024) සඳහා වන අය වැය යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ආර්ථික, ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස අද (13 දා) දහවල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එහිදී ලබන වසර සඳහා පුනරාවර්ථන වියදම් රුපියල් බිලියන 5354 ක් සහ මූලධන වියදම් ලෙස රුපියල් බිලියන 2473 ක් ලෙස මුළු වියදම් බිලියන 783...
"‘දි අයිලන්ඩ්’ හිටපු කර්තෘ ගාමිණී වීරකෝන් සමුගනී"
"දි අයිලන්ඩ් හා සන්ඩේ අයිලන්ඩ් පුවත්පත්වල කර්තෘ ධුරය දැරූ කෘතහස්ථ මාධ්‍යවේදියකු වූ ගාමිණී වීරකෝන් මහතා අභාවප්‍රාප්ත විය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබු ඔහු 1960 ගණන් මැද භාගයේදී එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට බැඳුණි. ඔහු ඔබ්සර්වර් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ධුරය ද...
"ජනකගෙන් කප්පම් ගත් මහ මොළකරු ‘බල්ලා’ දැලේ"
"මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණීය තර්ජන එල්ල කරමින් රුපියල් පහළොස්ලක්‍ෂයක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ‘බල්ලා’ නමින් හඳුන්වන සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් පෙර්දා (11 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රධාන සැකකරු ද සමඟ මේ වන විට මෙම කප්පම් සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හත්...
"පසුගිය වසරේත් ICC ක්‍රිකට් තහනම් කරන්න හැදූ බව කියන ශම්මිගේ කථාව බොරුවක් – වෙබ් අඩවියක් පෙන්වා දෙයි"
"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරන ලද ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ඉම්රාන් කවාජා ඇතුළු ප්‍රධානීන් පසුගිය වසරේ නොවැම්බර් මසදී මේ රටට පැමිණි අවස්ථාවේදීත් ක්‍රිකට් සඳහා දේශපාලන මැදිහත්වීමක් පිළිබඳව සාක්ෂි සොයා ගැනීමට නොහැකි වු බව සුප්‍රකට ක්‍රිකට් ඉන්ෆෝ වෙබ් අඩවිය අනාවරණය කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජ...
"යන යකා කොරහත් බිඳගෙන යනව වගේ ක්‍රිකට් පාලක මණ්ඩලය ලංකාවේ ක්‍රිකට් විනාශ කරලයි යන්න හදන්නේ"
"ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය තිබුණා නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමට ලක් වෙන්නේ නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. පෙරේදා (11දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කියා සිටියේය. “ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක...
"ඊයේ පස්වරුවේ මොරවැව සුළු භූ කම්පනයක්"
"ත්‍රිතුණාමලය, මොරවැව ප්‍රදේශයේ රිච්ටර් මාපක 3.4 ක අගයකින් යුත් සුළු භූ කම්පන තත්ත්වයක් සිදු වී ඇතැයි භූ විද්‍යා සමීක්‍ෂණ සහ පතල් කාර්යාංශය පවසයි. ඊයේ (12 වැනිදා) පස්වරු 1.15 ට පමණ සිදුවී තිබෙන මෙම භූ කම්පන තත්ත්වය හේතුවෙන් ජීවිත හානි හෝ දේපළ හානි කිසිවක් සිදු වී නැතැයි එම කාර්යාංශය කියයි.ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ස...
"සන්නද්ධ හමුදා අනුස්මරණ දින උත්සවය සහ පොපි මල් සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්"
"පළමු ලෝක යුද සංග්‍රාමයේ සිට වර්තමානය දක්වා මාතෘ භූමියේ සුරක්ෂිතතාවය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කිරීමට හා ඔවුන්ට ගෞරවය පුද කිරීම සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සන්නද්ධ සේවාවන් සමඟ එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන “සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය – 2023” ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක ජන...
"අතුරු පාලක මණ්ඩලයේ වැඩ බලන්න කැබිනට් අනු කමිටුවක් පත් කිරීම දේශපාලන ඇඟිලි ගැසීමක්"
"විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ක්‍රීඩා ඇමැතිතුමා අතුරු පාලක මණ්ඩලය පත් කරාම එදාම හවස කැබිනට් මණ්ඩලය එකතුවෙලා අතුරු පාලක මණ්ඩලයේ වැඩ බලන්න කැබිනට් අනු කමිටුවක් පත් කරා. දේශපාලන ඇඟිලි ගැසීම් කියන්නේ මෙන්න මේකටයි යනුවෙන් විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එසේ කී ව...
"ඒ ඓතිහාසික වරම ලැබූ සතුට මැදින්…"
"1981 ජුලි මස 22 වෙනිදා මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය යුගය ඇරඹුම උදාකරමින් ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් සමුළුවේ පූර්ණ සාමාජිකත්වය හිමි කරමින් ‘ටෙස්ට්’ වරම් ලැබිණ. එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අන්තර් ජාතික ක්‍රිකට් සමුළු මූලස්ථානයේදී ඒ සඳහා පැවැති සැසිවාරයට සහභාගි වූයේ එවක ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ගාමිණී දිසානායක ලේ...
"ක්‍රිකට් ප්‍රශ්නය සාකච්ඡාවෙන් විසඳා ගත යුතුයි"
"ක්‍රිකට් පරිපාලනයේ හා දේශපාලනඥයන්ගේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බවත් එසේ නොවුණහොත් අවසානයේදී අපහසුතාවට හා අගතියට පත්වන්නේ ක්‍රීඩකයන් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා ඊයේ (12 දා) පැවසීය. තමා ක්‍රීඩා ඇමැතිවරයාව සිටියදී පරිපාලන ගැටලු සාකච්ඡා මාර්ගයෙන...
"සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ ගැටලුවට සුව ඇමැතිගෙන් විසඳුම්"
"සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකක සම්බන්ධව ඇතිවී තිබෙන ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පෙරේදා (11දා) රත්නපුර ශික්ෂණ රෝහලට පැමිණ විශේෂ සාකච්ඡාවක නිරත විය. සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අධ්‍යක්‍ෂ (තෘතී...